Thursday, June 28, 2012

ගැහැණු ලොවක සිරකරු... 4 කොටස


මුල් කොටස් සඳහා
1 කොටස
2 කොටස
3 කොටස
**********************************************************************************

වර්ෂ 2020,ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකාව රැගත් ෂටලය ගුවන් ගත කිරීමට සුළු මොහොතකට පෙර......

මෙහෙයුම් මධ්‍යස්ථානයේ වූ කාර්ය මණ්ඩලය ලහි ලහියේ ගුවන් ගත කිරීමට අදාල දත්ත නැවත විශ්ලේෂණය කරමින් සිටින අයුරක් දක්නට ලැබුණි.සියළුම දෙනා ඉතාමත් කඩිසරව තමන්ගේ රාජකාරිය ඉටුකරනු දක්නට ලැබිණි.නමුත් මෙහෙයුම භාර ප්‍රධානියා සහ ඔහුගේ දෙවෙනියා පාලන මැදිරියේ නොවීය...


සියල්ල සැලසුමට අනුව සිදුවේවිද බණ්ඩාර....??”


ඔව් සර් බයවෙන්න කිසිම දෙයක් නෑ.මම පුද්ගලිකව ගිහින් තමයි අශාන්ගේ ශිශිරතරණ නින්දේ දත්ත සකස් කලේ.වසර 50ක් දක්වා කිසිදු ප්‍රශ්නයක් නැතිව ඔහුට නින්දේ ඉන්න පුළුවන් හෙහ් හෙහ්


මුළු මධ්‍යස්ථානයම වියරුවෙන් මෙන් ගුවන්ගතවීම සඳහා සූදානම් වන විට ඒ සම්බන්ධ ප්‍රධාන නිලධාරින් දෙදෙනා මධ්‍යස්ථානයේ තිබු වෙනම කුටියක සතුටු සාමිච්චියේ යෙදෙමින් සිටී.


මේ අනතුරින් අශාන් මියගියොත් ඊට ආදේශකයක් ලෑස්තිද?”


නෑ සර් අශාන් තමයි අපිට ඉන්න හොඳම පුද්ගලයා.එයාගේ මට්ටමට ලඟා වෙන මට්ටමේ කිසිවෙක් හොයාගන්න නෑ.මේ අනිත් ගගනගාමින් දෙදෙනා වෘත්තීය මට්ටමේ නිසා මං හිතන්නේ අශාන්ව බේරගන්න පුළුවන්.කැප්සූලය ගලවා ගන්න ලේසි වෙන්න හදලා තියෙන්නේ


අනිත් ගගනගාමින් දෙදෙනා පිළිබඳව අවසන් පියවරත් ගන්න ඇති නේද?”


ඔව් සර් ඔවුන් ඇත්ත දැනගත්තා හෝ නැතා ඒ දෙන්නගේ අන්තිම චාරිකාව මේක


මේක තමයි අපේ අන්තිම බලාපොරොත්තුව.සිද්ධවෙමින් පවතින දේවල් වල හැටියට අපි අසමත් වුනොත් ලොකු ප්‍රශ්නයක්....


ඔවුන් දෙදෙනා රූපවාහිනි තිරය මතට දෑස් යොමාගෙන සිටිනු දක්නට ලැබුණි.


***

ජෙට් යානයේ එන්ජිමක ඇතිවු ගින්නක් නිසා ජෙට් යානය ගින්නෙන් වෙලෙමින් පැවතුනි.ෂටලය හා ජෙට් යානය සම්බන්ධව ඇති කොටසද ගැලවී නොයාම නිසා ජෙට් යානයත් සමගම ෂටලයද සයුරටඉතාමත් වේගයෙන් පතිත වෙමින් පැවතුනි.ඒ සමගම ඉතා තදබල පිපුරමක් සිදු විය.නියමු අසුන් වලින් පිටතට පැමිණි දෙදෙනා ගිනි බෝල දෙකක් ලෙස සයුරට කඩා වැටෙනු දක්නට ලැබිණි...


***


අශාන්ගේ තත්වය කොහොමද??


මම ගලවා ගැනීමේ නිලධාරී අසන්ත කතා කරන්නේ...අශාන්ගේ කැප්සූලයට කිසිම අනතුරක් නෑ නමුත් ඔහුගේ ශිශිරතරණ පද්ධතියට සුළු හානි සිදුවෙලා තියෙනවා.ඒ එක්කම වටිනා ගගනගාමින් දෙදෙනෙක් අපට අහිමි වුනා....


බොහෝම ස්තූතියි අසන්ත... තව තොරතුරු ලැබුණාම මට දන්වන්න.මියගිය ගගනගාමින් දෙදෙනා ගැන ඒ පවුල් වලට දැනුම් දෙන්න...


තම අතවූ දුරකථනය විසන්ධි කල ප්‍රධාන නිලධාරී ජයග්‍රාහි මුහුණකින් සිය දෙවෙනියා වෙත බලා තම සතුට ප්‍රකාශ කිරීමට ඔහු වෙත අත දිගු කලේය.


මෙහෙයුම සාර්ථකයි බණ්ඩාර.....ජය වේවා.අපි යමු දැන් පාලන මැදිරියට

******************************************************************************


දැනට අපි කාටවත් හොඳ දැනුමක් නෑ මේ තාක්ෂණ කටයුතු සම්බන්ධව.මගේ පියාගේ සැලසුම් අනුව තමයි මෙතෙක් කල් අපි ක්‍රියාත්මක වුනේ.තව දුරටත් ඒ සැලසුම් ප්‍රයෝජනයට ගන්න අමාරුයි.තාක්ෂණික දැනුම අපිට ගොඩක් වැදගත්... ඒ වගේම ඔබ දැනගත යුතු විශේෂ කාරණාවක් තියෙනවා අශාන්


ඒ වචන පෙළ ඔහු පැවසූ ආකාරයට මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විනි.ඔහු මේ පැවසීමට යන්නේ කුමක්දැයි දැනගැනීමට මම ඔහුගේ මුහුණ දෙස එක එල්ලේ බලාගෙන සිටින්නට වීමි.ඔහුද කිසිවක් නොපවසා බලාගෙන සිටියා පමණි.මා නැවත ඒ ගැන ඔහුගෙන් විමසීමට සූදානම් වත්ම ඔහු සිය කටහඬ අවදි කරවීය.


ඔබ මෙය විශ්වාස කරන එකක් නෑ අශාන් නමුත්.....


ඔහු නැවත නිහඬය.


මොනාද ඔබ මගෙන් හංගන්න හදන්නේ.... මෙතන නාස්ති කරන්න වෙලාවක් නෑනේ ඉක්මන් කරලා කියන්න


ඔබ රැගෙන ගියපු යානයේ චන්ද්‍රිකාවක් තිබුනේ නෑ අශාන්.මුල ඉඳලම ඔබව රහසිගත අවියක් විදියට යොදාගත්තේ. චන්ද්‍රිකාව නිර්මාණයට ඔබේ සහයෝගය ගත්තෙත් ඔබේ දැනුම පිරික්සීමට ඔබ ඉහලින් සුදුසුකම් ලැබුවා එයින්.ඔබව අවශ්‍ය වුනේ අනාගතයට අශාන් අපේ විද්‍යාඥයින් දැනගෙන හිටියා මෙහෙම තත්වයක් උදාවීමේ බරපතලකම නමුත් මේ ක්‍රියාමාර්ගය ගන්නවා ඇරෙන්න ඔවුන්ට වෙන විසඳුමක් තිබුනේ නෑ.ඔබට මෙය විශ්වාස කරන්න අමාරු ඇති ඒත් මේක තමයි ඇත්ත….”


නෑහ්....... නෑ නෑ නෑ මේක වෙන්න බෑ.ඇයි මට මෙහෙම කලේ.....ඇයි මටම මෙහෙම දෙයක් කලේ.මේ තරම් දරුණු වෙන්නේ කොහොමද මිනිස්සු

මේක කීපදෙනෙක් නිසා ගත්ත තීරණයක් නෙමෙයි අශාන් තේරෙනවනේ දැන් අපි පත්වෙලා ඉන්න බරපතල තත්වය.ඔයාව මේ දක්වා ආරක්ෂා කරන්න අපි ලොකු කැපකිරීමක් කලා.ඔබත් එක්ක ගිය ගගනගාමින් දෙන්නගේ ඉඳලා ඔයා ගැන දන්න හැම කෙනෙක්ම ඔයා වෙනුවෙන් දිවි පිදුවා.මගේ මල්ලි පවා....

බිම ඉඳගෙන හිස මත දෑත් තබාගෙන සිටි මා ඔහු දෙස වහා නෙත් යොමුකලේ ඔහුගේ මල්ලි පවා මා වෙනුවෙන් දිවි පූජා කල අයෙක් බව ඇසුණු නිසා...

ඔයාගේ මල්ලි කොහොමද මං වෙනුවෙන් ජීවිතය පූජා කලේ.....??”

ඇත්තටම අශාන් එය ජීවිත පූජා කිරීමක්ම නෙමෙයි.අපි මෙතනට එනකන් කතා කර කර එද්දි ඔයාට මතකද මම ඔත්තුකරුවෙක් ගැන කිව්වා.....

ඔව් හොඳටම මතකයි මම ඒ ගැන අහන්න හිටියේ... ඒ ඔත්තුකරු ඔයාගේ මල්ලිද??

