Saturday, February 9, 2013

ගැහැණු ලොවක සිරකරු... 12 කොටස


මුල් කොටස් සඳහා
11 කොටස
************************************************************************
පෙර කොටසින්,

කාන්තා ජනපදයේ සෙබලියන් විසින් සිරගත කර තැබූ අශාන් ඉන් මිදෙන්නේ නොසිතූ අයුරින් පැමිණි ප්‍රධාන සෙබලියගේ අවිය පැහැරගෙන ඇයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවයි.ඉන් අනතුරුව එම හමුදා මූලස්ථානයෙන් පලා යාම සඳහා අශාන් සැරසෙන්නේ තනිව සටන් කිරීමට ඔහු සතුව හැකියාවක් නොපවතින බැවිණි.අහම්බයෙන් මෙන් මූලස්ථානයේ යානා අංගනය වෙත පිවිසෙන ඔහු එම අංගනයේ යානාවක් රැගෙන පලා යාමට පියවර ගනිමින් සිටී....

මේ අතර ප්‍රධාන නිලධාරිනියගේ අඩුව පිරවීමට පැමිණි දෙවන ප්‍රධාන නිලධාරිනිය අශාන්ව නැවත කොටුකරගැනීමට උත්සහ කරමින් සිටියි....

අද එතැන් සිට,
****


සෙබලියගේ අවිය තවමත් අත දරා සිටින අශාන් එම යානා අංගනය ඉදිරියට ඇදුනේ අවට ඇති යානා පිරික්සමිනි.ඔහු ඉන් එක් යානයක් අසලට ලංව ඊට අත තැබුවා පමණි,ඔහුට ඇසෙන්නට වූයේ මහා හඬක් නගමින් නාද වන මූලස්ථානයේ අනතුරු ඇඟවීමේ නලා පද්ධතියේ හඬයි.මොහොතකට ඔහු තුෂ්ණීම්භූත වුවද එම අනතුරු හැඟවීමේ පද්ධතිය ක්‍රියාත්මක වූයේ ඔහු එම යානයට අත තැබූ නිසා නොවන බව ඔහුට පසුව වැටහිනි.

ඒ සමගම යාන්ත්‍රික හඬක් නංවමින් එක්වරම ඉහලට එසවුනේ අංගනයේ නවතා තිබූ යානයකි.ඔහු ඒ දෙසට ඔහු සතුවූ අවිය ඉලක්ක කල නමුත් එක්වරම එම යානයේ බඳ පෙදෙසේ තිබූ අංකය දැකීමෙන් අනතුරුව ඔහු සිය අදහස වෙනස් කරගතේතේය.

2819SS”
ඒ ඔහු විසින් ලබාදුන් විධානයට අනුව පරිගණකය විසින් සූදානම් කරන ලද යානයයි.ඔහු වහා එය දෙසට දුවන්නට විය.ඔහු එම යානය අසලට ලංවත්ම තවත් යාන්ත්‍රික හඬවල් ගණනාවක් ඔහුට ඇසෙන්නට විය.ඔහු සෙමින් පිටුපස හැරුනේ කුතුහලය පිරි බියෙන් සලිත මුහුණින් යුතුවයි.

ඔහු සිතුවා නිවැරදිය..... සියළුම යානා පණගැන්වී ඉහළට එසවෙමින් පැවතිණි.

අශාන් එම යානා සමූහය දෙස නෙතු අයා බලාහිඳින්නට වූයේ කිසිවක් සිතාගැනීමට පවා නොහැකිවයි.එකවර යානා සියයක් පමණ ක්‍රියාත්මක වූ විට ඔහු කුමක් නම් සිතන්නද.... ඔහුගේ දෙඅත් ඉබේම ඉහළට එසවුනේ යටත් වීමට තමා සූදානම් බැව් යානාවලට හඟවමිනි.ඔහු විනාඩි කිහිපයක් එලෙස නොසෙල්වී සිටියද යානාවලින් කිසිදු අයුරක ප්‍රතිචාරයක් නොලැබීම ඔහුව පුදුමයට පත්කිරීමට සමත්විය.ඔහු සෙමින් සෙමින් ඉහළට එසවූ දෑත් පහත හෙලුවද එම යානා එලෙසින්ම ගුවන්ගතව පැවතිණි....

