"අවසානයේදි මම විශාල ගැටළුවකට මුහුණ පෑවා.මේ පරීක්ෂණය සාර්ථක වීමට නම් මගේ බිරිඳට සමාන ශරීරයක් ඇති ඒ හා සමාන වයසක් ඇති ගැහැණු ළමයෙක් අවශ්‍ය වුණා....”
වීඩියෝව තව දුරටත් නැරඹිය නොහැකි මානසිකත්වයකයි මම සිටියේ.මියැදුණු කෙල්ලකගේ ජීවිතය වෙනුවෙන් අහිංසක ජීවිත දෙකක් බිලි දෙන්නට තරම් මේ උගත් මනුස්සයා පෙළඹුනායැයි සිතීම පවා මා සිතට වේදනාවක් ගෙන දුන්නා....වීඩියෝවේ ඉතිරි කොටස බලම්දෝ නොබලම්දෝයි දෙගිඩියාවකිනුයි මා සිටියේ වෙව්ලන ඇඟිලිවලින් නැවතත් මම ඒ වීඩියෝව ධාවනයේ යෙදුණා...
“මම දන්නවා දැන් ඔබට මාව හිතක් පපුවක් නැති වියරු මනුස්සයෙක් විදියට පේන බව.නමුත් මම සිටින තැන ඔබ සිටියනම් ඔබද මේ තීරණය ගන්න ඉඩ තිබුණා..... මගේ උත්සහයේ ප්‍රථිඵලයක් විදියට මගේ බිරිඳට හැම අතින්ම සමාන දේහ ලක්ෂණ සහිත ගැහැණු ලමයෙක් විශ්ව විද්‍යාලයෙන්ම මා සොයාගත්තා ඒ ඔබලාගේ දත්ත ඇතුලත් ගොනුව සොරා ගැනීමෙන් පසුවයි.
ඒ ගැහැණු දරුවාගේ නම කසුනි.ඈ මේ සඳහා යොදාගැනීමේ අවසන් තීරණයට මම එළැඹුනා.ඔබ නොදැනුවත්වම එයට හවුල්කාරයෙක් වුනා ලක්ෂිත.ඔබට මතක ඇති ඔබවත් ඇයවත් මගේ සහායකයින් ලෙස විවිධ දේශනවලට හවුල්කරගත් හැටි..මගේ බිරිඳගේ වියෝව ගැන මා ඇයට පැවසූ පසු ඇය මට බොහෝ අනුකම්පා කලා.ඒ අනුකම්පාව නිසා ඈ එකඟ වුනා මලවුන් අතර සිට මගේ බිරිඳ මා සමග කතාකරන අයුරු දකින්නට පැමිණෙන්න.
ඔබ දැනටමත් දුටු පරිදි බිම් මහල ආරෝපණය කරන ලද ටෙස්ලා කොයිල් වලින් වටවී තිබුණේ.මා කලින් අධ්‍යනය කර සලකුණු කර තිබූ කොටසක කට්ටඩියාත් ඔහුට සරල රේඛීයව කසුනිවත් ස්ථානගත කරගත්තා.කට්ටඩියාට පිටුපසින් වූ ප්‍රභල ටෙස්ලා කොයිලයේ ආරෝපණ කසුනි පිටුපා සිටි ටෙස්ලා කොයිලයට ඇදී යන පරිද්දෙනුයි සැලසුම් කර තිබුනේ.
කම්පනයන් මගින් ශක්තිමත් කරගත් විද්‍යුත් ධාරාවක් කට්ටඩියා සහ කසුනිගේ ඇඟ හරහා යන අයුරින් සූදානම් කර තිබුණා.එම අධික විදුලි ධාරාවෙන් කට්ටඩියාගේ ශරීරයට දුර්වලව බැඳී පවතින මගේ බිරිඳගේ ආත්මය වෙන් වී කසුනි හරහා යන ලෙසට ස්ථානගත කරගත්තා.කසුනිගේ ශරීරය හරහා යන ධාරාව පුද්ගලයෙකු කම්පනයට පත් කිරීමට තරම් වුවත් ජීවිත හානියකට ප්‍රබල නොවන බව මා ගනන් බලා තිබුනා.කට්ටඩියාගේ මරණය නැවැත්විය නොහැකියි.ඔබට සිතෙන්නට පුළුවන් කසුනි සතු ආත්මයට කුමක් වන්නේද කියා.මා රැස් කරගත් තොරතුරු වලට අනුව එවන් කම්පන අවස්ථාවකදී බාහිරින් පැමිණෙන ආත්මය ප්‍රභල බැවින් එය ශරීරය අත්පත් කරගන්නේ පවතින ආත්මය යටපත් කරවමින්.
