Thursday, January 26, 2012

බියර් ඉස්මොල්ලේ




වෙද ගෙදර කථා මාලාවට ඔන්න පුංචි තිතක් තිව්වා දවස් කීපයකට.ඊලගට මොනාද ලියන්නේ කියලා කල්පනා කරද්දි කමයි මට හිතුනේ හැමෝම සුළුවෙන් හරි ලියලා තියෙන මතගැන මගේ අත්දැකීමකුත් ලියන්න.හැබැයි ඉතින් මත ගැන මට තියෙන මුල්ම හා අවසන් අත්දැකීමත් මේකම තමයි.

එතකොට අපි 8 වසරේ.ඒ වයස පුදුම අප්සට් කචල් වයසක් අප්පා ඔය කථාවට කියන්නේ පොල් ගස් නිකන් මල් ගස් වගේ පේන වයසක් තියෙනවා කියලා මම හිතන්නේ මේක තමයි ඒ වයස.කෙල්ලෝ එක්ක යාළුවෙලා අහස් මාලිගා හදලා ඒවායේ ළමයිත් හදාගෙන තමයි ඒ කාලේ කස්ටිය හිටියේ.යාළු කෙල්ලට ගෙදරින් අකමැති උනොත් පැනලා යන්නත් අපේ එවුන් ප්ලෑන් ගහං ඒ මදිවට. අන්තිමට එව්වා දැන් කුඩු වෙලා කෑලිත් නෑ මතක් වෙනකොට ලැජ්ජාවේ පණ යනවා.

මෙන්න මේ කාලේ තමයි බොන එවුන් පොරවල් කියලා හෙන රැල්ලක් ආවේ මම නම් පොඩි කාලේ ඉදන් ඔව්වාට විරුද්ධයි බොන එකෙක් අහුවුනොත් සැරටම නෝන්ඩි කරලා තමයි අතාරින්නේ.දවසක් ඔහොම බයිට් එකක් දෙනකොට එකෙක් හරි ෂෝක් ප්‍රශ්නයක් ඇහුවා

උඹ බීලා තියෙනවද??

මොන මල විකාරයක්ද යකෝ මගේ බල්ලවත් බොන්නේ නෑ

ඒකනේ කියන්නේ උඹලා මෙතන නිකන් සද්දේ දානවා කෙල්ලන්ට පේන්න. බීලාම ඒවගේ ගුණ අගුණ කියහන්.උඹලා ලුණු කන්නේ නැතිව මෙතන ලුණු රහ කියන්න එනවා

මට කට උත්තර නෑ ෂේප් එකේ එතනින් ලිස්සලා කල්පනා කරා ජීවිතේට කාලා නෑ මෙහෙම නෝන්ඩියක්.දැන් මූට සෙකන්ඩ් වෙන්නත් බෑ අන්තිමට තීරණය කරා ඉතින් බීලම බලන්ඩෝන කියලා.පස්සේ ඉතිං මේක තනියෙන් ඉෂ්ඨ කොරගන්න පුළුවන් කාරණාවක් නෙමෙයිනේ උදව්වක් ගන්න අපේ මජ්ජාව හම්බුවුනා.මජ්ජත් එක පයින්ම වැඩේට කැමතියි (ඒ කාලේ මජ්ජට කිව්වේ මල් කූරා කියලා).දැන් ප්‍රධානම වැඩේ අර බෝතලයක් ගන්න එක මජ්ජා සෑහෙන්න කොටයි ඒ කාලේ මාත් ඒ වගේම තමයි අපි ගියොත් බඩු මාට්ටු කොහොමෙන් හරි අපේ පන්තියේ හිටිය සදුනා වැඩේ භාරගත්තා සෑහෙන්න උස මහත පොරක් වෙච්චි සදුනාට පොඩි රැවුල් කොට එහෙම තිබුණු නිසා වැඩේ හොදට යයි කියලා හිතුනා.පස්සේ කට්ටිය සෙට් වෙලා ප්ලෑනක් ගැහුවා.

