Monday, March 12, 2012

ඔබෙ කඳුලැලි නිසා නොමැරී මැරෙනවා....

නුඹ හමුවනු පතා
මගෙ සිත හඬනවා
ඒ හැඬුමන් නිසා
මගෙ ළය........ රිදෙනවා....

පෙර දිනවල මෙමා
හමුවන්නට අයැදුවා
එනමුත් නොසිතූ සේ
ඔබ මා නොතැකුවා....

මා හමුවනු පතා
දැන් නුඹ හඬනවා
ඒ හැඬුමන් නිසා
මගේ සිත..... රිදෙනවා....

ඇවිදිනු බැරි නිසා
සයනේ සිටින මා
ඔබෙ කඳුලැලි නිසා
නොමැරී..... මැරෙනවා....














මීට අවුරුද්දකට කලින් අද වගේ දවසක ඇවිදීමේ අපහසුවෙන් පෙලෙමින් සිටියදී දිනපොතේ ලියූවක්.....පින්තූරේ ගත්තේ මෙතැනින් http://beforeimthirty.blogspot.com/ බ්ලොග් එකෙන්....

75 comments:

  1. අද තමා මම මේ පැත්තේ ආවේ යාලු..ලස්සන කවි ටික..අවුරුදු 2 කට කලින් එකක්නේ..දැන් කිසි ආබාධයක් නැතුව සුවයෙන් සිටිනවා කියලා හිතනවා...:)
    මා හමුවනු පතා
    දැන් නුඹ හඬනවා
    ඒ හැඬුමන් නිසා
    මගේ සිත..... රිදෙනවා....ජය..!!!

    ReplyDelete
    Replies
    1. අහා... මම ඒක වෙලාලු..:D

      Delete
    2. පොඩි වැරදීමක් වෙලා දැන් හැදුවා යාළු අවුරුදු දෙකකට කලින් නෙමෙයි අවුරුද්දකට කලින් වෙච්චි දෙයක්....දැන් නම් සෑහෙන්න සුවෙන්..බොහෝම ස්තූතියි කොමෙන්ටුවට අද මුලින්ම ඇවිල්ලා මුලින්ම කොමෙන්ටුව දැම්ම එක නම් මාරයි කියන්න දෙයක් නෑ සුපිරි අහඹු සිදුවීමක්...

      Delete
    3. :O අවුරුද්ද අවුරුදු දෙක වෙලා පෙනිලානේ මට රැ වෙලා හින්ද වෙන ඇති...:) මම හිතුවා මට වැරදිලා කියල...මට නම් ජීවිතේ හැමදාම අහබු දේවල්මනේ වෙන්නේ එක වෙන්න ඇති අප්පා ..:)

      Delete
    4. නෑ නෑ වැරදීම මටයි වුනේ මම පට් ගාලා හැදුවා මුලින් දාලා තිබුනේ අවුරුදු දෙක කියලා තමයි පොඩි ප්‍රින්ටින් මිස් එකක් සොරි හොඳේ....ජීවිතේත් අහඹුවක්නේ නැද්ද :D

      Delete
    5. ඔව් අප්පා ජීවිතේත් අහඹුවක්ම තමා...:D

      Delete
    6. මේ අක්කෙක් කියලා දැන්නේ දන්නේ... :D

      Delete
    7. හික් හික්, අක්කෙක් උනත් අයියෙක් උනත් කමක් නැනේ මලේ.....ඔය වැරදි දෙයක් කිවේ නැනේ ඉතින් මට....:D

      Delete
    8. හොඳට අත දිගෑරලා අයියේ කියලා කියන්න කට හදාගෙන හිටියේ වෙලාවට නොකීවේ...පැතුම් අයියා නොකියන්න තව ඩිංගෙන් කටපුරා අයියා කියනවා...එල එල අක්කේ සන්තෝසයි දිගටම එන්න හොඳේ

      Delete
  2. වේදනාව අතරින් ලිය උන ලස්සන කවි පෙලක්.. දැන් හැමදෙයක්ම හොද අතට හැරිලා තියෙන එකම ලොකු දෙයක්නේ..

