මුල් කොටස් සඳහා
1 කොටස
2 කොටස
3 කොටස
**********************************************************************************
වර්ෂ 2020,ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකාව රැගත් ෂටලය ගුවන් ගත කිරීමට සුළු මොහොතකට පෙර......
මෙහෙයුම් මධ්‍යස්ථානයේ වූ කාර්ය මණ්ඩලය ලහි ලහියේ ගුවන් ගත කිරීමට අදාල දත්ත නැවත විශ්ලේෂණය කරමින් සිටින අයුරක් දක්නට ලැබුණි.සියළුම දෙනා ඉතාමත් කඩිසරව තමන්ගේ රාජකාරිය ඉටුකරනු දක්නට ලැබිණි.නමුත් මෙහෙයුම භාර ප්‍රධානියා සහ ඔහුගේ දෙවෙනියා පාලන මැදිරියේ නොවීය...
“සියල්ල සැලසුමට අනුව සිදුවේවිද බණ්ඩාර....??”
“ඔව් සර් බයවෙන්න කිසිම දෙයක් නෑ.මම පුද්ගලිකව ගිහින් තමයි අශාන්ගේ ශිශිරතරණ නින්දේ දත්ත සකස් කලේ.වසර 50ක් දක්වා කිසිදු ප්‍රශ්නයක් නැතිව ඔහුට නින්දේ ඉන්න පුළුවන් හෙහ් හෙහ්”
මුළු මධ්‍යස්ථානයම වියරුවෙන් මෙන් ගුවන්ගතවීම සඳහා සූදානම් වන විට ඒ සම්බන්ධ ප්‍රධාන නිලධාරින් දෙදෙනා මධ්‍යස්ථානයේ තිබු වෙනම කුටියක සතුටු සාමිච්චියේ යෙදෙමින් සිටී.
“මේ අනතුරින් අශාන් මියගියොත් ඊට ආදේශකයක් ලෑස්තිද?”
“නෑ සර් අශාන් තමයි අපිට ඉන්න හොඳම පුද්ගලයා.එයාගේ මට්ටමට ලඟා වෙන මට්ටමේ කිසිවෙක් හොයාගන්න නෑ.මේ අනිත් ගගනගාමින් දෙදෙනා වෘත්තීය මට්ටමේ නිසා මං හිතන්නේ අශාන්ව බේරගන්න පුළුවන්.කැප්සූලය ගලවා ගන්න ලේසි වෙන්න හදලා තියෙන්නේ”
“අනිත් ගගනගාමින් දෙදෙනා පිළිබඳව අවසන් පියවරත් ගන්න ඇති නේද?”
“ඔව් සර් ඔවුන් ඇත්ත දැනගත්තා හෝ නැතා ඒ දෙන්නගේ අන්තිම චාරිකාව මේක”
“මේක තමයි අපේ අන්තිම බලාපොරොත්තුව.සිද්ධවෙමින් පවතින දේවල් වල හැටියට අපි අසමත් වුනොත් ලොකු ප්‍රශ්නයක්....”
ඔවුන් දෙදෙනා රූපවාහිනි තිරය මතට දෑස් යොමාගෙන සිටිනු දක්නට ලැබුණි.
ඔවුන් දෙදෙනා රූපවාහිනි තිරය මතට දෑස් යොමාගෙන සිටිනු දක්නට ලැබුණි.
***
ජෙට් යානයේ එන්ජිමක ඇතිවු ගින්නක් නිසා ජෙට් යානය ගින්නෙන් වෙලෙමින් පැවතුනි.ෂටලය හා ජෙට් යානය සම්බන්ධව ඇති කොටසද ගැලවී නොයාම නිසා ජෙට් යානයත් සමගම ෂටලයද සයුරටඉතාමත් වේගයෙන් පතිත වෙමින් පැවතුනි.ඒ සමගම ඉතා තදබල පිපුරමක් සිදු විය.නියමු අසුන් වලින් පිටතට පැමිණි දෙදෙනා ගිනි බෝල දෙකක් ලෙස සයුරට කඩා වැටෙනු දක්නට ලැබිණි...
***
“අශාන්ගේ තත්වය කොහොමද??”
