Monday, February 13, 2012

ඔයාගේ යාළුවට කැන්සර් එකක් තියෙන්නේ....


“ඔයාගේ යාළුවට කැන්සර් එකක් තියෙන්නේ....එක පාරටම මේ ගැන එයාට කියන්න එපා හිමින් සැරේ හිත හැදෙන විදියට කියන්න අපි මෙයාව සනීප කරගන්න බලමු...හැඟීම්බර වෙන්න එපා පුතා යාළුවා වෙනුවෙන් මේ දේ ඔයා කරන්න ඕනේ.මේ වෙලාවේ එයා හිත දුර්වල කරගත්තොත් අපිට තියෙන සුළු අවස්තාවත් මග ඇරෙන්න පුළුවන්”

ඉන් පසුව ඇති වූ නිහඬතාව බිඳින්නට වෛද්‍යවරයාද අපොහොසත් විය.වෙනදාට එකා පසු පස එකා බැගින් ප්‍රතිකාර කරන වෛද්‍යවරයා පවා අද ඒ ගැන තැකීමක් නොමැතිව පසුවෙන්නේ ඔහුටද මේ පිළිබඳ දුකක් ඇතිවායින් යැයි පැහැදිලිය.මගේ යාළුවට පිළිකාවක් කියලා මම කොහොමද එයාගේ හිත නොකඩා කියන්නේ හැඬුම් හිර කරගනිමින් නැවත වෛද්‍යවරයා දෙස බැලුවේ අවසාන මොහොතේ හෝ මට වැරදුනා යැයි පවසනු ඇතැයි බලාපොරොත්තුවෙන්.

“ඩොක්ටර් ඒත් ඇයි මෙහෙම වුනේ එයා එහෙම නරක විදියට හැසිරුණු කෙනෙක් නෙමෙයිනේ”

“ඒක තමයි පුතා මටත් තියෙන ප්‍රස්නේ මේක හරිම බැරෑරුම් දෙයක් මුල ඉඳන් හැමදේම හොයන්න වෙනවා”

“මම ගිහින් එන්නම් ඩොක්ටර් බොහෝම ස්තූතියි මම මේ ගැන හොයලා බලන්නම්”

අසුනෙන් නැගිට පිටතට යෑමට කල්පයක් ගතවේ නම් කොයිතරම් දෙයක්ද.මොනාද මම මදුරංගට කියන්නේ.

“එරා මචං මට ඇත්ත කියහන් ප්ලීස් උඹව තනියෙන් තියාගෙන ඩොකා මොනාද කිව්වේ මාව සනීප කරන්න බෑ කිව්වද උඹ මගේ හොඳම යාළුවා නම් මට කිසි දෙයක් හංගන්න එපා හරිද”

“උඹ බය නොවී ගෙදර යමංකෝ බං මට උඹෙන් දැනගන්න දේවල් ටිකක් තියෙනවා ඒවට උඹ අවංකව උත්තර දුන්නොත් මම උඹේ ප්‍රස්නෙට උත්තර දෙන්නම් දැන් බය නොවී ගෙදර යමං.මෙහාට දියං යතුර”

                                                ~~~~~~~~~~~~~~~~~~

“නෑ බං නෑ නෑ මම එහෙම කරනවද බං උඹට කොහොමද දිවුරන්න ඕනේ මගේ ශෂී පල්ලා අඩුගානේ මම ඒකි එක්කවත් ඉඳලා නෑ බං උඹ දන්නවනේ මම කොච්චර ඒකිට ආදරෙයිද කියලා මේක වෙන්න බෑ බං මේක වෙන්න බෑ”

“ඒත් මදුවෝ උඹට මේක හැදෙන්න වෙන කිසිම හේතුවක් වෙන නෑනේ උඹ ලේ දුන්නේත් නැත්තම් කෙල්ලෙක් එක්ක හිටියෙත් නැත්තම් කොහොමද මේක වෙන්නේ උඹ හීනෙන් බඩු ගැහුවට මේවා වෙන්නේ නෑනේ ඇත්ත කතා කරහන් මචං හැමෝම අමාරුවේ දාන්න එපා”

ජනේලෙන් ඉවත බලාගෙන ඉකි ගසන මදුරංග දෙස බැලීමත් මට වේදනාකාරි දර්ශනයක්.පැටලුණු නූල් බෝලයක් ලිහීම මේ තරම් අමාරු නොවෙනු ඇති.

“එරා......”

“කියහන් කොල්ලෝ උඹ මට නොකියන දෙයක් නෑනේ”

“මම ශෂී එක්ක අන්තිමට ෆිල්ම් එකක් බැලුවේ සති දෙකකට කලින්”

“ඒක වැඩක් නෑනේ බං මෙතන්ට උඹ හදන්නේ ආයේ උඹට ඒකි එක්ක හෝල් ගානේ රිංගන්න ඕනේ කියලද “

“අනේ නෑ බං මං කියන දේ අහපන්......එදා මායි ශෂීයි එක්ක කවින්දයි උගේ කෙල්ලයිත් ගියා.අපි යද්දි ටිකක් පරක්කු වුනා කළුවරේ අත ගගා ගිහින් ඉඳගන්නකොට සීට් එකේ තිබිලා මොකක් හරි ඇණුනා බං”

හිඳ සිටි අසුනින් ඉද්ද ගැසුනාක් මෙන් මා නැගී සිටියේ විය හැක්කේ කුමක්දැයි අනුමානය කරමිනි ඒත් මෙය සත්‍යයක් නම් කවින්දට හෝ කෙල්ලටවත්.....???

