
දිගු නින්දකින් දැනෙන වෙහෙසක් සමග මා සෙමින් දෑස් විවර කර මාගේ නිවසේ වහලය දෙසට මොහොතක් නෙත් යොමන්නට වීමි.නමුත් වෙනදා දකින විදුලි පංකාව වෙනුවට ඉහළින් එල්ලා දිස්වූයේ දිගු ආලෝක දහරාවකි.වහා නැගී සිටීමට උත්සහ ගත් නමුත් මාගේ ශරීරය පුරා තිබූ විවිධ වයර් නිසා ඒය අපහසු කරුණක් විණි.බොහෝ උත්සහයකින් පසුව දෑත් නිදහස් කරගන්නවාත් සමගම යම්කිසි අනතුරු හැඟවීමේ නාදයක් නාදවෙනු ඇසෙන්නට විය.වහා මාගේ ඇඟපුරා සවිකර තිබූ වයර් ගලවාගෙන මා හුන් සයනයෙන් බැසීමට උත්සහ කලත් යම්කිසි බාධකයක් හේතුවෙන් මා හට පසුබසින්නට සිදුවිය.මා උන්නේ සාමාන්‍ය ඇඳක නොව වීදුරු වලින් වටකරන ලද කුටියක බැව් වැටහුනේ ඉන් පසුවයි.මා හැකි වෙර යොදා එයට පහර දුන්නද පලක් නොවුණි ඒ සමගම යම්කිසි වායු කාන්දුවක් වැනි ශබ්දයක් ඇසෙන්නට වූ අතර මාගේ දෑස් කෙමෙන් බරවෙනු මට දැණුනි...
“දැන් කොච්චර වෙලාද”
“පැය 4කට විතර කලින් ඇහැරුණේ ඩොක්ටර්.සෑහෙන්න කලබලයක් කලා ඒ නිසායි නිර්වින්දනය කරන්න වුනේ”
මා වටා සිටි පිරිසක් යම් සාකච්ඡාවක් කරනා අයුරු සිහිනයකින් මෙන් ඇසෙන්නට විය.ඔළුව බමන ගතියකින් යුක්ත වූ බැවින් හිස එසවීමට ගත් උත්සහයද නිරර්ථක විය.ඉතාමත් අපහසුවෙන් දෑස් විවර කරගත් මට දක්නට ලැබුනේ මා වටා සිටිනා කාන්තාවන් සමූහයක්.සියල්ලන්ම පාහේ වෛද්‍යවරියන් හෝ වෛද්‍ය ශිෂ්‍යාවන් විය හැකියැයි මට සිතුනේ ඔවුන් සැරසී සිටියේ එකම ඇඳුමකින් වීම නිසයි.සුළු මොහොතකින් මා සිටි වීදුරු කුටිය විවෘත විණි.
“සුභ උදෑසනක් SLAN මහත්මයා.මම මේ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරිය”
“මගෙ නම SLAN නෙමෙයි....”
“ඔබට පහුගිය සිද්ධීන් මතකද??”
“මම කොහොමද මේ රෝහලට ආවේ.... මම ඉන්න ඕනේ ගෙදර.මගෙ නම SLAN නෙමෙයි මම ASHAN NALAKA.”
“නමුත් ඔබේ ලිපිගොනුවේ සඳහන්ව තිබුනේ SLAN කියන නාමය.”
“ලිපි ගොනුව?? මොන ලිපි ගොනුවක්ද?? මම කොහොමද මෙතන්ට ආවේ”
“ඔබ ශ්‍රී ලංකාවෙන් කක්ෂ ගත කල චන්ද්‍රිකාව භාරව කටයුතු කල ප්‍රධාන ඉංජිනේරු ශිල්පියා.ඔබ තමයි චන්ද්‍රිකාව නිර්මාණය කරන්න සම්බන්ධ වුනු ලාබාලම ඉංජිනේරු ශිල්පියාත්... අභ්‍යාවකාශගත වීමට සුදුසුකම් සහ චන්ද්‍රිකාව සාර්ථක කරගැනීම සඳහා ඔබට සිද්ධවුනා අනෙකුත් අභ්‍යාවකාශගාමින් සමග අභ්‍යාවකාශගත වෙන්න.ඔබව අවශ්‍යව තිබුනේ චන්ද්‍රිකාව කක්ෂගත කල පසු එහි සන්නිවේදන කටයුතු නිසියාකාරව කරගැනීමටයි.ඒ නිසා ඔබව ශිශිරතාරක(hibernate) නින්දට පත්කර ගමනාන්තය දක්වා ඔබව සුරක්ෂිත කරන්නට තීරණයක් ගෙනයි තිබුනේ.අවාසනාවකට වායුගෝලයට ලඟාවීමට ප්‍රථමයෙන් ඔබ ගමන්කල ජෙට් යානයේ දෝෂයක් හේතුවෙන් ඔබ ඇතුළු පිරිසට ජෙට් යානයෙන් වෙන් වීමට සිදුවුනේ නියමිත වේගය ලබා ගැනීමට ප්‍රථමයෙන්.ඔබේ වාසනාවට ඔබ සිටි කුටිය වෙන්වී සයුරට වැටීමෙන් ඔබේ ජීවිතය සුරැකුණා.මේ වාර්තාව ඔබ දැන් සිටින කුටියේ තිබු ගොනුවකින්”
Isaac Newton's analysis of escape velocity.
Projectiles A and B fall back to earth.
Projectile C achieves a circular orbit,
D an elliptical one. Projectile E escapes.
මා කක්ෂගත වීම සඳහා පාලන මධ්‍යස්ථානයට පැමිණි අයුරු මට එක්වරම මතකයට පැමිණියේ එක්වරමයි.ඒ අවධිය රොකට් තාක්ෂණයෙන් තොර අභ්‍යාවකාශයට යෑමේ පරීක්ෂණ කෙරෙමින් පැවති අවධියක්.ජෙට් යානයක් හා සම්බන්ධ වූ ෂටලය,වායුගෝලය සමීපයට ලඟාවී,වායුගෝලයෙන් මිදීමට අවශ්‍ය වියෝග ප්‍රවේගය(escape velocity)* ලබාගත් පසු ජෙට් යානයෙන් වෙන්ව වායුගෝලයට ඇතුලත්වීම මෑත කාලීනව සංවර්ධනය වූ රටක් වශයෙන් අතිශය ලාභදායි ක්‍රමයක් බවටයි හඳුනාගෙන තිබුනේ.නමුත් එපමණ ආරක්ෂාකාරි ලාභදායි ක්‍රමයක් අසාර්ථක වීම තවමත් අදහා ගත නොහැකියි.
“SL කියන්නේ SRI LANKA කියන එකට.මගෙ නම ASHAN NALAKA නිසා පණිවිඩ හුවමාරුවේ පහසුවටයි SLAN කියලා කෙටි කරගත්තේ.ඒත් දැන් මම ඉන්නේ ලංකාවේ ඉතින් කොහොමද ඔයාලා මගෙ විස්තර නොදන්නේ??”
“කලබල වෙන්න එපා අශාන් ඔයා දැන් ඉන්නේ අවුරුදු 2140.ඔබේ සැබෑ වයස අවුරුදු 148ක් වුනත් දිගු කාලීන ශිශිරතාරක නින්දක් ලැබීම නිසා ඔබගේ ශරීරයට වයස අවුරුදු 22ක් පමණයි.ඒ වගේමයි ඔබ අඳුනන කිසිවක් මේ වනවිට ජීවත් වෙන්න කිසිම සම්භාවිතාවක් නෑ.”
මා මාගේ ශරීරය දෙස නැවත වතාවක් අවධානය යොමුකලේ එවිටයි.එතෙක් වෙලා මා සංවාදයේ නිරතව සිටියේ නිරුවතින් බව දුටු විට උපන් ලැජ්ජාව නිසා සැඟවීමට උත්සහ කලේ නිරායාසයෙන්.
“ඔබ අවුරුදු 120ක්ම මේ රෝහලේ සිටියේ නිරුවතින්.පුරුෂ ශරීරය ගැන නිමක් නැති දේශන වලට පහුගිය අවුරුදු 20ක් 30ක් තුල ඔබ නිහඬ දායකත්වයක් ලබා දුන්නා.ඔබ ඉතා වටිනා නිදර්ශකයක්.ඔබේ නිරුවත ගැන දැන් කලබල වී තේරුමක් නෑ කියලයි මට හිතෙන්නේ.”
කිසිදු වදනක් නොපවසා ඇය පැවසූ දේ මා අසා සිටියේ ශෝකයත් ලැජ්ජාවත් කෝපයකුත් කැටි කරගනිමින්.නමුත් ඇය පැවසූ එක් වචනයක් නිසා මේ සියල්ලේම කුමක් හෝ වරදක් ඇතැයි නොසිතුනාම නොවේ....
