Thursday, March 22, 2012

මම මැරිලද.............මැරෙයිද.....??


එක පාරටම කළුවර වුනේ කොහොමද.කිසිම සද්දයක් ඇහෙන්නේ නැති තැනක මම හිරවෙලා වගේ ඒත් එහෙම වුනේ කොහොමද මම මෙච්චර වෙලා මගේ කෙල්ල එක්ක මලක් කඩ කඩනේ හිටියේ.....

හෙලෝ හෙලෝ අනේ කතාකරන්නකෝ කවිඳු....හෙලෝ....

ඒ නිශා තමයි ඒත් කොහෙද ඔයා කෝ මගේ ෆෝන් එක.නිශා.......

මගෙ අතින් වැරැද්දක් වුනා නම් මට සමාවෙන්න පැටියෝ මම ඔයාට කවදාවත් වැරැද්දක් කරලා නෑ හීනෙකින්වත්....ඔයාට පුළුවන් වුනාම මට කෝල් එකක් ගන්න මම බලාගෙන ඉන්නවා රත්තරනේ....

බීප්........

ඒ නිශාම තමයි.කෝල් එක කට් කලා දැන්නම් මට යන්තම් පේනවා වගේ.මාව එක පාරටම අන්ධ වුනාද ඇයි මෙහෙම වුනේ.යන්තමින් පෙනීම එනකොට මම දැක්කේ එහා මෙහා වේගෙන් යන එළි ටිකක්.මම ඔළුවේ අතගහගන්නයි හැදුවේ ඒත් මට කිසි දෙයක් දැනෙන්නේ නෑ.....

කෝ දෙයියනේ මගේ අත් කෝ මගේ ඇඟ......

මම මැරිලද.............

නෑ එහෙම වෙන්න බෑ මම ගෙදරනේ හිටියේ එක පාරටම මැරෙන්න හේතුවක් නෑ.මේ හීනයක්ද.....

බීප් බීප්........ බීප් බීප්.......

කෑවද රත්තරනේ මම එනකන් ඔයා ගොඩක් වෙලා බලන් හිටියද....අපේ අම්මා ආවනේ නැත්තම් මම ඉක්මනටම එනවනෙ වෙනදා...තරහද මාත් එක්ක

නෑ නිශා මං.....”  එයාට උත්තර දෙන්න හිතලත් මට අමුත්තක් දැනිලා මම නිහඬ වුනා....

ඔව් පිස්සියේ මම කෑවා මෙච්චර වෙලා නොකා ඉන්න මම ඔටුවෙක් කියලා හිතුවද පිස්සි

අම්මා එනවා පැටියෝ මම යන්නම්......

බීප්......................

මම මොකද කරන්නේ.....මම ඉන්නේ කොහේද?? ඒ කතාකලේ මම නෙමෙයිනේ එතකොට ඒ කවුද....මේ හීනයක්ද අනේ දෙයියනේ මට හැමදාම මේවා අහ අහ ඉන්න වෙයි.....මට මැරෙන්න හිතෙනවා ඒත් කොහොමද මට හිතාගන්න බෑ......

බීප් බීප්.....බීප් බීප්....

හෙලෝ මීනු.......කොහොමද බං සැප සනීප උඹ කවද්ද බෝඩිමට එන්නේ ආයෙමත් මට තනියෙන් සල්ලි ටික ගෙවාගන්න බෑ..... තව කොල්ලෙක්ව සෙට් කරගන්න වෙනවා උඹ නාවොත්...

තව සතියක් දියං කෙල්ලේ....ප්‍රභාත්ට තාම සනීප නෑ මට එයාව දාලා එන්න බෑ මේ වෙලාවේ මම ළඟින් නැතිවුනොත් එයා කොහොම දරා ගන්නද.....

උඹ ඔය අබ්බගාතයෙක් එක්ක නැහෙන්නේ නැතුව මම කියපු විදියට හිටියනම් ඉවරයිනේ හරකි උඹට මොලේ නෑ.උඹ ඌ වෙනුවෙන් කීයක් නාස්ති කලාද බලහං....වරෙන්කෝ කියලා දෙන්න අතින් වියදම් නොවී ජීවත් වෙන හැටි

නිශා උඹේ විදියට ජීවත් වෙන්න මට ඕනේ නෑ මේ කොල්ලා මට ජීවිතේටත් වඩා වටිනවා....මම තියන්නම්....පුළුවන්නම් බෝඩිම බෙදා ගන්න වෙන කෙල්ලක් හොයාගනින්.....