“කවින්දයටත් ඇනිලා තිබුනා බං පොඩ්ඩක් ඌට කතා කරලා බලහං “

මේ වන්නේ කුමක්දැයි මටද හිතාගත නොහැක.අවසානයේ හොරෙන් ෆිල්ම් බැලීම මෙතරම් පාපකර්මයක් වු හැටි.
                                                           
                                                            ~~~~~~~~~~~~~

“මේක කරපු එකාට හොඳක් වෙන්නේ නෑ යකෝ ආයේ එකෙක්ටවත් ඔය හෝල් එකේ ෆිල්ම් එකක් බලලා යහතින් යන්න දෙන්නේ නෑ මගේ ජීවිතේම ඉවරයි...”

“කවින්ද මට තේරෙනවා උඹ ඉන්න වේදනාව ඒත් මොනා කරන්නද බං අපේ වෙලාව තමයි මම එදා ටිකක් කලින් ආවානම් මෙහෙම වෙන්නේ නෑනේ.ඒත් බං උඹ පව් පුරෝගන්න එපා ඔතන්ට එන්නේ අපි වගේම අහිංසකයොනේ බං එදා අපි එද්දි නැගිටලා ගියපු එකා වෙන්න ඕනේ ඕක කරන්න ඇත්තේ ඒත් ඌ ආයේ එන එකක් නෑ එතන්ට.උඹට ඕනේ ඌ කරපුවම කරලා අපි වගේ තව අහිංසකයොන්ව අමාරුවේ දාන්නද.ටිකක් හිතහන් බං”

“මදුවෝ මේ උඹේ බණ තියාගනින් මට මොනා වෙන්නද යකෝ මම කොහොමත් දැන් මැරෙන එකා මම මැරෙන්නේ තනියම නෙමෙයි තව දුසිමක්වත් මරාගෙන මැරෙන්නේ.උඹ බණ කිය කිය හිටහන්”

කවින්දගේ සහ මදුරංගගේ සංවාදය අසා සිටිනු හැර මට කල හැකි වෙන කිසිත් නැත.කල හැකි පිළියමක්ද මා නොදනී.මට කල හැක්කේ හැකි උපරිමයෙන් උදව් කිරීම පමණකි.මදුරංග ගැන මගේ හිතේ සෑහෙන පැහැදීමක්ද ඇති වුනි.

                                                      ~~~~~~~~~~~~~~~~~
                                               
“ශෂී ඔයා දන්නවද පැටියෝ මම ඔයාට කොයිතරම් ආදරෙයිද කියලා...... මම දන්නවා ඔයාට මම නැතිව ඉන්න ගොඩක් අමාරු වෙයි ඒත් මැණික මට තව වැඩි කාලයක් නෑ ජීවත් වෙන්න මම පණ තියෙනකන් ඔයාව ආරක්ෂා කරන්නම් ඒත් මැරුණට පස්සේ මාව අමතක කරන්න.ඔයා දුක්වුනත් මොනා කලත් ආයේ මට ඔයාගේ කඳුලු පිහින්න එන්න වෙන්නේ නෑ.කල්පනා කරලා වැඩ කරන්න පැටියෝ මොන දේ උනත් අන්තිමට ඔයාට අම්මා තාත්තා ඕනේ වෙනවා ඒ දෙන්නගේ හදවත් රිද්දන්න එපා.”

“අනේ මදුරංග අනේ මාව දාලා යන්නේ නෑ නේද අනේ කියන්න මාව දාලා යන්නෑ නේද ඔයාට යන්න බෑ ඔයාට බෑ මදූ ඔයාම කිව්වා නේද මාව අඬවන්නේ නෑ කියලා ඇයි රත්තරන් මෙහෙම නපුරු කතා කියන්නේ”

“බොරු නෙමේ ශෂී පැටියෝ මේ ටික පරිස්සමෙන් ගිහින් කියවන්නකෝ මෙතන තියෙනවා මගේ ලෙඩේ ගැන ඩොක්ටර් දීපු රිපෝට්ස් ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි.මට පුළුවන් පැටියෝ මැරෙන්න දැන් වුනත් ඒත් එහෙම නොකරන්නේ මට ඔයාව ඇස් පියවෙන අන්තිම මොහොතේ හරි දැකගන්න ඕන නිසා....මම බයයි මම මැරෙනකොට මගේ හදවතේ ඉන්න පුංචි කුමාරිට රිදෙයි කියලා ඒ නිසයි මම දුක්විඳලා මැරෙන්න තීරණය කලේ අද අන්තිම රිපෝට් එක එනවා පැටියෝ.මම අන්තිම හුස්ම පොද ගන්නෙත් ඔයා මතක් කරලා ඒ වෙලාවට මගේ ළඟින්ම ඉන්න මට ඒ හොඳටෝම ඇති”

“මං ඔයාට ගොඩක් ආදරෙයි මදූ අනේ අද දවසම මාත් එක්ක ඉන්න”