    ReplyDelete
    Replies
    1. දැන් නම් හැමදෙයක්ම හිතුවටත් වඩා හොඳ අතට හැරිලා තියෙන්නේ අයියේ හිතාගන්න බෑ ඒ කාලේ කොහොම පහු කරාද කියලා...ඉවසන්න බැරිම තැන මම කොන්ද තදට හිටින්න දාන කවරෙකුත් දාගෙන ගියා එයාව හම්බුවෙන්න....ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  3. දැන් සුවෙන් ඇති කියල හිතනවා මලේ. ඒවගේම දැන්නම් මදි නොකියන්න හමුවෙනවා ඇති නේ.

    ReplyDelete
    Replies
    1. දැන් නම් හොඳින් හි හි මදි නොකියන්න හම්බුවෙන්න තරම් පිනක් නෑ අප්පා තාමත් මාසෙකට එක පාරයි ඒකත් බොහොම අමාරුවෙන් උදා කරගන්නේ මේ මාසේ යන්න වෙන්නේ නෑ ආයේ ඊළඟ මාසේ තමා....ළඟ පාත නෙමේනේ...බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  4. දැන් සනීපයි නේද මල්ලි..? එතකොට දැන් හමු වෙනවනෙ...හා..හා.හා..

    ReplyDelete
    Replies
    1. මාර වැඩක්නෙ මට මේ බ්ලොග් එක කලින් හමු උනේ නැහැ නැහැ වගේ.....ඒ මොකෝ? ඒකත් දිනේශ්ගෙ බ්ලොගේ වගේ මගෙන් හැංගුනාවත්ද?

      Delete
    2. සනීපයි අක්කේ....හි හි එහෙම නෑ අප්පා හිතේ හැටියට හම්බුවෙන්න බෑ තාම ඒකටත් ලෝකේ නැති ගැට ගහලා තමා යන්නේ චුට්ටයි පිං කරලා තියෙන්නේ..

      අඩේ මම හිතුවා ඔයා ඇවිත් යන්න ඇති කියලා කලින් සාදරෙන් පිළිගන්නවා ක්‍රිල්ලි අක්කේ....බොහොම ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  5. ගැමියාගේ කවි ලස්සනයිනේ ..... එල එල ...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ ලොකු හයියක් මේ වචන

      Delete
  6. ලස්සන කවි ටිකක්..සින්දුවක් වත් කලොත් නරකද?

    ReplyDelete
    Replies
    1. ගැමියගෙ සමහර කවි මට දැනෙන්නෙත් සින්දු වගෙයි රූ... මේකත් එහෙමයි....

      Delete
    2. බොහෝම ස්තූතියි රූ අක්කේ සිංදුවක් කරන්න ට්‍රයි කොලා ඒ වුනාට තාම ඒවා කවුරුත් කිව්වේ නෑනේ....

      මියුරු අක්ක කලිනුත් ඕකම කිව්වා ඕං චුට්ට වෙන්න ආඩම්බරේකුත් එනවා දැන් තැන්කූ හොඳේ

      Delete
  7. ම්ම්...
    පුංචි කවි පේලියේ ඔයාලගේ ආදරේ මහ ගොඩක් ලියවිලා තියෙනවා..දෙන්නටම ලස්සන අනාගතයක්.. :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කේ ආදරේ වේදනා තමා ලියවුනේ ඉතින්

      Delete
  8. Replies
    1. අයියෝ ගනන් ගන්න එපා ඒ සේරම හරේ....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  9. ම්ම්ම්ම්....ලස්සනයි...
    දැන් සනීපෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ දැන් හිටියට වඩා සනීපෙන් ඉන්නේ

      Delete
  10. නියම කවි ටික මල්ලි.

    ReplyDelete
  11. වේදනාව අතරින් ආදරෙ මහ ගොඩක් එලියට දාපු
    ලස්සනම ලස්සන
    සංවේදී කවි පෙලක්.....

