මුල් කොටස් සඳහා
ජයසිංහ හට වෙනත්
විකල්පයක් නොවිණි.ඔහු වහාම නිවසින් පිටතට පිවිස කැරළි කණ්ඩායම රැගෙන ආ යානය පිහිටි
ඉසව්වට දුවන්නට විය.තරුණ වෛද්‍යවරියද ඔහු පසුපසින් පැමිණෙන බැව් දුටු ජයසිංහ වහා
නැවතුනේ එය එතරම් නුවණට හුරු නොවන බව වැටහීමෙනි.
“ඔයාට මෙතනින් එහාට
එන්න බෑ.... “
“මට දැන් හැඳුනුම්
කේතයක් නෑ.මමත් දැන් කාන්තා ජනපදයට පිටස්තර කෙනෙක්.මට යන්න තැනක් නෑ මාවත් එක්කරන්
යන්න කරුණාකරලා”
මදක් නොඉවසිල්ලෙන්
කල්පනාවේ නිමග්න වූ ජයසිංහ එක්වරම යමක් සිහිවුවෙක් පරිද්දෙන් ඔහුගේ සාක්කුවකින්
පිටතට ගත්තේ යම්කිසි ආකාරයක සිතියමක් වැනි උපාංගයකි.එය ඇකිලීමට හැකි අයුරින් සකස්
කර තිබිණි.
“මේ තියෙන්නේ අපේ එක
සැඟවුම් තිප්පොලක්.එතන දැනට කවුරුත් නෑ අවශ්‍ය කෑම බීම හැමදෙයක්ම එතන තියෙනවා.ඔබට
අපිත් එක්ක එන්න බෑ.මේ සිතියම බලාගෙන යන්න.මම දවස් කීපයකින් එන්නම්.මට මීට වඩා
දෙයක් කරන්න බෑ.මේක තමයි අපි දෙන්නගෙම ආරක්ෂාවට තියෙන හොඳම විසඳුම.... මට සමාවෙන්න”
“ස්තූතියි මගෙයි
අම්මගෙයි ජීවිතය බේරුවට..... “ යැයි පැවසූ ඈ
ජයසිංහට පිටුපා අඳුරේ සැඟවී යන්නට විය.
****
අශාන් ඉතා සූක්ෂම
අයුරින් මූලස්ථානයේ මුරකාවල් අතරින් ගමන් කරමින් සිටි අතර ප්‍රධාන හමුදා
නිලධාරිනියගේ මරණය පිළිබඳ සෙබලියන් තවමත් නොදන්නා සෙයක් පෙනෙන්නට තිබිණි.එම නිසා
ප්‍රධාන සෙබලිය සතුව තිබූ රහස්‍ය කේතය කල් ඉකුත්වන්නට ඇත්තේ ස්වයංක්‍රීයව විය
යුතුයැයි ඔහුගේ නිගමනය වී තිබිණි.එය ඔහුව තරමක් අස්වැසුවද මුළු මූලස්ථානයම කඩි
ගුලක් සේ ඇවිස්සීමට වැඩි කාලයක් ගත නොවනු ඇතැයි ඔහුට වැටහිණි.හැකි ඉක්මනින්
මූලස්ථානයෙන් පිටවීම ඔහුගේ එකම අරමුණ වී තිබිණි.
ඔහු තෝරාගත් ගමන්
මාර්ගයේ හමුදා සෙබලියන් එතරම් නොවිණි.මූලස්ථානය ඇතුලත පැවති ආලෝකය දුර යත්ම අඩුවන
බවක් අශාන්ගේ නිරීක්ෂණයට නතුවූයේ මේ අතරතුරයි.මූලස්ථානයෙන් පිටතට පැමිණීමට තමා
ආසන්න යැයි ඔහුට හැඟෙන්නට වූ බැවින් ඔහුගේ ගමන් වේගයද ඉක්මන් විණි.
එම මග දෙපස බිත්ති
අතර හිඩැස් ඇතිව සකසා තිබුනේ එකවර මිනිසුන් දෙදෙනෙකුට පමණ සිටීමට හැකිවන ලෙසයි.ඒ
පිළිබඳවද ඔහු තුල කුකුසක් ඇතිවූ නමුත් ඒ ගැන නොසිතූ ඔහු ඉදිරියටම ඇදෙන්නට
විය.ඔහු ගමන් ගත් මාර්ගය ඉදිරියේ පටු වංගුවක් ඔහුට දකින්නට ලැබුනේ මෙවිටයි.ඔහු
පැමිණි වේගයෙන්ම එම වංගුවෙන් ගමන් කලද ඒ වේගය ඉක්මවූ වේගයකින් ඔහු ආපසු
පැමිණී අතර කලබලයෙන් ඒ මේ අත සැරිසැරූ ඔහු මීට ප්‍රථම දුටු බිත්ති තැනින් තැන
වූ හිඩසකට රිංගා ගත්තේ ඉතා තදින් හුස්ම ගනිමිනි.තදින් දෑස් පියාගත් ඔහු ඔහුගේ
හුස්ම පාලනය කරගන්නට දැඩි උත්සහයක් දරන්නට විය.ස්වල්ප මොහොතකින් එම වංගුවෙන්
පැමිණියේ හමුදා සෙබලියන් දෙදෙනෙකි.ඔවුන් අශාන්ව ලුහුබඳිනා බවක් පෙනෙන්නට නොතිබිණි
ඔවුන් ඉතා සන්සුන් ගමනින් ඔහු සිටි ස්ථානය පසුකර ඉදිරියට යන්නට විය.