ඉස්කෝලේ නිවාඩු දෙන දවසට සදුනා පාට ඇදුමක් බෑග් එකේ දාගෙන ඇවිල්ලා වැසිකිලියෙදි ඒක මාරු කරන් බාර් එකට ගිහින් බෝතලේ අරගෙන ඒක ආයේ බෑග් එකේම දාගෙන ඉස්කෝලෙට ඇවිත් ආයේ වැසිකිලියෙම යුනිෆෝම් එක දාගෙන අපිත් එක්ක සදුනලාගේ ගෙදර යන්නයි ප්ලෑන් එක.ප්ලෑන් එක තිතට වැඩ කලා අපි නිවාඩු පාඩුවේ සදුනලාගේ ගෙදරත් ගියා වැඩේ කියන්නේ අම්මත් ගෙදර අයියත් ගෙදර.දැන් මට මාර පොබ්ලම් එක මාට්ටු වෙයිම කියලා මොනා කරන්නද ඉතිං සදුනලාගේ අයියා ස්පයිඩර් මෑන් 2 බලනවා මාත් එයාලට සෙට් වෙලා ඒකට ඇහැ දාගෙන හිටියා මෙන්න එතකොට සදුනා ඇහෙන් මට කථා කරනවා කාමරේට එන්න කියලා.ආවේ මේකටනේ මාත් ගියා යනකොට ඇබින්දන් වීදුරු 4ක බියර් දාලා තියෙනවා.අපිත් එක්ක ඒ ගමනට ආවේ මජ්ජයි,වරුණයි,ධම්මිකයි.මායි සදුනයි එක්ක ඔක්කොම 5යි.

මොකක්ද බං බෝතලයක් ගෙනල්ලා මෙච්චර චුට්ටක් දාන්නේ උඹ අපි 4 දෙනාට වීදුරු වල දීලා තනියෙම බෝතලේ ගහන්න නේ හදන්නේ??

කවදා කාපු ටකරංද මම දන්නවැයි ඕවයේ රග.මම හෙන සද්දෙ දැම්මා මම හිතුවේ ඒවා නිකන් කොකා කෝලා වගේ රහක් ඇති කියලා.සදුනා කිව්වා උඹ මේක බීපංකෝ උඹට බෝතලේම දෙන්නම් කියලා ගෙදර ඒ ජාතියේ වීදුරු 4යිලු තියෙන්නේ.දැං මම බලන් ඉන්නවා මුලින් එකෙක් බොනකන් එතන මම ඇර අනික් හැමෝම කලින් පාවිච්චි කරපු ඈයෝ.මජ්ජා වැඩේ පටන් ගත්තා සුරූස් කියලා කෝප්පේ එක පාර ඇදලා දැම්මා.වරුණ,ධම්මික සේරම සුරූස් කියලා ඇදලා ටක්ගාලා සද්දේ එන්න කෝප්පේ මේසෙට ගැහුවා.දැන් මටත් සෙකන්ඩ් වෙන්න බෑ කස්ටියම බලන් ඉන්නේ මං දිහා.මගේ පපුව ලබ් ඩක් ලබ් ඩක් ගානවා.හිමින් සැරේ ඉස්සරහට ඇවිත් වීදුරුව අතට ගත්තා හැමෝම බලන් ඉන්නවා උන්ගේ මූණුවල හිනාවකුත් තියෙනවා මුං බලං ඉන්නේ මට නෝන්ඩිය දාන්න හිටපල්ලකෝ මගේ වැඩ පෙන්නන්න.

සුරූ........කැහ් කැහ් ක්ර්ර්ර්ර්ර්  අම්මෝ ^&%*@^#(^(&)...‍

වීදුරුව අරන් හලාගත්තා උගුරට එක පාරට මොකක්ද චාටර් රහක් ආවා උගුර ඉතිං ප්‍රතික්ෂේප කරාලු ඒ රස බඩට යන්න දෙන්න බෑ කියලා එතන ට්‍රැෆික් ඔලුවත් උඩට හරෝගෙන හලාගත්තු හින්දා වැලේ වැල් නෑ බියර් ටිකත් කිව්වලු උඹ උගුරෙන් යන්න දෙන්නැත්තම් නහයෙන් හරි බඩට යනවා කියලා.බියර් ටික ටක් ගාලා උගුරට චුට්ටක් මෙහා තියෙන නාස් හංදියෙන් හැරෙව්වලු එතකොටම මම හුස්ම ගත්තලු @#$^@$#@^