අනෝරා වර්ෂාව මැද ගසක් මුල ගුලි ගැහී සිටි පෙම් යුවල දුටු ඇතැම් වැඩිහිටියෝ නොපහන් සිතින් ඔවුන් දිහා බලමින් ගිය නමුත් වෙනදා කුලෑටි ලැජ්ජාශීලි ශෂී එය තඹේකට මායිම් නොකලාය.ඇයට අවශ්‍ය වූයේ තමාගෙන් වෙන්වී යෑමට සැරසෙන තමන් සතු එකම වස්තුව හැකි වීර්යෙන් ගුලිකර ගැනීම පමණකි.වැස්සෙන් තෙතබරිත වූ ඔවුනොවුන් වැළඳගෙන සිප ගනිද්දි ඔවුන්ගේ කඳුළු සැඟවීමට වර්ෂාව මහත් උත්සහයක් ගත් අයුරකි.

සීතලෙන් වෙව්ලන ශෂීගෙන් තමාට හැකි ප්‍රයෝජනයක් ගත හැකිව තිබියදීත් කාටත් නොපෙනෙන රුක්ෂ මූලයක තනිවූ මදූ කලේ ශෂීගේ දෙකම්මුල් ආදරෙන් ස්පර්ෂ කරමින් ඒ නිල්නෙතු දෙස හඬමින් බලා සිටීම පමණකි.

මේ අතර එක්වරම වේදනාවක් සමග ඇහැරුණු කවින්ද දුටුවේ හෝටල් කාමරයේ තමන්ට එහා පැත්තේ නිදන තම ආදරවන්තියයි.තම රෝගය ගැන කිසිත් නොදැන ඈ සතු සියළු දේ තමන්ට පූජා කලත් ඇය ගැන ඔහුගේ සිතේ කිසිදු තෙතමනයක් නැතුවාක් මෙනි. තම කවුළුවෙන් පිටත ඇද හැලෙන මහා වර්ෂාවට නෙතුයොමා කවින්ද නැවතත් කල්පනාවට බර විය.

                                                ~~~~~~~~~~~~~~~~

“ඩොක්ටර් ..........................”

කෑලි කැපිය හැකි තරමේ නිහැඬියාවක් මොහොතක් පුරාවට පැවතුනු අතර මදුරංග සමග අවසාන වාර්තාවද ලබා ගැනීමට පැමිණි එරංගගේ හද ගැහෙනා රාවය මුළු ශාලාව පුරාම රැව් දෙන්නාක් මෙන් විය.එරංග දෙවන වතාවටත් වෛද්‍යවරයා ඇමතූ අතර දිගු සුසුමක් හෙළු ඔහු වාර්තාව එරංග අතට පත් කලේය.

කඳුලු වගුරවමින් එරංග,මදුරංගව බදාගත්තේ කිසිත් නොකියමිනි.....මදුරංග සොයුරෙකු වන් තම මිතුරාගේ පිටට තට්ටුවක් දාමින් “දුක්වෙන්න එපා මචං” කියමින් වෛද්‍යවරයා දෙස බලන විට වෛද්‍යවරයා පැමිණ ඔහුට අතට අත දීමට සැරසෙනු ඔහු විශ්මයෙන් බලා සිටියේය.

“මේක ගොඩක් දුර්ලභ රෝගි තත්වයක් මීට වසර හතලිහකට පෙර තමයි මේ වගේ ලෙඩෙක් හමුවෙලා තිබුනේ මේක HIV වෛරසයේ ප්‍රාථමිකම අවස්ථාවක්. ඔබට වැළඳී තිබූ වෛරසයේ සැකැස්ම මුලින්ම හමුවූ HIV වෛරසයේ සැකැස්මටත් වඩා ඉතාමත් දුර්වලයි. පරීක්ෂණ වල හැටියට HIV සැකැස්ම පරිණාමනය වෙනවා ඒ අතරදි පරිණාමයට ලක්නොවී ඉතුරු වූ HIV ප්‍රභේදයක් විය හැකියි මොකද ඒවා දැනට මනුෂ්‍ය ශරීරයේ ප්‍රතිදේහ සමග සටන් කර අක්‍රීය වී යනවා.”


ඒ අතරම එරංගගේ ජංගම දුරකතනය නාද වුනි...

“හෙලෝ එරංග පුතාද මේ.........පුතේ මම කවින්දගේ තාත්තා...... කවින්ද මහරගම කැන්සර් හොස්පිට්ල් එකට ඇඩ්මිට් කලා...එයාට හොඳටම අමාරුයි පුතා.... එයාගේ රිපෝට්ස් සේරම ........”

ප/ලි

මේ කෙටි කතාවක් වගේ එක ලියන්න හේතු පාදක වුනේ ෆිල්ම් හෝල් එකකදි ඇණුනු ඇණයක්.සෑහෙන්න වෙහෙසක් දරා ලියූ මේ කතාව නොදමා සිටියේ මෙය බොළඳ යැයි සිතුනු නිසා... ඒත් මදුෂාණි අක්කාගේ රෝගය සුව කිරීමට හැමෝම වෙහෙසෙන මොහොතක මේ කතාව දමන්න සිතුනේ මේ කතාව ලියැවුනේත් පිළිකාවක් වටා වීම නිසයි.

