Thursday, March 22, 2012

මම මැරිලද.............මැරෙයිද.....??


එක පාරටම කළුවර වුනේ කොහොමද.කිසිම සද්දයක් ඇහෙන්නේ නැති තැනක මම හිරවෙලා වගේ ඒත් එහෙම වුනේ කොහොමද මම මෙච්චර වෙලා මගේ කෙල්ල එක්ක මලක් කඩ කඩනේ හිටියේ.....

හෙලෝ හෙලෝ අනේ කතාකරන්නකෝ කවිඳු....හෙලෝ....

ඒ නිශා තමයි ඒත් කොහෙද ඔයා කෝ මගේ ෆෝන් එක.නිශා.......

මගෙ අතින් වැරැද්දක් වුනා නම් මට සමාවෙන්න පැටියෝ මම ඔයාට කවදාවත් වැරැද්දක් කරලා නෑ හීනෙකින්වත්....ඔයාට පුළුවන් වුනාම මට කෝල් එකක් ගන්න මම බලාගෙන ඉන්නවා රත්තරනේ....

බීප්........

ඒ නිශාම තමයි.කෝල් එක කට් කලා දැන්නම් මට යන්තම් පේනවා වගේ.මාව එක පාරටම අන්ධ වුනාද ඇයි මෙහෙම වුනේ.යන්තමින් පෙනීම එනකොට මම දැක්කේ එහා මෙහා වේගෙන් යන එළි ටිකක්.මම ඔළුවේ අතගහගන්නයි හැදුවේ ඒත් මට කිසි දෙයක් දැනෙන්නේ නෑ.....

කෝ දෙයියනේ මගේ අත් කෝ මගේ ඇඟ......

මම මැරිලද.............

නෑ එහෙම වෙන්න බෑ මම ගෙදරනේ හිටියේ එක පාරටම මැරෙන්න හේතුවක් නෑ.මේ හීනයක්ද.....

බීප් බීප්........ බීප් බීප්.......

කෑවද රත්තරනේ මම එනකන් ඔයා ගොඩක් වෙලා බලන් හිටියද....අපේ අම්මා ආවනේ නැත්තම් මම ඉක්මනටම එනවනෙ වෙනදා...තරහද මාත් එක්ක

නෑ නිශා මං.....”  එයාට උත්තර දෙන්න හිතලත් මට අමුත්තක් දැනිලා මම නිහඬ වුනා....

ඔව් පිස්සියේ මම කෑවා මෙච්චර වෙලා නොකා ඉන්න මම ඔටුවෙක් කියලා හිතුවද පිස්සි

අම්මා එනවා පැටියෝ මම යන්නම්......

බීප්......................

මම මොකද කරන්නේ.....මම ඉන්නේ කොහේද?? ඒ කතාකලේ මම නෙමෙයිනේ එතකොට ඒ කවුද....මේ හීනයක්ද අනේ දෙයියනේ මට හැමදාම මේවා අහ අහ ඉන්න වෙයි.....මට මැරෙන්න හිතෙනවා ඒත් කොහොමද මට හිතාගන්න බෑ......

බීප් බීප්.....බීප් බීප්....

හෙලෝ මීනු.......කොහොමද බං සැප සනීප උඹ කවද්ද බෝඩිමට එන්නේ ආයෙමත් මට තනියෙන් සල්ලි ටික ගෙවාගන්න බෑ..... තව කොල්ලෙක්ව සෙට් කරගන්න වෙනවා උඹ නාවොත්...

තව සතියක් දියං කෙල්ලේ....ප්‍රභාත්ට තාම සනීප නෑ මට එයාව දාලා එන්න බෑ මේ වෙලාවේ මම ළඟින් නැතිවුනොත් එයා කොහොම දරා ගන්නද.....

උඹ ඔය අබ්බගාතයෙක් එක්ක නැහෙන්නේ නැතුව මම කියපු විදියට හිටියනම් ඉවරයිනේ හරකි උඹට මොලේ නෑ.උඹ ඌ වෙනුවෙන් කීයක් නාස්ති කලාද බලහං....වරෙන්කෝ කියලා දෙන්න අතින් වියදම් නොවී ජීවත් වෙන හැටි

නිශා උඹේ විදියට ජීවත් වෙන්න මට ඕනේ නෑ මේ කොල්ලා මට ජීවිතේටත් වඩා වටිනවා....මම තියන්නම්....පුළුවන්නම් බෝඩිම බෙදා ගන්න වෙන කෙල්ලක් හොයාගනින්.....

මී හරකියක්.....

නිශා ඒ අහිංසක කෙල්ලට බනිනවා යන්තම් ඇසෙනවාත් එක්කම කිසිදෙයක් ඇහෙන්නේ නැතිව ගියා..