දිගු සුසුමක්
හෙලමින් අශාන් නෙත් යොමුකලේ තමා සිටි ස්ථානය පසුකර ගිය සෙබලියන් දෙදෙනා වෙතටයි.මේ
අයුරින් තව කොපමණ දුරක් සැඟවී ගමන් කරන්නට වේදැයි ඔහු කල්පනා කරන්නට විය.සන්සුන්ව
ගමන්කල සෙබලියන් දෙදෙනා එක්වරම නැවතුණු අයුරු දුටු අශාන්ගේ තොලකට වියළී ගියේ
නිතැතිනි.දෙඇස් විශාල කරගත් ඔහු වහා තමාගේ හිස සඟවාගත් බියෙන් තැතිගනිමිනි.ඔවුන්
එක්වරම ගමන නැවැත්වූයේ තමා සිටින ස්ථානය පිළිබඳ ඔවුනට තොරතුරක් ලැබීමෙන් විය
යුතුයැයි ඔහුට සිතෙන්නට විය.සිය ඉනෙහි වූ සෙබලියගේ අවිය දෑතට ගත් ඔහු එය දෑතින්ම
මිරිකමින් බලාගෙන සිටින්නට වූයේ ගැලවීමට ඇති එකම විසඳුම එම අවිය වූ බැවිනි.
“මේ අවිය....”
ඔහු ඔහුටම මුමුණන්නට විය.ඔහුට ඔහුගේ සියොළඟම දැවෙන
අයුරක් දැනෙන්නට වූයේ එක්වරම ඔහුගේ
කල්පනාවට පැමිණි දෙයකිනි.තමා මීට පෙරද තමාගේ කණ්ඩායම සම්පූර්ණයෙන්ම අනතුරකට පත්කලේ
ප්‍රධාන හමුදා සෙබලියගේ සිරුර සමග ඇගේ
අවියද රැගෙන ආ බැවින් බව ඔහුගේ මතකයට පිවිසිණි.එවර එය ඔස්සේ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරිය
පැමිණියේ නම් මුල් අවස්ථාවට වඩා කුඩා මේ අවිය ඔස්සේ මෙවර අවම වශයෙන් තමා සිටින ස්ථානයහෝ ඔවුනට
සොයාගන්නට හැකියාව ඇතැයි ඔහුට සිහිවිය.
එම අවිය අතහැරීමට
දැන් ප්‍රමාද වැඩි යැයි ඔහුට හැඟිණි.කල යුතු හොඳම දෙය සතුරා නොසිතූ මොහොතක
පහරදීම යැයි සිතූ ඔහු සැඟව සිටි ස්ථානයෙන් පිටතට පිවිසියේ ඔහු අත රැඳි අවිය
ඉදිරියට එල්ල කරගෙනයි.නමුත් ඔහුව පුදුමයට පත් කරවමින් සෙබලියන් දෙදෙනා එහි නොවීය.ඔහු
වහා ඔහුගේ පිටුපසින් කවුරුන් හෝ ඇත්දැයි විමසුවද කිසිවෙකුත් පෙනෙන්නට නොවීම ඔහුව
අධික කම්පනයකට ලක්කිරීමට සමත් විණි.ඒ සමගම යම්කිසි ආකාරයක යාන්ත්‍රික ශබ්දයක් ක්‍රමයෙන්
වැඩි වෙමින් තමා සිටින ඉසව්වට එන අයුරක් ඔහුට දැනෙන්නට විය.එම හඬ පැමිණෙන දිශාව
සොයාගත නොහැකිව ඔහු මදක් කැරකෙමින් විමසිලිමත් විය.ඒ සමගම පෙරකී වංගුවෙන් මතුවූයේ
පොලොවෙන් අඩි දෙකක් පමණ උඩින් පියාසර කරමින් පැමිණි විශාල යානාවකි.
