නුඹ හමුවනු පතා
මගෙ සිත හඬනවා
ඒ හැඬුමන් නිසා
මගෙ ළය........ රිදෙනවා....
පෙර දිනවල මෙමා
හමුවන්නට අයැදුවා
එනමුත් නොසිතූ සේ
ඔබ මා නොතැකුවා....
මා හමුවනු පතා
දැන් නුඹ හඬනවා
ඒ හැඬුමන් නිසා
මගේ සිත..... රිදෙනවා....
ඇවිදිනු බැරි නිසා
සයනේ සිටින මා
ඔබෙ කඳුලැලි නිසා
නොමැරී..... මැරෙනවා....
මීට අවුරුද්දකට කලින් අද වගේ දවසක ඇවිදීමේ අපහසුවෙන් පෙලෙමින් සිටියදී දිනපොතේ ලියූවක්.....පින්තූරේ ගත්තේ මෙතැනින් http://beforeimthirty.blogspot.com/ බ්ලොග් එකෙන්....
අද තමා මම මේ පැත්තේ ආවේ යාලු..ලස්සන කවි ටික..අවුරුදු 2 කට කලින් එකක්නේ..දැන් කිසි ආබාධයක් නැතුව සුවයෙන් සිටිනවා කියලා හිතනවා...:)
ReplyDeleteමා හමුවනු පතා
දැන් නුඹ හඬනවා
ඒ හැඬුමන් නිසා
මගේ සිත..... රිදෙනවා....ජය..!!!
අහා... මම ඒක වෙලාලු..:D
Deleteපොඩි වැරදීමක් වෙලා දැන් හැදුවා යාළු අවුරුදු දෙකකට කලින් නෙමෙයි අවුරුද්දකට කලින් වෙච්චි දෙයක්....දැන් නම් සෑහෙන්න සුවෙන්..බොහෝම ස්තූතියි කොමෙන්ටුවට අද මුලින්ම ඇවිල්ලා මුලින්ම කොමෙන්ටුව දැම්ම එක නම් මාරයි කියන්න දෙයක් නෑ සුපිරි අහඹු සිදුවීමක්...
Delete:O අවුරුද්ද අවුරුදු දෙක වෙලා පෙනිලානේ මට රැ වෙලා හින්ද වෙන ඇති...:) මම හිතුවා මට වැරදිලා කියල...මට නම් ජීවිතේ හැමදාම අහබු දේවල්මනේ වෙන්නේ එක වෙන්න ඇති අප්පා ..:)
Deleteනෑ නෑ වැරදීම මටයි වුනේ මම පට් ගාලා හැදුවා මුලින් දාලා තිබුනේ අවුරුදු දෙක කියලා තමයි පොඩි ප්‍රින්ටින් මිස් එකක් සොරි හොඳේ....ජීවිතේත් අහඹුවක්නේ නැද්ද :D
Deleteඔව් අප්පා ජීවිතේත් අහඹුවක්ම තමා...:D
Deleteමේ අක්කෙක් කියලා දැන්නේ දන්නේ... :D
Deleteහික් හික්, අක්කෙක් උනත් අයියෙක් උනත් කමක් නැනේ මලේ.....ඔය වැරදි දෙයක් කිවේ නැනේ ඉතින් මට....:D
Deleteහොඳට අත දිගෑරලා අයියේ කියලා කියන්න කට හදාගෙන හිටියේ වෙලාවට නොකීවේ...පැතුම් අයියා නොකියන්න තව ඩිංගෙන් කටපුරා අයියා කියනවා...එල එල අක්කේ සන්තෝසයි දිගටම එන්න හොඳේ
Deleteවේදනාව අතරින් ලිය උන ලස්සන කවි පෙලක්.. දැන් හැමදෙයක්ම හොද අතට හැරිලා තියෙන එකම ලොකු දෙයක්නේ..
