ඈ යාවී පාවීලා.......
ලොව නිමක් නැති චාරිකා
දුවන සිත අද නැවතිලා
ඇස තෙමෙන්නේ
කඳුළු බිඳුවක
රහස අද මට වැටහිලා.....
නිදි නොවැද තුන් යම පුරා
සිතුම් සයුරක කිමිදිලා
පතක නොඇඳුණු
සිහින මාලිග
දෙස බලමි
හදවත දවා.....
සිතුවම්..... බොඳව
මා...... නෙත් අතැර
ඈ..... යාවි පාවීලා
මා මැව් විලස
ඇවිදින් ළඟට
යළි යාවි දුර ඇදිලා.....
හෙට යාවී මා දමලා....
ප/ලි
පොටෝව ගත්තෙ මෙතනින්
http://www.soapnights.com/wp-content/uploads/2012/10/empty-chair.jpg
මේ උඹ මැරුං නොකා ගෑනු ලෝකේ හිරකරු දානවද නැද්ද??????????
ReplyDeleteහම්මේ....
Deleteකොටසක් ලියලා තියෙන්නේ තව එකක් ලියලා දෙකම ලඟ ළඟ දෙන්නම් ඈ... දැන් සතියක් විතර තිස්සේ කල්පනා කලේ දානවද නැද්ද කියලා... මෙහෙම පරක්කු කරන එක අසාධාරණයක් නිසා එකලඟම දෙන්ටෝනනේ....
මටත් කියන්න තියෙන්නෙ තරියා කියපු එකම තමයි...
Deleteතරියෝ උඹ අත්දෙකෙන් අල්ල ගනින් , සෙන්නා උඹ කකුල් දෙක, මම මිරිකනවා මේකගේ බෙල්ල (අමානුෂික වැඩිද මන්දා)
Deleteමමත් අටමට හෙල්ප්ලු! :)
Deleteබ්ලොග් එක බලාගන්න බැරුව මාර කට්ටක් කෑවා දැන්නම් හරි කොමෙන්ටු වලට රිප්ලයි දෙන්න පුළුවන්
Delete@සෙන්නා
සමාව අයදිමි
කුමක් කරන්නද
ඉක්මනින් දෙනෝ පොඩිත්තක් ඉන්ඩෝ
----------------------------------------
@ අටම්පහුර
දැන් නම් සිරාවටම බය හිතෙනවා ඈ මම දැක්කා අටමා අයියා රජාවත් මිරිකන්ට හදන හැටි හම්මෝ..
----------------------------------------
@ අඩවි රජ
o_O
මට හෙල්ප් එකක් දුන්නනං බොට මක්වෙනවද??
මොකෝ මල්ලි බූට් එකක්වත් කෑවද?
ReplyDeleteඅපි ශ්‍රී ලංකා නිවුස්
හපොයි නෑ මේ චුට්ටක් අප්සට් ගහලා ඉද්දි ලිව්ව එකක්... ආදරී දුර ඉඳලා ළඟට ආවා ඒත් ආයේ දුරයි ආං ඒකයි
Deleteමේ පාවී පාවී ඉඳලා හරියන්නේ නෑ ගැමියා. අර කතාව ඉවර කරන්න කාලේ හරි
ReplyDeleteආ එහෙම එකක් මං ලිය ලිය හිටියනේ නේද දෙන්නං දෙන්නං වැඩි කලක් නොයවාම තව කොටසක් දෙන්නං
Deleteතව ටිකක් කල් ගත්තොත් කොටස් දෙකක් විතර දෙතෑකි අක්කේ මොකෝ කියන්නේ
කතාව ඉවර වෙන්න නම් තව කොටස් 4ක් 5ක්වත් යාවි අවම
මොකද මූට වුනේ ?
ReplyDeleteහෑ මේ මං ඉන්නේ යසට...
Deleteකතාවත් අමතක කරලා මේකා පා වෙනවද කොහේද?
ReplyDeleteකොම උනත් කවිය එල...
මදෑ අහගන්න දේවල් :D කතාවත් ලියනෝ තව ටික දවසකින් දානෝ
Deleteබොහෝම ස්තූතියි ඈ ඒක නෙමේ මේ දිනේෂ් අයියද මදාරා අක්කද ඈ
දෙන්නවම බලන්න සෑහෙන්න කාලෙකින් එන්න බැරිවුනානේ
එයා සරුංගලයක් වෙන්ට ඇති.:)
ReplyDeleteඕක තමා කාලෙකින් මේ පැත්තේ ඇවිත් නැත්තේ. පාවෙන උදවිය දිහා බලං ඉන්ට ඇති.:D
හපෝයි...
