"අවසානයේදි මම විශාල ගැටළුවකට මුහුණ පෑවා.මේ පරීක්ෂණය සාර්ථක වීමට නම් මගේ බිරිඳට සමාන ශරීරයක් ඇති ඒ හා සමාන වයසක් ඇති ගැහැණු ළමයෙක් අවශ්‍ය වුණා....”
වීඩියෝව තව දුරටත් නැරඹිය නොහැකි මානසිකත්වයකයි මම සිටියේ.මියැදුණු කෙල්ලකගේ ජීවිතය වෙනුවෙන් අහිංසක ජීවිත දෙකක් බිලි දෙන්නට තරම් මේ උගත් මනුස්සයා පෙළඹුනායැයි සිතීම පවා මා සිතට වේදනාවක් ගෙන දුන්නා....වීඩියෝවේ ඉතිරි කොටස බලම්දෝ නොබලම්දෝයි දෙගිඩියාවකිනුයි මා සිටියේ වෙව්ලන ඇඟිලිවලින් නැවතත් මම ඒ වීඩියෝව ධාවනයේ යෙදුණා...
“මම දන්නවා දැන් ඔබට මාව හිතක් පපුවක් නැති වියරු මනුස්සයෙක් විදියට පේන බව.නමුත් මම සිටින තැන ඔබ සිටියනම් ඔබද මේ තීරණය ගන්න ඉඩ තිබුණා..... මගේ උත්සහයේ ප්රථිඵලයක් විදියට මගේ බිරිඳට හැම අතින්ම සමාන දේහ ලක්ෂණ සහිත ගැහැණු ලමයෙක් විශ්ව විද්‍යාලයෙන්ම මා සොයාගත්තා ඒ ඔබලාගේ දත්ත ඇතුලත් ගොනුව සොරා ගැනීමෙන් පසුවයි.
ඒ ගැහැණු දරුවාගේ නම කසුනි.ඈ මේ සඳහා යොදාගැනීමේ අවසන් තීරණයට මම එළැඹුනා.ඔබ නොදැනුවත්වම එයට හවුල්කාරයෙක් වුනා ලක්ෂිත.ඔබට මතක ඇති ඔබවත් ඇයවත් මගේ සහායකයින් ලෙස විවිධ දේශනවලට හවුල්කරගත් හැටි..මගේ බිරිඳගේ වියෝව ගැන මා ඇයට පැවසූ පසු ඇය මට බොහෝ අනුකම්පා කලා.ඒ අනුකම්පාව නිසා ඈ එකඟ වුනා මලවුන් අතර සිට මගේ බිරිඳ මා සමග කතාකරන අයුරු දකින්නට පැමිණෙන්න.
ඔබ දැනටමත් දුටු පරිදි බිම් මහල ආරෝපණය කරන ලද ටෙස්ලා කොයිල් වලින් වටවී තිබුණේ.මා කලින් අධ්‍යනය කර සලකුණු කර තිබූ කොටසක කට්ටඩියාත් ඔහුට සරල රේඛීයව කසුනිවත් ස්ථානගත කරගත්තා.කට්ටඩියාට පිටුපසින් වූ ප්‍රභල ටෙස්ලා කොයිලයේ ආරෝපණ කසුනි පිටුපා සිටි ටෙස්ලා කොයිලයට ඇදී යන පරිද්දෙනුයි සැලසුම් කර තිබුනේ.