ඔහු මදක් නිසලව කල්පනා කරන්නට විය.ඉන්පසුව සෙමෙන් අඩියක් පිටුපසට තැබුවද යානාවේ චලනයේ වෙනසක් නැති බව දුටුවෙන් ඔහු සිටි ඉරියව්වෙන්ම පසුපසට ගමන් කරන්නට විය.සෙමින් සෙමින් පසුපසට යමින් ඔහු තමා කලින් ලබාදුන් විධානයට අනුව පරිගණකය සූදානම් කර තිබූ යානාව වෙතට ලංවන්නට විය.ස්වල්ප මොහොතකින් ඔහුගේ සිරුර යානයේ බඳෙහි ගැටීමෙන් ඔහුගේ ගමන නතරවිය.වහා ක්‍රියාත්මක වූ ඔහු හැකි උපරිම වේගයෙන් එම යානයේ දොරටුව විවරකරමින් යානයට රිංගාගන්නට සමත්විය.තමා අනතුරුදායක අඩවියෙන් ගැලවුණු බව ඔහුට හැඟෙන්නට වූයෙන් සැනසුම් සුසුමක් ඔහුට නිරායාසයෙන්ම පිටවන්නට විය.යානයේ නියමු අසුනෙහි හිඳගත් ඔහු යානයේ ක්‍රියාකාරිත්වය කෙසේ සිදුවනවාදැයි පිරික්සන්නට විය.

යානයේ ක්‍රියාකාරිත්වය වටහා ගැනීමට ඔහුට එතරම් වේලාවක් ගත නොවුණි.මීට පෙර ඔහු ක්‍රියාත්මක කල යානය හා මෙය අතර එතරම් වෙනසක් නොතිබීම එයට හේතු විණි.යානයේ වූ පාලන පුවරුවට අත තබා යානය ඉදිරියට පියාසර කිරීමට සූදානම් වත්ම එම තිරයේ එක්වරම පණිවිඩයක් දිස්වන්නට විය.
ඉන් දැක්වුනේ යානයේ සිටින්නන්ගේ සෞඛ්‍ය තත්වයන් පිළිබඳ වාර්තාවන් ප්‍රධාන මූලස්ථානයට යවමින් පවතින බවකි.ඒ සමගම කලබලයට පත් අශාන් වහාම එම දත්තයන් යැවීම නැවැත්වීමට ක්‍රමයක් සොයන්නට විය.නමුත් ඔහුගේ කලබලය නිසාම යානයේ වූ වීඩියෝ කැමරාවද ක්‍රියාත්මක වන්නට වූ අතර ඔහු ඉදිරියේ වූ තිරයකින් ප්‍රධාන මූලස්ථානයේ රූප රාමුද දිස්වන්නට විය.තුෂ්ණීම්භූත වූ ඔහු මොහොතක් ඒ තිරය දෙස නෙත් යොමා සිටින්නට විය.එම තිරයේ දිස් වූයේ පාලන මැදිරියේ සිටින සෙබලියකගේ රුවකි.ඇය එම කැමරාවට පිටුපා යම් රාජකාරියක නිරතව සිටිනුද දක්නට ලැබිණි.

අශාන්ගේ ගැහෙමින් පවතින හස්තය පාලන පුවරුව හරහා සෙමෙන් රැගෙන ගියේ එම වීඩියෝ පණිවිඩය විසන්ධි කිරීම සඳහායි.... ඔහු වීඩියෝව විසන්ධි කරනවාත් සමගම සෙබලිය එක්වරම කැමරාව දෙසට හැරිණි.

ඇසි පිය නොහෙලා ඔහු එම තිරය දෙස බලා සිටින්නට වූයේ තදින් හුස්ම ඉහළ පහළ හෙලමිනි.එම සෙබලිය තමාව දුටුවාද නැත්ද යන වග ඔහුගේ සිතේ හොල්මන් කරන්නට විය.එක්වරම ඔහුගේ සිතට පැමිණි අදහසක් නිසාදෝ ඔහු නැවතත් කලබලයෙන් පාලන පුවරුවේ ඒ මේ අත ස්පර්ෂ කරන්නට විය....