ඔව් අශාන් ඒ මගෙ මල්ලි තමයි.නමුත් ඔහුට ඔත්තුකරුවෙක් කියනවද ඔත්තුකාරියක් කියනවද කියලයි මම කල්පනා කලේ......

ඒ ඔයාගේ මල්ලි නම් ඔහු ඔත්තුකාරයෙක් විදියටනේ හඳුන්වන්න ඕනේ.....

ඔව් මගේම මල්ලි තමයි.ඔහු දැන් කාන්තාවක්........

ඒ කොහොමද?? එයාලා ම්ල්ලිව අල්ලාගෙන ගැහැණියක් කලාද??”

නැහැ අශාන්.... මගේ පියා මීට වසර 20කට කලින් ඔහුට අවුරුදු 25 වෙද්දි සේරම පැහැදිලි කරලා දීලා ඇහුවා මෙයට ලෑස්තිද කියලා.ඔහු කැමතිවුනා ඒ අවදානම බාරගෙන මුළු ජීවිත කාලයටම ගැහැණියක් ලෙස ගෙවන්න.... ඔහු සෑහෙන්න සැත්කම් රාශියකින් පස්සේ ඉතාම සුරූපි හුරුබුහුටි කාන්තාවක් බවට පත්වුනා.ඔහු පොරොන්දු වුනා ජීවිත කාලය පුරාවටම අපිට තොරතුරු ලබා දෙන්න.....  ඔබව මුදාගන්නා මෙහෙයුමට කලින් තමා ඔහු අවසන් වරට අපිත් එක්ක සම්බන්ධ වුනේ.ඒ මොහොතේ ඉඳලා තාම ආරංචියක් නෑ....

මා මොවුන්ගේ අවසාන බලාපොරොත්තුව බව මට වැටහුණි.නැගී සිටි මා පෙරට වඩා වැඩි ජීවයකින් ඔහු වෙතට ගොස් ඔහුගේ පිටට තට්ටුවක් දැමුවේ ඔහුගේ මුහුණේ වූ දුක සහ වේදනාව දුරලීමේ අරමුණින්.

යං අපි මේක කරමු.....

ඔහු ඉතාමත් සිනහ මුසු මුහුණින් යුතුව එය අනුමත කලේ සියළු දුක් දෝමනස්ස නොතකමින්.දෙදෙනා එක්ව අපගේ මුදාගැනීමේ යානය වෙතට ඇදුනේ එය ක්‍රියාත්මක තත්වයට කෙසේ හෝ ගන්නවා යන අරමුණින් යුතුවයි.



ඒ යානය පෙරදී මම බිම්ගෙයි කුටියේ දුටු ආකාරයේ යානයක්.අර්ධ කවාකාර හැඩයකින් යුත් එහි ප්‍රධාන එන්ජිම යානාවේ හරි මධ්‍යයේ පිහිටා තිබුනා.මා එය පරික්ෂා කිරීමට ගත්තේ විශ්මය පිරි දෙනෙතින්.ඉතාමත් කුඩා මේ එන්ජිම මගින් යානාවට අවශ්‍ය බලය ලැබේදැයි පවා සැකයක් ඇතිවුනේ නිරායාසයෙන්.ඔහු මා හට යානයේ සැලැස්ම ලබා දුන් පසු මා ඉතා අවධානයෙන් එය පරික්ෂා කරනු ලැබවේ මෙහි සිද්ධාන්තය කුමක් දැයි අවබෝධ කරගැනීමටයි....

මුළු යානාවටම අවශ්‍ය බලය ලබාගන්නේ ඒ ඒ අවස්ථාවේ ඇති ශක්ති ප්‍රභවයන් භාවිතයෙනුයි.සූර්යකෝෂ භාවිතයෙන් යානාවට අවශ්‍ය මූලිකම ශක්තිය ලබාගන්නා අතර ඉන් පසු වරින් වර එහි ශක්ති ප්‍රභවයන් වෙනස් කරමින් වායූගෝලයේ වූ වායූන්ගෙන් සහ ජලය මගින්  පවා එන්ජිම ක්‍රියාත්මක කල හැකිවන සේ සකසා තිබුනා.

තව දුරටත් අධ්‍යනයේදි මට සිනහවක් මතුවූයේ මෙම සැකැස්ම අප විශ්ව විද්‍යාලයේ සිටියදි පරික්ෂා කරමින් සිටි ආකෘතියක් බව වැටහීම නිසායි.යානය ගුවන් ගත වෙනුයේ  ප්‍රතිගුරුත්ව(anti-gravity)* තාක්ෂණයෙන්.ඒ සමයේ ඉතා විශාල වශයෙන් අසාර්ථක වූ සංකල්පයක් නැවත සාර්ථකත්වයට පත් කරගත්තේ කෙලෙසදැයි මා හට ඉතා විශාල කුතුහලයක් වූවා.

සාර්ථතකත්වයේ රහස මා හට වැටහුනේ යානාවේ සංයුතිය පිළිබඳ විමසා බැලූ විටදීයි.යානාවේ පිටත ව්‍යුහය සම්පූර්ණයෙන්ම සකසාගෙන තිබුනේ පෘථිවියේ ඉතා දුලබ ලෝහ වර්ගයකින්.එන්ජිමෙන් නිකුත් වන බලයෙන් යානාවේ පිටත ව්‍යූහයම ආරෝපණය වී ගුරුත්වයට විරුද්ධ බලයක් ක්‍රියාත්මක වීමෙන් යානාව එක ක්ෂණයකින් ගුවන් ගත කල හැකිවාක් මෙන්ම ඕනෑම මොහොතක ගමන් කරන දිශාව වෙනස් කිරීමටද හැකියාවක් මේ යානාවට තිබෙන බව මා වටහා ගත්තා.යානයේ කවාකාර හැඩය එයට උපයෝගි කරගෙන තිබුනා.මා කුඩා කල අසා තිබු පියාඹන පීරිසියක හැඩයත් මේ හා සමානයි.

යානාව ක්‍රියා විරහිතව ඇත්තේ එන්ජිමෙහි දෝෂයකින් නිසා නොවන බව මා හට සැක සිතුණු බැවින් මම මා සමග පැමිණි පුද්ගලයාගෙන් ඉල්ලා සිටියේ යානයේ පිටත ආවරණය ඉවත් කර දෙන ලෙසටයි.ඔහු මාගේ ඇරයුමෙන් ඒ සඳහා විධාන අසල සිටි පුද්ගලයන්ට ලබා දෙනු ලැබුවා....

***

මා පැය දෙකකට අධික කාලයක් යානයෙහි තාක්ෂණික ගැටළු නිවැරදි කිරීමේ යෙදී සිටියා.එක් වරම බිම්ගෙය තුලින් පැමිණියේ කැරලිකාර සඟයෙක්.... ඔහු කෑ ගසමින් අප සිටි දෙසට දිව ආවේ ඉතාමත් කලබලයෙන්.

උන් එනවා.... උන් එනවා... සර් ඉක්මන් කරන්න.....

අපි හිතුවට වඩා උන් ඉක්මන් වෙලා.අශාන් ඔයාට තව කොච්චර වෙලාවක් යනවද???

තව පැය බාගයක් දෙන්න මෙතන පෑස්සුවට පස්සේ අපිට යානය එකලස් කරගෙන යන්න පුළුවන්.

හරි අශාන්.... සේනක දැන් කොයි හරියෙද ගැහැණු හමුදාව.

අනික් පැත්තේ ඇතුල්වීමේ දොරටුවට පහරදෙනවා සර්.වැඩි වෙලාවක් යන්න කලින් එතන කඩාගෙන එයි අපිට ඉක්මන් කරන්න වෙනවා....

හ්ම්ම් ඒකත් එහෙමද.එහෙනම් කරන්න දෙයක් නෑ.මම එයාලව ප්‍රමාද කරන්නම් අශාන් යානය එකලස් කරපු ඔයාලා පිටත් වෙන්න.පැය බාගයකින් මම එන්නම් මම නාවොත් මං එනකන් ඉන්න එපා...   
අශාන්... බොහෝමත්ම ස්තූතියි ඔබට.... එහෙනම් සුභ ගමන්...

සර් පොඩ්ඩක් ඉන්න.... මාත් එනවා.සර්ට තනියෙන් එයාලත් එක්ක හැප්පෙන්න බැරිවෙයි.....

යමු සේනක.........

පොඩ්ඩක් ඉන්න.......

ඇයි අශාන්......

කරදරයක් නැතිව ආයේ එන්න.....

හෙහ් හෙහ් හෙහ්.... 

සිනාසුනු ඔහු බිම්ගෙය තුලින් නොපෙනී යනතුරු මා බලාගෙන සිටියේ මහළු වුනත් හදවතින් තරුණ ඔහුගේ  නායකත්වයේ උතුම් ගුණය ගැන ආඩම්බර වෙමින්.මෙතනින් බේරි පලායාමට ඔහුට හොඳ හැටි අවස්ථාව තිබුණත් අප සියල්ල උදෙසා ඔහු විසින්ම හමුදාව ප්‍රමාද කිරීමේ සියතට පවරා ගෙන ඒ සඳහා පිටත්වූ ඔහු මගේ දිවියේ වීරයෙක් ලෙසින් හැමදාටම තැන්පත් වනු නොඅනුමානයි.