යම් හෙයකින් පරීක්ෂණයේ වැරදීමක් සිදු වූවොත් ගත යුතු ක්‍රියාමාර්ග ඔබ කොපි කරගත් ෆයිල් එකේ සවිස්තරව දක්වා තිබෙනවා.ඔබට ඒ පියවර අනුගමනය කරන්න වෙනවා ලක්ෂිත.... ඔබ මෙය නරඹනවානම් අනිවාර්යෙන් පරීක්ෂණය අසාර්ථක වී හමාරයි.මා තවත් කැමරාවක් ආරක්ෂිත කුටිය තුල ස්ථාපනය කර ඇති. එය නැරඹීමෙන් ඔබට සිදුවී ඇති වරද වටහා ගන්නට හැකි වේ යැයි මා විශ්වාස කරනවා.ඒ වැරැද්ද නිවැරදි කල හැක්කේ ඔබට පමණයි.....ඔබ දීප්තිමත් සිසුවෙක් ලක්ෂිත.... පරීක්ෂණය ආරම්භයට තව පැයයි....”
මට දැනෙන්නට වූයේ මහා අපරාදයකට හවුල්වූ හවුල්කාරයෙකුට දැනෙනවා හා සමාන හැඟීමක්.හිතට එකඟව මොහු ආරම්භ කල පරීක්ෂණය ඉදිරියට ගෙන යනවාද කාට හෝ දැනුම් දී මින් ගැලවෙනවාද යන්න තීරණය කල නොහැකි තරම් මා මානසිකව අසරණ වූයේ මාගේ ජීවිතයද මින් අවසන් වේයැයි සිතෙන්නට වූ නිසා.කෙසේ නමුත් කුමක් නිසා මේ තත්වය හටගත්තාදැයි දැනගැනීමට මට අවශ්‍ය වී තිබුනා.හුන් තැනින් නැගීගත් මා නැවතත් බිම් මහල කරා ඇදෙන්නට වූයේ පරීක්ෂණය ආරම්භ කල පසු සිදුවූ දේ දැනගැනීමේ අභිලාෂයෙන්.
බිම් මහල මධ්‍යයේ වූ ආවරණය කරන ලද නිරීක්ෂණ කුටියේ තිබූ විද්‍යුත් උපකරණ සමහරක් කැඩී බිඳි තිබෙන අයුරු මා හට දැකගන්නට හැකි වූයේ එවිටයි.ඒ තුල කැමරාවක් ඇති බවක් මා මුළින් පැමිණි අවස්ථාවේ දක්නට නොලැබුනේ එය ඇතුලතද අවුල් ජාලාවක් වී තිබීම නිසා.විනිවිද පෙනෙන අයුරින් සකස් කරන ලද මේ කුටිය විදුලි ධාරාවන්ගෙන් කිසිදු අනතුරක් සිදුනොවන ආකාරයට සකස් කරන ලද්දක්.ප්‍රවේසමෙන් ඒ තුලට පිවිසගත් මා එම කුටියේ දොර වසා ගත්තේ විදුලි බලය කොයි මොහොතේ හෝ පැමිණියහොත් විදුලි ධාරාවන්ගෙන් බේරිමටයි.
කැමරාවේ තිරය බිඳී තිබීම නිසා ඒ වීඩියෝව නැරඹිය නොහැකි බව දුටුවේ එවිටයි.අනෙක් කැමරාවද රැගෙන නොපැමිණි නිසා නැවත එය රැගෙන ඒමට දොර විවෘත කරන්නට තැත් කල විට නොසිතූ අකරතැබ්බයකටයි මා මුහුණ දුන්නේ. එය විදුලි බලයෙන් ක්‍රියාත්මක වන දොරක් බව මතකයට පැමිණියේ ඒ අවස්ථාවේදියි.දීර්ඝ සුසුමක් හෙලමින් මා ඒ කුටිය තුල වූ ආසනයේ ඉඳ ගත්තේ හිත සන්සුන් කර නොගත්තොත් මේ උගුලෙන් ගැලවීමට නොහැකි බව වැටහෙන්නට වූ නිසාවෙන්.දෙනෙත් මොහොතක් වසාගෙන මා මේ බිම්මහලට පැමිණි පෙර අවස්ථාවන්හි සිදුවීම් කල්පනා කරන්නට වීමි.