****

ප්‍රධාන මූලස්ථානයේ මෙහෙයුම් මැදිරියේ සිටි සෙබලිය සිටියේ එම මූලස්ථානයේ සවිකර තිබූ සියළුම කැමරාවලින් ලැබෙන දර්ශන පිරික්සමිනි. තමා දෙස කවුරුන්හෝ බලාගෙන සිටින බවක් දැනුනෙන් ඇය වහා පිටුපස බැලූ නමුත් එම මැදිරියේ කිසිවෙක් නොවිණි.නමුත් ඔවුන්ගේ ගුවන් යානාවලින් ලැබෙන වීඩියෝ ඇමතුම් පරික්ෂා කරන තිරයක “Video Offline” යනුවෙන් සඳහන් වී තිබීම ඇගේ කුතුහලය ඇවිස්සීමට සමත් විය.

ඇය වහා සියළුම යානාවල තිබෙන වීඩියෝ කැමරාවලින් පටිගත වූ රූප රාමු පිරික්සන්නට වූයේ ඇගේ සැකය තහවුරු කරගැනීමේ අපේක්ෂාවෙනි.සියළුම යානාවලින් රූප රාමු ලැබුණද එක යානාවක කැමරාව ක්‍රියාත්මක නොවී තිබීම ඇගේ සැකය වඩාත් තීව්‍ර කිරීමට සමත් විය.

****
මේ අතර දෙවන ප්‍රධාන නිලධානිරිය අශාන්ව රඳවා සිටි කුටියෙන් ලබාගනිමින් සිටි ආලෝක අංශුන්ගේ දර්ශණ නරඹමිනි.අශාන්ගේ ගෙල සිරකරගෙන සිටින සෙබලිය එක්වරම පසුපසට විසිවී ඇද වැටෙනු දුටු ඇය විශ්මයට පත්වූයේ ඔහු කෙසේ එය සිදුකලාදැයි සිතාගත නොහැකිවයි.නැවත වරක් එම කොටස ඇය නැරඹුවේ සිරගත කොට සිටි අශාන් එවැන්නක් සිදුකලේ කෙලෙසදැයි පැහැදිලිව දැකගැනීමටයි.සෙබලියගේ අවිය අශාන් ඩැහැගන්නා අයුරු ඇය දුටුවේ එවිටයි...

ඒක තමයි ක්‍රමය... ඇය එක්වරම කෑ ගැසමින් මෙහෙයුම් මැදිරිය දෙසට දුවන්නට වූයේ පරීක්ෂණ කුටියේ කේතයන් පිරික්සමින් සිටි සෙබලියටත් අඬගසමිනි.

ඉක්මනට එන්න මට ඔයාගේ උදව් තවත් අවශ්‍යයි අනූ....
අනිවාර්යෙන්ම මැඩම් .....

ඔවුන් දෙදෙනා එක එල්ලේ දුවන්නට වූයේ මෙහෙයුම් මැදිරිය දෙසටයි.මෙහෙයුම් මැදිරියට ආසන්න වෙත්ම එහි යම්කිසි කලබලකාරී ස්වරූපයක් දුටුවෙන් ඔවුන්ගේ ගමන තවත් ඉක්මන් වන්නට විය.වහා එය තුලට පිවිසුනු අසනිට හා අනූට දැකගන්නට ලැබුනේ මෙහෙයුම් මැදිරිය පුරාම ඇති පරිගණක තිරවලින් දිස්වූ අශාන්ගේ රුවයි.

මේ කොහෙන් එන වීඩියෝ දර්ශණයක්ද???

2819SS යානයෙන් ආපු පණිවිඩයක් මැඩම්....

එහෙනම් වැඩේ තවත් පහසුයි....  වහාම අපේ සෙබලියන් එතනට පිටත් කරන්න... අනූ ඔයා ඒ යානයේ පාලනය අපේ අතට ගන්න පුළුවන්ද බලන්න ඉක්මන් කරන්න ඒ යානයට අපේ සීමාවෙන් එලියට යන්න දෙන්න එපා...

