Thursday, January 26, 2012

බියර් ඉස්මොල්ලේ




වෙද ගෙදර කථා මාලාවට ඔන්න පුංචි තිතක් තිව්වා දවස් කීපයකට.ඊලගට මොනාද ලියන්නේ කියලා කල්පනා කරද්දි කමයි මට හිතුනේ හැමෝම සුළුවෙන් හරි ලියලා තියෙන මතගැන මගේ අත්දැකීමකුත් ලියන්න.හැබැයි ඉතින් මත ගැන මට තියෙන මුල්ම හා අවසන් අත්දැකීමත් මේකම තමයි.

එතකොට අපි 8 වසරේ.ඒ වයස පුදුම අප්සට් කචල් වයසක් අප්පා ඔය කථාවට කියන්නේ පොල් ගස් නිකන් මල් ගස් වගේ පේන වයසක් තියෙනවා කියලා මම හිතන්නේ මේක තමයි ඒ වයස.කෙල්ලෝ එක්ක යාළුවෙලා අහස් මාලිගා හදලා ඒවායේ ළමයිත් හදාගෙන තමයි ඒ කාලේ කස්ටිය හිටියේ.යාළු කෙල්ලට ගෙදරින් අකමැති උනොත් පැනලා යන්නත් අපේ එවුන් ප්ලෑන් ගහං ඒ මදිවට. අන්තිමට එව්වා දැන් කුඩු වෙලා කෑලිත් නෑ මතක් වෙනකොට ලැජ්ජාවේ පණ යනවා.

මෙන්න මේ කාලේ තමයි බොන එවුන් පොරවල් කියලා හෙන රැල්ලක් ආවේ මම නම් පොඩි කාලේ ඉදන් ඔව්වාට විරුද්ධයි බොන එකෙක් අහුවුනොත් සැරටම නෝන්ඩි කරලා තමයි අතාරින්නේ.දවසක් ඔහොම බයිට් එකක් දෙනකොට එකෙක් හරි ෂෝක් ප්‍රශ්නයක් ඇහුවා

උඹ බීලා තියෙනවද??

මොන මල විකාරයක්ද යකෝ මගේ බල්ලවත් බොන්නේ නෑ

ඒකනේ කියන්නේ උඹලා මෙතන නිකන් සද්දේ දානවා කෙල්ලන්ට පේන්න. බීලාම ඒවගේ ගුණ අගුණ කියහන්.උඹලා ලුණු කන්නේ නැතිව මෙතන ලුණු රහ කියන්න එනවා

මට කට උත්තර නෑ ෂේප් එකේ එතනින් ලිස්සලා කල්පනා කරා ජීවිතේට කාලා නෑ මෙහෙම නෝන්ඩියක්.දැන් මූට සෙකන්ඩ් වෙන්නත් බෑ අන්තිමට තීරණය කරා ඉතින් බීලම බලන්ඩෝන කියලා.පස්සේ ඉතිං මේක තනියෙන් ඉෂ්ඨ කොරගන්න පුළුවන් කාරණාවක් නෙමෙයිනේ උදව්වක් ගන්න අපේ මජ්ජාව හම්බුවුනා.මජ්ජත් එක පයින්ම වැඩේට කැමතියි (ඒ කාලේ මජ්ජට කිව්වේ මල් කූරා කියලා).දැන් ප්‍රධානම වැඩේ අර බෝතලයක් ගන්න එක මජ්ජා සෑහෙන්න කොටයි ඒ කාලේ මාත් ඒ වගේම තමයි අපි ගියොත් බඩු මාට්ටු කොහොමෙන් හරි අපේ පන්තියේ හිටිය සදුනා වැඩේ භාරගත්තා සෑහෙන්න උස මහත පොරක් වෙච්චි සදුනාට පොඩි රැවුල් කොට එහෙම තිබුණු නිසා වැඩේ හොදට යයි කියලා හිතුනා.පස්සේ කට්ටිය සෙට් වෙලා ප්ලෑනක් ගැහුවා.

ඉස්කෝලේ නිවාඩු දෙන දවසට සදුනා පාට ඇදුමක් බෑග් එකේ දාගෙන ඇවිල්ලා වැසිකිලියෙදි ඒක මාරු කරන් බාර් එකට ගිහින් බෝතලේ අරගෙන ඒක ආයේ බෑග් එකේම දාගෙන ඉස්කෝලෙට ඇවිත් ආයේ වැසිකිලියෙම යුනිෆෝම් එක දාගෙන අපිත් එක්ක සදුනලාගේ ගෙදර යන්නයි ප්ලෑන් එක.ප්ලෑන් එක තිතට වැඩ කලා අපි නිවාඩු පාඩුවේ සදුනලාගේ ගෙදරත් ගියා වැඩේ කියන්නේ අම්මත් ගෙදර අයියත් ගෙදර.දැන් මට මාර පොබ්ලම් එක මාට්ටු වෙයිම කියලා මොනා කරන්නද ඉතිං සදුනලාගේ අයියා ස්පයිඩර් මෑන් 2 බලනවා මාත් එයාලට සෙට් වෙලා ඒකට ඇහැ දාගෙන හිටියා මෙන්න එතකොට සදුනා ඇහෙන් මට කථා කරනවා කාමරේට එන්න කියලා.ආවේ මේකටනේ මාත් ගියා යනකොට ඇබින්දන් වීදුරු 4ක බියර් දාලා තියෙනවා.අපිත් එක්ක ඒ ගමනට ආවේ මජ්ජයි,වරුණයි,ධම්මිකයි.මායි සදුනයි එක්ක ඔක්කොම 5යි.

මොකක්ද බං බෝතලයක් ගෙනල්ලා මෙච්චර චුට්ටක් දාන්නේ උඹ අපි 4 දෙනාට වීදුරු වල දීලා තනියෙම බෝතලේ ගහන්න නේ හදන්නේ??

කවදා කාපු ටකරංද මම දන්නවැයි ඕවයේ රග.මම හෙන සද්දෙ දැම්මා මම හිතුවේ ඒවා නිකන් කොකා කෝලා වගේ රහක් ඇති කියලා.සදුනා කිව්වා උඹ මේක බීපංකෝ උඹට බෝතලේම දෙන්නම් කියලා ගෙදර ඒ ජාතියේ වීදුරු 4යිලු තියෙන්නේ.දැං මම බලන් ඉන්නවා මුලින් එකෙක් බොනකන් එතන මම ඇර අනික් හැමෝම කලින් පාවිච්චි කරපු ඈයෝ.මජ්ජා වැඩේ පටන් ගත්තා සුරූස් කියලා කෝප්පේ එක පාර ඇදලා දැම්මා.වරුණ,ධම්මික සේරම සුරූස් කියලා ඇදලා ටක්ගාලා සද්දේ එන්න කෝප්පේ මේසෙට ගැහුවා.දැන් මටත් සෙකන්ඩ් වෙන්න බෑ කස්ටියම බලන් ඉන්නේ මං දිහා.මගේ පපුව ලබ් ඩක් ලබ් ඩක් ගානවා.හිමින් සැරේ ඉස්සරහට ඇවිත් වීදුරුව අතට ගත්තා හැමෝම බලන් ඉන්නවා උන්ගේ මූණුවල හිනාවකුත් තියෙනවා මුං බලං ඉන්නේ මට නෝන්ඩිය දාන්න හිටපල්ලකෝ මගේ වැඩ පෙන්නන්න.

