1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
**********************************************************************************
කැරළිකාර කණ්ඩායමේ නායකයා සහ ඔහුගේ සගයෙකු වූ සේනක බිම්ගෙය ඔස්සේ ඉදිරියට දුවන්නට විය.ඔවුන්ගේ අත වූයේ ආයුධ කිහිපයකි.ස්වයං ජනනය වන විදුලිය සැපයුමක් මගින් ඒ ආයුධ පණ ගැන්වී තිබිණි.තව දුරටත් අවි ආයුධ සඳහා වෙඩි උණ්ඩ භාවිතා නොවිණි ඒ වෙනුවට භාවිතා වූයේ ලේසර් ධාරාවන් විදින ආයුධයි.....
මේ අතර කැරලිකරුවන්ගේ දෙවැනි ප්‍රධාන දොරටුවද බිඳගත් කාන්තා සෙබලියෝ විශාල ප්‍රමාණයක් බිම්ගෙය තුලට පිවිසුණි.ඔවුන් අතද නවීන පන්නයේ අවි ආයුධ රැසක් විය.සෙබළියන්ගේ අණ දෙන නිලධාරිනියගේ සංඥාවකට අනුව සෙබලියන් සිව් දෙනෙක් බිම්ගෙය ඉදිරියට ඇදුනේ අනෙකුත් සෙබලියන් ඉදිරි දොරටුව ආසන්නයේ නැවතී සිටියදීයි.... සුළු මොහොතකින් බිම්ගෙය තුල විදුලි ආලෝකය ඇණ හිටියේය.ඒ සමගම ප්‍රධාන නිලධාරිනිය හිසට පැළඳ සිටි පටියක් හැඩැති උපකරණය අතකින් තද කලාය..... ඇය බලාපොරොත්තුව සිටි ඇමතුම ඇයට ලැබිණි.විසිර ගිය සෙබලියෝ බිම්ගෙයි විදුලි සැපයුම බිඳ හෙලා ඇත.
එක්වරම විදුලිය විසන්ධි වීමෙන් පසු සේනකත් කැරළිකාර කණ්ඩායමේ නායකයාත් ඉතාමත් අපහසුතාවකට පත්විණි.ඔවුන්ගේ අත තිබූ අවියේ වූ පන්දමේ ආධාරයෙන් ඔවුන් ඉදිරියට ඇදුණි...
“උන් දෙවෙනි දොරත් කඩාගෙන ඇවිත් විදුලිය නවත්තලා....අපි සැලැස්ම වෙනස් කරමු සේනක ඔයා දෙවෙනි ජෙනරේටර් කාමරේට යන්න.මම ආයුධ ගබඩාවට ගිහින් බෝම්බ ටික අරගෙන උන් එන්න කලින් අටවන්නම්.අපි දෙන්නගෙම ඔරලෝසු වෙලාවට හදාගමු.හරියටම තව විනාඩි විස්සකින් ඔයා කරන්ට් එක එවන්න.හැබැයි මතක තියාගන්න කරන්ට් එක එවන්න ඕනේ ප්‍රධාන බල්බ වලට නොයා ස්විච් වලට විතරක් එන විදියට....”
කැරලි කණ්ඩායම් නායක ජයසිංහ නොනැවතී ඉදිරියට ඇදෙන්නට විය.ඔහු තම ඔරලෝසුව වෙත නෙත් යොමුකල විට විනාඩි 10ක් ඔහු ඉදිරියට ගමන් කර ඇති බව වැටහිණි.ආයුධ ගබඩාවෙන් ගෙනා ලේසර් ධාරා නිකුත් කරන උපකරණ ඔහු බිත්තිය දෙපස සවිකරමින් ආපස්සට ගමන් කරන්නට විය.එම උපාංග ක්‍රියාත්මක වන්නේ සංවේදක උපකරණ මගිනි.එක් යුගලයක් සවිකර ඇති පෙදෙසක් පසුකරන විට එම උපාංගය ක්‍රියාත්මක වන අතර ඊළඟ උපාංග යුගලයේ සීමාව කෙනෙක් පසුකරන විටම එම සීමා දෙක අතර සිටින සියළුම දෙනා අධික ලේසර් ධාරාවන්ට හසුවී විනාශ වන අයුරින් එය සකසා ඇත.එවැනි යුගල 8ක් විවිධ ස්ථානයන්හි ඔහු සවිකර තිබුණි.අවසාන යුගල් දෙක සවි කර තිබුණේ ඇතුළු වන විටම ක්‍රියාත්මක වන ආකාරයටයි.
සෙබලියන් ළඟ ළඟම එන බව ඔහුට දැනුණි.ඔහු වඩාත් වේගයෙන් බෝම්බ අටවන්නට විය.ඔහු සතුව තිබූ සියළුම බෝම්බ අටවා අවසානයේ ඔහු තම අතවූ උපාංගය පරික්ෂා කලේ විමසිල්ලෙනි.ඔහු අත වූයේ බෝම්බ ක්‍රියාත්මකදැයි පෙන්වන කුඩා තිරයක් සහිත උපකරණයකි.ඔහුගේ පුදුමයකට මෙන් එය ක්‍රියාත්මක නොවන බව සඳහන් විණි.ඔහු වහා අසල බිත්තිය හාරන්නට විය.සුළු මොහොතකින් අදාල විදුලිය ගෙන යන රැහැන් ඔහුට දක්නට ලැබිණි.එහි විදුලිය ගමන් නොකරන බැව් දුටු ඔහු වහා ජෙනරේටර් කාමරය වෙත දුවන්නට විය....
සෙබලියන් ඉතා වේගයෙන් බිම්ගෙය තුලින් ඉදිරියට ඇදෙමින් දෙපස කුටි වල තිබූ සියළුම යානාවන් සහ උපාංග විනාශ කරමින් සිටියහ.කිසිදු ප්‍රතිරෝධයක් නොමැති නිසා අණ දෙන නිලධාරිනිය තම සෙබළියන් සියල්ලටම නවතින ලෙසට සන් කලාය.ඉන් පසු ඈ තම බෑගයක වූ ඉතා කුඩා උපකරණයක් ගෙන බිමින් තබා එය ක්‍රියාත්මක කලාය.එය කුඩා රොබෝ යන්ත්‍රයකි.එය ඉදිරියෙන් ඇති විකිරණ හා බෝම්බ ආදිය පරික්ෂාව සඳහා යොදවනු ලබන්නකි.බිම්ගෙයි දණ තබාගත් ඈ සිය පරිගණක තිරය දෙස ඉතා අවධානයෙන් නෙත් යොමා සිටියේ අනතුරක සේයාවක් බලාපොරොත්තුවෙනි.එම කුඩා රොබෝව බෝම්බ සවිකල ස්ථානද පසුකරමින් ඉදිරියට ඇදිනි. එම රොබෝව කිසිදු අනතුරු හැඟවීමක් නිකුත් නොකරමින් ගමන් කරන්නට විය....
මේ අතර කැරලි නායක ජයසිංහ ජෙනරේටර් කාමරය වෙත පිවිස හතිලන්නට විය.ඔහුගේ පුදුමයකට මෙන් ජෙනරේටරය ක්‍රියාත්මක කරවූ බවක් දක්නට නොවිණි.අධික කෝපයට පත් ඔහු අසල වූ පුටුවකට පා පහරක් එල්ල කරමින් හිස දෑතින්ම බදාගනිමින් බිත්තියට හේත්තු විය.ජෙනරේටරය වෙත විදුලිය සපයන ස්වයං ජනන විදුලි උපකරණයද අතුරුදහන් වී තිබුණි.ඔහු නැවත සිය අවිය රැගෙන හමුදාවන්ට මුහුණ දීම සඳහා යාමට හැරුණි.ඒ සමගම ඔහු දුටුවේ ඔහු සිටි කුටිය පසුකරමින් ඉදිරියට ඇදුණු රොබෝ උපකරණයයි.ඒ දුටු ඔහුගේ මුවග සිනහවක් ඇඳුණි....