ඉස්මොල්ලේ තමයි ගියේ අන්තිමට.වීදුරුව   ටක්සද්දෙට මේසෙට ගහන්න ගියාට මට ඇහුනේ සලාං බලාං වගේ සද්දයක් බැලින්නං කැස්ස ඇවිත් මාව පස්සට විසික් වෙලා කෝප්පේ මේසෙට ගහනවා කියලා හිතාගෙන බිමට දමලා ඇරලා.මම ඇදේ ගිහින් වාඩි උනාම මට පේනවා ඇස් ඉස්සරහින් එක එක පාට බෝල බෝල පිපෙන හැටි.මට තාම කැස්ස ඇස් රතුත් වෙලා ඒ අස්සේ මොකෙක්ද එකෙක් යටි පතුලේ මොකක්ද උලනවා.(මට වෙරි කියලා හිතලා සදුනා දෙහි උලලා)අනේ මන්දා මම ඇස් වහගෙන ඇදේ ඇලවුනා මගේ ඔළුව පුපුරන්න වගේ ඒ මදිවට සදුනයාගේ ගෙදර තිබ්බ වීදුරු 4න් දැන් ඉතුරු 3යි.සදුනාගේ අයියටත් වැඩේ මීටර් සලාං බලාං නිසා.අයියා ඇවිත් මට තට්ටු කරලා අහනවා මල්ලි පොල් පිත්තක් පිටේ බදින්න වෙයිද කියලා.මගුලයි මම සෑහෙන්න චොර වුනා මට වෙරි නෑ ඒත් කථා කරන්න බෑ කැස්ස එක ෂොට් එකෙන් පෙනහැල්ලට බඩු පැකට් වෙලාද කොහෙද.මට මරු නැගලා ලුණු රහක් ගැන කියපු එකත් එක්ක.උගේ පරම්පරාවටම පිං අනුමෝදන් කලා එක සිතින්.කෑම කන්න ගියාම ඊට දුකයි කැස්ස නිසා කාගන්න බෑ සදුනගේ අම්මා අහනවා ඇයි මේ ලමයට අසනීපද කියලා සදුනා කියාපි ඔව් අම්මේ මූට උන හැදෙන්න වගේ කියලා මෙන්න ඊළගට සදුනගේ අම්මා කියාපි,

එහෙනම් පුතාට අයිස් ක්‍රීම් කන්න හොද නෑනේ මම කොත්තමල්ලි හදලා දෙන්නම්කෝ

මට ඇඩෙන්න වගේ අයිස් ක්‍රීමුත් කන්න නෑ දැන් අම්මා කොත්තමල්ලි තම්බලා පොව්වන්න හදනවා මට තවත් මල සදුනා එක්ක බියර් නාහේ ඉදන් පොව්වලා මදිවට කොත්තමල්ලි පොව්වන්නත් එනවා මූ ඉදගෙන.කොහොමහරි ගෙදර යනකොට තිබුනු ඔළුවෙ අමාරුවයි කැස්සයි අඩු වෙලා තිබුන නිසා ෂේප් වුනා නැත්තම් අපේ තාත්තගෙන් හොදට හම්බුවෙනවා.

නිවාඩුවෙන් පස්සේ ඉස්කෝලේ ගියාම අර ලුණු රහක ගැන කියපු එකා ගාවට මම පොරක් වගේ ගිහිල්ලා කිව්වා

මම ලුණු රස බැලුවා ඕයි මෙලෝ රහක් නෑ උඹලට මොලයක් තිබුනා නම් තේරෙයි ඉස්මොල්ලේ ගියාම තියෙන ආතල් එක

වෙන මොනා කියන්නද බොන එවුන්ට ඉතිං බීලා නැහෙන්න ඕනේ නම් අපිට මොකැයි.....

 මේ පින්තූරෙ දිහා හොඳට බලලා කල්පනා කරන්නකෝ ඔයාලත් මොනා හරි බීලද ඉන්නේ කියලා හික් හික් හික්.....මේක ගත්තේ මෙතනින් සහ මෙතනින්

63 comments:

  1. හිහ්.. මදෑ ඔයින් ගියා...

    මමත් අමද්‍යප උනාට මේ ලඟකදි වොඩ්කා බෝතලයක්ම කටේ හලා ගත්තා.. පූරුවෙ පිනකට උගුරෙන් පහලට යන්ඩ නොදී වැඩේ ගොඩ දාගත්තා.. ඒක පහලට ගියානම් මට තාම වෙරි එහෙනම්.. කාමරේ උන් ටික නහින් අඬනවා උන්ගේ වොඩ්කා එකෙන් බාගයක් ඉවරයි කියලා... හික් හික්..