සුරූ........කැහ් කැහ් ක්ර්ර්ර්ර්ර්  අම්මෝ ^&%*@^#(^(&)...‍

වීදුරුව අරන් හලාගත්තා උගුරට එක පාරට මොකක්ද චාටර් රහක් ආවා උගුර ඉතිං ප්‍රතික්ෂේප කරාලු ඒ රස බඩට යන්න දෙන්න බෑ කියලා එතන ට්‍රැෆික් ඔලුවත් උඩට හරෝගෙන හලාගත්තු හින්දා වැලේ වැල් නෑ බියර් ටිකත් කිව්වලු උඹ උගුරෙන් යන්න දෙන්නැත්තම් නහයෙන් හරි බඩට යනවා කියලා.බියර් ටික ටක් ගාලා උගුරට චුට්ටක් මෙහා තියෙන නාස් හංදියෙන් හැරෙව්වලු එතකොටම මම හුස්ම ගත්තලු @#$^@$#@^

ඉස්මොල්ලේ තමයි ගියේ අන්තිමට.වීදුරුව   ටක්සද්දෙට මේසෙට ගහන්න ගියාට මට ඇහුනේ සලාං බලාං වගේ සද්දයක් බැලින්නං කැස්ස ඇවිත් මාව පස්සට විසික් වෙලා කෝප්පේ මේසෙට ගහනවා කියලා හිතාගෙන බිමට දමලා ඇරලා.මම ඇදේ ගිහින් වාඩි උනාම මට පේනවා ඇස් ඉස්සරහින් එක එක පාට බෝල බෝල පිපෙන හැටි.මට තාම කැස්ස ඇස් රතුත් වෙලා ඒ අස්සේ මොකෙක්ද එකෙක් යටි පතුලේ මොකක්ද උලනවා.(මට වෙරි කියලා හිතලා සදුනා දෙහි උලලා)අනේ මන්දා මම ඇස් වහගෙන ඇදේ ඇලවුනා මගේ ඔළුව පුපුරන්න වගේ ඒ මදිවට සදුනයාගේ ගෙදර තිබ්බ වීදුරු 4න් දැන් ඉතුරු 3යි.සදුනාගේ අයියටත් වැඩේ මීටර් සලාං බලාං නිසා.අයියා ඇවිත් මට තට්ටු කරලා අහනවා මල්ලි පොල් පිත්තක් පිටේ බදින්න වෙයිද කියලා.මගුලයි මම සෑහෙන්න චොර වුනා මට වෙරි නෑ ඒත් කථා කරන්න බෑ කැස්ස එක ෂොට් එකෙන් පෙනහැල්ලට බඩු පැකට් වෙලාද කොහෙද.මට මරු නැගලා ලුණු රහක් ගැන කියපු එකත් එක්ක.උගේ පරම්පරාවටම පිං අනුමෝදන් කලා එක සිතින්.කෑම කන්න ගියාම ඊට දුකයි කැස්ස නිසා කාගන්න බෑ සදුනගේ අම්මා අහනවා ඇයි මේ ලමයට අසනීපද කියලා සදුනා කියාපි ඔව් අම්මේ මූට උන හැදෙන්න වගේ කියලා මෙන්න ඊළගට සදුනගේ අම්මා කියාපි,

එහෙනම් පුතාට අයිස් ක්‍රීම් කන්න හොද නෑනේ මම කොත්තමල්ලි හදලා දෙන්නම්කෝ

මට ඇඩෙන්න වගේ අයිස් ක්‍රීමුත් කන්න නෑ දැන් අම්මා කොත්තමල්ලි තම්බලා පොව්වන්න හදනවා මට තවත් මල සදුනා එක්ක බියර් නාහේ ඉදන් පොව්වලා මදිවට කොත්තමල්ලි පොව්වන්නත් එනවා මූ ඉදගෙන.කොහොමහරි ගෙදර යනකොට තිබුනු ඔළුවෙ අමාරුවයි කැස්සයි අඩු වෙලා තිබුන නිසා ෂේප් වුනා නැත්තම් අපේ තාත්තගෙන් හොදට හම්බුවෙනවා.

නිවාඩුවෙන් පස්සේ ඉස්කෝලේ ගියාම අර ලුණු රහක ගැන කියපු එකා ගාවට මම පොරක් වගේ ගිහිල්ලා කිව්වා

මම ලුණු රස බැලුවා ඕයි මෙලෝ රහක් නෑ උඹලට මොලයක් තිබුනා නම් තේරෙයි ඉස්මොල්ලේ ගියාම තියෙන ආතල් එක

වෙන මොනා කියන්නද බොන එවුන්ට ඉතිං බීලා නැහෙන්න ඕනේ නම් අපිට මොකැයි.....

 මේ පින්තූරෙ දිහා හොඳට බලලා කල්පනා කරන්නකෝ ඔයාලත් මොනා හරි බීලද ඉන්නේ කියලා හික් හික් හික්.....මේක ගත්තේ මෙතනින් සහ මෙතනින්

Thursday, January 19, 2012

මගේ ආදරේ-2 කොටස(ලව් ලියුම බඩේ)




මුල් කොටස කියවලා නැත්තම් මෙතනින් ගිහින් කියවලම එන්නකෝ
-----------------------------------------------------------------------------------------------------------
ඔටෝ එකකින් කොලයක් ඉල්ලගත්තු මම දන්න වැඩ කිඩ දාලා ලස්සනම ලස්සන ලියුමක් ලිව්වා රංගිකාගෙන් කැමැත්ත නිල වශයෙන් අහන්න.

දැන් ඒක ලස්සනට ලියලා දෙකට තුනට නවලා එයාට ගිහින් දෙන්න නැගිටිනකොටම ඉස්සරහට ආවේ අපේ සෙක්ෂනල් හෙඩ්....


“ඔය ලමයා මොකද නැගිටගෙන කරන්නේ ඉඳගන්නවා”

මිස් මට වේවැලෙන් දෙකක් දීලා ඉන්දෙව්වා හි හි මිස්ට ලියුම මාට්ටු නෑ...කොහේ මාට්ටු වෙන්නද ලියුම දඩ බඩ ගාලා කටේ ඔබාගත්තාම.හා හා පුරා කියලා ලියපු ලියුම කටේ දැන් ඉතිං රංගිකාට ලියුමක් දෙන්න වෙන්නේ නෑ මොනා උනත් මුල්ම ලියුමනේ කියලා මම දිව එහෙම වැඩිය හොල්ලන්නේ නැතිව සීරුවට කටේ තියාගෙන හිටියා.

“දැන් මට නේද පන්තිය තියෙන්නේ’

මිස් මගෙන් අහපි මම ඇහුනේ නෑ වගේ හිටියාම එහා පැත්තේ එකා උත්තර දුන්නා

“ආ එහෙනම් නැගිටින්න ලමයි......ආයුබෝවන්”

ඉස්සර අපේ ඉස්කෝලේ ටීච කෙනෙක් උගන්නන්න අවාම අපි හැමෝම එක්ක කවියක් කියලා තමයි ටීචව පිළිගන්නේ ඒක අනිවාර්යයි.ඔන්න දැන් පන්තියේ ලමයි හැමෝම කවිය කියනවා මම ඉස්සරහම පේලියේ කට වහගෙන හිටියා නැත්තම් ලියුම අපරාදෙනේ.මිස් මගේ දිහා රවාගෙන බලන් හිටියා කොහොම රැව්වත් මට කට හොලවන්න බෑ කියලා මිස්ට තේරෙන්නේ නෑනේ.