ReplyDeleteදැන් නම් හැමදෙයක්ම හිතුවටත් වඩා හොඳ අතට හැරිලා තියෙන්නේ අයියේ හිතාගන්න බෑ ඒ කාලේ කොහොම පහු කරාද කියලා...ඉවසන්න බැරිම තැන මම කොන්ද තදට හිටින්න දාන කවරෙකුත් දාගෙන ගියා එයාව හම්බුවෙන්න....ස්තූතියි අයියේ කොමෙන්ටුවට
Deleteදැන් සුවෙන් ඇති කියල හිතනවා මලේ. ඒවගේම දැන්නම් මදි නොකියන්න හමුවෙනවා ඇති නේ.
ReplyDeleteදැන් නම් හොඳින් හි හි මදි නොකියන්න හම්බුවෙන්න තරම් පිනක් නෑ අප්පා තාමත් මාසෙකට එක පාරයි ඒකත් බොහොම අමාරුවෙන් උදා කරගන්නේ මේ මාසේ යන්න වෙන්නේ නෑ ආයේ ඊළඟ මාසේ තමා....ළඟ පාත නෙමේනේ...බොහෝම ස්තූතියි කොමෙන්ටුවට
Deleteදැන් සනීපයි නේද මල්ලි..? එතකොට දැන් හමු වෙනවනෙ...හා..හා.හා..
ReplyDeleteමාර වැඩක්නෙ මට මේ බ්ලොග් එක කලින් හමු උනේ නැහැ නැහැ වගේ.....ඒ මොකෝ? ඒකත් දිනේශ්ගෙ බ්ලොගේ වගේ මගෙන් හැංගුනාවත්ද?
Deleteසනීපයි අක්කේ....හි හි එහෙම නෑ අප්පා හිතේ හැටියට හම්බුවෙන්න බෑ තාම ඒකටත් ලෝකේ නැති ගැට ගහලා තමා යන්නේ චුට්ටයි පිං කරලා තියෙන්නේ..
Deleteඅඩේ මම හිතුවා ඔයා ඇවිත් යන්න ඇති කියලා කලින් සාදරෙන් පිළිගන්නවා ක්‍රිල්ලි අක්කේ....බොහොම ස්තූතියි කොමෙන්ටුවට
ගැමියාගේ කවි ලස්සනයිනේ ..... එල එල ...
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ ලොකු හයියක් මේ වචන
Deleteලස්සන කවි ටිකක්..සින්දුවක් වත් කලොත් නරකද?
ReplyDeleteගැමියගෙ සමහර කවි මට දැනෙන්නෙත් සින්දු වගෙයි රූ... මේකත් එහෙමයි....
Deleteබොහෝම ස්තූතියි රූ අක්කේ සිංදුවක් කරන්න ට්‍රයි කොලා ඒ වුනාට තාම ඒවා කවුරුත් කිව්වේ නෑනේ....
Deleteමියුරු අක්ක කලිනුත් ඕකම කිව්වා ඕං චුට්ට වෙන්න ආඩම්බරේකුත් එනවා දැන් තැන්කූ හොඳේ
ම්ම්...
ReplyDeleteපුංචි කවි පේලියේ ඔයාලගේ ආදරේ මහ ගොඩක් ලියවිලා තියෙනවා..දෙන්නටම ලස්සන අනාගතයක්.. :)
බොහෝම ස්තූතියි අක්කේ ආදරේ වේදනා තමා ලියවුනේ ඉතින්
Deleteඇඩෙනවා බං...
ReplyDeleteඅයියෝ ගනන් ගන්න එපා ඒ සේරම හරේ....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට
Deleteම්ම්ම්ම්....ලස්සනයි...
ReplyDeleteදැන් සනීපෙන්නේ.....
බොහෝම ස්තූතියි අයියේ දැන් හිටියට වඩා සනීපෙන් ඉන්නේ
Deleteනියම කවි ටික මල්ලි.
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ...
Deleteවේදනාව අතරින් ආදරෙ මහ ගොඩක් එලියට දාපු
ReplyDeleteලස්සනම ලස්සන
සංවේදී කවි පෙලක්.....