මා ඉතා කඩිනමින් යානයේ එකලස් කිරීමේ කටයුතු කරන්නට වූයේ හිතට දැනෙන්නට වූ භීතිය නිසාවෙනි.එකලස් කිරීමේ කටයුතු අන්තිම අදියරේ පැවතුනි.එක්වරම පිපුරුම් හඬක් ඇසුනේ බිම් ගෙයි විවරය අසලින්.මා සියළු දෙනාටම යානයට ඇතුළු වන ලෙස අණ දුන්නේ යානය ක්‍රියාත්මක කර ඕනෑම මොහොතක ගුවන්ගත වීමට සූදානමින් තබාගෙන යානයේ අවසන් එකලස් කිරීම් නිම කිරීමටයි....

එක්වරම බිම්ගෙයි විවරයේ වහලය කඩාගෙන වැටුනේ අප සිටි ගුහාවම දූවිල්ලෙන් වසාගනිමින්.....

අශාන්.......... ඒ සේනකගේ කටහඬයි.මම ගැහෙන හදින් යුතුව වහා ඔහුගේ හඬ ඇසුණු පෙදෙසට දිව ගියෙමි.

~~මතුසම්බන්ධයි~~


ප/ලි

ගිය කොටසේ වෙච්චි අඩුපාඩු හැදෙන්නත් එක්කම මේ කොටස ගොඩක් කලින් ලිව්වා.මේකෙත් ගුණ දොස් විචාර හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනවා.විද්‍යාත්මක කරුණු දැක්වීමේදි විකිපීඩියාවේ ලින්කු දාලා තියෙනවා.නමුත් විද්‍යාත්මකව නොදන්නා මගේ සංකල්ප දැක්වීමේදි නම් එහෙම ලින්කු දාලා නෑ.මොකද විද්‍යාත්මකව ඒ සංකල්ප කොතරම් නිවැරදිද කියලා නොදන්නා නිසයි එහෙම කලේ....

මුල් පින්තූරය ගත්තේ මෙතනින් http://history.nasa.gov/SP-4001/images/fig28.jpg
දෙවැනි පින්තූරය නම් මම ඇඳලා පොටෝවක් ගහලා දැම්මේ...


Monday, June 25, 2012

ගැහැණු ලොවක සිරකරු... 3 කොටස


මුල් කොටස් සඳහා
ගැහැණු ලොවක සිරකරු...1කොටස
ගැහැණු ලොවක සිරකරු...2 කොටස


මුලින්ම ටෙලිපෝර්ට් කරපුවාම අපිටත් ඔහොම දැණුනා තව ටිකකින් ඕක ඇරිලා යයි....

ඉබේම මා ඇඳ මත ඉන්දවුනේ ඒ ඇසුනේ පිරිමි කටහඬක් නිසාවෙනි.අඳුර අතරින් ඇදෙන ඡායාවක් මා දුටුවේ එවිටයි......

පනස් විය ඉක්මවූ පිරිමි පුද්ගලයෙකු අඳුර අතරින් මතුවුනි.එක්වරම උපන් භීතියකින් මම ඇඳෙන් බැස පලායාමට තැත් කරන්නට වීමි.නමුත් මා හට වැඩි දුරක් ගමන් කිරීමට නොලැබිණි.ශරීරයට දැනෙන්නට වූ වෙහෙස නිසාවෙන්ම මා අසල වූ මේසයක්ද පෙරලාගෙන බිමට ඇද වැටිණි.වෛද්‍යවරිය පැවසූ වදන් මොහොතක් සිත තුල දෝංකාර දෙන්නට විය...

කොයිම වෙලාවකවත් මෙතනින් එළියට යන්න හිතන්න එපා....මොකද පිටස්තර ලෝකය පෙර තිබුණාට වඩා වෙනස්...  සමහරවිට ඔබට ජීවිතයෙන් වන්දි ගෙවන්නට වේවි....

මා අපමණ භීතියකින් පෙලෙන්නට විණි.ඔහු මා වෙත පැමිණ මා වත්තම් කරගෙන ගොස් ඇඳ මතින් වාඩි කරවූයේ වෛද්‍යවරිය පැවසූ අන්දමේ කිසිදු ජීවිත තර්ජනයක් නොහඟවමින්.ඉතා අපහසුවෙන් හුස්ම ගනිමින් ඔහු කුමකට සැරසෙන්නේදැයි මා අවධානය යොමු කරගෙන සිටි නමුත් ඔහු කිසිදු කලබලයකින් තොරව ඇඳ අසල වූ පුටුවෙහි ඉඳගත්තේ සාමකාමි අයුරකිනි.

උඹ කවුද........?? මගෙන් මොනවද ඕනේ උඹලට……..??” දරාගත නොහැකි වූ මානසික පීඩනයකින් මම කෑ ගසන්නට වීමි.නමුත් ඔහුගෙන් කිසිදු පිළිතුරක් නොලැබුණි.

මාව මරන්න ඕනෙනම් දැන්ම මරපල්ලා.....

පුතාට දැනෙන වෙහෙස මහන්සිය ගැන මම දන්නවා.දැන් චුට්ටක් නිදාගන්නකෝ එතකොට සේරම හරියයි.අපි හෙට කතා කරමුකෝ නිවාඩු පාඩුවේ...

බලාපොරොත්තු නොවූ තරමේ සංයමයකින් ඔහු දුන් පිළිතුරින් මා සෑහීමකට පත් වුණි.ශරීරයට දැනෙන විඩාව මෙන්ම වේදනාව නිසාම මා ඇඳේ වැතිරුණේ නින්දක අපේක්ෂාවෙන්....
*********************************************************************************
අශාන් රැඳී සිටි රෝහල වටා කාන්තා සෙබලියෝ විශාල පිරිසක් ආරක්ෂක සේවයේ යොදවා සිටිනු දක්නට ලැබුණි. පර්යේෂණ කණ්ඩායම් රෝහලේ කැමරා පද්ධති හා ටෙලිපෝර්ට් උපකරණ සෝදිසියේ නිරත වූ අතර ප්‍රධාන වෛද්‍යවරිය ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය අමතා ආරක්ෂක නිලධාරිණියක් උපදෙස් දෙමින් සිටියාය.

දැනට දැනගන්න ලැබුණු දත්ත වල හැටියට රෝහලේ කාර්ය මණ්ඩලයේම කවුරුන් හෝ කැරළිකරුවන්ට සහයෝගය දක්වලා තියෙනවා... ඒත් ඒ කවුද කියලා අපිට හොයාගන්න තාම බැරිවුනා.සොයාගත්තොත් ලැබෙන දඬුවම බොහෝම වේදනාකාරී වෙයි ඒ නිසා ඒ වරද භාරගන්න කෙනෙක් ඉන්නවනම් මම සුළු කාලයක් ලබා දෙන්නම්.....

වෛද්‍යවරියන් මහා කසු කුසුවක නිරත වන්නට විය.

දැනට ගන්න ආරක්ෂිත පියවරක් විදියට සියළුම රහසිගත කේත පද්ධතීන් වෙනස් කරන්න අපිට අණ ලැබිලා තියෙනවා.විද්‍යාගාර වලට ඔබලා ඇතුල් වීමේදි එහි අප යෙදවූ සෙබලියන් විසින් ඔබව පරික්ෂා කරනු ඇති.නැවත අශාන් සොයාගන්නා තුරු මෙය ක්‍රියාත්මකයි….. ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනගපු මේ ජනපද කාන්තා ඔබම පාවා නොදෙනු ඇතැයි මා විස්වාස කරනවා... දැන් ඔබලාට යන්න පුළුවන්.
*********************************************************************************
දිගු නින්දක් අවසානයේ අවදිවූ මාගේ ශරීරය නැවත ප්‍රකෘති තත්වයට පැමිණ ඇති බැව් මා හට වැටහිණි.පෙරදා මා ඉදිරිපිටට පැමිණි පුද්ගලයා අසලක නොවූයෙන් මම ඇඳෙන් බිමට බැස ඇවිදින්නට වීමි.ආලෝකයක් මා සිටි කුටිය තුලට වැටුනද නිරතුරු ඇසුණු වතුර බිඳිති වෑස්සෙන හඬ යම් තරමක ගුප්ත ස්වාභාවයක් මතුකරන්නට විය.මා සිටි කුටිය දොරක් රහිත වූවක් නිසා කුටියෙන් ඉවතට පැමිණීමටත් කිසිදු ආකාරයකට බාධාවක් නොවීය.මා සිටින්නේ බිම් ගෙයකදෝ යන අදහස සිත තුලට පිවිසියේ කුටියෙන් පිටත බිත්තිවල වූ තෙත ස්වාභාවය නිසාමයි.

අඩ අඳුරේ වූ මාර්ගය ඔස්සේ මා පියනගන්නට වූයේ පෙරදා හමුවූ පුද්ගලයා හමුවේය යන අපේක්ෂාවෙන්.විශාල ප්‍රමාණයේ ගබඩා සංකීර්ණ යැයි සිතිය හැකි කුටි රාශියක් මා යන මග දෙපස විණි.එක්වරම මා පසු කල කුටියක වූ යම්දෙයක් මාගෙ ගමන අඩාල කරවීමට සමත් විය. ඒ කුමක්දැයි පිරික්සීමට ඒ කුටිය තුලට යාමට මම තීරණය කලෙමි.එම කුටිය තුල විසිරී පැවතුනේ විවිධ ආකාරයේ අබලි ද්‍රව්‍යය රාශියකි.ඒ අතර ගුවන් යානා වැනි අමුතුම ආකාරයේ යානා කිහිපයක්ම දක්නට ලැබුණි...

