මුල් කොටස් සඳහා
5 කොටස
**********************************************************************************
**********************************************************************************
“උඹට මම.........” ඈගේ කෙස්වැටිය අතහැර පහරක් එල්ල කිරීමට සූදානම් වත්ම හුරුපුරුදු කටහඬක් මා අමතනවා ඇසිණි.
“අශාන්.....”
මා වහා පිටුපස හැරී බැලුව් විශ්මයෙන් යුතුවයි.විශ්වාස කල නොහැකි වුවත් ඒ ඇයයි.දෙනෙත් අදහාගත නොහැකිව මා ස්වල්ප වෙලාවක් ඈ දෙස බලා සිටියේ මෙය කෙසේ සිදුවුණිදැයි සිතාගැන්මට නොහැකිවයි.කෙසේ නම් විශ්වාස කරන්නද රෝහලේ සිටි ප්‍රධාන වෛද්‍යවරිය යානය තුලට පැමිණ සිටින වග.
“මේක වෙන්න බැහැ......” මම සෙමින් මිමිණුවෙමි
ඇය සිනාසෙන අතරතුර මා හට නෙතින් සන් කලේ පිටුපස බලන ලෙසටයි.මම වහා පිටුපස හැරී බැලුවෙමි.සෙබලිය ඇගේ බැමි නිදහස් කරගෙන සිටියාය.... කල යුත්තේ කුමක්දැයි මා සිතීමටත් පෙර සෙබලිය මා හට පහරක් එල්ල කර පුටුවට මාගේ දෑත් දෙපය ගැටගැසීමට පටන් ගත්තේ මා අසරණ කරවමිනි.තවමත් කිසිවක් සිතාගත නොහැකිව මා වෛද්‍යවරිය දෙස නෙත් යොමා සිටියේ ඇගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන්.
“මෙයා දැන් මගෙයි අයුමි..... යානයේ පාලනය ඔයා බාරගන්න....”
“හ්ම්ම් ඊට ඉස්සෙල්ලා පොඩි ගනුදෙනුවක් තියෙනවා බේරගන්න”
ඒ සමගම මාගේ මුහුණ හරහා දැඩි පහරක් එල්ල විණි.මොහොතකට මාගේ දෙනෙත් නිලංකාර වෙන අයුරක් මට දැනෙන්නට වූයේ දැඩි වේදනාවක්ද සමගයි.කොපමණ ප්‍රහාර ලැබුවත් සතුරා ඉදිරියේ අසරණ වීම මා හට කල නොහැක්කක්.අවඥා සහගත හිනාවක් මා නැවත ඇය වෙත යොමුකලේ කිසිදු වේදනාවක් නොහඟවමින්....
“හමුදා නිලධාරිණියක්ව ගැට ගහලා හිර කරන්න කලින් දෙපාරක් හිතන්න වෙයි මීට පස්සේ....”
යැයි පැවසූ ඈ මා දෙස කුරිරු බැල්මක් හෙලමින් කුටියෙන් පිටවිණි.
“ඉතින් අශාන්.... හිතුවේ නෑ නේද ආයෙ හමුවෙන්න ලැබෙයි කියලා....”
“නෑ කොහෙත්ම නෑ.....” දිගු සුසුමක් හෙළමින් ඈ දෙස නොබලා මම පිළිතුරු දුනිමි.
“ඔයාගේ හිත පාට නොකරපු චිත්‍රයක් වගේ තිබුනේ අශාන්.ඕනම කෙනෙක්ට පුළුවන් ඒ චිත්‍රය පාට කරලා වෙනස්ම නමක් දෙන්න.ඔයාට මෙතනත් වෙලා තියෙන්නේ ඒකයි.ඔයා වැටිලා ඉන්නේ වැරදි අතකට.......”
“මම දන්නවා මම කරන දේ......”
“නෑ ඔයා දන්නේ නෑ අශාන්.... ඔයා මෙයාලගේ ඉත්තෙක් වෙලා විතරයි”
“මට තව කිසිම දෙයක් දැනගන්න ඕනේ නෑ..... කිසිම දෙයක් ඕනේ නෑ.” මා ඉතා ආවේගයෙන් ඇයට බැනවදින්නට ගත්තේ හිතේ උපන් කෝපය පිටකරමින්.
“ඒ කියන්නේ මම කොහොමද මෙතනට ආවේ කියලත් ඔයාට දැනගන්න ඕනේ නෑ වගෙයි.එහෙමද??.....”
මා ඇයට පිළිතුරු නොදී දෑස් වෙනතකට යොමුකරගත්තේ වචනයකින් හෝ ඇයට යටත් වීමට මා තුල වූ අකමැත්ත නිසාවෙනි.
“හ්ම්ම්ම්..... මේ යානය අපේ හමුදා මූලස්ථානයට යනකන් වෙන කරන්න දේකුත් නැති එකේ මම කියන්නම්කෝ ඒ විස්තර....”
ඇයගේ එම පිළිතුර මා ගැස්මකට පත්කරන්නට සමත් විය.... කිසිදු සැකයක් නැත.අවසන් කැරළිකරුවන් සියල්ල මොවුනගේ සිරකරුවන් වනු නිසැකයි.මේ සියල්ලටම හේතුව මාගේ මුරණ්ඩු කම බැව් මට සිතෙන්නට විය.සේනක පැවසූ දේ නිවැරදි යැයි මට මොහොතකට සිතිණි.... යන්තමින් හෝ සතුටට පත් විය හැකි නම් ඒ ජයසිංහ ජීවතුන් අතර සිටීම පිළිබඳව පමණි.....
“මුලින්ම ඔබට බොහෝමත්ම ස්තූති කරන්න ඕනෙ අශාන් අපේ සැලැස්ම පහසු කෙරෙව්වට.... ඔබ සෙබලියව යානයට රැගෙන ආ මොහොතේ ඉඳලා ඔබ අපිට අවශ්‍ය සියළුම තොරතුරු ලබා දුන්නා.... ඇගේ ආයුධත් ඔබ සුරැකිව රැගෙන ආපු එක සෑහෙන්න ප්‍රයෝජනවත් වුනා අපිට....”