    මම වතුර බොන්නේ පරන වොඩ්කා බෝතලයකට දාගන... ඕක උඩ බලාගන කටේ හලාගන්න එක තමා සාමාන්‍ය පුරුද්ද.. හුටා මගේ වතුර බෝතලේ කියලා එදා මුන් බිබි හිටපු එක කටේ හලා ගත්තෙ නැතැයි.. මුන් කොහොම බොනවද මන්දා ඒ පල් වතුර.. ච්ඃ විතරක් අම්මපා...

    ReplyDelete
    Replies
    1. ජය වේවා. කාලෙකින් දැක්කේ අමධ්‍යපයෙක්ව :D

      Delete
    2. උඹ කින්ඩියක්ද දාන්නේ.. නැත්නම් නොබොන එක ඇත්තටම අගේ කරනවද..?

      Delete
    3. ෂාහ් මට විතරක් නෙමෙයිනේ මේ ඇබැද්දි වෙලා තියෙන්නේ සන්තෝසයි අයියත් අමද්‍යප කිව්වාම එල එල හැබැයි ඉතින් චුට්ට වෙන්න පෙවිලා තියෙනවා වගේ පල් රහයිලුනේ නේද හි හි....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට....

      Delete
  2. අනේද කියන්නේ...ඔන්න ඔය බොන එවුන්ට බීලා නැහෙන්න කියන්ට...ලියල තියන විදිහ නම් මරු :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කේ බොන එකා හිතන්නේ නෑ ඒකේ තියෙන විපාක දරුවන්ට බිරින්දෑට වෙන හිරිහැර...අඩුම ගානේ මේ තරම් බඩු මිලා ඉහල නැගලා තියෙද්දිත් බොන්න වියදම් කරනවා කියන්නේ පිස්සු වැඩක්නේ නැද්ද....බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට

      Delete
  3. මං මුලින්ම බියර් බිවුවේ 4 දෙනෙක් 1 බෝතලයයි.2 ක් වමනේ දානවා.මමයි අනෙත් කෙනයි ගහක මුල.රුපියල් 45 යි ඒ කාලේ බෝතලේ..

    ReplyDelete
    Replies
    1. ඈ ඒ කොයි කාලේද අයියේ මම දැන් ගාන නම් සිරාවටම දන්නේ නෑ හැබැයි 8 වසරෙදි බෝතලේ ගේන්න ගියපු එකාට රුපියල් 50ක් දුන්නා.හි හි මම දන්න විදියට නම් එදා පටන් ගත්තු බීම තාමත් බොනවා වාගෙ නේද....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට...

      Delete
    2. මලේ උඹේ යාළුවා රුපියල් 5ක් මාටියා ගහල නේ.දැන් ඉඳල හිටලා බොනවා.

      Delete
  4. අපිත් ඉස්කෝලේ යන දවස් වල ට්‍රයි කලේ ඔහොම හොරෙන් තමයි.. හැබැයි මේ වගේ සංතෑසියක්නම් උනේ නෑ.. දැන් නම් හැබැයි මාත් මතින් තොරයි..

    ReplyDelete
    Replies
    1. බහුතරයක් දෙනෙක් පාසල් යද්දිම මේ වැඩේ කරනවාම තමයි ඒත් ඒ බහුතරෙන් ගොඩක්ම සුළු පිරිසක් තමයි ඒවාගේනුත් ගැලවෙන්නේ එහෙව් එකේ ඔයා ගැලවුනු එක ගොඩාක් හොඳයි ආයෙත් ආසාවන් ඇතිකරගන්න එපා හොඳේ....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  5. ඉස්කෝලේ බිග් මැච් එක දවසක තමා මුලින්ම රා බිව්වේ..පස්සේ බියර්..අරක්කු..වෙල් ෆැන්ටා...

    ReplyDelete
    Replies
    1. යකෝ මෙයාක වෙල ෆැන්ට බිලානේ.ඇහැක් වපර වුනේ නැද්ද

      Delete
    2. පිස්සු හැදෙනවා අසාර් කිව්වත් වගේ පෙනීම කොහොමද තාම පෙර පරිදිම හොඳයිද හි හි මට මතක් වුනා සඳරු අයියාගේ මුල්ල පටස් කතාව....ආ අයියේ මේ ඔයාගේ බ්ලොග් එකේ 99% කියලා වැටිලා හිරවෙනවා මේ සැරේ පෝස්ට් එකත් මම ඔයාට කලිනුත් කිව්වා ඉඳලා හිටලා එහෙම වෙන්නේ ඇයි මට විතරද එහෙම අප්සට් එකක් එන්නේ??