“ඔය ලමයා එනවා මෙහාට පන්තිය අනික් ලමයි එක්කනේ කවිය කියන්න බැරි දැන් පන්තිය ඉස්සරහට ඇවිල්ලා කියනවා බලන්න හයියෙන්”

මලා හුටා  දැන් නම් බඩුම තමයි කලින් 6 වසරේ ලව් සීන් එකේදිත් මේ මිස්ම තමයි දිගට හරහට අපිට නෙළුවේ දැන් මේකත් මාට්ටු වුනොත් මම ඉස්කෝලෙන් දොට්ට ආයේ දෙකක් නෑ.ඇග පුරාම කරන්ට් එකක් ගියා වගේ වුනා බයවුනු බයවිල්ලට චූත් යනවා තව ඩිංගෙන් මම ඔළුව පාත් කරගෙන අති සීඝ්‍රෙයන් ලියුම හපන්න ගත්තා.

“මොනාද ඔය කටේ තියෙන්නේ දානවා එලියට දානවා දානවා මම තමුසෙලාට කියලා තියෙනවා නේද චුයින්ගම් කන්න එපා කියලා හරක් වගේ ඕක කටේ තියාගෙන වමාර වමාර කනවා බලන් ඉන්න හිරිගිතයි.කියන දෙයක් අහන්න බැරි හරක්”

මට මිහිරි වදන් සමග ගුටි පූජාවක් නොමිලේ ඒත් මම නෙමෙයි සැලුනේ මගේ කිරි දත් වලින් ලියුම හොදට අඹරගත්තා..දැන් නියම ගාන එක සැරේ මුළු ලියුමම ගිලලා දැම්මා හම්මේ දැන් තමයි සැනසීමක් ආවේ දැන් ඉතින් කොහේ අල්ලන්නද මාව.

“ඇයි මිස් ගහන්නේ මගේ කටේ මුකුත් නෑනේ”

මිස් කම්මුලේ අත තියාගෙන අනික් පැත්ත බලාගෙන හිටියා ටික වෙලාවක්

“ගිල්ලා නේද චුයින්ගම් එක....දරුවෝ ඕවා කෑවාම බඩවැලේ ඇලෙනවා ඕක ගම් එකක් වගේ නිසා බඩට යන්න හොදම නෑ.කියන දෙයක් අහන්නේ නැති හැටි ආයේ කාලා අහුවෙනවකෝ බලන්න ඕක අරන් අලවනවා නලලේ.හා දැන් කියනවා කවිය මට පාඩම පටන් ගන්න තියෙනවා”

මමත් ඉතිං කවිය කිව්වා පන්තියටම ඇහෙන්න හැබැයි රංගිකා දිහා නෙමෙයි ඇහැක් ඇරලා බැලුවේ.පන්තියේ කට්ටියට මීටර් මම කෑවේ චුයින්ගම් එකක් නෙමෙයි කියලා කන පිරෙන්න බයිට සෙට් වුනා මිස් ගියාම.

“ඔන්න ඔහොමයි වුනේ”

“ඉතිං එයා එක්ක කතා කලේවත් නැද්ද නිකන්වත්”

“අපේ පන්තියේ කොල්ලොන්ට ඩෙස් 5 පේලි 6ක් තිබුනා කෙල්ලන්ට තිබුනේ ඩෙස් 4 පේලි 5ක්.හිස් පීරියඩ් එකක් සෙට් වුනාම ජෝඩු ඔය පේලි අයිනට වෙලා ලංවෙලා කතා කර කර ඉන්නවා මාවත් කොල්ලෝ බලෙන්ම යැව්වා කොල්ලෙක් නම් කතා කරපන් කියලා මට ඉතින් සෙකන්ඩ් වෙන්න බෑනේ මමත් ගියා හැබැයි ඔහේ හිටියා මිසක් වැඩි දෙයක් කතා කලේ නෑ.උවමනාවක් තිබුනෙත් නෑ බයක් තිබුනා හැබැයි”

“හ්ම්ම්ම්ම්ම්ම්”

“ඇත්තටම ඒ දේ මට ඕනේ කරලා තිබුනු දෙයක් නෙමේ නිසා මම ඒ ගෑනු ලමයා එක්ක කොහෙවත් යන්නවත් අතින් අල්ලන්නවත් හිතුවේ නෑ.ඒ සම්බන්දේ ඉවර වෙනකන්ම මම ඒ ලමයාගේ ඇගට අතක්වත් තියලා නෑ.හැබැයි ඒ ලමයා කියලා තිබුනා මගේ කොන්ද පණ නෑ මම බයගුල්ලෙක් කියලා මගේ යාළුවන්ට”

“ඔය ඇත්තමද වස්තූ.....”

ඔව් නදී සත්තයි”

“ඉතින් ඊට පස්සේ මොකද වුනේ”

“මාස දෙක තුනක් යද්දි මට ආරංචි ආවා රංගිකා තව කොල්ලෙක් එක්ක රවුම් ගහනවයි කියලා මම ඉතින් ගනන් ගත්තේ නෑ දවසක් මම සෙනසුරාදා යාළුවෝ එක්ක ටවුමේ පිට්ටනියට ගියා සෙල්ලම් කරන්න....එතකොට රොෂේන් කියන අයියයි රංගිකායි තුරුළු වෙලා ඉන්නවා දැක්කා පිට්ටනියේ කෙලවරේ.එයත් එක්ක වැඩි කතාවක් මට නොතිබුනු නිසා මම ඇහුවෙත් නෑ කවුද ඒ ඇයි එහෙම හිටියේ කියලා.ඊට ටික දවසකට පස්සේ රංගිකාම මට ඇවිත් කිව්වා මම රොෂේන් අයියට කැමතියි කිව්වා කියලා මම ඉතින් කිව්වා කමක් නෑ කියලා.මට  දුකක් නොදැනුනාම නෙමෙයි ඒ මට නදීගේ පෙනුම තියෙන රංගිකා එක්ක කතා කරන්න නොලැබෙන නිසාත් වෙන්නැති මම දැනගෙනත් හිටියා රොෂේන් කියන්නේ සල්ලාලයෙක් කියලා.එයා ඒ බව මට කිව්වේ 2006 ජනවාරියේ.එතකොට මම 10වසරේ.මගේ යාළුවෝ නම් මට කිව්වා පලයන් ගිහින් කනට දෙකක් දීලා වරෙන් කියලා ඒත් කෙල්ලෙක්ට පාරක් ගහන එක මට මදිකමක් වගේ දැනුනු නිසා මම ගැහුවේ නෑ”

“ඔයා කොච්චර හොඳයිද ඒක නෙමෙයි දැන් එයා මොකද කරන්නේ”

“එයාට සේරම වැරදුනා නදී………”


-මතු සම්බන්ධයි-


ප/ලි

පින්තූරේ ගත්තේ මෙතැනින්....මම බොහෝම සතුටින් ඉන්නේ මේ දවස්වල ඒකට හේතුවක් තමයි "මහ ගෙදර මහා වෙදනා" බ්ලොග් අඩවිය කරන වෙද මහත්තයා මගේ කොන්දේ අමාරුව ගැන විමසලා ඒ ගැන ලොකූ විස්තරයක් කියලා දීලා මගේ ලොකු බයක් නැතිකලා.හලාවත අයියටත් හැකි උපකාරයක් කරන්නම් කියලාත් කිව්වා.බ්ලොග් වලට ආගන්තුකයෙක් වෙච්චි මට එහෙම සැලකිල්ලක් දක්වපු එකට මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා වෙද මහත්තයාට.....

ඒ වගේම ටියුෂන් ගිහින් ඉන්න මට ගොඩාක් අමාරු බව තේරුම් අරගෙන මගේ හොඳම මිත්‍රයෙක් වන මණ්ඩිපාල මගේ ගෙදරටම ඇවිදින් මට ඉගැන්වීම් කටයුතු වල යෙදෙනවා ඔහුටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.මේ කතාවේ ඇහින් දුටු සාක්ෂිකාරයෙක් විදියටත් මණ්ඩිපාලව හඳුන්වන්න පුළුවන්.