කම්පනයන් මගින් ශක්තිමත් කරගත් විද්‍යුත් ධාරාවක් කට්ටඩියා සහ කසුනිගේ ඇඟ හරහා යන අයුරින් සූදානම් කර තිබුණා.එම අධික විදුලි ධාරාවෙන් කට්ටඩියාගේ ශරීරයට දුර්වලව බැඳී පවතින මගේ බිරිඳගේ ආත්මය වෙන් වී කසුනි හරහා යන ලෙසට ස්ථානගත කරගත්තා.කසුනිගේ ශරීරය හරහා යන ධාරාව පුද්ගලයෙකු කම්පනයට පත් කිරීමට තරම් වුවත් ජීවිත හානියකට ප්‍රබල නොවන බව මා ගනන් බලා තිබුනා.කට්ටඩියාගේ මරණය නැවැත්විය නොහැකියි.ඔබට සිතෙන්නට පුළුවන් කසුනි සතු ආත්මයට කුමක් වන්නේද කියා.මා රැස් කරගත් තොරතුරු වලට අනුව එවන් කම්පන අවස්ථාවකදී බාහිරින් පැමිණෙන ආත්මය ප්‍රභල බැවින් එය ශරීරය අත්පත් කරගන්නේ පවතින ආත්මය යටපත් කරවමින්.
යම් හෙයකින් පරීක්ෂණයේ වැරදීමක් සිදු වූවොත් ගත යුතු ක්‍රියාමාර්ග ඔබ කොපි කරගත් ෆයිල් එකේ සවිස්තරව දක්වා තිබෙනවා.ඔබට ඒ පියවර අනුගමනය කරන්න වෙනවා ලක්ෂිත.... ඔබ මෙය නරඹනවානම් අනිවාර්යෙන් පරීක්ෂණය අසාර්ථක වී හමාරයි.මා තවත් කැමරාවක් ආරක්ෂිත කුටිය තුල ස්ථාපනය කර ඇති. එය නැරඹීමෙන් ඔබට සිදුවී ඇති වරද වටහා ගන්නට හැකි වේ යැයි මා විශ්වාස කරනවා.ඒ වැරැද්ද නිවැරදි කල හැක්කේ ඔබට පමණයි.....ඔබ දීප්තිමත් සිසුවෙක් ලක්ෂිත.... පරීක්ෂණය ආරම්භයට තව පැයයි....”
මට දැනෙන්නට වූයේ මහා අපරාදයකට හවුල්වූ හවුල්කාරයෙකුට දැනෙනවා හා සමාන හැඟීමක්.හිතට එකඟව මොහු ආරම්භ කල පරීක්ෂණය ඉදිරියට ගෙන යනවාද කාට හෝ දැනුම් දී මින් ගැලවෙනවාද යන්න තීරණය කල නොහැකි තරම් මා මානසිකව අසරණ වූයේ මාගේ ජීවිතයද මින් අවසන් වේයැයි සිතෙන්නට වූ නිසා.කෙසේ නමුත් කුමක් නිසා මේ තත්වය හටගත්තාදැයි දැනගැනීමට මට අවශ්‍ය වී තිබුනා.හුන් තැනින් නැගීගත් මා නැවතත් බිම් මහල කරා ඇදෙන්නට වූයේ පරීක්ෂණය ආරම්භ කල පසු සිදුවූ දේ දැනගැනීමේ අභිලාෂයෙන්.
බිම් මහල මධ්‍යයේ වූ ආවරණය කරන ලද නිරීක්ෂණ කුටියේ තිබූ විද්‍යුත් උපකරණ සමහරක් කැඩී බිඳි තිබෙන අයුරු මා හට දැකගන්නට හැකි වූයේ එවිටයි.ඒ තුල කැමරාවක් ඇති බවක් මා මුළින් පැමිණි අවස්ථාවේ දක්නට නොලැබුනේ එය ඇතුලතද අවුල් ජාලාවක් වී තිබීම නිසා.විනිවිද පෙනෙන අයුරින් සකස් කරන ලද මේ කුටිය විදුලි ධාරාවන්ගෙන් කිසිදු අනතුරක් සිදුනොවන ආකාරයට සකස් කරන ලද්දක්.ප්‍රවේසමෙන් ඒ තුලට පිවිසගත් මා එම කුටියේ දොර වසා ගත්තේ විදුලි බලය කොයි මොහොතේ හෝ පැමිණියහොත් විදුලි ධාරාවන්ගෙන් බේරිමටයි.
