මිනිසෙකුට සිටිය හැකි ස්ථානයක් යැයි සිතාගැනීමට පවා නොහැකි තරමට ඔහුගේ වාසස්ථානය ජරාවාස වී තිබුණි.විසිරී ගිය පොත් පත් කඩදාසි කුමක් හෝ අරගලයක සේයා රූ සිතේ මවන්නට සමත් විය.මහාචාර්යතුමා මා හට පැමිණෙන්න යැයි එවා තිබු පණිවිඩය මට ලැබුණේ ලැබිය යුතු දින ප්‍රමාදය වූ පසුවයි.පණිවිඩය ලත් විගස ඔහුගේ නිවහනට පැමිණියත් කුමක් හෝ දෙයක් වැරදී ඇති බවක් දැනුනේ නිරායාසයෙන්.
මුළු නිවසම අඳුරේ වෙලී පැවතුනු අතර විදුලි බලයද ඇණ හිට තිබූ නිසා එළියක සරණ පැතුවේ මා අත වූ චීන ජංගම දුරකතනයෙන් නිකුත් වූ මලානික ආලෝකයෙන්.මහාචාර්යතුමා මෙලෙස අපිලිවෙලට දිවි ගෙවූයෙක් නොවන බව මම හොඳාකාරවම දැන සිටි කරුණක්.අපිළිවෙල පෙන්නන්නට බැරිවූ ඔහු මෙසේ වෙනස් වෙන්නට ඇත්තේ ඇයිදැයි සිතාගැනීම මට අපහසු වූයේ නෑ.
මහාචාර්යවරයෙකු වූවත් ඔහු සිය පෞද්ගලික දිවියට වඩා ඇළුම් කලේ ඔහුගේ පර්යේෂණාගාරයේ කාලය ගත කිරීමටයි.අවුරුදු 50 ඉක්මවන තෙක් විවාහයකට පවා නොඑළඹි ඔහුගෙන් ඒ පිළිබඳ හේතු විමසූ විට පැවසූයේ තම නිදහස පර්යේෂණ සාර්ථකත්වයට බලපාන බවයි.නමුත් මා සමග සරසවි පිවිසි මගේ හිතවතියක සමග ඔහු බෙහෙවින් කුළුපගවී සිටීම විටෙක අපේ ඇස් වලට කටු වලින් අනින්නාක් මෙන් වූවත් ඇයගේද කැමත්තක් පෙළඹවීමක් ඒ සඳහා හේතු වූ බව දැනගන්නට ලැබුනායින් ඒ දෙස උපේක්ෂා සහගතව බැලීමට අපට සිදුවීම විටෙක ඉවසිය නොහැකි තරම් වූවා.
එක් දිනක හදිසියේම මා වෙත පැමිණි ඇය පැවසූ දෙයින් මා බිරන්තට්ටු වී ගියේ නොසිතූ දෙයක්ම සිදු වී ඇති බැවින්.ඇය මහාචාර්යවරයා සමග විවාහ දිවියට එළැඹ තිබුණා.අන් අය මෙන්ම මාද සිතුවේ ඇය මෙසේ ඔහුට ලංවී සිටින්නේ ෆස්ට් ක්ලාස් එකක් ලබාගැන්මේ අරමුණින් බවයි.නමුත් ඇය ඇත්තටම ඔහුට ආදරය කරනා බැව් ඇසීමෙන් මා විමතියට පත්වූවා.ඇය වැනි රූමත් තරුණියක් එවන් තීරණයක් ගනීවි හීනෙන්වත් නොසිතූවන් අතර මාද සිටින්නට ඇති.
කෙසේ නමුත් ඇයගේ හදිසි වියෝවෙන් පසුව ඔහු තනිකරම වෙනස් පුද්ගලයෙක් බවට පත්වූවා විටක සති ගනන් අතුරුදහන්ව සිට අපිළිවෙල ඇඳුමින් පුරුද්දට මෙන් සරසවියට ගොඩවෙන ඔහු දුටු විට අප සිත්වලටද දුකක් නොදැනුනා නොවේ.එවන් දිනක ඔහු හමුව කතා බහ කල මට ඔහුගේ වේදනාබර දෙනෙත කියාපෑවේ දෙතොලින් නොකියන ශෝකාලාපයක්.
මලානික එලියෙන් ඉදිරියට ගමන් කල මා එක්වරම ඇද වැටුනේ කුමක් හෝ පය පැටලීමෙන්.මා අතවූ චීන ජංගම දුරකථනයද අවසන් ගමන් ගොස් ඇති බව වැටහුනේ එවිටයි.කෙසේ හෝ දෑස් අඳුරට හුරු වූ පසු මා දුටු දෙයින් මා භීතියට පත් වූයේ මා පැටළී තිබුනේ මිනිස් සිරුරක නිසාවෙන්.භීතිය මැඩගෙන සිරුර අනෙක් පස පෙරළු විට මා දුටුවේ අප මහාචාර්යතුමාගේ ලේ වැකි මුහුණයි.සිහිසුන්ව සිටි ඔහු ඔසවා අසල තිබූ මේසයක් මත දිගා කරවා ඔහුගේ සිහි ගැන්මට යෙදූ ප්‍රයත්නය සාර්ථක කරමින් ඔහු කෙඳිරිල්ලක් පිට කරන්නට වූවා.
“සර් මම ලක්ෂිත සර්ට මාව ඇහෙනවද”
“හ්ම්ම්........”