තමා ගමන් ගත් එම
මාර්ගය සම්පූර්ණයෙන්ම වසාගනිමින් පැමිණි එම යානාව පැමිණෙනු දුටු අශාන් හට කිසිවක්
කරකියාගත නොහැකි විනි.බිත්ති අතර පැවති හිඩසෙහි ඇති වටිනාකම ඔහුගේ සිහියට නැගුනේ
මෙවිටයි.තමා පෙර සැඟවුණු එම හිඩැසට ඇතුළු වූයේ යානය ඔහුගේ ශරීරයේ ගැටීමට සුළු
මොහොතකට පෙරයි.සෙබලියන් දෙදෙනා අතුරුදහන් වීමට හේතුවත් ඔහුට මේ වන විට වැටහී
තිබිණි.ඔහු ප්‍රධාන සෙබලියගේ අවිය ඉවත දැමීමට ඒ වනවිටත් තීරණය කල ඔහු ප්‍රධාන සෙබලියගේ
මතකයන් පිටපත් කරගන්නා උපකරණයද ක්‍රියා විරහිත කරගනිමින් වහා සැඟවී සිටි ස්ථානයෙන්
පිටතට පිවිසිණි.
වේගයෙන් අඩි තබමින්
පෙරකී වංගුව ඔස්සේ ගමන් කල ඔහුගේ නෙත ගැටුනේ සෙමින් වැසෙමින් තිබූ ඉතා විශාල යකඩ
දොරකි.ඉක්මන් නොකලොත් තමාගේ ගමන මෙම දොරටුවෙන් අවහිර වන බව ඔහුට වැටහිණි.ඔහු ඔහුගේ
සියළුම ශක්තිය යොදමින් එදෙසට දුවන්නට විය.
එම දොරටුව උඩ සිට
පහලට වැසෙමින් පැවතුණු දැවැන්ත යකඩ දොරකි.අශාන් එම දොරටුව අසලට පැමිණෙන විට එය
පොළව සිපගැනීමට ඉතාමත් ආසන්නව පැවතිණි.එහෙත් උත්සහය අත් නොහැරි අශාන් දුවමින්
පැමිණි වේගයෙන්ම බිම දිගේ ලිස්සමින් සිය සිරුර යන්තමින් දොරටුවෙන් ඇතුළු කරගැනීමට
සමත් විය.තව එක තත්පරයක් හෝ ප්‍රමාද වූවා නම් ඔහුට නිසැක වශයෙන්ම ජීවිතය අහිමි
වීමට පවා ඉඩ තිබිණි.
ඔහු තනිවම
සිනාසෙන්නට වූයේ කෙදිනකවත් කරන්නට තියා සිතන්නටවත් නොහැකි අයුරක ත්‍රාසජනක ක්‍රියාවක නිරතවීමෙන් පසු
දැනුනු තෘප්තියට විය හැක.ඔහු එම දොරටුවෙන් ඇතුළු වූ අයුරින්ම බිම දිගාවී වටපිටාව
පිරික්සන්නට විය.යන්තමින් ආලෝකය පැවති එම කුටිය තුල වූයේ ඔහු පෙර දුටු යානයේ
ආකෘතියම රැගත් යානා සමූහයකි.මේ සමයේ ටෙලිපෝට් තාක්ෂණය බහුලව භාවිතා වුවද හමුදා
සෙබලියන්ට මේ ආකාරයේ යානා මෙතරම් අවශ්‍ය මන්දැයි ඔහු සිතන්නට විය.ටෙලිපෝට්
තාක්ෂණයේද දුර්වලතා පවතින බැව් ඔහුට වැටහුණේ එවිටයි.
ටෙලිපෝට් තාක්ෂණය
භාවිතා කරමින් ඕනෑම පුද්ගලයෙක්ට ගමන්කල හැකි වුවත් එසේ ගමන් කල හැක්කේ ගමනාන්තයේ
කෙලවරද ටෙලිපෝට් රිසීවරයක් ඇත්නම් පමණකි.පූර්ව සැලසුම් කිරීමකින් තොරව අවශ්‍ය
ස්ථානයකට යෑම සඳහා මෙම තාක්ෂණය භාවිතා කිරීමට හැකි පරිදි තවමත් දියුණු වී නැතැයි
යන්න අශාන්ට අවබෝධවී තිබිණි.විවිධ කැරළි මැඩපැවැත්වීමට සිදුවන අවස්ථාවන්හිදි අදාල
ස්ථානවලට ලඟා වීමට තවමත් සෙබලියන් සතුව ඇති එකම උපක්‍රමය මෙම යානා භාවිතය
පමණකි.තවද යම්කිසි වැටලීමකදී වුවද එකවර සෙබලියන් වැඩි ප්‍රමාණයක් ටෙලිපෝට් කිරීමටද
පහසුකම් තවම ටෙලිපෝට් උපකරණවල අන්තර්ගතව නැතැයි යන්න අශාන් හට වැටහී තිබිණි.