“නිදර්ශකයක් කියලා ඔබතුමී මොකක්ද අදහස් කලේ.....??”
“ඔබ තමයි දැනට මේ ග්‍රහලෝකයේ ඉතිරිව ඉන්න එකම පිරිමි පුද්ගලයා”
“මො....කා....ක්...”
“ඔව් අශාන්.... ඔබ පමණයි දැනට අප සතුව ඉන්නේ.විවිධ තැන්වලින් පිරිමි පුද්ගලයින් කීපයක් තවමත් වාර්තා වුනත් ඔවුන් අල්ලා ගැනීම සෑහෙන්න අපහසුයි”
මාගේ හිතමිතුරන් නෑදෑයන් ආදීන්ගෙන් වෙන්වීම ගැන තරමක දුකක් සිතේ පැවතුනත් සමස්ථ පිරිමි වර්ගයා තුරන් වීම පිළිබඳව දැනගත් මොහොතේ දැනුනු තනිකම කිව නොහැකි තරම්.නෙත් යොමන සෑම ස්ථානයකම දකින්නට ලැබෙනුයේ කාන්තාවන් බැවින් මෙය සැබෑවක්ම බව පිළිගන්නට සිත බල කරන්නට විය.කෙසේ නමුත් මා හට ඉතිරි ජීවිත කාලය පුරාවටම විද්‍යාගාර මීයෙකුගේ කාර්යය භාරය කරන්නට සිදුවෙනු ඇතැයි නම් දැනෙමින් පැවතුණි.
“ඔවුන් අල්ලා ගැනීම අපහසුයි කියලා අදහස් කලේ මොකක්ද?? පිරිමින්ව සත්තුන්ගේ ගණයටද දාලා තියෙන්නේ”
“කරන්න දෙයක් නෑ අශාන්.... ඒකට ගොඩක් හේතු තියෙනවා.ඔබ දන්නවා ඇති ඔබ ජීවත් වූ වසර වන විට ගැහැණු පිරිමි ජනගහන අනුපාතය අතර සෑහෙන්න වෙනසක් පැවතුණු බව ඔබ දන්නවත් ඇති.ඒ කාලයේත් ලොව මුළු ජනගහනයෙන් ගැහැණු 65%ක් සිටි බවයි වාර්තා වෙන්නේ.ස්වාභාවික දරු උපත් නිසා ඇතිවන ප්‍රසව වේදනාව නිසා බොහෝමයක් කාන්තාවන් විවාහය ප්‍රතික්ෂේප කරමින් සමලිංගික සම්බන්ධතා වලට යොමුවුනා.පුරුෂ පාර්ශවයත් සමලිංගික සබඳතා සඳහා පිවිසීමත් ඒ සඳහා විශාල රාජ්‍ය අනුග්‍රහයක් ලැබීමත් නිසා තත්වය තවත් උග්‍ර වීමත් සමගම විද්‍යාගාරවල කෘතිම ගර්බාෂයන් තුල දරුවන් බිහිකිරීමට ක්‍රියාමාර්ග ගත්තා.අවසානයේ කාන්තා සංවිධාන වල කුමන්ත්‍රණ කිහිපයක් නිසා පිරිමි දරුවන් බිහිවීමට ශුක්‍ර බැංකුවල තිබූ ශුක්‍රානු අස්ථානගතවීම් ලොව පුරාම වාර්තා වෙන්න ගත්තා.”
“මේක වෙන්න බැරි දෙයක්.... මේ දේ වෙන්න යන බව කිසිම රටක මිනිහෙක්ටවත් තේරුනේ නැද්ද?අඩුම ගානේ මේ වගේ සිද්ධි වාර්තා වෙනකොට ඉතිරිවෙලා හිටිය පිරිමියන්ව යොදාගෙන මේ තත්වය පාලනය කරන්න තිබුනනේ”
“ඒක එහෙම කරන්න තිබුනා නම් තමයි.නමුත් ඒ වන විටත් ලොව බලවත්ම රාජ්‍යන්වල ජනපති තනතුර පැවතියේ කාන්තාවන් අත.පුරුෂ සමලිංගිකයන් අතර ඉතා විශාල වශයෙන් රෝග වහනය වීමත් විවිධ මත්ද්‍රව්‍යයන් පානයත් නිසා ඔවුන් සෑහෙන අප්රාණිකත්වයකින් පෙළුනා.ඒ වන විට කිසිම රටක බුද්ධිමතුන් අතර පුරුෂයන් සිටියේම නැති තරම්.ඉතිරිවූ පිරිමින් පරිණාමයෙන් ආපස්සට ගිහින් ඇති බවක් දැන් පෙනෙමින් පවතිනවා....බොහෝ විට ඔබගේ සහයෝගයෙන් මේ ඇතිවූ තත්වය නැවත පෙර තත්වයට පත්කරගැනීමට හැකිවෙයි.”
“එහෙම පුළුවන් වෙයි කියලා හිතනවනම් ඇයි මෙච්චර කලක් බලාගෙන හිටියේ????? අවුරුදු 120ක්ම හිටියේ ඇයි...???”
“ඔබ භාවිතා කල ශිශිරතාරක පද්ධතිය අනතුර නිසා කාලය වෙනස්වීමකට ලක්වී තිබුණා.ඔබව අවදි කරවීමට උත්සහ ගත්තානම් බොහෝ දුරට ඔබගේ ජීවිතය අනතුරකට ලක්වෙන්නට තිබුනා.ඒ නිසා වසර ගණනාවක් තිස්සේ උපදෙස් ලැබී තිබුනා ඔබ අවදිවනතුරු සිටින ලෙසට.එතෙක් සෑහෙන පරීක්ෂණ සිදුවුණා.ඒ නිසා තමා මේ තරම් කාලයක් ගත වුනේ ඔබ ස්වාභාවිකව අවදි වෙනතුරු”
කුමක් කරන්නදැයි සිතාගත නොහැකිව මා ඉතාමත් අසරණ භාවයකට පත්වුණි.මැය කී දේ විශ්වාස කර මෙහි රැඳී සිටිනවාද එසේ නොමැතිනම් ඉතිරිව සිටින පිරිමි කණ්ඩායම් සොයා ඔවුන්ට එකතු වෙනවාදැයි යන විශාල ප්රශ්නය මා ඉදිරිපිට රැඳි තිබිණි.වෛද්‍යවරියට වාරු වෙමින් මා රෝහලේ වූ සයනයක් වෙත ඇවිද යන්නට වීමි.තවම හරි හැටි ශරීරය පාලනය කරගැනීමට නොහැකි බැවින් මොවුන් හා රැඳී සිටීමට සිදුවෙනු අනිවාර්යය...
අසල වූ ඇඳක් මත මා වාඩිකරවූ ඇය මා වෙත ලබාදුන්නේ කාන්තා ඇඳුමකි.යන්තමින් එය පටලවාගත් මම සයනයට දිගාවී අනාගතය පිළිබඳ කල්පනා කරන්නට වීමි.
“කොයිම වෙලාවකවත් මෙතනින් එළියට යන්න හිතන්න එපා....මොකද පිටස්තර ලෝකය පෙර තිබුණාට වඩා වෙනස්... සමහරවිට ඔබට ජීවිතයෙන් වන්දි ගෙවන්නට වේවි.ඔබේම ආරක්ෂාව වෙනුවෙන් මේ කාමරේ දොර අගුළු දමන්න සිදුවෙනවා...”
ඇයගේ අවසන් වදන් කිහිපය ඉල්ලීමකට වඩා තර්ජනාත්මක ස්වරූපයක් ඉසිලීය.කුමක් විස්වාස කරන්නදැයි තවමත් සිතාගත නොහැක....වෛද්‍යවරිය ලබා දුන් එන්නත හේතුවෙන්දෝ දෑස් කෙමෙන් පියවෙන්නට විය.
ප/ලි
මේ කතාවට මූලික අදහස ආවේ අපේ අනූ අක්කගේ බ්ලොග් එකේ ගැහැණු ලමයි පිරිසක් එකතු වෙලා හදපු ගැහැණු ළමයි බ්ලොග් එක ගැන එයා සඳහන් කරපු නිසා.මට ඒක කියවද්දි හිතුනේ මේ කස්ටිය සෙට් වෙන්නේ කාන්තා ආධිපත්‍යයක් පතුරන්න කියලා ඉතින් මෙහෙම කතාවක් මැවුනා.මුලින් ඒ කස්ටියගේ නම් දාලා ලියන්න හිතුනත් පස්සේ හිතුනා එහෙම දාන එක හරි නෑනේ කියලා.කතාවේ හොඳ නරක අහගන්න කැමතියි.හිතෙන ඕනෑම දෙයක් කියලා යන්න මොකද ඒක මට ගොඩාක් වටිනවා....