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න දුකකින් ඉද්දි කරන්න දෙයක් නැතිකමටමයි ලියවුනේ...බොහෝම ස්තූතියි නංගී

      Delete
  12. හෆ්ෆා හරි වැඩේ අද මම පරක්කු වුණානේ. මොනා කොරන්නද? මේ කවි ටික මං තව තැනක දැක්ක. හිටින්න මං එතෙන්ට ගිහින් පොඩි වැඩක් කරලා එන්නං. :)

    ReplyDelete
    Replies
    1. මේකත් පරක්කුවක්ද මලේ එතන කොරපු වැඩේ දැක්කා එල එල බොහෝම ස්තූතියි හොඳේ

      Delete
  13. වේදනාත්මක බව ගැබ් වෙලා තියෙනව. සියල්ල හොඳ අතට හැරුන එක ගැන සතුටුයි ගැමියෝ.......

    ReplyDelete
    Replies
    1. හැම දෙයක්ම හොඳ අතට හැරුණා හිතුවටත් වඩා ඉක්මනට හැබැයි උ/පෙ හැර....බොහෝම ස්තූතියි අයියේ

      Delete
  14. ගැමිය ලියූ කවි....හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. ඔබා මාමට ගිය හිනාව බලපල්ලකෝ! ගැමි අයිය මෙච්චර දවස් සද්ද නැතුව හිටියෙ මොකෝ? ගොඩ කාලෙකින්නේ......

      Delete
    2. මොකෝ දන්නේ නෑ මාමා හිනාවුනේ ඇත්තටම ඇයි ඈ...

      මේ දවස්වල ඔළුව යකාගේ කම්මල වගේ බට්ටෝ ඉතින් කොහේ ලියන්නද ඉවසලා බැරිම තැනයි මේ දැම්මේ..

      Delete
  15. කවිය දුක හිතෙනවා මල්ලියෝ..කොහොම උනත් ඔයාට දැන් හොදයිනේ...

    ReplyDelete
    Replies
    1. දැන් හොඳයි අක්කේ කොහොම ලියන්න හැදුවත් මට වැඩිහරියක් ලියවෙන්නේ දුක් සහිත එව්වමයිනේ බොහෝම ස්තූථියි අක්කේ කොමෙන්ටුවට

      Delete
  16. හිරු අක්කා එක වෙලානේ. මොන හරි තෑග්ගක් දෙන්න වෙයි ගැමී..

    තමන්ගේ සැබෑ අත්දැකීමක් පාදකකොටගෙන නිමවෙන නිර්මානයක තියෙන්නේ හරි අමුතු ලස්සනක් ගැමී...>

    ReplyDelete
    Replies
    1. අඩේ හිරු කියන්නේ අක්කෙක්ද මලා මම හිතුවේ අයියෙක් කියලා...එයා එක කියන්නේ ඒක එකෙත් එක මුල්ම සැරේ ඇවිල්ලා එයාගේ මුල්ම කොමෙන්ටුව මගේ බ්ලොග් පෝස්ට් එකෙත් මුල්ම කොමෙන්ටුව විදියට දාපු එක මාරයි....

      ඇත්තටම හිතින් මවාගෙන ලියනවට වඩා වෙච්චි දෙයක් අකුරු කරන එක මාරම නිදහස්....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  17. ලස්සනයි පද ටික...
    දැන් ඉතින් හැමදේම හොඳින් නේ. සතුටුයි ඒ ගැන මලේ.
    ජයවේවා! :DD

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කේ ඔයාටත් ජය වේවා තව කොල්ලෝ ගැන සමීක්ෂණ කරන්න ලැබේවා :D:D

      Delete
  18. හම්මේ...දැන් ඇවිදීමේ ප්‍රශ්න ඔක්කොම හරි කියලා හිතනවා..ලස්සනයි කවි ටික

    ReplyDelete
    Replies
    1. දැන් හොඳින් සුනාමි අක්කේ බොහෝම ස්තූතියි ඈ

      Delete
  19. ඒ කාලේ හිතින් විඳපු දුක තේරෙනවා.ද්ක්න් ඉතිං හැම දෙයක්ම හොඳින් සිද්ද වුනා නේ.