සෑහෙන්න දුකකින් ඉද්දි කරන්න දෙයක් නැතිකමටමයි ලියවුනේ...බොහෝම ස්තූතියි නංගී
Deleteහෆ්ෆා හරි වැඩේ අද මම පරක්කු වුණානේ. මොනා කොරන්නද? මේ කවි ටික මං තව තැනක දැක්ක. හිටින්න මං එතෙන්ට ගිහින් පොඩි වැඩක් කරලා එන්නං. :)
ReplyDeleteමේකත් පරක්කුවක්ද මලේ එතන කොරපු වැඩේ දැක්කා එල එල බොහෝම ස්තූතියි හොඳේ
Deleteවේදනාත්මක බව ගැබ් වෙලා තියෙනව. සියල්ල හොඳ අතට හැරුන එක ගැන සතුටුයි ගැමියෝ.......
ReplyDeleteහැම දෙයක්ම හොඳ අතට හැරුණා හිතුවටත් වඩා ඉක්මනට හැබැයි උ/පෙ හැර....බොහෝම ස්තූතියි අයියේ
Deleteගැමිය ලියූ කවි....හෙහ්...හෙහ්...
ReplyDeleteඔබා මාමට ගිය හිනාව බලපල්ලකෝ! ගැමි අයිය මෙච්චර දවස් සද්ද නැතුව හිටියෙ මොකෝ? ගොඩ කාලෙකින්නේ......
Deleteමොකෝ දන්නේ නෑ මාමා හිනාවුනේ ඇත්තටම ඇයි ඈ...
Deleteමේ දවස්වල ඔළුව යකාගේ කම්මල වගේ බට්ටෝ ඉතින් කොහේ ලියන්නද ඉවසලා බැරිම තැනයි මේ දැම්මේ..
:-)
Deleteකවිය දුක හිතෙනවා මල්ලියෝ..කොහොම උනත් ඔයාට දැන් හොදයිනේ...
ReplyDeleteදැන් හොඳයි අක්කේ කොහොම ලියන්න හැදුවත් මට වැඩිහරියක් ලියවෙන්නේ දුක් සහිත එව්වමයිනේ බොහෝම ස්තූථියි අක්කේ කොමෙන්ටුවට
Deleteහිරු අක්කා එක වෙලානේ. මොන හරි තෑග්ගක් දෙන්න වෙයි ගැමී..
ReplyDeleteතමන්ගේ සැබෑ අත්දැකීමක් පාදකකොටගෙන නිමවෙන නිර්මානයක තියෙන්නේ හරි අමුතු ලස්සනක් ගැමී...>
අඩේ හිරු කියන්නේ අක්කෙක්ද මලා මම හිතුවේ අයියෙක් කියලා...එයා එක කියන්නේ ඒක එකෙත් එක මුල්ම සැරේ ඇවිල්ලා එයාගේ මුල්ම කොමෙන්ටුව මගේ බ්ලොග් පෝස්ට් එකෙත් මුල්ම කොමෙන්ටුව විදියට දාපු එක මාරයි....
Deleteඇත්තටම හිතින් මවාගෙන ලියනවට වඩා වෙච්චි දෙයක් අකුරු කරන එක මාරම නිදහස්....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට
ලස්සනයි පද ටික...
ReplyDeleteදැන් ඉතින් හැමදේම හොඳින් නේ. සතුටුයි ඒ ගැන මලේ.
ජයවේවා! :DD
බොහෝම ස්තූතියි අක්කේ ඔයාටත් ජය වේවා තව කොල්ලෝ ගැන සමීක්ෂණ කරන්න ලැබේවා :D:D
Deleteහම්මේ...දැන් ඇවිදීමේ ප්‍රශ්න ඔක්කොම හරි කියලා හිතනවා..ලස්සනයි කවි ටික
ReplyDeleteදැන් හොඳින් සුනාමි අක්කේ බොහෝම ස්තූතියි ඈ
Deleteඒ කාලේ හිතින් විඳපු දුක තේරෙනවා.ද්ක්න් ඉතිං හැම දෙයක්ම හොඳින් සිද්ද වුනා නේ.
ReplyDeleteඕ යෑස් අයියේ දැන් ඉතින් හැම දේම හොඳින් බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට
Deleteඊයෙම ඇවිත් කවිය බැලුව කොහෙද ඉතින් කමෙන්ට් එකක් දාන්න හම්බ උනේ නෑ.. ආයෙත් කවිය බලලා කමෙන්ට් එකක් දාන්නත් හිතාගන අවේ... කවිය නම් ලස්සනයි... එත් මං ආසම කරන්නේ මෙන්න මේ ටිකට...