“ඔහෝම ඉන්න සර් මම උදව් අරන් එන්නම්.බය වෙන්න එපා”
ඔහු එතැන දමා උදව් ගැනීමට පිටව යෑමට සූදානම් වෙද්දි ඔහු තරයේ මා අත අල්ලාගත්තේ කුමක් හෝ කීමට සැරසෙමින්.
“කියන්න සර්,සර්ට මොනවද ඕනේ”
“91028.....3”
“සර්..... සර්.... “
ඔහුගේ ප්‍රතිචාරය වූයේ අත ඉදිරියට දිගු කර කල සෙලවීමක් පමණයි.ඔහ් දෑත දිගු කලේ කොයිබටදැයි බැලුවත් අඳුර මැද කිසිවක් ග්‍රහණය කරගැනීම සෑහෙන අපහසු වූවා.ඒ සමගම ඔහුගේ අත මේසය මතට කඩාගෙන වැටී මොහොතකින් ඔහු ජීවිතයෙන් සමුගත්තා.මට ඔහුගේ සාක්කු පරික්ෂා කිරීමට සිතුනේ අඩු වශයෙන් ජංගම දුරකතනයක් හෝ තිබේදැයි බැලීමටයි නමුත් ඔහු ජංගම දුරකතන භාවිතා නොකල වගක් මතකයට පැමිණියේ මද වේලාවක් ගතවූ පසුවයි.ඔහුගේ එක් සාක්කුවක වූ කුඩා විදුලි පන්දමක් සොයාගැනීමට මා සමත් වූවා.
විදුලි පන්දමද රැගෙන ඔහු පෙන්වූ දිශාවට ගමන් කරද්දි බිම් මහලකට යන පඩිපෙලක් ඇස ගැටුනෙන් බිම් මහල කරා මා ඇදුනේ නිරායාසයෙන්.විවිධ වර්ගයේ විද්‍යාත්මක මෙවලම් මෙන්ම ඔහු මහත් ඇළුම් කල ටෙස්ලා කොයිල්ද* හතර අත විසිරී තිබෙනු දැක්ම මා හට මහත් කුතුහලයක් දැනවීමට සමත් වුණා.ඉදිරියට යත්ම බිම හුන් කට්ටඩියෙකු දුටු මා හට මේ කුමන නාඩගමක්දැයි සිතුනේ මෙවන් වූ පර්යේෂණාගාරයක කට්ටඩියෙකුගේ කාර්යභාරය කුමක්දැයි සිතාගත නොහැකිවයි.නිසැකවම කට්ටඩියා මියැදී තිබුනේ විදුලි සැර වැදීමෙනි.මෙය මහාචාර්යතුමා දැනුවත්ව සිදු කලාක් යැයි සිතට කුකුසක් ඒ වන විට මා සිත පිළිසිඳියද එවැන්නක් කිරීමට ඇති අවශ්‍යතාව ගැන මා වික්ෂිප්ත වූවා.
බිම් මහලේ කෙලවරක එල්ලා තිබු මහාචාර්යතුමාගේ බිරිඳ වූ මා හිතවතියගේ පින්තූරය දුටු මා හට කඳුලක් නොනැගුනේ යැයි කීම මුසාවක්.ඒ දෙසට ඇවිදගොස් එය අතට ගන්නා මොහොතේ මට ඈ වෙනදාටත් වඩා පියකරුව පෙනුනේ මා හද තුලද ඈ කෙරෙහි උපන් ආලයක් තිබූ නිසාදැයි මා හට නොදැනුනු නමුත් පින්තූරය අතට ගන්නවාත් සමගම බිත්තිය පිටුපසින් විවර වූ දොරක් නිසා මා තැති ගත්තා.ඇගේ රාමුකරන ලද පින්තූරය පිටුපසින් විවරව තිබුනේ කුඩා දොරක්.ඒ සමීපයට ගිය මා හට දැකගත හැකි වූයේ එහි වූ කී පෑඩයක්.අවසාන මොහොතේ මහාචාර්යතුමා විසින් පවසන ලද අංක පිළිබඳ මට සිහිවූයේ එවිටයි ඒ මොහොතේ ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකලද එය මට මතකේ රැඳී තිබීම පිළිබඳව මා විමතියට පත් වුයේ එසේ එක්වරම පවසන දෙයක් මතකයට නගා ගැනීම සාමාන්‍යයෙන් අසීරු නිසාවෙන්.
කී පෑඩයේ අදාල අංක යොදනවිට එය මාගේ හැඳුනුම්පත් අංකයේ මුල් අංක කිහිපය බව මතකයට පිවිසිණි.අවසානයේ එම කී පෑඩය සහිත කුඩා දොරද විවර විය.එහි තුල වූයේ මා බලාපොරොත්තු වූ දෙයට වඩා වෙනස් දෙයකි.මා බලාපොරොත්තු වූයේ අන්තිම කැමති පත්‍රයක් හෝ පර්යේෂණ ග්‍රන්ථයක් වූවත් එහි වූයේ ලැප්ටොප් පරිගණකයක් හා වීඩියෝ කැමරාවක් පමණි.ලැප්ටොප් පරිගණකය මේසය මත තබා දිගහරින විට එහි වූ ලිපිය මා ඇස ගැටිනි.පරිගණකයේ කී බෝඩය මත තිබූ ඒ ලිපියෙන් කියවුනේ එහි ඇති යම්කිසි ගොනුවක් රැගෙන කැමරාවද සමග ගන්නා ලෙසටයි.අවශ්‍ය කේතය මා දැනටමත් දන්නා බවත්ය.