ඔහු පුදුමයට පත් කල
තවත් කාරණයක් එහි විය.එනම් කිසිදු හමුදා නිලධාරිනියක එම යානා නැවතුම් අංගනයේ
නොවීමයි.එහෙත් ඔහුගේ සිතෙහි බිය සැක සහමුලින්ම දුරුව නොතිබිණි.ඉතා සෙමින් දෙපයට බර
දුන් ඔහු ඉදිරියට පය එසෙව්වා පමණි.ඔහු සිටි යානා අංගනයේ විදුලි පහන් එකින් එක
දැල්වෙන්නට වූයේ සම්පූර්ණ කුටියම පැහැදිලි ආලෝකයකින් නහවමිනි.
“12688 වන ගමන් වාරය
කාලසටහන් ගත කර අවසානයි.යම්කිසි වෙනස්කමක් සිදු කිරීමට ඇත්නම් තව විනාඩි 5ක් ඔබට
ඉතිරිව පවතිනවා.....”
අශාන් මොහොතකට කලබල
වුවද එය ස්වයංක්‍රීයව නිකුත් වූ හඬක් පමණක් බව වටහාගැනීමට ඔහුට වැඩි වේලා ගත
නොවුණි.එම කටහඬ විමසන්නේ යම්කිසි අයුරක ගුවන් ගමන් සඳහා වූ කාලසටහනක් පිළිබඳව බැව්
ඔහුට වැටහුණි.ඔහු මදක් ඉවසිලිවන්තව සිටියේ ඉන්පසු කුමක් වේ දැයි බලාපොරොත්තුවෙනි.
“තව විනාඩියක්
ඉතිරිව පවතිනවා.... “
“ම්ම්ම් මෙන්න මේ
අක්ෂාංශ දේශාංශ සඳහා යානයක් සූදානම් කරන්න” යැයි පැවසූ අශාන් අක්ෂාංශ දේශාංශ පරිගණකයට ලබා දුනි... පෙර පැමිණි
සෙබලියන් දෙදෙනා මෙම පද්ධතිය භාවිතා කර එම පද්ධතිය නොසැලකිලිමත් ලෙස නවතා දමා පිටව
ගොස් ඇති බවට ඔහු අනුමාන කලේය.
“ස්තූතියි...
2819SS යානය සඳහා කාලසටහන් නැවත සකස් කිරීමේ ක්‍රියාවලිය
දැන් ආරම්භ වෙනවා.... ගතවන කාලය විනාඩි දෙකයි තත්පර හතලිහකි”
සෙබලියගේ අවිය
තවමත් අත දරා සිටින අශාන් එම යානා අංගනය ඉදිරියට ඇදුනේ අවට ඇති යානා
පිරික්සමිනි.ඔහු ඉන් එක් යානයක් අසලට ලංව ඊට අත තැබුවා පමණි,ඔහුට ඇසෙන්නට වූයේ මහා හඬක් නගමින් නාද වන මූලස්ථානයේ
අනතුරු ඇඟවීමේ නලා පද්ධතියේ හඬයි.මොහොතකට ඔහු තුෂ්ණීම්භූත වුවද එම අනතුරු හැඟවීමේ
පද්ධතිය ක්‍රියාත්මක වූයේ ඔහු එම යානයට අත තැබූ නිසා නොවන බව ඔහුට පසුව වැටහිනි.
ඒ සමගම යාන්ත්‍රික
හඬක් නංවමින් එක්වරම ඉහලට එසවුනේ අංගනයේ නවතා තිබූ යානයකි.ඔහු ඒ දෙසට ඔහු සතුවූ
අවිය ඉලක්ක කල නමුත් එක්වරම එම යානයේ බඳ පෙදෙසේ තිබූ අංකය දැකීමෙන් අනතුරුව ඔහු
සිය අදහස වෙනස් කරගතේතේය.
“2819SS”
ඒ ඔහු විසින්
ලබාදුන් විධානයට අනුව පරිගණකය විසින් සූදානම් කරන ලද යානයයි.ඔහු වහා එය දෙසට
දුවන්නට විය.ඔහු එම යානය අසලට ලංවත්ම තවත් යාන්ත්‍රික හඬවල් ගණනාවක් ඔහුට ඇසෙන්නට
විය.ඔහු සෙමින් පිටුපස හැරුනේ කුතුහලය පිරි බියෙන් සලිත මුහුණින් යුතුවයි.
ඔහු සිතුවා
නිවැරදිය..... සියළුම යානා පණගැන්වී ඉහළට එසවෙමින් පැවතිණි.
****
සේනක සැරිසරමින්
සිටියේ නින්දත් නොනින්දත් අතර වූ අමුතුම අයුරක සිතිවිලි දාමයකයි.සත්‍යයක් විලසින්ම
ඔහුට දැනුණු මෙ හැඟීමෙන් එක්වරම පිබිදීමට ලක්වූ ඔහු වටපිට බලන්නට වූයේ එක්වරම
ඔහුට ඇසෙන්නට වූ එම ශබ්දය කුමක්දැයි වටහාගැනීමටයි.