 ඒ නිසා මේ ලින්ක් එකෙන් ගිහින් ඒ අක්කා ගැන වැඩි විස්තර හොයා බලා හැකි අයුරකින් ඇයට ජීවිතය ලබා දෙන්න උදව් වෙන්න කියලා මා ආදරයෙන් ඉල්ලා සිටිනවා..... වැලන්ටයින් වෙනුවෙන් කඩකාරයන්ට දහස් ගනන් වලට විකිනෙන මොහොතක ඔබේ එක රුපියල් සීයක් මේ අක්කාට ජීවත් වීමට අවස්ථාවක් ලබා දෙනවා.....

මේ මම දෙවෙනියට ලියපු කෙටි කතාව.. ගොඩක් අඩුපාඩු ඇති මට තව ටිකක් දියුණු වෙන්න ඔබේ උපදෙස් ගොඩක් වටිනවා... 

66 comments:

  1. හොඳ කතාවක්,
    ඒත් මේ කැන්සර් එකයි ඒඩ්ස් එකයි පැටලෙනවා,
    මට මතකයි මෙවන් කතාවක් ටීවී එකේ බැලුවා,
    ඒ රුසියන් කතාවක්,
    ඔහු සාමූහිකව ලිංගිකව හැසිරෙන කෙනෙක්,
    එක ටෙස්ට් එකකදී කෙනෙක් පොසිටිව්,
    ඔහු අනික් ඔක්කොම එක්ක වයිර බැඳගන්නවා ඔහුට ඒඩ්ස් බෝ කරා කියල,
    ඔහු ඒ ඔක්කොම මරනවා,
    ඒත් අන්තිමාට ආය රිපෝට් එකක් ගන්නවා....
    ඔහු නෙගටිව්.
    හොඳයි ගැමියා,
    එක්සෑම් වලටත් මහන්සි වෙන්න.

    ReplyDelete
    Replies
    1. මට දැන්නේ අයියේ මීටර් වුනේ කැන්සර් එක ඒඩ්ස් වෙච්චි එක හ්ම්ම් ලොකු වැරද්දක් වුනේ... එහෙම කතාවක් බලපු බවට මතකයක් නෑනේ බොහෝම ස්තූතියි උපදෙස් සහ අගය කිරීම් වලට අනිවා එක්සෑම් එකටත් මහන්සි වෙනවා බොහෝම ස්තූතියි

      Delete
  2. අඩේ ගැමි අයියේ මුලු හදවතින් ම අවංකව කියන්නේ පට්ට ම ලස්සනයි කතාව. බටර් නෙමෙයි සිරාවට...මම පට්ට බයේ හිටියේ ඇත්ත එකක් කියලා. මධුෂානි අක්කටත් කොහොම හරි උදවු කරනවා දවස් හතරකටවත් අන්තර්ජාලය නවත්තලා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මලේ සිරාවටම මාර හයියක් ඔහොම කියද්දි... බොහෝම ස්තූතියි ඈ

      Delete
  3. අඩෝ ගැමියා මොකක්ද බන් මේ....මේක සිරාවටම සිරා නෙමේද බන්...මං ඇස්ගෙඩි2 උඩ තියාගෙන ඩෝ කියෙව්වේ සිරාම සීන්1ක් කියලා හිතාගෙන..ඇඩෙනවා බන්..කව්ද බන් මදුෂාණි අක්කා...??

    ReplyDelete
    Replies
    1. මේක නිර්මාණයක් විතරයි ඇත්ත කතාවක් නෙමෙයි.... මදුෂාණි අක්කා ගැන කියවන්න මෙතනින් යන්න කියවලා හැකි උපකාරයක් කරන්න බලන්න පිං සිද්ධවෙනවා... බොහෝම ස්තූතියි ඇනෝ කොමෙන්ටුවට

      Delete
  4. හ්ම්ම්ම් මම මේ මල්ලිගේ කතාවක් කියවන පළමු අවස්ථාව... මට නම් කතාව හොඳයි මල්ලි... හොඳින් දැනුණා...

    ReplyDelete
    Replies
    1. මේ තමයි අක්කේ බ්ලොග් එකේ මම දාපු මුල්ම කතාව සෑහෙන්න සතුටුයි දැන් ඉතිං හිතෙනවා කතා ලියන්නත් බොහෝම ස්තූතියි අක්කේ අගය කිරීම් වලට මට මාර ශක්තියක් ඒක

      Delete
  5. ඒඩ්ස් රෝගීන්ට අනිත් අයටත් ඒඩ්ස් බෝ කිරීමේ කැමැත්තක් ස්වාභාවිකවම ඇති වෙනවා කියලා මම අහල තියනවා...ඒ ගැන ෆිල්ම්ස් එහෙමත් ගියා මතකයි...ඔය වගේ පොදු තැන් වලදී පරෙස්සම් වෙන තරමට හොඳයි...වැදගත් කරුණක් මතක් කරේ ගැමියා

    ReplyDelete
    Replies
    1. මට වෙච්චි සිද්ධිය යාළුවෙක්ට කිව්වාම එයා කියපු ඇත්තම වචන තමයි එතන දැම්මේ... මෙහෙම තත්වෙකට පත් වුනාම වෛරයක් නිකන්ම ඉපදෙනවා කියලයි මට හිතෙන්නේ... හි හි ෆිල්ම් හෝල් වලට යනවනම් ලයිට් ඕෆ් කරන්න කලින් ගිහින් ඈඳි ගන්න එක හොඳයිනේ නේද.... බොහෝම ස්තූතියි සයුරි අක්කේ..