Deleteනෑ නෑ එයා සරුංගලයක් නෙමේ ඈ සුරංගනාවියක් කියමුද :P ටින්කර්බෙල් වගේ
පහුගිය ටිකේම නම් එහෙම වැඩ රාජකාරි ටිකක් යෙදුනා තමා එන්නංකෝ හිමින් සැරේ පරණ ට්‍රැක් එකට වැටෙන්න සෑහෙන්න අමාරුයි අප්පා කාලයක් ඈත් වෙලා හිටියම
මදැ ගැමිය කවි ලියන්න ගිහින් අහගන්න දේවල්....අරක ලියපියෝ
ReplyDeleteකියලා වැඩක් නෑ අප්පා වෙන කර්මාන්තයක් බලන්ට ඕනේ අර කතාව තව සතියක් ඇතුලත දානවමයි
Deleteස්තූතියි ඈ කොමෙන්ටුවට
විරහවෙ රහ රහටම ලියලා.... පොඩි වචන එකක් දෙකක් එහෙ මෙහෙ කරලා මම තාලේට කියෙව්වා..... ලස්සනයි!!!
ReplyDeleteහැබැයි පුතේ මම මේක කියෙව්වෙ දෙවෙනි පාරට.. පළවෙනි පාර දැක්කහම මලම පැන්න.. අර කථාව නොදා රෙද්දක් දාල කියලා
කවි ගැන කතා කරනවනං ඉතිං මී අයියා තමා හොඳම කෙනා
Deleteබොහෝම ස්තූතියි ගොඩයා අයියේ බැන බැන හරි කියවලා කොමෙන්ටුවක් දැම්ම එකත් ලොකු දෙයක්
කතාව මග එනෝ ඉවසන්න දරුවා ඉවසන්න තව සතියකින් ෂුවර්
එතෙක් සමාව අයදිමි
හික් හික් මුන් වෙනස් විදියට ඇවිදින්න දෙන්නෙම නෑ නේද ?
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
බෑ අප්පා හැමතිස්සෙම පාවෙනවනේ ඇයි දන්නෑ නේද??
Deleteලස්සනයි.
ReplyDeleteහැබැයි විද්‍යා ප්‍රභන්දේ ඉවර කලොත් හොදයි. දිගට ලියන්නකො ඒක......
බොහෝම ස්තූතියි මහවෙදනානෙනි
Deleteඅනිවාර්යෙන්ම ඒක ලියනවමයි දන්නැද්ද ඉතින් කාලෙකට එක එක ප්‍රශ්න එනවනේ ඔළුව උස්සගන්න බැරිවෙන තරමට
සතියක් ඇතුලත අනිවාර්යෙන් කතාවේ ඉතුරු කොටස දෙන්න පුළුවන් මම දන්නවා මේ පරක්කු කිරීමෙන් ලොකු අසාධාරණයක් වෙනවා කියලා අනේ ඒකට සමාවෙන්ඩෝ....
ඔය පාවි පාවි යන ඒව දිහා බලාඉන්නෙ නැතුව අර කතාව ලියහං හොඳ කොල්ල වගේ.
ReplyDeleteහරේ හරේ දැන් පාවෙලා ඉවරෝ කතාව ලියලා සතියකින් දෙනෝ
Deleteබොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට කතාව පරක්කු කිරීම ගැන සමාවත් අයදිමි
හ්ම්ම්ම ඈ යාවි... :(
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම් :(
Deleteදැන් උඹලා හැමෝම මෙහෙම කවි ලියන්න ගත්තාම අපි වගෙ පුරුතජ්ජනයට මොකද වෙන්නෙ?
ReplyDeleteඅනේද කියන්නෙ ඩූඩ්... මාත් අනාතයි... :-)
Delete@ඩුඩිතුමානනි
Deleteඒක තමා මාත් කල්පනා කලේ.කවියත් එක්ක කතාවකුත් දැම්මනං ප්‍රශ්නේ විසදෙනවා නේ???
----------------------------------------
@සෙන්නාතුමනි
නැත නැත නැත විසඳුම් අත ළඟ ඇත
මොකක්ද බන් වුනේ.
ReplyDeleteහලේ මන්දල්ලෑ අප්පා නිකං කාන්සියට කාන්සියට ආපු අප්සට් එකකට ලියවුණා වගේ :D
Deleteආහ් දැන් ගැමි මල්ලි කවි කාරයෙක් වෙලානේ.. හරිම ලස්සනයි..
ReplyDeleteහපොයි මට ඒ අහලකින්වත් ඉන්න බෑ අප්පා පොඩි ට්‍රයි පාරක් විතරයි ඉතින් බොහෝම ස්තූතියි අක්කේ
Deleteආ.... වරෙන්කෝ පාවෙලා!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එනවා තමා බොල මට පාවෙන කර්පට් එකක් තියෙනවා :P
Deleteඑසේම වේවා එසේම වේවා
මේ අයියො... පාවුනාට කමක් නෑ කටාව ඩානෝ....ගර්.....
ReplyDeleteහම්මේ දැක්ක කල් බොලාව.... කොහොමයි ඉතින්
Deleteඛථාව ඪාණෝ ඨිකක් ඊවසළා ඊණ්ඪෝ
ඔන්න ඔහේ ඕනෙ දෙයක් කියලා හිතාන ලියපු එකක් වගේ..
