Showing posts with label සිතුම් සිත්තම්. Show all posts
Showing posts with label සිතුම් සිත්තම්. Show all posts
Friday, February 1, 2013
ඈ යාවී පාවීලා.......
ලොව නිමක් නැති චාරිකා
දුවන සිත අද නැවතිලා
ඇස තෙමෙන්නේ
කඳුළු බිඳුවක
රහස අද මට වැටහිලා.....
නිදි නොවැද තුන් යම පුරා
සිතුම් සයුරක කිමිදිලා
පතක නොඇඳුණු
සිහින මාලිග
දෙස බලමි
හදවත දවා.....
සිතුවම්..... බොඳව
මා...... නෙත් අතැර
ඈ..... යාවි පාවීලා
මා මැව් විලස
ඇවිදින් ළඟට
යළි යාවි දුර ඇදිලා.....
හෙට යාවී මා දමලා....
ප/ලි
පොටෝව ගත්තෙ මෙතනින් http://www.soapnights.com/wp-content/uploads/2012/10/empty-chair.jpg
Wednesday, May 30, 2012
ඉන්නා එක සතුටක් දුරකතනින් ඔයා.....
රෑ මැදියම් අඳුරේ
නෙතු නොපියවා.....
සිතිවිලි මහා සයුරක
මා කිමිදිලා....
මගෙ ආදර දෙව්දූ
මම සිහිකලා...
බිඳු කඳුලැලි ඇවිදින්
නෙතු බොඳකලා....
සිතු නිතරම හඬනා
ඔබ නැති නිසා...
නෙතු නිතරම සොයනා
ඔබ කොහෙ කියා...
සඳ සෙවණැලි වැටිලා
ඔබෙ රූ සිහිවුණා....
දැකගන්නට ඔබෙ රූ
තව වෙයි පමා....
ඒ ටික දින ඉන්නම්
මේ දුක දරා...
ඔබ දකිනට එනතුරු
මට ලංවෙලා...
ඉන්නා එක සතුටක්
දුරකතනින් ඔයා...
Monday, March 12, 2012
ඔබෙ කඳුලැලි නිසා නොමැරී මැරෙනවා....
නුඹ හමුවනු පතා
මගෙ සිත හඬනවා
ඒ හැඬුමන් නිසා
මගෙ ළය........ රිදෙනවා....
පෙර දිනවල මෙමා
හමුවන්නට අයැදුවා
එනමුත් නොසිතූ සේ
ඔබ මා නොතැකුවා....
මා හමුවනු පතා
දැන් නුඹ හඬනවා
ඒ හැඬුමන් නිසා
මගේ සිත..... රිදෙනවා....
ඇවිදිනු බැරි නිසා
සයනේ සිටින මා
ඔබෙ කඳුලැලි නිසා
නොමැරී..... මැරෙනවා....
මීට අවුරුද්දකට කලින් අද වගේ දවසක ඇවිදීමේ අපහසුවෙන් පෙලෙමින් සිටියදී දිනපොතේ ලියූවක්.....පින්තූරේ ගත්තේ මෙතැනින් http://beforeimthirty.blogspot.com/ බ්ලොග් එකෙන්....
මගෙ සිත හඬනවා
ඒ හැඬුමන් නිසා
මගෙ ළය........ රිදෙනවා....
පෙර දිනවල මෙමා
හමුවන්නට අයැදුවා
එනමුත් නොසිතූ සේ
ඔබ මා නොතැකුවා....
මා හමුවනු පතා
දැන් නුඹ හඬනවා
ඒ හැඬුමන් නිසා
මගේ සිත..... රිදෙනවා....
ඇවිදිනු බැරි නිසා
සයනේ සිටින මා
ඔබෙ කඳුලැලි නිසා
නොමැරී..... මැරෙනවා....
මීට අවුරුද්දකට කලින් අද වගේ දවසක ඇවිදීමේ අපහසුවෙන් පෙලෙමින් සිටියදී දිනපොතේ ලියූවක්.....පින්තූරේ ගත්තේ මෙතැනින් http://beforeimthirty.blogspot.com/ බ්ලොග් එකෙන්....
