මුල් කොටස කියවලා නැත්තම් මෙතනින් ගිහින් කියවලම එන්නකෝ
-----------------------------------------------------------------------------------------------------------
ඔටෝ එකකින් කොලයක් ඉල්ලගත්තු මම දන්න වැඩ කිඩ දාලා ලස්සනම ලස්සන ලියුමක් ලිව්වා රංගිකාගෙන් කැමැත්ත නිල වශයෙන් අහන්න.
දැන් ඒක ලස්සනට ලියලා දෙකට තුනට නවලා එයාට ගිහින් දෙන්න නැගිටිනකොටම ඉස්සරහට ආවේ අපේ සෙක්ෂනල් හෙඩ්....
“ඔය ලමයා මොකද නැගිටගෙන කරන්නේ ඉඳගන්නවා”
මිස් මට වේවැලෙන් දෙකක් දීලා ඉන්දෙව්වා හි හි මිස්ට ලියුම මාට්ටු නෑ...කොහේ මාට්ටු වෙන්නද ලියුම දඩ බඩ ගාලා කටේ ඔබාගත්තාම.හා හා පුරා කියලා ලියපු ලියුම කටේ දැන් ඉතිං රංගිකාට ලියුමක් දෙන්න වෙන්නේ නෑ මොනා උනත් මුල්ම ලියුමනේ කියලා මම දිව එහෙම වැඩිය හොල්ලන්නේ නැතිව සීරුවට කටේ තියාගෙන හිටියා.
“දැන් මට නේද පන්තිය තියෙන්නේ’
මිස් මගෙන් අහපි මම ඇහුනේ නෑ වගේ හිටියාම එහා පැත්තේ එකා උත්තර දුන්නා
“ආ එහෙනම් නැගිටින්න ලමයි......ආයුබෝවන්”
ඉස්සර අපේ ඉස්කෝලේ ටීච කෙනෙක් උගන්නන්න අවාම අපි හැමෝම එක්ක කවියක් කියලා තමයි ටීචව පිළිගන්නේ ඒක අනිවාර්යයි.ඔන්න දැන් පන්තියේ ලමයි හැමෝම කවිය කියනවා මම ඉස්සරහම පේලියේ කට වහගෙන හිටියා නැත්තම් ලියුම අපරාදෙනේ.මිස් මගේ දිහා රවාගෙන බලන් හිටියා කොහොම රැව්වත් මට කට හොලවන්න බෑ කියලා මිස්ට තේරෙන්නේ නෑනේ.
“ඔය ලමයා එනවා මෙහාට පන්තිය අනික් ලමයි එක්කනේ කවිය කියන්න බැරි දැන් පන්තිය ඉස්සරහට ඇවිල්ලා කියනවා බලන්න හයියෙන්”
මලා හුටා දැන් නම් බඩුම තමයි කලින් 6 වසරේ ලව් සීන් එකේදිත් මේ මිස්ම තමයි දිගට හරහට අපිට නෙළුවේ දැන් මේකත් මාට්ටු වුනොත් මම ඉස්කෝලෙන් දොට්ට ආයේ දෙකක් නෑ.ඇග පුරාම කරන්ට් එකක් ගියා වගේ වුනා බයවුනු බයවිල්ලට චූත් යනවා තව ඩිංගෙන් මම ඔළුව පාත් කරගෙන අති සීඝ්‍රෙයන් ලියුම හපන්න ගත්තා.
“මොනාද ඔය කටේ තියෙන්නේ දානවා එලියට දානවා දානවා මම තමුසෙලාට කියලා තියෙනවා නේද චුයින්ගම් කන්න එපා කියලා හරක් වගේ ඕක කටේ තියාගෙන වමාර වමාර කනවා බලන් ඉන්න හිරිගිතයි.කියන දෙයක් අහන්න බැරි හරක්”
මට මිහිරි වදන් සමග ගුටි පූජාවක් නොමිලේ ඒත් මම නෙමෙයි සැලුනේ මගේ කිරි දත් වලින් ලියුම හොදට අඹරගත්තා..දැන් නියම ගාන එක සැරේ මුළු ලියුමම ගිලලා දැම්මා හම්මේ දැන් තමයි සැනසීමක් ආවේ දැන් ඉතින් කොහේ අල්ලන්නද මාව.
“ඇයි මිස් ගහන්නේ මගේ කටේ මුකුත් නෑනේ”
මිස් කම්මුලේ අත තියාගෙන අනික් පැත්ත බලාගෙන හිටියා ටික වෙලාවක්
“ගිල්ලා නේද චුයින්ගම් එක....දරුවෝ ඕවා කෑවාම බඩවැලේ ඇලෙනවා ඕක ගම් එකක් වගේ නිසා බඩට යන්න හොදම නෑ.කියන දෙයක් අහන්නේ නැති හැටි ආයේ කාලා අහුවෙනවකෝ බලන්න ඕක අරන් අලවනවා නලලේ.හා දැන් කියනවා කවිය මට පාඩම පටන් ගන්න තියෙනවා”
මමත් ඉතිං කවිය කිව්වා පන්තියටම ඇහෙන්න හැබැයි රංගිකා දිහා නෙමෙයි ඇහැක් ඇරලා බැලුවේ.පන්තියේ කට්ටියට මීටර් මම කෑවේ චුයින්ගම් එකක් නෙමෙයි කියලා කන පිරෙන්න බයිට සෙට් වුනා මිස් ගියාම.