මා නිරුත්තරව ඇගේ කතාව අසන්නට වූයේ මෙයින් ගැලවීමට කිසිදු අවස්ථාවක් නොමැති බව හැඟුණු නිසයි.වරදකරු මා යැයි ඇසෙන විට දරාගත නොහැකි තරම් දුකක් හදවතට දැනෙන්නට වූයේ නිරායාසයෙන්.මම නැවතත් ඇගේ කතාවට සවන් යොමුකරන්නට සිතා ගත්තෙමි.
“සෑම සෙබලියකුගේම හිසට සවිකරලා තියෙන පළඳනාව ඔබට මතක ඇති සමහරවිට.එය එක්තරා ආකාරයක පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් නමුත් එයින් සම්ප්‍රේශණය කල හැක්කේ සිතුවිලි පමණයි.මේ වගේ රහසිගත මෙහෙයුමකදී එය සෑහෙන්න වැදගත් මෙහෙයක් ඉටු කරනවා.කිසිදු පුද්ගලයෙකුට එම සන්නිවේදනයට සවන් දෙන්න බැහැ.”
සෙබලියට පහරදුන් පසු ඇගේ හිසේ වූ එම උපකරණය ගලවා ඉවත්කල බැව් මා මතකයට පිවිසිණි.මා එය නැවත රැගෙන ආවේද නැත.සෙබලිය සතුව තිබූ ආයුධ පමණක් යානයට රැගෙන ආ බව මා හට හොඳ මතකයක් තිබිණි....
“ඒ පළඳනාව ඔබ හෝ ඔබේ කැරළි කණ්ඩායෙමේ කිසිවෙක් පැළඳුවත් පලක් වෙන්නේ නෑ.එය නිර්මාණය කරලා තියෙන්නේ අපට උපතේදිම මොළයට ඇතුලත් කරන කුඩා පරිපථයක් සමග ක්‍රියා කිරීමට.ඒ පරිපථය හමුදා මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධයි.අපගේ සෙබළියන් සතුරන් අතට පත්වූවොතින් ඔවුන් සිටින ස්ථානය තහවුරු කරගැනීමටත්,අවශ්‍ය වූ විටක අපගේ රහස් සඟවා ගැනීමට ඔවුනගේ මතකය මකා දැමීමටත් එය ඉතාමත් වැදගත්..... දැන් ඔබට තේරෙනවා ඇති අශාන් ඔබ ඇයව යානයට රැගෙන ඒමෙන් සිදුකරගත් විනාශය....”
“ඒත් ඔබ කොහොමද මෙතනට ආවේ.....??? ටෙලිපෝර්ට් යන්ත්‍රයකට සමාන කිසිවක් ඇගේ ආයුධ අතර තිබුනේ නෑනේ..???” මම විශ්මයෙන් විමසන්නට වූයෙමි.
“ඔබට වැරදුණු තැන එතනයි අශාන්...... හමුදා සෙබලියන් විදියට ඕනෑම හදිසි අවස්ථාවකදි නැවත මූලස්ථානයට ටෙලිපෝර්ට් වන්නට හැකි අයුරින් තමයි ආයුධ නිපදවලා තියෙන්නේ.හැම සෙබලියක්ම රැගෙන යන ආයුධයේ ටෙලිපෝර්ට් වීමට උදව් දෙන උපාංගයක් තිබෙනවා.....එය ද්විත්ව දොරටු ටෙලිපෝර්ට් උපාංගයක්.ඔබ රෝහලේදි දුටු තාක්ෂණයට වඩා එය බලවත්.... “
සියල්ලම මා හට පැහැදිලි විය.මොවුන් අපට වඩා පියවර ගණනාවක් හැම අතින්ම ඉදිරියෙන් සිටීම නිසා අපට ජය ගැනීමට කිසිදු අවස්ථාවක් නැත යැයි මට සිතිණි.නමුත් සෙබලියක් නොපැමිණ ඒ වෙනුවට වෛද්‍යවරියගේ පැමිණීම මා තුල විශාල කුකුසක් ඇති කිරීමට සමත් නුවූවා නොවේ....
සම්පූර්ණ යානයේ පාලනය මේ වන විට සෙබලිය සියතට රැගෙන සිටියාය.සෙසු සාමාජිකයන්ට අත්වූ ඉරණම පිළිබඳ වැටහීමක් නොතිබුනද ඔවුන් තවමත් ජීවතුන් අතර සිටින බවට මා තුල දැඩි විශ්වාසයක් තිබිණි.මා පසෙකින් සිහිසුන්ව සිටියේ ජයසිංහයි...
කාන්තාවන් දෙදෙනෙකු පැමිණ කැරළිකාර කණ්ඩායමක් සහිත යානයක් පාලනය කිරීම පිළිබඳව සියුම් ලැජ්ජාවක් හිතට නොදැනුනා නොවේ..... නමුත් දැන් මෙහි බලාසිටීම හැර කරන්නට කිසිත් නැත.මොවුන්ගේ මූලස්ථානයට කෙතරම් දුර ප්‍රමාණයක් ඇත්දැයි පවා නොදැන කිසිදු පියවරක් ගන්නටත් බැරිය.දෑත් සෙලවීමට පවා නොහැකි අයුරින් වෙලා තිබීම නිසා මා හැම අතින්ම පරාජය වී හමාරය...
සේනක පිළිබඳ මතකය එක්වරම මා සිතට පිවිසියේ එවිටයි.ඔහු යානය තුලට පිවිසියේද යන්න මා හට විශ්වාස නැතිමුත් යම්හෙයකින් ඔහු යානය තුල සැඟවී සිටීනම් සෙබළියට එරෙහි වී නැවත පාලනය අප අතට ගැනීමට වැඩි වාසියක් ඇති බැව් මා හට වැටහිණි.එහෙත් ඇගේ ක්‍රියාකාරකම් අධ්‍යනය කරමින් සිටින හමුදා මූලස්ථානය තවත් සෙබලියන් යානය තුලට එවීමට පියවර ගැනීම වැලැක්වීම ප්‍රථමයෙන්ම කල යුතු ක්‍රියාවයි......