කැමරාවේ තිරය බිඳී තිබීම නිසා ඒ වීඩියෝව නැරඹිය නොහැකි බව දුටුවේ එවිටයි.අනෙක් කැමරාවද රැගෙන නොපැමිණි නිසා නැවත එය රැගෙන ඒමට දොර විවෘත කරන්නට තැත් කල විට නොසිතූ අකරතැබ්බයකටයි මා මුහුණ දුන්නේ. එය විදුලි බලයෙන් ක්‍රියාත්මක වන දොරක් බව මතකයට පැමිණියේ ඒ අවස්ථාවේදියි.දීර්ඝ සුසුමක් හෙලමින් මා ඒ කුටිය තුල වූ ආසනයේ ඉඳ ගත්තේ හිත සන්සුන් කර නොගත්තොත් මේ උගුලෙන් ගැලවීමට නොහැකි බව වැටහෙන්නට වූ නිසාවෙන්.දෙනෙත් මොහොතක් වසාගෙන මා මේ බිම්මහලට පැමිණි පෙර අවස්ථාවන්හි සිදුවීම් කල්පනා කරන්නට වීමි.
“මේක විදුලියෙන් ක්‍රියාත්මක වෙන දොරක් ඊට හේතුවක් තියෙනවා අධික ආරෝපණ නිසා බිම් මහලේ විදුලි කාන්දුවක් වුනොත් කිසිම ආන්තරාවක් නැතුව තත්වය සමනය වෙනකන් අපිට මේකේ ඉන්න පුළුවන්.අවශ්‍ය ප්‍රමාණයට වඩා අධික විදුලි ධාරාවකින් මෙය විවෘත කිරීමට යාමෙන් මේ අගුල ක්‍රියා විරහිත වෙනවා.ඔබට තේරෙනවා ඇති අධික විදුලියක් පැමිණීමෙන් ටෙස්ලා කොයිල් ආරෝපිතව පැවතුනොත් කිසිම අයුරකින් හෝ මෙතනින් එලියට යෑම සියදිවි නසාගැනීමක් හා සමානයි.”
“සර් ඉතින් අපිට මෙතන ඉඳන් විදුලි සැපයුම විසන්ධි කරන්න බැරිද?”
“පුළුවන් ලක්ෂිත නමුත් ඒක භයානක ක්‍රියාවක්..... ඒ තීරණය ගන්න ඕනේ වෙන විසඳුමක් නැත්නම් පමණයි.මොකද මේ කුටිය හදලා තියෙන්නේ විදුලියෙන් ආරක්ෂා වීමට නිසා කුටිය ඇතුලතටත් විදුලි කාන්දුව ඒමේ ඉඩකඩ සෑහෙන්න වැඩියි.ඒත් කවදාවත් මම ඒක අත්හදා බලලා නෑ”
“මට කිසිම ස්විච් බෝඩ් එකක්වත් පේන්නේ නෑනේ ඉතින් කොහොමද ඒක කරන්නේ”
“ඒක කරන්න කලින් කල යුතු මූලික වැඩ කිහිපයක් තියෙනවා... මුලින්ම දොරේ අගුල විවෘත කරගෙන ඉන්න... “
මහාචාර්යතුමාගේ ඒ වදන් මතකයට පිවිසෙත්ම මා හිඳ සිටි පුටුවෙන් පැන ඔහු ගෙන තිබූ ක්‍රියාමාර්ගය ඵල රහිත කර නැවත විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන්නට වීමි.මහාචාර්යතුමාගේ ජීවිතය නැති වන්නට ඇත්තේ මේ තුරුම්පුවද ක්‍රියාත්මක කරන්නට යාමෙන් යැයි මා හට හැඟෙන්නට විය.එසේනම් අධික විදුලි ධාරාවක් හෝ විදුලි කාන්දුවක් අනිවාර්යෙන්ම ඇතිවූ බව පැහැදිලියි.