එම නාදය හමුදා
මූලස්ථානයේ අනතුරු හැඟවීමේ පද්ධතිය බවට ඒත්තු වීමට ඔහුට බොහෝ වේලාවක් ගතවිය.ඒ
සැනින් ඔහු සිටි සයනයෙන් නැගී ගත් සේනක ඔහු සිටි කුටියේ ආලෝක බිත්තිය අසලට ලංවූයේ
පිටත සිදුවන්නේ කුමක්දැයි දැක බලාගැනීමටයි.ඒ වනවිටත් සෙබලියන් බොහෝ දෙනෙක් එම
පර්යේෂණාගාරය ආරක්ෂා කරමින් සිටිනු දක්නට ලැබිණි.මියැදුණු ප්‍රධාන හමුදා සෙබලියගේ
සිරුර වටාද බොහෝ සෙබලියන් පිරිසක් විය.
සේනක ඔහු සිටි
කුටියේ බිත්තියට හේත්තුවෙමින් යම්කිසිවක් මුමුණන්නට විය.
“කොහොමහරි පැනගන්න
අශාන් කොහොමහරි… කොහොමහරි....”
****
මූලස්ථානයේ ප්‍රධාන
මෙහෙයුම් කුටියේ කලබල වූ නිලධාරිනියන් කීපදෙනෙකු රැඳී සිටිනු දක්නට
ලැබිණි.ඉන් එක් නිලධාරිනියක් කුමක් හෝ උසස් නිලයක් දරනා අයෙකු බව පෙනෙන්නට
තිබිණි.ඔවුන් සිටි කුටියේ ඉතා විශාල පරිගණක තිර
බොහෝමයක් විය.ඔවුන්ගේ මූලස්ථානය පුරාවටම ඇති සියළුම කැමරාවන්හි පටිගත වන
දර්ශන එම කුටියේ සිට නැරඹිය හැකිවන ලෙස සකසා තිබිණි.නිලධාරිනියන් බොහෝ දෙනා එම
කැමරාවලින් පිටත සහ ඇතුලත පිරික්සමින් සිටියද අශාන්ගේ සලකුණකුදු ඔවුන්ගේ නෙත
නොගැටිණි.
“කිසිම පටිගතවීමක
ඔහුගේ සටහනක් නැද්ද?? “ ඉහතකී නිලධාරිනිය
පරිගණක ක්‍රියාකරවන්නියන්ගෙන් විමසමින් ඇවිදිනු දක්නට ලැබිණි.
“ඔවුන්ව රඳවලා
තිබුනේ අපේ විශේෂ පර්යේෂණාගාරයේ නිසා අශාන්ගේ කිසිම සටහනක් කැමරාවල සටහන් වෙන්නේ
නෑ අසනි.... “
“මම ඒක දන්නවා….
අයුමිගේ තැනට සුදුස්සා මම වුනත් මේ වෙලාවේ මට
කිසිම තීරණයක් ගන්න තරම් හොඳ මානසික මට්ටමක නෑ ඒකයි පුංචි දෙයක් හරි හොයාගන්න හදන්නේ. ඉක්මනින්
තොරතුරක් සොයාගන්න බැරිවුනොත් මුළු ජනපදයම අනතුරේ”
පරිගණක තිරය
පිරික්සමින් සිටි එක් සාමාන්‍ය සෙබලියක් ඇය සිටි අසුනෙන් නැගී සිටියේ මේ
අතරතුරයි.ඇය වහා දෙවෙනි නිලධාරිනිය ඇමතුවේ නොඉවසිල්ලෙනි.
“මැඩම් මම හිතන්නේ
අශාන් හිටපු කුටියෙන් අපිට හරියටම වෙච්චි දේවල් දැනගන්න පුළුවන්කමක් තියෙනවා”
“ඒ කොහොමද??” නිලධාරිනිය ඇගෙන් විමසුවේ එතරම් උවමනාවකින් නොවේ.
“ඒ කුටියේ ගමන් කරන
තරංග වලින් හැමෝගෙම දත්ත එක්රැස් කරන්න පුළුවන් බවක් කුටිය අත්හදා බලනකොට විද්‍යාඥවරියක් කිව්වා
කියලා මතකයි ඉතින් මම හිතන්නේ.........”
“ඒ එක්රැස් කරන්නේ
කුටිය ඇතුලේ ඉන්න කෙනාගේ සෞඛ්‍ය තත්වය දැනගන්න පුළුවන් විදියේ දත්ත ඒවා එකතු
කිරීමෙන් එහෙම දෙයක් කරන්න හැකියාවක් නෑ.අවම තරමින් අපි කුටිය ඇතුලේ වෙන දෙබසක්වත් පටිගත කිරීමක් කරන්නේ නෑ”
“ඒත් උත්සහයක් කලොත්
පාඩුවක් වෙන එකක් නෑ.අනික අපිට වෙන විසඳුමකුත් නෑ”
“කොහොමද දැන් ඒක
කරන්න බලාපොරොත්තු වෙන්නේ ???”
