Friday, February 1, 2013

ඈ යාවී පාවීලා.......


ලොව නිමක් නැති චාරිකා
දුවන සිත අද නැවතිලා
ඇස තෙමෙන්නේ
කඳුළු බිඳුවක
රහස අද මට වැටහිලා.....

නිදි නොවැද තුන් යම පුරා
සිතුම් සයුරක කිමිදිලා
පතක නොඇඳුණු
සිහින මාලිග
දෙස බලමි
හදවත දවා.....

සිතුවම්..... බොඳව
මා...... නෙත් අතැර
ඈ..... යාවි පාවීලා

මා මැව් විලස
ඇවිදින් ළඟට
යළි යාවි දුර ඇදිලා.....
හෙට යාවී මා දමලා....

ප/ලි

පොටෝව ගත්තෙ මෙතනින් http://www.soapnights.com/wp-content/uploads/2012/10/empty-chair.jpg

54 comments:

  1. මේ උඹ මැරුං නොකා ගෑනු ලෝකේ හිරකරු දානවද නැද්ද??????????

    ReplyDelete
    Replies
    1. හම්මේ....

      කොටසක් ලියලා තියෙන්නේ තව එකක් ලියලා දෙකම ලඟ ළඟ දෙන්නම් ඈ... දැන් සතියක් විතර තිස්සේ කල්පනා කලේ දානවද නැද්ද කියලා... මෙහෙම පරක්කු කරන එක අසාධාරණයක් නිසා එකලඟම දෙන්ටෝනනේ....


      Delete
    2. මටත් කියන්න තියෙන්නෙ තරියා කියපු එකම තමයි...

      Delete
    3. තරියෝ උඹ අත්දෙකෙන් අල්ල ගනින් , සෙන්නා උඹ කකුල් දෙක, මම මිරිකනවා මේකගේ බෙල්ල (අමානුෂික වැඩිද මන්දා)

      Delete
    4. මමත් අටමට හෙල්ප්ලු! :)

      Delete
    5. බ්ලොග් එක බලාගන්න බැරුව මාර කට්ටක් කෑවා දැන්නම් හරි කොමෙන්ටු වලට රිප්ලයි දෙන්න පුළුවන්

      @සෙන්නා

      සමාව අයදිමි
      කුමක් කරන්නද

      ඉක්මනින්‍ දෙනෝ පොඩිත්තක් ඉන්ඩෝ
      ----------------------------------------
      @ අටම්පහුර

      දැන් නම් සිරාවටම බය හිතෙනවා ඈ මම දැක්කා අටමා අයියා රජාවත් මිරිකන්ට හදන හැටි හම්මෝ..
      ----------------------------------------
      @ අඩවි රජ

      o_O

      මට හෙල්ප් එකක් දුන්නනං බොට මක්වෙනවද??

      Delete
  2. මොකෝ මල්ලි බූට් එකක්වත් කෑවද?

    අපි ශ්‍රී ලංකා නිවුස්

    ReplyDelete
    Replies
    1. හපොයි නෑ මේ චුට්ටක් අප්සට් ගහලා ඉද්දි ලිව්ව එකක්... ආදරී දුර ඉඳලා ළඟට ආවා ඒත් ආයේ දුරයි ආං ඒකයි

      Delete
  3. මේ පාවී පාවී ඉඳලා හරියන්නේ නෑ ගැමියා. අර කතාව ඉවර කරන්න කාලේ හරි

    ReplyDelete
    Replies
    1. ආ එහෙම එකක් මං ලිය ලිය හිටියනේ නේද දෙන්නං දෙන්නං වැඩි කලක් නොයවාම තව කොටසක් දෙන්නං

      තව ටිකක් කල් ගත්තොත් කොටස් දෙකක් විතර දෙතෑකි අක්කේ මොකෝ කියන්නේ

      කතාව ඉවර වෙන්න නම් තව කොටස් 4ක් 5ක්වත් යාවි අවම

      Delete
  4. කතාවත් අමතක කරලා මේකා පා වෙනවද කොහේද?

    කොම උනත් කවිය එල...

    ReplyDelete
    Replies
    1. මදෑ අහගන්න දේවල් :D කතාවත් ලියනෝ තව ටික දවසකින් දානෝ

      බොහෝම ස්තූතියි ඈ ඒක නෙමේ මේ දිනේෂ් අයියද මදාරා අක්කද ඈ

      දෙන්නවම බලන්න සෑහෙන්න කාලෙකින් එන්න බැරිවුනානේ

      Delete
  5. එයා සරුංගලයක් වෙන්ට ඇති.:)

    ඕක තමා කාලෙකින් මේ පැත්තේ ඇවිත් නැත්තේ. පාවෙන උදවිය දිහා බලං ඉන්ට ඇති.:D

    ReplyDelete
    Replies
    1. හපෝයි...