එම රොබෝ යන්ත්‍රය විකිරණ සංවේදි රොබෝවකි.ලේසර් බෝම්බ වැනි උගුල් හඳුනාගැනීමෙහි ලා එය ඉතා විශිෂ්ට කාර්යභාරයක් ඉටුකරන නමුත් එම බෝම්බ ක්‍රියා විරහිතව පවතින විටදී එම රොබෝ යානයට එකී බෝම්බ හඳුනාගත නොහැක.රොබෝ යන්ත්‍රය එම බෝම්බ සහිත පෙදෙස පසු කරනා විට විදුලි බලය බෝම්බ වලට ලැබී නොතිබූ බැවින් බෝම්බ ඇති බව එයට හසු නොවිණි.... කැරලි නායක ජයසිංහ වහා සිය අවිය පොලොවේ ගසන්නට විය.දෙවරක් තුන්වරක් එය පොලොවේ ගැසූ පසු එම අවිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යව තිබු කුඩා ස්වයං ජනන විද්‍යුත් උපාංගය ගලවා ගැනීමට ඔහු සමත් විය.වහා එහි වූ අග්‍ර ජෙනරේටරයට සවි කර එය ලුහුවත් කරවීය(short circuiting).නමුත් ජෙනරේටරය ක්‍රියාත්මක නොවිණි.බලාපොරොත්තු සුන්වූ මුහුණකින් යුතුව ඒ දෙස බලා සිටි ඔහු නැවත ජෙනරේටරයේ ස්විචය ගලවා එයද ලුහුවත් කරන අතර ස්වයං ජනන විද්‍යුත් උපාංගයද ලුහුවත් කරවීය.ඒ සමගම ජෙනරේටරය ක්‍රියාත්මක විණි....
ඔහු වහා ඔහු අතවූ කුඩා පරිගණක තිරය වෙත නෙත් යොමුකල විට සියළුම බෝම්බ ක්‍රියාත්මක බව දුටුවෙන් වහා බිම්ගෙයින් පිටව සිය සගයන් හමුවිම සඳහා දිවයන්නට විය.ඒ සමගම බිම්ගෙය තුලින් පිපිරුම් හඬ ඇසෙන්නට විණි.දුවන අතරේම සිය පරිගණක තිරය දෙස බැලූ ජයසිංහගේ මුවගට සිනහවක් නැගිණි.නමුත් ඒ බොහෝ වේලාවකට නොවන වග ඔහු දැන නොසිටියේය....
***
මා ඉතා කඩිනමින් යානයේ එකලස් කිරීම් සිදු කිරීමේ යෙදී සිටින්නට වූයේ තව වැඩි වෙලාවක් ඉතිරිව නැති බව දැනෙන්නට වූ නිසාවෙනි.යානයේ එකලස් කිරීම් අවසන් අදියරේ පැවතුණි.ළඟ ළඟම ඇසෙන්නට වූ පිපුරුම් හඬ මාගේ දෑත් තවත් ඉක්මන් කරවීය.සියළු දෙනාටම යානයට ඇතුළු වන ලෙස මා අණ දුන්නේ එකලස් කිරීම් අවසාන වූ වහාම ගුවන් ගතවන අභිප්‍රායෙන්.
එක්වරම ඇසුණු පිපුරුමක් සමගම බිම්ගෙයි විවරයේ වහලය කඩාගෙන වැටුනේ අප සිටි ගුහාවම දූවිල්ලෙන් වසාගනිමින්..... මොහොතක් ගතවන තුරු කිසිවක් සිතා ගත නොහැකිව මා බලා සිටියේ ගුවන් ගතවීමට පමා වී දෝයි සිතන අතරතුරයි.ඒ සමගම යම් කෙඳිරියක් ඇසෙන්නට විය....
“අශාන්..........” ඒ සේනකගේ කටහඬයි.ඒ හඬ ඇසෙනවාත් සමගම මා යානය අතහැර බිම්ගෙයි විවරය තිබූ දෙසට දිවගියෙමි.සේනක ගුහා විවරය අසල බිම වැතිරී සිටිණු මා හට දක්නට ලැබිණි.ඔහුගේ ඇඳුම් ලෙයින් වැකී තිබිණි.මම වහා ඔහුව වත්තන් කර යානය අසලින් ඉන්දවා නැවත බිම්ගෙයි විවරය වූ දෙසට දිව ගියේ කැරලි නායක ජයසිංහ සොයන බලාපොරොත්තුවෙන්.මා ගුහා විවරය අසලට යත්ම සේනක කෙඳිරිලි හඬින් යමක් පවසණු ඇසිණි.යානයට නැගි සියළු සාමාජිකයන්ද මේ වන විට සේනකව වට කරගෙන සිටිණු දක්නට ලැබුණි.
“අශාන්…..,ජයසිංහ සර් මට කිව්වා එයා තනියම ඉස්සරහට යන්නම් මට ඇවිත් ඔයාලත් එක්ක එකතු වෙන්න කියලා.එයා එනකන් ඉන්න එපා කිව්වා.මම ඒකට විරුද්ධ වුනත් මට එන්න වුනා.මම දැක්කා සර්ට ලේසර් කිරනක් වැදිලා බිම ඇදගෙන වැටෙනවා... තව දුරටත් මෙතන ඉඳලා තේරුමක් නෑ අපි යමු ඉක්මනට”
“සේනක.... හැමදාමත් මෙහෙම දුවන්න බෑනේ.අපි ගිහින් පහරදෙමු.මට විශ්වාසයි ජයසිංහ සර් ජීවතුන් අතර ඇති කියලා.එයා හිරකාරයෙක් වුනොත් සෑහෙන්න දුක් විඳියි අපිට වගකීමක් තියෙනවා එයාව බේරන්න………………
මම කියපුදේට කැමති අය ඉන්නවනම් මාත් එක්ක එන්න...”
කැරළි කණ්ඩායමේ සියළුම දෙනා මා හා එක්වීමට ඉදිරියට පැමිණුනි.ඒ සමගම සේනක මාරාවේශ වූවෙක් සේ මගේ ඇඟට කඩා පැන්නේ මා විමතියට පත් කරවමින්.මීට සුළු මොහොතකට ප්‍රථම ඇවිදීමට පවා නොහැකිව සිටි මොහුට කෙසේ මෙවන් ශක්තියක් පැමිණියේදැයි මට අදහාගත නොහැකි විය.
“තමුසෙට පිස්සු හැදිලද අශාන්..... ජයසිංහ සර් තනියම ඉස්සරහට ගියෙ අපි හැමෝවම බේරගන්න.සර් කරපු ඒ කැපකිරීම බල්ලට දාන්නද හදන්නේ.අපි සෑහෙන්න කාලයක් තිස්සේ මුන් එක්ක හැප්පෙනවා.අද ඊයේ ආපු තමුසෙට මෙතන තීරණ ගන්න දෙන්න බෑ.අපි වහාම යන්න ඕනේ....”