“ඒ කුටියේ මූලික
පදනම අලෝක අංශු සහ කම්පන තරංග.ඒ කුටියේ තොරතුරු ගබඩා කරගන්නේ එහි සිදුවන ස්පන්දන
ගණනය කිරීමෙන්.උත්සහ කලොත් අපිට ඒ ක්‍රියාවලිය ප්‍රයෝජනයට ගන්න පුළුවන් වේවි.....”
“නාස්ති කරන්න
කාලයක් නෑ යමු ගිහින් උත්සහ කරමු....”
දෙවෙනි නිලධාරිනිය
සහ අදහස ඉදිරිපත් කල සෙබලිය වහා පිටත්වුනේ අශාන් රඳවා සිටි කුටියට පිවිසීමටයි.සුළු
කාලයක් ඇතුලත අදාල ස්ථානයට ලඟා වීමට ඔවුන් සමත්විනි.
“ඉක්මන් කරන්න....”
“හරි මැඩම්.... මම
දැන් ප්‍රධාන කේතයන්ට ඇතුළු වෙන්නයි හදන්නේ.අපේ වාසනාවට ඕනෑම වෙනස්කමක් කරන්න
පුළුවන් විදියටයි ප්‍රධාන නිලධාරිනිය පද්ධතිය විවෘත කරලා තියෙන්නේ.... “
“ඒක කරන්න
පුළුවන්ද....?”
“උත්සහ කරමු....
කුටියේ තියෙන ක්ෂුද්‍ර ආලෝක තරංග අදෘශ්‍යමාන වෙන විදියටයි මේ කේතය ලියලා
තියෙන්නේ..... “
ඇය ආලෝක බිත්තියේ
ඇඳුනු කොටුවක දිස්වූ කේතයක් දෙවෙනි නිලධාරිනියට පෙන්වීය.ඇය එම කේතයෙහි කෙලවරින්
සමාන කර තිබූ “0” වෙනුවට “1” යොදා එය වෙනස් කර පද්ධතිය නැවත ආරම්භ කලාය.
ඒ සමගම අශාන් සිටි
කුටිය පුරාම කොල පැහැති ඉතා කුඩා ආලෝක අංශු දෘශ්‍යමාන විය.දෙවෙනි හමුදා නිලධාරිනිය
ඒ දෙස නෙත් යොමා සිටියේ ඉතා විස්මයානුකූලවයි.අධිෂ්ඨානය පිරුණු දෙනෙතකින් සෙබලිය
නැවත විවිධ කේතයන් එම පද්ධතියට ඇතුලත් කරන්නට විය.
“මැඩම්..... මේ
කුටියේ ඉන්න ඕනෑම කෙනෙක්ගේ හදගැස්මෙ ඉඳන් සිරුරේ සිදුවෙන ඕනෙම වෙනස්කමක් ගබඩාවෙන
ආකාරයෙනුයි නිර්මාණය කරලා තියෙන්නේ.මේ කුටිය නිර්මාණය කරපු දවසේ ඉඳලා කුටියට ඇතුළු
වූ අයගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ සියළුම විස්තර
මෙහි ගබඩා වෙලා තියෙන නිසා ඕනෑම දවසකට අදාල තොරතුරු අපිට ගන්න පුළුවන්.....
ඒ තොරතුරු එකතු
කරගන්නේ නිරන්තරයෙන් කුටිය හරහා යන කම්පන තරංග භාවිතයෙන්.මම දැන් අශාන් කුටියට
පැමිණි දිනයට අදාල කම්පන වාර්තාව ආලෝක අංශු සමග සම්බන්ධ කරනවා. “
ඒ සමගම මදක්
ගැස්සෙමින් පැවති කොල පැහැති කුඩා ආලෝක අංශු චලනය වන්නට විය.නමුත් කිසිවක් දෙවෙනි
නිලධාරිනියගේ නෙතු නොගැටිනි.
“මට කිසිම දෙයක් තාම
පෙනෙන්නේ නෑ....”
“ඔබට නොපෙනුනාට
අශාන් කුටියට පැමිණ විනාඩියක කාලයකදි ඔහු සිටිය ස්ථානය ආලෝක අංශුන්ගෙන් තොරවයි
පවතින්නේ..... වටපිටාවේ ඇති ආලෝක අංශු නිසා ඒ දර්ශනය අපිට බලාගන්න අපහසුයි.මේ
සමීකරණයේ ප්‍රතිලෝමයෙන් අපිට ඉතාමත් පැහැදිලි රූපයක් දකින්න පුළුවන් වේවි...”
එසේ පැවසූ ඇය
නැවතත් යම්කිසි කේතයක් එයට ඇතුලත් කරන්නට විය.රැස්ව සිටි සියල්ලම ඉතා විමසිල්ලෙන්
සිටියේ ලැබෙන ප්‍රතිඵලය පිළිබඳවයි.
