Sunday, September 30, 2012

සමුගන්න අවසරයි එහෙනම්...


බස් රේඩියෝව සංවිධානය කරන්නට යෙදුණු බ්ලොග් සම්මාන උළෙල ගැන මගේ හෘදයාංගම ස්තූතිය පුදකරනවා බස් රේඩියෝවේ හැමෝටම.මේක හොඳ උත්තේජනයක්.ඒ වගේම ඊට සහභාගී වූ සහෝදර සහෝදරියන්ටත්,ජයග්‍රහණය කරපු සියළු දෙනාටමත් මගේ සුභ පැතුම් පුද කරනවා.... එකට තරඟ කලත් කවදාවත් මේ ගොඩනැගුණු මිත්‍රත්වය කවදාවත්ම පළුදු නොවන බවනම් විශ්වාසයි.... 

**සිත්රූ සිහින බ්ලොග් අඩිවිය ලියන සිත්රූ අක්කා කාලෙකට කලින් දාපු නුඹ හින්දා මං කියන පෝස්ට් එකට මම ලියපු මේ නිසඳැස මට අද හම්බුවුනේ අහම්බෙන් වගේ.

අළුත් ලේබලයක් යටතේ ලියවෙන මේ පෝස්ට් එක වෙන්වෙන්නේ සිත්රූ අක්කට උපහාරයක් විදියට.කවි ලියන්න අදහසකුත් දීලා බ්ලොග් එකේ ඉඩ දීපු එකම මදෑ උපහාර පුදන්න...බොහෝම ස්තූතියි සිත්රූ අක්කේ.මේ අමුතුම ලේබලේ අදහස මට දුන්නු ඩුඩිතුමාටත් ආයෙත් පාරක් ස්තූතිය පුදකරනවා මම මේ වෙලාවේ....

*************************************************

සමුගන්න අවසරයි එහෙනම්....




නොනිමෙන සංසාර ගමන
මේ ගමනින්ම නිමවේවිද
නොනවතින අපේ බැඳීම
මේ අයුරින්ම නිමවේද එහෙනම්...

අවසන් එක්වීමත්
අවසන් වෙන්වීමත්
මෙයම පමණක් වේද
දුකක් යලි නොරැඳේද එහෙනම්...

සංසාර පුරාවට වින්ඳ
දුක් ගැහැට සහ සතුට
පිරුණු හිත සදහටම
අතහරින්නට කාලයයි එහෙනම්...

ඔය දෑස දෙස බලාගෙන
ඔය දෑත අත දරාගෙන
සංසාර ගමනින්ද
සමුගන්න අවසරයි එහෙනම්.....



ප/ලි

පොටෝව ගත්තේ මෙතනින් http://91.207.61.14/m/uploads/v_p_images/2004/01/8809_14_screenshot.png

Thursday, September 13, 2012

ගැහැණු ලොවක සිරකරු... 7 කොටස


මෙතෙක් දිගහැරුම කෙටියෙන්....

වර්ෂ 2020 අභ්‍යාවකාශගත කරන යානයකි.චන්ද්‍රිකාවක් රැගෙන ගමන් අරඹන මෙම යානය අතරමගදී අනතුරකට පත්වන්නේ ගගනගාමින් නොසිතූ පරිද්දෙනි.නමුත් ඒ අනතුර පිළිබඳ සතුටු වන පුද්ගලයන් කිහිපයක් පාලන මැදිරියේ සාකච්ඡාවේ යෙදී සිටියි.අනතුරට පත්වන යානයේ ඒ වන විට සිටි ඉංජිනේරුවා ශිශිරතරණ නින්දට පත්වන්නේ ගගනගාමින් අතින් සිදුවන අත්වැරදීමක ප්‍රථිඵලයක් වශයෙන්.

වසර සිය ගනනකට පසු ශිශිරතරණ නින්දෙන් අවදිවන ඉංජිනේරු අශාන්ට දක්නට ලැබෙන්නේ අමුතුම ලෝකයකි.කිසි දිනක නොපැතූ නොසිතූ අනාගතයක් ඉදිරියේ ඔහු අසරණ වන්නේ ඒ වන විට මුළු ලොවම ගැහැණුන් විසින් පාලනය කරනා ලෝකයක් බවට පත්වී තිබීම නිසයි.නොසිතූ පරිදි ඔහුව බේරාගැනීමට පැමිණෙන පිරිමි කැරලිකරුවන් පිරිසක් අශාන්ට සියළුම කරුණු කාරනා පැහැදිලි කරදෙන්නේ ඉදිරියේදි ඔවුන්ට මුහුණ දීමට සිදුවිය හැකි භයානක තත්වයන් පිළිබඳව ඔහුව දැනුවත් කරමින්.

අශාන් ඇතුළු පිරිස සැඟවී සිටින බිම්ගෙය වෙත හමුදා නිලධාරිනියන් පහරදෙන්නේ ඉන් පසුවයි.ඔවුන් සිතුවාටත් වඩා හමුදා නිලධාරින් ඉක්මන් වීම නිසා හදිසි පලායෑමකට කැරලි නායක ජයසිංහ තීරණය කරන්නේ එවිටයි.නමුත් ඔවුන්ට පලා යෑමට අවශ්‍ය යානය ඒ වනවිටත් සූදානම්ව නොපැවති නිසා ඉංජිනේරුවෙක් වූ අශාන්ට එම කර්තව්‍යය පැටවෙන්නේ සියළුම කැරළි සඟයන්ගේ ජීවිත ඔහුගේ දෑත මතට පැටවෙමින්.

අවාසනාවකට යානය අළුත්වැඩියා කරගැනීමට තරම් ප්‍රමාණවත් කාලයක් අශාන්ට නොලැබෙන බවක් පෙනෙන්නට වූයෙන් කැරලි නායක ජයසිංහ තීරණය කරන්නේ තම සගයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම සිය දෑතට ගන්නටයි.එම පරමාර්ථයෙන් යුතුව හමුදා නිලධාරින්ට තනිව මුහුණ දිමට පිටත්වන ජයසිංහට උදව්වක් වශයෙන් කැරලි කණ්ඩායම් සාමාජික සේනකද පිටත්වන්නේ ස්ව කැමැත්තෙන්.

සේනක භාරගත් වැඩ කොටස නොකර අතුරුදහන් වීම නිසා ජයසිංහ අපහසුතාවකට පත්වන්නේ මේ අතරතුරයි.තම දිවිය දෙවැනි කරගනිමින් ජයසිංහ අවසන් මොහොත දක්වා සටන් වදින්නේ සිය වර්ගයාගේ පැවැත්ම ආරක්ෂා කරගැනීමටයි.මේ අතරතුර සේනක යානය වෙතට පැමිනෙන්නේ අතිශයින් දුර්වල අයුරකින්.ඔහු අශාන්ට බල කර සිටින්නේ ජයසිංහ වෙනුවෙන් බලා නොසිට පිටත්ව යාමටයි.නමුත් එය ප්‍රතික්ෂේප කරන අශාන් බිම්ගෙය තුලට ඇදෙන්නේ කෙසේ හෝ ජයසිංහව බේරාගැනීමේ අදහසින්.