ඒත් කසුනිගේ සිරුර නොමැතිවීම පිළිබඳ තාම අදහසක් සිතට නොපැමිණේ.ඇයට කුමක් සිදුවන්නට ඇත්ද ඇය ජීවතුන් අතරද එසේත් නැතිනම් මහාචාර්යතුමාගේ බිරිඳගේ ආත්මය ඈ සතුවිණිද....ඒ සඳහා පිළිතුරු මෙමරි චිපයේ ඇති බැවින් වහ වහා මහාචාර්යතුමා වරක් පවසන ලද ආකාරය අනුව නැවත විදුලි සැපයුම මම සකසන්නට වීමි.අවසානයේ මා සතුවූ චීන දුරකතන බැටරියේ සහ බිඳුණු කැමරාවේ බැටරි ආශ්රයෙන් මූලික විදුලි සැපයුමක් ටෙස්ලා කොයිල් සඳහාද ලබාදුන්නේ එහි ආරෝපිත තත්වය පිරික්සීමටයි.මා විමතියට පත් කරවමින් මුළු බිම්මහලම ආලෝකමත් වූයේ මගේ හද බිඳී යන තරමේ ශබ්දයක්ද සමගයි.දොරටුවේ අගුල මා දෑස් ඉදිරිපිට අළුවී ගොස් තිබුනා.මා ජීවිතයේ මෙතරම් අවාසනාවන්ත වූ දවසක් නැති තරම්.
පාලන පුවරුවේ උදව් ඇතිව විද්‍යුත් ධාරාව සමථයට පත් කිරීමට උත්සහ කිරීමේදි බිම් මහලට පැමිණෙන පඩිපෙල යටින් වූ දොරටුව විවෘත වනුද බිම් මහලට පිවිසෙන දොරටුව වැසෙනුද දුටුවා....
“කසුනි......”
මාගේ දෙතොල් මිමිණුනේ මට නොදැනීමයි.කිසිදු තුවාලයකදු නොමැතිව පැත්තෙන් පැත්තට හැරවෙමින් ඉදිරියට පැමිණෙමින් සිටියේ කසුනියි.ඔව් ඇය ජීවතුන් අතර නමුත් ඇයගේ මුහුණ දෙස බැලීම පවා බියකරු වූවා.ඇගේ දෙඇස් ඉලක්ක කරගෙන සිටියේ දිශා දෙකක්.දකුණු ඇසේ කළු ඉංගිරියාව දකුණු ඇසේ කෙලවරේද වම් ඇසේ කළු ඉංගිරියාව වම් ඇසේ කෙලවරේද තිබීම මා හද සලිත කිරීමට සමත් වූවා.ඇගේ කට දෙපසට ඇදී තිබුනේ දත් විලිස්සාගෙන සිටින සේයාවක් පෙන්වමින්. ඇය පැමිණෙමින් සිටියේ මා හුන් කුටිය ඉදිරියටයි.තව පියවර කිහිපයකින් ඇය ඇතුළුවන්නේ භයානක කලාපයකට.ඇය ටෙස්ලා කොයිල් මධ්‍යයට තබන එක් පියවරකින් ඇයව අළු බවට පත්කල හැකි තරම් ඒවා ආරෝපණය වී තිබුණා.
“එන්න එපා කසුනීඊඊඊඊ....... නැවතියං.....”
කුටියේ වූ යකඩ දැලට ගසමින් ඈට කෑ ගැසුවත් ඇය ඉදිරියට ඒම නැවැත්වූයේ නෑ.නමුත් ඇගේ හිස දෙපසට වේගයෙන් වැනෙන බව මට දැකගන්නට ලැබුනෙන් ඇය පත්ව සිටි තත්වය ගැන කුකුසක් සිතට දැනුනා.මා නැරඹූ වීඩියෝවේ මහාචාර්යතුමා පැවසූ වදන් මගේ මතකයට පැමිණියේ මේ මොහොතේදීයි.