එහි වූ යානයක් වෙත ළඟා වූ මා එහි වූ ලාංඡනය පිසදැමුවේ එය මත රැඳී තිබූ දූවිලි නිසා එය හරිහැටි දැකගත නොහැකි නිසාවෙන්.මා පුදුමයට පත් කරවමින් දූවිලි අතරින් මතුවූයේ මා අභ්‍යාවකාශගත වන සමයේ ජනප්‍රියව පැවති මෝටර් රථ නිෂ්පාදනය කරන්නන්ගේ ලාංඡනයකි.නිෂ්පාදිත වර්ෂය 2120 ලෙස සඳහන්ව තිබිණි....

දැන් කොහොමද ඇඟට......??

එක්වරම ඇසුණු කටහඬ නිසා මා තිගැස්සුණු නමුත් ඒ කටහඬ පෙරදින මා ඉදිරිපිටට පැමිණි පුද්ගලයාගේම බව හඳුනාගැන්මට මා සමත්වුණා.

මේ යානය ගැන මොකද හිතෙන්නේ...

මම.....  මම හිතුවේ කවුරුවත් රථ වාහන පාවිච්චි කරන්නේ නෑ කියලනේ..... ඒත් මේ....

රථ වාහන පාවිච්චිය නැවතිලා වැඩි කාලයක් නෑ වැඩිම උනොත් අවුරුදු 20ක් විතර වෙයි සම්පූර්ණ පාවිච්චිය නැවතිලා... 2100 වර්ෂයේ මැද භාගේ විතර වෙද්දි තමයි ටෙලිපෝර්ට් තාක්ෂණය අත්හදා බලන්න ගත්තේ.ඒ ක්‍රමය ටික ටික පාවිච්චියට අරගෙන මේ වෙනකොට සම්පූර්ණයෙන්ම මේ වාහන භාවිතයෙන් ඉවත් කරලා තියෙන්නේ.....

ඒත් මේකේ නිෂ්පාදිත වර්ෂය 2120 නේ....??

ඔව් ඔබ හරි ඒ වෙද්දිත් ටෙලිපෝර්ට් තාක්ෂණය ගැන විශ්වාස නොතියපු නිෂ්පාදකයින් ඒ තාක්ෂණයට අභියෝග කරන්න නිපදවපු අවසන් නිෂ්පාදනය තමයි මේ.නමුත් අවාසනාවට මේ කිසිම යානයක් මේ වනවිට ක්‍රියාත්මක තත්වයේ නෑ.ඒ වගේම මේ යානා අළුත්වැඩියාවට දැනුමක් ඇති කවුරුවත් හොයාගන්නත් නෑ....

ටෙලිපෝර්ට් තාක්ෂණය තියෙද්දි වාහන අවශ්‍ය නෑ මං හිතන්නේ...

එහෙම හිතන්න බෑ අශාන්..... දැන් අපි ඉන්න තත්වයේ හැටියට මම හිතන්නේ ටෙලිපෝර්ට් තාක්ෂණය පාවිච්චි කිරීම හීනයක් විතරයි....

ඒ මොකද ඒ

තව දුරටත් අපි භාවිතා කරපු කේත ටෙලිපෝර්ට් කරන්න භාවිතා කරන්න බෑ.අපේ ඔත්තුකරුවෙක් මේ වෙනතුරු දීපු දත්ත අනුව තමයි අපි ක්‍රියාත්මක වුනේ.ඔබ ඉන්න නියම ස්ථානයට යන්න අවශ්‍ය සියළු තොරතුරු අපට ලැබුනේ එහෙමයි.... ඒ වගේම.. ඔහුගේ කතාවට මම බාධා කලෙමි

ඔත්තුකරුවෙක් කියලද ඔබ කිව්වේ??????

ඔත්තුකරු ගැන කතාව ගොඩක් සංකීර්ණ කතාවක් ඒ ගැන පස්සේ වෙලාවක කියන්නම්.දැන් අපිට ඉක්මනට මේ ස්ථානයෙන් පිටවෙන්න තියෙනවා.අපි ටෙලිපෝර්ට් තාක්ෂණය භාවිතා කරපු නිසා අපේ මේ සැඟවුම් ස්ථානය මේ වෙනකොට අනාවරණය වෙලා ඇති.මෙතන රැඳී ඉන්න එක අනතුරුදායකයි

ඒත් අපි කොහොමද පිටවෙන්නේ?? ටෙලිපෝර්ට් තාක්ෂණය පාවිච්චි කරන්නත් බැරිනම් යන්න වාහනයකුත් නැත්තම් පියාඹගෙනද යන්නේ??

ඔබේ උදව් ලැබුනොත්...... පියාඹන්න බැරි නෑ

ඔහුගේ ඒ ප්‍රකාශය මා මවිත කරවන්නට සමත් විය.පියෑඹීම කෙසේ වෙතත් පියාඹන්නට මගේ උදව් අවශ්‍ය කෙසේදැයි සිතමින් මම ඔහු සමග පියමනින්නට වූවා..

එච්චර කල්පනා කරන්න දෙයක් නෑ අශාන්.අපි තව සුළු මොහොතකින් අදාල ස්ථානයට යනවා එතකොට මම සියල්ල පැහැදිලි කරන්නම්.එහිදි ඔබට අපේ අනික් සගයන් මුණ ගැසෙන්නත් පුළුවන්.....

අනික් සගයන්............???

හෙහ් හෙහ් හෙහ්....  අපි නැතුව කොහොමද ගැහැණු විතරක් ඉන්න ලෝකයක් වුනත් පවත්වාගෙන යන්නේ...?? හෙහ් හෙහ් හෙහ්....

මට පැහැදිලි මදි?? මොකක්ද ඒ කතාවේ තේරුම???

අශාන් ඔබට නිකමටවත් හිතුනේ නැද්ද ගැහැණු දරුවන් විතරක් උපදින්නට හෝ ශුක්‍රාණු අවශ්‍යයි කියලා?? තවමත් ශුක්‍රාණු වෙනුවට ආදේශකයක් ඔවුන්ට නෑ....

එය ඇසීමෙන් මා ඉමහත් සතුටකට පත් විය.නමුත් වෛද්‍යවරිය මෙවන් සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරන්නට ඇත්තේ මන්දැයි තවමත් මා හට සිතාගත නොහැක.තව දුරටත් මේ ජනපදයේ සිරගත පිරිමින් නොමැති නිසා ඔවුන්ට අවැසි ජාන මාගෙන් ලබාගැනීමට අදහසක් තිබෙන්නට ඇතැයි මම උපකල්පනය කලෙමි.

ඇත්තෙන්ම මට හිතාගන්න බැරිවුණා.... ඒත් තව සෑහෙන්න පිරිමින් ඉතිරිව ඉන්නවද ඒ කියන්නේ

ලෝකයේ පුරාම අපි වගේ පිරිමින් කිහිප දෙනෙක් ඉතිරිව ඉන්නවා.මුලින්ම ඔවුන් ඔවුන්ගේ කාන්තා ජනපද පිහිටුවද්දි ජාන ශක්තිමත් පිරිමින් අතලොස්සක් වෙනම කඳවුරක රඳවා තබා ගත්තා.ඔවුන් මුලින් කිව්වේ පිරිමි පුද්ගලයින්ගේ ආරක්ෂාවට මෙසේ කඳවුරක රඳවනවා කියලා.ඔවුන් ඔවුන්ගේ විද්‍යාගාර සඳහා ජාන එකතුකරගත්තේ එහෙම.වාසනාවකට මගේ පියා මේ කඳවුරු වල මුල්ම පදිංචි කරුවෙක්.ඔහුගේ මූලිකත්වයෙන් ඇරඹුනු නිදහස් සටන නිසා තමයි අපි අතලොස්සක් මෙහෙම බේරුනේ.... ඒ වනවිට මගේ මව ස්ත්‍රී ජනපදයේ ගැබිණියක්.පියාගේ නිදහස් සටන අවසානයේ මගේ මවත් සහ තවත් කාන්තාවන් කිහිප දෙනෙකුත් නිදහස් කැරළිකරුවන් සමග ඇවිත් තියෙනවා.ඒ නිදහස් සටනේ අනිකුත් පුද්ගලයන්ට දාව ඉපදුණු දෙවන පරම්පරාව තමයි මේ වනවිට ඉතිරිව ඉන්නේ...

ඇත්තෙන්ම මා මේ පුද්ගලයාට ණයගැතිය.කල්පනා සයුරක ගිලෙමින් මා ඔහු සමග ගමනේ යෙදිණි.ස්වල්ප වේලාවකින් ඔහුගේ හඬින් මා නැවතත් පියවි ලෝකයට පිවිසුණි....

මෙන්න අපේ ගමනාන්තය.......

ඔහු දෑත් දිගුකල දෙසට මම නෙත් යොමුකලෙමි.අදහාගත නොහැකි තරම් මනස්කාන්ත දර්ශනයක් මා නෙතු අබියස පෙනෙන්නට විය.අපේ ගමන් මග කෙලවර වී තිබුනේ මනරම් කඳු යායක් දර්ශනය ගුහා කෙලවරකිනි.මෙතෙක් වෙලා අප ගමන් කර තිබුනේ කන්දක් තුල ඉදිකරන ලද උමං මගක බව මා හට වැටහුනේ එවිටයි... 