Thursday, February 9, 2012
මටද නොදැනී ඔබට රහසින් නෙතින් කඳුලක් පිට වුණී...
ඔබ ළඟින් නැති වේදනා.......
අඳුරු අහසට පැවරුවා....
ඔබ ළඟට එන
දවස අත ළඟ
මගෙ සතුට පිරි ඉතිරෙනා....
නෑ දුක් කඳුලු
නෑ දුක් සුසුම්
අපි නැවත හමුවෙනවා.....
සිතු නෑ තනිව
ඔබ එයි විගස
මා තනිව හිනැහෙනවා.....
මා දුටුව විට උපන් සතුටින්
කඳුලු කම්මුල් තෙමු හැටී....
දෑස ඔබගේ තෙමුණු කඳුලින්
රතු වෙලා දිදුලන හැටී.....
මගේ තුරුලේ ගුලිවෙලා ඔබ
ආදරෙන් හිනැහෙන හැටී......
මැවී මතකේ......
නින්ද නෑ දැන්.....
සිතුම් සයුරක කිමිදුනී
ඉතින් මෙහෙම රැයක් පහන් කරලා ආදරී ගාවට ගියා කියමුකෝ.ඒත් ඊට පස්සේ අමාරුම වැඩේ තමයි එයාව එහේ දාලා මම මෙහේ එන එක.එයාව බස් එකට එහෙම නග්ගවලා බස් එක යනකන්ම එයා දිහා බලාගෙන ඉඳලා ගෙදර එන්න බස් එකට නගිනකොට හැමදාමත් වගේ මගේ ඇස්වලට කඳුලු ඇවිත්.ඔහොම එන අතරමගක මගේ ෆෝන් එකේ කොටාගත්තු එකක් තමයි මේ.බලන්නකෝ මොනාද හිතිලා තියෙන්නේ කියලා....
ඔබට සමුදී යන්නෙමි
නැවත යළි දින එන්නෙමි
එලෙස එන දින
ඔබත් මමවත්
තවම හරිහැටි නොදනිමි
අහස අඳුරින් බර වුණි
සිහින් පොද වැසි ඇරඹුනි
ඒ මගේ දුක් ගින්න හින්දද
අහස තනියට වැලපුනේ
මටද නොදැනී
ඔබට රහසින්
නෙතින් කඳුලක්
පිට වුණී
ඔහොම දුක් විඳගෙන අවුරුදු ගානක් අපි ගොඩාක් ආදරෙන් කල්ගෙව්වා.තාමත් අපි ගොඩාක් ආදරෙන් ඉන්නවා හරිම සන්තෝසෙන්.
8 වසරේ ඉඳන් අපි දෙන්නට රහසින් අපි දෙන්නට දෙන්නා ආදරේ කලා.එයා මගෙන් අහන්න බයෙන් හිටියා වගේම මමත් එයාගෙන් අහන්න ගොඩක් බයෙන් හිටියේ.ඒත් අපි ආදරෙන් හිටියා ඒක යාළුකම වෙන්නත් ඇති ඒත් යාළුකමට එහා ගියපු ආදරණීය දුරකතන සංවාද අපි අතරේ එමට සිදුවුනා අවුරුදු ගානක් තිස්සේම.
බොහෝම කටුක කාලයක් ගෙවලා අවසානයේදි මම එයාට මගේ ආදරේ ප්‍රකාශ කලා.....එවෙලේම හරිම ලස්සන හිනාවකින් එයත් මට ආදරේ ප්‍රකාශ කලේ එයත් මට මීට අවුරුදු ගනනාවක සිටම ආදරේ කල බවත් කියන ගමන්.