මී හරකියක්.....

නිශා ඒ අහිංසක කෙල්ලට බනිනවා යන්තම් ඇසෙනවාත් එක්කම කිසිදෙයක් ඇහෙන්නේ නැතිව ගියා..

ගාමන්ට් එකට අළුත් කෑලි ටිකක් බැහැලා කියලා මගේ යාළුවෙක් මාව ඇදගෙන ගියේ මුලින් මාව දාලා වෙන ලෝකෙකට යන්නම ගියපු මට ඇත්තටම ආදරේ කරපු කෙල්ල නිසා මම දුක් විඳිනවා උන්ටත් බලාගෙන ඉන්න බැරිවුනා නිසා.

මම මැරිලද.........

නෑ කවිඳු ඔයාට දැන්ම මැරෙන්න බෑ

ආයේ කවදාවත්ම අහන්න බැරිවේවි කියලා හිතුව කටහඬ මට ඇහෙනවා....ඒ ගයාත්‍රිම තමයි

ගයාත්‍රි මේ ඔයාද.....??  මම කොයිතරම් ඔයා ලඟට එන්න හැදුවද ගයාත්‍රි ඒත් මට ඔයා ගාවට එන්න පින නෑ....

ඔයා මගේ ලඟට එන්න හදපු හැටි මම දැක්කා කවිඳු මම ඔයා ලඟින්මයි හිටියේ මම මොහොතකටවත් ඔයාව තනි කලේ නෑ....ඔයාට දැන්ම මා ගාවට එන්න දෙන්න බෑ කවිඳු මමයි ඔයාව නැවැත්තුවේ

දැන් මම ඉන්නේ කොහෙද ගයාත්‍රි???

ඔයා යාළුවෙච්චි කෙල්ල ගැන මම හොඳට දැනගෙන හිටියා කවිඳු ඒත් මම ඔයාව එතනින් වෙන් නොකලේ ඔයා සැනසිල්ලේ ඉන්නවා දැකලා....ඒත් තව පොඩ්ඩෙන් අද ඔයාගේ ජීවිතේ නැතිවෙනවා එයා නිසා

ඒ කොහොමද...??

ඔයා අකුණු ගහන අතරේ එයාගේ කෝල් එකට කතා කරලා පස්සේ ගන්නම් කිව්වාම එයා තරහ වුනානේ...ඊට පස්සේ ඔයා දිගටම කතා කරන්නම් කියනකොටම ඔයාට අකුණක් වදින්න ආවා.....

දෙයියනේ......මට තේරෙන්නෑ එතකොට මොකද වුනේ මට හංගන්න එපා ගයාත්‍රි...

වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ කවිඳු ඔයාගේ මනෝකාය අරගෙන බේරගන්නවා ඇරෙන්න....මම ඔයාගේ මනෝකායත් එක්ක බැඳිලා යන්න පුළුවන් ලඟම පාර දිගේ ගියා....ඔයාට හිතාගන්න අමාරු වුනත් ඔයා දැන් ඉන්නේ…….”

කොහෙද රත්තරනේ

නිශාගේ ෆෝන් එක ඇතුලේ...........


යකෝ මේකි මෙච්චර කල් මම දාපු සල්ලිවලින් කරලා තියෙන්නේ වෙන කොල්ලෝ එක්ක ෆෝන් එකෙන් කතා කරලා උන් එක්ක බුදියගත්තු එකද දැන්නම් මට මේකිත් එක්ක තරහක් එන්නේ...
මට හීනෙකින්වත් වරදක් නොකරනවා කිව්ව නිශා....මට විතරමයි ආදරේ කිව්ව නිශා..... දැන් වෙන එකෙක් එක්ක හුරතල් වෙනවා.මේක වෙන්න පුළුවන් දෙයක්ද අනේ මේක හීනයක් විතරක්ම වෙයන්.ඒත් මේක ඉවරයක් නෑ කන් දෙක වහගන්න විදියකුත් නෑ ඇයි මාව මෙහෙම රිද්දවන්නේ නිශා මම මොන වැරැද්දක් කලාටද....අහගෙන ඉන්න බැරිතරම් දුක හිතෙන මට මාවම මරාගන්න හිතෙන සංවාදයක්...සිදුනොවුනු කිසිම දෙයක් නෑ ඒ සංවාදේ හැමදේම වුනා......