*****
සේනක දෑස් විවෘත කර වටපිට බලන්නට විය.තමා සිටිනා තැන පිළිබඳව කිසිදු මතකයක් ඔහු තුල නැති ආකාරයකි.මදක් වේලා නිසොල්මන්ව සිටි ඔහු අපහසුවෙන් නැගී සිටීමට උත්සහ කරන්නට විය.මදක් වේලා උත්සහ කිරීමෙන් පසු ඔහු නැගිට අසල වූ මේසයක් අල්ලාගෙන සමබර වීමට උත්සහ ගත්තේ බිම්ගෙය කඩාවැටීමේදි ඔහුගේ ශරීරයට සිදුවූ තුවාල නිසාවෙනි....
තමා අල්ලාගෙන සිටින මේසය මත ඇති අවිය දෙස ඔහු දෙනෙත් යොමුකලේ මෙවිටයි.අසිහියෙන් මෙන් යානයට නැගගෙන මේ කාමරයට පැමිණි පසු ඔහු සිහිසුන්වූ බව ඔහුගේ මතකයට පිවිසිණි.නමුත් තිබූ නමුත් එම මොහොතේ මේසය මත අවියක් නොතිබුණු බව ඔහුට හොඳහැටි මතකයේ තිබිණි... එම අවිය අතට ගෙන පිරික්සීමට ගත්විට ඔහුට එහි වූ ලාංඡනය දැකගන්නට ලැබුණි.නිසැකයෙන්ම එය හමුදා සෙබලියකගේය...
යානය හමුදා සෙබලියන්ගේ පාලනයට නතුවී ඇතැයි යන්න සේනකට සිතිණි.ඔහු වහා එම අවිය තම අතට ගෙන අපහසුවෙන් ඉදිරියට ගමන් කරන්නට විය.ඔහුට එක්වරම කෑ ගැසීමක් ඇසිණි.නිසැක වශයෙන්ම ඒ අශාන්ගේ කටහඬයි.ඔහු ඉදිරියට යත්ම කවුරුන් හෝ තමා ඉදිරියට පැමිණෙන හඬක්ද ඔහුට ඇසෙන්නට විය.ඔහු වහා අසල වූ කුටියට පිවිසියේය.ඔහු සිටි කුටිය පසුකරමින් ඉදිරියට ගමන් කරන්නට වූයේ හමුදා සෙබලියකි.ඔහු තම අවිය ගෙන ඈව ඉලක්කගත කලද තව කෙතරම් සෙබලියන් යානයේ සිටීද....?? මැය මියැදුණත් අනෙකුත් සෙබලියන් පැමිණ තමාට පහරදෙයිද...??? ඔහු කල්පනා කරන්නට විය.අවසානයේ ඔහු සිය අවිය පහත හෙලුවේ මෙම අවස්ථාවේ හොඳ සැලැස්මක් නොමැතිව සටනට පිවිසීම අනුවණ ක්‍රියාවක් යැයි ඔහුට සිතුනු නිසායි...
මුළු යානයේම පාලනය තිබුනේ කාන්තාවන් දෙදෙනකු අත බව ඔහු නිකමටවත් නොසිතන්නට ඇත....
ඔහු කුටියෙන් පිටතට පැමිණ සෙබලිය පැමිණි දිශාවට ගමන් කරන්නට විය.තමා ගමන් කරමින් සිටින්නේ යානයේ වෛද්‍ය කුටිය වෙතට බව එහි තිබූ සලකුණු වලින් ඔහු වටහා ගත් බවක් පෙනෙන්නට තිබුණි.ඔහු සෙමින් සෙමින් එම කුටිය අසලට පිවිසීමට සමත් විය.කාන්තා කටහඬක් යාන්තමට ඔහුට ඇසෙන්නට විය නමුත් ඇය පවසනා දේ ඔහුට හරියාකාරව නොඇසිණි....
දොර යන්තමින් විවෘත කරගත් ඔහු ඇතුලත සිදුවන දේ බලන්නට උත්සහ කලේය.ඔහුට දැකගැනීමට හැකිවූයේ පුටුවට තබා අත්පා වෙලා ඇති අශාන්ව සහ පසෙකින් බැමි රහිතව වැතිරී සිටින ඔහුගේ නායක ජයසිංහවයි.අශාන් ඉදිරිපිට වූ අසුනේ සිටින කාන්තාවද ඔහුට දැකගැනීමට හැකිවිය.ඔහු සිතූ දේ නිවැරදි යැයි ඔහුට සිතිණි.තව බොහෝ සෙබලියන් යානය තුල සිටින බැව් ඔහු ප්‍රත්‍යක්ෂ කරගත්තේය.
ඔහු දොර අසලින් මෑත්වී බිත්තියට හේත්තු වී සිටින්නට වූයේ බලාපොරොත්තු රහිතවයි.යානයේ සියළු දෙනා මේ වනවිට මොවුන්ගේ සිරකරුවන් බවට පත්ව ඇතැයි ඔහුට සිතිණි.තමන්ට තනිවම මෙම සටන කරන්නට නොහැකි බවත් ඔහුට වැටහිණි.එසේ නම් අවම වශයෙන් අශාන්ව හෝ මුදාගැනීම අත්‍යාවශ්‍යය කරුණකි.මැය තනිව සිටින නිසා පහර දීම පහසු යැයි ඔහුට සිතිණි.ඔහු නැවත දොර හිඩැස වෙතට තම දෑස් යොමුකලේය...
එවිට ඔහු දුටු දර්ශනය ඔහුව බියෙන් තැති ගැන්වීමට සමත් විය.....
ප/ලි
පොටෝව ගත්තේ මෙතනින් http://smhttp.14409.nexcesscdn.net/806D5E/wordpress-live/images/Screen-shot-2011-06-23-at-8.56.47-AM-e1308844675527.png හැබැයි පොඩ්ඩක් විතර එඩිට් කරලා දැම්මේ.
ඊළඟ කොටස දෙන්න සෑහෙන්න කාලයක් යයි.ඒ ගැන අමනාප වෙන එකක් නැතිවෙයි කියලා හිතනවා හැමෝම....
මේක දාන්නත් ගොඩක් කල් ගියානේ..
ReplyDeleteගැමියෝ ඉක්මනට දහං බං..
නියමයි මේ කොටස..