Sunday, January 15, 2012

මගේ ආදරේ-1 කොටස(ඇත්තම ආදරේ සහ පාළු මැකීමේ ආදරේ)



ඔව් සුදූ ඒ කතාව ඇත්ත මම ඔයාට කියන්නමයි හිටියේ ඒත් ඔයාට දුක හිතෙයි කියලයි කිව්වේ නැත්තේ....තරහද

“…………………………………………………………”

අනේ ඇයි කතා නැත්තේ හිත රිදුනනම් සමාවෙන්න අනේ හොද ලමයා වගේ මට හෙලෝ කියලවත් කියන්න

හෙලෝ

මට සමාව දෙනවද නදී

ඔයා වැරැද්දක් කරලා නෑනේ ඒ නිසා සමාව ඉල්ලන්න එපා හොදේ මම දන්නවා ඔයා මට කවදාවත් වැරැද්දක් කරන්නේ නෑ කියලා මට ගොඩක් දුක හිතුනා ඒකයි කථා කරගන්න බැරිවුනේ. දැන් ඔයා මගේ විතරමයිනේ ඒ නිසා කලින් වෙච්චි දේවල් මම ගනන් ගන්නේ නෑ හැබැයි එක පොරොන්දුවක් පිට

ඒ මොකක්ද

මට ඒ කාලේ වෙච්චි හැම දෙයක්ම කියන්න ඕනේ හා ද කියන්න.හැබැයි ඔයාටත් දුකක් හිතෙන්නේ නැත්තම් විතරයි

මම කියන්නම් නදී

මගේ හිත අතීතයට ගමන් කලේ නිතැතින් මාව නතර වුනේ 8 වසර පන්ති කාමරේ.නිල් පාට කොට කලිසම් ඇදගත්තු අපේ ලමා කාලේ හරිම සුන්දරයි.මම මගේ කෙලි පොඩිත්තට මගේ ජීවිතේ  ආදරේ කරපු අය ගැන හැම දෙයක්ම කියන්නයි යන්නේ දින වකවාණු ඇතිව ඒත් එයා දන්නේ නෑ මගේ ජීවිතේ ඇරඹෙන්නේ එයාගෙන්ම කියලා.

6 වසරෙදි ලව් ලියුමක් ලියන්න අදහස් දීලා අම්බානක කේස් එකක්ඇදුනායින් පස්සේ මට ගෑනු ලමයි ඇලජික් කොච්චරද කිව්වොත් උන් වාඩිවෙලා හිටපු පුටුවක්වත් එපාමයි.නිකන් හරි කෙල්ලෙක්ගේ ඇගේ වැදුනොත් මම ආදරේ කරන ඉස්කෝලේ දාලා යන්න වෙයි කියලා මට ගොඩක් බයක් තිබුනා.

දවසක් සිංහල පීරියඩ් එක වෙලාවේ මගේ පෑනේ තීන්ත ඉවර වුනා පෝලිමේ එකෙක් ලගවත් පෑනක් නෑ මම ලියවෙන්නැති පෑන හොල්ල හොල්ල හිටියා ලියනවා වගේ එතකොට එහා පැත්තෙන් ගෑනු ලමෙක්ගේ කටහඩක් ඇහුණා.

මේ....”

මට කතාකරන්නේ රංගිකා(සැබෑ නම නොවේ) මම ඇයි කියලා ඇහුවාම මට පෑනක් දික් කලා ලියන්න කියලා....අනේ මම නම් ගනියි මුන්ගෙන්.

ආනේ තෑන්ක්ස් ඕක තියලා ඉදගන්න හොදේ

කෙල්ලගේ මූණ නිකන් පු* වගේ වුනා හි හි මට මාර ආතල් එදා ඒ පීරියඩ් එකම අයිස ගැහුවේ.ඔහොම කාලේ ගෙවිලා ගිහිල්ලා අගෝස්තු නිවාඩුව ආවා ඒ තමයි මම ආසම කාලේ ඇයි දන්නවද අපි හැමෝම නුවර යනවා.නෑදෑයෝ සේරම එකතු වෙනවා නුවර අයියයි,හංසියි මායි තමයි තුන්කට්ටුව හංසි මගේ වයසේ අපි ඉතින් ගිය වෙලාවේ ඉදලා සෙල්ලම සෙල්ලම ඉවරයක් නෑ.ක්‍රිකට් කිව්වාම පුදුම උණක් තිබුනේ.

සුපුරුදු පරිදිම අපි තුන්දෙනා සෙල්ලම් කර කර ඉන්නකොට අපේ නුවර ගෙදරට කවුදෝ මනුස්සයෙක් ආවා පුංචිම පුංචි හුරුබුහුටි කෙල්ලක් එක්ක 5 වසරේ විතර පෙනුමයි ඒ ලමයට.හංසි දුවගෙන ගියා එයා ගාවට ගිහිල්ලා දෙන්නම කතාව.හැබැයි නුවන් අයියට කෙල්ල ගැන වගේ වගක් නෑ එයාගේ සිහිය මගේ බෝලේ.මට මොන බෝලද ඒ ලමයා දැක්කාම මට අමුතුම දෙයක් වුනා ආයේ එයාගේ මූණ බලන්නමයි හිතුනේ.

හිමින් සීරුවේ කුස්සිය පැත්තෙන් ගෙට ගියපු මම මුකුත් දන්නේ නෑ වගේ ඉස්සරහට ආවා එතකොට තමයි මම ඒ ලමයාගේ මූණ දැක්කේ.හරිම හුරුබුහුටි සුදුම සුදු කෙල්ලෙක් එයාගේ බෝල ඇස් දෙකෙන් මගේ දිහාම බලන් ඉන්නවා. එයා කොන්ඩේ කොටට කපලා හිටියේ.දිග සායකුයි බ්ලවුස් එකකුයි ඇදලා.

එතකොටම හංසි කතා කලා අපි සෙල්ලම් කරමු කියලා මාත් පැනලා හා කිව්වා ඒත් අර ලමයා කිව්වා බෑ කියලා.මොනා කරන්නද හා කියපු නිසා නුවන් අයියා මාව ඇදගෙන ගියා හංසි අර ලමයා එක්ක ගේ ඇතුලට ගියා.

අපි සෙල්ලම් කරන්න හදනකොටම හංසිත් කෑ ගහගෙන ආවා අපිත් එනෝ කියලා අර ලමයත් ඇවිත් හිටියා මට එයාව දැක්ක ගමන් බකස් ගාලා හිනාවක් ගියා.....

කවුද මේ සීබ්‍රා...... කොහෙන්ද මෙයාව අහුලගත්තේ

සෙල්ලම් කරන්න ඕනේ නිසා හංසිගේ ඇදුමක් එයා ඇදගෙන. එයා ඇදන් හිටියේ සීබ්‍රා කෙනෙක්ගේ වගේ ඩිසයින් එකක් තියෙන කලු කොට කලිසමකුයි ටී ෂර්ට් එකකුයි.