“මම මෙතන තීරණ ගත්තෙ නෑ සේනක..... මම කලේ යෝජනාවක් විතරයි.මේ හැමෝම ඒක අනුමත කලා.ජයසිංහගේ සැලසුම් නැතුව අපිට මේ සටන කරගෙන යන්න අමාරුයි.... මෙතනින් පැනලා යනවා කියන්නේ ලොකු වැරැද්දක්.අනික ජයසිංහ සර් ගියේ පැයකින් ආයෙ එනවා කියලා.... ඒ නිසා අපි ආයෙ යනවා ජයසිංහව බේරන්න.... එච්චරයි”
මගේ සමබරතාව ගිලිහි මා බිම ඇද වැටුණේ සේනකගෙන් එල්ලවූ තදබල මුෂ්ටි පහරක් නිසාවෙන්.ඔහු මාගේ සිරුර මතට නැග තවත් පහරක් මා මුව හරහා එල්ල කලේ මාගේ දෑස් නිලංකාර කරවමින්.මා දෑතින් මූණ වසාගෙන ස්වල්ප වෙලාවක් වැතිරී සිටියමුත් සේනකගෙන් නැවත ප්‍රහාර එල්ල නොවුනි.දෑස් සෙමින් විවර කරද්දි මා දුටුවේ කැරළි කණ්ඩායමේ පිරිස් ඔහුව ඇදගෙන යන ආකාරයයි.
මා දූවිලි පිසදමමින් සිටගෙන බිම්ගෙයි වැසුණු විවරය දෙස මොහොතක් නෙත් යොමුකලේ ශෝකයෙන්.සිතට එක්වරම පැමිණි අදහසක් නිසා මා සෙමින් ඒ දෙසට ඇවිද යන්නට වීමි.මා බිම්ගෙයට ලඟාවත්ම මාගේ උරහිසිට යමෙක් අත තබනු දැණුනි.මා ගමන නවත්වා බිම්ගෙයි දොර දෙස බලා සිටින්නට විය.පිටුපසින් පැමිණි පුද්ගලයා මා ඉදිරිපිටින් පැමිණ ඔහුගේ දෑත් මගේ දෙවුර මත තබමින් මා අමතන්නට විය.
“අශාන්..... මම දන්නවා ඔයාට දැනෙන දුක.අපි හැමෝටම එහෙමයි.ඒත් එහෙම කියලා මේ තරම් කාලයක් කරගෙන ආපු දේවල් නවත්තන්න බෑනේ.දැන් අපේ සර් ජීවත්ව හිටියත් එයාගේ මතකය මෙලහකට මකලා දාලා ඇති.ඒ නිසා අපි යමු ඔයා තමා මේ හැමෝගෙම අන්තිම බලපොරොත්තුව....”
මා මොහොතක් ඔහුගේ දෑස් දෙක එක එල්ලේ බලා සිටින්නට වීමි...... ඔහු පවසන දෙයත් ඇත්තකි.පැය බාගයක් තුල නැවත පැමිණෙමියි කීවත් ඔහු නොපැමිණි නිසා තව දුරටත් ඔහු එනතුරු කල්මැරීමෙන් කැරළි කණ්ඩායමේ සෙසු සාමාජිකයින් පවා අනතුරේ වැටෙනු නියතය.
“හ්ම්ම් අපි යමු....” මම අවසන් වරට බිම්ගෙයි වැසුණු විවරය දෙසට නෙත් යොමමින් පැවසීමි.
සුළු මොහොතකින් පසුව යානයේ එකලස් කිරීමේ කටයුතු අවසාන කිරීමට මම සමත්වුණෙමි.සියල්ලත් සමග යානයට ඇතුළු වූ පසුව මා යානයේ පාලන මැදිරියට පිවිසුණේ යානය ක්‍රියාත්මක කර වහාම මෙතනින් පලා යාමටයි.මීළඟ සැඟවුම් ප්‍රදේශය සඳහා අවශ්‍ය තොරතුරු කැරළි කණ්ඩායමේ රහස්‍ය තොරතුරු ගොනුවෙන් සොයා ගත් මම ගමනාන්තය යානයේ පරිගණක පද්ධතියට ඇතුළු කලෙමි.
යානය ගුවන් ගත කරත්ම සිතට පැමිණි සිතුවිල්ලක් නිසා අංශක 360ට හැරවිය හැකි පාලන මැදිරිය බිම්ගෙයි විවරය දෙසට හැරවීමි.බිම්ගෙයි දොරටුව ඉලක්ක ගත කල මම යානයේ වූ අධිබලැති ලේසර් ධාරා අවිය එල්ල කල විට බිම්ගෙය අවහිර කරමින් තිබූ ගල් බිඳී විසිරී ගියේ හඬක් නංවමින්.යානය නැවත පොළවට පහත් කල මා බිම්ගෙය දෙසට දිවගියේ ඉමහත් බලාපොරොත්තුවෙන්.....
***
බිම්ගෙයි දොරටුව වැසී තිබූ ගල් ඉවත් කිරීම අතහැර දැමූ ජයසිංහ ආයුධ ගබඩාව වෙත ගමන් කරන්නට වූයේ හමුදා සෙබලියන්ට යටත් වී මියැදීමට වඩා සටන් කර මිය යාම ගෞරවාන්විත යැයි සිතුණු නිසාවෙනි.තම අතවූ කුඩා පරිගණක තිරයේ වූ ආලෝකයෙන් සෙමින් සෙමින් ඔහු ඉදිරියට ඇදුණේ ඔහුගේ ශරීරයේ වූ ජවය ඒ වන විට සිඳී තිබුණු බැවිනි.
ස්වල්ප වේලාවකින් ඔහු ආයුධ ගබඩාවට ලඟා විය.අඳුරේම අතපත ගාමින් ඔහුගේ ප්‍රියතම අවිය වූ ලේසර් විදිනයක් අතට ගන්නවාත් සමගම ඔහුගේ හිසට යම් දෙයක් තදවනු දැනුණි.ඒ සමගම ඔහුට කටහඬක් ඇසිණි.
“කලබල නොකර අත් උස්සන්න..... “ ඔහුට කාන්තා ඇසුණේ කාන්තා කටහඬකි.
ජයසිංහ දෑත ඔසවමින් හිමිහිට අනෙක් පස හැරුණි.ඒ හැරෙනවාත් සමගම ඔහුගේ ඔළුවට ඈ අත වූ අවියෙන් ඉතා තදබල පහරක් එල්ල විණි.ඔහු කපා හෙළු කඳක් මෙන් බිම ඇදගෙන වැටිණි.සෙබලිය වහා ඔහුගේ පපුව මතට තම දණහිස තබා තම බෑගයේ වූ රවුම් හැඩැති උපකරණයක් ඔහුගේ නළලට ඇලෙව්වාය එම රවුම් උපකරණයට රැහැන් රහිතව සම්බන්ධ කරගත් තිරයක් මගින් ඈ ඔහුගේ මොළයේ ගබඩා වී ඇති මතකයන් රැස්කරගන්නට වූවාය....
ස්වල්ප වේලාවකින් ඇය සිය කාර්යය අවසන් කලාය.සියළුම උපකරණ ඇගේ බෑගයට දමාගත් ඈ නැගී සිටගත්තාය.ඇය සිය අවිය ඔහුගේ පපුවට ඉලක්ක කරනවාත් සමගම ඇගේ අතට කොහෙන්දෝ පැමිණි පහරක් එල්ල විය.ඈ එම ප්‍රහාරය නිකුත් වූ දෙසට හැරෙනවාත් සමගම ඇයගේ මුහුණ හරහා එල්ල වූ ප්‍රහාරයකින් ඈ බිම ඇදවැටිණි.....