    ReplyDelete
    Replies
    1. ඕ යෑස් අයියේ දැන් ඉතින් හැම දේම හොඳින් බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  20. ඊයෙම ඇවිත් කවිය බැලුව කොහෙද ඉතින් කමෙන්ට් එකක් දාන්න හම්බ උනේ නෑ.. ආයෙත් කවිය බලලා කමෙන්ට් එකක් දාන්නත් හිතාගන අවේ... කවිය නම් ලස්සනයි... එත් මං ආසම කරන්නේ මෙන්න මේ ටිකට...

    නුඹ හමුවනු පතා
    මගෙ සිත හඬනවා
    ඒ හැඬුමන් නිසා
    මගෙ ළය........ රිදෙනවා....

    අවුරුදු දෙකකට පස්සේ මටත් හරියාගන එන්නේ... හි හි.. ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. සුභදායක ආරංචියක් නියමයි හැමදේම හරියයි ඔන්න මගේ උණුසුම් සුභ පැතුම්...දැන් හිටියට වඩා සිය ගුණයක් සනීපෙන් ඉන්නේ බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  21. අද තමා මේ පැත්තට හොඩ වැදුනේ. මුලින් ලිපි කීපයක්ම බලලා හිටියා.වෙද ගෙදර ගැන ලියවුනු කතා බලලා පුදුමයටත් දුකටත් පත් උනා. ඉඩ තියෙන වෙලාවට දිගටම කියවලා බලන්නම්.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ගොඩවුනු එක ගැන බොහෝම සන්තෝසයි කාව්යෝ(කියවන්න අමාරුයි අප්පා බැරිද නිකන් "කඩියා" වගේ නමක් දාගන්න)...කාවෝ කියලා කිව්වට අමනාප වෙන එකක් නෑ කියලා හිතනවා....පුළු පුළුවන් වෙලාවට මේ පැත්තේ ඇවිත් යන්නකෝ ඉතින්....මේ අක්කෙක් වෙන්නැති කියලා හිතනවා....බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

      Delete
    2. අයියෝ හැමෝම මට කියන්නේ කවී කියලා ඔයත් එහෙම කියන්න. ඔව් මම අක්කෙක් වෙන්න ඇති කියලා හිතනවා. දිගටම එන්න අදහස් කරගෙන සිටිනවා වෙන වෙනම කොමෙන්ටු නොදැම්මත් ලිපි කීපයක් කියවලා ඉවරයි මේ වෙනකොට

      Delete
    3. අක්කෙක් විය යුතුමයි කියලා හිතමුකෝ....ඔයාගේ වටිනා කාලය මගේ ලිපි කියවන්න වැය කරපු එකටත් බොහෝම ස්තූතියි කවී අක්කෝ..ඕං දැං හරි කවී කියන එක ලේසියි තමා කඩියා කියනවට වඩා

      Delete
  22. ගැමිය දැන් යහතින් ඉන්නවනේ!
    ප්‍රේමයත් හොදින් කියල හිතනව!:)
    ලස්සනයි මචන් කවි ටික!

    ReplyDelete
    Replies
    1. යහතින් ප්‍රේමයත් කරගෙන ඉන්නවා අයියේ බොහෝම ස්තූතියි ඈ කොමෙන්ටුවට

      Delete
  23. මල්ලියෝ... ටිකක් නම් මම ලේට්... ඒත් මේ ටිකේ මම බැලුවේ කොහෙද කියලා බ්ලොග් එක පැත්තේ ඇවිත් තිබුනේත් නැනේ...

    මම ෆේස් බුකියෙත් බැලුවා.. කොහෙද රික්වෙස්ට් දැම්මා කිවාට මොන නමින්ද දන්නේ නැනේ...