“මේක විදුලියෙන් ක්‍රියාත්මක වෙන දොරක් ඊට හේතුවක් තියෙනවා අධික ආරෝපණ නිසා බිම් මහලේ විදුලි කාන්දුවක් වුනොත් කිසිම ආන්තරාවක් නැතුව තත්වය සමනය වෙනකන් අපිට මේකේ ඉන්න පුළුවන්.අවශ්‍ය ප්‍රමාණයට වඩා අධික විදුලි ධාරාවකින් මෙය විවෘත කිරීමට යාමෙන් මේ අගුල ක්‍රියා විරහිත වෙනවා.ඔබට තේරෙනවා ඇති අධික විදුලියක් පැමිණීමෙන් ටෙස්ලා කොයිල් ආරෝපිතව පැවතුනොත් කිසිම අයුරකින් හෝ මෙතනින් එලියට යෑම සියදිවි නසාගැනීමක් හා සමානයි.”
“සර් ඉතින් අපිට මෙතන ඉඳන් විදුලි සැපයුම විසන්ධි කරන්න බැරිද?”
“පුළුවන් ලක්ෂිත නමුත් ඒක භයානක ක්‍රියාවක්..... ඒ තීරණය ගන්න ඕනේ වෙන විසඳුමක් නැත්නම් පමණයි.මොකද මේ කුටිය හදලා තියෙන්නේ විදුලියෙන් ආරක්ෂා වීමට නිසා කුටිය ඇතුලතටත් විදුලි කාන්දුව ඒමේ ඉඩකඩ සෑහෙන්න වැඩියි.ඒත් කවදාවත් මම ඒක අත්හදා බලලා නෑ”
“මට කිසිම ස්විච් බෝඩ් එකක්වත් පේන්නේ නෑනේ ඉතින් කොහොමද ඒක කරන්නේ”
“ඒක කරන්න කලින් කල යුතු මූලික වැඩ කිහිපයක් තියෙනවා... මුලින්ම දොරේ අගුල විවෘත කරගෙන ඉන්න... “
මහාචාර්යතුමාගේ ඒ වදන් මතකයට පිවිසෙත්ම මා හිඳ සිටි පුටුවෙන් පැන ඔහු ගෙන තිබූ ක්‍රියාමාර්ගය ඵල රහිත කර නැවත විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන්නට වීමි.මහාචාර්යතුමාගේ ජීවිතය නැති වන්නට ඇත්තේ මේ තුරුම්පුවද ක්‍රියාත්මක කරන්නට යාමෙන් යැයි මා හට හැඟෙන්නට විය.එසේනම් අධික විදුලි ධාරාවක් හෝ විදුලි කාන්දුවක් අනිවාර්යෙන්ම ඇතිවූ බව පැහැදිලියි.ඒත් කසුනිගේ සිරුර නොමැතිවීම පිළිබඳ තාම අදහසක් සිතට නොපැමිණේ.ඇයට කුමක් සිදුවන්නට ඇත්ද ඇය ජීවතුන් අතරද එසේත් නැතිනම් මහාචාර්යතුමාගේ බිරිඳගේ ආත්මය ඈ සතුවිණිද....ඒ සඳහා පිළිතුරු මෙමරි චිපයේ ඇති බැවින් වහ වහා මහාචාර්යතුමා වරක් පවසන ලද ආකාරය අනුව නැවත විදුලි සැපයුම මම සකසන්නට වීමි.අවසානයේ මා සතුවූ චීන දුරකතන බැටරියේ සහ බිඳුණු කැමරාවේ බැටරි ආශ්‍රයෙන් මූලික විදුලි සැපයුමක් ටෙස්ලා කොයිල් සඳහාද ලබාදුන්නේ එහි ආරෝපිත තත්වය පිරික්සීමටයි.මා විමතියට පත් කරවමින් මුළු බිම්මහලම ආලෝකමත් වූයේ මගේ හද බිඳී යන තරමේ ශබ්දයක්ද සමගයි.දොරටුවේ අගුල මා දෑස් ඉදිරිපිට අළුවී ගොස් තිබුනා.මා ජීවිතයේ මෙතරම් අවාසනාවන්ත වූ දවසක් නැති තරම්.
පාලන පුවරුවේ උදව් ඇතිව විද්‍යුත් ධාරාව සමථයට පත් කිරීමට උත්සහ කිරීමේදි බිම් මහලට පැමිණෙන පඩිපෙල යටින් වූ දොරටුව විවෘත වනුද බිම් මහලට පිවිසෙන දොරටුව වැසෙනුද දුටුවා....