ආ කවුද දන්නේ නෑ රැවුල් කොට එල්ලන් ඉන්න එළුවා

හුටා මම කවදාවත් මෙහෙම චාටර් වෙලා නෑ නිකට යටින් චුට්ටක් රැවුල් ගස් තිබුනට කපන්න කාලේ ඇවිත් තිබුනේ නෑනේ එතකොට මම කට වහගත්තා ඒත් කෙල්ල නෙමේ කට වැහුවේ.ඔන්න ඉතින් මාත් නිකා හිටියේ නෑ හැකි හැම අවස්ථාවකම කෙල්ලට හොදට ඇමතුවා.දවසින් බාගයක් ගෙවෙද්දි එයා මාත් එක්ක හොදට යාළුයි

අපේ බෝලේ එහා වත්තට ගියපු නිසා ප්ලාස්ටික් බෝලයක් හොයාගෙන කැච් පාස් කරන්න ගත්තා මම වැඩිහරියක්ම කැච් දුන්නේ මගේ නව මිතුරියට.එයා ඒවා අල්ලන්න කට ඇරගෙන අත් දෙක වට්ටියක් වගේ කරගෙන උඩ බලාගෙන එහාට මෙහාට දුවන හැටි මට තාමත් මතකයි.අපි ඇතිවෙන්න සෙල්ලම් කරා රෑ වෙනකන්ම.

අපි තේ බොනකොට එයා කට පුච්චගත්තු මට හිනාවුනා ඒ හිනාවට මගේ ඇග පුරාම හිරියක් දිව්වේ අමුතුම හැගීමක් එක්ක.8 වසර කියන්නේ සිත් ඔකද වෙන කාලේනේ.මම එකපාරටම බැලුවේ මගේ නියපොතු දිහා නියපොතු මැද්දෙන් සුදු ඉරක් ගිහින් තියෙන්නේ...

මචං මෙහෙම නියපොතු වල ඉරි හැදෙන්නේ කෙල්ලෙක් යාළු වෙන්න තියෙනවනම්

මජ්ජා කියපු මේ කතාව ඇත්තමද? මම ආයෙත් ඒ ලමයා දිහා බැලුවා එයා හරිම ලස්සනට හිනා වෙනවා නල දත් එයාගේ හිනාව පුදුමාකාර ලස්සනක් ගේනවා ඇයි චූටි ඩිම්පල් එක...මට ගිහින් ඇඟිල්ලෙන් ඔබන්න හිතෙනවා. මෙයා කොයිතරම් සුන්දරද මම එහෙම ගොඩක් වෙලා බලන් ඉන්න ඇති.

හෙලෝ හෙලෝ ඔයා ඉන්නවද ඔයා  අකමැතිනම් මට කියන්න එපා හොදේ

මම තාම ඉන්නේ කෝල් එකේ ඒත් හිත අතීතයේ

නෑ නෑ මම කියන්නම්කෝ ඔහොම ඉන්නකෝ ඔයාට මතකද අපි මුලින්ම නුවන් අයියලාගේ ගෙදර හම්බුනු දවස අපි සෙල්ලම් කලේ රෑ වෙනකන්ම මට ඒ සිද්ධි මතක් වුනා ඔයාට මතකද

ඔව්ව්ව්ව්ව් මතකයියි මගේ එළුවා මාව බයිට් කරන්න එහෙම ආවේ මට සීබ්‍රා කියාගෙන

අන්න එදා තමයි නදී මම මුලින්ම කෙල්ලෙක්ට ආදරේ කරන්න පටන් ගත්තේ ඒ වෙන කාටවත් නෙමේ ඔයාට හවස අප්පච්චි ඔයාව එක්කන් යද්දි මට ගොඩක් දුක හිතුනා.මම ඔයා දිහාම බලන් හිටියේ ආයේ ඔයාව හම්බුවෙන්න කවදා ලැබෙයිද හිතලා.ඔයා මගේ දිහා බල බල අප්පච්චි එක්ක ගියා.......හ්ම්ම්ම්ම්ම් මම හිතුවේ නෑ නදී ඔයාව ආයෙත් මට දකින්න ලැබෙයි කියලා

මමත් එහෙමයි මමත් ගොඩක් දුකින් ගියේ මම බලන් හිටියේ ඔයා මට ටටා කියයි කියලා ඒත් ඔයා කිව්වේ නෑනේ මම ගෙදර ඇවිත් ඇඩුවා ගොඩාක් ඔයා තමයි මගේ ජීවිතේ මුල්ම පිරිමි යාළුවා මට අදටත් ඉන්නේ ඔයා විතරමයි

ඇයි එදායින් පස්සේ ආයේ එහේ ආවේ නැත්තේ මම නුවර ආපු හැම සැරේම ඔයා එනකන් බලන් හිටියා හංසි ඔයා ඉන්න තැනක් දැනන් හිටියේ නෑ නැත්තම් අපි හම්බුවෙන්න මෙච්චර කල් යන්නේ නෑ

ලොකු ලමයෙක් උනාම කොහේවත් යන්න දුන්නේ නෑ නැත්තම් මමත් ගොඩක් ආසාවෙන් හිටියේ මට ඔයාව මතක් වෙන්න එකම එක දෙයක් තිබුනු නිසා මට වැඩිය පාළු දැනුනේ නෑ


ඒ මොකක්ද

ඔයා ලියලා තිබුනු කතා පොතනේ.මම හංසිගෙන් ඒක ඉල්ලගත්තා ඒ පොතේ පිටිපස්සේ කවරේ ඔයාගේ බෝල මූණ තිබුනානේ මම ඉතින් ඔයාව මතක් වෙනකොට ඒක දිහා බලාගෙන හිටියේ

අනේ කොයිතරම් අහිංසකද මම ආයේ එනකන් 2004 ඉදන් 2010 වෙනකන් මං වෙනුවෙන්ම ඉදලානේ.ඒ පොත ලිව්වේ 8 වසරෙදිමයි ඒත් ඒ පත්තරේ දැන්වීමකට කෙටි කතාවක් ලියලා යවලා ඒකෙන් තේරිලා ඒ ගැන විස්තර පසුවට.

නදී ගැන නිතරම මතක් වෙද්දි මට ඉන්න බැරිවුනා.ඒත් නුවර යන්නෙත් අවුරුද්දට එක පාරයි 2005 අගෝස්තුවෙ ගියාට නදී නුවන් අයියලාගේ ගෙදර ආවේ නෑ. නදී ගැන හීන මව මව ඉස්කෝලේ ආවාම අර රංගිකා කෙල්ලව මට පෙනුනේ මගේ නදී(ඇත්තටම දෙන්නම ටිකක් එක වගේ) විදියටමයි.ඉතින් නදීගේ රූපේ වගේ රූපයක් තියෙන මේ කෙල්ල දිහා බලාගෙන ඉන්න මම පුරුදු වුනා ඒ එයා දිහා බලන් ඉද්දි නදීව මට මතක් වෙන නිසා.

මේ බලන් ඉදිල්ල මගේ යාළුවන්ට දිරෙව්වේ නෑ ඒවාට හේතු හොයන්නෙත් නෑ කැලෑ පත්තර ගහනවා.මම යාළුවෙක්ට කිව්වා රංගිකා ලස්සනයි නේ කියලා එදා ඉදන් 9 වසරට එනකන් රංගිකාගේ නම කියලා මට කරපු විහිළු වැඩිවුනා අවසානයේ රංගිකා මට කැමතියි කියලා ආරංචියක් ආවා යාළුවන්ගෙන් මාර වදේ ඉතිං  එයාගෙන් අහන්න කියලා.නිකන් ආපු චාන්ස් එකනේ මොකෝ මම යාළුවෙන්න පස්සෙන් ගියෙත් නෑනේ ආයේ මොකටද මේ අස්සයාගේ දත් ගනින්නේ කියලා ලස්සන ඔටෝ එකකින් කොලයක් ඉල්ලගත්තු මම දන්න වැඩ කිඩ දාලා ලස්සනම ලස්සන ලියුමක් ලිව්වා රංගිකාගෙන් කැමැත්ත නිල වශයෙන් අහන්න.

දැන් ඒක ලස්සනට දෙකට තුනට නවලා දෙන්න කියලා නැගිට්ටා විතරයි......