කෙසේ හෝ අවශ්‍ය ෆයිලය නිරතුරුවම මා සතුව තිබූ පෙන් ඩ්‍රයිව් එකට දමාගත් පසු ලැප්ටොප් පරිගණකය තිබූ තැනම රඳවා වීඩියෝ කැමරාවද ලියුමද රැගෙන නැවතත් මහාචාර්යතුමා සිටි ස්ථානයට ගියේ කුමක් කරන්නේදැයි සිතාගත නොහැකිවයි.ඒ යන අතරතුර වීඩියෝ කැමරාව ඔන් කොට එහි වූ දේ සොයා බලන්නට වූයෙමි.එහි ඉතිරිව තිබුනේ එක වීඩියෝවක් පමණකි.මා එය වහා විවෘත කොට නැරඹිමට සූදානම් වුනෙමි.
“ලක්ෂිත....... මම ඔයාට එන්න කිව්වේ බොහෝම වැදගත් කාරණාවක් දැනුම් දෙන්න.යම් විදියකින් ඔයාට පණිවිඩය ලැබීම ප්‍රමාද වෙයි කියලයි මේ විදියට ඔයාට පණිවිඩයක් තියන්න හිතුවේ.මේ වීඩියෝව ඔයා නරඹනවා කියන්නේ මගේ පරීක්ෂණය කුමන හේතුවක් නිසා හෝ වැරදී තිබෙන බවක්.ඒ කියන්නේ මම ජීවතුන් අතර නෑ...
ඔබ මේ වන විට ලැප්ටොප් එකේ ෆයිල් එක කොපි කරගන්න ඇති කියලා මම හිතනවා එහෙම නොකලානම් ඉක්මනට එය කොපි කරගන්න.ඒ ෆයිල් එකේ මම සිදුකල සියළුම පරීක්ෂණ තොරතුරු ඇතුලත් වෙලා තියෙනවා.මගේ සිරුරත් කට්ටඩියාගේ සිරුරත් විනාශ කරන එක ඔබට භාරයි.මේ කටයුත්තට ඔබව තෝරාගන්න හේතුවක් තියෙනවා.මගේ බිරිඳ.... මගේ හිටපු බිරිඳ ඔබේ හොඳම මිතුරියක් මම ඒ බව දන්නවා.ඇගේ වියෝවෙන් ඔබ කම්පා වූ බවත් මම දන්නවා ඒ වගේම තමා මගේ බිරිඳ ඔබට සැලකුවේ එක කුස උපන් සහෝදරයෙකුට වගේ.ඔබත් එසේම බව මම දැනගෙන හිටියා....
ලක්ෂිත.... ඔබ දන්නවා මම කෙතරම් ඇයට ආදරය කලාද කියලා.ඒත් මට ඇයව අහිමි වුණා මට ඒක දරාගන්න අමාරු වුනා.ඇයගේ ස්ථානය වෙන කාටවත් ගන්න බෑ ඒ වගේම ඇයව නැවත ලබාගන්නත් බැරි බව මා දැනගෙන සිටියා.නමුත් ඇගේ කටහඬ එක පාරක් අහන්න ඇයට සමුදෙන්න ඇත්නම් කියලා මම හිතින් තැවුණු වාර අනන්තයි.ඔහොම ඉන්නකොට මට ආරංචි වුනා මලවුන් නැවත ගෙන්වා කතාකල හැකියැයි පැවසූ කට්ටඩියෙක්.දැන් ඔබ කල්පනා කරනවා ඇති මට පිස්සු ඇති කියලා ඔව් ලක්ෂිත මම හිටියේ පිස්සුවෙන් වගේ තමයි.ඈත් සමග ඒ කතාකල සැඳෑව මට තාමත් මතකයි මට ඈව වෙනදාටත් වඩා අවශ්‍ය වුනා ඒත් ඒ හඬ විතරක් අසන්න නෙමෙයි....
කට්ටඩියෙකුට ඇගේ ආත්මය නැවත ගෙන්විය හැකිනම් ඇගේ ආත්මය වෙනත් සිරුරකට බද්ධ කර මට ඈව ලබාගැනීමට කුමක් හෝ අවස්ථාවක් ඇති බව මට කල්පනා වූයේ එවිටයි.රැයක් දවාලක් නැතිව ගොඩනැගූ මගේ මතය සැබෑවක් බවට පත්කරගැනීමට තිබුනේ 0.0001% පමණ හැකියාවක් පමණයි.ඒත් එය මට හොඳටම ප්‍රමාණවත් වුණා.ඔබ දන්නවා මගේ විශේෂත්වය ටෙස්ලා කොයිල් සම්බන්ධව බව.විවිධ රටවලින් වාර්තා වෙලා තිබුණු ආත්ම සිරුරට වැදගැනීම් වැනි දේවල් ගැන අධ්‍යනයකින් පසුව මට තේරුණා අධික විද්‍යුත් ධාරාවක් මගින් මේ දේ කල හැකි බව.මා මුලින් මගේ විශේෂත්වය ටෙස්ලා කොයිල් ගැන යැයි පැවසුවේ ඇයිදැයි ඔබට වැටහෙනවා ඇති.
අවසානයේදි මම විශාල ගැටළුවකට මුහුණ පෑවා.මේ පරීක්ෂණය සාර්ථක වීමට නම් මගේ බිරිඳට සමාන ශරීරයක් ඇති ඒ හා සමාන වයසක් ඇති ගැහැණු ළමයෙක් අවශ්‍ය වුණා....”