ගාමන්ට් එකට අළුත් කෑලි ටිකක් බැහැලා කියලා මගේ යාළුවෙක් මාව ඇදගෙන ගියේ මුලින් මාව දාලා වෙන ලෝකෙකට යන්නම ගියපු මට ඇත්තටම ආදරේ කරපු කෙල්ල නිසා මම දුක් විඳිනවා උන්ටත් බලාගෙන ඉන්න බැරිවුනා නිසා.

මම මැරිලද.........

නෑ කවිඳු ඔයාට දැන්ම මැරෙන්න බෑ

ආයේ කවදාවත්ම අහන්න බැරිවේවි කියලා හිතුව කටහඬ මට ඇහෙනවා....ඒ ගයාත්‍රිම තමයි

ගයාත්‍රි මේ ඔයාද.....??  මම කොයිතරම් ඔයා ලඟට එන්න හැදුවද ගයාත්‍රි ඒත් මට ඔයා ගාවට එන්න පින නෑ....

ඔයා මගේ ලඟට එන්න හදපු හැටි මම දැක්කා කවිඳු මම ඔයා ලඟින්මයි හිටියේ මම මොහොතකටවත් ඔයාව තනි කලේ නෑ....ඔයාට දැන්ම මා ගාවට එන්න දෙන්න බෑ කවිඳු මමයි ඔයාව නැවැත්තුවේ

දැන් මම ඉන්නේ කොහෙද ගයාත්‍රි???

ඔයා යාළුවෙච්චි කෙල්ල ගැන මම හොඳට දැනගෙන හිටියා කවිඳු ඒත් මම ඔයාව එතනින් වෙන් නොකලේ ඔයා සැනසිල්ලේ ඉන්නවා දැකලා....ඒත් තව පොඩ්ඩෙන් අද ඔයාගේ ජීවිතේ නැතිවෙනවා එයා නිසා

ඒ කොහොමද...??

ඔයා අකුණු ගහන අතරේ එයාගේ කෝල් එකට කතා කරලා පස්සේ ගන්නම් කිව්වාම එයා තරහ වුනානේ...ඊට පස්සේ ඔයා දිගටම කතා කරන්නම් කියනකොටම ඔයාට අකුණක් වදින්න ආවා.....

දෙයියනේ......මට තේරෙන්නෑ එතකොට මොකද වුනේ මට හංගන්න එපා ගයාත්‍රි...

වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ කවිඳු ඔයාගේ මනෝකාය අරගෙන බේරගන්නවා ඇරෙන්න....මම ඔයාගේ මනෝකායත් එක්ක බැඳිලා යන්න පුළුවන් ලඟම පාර දිගේ ගියා....ඔයාට හිතාගන්න අමාරු වුනත් ඔයා දැන් ඉන්නේ…….”

කොහෙද රත්තරනේ

නිශාගේ ෆෝන් එක ඇතුලේ...........


යකෝ මේකි මෙච්චර කල් මම දාපු සල්ලිවලින් කරලා තියෙන්නේ වෙන කොල්ලෝ එක්ක ෆෝන් එකෙන් කතා කරලා උන් එක්ක බුදියගත්තු එකද දැන්නම් මට මේකිත් එක්ක තරහක් එන්නේ...
මට හීනෙකින්වත් වරදක් නොකරනවා කිව්ව නිශා....මට විතරමයි ආදරේ කිව්ව නිශා..... දැන් වෙන එකෙක් එක්ක හුරතල් වෙනවා.මේක වෙන්න පුළුවන් දෙයක්ද අනේ මේක හීනයක් විතරක්ම වෙයන්.ඒත් මේක ඉවරයක් නෑ කන් දෙක වහගන්න විදියකුත් නෑ ඇයි මාව මෙහෙම රිද්දවන්නේ නිශා මම මොන වැරැද්දක් කලාටද....අහගෙන ඉන්න බැරිතරම් දුක හිතෙන මට මාවම මරාගන්න හිතෙන සංවාදයක්...සිදුනොවුනු කිසිම දෙයක් නෑ ඒ සංවාදේ හැමදේම වුනා......

ඇයි නිශා මට මෙහෙම කලේ....

නිශා එතකොට ඉන්නේ ගෙදරකත් නෙමෙයි.බොරුවට අම්මා එනවා කියලා කෝල් කට් කරන්නේ අනික් කොල්ලට ඉක්මන්ට ගන්නම තමයි.මම පිස්සෙක් වගේ මේකි මත්තේ නැහුනනේ අපරාදේ මගේ ජීවිතේ.....

ඉබේ විසඳෙන ප්‍රෙහේලිකාවක් වගේ සේරම දේවල් දැන් පැහැදිලියි මෙච්චර වෙලා මට ඇහුනේ නිශාගේ කෝල් තමයි මේ හීනයක් නෙමෙයි....මම මැරෙයි ඔව් එහෙම වුනොත් හොඳයි මට මගේ ගයාත්‍රි එක්ක ඉන්න පුළුවන් මට වෙන කිසිම දෙයක් වැඩක් නෑ...