      Delete
  6. බිව්වම තියෙන ඇත්ත අත්දැකීම බිව්ව අයම කියන එක තමා වටින්නේ. අතිශයින්ම අප්‍රසන්න එම අත්දැකීම බොන ඕනැම කෙනෙක් දන්නවා. කුහක කමට කියන්නේ නැහැ. අනික් අය බොරුවට මාර ආතල් කියද්දි ඒක එහෙම නොවෙයි කියපු අපේ මිත්‍රයාට මෙන්න අත්පුඩියක්. මේ පැත්තේත් ඇවිත් යන්න කියා ඔබටත් අදහස් දැක්වූ සැමටත් විවෘත ආරාධනයක් කරනවා. www.pivisuma.blogspot.com

    ReplyDelete
    Replies
    1. මේං මගෙනුත් පහක් මම ඔයාගේ බ්ලොග් එක කියෙව්වා මං ගැනත් දාලා තිබුනනේ බොහෝම ස්තූතියි ඒකට මට දෙවෙනියට වැඩිම හිට්ස් ආවේ ඔයාගේ බ්ලොග් එක හරහා....තෙවැනියට ආවේ කුරුන්ද හරහා...සිංහල බ්ලොගර්ස් වෙනදා වගේම එක....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  7. මගේ නම් කිසිම කැමැත්තක් නැහැ. මගේ ප්‍රතිපත්තිය මම කාටවත් බොන්න දෙන්නෙත් නැහැ. මම බොන්නෙත් නැහැ. ඒත් බොන හැම කෙනෙක්ටම මෙහෙම වෙනව නම්.... මරු.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත මටත් කිසිම කැමැත්තක් නෑ බොන එවුන්ට අනුබල දෙන්නේත් නෑ පොඩි කාලේ කරපු ගොන් වැඩක් තමයි මේ...කාටවත් නොකිව්වට මම නම් හිතන්නේ බොන හැමෝටම මෙහෙම වෙනවා ඇති ලැජ්ජාවට ඒවා නොපෙන්නා ඉන්නවාද කවුද දන්නේ.....බොහෝම ස්තූතියි වෙද මහත්තයෝ කොමෙන්ටුවට

      Delete
  8. බොන්ඩ පුරුදු වෙන්ඩ ලේසියෙන් බෑ.

    ReplyDelete
    Replies
    1. බුදු මාමේ බොන්න එපා.

      Delete
    2. හි හි ඉඳුනිල් මේං පහක්...බුදු මාමෝ බොන්න එපෝ බොන්න පුරුදු වෙන්න ඕනේම නෑ අම්මෝ

      Delete
  9. ඇයි බං උන්ගෙ අම්මට නහයක් තිබ්බෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඒකේ ඟදක් එන්න නෑ සඳුනා උලපු දෙහි වලට පිංසිද්ද වෙන්නද දන්නෙත් නෑ කොහොමෙන් හරි මම ෂේප් වුනා හි හි....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  10. බියර් උගුරක් කළ හදියක් කියල තමයි කියන්න වෙන්නෙ.
    කොහොම හරි බියර් ෂොට් එක උගුරෙන් පහළට ගියේ නැති එක හොඳයි. නැත්තං ඉතිං...

    ReplyDelete
    Replies
    1. සිරාවටම ෂිහ් මට ඒක අමතක වුනානේ නැත්තම් මට ඒක මාතෘකාව විදියට දාන්න තිබ්බා....ඇත්තම තමයි එදා ඒ උගුරෙන් පල්ලෙහාට ගියා නම් මම දරුණු බේබද්දෙක් වෙන්න තිබුනා....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  11. බොන්නෙ නැති නිසා එහෙම වුන එක හොඳයි. ඕක උගුරෙන් පහලට ගියා නම් තත්වෙ වෙනස් වෙන්නත් ඉඩ තිබ්බ.