කතාව මුල මැද අග හරියටම සම්බන්ධ කරගෙන ලියන්න ටිකක් කල් ගන්න වෙනවා අයියේ.මේ කොටස ලිව්වෙත් දවස් ගානක් හිතින් අවස්ථා එකින් එක සම්බන්ධ කරලා හිතෙන් මවාගෙන... හදිසියේ ලිව්වොත් කොහේ හෝ අතපසුවීමක් වෙන්න පුළුවන්නේ.මේ තරම් කල් නොගෙන ලියන්නම්කෝ....
Deleteබොහෝම ස්තූතියි අයියේ...
හයවෙනි කොටසට ටිකක් කල ගත්තට පාඩුවක් වෙලා නෑ මලේ. කතාව බොහොම සාර්ථකයි. ජය
ReplyDeleteමම ඉක්මනින් ඉක්මනින් කතාවේ ඉතුරු කොටස් ලියන්න හදනකොට අයියා ඇවිත් දීපු උපදේසේ නිසා තමයි මම කල්පනා කලේ ටිකක් වෙලාව අරගෙන හොඳටම ලියන්න ඕනේ කියලා ඒ වගේම දෙතුන් සැරයක් කියවන්නත් ඕනේ කියලා... කතාව කියවන්න ටිකක් කල් බලාගෙන හිටියත් එයාලට අසාධාරණයක් නොවෙන්න ලියතෑකි එතකොට....
Deleteබොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට....
කුතුහලය ඇවිස්සෙන පරිදි ලියා තිබෙනවා. ලස්සන කතාවක්. දැන් නම් ඊලඟ මොහොතේ මොකක්ද වෙන්නේ කියලා දැනගන්ට හරිම ආසයි.
ReplyDeleteනරක ගෑනු ටිකක්!!! පිරිමින්ට ඔහොමත් ගහනවද හප්පාආආආආආආ....:D
අනේද කියන්නේ පොඩ්ඩි අක්කේ.
Deleteපවූඌඌඌඌඌ නේද?
වඩාත් දියුණු කියැවීමකදි නෙවෙයි, සමාන්‍යය කියැවීමකදී අදාල කතාවේ හෝ ප්‍රබන්ධයේ, සුදු හෝ වීර චරිතයට ආවේශ වී කියැවීමෙන් එය හොඳින් රස විඳින්න පුළුවන්.... :)
Deleteමට පේන විදියට මේ දෙන්නත් අර සෙබලියට ආවේශවෙලා වගෙයි... :D :D
@පොඩි කුමාරිහාමි,
Deleteබොහෝම ස්තූතියි පොඩ්ඩි අක්කේ...
//නරක ගෑනු ටිකක්!!! පිරිමින්ට ඔහොමත් ගහනවද හප්පාආආආආආආ....://
හෑ.... පොඩ්ඩි අක්කද මේ??? පුදුමයි අප්පා...
---------------------------------------------------------
@pramudi,
ඒකනේ අක්කේ.... ඌ පවූඌඌඌ.හැබැයි ඉතින් පොඩ්ඩි අක්කම තමා 5 කොටස කියවලා ඉවරවෙලා කිව්වේ එයා ආසයි කියලා මේ සෙබලිය අත් උස්සන්න කියන කොටසට.....
---------------------------------------------------------
@Sumith Niriella,
ආයෙත් අහලා... ආවේශවෙලාම තමා ඉන්නේ.මේ දෙන්නා අහල පහල ඉන්න කොල්ලන්ට සෑහෙන්න පරිස්සම් වෙන්න වෙයි වගේ...
අනේ සෑහෙන කාලයක් ගන්න එපා ගැමියෝ..
ReplyDeleteසතියකින් විතර අනිත් කොටසත් දාන්න ඉතින්
ම්ම්ම් සතියකින් විතර දෙන්න පුළුවන් වෙයි අක්කේ... බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට
Deleteමොකෝ අප්පා මෙච්චර කල් ගියේ කතාව දාන්න ?
ReplyDeleteමොනවා උනත් අදත් කතාව සුපිරියි ....
පොඩි වැඩ කිහිපයක් නිසාත්,කතාව සෑහෙන්න හිතලා ලියන්න වෙච්චි නිසාත් තමයි මේ තරම් කල් ගියේ.... බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට.... අදහසක් තියෙනවා මේකෙ කොටස් ටිකක් එකදිගට දාන්නත්.... බලමුකෝ වෙලාව ලැබෙන විදියට...
Deleteකොහෙ හරි අතුරුදහන් වෙලා හිටියද සහෝ හ්ම්ම්..
ReplyDeleteඅනේ මන්ද ඔයාල කොහොම මේ කතා ලියනවද කියලා..මට නම් කොටස් යන ඒවා ලියන්න හරි බයයි වගේ..මොකද දෙවැනි කොටස ලියද්දි පලවෙනි කොටස මතක නැහැ නේ.. හි හි..
හරි අපූරුවට ලියල..
ජය!
හපොයි නෑ.... හදිසියට ලියන්න බෑනේ අක්කේ කලින් ලියපු කොටස් සේරමත් කියවලා අවස්ථා ගැලපෙන විදියට ලියන්න එපැයිනේ නැත්තම් කියවන අයගේ කාලය අපරාදෙනේ.... මටත් එහෙම අප්සට් තියෙනවා අක්කේ.මුලින් ලියපු කතා දෙක තුනකම එහෙම වුනා.... හැබැයි දැන් එහෙම නොවෙන්න සෑහෙන්න උත්සහ ගන්නවා.අඩුපාඩු වෙන්න පුළුවන්.
Deleteබොහෝම ස්තූතියි කොමෙන්ටුවට... ඔබටත් ජය!
මම මේ දිනවල අධික වැඩ නිසා බ්ලොග් කියවන්නෙත් නැහැ. ඒත් මගේ ඉන්බොක්ස් එකේ මේ ලිපිය දුටු විට වහාම බැලුවා.
ReplyDeleteමට කියන්න තියන්නේ ඔබ ගැන මට හරිම සතුටුයි. මේ තවත් දිනක අපේම විද්‍යා ප්‍රභන්ධ ලේඛකයෙක්ගේ ආරම්භය වගේ.
නිසැකවම...!