“කසුනි......”
මාගේ දෙතොල් මිමිණුනේ මට නොදැනීමයි.කිසිදු තුවාලයකදු නොමැතිව පැත්තෙන් පැත්තට හැරවෙමින් ඉදිරියට පැමිණෙමින් සිටියේ කසුනියි.ඔව් ඇය ජීවතුන් අතර නමුත් ඇයගේ මුහුණ දෙස බැලීම පවා බියකරු වූවා.ඇගේ දෙඇස් ඉලක්ක කරගෙන සිටියේ දිශා දෙකක්.දකුණු ඇසේ කළු ඉංගිරියාව දකුණු ඇසේ කෙලවරේද වම් ඇසේ කළු ඉංගිරියාව වම් ඇසේ කෙලවරේද තිබීම මා හද සලිත කිරීමට සමත් වූවා.ඇගේ කට දෙපසට ඇදී තිබුනේ දත් විලිස්සාගෙන සිටින සේයාවක් පෙන්වමින්. ඇය පැමිණෙමින් සිටියේ මා හුන් කුටිය ඉදිරියටයි.තව පියවර කිහිපයකින් ඇය ඇතුළුවන්නේ භයානක කලාපයකට.ඇය ටෙස්ලා කොයිල් මධ්‍යයට තබන එක් පියවරකින් ඇයව අළු බවට පත්කල හැකි තරම් ඒවා ආරෝපණය වී තිබුණා.
“එන්න එපා කසුනීඊඊඊඊ....... නැවතියං.....”
කුටියේ වූ යකඩ දැලට ගසමින් ඈට කෑ ගැසුවත් ඇය ඉදිරියට ඒම නැවැත්වූයේ නෑ.නමුත් ඇගේ හිස දෙපසට වේගයෙන් වැනෙන බව මට දැකගන්නට ලැබුනෙන් ඇය පත්ව සිටි තත්වය ගැන කුකුසක් සිතට දැනුනා.මා නැරඹූ වීඩියෝවේ මහාචාර්යතුමා පැවසූ වදන් මගේ මතකයට පැමිණියේ මේ මොහොතේදීයි.
“ඔබට සිතෙන්නට පුළුවන් කසුනි සතු ආත්මයට කුමක් වන්නේද කියා.මා රැස් කරගත් තොරතුරු වලට අනුව එවන් කම්පන අවස්ථාවකදී බාහිරින් පැමිණෙන ආත්මය ප්‍රභල බැවින් එය ශරීරය අත්පත් කරගන්නේ පවතින ආත්මය යටපත් කරවමින්.”
ඔහු කෙසේ කීවත් ඇගේ ශරීරය අසමතුලිත බවත් ඇගේ හැසිරීම් රටාවෙන් මා තේරුම් ගත්තේ ඇයට එක් තීරණයක් ගත නොහැකි අයුරක්.එසේ නම් ආත්ම දෙක උනුන් පරයා නැගී සිටීමට ශරීරය තුල සටන් වදිනවා විය හැකියි.විදුලියක් මෙන් මා සිතට පිවිසි අදහසක් නිසා නැවතත් ඈට ඇමතීමට වැරෙන් දැලට ගසන්නට වූයේ ඇගේ අවධානය යොමුකරගැනීමටයි.
“කසුනී..... රිවිසර ඔයාට ආදරෙයි...........”
කසුනිගේ පෙම්වතාගේ නම ඇසෙත්ම ඇගේ ගමන එක්වරම නැවතුනේ මගේ නිගමනය සාර්ථක කරමින්.මහාචාර්යතුමාගේ නමට කිසිදු ප්‍රතිචාරයක් ඈ දැක්වූයේ නෑ.නමුත් මගේ බලාපොරොත්තු සුන් කරමින් ඈ නැවතත් ඉදිරියට එන්නට වූවා.මා දෙනෙත් තද කර වසාගත්තේ ඈ අළුවී යන අයුරු බලා සිටිය නොහැකි නිසාවෙන්.නමුත් මා බලාපොරොත්තු වූ පරිදි ටෙස්ලා කොයිලයෙන් ධාරා නිකුත්වන හඬක් නොඇසිණි.මා හට දැකගන්නට ලැබුනේ ඈ නොනැවතී ඉදිරියට එන ආකාරයක්.මීට හේතුව ඇගේ ශරීරය පරීක්ෂණයේදි නිකුත් වූ ධාරා සමග ආරෝපිතව ඇති බැවින් ඈ දැන් ආරක්ෂිත බැව් මා හට වැටහිණි.