      නෑ නෑ එයා සරුංගලයක් නෙමේ ඈ සුරංගනාවියක් කියමුද :P ටින්කර්බෙල් වගේ

      පහුගිය ටිකේම නම් එහෙම වැඩ රාජකාරි ටිකක් යෙදුනා තමා එන්නංකෝ හිමින් සැරේ පරණ ට්‍රැක් එකට වැටෙන්න සෑහෙන්න අමාරුයි අප්පා කාලයක් ඈත් වෙලා හිටියම


      Delete
  6. මදැ ගැමිය කවි ලියන්න ගිහින් අහගන්න දේවල්....අරක ලියපියෝ

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අප්පා වෙන කර්මාන්තයක් බලන්ට ‍ඕනේ අර කතාව තව සතියක් ඇතුලත දානවමයි

      ස්තූතියි ඈ කොමෙන්ටුවට

      Delete
  7. විරහවෙ රහ රහටම ලියලා.... පොඩි වචන එකක් දෙකක් එහෙ මෙහෙ කරලා මම තාලේට කියෙව්වා..... ලස්සනයි!!!

    හැබැයි පුතේ මම මේක කියෙව්වෙ දෙවෙනි පාරට.. පළවෙනි පාර දැක්කහම මලම පැන්න.. අර කථාව නොදා රෙද්දක් දාල කියලා

    ReplyDelete
    Replies
    1. කවි ගැන කතා කරනවනං ඉතිං මී අයියා තමා හොඳම කෙනා

      බොහෝම ස්තූතියි ගොඩයා අයියේ බැන බැන හරි කියවලා කොමෙන්ටුවක් දැම්ම එකත් ලොකු දෙයක්

      කතාව මග එනෝ ඉවසන්න දරුවා ඉවසන්න තව සතියකින් ෂුවර්

      එතෙක් සමාව අයදිමි

      Delete
  8. හික් හික් මුන් වෙනස් විදියට ඇවිදින්න දෙන්නෙම නෑ නේද ?




    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. බෑ අප්පා හැමතිස්සෙම පාවෙනවනේ ඇයි දන්නෑ නේද??

      Delete
  9. ලස්සනයි.
    හැබැයි විද්‍යා ප්‍රභන්දේ ඉවර කලොත් හොදයි. දිගට ලියන්නකො ඒක......

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මහවෙදනානෙනි

      අනිවාර්යෙන්ම ඒක ලියනවමයි දන්නැද්ද ඉතින් කාලෙකට එක එක ප්‍රශ්න එනවනේ ඔළුව උස්සගන්න බැරිවෙන තරමට

      සතියක් ඇතුලත අනිවාර්යෙන් කතාවේ ඉතුරු කොටස දෙන්න පුළුවන් මම දන්නවා මේ පරක්කු කිරීමෙන් ලොකු අසාධාරණයක් වෙනවා කියලා අනේ ඒකට සමාවෙන්ඩෝ....

      Delete
  10. ඔය පාවි පාවි යන ඒව දිහා බලාඉන්නෙ නැතුව අර කතාව ලියහං හොඳ කොල්ල වගේ.

    ReplyDelete
    Replies
    1. හරේ හරේ දැන් පාවෙලා ඉවරෝ කතාව ලියලා සතියකින් දෙනෝ

      බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට කතාව පරක්කු කිරීම ගැන සමාවත් අයදිමි

      Delete
  11. හ්ම්ම්ම ඈ යාවි... :(

    ReplyDelete
  12. දැන් උඹලා හැමෝම මෙහෙම කවි ලියන්න ගත්තාම අපි වගෙ පුරුතජ්ජනයට මොකද වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ ඩූඩ්... මාත් අනාතයි... :-)

      Delete
    2. @ඩුඩිතුමානනි

      ඒක තමා මාත් කල්පනා කලේ.කවියත් එක්ක කතාවකුත් දැම්මනං ප්‍රශ්නේ විස‍‍‍දෙනවා නේ???

      ----------------------------------------
      @සෙන්නාතුමනි

      නැත නැත නැත විසඳුම් අත ළඟ ඇත


      Delete
  13. මොකක්ද බන් වුනේ.

    ReplyDelete
    Replies
    1. හලේ මන්දල්ලෑ අප්පා නිකං කාන්සියට කාන්සියට ආපු අප්සට් එකකට ලියවුණා වගේ :D

      Delete
  14. ආහ් දැන් ගැමි මල්ලි කවි කාරයෙක් වෙලානේ.. හරිම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. හපොයි මට ඒ අහලකින්වත් ඉන්න බෑ අප්පා පොඩි ට්‍රයි පාරක් විතරයි ඉතින් බොහෝම ස්තූතියි අක්කේ‍

      Delete
  15. ආ.... වරෙන්කෝ පාවෙලා!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එනවා තමා බොල මට පාවෙන කර්පට් එකක් තියෙනවා :P

      එසේම වේවා එසේම වේවා

      Delete
  16. මේ අයියො... පාවුනාට කමක් නෑ කටාව ඩානෝ....ගර්.....

    ReplyDelete
    Replies
    1. හම්මේ දැක්ක ක‍ල් බොලාව.... කොහොමයි ඉතින්

      ඛථාව ඪාණෝ ඨිකක් ඊවසළා ඊණ්ඪෝ

      Delete
  17. ඔන්න ඔහේ ඕනෙ දෙයක් කියලා හිතාන ලියපු එකක් වගේ..