අශාන් හැකි ඉක්මනින් ජයසිංහ සිටින ස්ථානයට ලඟාවන විට ඔහු දකින්නේ හමුදා නිලධාරිනියක් ජයසිංහ මරා දැමීමට උත්සහ කරන අයුරයි.වහාම ඒ නිලධාරිනියට පහර දී අඩපණ කරන අශාන් ජයසිංහව සහ එම නිලධාරිනියවද කැටුව නැවත යානය වෙත පිටත්වන්නේ වැදගත් තොරතුරක් වේ නම් නිලධාරිනියගෙන් දැනගැනීමට හැකිවේ යැයි බලාපොරොත්තුවෙන්.නමුත් එම බලාපොරොත්තුව සුනු විසුනු වන්නේ එම නිලධාරිනිය යානයේ පාලනය සියතට ගැනීමත් සමගයි.මේ අතරතුර රෝහලේ සිටි ප්‍රධාන වෛද්‍යවරියද යානයට පැමිණෙන්නේ අති දියුණු ටෙලිපෝර්ට් තාක්ෂණයක් භාවිතා කරමින්.

මේ අතරතුරයි සේනක අවියක්ද රැගෙන අශාන් සිටිනා ඉසව්වට පැමිණෙන්නේ.අශාන්ව පුටුවකට බැඳ තබා ඇති අයුරු දකින සේනක කුමක් කරයිද...

අද එතැන් සිට....

මුල් කොටස් සඳහා
6 කොටස
**********************************************************************************
බලාපොරොත්තුවක ඡායාවක් පෙනෙන මානයේ නොවිණි.ඉතුරු වී ඇත්තේ අත්වන්නට යන ඉරණම කෙතරම් භයානකදැයි යන්න සිහි කිරීම පමණකි.වෛද්‍යවරිය ජයසිංහගේ සිරුර අසලට කෙමෙන් ලංවන අයුරු දුටු නමුත් මා එතරම් එය තැකීමක් නොකලේ ඇය වෛද්‍යවරියක බැවිනි.නමුත් ඇගේ යම් වෙනසක් ඔහු අසලදී වූ බව මට යන්තමින් අවබෝධ විණි.ඇය මා පිටුපා සිටින බැවින් ඇගේ මුහුණ නොපෙනුනද ඉකි බිඳුමක ශබ්දයක් මට යන්තමින් ඇසුණු බැව් සක්සුදක් සේ පැහැදිලියි.මා ඈ දෙස විමසිල්ලෙන් බලා සිටියේ කුමක් වේ දැයි සිතාගැන්මට පවා නොහැකි මනසකින් යුතුවයි...


මා විශ්මයට පත් කරවමින් ඈ එක්වරම ඇගේ සාක්කුවෙන් එළියට ගත්තේ පැරණි දිනපොතකි.ඇති තරම් නවීන උපාංග භාවිතා වන මේ සමයේ කඩදාසියක් දුටු බවට මා තුල කිසිදු මතකයක් නොවිණි.එසේ නම් මෙය කුමක් විය හැකිද??


“අශාන්.... මම කියන්න යන දේ හොඳින් අහගන්න.මම කියන විදියට වැඩ කලොත් ඔයාටත් යානයේ හැමෝටමත් බේරිලා යන්න පුළුවන්.ඒ නිසා කලබල කරන්න එපා”


කල්පනා ලොවක සිටි මා ඉන් පියවි ලොවට පැමිණියේ ඇගේ විධානයත් සමගමයි.ඈ සතුව තිබූ දිනපොත මා හට පෙන්වමින් ඈ යමක් කීමට උත්සහ කල අයුරක් මට වැටහිණි.මාගේ මුහුණෙන් දිස්වූ විස්මයක සලකුණු ඈ වටහාගත්තාක් මෙන් සිහින් සිනාවක් මා වෙත හෙළුවේ මා තවත් වික්ෂිප්ත කරවමින්.

“ඔයාට මාව විස්වාස කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ අශාන්”

“එතකොට ඔයාගේ මොළයේ තියනවා කිව්ව පණිවිඩ හුවමාරුවෙන් ඔයාව විනාස කරයි.ඔයා එයාලව පාවලා දෙන්න යනකන් ඒගොල්ලො බලාගෙන ඉඳියි කියලා හිතනවද? එහෙමත් නැත්තම් මේක උගුලක්ද? කවුද ඔයා?”

“ඒ හැම එකකටම උත්තර මේ පොතේ තියෙනවා අශාන්.අමතක වුනාද මම වෛද්‍යවරියක් බව? පණිවිඩ හුවමාරුවට අදාල චිපය අක්‍රිය කරවන්න උපක්‍රම මගෙ ලඟ තියෙනවා අශාන් බයවෙන්න එපා...”

මාගේ වාසනාව කොපමණදැයි අදහාගන්නට බැරි තරම්... ඈ දිනපොතත් රැගෙන මා හුන් පුටුව සමීපයට එන්නට ගත්තේ මුහුණේ රන්දාගත් පියකරු සිනහවක්ද සමගිනුයි.


එක්වරම ඈ සාක්කුවෙන් එලියට ඇද ගත්තේ කුඩා ප්‍රමාණයේ සැත්කම් පිහියක්...මොහොතකට මා බියෙන් තැති ගත්තත් ඈ සිනහමුසු මුහුණින් යුක්තව මා වෙත පැමිණියේ යමක් පවසමින්.ඇය සැරසෙන්නේ මා නිදහස් කිරීමටද නැත්නම් මා මරා දැමීමටදැයි සිතාගත නොහැකිව මා අසරණ තත්වයකට පත් වූවේ නිතැතින්...


“අත පය බැඳලා තියෙද්දි ඔයා කොහොම මාව විස්වාස කරන්නද නේද.. “


මා හට සැනසුම් සුසුමක් හෙළීමට හැකිවූයේ ඇගේ ඒ වචන නිසාවෙන්.


නමුත් ඇය පිටුපසින් එක්වරම දොර විවෘත වනු ඇසුණු නිසා ම ක්ෂණයෙන් එදෙසට නෙත් යොමුකලේ බියෙන් වෙලෙමින්.හමුදා නිලධාරිනිය බලාපොරොත්තුවෙන් ඒ දෙස නෙත් යොමුකලත් එහි සිටියේ සේනකයි.මොහොතකට මා සතුටට පත් වුවත් එම සතුට දුකක් බවට පරිවර්තනය වෙන්නට ගත වූයේ ඇසි පිය හෙලනවාටත් වඩා අඩු කාලයකුයි....


“එපා සේනක.... එපා....”


ඇයව ආරක්ෂා කරගැනීමට පුටුවෙන් නැගී සිටීමට මා සතු සියළු ශක්තිය යෙදවූ නමුත් සේනකගේ අවිය මට වඩා ඉක්මන් විය.එම වචන පිටවීමටත් මත්තෙන් සේනක සිය අවිය ක්‍රියාත්මක කර තිබුණි.ඈද පසුපස හැරී බලනවාත් සමගම කපා හෙළු ගසක් පරිද්දෙන් බිම ඇද වැටිණි.ඇගේ සිරුර වේගයෙන් ගැහෙනු මා දුටුවේ බොඳවූ දෙනෙත් අතරින්.යානයට සවිකර තිබුණු පුටුවද මාගේ උත්සහයත් සමග ගැලවී මා සමග ඉදිරියට ඇද වැටුණු අතර මුහුණ තදින් බිම වැදීම නිසා දෙනෙත් මොහොතකට නිලංකාර විණි....