ඉතාමත් ඉක්මනින් ටෙස්ලා කොයිල්වල ආරෝපණය වෙනස් කිරීමට මා පියවර ගන්නට වීමි.ඈ ඉලක්ක කොට විදුලි ධාරාවක් යවා ඇගේ ශරීරයේ සිටින අනෙක් ආත්මය වෙන් කිරීමට මා ගණනය කිරීම් සිදු කරන්නට වීමි.කුමන ආත්මය වෙන්වී යයිදැයි සිතාගැන්මට නොහැකි වුවත් කිරීමට ඉතිරිව තිබුනේ එපමණකි.මා මනසින් ඇඳ ගත් දුර ප්‍රමාණ වලට අනුව ඈ අදාල ස්ථානයට පැමිණෙත්ම මම පාලන පුවරුවේ වූ ස්විචය ක්‍රියාත්මක කෙරෙව්වෙමි.ඒ සමගම සංගීත නාදයක් නංවමින් ටෙස්ලා කොයිලයෙන් ධාරා නිකුත් විය....කපා හෙලන ලද කෙසෙල් කඳක් මෙන් ඈ ඇද වැටිණි.කෙමෙන් කෙමෙන් බිම් මහල අඳුරු වන සෙයක් මට දැනෙන්නට විය......
----------------------------------------------------------------------------------------------------------------------------
විශාල එලි කිහිපයක් මාගේ මුහුණ මත දිවෙනු මට දැනුනි.කෙමෙන් දෑස් විවර කරද්දී පොලිස් නිලධාරීන් මා වටා සිටි අයුරක් මා දුටිමි.නැගී සිටින්නට උත්සහයක් ගත්තද දෑත් දෙපය ගැට ගසා ඇති සෙයක් මට දැනෙන්නට විය.වටපිටාව පිරික්සීමේදි මා රථයක ගමන් කරන බවත් මහාචාර්යතුමාගේ හා තව කීපදෙනෙකුගේ සිරුරු මා වටා ඇති බවත් දැකගැනීමට ලැබුණි.ඒත් සමගම නැවතත් හාත්පසම අඳුරේ ගිලුණි
-----------------------------------------------------------------------------------------------------------------------------
විවිධ හඬවල් මා වටා ඇසෙන්නට විය.ඒ සියල්ල එක්වර අඳුනාගත නොහැකි වුවත් සෑහෙන හුරු පුරුදු ගතියකින් දැනෙන්නට විය.මද වේලාවක් යද්දී වටපිටාව පැහැදිලිව පෙනේනනටත් ඇසෙන්නටත් විය.මගේ මවද පියාද ඇතුළු කීපදෙනෙක් මාගේ ඇඳ වටා කතා බහක යෙදී සිටිනු හඳුනාගැනීමට හැකිවිය.
“මම මේ කොහෙද?? කෝ කසුනි?? එයා මැරිලද??”
මා හඬ නගා ඇසීමි.
“බයවෙන්න එපා ලක්ෂිත.... ඔයා සෑහෙන්න දක්ෂ ශිෂ්‍යයෙක්.කසුනිට කිසිම අනතුරක් නෑ පහුගිය මතකය අමතක වීමක් පමණයි තියෙන්නේ එයත් යථා තත්වයට පත්කල හැකියි.ඔබ දැන් මාසයක් තිස්සේ සිහිමද තත්වයකින් පෙළුනා.අධික මානසික විඩාව හා ආතතිය එයට හේතුවෙන්න ඇති කියලයි අපි හිතන්නේ.”
“ඒත් මම හිතුවා.....”
“ඔබ හිතුවා කසුනි මියගොස් සියළුම වැරදි ඔබට භාරගන්න සිදුවෙයි කියලා.එහෙම නේද?”
“ඔව් සර්......මම මේ කිසි දේකට සම්බන්ධ නෑ මම එතනට යනකොටත් කට්ටඩියා මැරිලා හිටියේ”
“ඒ සේරම හරි පුතා..... මහාචාර්යතුමා සම්පූර්ණ පරීක්ෂණයම පටිගත කරලා තිබුණු නිසා ඔබ චෝදනා වලින් නිදහස්.නමුත් තව ටිකකින් පොලිසිය කටඋත්තර ගන්න එයි ඒක සාමාන්‍ය ක්‍රියාවලියනේ.”