Delete@වෙද ගෙදර මහ වෙදනානෙනි,
Deleteකොහොම ස්තූති කරන්නද කියලා හිතාගන්න බෑ මහවෙදනානෙනි.ඔබතුමා වගේ කෙනෙක් මෙහෙම ඇවිදින් කොමෙන්ටු දානකොට හිතට පුදුම ශක්තියක් සතුටක් දැනෙනවා.... ලේඛකයෙක් උනෝතින් ඉතින් ගෞරවය හිමිවෙන්න ඕනේ මගේ ලිපි කියවන හැමෝටම තමයි.විශේෂයෙන් මගෙ වැරදි පෙන්නලා ධෛර්යමත් කරන ඔබතුමාටත් සුමිත් අයියටත්... අනෙක් හැමදෙනාටමත්.
බොහෝම ස්තූතියි ඔබේ කොමෙන්ටුවට....
------------------------------------------------
@සුමිත් අයියේ,
ස්තූතියි ස්තූතියි අයියේ...
අද කොටස විශිෂ්ටයි.
ReplyDeleteපොඩි මිස්ටේක් එකක්නම් අහුවුනා, ඒත් ඒක ගණන් ගන්න දෙයක් නෙවෙයි.
ජය.....!!!
බොහෝම ස්තූතියි ඔබේ කොමෙන්ටුවට.... මේ කොමෙන්ටු නිසා තමා ලියන්න ආසා හිතෙන්නේ.මම ගොඩාක්ම සතුටු වෙන්නේ මගේ වැරදි පෙන්නලා දෙනවනම් තමයි.මොකද ඒ වැරදි හදාගෙන ඉදිරියට යන්න මම ආසයි....
Deleteඔබගේ සහ මහ වෙදනාගේ පැමිණීම පවා මට සතුටක්....
මේ කොටසත් නියමයි ගැමිය මල්ලි.
ReplyDeleteඉතුරු ටිකත් ඉක්මනින් දාන්න.
බොහෝම ස්තූතියි අයියේ... හැමදාමත් වගේ ඔයා ඇවිත් කියවලා කොමෙන්ටුවක් දාන එක ගැන මට ගොඩක් සතුටුයි.
Deleteකතාව ලියන්ඩ සෑහෙන කල් ගත්තා නෙව !
ReplyDeleteනියමයි නියමයි !
සති දෙකකට ආසන්න කාලයක් ගියා මං හිතන්නේ.... එක කොටසකින් නවත්තන්න හිතාගෙන ආපු මේ කතාව මේ තරම් දුර ගෙනියන්න පුළුවන් වෙයි කියලා මමවත් හිතුවේ නෑ....
Deleteබොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට... සතුටක් ඔයත් නිතරම මේ පැත්තේ එන එක ගැන.ඊළඟ මාසේ පහුවෙනකන් වැඩිය පෝස්ට් කියවන්න බැරිවේවි තරහ නොවනු මැන...
elanga ekath ikmanatama damu
ReplyDeleteඋපරිම උත්සහය දෙන්නම් අවතාරේ... බොහෝම ස්තූතියි මේ පැත්තේ ඇවිදින් කොමෙන්ටුවක් දැම්මට..
Deleteපහුගිය ටිකේ අඩුවෙන් බ්ලොග් කියවපු හින්දා මට 5වෙනි කොටස මගහැරිලා.. අදත් මේ කථාව හින්දම ගොඩ වැදුන හින්දයි දැක්කෙ කොටස් දෙකක්ම කියවන්න තියනවා කියලා
ReplyDeleteඅඩුවක් කියන්න දෙයක් නෑ මලේ.. 1වෙනි කොටසෙ ඉඳන්ම අපූරුවට ගලාගෙන යනවා. වචනයක් වචනයක් ගානේ කුතුහලය අලුත් වෙනවා..මට හිතෙන්නෙම ඉංග්‍රීසි චිත්‍රපටියක තිර පිටපතක් කියවනව කියලමයි.. ඒතරමට මේ කථාව සුපිරි
කොහොම උනත් සෑහෙන කාලයක් රස විඳින්න පුලුවන් වෙයි වගේ.. මෙගා එකක් කරනවනම් හුඟාක් කැමතියි.. ( පළවෙනි වතාවට බ්ලොග් අවකාශයෙන් මෙගා එකක් ඉල්ලුවෙ ඈ )
මේක කියවද්දි අෂාන්ගෙ චරිතේට ආරුඩ වෙලා කියෙව්වහම මාර විදියට කථාව විඳින්න පුලුවන්..
සුභ වේවා, ජය වෙවා, කොටස් 100ක්වත් ලියන්න ලැබේවා.. අවසානයේ මේ කථාව නවකථා පොතක් ලෙස කියවන්නට අපිට වාසනාව ලැබේවා
කාරි නෑ කාරි නෑ... හිමින් සැරේ ඇවිත් කියවන්න අයියේ.කියවලා සන්තෝස වෙනවනම් මට එච්චරයි ඕනේ.
Deleteඅනේ අම්මෝ මෙගා එකක්?? මගෙ තොල කටත් වේලිලා ගියා ඒක ඇහුවම.... කොටස් 20ක් 21ක් විතර තිබ්බොත් මදිද ඈ...
මම මේක ලියන්න කලින් දවස් තුන හතරක්ම අශාන් විදියට මේ ගැන සෑහෙන්න කල්පනා කරලා සිද්ධිය හිතේ මවාගන්නවා නැත්තම් ලියන්න අමාරුයිනේ... කතා පොතක් කරන්න තරම් සෑහෙන්න පිටු ගනනක් ලියවෙයිද දන්නෑ.ලියවුනොත් බලමුකෝ හොඳේ...
බොහෝම ස්තූතියි අයියේ ඔයාගේ දිගම දිග කොමෙන්ටුවට... බ්ලොග් එකක් ලියන කෙනෙක්ට කොමෙන්ටුවක් කියන්නේ හොඳ තල්ලුවක් කියන්නේ නිකන්යැ... මෙහෙම කොමෙන්ටු කියවද්දි මාර සතුටුයි...