    කොහොමත් මේ ගෙවුනු අමිහිරි අතිතය දිගේ ගලාගෙන දුවන අනාගතයේ ගොඩාක් ලස්සන වෙන්න කියලා හදවතින්ම පතනවා මම

    ReplyDelete
  24. දේවා අයියා දාපු කොමෙන්ටුවක් පබ්ලිෂ් වෙලා නෑනේ ඕං පහලින් දාන්නම්කෝ ඒක
    -----------------------------------------------------------
    දේවා ගේ අඩවිය has left a new comment on your post "ඔබෙ කඳුලැලි නිසා නොමැරී මැරෙනවා....":

    මල්ලියෝ... ටිකක් නම් මම ලේට්... ඒත් මේ ටිකේ මම බැලුවේ කොහෙද කියලා බ්ලොග් එක පැත්තේ ඇවිත් තිබුනේත් නැනේ...

    මම ෆේස් බුකියෙත් බැලුවා.. කොහෙද රික්වෙස්ට් දැම්මා කිවාට මොන නමින්ද දන්නේ නැනේ...

    කොහොමත් මේ ගෙවුනු අමිහිරි අතිතය දිගේ ගලාගෙන දුවන අනාගතයේ ගොඩාක් ලස්සන වෙන්න කියලා හදවතින්ම පතනවා මම

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි දේවා අයියේ....මේ දවස් ටිකේ විභාගේ නිසා මඤ්ඤං වෙලා ඉන්නේ ඒකයි හරියකට පෝස්ට් එකක් දාන්නවත් බැරිවුනේ....

      Delete
  25. දුක් සීන් එකක් නේ....දැං හොඳටම හොඳයි නේද ගැමියෝ.....

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ දැන් එල හිටියට වඩා සිය ගුණයක්....

      Delete
  26. හයියෝ ,මම නම් සෑහෙන්න පරක්කුයි වගේ...:(( හරි හරි, දැන් මල්ලියා සැපෙන් සනීපෙන් සතුටින් ඉන්නවනේ...!!!
    වෙනද වගේම කවි ටික එළකිරි...

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ හොඳින් වගේම සතුටින් පරක්කු නෑ අක්කේ...බොහෝම ස්තූතියි ඈ

      Delete
  27. කවිය ලස්සනයි..දුකයි..වේදනාවයි.. ඔක්කොමගෙම එකතුවක්.. දැන් මල්ලි හොදින් නේද??

    ReplyDelete
  28. අපොයි පව් වැඩේ. දැනුයි දන්නේ. ඉතින් හොඳටම සනීපද?

    කවි ටික හරිම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි අක්කා මේ ආපු මුල්ම වතාව නේද සාදරෙන් පිළිගන්නවා ඔන්න....දැන් සනීපයි අක්කේ එලකිරි....බොහෝම ස්තූතියි අක්කේ මේ පැත්තේ ආවාට

      Delete
  29. පහුගිය සති කීපයක් තිස්සේම මග හැරුනු සහ අළුතින් ආපු බ්ලොග් කියවනවා මිසක් මම සති 2-3ක් යන කම් ආයි නම් ලියන්නෙ නෑ..කියවන්න බැරි උන නිසාම මට මේ ලස්සන නිර්මානෙත් මග ඇරිලා තිබිලා ඕන් උදේ පාන්දරම කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වෙනි අයියේ කොමෙන්ටුවට වැඩ වැඩියි කියලනම් දන්නවා ඉතින් ඒ වුනාට මොනා හරි ලියලා දාන්න සතියකට සැරයක්වත් ආසාවෙන් කියවන්න...නිර්මාණය අගය කිරීම ගැනත් බොහෝම ස්තූතියි

      Delete
  30. දැන් සියල්ල යහතින් නේද?
    බොක්කෙන්ම ලියපු කවියක් වගේ!

    මේ පැත්තට ආපු පළමු වතාවද මන්දා...:D

    ReplyDelete
    Replies
    1. බොහෝම සාදරෙන් මේ පැත්තට පිළිගන්නවා කුබූ... දැන් සියල්ල යහතින් සතුටින්...බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  31. අයියෝ ගැමියෝ...මේ කවිය කියවන මටත් ඇඩෙනවා...පොඩිකමටද ගැමියගෙත් වැඩ...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඇනෝ... කියවලා කොමෙන්ට් එකක් දාපු එක ලොකු හයියක් ඇනෝ දැම්මත්

      Delete
    2. ඇනෝ නෙමේ මං මනෝ...

      Delete