ඉතා දිගු සැනසුම් සුසුමක් හෙලා මා දෙනෙත් පියාගත්තේ හිතට දැනුනු සැහැල්ලුව විඳිමින්.මෙතෙක් වෙලා මා සමග කතාකරමින් සිටි විශ්ව විද්‍යාලයේ කුලපතිතුමා උරහිසට තට්ටුවක් දමා ඉවතට යන හඬ පවා මා අසා සිටියේ අපමණ සන්තෝසයෙන්.
සුව පහසු නින්දක් බලාපොරොත්තුවෙන් ඇඳේ අනෙක් පසට හැරීගත් මම මදකට දෑස් විවර කලෙමි.ඇඳ අසල වූ මේසයේ තිබුනේ මා සතුව තිබූ චීන දුරකතනය සහ පෙන් ඩ්‍රයිවයයි.....
ප/ලි
හිතුවට වඩා දිගින් වැඩිවුනා ඒත් එකපාරටම දැම්මා.හොඳ නරක කියලා යයි කියලා බලාපොරොත්තු වෙනවා.ඒ වගේම තමා මුලින් ලියපු කෙටි කතාවල ගුණ දොස් විචාරය කරලා නැවත මාව ලියන්න පොළඹවපු හැමෝටම බොහෝම ස්තූතියි.
ඇත්තටම සුපිරී......කියන්න වචන නෑ.....
ReplyDeleteබොහෝම ස්තූතියි නගෝ.... මේ ප්‍රතිචාර ලොකු ශක්තියක්
Deleteඒ මාරයි බං.. මහ රෑ කියවපු නිසාද මන්දා.. චුට්ටක් බයත් වගේ දැනුනා...
ReplyDeleteඅර ඇස් දෙක දෙපැත්තට කරගෙන කට ඇරං එන සීන් එකටද මල්ලි බය වුනේ....?? බොහෝම ස්තූතියි මලේ කොමෙන්ටුවට
Deleteඅනාගතයේදී දක්ශ ලේඛකයෙක් වෙන්න සියලුම සුදුසු කම් තියනවා....සුභ පැතුම් මල්ලී...
ReplyDeleteතව සිතිවිලි ආවොත් තමයි ඉතිං ලියවෙන්නේ තාම ඉතිං දණ ගාන අවධිය....ලේඛකයෙක් වෙනවට වඩා කියවන ඔයාලා වෙනුවෙන් ලියන එක සැනසීමයි කියලත් හිතුනා කොමෙන්ට් එක කියෙව්වම..... බොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවට
Deleteකියවන අප (අය.) වෙනුවෙන් ලියන කෙනෙක් වෙන එක තමා ලේඛකයෙක් වෙනව කියන්නෙ....:D:D
Deleteහි හි ඇත්ත නේන්නම් ඒ වුනාට ඉතිං මට මීටරේට වැටුනේ පොත් ලියන වෘත්තිමය ලේඛකයෙක්වනේ ඒකයි එහෙම කිව්වේ... (මේ කිරිල්ලි එක්ක කතාකරලා බේරෙන එක සෙල්ලං නෑ)
Deleteගැමියා හොල්මන් කතා වලට කැමති වගේ නේ..
ReplyDeleteහොල්මන් කතා කියවන්න නම් ඇත්තටම ආසයි තමා මොකද ඒවා කියවද්දි මයිල් කෙලින් වෙන ගතියට මම මාර ආසයි... ඊටත් වැඩියෙන්ම ආසා විද්‍යා ප්‍රබන්ධ කියවන්න තමා.... බොහෝම ස්තූතිය අයියේ කොමෙන්ටුව
Deleteඑල එල...ඉවර නෑ නේද? අනිත් කොටස එන තුරු නොඉවසිල්ලෙන් සිටිමි. මටනම් හිතෙන්නේ කසුනිගේ ඇඟේ දැන් ඉන්නේ අනිත් ආත්මය කියලා. බලමුකෝ. ගැමි මල්ලිට ජය වේවා...!!