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමයි එහෙනම් නොම්මර එකේ බේබද්දෙක් වෙන්න තිබ්බා තමයි හි හි වෙලාව හොඳකම තමා ඉතිං...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  12. නවත්තන්න ලේසි නෑ වගේ තමා බොන්නත්!

    ReplyDelete
    Replies
    1. හම්මේ එහෙම වෙච්චි එක හොඳයි බොන්න බලන් ඉන්න හැමෝටමත් මෙහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හි හි ....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට අමාරුවෙන් නැහෙන්න එපා හොඳේ

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. අපි නම නැ ඔවාට

    ඔහොම එවා ඔනෙම නැ

    ReplyDelete
    Replies
    1. ආයේ එලම තමා අයියේ දාන්න පහක් ආං නියම කොල්ලෝ....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  15. බියර් තිතයිනේ. මෙහෙම කරමු, කොකා කෝලා වීදුරුවකට වලට වයිට් රම් වලින් මේස හැන්දක් දාල ගන්න. අන්න ටික කලක යනකොට වයිට් රම් වීදුරුවට කොකා කෝලා මේස හැන්දක් දාල ගන්න පුළුවන් වෙනව.

    ReplyDelete
    Replies
    1. ඕක මෙහෙම කිව්වට දන්න අඳුරන මල්ලිලාට එහෙම කියන්න එපා උන් අනතිමේදි වස වලට කොකාකෝලා දාලා බොන්නත් ගනියි...පනින රිලවුන්ට ඉනිමගක් නෙමේ අයියේ මේක පාලමක්....බොහෝම ස්තූතියි කොමෙන්ටුවට බීලා නැහෙන්න එපෝ

      Delete
  16. අපි නම් ඔච්චර කටු කෑවෙ නෑ ඔවට. කොටින්ම පටන්ගත්ත හැටිවත් මතක නෑ, හැබැයි තාම නවත්වලත් නෑ, ඔන්න ඇත්තම කිව්වා....

    ReplyDelete
    Replies
    1. එහෙනම් අයියේ දැන්වත් සුළු පමණින් නවත්තමු දූපත් වැසියා කියපු විදියට කොකාකෝලා ටික ටික මික්ස් කරලා අන්තිමට කොකාකෝලා විතරක් බොන තත්වෙට එමු හිමින් සැරේ.....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  17. කියන්න සන්තෝසයි දැන් කොල්ලෝ සෑහෙන ගානක් අමද්‍යපයි... නියමයි ආ..... :D

    ReplyDelete
    Replies
    1. හි හි කෙල්ලෝ බොන්න පටන් අරගෙනද දන්නේ නෑ නේද හි හි මම දැක්කා ගෑනි බීලා ඇවිත් මිනිහට පහර දෙනවා කියලා මිනිහා පොලිසියේ පැමිණිල්ලක් දාපු කතාවක් පට්ට ආතල් එහෙම වෙන්න ගියොත් හම්මෝ...බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට

      Delete
  18. කටින් බීලා බඩට විතරක් ගිහින් ... වැඩේ අල්ලලා ගියා නම් ... උබත් මෙහෙම කියයිද ?

    ReplyDelete
    Replies
    1. ආයේ කියන්න දෙයක් නෑ අයියේ එහෙනම් ලොවෙත් නැති බේබද්දෙක් ෂුවර් හි හි බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  19. අයිස් නගා කිව්වත් වගේ කොල්ලො අමද්‍යප වීම නම් කියල නිම කරන්න බැරි තරම් වාසනාවක්... රටේ වගේම යාලු වෙන කෙල්ලන්ගේත්.. :)

    ReplyDelete
    Replies
    1. සිරාවට අක්කේ හි හි ඕං අපි නම් බොන්නේ නෑ යාළු කෙල්ලගෙත් වෙලාව තමා.....බොහෝම ස්තූතියි අක්කේ ප්‍රාර්ථනා කරනවා නොබොන කොල්ලෙක් හම්බුවෙන්න කියලා

      Delete
  20. හිකිස් පට්ට සීන් එක...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව මට වෙලා තියෙන්නෙම පට්ට සීන් තමයි හි හි බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  21. ඔයාගේ වාසනාවට මල්ලෝ එහෙම වෙලා තියෙන්නේ..බැරි වෙලාවත් එදා රස වැටුනනම් අද මල්ලි වෘතීය බේබද්දෙක් නේ. ලස්සනට ලියලා.මමත් අකමැතිම දේ තමා දුම්පානයයි,මත්පැන් බොන එකයි.එත් ගොඩක් අය එකට ඇබ්බැහි උනාම නොයෙකුත් හේතු කියා කියා කොහොම හරි ඒවා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත අක්කේ තව ඩිංගෙන් වෘත්තිමය බේබද්දෙක් ෂුවර් ඇන්ඩ් ෂොට් හි හි ඔයාගේ කතාව සහතික ඇත්ත අක්කේ....බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

      Delete
    2. @ පුංචි කුමාරිහාමි.