***
මා තත්පර ගණනක් ප්‍රමාද බැව් මට වැටහුණේ බිම වැතිර සිටින ජයසිංහ දුටු විටයි.මා අත වූ අවිය බිම අතහැරුණේ මටද නොදැනුවත්වයි.මා ඉතා විශාල දුකකින් ඔහු අසල වැතිරගත්තේ තව මොහොතක් ඉක්මන් වන්නට තිබුණා නේදෝ යැයි සිතන අතරතුරයි.ඒ අසලම සිහිසුන්ව වැටී සිටින සෙබලිය දුටු මා වහා ඇයගේ හිස පැළඳි උපකරණ ගලවා දැම්මේ දැඩි කෝපයකින්.එක්වරම සිතට නැගුණු සිතුවිල්ලක් නිසා ඇගේ දෑත් බැඳ ඈවද මා සමග රැගෙන යාමට මා තීරණයක් ගත්තේ යම්කිසි උදව්වක් ඇගෙන් ගන්නා බලාපොරොත්තුවෙන්.
ඔවුන් දෙදෙනාවද රැගෙන මම ගුහාවෙන් එලියට පැමිණෙන විට කැරළි කණ්ඩායම් සාමාජිකයන් මා වෙත පැමිණ ජයසිංහව ඔසවා යානය තුලට රැගෙන ගියේ ප්‍රථමාධාර ලබාදිමටයි.සෙබලියවද තවත් දෙදෙනෙකුට භාරදුන් මා සේනකව සෙවූ නමුත් ඔහු අතුරුදහන්ව සිටීම මා හට විශාල සැකයක් ඇති කරවීමට සමත්විය... අවසානයේ සේනක රහිතව ගමන් ඇරඹීමට මා තීරණය ගෙන අපගේ ගමනාන්තය දක්වා යානය මෙහෙයවීමට ගත්තෙමි.
පැයක් පමණ කාලයක් මා නින්දේ සිටින්නට ඇත.වාසනාවකට මෙන් යානය ස්වයංක්‍රීය පාලනයෙන් ගමන් කරමින් තිබිණි.නියමු පාලනයෙන් යානය ගිලිහී විනාඩි පහක් ඇතුලත ස්වයංක්‍රීය පාලනයට නතුවීම එම යානයේ ගුණාංගයක් බව මතකයට ආවේ පසුවයි.එය එසේම තිබෙන්නට හැර මා යානයේ ප්‍රථමාධාර කුටිය වෙත ගමන් කලේ ජයසිංහ පිළිබඳ තොරතුරු දැනගැනීමටයි.ඒ වනවිටත් ඔහු සිහිසුන්ව සිටි නමුත් සෙබලියට සිහිය පැමිණ තිබිණි.දෑත් දෙපා බැඳ ඈ පුටුවකට ගැට ගසා තිබුණි.මා ඇය වෙත යත්ම ඇය මා දෙස බලා සිටියේ දැඩි කෝපයකින් බව මා හට වැටහිණි.ම පුටුවක් රැගෙන ඈ ඉදිරිපිට හිඳගත්තේ ඇගෙන් ප්‍රශ්න කරන බලාපොරොත්තුවෙන්.....
“මම අශාන්.... “ මම ඈ අමතීමි.නමුත් ඇය හිස පහත් කරගෙන සිටියා මිස කිසිදු ප්‍රතිචාරයක් නොදුන්නාය.බොහෝ වේලාවක් මම ඈ ඉදිරිපිට වාඩිවී සිටියේ ඇය කතාකරන තුරුයි.නමුත් ප්‍රතිචාරයක් නොමැති තැන මා නැවත ඇය අමතන්නට උත්සහ කලෙමි.
“උඹ කවුරු වුනත් මට උඹත් එක්ක කතාවක් නෑ.......”
“උඹත් එක්ක කතාකරන්න ඕනේ නෑ මට දැනගන්න ඕනේ තමුසේ අපේ සර්ට තමුන් මොනවද කලේ කියන එක....”
“ඒක කොහෙත්ම වෙන්නේ නෑ...” ඇය එම වචන පෙල කියා නිමකරනවාත් සමගම මා ඇගේ කෙස් වැටියෙන් අල්ලා ඇගේ හිස එසෙව්වේ හිතේ උපන් ආවේගයකිනි.
“උඹ කතා නොකලොත් කවදාවත් ආයේ උඹට ඉර එළිය දකින්න හම්බුවෙන්නේ නෑ.අන්න ඒක මතක තියාගනින්....”
“මම කතා කලත් ඒ දේමයි වෙන්නේ කියලා මම දන්නවා.... අතපය ගැටගහලා ඉන්න ගෑනියෙකුට අත උස්සන්න හොඳ පිරිමකමක් තියෙනවා කියලා පේනවා....”
“උඹට මම.........” ඈගේ කෙස්වැටිය අතහැර පහරක් එල්ල කිරීමට සූදානම් වත්ම හුරුපුරුදු කටහඬක් මා අමතනවා ඇසිණි.
ප/ලි
පින්තූරය ගත්තේ මෙතැනින් http://mp1st.com/wp-content/uploads/2011/10/ghost-recont-future-soldier-art-530w.jpg
හුරු පුරුදු කටහඬක්...ම්ම්ම්...කවුරු වෙන්න පුලුවන්ද? ෆිල්ම් එකක වගේ සිද්ධි ටික මැවිලා පෙනුනා. අපිට මේකේ අවසානයක් ඉක්මනට දකින්න පුළුවන් වෙයිද ගැමියෝ?
ReplyDeleteඇත්තටම කවුරු වෙන්න පුළුවන්ද අක්කේ?? ඊළඟ කොටස ලියන්න ගන්නකම් ඒ ගැන කියන්න අමාරුයි...
Deleteමේ කතාවේ අවසානයක් ඉක්මනටම දකින්න මාත් සෑහෙන්න ආසාවෙන් ඉන්නේ.අවසානය කරන්න ඕනේ කොහොමද කියලා දැනටම අදහසක් තියෙනවා ඒත් ඒ වෙනකන් කතාව තව ටික දුරක් අරගෙන යන්න වෙයි අක්කේ.සමහර විට කොටස් දෙක තුනක් විතර ලියන්න තව දේවල් තියෙනවා එතකොට කතාවේ හැම කොටසකටම පිළිතුරු ලැබෙන විදියට ඉවර කරතෑකි.... ඔයා දන්නවනේ මට කරන්න බැරිම වැඩේ කතාවක් ලස්සනට ඉවර කරන එකනේ.කලින් ලියපු ඒවත් අම්බානක නෑවේ ඉවර කරන තැන අප්සට් වෙලා....
බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට.
මට නම් තාම මේක කොහොම අවසන් වෙයිද කියලා හිතා ගන්න බෑ.. මේක වෙන කතා වගේ නෙමෙයි.. අනුමාන කරන්නේ යන්නේ නැතුව පාඩුවේ මේක කියවනවා මම..
ReplyDeleteඒ වුනාට නිකමට හරි හිතාගෙන ඉන්න හිතපු එක හරිගියොත් මාර සතුටක් දැනෙනවනේ....
Deleteබොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට... හැමදාම ඇවිත් කතාව රසවිඳින එක ගැන සතුටුයි
මමත් කියවමින් ඉඳිමි..බලමු අවසානය කොහොම වෙයිද කියලා...