“ඔබට සිතෙන්නට පුළුවන් කසුනි සතු ආත්මයට කුමක් වන්නේද කියා.මා රැස් කරගත් තොරතුරු වලට අනුව එවන් කම්පන අවස්ථාවකදී බාහිරින් පැමිණෙන ආත්මය ප්‍රභල බැවින් එය ශරීරය අත්පත් කරගන්නේ පවතින ආත්මය යටපත් කරවමින්.”
ඔහු කෙසේ කීවත් ඇගේ ශරීරය අසමතුලිත බවත් ඇගේ හැසිරීම් රටාවෙන් මා තේරුම් ගත්තේ ඇයට එක් තීරණයක් ගත නොහැකි අයුරක්.එසේ නම් ආත්ම දෙක උනුන් පරයා නැගී සිටීමට ශරීරය තුල සටන් වදිනවා විය හැකියි.විදුලියක් මෙන් මා සිතට පිවිසි අදහසක් නිසා නැවතත් ඈට ඇමතීමට වැරෙන් දැලට ගසන්නට වූයේ ඇගේ අවධානය යොමුකරගැනීමටයි.
“කසුනී..... රිවිසර ඔයාට ආදරෙයි...........”
කසුනිගේ පෙම්වතාගේ නම ඇසෙත්ම ඇගේ ගමන එක්වරම නැවතුනේ මගේ නිගමනය සාර්ථක කරමින්.මහාචාර්යතුමාගේ නමට කිසිදු ප්‍රතිචාරයක් ඈ දැක්වූයේ නෑ.නමුත් මගේ බලාපොරොත්තු සුන් කරමින් ඈ නැවතත් ඉදිරියට එන්නට වූවා.මා දෙනෙත් තද කර වසාගත්තේ ඈ අළුවී යන අයුරු බලා සිටිය නොහැකි නිසාවෙන්.නමුත් මා බලාපොරොත්තු වූ පරිදි ටෙස්ලා කොයිලයෙන් ධාරා නිකුත්වන හඬක් නොඇසිණි.මා හට දැකගන්නට ලැබුනේ ඈ නොනැවතී ඉදිරියට එන ආකාරයක්.මීට හේතුව ඇගේ ශරීරය පරීක්ෂණයේදි නිකුත් වූ ධාරා සමග ආරෝපිතව ඇති බැවින් ඈ දැන් ආරක්ෂිත බැව් මා හට වැටහිණි.
ඉතාමත් ඉක්මනින් ටෙස්ලා කොයිල්වල ආරෝපණය වෙනස් කිරීමට මා පියවර ගන්නට වීමි.ඈ ඉලක්ක කොට විදුලි ධාරාවක් යවා ඇගේ ශරීරයේ සිටින අනෙක් ආත්මය වෙන් කිරීමට මා ගණනය කිරීම් සිදු කරන්නට වීමි.කුමන ආත්මය වෙන්වී යයිදැයි සිතාගැන්මට නොහැකි වුවත් කිරීමට ඉතිරිව තිබුනේ එපමණකි.මා මනසින් ඇඳ ගත් දුර ප්‍රමාණ වලට අනුව ඈ අදාල ස්ථානයට පැමිණෙත්ම මම පාලන පුවරුවේ වූ ස්විචය ක්‍රියාත්මක කෙරෙව්වෙමි.ඒ සමගම සංගීත නාදයක් නංවමින් ටෙස්ලා කොයිලයෙන් ධාරා නිකුත් විය....කපා හෙලන ලද කෙසෙල් කඳක් මෙන් ඈ ඇද වැටිණි.කෙමෙන් කෙමෙන් බිම් මහල අඳුරු වන සෙයක් මට දැනෙන්නට විය......