ReplyDeleteහරියටම හරි ඈ... මේක ලිව්වේ එහෙම අප්සට් එකක ඉන්න වෙලාවක නම් තමා :D :D
Deleteගැමියා කාලෙකට පස්සෙ... කොහෙද මාත් සෑහෙන කාලෙකට පස්සෙනෙ ලියන්න ගත්තෙ... ඉතින් සෑහෙන කාලෙකට පස්සෙ දෙකක් එකතු උනාම නොසෑහෙන කාලයක්... ඒ නිසා ඔය කියන කතාවෙ එක කොටසක්වත් තවම කියවන්න බැරි උනා... අද යන්න කියල මේ ඒ පැත්තෙ... පාඨක ප්‍රතිචාරවල හැටියට නියම කතාවක් වගේ... හැබැයි මේ කයිය නම් දැම්මෙ මොකැයි, මොකැයි කියල හිතෙනව...
ReplyDeleteමේං මියුරු අක්කා ආයෙම ඇවිල්ලා..... සන්තෝසයි සන්තෝසයි නොසෑහෙන්න සන්තෝසයි
Deleteඒ පැත්තේ එන‍්ටෝනා සෑහෙන කාලෙකින් එන්න බැරිවුනානේ මං හිතුවා බ්ලොග් අමතක වෙලා කියලා :P ඕං මම නම් මාසයයි නොලියා හිටියෙ හොදේ
ඒ කතාව නම් කොටස් සෑහෙන ගානක් ලිව්වා තව කොටසක් ලියලා තව ලියන්න වෙලාව හම්බුවෙනකන් මේ බලාගෙන ඉන්නේ
කයිය ලිව්වෙ නම් මොකැයි මොකැයි කියලා මටත් දැන් හිතෙනවා අක්කේ දන්නැද්ද ඉතින් වේදනාවක් ආපුවාම ඒක ටිකාක් හරි නැතිකරගන්න මං මෙහෙමනේ පුරුදුවෙලා ඉන්නේ :P
බොහෝම ස්තූතියි ඈ කොමෙන්ටුවට....
මලයො.. මොකෝ වුණේ..?
ReplyDeleteතනිකමෙන් ලියැවුණ කවියක් වගෙයි.. :)
පොඩි තනිකමක් පාළුවක් ආපු වෙලාවක ලිව්වේ අක්කේ හ්ම්ම්ම්ම් දැන් ඒ අවුල් විසඳිලා එලකිරි වගේ ඉන්නවා.... :D
Deleteදුක හිතිලද?
ReplyDeleteහ්ම්ම්ම්
Deleteහිතුණා හැබැයි දැන්නම් නෑ
අපි සන්තෝසෙන් ඉන්නේ දුක සෝකය නෑ දන්නේ.... :D
හ්ම් හ්ම්
ReplyDeleteගැහැණු ලොවක සිරකරු ඉතිරි කොටස් කවදද දාන්නේ ?
ReplyDeleteතව සතියක් ඇතුලත අනිවාර්යෙන් දෙනවා දෙනවාමයි ෂුවර්....
Deleteගැමියා සෑහෙන කාලෙකින්...උඹ ගෙට්ටුවට එනවා කියලා නෑවිදින් හිටියා නේද බොල... අර සිරකරු කථාව ඉවරද ?
ReplyDeleteනොවැලැක්වියම හැකි හේතුවක් ඉස්සර වුනා අප්පා
Deleteසමාව ඉල්ලන්න තියෙන හැම විදියකින්ම ඕං මං සමාව ඉල්ලනවා.... ඔය කිට්ටුවෙන්ම ආවා හැබැයි පවුල් පන්සල් එක්ක එන්න ඇහැකියෑ කියලා තමා නිකා හිටියේ.ලැජ්ජයි ලැජ්ජයි වගේ මෙව්වා එකක් ආවා....
සිරකරු කතාව මග එනවෝ.... තව සතියක් ඇතුලත දෙනවමයි
මේක නම් සින්දුවකට මරු..කෝ ඉතින් අපි කීවට සින්දු හදනවායැ..!!
ReplyDeleteහපොයි...
Deleteමෙව්වා කියන්න ගියොත් ලංකාවේ සංගීත කර්මාන්තෙත් ඉවරයි ගායකයොත් ඉවරයි :P
අනික ඉතින් ලියලා තියන් හිටියට කවුරුත් ඉල්ලන්නෙත් නෑ
කාට හරි දුන්නාම කියන්නෙත් නෑ
ඉතිං ඊට මීට වඩා පාඩුවෙ ඉන්න එක සැපයි කියලා හිතුනා අප්පා.... ඔයා කියනවනං ඉතින් දෙන්නං ෂුවර් මොකෝ කියන්නේ කියමුද??