“මම ගලවා ගැනීමේ නිලධාරී අසන්ත කතා කරන්නේ...අශාන්ගේ කැප්සූලයට කිසිම අනතුරක් නෑ නමුත් ඔහුගේ ශිශිරතරණ පද්ධතියට සුළු හානි සිදුවෙලා තියෙනවා.ඒ එක්කම වටිනා ගගනගාමින් දෙදෙනෙක් අපට අහිමි වුනා....”
“බොහෝම ස්තූතියි අසන්ත... තව තොරතුරු ලැබුණාම මට දන්වන්න.මියගිය ගගනගාමින් දෙදෙනා ගැන ඒ පවුල් වලට දැනුම් දෙන්න...”
තම අතවූ දුරකථනය විසන්ධි කල ප්‍රධාන නිලධාරී ජයග්‍රාහි මුහුණකින් සිය දෙවෙනියා වෙත බලා තම සතුට ප්‍රකාශ කිරීමට ඔහු වෙත අත දිගු කලේය.
“මෙහෙයුම සාර්ථකයි බණ්ඩාර.....ජය වේවා.අපි යමු දැන් පාලන මැදිරියට”
******************************************************************************
“දැනට අපි කාටවත් හොඳ දැනුමක් නෑ මේ තාක්ෂණ කටයුතු සම්බන්ධව.මගේ පියාගේ සැලසුම් අනුව තමයි මෙතෙක් කල් අපි ක්‍රියාත්මක වුනේ.තව දුරටත් ඒ සැලසුම් ප්‍රයෝජනයට ගන්න අමාරුයි.තාක්ෂණික දැනුම අපිට ගොඩක් වැදගත්... ඒ වගේම ඔබ දැනගත යුතු විශේෂ කාරණාවක් තියෙනවා අශාන්”
ඒ වචන පෙළ ඔහු පැවසූ ආකාරයට මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විනි.ඔහු මේ පැවසීමට යන්නේ කුමක්දැයි දැනගැනීමට මම ඔහුගේ මුහුණ දෙස එක එල්ලේ බලාගෙන සිටින්නට වීමි.ඔහුද කිසිවක් නොපවසා බලාගෙන සිටියා පමණි.මා නැවත ඒ ගැන ඔහුගෙන් විමසීමට සූදානම් වත්ම ඔහු සිය කටහඬ අවදි කරවීය.
“ඔබ මෙය විශ්වාස කරන එකක් නෑ අශාන් නමුත්.....”
ඔහු නැවත නිහඬය.
“මොනාද ඔබ මගෙන් හංගන්න හදන්නේ.... මෙතන නාස්ති කරන්න වෙලාවක් නෑනේ ඉක්මන් කරලා කියන්න”
“ඔබ රැගෙන ගියපු යානයේ චන්ද්‍රිකාවක් තිබුනේ නෑ අශාන්.මුල ඉඳලම ඔබව රහසිගත අවියක් විදියට යොදාගත්තේ. චන්ද්‍රිකාව නිර්මාණයට ඔබේ සහයෝගය ගත්තෙත් ඔබේ දැනුම පිරික්සීමට ඔබ ඉහලින් සුදුසුකම් ලැබුවා එයින්.ඔබව අවශ්‍ය වුනේ අනාගතයට අශාන් අපේ විද්‍යාඥයින් දැනගෙන හිටියා මෙහෙම තත්වයක් උදාවීමේ බරපතලකම නමුත් මේ ක්‍රියාමාර්ගය ගන්නවා ඇරෙන්න ඔවුන්ට වෙන විසඳුමක් තිබුනේ නෑ.ඔබට මෙය විශ්වාස කරන්න අමාරු ඇති ඒත් මේක තමයි ඇත්ත….”