      Delete
  6. ඔබ කතාවෙන් දෙන්න හදන පණිව්ඩය පැහැදිලියි. හැකි හැමවිටම ලියන්න..හොඳ ලිවීමේ අනාගතයක් තියේවි..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා ඔබව මේ මුල්ම පැමිණිම මගෙ හිතේ.... මම ආසම කතා තියෙන බ්ලොග් එකක් තමා ඔයාගේ බ්ලොග් එක ඒ කතා හරිම ලස්සනයි මගේ මේ කතාවට ඇවිත් කොමෙන්ටුවක් දාලා මාව අගය කලාට බොහෝම ස්තූතියි... තව ලියන්න බලන්නම් ඉදිරියට...

      Delete
  7. අපූරුයි.. මොනවද කියන්නේ කියලා මම මේ කල්පනා කරන්නේ.. ඒ තරමටම අපූරුවට කතාව ලියලා.. රසවින්දා උපරිමේටම..

    ReplyDelete
    Replies
    1. රසවින්ඳා නම් එච්චරයි අයියේ මම බයේ හිටියේ කාටවත් වැඩක් නැති පුස්සක් වෙයි කියලා බොහෝම ස්තූතියි අයියේ අගය කිරීම් වලට ඒක මට ලොකු තල්ලුවක්

      Delete
  8. ගොඩක් අඩුපාඩු ?? උබට පිස්සුද බන් මලේ , එලටම ලියලා තියෙනවා..වෙනි අයියා එක්ක එකගයි..

    ReplyDelete
    Replies
    1. අගය කිරීම් වලට බොහෝම ස්තූතියි අයියේ මේවා මට ලොකූ ශක්තියක් ඉදිරියට යන්න

      Delete
  9. පිළිකාවකින් පටන් අරන් සමාජ රෝගෙකට ගියාට කියන්න හදපු දේ පැහැදිලියි

    ReplyDelete
    Replies
    1. හි හි ඒක හෙනම වැරැද්දක් පටන් ගත්තු කේස් එක මැද්දට යද්දි අමතක වෙලානේ දෙපාරක් නොකියවපු එකේ විපාකේ තමයි කොච්චර කිව්වත් ඒ පුරුද්ද හදාගන්න බෑනේ... මෙහෙම හිතමු ඩොක්ටර්ට වැරදිලා කියලා.... බොහෝම ස්තූතියි මාමා කොමෙන්ටුවට

      Delete
  10. ඇණේ ඇනිච්ච එක කතාවකට ගලපල ලියපු අයුරු අපූරුයි. මමත් බ්ලොග් එකේ දැම්ම ඒ සහෝදරිය ගැන. අපි හැමෝම ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.....!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ අගය කිරීමට.... මේ වගේ කෙනෙක්ට උදව් කරන එක ගොඩක් පිං සිද්ධ වෙන වැඩක් ඉලන්දාරියාට උදව් කරන කාලේ මම ඒ ගැන දැනගෙන හිටියේ නෑ මම මේ විදියට දිගටම බ්ලොග් ලියන්න ගත්තේ ලඟදි ඉතිං කාට හරි උදව්වක් කරන්න ඇත්නම් ලොකු දෙයක්...

      Delete
  11. මේකෙ අඩුපාඩු නෑ බං මල්ලි. නියමයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ අගය කිරීමට හැමදාමත් වගේ... මෙහෙම කොමෙන්ටු ලොකු ශක්තියක් මට

      Delete
  12. මීට ටික කාලෙකට උඩදී පත්තරේ දැක්කා ඔය වගේ ‍ෆිල්ම් හෝල් වල සිරින්ජර් ක‍ටු දාලා ගිහිල්ලා තිබුනා කියලා..එළට ලියලා ගැමියෝ නියමයි.....

    ReplyDelete
    Replies
    1. ෂා මරු අදහස සිරින්ජර් කටු ගැන මට කල්පනාවක් ආවේ නෑනේ මම ලියන්න දෙයක් නැති කමටයි "මොකක්දෝ එකක් ඇණුනා" කියලා දැම්මේ.... මට එහෙම නිව්ස් එකක් කියවන්න ලැබුනේ නම් නෑ වෙලාවට මට ඇනුනේ ඇණයක්නේ කුෂන් එක නැති පුටුවක වාඩිවෙලා හි හි..... බොහෝම ස්තූතියි අයියේ අගය කිරීම් වලට

      Delete
  13. ඇත්තටම මල්ලි ඔයා අතින් ලියවුනු ලස්සනම ලිපිය වෙන්න ඇති..වෙන මුකුත් කියන්න හිතට එන්නෙ නෑ..මොනව කියන්නද කියල හිතාගන්නත් බැහැ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් අර අක්කට කරන්න පුලුවන් උදව්වක් කරනව මල්ලි..එයත් මගේ ඉස්කෝලෙම කෙනෙක්..:S

      Delete
    2. මෙච්චර කල් අත්දැකීම් ලියපු එකේ අර අක්කටත් උදව්වක් වෙයිනේ කියලා හිතලයි මේ කතාව දැම්මේ බොහෝම ස්තූතියි අක්කේ අගය කිරීමට.... දිගටම උදව් කරමු අක්කේ එහෙනම් ඔයාට පුළුවන්නේ එයාගේ තත්වය දැනුම් දෙන්න නේද

      Delete
  14. ලස්සනට ලියල තියෙනවා
    කියන්න කිසි අඩුපාඩුවක් නැහැ

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ කියවලා රස වින්ඳා නම් මට තියෙන එකම සතුට ඒකයි

      Delete
  15. ඇත්තටම හෙම වෙන්න පුළ්වන් ද ? පිළීකාව -ඒඩ්ස්.