දැඩිව මතුවන හිසේ වේදනාව නොතකමින් මම සෙමින් දෑස් විවර කරන්නට උත්සහ ගතිමි .මා වැටී තිබුණේ ඇය ඉදිරියටයි.ඇගේ වේදනාබර ඇසි පිය සෙමින් ගැස්සෙන අයුරු මා සිතේ දැඩි වේදනවාක් ඇති කිරීමට සමත් විය.ඇය කුමක් හෝ කියන්න තැත් කලද ඇගේ මුවින් වචන පිට නොවුණි.ඈ ඇගේ නෙත් ඇගේ දිනපොත දෙසටත් මා දෙසටත් කිහිපවරක් යොමු කර ඇගේ අවසන් බැල්ම ජයසිංහගේ සිරුර පිහිටි දෙසට යොමුකරමින් නිසල විය.


ප්‍රාණය නිරුද්ධ වූ නමුදු ඇගේ නෙතගින් කඳුළු වෑස්සෙන අයුරු දැකීම මා හට ඉතා වේදනාකාරී දර්ශනයක් විණි.මාගේ දෙනෙතද කඳුළින් පිරී බොඳවුනේ නිමේෂයකින්... සේනක සෙමින් ඉදිරියට ඇදෙනු මා ඇස් කොනින් දුටු නමුත් ඔහුගේ පැමිණීම තව දුරටත් මා හට සතුටක් නොවිණි.සේනක මාගේ බැමි මුදාහල වහාම ඔහුව පසකට තල්ලු කරමින් ඇයව දෑතට ගත්තත් ඒ වන විට ඇය මෙලොවින් සමුගෙන සිටියාය...


සිත තුල වූ කෝපය හෝ සන්තාපය නිසා මා හට කතා කිරීමට වචන සොයාගැනීමට මොහොතක් ගතවිනි.සේනක පිළිබඳ වෛරයක් උපන්නද එය යටපත් කරගැනීමට මා උත්සහ ගත්තේ ඉතාමත් අපහසුවෙන්...  ඔහුවද අහිමි කරගතහොත් මේ සටන තනිව ජයගැනීමට මා හට නොහැකි වනු ඇත......


“සේනක... ඔයා ආවේ වැරදි වෙලාවක...  හ්ම්ම්...  මෙයා අපිට නිදහස් වෙන්න උදව් කරන්නයි හැදුවේ සේනක.....මොකක්ද දෙයියනේ මේ කලේ...?? “ හැඬුම් සඟවමින් මා ඔහුගෙන් විමසන්නට වීමි.


“ඒත් ඒත්... මම හිතුවේ අශාන් ඔයා අමාරුවක වැටිලා කියලා.මම දැක්කා එයා පිහියක් අරගෙන ආපු හැටි.... හොඳටම විශ්වාසද ඒ ආවේ උදව් කරන්නම කියලා??”


“ඔව් සේනක හ්ම්ම්ම්... මේ බැමි කපලා දාන්නයි ආවේ.අනික ඒක සැත්කම් පිහියක් කියලා දැක්කෙ නැද්ද??”

“මොකක් වුනත් ඒ වෙලාවේ බලාගෙන ඉන්න බැරිවුනා මට.මම ගොඩක් වෙලා දොර ගාව ඉඳන් බලාගෙන හිටියේ අවස්ථාවක් එනකන්.මට කිසිම වෙලාවක තේරුනේ නෑ ඒ එන්නේ උදව් කරන්න කියලා...”


“තමන් දකින දේට වඩා යථාර්ථය වෙනස් සේනක.... හැමවෙලාවෙම දකින දේ විතරක් විස්වාස කරන්න එපා.......

ඔයා කලබල නොවුන නම් අපිට මෙයාගෙන් ගොඩක් උදව් ගන්න තිබුනා...”


මා වෛද්‍යවරියගේ සිරුර ඔසවා ජයසිංහගේ සිරුර අසලින් සයනයේ තැබුවේ ඇය පිළිබඳ මා තුල ඇතිවූ ගෞරවය නිසාවෙන්.මා බැඳ තබා තිබු පුටුව නැවත යානයය සවි කර එහි වාඩිවී මා කල්පනා කලේ දැන් කුමක් කල යුතුද යන්නයි.නමුත් ඒ හැම මොහොතකම වෛද්‍යවරියගේ රුව පැමිණීම නිසා සිතේ තිබූ වේදනාව යලි යලිත් මතුවීමට ගත්තේ මටද රහසින්...


“ඒ හැම එකකටම උත්තර මේ පොතේ තියෙනවා අශාන්.අමතක වුනාද මම වෛද්‍යවරියක් බව? පණිවිඩ හුවමාරුවට අදාල චිපය අක්‍රිය කරවන්න උපක්‍රම මගෙ ලඟ තියෙනවා අශාන් බයවෙන්න එපා...”

ඇගේ එම වදන් යලි යලිත් මට ඇසෙන්නාක් මෙන් දැනෙන්නට වූයේ එක්වරමයි.ඇත්තටම ඇය කවුද? ඇය උදව් දීමට පෙළඹුණේ කුමක් නිසාද? ඇගේ දිනපොතේ ඇති විශේෂත්වය කුමක්ද ?.එවිටයි ඇගේ දිනපොත පරික්ෂා කිරිමේ සිතක් මා හට පහළ වූයේ...


බිම තිබු ඇගේ දිනපොත මා අතට ගන්නවාත් සමගම යානය ගොඩබැස්සවීමට සූදානම් බවට වාදනය වූ ස්වයංක්‍රීය පණිවිඩය ඇසීමෙන් සේනක මෙන්ම මාද පත්වූයේ විසඳාගත නොහැකි තරමේ ගැටළුවකටයි.අප දෙදෙනා සතුවම ඇත්තේ එක අවියක් පමණක් බැවින්ද,යානය ගොඩබස්සවන්නට ඇත්තේ හමුදා නිලධාරිනියන්ගේ මූලස්ථානයේ විය යුතු බැවින්ද ලැබූ නිදහස ඵල රහිත වන බවක් අප හට දැනෙන්ට වූයේ නිතැතින්...


ඇගේ දිනපොත පසුව කියවීමේ අරමුනින් යුතුව එය සාක්කුවට දමාගනිමින් මා වහා දිව ගියේ යානය ගොඩබස්සවන්නට යන ස්ථානය දැක ගැනීමටයි.යානයේ වූ කවුළුවකින් අප තහවුරු කරගත්තේ අප ගොඩබැසීමට යන්නේ හමුදා මූලස්ථානයක බවයි.


“සේනක.... අපිට කරන දෙයක් ඉක්මනින් කරන්න වෙනවා.යානය ඇතුලෙ ඉන්නෙ එක හමුදා නිලධාරිනියක් විතරයි.එයාව මෙල්ල කරන එක ගොඩක් අමාරු වෙයි.ඔයා පාලන මැදිරිය මුර කරන්න මේ වෙලාවේ එයා එතන ඉන්න එක අපිට වාසියි.”