එක්වරම කුටිය
වසාගනිමින් පැවති කොල පැහැති ආලෝකය නොපෙනී ගියේ සියල්ලන්වම කනස්සල්ලට පත්
කරවමිනි....
තත්පර කිහිපයක්
පැවති නිහැඬියාව ඇසෙන්නට වූ අනතුරු හැඟවීමේ හඬට වඩා බලවත් වූ සෙයක් සියල්ලන්ටම
දැනෙන්නට විය.දෙවෙනි නිලධාරිනිය යම්කිසිවක් පවසන්නට මුව විවර කලා පමණි.... කුටිය
තුල මැවුනේ අශාන්ගේ රුවට සමකල හැකි ආකාරයේ ආලෝක අංශු සමූහයකින් සමන්විත රුවකි....
හොලෝග්‍රැම් ප්‍රතිබිම්බයක් සේ දිස්වූ එම රුව ඉතාමත් සජීවි පුද්ගලයෙකුගේ ත්‍රිමාණ
රූපයකට සමාන කල හැක.
දෙවෙනි නිලධාරිනිය
ඇගේ හස්තය සෙබලියගේ උරහිස මත තැබුවේ ඇගේ උත්සහය අගය කිරීමටයි.
“විශිෂ්ට ක්‍රියාවක්
අනූ.... ඔබව අගයන්න මට වචන මදි.... අශාන් ඉන්න ස්ථානය හොයාගන්න පුළුවන් මොකක් හරි
හෝඩුවාවක් හොයාගන්න බලන්න දැන්....”
ප/ලි
පින්තූරේ ගත්තේ මෙතනින් http://blogs.shu.edu/mathinthemedia/files/2011/01/Hologram_body.jpg
වෙනද වගේම අදත් කතාව ගැන යෝජනා චෝදනා කියන්න හැමෝටම ආරාධනා කරනවා ඕං.අවුරැද්දක් පුරාවටම මගේ පත්ඉරුව සමග අත්වැල් බැඳගෙන මට ගුරුහරුකම් දීපු ඔයාලා හැමෝටම මුළු හදවතින්ම ස්තූතිය පුද කරන්නත් මේක හොඳ වෙලාවක්.ඔයාලා නොහිටින්න මම මෙච්චර දුරක් නොඑන්න තිබුනා..... ඒ දීපු උපදෙස් හා සයිබර් මිතුරුකම ජීවිතේට අමුතුම සුන්දර අත්දැකීමක්... කවදාවත් මේවා අමතක වෙන්නේ නම් නෑ....
ස්තූතියි....... තවත් කොටසකින් ළඟදිම හමුවෙමු එහෙනම්...
හැමදාම එකම දේ කියන්න බෑ .. ඒත් නොකියත් බෑ... අම්බානක වැඩ ගොඩක් අස්සෙ ඔක්කොම පැත්තකට දාල.. එෆ් බී එක වහල දාලයි මේක කියෙව්වේ.....
ReplyDeleteහැම්දාමත් වගේ පට්ට.. අඩුවක් කියන්න දෙයක් නෑ.. මම හිතින් මේ හැම දෙයක්ම මවාගත්ත ,, ඒතරම් සරලයි මේ වචන හසුරවන විදිය.. පරි කල්පනා ශක්තිය ගැන ඉතින් මම කියන්න ඔනේ නෑ,, උබට හැමෝම කියනවනේ ඒක සුපිරි කියලා
මට හිතෙනවා මේක කියවන එක නවත්තලා.. අවසාන කොටස ලිව්වට පස්සෙ එක දිගට කියවගෙන යන්න
මුලින්ම රිප්ලයි පරක්කු වෙච්චි එක ගැන මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.අවුරුද්දේ අන්තිම නිසා වැඩ ගොඩාරියක් එකතු වෙලා සෑහෙන්න හිර වෙලා ඉන්නේ....
Deleteහැමදාමත් මේ වගේ දිග කොමෙන්ටු වලින් ඔයා හැමදාමත් මාව ධෛර්යමත් කරන එකට ගොඩාක් ස්තූතියි අයියේ... මම ලියන්නේ ඉතින් රූප හිතේ මවාගෙනනේ සමහර වෙලාවට ඒ මැවෙන ඒවා පැහැදිලිව ලියන්න බැරුව දවස් ගනන් කල්පනා කරන වෙලාවලුත් තියෙනවා...
ඔන්න ඕකනේ ඉතින් බැරි.. හැබැයි ඉතින් අහිතක් නෑ එහෙම කියෙව්වට නැත්තම් රහ නැති බව මාත් පිළිගන්නවා.ඒකයි මම කොටස් දෙකක් විතර එකසැරේ ලියලා දාන්න හිතුවේ මේ සැරේ ඒක හරිගියෙ නෑනේ....