ඇයි නිශා මට මෙහෙම කලේ....

නිශා එතකොට ඉන්නේ ගෙදරකත් නෙමෙයි.බොරුවට අම්මා එනවා කියලා කෝල් කට් කරන්නේ අනික් කොල්ලට ඉක්මන්ට ගන්නම තමයි.මම පිස්සෙක් වගේ මේකි මත්තේ නැහුනනේ අපරාදේ මගේ ජීවිතේ.....

ඉබේ විසඳෙන ප්‍රෙහේලිකාවක් වගේ සේරම දේවල් දැන් පැහැදිලියි මෙච්චර වෙලා මට ඇහුනේ නිශාගේ කෝල් තමයි මේ හීනයක් නෙමෙයි....මම මැරෙයි ඔව් එහෙම වුනොත් හොඳයි මට මගේ ගයාත්‍රි එක්ක ඉන්න පුළුවන් මට වෙන කිසිම දෙයක් වැඩක් නෑ...

ඔයාට මාත් එක්ක එන්න බෑ කවිඳු.....ඔයාගේ ශරීරේ දැන් ඉස්පිරිතාලේ දැන් තමයි ඔයාට යන්න හොඳම වෙලාව....මට තාම මතකයි කවිඳු ඔයා කිව්වා කවදහරි වාහනයක් අරන් අම්මලව වන්දනා ගමනක් එක්කන් යන්න තියෙන ආසාව ගැන.....ඔයාට ඒ දේ කරන්න පුළුවන් රත්තරනේ මම ඔයා එක්කම ඉන්නවා ඔයාට තව කවුරුහරි හම්බුවෙයි මම ඔයාව තනි කරන්නේ නෑ කවිඳු.....මම හැමදාමත් වගේ ඔයාට ආදරෙයි.....

යන්න එපා ගයාත්‍රි මාවත් අරගෙන යන්න....ගයාත්‍රි..............

 ලෙඩාට සිහිය ආවා සෑහෙන්න ලොකු කම්පනයක ඉන්නේ...... මාස කීපයක් යයි සාමාන්‍ය තත්වයට එන්න.... ඔයා ලෙඩාගේ කවුද??

මම ආයේ එන්නේ නෑ මිස්.... ලෙඩාට සනීප වුනාම කියන්න ගයාත්‍රි එයාට කරදරයක් වෙන්න නොදී බලාගන්නවා ඒ නිසා සන්තෝසෙන් ඉන්න කියලා....මම යන්නම් මිස්


ප/ලි

පින්තූරය ගත්තේ මෙතැනින් http://www.francesfox.com/wp-content/uploads/man-out-of-body-small.jpg
මේක තමයි මම මුලින්ම කෙටි කතාවක් කියලා ලිව්වේ....අවවාද උපදෙස් සෑහෙන්න ගෞරවයෙන් පිළිගන්නවා ගල් මුල් වුනත් කමක් නෑ එවන්න...

Monday, March 12, 2012

ඔබෙ කඳුලැලි නිසා නොමැරී මැරෙනවා....

නුඹ හමුවනු පතා
මගෙ සිත හඬනවා
ඒ හැඬුමන් නිසා
මගෙ ළය........ රිදෙනවා....

පෙර දිනවල මෙමා
හමුවන්නට අයැදුවා
එනමුත් නොසිතූ සේ
ඔබ මා නොතැකුවා....

මා හමුවනු පතා
දැන් නුඹ හඬනවා
ඒ හැඬුමන් නිසා
මගේ සිත..... රිදෙනවා....

ඇවිදිනු බැරි නිසා
සයනේ සිටින මා
ඔබෙ කඳුලැලි නිසා
නොමැරී..... මැරෙනවා....














මීට අවුරුද්දකට කලින් අද වගේ දවසක ඇවිදීමේ අපහසුවෙන් පෙලෙමින් සිටියදී දිනපොතේ ලියූවක්.....පින්තූරේ ගත්තේ මෙතැනින් http://beforeimthirty.blogspot.com/ බ්ලොග් එකෙන්....