“නෑහ්....... නෑ නෑ නෑ මේක වෙන්න බෑ.ඇයි මට මෙහෙම කලේ.....ඇයි මටම මෙහෙම දෙයක් කලේ.මේ තරම් දරුණු වෙන්නේ කොහොමද මිනිස්සු”
“මේක කීපදෙනෙක් නිසා ගත්ත තීරණයක් නෙමෙයි අශාන් තේරෙනවනේ දැන් අපි පත්වෙලා ඉන්න බරපතල තත්වය.ඔයාව මේ දක්වා ආරක්ෂා කරන්න අපි ලොකු කැපකිරීමක් කලා.ඔබත් එක්ක ගිය ගගනගාමින් දෙන්නගේ ඉඳලා ඔයා ගැන දන්න හැම කෙනෙක්ම ඔයා වෙනුවෙන් දිවි පිදුවා.මගේ මල්ලි පවා....”
බිම ඉඳගෙන හිස මත දෑත් තබාගෙන සිටි මා ඔහු දෙස වහා නෙත් යොමුකලේ ඔහුගේ මල්ලි පවා මා වෙනුවෙන් දිවි පූජා කල අයෙක් බව ඇසුණු නිසා...
“ඔයාගේ මල්ලි කොහොමද මං වෙනුවෙන් ජීවිතය පූජා කලේ.....??”
“ඇත්තටම අශාන් එය ජීවිත පූජා කිරීමක්ම නෙමෙයි.අපි මෙතනට එනකන් කතා කර කර එද්දි ඔයාට මතකද මම ඔත්තුකරුවෙක් ගැන කිව්වා.....”
“ඔව් හොඳටම මතකයි මම ඒ ගැන අහන්න හිටියේ... ඒ ඔත්තුකරු ඔයාගේ මල්ලිද??”
“ඔව් අශාන් ඒ මගෙ මල්ලි තමයි.නමුත් ඔහුට ඔත්තුකරුවෙක් කියනවද ඔත්තුකාරියක් කියනවද කියලයි මම කල්පනා කලේ......”
“ඒ ඔයාගේ මල්ලි නම් ඔහු ඔත්තුකාරයෙක් විදියටනේ හඳුන්වන්න ඕනේ.....”
“ඔව් මගේම මල්ලි තමයි.ඔහු දැන් කාන්තාවක්........”
“ඒ කොහොමද?? එයාලා ම්ල්ලිව අල්ලාගෙන ගැහැණියක් කලාද??”
“නැහැ අශාන්.... මගේ පියා මීට වසර 20කට කලින් ඔහුට අවුරුදු 25 වෙද්දි සේරම පැහැදිලි කරලා දීලා ඇහුවා මෙයට ලෑස්තිද කියලා.ඔහු කැමතිවුනා ඒ අවදානම බාරගෙන මුළු ජීවිත කාලයටම ගැහැණියක් ලෙස ගෙවන්න.... ඔහු සෑහෙන්න සැත්කම් රාශියකින් පස්සේ ඉතාම සුරූපි හුරුබුහුටි කාන්තාවක් බවට පත්වුනා.ඔහු පොරොන්දු වුනා ජීවිත කාලය පුරාවටම අපිට තොරතුරු ලබා දෙන්න..... ඔබව මුදාගන්නා මෙහෙයුමට කලින් තමා ඔහු අවසන් වරට අපිත් එක්ක සම්බන්ධ වුනේ.ඒ මොහොතේ ඉඳලා තාම ආරංචියක් නෑ....”
මා මොවුන්ගේ අවසාන බලාපොරොත්තුව බව මට වැටහුණි.නැගී සිටි මා පෙරට වඩා වැඩි ජීවයකින් ඔහු වෙතට ගොස් ඔහුගේ පිටට තට්ටුවක් දැමුවේ ඔහුගේ මුහුණේ වූ දුක සහ වේදනාව දුරලීමේ අරමුණින්.
“යං අපි මේක කරමු.....”
ඔහු ඉතාමත් සිනහ මුසු මුහුණින් යුතුව එය අනුමත කලේ සියළු දුක් දෝමනස්ස නොතකමින්.දෙදෙනා එක්ව අපගේ මුදාගැනීමේ යානය වෙතට ඇදුනේ එය ක්‍රියාත්මක තත්වයට කෙසේ හෝ ගන්නවා යන අරමුණින් යුතුවයි.