පින්තූරෙ ගත්තේ මෙතනින් http://cache.io9.com/assets/images/8/2011/11/c83e479c4e613bcd390a036c8b2b9f2a.jpg
“ඔබ තමයි දැනට මේ ග්‍රහලෝකයේ ඉතිරිව ඉන්න එකම පිරිමි පුද්ගලයා”
ReplyDelete"බොහෝ විට ඔබගේ සහයෝගයෙන් මේ ඇතිවූ තත්වය නැවත පෙර තත්වයට පත්කරගැනීමට හැකිවෙයි.”
මොන තරම් සුන්දරද! මං කිව්වෙ මේ කතාව. නියමයි ගැමියෝ... සුපිරියටම ලියල තියනව. ජාතික මට්ටමේ ලිවිල්ලක්!
සිරාවට!! මටත් මුලදී ඔහොමම හිතුනා..
Delete@රාජ් අයියේ,
Deleteතනි උනාම එල නේ... අනේ අම්මෝ තාක්ෂණේ දියුණුවත් එක්ක මුං කෘතිමව මක්ක හරි කොරන්න හැදුවොත් මල කෙලියයි....
බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට...
--------------------------------------------------------
@ක්සැන්ඩර් අයියේ,
ඇයි අයියෝ හොඳ නැද්දෝ...
කතාව නම් සුපිරියටම ලියලා තියෙනවා !!!
ReplyDelete“ඔබ තමයි දැනට මේ ග්‍රහලෝකයේ ඉතිරිව ඉන්න එකම පිරිමි පුද්ගලයා”
අශාන්ට ඊට පස්සේ ගොඩක් වැඩ තියෙන්න ඇති මහිතේ. හික්ස් :)
(මම් වැරදි කතාවක් කිව්වද මන්දා)
වැඩ ගොඩක් තිබ්බද තාක්ෂණේ දියුණුවත් එක්ක වෙන මොනාහරි කෘතිමව කොලාද දන්නෑ නේද.... හි හි කවුද දන්නේ ඉතිං කොල්ලා අනික් කස්ටියට හොරෙන් රස්සාවක් පටන් ගනී කියලා හිතිලා ආරක්ෂිත ක්‍රියාමාර්ග ගත්තද දන්නෙත් නෑනේ....
Deleteබොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට
මට මතකයට ආවේ "ප්ලැනට් ඔෆ් ද එප්ස්" ෆිල්ම්එක .අන්තිම පිරිමියාව මුණ ගැහිලත් අර ගෑනු ටික පුදුම සංයමයකින් නොවැ වැඩ කරන්නේ ..
ReplyDeleteමොනවා උනත් විශිෂ්ට නිර්මාණයක් කියලා කියන්නම ඕන ...
හයියෝ ඕක මට තාම බලන්න බැරිවෙච්චි ෆිල්ම් එකක්නේ අළුත් එකනම් බැලුවා... ගෝරිලි ගෑනුද ඒකෙත් ඉන්නේ???
Deleteබොහෝම ස්තූතියි රොබින් අයියා කොමෙන්ටුවට
“ඔබ තමයි දැනට මේ ග්‍රහලෝකයේ ඉතිරිව ඉන්න එකම පිරිමි පුද්ගලයා”
ReplyDeleteබුදුඅම්මේ කතාවකදී හරි එහෙම වෙන්න පින් කරන්න ඕන මං හිතන්නේ.හිකිස්!
ඒ ඉතින් ඒ කාලෙදි කස්ටිය පරණ ක්‍රම අත්ඇරලා නැත්තම් විතරයි හොඳේ... කවුද දන්නේ අත්‍යාවශ්‍ය උපාංග පෝටබල් විදියට අරගෙන යන්න මුන් ටික ප්ලෑන් කොරයිද කියලා... හි හි එතකොට බඩුම තමයි...
Deleteබොහෝම ස්තූතියි නුවන් අයියේ කොමෙන්ටුවට
හොද විද්‍යා ප්‍රබන්ධයක්.....
ReplyDeleteගෝ විදාල්ගේ "කල්කි" (පරිවර්ථනය -ගාමිනි වියන්ගොඩ) කියවලා තියෙනවද...?
මට ඒ කතාව මතක්වුනා මේක කියවද්දි.
අනේ නෑනේ අයියේ... ඒකත් මේ වගේමයිද?? හොයාගෙන කියවන්ටෝන එහෙනම්...
Deleteබොහෝම ස්තූතියි සුමිත් අයියේ දිරිගැන්වීම්වලට
//"බොහෝ විට ඔබගේ සහයෝගයෙන් මේ ඇතිවූ තත්වය නැවත පෙර තත්වයට පත්කරගැනීමට හැකිවෙයි.”//
ReplyDeleteයකඩෝ......නරක නෑ වැඩේ....:))
මොනවා උනත් ප්‍රබන්ධය නම් සුපිරි හොඳේ...ඔයාටම විතරයි මෙහෙම ඒවා ලියන්න පුළුවන්.
අපෝ ගැහැණු ලෝකෙක ඉන්න මම නම් ආස නැහැ. ගැහැණු පිරිමි දෙගොල්ලොම ඉන්නකොට තමයි මේ ලෝකේ ලස්සන...
මෙන්න ඇත්ත..
Delete@සයුරි අක්කේ,
Deleteඒකනේ ඒකනේ අක්කෝ මේ ලෝකේ දෙගොල්ලොම ඉන්ටෝන..... හදිසියකට බතක් උයා පිහා ගන්න අනිවාර්යෙන්ම ගැහැණු ඉන්න එපැයිනේ... ඇයි හදිසියකට ගෑණුන්ගේ හැට්ට කට්ට ගහන්න පිරිමිත් ඉන්නම එපැයිනේ...
බොහෝම ස්තූතියි අක්කෝ දිරිගැන්වීම්වලට...
--------------------------------------------------
@අසරණයා අයියේ,
අපි තාමත් වාසනාවන්තයි නේද මෙයාලට තාම අර කාන්තා අයිතිවාසිකම් වගේ මෙව්වා තාම ඔළුවට ඇවිත් නෑ...
//අපි තාමත් වාසනාවන්තයි නේද මෙයාලට තාම අර කාන්තා අයිතිවාසිකම් වගේ මෙව්වා තාම ඔළුවට ඇවිත් නෑ...//
Deleteඅපෝ ඕවා ඔලුවට ආවේ මම ඉස්කෝලේ යන කාලේ. දැන් තේරෙනවා ඒවා නිකන් බොරු වැඩ කියලා :) මටනම් මේ ලැබිල තියන අයිතිවාසිකම් ටික හොඳටම ඇති...තමන්ට කැමති විදියට නිදහසේ ඉන්න පුලුවන්නම් එච්චරයිනෙ. තමන් දැනගන්න ඕන ඒවා ලබා ගන්න හැටි :පී
මේ මේ පිරිමි නැත්නම් ඉතින් හැට්ට අඳින්න ඕනත් නෑනේ...:ඩි
ඒ කියන්නේ සුවර් එකටම ගෑණු මායම් ගැන තමා.... හපෝයි...
Deleteහැට්ටේ උදාහරණේ දැම්මේ වැරදිලා... හ්ම්ම්ම් අඩේ එතකොට මේ කතාවේ හැටියට හැමෝම ඉන්නේ කොහොමෙයි කියලා හිතාගත්තෑකි.... :P දැන් මහපල්ලකෝ හැට්ට
හෑ.........................:O
ReplyDeleteඑක්කෙනෙක් ඉවරා........යි
Deleteඅනේ ඒ පිරිමියා මම උනානං....:(
ReplyDeleteගැමියෝ මේක ගම්බද නෙමේ.... අති සුපෝපභෝගී නගරබද මට්ටමේ ලිවිල්ලක්....
පට්ටයි...
අනර්ඝයි...
විශිෂ්ඨයි..
සෘංගාරය දනවන සුළුයි...
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
අන්තඃපුරේ....... බඩුම තමයි...
Delete@රජෝ,
Deleteඋඹේ වෙලාවට ඒ පිරිමියා උඹ නොවුනේ... නිකමට කංපනා කරලා බලහන් මේ තාක්ෂනේ දියුණුවත් එක්ක කුට්ටම පෝටබල් කලෝතින් මේ ගෑණු දැරිවියො ටික එකතුවෙලා මක් වෙයිද??? අතේ රේඛා මකාගෙන පාඩුවේ ඉන්න එක දාහෙන් සම්පතයිනේ නැද්ද....
බොහෝම ස්තූතියි රජෝ කොමෙන්ටුවට
----------------------------------------------------------
@ක්සැන්ඩර් අයියේ,
අන්තඃපුරේ ද?? අන්තඃලෝකය ද??