ReplyDeleteනුඹ හමුවනු පතා
මගෙ සිත හඬනවා
ඒ හැඬුමන් නිසා
මගෙ ළය........ රිදෙනවා....
අවුරුදු දෙකකට පස්සේ මටත් හරියාගන එන්නේ... හි හි.. ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරනවා...
සුභදායක ආරංචියක් නියමයි හැමදේම හරියයි ඔන්න මගේ උණුසුම් සුභ පැතුම්...දැන් හිටියට වඩා සිය ගුණයක් සනීපෙන් ඉන්නේ බොහෝම ස්තූතියි කොමෙන්ටුවට
Deleteඅද තමා මේ පැත්තට හොඩ වැදුනේ. මුලින් ලිපි කීපයක්ම බලලා හිටියා.වෙද ගෙදර ගැන ලියවුනු කතා බලලා පුදුමයටත් දුකටත් පත් උනා. ඉඩ තියෙන වෙලාවට දිගටම කියවලා බලන්නම්.
ReplyDeleteමේ පැත්තේ ගොඩවුනු එක ගැන බොහෝම සන්තෝසයි කාව්යෝ(කියවන්න අමාරුයි අප්පා බැරිද නිකන් "කඩියා" වගේ නමක් දාගන්න)...කාවෝ කියලා කිව්වට අමනාප වෙන එකක් නෑ කියලා හිතනවා....පුළු පුළුවන් වෙලාවට මේ පැත්තේ ඇවිත් යන්නකෝ ඉතින්....මේ අක්කෙක් වෙන්නැති කියලා හිතනවා....බොහෝම ස්තූතියි කොමෙන්ටුවට
Deleteඅයියෝ හැමෝම මට කියන්නේ කවී කියලා ඔයත් එහෙම කියන්න. ඔව් මම අක්කෙක් වෙන්න ඇති කියලා හිතනවා. දිගටම එන්න අදහස් කරගෙන සිටිනවා වෙන වෙනම කොමෙන්ටු නොදැම්මත් ලිපි කීපයක් කියවලා ඉවරයි මේ වෙනකොට
Deleteඅක්කෙක් විය යුතුමයි කියලා හිතමුකෝ....ඔයාගේ වටිනා කාලය මගේ ලිපි කියවන්න වැය කරපු එකටත් බොහෝම ස්තූතියි කවී අක්කෝ..ඕං දැං හරි කවී කියන එක ලේසියි තමා කඩියා කියනවට වඩා
Deleteගැමිය දැන් යහතින් ඉන්නවනේ!
ReplyDeleteප්‍රේමයත් හොදින් කියල හිතනව!:)
ලස්සනයි මචන් කවි ටික!
යහතින් ප්‍රේමයත් කරගෙන ඉන්නවා අයියේ බොහෝම ස්තූතියි ඈ කොමෙන්ටුවට
Deleteමල්ලියෝ... ටිකක් නම් මම ලේට්... ඒත් මේ ටිකේ මම බැලුවේ කොහෙද කියලා බ්ලොග් එක පැත්තේ ඇවිත් තිබුනේත් නැනේ...
ReplyDeleteමම ෆේස් බුකියෙත් බැලුවා.. කොහෙද රික්වෙස්ට් දැම්මා කිවාට මොන නමින්ද දන්නේ නැනේ...
කොහොමත් මේ ගෙවුනු අමිහිරි අතිතය දිගේ ගලාගෙන දුවන අනාගතයේ ගොඩාක් ලස්සන වෙන්න කියලා හදවතින්ම පතනවා මම
දේවා අයියා දාපු කොමෙන්ටුවක් පබ්ලිෂ් වෙලා නෑනේ ඕං පහලින් දාන්නම්කෝ ඒක
ReplyDelete-----------------------------------------------------------
දේවා ගේ අඩවිය has left a new comment on your post "ඔබෙ කඳුලැලි නිසා නොමැරී මැරෙනවා....":
මල්ලියෝ... ටිකක් නම් මම ලේට්... ඒත් මේ ටිකේ මම බැලුවේ කොහෙද කියලා බ්ලොග් එක පැත්තේ ඇවිත් තිබුනේත් නැනේ...