“හරි අශාන්....”


“සේනක හැම දෙයක්ම රැඳිලා තියෙන්නේ ඔයාගෙ අතේ.ඉක්මන් කරන්න.මම අපේ අනිත් කට්ටියව හොයාගෙන බේරගන්න බලන්නම් ඔයා හමුදා නිලධාරිනියව නවත්තන්න.ඉක්මනට යන්න සේනක ඉක්මන් කරන්න අපිට නාස්ති කරන්න වෙලාවක් අපිට නෑ.”


සේනක අවියද රැගෙන යානයේ ඉදිරියට සෙමින් ඇදෙන අතරේ මා යානය පුරා දුවමින් එහිවූ කුටි පරික්ෂාවට තීරණය කලේ අඩුම තරමේ එකදු අවියක් හෝ සොයාගැනීමේ අභිප්‍රායෙන්.නමුත් බොහෝමයක් කුටි හිස්ව තිබූ බැවිනුත් අනෙකුත් කුටි වල රැස් කර තිබුණේ ආහාර ද්‍රව්‍ය පමණක් බැවිනුත් මාගේ ධෛර්යය හීන වීමට වැඩි වේලාවක් ගත නොවුණි.


ඒ මොහොතේ යානයේ ඇතිවූ ගැස්ම නිසා යානය පොළව මත පතිත කරන්නට ඇති බවට මම අනුමාන කලෙමි.නමුත් මෙහෙයුම් මැදිරිය දෙසින් කිසිදු ආකාරයක කලබලකාරි ස්වරූපයක් නොඇසීම නිසා මා තුල සේනකගේ ජීවිතය පිළිබඳවද කුකුසක් නොදැනුනා නොවේ.යානය තුල අවි ආයුධ නොතිබුණු බැවින්ද අනෙකුත් සාමාජිකයන්ගේ හෝඩුවාවක් නොලැබුණු බැවින්ද මා තීරණය කලේ කලබලකාරි තත්වයන් මගහැරෙන තුරු යානය තුලම සැඟවී සිටීමටයි.


සැඟවීම සඳහා සුදුසුයැයි හැඟුණු කුටියකට පිවිසී මා ඇතුලතින් දොර අගුළුලා බිම හිඳගත්තේ තව කුමක් නම් ඉදිරියේදි සිදුවන්නට ඇත්දැයි සිතාගැන්මට නොහැකි බැවින්.කුමක් වුවත් අනාගතය සුභදායි නොවන වගනම් මා හට නිසැකවම වැටහිණි.මේ අතරතුරයි මා කලින් සාක්කුවට දමාගත් වෛද්‍යවරියගේ දිනපොත සිහියට නැගුනේ....


එම දිනපොතේ කවරය දෙස මොහොතක් බලා හිඳිමින් මා දිගු සුසුමක් හෙළුවේ එක ඇසිල්ලකින් ඇය හමුවූ දින පටන් මා ඇගෙන් ලද කරුණාබර සැලකුම් නැවතත් මැවී පෙනෙන්නට වූ නිසාවෙන්.සෙමින් දිනපොතේ කවරය පෙරලූ මා හට දැකගන්නට හැකිවූයේ මුල් පිටුවේ අලවා තබූ කුඩා පිරිමි දරුවන් දෙදෙනෙකුගේ ඡායාරූපයකි.... 


අවුරුදු දහයක සහ පහලොවක පෙනුම තිබූ මේ දරුවන් දෙදෙනා දෑත් පටලවා හුරතල් අයුරින් සිනාසෙනු දුටු මටද සිනහා පහල වූයේ නිතැතිනි... එම ඡායාරූපයේ යටින් ලියා තිබූ වදන් පෙල මා කියවන්නට වූයේ එම සිනහමුසු මුහුණ එලෙසම පවත්වා ගනිමින්.නමුත් එක්වරම එම සිනහව අතුරුදහන් වූවේ මවිතයක සලකුණු මා මුහුණේ ඉතිරි කරමිනුයි...

ප/ලි

ඔක්කෝටම කලින් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේ කොටස දාන්න මාසෙකටත් වඩා කාලයක් ගත්තු එක ගැන.ආයෙත් සුපුරුදු පරිදි ලියන්න කියවන්න බහින්නයි හිතාගෙන ඉන්නේ.පහුගිය ටිකේ ගොඩාක් දෙනෙක්ගේ ලිපි කියවන්නත් බැරිවුනා.මග ඇරුණු හැම ලිපියක්ම අනිවාර්යෙන් කියවනවාමයි.... මුකුත් ලිව්වේ නැතත් මේ පැත්තට ඇවිත් ගියපු,මාව හොයපු හැමෝටම ස්තූතියි.... 

කාලෙකට පස්සේ ලියන්න ගත්තු නිසා අඩුපාඩු ඇති.ඉතින් වෙනදා වගේම ඒ වැරදි අඩුපාඩු පෙන්නලා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.එහෙම අඩුපාඩුවක් පෙන්නුවයි කියලා මම කවදාවත් අමනාපයක් වෙන්නේ නෑ... 

පොටෝව ගත්තේ මෙතනින්:http://www.canada.com/6406264.bin

Wednesday, July 18, 2012

ගැහැණු ලොවක සිරකරු... 6 කොටස

මුල් කොටස් සඳහා
5 කොටස
**********************************************************************************

උඹට මම......... ඈගේ කෙස්වැටිය අතහැර පහරක් එල්ල කිරීමට සූදානම් වත්ම හුරුපුරුදු කටහඬක් මා අමතනවා ඇසිණි.

අශාන්.....

මා වහා පිටුපස හැරී බැලුව් විශ්මයෙන් යුතුවයි.විශ්වාස කල නොහැකි වුවත් ඒ ඇයයි.දෙනෙත් අදහාගත නොහැකිව මා ස්වල්ප වෙලාවක් ඈ දෙස බලා සිටියේ මෙය කෙසේ සිදුවුණිදැයි සිතාගැන්මට නොහැකිවයි.කෙසේ නම් විශ්වාස කරන්නද රෝහලේ සිටි ප්‍රධාන වෛද්‍යවරිය යානය තුලට පැමිණ සිටින වග.

මේක වෙන්න බැහැ...... මම සෙමින් මිමිණුවෙමි

ඇය සිනාසෙන අතරතුර මා හට නෙතින් සන් කලේ පිටුපස බලන ලෙසටයි.මම වහා පිටුපස හැරී බැලුවෙමි.සෙබලිය ඇගේ බැමි නිදහස් කරගෙන සිටියාය.... කල යුත්තේ කුමක්දැයි මා සිතීමටත් පෙර සෙබලිය මා හට පහරක් එල්ල කර පුටුවට මාගේ දෑත් දෙපය ගැටගැසීමට පටන් ගත්තේ මා අසරණ කරවමිනි.තවමත් කිසිවක් සිතාගත නොහැකිව මා වෛද්‍යවරිය දෙස නෙත් යොමා සිටියේ ඇගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන්.