වාව්........... සුපිරි ප්‍රබන්ධයක් මල්ලි අනිත් හැම එකම වගේ මේකත් නියමයි.
ReplyDeleteඅඩේ එච්චර හොඳයිද සිරාවට මම හිතුවේ කස්ටිය බනියි හෝ අවුලක් කියයි කියලා...බොහෝම ස්තූතියි කාව්‍යා අක්කෝ කොමෙන්ටුවට....
Deleteඅඩේ පට්ට ලියවිල්ලක්නේ.. සිරාවටම මේක චිත්‍රපටියක තිර පිතපතකට ගැලපෙනවා.. ප්ලැනට් ඔෆ් දි ඒප්ස් වලට වඩා සුපිරි ..
ReplyDeleteගැමියෝ. මට උබ ගැන ඉරිසියයි බන් ඔච්චර ආතල් එකක් මට නැතුව උබට සෙට් වෙච්ච එකට ... ඒ වගේම කේන්තියි... උබ අපි සැට් එකම.. ග- කාරයෝ කරලනේ
මේ කොමෙන්ට් එක කියෙව්වම හිනාව නවත්තන්න බැරිවුනා... ආතල් දෙපිටින් යන්නේ කුට්ටම පෝටබල් කරන්න ගෑණු දැරිවියෝ හිතාගෙන උන්නනම්.හැමෝම ගල් කාරයෝ කලේ හේතුවක් ඇතිව හොඳේ... දැන් විශාල පරිමාණයෙන් මේ සමලිංගික කේස් පතුරවනවා NGO කස්ටිය... මෙව්වා කියවන එකාලවත් එව්වගෙන් බේරිලා ඉන්නැතැයි කියලා හිතාගෙන පොඩි අනතුරු ඇඟවීමක් කලේ.....
Deleteදුක් වෙන්න එපෝ ලෝකේ කොහේ හරි තවත් කස්ටියක් ඇති සාමාන්‍ය පිරිමියෝ අන්න ඒ පිරිමි ගොඩට බොලාව දාන්නම්කෝ....
බොහෝම ස්තූතියි මී කොමෙන්ටුවට... මගේ බ්ලොග් එකට ආපු මුල්ම පාර නේදෝ.... සාදරයෙන් පිළිගන්නෝ
මේක නන් අපුරුයි මචං.
ReplyDeleteබොහෝම ස්තූතියි මචං
Deleteකියන්න දෙයක් නෑ මචෝ සුපිරි කියලා තමයි කියන්න තියෙන්නේ. මේක ලියන්න අදහස ආව විදිහනම් නියමයි.රැඩිකල් ඩයල් වලට තමා ඕවගේ අදහස් එන්නේ.
ReplyDeleteඅර හැමෝම කියනවා වගේ එකම පිරිමියා වෙන්න මමනම් ආසා නෑ හීනෙන්වත්. :)
එකම පිරිමියා උනානම් අන්දරේ වගේ "මම පමණයි කුකුළා" කිය කිය ඉන්න තිබුනා නේද....
Deleteබොහෝම ස්තූතියි මචෝ කොමෙන්ටුවට මේ අදහස් අහද්දි ලියන්න ආසා හිතෙනවා අප්පා... අගය කිරීම්වලට කවුරුත් ආසයිනේ... හැබැයි වැරදිත් කියන්ඩෝ
උපරිමයි ගැමිය මල්ලි මේ කතාව නං.
ReplyDeleteහැබැයි උඹ පරිස්සමෙන් හිටහං කාන්තා ආධිපත්‍ය පතුරවන්න හදන ගෑනු ළමයින්ගෙන්. :D
ඒකනම් සහතික ඇත්ත කතාව අයියේ... කස්ටිය රෝස පාට වෑන් එකක් එහෙම එවයිද දන්නෑ නේද....??? හම්මෝ....
Deleteබොහෝම ස්තූතියි Praසන්ன අයියේ කොමෙන්ටුවට...
නියම කතාව..හි හ්.... අම්මො මටනම් බයෙ බැහැ ගැහැනු විතරක් ඉන්න ලොකේක තනියෙන් ඉන්න.... ගැනු ඔක්කොම මාව හම ගහයි...අනික පිරිමි යාළුවො නැතිව ජිවිතේ පාළුයි.... කිසිම විනොදයක් නැහැ
ReplyDeleteසහතික ඇත්ත සහතික ඇත්ත හම ගහලා බේරුනොත් ඇති.... කොහොමට තියෙයිද බෝනික්කන්ට වගේ අන්දවන්න තියාගත්තොත්... හාපෝයි...
Deleteඅනික කොල්ලෝ නැත්තම් ක්‍රිකට් මැචුත් නෑ... ක්‍රිකට් ගහන්න වෙන්නෙත් නෑ හයියෝ ක්‍රිකට් නැති ලෝකයක ජීවත් වීමට වඩා ජිල් බෝල දෙකක් ගිල සියදිවි නසාගැනීම දාහෙන් සම්පතකි
බොහෝම කුෂි ස්තූතියි කොමෙන්ටුවට
මුලදිනම් මට හිතුනේ පට්ට ආතල් ඕයි කියල.. පස්සේ ටිකක් අවුල්.. ඇයි දෙයියනේ ලෝකෙම ඉන්න එකම පිරිමියා? සෙල්ලංද? ඒ උනාට අපි ඔක්කොම ගේ කුරුල්ලෝ කරපු එකටනං මගේ බලවත් විරෝධය .
ReplyDeleteසැහ් ... අන්න වචනේ... මම ලිව්ව එක සැර වැඩිද මන්දා...
Deleteක්සැන්ඩර් අයියේ,
Deleteඔව්වා ඇවිල්ලා බහුජාතික සමාගම් වල සහ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ... ගේ කුරුල්ලෝ ලංකාවේ බෝකරන්න හදන්නේ උන්නේ... මේක කියවන කස්ටිය අනාගතේ උන්ගේ ලණු කන එකක් නැතිවෙයි කියලයි ඔයාලව එහෙම කලේ.... අනාගතය වෙනුවෙන් කරන කැපවීමක් කියලා හිත හදාගන්න අප්පා...
බොහෝම ස්තූතියි ක්සැන්ඩර් අයියේ කොමෙන්ටුවට....
-----------------------------------------------------------
මී ගොඩයා,
අපොයි නෑ... එල එල ඈ
පස්ට පෝස්ට් එකක් අයියේ....ඊළඟ කොටස එනකම් බලාගෙන ඉන්නවා.....
ReplyDeleteමොකක් කිව්වා....... තව කොටසක්???
Deleteහ්ම්ම්ම් මේකෙත් තව කොටසක් ලියන්න නම් බැරි කමක් නෑ ඒත් එක කොටසක් ඇති නේද.තව ලිව්වොත් ඉතින් අර කොල්ලගේ ඉරණම ගැනත් ලියන්න වෙනවනේ එහෙම ගියොත් මේක නවකතාවක් වෙනවා.... මගෙ හිතේ නම් තිබුනේ ත්‍රාසජනක ගැලවීමක් විදියට ලියන්න ඒත් මේක මෙහෙම නැවැත්තුවාම ටිකක් හොඳයි කියලා හිතුනා බලමුකෝ බලමුකෝ...
බොහෝම ස්තූතියි මලේ කොමෙන්ටුවට
මොකක්??? මේකට තව කොටසක් නෑ කිව්වා :0 :0 අනේ ඇත්තට ළඟ හිටියනම් දෙනවා හොඳවයින් දෙකක් :)
Deleteගැමි මලයා කොච්චර හොඳට කතා ලිව්වත් කතා නවත්තන විදිය නම් අස්පට් :((((
ඉහි ඉහි
මේ ඉවර වුනා හොඳ මදිද අප්පා.... :( මට හැමදාම ඔහොමයි.... කතාව කොහොමෙයි සාර්ථකව ඉවර කරන්නේ?? මේකට නම දාමු ඉවර නොවෙන කතන්දරය කියලා(ඒක මම ආසාවෙන්ම කියවපු පොතක්)
Deleteගිය සැරේ කතාව ඉවර කලාම කීප දෙනෙක් කිව්වනේ කතාවේ අවසානයේ වෙන්නේ මොනාද කියලා පාඨකයට හිතන්න දෙන්න කියලා.... හ්ම්ම්ම් දැන් මේක ඉවර කරන්න විදියක් කංපනා කරන්න ඕනේ.... වෙද ගෙදර කතා තව ගොඩාරියක් පරක්කු වෙනවා ඇත...