ඔයාට මාත් එක්ක එන්න බෑ කවිඳු.....ඔයාගේ ශරීරේ දැන් ඉස්පිරිතාලේ දැන් තමයි ඔයාට යන්න හොඳම වෙලාව....මට තාම මතකයි කවිඳු ඔයා කිව්වා කවදහරි වාහනයක් අරන් අම්මලව වන්දනා ගමනක් එක්කන් යන්න තියෙන ආසාව ගැන.....ඔයාට ඒ දේ කරන්න පුළුවන් රත්තරනේ මම ඔයා එක්කම ඉන්නවා ඔයාට තව කවුරුහරි හම්බුවෙයි මම ඔයාව තනි කරන්නේ නෑ කවිඳු.....මම හැමදාමත් වගේ ඔයාට ආදරෙයි.....

යන්න එපා ගයාත්‍රි මාවත් අරගෙන යන්න....ගයාත්‍රි..............

 ලෙඩාට සිහිය ආවා සෑහෙන්න ලොකු කම්පනයක ඉන්නේ...... මාස කීපයක් යයි සාමාන්‍ය තත්වයට එන්න.... ඔයා ලෙඩාගේ කවුද??

මම ආයේ එන්නේ නෑ මිස්.... ලෙඩාට සනීප වුනාම කියන්න ගයාත්‍රි එයාට කරදරයක් වෙන්න නොදී බලාගන්නවා ඒ නිසා සන්තෝසෙන් ඉන්න කියලා....මම යන්නම් මිස්


ප/ලි

පින්තූරය ගත්තේ මෙතැනින් http://www.francesfox.com/wp-content/uploads/man-out-of-body-small.jpg
මේක තමයි මම මුලින්ම කෙටි කතාවක් කියලා ලිව්වේ....අවවාද උපදෙස් සෑහෙන්න ගෞරවයෙන් පිළිගන්නවා ගල් මුල් වුනත් කමක් නෑ එවන්න...

80 comments:

  1. මනෝකාය ෆෝන් එක ඇතුළෙ ඉන්න කතාව නම් ටිකක් අභව්‍යයි වගේ.. අනිත් ටික නම් නියමයි..

    අන්තිම් වාක්‍යයත් ටිකක් අමුතුයි.. ගයාත්‍රි මැරිලා නම්.. කොහොමද මිසීත් එක්ක කතා කළේ..

    සමස්ථයක් විදිහට හොඳ පරිකල්පනයක්...

    ReplyDelete
    Replies
    1. මටත් දැනුයි අයියේ තේරෙන්නේ මනෝකාය ෆෝන් එකක් ඇතුලේ ඉන්න විදියක් නැති බව ඒක ලොකූ වැරැද්දක්...අන්තිම වාක්‍යය නොදා තමයි මුලින්ම පෝස්ට් එක පබ්ලිෂ් කරේ ඒත් ආයේ නිකමට හිතලා තමා දැම්මේ....මම උත්සහ කලේ ලෙඩා මේ දැක්කේ හීනයක් නෙමෙයි කියන්න ඒකට මිනිස් වේශයෙන් ගයාත්‍රිව ආයේ එවන්නයි හැදුවේ....ඒකත් අප්සට් වගේ නේද....බොහෝම ස්තූතියි අයියේ සෑහෙන්න වටින කොමෙන්ටුවක්

      Delete
  2. කතාව ලස්සනයි.. මමත් මුලින් ටිකක් හොල්මන් උනා මේ මොකක්ද කියලා.. උඩින් කමෙන්ට් එක දාපු අයියගේ අදහස් එක්ක මාත් එකගයි..

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් පැටලිම් සහගතයි තමා තව පුරුදු වෙන්න වෙනවා අයියේ....ඉන්නකෝ ඊළඟ කතාව මීට වඩා සෑහෙන්න හොඳට දාන්න ට්‍රයි එකක් දෙන්නම්කෝ...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවක් දාලා මාව ශක්තිමත් කලාට

      Delete
  3. හොඳ උපකල්පනයක්..! මනෝකාය ෆෝන් එකේ නතරවුණා වෙනුවට ඒ ෆොන් එකේ තරංග අතර අතරමං වුණා වගේ දෙයක් මල්ලියා මෙතනින් අදහස්කලේ කියලා මං හිතනවා.. :)

    අන්තිම ටික මට දැනුනෙ මැරුණු අය ජීවත්වෙන අයට පෙනිලා නැවත සැඟවෙන විදිහෙ කොටසක් වගේ.. ඒ වගේ දේවල් සිද්ධ වෙනවනේ.. :) ඒ ටික තව විස්තර වුණානම් හොඳයි කියලා හිතුණා මල්ලියෝ..

    කෙටි කතාවක මුල් පියවර ගොඩක් සාර්ථකයි කියලා මට දැනුනෙ.. අමුතු වෙනසක්..!
    සුබ පැතුම් මේ පියවරින් ඉදිරියටම යන්න..!!!