----------------------------------------------------------------------------------------------------------------------------
විශාල එලි කිහිපයක් මාගේ මුහුණ මත දිවෙනු මට දැනුනි.කෙමෙන් දෑස් විවර කරද්දී පොලිස් නිලධාරීන් මා වටා සිටි අයුරක් මා දුටිමි.නැගී සිටින්නට උත්සහයක් ගත්තද දෑත් දෙපය ගැට ගසා ඇති සෙයක් මට දැනෙන්නට විය.වටපිටාව පිරික්සීමේදි මා රථයක ගමන් කරන බවත් මහාචාර්යතුමාගේ හා තව කීපදෙනෙකුගේ සිරුරු මා වටා ඇති බවත් දැකගැනීමට ලැබුණි.ඒත් සමගම නැවතත් හාත්පසම අඳුරේ ගිලුණි
-----------------------------------------------------------------------------------------------------------------------------
විවිධ හඬවල් මා වටා ඇසෙන්නට විය.ඒ සියල්ල එක්වර අඳුනාගත නොහැකි වුවත් සෑහෙන හුරු පුරුදු ගතියකින් දැනෙන්නට විය.මද වේලාවක් යද්දී වටපිටාව පැහැදිලිව පෙනේනනටත් ඇසෙන්නටත් විය.මගේ මවද පියාද ඇතුළු කීපදෙනෙක් මාගේ ඇඳ වටා කතා බහක යෙදී සිටිනු හඳුනාගැනීමට හැකිවිය.
“මම මේ කොහෙද?? කෝ කසුනි?? එයා මැරිලද??”
මා හඬ නගා ඇසීමි.
“බයවෙන්න එපා ලක්ෂිත.... ඔයා සෑහෙන්න දක්ෂ ශිෂ්‍යයෙක්.කසුනිට කිසිම අනතුරක් නෑ පහුගිය මතකය අමතක වීමක් පමණයි තියෙන්නේ එයත් යථා තත්වයට පත්කල හැකියි.ඔබ දැන් මාසයක් තිස්සේ සිහිමද තත්වයකින් පෙළුනා.අධික මානසික විඩාව හා ආතතිය එයට හේතුවෙන්න ඇති කියලයි අපි හිතන්නේ.”
“ඒත් මම හිතුවා.....”
“ඔබ හිතුවා කසුනි මියගොස් සියළුම වැරදි ඔබට භාරගන්න සිදුවෙයි කියලා.එහෙම නේද?”
“ඔව් සර්......මම මේ කිසි දේකට සම්බන්ධ නෑ මම එතනට යනකොටත් කට්ටඩියා මැරිලා හිටියේ”
“ඒ සේරම හරි පුතා..... මහාචාර්යතුමා සම්පූර්ණ පරීක්ෂණයම පටිගත කරලා තිබුණු නිසා ඔබ චෝදනා වලින් නිදහස්.නමුත් තව ටිකකින් පොලිසිය කටඋත්තර ගන්න එයි ඒක සාමාන්‍ය ක්රියාවලියනේ.”
ඉතා දිගු සැනසුම් සුසුමක් හෙලා මා දෙනෙත් පියාගත්තේ හිතට දැනුනු සැහැල්ලුව විඳිමින්.මෙතෙක් වෙලා මා සමග කතාකරමින් සිටි විශ්ව විද්‍යාලයේ කුලපතිතුමා උරහිසට තට්ටුවක් දමා ඉවතට යන හඬ පවා මා අසා සිටියේ අපමණ සන්තෝසයෙන්.
සුව පහසු නින්දක් බලාපොරොත්තුවෙන් ඇඳේ අනෙක් පසට හැරීගත් මම මදකට දෑස් විවර කලෙමි.ඇඳ අසල වූ මේසයේ තිබුනේ මා සතුව තිබූ චීන දුරකතනය සහ පෙන් ඩ්රයිවයයි.....
ප/ලි
හිතුවට වඩා දිගින් වැඩිවුනා ඒත් එකපාරටම දැම්මා.හොඳ නරක කියලා යයි කියලා බලාපොරොත්තු වෙනවා.ඒ වගේම තමා මුලින් ලියපු කෙටි කතාවල ගුණ දොස් විචාරය කරලා නැවත මාව ලියන්න පොළඹවපු හැමෝටම බොහෝම ස්තූතියි.