අලෙ එහෙම අවුලක් නෑ මලේ....ඒ හිතන්න ඉඩ දෙන විදියේ කතා හරිම හොඳයි. හැබැයි මට හිතෙන විදියට නම් එහෙම හිතන්න දෙන ටික තනි පොයින්ට් එකක් වෙන්න ඕනේ. ලොකුවට බ්ලැක් හෝල් එකක්ම තියලා හිතන්න දුන්නම ටිකක් වැඩේ අමාරුයි. අනේ මන්දා මට මේක කියන්න තේරෙන්නේ නෑ නේ....:(
Deleteමොනවා උනත් ඔයා කැමති විදියටනේ අවසානය වෙන්න ඕන :) ඒක හින්දා මම මේ අවසානය සතුටින් පිළි ගන්නවා...:පී
හරි හරි අක්කෝ මම තව කොටහක් ලියන්න ෆුල් ට්‍රයි එකක් දෙන්නම්කෝ... ගිය සැරෙත් බෑ බෑ කියලා ලිව්වා වගේ ලියන්න බැරිවෙන එකක් නැතිවෙයි... ප්‍රතිචාරය සෑහෙන්න අගය කරනවා අක්කෝ... අර බ්ලැක් හෝල් එකක් ගැන කිව්වම තේරුණා :D
Deleteගැමියා, දැන් විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙක් හැටියටත් පත් ඉරුව විද්‍යා ප්‍රබන්ධ බ්ලොග් එකක් හැටියටත් ප්‍රසිද්ධ වේගනයි එන්නෙ. ඔබට එහෙම එක රාමුවකට කොටුවෙන්න අවශ්‍ය නැතිනම් දැන් වෙනත් කතාත් ලියන්න. අදහස ඒකනම් මෙහෙම දිගටම යං.
ReplyDeletehenryblogwalker the Dude
මියැදුණු පෙම්වති කතා මාලාවට පස්සේ මම හිතාගෙන හිටියේ කවියකුත් මගේ අත්දැකීමකුත් වෙද ගෙදරදි අහපු කතාවකුත් දාන්න... කවියක් නම් දැම්මා... මේ කෙටි කතාව දාන්න හේතු වුනේ අනූ අක්කගේ ඒ පෝස්ට් එක දැක්ක දවසෙම කොමෙන්ට් එකක් විදියට මම කෙටි කතාවක් ලියන්න අදහසක් ආවා කියලා කිව්ව නිසා....
Deleteමේකට තව කොටසක් ලියන්නේ නෑ.... මේ සිකුරාදා දිහාට වැඩ ටිකක් අඩු වුනාම පුරුදු පරිදි පරණ ස්ටයිල් එකට වැටෙන්නයි ඉන්නේ.තව මේ වගේ ප්‍රබන්ධ ලියන්න එක එක පැති සෑහෙන්න ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා... ඒවාත් ලියලා ඉවරයක් වුනාම තව මොනා හරි බලන්ටෝන...
වෙන කතා ලියන්න කියලා අදහස් කලේ ආදර කතා වගේ එව්වද?? ම්ම්ම් මේ වගේ ප්‍රබන්ධයක් අස්සේ ආදර කතාවක් ගැහුවොත් මක් වෙයිද කියලා බලමුද....
රාමුවකට කොටු වෙන්න නම් ආසා නැතෝ... ඒකමයි සාමාන්‍ය කතා වලින් මිදිලා මෙහෙම එව්වා ලියන්න ආවේ....
හැමදාමත් වගේ උපදෙස් එක්ක ලැබෙන ඔබේ කොමෙන්ටු මම අගය කරනවා ඩුඩි අයියේ... මේ විෂය උගන්නන ඔබේ අදහස් මට සෑහෙන්න වටිනවා... පහුගිය ලිපියක දාලා තිබුණු දීර්ඝ පැහැදිලි කිරීමටත් බොහෝම ස්තූතියි අයියේ....
මේ කොමෙන්ටුවටත් බොහෝම ස්තූතියි.... දැන් පොඩි අයිඩියාවක් ආවා බලමුකෝ ඒක හරිගියොත් නවතම වෙනසක් බලාපොරොත්තු වන්න...
හොඳටම හොඳයි ...මම අඩක් කියවද්දි හිතුවෙ පර්වර්තනයක්වද්ද කියල ...බොහොම අගෙයි බොහොම අගෙයි....තව ගොඩක් දිගට ලියන්න....
ReplyDeleteපරිවර්තන වලට මම සෑහෙන්න ආසයි ඒ ආභාෂය හින්දා වෙන්නැති මේ විදියට ලියැවෙන්නේ... බොහෝම සාදරයෙන් පත් ඉරුවට පිළිගන්නවා ඔයාව...
Deleteගොඩාක් දිගට ලිව්වාම කියවන අයගේ උනන්දුව අඩුයි කියලා පහුගිය කතාවෙදි පොඩ්ඩක් දැනුනා... මැද්දෙන් කියවන්න එකතු වෙන අයටත් පොඩි අසාධාරණයක් වෙනවා කියලා දැනුනා... එක පෝස්ට් එකක් සෑහෙන්න දිගුවට ලිව්වොත් කාර්යබහුල කට්ටියට රසවිඳින්නත් බැරි වෙනවා ඉතින් සාමාන්‍ය සීමාවක් යටතේ තමා ලියන්නේ...
ඕං මාත් ඒ පැත්තේ ගිහිල්ලා ආවේ.මරු ඈ...
බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට..
අපුරුයි...අපුරුයි... ඇත්තටම ලස්සනයි මල්ලි...
ReplyDeleteපව් අපේ පිරිමි ඇයින්ට කරලා තියෙන දේ නම්..මම ප්‍රාර්තනා කරන්නේ නැ අනාගතේ එහෙම වෙන්න කියලා..මට තාත්තෙක් ඔනේ..පවුලක් ඔනේ .. අම්මා විතරක් ඉන්න පවුලක් එක පැත්තයි සමබර..අපි දෙගෝල්ලොම හිටියාමයි මේ ලොකේ ලස්සන..
මේකනේ අක්කෝ කේස් එක... මම දන්න තරමට ලංකාවේ සීඝ්රයෙන් මේ සමරිසි සංකල්පය ව්‍යාප්ත කරන්න බහුතරයක් දෙනා උත්සහ කරනවා... සමරිසි විවාහ වලට අවසර ගන්න සෑහෙන්න උත්සහයක් ගන්නවා ඒ හැම දෙනාම ඩොලර් කුට්ටි වලට මේකට අහුවෙන්නේ අපි ඔයාලා වගේ කස්ටිය නෙමෙයි පුංචිම ලමයිව... ඒගොල්ලෝ දන්නවා මේක ව්‍යාප්ත කරන්න නම් අනාගත පරපුරේ අදහස් වෙනස් කරන්න ඕනේ කියලා....
Deleteමේ ගැන කොයිතරම් සාකච්ඡා කලත් පොඩි එව්වන්ට මෙව්වා කියවන්නවත් ලැබෙන්නේ නෑ.අනික ඒ ගැන විතරක් ලියලා තියෙන ලිපි පොඩි එව්වො කියවන්නෙත් නෑ.හැබැයි කතාවක් විදියට යම් දෙයක් කාවද්දන්න පුළුවන් එයාලට... ඒකනේ ටෙලිනාට්‍ය වලිනුත් කරන්නේ... මම බැලුවේ එහෙම දෙයක්වත් කරන්න පුළුවන්ද කියලා ඒ කරුණත් මේකට ගාවගෙන...
කාන්තාවන් සමරිසි වුනත් කාන්තාවන් නැතිව පුරුෂයන් සමරිසි වුනත් වෙන්න පුළුවන් ඉහළම නස්පැත්තිය තමා උපත් අඩුවෙන එක... ඒක සෑහෙන්න තර්ජනයක්.අනු අක්කගේ පෝස්ට් එක නිසා ආපු අදහසට දාපු ලුණු ඇඹුල් තමා මේක... ඇත්තටම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නැ කීයටවත්....
බොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවටයි අදහස් වලටයි..
නියමයි ගැමියෝ ..... ගෑනුන් ආධිපත්‍ය පතුරුවන්න කලින් උඹ ඉක්මන් උන එක හොඳයි
ReplyDeleteඒකනේ අයියේ අපි පුරුෂ දිරිය හිතට අරන් නැගිටින්න ඕනේ නැද්ද මං අහන්නේ....
Deleteබොහෝම ස්තූතියි හර්ෂණ අයියේ කොමෙන්ටුවට...
මුලින්ම කියන්ඩ ඕනා ගැමියාගේ පරිකල්පන ශක්තිය බොහොම ඉහල බවයි. සුපිරි නිර්මාණයක්. අලුත්ම සිතුවිල්ලක්. ලෝකෙ කවදා හරි විනාස වෙන්නෙ ලිංග බේද වාදය ආපු දාට තමයි. ඕන් කිව්වා.