වීඩියෝව තව දුරටත් නැරඹිය නොහැකි මානසිකත්වයකයි මම සිටියේ.මියැදුණු කෙල්ලකගේ ජීවිතය වෙනුවෙන් අහිංසක ජීවිත දෙකක් බිලි දෙන්නට තරම් මේ උගත් මනුස්සයා පෙළඹුනායැයි සිතීම පවා මා සිතට වේදනාවක් ගෙන දුන්නා....වීඩියෝවේ ඉතිරි කොටස බලම්දෝ නොබලම්දෝයි දෙගිඩියාවකිනුයි මා සිටියේ වෙව්ලන ඇඟිලිවලින් නැවතත් මම ඒ වීඩියෝව ධාවනයේ යෙදුණා...
ප/ලි
පින්තූරේ ගත්තේ මෙතැනින් http://horrorfrommars.com/wp-content/uploads/2010/10/dneg_tesla1.jpg
තනි කොටසකට පල කිරීමට බලාපොරොත්තු වුවත් දීර්ඝ වූ නිසා කොටස් දෙකකටයි පල කරන්නේ...කෙටි කතාවක් ලෙස ලියන්නයි ගත්තේ ඒ නිසා කෙටි කතා ලේබලයටම දැම්මා.හැමදාමත් වගේ ඉතින් ගුණ අගුණ ගල් මුල් හැම දෙයක්ම බලාපොරොත්තු වෙනවා.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියමයි. පුදුම කුතුහලයකින් කියෙව්වේ. අනිත් ටිකත් එනකන් මග බලාගෙන ඉන්නවා. මේ වගේ කතා වලට මම හරිම ආසයි.
ReplyDeleteබොහෝම ස්තූතියි අක්කෝ දිරිමත් කිරීම්වලට... මුලින් ලියපු කතා වලට හැමෝම එක්ක දීපු උදව් නිසා තමයි මේ තරම්වත් සාර්ථකව ලියවුනානම් ලියවුනේ...
Deleteමාත් ගොඩක් ආසා විද්‍යා ප්‍රබන්ධ වලට ආසයි කියන්නේ මාර කෑදරයි...ඊළඟ කොටස ඉක්මන්ට දාන්නම් ඩොංගල් එක දුර ගමනක් ගිහිංනේ ඒක එනකං ඉන්න ඕනේ ඉතිං
ආව්.. වෙනස්ම කෙටිකතාවක්...
ReplyDeleteආසම ලිවීමේ රටාවක්.. උපරිමයි..!!!
ඇයි මෙහෙම දෙයක් වුණේ..? මේ පරීක්ෂණය පටන්ගත්තෙ ඇයට සමාන වසක් ඇති ඒ ගෑණු ළමයවත් හම්බවුණාට පස්සෙනම් එයාට මොකද වුණේ..?
ප්‍රශ්නගොඩකට විසදුම් කුතුහලයෙන්...
ආසාවෙන් බලාගෙන ඉන්නවා කියවන්න.. ඊ ළඟ කොටසත්..
සුබ පැතුම්.. දිගු ගමනකට මල්ලියෝ..!!!! :)
ෂහ් ඇඩ් එකකට මරු කොමෙන්ට් එක අක්කෝ...
Deleteමේ මියැදුණු කාන්තාවට නැවත ජීවය ලැබෙයිද??
මහාචාර්යවරායාගේ උමතු සිතුවිලි සාර්ථක වේවිද??
විශ්ව විද්‍යාල සිසුවාගේ ජීවිතයටත් අනතුරක් වේවිද??
රැඳී සිටින්න....
බොහෝම ස්තූතියි අක්කෝ අගය කිරීම පිළිබඳව ඊ ළඟ කොටසත් ඉක්මනින්ම බලාපොරොත්තුවන්න
හිහිහී.. :D :D :D
Deleteනියමයි. ගැමි මලයා කොහොමත් දක්ෂයි වෙනස්ම විදිහේ කතා ලියන්න.
ReplyDeleteබොහෝම ස්තූතිය අක්කෝ.... ඔයාලා ඔයාලගේ වටිනා කාලේ වැය කරගෙන මගේ බ්ලොග් එකට එන එකේ මගෙන් මොනා හරි වටිනා දෙයක් ලැබෙන්න එපැයිනේ නැත්තම් වැඩක් නෑනේ ඉතිං මම උපරිමයෙන්ම ට්‍රයි කරනවා ඔයාලට වෙනස් දේවල් දෙන්න...
Deleteඅම්මෝ..හොල්මන්ද ගැමී?? කෝම උනත් ඔයා ලස්සනට ලියනවා..දක්ශ ලේඛකයෙක් වගේ...
ReplyDeleteහම්මෝ මාව තාම ලේඛකයෙක්ගේ ලඟින්වත් තියන්න බෑ අක්කෝ මේ නිකං හිතට ආවට ලියන ඒවනේ... ඔයත් ලේඛිකාවක්නේ එහෙම බැලුවොත්.හැබැයි ඉතින් මෙහෙම කියනකොට හිතට පොඩි මෙව්වා එකක් එනවා...බොහෝම ස්තූතියි අක්කෝ
Deleteමං ආසම කතා වර්ගයක්... දිගටම ලියන්ඩෝ...
ReplyDeleteබොහෝම ස්තූතියි මලේ ඊළඟ කොටසින් කතාව ඉවරයි හොඳේ... කොහොමහරි ඉවර කරනවාමයි
Deleteපිස්සු හැදෙනව.....
ReplyDeleteඉක්මණට ඊළඟ කොටස දාන්ඩෝ..........