    රටේ ලෝකේ මිනිස්සුන්ට මොනා උනත්. තදින් හිතට දැනෙන්නේ තමන්ගෙ කෙනෙක්ට මොනා හරි උනාම තමයි.ඊට පස්සේ වෙන කාට එහෙම උනත් , ඒ තමන්ට උනා වගේ දැනෙන්න ගන්නවා... හ්ම්.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකෙ අපිට අපි හැමෝ ම තමන්ගේ අයනේ..... නැද්ද වත් අක්කේ?

      Delete
    2. සොඳුරු සිත:

      ඒක තමයි අක්කේ මුල්ම කතාවේ ලොකුම වැරැද්ද දෙපාරක් නොකියවපු එකේ විපාකේ...ඒකට සොරි හොඳේ.... ලංකාවේ මිනිස්සුන්ගේ හොඳම ලක්ෂණේ තමයි හැමෝටම පිහිට වෙන එක....බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට..
      -----------------------------------------------------------
      බට්ටා:

      හරියට හරි මලෝ

      Delete
  16. නියමයි සනා....ඔහොම යං ඔහොම යං

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ ලොකු හයියක්...

      Delete
  17. උඹ කතාව ඇත්ත වගේ ලියලා තියනවනේ ....... මාරයි..

    ReplyDelete
    Replies
    1. ඇත්තක් විදියට කතාවක් ලියන්න ගත්තු පොඩි උත්සහයක් පොඩි පොඩි වැරදීම් මැද ටිකක් සාර්ථක වුනා බොහෝම ස්තූතියි අයියේ අගය කිරීම් වලට.... ලිපිය ගෙදරට එවන එක අළුත් වැඩියා කලා ආයේ ඇඩ්‍රස් එක දීලම බලන්නකෝ...

      Delete
    2. දැන් නම් හරි වගේ

      Delete
  18. කතාවනම් එළ ගැමියෝ ඒත් පැහැදිලි මදි.. ඇන ඇනුනට කැන්සර් හැදෙන්නෑනේ.. අන්තිමට HIV කතාවකුත් කියනවා..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අයියේ මට ඇණුනු ඇණේ නිසා තමයි මේ කතාව ලිව්වේ ඒත් කතාවට මොකක් අන්නවන්නද කියලා හිතාගන්න බැරිවුනා.... කැන්සර් එකයි HIV එකයි මාරුවෙලා කතාව ලියාගෙන යද්දි හි හි තාම මුල්ම එකනේ අඩුපාඩු ගොඩයි...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  19. මටත් කතාව ටිකක් තේරුම ගන්න අමාරු වුනා.ඇනයක් අනුන්ත් කොහොමද ඒඩ්ස් හැදෙන්නේ.පිටගැස්ම හැදෙන්න පුළුවන් පිලිකාවකුත් හැදෙන්න ඉඩ තියෙනවා.මේ මචන් මට හිතෙන දැනුන දේ.

    කතාවෙනම් අඩුපාඩු නැහැ.වෙදගෙදර කතා ඉවරයිද බන් මලේ...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඇණේ ඇනුනෙනම් මට අයියේ ඒ වුනාට මම කතාවට දැම්මේ නෑ ඇණයක් කියලා මට පොඩ්ඩක් ටැපලිලා අප්පා මුල්ම කතාවනේ සොරි හොඳේ.... වෙද ගෙදර කතා තව ගොඩක් තියෙනවා ඒවාත් සැරින් සැරේ දාන්නම් හොඳේ.... බොහෝම ස්තූතියි අයියේ අඩුපාඩු පෙන්නලා දීලා උත්සහය අගය කලාට...

      Delete
  20. කැන්සර් එකක් ගැන කියන්න ගිහිල්ල කොහොමද මල්ලියෝ ඒඩ්ස් වලින් ඉවර උනේ..ඒඩ්ස් කියන්නේ කැන්සර් එකක් නෙමෙයිනේ...කැන්සර් හොඳ වෙලා ගොඩක් නිරෝගිව ජීවත් වෙන අය ඕනේ තරම් ඉන්නවා...ඒත් "ඒඩ්ස්" නම් ඉතින්....

    කොහොම උනත් දුක හිතෙන කතාවක් මල්ලි ලස්සනට ලියලා.

    මල්ලි කොහොමටත් ලස්සනට ලියනවා.හොද අනාගතයක් තියෙනවා ඔයාට..සුභ පතනවා..

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ටැපලිලා අක්කේ කතාව පටන් ගන්නකොට ලියන්න හිටි එක අන්තිමේදි අමතක වෙලා පැටලිලා අච්චාරුවක් වුනානේ සොරි හොඳේ මීට පස්සේ දෙපාරක් තුන් පාරක් කියවලම තමයි කතාවක් දාන්නේ..... බොහෝම ස්තූතියි අක්කේ උත්සහය අගය කරලා අඩුපාඩු පෙන්නුවට...