මෙයා දැන් මගෙයි අයුමි..... යානයේ පාලනය ඔයා බාරගන්න....

හ්ම්ම් ඊට ඉස්සෙල්ලා පොඩි ගනුදෙනුවක් තියෙනවා බේරගන්න

ඒ සමගම මාගේ මුහුණ හරහා දැඩි පහරක් එල්ල විණි.මොහොතකට මාගේ දෙනෙත් නිලංකාර වෙන අයුරක් මට දැනෙන්නට වූයේ දැඩි වේදනාවක්ද සමගයි.කොපමණ ප්‍රහාර ලැබුවත් සතුරා ඉදිරියේ අසරණ වීම මා හට කල නොහැක්කක්.අවඥා සහගත හිනාවක් මා නැවත ඇය වෙත යොමුකලේ කිසිදු වේදනාවක් නොහඟවමින්....

හමුදා නිලධාරිණියක්ව ගැට ගහලා හිර කරන්න කලින් දෙපාරක් හිතන්න වෙයි මීට පස්සේ....

යැයි පැවසූ ඈ මා දෙස කුරිරු බැල්මක් හෙලමින් කුටියෙන් පිටවිණි.

ඉතින් අශාන්.... හිතුවේ නෑ නේද ආයෙ හමුවෙන්න ලැබෙයි කියලා....

නෑ කොහෙත්ම නෑ..... දිගු සුසුමක් හෙළමින් ඈ දෙස නොබලා මම පිළිතුරු දුනිමි.

ඔයාගේ හිත පාට නොකරපු චිත්‍රයක් වගේ තිබුනේ අශාන්.ඕනම කෙනෙක්ට පුළුවන් ඒ චිත්‍රය පාට කරලා වෙනස්ම නමක් දෙන්න.ඔයාට මෙතනත් වෙලා තියෙන්නේ ඒකයි.ඔයා වැටිලා ඉන්නේ වැරදි අතකට.......

මම දන්නවා මම කරන දේ......

නෑ ඔයා දන්නේ නෑ අශාන්.... ඔයා මෙයාලගේ ඉත්තෙක් වෙලා විතරයි

මට තව කිසිම දෙයක් දැනගන්න ඕනේ නෑ..... කිසිම දෙයක් ඕනේ නෑ. මා ඉතා ආවේගයෙන් ඇයට බැනවදින්නට ගත්තේ හිතේ උපන් කෝපය පිටකරමින්.

ඒ කියන්නේ මම කොහොමද මෙතනට ආවේ කියලත් ඔයාට දැනගන්න ඕනේ නෑ වගෙයි.එහෙමද??.....

මා ඇයට පිළිතුරු නොදී දෑස් වෙනතකට යොමුකරගත්තේ වචනයකින් හෝ ඇයට යටත් වීමට මා තුල වූ අකමැත්ත නිසාවෙනි.

හ්ම්ම්ම්..... මේ යානය අපේ හමුදා මූලස්ථානයට යනකන් වෙන කරන්න දේකුත් නැති එකේ මම කියන්නම්කෝ ඒ විස්තර....

ඇයගේ එම පිළිතුර මා ගැස්මකට පත්කරන්නට සමත් විය....   කිසිදු සැකයක් නැත.අවසන් කැරළිකරුවන් සියල්ල මොවුනගේ සිරකරුවන් වනු නිසැකයි.මේ සියල්ලටම හේතුව මාගේ මුරණ්ඩු කම බැව් මට සිතෙන්නට විය.සේනක පැවසූ දේ නිවැරදි යැයි මට මොහොතකට සිතිණි.... යන්තමින් හෝ සතුටට පත් විය හැකි නම් ඒ ජයසිංහ ජීවතුන් අතර සිටීම පිළිබඳව පමණි.....

මුලින්ම ඔබට බොහෝමත්ම ස්තූති කරන්න ඕනෙ අශාන් අපේ සැලැස්ම පහසු කෙරෙව්වට.... ඔබ සෙබලියව යානයට රැගෙන ආ මොහොතේ ඉඳලා ඔබ අපිට අවශ්‍ය සියළුම තොරතුරු ලබා දුන්නා.... ඇගේ ආයුධත් ඔබ සුරැකිව රැගෙන ආපු එක සෑහෙන්න ප්‍රයෝජනවත් වුනා අපිට....

මා නිරුත්තරව ඇගේ කතාව අසන්නට වූයේ මෙයින් ගැලවීමට කිසිදු අවස්ථාවක් නොමැති බව හැඟුණු නිසයි.වරදකරු මා යැයි ඇසෙන විට දරාගත නොහැකි තරම් දුකක් හදවතට දැනෙන්නට වූයේ නිරායාසයෙන්.මම නැවතත් ඇගේ කතාවට සවන් යොමුකරන්නට සිතා ගත්තෙමි.

සෑම සෙබලියකුගේම හිසට සවිකරලා තියෙන පළඳනාව ඔබට මතක ඇති සමහරවිට.එය එක්තරා ආකාරයක පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් නමුත් එයින් සම්ප්‍රේශණය කල හැක්කේ සිතුවිලි පමණයි.මේ වගේ රහසිගත මෙහෙයුමකදී එය සෑහෙන්න වැදගත් මෙහෙයක් ඉටු කරනවා.කිසිදු පුද්ගලයෙකුට එම සන්නිවේදනයට සවන් දෙන්න බැහැ.

සෙබලියට පහරදුන් පසු ඇගේ හිසේ වූ එම උපකරණය ගලවා ඉවත්කල බැව් මා මතකයට පිවිසිණි.මා එය නැවත රැගෙන ආවේද නැත.සෙබලිය සතුව තිබූ ආයුධ පමණක් යානයට රැගෙන ආ බව මා හට හොඳ මතකයක් තිබිණි....

ඒ පළඳනාව ඔබ හෝ ඔබේ කැරළි කණ්ඩායෙමේ කිසිවෙක් පැළඳුවත් පලක් වෙන්නේ නෑ.එය නිර්මාණය කරලා තියෙන්නේ අපට උපතේදිම මොළයට ඇතුලත් කරන කුඩා පරිපථයක් සමග ක්‍රියා කිරීමට.ඒ පරිපථය හමුදා මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධයි.අපගේ සෙබළියන් සතුරන් අතට පත්වූවොතින් ඔවුන් සිටින ස්ථානය තහවුරු කරගැනීමටත්,අවශ්‍ය වූ විටක අපගේ රහස් සඟවා ගැනීමට ඔවුනගේ මතකය මකා දැමීමටත් එය ඉතාමත් වැදගත්..... දැන් ඔබට තේරෙනවා ඇති අශාන් ඔබ ඇයව යානයට රැගෙන ඒමෙන් සිදුකරගත් විනාශය....

ඒත් ඔබ කොහොමද මෙතනට ආවේ.....??? ටෙලිපෝර්ට් යන්ත්‍රයකට සමාන කිසිවක් ඇගේ ආයුධ අතර තිබුනේ නෑනේ..??? මම විශ්මයෙන් විමසන්නට වූයෙමි.