“ඔන්න ඔහොමයි වුනේ”
“ඉතිං එයා එක්ක කතා කලේවත් නැද්ද නිකන්වත්”
“අපේ පන්තියේ කොල්ලොන්ට ඩෙස් 5 පේලි 6ක් තිබුනා කෙල්ලන්ට තිබුනේ ඩෙස් 4 පේලි 5ක්.හිස් පීරියඩ් එකක් සෙට් වුනාම ජෝඩු ඔය පේලි අයිනට වෙලා ලංවෙලා කතා කර කර ඉන්නවා මාවත් කොල්ලෝ බලෙන්ම යැව්වා කොල්ලෙක් නම් කතා කරපන් කියලා මට ඉතින් සෙකන්ඩ් වෙන්න බෑනේ මමත් ගියා හැබැයි ඔහේ හිටියා මිසක් වැඩි දෙයක් කතා කලේ නෑ.උවමනාවක් තිබුනෙත් නෑ බයක් තිබුනා හැබැයි”
“හ්ම්ම්ම්ම්ම්ම්”
“ඇත්තටම ඒ දේ මට ඕනේ කරලා තිබුනු දෙයක් නෙමේ නිසා මම ඒ ගෑනු ලමයා එක්ක කොහෙවත් යන්නවත් අතින් අල්ලන්නවත් හිතුවේ නෑ.ඒ සම්බන්දේ ඉවර වෙනකන්ම මම ඒ ලමයාගේ ඇගට අතක්වත් තියලා නෑ.හැබැයි ඒ ලමයා කියලා තිබුනා මගේ කොන්ද පණ නෑ මම බයගුල්ලෙක් කියලා මගේ යාළුවන්ට”
“ඔය ඇත්තමද වස්තූ.....”
“ ඔව් නදී සත්තයි”
“ඉතින් ඊට පස්සේ මොකද වුනේ”
“මාස දෙක තුනක් යද්දි මට ආරංචි ආවා රංගිකා තව කොල්ලෙක් එක්ක රවුම් ගහනවයි කියලා මම ඉතින් ගනන් ගත්තේ නෑ දවසක් මම සෙනසුරාදා යාළුවෝ එක්ක ටවුමේ පිට්ටනියට ගියා සෙල්ලම් කරන්න....එතකොට රොෂේන් කියන අයියයි රංගිකායි තුරුළු වෙලා ඉන්නවා දැක්කා පිට්ටනියේ කෙලවරේ.එයත් එක්ක වැඩි කතාවක් මට නොතිබුනු නිසා මම ඇහුවෙත් නෑ කවුද ඒ ඇයි එහෙම හිටියේ කියලා.ඊට ටික දවසකට පස්සේ රංගිකාම මට ඇවිත් කිව්වා මම රොෂේන් අයියට කැමතියි කිව්වා කියලා මම ඉතින් කිව්වා කමක් නෑ කියලා.මට දුකක් නොදැනුනාම නෙමෙයි ඒ මට නදීගේ පෙනුම තියෙන රංගිකා එක්ක කතා කරන්න නොලැබෙන නිසාත් වෙන්නැති මම දැනගෙනත් හිටියා රොෂේන් කියන්නේ සල්ලාලයෙක් කියලා.එයා ඒ බව මට කිව්වේ 2006 ජනවාරියේ.එතකොට මම 10වසරේ.මගේ යාළුවෝ නම් මට කිව්වා පලයන් ගිහින් කනට දෙකක් දීලා වරෙන් කියලා ඒත් කෙල්ලෙක්ට පාරක් ගහන එක මට මදිකමක් වගේ දැනුනු නිසා මම ගැහුවේ නෑ”
“ඔයා කොච්චර හොඳයිද ඒක නෙමෙයි දැන් එයා මොකද කරන්නේ”
“එයාට සේරම වැරදුනා නදී………”
-මතු සම්බන්ධයි-
ප/ලි
පින්තූරේ ගත්තේ මෙතැනින්....මම බොහෝම සතුටින් ඉන්නේ මේ දවස්වල ඒකට හේතුවක් තමයි "මහ ගෙදර මහා වෙදනා" බ්ලොග් අඩවිය කරන වෙද මහත්තයා මගේ කොන්දේ අමාරුව ගැන විමසලා ඒ ගැන ලොකූ විස්තරයක් කියලා දීලා මගේ ලොකු බයක් නැතිකලා.හලාවත අයියටත් හැකි උපකාරයක් කරන්නම් කියලාත් කිව්වා.බ්ලොග් වලට ආගන්තුකයෙක් වෙච්චි මට එහෙම සැලකිල්ලක් දක්වපු එකට මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා වෙද මහත්තයාට.....