8 වසරේ ඉඳන් අපි දෙන්නට රහසින් අපි දෙන්නට දෙන්නා ආදරේ කලා.එයා මගෙන් අහන්න බයෙන් හිටියා වගේම මමත් එයාගෙන් අහන්න ගොඩක් බයෙන් හිටියේ.ඒත් අපි ආදරෙන් හිටියා ඒක යාළුකම වෙන්නත් ඇති ඒත් යාළුකමට එහා ගියපු ආදරණීය දුරකතන සංවාද අපි අතරේ එමට සිදුවුනා අවුරුදු ගානක් තිස්සේම.
බොහෝම කටුක කාලයක් ගෙවලා අවසානයේදි මම එයාට මගේ ආදරේ ප්‍රකාශ කලා.....එවෙලේම හරිම ලස්සන හිනාවකින් එයත් මට ආදරේ ප්‍රකාශ කලේ එයත් මට මීට අවුරුදු ගනනාවක සිටම ආදරේ කල බවත් කියන ගමන්.
එයා මට ආදරෙයි කියලා කියපු ඒ ආදරණීය සිදුවීමට අදට අවුරුදු දෙකයි.2010 පෙබරවාරි 9 ධාවනය වෙමින් තිබූ බසයක අවසාන සීට් පේලියෙත් කොනේම සීට් එකක තමයි ඒ ලස්සනම ලස්සන සිදුවීම වුනේ.
මම මගේ ආදරීට ගොඩාක් ආදරෙන් ලියපු ඒවාගෙන් කිහිපයක් තමයි මේ....
ලියලා දැම්මේ 2010-02-09 වෙලාව 12.46am
Thursday, January 5, 2012
අතේ පත්තු වී කෙලැවුනු සිහිනය
"හෙලෝ අයියේ මං ගාව ලියපු නිසදැස් වගයක් තියෙනවා ඔයාට පුළුවන්ද ඒවා අරං සිංදුවක් හදලා කියන්න"
"එහෙම එක පාරටම උත්තරයක් දෙන්න බෑ මල්ලියෝ ඔයා මට ලියපුවා එවන්නකෝ මම ඒවා බලලා කියන්නම්කෝ"
"අනේ තෑන්ක්ස් අයියේ එහෙනම් මම තියනවා bye "
හම්මේ ඒ කෝල් එක ගත්තට පස්සේ මට තිබුණු සතුට මම ගෙදර ඇවිත් අම්මටත් කිව්වා තාත්තටත් කිව්වා.බොලේ තාත්තා ඇහුවා දැන් ඉතිං ඇඩ්රස් එක තියෙනවද??
හරි හුටා කලබලේට ඒවා ඉල්ලගත්තේ නෑනේ මම දඩි බිඩි ගාලා ගත්තා ආයේ කෝල් එකක්.අයියෝ මිනිහා ෆෝන් එක ඕෆ් කරලා අයියෝ මම නැග්ගොත් කරපිංචා ගහෙත් ඩබලක්.කාලා වරෙන්කෝ දැන් මම සෑහෙන්න අප්සොට් එකේ ඇදට වෙලා කල්පනා කරා සෑඩ් මූඩ් එක ඩබල් වුනේ මම යාළු වෙලා ඉන්න කෙල්ලගේ අම්මා ගේ සන්තකේට තිබුණු එකම ෆෝන් එකත් අරන් දවස් තුනක චාරිකාවක් යනවා කියලා මැසේජ් එකක් මගේ ෆෝන් එකට ආවාම.මට අඩන්න තරම් දුකයි අප්පා මොකකටවත් නෙමෙයි මාස ගානක් තිස්සේ අම්මා එහෙ මෙහෙ වෙනකම් ඉදලා ඇට්ටි හැලෙන්න මල් කඩන්න හිතං හිටියට ඒක බොද වුනාටයි.ගී පද රචකයෙක් වීමේ හීනේ අළු වුනාටයි.
මීට අවුරුද්දකට කලින් අපි කෝල් කරන්නේ සතියකට සැරයයි ඒකත් විනාඩි පහයි.ඒකත් අපි කාගෙත් දුකට සැපට උදව් කරන ගෙම්බිට(නිල්මිණි) මාර්ගෙන් අරගන්නේ.අපි හම්බුවෙන්නේ මාස තුනකට සැරයක් ඒත් විනාඩි ගානකට.ඉතිං දැං ආයේ සති දෙකක් යනකන් මට එයාගේ කටහඩ සැපදුක් අහන්න නෑ මොකද මම සතියක් ගානේ කථා කරන දවස උදා වෙන්නේ තව දවස් දෙකකින්.....