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට.... අවසානය ගැන නිගමනයක් දෙනවනම් ඒක ලේසියෙන්ම දෙන්න පුළුවන් වේවි ඔයාට...
Deleteකවුරු හරි මොලේ තියන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මේ කතාව දැක්කොත් චිත්‍රපටයක් නිපදනවාමයි. දැන් මෙතන පෙම් කතාවකුත් ගොඩ නැගෙනවද? අන්තිමට තමන්ගේ ප්‍රේමයට රැවටුනු ගෑනියක් හන්දා කාන්තා සෙබළියන් සියලු දෙනාම විනාශ වෙලා යනවා වගේ.:)
ReplyDeleteමෙන්න මම ආසම කෑල්ල.
//“කලබල නොකර අත් උස්සන්න..... “ ඔහුට කාන්තා ඇසුණේ කාන්තා කටහඬකි.//:D
හොඳ උත්සාහයක්. රසවත් කතාවක්. නව සිතුවිල්ලක්.
//කවුරු හරි මොලේ තියන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මේ කතාව දැක්කොත් චිත්‍රපටයක් නිපදනවාමයි. //
Deleteමෙහෙම ඈයෝ ලංකාවේ සිටිත්ද?? හැබැයි කවුරුහරි කැමතිවුනොත් උඩ පැනලා දෙන්නේ... ආසාවේ බෑ මේක ෆිල්ම් එකක් වුනාම කොහෝම තියෙයිද බලන්න...
බැරිවෙයිද වලව්වෙන් ස්පොන්සර්ෂිප් එකක් ගන්න...
** මෙන්න මම ආසම කෑල්ල.
//“කලබල නොකර අත් උස්සන්න..... “ ඔහුට කාන්තා ඇසුණේ කාන්තා කටහඬකි.//:D **
අපි නොදන්නවැ පොකූ ගැන... කාන්තාධිපත්‍යය කොතනද පොකු එතන....
බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට...
මොන ඒකාකාරීද ගැමියො. ඔය විදියට ඉතුරු ටිකත් ලියමු.
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට... මම හිතුවා කට්ටියට එපා වෙලා ඇති කියලා ඒකයි එහෙම ඇහුවේ.ඔයාලා වගේ කට්ටිය ඉන්න එක ලොකු හයියක්...
Deleteඔයාට ඒකාකාරී වුනාට අපිට එහෙම නෑ නේ.ඒ නිසා දිගටම ලියන්න.
ReplyDelete:) :)
බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට... දිගටම ලියන්නම් මේක ඉවරයක් වෙනකන් වෙන දෙයක් ලියන්නත් අමාරුයි ඉතින්
Deletethat's a real story gamiya. wish you all the best
ReplyDeletethank you very much macho...
Deleteනියමටම කතාව යනවා එල එල ඔහොම යන් ඔහොම යන් .....
ReplyDeleteබොහෝම ස්තූතියි රොබින් අයියේ කොමෙන්ටුවට...
Deleteමටත් මතක් වුනේ චිත්‍රපට ජවනිකාවක් වගේ තමා..ලස්සනයි...
ReplyDeleteමේකෙන් චිත්‍රපටයක් හදන්න සෙට් වුනොත් අර කලබල නොකර අත උස්සන්න කෑල්ල මට දෙනවද රඟපාන්න?
:D
හෑ.... එතන අර මනුස්සයට බිම ඇදගෙන වැටෙන්න ගහන කොටසකුත් රඟපාන්න තියෙනවනේ??? හම්මේ.... ඒ නළුවට රඟපාන්නත් කාව හරි එක්කන් එන්න හොඳේ..... (තරහාකාරයෙක්ව එක්කන් එයිද මංදා)
Deleteහැබැයි මේ චරිතෙට සෑහෙන්න ගුටි කන්න වගේම ගුටි නෙලන්නත් සුදුසුකම තියෙන්න ඕනේ...
බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට....
තවත් මොනව කියන්නද යාලුවා. ගැමීට මේක ඒකා කාරී උනාට බ්ලොග් ලෝකෙට ඒකාකාරී නෑනෙ. විද්‍යා ප්‍රබන්ධ සිOහල බ්ලොග් ලෝකෙට සුලභ නැති දේවල්.
ReplyDeleteආසාවෙන් කියවන්නෙ. දිගටම ලියන්න. ජය වේවා!!!
බොහෝම ස්තූතියි මචෝ කොමෙන්ටුවට.... මට ඕනේ වුනේ මට වගේම අනික් අයටත් ඒකාකාරි ගතියක් දැනෙනවද කියලා ඒ ගැන දුන්නු පිළිතුර සෑහෙන්න වටිනවා..
Deleteදිගටම ලියන්නම් ඔයාටත් ජය වේවා.... ඒක නෙමේ අර දාපු පෝස්ට් එක ඩිලීට් කරලනේ ආයේ දාන්ඩෝ මට කියවන්න බැරිවුනා...
සුපිරි කථාවක්.... කිසිම එකාකාරි බවක් නැතෝ.... අනික් කෑල්ලත් ඉක්මනට දාන්න....
ReplyDeleteජය වේවා
බොහෝම ස්තූතියි මචෝ කොමෙන්ටුවට.... අනිත් කොටස ලියපු ගමන් දාන්නම් හොඳේ... යම්කිසි හේතු මත මාසයක් විතර කොටස් ආවෙ නැත්තම් ගනන් ගන්න එපා හොඳේ..
Deleteඑළ ගැමියෝ එළ.. දැන් දැන් අමුතු පැත්තකට කතාව යන්නෙ... අවසානය ගැන හිතා ගන්න බෑ..
ReplyDeleteගැමියට දැන් විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙක් කියලා කට පුරා කියන්ඩ පුලුවන්..
ඇත්තටම සෙන්නා අයියේ අවසානය කාටවත් හිතෙන්නේ නැතිම විදියකට දෙන්නයි මම ප්ලෑන් කරලා තියෙන්නේ...
Deleteඅනේ මං තාම වැටි වැටි ලියන්නේ... ලේඛකයෙක් වෙන්න නම් තව සෑහෙන කාලයක් යාවි අයියේ... සෑහෙන්න සතුටුයි අයියේ ඔයාගේ අගය කිරීම්වලට.... ලියන අයට මීට වඩා තල්ලුවක් වෙන කොහෙවත් නෑ අයියේ...බොහෝම ස්තූතියි අයියේ...
කිසිම ඒකාකාරී කමක් නෑ දිගටම ලියන්න...
ReplyDeleteකතාව සිරා...
බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට... මේ ප්‍රතිචාර සෑහෙන්න ලොකු හයියක්...
Deleteඑල ගැමියෝ එල. මොන ඒකාකාරිද? හැමදාම ආදර කතා බල බල ලිය ලිය ඉන්නවට වඩා මේක නියමයි. දිගටම ලියපන්. ජය වේවා !!!
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ.... මට හිතුනා ඉතින් හැමදාම මේකම ලියනකොට ගතියක් නැතිවෙයි කියලා....
Deleteබොහෝම ස්තූතියි දිරිගැන්වීමට... දිගටම ලියනවා අනිවාර්යෙන්...
නියමයි!!! උපරිම රසවින්දනයක් එක්ක කතාවක්. ස්තුතියි ගැමියෝ...