    ReplyDelete
    Replies
    1. අඩේ....මේ තියෙන්නේ අදහස්නේ අක්කේ....මම අදහස් කරන්න හැදුවේ නිකන් පරිපථයකෙ මනෝකාය හිරවෙලා එකක්.....

      අක්කා හිතුව විදිය හරියටම හරි අක්කේ මම අදහස් කලෙත් ඒකම තමා නැත්තම් ඒ කොල්ලට වුනත් හිතෙයිනේ මේ හීනයක් විතරයි කියලා...තව විස්තර කලානම් හොඳයි තමා අක්කේ ඒත් මට ඒ චරිතයට ආරූඩ වෙන්න බැරි වුනානේ...

      බොහෝම ස්තූතියි අක්කේ මේ කොමෙන්ටුවට සෑහෙන්න වටිනවා මට හැදෙන්න

      Delete
  4. මනෝකාය පෝන් එක අස්සෙ ගිහින්...හැක්! ඔයින් ගියා ඇති.. ඕක වෙන කොහෙ හරි අස්සක යන්නෙ නැතුව.........

    කෝම උනත් හොඳ උත්සාහයක්...ලියන්න බලන්න මේ වගේ අමුතු මාදිලියෙ තව එකක්..!

    ReplyDelete
    Replies
    1. සිකේ.... වෙන කොහෙ අස්සක යන්නද?

      Delete
    2. වින්චැට්+වලි+කිරිල්ලි අක්කේ,

      හපෝයි වෙන කොහේ යන්නද අක්කේ මනෝකාය වුනත් මේ ලැජ්ජාවට බයට හැදුනු මනෝකායක් හි හි වෙන කොහේ හරි ගියානම් මනෝකායටත් යන එනමං නැතිවෙන්න තිබුනා.....(වෙන මුකුත් හිතෙන්නේම නැද්ද අප්පා)

      බොහෝම ස්තූතියි වලිකිරිල්ලි අක්කේ තව ලියන්න කලින් දහ දොලොස් වතාවක් කියවන්නම වෙනවා නැත්තම් ඊළඟ සැරේ අහුවෙන එකෙන් දමලා ගහයි..
      -----------------------------------------------------------
      බට්ටා මලේ,

      බලහංකෝ බං මලක් වගේ ඉන්න මනෝකායත් නරක් කරන්න හදනවානේ

      Delete
    3. ඇයි වෙන අස්සවල් නැද්ද ඒකට යන්න? කන අස්සට... ඔලුව අස්සට...බඩ අස්සට...සිකේයියා බට්ටගෙ තියන කැත හිත..!!!!

      Delete
    4. හපෝයි කිරිල්ලි හිතලා තියෙන දුර.... මොනා උනත් මේ මනෝකාය හොඳ හැදිච්ච එකක් හොඳේ.... අස්සක් කියන වචනේ තේරුම අනුවනම් හරියන්නේ කන අස්ස කියන එක විතරයිනේ අප්පා අනික්වා ඇතුලටනේ යන්න ඕනේ

      Delete
  5. අමුතුම විදියේ ලස්සන අදහසක්...අන්තිම වාක්‍ය නැති උනා නම් ගොඩක් හොඳයි කියල හිතනවා. මොනවා උනත් තරු 5 ක් දෙන්න පුළුවන් මේකට :)

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා අක්කේ අපරාදේ අන්තිම වාක්‍යය දැම්මේ කියලා....තරු 5ක් ඇතිනේ බොහෝම ස්තූතියි අක්කේ....

      Delete
  6. මට මතක් උනේ "සයිලන්ට් හිල්" චිත්‍රපටිය..හොඳ උත්සාහයක්..කෙටි කතාවක් ලියන කොට සහ ඔබගේම ජීවිතයේ ඇත්ත සිදුවීමක් ලියන කොට තියෙන දුර අවම කර ගන්ඩ..සිදු නොවුනු දෙයක් තමයි..පුළුවන් තරම් සිදු උනු සහ ඒ වෙලාවෙසිදු විය හැකි යැයි අනුමාන කරන සියළු දේවල් ඇතුල් කරන්න..කෙටිකතා මන් කියන්නෙ පොත්..කියවන්න . ඔබට ජය !

    ReplyDelete
    Replies
    1. කෙටි කතා කප්පිත්තෙක් වෙන ඔයාගේ කොමෙන්ට් එක මට මාර වටිනවා.....මටත් තේරෙනවා දැන්නම් ජීව ගුනේ රැකෙන්න නම් ඒ චරිතය අපිට ආරූඩ කරන් ලියන්න ඕනේ කියලා.....මේ උපදේශය මට ගොඩාක් වටිනවා අයියේ හැකි සෑම විටකම කියවන්නම් සෑහෙන්න කාලෙකින් කියෙව්වේ නෑ නම් තමයි...බොහෝම ස්තූතියි වෙනී අයියේ

      Delete
  7. පව් බං සිහිය ආවහම ආයෙත් සිහිය නැති වෙන්න ඇති..