ReplyDeleteමගෙ මතකය හරිනම් කාලෙකට කලින් සිත්තර පත්තරේ මේ ජාතියෙ කතාවක් ගියා. අනුර ශ්‍රීනාත් මහතා ඇඳපු.
විශිෂ්ඨයි මලේ.
ඩූඩ් කියන කාරණය ගැනත් අවධානය යොමු කරන්න.
අනිවා අයියේ ලිංග බේදේ ආවොත් විනාසයි... වැඩිය ඕනේ නෑ ඔය කාන්තා සංවිධාන එක එක රට විකාර කියලා කාන්තා විමුක්තිය කියලා සන්තෝසෙන් ඉන්න ගෑණුන්ව අවුස්සලා මුලින්ම කරන්නේ පවුල අස්ථාවර කරන එක... රටේ කුඩාම ඒකකය පවුලනේ... පවුල් ටික අසමගියෙන් රණ්ඩු කර කර හිටියොත් මුළු රටම අගාධයට යනවා....
Deleteඑක අතකට නැති ප්‍රශ්න ඇති කරපු ජනමාධ්‍යත් මේකට වගකියන්න ඕනේ... ටීවි එක බැලුවොත් හොර මිනිස්සු එක්ක පවුල් කන හැටියි පවුල් රණ්ඩු වෙන හැටියි මිනිහව දාලා ගෑණී යන හැටියි වගේ විකාර වලින් මිනිස්සුන්ගේ හිත් පුරවන්නේ...
අනුර ශ්‍රීනාත් කියන්නේ මම ආසම චිත්‍ර ශිල්පියෙක්... මෙහෙම කතාවක් නම් මම දැකලා නෑ දැන් මෙයා පත්තර වලට චිත්‍ර අඳින්නෙත් නැද්ද මන්දා අන්තිමට දැක්කේ ලංකා පත්තරේ සඳකඩ පහණ අතිරේකයට ඇඳපු චිත්‍ර කතා ටික....අයියා කියපු චිත්‍ර කතාව ඔන්ලයින් බලන්න බැරිවෙයිදෝ???
බොහෝම ස්තූතියි සෙන්නා අයියේ ඔයාගේ දිරිගැන්වීම්වලට... ඔයාලා ආසාවෙන් කියවන එක මට ලොකු හයියක් මේ වගේ වචන නිසා මට ආසා හිතෙනවා ලියන්න....
ඩුඩි අයියා කියපු කාරණය නිසා අළුත් අදහසක් පහල වුනෝ කොරන්ඩ ට්‍රයි කොරලා සාර්ථක නම් දාන්නම් වැරදුනොත් දාන්නේ නෑ...
කියන්න කිසිම දෙයක් නැහැ නිර්මානේ නියමටම තියෙනවා. කවදාවත් මේ වගේ කතාවක් කියවලා නෑ..
ReplyDeleteකතාවේ සමහර තැන් වල හිනා යන දේවලුත් තිබුනා ඒ ඇඳුම නැතුව අවුරුදු ගානක් ඉඳල ලජ්ජාවෙන් අඹරේද්දී තව තව තැන් වලදී ආයෙත් කියන්නම් කතාවනම් නියමයි...
වෙද ගෙදර කතා ඉවර නැහැ නේ. ගොඩාක් දවසකින් දැක්කේ නැහැ.
මේ කියන කොල්ලා අවුරුදු සිය ගානක් තිස්සේ ඔහොම හිටපු බවත් වෛද්‍ය ශිෂ්‍යාවන්ට පිරිමි ශරීරය ගැන උගන්නන්න හොඳ නිදර්ශකයක් වුනා කියලත් කතාවේ කියවුනානේ ඉතින් ඒ නිසා තමා එහෙම කොටසක් එකතු කලේ... ඒක ලියලා ටික වෙලාවක් කල්පනා කලා මේක මෙහෙම දාන එක හොඳයිද කියලා... ආයේ ඉතින් ඕනේ එකක් කියලා දැම්මා...
Deleteවෙද ගෙදර කතා තව ගොඩක් තියෙනවා එයින් දෙකක් තුනක් තියෙනවා ලියන්න හොඳයිද නැද්ද කියලා කල්පනා කරන්නේ... අනු අක්කට වෙච්චි පොරොන්දුවනේ ඉෂ්ට කලේ.
බොහෝම ස්තූතියි අසරණයා අයියේ මගේ මුල්ම පෝස්ටුවේ ඉඳන් ප්‍රතිචාර දෙනවනේ ඔයා ඒ ප්‍රතිචාර ලොකු හයියක් අයියේ
ඇත්තටම සිහිය නැතුව උන්න කාලෙ ගැමී ට මොනා මොනා වෙන්න ඇත්ද? :D:D:D
ReplyDeleteනිදාගෙන ඉද්දි නම් කරදරයක් කරන්න නෑ හැබැයි ඕං දැන් තමයි කරදර පටාන් ගන්නේ....
Deleteකිරිල්ලි හිතන දුර හාපෝයි... හැබෑවටම කොල්ලෙක් ඔච්චර කාලයක් ඔහොම හිටිය එක වටිනවා...
බොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවට
සුපිරි සලාන් මහත්තයා.. අහ් සොරි උබනම් SLG වෙයි නේද ?
ReplyDelete"ශ්‍රීලංකන් ගැමියා..."
ජය.. විද්දායා පරබන්ධ වලට උබ හොදයි වගේ.. මනෝ ලෝක වලද බං ඉන්නේ ;)
හරි සෝක් නමක්නේ බොලේ... මේක එල...
Deleteඇත්තම කිව්වොත් සැමයියේ නිදාගන්න ඇඳට ගියාම නින්ද යනකන් මෙහෙම මනෝ පාරක් දාගෙන ඉන්නකොට මාරම ගති අප්පා... දවල් දවසේ දැක්ක දෙයක් මෙහෙම උනානම් මොනා වෙයිද කියලා හැමෝම හීන මවනවා ඇතිනේ නැද්ද.... සැමායියාත් ඔහොම ඉඳලා ඇතිනේ...
බොහෝම ස්තූතියි සැමයියේ කොමෙන්ටුවට
මටත් හිතෙන්නේ ඔබ ඉතාම ලස්සනට ලිවිල්ල කරනවා. බලමු තව මේක දිගට ලියන්න. ඔබගේ අනාගතය ඇත්තේ ලෙඛන කලාව තුලයි මට නම් හිතෙන්නේ.
ReplyDeleteමම දැන් යන පාර ලේඛන කලාව ළඟින්වත් යන්නෑනේ ඒ වුනාට... හැබැයි ඉතින් ලියන්න තියෙන ආසාව නම් නවතින්නැ... බ්ලොග් එක පටන් නොගත්තනම් මෙහෙම ලියැවෙන එකකුත් නෑ...
Deleteබොහෝමත්ම ස්තූතියි වෙද මහත්තයෝ කොමෙන්ටුවට..
පිස්සු හැදෙන කතාව මල්ලි. උපරිමෙන් උපරිමයි. කතාව කියවගෙන යනකොට කතාවේ හැම කොටසක්ම හිතේ මැවෙන විදිහට කතාව ලස්සනට ගලාගෙන යනවා. විශිෂ්ටයි ගැමි අති විශිෂ්ටයි... අනාගතයේ දක්ෂම දක්ෂ ජනප්‍රිය විද්‍යා ප්රබන්ධකයෙකුගේ ලකුණු පෙන්නුම් කරනවා. සුභ පැතුම් මල්ලි. පට්ටම පට්ට සිතීමේ හැකියාවක්, සුපිරි.
ReplyDeleteබොහෝම ස්තූතියි සිතුම් අයියේ ඔයාගේ කොමෙන්ටුවට මට මාරම සතුටුයි... ඔයා වගේ කස්ටිය නිසා තමා මෙහෙම ලියන්නේ මොලේ කරකුට්ටං වෙනකන් හරි හිතලා...
Deleteගැමියෝ දැන් ටිකක් හයිය හත්තියට ඉන්න...සෑහෙන වැඩ ටිකක් කරන්න වෙයි...මේ ඕනිකමක් උනොත් අපිටත් කියන්ට ඈ....
ReplyDeleteහයියට හිටියට ලෝකයක්ම ගොඩ දාන්න බැරිවෙයි නේ... අනික එහෙම උනාම හරි නෑනේ ඔක්කොමල්ලා එක වගේ උනාම තවත් මගුලක්නේ.... ඒකාබද්ධ සංවිධානයක් පිහිටුවාගමුද....