ඉතාමත් පැතලි වහලයක් සහ ඉතාමත් පටු ගුහා කට නිසා ගුවනින් පැමිණෙන්නෙකුට මේ ස්ථානය කිසිසේත්ම දැකගත නොහැකි වෙතැයි මට සිතිණි.නමුත් මා සමග පැමිණි පුද්ගලයා පැවසූ පියෑඹීම පිළිබඳ මතකයට පිවිසුණු වහාම මා ඉබේම වෙව්ලන්නට ගත්තේ නිතැතිණි.කුමක් හෝ හේතුවක් නිසා මෙතනින් පැනීමක් පිළිබඳව මොහු පැවසුවාදෝයි මට සිතිණි.එය එසේනම් මා හොඳ සිහියෙන් සිටින තාක් එයනම් සිදුනොවනු ඇත.

ඔබේ උදව්වෙන් මේක හදාගන්න බැරිවුනොත් අනිවාර්යෙන්ම ඔතනින් පල්ලෙහාට පනින්නම වෙනවා....

ඔහුගේ හඬින් පිටුපස හැරුණු විට මා හට දක්නට ලැබුණේ  ඉතා විශාල යානයක් සහ එහි කොටස් සවිකරමින් සිටි පිරිසකි.

ඇයි මේ තරම් පරක්කු වුනේ මේ යානය කලින් හදාගන්න තිබුනනේ....

අපි මේ තත්වය බලාපොරොත්තු වුනේ නෑ අශාන්.අපි හිතාගෙන හිටියේ ඔබව මුදා ගැනීම අවසන් අදියර විදියට ක්‍රියාත්මක කරන්නයි අපිට ඊට වඩා වැදගත් කමක් තිබුනේ විද්‍යාගාර වල ඉන්න අපේ සහෝදරයෝ බේරගෙන විද්‍යාගාර ජාලයට ප්‍රහාරයක් එල්ල කරන්න.ඒත් ඔබවත් පර්යේෂණ සඳහා කඩිනමින් ගන්න තීරණය කරපු නිසා ඔබව මුදාගැනීමට ප්‍රමුඛතාවයක් අපිට දෙන්න වුනා.

ඇයි මාව බේරගන්න එක මේ තරම් වැදගත් වුනේ??

දැනට අපි කාටවත් හොඳ දැනුමක් නෑ මේ තාක්ෂණ කටයුතු සම්බන්ධව.මගේ පියාගේ සැලසුම් අනුව තමයි මෙතෙක් කල් අපි ක්‍රියාත්මක වුනේ.තව දුරටත් ඒ සැලසුම් ප්‍රයෝජනයට ගන්න අමාරුයි.තාක්ෂණික දැනුම අපිට ගොඩක් වැදගත්... ඒ වගේම ඔබ දැනගත යුතු විශේෂ කාරණාවක් තියෙනවා අශාන්

ඒ වචන පෙළ ඔහු පැවසූ ආකාරයට මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විනි.

~~මතුසම්බන්ධයි~~

  
ප/ලි

මේ කොටස ලියන්න ටිකක් කල් ගියා ඒකට සමාව අයදිනවා හැමෝගෙන්ම.කලින් කොටස් වලට වගේ මේ කොටසෙත් වැරදි අඩුපාඩු පෙන්නලා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

Friday, June 15, 2012

ගැහැණු ලොවක සිරකරු... 2 කොටස



මුල් කොටස කියවලා නැත්තම් මෙතනින් යන්න.... ගැහැණු ලොවක සිරකරු 1 කොටස

******************************************************************************


වර්ෂ 2020,ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකාව රැගත් ෂටලය ගුවන් ගත කර සුළු මොහතකින් පසු......


සැම අතම විදුලි කාන්දු වීම්ද ඇති අතර අනතුරු හැඟවීමේ නලාද වාදනය වෙමින් පවතී.ගගනගාමින් දෙදෙනෙක් යානයේ ශිශිරතාරක පද්ධතියෙන් අශාන්ව පිටතට ගැනීමේ ප්‍රබල උත්සහයක නිරත වෙමින් සිටින නමුත් ඔහු සිහිසුන් ගතියකින් යුක්තය.

අපිට මෙයාව මේකේ ඇතුලේ තියන්න බෑ කොහොමහරි මෙයාව බේරගන්න ඕනේ.අපේ ජීවිත වලට වඩා මෙයාගේ ජීවිතේ වටිනවා....

ඉතින් අපි මොනා කියලා කරන්නද....

වෙන කරන්න දෙයක් නෑ hibernate capsule එක ගලවලා ෂටල් එකෙන් එලියට දාලා අපිත් එලියට පනිමු.තව පැය බාගයක් ඇතුලත ෂටල් එක මුහුදට වැටෙනවා...

කරන දෙයක් ඉක්මනට කරමු…. අපිට අශාන්ව ආයෙත් hibernate කරන්න තියෙනවා

මෙතන මොකක් හරි වැරැද්දක් තියෙනවා.අශාන්ව හරියට hibernate කලානම් මේ වෙනකොට එයා කොහොමත් ඇහැරෙන්න ඕනේ.අපි එයාව ඇහැරවන්න හැදුවත් ඒක අසාර්ථක වුනා මේ වගේ පුංචි ගමනකට මෙයාව hibernate කරපු එකත් සෑහෙන්න ප්‍රශ්නයක් නෙමේද???”

ඕවා හිතන්න වෙලාවක්ද මේක??? ඉක්මනට මෙතනින් පැනගමු මේක ගලවලා ඉවරයක් කරලා

හරි තව එක ක්ලිප් එකයි... ඔයා මෙයාගේ hibernate data හදන්න මම ගිහිල්ලා satellite එක eject කරන්නම්.....

ඉක්මනට වරෙන් තව වැඩි වෙලාවක් නෑ අපි හිතුවට වඩා වැඩි වේගෙකින් මේක කඩාගෙන වැටෙනවා

ඉතාමත් අපහසුවෙන් කුඩා ඉනිමංවල එල්ලෙමින් ගොස් චන්ද්‍රිකාව රඳවා තබන කුටිය අසලට පැමිණි ගගනගාමියෙකු රහස්‍ය අංකය ඇතුලත් කර එය තුලට පිවිසියේය.නමුත් ඔහු එක්වරම බියෙන් ත්‍රස්ත වූයේ දුටු දෙයිනි.... ඔහු වහාම අනෙක් සගයා කරා පිටත් විය....

එතන satellite එකක් නෑ....යැයි ඔහු දිගු සුසුමක් හෙළමින් පැවසීය

මොකක්........

ඔව් ඒක නෑ........ ඒ කියන්නේ මේකට වෙන අරමුණක් තිබිලා ඉක්මනට මෙතනින් පැනගමු.

කැප්සූලය යානයෙන් පිටතට මුදා හැරිය පසු ගගනගාමින් දෙදෙනා නියමු කුටියට ගොස් එහි වූ නිහ්ක්ෂේපණය(Eject) ලීවරය ක්‍රියාත්මක කරවීය.

 ජෙට් යානයේ එන්ජිමක ඇතිවු ගින්නක් නිසා ජෙට් යානය ගින්නෙන් වෙලෙමින් පැවතුනි.ෂටලය හා ජෙට් යානය සම්බන්ධව ඇති කොටසද ගැලවී නොයාම නිසා ජෙට් යානයත් සමගම ෂටලයද සයුරට ඉතාමත් වේගයෙන් පතිත වෙමින් පැවතුනි.කැප්සූලය යානයෙන් පිටතට පැමිණි සමගම ගගනගාමින් දෙදෙනාද ෂටලයෙන් නිහ්ක්ෂේපණය(Eject) විය.

ඒ සමගම ඉතා තදබල පිපුරමක් සිදු විය.නියමු අසුන් වලින් පිටතට පැමිණි දෙදෙනා ගිනි බෝල දෙකක් ලෙස සයුරට කඩා වැටෙනු දක්නට ලැබිණි...

**********************************************************************************

සිහින් මන්දාලෝකයක් මා හුන් කුටිය තුලට පතිත වෙමින් පැවතිණි.පෙර නොදැනුනු ජීවයක් සිරුරට දැනෙන්නට වූ නිසා තනිවම ඇඳෙන් බැස නැගී සිටීමට මා උත්සහ කලෙමි.සෙමින් සෙමින් අසල වූ කවුළුව වෙතට ඇදුණු මා දුටු දෙයින් මා විමතියට පත්වූවා කීවොත් නිවැරදිය.

මා ඉදිරිපිට දිස්වූයේ කාත් කවුරුවත් නොමැති මංමාවත්ය.මා බලාපොරොත්තු වූ ආකාරයේ කිසිදු රථයකුදු වටපිටාවේ නොතිබීම මා විමතියට පත් කලේ නිතැතින්.මෙවැනි මංමාවත් අතීතයේ කෙතරම් ජනාකීර්ණ වී තිබුණාදැයි මතකයට පැමිණෙන විට මේ සිදුව ඇති දෙය විශ්වාස කල නොහැකි තරම්.මා බලාපොරොත්තු වූයේ කුඩා ගුවන් යානා වැනි රථ වාහන සහ ඉන්ධන නොමැතිව ධාවනය වන මෝටර් රථ වැනි රථ වාහනයි.