මම භය උනා ජයසිංහයටත් බඩු බනිස් තමා කියලා . හොද වෙලාවට මිනිහා අරක එල්ලා ගත්තේ නැ
ReplyDeleteහි හි කවුද දන්නේ ඉතින් පස්සේ හිත වෙනස්වුනොත් එහෙම කාට කියන්නද...
Deleteඅයිසැක් ඇසිමෝව්, ආතර් සී කලාක් දක්වා විශාල ගණනක විද්‍යා ප්‍රභන්ද කියවා ඇති මා පුදුමයට පතු වූවා. ඔබගේ පරිකල්පන හැකියාව ඉතාම ඉහළයි. දිගටම ලියන්න. ජය!!!
ReplyDeleteබොහෝම ස්තූතියි මහවෙදනානෙනි ඔබ වැන්නෙකුගෙන් මේ වගේ ප්‍රශංසා අහන්න ලැබීම මට සෑහෙන්න සතුටක්... වැඩ රාජකාරි අතරේ මගේ කතාව කියවන්න ඉඩක් වෙන්කරගෙන කොමෙන්ට් කරන එකට බොහෝම ස්තූතියි...
Deleteඅශාන් ට මොනා වේවිද..?????????????????????????????
ReplyDeleteඅශාන්ට මොනවා නොවෙයිද????????? ත්‍රාසය භීතිය කැටිකරගත් ඊළඟ කෑල්ල තවත් රසවත් :D
Deleteනියමයි මචං..
ReplyDeleteඅවසානේ දැනගන්නකං ඉවසිල්ලක් නෑ..
නියමයි... කුතුහලය උපරිමයි....
ReplyDeleteවර්ෂ පූර්ණයට සුබ පැතුම් මලේ !!! මමත් බ්ලොග් කෙරුවාවට ආපු කාලෙම හඳුනා ගත්තු මේ බ්ලොග් එක එද ඉඳලා ආසාවෙන් කියවපු එකක්.. වෙද ගෙදර කතාවලින් පටන් අරන් උඹ අපිව එක එක ඉසව් ඔස්සෙ අරගන ගියා.. අපිත් දෙපාරක් හිතන්නැතුව කියවන්ඩ ආවෙ හැමදාම මොකක් හරි අපූරු දෙයක් ලැබුනු නිසා...
උඹේ ගොඩක් හැකියාවන් තියන කොල්ලෙක්.. ඒවයෙන් උපරිම ප්‍රයෝජනය ගනින්..
තවත් දීර්ග කාලයක් බ්ලොග් කරණයේ යෙදෙන්න ශක්තිය පතමි !!!
දැන් එතකොට අර අවිය හින්දා අශාන් ඉන්න තැන හොයාගන්න පුළුවන් උනේ නැද්ද? ඒක තාම එයා ළඟ නේ. අර එක පාරට නැවතුන සෙබලියන් දෙන්නා අශාන් ගැන මොනවහරි දනගෙනද නැවතුනේ? එතන පොඩ්ඩක් මට තේරුනේ නෑ වගේ. වෙනදා වගේම බොහොම තාර්කිකව ලස්සනට ලියලා තියනවා ගැමියා.
ReplyDeleteදිගටම ලියන්න හැකියාව ලැබෙන්න ඕනා!!!!!!
ReplyDeleteජය වේවා.
උඹ මේක ලියන විදියට මොනව කියන්නද කියල හිතාගන්න බෑ බං. ඒ තරමට සුපිරියි.
ReplyDeleteවර්ෂ පූර්ණයට සුබ පැතුම් ගැමිය මල්ලි. දිගටම ලියන්න හැකියාව ලැබේවා !
මී ගොඩයා කියනවා වගේ අපිට එකම තමයි හැමදාම කියන්න තියෙන්නේ, ඒ "සුපිරියි, පට්ටයි කියලා වැඩක් නෑ" කියලා තමයි..
ReplyDeleteඅවුරුද්දක් සමරන උඹට, තව තවත් මේවගේ සුපිරි අයිඩියා ඔලුවට එන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ගැමි මලේ..
එළ ඈ..............
ReplyDeleteමේ පාර නම් කොටසක් දෙකක් මිස් වෙලා වගෙ. ගැමියා දන්නවනෙ මේ දවස් වල busy as a mosquito in a nudist colony.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ගැමියාගෙ විද්‍යාත්මක සංසිද්ධීන් ගැන තියෙන දැනුම ඉතාම හොද බව පේනවා... ඊළග කොටසත් ලගදීම දාන්න... අර අහිංසකයට මොකද උනේ බලන්න...
ReplyDeleteඑල එල කතාව සිරාවට ගලාගෙන යනවා .....
ReplyDeletelassanayiiiiiiiiiii okkoma kiyawanna ona bookmark karagaththa
ReplyDelete