Deleteමං මේ දවසක් නිකමට කංපනා කලා දරුඵල අහිමි කාන්තාවන්ට දරුඵල ලබාදෙමි කියලා පිටේ බෝඩ් එකක් එල්ලං පාරෙ ගියොත් මොනවයින් මොනා වෙයිද කියලා... :D
බොහෝම ස්තූතියි තරුවෝ කොමෙන්ටුවට
තව කොටසක් ලියන්න වේවි වගේ මල්ලි. මට හිතුණෙ කතාව මැදින් නැවතිලා වගේ කියලයි
ReplyDeleteසයුරි අක්කත් කිව්වනේ තව කතාවක් ඕනේ කියලා හලේ මං පව්නේ අප්පා මෙහෙම නවත්තන්නයි හිතාගෙන හිටියේ මට කතාවක් පටන් ගත්තට තාම ඉවරකරන්න බෑ... කියාලා දෙන්ඩ කෙනෙක් නෑනේ ඒ ගැන.....
Deleteමම ට්‍රයි එකක් දීලා බලන්ටෝන මේකට තව මොනාද දාන්න පුළුවන් කියලා....
බොහෝම ස්තූතියි දතී අක්කෝ මං මෙහෙම අදහස් සෑහෙන්න බලාපොරොත්තු වෙනවා
ගැමියෝ චිත්‍රපටියක් ගහමුද බන් කතාව ගැන කියන්න වචන මදි පට්ටය් ඊටත් වඩා පට්ටය්
ReplyDeleteහොඳට කන්න බොන්න හොඳේ :ඩ්
මලා හුටා මේකෙන් ෆිල්ම් එකක් ගැහුවොත් තනිකරම අසභ්‍ය සීන් එකක් වැටෙනවනේ කවුද කැමති වෙන්නේ කෙල්ලො රොත්තක් මැද්දේ උපන් ඇඳුමින් ඉන්න... අනික රැඟුම් පාලක මණ්ඩලෙන් ඒ කොටස් කැපුවාම ෆිල්ම් එකේ බලන්න වෙන්නේ ලස්සන ගෑණු ලමයින්ගේ මූණූ විතරයිනේ...
Deleteමං කියන්නම් උඹ මේන් කැරැක්ටර් එකට වරෙන්... එලනේ
බොහෝම ස්තූතියි මචෝ කොමෙන්ටුවට
කියන්න වචන නෑ මල්ලියෝ.. හරිම අපුරුයි.. ඔයා ගැන ගොඩක් සතුටුයි..
ReplyDeleteබොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවට ඔයාත් ඇතුළුව හැමෝගෙම උපදෙස් නිසා තමා ඉතින් මෙහෙම ලියැවෙනනේ.... බ්ලොග් එක පටන් ගනිද්දි කෙටි කතා ලියන්න පුංචි බලාපොරොත්තුවක් වත් නොතිබ්බ මම කෙටි කතාවක් ලියලා බලන්න ඕනේ කියන ස්ථාවරේට ආවේ ඔයාගේ කතාත් වෙනි අයියගේ කතාත් නිසා තමයි...
Deleteade banz meka digatama mey kathawa continue karapan. aye supirima supiri
ReplyDeleteබොහෝම ස්තූතියි ඇනෝ කොමෙන්ටුවට... මේක දිගටම ලියන්න හිතාගෙන නෙමෙයි පටන් ගත්තේ... මම හිතුවේ මෙතනින් ඉවර කරන්නයි.බලමුකෝ කස්ටිය කියන නිසා ට්‍රයි එකක් දීලා බලන්නම්කෝ කතාව සහමුලින්ම වෙන පැත්තකට හරි ගෙනිහින් ඉවරයක් කරන්න...
Deleteඅනාගතයේ අත්විඳීමට ඉඩ ඇති කරුණක්. යම් කිසි විදියකින් මේවගේ සිදුවීම් වෙන්න පුළුවන්. මොනව වුනත් හොඳ විද්‍යා ප්‍රබන්ධ කතාවක්. නිර්මාණාත්මක අදහස ඉස්තරම්.
ReplyDeleteඔබ වැන්නෙකුගේ ප්‍රතිචාර මම සෑහෙන්න අගය කරනවා.... බොහෝම ස්තූතියි කොමෙන්ටුවට... ඔබේ ලිපි සෑහෙන්න සංයමයකින් කියවන්න ඕනේ නිසා ඒ පැත්තේ ලඟකදි ආවේ නෑ... අධ්‍යාපන කටයුතුවලට පොඩි විරාමයක් ලැබුනු ගමන් එන්නම් ඇවිත් යන්න
Deleteසුපිරි කතාවක්...
ReplyDeleteගෑල්ලමයි ටිකක් එකතු වෙලා බ්ලොග් එකක් ලියනවා කියලා දැනගත්තාම මෙච්චර දෙයක් ලියැවුනා නම්..තව ඉස්සරහට..අනේ මන්දා? :)
බොහෝම ස්තූතියි රූ අක්කෝ.... තව ඉස්සරහට මක්ක වෙයිද දන්නෑ නේද?? කාන්තා සංවිධාන අවුලන තරමක් ගින්දරනේ අවුලවන්නේ ඉතින් එහෙම හිතුනා... හපෝයි කස්ටිය තරහා වෙයිද දන්නෑ මාත් එක්ක.ඔයත් ඒ දහ දෙනාගෙන් එක්කෙනෙක්ද ඈ
Deleteඇත්තටම ඔහොම වෙයිද බං. මමත් කොතනකදී හරි තැනකදී කියෙව්වා ලෝකේ ඉන්න කිසිම පිරිමියෙකුට ලිංගිකව ගෑනියෙක් සම්පුර්ණයෙන් සතුටු කරන්න බෑ ඒත් කවද හරි කවුරු හරි කෙනෙක් ඒකට මැෂින් එකක් හැදුවොත් ගෑනු ඒ මැෂිම අරං පුරුෂයන් සමග ලිංගිකව එක් වීම නවත්තනවා කියලා. මෙහෙම යනකොට කවුරු හරි ඒ මැෂිමත් හදලා උඹ ඔය කියන වගේ දෙයක් උනොත් මොන මොනවා වෙයිද මංදා :((
ReplyDelete//මමත් කොතනකදී හරි තැනකදී කියෙව්වා ලෝකේ ඉන්න කිසිම පිරිමියෙකුට ලිංගිකව ගෑනියෙක් සම්පුර්ණයෙන් සතුටු කරන්න බෑ ඒත් කවද හරි කවුරු හරි කෙනෙක් ඒකට මැෂින් එකක් හැදුවොත් ගෑනු ඒ මැෂිම අරං පුරුෂයන් සමග ලිංගිකව එක් වීම නවත්තනවා කියලා.//
Deleteමල කෙලියයි එහෙමත් සීන් එකක් තියෙනවද??? මේ වගේ එකක් හදනවනම් ඉතින් කෙල්ලෙක්ම තමා හදන්න ඕනේ ආර්ථිකව කොච්චර වාසි තිබුනත් කොල්ලෙක් නම් මලාට එහෙම එකක් හදන්නේ නැතිවෙයි...
වැරදිලා හරි එහෙම වුනෝතින්....... අනේ සංසාරේ තමා.අඩේ මේ අයිඩියාව මට ආවේ නෑනේ නැත්තම් මේ කතාවට දාගන්න තිබ්බා ලස්සනටම...
බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට
mama hithanne naha ban...kochara karath attha ekak wage daneida...ubata ehema boru ekak hadala dunnoth ubata ganige eka epa weida?
Deleteශා මරුනෙ..දැන් කව්ද මේ වාසනාවන්ත අශාන්..අපේ ගැමි මල්ලිද.. ;) කාලෙකින් ආවෙ මේ පැත්තෙ ..මල්ලිගෙ ප්රබන්ධයනම් සුපිරියි..
ReplyDeleteඅපෙ අප්පෝ මේක වාසනාවක්ද ඈ.... එක කෙල්ලෙක් විතරක් ඉඳලා ලෝකේ අනික් ඔක්කොම කොල්ලෝ වුනාම වෙන්න ඇහැකි දේම තමා මේ කොල්ලටත් වෙන්නේ හම්මෝ මතක් වෙද්දි ඇඟ හිරිවැටෙනවා... කෙල්ලෝ විතරක් ඉන්න ලෝකෙක නම් මට ඉන්න බැරියෝ... කොල්ලෝ නෑ කියන්නේ ක්‍රිකට් මැච් නෑ කියන එක ක්‍රිකට් නැත්තම් වැඩක් නෑ...
Deleteසෑහෙන්න කාලෙකින් ආවට මොකෝ එන්න පාර අමතක වෙලා නෑනේ... එල එල අක්කෝ තව ප්‍රබන්ධ දෙක තුනකුත් ලිව්වා ගිය පෝස්ට් එකේ කවියකුත් ලිව්වා ඉඩ ලැබුනාම එව්වත් බලන්ඩෝ...
බොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවට
නියමයි ගැමි මලයා... අති විශිෂ්ඨයි...
ReplyDeleteමට පොඩි ප්‍රශ්ණයක් ආවා සහෝ...!