මේක අතිශයෝක්තියක් නෙවෙයි මලේ.. හදවතින් බුර බුරා නැග ආපූ අදහසක්
Deleteඇත්තමයි අයියේ මට හිතුනෙම නෑ අතිශයෝක්තියක් කියලා... මට ඇත්තටම සතුටක් දැනුනා.මම හිතුවේ නෑ මෙච්චරවත් ලියන්න පුළුවන් වෙයි කියලා.කොටස් සීයක් කියන්නේ හීනයක් වගේ.හැබැයි අභියෝගය බාරගෙන අඩුම ගානේ කතාව පිළිවෙලට ඉවරවෙනකන් ලිව්වොත් පොතක් කරගන්න බැරි නෑ තමයි.බොහෝම ස්තූතියි අයියේ... නැවත නැවතත් අගය කරන්න වටින කොමෙන්ටුවක්.මෙහෙම දෙයක් කියෙව්වම ඇතිවෙන හැඟීම ඔයත් දන්නවා ඇතිනේ.... පොතක් ලියයිද දන්නෑ හැබැයි ලිව්වොත් ඔයාට ලියන හැම පොතක්ම දෙන්න වටිනවා.මාව දිරිමත් කරපු හැමෝටම ඒ තෑග්ග දෙන්න ශක්තියක් ලැබුනොත් මම මාර ආසයි...
Deleteelama thamai gamiya. mare maru.
ReplyDeleteබොහෝම ස්තූතියි මචං කොමෙන්ටුවට...
Deleteපරක්කු නොවී ඉතුරු කොටසත් ඉක්මනට දාන්න මල්ලි.
ReplyDeleteවැඩිය කල් නොගෙන දාන්න උපරිම උත්සහයක් දෙන්නම් අක්කේ... බොහෝම ස්තූතියි කොමෙන්ටුවට
Deleteබ්ලොග් කියවිල්ල අඩු කරලා තිබුනත් මේක කියවන්න ආවා. නියමයි ගැමියෝ :))
ReplyDeleteබොහෝම ස්තූතියි රෙපා අයියේ තකහනියක්ම ඇවිත් කියවලා කොමෙන්ටුවක් දැම්මට... ඒක නෙමේ මක්කැයි වුනේ එකපාරටම??
Deleteනියමයි ගැමියා.. උපරිමයි.. කුතුහලය වගේම කියවන්නා රඳවා තබාගන්න විදි ගැන දකිද්දී ආසා හිතෙනවා... ජයවේවා!!!
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ.... ඔයාගේ අත්භූතජනක ගුප්ත ලියැවිලි වගේ තමයි.කුතුහලය දකිනකොට ඒ ගැන නොසොයා යන්න කාටවත්ම හිතෙන්නේ නෑනේ... ජය වේවා!!
Delete//“ඔයාගේ හිත පාට නොකරපු චිත්‍රයක් වගේ තිබුනේ අශාන්.ඕනම කෙනෙක්ට පුළුවන් ඒ චිත්‍රය පාට කරලා වෙනස්ම නමක් දෙන්න.//
ReplyDeleteඋබටත් ආදරනීය හැගීම් එනවනේ අම්මපා..
වෙනදත් වගේ හොදා හොදා... කලින් එක හදිස්සියෙ වගෙ බලපු නිසා මේ කොටස මට අපැහැදිලි වගේ.. :(
හි හි ඕකට සමාන කතාවක් මීට අවුරුදු හතරකට පහකට කලින් අපේ චිත්‍ර මිස් කිව්වා..
Delete"චිත්‍රයක නියම අදහස ගන්න පුළුවන් ඒකේ පාටවලින්.දුක හඟවන්න වෙනම පාට තියෙනවා.ඒ වගේම සතුට හඟවන්න වෙනම පාට තියෙනවා.චිත්‍රයේ අදහස තේරුම් ගන්නේ පාට වලින් මිසක් ඒකේ ගහන නමින් නෙමෙයි..."
ඔන්න ඕක මට සෑහෙන්න මතක හිටියා.මොකද එයා කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඇඳලා ඒක අඳුරු පාට වලින් පාට කරලා ඒ විදියටම ඇඳපු තවත් චිත්‍රයක් දීප්තිමත් පාට වලින් පාට කලා.එතකොට තමයි අපිට තේරුණේ මේ වර්ණ කොයිතරම් වැදගත්ද කියලා....
බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට.... අපහැදිලි වුනේ මගේ ලිවීමේ අවුලක් වෙලාවත්ද ඈ? ම්ම්ම් ඒ ගතිය හදාගන්න උපදෙසක් දෙන්න පුළුවන්නම් සෑහෙන්න වටී...
එල ගැමියෝ... අනේ ටිකක් ඉක්මනින් දාපන්... නැත්තම් කලින් කොටස් අමතක වෙනවා.. ඇල්සයිමර්ද මංදා... හැක් හැක්..
ReplyDeleteගිය කොටසෙ සේනක නිකන් අමුතු වුනා නේද ? එතකොට දැන් ආයෙ මොකද කරන්ඩ යන්නෙ ?
හරි අයියේ මම සතියක් ඇතුලත කොටසක් දාන්න උපරිම උත්සහයක් දෙන්නම්...
Deleteඇල්සයිමර් වචනය ඇහෙද්දි මතක් වෙන්නේ ඔබා මාමාව... :(
ගිය කොටසේ සේනකව අමුතු කෙරෙව්වේ වෙනත් අපේක්ෂාවකට.තාම ඒ අපේක්ෂාව ඉටු කරගන්න අවස්ථාවක් ආවේ නෑනේ ලියද්දි.... ඉදිරියෙදි අවස්ථාවක් ගන්න උත්සහ කරන්න ඕනේ...
(අමතක වුනා කිව්වට මේ ගානට මතකෙ තියාගෙන ඉඳලා තියෙන්නේ..)
මට නම් මේ කතාව දන්නෙම නෑ.. මේ ලෝකෙට එවෙන්නෙත් සති දෙකකට විතර පස්සේ... සොරි මල්ලි... අතරින් පතරේ දැක්ක ටෙලිපෝට් කියල වචනයක්... ඒ මොකක්ද ඒ?
ReplyDeleteමේ කතාවේ සාරාංශයක් ඊළඟ කොටසට දැම්මනම් හොඳයි වගේ නේද.... ඔයාගේ පෝස්ට් එකකින් තමා මේ කතාව ලියන්න අදහස ආවේ.