ReplyDeleteමේ කතාව මුලින් හිතුනාම හිතුණු දේවල් එක්ක ලියන්න ගියොත් කතාව දිග වැඩි නිසා නවත්තන්නයි හිතුවේ අක්කේ... හැබැයි ඔයානම් මාරයි හරියටම එක කොටසක් අනුමාන කලා හැබැයි ලියනවන තවත් ජංජාල ගොඩක් දාන්න තියෙනවා... ඔයා කතාව එලටම කියවලා තියෙනවා.බොහෝම ස්තූතියි අක්කෝ ධෛර්යමත් කලාට.... කෙටි කතාවක් විදියටයි ලියන්න ගත්තේ මේක තව දාන්න ගිහින් රස මැරෙයිද දන්නැ
Deleteඔහ් ඒ කියන්නේ ඉවරයිද :( හ්ම්ම් එහෙනම් මීටත් වඩා හොඳ ප්‍රබන්ධ පස්සේදී කියවන බලාපොරොත්තුවෙන් හිත හදාගන්නම්. මට නිකමට හිතුනේ අර කසුනිගේ කේස් එක තේරුමක් බේරුමක් කරලම කතාව ඉවර කරානම් හොඳයි කියලා. ඒත් තීරණ ලේඛකයා සතුයි :)
Deleteනෑ නෑ තාම ඉවරකරන්න හිත හදාගත්තේ නෑ එහෙම කලානම් //නිමි// කියලා දානවනේ... මම අක්කා හිතපු විදියටම කතාව ඇදගෙන යන්න හිතාගෙන හිටියේ.අන්තිමට පෙන්ඩ්‍රයිව් එක දකින එකත් දැම්මේ ඒ අදහස නිසා.කතාවක් ලිව්වොත් කොහොමත් ඒ කතාව විද්‍යා ප්‍රබන්ධයකට කිට්ටුවක් පෙන්නයි
Deleteතව දවස් දෙකකින් විතර මේ ඉතුරු කරපු කරුණු එක්ක ඉතිරි කොටසක් හදාගත්තොත් අනිවා දානවා.අක්කා කරපු අනුමානය 100%ක් හරි
හලේ.. නියමයි නියමයි.හොල්මන් වෙලා ගියා.
ReplyDeleteදිගටම ලියන්න.
සන්තෝසයි සන්තෝසයි තව කතාවක් කංපනා වුනු සැනින් එසැනින් දාන්නංකෝ එකක් ලිස්ට් එකේ තියෙනවා ගුටිකන්න වෙයිද දන්නෙත් නෑ හැබැයි ඒවා ලියන්න ගිහිං....බොහෝම ස්තූතියි වැස්ස කොමෙන්ටුවට
Deleteපට්ටයි....වෙන කියන්න වචනයක් ආවෙ නෑ හිතට...
ReplyDeleteවෙන වචන ඕනේ නෑ අයියේ මේ කොමෙන්ටුව රටක් වටිනවා බොහෝම ස්තූතියි
Deleteඉක්මනට ඉතුරු කොටසත් දැම්ම 1 හොඳයි,
ReplyDeleteමමත් නිකන් ටෙස්ලා කොයිල් 1ක් වගේ උණා කතාව කියවගෙන යද්දී :D
සුපිරියි මචන්!
කතාවක එක කොටසක් කියවලා අනික් කොටස එනකන් බලාගෙන ඉන්න තියෙන අමාරුව දන්න නිසාම දැඩි බාධක මැද පෝස්ට් එක දැම්මේ... බොහෝම ස්තූතියි අයියේ.... මේ කොමෙන්ට් වලින් මාව තවත් ශක්තිමත් වෙලා හිතට පොඩි මෙව්වා එකකුත් එනවා
Deleteපට්ට කතාව !!! ඉතුරු ටිකත් ඉක්කූට ලියන්ඩ ගැමියෝ !!!!
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ.... මම මේක මෙතනින් ඉවර කරනවා කියලා හිතාගෙන ලිව්වේ හැබැයි කතාව ඉදිරියට අරගෙන යන්න පුංචි පුංචි පාරවල් කපාගෙන ආවේ...ඕනෙ නම් මෙතනින් ඉවරයි ඒත් ඕනෙම නම් තව එක කොටසක් විතර ඇදගෙන යන්න පුළුවන්
Deleteගැමියගේ කල්පිතේ නම් මරු.. ඔය රූපේ නම් සෝසරස් ඇපරන්ටසිස් ෆිල්ම් එකේ.. එකෙත් ඔයිට සමාන දෙයක් සිද්ධ වෙනවා.. කොහොම උනත් ඔබේ නිර්මාණය විශිෂ්ඨයි..
ReplyDeleteජය!!
මේ කල්පිතේ ගොඩනැගුනේ මගේ යාළුවෙක්ට වෙච්චි සිද්ධියක් නිසා...
Deleteමගේ යාළුවගේ කෙල්ල හදිසියේ මියෑදුණා.ඉන් පස්සේ මගේ යාළුවා කට්ටඩියෝ ගානෙයි දේවාල ගානෙයි ගියා ඒ කෙල්ල එක්ක කතා කරන්න.ඒ කතා ඇහුවම තමා මට මෙහෙම අදහසක් ආවේ....