ඊළඟ කොටසත් හරියාගෙන එන්නේ හැබැයි මාගලක් තරම් පත පෝස්ට් එකක් වෙයි...දැම්මොත් කියවයිද දන්නෑ නගෝ මොකැයි කරන්නේ ඒකත් දෙකට කඩන්නද....
Deleteපිස්සු හදාගන්න එපා හලේ අන්තිම කොටස කියවලම හදාගන්න ඒක ලියලා මටත් පිස්සු වගේ
සුපිරි ලිවිල්ලක් මලේ දිගටම මේ වගේ නිර්මාණ කරන්න අපි ඉන්නව කියවන්න......ඊළඟ කොටසත් ඉක්මනටම දාන්න.....
ReplyDeleteඅගය කිරීම ගැන බොහෝම සන්තෝසයි අයියේ බොහෝම ස්තූතියි.ඔයාලා මෙහෙම ඉන්නකොට ඉතින් මෙහෙම දේවල් දෙන්න හිතෙනවා හැබැයි ඉතින් පොඩි බයකුත් එක්ක තමා මේවා දාන්නේ මොකද තාම මම ආධුනිකයිනේ....ඊළඟ කොටස සෑහෙන්න දික් වෙනවා මක්ක කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ දෙකට කඩන්නද
Deleteඅම්මටසිරි.....පට්ටයි බං
ReplyDeleteසුපිරි!!!! බලමු මොකද වෙන්නෙ කියලා...
බොහෝම ස්තූතියි රජෝ අයියේ...... මාව නිකං මෙව්වා වෙනවා මෙහෙම සුභ ප්‍රතිචාර එද්දි... දෙවැනි කොටස ලියැවෙමින් පවතී මාගලක් තරම් දිග වැඩිවෙමින්ද පවතී.... ඒකත් දෙකට කඩන්නද??
Deleteඅමුතුම කතාවක්.. වෙනස්ම සිතුවිල්ලක්..
ReplyDeleteලිවිල්ලත් සුපිරියි... ඉතිරි කොටස එනතුරු මඟ බලා සිටිමි.
ප.ලි.
මණ්ඩිපාලට මොකද වෙලා තියෙන්නේ කියලා දන්නවාද ? කාලෙකින් මිනිහගෙන් කිසිම හා හූවක් නැහැ..
බොහෝම ස්තූතියි සෙන්නා අයියේ ඔයාලා මගේ මුල්ම නැගිටීම්වලදි අතදීපු හින්දා තමා යන්තම් නැගිටලා ඇවිදින්නේ.... ඉතුරු කොටස සෑහෙන්න සයිස් වෙලා මක්ක කලොත් හොඳයිද??වර්ඩ් පිටුම 5කට කිට්ටුයි
Deleteමන්ඩිපාල මේ මාස දෙක තුනක තිස්සේම කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකක් හිර කරගෙන හිටියේ...මේ මොහොත වෙන කොට මන්ඩි ඉන්නේ මාතර.මේ පෝස්ට් එක දාපු දාට පහුවෙනිදා උදේ පාන්දරම ඇවිත් මගේ ඩොංගල් එකත් ඇන්න ගියා.... මේ කොමෙන්ට් කරන්නේ උබුන්ටු වලට බොහෝම අමාරුවෙන් චයිනීස් පෝං එකක් කනෙක්ට් කරලා...කමෙන්ට් වලට ප්‍රතිචාර පරක්කු වුනෙත් ඒකයි...තව ටික දවසකින් ඒ වැඩේ ඉවර වෙයි ඊට පස්සේ ඉතින් ආයේ ලියන්න ගනියි
ගැමිය මල්ලි විද්‍යා ප්‍රබන්ධ ලියන්න පටං අරන් වගේ.
ReplyDeleteකතාවනං නියමයි. ඉතුරු ටිකත් ඉක්මනට දාන්න.
බොහෝම ස්තූතියි අයියේ.... ආපු අදහසක් ලිව්වා සිද්ධියකට සම්බන්ධ කරලා ඒත් ලියාගෙන යද්දි නොදැනුවත්ම දිග වැඩි වුනා...ඊළඟ කොටසත් සෑහෙන්න දිගයි මොනා කලොත් හොඳයිය කියලද හිතන්නේ??
Deleteඅඩේ නියමයි බං එක හුස්මට කියවගෙන ගියා
ReplyDeleteබොහෝම ස්තූතියි කිඩෝ.... මේ ඔබේ මුල්ම පැමිණීම වගේ මතක....ඕං බොහෝම සාදරෙන් මගේ පත්ඉරුවට පිළිගන්නවා එහෙනං...ඊළඟ කොටස සෑහෙන්න දිගු වෙයි
Deleteසිරා.. විද්‍යා ප්‍රබන්ධයක් වගේ..
ReplyDeleteආදරය අන්ධ නිසා මහාචාර්්‍යයතුමා මෙහෙව් වැඩක් කරන්න ඇති...
ජය !
බොහෝම ස්තූතියි සැමා අයියේ විද්‍යා ප්‍රබන්ධයකට කිට්ටුයි කියලා ඇහෙද්දිත් මාර කික් එකක් එනවා...ඕක තමා අයියේ කියන්නේ වයස යන්න කලින් බඳින්ටෝන කියලා හොඳේ.... ඊළඟ කොටස මග එනවා ඒක දිග වැඩිවුනොත් දෙකට කඩන්නද??
Deleteඅප්පා දැන් බොල මේ කමෙන්ටුව දැක්කේ. කමක් නැහැ දැන් කතාව අහවර නිසා..
Deleteජය !