ඔබට වැරදුණු තැන එතනයි අශාන්...... හමුදා සෙබලියන් විදියට ඕනෑම හදිසි අවස්ථාවකදි නැවත මූලස්ථානයට ටෙලිපෝර්ට් වන්නට හැකි අයුරින් තමයි ආයුධ නිපදවලා තියෙන්නේ.හැම සෙබලියක්ම රැගෙන යන ආයුධයේ ටෙලිපෝර්ට් වීමට උදව් දෙන උපාංගයක් තිබෙනවා.....එය ද්විත්ව දොරටු ටෙලිපෝර්ට් උපාංගයක්.ඔබ රෝහලේදි දුටු තාක්ෂණයට වඩා එය බලවත්....

සියල්ලම මා හට පැහැදිලි විය.මොවුන් අපට වඩා පියවර ගණනාවක් හැම අතින්ම ඉදිරියෙන් සිටීම නිසා අපට ජය ගැනීමට කිසිදු අවස්ථාවක් නැත යැයි මට සිතිණි.නමුත් සෙබලියක් නොපැමිණ ඒ වෙනුවට වෛද්‍යවරියගේ පැමිණීම මා තුල විශාල කුකුසක් ඇති කිරීමට සමත් නුවූවා නොවේ....

සම්පූර්ණ යානයේ පාලනය මේ වන විට සෙබලිය සියතට රැගෙන සිටියාය.සෙසු සාමාජිකයන්ට අත්වූ ඉරණම පිළිබඳ වැටහීමක් නොතිබුනද ඔවුන් තවමත් ජීවතුන් අතර සිටින බවට මා තුල දැඩි විශ්වාසයක් තිබිණි.මා පසෙකින් සිහිසුන්ව සිටියේ ජයසිංහයි...

කාන්තාවන් දෙදෙනෙකු පැමිණ කැරළිකාර කණ්ඩායමක් සහිත යානයක් පාලනය කිරීම පිළිබඳව සියුම් ලැජ්ජාවක් හිතට නොදැනුනා නොවේ..... නමුත් දැන් මෙහි බලාසිටීම හැර කරන්නට කිසිත් නැත.මොවුන්ගේ මූලස්ථානයට කෙතරම් දුර ප්‍රමාණයක් ඇත්දැයි පවා නොදැන කිසිදු පියවරක් ගන්නටත් බැරිය.දෑත් සෙලවීමට පවා නොහැකි අයුරින් වෙලා තිබීම නිසා මා හැම අතින්ම පරාජය වී හමාරය...

සේනක පිළිබඳ මතකය එක්වරම මා සිතට පිවිසියේ එවිටයි.ඔහු යානය තුලට පිවිසියේද යන්න මා හට විශ්වාස නැතිමුත් යම්හෙයකින් ඔහු යානය තුල සැඟවී සිටීනම් සෙබළියට එරෙහි වී නැවත පාලනය අප අතට ගැනීමට වැඩි වාසියක් ඇති බැව් මා හට වැටහිණි.එහෙත් ඇගේ ක්‍රියාකාරකම් අධ්‍යනය කරමින් සිටින හමුදා මූලස්ථානය තවත් සෙබලියන් යානය තුලට එවීමට පියවර ගැනීම වැලැක්වීම ප්‍රථමයෙන්ම කල යුතු ක්‍රියාවයි......

*****

සේනක දෑස් විවෘත කර වටපිට බලන්නට විය.තමා සිටිනා තැන පිළිබඳව කිසිදු මතකයක් ඔහු තුල නැති ආකාරයකි.මදක් වේලා නිසොල්මන්ව සිටි ඔහු අපහසුවෙන් නැගී සිටීමට උත්සහ කරන්නට විය.මදක් වේලා උත්සහ කිරීමෙන් පසු ඔහු නැගිට අසල වූ මේසයක් අල්ලාගෙන සමබර වීමට උත්සහ ගත්තේ බිම්ගෙය කඩාවැටීමේදි ඔහුගේ ශරීරයට සිදුවූ තුවාල නිසාවෙනි....

තමා අල්ලාගෙන සිටින මේසය මත ඇති අවිය දෙස ඔහු දෙනෙත් යොමුකලේ මෙවිටයි.අසිහියෙන් මෙන් යානයට නැගගෙන මේ කාමරයට පැමිණි පසු ඔහු සිහිසුන්වූ බව ඔහුගේ මතකයට පිවිසිණි.නමුත් තිබූ නමුත් එම මොහොතේ මේසය මත අවියක් නොතිබුණු බව ඔහුට හොඳහැටි මතකයේ තිබිණි... එම අවිය අතට ගෙන පිරික්සීමට ගත්විට ඔහුට එහි වූ ලාංඡනය දැකගන්නට ලැබුණි.නිසැකයෙන්ම එය හමුදා සෙබලියකගේය...

යානය හමුදා සෙබලියන්ගේ පාලනයට නතුවී ඇතැයි යන්න සේනකට සිතිණි.ඔහු වහා එම අවිය තම අතට ගෙන අපහසුවෙන් ඉදිරියට ගමන් කරන්නට විය.ඔහුට එක්වරම කෑ ගැසීමක් ඇසිණි.නිසැක වශයෙන්ම ඒ අශාන්ගේ කටහඬයි.ඔහු ඉදිරියට යත්ම කවුරුන් හෝ තමා ඉදිරියට පැමිණෙන හඬක්ද ඔහුට ඇසෙන්නට විය.ඔහු වහා අසල වූ කුටියට පිවිසියේය.ඔහු සිටි කුටිය පසුකරමින් ඉදිරියට ගමන් කරන්නට වූයේ හමුදා සෙබලියකි.ඔහු තම අවිය ගෙන ඈව ඉලක්කගත කලද තව කෙතරම් සෙබලියන් යානයේ සිටීද....?? මැය මියැදුණත් අනෙකුත් සෙබලියන් පැමිණ තමාට පහරදෙයිද...??? ඔහු කල්පනා කරන්නට විය.අවසානයේ ඔහු සිය අවිය පහත හෙලුවේ මෙම අවස්ථාවේ හොඳ සැලැස්මක් නොමැතිව සටනට පිවිසීම අනුවණ ක්‍රියාවක් යැයි ඔහුට සිතුනු නිසායි...

මුළු යානයේම පාලනය තිබුනේ කාන්තාවන් දෙදෙනකු අත බව ඔහු නිකමටවත් නොසිතන්නට ඇත....

ඔහු කුටියෙන් පිටතට පැමිණ සෙබලිය පැමිණි දිශාවට ගමන් කරන්නට විය.තමා ගමන් කරමින් සිටින්නේ යානයේ වෛද්‍ය කුටිය වෙතට බව එහි තිබූ සලකුණු වලින් ඔහු වටහා ගත් බවක් පෙනෙන්නට තිබුණි.ඔහු සෙමින් සෙමින් එම කුටිය අසලට පිවිසීමට සමත් විය.කාන්තා කටහඬක් යාන්තමට ඔහුට ඇසෙන්නට විය නමුත් ඇය පවසනා දේ ඔහුට හරියාකාරව නොඇසිණි....