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ... ආසාවෙන් හැමෝම කියවන එක ගැන මට සෑහෙන්න සතුටුයි.... බ්ලොග් ලියන හැමෝම බලාපොරොත්තු වෙන්නේ ඒකනේ.ආසාවෙන් කියවලා මෙහෙම කොමෙන්ට් දාලා යනකොට ඊටත් වඩා සතුටුයි...
Deleteතනි ඇහැට ඇඩෙනවා හයියෝ....කාට කියන්නද මේ දුක....මම නම් කල්පනා කරේම ඔය ගෑනුන්ට අහු උනොත් මොකද වෙන්නේ කියලා..........හඃ හඃ හඃ
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට... මේ කතාවේ හැටියට ගෑණුන්ට පිරිමියො කියන්නෙ මැජික් එකක් වගේ නිසා සෑහෙන්න පරිස්සම් වෙන්න වෙයි වගේ.... මොනවා නොවෙයිද??? හි හි
Deleteපිස්සුද කිසිම ඒකාකාරී බවක් නැහැ. හොදටම හොදයි.
ReplyDeleteමෙතනින් එහාට යන විදිහ ගැන අප කිසිවක් කියන්නේ නැහැ. ඔබට අවශ්‍ය විදියට යන්න. අපට අවශ්‍ය වූ හැමදේම දැන් හොදින් වෙනවා.
බොහෝම ස්තූතියි වෙද මහත්තයෝ කොමෙන්ටුවට.....
Deleteමට නිකමට හිතුනා හැමදාම කතාවම දැම්මොත් කට්ටියට එපා වෙයි ඒකයි අදහස් විමසුවේ.තව කොටස් තුන හතරකින් මේක ඉවරකරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා...
හලේ ඕක ගෑනු කටහඩක්නම් වෙන්න එපා...........
ReplyDeleteඒ මොකෑ බොලේ ගෑණු කටහඬක් වෙන්න එපා කියන්නේ?? ම්ම්ම් හොඳට හිතලා තියෙනවා නගේ බලමුකෝ මොකද වෙන්නේ කියලා ඉස්සරහට.... අද දිව උළුක්කු වෙලා නෑ වගේ...
Deleteබොහෝම ස්තූතියි නංගිගෙ කොමෙන්ටුවට
මම පරක්කුඋනා හොදේ...4වෙනි කොටසත් අදතමයි කියෙව්වේ...එළ ඈ...නියමෙට යනවා...
ReplyDeleteකිසි පරක්කුවක් නෑ අයියේ.... බොහෝම ස්තූතියි ඈ කොමෙන්ටුවට...
Deleteමගුලක් කථා කරනවා.. ඒකා කාරී තියා මොන කාරීවත් නෑ බං.. නියමෙට කථාව යනවා.. ඊලග කොටසත් ඉක්මනට දාපන්..
ReplyDeleteඊළඟ කොටසට කලින් මගේ සාමාන්‍ය කතාවක් දාලා බලන්නත් හිතෙනවා.... බලමුකො හොඳේ... බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට..
Deleteකිසිම ඒකාකාරී බවක් මටනම් පෙනෙන්නෙ නෑ. විද්‍යා ප්‍රබන්ධයක සාමාන්‍ය ගලායාම තමයි මේකෙත් තියෙන්නෙ.
ReplyDeleteහැබැයි අද ව්‍යාකරණ දෝෂනම් ගොඩාක් තියෙනවා.(ඒවා පොතක් කරනකොට හදාගන්න පුළුවන්)
බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට.... ඩුඩි අයියත් පහලින් සමහර වැරදි තැන් පෙන්නලා තියෙනවා... වැඩේ කියන්නේ ලියලා දෙපාර කියවනකොටවත් අහුවුනේ නෑනේ....
Deleteහි හි පොතක් කරනකොට?? ඒකට තාම සුදුසුකම් ලබලා නෑ වගේ අයියේ.තව කතා තුන හතරක් වත් ලියන්න වෙයි නේද
කුතුහලය පිරි වෙනස් විදියක කතාවක්.. ආසාවෙන් කියවනවා.. :)
ReplyDeleteබොහෝම ස්තූතියි මචෝ කොමෙන්ටුවට....
Deleteado koluwo ekamenata danne anith kali tike 5 weni episode eka enna godak kal giya anith ewa ekmenata danne !!!!!!
ReplyDeleteඑච්චර හයියෙන් ලියන්න අමාරුයි මචෝ.... ලියන එකට එකක් සම්බන්ධ වෙන්න ලිව්වෙ නැත්තම් කියවන අයට කරන අසාධාරණයක්නේ ඒ නිසා උපරිමයෙන් ලියන්න ටිකක් වෙලා ගන්න වෙනවා.ගිය සැරේ කතාව එහෙන් මෙහෙන් අසාර්ථක වුනා ඉක්මනින් ලියන්න ගිහිල්ලා....
Deleteබොහෝම ස්තූතියි ඈ කොමෙන්ටුවට.... හැකි ඉක්මනින් ඉතුරුවා දෙන්නම්...
ඒකාකරී බව දැනෙන්නේ මේ කතාව විතරක් දිගටම දාන හින්දද මන්ද සහෝ... තව පෝස්ට් අස්සේ කලවමේ දාමුද?
ReplyDeleteකතාව ගැන ඇදයක් කියන්න නැති නිසා බං ඒ ඇදේ කිව්වේ :ඩී
ඇත්තටම සැමයියේ එහෙම කරන එක හොඳයි කියලා මට හිතෙනවා... මොකද බ්ලොග් කියවන්න එන බහුතරයක් බලාගෙන ඉන්නේ වෙනසකටත් එක්ක යමක් කියවලා හිත සැහැල්ලු කරගන්නනේ....
Deleteහි හි ස්තූතියි ස්තූතියි සැමයියේ... මොකාක් හරි කමක් නෑ කියලා යන්න.ප්‍රවීන කතාකරුවෙක් වශයෙන් සැමයියටත් පුළුවන් අපිට උදව් කරන්න... ට්‍රික්ස් එහෙම ඇති නේද??
ට්‍රිකස් කියලා හිතල කරන දේවල් නැහැ මචං..
Deleteඒත් මම පෝස්ට් දාන්නේ දවසක් ඇර දවසක් කස්ටියට කියවන්න කල් තියලා. අනික ඒවා දාන්නේ හවස. මම හිතනව ඒක ටිකක් සාර්ථකයි කියලා. කස්ටියට කියවන්න කාලය තියෙනවා.
ජය !
දිගටම දැම්මට අවුලක් නෑ හැබැයි ගැමි මල්ලිට එකෙන් ඒකාකාරී බවක් දැනෙනවානම් ඒක කතාවේ ඉතුරු කොටසේ සාර්ථකත්වයට බාධාවක් වේවි... ඒක නිසා අනික් අය කියනවා වගේ පොස්ට් එකක් ඇර එකක් කතාවක් දාල බැලුවොත් මොකෝ. මේක මට හිතුන දෙයක් විතරයි හොඳේ. කතාව චිත්‍රපටියක් බලනවා වගේ සුපිරියට ගලාගෙන යනවා. සුපිරි ගනයේ තවත් කොටසක් ලියන්න ශක්තිය ධෛරිය වාසනාව ලැබෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteඅන්න ඒ වාගේ මානසිකත්වයකින් තමයි අයියේ මගෙ අතින් මේ කතාව ලියවුනේ.... ලියවෙනකොට මට හිතුනා ගොඩාක් කට්ටිය මේක අසාර්ථකයි කියලා කියයිවත්දෝ කියලාත්.ඊළඟ කොටසට කලින් වෙනත් පෝස්ටුවක් දැම්මොත් හොඳයි තමයි අයියේ.....
Deleteබොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවටයි දිරිගැන්වීම් වලටයි.... හැමදාම කියන්නත් වගේ මේ කොමෙන්ටු නිසා තමයි තවත් ලියන්න හිතෙන්නේ...
ගිය පාර කොටස අපහැදිළි උන නිසා මට ඒක කියවලා කමෙන්ට් ටිකත් කියවලා මේ ආවේ මේකත් කියවලා.දැන් කාගෙද මෙ කටහඬ?
ReplyDeleteබොහෝම ස්තූතියි කාව්යා අක්කේ කොමෙන්ටුවට.... ගිය පාර පෝස්ට් එක ගොඩාක් හදිසියෙන් දාපු හින්දා ටිකාක් විතර පැහැදිලිව ලියන්න බැරිවුනා කියලා පිළිගන්න වෙනවා අක්කේ ඒ නිසා ඒකට මුලින්ම සමාව ඉල්ලනවා....
Deleteමේ කටහඬ තමා කටහඬ... තාම කවුද කියන්න හොඳ නෑ ඒක කුතුහලේ ඇතිකරවන අයිටම් එකක් විදියට තියන්න ඕනේ... මෙතන ඉන්න එකම එක්කෙනෙක් හරියටම ඒ කවුද කියලා අනුමාන කරලා තියෙනවා හැබැයි...
විද්‍යා ප්‍රබන්ධ පිලිබව අනාවැකි කියන්න බෑ ෙමාකද ෙවනස් ෙවන නිසා.අැතිතටම ෙම්ක ෙහා විද්‍යාත්මක සිනමා කෘතියකට ෙමාකද අපිට වඩා වසර ගනනාවක් ඉදිරිෙයන් තිෙයන නිසා.
ReplyDeleteබොහෝම ස්තූතියි ඔබේ කොමෙන්ටුවට.... සිනමා කෘතියක් බැරි වුනත් කාටුන් එකක්වත් හදන්න කියලා බලාපොරොත්තුවක් නම් තියෙනවා.....
Deleteමේකේ ඒකාකාරී ගතියක් නැහැ ගලාගෙන යනවා හොඳට.
ReplyDeleteමම හිතන්නේ හුරුපුරුදු කට හඬ වෙන කාගේවත් නෙවෙයි අර දොස්තර නෝනගේ වෙන්න ඕනේ.
බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට..... ම්ම්ම්ම් කියන්නත් සන්තෝසයි අසරණයා අයියා සෑහෙන්න දුර හිතලා තියෙනවනේ.... අපි බලමුකෝ ඊළඟට මොකක්ද වෙන්නේ කියලා... අනුමානය නිවැරදිද කියලත් බලමුකෝ
Deleteතිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගේ පිහිටයි..... ආරක්ෂාවයි
ReplyDeleteඅඩේ මේ කතාවෙන් ලස්සන ක්‍රියාදාම චිත්‍රපටියක් හදන්න පුලුවන් නෙව.
ReplyDeleteඅම්බෝ මේ කෙල්ලෝ නම්.... !!!
ඕං දැනටම අක්කලා දෙන්නෙක් චරිත ඉල්ලුම් කොරලා තියෙන්නේ.... අර ගැහැණු සෙබලිය වෙන්නමයි හැමෝටම ඕනේ.ජයසිංහට රඟපාන්න ඉල්ලන කෙනාට බඩුම තමයි.....
Deleteමේ කෙල්ලෝ නම් සිරාවට මෙහෙම චාන්ස් එකක් හම්බුනොත් අතාරින එකක් නෑ.... ඒක එහෙමනම් ඇත්තටම මෙහෙම උනොත් කොහොම තියෙයිද....
අනුමානයක් නැත... කොටසෙන් කොටසට කියැවීමි... අවසානය තවමත් සිතාගත නොහැක...ඉතා හොදින් කථාව ඉදිරිපත් කරතිබේ... ජය!
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට.... සෑහෙන්න සන්තෝසයි.
Deleteගැමියා, මම මේ කොටස පලවෙලා තියෙනවා දැක්කට හිමිහිට කියවන්න ඕනෙ නිසා ඉඳලා අදයි කියෙව්වේ. මේ කතාවට පස්සෙ අර මං කිව්ව ප්‍රවර්ගය ගැනත් හිතලා බලන්න.
ReplyDeleteමේකෙ පොඩි ප්‍රතිරෝධයක් තිබ්බ තැන් දෙකක් මම දැක්කා.
එකක් නම්:/ ජෙනරේටරය වෙත විදුලිය සපයන ස්වයං ජනන විදුලි උපකරණය/
ගැමියා ඇත්තෙන්ම අදහස් කරන්නෙ ජෙනරේටරය පනගන්වන ස්ටාටර් මෝටරය ක්‍රියාත්මක කරවන බැටරිය හෝ ඊට සමාන අනාගත ගැජට් එකක් වෙන්න ඕනෙ. මොකද ජෙනරේටරයක් කියන්නෙත් ස්වයං විදුලි ජනන උපකරණයක් නිසා මෙතන පොඩ්ඩක් අදහස්ස අවුල් වෙන්න පුලුවන්.
“උඹත් එක්ක කතාකරන්න ඕනේ නෑ මට දැනගන්න ඕනේ තමුසේ අපේ සර්ට තමුන් මොනවද කලේ කියන එක....” මේ අනිත් තැන. උඹයි තමුසෙයි එක වාක්‍යයෙ එකට යන්නෙ නෑනේ. ඊට අමතරව මේ කෑල්ලෙ තවත් මොනවදෝ අවුලක් තියෙනවා නේද? ඒක හදලා දැම්මනම් හරි.
එහෙනම් ජය වේවා.
henryblogwalker the Dude
එච්චර තැනක් දීලා කියෙව්ව එකට බොහෝමත්ම ස්තූතියි ඩුඩි අයියේ.... ඒ ප්‍රවර්ගය ගැන අදහස නම් පට්ටම අදහසක්.රජාගේ බ්ලොගේ පච්චේ ගැන මම දාපු කතාවෙයි කෝච්චි කතාවෙයි කතා නායකයා එකාමයි.මගෙ හොඳ මිතුරෙක් මගෙ බ්ලොග් එකත් කියවනවා... ඉතිං ඒක ලියනකොට ඒ මූ කියලා යන්තමින්වත් මීටර් නොවෙන්න ලියන්ඩෝන නැත්තම් ඒකා වෙනම බ්ලොග් එකක් පටන්ගෙන මං ගැනම ලියන්න ගනියි හි හි......
Delete//ජෙනරේටරය වෙත විදුලිය සපයන ස්වයං ජනන විදුලි උපකරණය//
මේ කාලේ ඛණිජ තෙල් භාවිතයක් නෑ කියලයි මම කතාව ගොඩනැගුවේ.අන්න එතකොට මේ ජෙනරේටරේ අපි දකින විදියේ එකක් නෙමෙයි.මේ ජෙනරේටරේට උදාහරණයක් විදියට "Iron man" ෆිල්ම් එකේ "arc reactor" එක දක්වන්න පුළුවන්....
මේ තාක්ෂනේ හැටියට අවශ්‍ය වන්නේ කුඩා විද්‍යුත් ධාරාවක් පමණයි.ඒ කුඩා විදුලි ධාරාවෙන් නොනවතින විදුලියක් ජනනය කරන්න පුළුවන් කියලයි මම උපකල්පනය කලේ අර ෆිල්ම් එකේ වගේම....