ඒ යානය පෙරදී මම බිම්ගෙයි කුටියේ දුටු ආකාරයේ යානයක්.අර්ධ කවාකාර හැඩයකින් යුත් එහි ප්‍රධාන එන්ජිම යානාවේ හරි මධ්‍යයේ පිහිටා තිබුනා.මා එය පරික්ෂා කිරීමට ගත්තේ විශ්මය පිරි දෙනෙතින්.ඉතාමත් කුඩා මේ එන්ජිම මගින් යානාවට අවශ්‍ය බලය ලැබේදැයි පවා සැකයක් ඇතිවුනේ නිරායාසයෙන්.ඔහු මා හට යානයේ සැලැස්ම ලබා දුන් පසු මා ඉතා අවධානයෙන් එය පරික්ෂා කරනු ලැබවේ මෙහි සිද්ධාන්තය කුමක් දැයි අවබෝධ කරගැනීමටයි....
මුළු යානාවටම අවශ්‍ය බලය ලබාගන්නේ ඒ ඒ අවස්ථාවේ ඇති ශක්ති ප්‍රභවයන් භාවිතයෙනුයි.සූර්යකෝෂ භාවිතයෙන් යානාවට අවශ්‍ය මූලිකම ශක්තිය ලබාගන්නා අතර ඉන් පසු වරින් වර එහි ශක්ති ප්‍රභවයන් වෙනස් කරමින් වායූගෝලයේ වූ වායූන්ගෙන් සහ ජලය මගින් පවා එන්ජිම ක්‍රියාත්මක කල හැකිවන සේ සකසා තිබුනා.
තව දුරටත් අධ්‍යනයේදි මට සිනහවක් මතුවූයේ මෙම සැකැස්ම අප විශ්ව විද්‍යාලයේ සිටියදි පරික්ෂා කරමින් සිටි ආකෘතියක් බව වැටහීම නිසායි.යානය ගුවන් ගත වෙනුයේ ප්‍රතිගුරුත්ව(anti-gravity)* තාක්ෂණයෙන්.ඒ සමයේ ඉතා විශාල වශයෙන් අසාර්ථක වූ සංකල්පයක් නැවත සාර්ථකත්වයට පත් කරගත්තේ කෙලෙසදැයි මා හට ඉතා විශාල කුතුහලයක් වූවා.
සාර්ථතකත්වයේ රහස මා හට වැටහුනේ යානාවේ සංයුතිය පිළිබඳ විමසා බැලූ විටදීයි.යානාවේ පිටත ව්‍යුහය සම්පූර්ණයෙන්ම සකසාගෙන තිබුනේ පෘථිවියේ ඉතා දුලබ ලෝහ වර්ගයකින්.එන්ජිමෙන් නිකුත් වන බලයෙන් යානාවේ පිටත ව්‍යූහයම ආරෝපණය වී ගුරුත්වයට විරුද්ධ බලයක් ක්‍රියාත්මක වීමෙන් යානාව එක ක්ෂණයකින් ගුවන් ගත කල හැකිවාක් මෙන්ම ඕනෑම මොහොතක ගමන් කරන දිශාව වෙනස් කිරීමටද හැකියාවක් මේ යානාවට තිබෙන බව මා වටහා ගත්තා.යානයේ කවාකාර හැඩය එයට උපයෝගි කරගෙන තිබුනා.මා කුඩා කල අසා තිබු පියාඹන පීරිසියක හැඩයත් මේ හා සමානයි.
යානාව ක්‍රියා විරහිතව ඇත්තේ එන්ජිමෙහි දෝෂයකින් නිසා නොවන බව මා හට සැක සිතුණු බැවින් මම මා සමග පැමිණි පුද්ගලයාගෙන් ඉල්ලා සිටියේ යානයේ පිටත ආවරණය ඉවත් කර දෙන ලෙසටයි.ඔහු මාගේ ඇරයුමෙන් ඒ සඳහා විධාන අසල සිටි පුද්ගලයන්ට ලබා දෙනු ලැබුවා....
***
මා පැය දෙකකට අධික කාලයක් යානයෙහි තාක්ෂණික ගැටළු නිවැරදි කිරීමේ යෙදී සිටියා.එක් වරම බිම්ගෙය තුලින් පැමිණියේ කැරලිකාර සඟයෙක්.... ඔහු කෑ ගසමින් අප සිටි දෙසට දිව ආවේ ඉතාමත් කලබලයෙන්.