Deleteටෙලිපෝට් කියන්නේ එක තැනක ඉඳන් තවත් තැනකට ගමන් කිරීමේ තාක්ෂණයක් හැබැයි ඒ ගමන වෙන්නේ ඇසිපිය හෙලන වේගයෙන්.බොහෝ විට එකතැනකින් අතුරුදහන් වෙලා තව තැනකින් මතු වෙනවා වගේ කේස් එකක්...
මේ වගේ සිද්ධි තියෙන ෆිල්ම් කීපයක්ම තිබුනා.අසරණයා අයියා කියලා තියෙන "ජම්පර්" කියන ෆිල්ම් එක තමා හොදම උදාහරණය...
බොහෝම ස්තූතියි අක්කේ සෑහෙන කාලයක් ගිහින් හරි මේ පැත්තට ගොඩවැදුණට...
කට්ටියම ගුවනේදිම විනාශ වෙයි වගේ.
ReplyDeleteහපොයි එහෙම කරලා බෑනේ... එතකොට අපරාදෙනේ මේ මහන්සිය අශාන්ලගේ.... කොහොමහරි නිරුපද්‍රිතව කොහෙට හරි ගොඩබස්සන්න ඕනේ... නැත්තම් කතාවේ ගතියක් නැතිවෙයි නේද??
Deleteබොහෝම ස්තූතියි ඔබේ කොමෙන්ටුවට..
වෙනද වගේම නියමයි මල්ලී.. ඉතිරි කොටසත් ඉක්මනටම දාපන්.. නැත්තම් මේක අමතක වෙනවා..
ReplyDeleteසෑහෙන්න උත්සහ කරන්නම් අයියේ හැකි ඉක්මනින් දෙන්න.... බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට...
Deleteකලින් කතාවේ කොහොමද මම ගෙස්ට් කළා. ඒ කටහඬ කාගේද කියලා.
ReplyDeleteඅද කතාව නියමයි ආශාන්ට ගැහුවා නේ ඒ කෙල්ලෝ දෙන්නා. කෙල්ලෝ ගැහුවාම අන්න එහෙම තමා ඉන්න ඕනේ. රිදුනත් නෑ වගේ. ඉස්සර අපේ අක්කා ගහද්දීත් එහෙමයි මම හිටියේ.
අක්කා ගහනව වගේද බන් මේ කොහෙවත් ඉන්න කෙල්ලො දෙන්නෙක් අත දිගෑරල කම්මුලට ගහනකොට..අනාතයි...
Deleteසෙන්නා = ලපටි අත පය වලින් ගහද්දි ....
Deleteගැමියා = මම බැලුවා අර උඹේ ගැජට් ඒක තියෙන (ටෙලිපෝර්ට් ) ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම "ජම්පර්." එකේ තියෙන්නේ හිතන තැනට යන්න පුළුවන් අතේ තියෙන ගැජට් එකෙන්.
අසරණයා අයියේ,
Deleteමම හිතාගෙන හිටිය විදියටම අනුමාන කරලා තිබ්බා සෑහෙන්න සන්තෝසයි ඒ ගැන... මම හිතුවේ නෑ කවුරුවත් එහෙම අනුමාන කරයි කියලා මොකද මේ යානය අහසෙ ගමන් කරමින් තිබුන නිසා... මරු ඈ
අක්කා වගේ යෑ මේ හමුදා සෙබලියක්නේ.... මෙහෙම අතකින් පාරක් කනකොට හොදි ඕනේ නැතිවෙයි හි හි
--------------------------------------------------------
@සෙන්නා අයියේ,
අනාතයිදත් අහනවා හි හි
--------------------------------------------------------
@අසරණයා අයියේ,
හොඳ ලපටි අතපය මෙයාලගේ...
ඇත්තමයි ඔයාගේ කොමෙන්ටුව දකිනකන් ඒ ෆිල්ම් එක ගැන කිසිම මතකයක් ආවේ නෑ.මගේ අදහස තිබ්බේ අර x-man ෆිල්ම් එකේ ඉන්න නැට්ටක් තියෙන ටෙලිපෝර්ට් වෙන මිනිහව... එයාට හිතෙන ඕනෙම තැනකට යන්න පුළුවන්නේ...
ජම්පර් ෆිල්ම් එකේ නම් ඒ වෙනම ජීවියෙක් විශේෂ හැකියාවක් තියෙන.ඒ වගේ ජීවින්ව මරාදමන සංවිධානෙකුත් ඉන්නවනේ ඒකේ.මං හිතන්නේ කිසිම උපකරණයක් නෑ ඒකේ.ඒ වගේම ඒකේ පොටෝවක් දිහා බලලා ඒ තැනට යන කේස් එකකුත් තිබ්බා වගේ මතකයි....
බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට...
බලං ඉන්න නොවැ අමාරු..
ReplyDeleteඒ වුනාට ඉතින් ටිකක් ඉවසන්න හොඳේ... ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කියලත් කියනවනේ.... බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට
Deleteඅර කිව්වත් වගේ නියමයි ඈ. අර චිත්‍ර කථාවනම් එල. මොනවා නමුත් කෙල්ල ඇත්ත කියලා තියෙනවා
ReplyDeleteඒ කතාව මම නිර්මාණය කරගත්තේ අපේ ටිචර් කෙනෙක් කියපු කතාවකින්... සැමා අයියට දාපු පිළිතුරු කොමෙන්ටුවේ විස්තරේ ඇති... බොහෝම ස්තූතියි මචෝ කොමෙන්ටුවට
Deleteකතාව හරිම සංකීර්ණ වේගෙන එන්නේ. හරියන්නේ නෑ ඔක්කොම හිමින් සැරේ කියවන්න වෙනවා. නරකද ගැමි මල්ලි මේකේ PDF එකක් හදල UPLOAD කලානම්...මට නම් දැන් කතාවේ සමහර කොටස් අමතක වෙලා. එතකොට එක පාරම කියවල ඉවරයක් කළහැකි. මල්ලිගේ හැකියාව ගැන මම මෙතැනිදී කතාකරන්න යන්නේ නෑ. ඒක මම හොඳට දන්නවා. ජය වේවා !!!
ReplyDeleteඒක හොඳ අදහසක් අයියේ... ඒ වැඩේ කරන්නම්කෝ බ්ලොග් එකට අප්ලෝඩ් කරන්න පුළුවන් වෙයිද දන්නෑ වෙන මොකක් හරි ක්‍රමයක් බලන්න වෙයි සමහරවිට.බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට....