අනේ දෙයියනේ ලියුම් මට අපලද මේ තරම්...................

ප/ලි

6 වසරේ ලව් සීන් එක ලියද්දි මම කිව්වනේ ආයේ ජීවිතේට ලියුම් ලිවීම භාවිතා කලේ නෑ කියලා ඒක එහෙම්මයි හොදේ කැමැත්ත අහන්න ලියුම් පාවිච්චි වුනේම නෑ ඊළග කොටස ලගදීම බලාපොරොත්තුවන්න.

උඩ පින්තූරේ හැදුවේ රේල් පාරේ ඉන්නේ මම කියන්නත් පාර මැද ඉන්නේ නදී කියන්නත්....හැබැයි ඒ දෙන්නා ඉන්නේ තරහ වෙලා නම් නෙමෙයි දෙන්නට දෙන්න දකින්න නැති පාළුවට දුකින්.


මේ වගේ කථා අහන්න ඔයාලා කැමති වෙයිද දන්නේ නෑ ඒ නිසා ඔයාලගේ අදහස් යෝජනා චෝදනා එවන්න ඕනෙම දෙයක් බාරගන්නවා....මම ආදරේ විකුනන් කනවා නෙමෙයි.අවසරේ අරගෙනමයි ලියන්නේ.මම එයාට ගොඩක් ආදරෙයි කියලා ඔයාලාට කියන්නයි මට ඕනේ වුනේ

Tuesday, January 10, 2012

අනතුරක් කල හදියක්-5කොටස (කොටාගේ ඉනා බෙහෙත සහ උපන් ඇදුම් මෙහෙයුම)





මම වෙද ගෙදර ඉන්නකොට කනට ඇහුනු ඇසට දැකපු පුදුමාකාර සිදුවීමක් තමා මේ ලියන්න යන්නේ.සදරු අයියා ලියා තිබුනු තල්පේ ගුරාගේ කතාවට කොමෙන්ටුවක් ලෙස මම මේ ගැන සදහනකුත් කලා......

වෙද ගෙදර ගැන ලියැවුනු කලින් කතා සදහා මේවායින් යන්න

අනතුරක් ජීවිතේට කල හදියක්-1 කොටස



ඔයාලට මතක ඇති වෙද ගෙදරදි අපිට බෙහෙත් බැන්ද හැටි උදේ පාන්දර ඉදන් ඉතින් ඔහොම බෙහෙත් බදිනකොට කලින් දවසේ මුලින්ම බෙහෙත් බැන්ද කෙනාට පහුවදා බෙහෙත් බදින්නේ අන්තිමට මේ කියන දවසේ මම තමයි අන්තිම.

අපේ බෙහෙත් බදිනවා කියන එකත් සෙල්ලම් නෑ උදේ පාන්දර අහුවෙන හැටියකට බාගෙට මූන හෝදලා සරමත් යන්තම් ගැටගහගන්න ඕනේ සරම ඇදලා නොහිටියොත් වෙද මහත්තයාට යකා තදවෙනවා

මුන්ගේ කැටිපෝල් දෙබල් එක්ක හරඹ කරන්නයි බෙහෙත් බදින්නයි දෙකක් බෑ ගලවලා විසිකොරපිය ඔය මගුල

මාරම ආතල්....පුතේ උඹට රිදෙනවද අහලා නෙමෙයි ගලවලා විසිකොරන්නේ ඉලාස්ටික් කලිසම් නෙවෙන්න මට කලිසම් ඉතුරු වෙන්නේ නෑ ඒ ඇද්ද ඇදිලි වලට.ඕං දවසක් මට සරම ඇදගන්න ටයිම් මදිවුනා (හික් හික් මම සරම අදින විදිය දන්නවනේ...වෙන විදියකට අදින්න ගිහිල්ලා වෙද ගෙදර හැමෝම ඉස්සරහා මම උපන් ඇදුමින් හිටියා එදා ඉදලා සරම අදින්නෙ අර මම මුලින්ම ඇදපු විදියටම තමයි).

එදා සරම වෙනුවට කොට කලිසම ඇදන් ගිහින් මම පොඩි වෙද මහත්තයට කිව්වා අනේ අද නම් ගලවලා විසිකරන්න එපා විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ කියලා පොඩි වෙද මහත්තයා කියාපි

පල පල ගිහින් ඇදන් වරෙන් නැත්තම් අත්තා උඹව දවසම නිර්වස්තරයෙන් තියයි කියලා

මම පට ගාලා ඇදගන්න යන්න හැරෙද්දි ලොකු වෙදමහත්තයා ප්‍රාදුර්භුත වුනා….කාලා හමාරයි මම ඉතින් මොකාද වගේ ඇදට නැගලා මුනින් තලා වුනා තෙල් ගාලා තවන නිසා....මෙන්න වෙදමහත්තයා කෑ ගහන්න ගත්තා ඒ විතරක් නෙමෙයි ඇදලා ගත්තු කලිසම් කොටේ විසිකරා වෙද මහත්තයගේ කාමරේට.ආව් මරේ මරු මම අද සුන් හි හි ඇයි දන්නවද වෙද මහත්තයා බවලත් උදවියට වෙදකම් කොරේ අපට වෙදකම් කොරාට පස්සේ ඉතිං හිතාගන්නකෝ...

මම දැන් අමු නිර්වස්තරෙන් තෙල් සාත්තුව විදගෙන ඉන්න අතරතුර එක ගෑනු කෙනෙක් හරිම හදිස්සියෙන් කඩා වැදුනා කාමරේට මගේ විලි ලැජ්ජාවේ සන්තෝසේ උපරිමයි මම මූණ හංගගත්තා ඇයි හත්තිලව්වේ බෙහෙත් ගාන අස්සේ මොන උලව්වකට රිංගනවද.ඉතින් කාව කාවත් මතක් කරද්දි මට ඇහුනා අර ආපු ගෑනු පරාණේ දොඩවන දේවල්

අනේ වෙද මහත්තයෝ මගේ දුවට ගොඩක් අමාරුයි අනේ පිං සිද්ධවෙයි ඉක්මන්ට ඇවිල්ලා බලන්න ඊයේ තමයි දුව ගෙදර ආවේ හරියට ඇවිදගන්න පණක් නෑ ගැහි ගැහි ඉන්නවා අත පය ඔක්කෝම ඇකිලිලා අනේ වෙද මහත්තයෝ ඉක්මන්ට ඇවිත් බලන්නකෝ

වෙද මහත්තයා ඉක්මන්ට කාමරේට ගියා ලෙඩාව එක්කගෙන වරෙන් බලන්න කියලා පොඩි වෙද මහත්තයත් මිසිං ඒ විනාඩියට.වෙද මහත්තයාගේ කාමරෙයි බෙහෙත් බදින කාමරෙයි වෙන් වෙන්ව තියෙන්නේ ඉතිං මට ඇහෙනවා ඇතුලේ අඩන සද්ද කෑ ගහන සද්ද එහෙම.මම තාමත් උපන් ඇදුමින් ඇද උඩ මුනින්තලාව ඉන්නේ.මම යන්තම් ඔළුව හරෝලා බැලුවා ඇදගන්න යමක් අහල පහල තියේද කියලා තිබුනේ ඇගේ ඔතන රෙදි පටි විතරයි ඒක ඔතාගන්නවට වඩා සැපයි හෙළුවෙන් ඉන්න එක.මගේ කලිසම හොයන්න සෑහෙන්න ගේමක් දුන්නා ඇදේ කැරකි කැරකි එතකොට යාන්තම් මීටර් මගේ කලිසම තියෙනවා වෙදමහත්තයාගේ කාමරේ පුටුවක් යට,දොර රෙද්ද අස්සෙන් මට පේනවා.වෙද මහත්තයා මතුර මතුර තෙල් ගානවද කොහේදෝ හෙන සද්දේ.