කාලෙකින් තමයි පත් ඉරුව පැත්තට එන්න ලැබුනෙ.හැබැයි ඉතින් මම මේ පැත්තට එනකොටම කියවන්න එලම කිරි කතාවක් දාල තිබුනට බොහෝම ස්තූතියි අයියේ....ඊලඟ කොටසත් ඉක්මනටම දාන්න.අපි බලාගෙන ඉන්නවා.....
ReplyDeleteමලේ මාත් මේ කාලෙකින් තමා පෝස්ට් එකක් දැම්මේ....ආරංචියක් ගියා බ්ලොග් එක වහන්න යනවා කියලා දැන් දන්නවනේ වහන්නෑ කියලා සංතෝසයි..ඊළඟ කොටස රබර් වගේ ඇදෙන පාටක් තියෙන්නේ අපි බලමුකෝ මලේ මන්ඩි ඩොංගල් එක ගෙනත් දුන් සැනින් එසැනින් දෙවන කොටස වැටෙයි(මේ තියෙන ගායෙ හැටියට හෙට වැටෙන්නත් පුළුවං)
Deleteඅඩෝ සිරාවටම නියමයි, අන්තිමට එනකම් දැනුනේ නෑ,හැබැයි ඉතින් දිග වැඩි උණත් එක ගම්මටම කතාව දැම්මනම් තමයි හොඳ.නිකන් ලෝබයි වගේ ඉතුරු ටික නැතුව :P
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ.... දිගට දිගේ දාන්න තිබ්බා ඒත් ඉතිං ගොඩක් අය බ්ලොග් කියවන්නේ එක දිගට වැඩ කරලා වැඩ කරලා මහන්සි පිටනේ ගොඩක් දිගට දැම්මම කම්මැලි හිතිලා ආයේ මේ පැත්ත පලාතේ එන එකක් නෑ කියලා හිතුනා ඒකයි ඉතින් දෙකට කැඩුවේ....ඊළඟ කොටසත් මාගලක් සයිස් මක්කැයි කොරන්නේ කියලයි මේ කංපනා කොරන්නේ....ඔන්න ඔහේ දාන්නං එක්කෝ
Deleteශා... මරු කථාව... මල්ලිගේ කථා හැමදාමත් වෙනස්.. ඒත් ලස්සනයි.. නියමයි..ඊළඟ කොටසත් දාන්න ඉක්මනට
ReplyDeleteබොහෝම ස්තූතියි අක්කෝ.... පොඩ්ඩක් වෙනස් වෙලා මගේම කියලා වෙනස් බ්ලොග් එකක් තිබ්බම හැමෝටම මාව මතක හිටී කියලා හිතුනා ඉතිං... ඊළඟ කොටස කමිං සූං... ඉතාමත් ඉක්මනින් එනවා
Deleteඊළඟ කොටසත් බලලම ඉන්නම්කෝ..
ReplyDeleteඅද කතාව නම් වෙනදට වැඩිය වෙනස් වගේ.ලස්සනයි..
ඊළඟ කොටසත් ඉක්මනින්ම එන්නයි හදන්නේ බොහෝම ස්තූතියි අක්කෝ මේ පැත්තේ ඇවිත් මාව දිරිමත් කරනවට... පහුගිය කතා වලදි හැමෝම දීපු උපදෙස් හිතට අරං ලිව්වේ
Deleteමං මේ ආවමයි. නියම කතාවක් මුලින්ම කියවන්න ලැබුනා. මේකේ ඉතිරි ටිකත් කියවන්න අනිවා ආපහු එනවා. ඉක්මනටම දාන්න...
ReplyDelete:)
බොහෝමත්ම සාදරෙන් ඔයාව මගේ බ්ලොග් පිටුවට පිළිගන්නවා අක්කෙක් වෙන්නැති මගෙ හිතේ.... ඊළඟ කොටසත් මග එනවා අක්කෝ හැබැයි සෑහෙන්න දිගයි හොඳේ
Deleteපරිවර්තනයක් කියෙව්වා වගේ !!!
ReplyDeleteලියවිල්ල නම් සුපිරි !
බොහෝම ස්තූතියි අයියේ..... මේක ලිව්වාම මාවත් ටිකක් විතර වෙලා යනකන් හීනෙක වගේ හිටියේ කට්ටිය කලින් කියපු විදියට බැහැලම ලිව්වා
Deleteවෙනස්ම කතාවක්..ලස්සනය් මල්ලි..
ReplyDeleteබොහෝම ස්තූතියි අක්කෝ.... ඊළඟ කොටසත් කියවන්න ඇවිත්
Deleteකියනන් දෙයක් නෑ හැමෝම කියල තියෙන වගේ නියමටම ලියල තියෙනවා කුතුහලේ ඇවිස්සෙන විදියට. මිට කලින් ලියපු කතා දෙකට වඩා මේ කතාව හොඳටම සාර්ථකයි.එක දිගට කියවගෙන යන්න පුළුවන්.
ReplyDeleteනියමයි..
බොහෝම ස්තූතියි අයියේ හැමදාම මාව ධෛර්යමත් කරනවට... මුලින් ලියපු කතා දෙකේ අඩුපාඩු ගොඩාක් තිබුනා ඒවා ඔයාලා පෙන්නලා දීපු නිසා තමයි ඒ වැරදි හදාගෙන මේ තරම් හරි ලිව්වේ...තව වැරදි ගොඩාක් තියෙන්න පුළුවන්.
Deleteමම ආසයි මෙහෙම කුතුහලේ පිරි කතා ලියන්න මටත් ඒක අමුතුම අත්දැකීමක් වුනා.