කවුළුවෙන් මෑත් වූ මා හට රෝහලින් පිටතට බැස පරිසරය පිරික්සීමට දැඩි කුතුහලයක් ඇතිවුණි.වෛද්‍යවරිය පිටව යාමට පෙර මා හුන් කුටියේ දොර අගුළු දැමූ බව සිහිවුවත් එය කෙසේ හෝ විවෘත කරගත හැකිදැයි පිරික්සීමට සිත් වූයේ මේ ස්ථානයෙන් බැහැර වීමට වූ උවමනාව නිසාමයි.නමුත් දොර අගුළ ඉලෙක්ට්‍රොනික පරිපථයකින් යුක්ත වූවක්.කිහිප විටක් උත්සහ කලත් පලක් නොවූ තැන මා නැවත සයනය වෙත පැමිණියේ මීළඟට කල යුත්තේ කුමක්දැයි කල්පනාවකට වැටෙමින්.ඒ ක්ෂණයේම මා ඉදිරිපිටින් මතුවූයේ පෙර පැමිණි වෛද්‍යවරියයි.එක් වරම ඇය පැමිණි අයුරු සිතාගත නොහැකිව මා ඈ දෙස බලාසිටින්නට වූවා.

ඉතින් දැන් කොහොමද ඔයාට....

මට දැන් හොඳයි මට මෙතනින් එළියට යන්න ඕනේ....

මම කලිනුත් කිව්වනේ මෙතනින් පිටවීම සෑහෙන්න අනතුරුදායකයි.ඒ නිසා එයට කොහොමවත් ඉඩ දෙන්න බෑ

දැන් ඩොක්ටර් කොහොමද මෙතන්ට ආවේ එකපාරටම දොර අරින්නැතිව??

ම්ම්ම්ම් ඒක පැහැදිලි කරන්න ගියොත් සෑහෙන්න වෙලාවක් යනවා

කමක් නෑ මට වෙලාව තියෙනවා

හරි එහෙනම් මම සරලව පැහැදිලි කරන්නම්.හැම රෝගියෙකුගේම ඇඳකටම අපි සවි කරලා තියෙනවා උපාංගයක්.ඒ උපාංගය මගින් කරන්නේ ඔබේ කාලයේ තිබුණු හොලෝග්‍රැම්(Hologram)*  තාක්ෂණයට සමාන ක්‍රියාවක්.නමුත් මෙහි විශේෂත්වය මෙය භාවිත කරන්නාගේ සත්‍ය ශරීරයම මේ හරහා ගමන් කිරීමයි.බොහෝ දුරට මෙයට ටෙලිපෝර්ට්(teleport)*  වචනයත් භාවිතා කරන්න පුළුවන්....

පැහැදිලි මදි

බලන්න මගේ අතේ තියෙන උපකරණය දිහා.ඔබට මොකක්ද දකින්නේ

ඔරලෝසුවක්....

පෙනුමෙන් ඔරලෝසුවට සමාන වුනත් මේ උපකරණයත් ඇඳේ සවිකරලා තියෙන මේ උපකරණයත් සම්බන්ධ වෙලා තියෙන්නේ.ඕනෑම හදිසි අවස්ථාවක රෝගින් වෙත ඇහිපිල්ලමක් සැලෙන වේගෙකින් අපිට ලංවෙන්න පුළුවන්.කාලයත් අවකාශයත් ශුන්‍ය කරපු දොරටුවක් වගේ තමයි මේක.... කිසිම භෞතික වස්තුවක් බාධකයක් වෙන්නේ නෑ.යෑමට අවශ්‍ය තැන තෝරගත්තාට පසුව උපාංගය ක්‍රියාත්මක කරවපු සැනින් අදාල ස්ථානයට යන්න පුළුවන්.මේක හරියට පුංචි දොරකින් ඇතුලු වෙනවා වගේ වැඩක්.ඒ විතරක් නෙමෙයි මා ස්පර්ෂ කරන ඕනෑම භෞතික වස්තුවක් පවා මේ ආකාරයට රැගෙන යන්න පුළුවන්

පුදුමයි........ එතකොට කිසිම වාහනයක්වත් දකින්න නැත්තේ ඒකයි එහෙනම්

ඔව් නමුත් මේ උපාංගය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය දුර ප්‍රමාණය සකසන්න මුදලක් අය කරනවා.එය ඔබේ කාලයේ වාහනයක් කුලියට ගැනීම හා සමානයි.මිළ තීරණය වෙන්නේ දුර ප්‍රමාණය අනුව.ඊට අමතරව අවශ්‍ය ඕනෑම මොහොතක අදාල ආයතනයට දැනුම් දුන් පසු තමන්ට අවශ්‍ය ස්ථානයකට යෑමට පවා මෙය වෙනස් කරගත හැකියි

විශ්මය රැඳි දෙනෙතකින් මම ඇය දෙස බලාගත් වනම කල්පනා ලොවකට පිවිසුණෙමි.අනාගතය මෙතරම් විශ්මිත වේ යැයි මා සිහිනෙකුදු නොසිතුවෙමි.බලශක්ති අර්බුධය තව දුරටත් ප්‍රභල මාතෘකාවක් නොවේයැයි සිතුණු විට මුවගට සිනහවක්ද නැගිණි.

ඇය පැමිණ මාගේ පපුවට අලවන ලද උපකරණයක් නිසා මා නැවත පියවි ලොවට පිවිසුනෙමි.ඒ උපකරණය සවිකල පසු එයින් නිකුත් වූ ආලෝක කදම්බයකින් ත්‍රිමාණව මැවුනේ මගේ හෘදය වස්තුවයි.එහි ගැස්මද රුධිර පීඩනයද යනාදි විවිධ විස්තර දිස්වන්නට විය.සියළු විස්තර දෙස නෙත් යොමාගෙන සිට අවසානයේ ඈ පැවසූවේ මාගේ සෞඛ්‍ය තත්වය අතිශයින් හොඳ මට්ටමකට හැරෙන බවකි.බොහෝ දුරට හෙට වන විට ඔවුන්ගේ පරීක්ෂණ සඳහා මා හට සහය දක්වන්නටද ඉඩ ලැබෙනු ඇතැයි ඈ පැවසීය. ඉන්පසු ඈ මා හා සිනාසී අගුළු දැමූ දොරටුව වෙත පියනගන්නට වූවාය.... නමුත් මා බලාපොරොත්තු වූයේ ඈ එක්වරම අතුරුදහන් වනු දැකීමයි...

ඩොක්ටර් ඇයි ඔබෙ ටෙලිපෝර්ට් උපකරණය පාවිච්චි කරන්නේ නැත්තේ??”

මම හිතුවා ඔබ ඔය ප්‍රශ්නේ අහයි කියලා.මේක දවසකට පාවිච්චි කරන්න පුළුවන් සීමාවක් තියෙනවා අශාන්.නිතර පාවිච්චි කිරීම ශරීරයට දරාගන්න අමාරුයි.... පැවසූ ඈ පිටව ගියාය....

ලද අවසරයෙන් ඇය පැවසූ උපාංගය පිරික්සීමට පටන් ගත් නමුත් මාගේ දැනුම අභිබවා ගිය තාක්ෂණයක් වූ බැවින් එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ නිසි අවබෝධයක් ගැනීමට ම හට නොහැකි විය.කතා කිරීමට පවා කිසිවකු නොවූ නිසාවෙන්ද පාළු මකා ගැනීමට කල හැකි කිසිත් නොවූ නිසාවෙන්ද මා නැවතත් සයනයේ වැතිරුණේ මේ නින්දෙන් හෝ මා දකින බිහිසුණු සිහිනය නිමාවේවායි ප්‍රාර්ථනා කරමිනි....
*****************************************************************************
එක්වරම  මාගේ හුස්ම හිරවෙන්නාක් මෙන් දැනෙන්නට වූ අතර නැගී සිටීමට වෙර දැරුවත් ශරීරය සෙලවීමට පවා නොහැකි විය.කෑ ගැසීමට තැත් කලත් හඬක් පිටකර ගැනීමට මා අපොහොසත් විණි.දෙනෙත් විවරව පැවතුනත් කිසිදු සේයාවක් දැකගැනීමට මා හට නොහැකි විණි.මාගේ දෑත් දෙපා  පාලනයෙන් තොරව ගොසින්ය.... ශරීරය මත දහ දොලොස් දෙනෙක් නැගගත්තාක් මෙන් මාගේ පපුව මත විශාල බරක් දැනෙන්නට වූ අතර මා හට හුස්මගැනීමේ අපහසුවක්ද දැනෙන්නට විය.....

මා දෑස් විවර කරන විට තවදුරටත් මා සිටින්නේ රෝහලේ නොවන බව මනාව වැටහිණි.හාත්පසම අඳුරේ ගිලීගිය කුඩා කුටියක ඇඳක මා වැතිර සිටින්නේ යැයි සුළු වේලාවකින්  දැකගත හැකි විය.හිස නැවතත් බමන ගතියකින් යුක්ත බැවින් මා හිස වැරයේ බදා ගතිමි....

මුලින්ම ටෙලිපෝර්ට් කරපුවාම අපිටත් ඔහොම දැණුනා තව ටිකකින් ඕක ඇරිලා යයි....

ඉබේම මා ඇඳ මත ඉන්දවුනේ ඒ ඇසුනේ පිරිමි කටහඬක් නිසාවෙනි.අඳුර අතරින් ඇදෙන ඡායාවක් මා දුටුවේ එවිටයි......