මම ඔපරේෂන් කලිසම ක්‍රියාත්මක කලා.හිමින් සැරේ ඇදෙන් බැහැලා මේසේ උඩ තිබුනු පුංචි පත්තර පිටුවෙන් මගේ සැලකිය යුතු ප්‍රදේශේ වහගෙන හිමින් සැරේ දොර රෙද්දට කිට්ටු කලා.(හි හි එතකොටම අපේ බලවත් උදවිය බෙහෙත් බදින කාමරේට කඩා පැන්නෙත් නෑලු හෝමාගම අක්කා හයියෙන් හිනා උනෙත් නැතිලු).බවලත්තු ගියාට පස්සේ කකුලක් දාලා කලිසම අරගෙන දෙයියනේ කියලා ඇදගත්තාම තමයි යන්තම් හුස්මක් කටක් ගත්තේ.ඔන්න ඔය අතරේ වෙද මහත්තයා කියන කතාවක් මට ඇහුනා....

මේ ලමයට ඉනාවක් දීලා තියෙනවා මීට අවුරුදු 5කට කලින් වෙච්චි සිද්ධියක් මේක මේ ලමයාව දැන් ගොඩදාන්න අමාරුයි

අනේ වෙද මහත්තයෝ මේක හොදකරන්න පුළුවන් ඔබතුමාට විතරයි අපි ගාල්ලේ ඉදන් ආවේ අනේ කොහොමහරි මගේ දූව බේරලා දෙන්න

වෙච්චි දේ කියන්නකෝ අම්මේ අපි උත්සහ කරලා බලන්නම් එහෙම කිව්වේ අපේ පොඩි වෙදමහත්තයා

මගේ දුව මීට අවුරුදු 5කට කලින් පැනලා ගියා කොටම කොට මිනිහෙක් එක්ක එතකොට යන්තම් 18 ලැබුවා විතරයි.අපි කොච්චර කිව්වත් මේකි කනකටවත් ගත්තේ නෑ මේකිට ඉනාවක් දීලා.ඒ මිනිහාගේ ගෙදරට ගිහිල්ලා වහලියක් වගේ වැඩකලා.මෙච්චර ලස්සන දූ පැටියෙක්ව හැදුවේ ඒ වගේ එකෙක්ට දීග දෙන්න නෙමෙයි අනේ දැන් බලන්න වෙද මහත්තයෝ හැටි අත පය වකුටු වෙලා තියෙන හැටි බලන්න.මට මගේ දරුවව බේරලා දෙන්න වෙද මහත්තයෝ

ඒ කතාව ඇහුවාම මට පුදුම තරහක් ඇතිවුනා කොට මිනිහා එක්ක.ආදරේ කියන්නේ බලෙන් ගන්න පුළුවන් දෙයක්ද ඔහොම වැඩ කරන්න උඩ ගෙඩි දෙන මිනිස්සුන්ට නම් හොදක් සිද්දවෙන්න එපා.මට ආසාවක් ආවා ඒ කියන අක්කාගේ මූන ඩිංගිත්තක් බලන්න මම දොර රෙද්ද අතරින් බැලුවාම මට කදුලු ආවා ඒ දැක්ක දර්ශනයට.

සුදුම සුදු මූනක් හරි අහිංසකේට තියෙන ඇස් දෙකකුයි හීනි තොල් දෙකකුයි තිබුනු ඒ මූනේ අහිංසකක්වය පෙන්නන්න මට වචන නෑ පුදුමාකාර ලස්සනයි.ඒත් ඒ අක්කා පුටුවේ වාඩිවෙලා හිටියේ කොන්ද පාත් කරගෙන අත්දෙක ඇග ඇතුලට නමාගෙන හරි අමාරුවෙන්.කකුල් වල ඇගිලි එක උඩ එක ගිහිල්ලා කකුල් දෙපැත්තට තියාගෙන ඒ ඉන්න විදිය දැක්කාම ඕනේ කෙනෙක්ට හිතෙනවා අර කොට කාලකන්නියගේ බෙල්ල ගලවලා එන්න.

ආයේ අර අක්කාගේ අම්මා කතාකරන්න ගත්තා

මෙයාලාට දරුවෝ නෑ ඒ නැන්දම්මා හරියට කරදර කරලා තියෙනවා මගෙ දුවට දරුවෝ නැති එකට.ඒ තරහට තමයි අවුරුදු 5කට පස්සේ නැන්දම්මා කොට පුතා එක්ක එකතුවෙලා දුවව ගෙදරින් එලවලා තියෙන්නේ ගෙදරට එනකන් දුව හොදට ආවා මට වැදලා සමාවත් ගත්තා මට තේ එකකුත් හදලා දුන්නා ඒත් පහුවදා උදේ ඉදන් හොදටම උණ බෙහෙත් ගත්තත් අඩුවුනේ නෑ.ඊට පස්සේ තමයි අත පය මෙහෙම වෙන්න ගත්තේ

ඉනාවක් ගිලලා පත්තියම් උනාම දරුවෝ පිහිටන්නේ නෑ ඒවා ඇගට විසයි ඉනාව අවලංගු කරන්න නම් කරන්න ඕනේ වත් පිළිවෙත් තියෙනවා ඒවා කරන්න ඕනේ ඉනාව දාපු එක්කෙනාමයි ඒකත් හරියට නොකලෝතින් ඉනාව හදලා දුන්නු කෙනාට තමයි විදවන්න වෙන්නේ.මේවා බොහෝම බැරෑරුම් වැඩ

මම හිතුවත් වගේ වෙද මහත්තයා මුදල් ඉස්සර කරගත්තා මට ඒ ගැන නම් කිසිම තරහවක් නෑ මොකද සිංහල වෙදකමට මේ තරම් මුදල් අය කිරිම අසාධාරණයක් නොවෙන බව වෙද ගෙදර මහා වෙදනාගේ බ්ලොග් අඩවියේ කොමෙන්ටුවක් පල වී තිබුනා ඒ මතයත් සාධාරණයි.කොහොම නමුත් වෙද මහත්තයා බෙහෙත් තෙල් එහෙම දීලා එයාලව පිටත් කලා.එයාලා යද්දිත් මම ඉස්සරහටම ඇවිත් ඒ අක්කා දිහා උවමනාවෙන් බලාගෙන හිටියා.එහෙම වෙන්නේ ඇයිද පෙර කල කර්මද කියලා මම දන්නේ නෑ ඒත් ඒ අක්කාට සෑහෙන්න කාලයක් දුක් විදින්න වෙයි කියලා හිතුනා.....

මේ සිද්ධිය වෙද්දි මම වෙද ගෙදරට ඇවිත් සති දෙකකට කිට්ටුයි ඒ අක්කාව ඉන් පස්සේ දෙපාරක් දැක්කත් ඒ හැටි සුවයක් නම් පෙනුනේ නෑ බත් කටක් කාගන්න බැරි තරමට ඇගිලි ඇදවෙලා තිබුනේ මම කීපසැරයක් කතා බහ කරන්න හැදුවත් සෑහෙන්න අමාරුවෙන් සිටි නිසාදෝ ඇය සිනාසුනා පමණයි.ඇයට යම්තාක් දුරකට හෝ සුවයක් ලැබෙන්න කියලා මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා..