කතාවේ හැටියට සේනක ජෙනරේටරේ ඒ කෑල්ල ගලවගෙන ගිහින් තියෙන්නේ.ඒ නිසයි ඒක ක්‍රියාත්මක කරන්න විදියක් නැත්තේ.ජයසිංහගේ ආයුධයත් මෙහෙම ස්වයං ජනන විදුලි මෝටරයක් සහිත එකක් නිසා ඒ අවිය විනාශ කරලා ඒකෙ විදුලිය අර ජෙනරේටර් එකට ලබා දුන්නම ඒ ලොකු arc reactor එකත් පණගැන්වෙනවා....
//“උඹත් එක්ක කතාකරන්න ඕනේ නෑ මට දැනගන්න ඕනේ තමුසේ අපේ සර්ට තමුන් මොනවද කලේ කියන එක....” මේ අනිත් තැන. උඹයි තමුසෙයි එක වාක්‍යයෙ එකට යන්නෙ නෑනේ. ඊට අමතරව මේ කෑල්ලෙ තවත් මොනවදෝ අවුලක් තියෙනවා නේද? ඒක හදලා දැම්මනම් හරි.//
මෙන්න මෙතනනම් වස වැරැද්දක් වෙලා තියෙන්නේ.මට මේක දෙපාර කියෙව්වත් අහුවුනේ නෑනේ... මම හදලා දාන්නම් ඉක්මනට.තව තැනක් අහුවුනා අර අත් උස්සන්න කියන තැනත් පොඩි අවුලක් තියෙනවා...
හැමදාමත් වගේ සෑහෙන්න වටින කොමෙන්ටුවක්... බොහෝම ස්තූතිවන්ත වෙනවා ඔබට... ජය වේවා..
ගියපාර තිබුණු අඩුපාඩු මේ පාර හදාගෙන තියෙනවා. ඒ වගේම ඒකාකාරී ගත්යක්නම් දන්නේන්නෙම නැතිතරම්.
Deleteහැබැයි මම මේ ස්වයංබලශක්ති ජනක යන්ත්‍ර ගැන කියවලා තියෙනවා. මතකයේ හැටියට අයිසැක් අක්සිමෝව් ගේ විද්‍යා ප්‍රබන්දයක. ඒවාට දීලා තිබුණු නම රූම් යන්ත්‍ර කියලා.සැතපුම් තිහක වටයකට කක්ෂගත කරලා තිබුණු මේ යන්ත්‍ර වලින් කලේ ජීවීන් සංරක්ෂණය කිරීම. තව එකක් ඒවාට පැයට සැතපුම් 5 ක ඒකාකාරී ප්‍රවේගයක් පවත්වාගන්නත් පුළුවනි.
@පිටවාන,
Deleteඒ ඔත්තුවට බොහෝම ස්තූතියි අයියේ.මමත් සෑහෙන්න ආසාවෙන් ඉන්නවා එයාගේ පොත් ටිකක් හොයාගෙන කියවන්න...
මේ පිළිබඳව ඇත්තටම පර්යේෂණ වෙලා තියෙනවද කියලනම් මම හොයලා බැලුවේ නෑ.IRON MAN එකේ තිබුණු සංකල්පයේ ලස්සන නිසාම තමයි ඒක මේකට ඈඳුවේ.
ඔයාට බොහෝමත්ම ස්තූති කරන්න ඕනේ මීට කලින් පෝස්ට් වලදි ගුණ දොස් විචාරය කිරීම ගැන.ඒ නිසා තමයි මේ කොටස ගොඩාක් කල්පනාවෙන් වැඩි වෙලාවක් අරගෙන ලිව්වේ...
බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට.
මුලඉඳලාම බලන්නවෙනව..
ReplyDeleteහිමින් සැරේ බලාගෙන එමු සහෝ.... බොහෝම ස්තූතියි කොමෙන්ටුවට
Deleteමටනම් හිතුනෙ ජයසිංහට සිහිය ඇවිත් කියලා..
ReplyDeleteකුතුහලෙන් පිරුණ කතාවක්.. තවම හිතාගන්න බෑ මේ නිදහසේ හිරු පායාවිද කියලා..
එහෙමනම් ඊළඟ කොටසට මගේ ට්‍රේලර් ඇඩ් එක.. :D :D
------------------------------
සේනකගේ අතුරුහදන් වීම පිටුපස ඇති අභිරහස කුමද්ද.. ජයසිංහගේ සැබෑ මතකය පැමිණේවිද.. මේ සෙබල කාන්තාව අශාන්ව බේරගන්න කැපකිරීමක් කල ජයසිංහගේ මලයවත්ද..? හදිසියෙන් හැදුව යානාව මගදි ලෙඩ ගොඩක් වෙයිද..? අර මතකයන්ගෙන් දත්ත ලබාගත්ත තාක්ෂණයෙන් ආශාන්ට සෙබලියන්ගේ කදවුරු සහ ඒ තාක්ෂණය ගැන ප්‍රයෝජනයක් ගත හැකිවෙයිද.. මේ පරාජය සෙබල කාන්තා අය කොහොම බාරගනීවිද..
බලාපොරොත්තුවන්න ළඟදීම.. ගැමි මලයාගේ පත් ඉරුවෙන්.. ;D
ම්ම්ම් ඒ හිතපු දේ නම් ටිකක් විතර හොඳයි.අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා ඊළඟ කොටසෙදි.... නිදහසේ හිරු පායන්නම එපැයි නේද මොකද මේ කතාව ඉවරවෙන්න ඕනේ එහෙමනේ...... බලාපොරොත්තුව ජීවිතය ජීවත් කරවයි වගේ කතාවක් කවුදෝ මන්දා කියලා තියෙනවා කියලා මම අහලා තියෙනවා.... ඒ නිසා බලාපොරොත්තුවෙන් ඉන්න.
Deleteහි හි ට්‍රේලර් එක නම් උපරිමයි අක්කේ ආයේ මට කියන්න දෙයක් නෑ.... සුපිරියි.ඕං ඔය විදියටම තමා ඊළඟ කොටස මම ප්ලෑන් කරගෙන ඉන්නේ.නියමයි ඈ....
බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට...
මම මේ කතාව මුල ඉඳන්ම කියෙව්වා සහෝ. නියම කතාවක්. හරිම ආසාවෙන් බලන් ඉන්නේ ඊලඟ කොටස කවදද එන්නේ කියලා. ඒකාකාරීබවක් කොහෙත්ම නෑ මේ කතාවේ. හැමවිටම නැවුම් බවක් තියෙන්නේ. සුබ පතනවා. ඒ වගේම ඊලඟ කොටසත් ඉක්මණින් දාන්න පුළුවන් වෙන්න කියලා පතනවා.
ReplyDeleteබොහෝම ස්තූතියි සහෝදරයා... ඊළඟ කොටස දාලා තියෙන්නේ.කොමෙන්ටුව බොහෝම අගය කරනවා...
Deleteඕං කියෙව්ව කොටස් හතරක්ම එකසැරේ.
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවටත් ඒ වගේම වටිනා කාලය මේ කතාව වෙනුවෙන් වැය කලාටත්....
Deleteමුල ටික ට්කක් අමතක නිසා අද ආයෙමත් ගිහින් කියෙව්වා ඒ ටික අතරින් පතර..නියමයි හ්ම්ම්..:)
ReplyDelete