මම ෆේස් බුකියෙත් බැලුවා.. කොහෙද රික්වෙස්ට් දැම්මා කිවාට මොන නමින්ද දන්නේ නැනේ...
කොහොමත් මේ ගෙවුනු අමිහිරි අතිතය දිගේ ගලාගෙන දුවන අනාගතයේ ගොඩාක් ලස්සන වෙන්න කියලා හදවතින්ම පතනවා මම
බොහෝම ස්තූතියි දේවා අයියේ....මේ දවස් ටිකේ විභාගේ නිසා මඤ්ඤං වෙලා ඉන්නේ ඒකයි හරියකට පෝස්ට් එකක් දාන්නවත් බැරිවුනේ....
Deleteදුක් සීන් එකක් නේ....දැං හොඳටම හොඳයි නේද ගැමියෝ.....
ReplyDeleteඔව් අයියේ දැන් එල හිටියට වඩා සිය ගුණයක්....
Deleteහයියෝ ,මම නම් සෑහෙන්න පරක්කුයි වගේ...:(( හරි හරි, දැන් මල්ලියා සැපෙන් සනීපෙන් සතුටින් ඉන්නවනේ...!!!
ReplyDeleteවෙනද වගේම කවි ටික එළකිරි...
ඔව් අක්කේ හොඳින් වගේම සතුටින් පරක්කු නෑ අක්කේ...බොහෝම ස්තූතියි ඈ
Deleteකවිය ලස්සනයි..දුකයි..වේදනාවයි.. ඔක්කොමගෙම එකතුවක්.. දැන් මල්ලි හොදින් නේද??
ReplyDeleteදැන් හොඳින් අක්කේ එලම තමා
Deleteඅපොයි පව් වැඩේ. දැනුයි දන්නේ. ඉතින් හොඳටම සනීපද?
ReplyDeleteකවි ටික හරිම අපූරුයි.
පොඩ්ඩි අක්කා මේ ආපු මුල්ම වතාව නේද සාදරෙන් පිළිගන්නවා ඔන්න....දැන් සනීපයි අක්කේ එලකිරි....බොහෝම ස්තූතියි අක්කේ මේ පැත්තේ ආවාට
Deleteපහුගිය සති කීපයක් තිස්සේම මග හැරුනු සහ අළුතින් ආපු බ්ලොග් කියවනවා මිසක් මම සති 2-3ක් යන කම් ආයි නම් ලියන්නෙ නෑ..කියවන්න බැරි උන නිසාම මට මේ ලස්සන නිර්මානෙත් මග ඇරිලා තිබිලා ඕන් උදේ පාන්දරම කියෙව්වා..
ReplyDeleteබොහොම ස්තූතියි වෙනි අයියේ කොමෙන්ටුවට වැඩ වැඩියි කියලනම් දන්නවා ඉතින් ඒ වුනාට මොනා හරි ලියලා දාන්න සතියකට සැරයක්වත් ආසාවෙන් කියවන්න...නිර්මාණය අගය කිරීම ගැනත් බොහෝම ස්තූතියි
Deleteදැන් සියල්ල යහතින් නේද?
ReplyDeleteබොක්කෙන්ම ලියපු කවියක් වගේ!
මේ පැත්තට ආපු පළමු වතාවද මන්දා...:D
බොහෝම සාදරෙන් මේ පැත්තට පිළිගන්නවා කුබූ... දැන් සියල්ල යහතින් සතුටින්...බොහෝම ස්තූතියි කොමෙන්ටුවට
Deleteඅයියෝ ගැමියෝ...මේ කවිය කියවන මටත් ඇඩෙනවා...පොඩිකමටද ගැමියගෙත් වැඩ...
ReplyDeleteබොහෝම ස්තූතියි ඇනෝ... කියවලා කොමෙන්ට් එකක් දාපු එක ලොකු හයියක් ඇනෝ දැම්මත්
Deleteඇනෝ නෙමේ මං මනෝ...
Delete