අපි බලමු ඊලඟ කොටසෙ මොකද වෙන්නෙ කියලා... කතාවෙන් බාගයක් කියවලා අදහස් ප්‍රකාශ කරන එක තේරුමක් නෑ.
ReplyDeleteමතකද මේ දෙබස?
WeniMar 17, 2012 09:05 AM
මේ කතාව විතරයි කමෙන්ට් මොඩරේට් කරන්නෙ..මේ ගැමියා කරන වැඩ තමයි..හිටින්කො ඊළඟ කතාවෙදි මන් දාන්නම් ...
WeniMar 17, 2012 11:04 PM
නෑ නෑ ගැමියා බැන්නෙ නෑ.. සාර්ථක අනුමාන කිරීමක් ඊළඟ කොටස ගැන..ඒකයි...
දැන් වෙනියා කුමක් කලයුතුද? ගැමියාට රිටර්න් එක දීමට නියම අවස්තාවයි
henryblogwalker the Dude
ඊළඟ කතාවත් ඉක්මන්ට දානවා අයියේ.... ඔයාගේ හැම වචනයක්ම මාව සෑහෙන ශක්තිමත් කලා.
Deleteමතකද මේක?
//මම නම් හිතන්නෙ කතාවක ඕනෙ දෙයක් වෙන්න පුලුවන්නෙ, ඒක නිසා අවුලක් නෑ. ඔය සමහර විද්‍යා ප්‍රබන්ද වල මිනිස්සු teleport වෙන්නෙ.
henryblogwalker the Dude//
මේ කොමෙන්ටුව මාව ගොඩාක් ශක්තිමත් කලා මේ කොමෙන්ටුව නොවෙන්න මම මේ කතාව ලියන්නෑ....ගොඩාක් ස්තූතියි
වෙනී අයියගේ බ්ලොග් එකේ වෙච්චි මේ සිද්ධිය මතක් වෙද්දිත් මට හිනා යනවා.මට මෙහෙම දෙයක් වුනාමයි.අනේ සුදු ඩූඩ් අයියේ වෙනි අයියා වයින් නොකරන්න
ඉතුරු ටිකත් ඉක්මනටම දාමු ... හොඳ ප්‍රබන්ධයක්!
ReplyDeleteබොහෝම ස්තූතියි.... මගේ බ්ලොග් එක පැත්තේ ආව එක ගැන මම ගොඩාක් සතුටුයි....ඊළඟ කොටසත් මග එනවා සමහරවිට අද රෑට හෝ හෙට හවසට
Deleteඉතුරු ටිකත් බලමුකෝ එහෙනම්
ReplyDeleteඊළඟ කොටස මග එනවා අක්කෝ ළඟ ළඟම....ඒකත් කොටස් දෙකකට කඩනවද කියලා තමා තාම කංපනා කරන්නේ
Deleteඅනිත් කොටසත් බලලම ඉමුකෝ...
ReplyDeleteඉක්මන්ට දෙන්නම් අයියේ..... මග එනවා
Deleteඊළග කොටසත් කියවලාම හොද නරක කියන්නම්කෝ
ReplyDeleteඊළඟ එක අප්සට් වුනොත් සේරම ඉවරයි වගේ හයියෝ..... බොහෝම ස්තුතියි කාව්යෝ
Deleteසුපිරි කතාව.ඊට වඩා මොකුත් කියන්න බෑ ඊළග ටික කියවන්නෙ නැතුව.
ReplyDeleteඅපිව මතකද දන්නෑ.සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ... :)
බොහෝම ස්තූතියි සහෝ ඊළඟ ටික ඉක්මනින්ම එනවා...
Deleteඑහෙම ලේසියෙන් අමතක වෙන්නේ නෑ හොඳට මතකයි.... මටත් ඒ පැත්තේ එන්න බැරිවුනානේ අළුතින් පෝස්ට් දැම්මා කියලා නෝටිෆිකේෂන් නම් ඇවිත් තිබ්බේ නෑ හැබැයි.
කියල වැඩක් නෑ ගැමි මල්ලි. කතාව උපරිමයි. අමුතුම තේමාවක්. මට හිතනකොට හිතෙන්නේ මේ තරම් ප්‍රබන්ධයක් ගොඩ නගන්න ගැමි මල්ලිගේ හිත කොච්චර නම් නිර්මානශීලියිද කියල.. දිගු ගමනකට මගෙන් සුබ පැතුම්.
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ බොහෝම ස්තූතියි....
Deleteමේ කතාව මැවුනේ නිකං ඉන්න වෙලාවක කල්පනා කරපු දෙයක් එක්ක.මගේ යාළුවෙක්ගේ ගෑණු ලමයා හදිසියේ මියගිහින් එයා නිතරම දේවාල ගානේ ගිහින් එයාත් එක්ක කතා කරන්න ට්‍රයි කලා.ඒවා හරිගියේ නැතත් එයා ඒ කියපු දුක්ගැනවිලි මම මගේ කරගෙන හිතුවාම මම කල්පනා කලා එහෙම ආත්ම ගෙන්නලා කතා කරන්න පුළුවන්නම් ඒ ආත්ම වෙන සිරුරකට බද්ධ කරන්න බැරිද කියලා.අපි අහලා තියෙනවනේ භූතාත්ම ආවේශ වෙන කතා එහෙම.ඉතින් ඒ ගැන හිතේ තියන් ඉන්න අතරේ තමයි ටෙස්ලා කොයිල් ගැන මතකයට ආවේ ඒවාගේ විදුලි ධාරා ගොඩක් ප්‍රභල නිසා මම ඉතින් මගේ මනෝලෝකේ හීනයක් මැව්වා.පරීක්ෂණයක් කරලා මගේ යාළුවගේ පෙම්වතිය ආයේ ගෙනත් දෙන හැටි.ඉතින් මට හිතුනා ඒක කතාවකට හොඳ වස්තු බීජයක් කියලා.ඊට පස්සේ පණ දාගෙන ලිව්වා.කතාවේ මාතෘකාව මියැදුණු පෙම්වතී විදියට දාන්නත් හේතුව මගේ මිතුරාගේ මියගිය පෙම්වතිය නිසා මේ සිතුවිල්ල ආපු නිසා.