දොර යන්තමින් විවෘත කරගත් ඔහු ඇතුලත සිදුවන දේ බලන්නට උත්සහ කලේය.ඔහුට දැකගැනීමට හැකිවූයේ පුටුවට තබා අත්පා වෙලා ඇති අශාන්ව සහ පසෙකින් බැමි රහිතව වැතිරී සිටින ඔහුගේ නායක ජයසිංහවයි.අශාන් ඉදිරිපිට වූ අසුනේ සිටින කාන්තාවද ඔහුට දැකගැනීමට හැකිවිය.ඔහු සිතූ දේ නිවැරදි යැයි ඔහුට සිතිණි.තව බොහෝ සෙබලියන් යානය තුල සිටින බැව් ඔහු ප්‍රත්‍යක්ෂ කරගත්තේය.

ඔහු දොර අසලින් මෑත්වී බිත්තියට හේත්තු වී සිටින්නට වූයේ බලාපොරොත්තු රහිතවයි.යානයේ සියළු දෙනා මේ වනවිට මොවුන්ගේ සිරකරුවන් බවට පත්ව ඇතැයි ඔහුට සිතිණි.තමන්ට තනිවම මෙම සටන කරන්නට නොහැකි බවත් ඔහුට වැටහිණි.එසේ නම් අවම වශයෙන් අශාන්ව හෝ මුදාගැනීම අත්‍යාවශ්‍යය කරුණකි.මැය තනිව සිටින නිසා පහර දීම පහසු යැයි ඔහුට සිතිණි.ඔහු නැවත දොර හිඩැස වෙතට තම දෑස් යොමුකලේය...

එවිට ඔහු දුටු දර්ශනය ඔහුව බියෙන් තැති ගැන්වීමට සමත් විය..... 

ප/ලි

පොටෝව ගත්තේ මෙතනින් http://smhttp.14409.nexcesscdn.net/806D5E/wordpress-live/images/Screen-shot-2011-06-23-at-8.56.47-AM-e1308844675527.png හැබැයි පොඩ්ඩක් විතර එඩිට් කරලා දැම්මේ.

ඊළඟ කොටස දෙන්න සෑහෙන්න කාලයක් යයි.ඒ ගැන අමනාප වෙන එකක් නැතිවෙයි කියලා හිතනවා හැමෝම.... 

Tuesday, July 10, 2012

නගර ශෝභිනියක් ලුහුබැඳ....



අද ඉඳන් පත් ඉරුවේ තව අළුත් ලේබලයක් යටතේ කතා ලියවෙන්න පටන් ගන්නවා.මේ ලේබලයේ අදහස මට දුන්නේ ඩූඩ් අයියා(henryblogwalker the Dude).පහුගිය ටිකේම මගෙ අතින් අපේ සහෝදර සහෝදරියන්ගේ බ්ලොග් වලට ටිකක් විතර ලොකු කොමෙන්ට් වැටුණා පුංචි පෝස්ට් එකක් විදියට.ඒකට හේතුව වුනේ එයාලා ලියලා තියෙන පෝස්ට් එක කියෙව්වාම මම අත්විඳපු දේවලුත් මතක් වෙච්චි එක.ඉතින් ඒ මතක් වුනාම ඒක ලියන්නම හිතුනා එයාලට කොමෙන්ට් එකක් විදියට....

ඉතින් අද ලියන්න යන කතාව මතක් වුනේ තහනම් අඩවියේ වල් රජා ලෙස විරුදාවලි ලත් අපේ අඩවි රජතුමාගේ පෝස්ටුවක් නිසා.පෝස්ටුවට රජා දාලා තිබුනේ මෙන්න මේ මාතෘකාව.පච්ච කොටන කෙල්ලෝ බඩුද?


***********************************************************************************************
·                     යටි පස්ස - වැරදියට තේරුම් ගන්න එපාලුය. මේ කියන්නේ අර යටි බඩත් සමගම ඊට ප්‍රති විරුද්ධ දිශාවේ තියන ප්‍රදේශය ගැනය. ඔය ගෑල්ලමයිගේ මේ හරිය හරි ලොකුයිලුය. එහෙයින් හෙන පත මල් වතු, කුරුළු උයන්, මකර තෝරන් වගේ ලොකු ලොකු පච්ච ඔය හරියේ නියමෙට වදිනවාලුය.



***********************************************************************
ඕං ඔය උඩින් තියෙන්නේ ඒ පෝස්ට් එකේ එක එක වර්ගීකරණයන්ට අදාලව දාලා තිබුනු පච්ච වලින් එකක් ගැන රජාගේ විස්තරේ.ඕං ඔය පච්චය දැක්කාම මට මතක් වුනේ සෑහෙන්න කාලෙකට කලින් මම මුහුණ දුන්නු සිද්ධියක්.

 පුස්සැල්ල සර්ගේ පන්තිය දෙල්කඳ හංදියට අරන් ගිය අළුතම තමයි මේ සිද්ධිය වුනේ.එදා බ්‍රහස්පතින්දා දවසක්.සාමාන්‍යයෙන් සර් පන්තිය ඉවර කරන්නේ 7ට වුනාට පෝලිමට හරිම සංවරව පන්තියෙන් එළියට එන්න ඕනේ නිසා අපි පන්තියෙන් එලියට යනකොට 7.15 විතර වෙනවා.අපි තුන්කට්ටුවක් තමා පන්තියේ එකට හිටියේ කවුරුත් දන්න මණ්ඩිපාලත් මමත් ලයියාත් තමා තුන්කට්ටුව...

ඕං කතාව රජාගේ බ්ලොගේට කොමෙන්ට් එකක දාපු විදියටම....

යටි පස්සේ පච්ච මම සියැසෙන් මුල්වරට දැක්කේ පුස්සැල්ල සර්ගේ ක්ලාස් ඉවර වී නුගේගොඩට දෙල්කඳ හන්දියේ සිට පාගමනින් පැමිණෙද්දීය...

බ්ලොග් කරුවෙකු වූ මන්ඩියාද ලයියාද මා සමග එදා රෑ හතට පමණ හෙමින් ගමනින් නුගේගොඩ කරා පියනැගීමු.ඉස්සරහින් සුදුම සුදු කකුල් දෙකක් දර්ශනය වන්නට විය.

මචං අර මෝහිණිද බලහං

මගේ මුවින් පිටවිය.මන්ඩියා දෑස් කරකවා බලා

 "නෑ බං මෝහිණි වෙන්න බෑ... ඒ මෝහිණි නම් එහා පැත්තේ ඉන්නවා ඇත්තේ මෝහිණිගේ අම්මා"

මලා හුටාය මම නැවත රබර් ඇස් කරකැවීමි.ගල් ෂෝටක් සහ කෙටි ටි ෂර්ටයක් ඇඳ සුරූපි කෙල්ලක් ලැසි ගමනින් ඇවිදිනවාය.එහා පැත්තේ මැදිවිය ඉක්මවූ ගැහැණියක් ඈ සමග තරඟෙට ඇවිදිනවාය.