      ඉඳල හිටලා මත්පැන් බොන කට්ටියට පොඩි චාන්ස් එකක් දෙන්න පුළුවන් නේද?

      Delete
    3. ඉඳල හිටලවත් ඕන නෑ නේද

      Delete
  22. කතාව නියමෙට ලියලා තියනවා. බොන වැඩේටනම් මාත් අකමැතියි.

    ලව් එක ගැන ලියන්ඩෝ...

    ReplyDelete
    Replies
    1. ජය වේවා එල කොල්ලෙක් කෙලින් ඉන්න ඕනේ නම් නොබී ඉන්න ඕනේ කියලයි මම නම් හිතන්නේ....ලව් එක ගැනත් ලියන්නම්කෝ හිමින් සැරේ වෙද ගෙදර ගැන තමයි ඊලඟ පෝස්ට් එක වෙන් වෙන්නේ ඊටත් පස්සේ ලව් එක ගැන දාන්නම්කෝ......බෙහෝම ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  23. කමක් නෑ එක දවසනෙ..දැන් හොඳ ළමයෙක්නෙ..ඒ වුනාට 8 වසරෙ ළමයෙක් කරන වැඩක්ද බොල මේ.. :@

    ReplyDelete
    Replies
    1. හි හි වෙලාවට දැන් කාලේ නොකර ඒ කාලේ ට්‍රයි කොලේ....දැන් ට්‍රයි කලොත් නම් අනිවා බඩු පැකට් වෙනවා....ලව් කරන්න ගත්තෙත් 8 වසරෙදිනේ.....දැන් හොඳයි හොඳේ....බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  24. දවස් දෙකක් ඉස්කෝලේ නයිටක් ගහලා ඇවිත් ඕං දැනුයි කොමෙන්ට් වලට රිප්ලයි කරන්න හදන්නේ සොරි හොඳේ මේකටත් එහෙම වුනාට....නයිට ගහන්න ආපු මල්ලිලා දෙන්නෙක් හොල්මන් දැකලා බයවෙලා හිටියානේ...ඒ එකෙක් තමයි බ්ලොග් ලියන කෝඩුකාරයා ඒ ගැන රසකතාවකුත් ලියන්න හිතිලා තියෙන්නේ අපි බලමුකෝ ඉතින්.....

    ReplyDelete
  25. අපෝ අපි බොන්නෙ නැහැ :)

    ReplyDelete
    Replies
    1. නෑ......
      බොරූ..........

      ඇත්තටම බොන්නේ නැද්ද ඈ..... මූණ දැක්කාමනම් සිරාවටම හිතුවේ බොනවා කියලා....එල එල ජය වේවා දිගටම ඔහොම ඉමු හොඳේ....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  26. හරීගේ ලින්ක් එකෙන් ආවේ. ලස්සන ලිපියක්.
    බියර් ටිකත් කිව්වලු උඹ උගුරෙන් යන්න දෙන්නැත්තම් නහයෙන් හරි බඩට යනවා කියලා.බියර් ටික ටක් ගාලා උගුරට චුට්ටක් මෙහා තියෙන නාස් හංදියෙන් හැරෙව්වලු එතකොටම මම හුස්ම ගත්තලු
    මේ ටික තමයි නියම.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඈ...ඕං මම ඔයාගේ බ්ලොග් එකටත් ගොඩවෙලාම තමයි ආවේ....කොමෙන්ටුවටත් බොහෝම ස්තූතියි

      Delete
  27. මම නම් නහයෙන් බියර් බීලා නෑ. ඒකත් ට්‍රයි කරලා බලන්න ඕනෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කොරලා බලන්නකෝ පාට පාට බෝල පිපෙන්න ගන්නවා මාර ලස්සනයි අප්පා ෂහ් පිස්සු හැදෙනවා

      Delete