Deleteමේ අඩුපාඩුව මගඅරින්න ඊළඟ කොටසට පොඩි සාරාංශයක් දාන්නත් හිතුවා.මම හිතන්නේ ඒක හොඳ වෙයි...
ඒ මොකද ගැමියා, ඊ ලඟ කොටසට කල්යන්නෙ? අධ්‍යාපන වැඩද? ඔක්කොටම ඉස්සෙල්ලා ඒක කරගෙන ඉන්න. අපි බලාගෙන ඉන්නම්. Education first!
ReplyDeletehenryblogwalker the Dude
අධ්‍යාපනික වැඩ ටිකක් නිසා නම් තමයි ඩුඩි අයියේ.... හැබැයි එහෙම පරක්කු වුනත් වෙලාවක් ලැබුන ගමන් කතාවේ කොටස් පුළුවන් තරම් ලියලා එකදිගට දාන්නයි හිතාගෙන ඉන්නේ...
Deleteබොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට...
ඔක්කොම ආයෙ බලන්නම්..මට කීපයක් මිස් උනානෙ...
ReplyDeleteහිමින් සැරේ බලන්නකෝ එහෙනම්.... හදිසියක් නෑ ඊළඟ එකට ටිකක් කල් යන නිසා අවුලක් වෙන එකක් නෑ... කොහොමත් ඊළඟ කොටසට සාරාංශයකුත් දාන්නයි හිතාගෙන ඉන්නේ...
Deleteබොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට...
වෙනදා වගේම අදත් හොදට ලියලා තියෙනවා.. ඊලග කොටස ඉක්මනට දාන්න...
ReplyDeleteඉක්මනින් කියන්නේ ලියපු ගමන් දාන්න උපරිම උත්සහ කරන්නම්කෝ අයියේ.... බොහෝම ස්තූතියි කොමෙන්ටුවට....
Deleteඔක්කොම එකපාර බලන්න ඕනේ නිවාඩු දවසක...ජය !!!
ReplyDeleteහිමින් සැරේ ඇවිත් බලන්නකෝ අයියේ ඊළඟ කොටසට තව ටික කලක් යාවිනේ.... බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට....
Deleteවෙනදා වගේම එළ ඈ.....
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට....
Deleteහ්ම් හැමදාමත් වගේ ලියවිල්ලනම් සුපිරි,ඒත් ඉතින් කොටස් දාන්න පහු වෙන එක තමා වැඩේ
ReplyDeleteබොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට.... ටිකාක් විතර ඉතින් පරක්කු වෙනවා මේක හිතලා ලියන්නත් එපැයිනේ.... ටිකක් විතර ඉවසා ඉන්න ඉතින්.ඉවසීමෙන් සැනසීම ලැබේ කියනවනේ....
DeleteSo the answer is......
ReplyDeleteEvery man who passed grade 8,can understand this.
if u look at this like you looking at your own shit... yeah it's nothing more than "shit"
it's what you see... i can't force you to understand the things that you can't even see...
anyway thank you for the comment.next time be a man to point my mistakes first and then tell what you think.
හයියෝ මේ පොස්ට් එක මට ඕල්මොස්ට් මිස් වෙලා නේ :(
ReplyDeleteනියමයි ගැමියෝ. මොනවයින් මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ. බලමුකෝ ඊ ළඟ කොටසත්. ඇත්තටම මොකෝ අර වෛද්‍යවරිය එතනට ඇවිත් තියෙන්නේ
ඕං අක්කට උත්තර හම්බුවෙන්න ඇති කියලා හිතනවා අළුත් කොටසත් දැම්මනේ කාලෙකින්... බොහෝම ස්තූතියි අක්කේ ඇවිත් කියෙව්වට..
Deleteඊළඟ එක ඉක්මනට, පස්සේ මෙතන මම නරක මිනිහ කියන්න එපා...
ReplyDeleteහපොයි චුට්ටිත්තක් විතර පරක්කු උනානේ අයියේ සමාව දෙන්ඩෝ... ඊළඟ කොටස් ඉක්මනින් දෙන්නම් හොඳේ... බොහෝම ස්තූතියි ඈ
Deleteවිභාගෙන් පස්සේ ඉතිරිය දාපන්! කතාව වටේට සිද්ධි ටික වෙලෙන ගතියක් දැනෙනවා. සමහර තැන් සිදු විය නොහැකියි කියලා හිතන තරම් ම. ඒ ගැන ටිකක් හිතන්න..
ReplyDeleteජය වේවා!!
බොහෝම අගය කරනවා ඔබේ කොමෙන්ටුව... සිදු විය නොහැකි තැන් ගොඩක් ඇති ඉතින් පුළුවන් තරම් ඒ ගතිය නැති කරන්න උත්සහ ගන්නම් ඉදිරියෙදි... කතාව තුල මුණගැහුණු හැම චරිතයක්ම අවසාන මොහොත වෙනකන් සම්බන්ධ කරගන්නයි ඉන්නේ....බොහෝම ස්තූතියි මචෝ කොමෙන්ටුවට
Deleteවිභාහගේ කවදද ඉවර වෙන්නේ ?
ReplyDeleteඕං ආයෙම බ්ලොග් ලෝකෙට පය ගැහුවා...
Deleteවිභාගෙ ඉවරුනාම දාන ලිපිය බලන්න බොහෝ කැමැත්තෙනුයි සිටින්නේ
ReplyDeleteදැම්මෝ දැම්මෝ...
Deleteමල්ලියෝ... පාඩම් වැඩ, විභාගෙ ඉවරදෝ...
ReplyDeleteඅපිට කතාව ඕනෝ.... :D :D
ඊයේ බ්ලොග් එක සුද්ද පවිත්‍ර කරලා දාන්න ආවාම දැක්කෙ අක්කගෙ කොමෙන්ටුව තමා.මටත් හිතුනා කොහොමහරි ලියලා දාන්න ඕනේ කියලා... ස්තූතියි අක්කේ
DeleteThis comment has been removed by the author.
ReplyDeleteikmanata 7wani kotasath danna!!!!!!
ReplyDelete