    ගැමියාගේ සොදුරු උත්සාහය සාර්ථක බැවි හැ‍ගේ.. ජය පතමි..

    තේරෙන භාෂාවෙන් නම් "එල මචං"

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සැමා අයියේ හි හි ෂුවර් එකටම එහෙම වෙනවා මැරිච්ච කෙල්ල ඇවිත් ගියා කිව්වම....

      Delete
  8. අමුතු ගතියක් තියෙනවා. තව තවත් නිර්මාණ කරන්න.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කිරිපුතා අයියේ....

      Delete
  9. කොච්චර ලොකු ලියන්නෙකුට උනත් 100% ක් වරදින් නැතිව ලියන්න බෑ බං.
    වැරැද්දක් තියෙනවනං ඒව හදාගෙන ඉස්සරහටත් ලියමු ගැමිය මල්ලි. ජය.

    *ලියන්නා යනු 'ලියන්නා' බ්ලොග් එක ලියන වෙනී අයියා නොවන බව සලකන්න. :D

    ReplyDelete
    Replies
    1. මම කාලයක් හිතාගෙන හිටියේ ලියන්නා කියන්නේ වෙනි අයියගෙම චරිතයක් කියලා ඒත් දැන් තේරෙනවා එයා ඒ චරිතේ හිතේ මවපු එකක් කියලා පහුගිය කතාවෙන්ම...බොහෝම ස්තූතියි අයියේ දිරිමත් කිරීම්වලට...ඊළඟ කතාව කොහොම හරි දියුණු කරන්නම්...

      Delete
  10. හොද නිර්මාණයක්. ඔබේ හැකියාව ඉතාම වටිනවා. පොඩ්ඩක් අභව්‍ය ගතියක් දැනුනත් මම ආසයි කථාවට. තව ටිකක් උත්සාහ කලොත් ඔබට වටිනා ලේඛකයෙක් වීමට හැකියි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි වෙද මහතානෙනි...තව සෑහෙන්න උත්සහ කරන්න වෙනවා තාම මම පහලම පඩියේ ඉන්නේ...මේ වගේ කොමෙන්ට්ස් මට මාරම හයියක්...ගිය පාර කතාවේ පිළිකාවයි ඒඩ්සුයි පැටලුනානේ මේ පාරත් කතාව අසම්පූර්ණයි වගේ..

      Delete
  11. හොඳයි මලයා උත්සාහය ..... තව ලියද්දි ඔය පොඩි පොඩි කේස් නැතිවෙයි ,,,,

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ මම ලියන්න පටන් ගත්තු දවසේ ඉඳන්ම මාව දිරිමත් කරන අයගෙන් කෙනෙක් තමා ඔයත්

      Delete
  12. මුලදී මේ මොන අන්ඩර දෙමලයක්ද කියලා හිතුනා මගින් කතාව බලන එක නවත්තනන්ත් හිතුනා ඒත් කියවගෙන ගියා.අන්තිමට එනකොට ඔයා සාර්ථකයි කියලා දැනුනා. හොද උත්සහයක් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. අඩේ මුලින් එහෙමත් හිතුනද.... හම්මෝ අන්තිම වෙනකන් කියවපු එකම මදැයි ස්තූති කරන්න....යන්තම් හරි සාර්ථක නම් ඊළඟ පියවරට අඩිය තියන්න ඇහැකි...බොහෝම ස්තූතියි කවී අක්කේ

      Delete
  13. ස්ටොරිය නම් හොදයි,එත් මීට වඩා හොදට පෙළගස්වන්න තිබුණ කියල මටනම් හිතෙන්නේ ගැමියෝ :-/
    පසුබට වෙන්න එපා බන්!
    නයිස් ට්‍රයි :P

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා අයියේ....මේ කොමෙන්ට් වලින් දෙයක් අරගෙන මේ කතාව ආයෙම ලියලා තියාගන්න ඕන..... බොහෝම ස්තූතියි අයියේ...ආයේ ට්‍රයි කොරමි

      Delete
  14. මටනම් ඇත්තටම මරු....මොකද ඇත්තටම මට කතාලියන්න බැරිනිසා ගොඩා...ක් ආසාවෙන් කියෙව්වෙ...ඇත්තටම කියවපු වෙනස්ම කතාවක්....දිගටම ලියන්න....ජය වේවා...!!!!