අසනිගේ විධානයත් සමගම එම කුටියේ සිටි සෙබලියන් සියළු දෙනාම ඔවුන්ගේ යානා අංගනය වෙත පිටත් වූයේ අශාන්ව යටත් කරගැනීමේ බලාපොරොත්තුවෙනි.මූලස්ථානයේ සිටි සියළුම දෙනාටද ගුවන් යානා අංගනය වෙතට යන ලෙස නියෝග ලැබුණේ නැවතත් අශාන්ට ගැලවී යාමට කිසිදු ඉඩක් නොදීමටයි.

යානා අංගනය සමීපයේ සිටි සෙබලියන් සුළු මොහොතකින් එහි ලඟා වුවද ඔවුනට දැකගැනීමට ලැබුනේ තම මූලස්ථානයෙන් පිටතට පියාසර කරමින් පවතින යානාවයි.මොහොතකට දැල්වුණු ඔවුන්ගේ බලාපොරොත්තු ක්ෂණයකින් සුනු විසුණු වූයේ මීළඟට කල යුත්තේ කුමක්දැයි පවා සිතාගැනීමට නොහැකි තත්වයකට ඔවුන්ව පත් කරවමිනි.

මැඩම්..... අශාන් ඉන්න යානයේ පාලනය අපේ අතට ගන්න කිසිම ක්‍රමයක් නෑ.... ඔහු දැන් මූලස්ථානයේ සීමාවෙනුත් පිටතට ගිහින් ඉවරයි....

මොකක්….. ???
ඔව් මැඩම් යානයේ පාලනය අපේ අතට ගන්න තියා ඒ යානාව යන ගමන් මාර්ගයවත් අපිට පේන්නේ නෑ.... අපි හිතුවට වඩා අශාන් දක්ෂයි මැඩම්.මෙච්චර ආරක්ෂිත පද්ධතියකට ඇතුළු වෙලා සේරම සන්නිවේදන උපකරණ අක්‍රිය කරන්න ඔහුට පුළුවන් වෙයි කියලා මම හිතුවේ නෑ....

හිතුවේ නෑ කියන එක උත්තරයක් නෙමෙයි අනූ..... මට කොහොමහරි ඌව කොටුකරගන්න ඕන... ආවේගශීලිව දෙවන ප්‍රධාන  නිලධාරිණිය පිළිතුරු දුනි.

සමාවෙන්න මැඩම්.... කරන්න බැරි දෙයක් මම කොහොම කරන්නද?

මම පරීක්ෂණ කුටියෙ ඉඳන් මෙතනට දුවගෙන ආවේ මොකකට කියලද අනූ හිතුවේ? අශාන් යානයකට නැගලා කියලා මම දැනගෙන හිටියෙ නෑ මට ඕන වුනේ සෙබලියගේ අවිය පාවිච්චි කරලා අශාන් ඉන්න තැන හොයාගන්න.මම හිතනවා අනූ ඔයාට බැරි නෑ ඒ අවියෙ සංවේදක භාවිතා කරලා අශාන්ගේ යානය දැන් තියෙන තැන අපේ සෙබලියන්ට දැනුම් දෙන්න

උත්සහ කරන්නම් ඒත් ඒ යානයේ කොයිතරම් වේගෙකින් යනවා කියලා හිතාගන්න මට බෑ සමහර විට අපි මේ යානය හොයාගෙන එතනට යනකොට අශාන්ට බේරිලා යන්න ඕන තරම් වෙලාව තියෙයි

හෙහ් හෙහ් හේ..... ඔයා මාව අවතක්සේරු කරනවා අනූ.අශාන් යානයෙන් පිට වුනා කියලා මට පණිවිඩය ලැබෙද්දිම මම සේරම සෙබළියන්ට ඒ යානය හඹා යන්න නියෝග දුන්නා.අශාන්ගේ යානයේ ඡායාවක් තවම නැතත් අශාන් ගමන් කරන ඉසව්ව දැනගන්න පුළුවන් වුනොතින් විනාඩි දෙක තුනක් ඇතුළත අපේ යානාවලට පුළුවන් වේවි අශාන්ව කොටු කරගන්න

ඒත් ඒ යානාව ප්‍රහාරක යානාවක් බව අමතක කරන්න එපා

අශාන් පහර දුන්නොත් ප්‍රතිප්‍රහාර සඳහා මම සෙබලියන්ට අවසර ලබා දුන්නා අනූ

ඒත්... ඒත් ජනපද නිලධාරිනියෝ කැමති වෙන එකක් නෑ අශාන්ගේ මල සිරුරක් බාරගන්න මේක එච්චර හොඳ තීරණයක් නෙමෙයි මැඩම්