      Delete
  21. නියමයි ගැමියෝ මම හිතුවෙම ඇත්ත කතාවක් කියල. ඒඩ්ස් උනත් මුල්ම කාලේ ප්‍රතිකාර ගත්තොත් හොඳ කරන්න පුළුවන් කියල අහල තියනවා. මරාගන මැරෙන්න හදිස්සි වෙන්න ඕනේ නැහැ. ඒත් හදා නොගෙනම ඉන්නවනම් තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත විදියටම ලියන්න ගත්තු පුංචි උත්සහයක් ටිකාක් විතර අප්සට් උනා ඒත් සන්තෝසයි ප්‍රතිචාර වලට බොහෝම ස්තූතියි ඈ

      Delete
  22. නියමෙට කතාව ලියල තියෙනවා. ඒඩ්ස් සහ පිළිකාව පැටලුනාට සමාජෙට දෙන්න හදන පණිවිඩේ පැටලුනේ නෑ..කාවින්දගේ ආත්මාර්ථකාමීකම නිසා අහිංසක ආදරවන්තිගේ ජීවිතෙත් අනතුරේ.. ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ..

    ReplyDelete
    Replies
    1. පොජ්ජක් ටැපළුනා අක්කෝ ගනන් ගන්න එපා තාම කතා ලියන්න මෝරලා මදි ව‍ගේ...මාත් මේ කාලෙකින් ඇවිත් කොමෙන්ට් කරන්නේ... බොහෝම ස්තූතියි ඈ... කතාවට නම් දාන්න ගියාම මට මතක් වුනේම මගේ යාළුවන්ගේ නම්නේ කොහොමද අළුත් නම් හිතන්නේ???

      Delete
  23. හප්පටසිරි කියන්නෙ මොකද්ද කියලා හිතාගන්න බෑ ...

    ReplyDelete
    Replies
    1. හෑ එල එල සන්තෝසයි අයියේ ඒකත් කියපු එක ලොකූ දෙයක් බොහෝම ස්තූතියි හොඳේ

      Delete
  24. කතාව පොඩ්ඩක් එහේ මෙහේ උනාට ඔයා කියන්න ගිය දේ නම් තේරුනා... ඇනේ ඇනුනු එක ඇත්තටම වෙච්චි දෙයක්ද එතකොට.....

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කෝ ඒක ගැන සිහියක් නැති වුනානේ මාර අප්සට් එක...ඇනේ ඇනුනේ ඇත්තටමයි අක්කෝ ඇණ ඇනිලා විතරක් නෙමේ කළුවරේ හෝල් එකට ගිහින් සීට් වල වාඩි වෙන කොට දඩබඩාං ගාලා පෙරළගෙන වැටිලත් තියෙනවා..සමහර මී හරක් පුටු වල සීට් අයින් කරනවනේ කාව හරි රිද්දවලා සතුටු වෙන්න...බොහෝම ස්තූතියි නන්දක්කෝ

      Delete
  25. හොදට ලියලා තියෙනවා මල්ලි!! දැනෙනවා..ඇත්ත කතාවක් කියලායි මම හිතුවෙත්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කෝ මට මාර සතුටුයි ඇත්ත විදියටම දැනුනානම් ෆිට්ම තමා

      Delete
  26. ඇනයක් ඇනීමෙනුත් එච් අයි වී හැදෙන්න පුලුවන්ද? අනික ඒඩ්ස් කියන්නෙ වෛරස් ආසාදනයක් මිසක් කැන්සර් එකක් නෙමෙයි! හම්! කතාව බොළද නැති උනත් පරස් පරයි! අනේ මංද! ඇනයක් ඇනුනට ඒඩ්ස් හැදෙනවමද? මගේ ඇන ඇනෙන නිසා නෙමෙයි කියන්නෙ! ඒක හරි සැක සහිත කතාවක්!

    ReplyDelete
    Replies
    1. කතාවට මූල බීජය සැපයුවේ මට ඇණුනු ඇණේ වුනාට මම පරිස්සම් උනා ඇණයක් නොවේ ඇණුනේ වෙනයම් යමක් බව කතාවේ හුවා දක්වන්න... යටින් දැම්මේ හේතුව මිසක් කතාවේ සත්‍යය නෙමේ... කතාව ලියද්දි ලියන දේ අමතක වීමක් වගේ දෙයක් වෙලා අයියේ.. බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට ඉස්සරහට සෑහෙන්න සැළකිලිමත් වෙන්නම්...

      Delete
  27. මීට අවු.2-3කට කලින් මං කියෙව්ව ලිපියක තිබුණා එක්තරා රටක HIV ආසාදිතයන් මේවගේ පොදු ස්ථාන වල බස් දුම්රිය සිනමාහල් ඒ ආසාදිතයන්ගෙ රුධිරය ගෑවුණ ඇල්පෙනෙති තියලා තියනවලු.. ඒ අයට ඒක මානසික සතුටක්ලු.. තවත් කෙනෙක් තමන්ගෙ තත්වයට පත් කරන එක..