    ReplyDelete
    Replies
    1. බෑ කියලා දෙයක් නෑ ගින්දර නංගි මාත් පුළුවන්කමකට ලිව්වා නෙමෙයි ට්‍රයි කිරිල්ලක් කලේ....ලියලා බලන්නකෝ පුළුවන්ද බැරිද කියලා...මේ කොමෙන්ට් දාපු සහෝදර සහෝදරියෝ ඉන්නවනේ අවුලක් වුනොත් පෙන්නන්න....බොහෝම ස්තූතියි හොඳේ

      Delete
  15. මං ජීවිතේටම කියෝපු අමුතුම කතාව.. පට්ටම පට්ටයි..... පෝං එක ඇතුලෙ ඉන්නව කියපු ගමන් පට්ට ආතල් එකක් ආවා.... උඩම අයිය කියපු දෙවෙනි කාරණේ ගැන නං ගොඩක් හිතන්න වෙයි.. කොහොම උණත් අයිඩියාව නං සුපිරියි..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මලේ....ඒ මොකෝ ෆෝන් එක ඇතුලේ ඉන්නවා කියද්දි ආතල් එකක් ආවේ??? කතාව ලියන්න ගනිද්දි මටත් මාර අමුතුයි බං සිතුවිල්ල ආවාට මේ දෙයක් වුනොත් මොනා වෙයිද කියලා හිතාගන්න අමාරුයිනේ...උඩම අයියගේ කොමෙන්ටුව හැම වෙලාවකම ගුරු කරගන්නවා මලේ...

      Delete
  16. කියන්ඩ වදන් නැහැ ගැමියා මලේ.. සුපිරියි.. අලුත්ම කල්පනාවක්.. ඔන්න ඔය වගේ අලුත් කල්පනාවල් නිසා තමා ලෝකේ ඉස්සරහට යන්නේ..

    මට ටිකක් දගලන්ඩ උනා කතාව තේරුම් ගන්ඩ.. කතාව මැදක් කියවලා ආයෙ මුල ඉඳක් කියෙව්වා.. එතකොට තමා තේරුනේ.. ඒකතමයි මේකෙ තියන සුවිශේෂත්වය කියලා මට හිතෙනවා..

    තව ලියපන් මේ වගේ ඒවා..

    උඹට ජයෙන් ජය !!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සෙන්නා අයියේ....ගොඩක් අය ආසයිනේ විද්‍යා ප්‍රබන්ධ වගේ කතා කියවන්න ඉතිං ඒ විදියේ ඒවා ටිකක් ලියන්න තමා හිතේ තියෙන්නේ බලමුකෝ මේ තරම්වත් වැරදි නැතිව දිගටම ලියන්න....ඔයාගේ අගය කිරීමටත් බොහෝමත්ම ස්තූතියි අයියේ

      Delete
  17. පිස්සු ඩබල් වුනා

    ReplyDelete
    Replies
    1. හරි සෝයි....ඕං ඔබා මාමාගේ ඊළඟ පෝස්ට් එක වැඩිහිටියන්ට පමණයිලු....

      Delete
  18. සුපිරි නිර්මාණයක් මලේ..
    දිගටම ලියන්න සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි රූ අක්කේ මේ ප්‍රතිචාර එක්ක නොලියා ඉන්න හිතෙන්නෙම නෑ අප්පා

      Delete
  19. මෙතෙක් කල් බ්ලොගයක නොදැක්ක විදිහේ අමුතුම කථාවක්.... එත්තටම එලය..

    ජය වේවා මල්ලෝ..... තව තවත් මෙවන් කතා මවන්නට ආසිරි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට මේ වචන උපදෙස් සෑහෙන්න ලොකු හයියක්...තව ලියන්න බලමුකෝ අදහස් ආවාම

      Delete
  20. අම්මෝ ගැමියා හොල්මන් කතාවක් ලියලා. කෝකටත් කමෙන්ට් ටික බලල තමයි කතාව කියවන්න ගත්තේ. හොල්මන් වෙනවා ඒක කියෙව්වම. කොහොම වුනත් වෙනස් විදිහේ ලස්සන කතාවක්.

    ReplyDelete
    Replies
    1. හි හි පුංචි හොල්මනක්නේ දැම්මේ එයා හරී හොඳායි....ඔයා නම් මාරයි මම ජීවිතේට පෝස්ට් එකක් කියවන්න කලින් කොමෙන්ට් කියවලා නෑ...හැබැයි පෝස්ට් කියවලා කොමෙන්ට් කියෙව්වම පෝස්ට් එක අමතක වෙනවා...බො‍හෝම ස්තූතියි අක්කේ

      Delete
  21. අයි සී ද ගඩොල්...
    මාවත් හොල්මන් උනි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි රජෝ අයියේ හොල්මන් වෙන්න එපෝ...අහිංසක හොලමනියක්නේ ආවේ

      Delete
  22. අනිත් කතා වගේ නෙමේ මේ කතාව වෙනස්. අර ෆෝන් එකේ සීන් එක ඇරෙන්න කතාව නම් සුපිරි ! දිගටම මේ වගේ වෙන වෙනස් කතා ලියන්නේ නම් සතුටුයි !!!