~~මතුසම්බන්ධයි~~

ප/ලි

ඕං දෙවෙනි කොටසක් නෑ නෑ කියලා දෙවෙනි කොටසත් දැම්මා.දැන් ඉතින් තුන්වෙනි කොටසකුත් දාන්න වෙනවා මේ කතාව ගැනත් ඔබේ අදහස් උදහස් යෝජනා චෝදනා එවන්න ඒවා හරිම වටිනවා.මේ කොටස ලියන්න දිරිමත් කරපු හැමෝවම ආදරෙන් මතක් කරන්න ඕනේ ඒ අය කියද්දි කියද්දි මටත් හිතුනා තව කොටසක් නොතිබුනොත් කතාව අසම්පූර්ණයි කියලා..... ඒ වගේම විශේෂයෙන් චතුරංග පෙරේරා අයියා දාලා තිබුණු කොමෙන්ටුව මතක් කරන්න ඕනේ.මුල් කොටසේ විශාල වැරැද්දක් ඔහු පෙන්වා දුන්න නිසා ඒ වැරැද්ද නිවැරදි කරගන්න එකත් මේ කොටසේ අරමුණක් වුනා.... අනිත් අයගේ නම් නොකිව්වට තරහා වෙන එකක් නෑනේ නේද.....

පින්තූරේ ගත්තේ මෙතැනින් http://beforeitsnews.com/story/2076/846/Spain:_Possible_Abduction_Or_Teleportation_In_1986.html

Friday, June 8, 2012

ගැහැණු ලොවක සිරකරු...



දිගු නින්දකින් දැනෙන වෙහෙසක් සමග මා සෙමින් දෑස් විවර කර මාගේ නිවසේ වහලය දෙසට මොහොතක් නෙත් යොමන්නට වීමි.නමුත් වෙනදා දකින විදුලි පංකාව වෙනුවට ඉහළින් එල්ලා දිස්වූයේ දිගු ආලෝක දහරාවකි.වහා නැගී සිටීමට උත්සහ ගත් නමුත් මාගේ ශරීරය පුරා තිබූ විවිධ වයර් නිසා ඒය අපහසු කරුණක් විණි.බොහෝ උත්සහයකින් පසුව දෑත් නිදහස් කරගන්නවාත් සමගම යම්කිසි අනතුරු හැඟවීමේ නාදයක් නාදවෙනු ඇසෙන්නට විය.වහා මාගේ ඇඟපුරා සවිකර තිබූ වයර් ගලවාගෙන මා හුන් සයනයෙන් බැසීමට උත්සහ කලත් යම්කිසි බාධකයක් හේතුවෙන් මා හට පසුබසින්නට සිදුවිය.මා උන්නේ සාමාන්‍ය ඇඳක නොව වීදුරු වලින් වටකරන ලද කුටියක බැව් වැටහුනේ ඉන් පසුවයි.මා හැකි වෙර යොදා එයට පහර දුන්නද පලක් නොවුණි ඒ සමගම යම්කිසි වායු කාන්දුවක් වැනි ශබ්දයක් ඇසෙන්නට වූ අතර මාගේ දෑස් කෙමෙන් බරවෙනු මට දැණුනි...

දැන් කොච්චර වෙලාද

පැය 4කට විතර කලින් ඇහැරුණේ ඩොක්ටර්.සෑහෙන්න කලබලයක් කලා ඒ නිසායි නිර්වින්දනය කරන්න වුනේ

මා වටා සිටි පිරිසක් යම් සාකච්ඡාවක් කරනා අයුරු සිහිනයකින් මෙන් ඇසෙන්නට විය.ඔළුව බමන ගතියකින් යුක්ත වූ බැවින් හිස එසවීමට ගත් උත්සහයද නිරර්ථක විය.ඉතාමත් අපහසුවෙන් දෑස් විවර කරගත් මට දක්නට ලැබුනේ මා වටා සිටිනා කාන්තාවන් සමූහයක්.සියල්ලන්ම පාහේ වෛද්‍යවරියන් හෝ වෛද්‍ය ශිෂ්‍යාවන් විය හැකියැයි මට සිතුනේ ඔවුන් සැරසී සිටියේ එකම ඇඳුමකින් වීම නිසයි.සුළු මොහොතකින් මා සිටි වීදුරු කුටිය විවෘත විණි.

සුභ උදෑසනක් SLAN මහත්මයා.මම මේ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරිය

මගෙ නම SLAN නෙමෙයි....

ඔබට පහුගිය සිද්ධීන් මතකද??

මම කොහොමද මේ රෝහලට ආවේ.... මම ඉන්න ඕනේ ගෙදර.මගෙ නම SLAN නෙමෙයි මම ASHAN NALAKA.”

නමුත් ඔබේ ලිපිගොනුවේ සඳහන්ව තිබුනේ SLAN කියන නාමය.

ලිපි ගොනුව?? මොන ලිපි ගොනුවක්ද?? මම කොහොමද මෙතන්ට ආවේ

ඔබ ශ්‍රී ලංකාවෙන් කක්ෂ ගත කල චන්ද්‍රිකාව භාරව කටයුතු කල ප්‍රධාන ඉංජිනේරු ශිල්පියා.ඔබ තමයි චන්ද්‍රිකාව නිර්මාණය කරන්න සම්බන්ධ වුනු ලාබාලම ඉංජිනේරු ශිල්පියාත්... අභ්‍යාවකාශගත වීමට සුදුසුකම් සහ චන්ද්‍රිකාව සාර්ථක කරගැනීම සඳහා ඔබට සිද්ධවුනා අනෙකුත් අභ්‍යාවකාශගාමින් සමග අභ්‍යාවකාශගත වෙන්න.ඔබව අවශ්‍යව තිබුනේ චන්ද්‍රිකාව කක්ෂගත කල පසු එහි සන්නිවේදන කටයුතු නිසියාකාරව කරගැනීමටයි.ඒ නිසා ඔබව ශිශිරතාරක(hibernate) නින්දට පත්කර ගමනාන්තය දක්වා ඔබව සුරක්ෂිත කරන්නට තීරණයක් ගෙනයි තිබුනේ.අවාසනාවකට වායුගෝලයට ලඟාවීමට ප්‍රථමයෙන් ඔබ ගමන්කල ජෙට් යානයේ දෝෂයක් හේතුවෙන් ඔබ ඇතුළු පිරිසට ජෙට් යානයෙන් වෙන් වීමට සිදුවුනේ නියමිත වේගය ලබා ගැනීමට ප්‍රථමයෙන්.ඔබේ වාසනාවට ඔබ සිටි කුටිය වෙන්වී සයුරට වැටීමෙන් ඔබේ ජීවිතය සුරැකුණා.මේ වාර්තාව ඔබ දැන් සිටින කුටියේ තිබු ගොනුවකින්


Isaac Newton's analysis of escape velocity. 
Projectiles A and B fall back to earth. 
Projectile C achieves a circular orbit,
D an elliptical one. Projectile E escapes.


මා කක්ෂගත වීම සඳහා පාලන මධ්‍යස්ථානයට පැමිණි අයුරු මට එක්වරම මතකයට පැමිණියේ එක්වරමයි.ඒ අවධිය රොකට් තාක්ෂණයෙන් තොර අභ්‍යාවකාශයට යෑමේ පරීක්ෂණ කෙරෙමින් පැවති අවධියක්.ජෙට් යානයක් හා සම්බන්ධ වූ ෂටලය,වායුගෝලය  සමීපයට ලඟාවී,වායුගෝලයෙන් මිදීමට අවශ්‍ය වියෝග ප්‍රවේගය(escape velocity)* ලබාගත් පසු ජෙට් යානයෙන් වෙන්ව වායුගෝලයට ඇතුලත්වීම මෑත කාලීනව සංවර්ධනය වූ රටක් වශයෙන් අතිශය ලාභදායි ක්‍රමයක් බවටයි හඳුනාගෙන තිබුනේ.නමුත් එපමණ ආරක්ෂාකාරි ලාභදායි ක්‍රමයක් අසාර්ථක වීම තවමත් අදහා ගත නොහැකියි.

“SL කියන්නේ SRI LANKA කියන එකට.මගෙ නම ASHAN NALAKA නිසා පණිවිඩ හුවමාරුවේ පහසුවටයි SLAN කියලා කෙටි කරගත්තේ.ඒත් දැන් මම ඉන්නේ ලංකාවේ ඉතින් කොහොමද ඔයාලා මගෙ විස්තර නොදන්නේ??

කලබල වෙන්න එපා අශාන් ඔයා දැන් ඉන්නේ අවුරුදු 2140.ඔබේ සැබෑ වයස අවුරුදු 148ක් වුනත් දිගු කාලීන ශිශිරතාරක නින්දක් ලැබීම නිසා ඔබගේ ශරීරයට වයස අවුරුදු 22ක් පමණයි.ඒ වගේමයි ඔබ අඳුනන කිසිවක් මේ වනවිට ජීවත් වෙන්න කිසිම සම්භාවිතාවක් නෑ.


මා මාගේ ශරීරය දෙස නැවත වතාවක් අවධානය යොමුකලේ එවිටයි.එතෙක් වෙලා මා සංවාදයේ නිරතව සිටියේ නිරුවතින් බව දුටු විට උපන් ලැජ්ජාව නිසා සැඟවීමට උත්සහ කලේ නිරායාසයෙන්.

ඔබ අවුරුදු 120ක්ම මේ රෝහලේ සිටියේ නිරුවතින්.පුරුෂ ශරීරය ගැන නිමක් නැති දේශන වලට පහුගිය අවුරුදු 20ක් 30ක් තුල ඔබ නිහඬ දායකත්වයක් ලබා දුන්නා.ඔබ ඉතා වටිනා නිදර්ශකයක්.ඔබේ නිරුවත ගැන දැන් කලබල වී තේරුමක් නෑ කියලයි මට හිතෙන්නේ.