    ReplyDelete
    Replies
    1. හරියටම හරි ඈ... මේක ලිව්වේ එහෙම අප්සට් එකක ඉන්න වෙලාවක නම් තමා :D :D

      Delete
  18. ගැමියා කාලෙකට පස්සෙ... කොහෙද මාත් සෑහෙන කාලෙකට පස්සෙනෙ ලියන්න ගත්තෙ... ඉතින් සෑහෙන කාලෙකට පස්සෙ දෙකක් එකතු උනාම නොසෑහෙන කාලයක්... ඒ නිසා ඔය කියන කතාවෙ එක කොටසක්වත් තවම කියවන්න බැරි උනා... අද යන්න කියල මේ ඒ පැත්තෙ... පාඨක ප්‍රතිචාරවල හැටියට නියම කතාවක් වගේ... හැබැයි මේ කයිය නම් දැම්මෙ මොකැයි, මොකැයි කියල හිතෙනව...

    ReplyDelete
    Replies
    1. මේං මියුරු අක්කා ආ‍යෙම ඇවිල්ලා..... සන්තෝසයි සන්තෝසයි නොසෑහෙන්න සන්තෝසයි

      ඒ පැත්තේ එන‍්ටෝනා සෑහෙන කාලෙකින් එන්න බැරිවුනානේ මං හිතුවා බ්ලොග් අමතක වෙලා කියලා :P ඕං මම නම් මාසයයි නොලියා හිටියෙ හො‍‍‍දේ

      ඒ කතාව නම් කොටස් සෑහෙන ගානක් ලිව්වා තව කොටසක් ලියලා තව ලියන්න වෙලාව හම්බුවෙනකන් මේ බලාගෙන ඉන්නේ

      කයිය ලිව්වෙ නම් මොකැයි මොකැයි කියලා මටත් දැන් හිතෙනවා අක්කේ දන්නැද්ද ඉතින් වේදනාවක් ආපුවාම ඒක ටිකාක් හරි නැතිකරගන්න මං මෙහෙමනේ පුරුදුවෙලා ඉන්නේ :P

      බොහෝම ස්තූතියි ඈ කොමෙන්ටුවට....

      Delete
  19. මලයො.. මොකෝ වුණේ..?
    තනිකමෙන් ලියැවුණ කවියක් වගෙයි.. :)

    ReplyDelete
    Replies
    1. පොඩි තනිකමක් පාළුවක් ආපු වෙලාවක ලිව්වේ අක්කේ හ්ම්ම්ම්ම් දැන් ඒ අවුල් විසඳිලා එලකිරි වගේ ඉන්නවා.... :D

      Delete
  20. Replies
    1. හ්ම්ම්ම්

      හිතුණා හැබැයි දැන්නම් නෑ 

      අපි සන්තෝසෙන් ඉන්නේ දුක සෝකය නෑ දන්නේ.... :D

      Delete
  21. ගැහැණු ලොවක සිරකරු ඉතිරි කොටස් කවදද දාන්නේ ?

    ReplyDelete
    Replies
    1. තව සතියක් ඇතුලත අනිවාර්යෙන් දෙනවා දෙනවාමයි ෂුවර්....

      Delete
  22. ගැමියා සෑහෙන කාලෙකින්...උඹ ගෙට්ටුවට එනවා කියලා නෑවිදින් හිටියා නේද බොල... අර සිරකරු කථාව ඉවරද ?

    ReplyDelete
    Replies
    1. නොවැලැක්වියම හැකි හේතුවක් ඉස්සර වුනා අප්පා

      සමාව ඉල්ලන්න තියෙන හැම විදියකින්ම ඕං මං සමාව ඉල්ලනවා.... ඔය කිට්ටුවෙන්ම ආවා හැබැයි පවුල් පන්සල් එක්ක එන්න ඇහැකියෑ කියලා තමා නිකා හිටියේ.ලැජ්ජයි ලැජ්ජයි වගේ මෙව්වා එකක් ආවා....

      සිරකරු කතාව ම‍ග එනවෝ.... තව සතියක් ඇතුලත දෙනවමයි

      Delete
  23. මේක නම් සින්දුවකට මරු..කෝ ඉතින් අපි කීවට සින්දු හදනවායැ..!!

    ReplyDelete
    Replies
    1. හපොයි...

      මෙව්වා කියන්න ගියොත් ලංකාවේ සංගීත කර්මාන්තෙත් ඉවරයි ගායකයොත් ඉවරයි :P

      අනික ඉතින් ලියලා තියන් හිටියට කවුරුත් ඉල්ලන්නෙත් නෑ
      කාට හරි දුන්නාම කියන්නෙත් නෑ

      ඉතිං ඊට මීට වඩා පාඩුවෙ ඉන්න එක සැපයි කියලා හිතුනා අප්පා.... ඔයා කියනවනං ඉතින් දෙන්නං ෂුවර් මොකෝ කියන්නේ කියමුද??

      Delete