    ReplyDelete
    Replies
    1. මට ඕනේ වුනේ ඒ කෙල්ල ගන්න කෝල් මේ කොල්ලට ඇහෙනවා කියන එක පෙන්නන්න ඒත් ඒක එහෙම් පිටින්ම අප්සට් වෙලා අප්පා....මාසෙකට එකක් විතර ලියන්නයි හිතන් ඉන්නේ...වෙද ගෙදර කතා ටිකකුත් තියෙනවනේ දාන්න...බොහෝම ස්තූතියි අයියේ

      Delete
  23. "පොස්ට් එකක් කියවා මා වෙරි වුනා"

    හොඳ උත්සහයක්.පළවෙනි වෙනි කමෙන්ට් එක දාපු අයියා කියපු දේ ඇත්ත මට දැනුනු විදියට පොඩි අඩුපාඩු තිබුනා.එත උඹට මලේ ලියවිල්ල හොඳටම පිහිටලා තියෙනවා නේ.අලුත් සංකල්පයක්.

    ජයෙන් ජය.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ අඩුපාඩු හදාගෙන දිගටම ලියන්නම්කෝ...හැමදාම වගේ දෙන දිරිමත් කිරීම්වලට ගොඩාක් ස්තූතියි...ලියන්නේ ඉතිං හිතෙන දේනේ අයියේ ඔයත් ලියන්නේ එලකිරි වගේ

      Delete
  24. අඩේ එළ බං..වෙනස් විදියේ කථාවක්...මනෝකාය නේද...හප්පා ඊයේ මගේ නිවාඩු දවස උදේ ඇහැරුනේ මනෝකායෙන්..ඔළුව රිදෙනවා , වමනෙට වගේ..ඊයේ ඇඳපු ඇඳුමමයි..සපත්තුත් දාගෙන නිදාගෙන...මොනවද මන්දා බිව්වා සුදු පාර බීමක් එච්චරයි මතක.....එළ ඈ....

    ReplyDelete
    Replies
    1. හි හි මට මේ කොමෙන්ට් එක කියෙව්වම Hangover ෆිල්ම් එක මතක් වුනේ.... කරටි කැඩෙන්න ගහලා වගේ... නොබීපු දවසක් කියන්න ඇත්තෙම නැද්ද අප්පා...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
    2. සතියට දවස් දෙකහමාරයි ගැමියෝ නිවාඩු....

      Delete
  25. මනෝකාය ෆෝන් එකෙන් එන එක තමා ටිකක් අමුතු... වෙනස් කතාවක් මල්ලි... ලිවීම උපරිමයි!!! නියමයි මල්ලි!! වෙන මටනම් පේන කිසිම අවුලක් නෑ...

    ReplyDelete
    Replies
    1. මනෝකායට දුරකථන සංවාදේ ඇහෙනවා කියන එක පෙන්නන්න ඕන නිසයි අක්කේ එහෙම දැම්මේ පොඩ්ඩක් විතර එතන වැඩේ කැවිලා වගේ...බොහෝම ස්තූතියි අක්කේ අගය කිරීම් වලට...ලොකු හයියක්

      Delete
  26. හරි, කතාවත් කියෙව්වා, කමෙන්‍ටුත් කියෙව්වා. අලුත්ම මගක් ගත් කතාවක්. මම මේ දැන් මගෙ වයිෆ් ඉන්න තැනට ගිහිල්ලා කතාවත් කියලා ආපහු ඇවිත් ඉඳගෙනයි මේ කමෙන්ට් එක දාන්නෙ.
    මම නම් හිතන්නෙ කතාවක ඕනෙ දෙයක් වෙන්න පුලුවන්නෙ, ඒක නිසා අවුලක් නෑ. ඔය සමහර විද්‍යා ප්‍රබන්ද වල මිනිස්සු teleport වෙන්නෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට.... ඕං වචනේ මට ඔය වචනේ අමතක වුනානේ මටත් ඕන වුනේ teleport කියන වචනේ තේරුම දැනෙන්න කතාව දාන්න තමා...ඔයාගේ වයිෆ් හොඳ ප්‍රතිචාරයක් දෙන්න ඇති නේද....සෑහෙන්න සංතෝසයි මෙහෙම රසවින්ද එක ගැන

      Delete
  27. නියම කතාව මලේ..

    හැමදාම එකම පාරෙ යන කතාවලට වඩා.. මෙව්වා තමා හොඳ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හරි අයියේ....කියවන්න එන අයට වෙනසක් දෙන්නත් එපැයිනේ නැත්තම් මේ පැත්තේ එන එකකුත් නෑ...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  28. වෙනස් විදිහකට ලියවුන කතාවක්..හුඟාක් ලස්සනයි මලයෝ..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සිහින අයියේ...