//අභ්‍යාවකාශගත වීමට සුදුසුකම් සහ චන්ද්‍රිකාව සාර්ථක කරගැනීම සඳහා ඔබට සිද්ධවුනා අනෙකුත් අභ්‍යාවකාශගාමින් සමග අභ්‍යාවකාශගත වෙන්න.ඔබව අවශ්‍යව තිබුනේ චන්ද්‍රිකාව කක්ෂගත කල පසු එහි සන්නිවේදන කටයුතු නිසියාකාරව කරගැනීමටයි.ඒ නිසා ඔබව ශිශිරතාරක(hibernate) නින්දට පත්කර ගමනාන්තය දක්වා ඔබව සුරක්ෂිත කරන්නට තීරණයක් ගෙනයි තිබුනේ.//
චන්ද්‍රිකාවක් කියන්නේ පෘථිවිය වටා භ්‍රමණය වන වස්තුවකට... එහෙව් එකකට ශිශිරතාරක නින්දනට පත්කළ එකෙක් යවන්නේ මක්කටද ??? අනෙක, යානයට අනතුරක් වුනාම අනෙක් අයටත් හානි වුනා නම්, නිදාඉන්න එකා ශිශිරතාරක නින්දෙන් ඇහැරවලා පලක් තියේද ???
ඔච්චරයි මට පරහකට තිබුනේ... කථා සංකල්පය නම් සුපිරියි !!!
ආහ් ! තව ප්‍රශ්ණයක් ! අෂාන්ට හංගගන්න තරම් වටිනා කියන දේවල් ඉතිරි වෙලා තිබුණා නම් ඒකත් ලොකු දෙයක් !!! :P
මුලින්ම කියන්න ඕනේ අයියේ බොහෝමත්ම ස්තූතියි මේ කොමෙන්ටුවට ඔයා මීට කලින් මම ලියපු කතාවකටත් මේ වගේම වටිනා අදහසක් දැක්වූවා...
Deleteමේ පෙන්වලා දීපු වැරැද්ද එසේ මෙසේ වැරැද්දක් නෙමෙයි.ශිශිරතරණයේ අභිප්‍රාය එහෙම්පිටින්ම හම ගහලා වරද්දලා මම ලොකු වැරැද්දක් කරලා තියෙන්නේ.... ලංකාවෙන් යවනවා කිව්ව චන්ද්‍රිකාව ගැන කතාව මේකට ඔබ්බන්න ගිහින් තමයි මේ වැරැද්ද වුනේ.....
ඊළඟ කොටසක් ලියලා මේ වැරැද්ද සම්පූර්ණයෙන්ම හදන්න හිතුණා.... ජෙට් එකක් ආධාරයෙන් අභ්යාවකාශගතවීමක් නිසා නුපුහුණු ගගනගාමියෙකු වශයෙන් මොහු මුහුණදෙන පීඩන තත්වයන්ගෙන් බේරාගන්න කෙටි ශිශිරතාරක නින්දකට පත් කලා කියලත්.... යානය කඩා වැටීමේදි වෙච්චි අවුලක් නිසා ඒ පද්ධතිය අස්ථාවර වෙච්චි නිසා මේ තරම් කල් ඔහුව නින්දේම තිබ්බ බවත් කියලා මෙයාගේ මොලේ ටිකක් නිව්ටන්ට සමාන කරලා ලොකු සම්පතක් නිසා ආරක්ෂාකරගත්තා කියමුකෝ... ඒක නිසා චුට්ටක් සමාව දෙන්න මේ වැරැද්දට....
නැවත වාරයක් බොහෝම ස්තූතියි අයියේ...
eka satallite ekak kiyanne nathuwa space craft ekak wage kiiwanam hariyai oka.....
Deleteවිදුසර පත්තරේ ගියපු විද්‍යාප්‍රබන්ධ කතා කියෙව්වට පස්සෙ ඒ ජාතියෙ කතාවක් කියෙව්වමයිද කොහෙද. අපූරු සංකල්පයක් ගැමියා මල්ලි. ඒවගේම දැනටත් තියන කරුණු කාරණාවල දිගුවක අවසානයක් විදියට වැඩිය අභව්‍ය ගතියක් නැතිවෙන්න ඒවගේම කියවන්න කිසිම අමාරුවක් නැතුව ලියවිලා තියනව.
ReplyDeleteප.ලි : ඔය කාන්තා සංවිධාන තියනව නේද, ඒව මහ භයානක ඒව බං මල්ලී.. පරිස්සං වෙලා හිටු !!! ;)
ඔයාව සාදරයෙන් පත් ඉරුවට පිළිගන්නවා අයියේ.... මීට ඉස්සෙල්ලා මම වැටි වැටි කෙටි කතා ලියද්දි බ්ලොග් ලෝකේ සහෝදර සහෝදරියෝ දීපු උපදෙස් නිසා තමයි අයියේ මෙහෙම ලියාගත්තේ... අත්දැකීමක් ලිවීමයි කතාවක් ලිවීමයි දෙවිදියකට කරපු මම දැන් කතාව ලියන්නෙ මට වුනා කියලා හිතාගෙන හරිම ලේසියි ගලපන්න...
Deleteහම්මේ අයියා කියපු අන්තිම පේලියනම් හදවතේ ඇතුලට කිඳා බැස්සා.. බයේ බෑ අප්පා.කියපු විදියට නම් අයියට සෑහෙන්න අත්දැකීම් ලැබිලා තියෙනවා වගේ... තාම මේ කාන්තා සංවිධානේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ... බයත් හිතෙනවා ඒ ගැනත්
බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට
mama hithanne naha me wage deyak wei kiyala.....kiyannath baha...kauda danne...e unata matanam hithena widihata oya kantha sanwidana kiyana ewaye pitipassse inneth pirimama thamai.....habai api wage podi podi aya nemei...maha parimanen owa wenawa...
Deleteඅදනෙ මේක කියවන්න හම්බුනේ.. මට මතක කියෙව්වා ව්අගේ.. හෆ්ෆටතිලි..
ReplyDeleteමල්ලි ඇත්තම කියන්නම්, ඔයට විද්‍යා ප්‍රබන්ධ ලියන්න එහෙම තියෙන්නෙ පුදුම හැකියාවක්.. මීට කලින් ඔයා ලියපු කතාවකුත් මට හොදටම මතකයි.. සුපිරිම සුපිරියි!!!!! මේකත් එසේමයි!!! 100%
ප.ලි-හික්ස්ස්.. ගැහැණූ ළ්මයි බ්ලොග් එක හැදුවෙනම් ආධිපත්‍ය පතුරුවන්න නෙවෙයි.. වෙනසකටත් එක්ක, ගැහැණු ළ්මයි ගැන, සහ ගැහැනු ළ්මයින්ට කතා කරන්නයි!!! එතන්දි කිසිම් විදිහකින් අපි ලිංග බේදයක් මවන්නෙ නෑ...:)
බොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවට... හිතුනා ලිව්වා විතරයි අක්කෝ ඕනෑම විදියකට හරෝලා ලියන්න පුළුවන් නිසා ලේසියිනේ මේවා ලියද්දි...
Deleteමම ඒත් බැලුවා සංවිධානේ කස්ටිය මේ පැත්තේ නැත්තේ මොකෝ කියලා.මම හිතුවෙම උස්සයිම කියලා මාව රෝස පාට වෑන් එකකින්... ඕගොල්ලෝ ඒ කරන වැඩේ වටිනවා අක්කෝ ඒත් ඒ ගැන දැනගත්ත ගමන්ම ඉතින් මීටර් වුනේ මැර සීන් එකක්නේ... කතාවක් පමණයි කාටවත් මඩ එහෙම ගැහුවේ නෑ හොඳේ... හැබැයි මඩ ගහනවනම් ඒකාධිපතිනිය කරන්ට ඕනේ පොඩි කුමාරිහාමි අක්කව තමා
ගැමියාගෙං තරියාටද විද්‍යා ප්‍රභන්ධ ගැන ගත යුත්තක් තිබේ...
ReplyDeleteඑල නියම කතාව..
ජය වේවා!!!!!
මා තවම නවකයෙකි... වැරදි ඇත්නම් පෙන්වා දෙනු මැනවි...
Deleteබොහෝම ස්තූතියි මචෝ කොමෙන්ටුවට
ලස්සන කතාවක්... එල.. දිගටම ලියන්න... 3 වෙනි කොටසත් කියෙව්වා. මට මතක් වෙන්නේ 3001 විද්‍යා ප්‍රබන්ධය... ප්රෑන්ක් පුල්...
ReplyDeleteහික්. අන්තිම පිරිමියා වෙන එකත් මාරම දෙයක් තමා
ReplyDeleteනියමයි සහෝ..!
ReplyDelete