තීරණේ හොඳ වුනත් නරක වුනත් තවත් සෙබලියන්ගේ ජීවිත අනතුරේ දාන්න මට බෑ අනූ.වාද කරලා තේරුමක් නෑ ඉක්මන් කරන්න ජනපදයේ කට්ටිය මේ මෙහෙයුමට අත දාන්න කලින් අපි අශාන්ව අල්ලගන්න ඕනේ

දෙවන ප්‍රධාන නිලධාරිනියගේ නියෝගය පිළිපදිමින් අනූ සිටියේ සියළුම සෙබලියන්ගේ අවි අනුව ඔවුන් සිටිනා ස්ථානය සොයාගත හැකි මෘදුකාංගය පිරික්සමිනි.පහසු කාර්යයක් සේ පෙනුනද භූමියේ ගමන්ගන්නා පුද්ගලයෙකු ස්ථානගත කරගන්නවාට වඩා අධිවේගයෙන් ගමන්ගන්නා යානයක් ඉලක්කගත කරගැනීම අතිශය අසීරු කරුණකි.මියගිය ප්‍රධාන සෙබලිය සතුව තිබූ අවියේ කේතය හඳුනාගත් වහාම අනූ විසින් තිරයේ දිස්වන අවි සියල්ල පෙරහන් කිරීමකට(filter) භාජනය කලාය.

ප්‍රධාන සෙබලියගේ අවියෙන් නිකුත්වන සංඥා කෙමෙන් කෙමෙන් දුර්වල වන බැව් අශාන්ගේ යානය හඹායන සෙබලියන් දන්වන්නට වූයෙන් කාන්තා ජනපදය සතු සියළුම භූ ස්ථාවර චන්ද්‍රිකා උපයෝගි කරගැනීමට සෙබළියට සිදුවිය...

එක්වරම ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි නාදය ඇසෙන්නට වූයෙන් ඔවුන්ගේ මුහුණු සතුටින් ඉපිළී යන්නට විය.බීප් බීප් බීප්....

ඔයා දක්ෂ සෙබලියක් අනූ.... සෙබලියට ප්‍රශංසා කල දෙවෙන ප්‍රධාන නිලධාරිනිය අනෙකුත් සියළුම යානාවලට අශාන්ගේ යානයේ පිහිටීම ලබා දෙන්නට විය.

 ප/ලි

පින්තූරය ගත්තේ Star.Trek.2009. ෆිල්ම් එකේ 00.07.42 frame එකෙන්...

මේ කොටස දෙන්න සෑහෙන්න කාලයක් ගියා ඒකට මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ ඉතින්.ඒ වගේම ඒ කාලය ඇතුලත විවිධ විවිධ තර්ජන ගර්ජන යෝජනා චෝදනා ඉදිරිපත් කරලා මාව දිරිමත් කරපු හැමෝටම ස්තූතියි ඈ...

පහුගිය ටිකේ කොමෙන්ට් වලට උත්තර සපයන්න අතපසු වෙච්චි එක ගැනත් මතක් කරන්ඩෝන.ඉදිරියෙදි ඒ අතපසුවීමවත් සිදුවෙන එකක්න නෑ...

Friday, February 1, 2013

ඈ යාවී පාවීලා.......


ලොව නිමක් නැති චාරිකා
දුවන සිත අද නැවතිලා
ඇස තෙමෙන්නේ
කඳුළු බිඳුවක
රහස අද මට වැටහිලා.....

නිදි නොවැද තුන් යම පුරා
සිතුම් සයුරක කිමිදිලා
පතක නොඇඳුණු
සිහින මාලිග
දෙස බලමි
හදවත දවා.....

සිතුවම්..... බොඳව
මා...... නෙත් අතැර
ඈ..... යාවි පාවීලා

මා මැව් විලස
ඇවිදින් ළඟට
යළි යාවි දුර ඇදිලා.....
හෙට යාවී මා දමලා....

ප/ලි

පොටෝව ගත්තෙ මෙතනින් http://www.soapnights.com/wp-content/uploads/2012/10/empty-chair.jpg