මට දැනෙන්න ගත්තා මගේ පපුව හිරවෙනවා වගේ කදුළු කැටත් මෝදු වෙන්න වගේ මම කවදාවත් එහෙම බොලද වෙලා නෑ.ඒත් එක්කම මට හිතුනා මේ දුක ලියන්න ඉතිං මං සිතුවිල්ලක් මැව්වා මගේ කෙල්ල මාව දාලා ගියා කියලා.දැං හිතට සෑහෙන්න වේදනායි.ඒ ගැම්මෙන් මම ලිව්වා නිසදැසක් මම මවපු හිතුවිල්ලේ සැර නිසා වැඩිය ලියාගන්නත් බැරිවුනා.ඕං යටින් දැම්මා හොදයිද බලන්නකෝ කියවලා...
ඔබෙ නිල්නෙතු බැල්ම කිංකිණි නාද.....
යාවි පියඹා
හදවත රැදි සිසිළ මා ළග නොසිට.....
යාවි පියඹා
ඔබ දුර ඇදිලා
මා සිත බිදිලා
ඔබ මට කොදුරා
පැවසූ රහස් රහසෙ මැකිලා....
සිහිනෙක කිමිද ඔබ ගැන සිතපු.....
කාලේ ගෙවිලා
නොසිතුව විලස මගෙ නෙතු ගාව.....
කදූළු පිරිලා
ඔබ යලි හැරිලා
මා දෙස බලලා
එන හැටි පියඹා
මවා සුසුම් හෙළුවා.......සිහනෙන්
ආදරය කියාදී
ජීවිතය හදාදී
දුක මට ලියා දී
ඔබ යයි මගෙන් මිදී
ඕක ලිව්වට මට කික් වුනේ නෑ ඒත් වැඩේ කියන්නේ මේක ලියලා ටික වෙලාවක් යද්දි අර අයියා මට කෝල් එකක් ගන්නවා බොලේ...
"ආ මල්ලි හදිසියට ඔයාට ඇඩ්රස් එක දෙන්න බැරිවුනා මෙන්න මේක ලියාගන්න සසරිරිගාමා@සරිගමපධපා.com bye මල්ලියෝ"
මේකේ ඉන්නා ගායක අයියාගේ නම රකිත "දම්පාට හැන්දෑවේ".පස්සේ දවසක මෙයා මට කෝල් කරලා කිව්වා
"මල්ලි ඔයාගේ ලිරික්ස් හොදයි ඒත් ඔක්කොම එකම තීම් එකේ සමහර ඒවා රයිම් වෙන්නෙත් නෑ මම ට්රැක් එකක් දෙන්නම් පුළුවන්නම් මනු අයියා දුකා අයියා වගේ වෙනස් දෙයක් ලියලා දෙන්න.එහෙම එකක් ආවොත් කරන්නම් නැත්නම් පාඩුයි මල්ලි"
ඒත් ඉතිං මට රම්බරිලාගෙන් නම්බර් අහන්න පුරුද්දක්,මල් ගැන අත්දැකීමක් නෑනේ අප්පා මම මොකැයි කොරන්නේ මම නිකං හිටියා.
ප/ලි
අන්තිමේදි අපේ නංගි බලෙන්ම මම ලියපුවා අරං ගිහින් එයාගේ යාළුවෙක්ගේ අතේ එක ගායකයෙක්ට යවලා තිබුනා(මෙයාට ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් විදියට නටන්න පුළුවන්ලු) කාලයක් කොළ එළියකුත් පත්තු වුනා දැන් නම් බල්බ් එකත් නෑ හෝල්ඩරෙත් නෑ.
Subscribe to:
Posts (Atom)



