මේ සිද්ධිය වෙන්නේ ගැමියා(මම) පොඩිම කාලේ එතකොට අපි 6 වසරට ආවා විතරයි අළුත්ම අළුත් ලොකු ඉස්කෝලයක් සන්තෝසේ බෑ.අපේ පන්ති කාමරේ තිබ්බේ ඉස්කෝලේ කෙළවරේම hall එකට එකක් මෙහා hall එකේ.කෙළවරේම hall එකේ තමයි අපේ ප්‍රින්සිපල් එහෙම නැවතිලා උන්නේ.
අපේ පන්තියේ පන්ති නායකයා මජ්ජා.ආයේ අකුරටම වැඩ කවදාවත් පන්තියේ එවුන්ට කෑ ගහන්න එපා කියලා නෑ ඒ තරම් හොද කොල්ලෙක්.
කොහොමෙන් කොහොමහරි අපේ පන්තියේ හිටියා සසද කියලා කොල්ලෙක් (ඇත්ත නම් කියන් නෑ) අපි පොඩි උනාට පොර පොඩි නෑ.කොල්ලට එහා පන්තියේ හිටපු කෙල්ලෙක්ට හිත ගිහින් දැන් අපිටත් මාර ප්‍රශ්නේ කවදා කාපු ටකරන්ද තාම 6 වසරට ආවා විතරයි.මම හිතන්නේ මාසයක්වත් නෑ.දැන් ඉතින් මේක විසදගන්නත් එපැයි කොහොම කොහොම හරි මජ්ජයි,කිකිළියි,මායි සසදයි දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ තීරණය කළා පෙම් හසුනක් ලියන්න.තීරණයක් ගත්තැයි කියමුකෝ කොහොමෙයි ඉතින් ඕක ලියන්නේ???
පොඩි කාලේ එහෙන් මෙහෙන් අහුලගත්තු නවකථා කියවලා මම ඉතින් පොඩි මට්ටමක හිටියා අර කලින් කිව්ව එකක් ලියා ගන්න.මම ඉතින් කස්ටියට කථා කරා. කිකිළිගේ අකුරු ලස්සනයි ලිවීම කිකිළි,අදහස් මම,කොලේ ශශාන්ගෙන්.පන්ති නායකයත් ඉතාමත් හොදින් නිහඩ මෙහෙවරක් කරමින් ඔත්තු බැලුවා ටීචර් එනවද කියලා.ඔන්න කිකිළි ලියන්න ගත්තා මෙහෙම....
ආදරණීය _ _ ෂා,
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
නිකන්ම ලිව්වට නිකන් මදි වගේ නිසා අපේ සසද කිව්වා love සිංදුවකුත් ලියපන් කියලා.අනේ ඉතින් මම දන්න සිංදු.......
කටට ආවේ "කදුළු හුරතල් වැඩිද මන්දා...." කියන සිංදුව ආයේ මම ඒ වෙලාවේ දේශාභිමානි ගීතයක් කිව්වත් කට්ටියට ඒක love සිංදුවක්ම තමයි කට්ටිය එච්චරට සන්තෝසෙන් හිටියේ.ඕක ලියාගෙන ලියාගෙන ගිහින් අහවරයක් කරලා දුන්නා අපේ සසද අතට කෙල්ලට දෙන්න කියලා.අපේ වීරයත් ඉතින් ඒක අරන් ගියා.අපිට ඒක එහෙම්ම අමතක වුනා ඉස්කෝලෙත් ඇරුනා.පහුවදා පුරුදු පරිදිම ඉස්කෝලෙත් ආවා.අනේ එදා ගෙදර හිටියනම්.....
එදා ආපු ගමන් කට්ටිය කතාව කරපු වීර වැඩේ ගැන ඒත් සසදයා පේන්න නෑ.උදේ ගාථා කියන්න කලින් අපේ පන්ති භාර ගුරුතුමී ආවා පන්තියට ඇවිත් මට කථා කළා
"ගැමී සිංහල පොත අරන් එනවා මෙහාට...."
මාත් ෆුල් හැපී පොත දොතින්ම ගිහින් දුන්නා ටික වෙලාවකින් නෑ තමුසේ නෙමෙයි කියලා පොත ආපහු අතට දීලා කිකිළිට අඩගැහුවා.මට දැන් ගොඩක් අප්සට් ඇයි ඉතින් මම හොද මදිද දන්නේ නෑනේ බිම බලාගෙන මම මගේ පේළියට එද්දි මට ඇහුණා අපේ මිස්ගේ සතුටු හඩක්
"මේ ඉන්නේ ලියපු එකා....එනවා යන්න මාත් එක්ක...."
මට තේරුණා මොකක් හරි අවුලක් කියලා....ඒ හිතලා විනාඩියක් ගියේ නෑ පෝලිමට නම් අඩගහනවා,අපිත් ඉතින් ගියා මොක්කුද වගේ ගුරු විවේකාගාරෙට යනකොට ෂෝ එක පටන් අරන්.සසදයයි අම්මයිත් එතන.
සසදයට ගහලා බැනලා ඇහුවත් ඒකා කියලා නෑ කවුද උදව් කරේ කියලා ඒත් ඉතින් කිකිළිව අල්ලන් ගියානේ කිකිළිට ගහන්න වේවැල උස්සද්දි මිනිහා කියලා ඉවරයිලු අදහස් ගැමීගෙන්,කොලේ ශශාන්ගෙන් මජ්ජා ඔත්තු බැලුවා කියලා.හරිම එකමුතු ළමයි නේද.