නියමයි.. ඉක්මනට ඉතිරි ටික දාන්න මලයෝ..
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ ඉතිරිය මග එමින් පවතින්නේ
Deleteඉක්මනට දාන්න ඉතුරු ටික...මේ ටික නම් පට්ට...
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ... ඉතුරු ටික ටිකක් දිග වැඩිවෙයි අමාරුවෙන් උනත් එක කොටසකට දාන්න හිත හදාගත්තා....වර්ඩ් පිටු 5ක් විතර කතාවක් ඊළඟට දැම්මොත් එපා වෙයිද මන්දා
Deleteමේකනම් සුපිරියි.. මට හිතාගන්නවත් බෑ ඔයාට මෙහෙම විද්‍යාතමක විදියට හිතෙන්නෙ කොහොමද කියලා.. හුඟාක් ව්එලාවට ඔයා විද්‍යා ප්‍රබන්ධ කියෝනවා ඇති... නියමයි මල්ලී!!!
ReplyDeleteබොහෝම ස්තූතියි අක්කෝ... හිතුන විදිය ගැන සිතුම් පැතුම් අයියට උඩින් දුන්නා ඒකම මෙතන දාන්නම්....විද්‍යා ප්‍රබන්ධ කියවන එක මම ආසම කරපු වැඩක් ඒ වගේ ෆිල්ම් බලන්නත් මම හෙන ආසයි ඒවා කියෙව්වාම බැලුවාම ටික වෙලාවක් යනකන් මට ඒ මානසිකත්වයෙන් මිදෙන්න අමාරුයි...
Deleteමේ කතාව මැවුනේ නිකං ඉන්න වෙලාවක කල්පනා කරපු දෙයක් එක්ක.මගේ යාළුවෙක්ගේ ගෑණු ලමයා හදිසියේ මියගිහින් එයා නිතරම දේවාල ගානේ ගිහින් එයාත් එක්ක කතා කරන්න ට්‍රයි කලා.
ඒවා හරිගියේ නැතත් එයා ඒ කියපු දුක්ගැනවිලි මම මගේ කරගෙන හිතුවාම මම කල්පනා කලා එහෙම ආත්ම ගෙන්නලා කතා කරන්න පුළුවන්නම් ඒ ආත්ම වෙන සිරුරකට බද්ධ කරන්න බැරිද කියලා.අපි අහලා තියෙනවනේ භූතාත්ම ආවේශ වෙන කතා එහෙම.ඉතින් ඒ ගැන හිතේ තියන් ඉන්න අතරේ තමයි ටෙස්ලා කොයිල් ගැන මතකයට ආවේ ඒවාගේ විදුලි ධාරා ගොඩක් ප්‍රභල නිසා මම ඉතින් මගේ මනෝලෝකේ හීනයක් මැව්වා.පරීක්ෂණයක් කරලා මගේ යාළුවගේ පෙම්වතිය ආයේ ගෙනත් දෙන හැටි.
ඉතින් මට හිතුනා ඒක කතාවකට හොඳ වස්තු බීජයක් කියලා.ඊට පස්සේ පණ දාගෙන ලිව්වා.කතාවේ මාතෘකාව මියැදුණු පෙම්වතී විදියට දාන්නත් හේතුව මගේ මිතුරාගේ මියගිය පෙම්වතිය නිසා මේ සිතුවිල්ල ආපු නිසා.
මේ දවස් වල බිසී නිසා කියවන්න එන්න ටිකක් ප්‍රමාධ වුනත් ආසාවෙන් ඔක්කොම කියෙව්වා..සුපිරියට ලියල තියෙනවා මල්ලි..ඉතුරු ටිකත් ඉක්මනින් දාන්නකො.. :)
ReplyDeleteඅනේ අක්කෝ මාත් පහුගිය ටිකේම විභාගේ වැඩවලට එරිලා හිටියේ ඒ නිසා ඒ පැත්තේ එන්නම බැරිවුනා ඕං දැන් ඒ පැත්තට යන ගමන් මේ කොමෙන්ට් එක කොටන්නේ...බොහෝම ස්තූතියි අක්කෝ වටිනා කාලය වැය කරලා මේ පැත්තේ ආවාට...ඉතුරු ටික ඉක්මනටම දාන්නයි ඉන්නේ
Deleteගැමිය මල්ලි පුළුවන් නම් ඊ මේල් එකක් එවන්න,
ReplyDeleteතොරතුරක් අවශ්‍යයයි අර වෙද මහත්තය ගැන.
gloriosa90@gmail.com
ඊයක් එව්වෙමි.....
Deleteකාලෙකට පස්සෙ ඇවිත් අදයි කියවන්න ගත්තෙ.... ලස්සන, කුතුහලයෙන් පිරුනු කතාවක්.... ඔයා ඉතින් ලස්සනටම ලියනවනෙ....
ReplyDelete