    අද කාලෙ හැටියට නැවත මතක් කල එක වටිනවා මල්ලියෝ.. වැලන්ටයින් දවසෙ දැක්ක හොඳම ලිපිය මල්ලිගෙන්.. පිළිකාවයි HIV ‍එකයි ටිකක් ටපලගෙන තියෙනවා වගේ දැක්කා.. කතාව උපරිමට ලියලා තියෙනවා..
    මට මතක් වුණේ අපේ විද්‍යා ටීචර් කිව්ව දෙයක්..

    "ළමයිනේ.. ආදරවන්තයින්ගෙ දවසෙ එහෙ මෙහෙ යන්නෙ නැතිව hospital එකට ගිහින් දෙන්නගෙම blood චෙක්කරගන්නවලා..!"

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා අක්කෝ එහෙම දෙයක් වුනාම කිසිම වැරද්දක් නැතිව මේ වගේ හිතෙයි කියලා ඒ අනුවයි කතාව ගොඩනැගුවේ..බොහෝම ස්තූතියි අක්කෝ හි හි කවුරු හරි ටිකක් පරිස්සම් වෙයිනේ කියවලා....

      ඔයාගේ විද්‍යා ටීචර් මාරයිනේ ඇත්ත තමයි ඒ චෙකප් එකක් දාන එක නරක නෑ

      Delete
  28. එල එල මල්ලි!කාලීන සිද්දීයක්නේ!
    මම දන්න ළමයෙක්ට කව්ද කෙනෙක් බස් හෝල්ට් 1දි ඔහොම කට්ටකින් ඇනල දුවල තිබුණ.
    ඔය රෝගය හැදුනු අය මානසිකව දුර්වල වෙනවනේ ඒකයි ඔහොම දේවල් කරන්නේ!

    ReplyDelete
    Replies
    1. එක අතකට එයාලත් පව් අයියේ ඒත් ඉතින් මොනා කරන්නද මෙහෙම දෙයක් වුනාම මානසිකව ඇද නොවැටී ඉන්න පුළුවන්නම් ඒක ලොකු ජයග්‍රහණයක් ඒත් මැරෙන බව දැන දැන එහෙම ඉන්නවා කියන්නේ ඉතින් සෑහෙන්න අමාරු වෙයි...එල එල අයියේ බොහෝම ස්තූතියි

      Delete
  29. කාලීන, වැදගත් දෙයක් කථා කරලා තියෙන්නේ.. ඒත් කාවින්දට වුන දේ නම් මට තේරුනේ නෑ.. එයාට ආසාදනය වෙලා වගේ මට හිතුනේ.. කොහොම වුනත් වැදගත් ලිපියක්..

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි අක්කේ කාවින්දටත් ආසාදනය වෙන්න ඕනේ අනික් කෙනාට හැදුනු දේමයි...ඒත් කාවින්ද ඊට පස්සේ ගත කරපු සල්ලාල ජීවිතේදි එයාට දරුණුම ආබාධය වන ඒඩ්ස් හැදෙන්න ඕනේ මොකද ආරක්ෂාකාරි වෙන්නේ නෑනේ එයා... කියවන අයට කැමති විදියට හිතාගන්නයි ඒ විදියේ අවසානයක් දුන්නේ... බොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවට

      Delete
  30. කතාව ලස්සනට ලියලානෙ.කියනව වගෙ බොක්කටම වැදුනා.

    සෑහෙන කාලෙකින් මේ පැත්තට ආව හින්දා කලින් පොස්ට් මඟ ඇරැනා.

    හොඳ කතා කාරයෙක් වගෙයි ආ....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මචෝ මේ පොඩිම පොඩි උත්සහයක් විතරයි ඉතින් බලමුකෝ තව කතා ලියන්න අදහස් ආවොත් තමයි ඉතින් ලියන්නේ...මාත් සෑහෙන්න කාලෙකින් මේ ගොඩ වුනේ මග ඇරුණු ඒවා බලන්න ලඟදිම එනෝ...

      Delete
  31. ටිකක් විතර හද කම්පා වෙන ආරංචි සිදුවීම් සහ ගමන් හේතුවෙන් බ්ලොග් එක දිහා ඇහැක් ඇරලා බලන්න බැරිවුනා කොමෙන්ට් කරපු සහෝදර සහෝදරියන්ගෙන් සමාව අයදිනවා....ආයේ පරණ පුරුදු විදියට ඇවිල්ලා ළඟදීම හම්බුවෙන්නම්කෝ ඉතින් එතෙක් ජය වේවා....ගොඩක් කට්ටියගේ පෝස්ට් මගඇරුණා තරහ නැතිවෙයි මයෙ හිතේ....

    ReplyDelete
  32. කාලෙකට පස්සේ ආවේ. සොරි වෙන්න ඕනෙ පරක්කු වෙලා කමෙන්ට් කලාට. ‍බලාගෙන ගියාම ගැමියටත් හොඳ හැකියාවක් තියෙනවා නේ කතා ලියන්න. තව ලියමු.

    ReplyDelete
  33. කැන්සර් එකක් ඒඩ්ස් උනේ කොහොමද ?? පටලැවෙනවා... ඒත් පැහදිලියි උබ කියන කතාව.

    මදුශානි ගෙ තත්වය ගැන දන්න කෙනෙක් නැද්ද ?

    ReplyDelete