මම පා ඉක්මන් කලෙමි.අධි වේගයෙන් ඈ කරා ලංවිය.ඇගේ යටි පස්සේ ලස්සන ලිය වැලක් සහිත පච්චයකි.... ඒ කාලයේ මා ඇති වෙනකන් ඉංග්‍රීසි වැඩසටහන් කීපයක් නැරඹුවෙමි.ඒවා ELLEN සහ TYRA ය.ඒ දෙන්නා ගැන කතා කර පලක් නැත.දිනක් ටයිරා කෙල්ල මෙවැනි පච්ච නම් කලේ ට්‍රෑම්ප් ස්ටෑම්ප් යන නමිනි.ස්ට්‍රිපර්ස්ලා මේවා ගහනවාලුය.ඈ එවැනි ස්ට්‍රිපර්ස්ලා කීපයක් කැඳවා යටි පස්ස පෙන්වා ඒ ගැන පැහැදිලි කිරීමක් එදින කලාය.එය මගේ දැනීම වර්ධනය කලේයලු.

ඇගේ සුදු යටි පස්ස දුටු සැනින් මට මහා හයියෙන් ට්‍රැම්ප් ස්ටෑම්ප් යනුවෙන් කියවිණි.මල මගුලයි ජූලි හතයිය.ඇය අකුණක් වැදුනාක් මෙන් පිටුපස හැරුණාය.මාගේ දෙකකුල් පණ නැතිවෙන සෙයක් දැනුනි ඈ එතරම් සුරූපි ළලනාවක්ය.අඩ අඳුරේ පවා බුරිය විසිබල්ය.

ඈ සිනාසුනාය.මා සිනාසුනේය.ඈ ගමන අඩාල කොට අප හා සමාන්තරව ඇවිදීමට උත්සහ ගත්තාය.මන්ඩියා නෝ ටෝකිංය ලයියාගේ කට කනේය.උගේ පපුව හිරවෙලා වෙන්නැතිය.ඈ අප සමග දෙඩීමට උත්සහ කලාය.මගේ සරුවාංගෙම වේවලනවා දැනිනි. ඇය හීන් හඬින් හායි කිව්වාය.ඒ හායි පාරට සියල්ල සිදුවෙනවාය.අපි කුඩා ළමයින් වීමු.ඒවා ඒ කාලේ ඔරොත්තු නොදෙන්නේය.මන්ද නැරඹූ සියළු වැල් කතා දෑස් ඉදිරිපිට සිදුවීමට සූදානම් සෙයක් දැනුනි... 

මා හායි කිව්වාට කට හෙල්ලුනා පමණි.ඇයි කිංකිණි හඬින් සිනා සැලුවාය.ඈ පොඩි එකියක මෙන් උඩ පැන කට වසා ගත්තාය.තව මොහොතකින් මාගේ මොලේට ලේ සැපයුම අඩාල වන්නට යන බව දැනුනි....


සෑහෙන වෙලාවක් අප එසේ ඇය පිටුපසින් යන්නට ඇත.ඇයද පිටුපස බලමින් හිනාවෙමින් ඇගේ ගමනේ යෙදුණාය.ටික වේලාවකට පසු කොහේදෝ සිටි හාල් පාරුවෙක් පැමිණ කාරයක් අප දෙදෙනා හරහා දැම්මේ උගේ හොම්බ තලන්නට තරම් තරහක් මා සිතට ඇතුලත් කරවමින්ය.අප මදක් නැවතුනෙමු.එක්වරම ඇය ගොස් නැවුනාය ඈ යම්දෙයක් සාකච්ඡා කරනු ඇසිනි.කනට වඩා ඇස මෙහෙයුමේ බැවින් ඒවා ඇසුනේ නැත.කාරය පිම්මේ පිටත් විය ඈ නැවත අප හා සිනාසි ලැසි ගමන ඇරඹුවාය.එතෙක් වේලා ඈ සමග අපද නැවති සිටි බව සිහිවූයේ එවිටයි.එමෙන්ම ඈ ගැන සිහින් හෝ වැටහීමක් ලැබුනේද එවිටයි.ඒ සමගම තව මූකලං බස්සෙක් පැමිණ ඈ ළඟ වාහනේ නැවතුවේ පෙර පරිදිමය.මාගේ සපත්තුවේ ලේස් ලෙහී තිබෙනු මා දුටුවේද එවිටයි(ගැටගහලා තිබ්බ එක ලෙහලා ආයේ ගැටගැහුවා)

මා මගේ පාඩුවේ ලේස් හිමින් සැරේ ගැටගැහුවේ ඈ ඉස්සර නොකරන්නටය.අවාසනාවක මහත ඈ එම කාරයට නැගුණාය.ලේසය අතහැර මා එක්වනම නැගී සිටියේ අවසන් වතාවට හෝ ඈ දැකගැනීමටයි....කාරයට නැගි ඈ කාරය පිටත් වෙත්ම නැවත මා දෙස බලා සිත් කලම්බන සිනාවක් හෙලුවාය.... හීන් දුකක් නොදැනුනා නොවේ... ඈ සමග ආ ගැහැණියද වාහනයට නැගීම මා හට තවම ප්‍රෙහේලිකාවකි....

මා නැවත එළැඹ සිහියට පෙළඹුනේ මන්ඩිපාලගෙන් මගේ පිට මැද්දට වැදුණු ප්‍රහාරයකිනි.... දිගු සුසුමක් හෙලූ මා ඔහු දෙස බැලුවේ ඔහුගේ කොමෙන්ට්ස් දැන ගැනීමටයි... ඔහු තාමත් කතා නැතිය.ලයියා කට කනේ තියාගෙන ඉන අතේ තියාගෙන ගල්වී සිටින්නේය....

මම ඔහුට යමක් පැවසීමි "පව් නේද බං අහිංසකී...."

ඔහු ගත් කටටම මෙසේ පැවසීය "රුපියල් 100ක් තිබ්බා අතේ,අපරාදේ බං ඒක දීලා *** බලාගන්න බැරිවුනානේ"



ප/ලි - ඒ අපගේ ලයියාය... දන්නෝ දනිතිය.ඒකා මෙය දුටු දාට මාත් ඉවරයිය.

මේ පච්ච කෙලිය මම දකින්නේ නොදන්නා එවුං ආසාවට ගැහුවට ඒකෙන් ගම්‍ය වෙන විවිධ තේරුම් දන්නෙ නෑ.සමහර විට නොදැන බඩු පච්චයක් ගැහුවොත් බඩුම තමා.දැන දැන ගහන එවුන් ඉතින් දන්නවනේ අපි දැකපු කෙනත් එහෙම කෙනෙක්.එයාව ත්‍රිවිල් එකකින් දෙල්කඳ හංදියෙන් බස්සනවා එයා එතන ඉඳන් නුගේගොඩ හංදියට එද්දි අනිවා වාහනේකට නගිනවා...

අපිට ඊට පස්සේ දවස් දෙක තුනක්ම එයාලව හම්බුනත් අපි හිනාවුණා විතරයි.පසු කාලීනව ලයියාගේ ප්‍රිය වෙන්ඩ බාරිත් පන්ති ආපු නිසා දෙල්කඳ හංදියේ ඉඳන් නුගේගොඩට බස් එකෙන් යන්න වුනා.


මුල් පින්තූරේ ගත්තේ මෙතනින් http://yunghova.com/wp-content/uploads/2011/09/prostitutes.jpg