කිසිදු වදනක් නොපවසා ඇය පැවසූ දේ මා අසා සිටියේ ශෝකයත් ලැජ්ජාවත් කෝපයකුත් කැටි කරගනිමින්.නමුත් ඇය පැවසූ එක් වචනයක් නිසා මේ සියල්ලේම කුමක් හෝ වරදක් ඇතැයි නොසිතුනාම නොවේ....

නිදර්ශකයක් කියලා ඔබතුමී මොකක්ද අදහස් කලේ.....??”

ඔබ තමයි දැනට මේ ග්‍රහලෝකයේ ඉතිරිව ඉන්න එකම පිරිමි පුද්ගලයා

මො....කා....ක්...

ඔව් අශාන්.... ඔබ පමණයි දැනට අප සතුව ඉන්නේ.විවිධ තැන්වලින් පිරිමි පුද්ගලයින් කීපයක් තවමත් වාර්තා වුනත් ඔවුන් අල්ලා ගැනීම සෑහෙන්න අපහසුයි

මාගේ හිතමිතුරන් නෑදෑයන් ආදීන්ගෙන් වෙන්වීම ගැන තරමක දුකක් සිතේ පැවතුනත් සමස්ථ පිරිමි වර්ගයා තුරන් වීම පිළිබඳව දැනගත් මොහොතේ දැනුනු තනිකම කිව නොහැකි තරම්.නෙත් යොමන සෑම ස්ථානයකම දකින්නට ලැබෙනුයේ කාන්තාවන් බැවින් මෙය සැබෑවක්ම බව පිළිගන්නට සිත බල කරන්නට විය.කෙසේ නමුත් මා හට ඉතිරි ජීවිත කාලය පුරාවටම විද්‍යාගාර මීයෙකුගේ කාර්යය භාරය කරන්නට සිදුවෙනු ඇතැයි නම් දැනෙමින් පැවතුණි.

ඔවුන් අල්ලා ගැනීම අපහසුයි කියලා අදහස් කලේ මොකක්ද?? පිරිමින්ව සත්තුන්ගේ ගණයටද දාලා තියෙන්නේ

කරන්න දෙයක් නෑ අශාන්.... ඒකට ගොඩක් හේතු තියෙනවා.ඔබ දන්නවා ඇති ඔබ ජීවත් වූ වසර වන විට ගැහැණු පිරිමි ජනගහන අනුපාතය අතර සෑහෙන්න වෙනසක් පැවතුණු බව ඔබ දන්නවත් ඇති.ඒ කාලයේත් ලොව මුළු ජනගහනයෙන් ගැහැණු 65%ක් සිටි බවයි වාර්තා වෙන්නේ.ස්වාභාවික දරු උපත් නිසා ඇතිවන ප්‍රසව වේදනාව නිසා බොහෝමයක් කාන්තාවන් විවාහය ප්‍රතික්ෂේප කරමින් සමලිංගික සම්බන්ධතා වලට යොමුවුනා.පුරුෂ පාර්ශවයත් සමලිංගික සබඳතා සඳහා පිවිසීමත් ඒ සඳහා විශාල රාජ්‍ය අනුග්‍රහයක් ලැබීමත් නිසා තත්වය තවත් උග්‍ර වීමත් සමගම විද්‍යාගාරවල කෘතිම ගර්බාෂයන් තුල දරුවන් බිහිකිරීමට ක්‍රියාමාර්ග ගත්තා.අවසානයේ කාන්තා සංවිධාන වල කුමන්ත්‍රණ කිහිපයක් නිසා පිරිමි දරුවන් බිහිවීමට ශුක්‍ර බැංකුවල තිබූ ශුක්‍රානු අස්ථානගතවීම් ලොව පුරාම වාර්තා වෙන්න ගත්තා.

 මේක වෙන්න බැරි දෙයක්.... මේ දේ වෙන්න යන බව කිසිම රටක මිනිහෙක්ටවත් තේරුනේ නැද්ද?අඩුම ගානේ මේ වගේ සිද්ධි වාර්තා වෙනකොට ඉතිරිවෙලා හිටිය පිරිමියන්ව යොදාගෙන මේ තත්වය පාලනය කරන්න තිබුනනේ

ඒක එහෙම කරන්න තිබුනා නම් තමයි.නමුත් ඒ වන විටත් ලොව බලවත්ම රාජ්‍යන්වල ජනපති තනතුර පැවතියේ කාන්තාවන් අත.පුරුෂ සමලිංගිකයන් අතර ඉතා විශාල වශයෙන් රෝග වහනය වීමත් විවිධ මත්ද්‍රව්‍යයන් පානයත් නිසා ඔවුන් සෑහෙන අප්‍රාණිකත්වයකින් පෙළුනා.ඒ වන විට කිසිම රටක බුද්ධිමතුන් අතර පුරුෂයන් සිටියේම නැති තරම්.ඉතිරිවූ පිරිමින් පරිණාමයෙන් ආපස්සට ගිහින් ඇති බවක් දැන් පෙනෙමින් පවතිනවා....බොහෝ විට ඔබගේ සහයෝගයෙන් මේ ඇතිවූ තත්වය නැවත පෙර තත්වයට පත්කරගැනීමට හැකිවෙයි.

එහෙම පුළුවන් වෙයි කියලා හිතනවනම් ඇයි මෙච්චර කලක් බලාගෙන හිටියේ????? අවුරුදු 120ක්ම හිටියේ ඇයි...???

ඔබ භාවිතා කල ශිශිරතාරක පද්ධතිය අනතුර නිසා කාලය වෙනස්වීමකට ලක්වී තිබුණා.ඔබව අවදි කරවීමට උත්සහ ගත්තානම් බොහෝ දුරට ඔබගේ ජීවිතය අනතුරකට ලක්වෙන්නට තිබුනා.ඒ නිසා වසර ගණනාවක් තිස්සේ උපදෙස් ලැබී තිබුනා ඔබ අවදිවනතුරු සිටින ලෙසට.එතෙක් සෑහෙන පරීක්ෂණ සිදුවුණා.ඒ නිසා තමා මේ තරම් කාලයක් ගත වුනේ ඔබ ස්වාභාවිකව අවදි වෙනතුරු

කුමක් කරන්නදැයි සිතාගත නොහැකිව මා ඉතාමත් අසරණ භාවයකට පත්වුණි.මැය කී දේ විශ්වාස කර මෙහි රැඳී සිටිනවාද එසේ නොමැතිනම් ඉතිරිව සිටින පිරිමි කණ්ඩායම් සොයා ඔවුන්ට එකතු වෙනවාදැයි යන විශාල ප්‍රශ්නය මා ඉදිරිපිට රැඳි තිබිණි.වෛද්‍යවරියට වාරු වෙමින් මා රෝහලේ වූ සයනයක් වෙත ඇවිද යන්නට වීමි.තවම හරි හැටි ශරීරය පාලනය කරගැනීමට නොහැකි බැවින් මොවුන් හා රැඳී සිටීමට සිදුවෙනු අනිවාර්යය...

අසල වූ ඇඳක් මත මා වාඩිකරවූ ඇය මා වෙත ලබාදුන්නේ කාන්තා ඇඳුමකි.යන්තමින් එය පටලවාගත් මම සයනයට දිගාවී අනාගතය පිළිබඳ කල්පනා කරන්නට වීමි.

කොයිම වෙලාවකවත් මෙතනින් එළියට යන්න හිතන්න එපා....මොකද පිටස්තර ලෝකය පෙර තිබුණාට වඩා වෙනස්...  සමහරවිට ඔබට ජීවිතයෙන් වන්දි ගෙවන්නට වේවි.ඔබේම ආරක්ෂාව වෙනුවෙන් මේ කාමරේ දොර අගුළු දමන්න සිදුවෙනවා...

ඇයගේ අවසන් වදන් කිහිපය ඉල්ලීමකට වඩා තර්ජනාත්මක ස්වරූපයක් ඉසිලීය.කුමක් විස්වාස කරන්නදැයි තවමත් සිතාගත නොහැක....වෛද්‍යවරිය ලබා දුන් එන්නත හේතුවෙන්දෝ දෑස් කෙමෙන් පියවෙන්නට විය.

ප/ලි

මේ කතාවට මූලික අදහස ආවේ අපේ අනූ අක්කගේ බ්ලොග් එකේ ගැහැණු ලමයි පිරිසක් එකතු වෙලා හදපු ගැහැණු ළමයි බ්ලොග් එක ගැන එයා සඳහන් කරපු නිසා.මට ඒක කියවද්දි හිතුනේ මේ කස්ටිය සෙට් වෙන්නේ කාන්තා ආධිපත්‍යයක් පතුරන්න කියලා ඉතින් මෙහෙම කතාවක් මැවුනා.මුලින් ඒ කස්ටියගේ නම් දාලා ලියන්න හිතුනත් පස්සේ හිතුනා එහෙම දාන එක හරි නෑනේ කියලා.කතාවේ හොඳ නරක අහගන්න කැමතියි.හිතෙන ඕනෑම දෙයක් කියලා යන්න මොකද ඒක මට ගොඩාක් වටිනවා.... 

පින්තූරෙ ගත්තේ මෙතනින් http://cache.io9.com/assets/images/8/2011/11/c83e479c4e613bcd390a036c8b2b9f2a.jpg