“උන් එනවා.... උන් එනවා... සර් ඉක්මන් කරන්න.....”
“අපි හිතුවට වඩා උන් ඉක්මන් වෙලා.අශාන් ඔයාට තව කොච්චර වෙලාවක් යනවද???”
“තව පැය බාගයක් දෙන්න මෙතන පෑස්සුවට පස්සේ අපිට යානය එකලස් කරගෙන යන්න පුළුවන්.”
“හරි අශාන්.... සේනක දැන් කොයි හරියෙද ගැහැණු හමුදාව.”
“අනික් පැත්තේ ඇතුල්වීමේ දොරටුවට පහරදෙනවා සර්.වැඩි වෙලාවක් යන්න කලින් එතන කඩාගෙන එයි අපිට ඉක්මන් කරන්න වෙනවා....”
“හ්ම්ම් ඒකත් එහෙමද.එහෙනම් කරන්න දෙයක් නෑ.මම එයාලව ප්‍රමාද කරන්නම් අශාන් යානය එකලස් කරපු ඔයාලා පිටත් වෙන්න.පැය බාගයකින් මම එන්නම් මම නාවොත් මං එනකන් ඉන්න එපා...
අශාන්... බොහෝමත්ම ස්තූතියි ඔබට.... එහෙනම් සුභ ගමන්...”
“සර් පොඩ්ඩක් ඉන්න.... මාත් එනවා.සර්ට තනියෙන් එයාලත් එක්ක හැප්පෙන්න බැරිවෙයි.....”
“යමු සේනක.........”
“පොඩ්ඩක් ඉන්න....... “
“ඇයි අශාන්......”
“කරදරයක් නැතිව ආයේ එන්න.....”
“හෙහ් හෙහ් හෙහ්.... “
සිනාසුනු ඔහු බිම්ගෙය තුලින් නොපෙනී යනතුරු මා බලාගෙන සිටියේ මහළු වුනත් හදවතින් තරුණ ඔහුගේ නායකත්වයේ උතුම් ගුණය ගැන ආඩම්බර වෙමින්.මෙතනින් බේරි පලායාමට ඔහුට හොඳ හැටි අවස්ථාව තිබුණත් අප සියල්ල උදෙසා ඔහු විසින්ම හමුදාව ප්‍රමාද කිරීමේ සියතට පවරා ගෙන ඒ සඳහා පිටත්වූ ඔහු මගේ දිවියේ වීරයෙක් ලෙසින් හැමදාටම තැන්පත් වනු නොඅනුමානයි.
මා ඉතා කඩිනමින් යානයේ එකලස් කිරීමේ කටයුතු කරන්නට වූයේ හිතට දැනෙන්නට වූ භීතිය නිසාවෙනි.එකලස් කිරීමේ කටයුතු අන්තිම අදියරේ පැවතුනි.එක්වරම පිපුරුම් හඬක් ඇසුනේ බිම් ගෙයි විවරය අසලින්.මා සියළු දෙනාටම යානයට ඇතුළු වන ලෙස අණ දුන්නේ යානය ක්‍රියාත්මක කර ඕනෑම මොහොතක ගුවන්ගත වීමට සූදානමින් තබාගෙන යානයේ අවසන් එකලස් කිරීම් නිම කිරීමටයි....
එක්වරම බිම්ගෙයි විවරයේ වහලය කඩාගෙන වැටුනේ අප සිටි ගුහාවම දූවිල්ලෙන් වසාගනිමින්.....
“අශාන්..........” ඒ සේනකගේ කටහඬයි.මම ගැහෙන හදින් යුතුව වහා ඔහුගේ හඬ ඇසුණු පෙදෙසට දිව ගියෙමි.
~~මතුසම්බන්ධයි~~
මුල් පින්තූරය ගත්තේ මෙතනින් http://history.nasa.gov/SP-4001/images/fig28.jpg
දෙවැනි පින්තූරය නම් මම ඇඳලා පොටෝවක් ගහලා දැම්මේ...