      Delete
  29. උපරිමයි මල්ලි..ඔයාට හොදට ලියන්න පුලුවන්...වෙනස්ම විදියේ කතාවක්..මල්ලිට හොද හැකියාවක් තියෙනවා..මේ වගේ වෙනස් කතාවක් ආයෙත් බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කුමාරිහාමි අක්කේ... මාසෙකට එකක් විතර දෙන්න බලන්නම් හොඳේ මේ අගෝස්තු විභාගේ ලියන්නත් එපැයිනේ

      Delete
  30. පළවෙනි එකනෙ මචං සුපිරියි බං.....ඊලඟ එක මීටත් එහා යනව ෂුවර් ෂොට් ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ ලොකු හයියක්... ඊළඟ එකක් ලියන්න තාම හිතුවේ නෑ ලියපු ගමන් දාන්නම්කෝ...

      Delete
  31. අනේ මටනම් මුකුත් තේරුන්නැහැ..හරියට මම මැරුන වගේ..

    ReplyDelete
    Replies
    1. හම්මෝ අක්කේ අප්සට් වෙන්න එපෝ....කොමෙන්ටුව බොහොම වටිනවා අක්කේ ස්තූතියි

      Delete
  32. ආදර්ශය: අකුණු ගහන අවස්තාවල මල් නොකැඩිය යුතුය. :D

    ReplyDelete
    Replies
    1. අඩේ මේකේ එහෙම ආදර්ශයක් තියෙනවා නේන්නං.... මේ කියනකං ඒක දැක්කේ නෑනේ බොහෝම ස්තූතියි පොකු අක්කේ... ඕං ලමායි මල් කඩද්දි ප්‍රවේසමෙන් හොඳේ

      Delete
  33. ලස්සනයි මල්ලි... හරිම වෙනස් කතාවක්... ටෙලිෆෝන් එකෙන් මනෝකාය එන එක අභව්‍ය උණත් මේක එහෙම වෙන්නත් පුළුවන් කියන පැත්තට අපිව අරන් යනවා... උත්සාහය මට නම් පේන හැටියට සාර්ථකයි....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කෝ...... ටිකක් විතර වෙන්න බෑ වගේ තමා ඒත් ඉතින් හිතුවිල්ල ආවාම ලියාගෙන ලියාගෙන ගියා... අගය කිරීමට ගොඩාක් ස්තූතියි අක්කේ

      Delete
  34. වෙනස්ම විදියේ කතාවක්නේ.. හරිම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මේ කොමෙන්ටු රටක් වටිනවා මට

      Delete
  35. ලස්සන කතාවක්.හරිම ලස්සනයි

    ReplyDelete
  36. නියමෙට ලියල තියෙනව... මැරුණයි කිව්ව ගයාත්‍රි අන්තිමට නර්ස් එක්ක කතා කරපු එක තමයි මම නම් අවුලකට දැක්කෙ...

    තව කතාවක් පුළුවන් ඉක්මනින් ලියයි කියල හිතනව...

    ReplyDelete
    Replies
    1. ලිව්වා ලිව්වා එකක් ලිව්වා තව ඒකෙ තව කොටසකුත් මග එමිං පවතින්නේ.... බොහෝම ස්තූතියි අයියේ

      Delete
  37. සැහෙන්න කියවපු මාතෘකාවක්.. ඒ උනත් කතාවක දැකපු මුල් ම වාරය ද කොහෙද.. සැහෙන්න හොඳ උත්සාහයක්.. සාර්ථකයි!

    ReplyDelete
    Replies
    1. මේ මාතෘකාව කතා කරලා අවසන් කරන්න බැරි තරම් පුදුමාකාර මාතෘකාවක්... බොහෝම ස්තූතියි අයියේ

      Delete
  38. මම හුග දවසකිනේ මේ පැත්තේ ආවේ මල්ලියෝ.....පරණ පොස්ට් පොඩ්ඩ පොද්ද කියවනවා දැන් ඉතින්..:)
    මටත් ආව ලොකුම ප්‍රශ්නේ එතකොට ගයත්‍රී මැරුණේ නැද්ද? නැත්නම් මැරිලා වෙන කෙනෙක්ගේ ශරීරයකට ගිහින් ඇවිත්ද..?
    මුල්ම කෙටිකතාව උනාට සැහෙන්න ලස්සන කතාවක්...සැහෙන්න වෙනස් තේමාවක් දාලා ලියපු කතාවක්.
    දිගටම පුළුවන් විදියට කතා ලියන්න හොදේ..ජය...!!!

    ReplyDelete
    Replies
    1. මේකේ මම අදහස් කලේ නම් අක්කෝ ගයාත්‍රි වෙන කෙනෙක්ගේ ඇගට ගිහින් මේ දැක්කේ හීනයක් නෙමෙයි මේ සිදුවීම ඇත්තයි කියලා තහවුරු කරන්න ගත්ත උත්සහයක් වගේ...

      බොහෝම ස්තූතියි අක්කෝ මම තව කතාවක් දැම්මෝ

      Delete