වෙද මහත්තයා ඒ රාජකාරි කරලා එන්න හදනකොටම මම ආයේ කලින් හිටිය විදියටම ඇදට වෙලා හිටියා.අනේ මල්ලියේ උඹව අමතක වුනානේ කියලා පොඩි වෙද මහත්තයා බෙහෙත් බදින ගමන් මට  කතාව ආයේ සැරයක් කිව්වා මම දන්නේ නෑ කියලා හිතලා.කොහොමහරි ඒ වැඩේ කරලා තියෙන්නේ හාමුදුරු නමක් බව අර අක්කාට කොට මිනිහා කියලා තියෙනවා අක්කව පන්නන දවසේ.


මේවා නැතැයි කියන්නත් බෑ හැබැයි බහුතරයක් ඉන්නේ මේවා දන්න බව අගවන හොරු.ඒත් මමනම් හිතන්නේ මේවා පස්සේ නොයා ඉන්නවනම් ජීවිතත් මුදලුත් නාස්ති නොවී ඉතුරු වෙනවා කියලා.බලෙන් ආදරේ ලබාගෙන තේරුමක් නෑනේ...

Thursday, January 5, 2012

අතේ පත්තු වී කෙලැවුනු සිහිනය



"හෙලෝ අයියේ මං ගාව ලියපු නිසදැස් වගයක් තියෙනවා ඔයාට පුළුවන්ද ඒවා අරං සිංදුවක් හදලා කියන්න"

"එහෙම එක පාරටම උත්තරයක් දෙන්න බෑ මල්ලියෝ ඔයා මට ලියපුවා එවන්නකෝ මම ඒවා බලලා කියන්නම්කෝ"

"අනේ තෑන්ක්ස් අයියේ එහෙනම් මම තියනවා bye "

හම්මේ කෝල් එක ගත්තට පස්සේ මට තිබුණු සතුට මම ගෙදර ඇවිත් අම්මටත් කිව්වා තාත්තටත් කිව්වා.බොලේ තාත්තා ඇහුවා දැන් ඉතිං ඇඩ්රස් එක තියෙනවද??

හරි හුටා කලබලේට ඒවා ඉල්ලගත්තේ නෑනේ මම දඩි බිඩි ගාලා ගත්තා ආයේ කෝල් එකක්.අයියෝ මිනිහා ෆෝන් එක ඕෆ් කරලා අයියෝ මම නැග්ගොත් කරපිංචා ගහෙත් ඩබලක්.කාලා වරෙන්කෝ දැන් මම සෑහෙන්න අප්සොට් එකේ ඇදට වෙලා කල්පනා කරා සෑඩ් මූඩ් එක ඩබල් වුනේ මම යාළු වෙලා ඉන්න කෙල්ලගේ අම්මා ගේ සන්තකේට තිබුණු එකම ෆෝන් එකත් අරන් දවස් තුනක චාරිකාවක් යනවා කියලා මැසේජ් එකක් මගේ ෆෝන් එකට ආවාම.මට අඩන්න තරම් දුකයි අප්පා මොකකටවත් නෙමෙයි මාස ගානක් තිස්සේ අම්මා එහෙ මෙහෙ වෙනකම් ඉදලා ඇට්ටි හැලෙන්න මල් කඩන්න හිතං හිටියට ඒක බොද වුනාටයි.ගී පද රචකයෙක් වීමේ හීනේ අළු වුනාටයි.

මීට අවුරුද්දකට කලින් අපි කෝල් කරන්නේ සතියකට සැරයයි ඒකත් විනාඩි පහයි.ඒකත් අපි කාගෙත් දුකට සැපට උදව් කරන ගෙම්බිට(නිල්මිණි) මාර්ගෙන් අරගන්නේ.අපි හම්බුවෙන්නේ මාස තුනකට සැරයක් ඒත් විනාඩි ගානකට.ඉතිං දැං ආයේ සති දෙකක් යනකන් මට එයාගේ කටහඩ සැපදුක් අහන්න නෑ මොකද මම සතියක් ගානේ කථා කරන දවස උදා වෙන්නේ තව දවස් දෙකකින්.....

මට දැනෙන්න ගත්තා මගේ පපුව හිරවෙනවා වගේ කදුළු කැටත් මෝදු වෙන්න වගේ මම කවදාවත් එහෙම බොලද වෙලා නෑ.ඒත් එක්කම මට හිතුනා මේ දුක ලියන්න ඉතිං මං සිතුවිල්ලක් මැව්වා මගේ කෙල්ල මාව දාලා ගියා කියලා.දැං හිතට සෑහෙන්න වේදනායි. ගැම්මෙන් මම ලිව්වා නිසදැසක් මම මවපු හිතුවිල්ලේ සැර නිසා වැඩිය ලියාගන්නත් බැරිවුනා.ඕං යටින් දැම්මා හොදයිද බලන්නකෝ කියවලා...

ඔබෙ නිල්නෙතු බැල්ම කිංකිණි නාද.....
යාවි පියඹා
හදවත රැදි සිසිළ මා ළග නොසිට.....
යාවි පියඹා

ඔබ දුර ඇදිලා
මා සිත බිදිලා
ඔබ මට කොදුරා
පැවසූ රහස් රහසෙ මැකිලා....

සිහිනෙක කිමිද ඔබ ගැන සිතපු.....
කාලේ ගෙවිලා
නොසිතුව විලස මගෙ නෙතු ගාව.....
කදූළු පිරිලා

ඔබ යලි හැරිලා
මා දෙස බලලා
එන හැටි පියඹා
මවා සුසුම් හෙළුවා.......සිහනෙන්

ආදරය  කියාදී
ජීවිතය හදාදී
දුක මට ලියා දී
ඔබ යයි මගෙන් මිදී

ඕක ලිව්වට මට කික් වුනේ නෑ ඒත් වැඩේ කියන්නේ මේක ලියලා ටික වෙලාවක් යද්දි අර අයියා  මට කෝල් එකක් ගන්නවා බොලේ...

" මල්ලි හදිසියට ඔයාට ඇඩ්රස් එක දෙන්න බැරිවුනා මෙන්න මේක ලියාගන්න සසරිරිගාමා@සරිගමපධපා.com bye මල්ලියෝ"

මේකේ ඉන්නා ගායක අයියාගේ නම රකිත "දම්පාට හැන්දෑවේ".පස්සේ දවසක මෙයා මට කෝල් කරලා කිව්වා

"මල්ලි ඔයාගේ ලිරික්ස් හොදයි ඒත් ඔක්කොම එකම තීම් එකේ සමහර ඒවා රයිම් වෙන්නෙත් නෑ මම ට්රැක් එකක් දෙන්නම් පුළුවන්නම් මනු අයියා දුකා අයියා වගේ වෙනස් දෙයක් ලියලා දෙන්න.එහෙම එකක් ආවොත් කරන්නම් නැත්නම් පාඩුයි මල්ලි"

ඒත් ඉතිං මට රම්බරිලාගෙන් නම්බර් අහන්න පුරුද්දක්,මල් ගැන අත්දැකීමක් නෑනේ අප්පා මම මොකැයි කොරන්නේ මම නිකං හිටියා.

/ලි

අන්තිමේදි අපේ නංගි බලෙන්ම මම ලියපුවා අරං ගිහින් එයාගේ යාළුවෙක්ගේ අතේ එක ගායකයෙක්ට යවලා තිබුනා(මෙයාට ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් විදියට නටන්න පුළුවන්ලු) කාලයක් කොළ එළියකුත් පත්තු වුනා දැන් නම් බල්බ් එකත් නෑ හෝල්ඩරෙත් නෑ.

 උඩම තියෙන්නේ මගේ පොතය.රතු පාටින් වටකරලා තියෙන්නේ මම දාපු නිසදැසය.ඡායාරූපය ගත්තේ චයිනීස් ෆෝන් එකකින්ය.