අපි තුන්දෙනාට නියෝගයක් හෙට අම්මලා එක්කන් එන්න කියලා.අපි සේරම අඩන්න රෙඩී ඇයි අපි දන්නවා මෙහෙම සිද්ධියකට ඉස්කෝලේ අක්කා කෙනෙක්ව අපි ඉස්කෝලෙට එන දවසේ අස්කරා කියලා.දැන් ඉතින් අම්මලා එක්කන් ඇවිත් කියපන්කෝ කෙල්ලෙක්ට ලියුම් ලිව්වා කියලා.
සසදයට ගහලා බැනලා ඇහුවත් ඒකා කියලා නෑ කවුද උදව් කරේ කියලා ඒත් ඉතින් කිකිළිව අල්ලන් ගියානේ කිකිළිට ගහන්න වේවැල උස්සද්දි මිනිහා කියලා ඉවරයිලු අදහස් ගැමීගෙන්,කොලේ ශශාන්ගෙන් මජ්ජා ඔත්තු බැලුවා කියලා.හරිම එකමුතු ළමයි නේද.
අපි තුන්දෙනාට නියෝගයක් හෙට අම්මලා එක්කන් එන්න කියලා.අපි සේරම අඩන්න රෙඩී ඇයි අපි දන්නවා මෙහෙම සිද්ධියකට ඉස්කෝලේ අක්කා කෙනෙක්ව අපි ඉස්කෝලෙට එන දවසේ අස්කරා කියලා.දැන් ඉතින් අම්මලා එක්කන් ඇවිත් කියපන්කෝ කෙල්ලෙක්ට ලියුම් ලිව්වා කියලා.
එදා දවසේ මොනා වුනාද කියලා මතකම නෑ මට මතක ඔහේ ඉදලා ගෙදර ආවා කියලා.තාත්තා වැඩට ගිහින් එනකන් බලාගෙන ඉදලා මම කිව්වා තාත්තට
"තාත්තේ හෙට ගුරු දෙගුරු රැස්වීමක් උදේම එන්න" කියලා වෙන මොනා කියන්නද හෙට ගියත් කනවා නොගියත් කනවා
කථාව දිග වැඩි නිසා කොටස් දෙකකට දැම්මා දෙවන කොටස මෙතනින් කියවන්න
mara wada ne
ReplyDelete@manoj machan
ReplyDeleteඋඹ ඉතින් දන්නවනේ මචං වැඩේ මාර කම නේද?????හික් හික්
mamath dannawa ban, eth mage welawata mama oya case ekata hawl une ne. ethakota ubalata wediya mama iscoleta aluth. matath ithin mara fun meka balagena iddi.... ලොල්ය...හික් හික්....
ReplyDeleteලොල්ය තමයි පට්ටම සිද්ධියක් මචං තාමත් මතක් කරද්දි හිනා යනවා
ReplyDeleteමට ඉස්කෝලෙදි කරන්න බැරි උනේ love කරන එකයි ඉගන ගන්න එකයි විතරයි මලයෝ
ReplyDelete@අසරණයා අයියේ...
ReplyDeleteඉස්කෝලේ යන කාලේ මොන love ද අයියේ දැන් ඒවා මතක් වෙද්දි ලැජ්ජාවෙ පණ යනවා නිකන් කාලේ කාගත්තා විතරයි.ඒ කාලේ ගුරුවරු කියපුවා ඇත්ත කියලා දැනුයි තේරෙන්නේ.කවුද කියලා තියෙනවලුනේ මොලේ වැඩෙන්නේ වයසට වඩා අවුරුදු ගානක් පිටිපස්සෙන් කියලා.හැබැයි ජීවිතේ සුන්දරම කාලේ ඉස්කෝලේ කාලේ.ආයේ එහෙම කාලයක් ගන්න බෑ.ඒ ගැන විතරයි දුකක් තියෙන්නේ
බොහෝම ස්තූතියි අයියේ මේ පැත්තට ඇවිත් කොමෙන්ටුවක් දැම්මට
hiio..oya iyekda mamekda seeyekda danne nehe.. hebei man nam kellek onn..apith ohoma thami 6 vasaredi..karanna ona okkoma kala..
ReplyDelete@ anonymous,
ReplyDeleteමම නම් අවුරුදු 19ක් වෙන කොල්ලෙක් ඕං...
අදයි මේ පැත්තට ඔළුව දැම්මේ.. අනිත් ඒවත් කියවන්න ඕනේ බොල..
ReplyDeleteඅඩේ මම ඉස්කෝලේ යද්දි අයිටම් එකක් සෙට් නොවුනේ මගේ කරැමෙටද නැත්තම් වෙලාව හොද කමටද කියල මම තවම කල්පනා කරනවා.. ජය ශ්‍රී
@sAm sRi අයියේ,
ReplyDeleteබොහෝම සාදරෙන් ඔයාව මගේ පත් ඉරුවට පිළිගන්නවා.තාම පටන් ගත්තා විතරයි වැඩිය මුකුත් ලියලා නෑ හොදේ
වෙලාව හොදකමට අයියන්ඩි නැත්නම් මලලසේකර....
ඔයාටත් ජය වේවා
හප්පච්චියේ . ..
ReplyDeleteදුකේ බැරුවා . . හිතා ගන්න ඇහැකි කොල්ලා කොහොම අස්පට් යන්න ඇද්ද කියලා . .
මම දන්නවනේ අත්දැකීමෙන්ම . . හික් හික් හික්
නැතුව නැතුව අයියේ එදා දවස අද වගේ මතකයි...මම ඔයාගේ ලිපිය කියෙව්වනේ
Deleteකඳුළු හුරතල් එද්දි අපි නම් ඒ ලෙවල්...
ReplyDelete