මම මුලින්ම හිතුවේ අහම්බයක් වගේ කට්ටඩියා ආවේශ වුනාම විදුලි කාන්දුවකින් විදුලි සැර වැදිලා ආත්ම මාරුවුනා කියන්න ඒත් මහාචාර්යවරයෙක්ව මේකට ගාවගෙන ටෙස්ලා කොයිල් සම්බන්ධ කරන්න සෝසරස් ඇප්රන්ටිස් ෆිල්ම් එක මතක් වීම හේතුවක් වුනා.... ටෙස්ලා කොයිල් ගැන උනන්දුවක් ආවේ ඒ ෆිල්ම් එක බැලුවට පස්සේ.... ඒ ලැබ් එක හිතේ මවාගෙන තමා මහාචාර්යවරයගේ ලැබ් එක ගැන ලිව්වේ පින්තූරේ ගත්තේත් ෆිල්ම් එකේ නමින් හොයලා.... බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට
අම්මා ගහයි බැට් එකෙන්!!!
ReplyDeleteපට්ටයි ගැමී.. :-)
බෝහෝම ස්තූතියි රජ අයියේ මේ කොමෙන්ට් මට ශක්තියක්
Deleteනියමයි ගැමියො, ලස්සනට ලියල තියෙනව.
ReplyDeleteමේක ඉවරද තව තියෙනවද?
අයියට ඕන දෙයක් දෙන්න පුළුවන් ඉතිං... කතාව ඉවරයි වගේ පේන්න ලිව්වා හැබැයි තව කතාව අදින්න පුළුවන් වෙන්න හෝඩුවාවන් ටිකකුත් ඉතිරි කලා අන්තිමට දාපු වාක්‍යය එතන්ට දැම්මෙත් ඒකමයි... බලමුකෝ අයියේ.බොහෝම ස්තූතියි ඔයාට... මුලින්ම ලියපු චූටි කතා වලට උපදෙස් දීලා අත දුන්න නිසා තමා මෙහෙම එකක් ලියවුනේ
Deleteනියමයි ගැමී. ලස්සනට ලියලා. ජයවේවා.
ReplyDeleteබොහෝම ස්තූතියි අක්කේ....ඒ පැත්තේ ආවේ නෑ කාලෙකින් තරහා නෑනේ නේ
Deleteපලාවෙනි කොටස තාම කියෙව්වෙත් නෑ මල්ලි... ඒක කියවලා එන්නම්කෝ හරියට... මේ කොටසේත් උඩින් පල්ලෙන් බැලුවම සහ කොමෙන්ටු දිහා බැලුවාම හොඳ කතාවක් වගේ පේනවා... (මගේ 25 පෝස්ට් එකේ ඔයා හිතපු නම් ඔක්කොම වැරදි බව කියන්නත් ඕන)
ReplyDeleteහදිසියක් නෑ අක්කෝ පුළුවන් වෙලාවක ඇවිල්ලා හිමින් සැරේ කියවලා යන්නකෝ... හැමෝම කතාව හොඳයි කිව්ව නිසා මම මාර සන්තෝසෙන් ඉන්නේ...
Deleteඅක්කා ට්‍රයි කොරලා මම කියපු උත්තර වල නැති නමක් දාගෙනනේ හයියෝ...
ම්..කතාව ඉවරයි නේද? කියවලා ඉවර වෙද්දි එහෙම හිතුනත් කමෙන්ට් කියවලා ආපහු එහෙම හිතුනා..
ReplyDeleteලස්සන කතාවක් මලේ..විදුසර පත්තරේ තිවුන ඒවා වගේ..
කතාව දැනට ඉවරයි අක්කෝ හැබැයි අවශ්‍ය වුනොත් ඉදිරියට අදින්න පුංචි කොන් ඉතිරි කරගෙන ආවේ ප්‍රතිචාර එන විදියට තමා ඒක ලියනවද නැද්ද කියලා බලන්නේ.... බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට....මේ කොමෙන්ටු මාව ශක්තිමත් කරවනවා
Deleteනියමයි මචෝ..
ReplyDeleteබොහෝම ස්තූතියි මචෝ.....පින්තූරේ පේන්නේ ෆීනික්ස් කුරුල්ලෙක් වගේනේ ඒ මොකක්ද ඈ
Deleteමේකේ තව කොටසක් තියෙනවද....
ReplyDeleteසුපිරිම කතාවක්...
:)
දැනට නම් කොටසක් ලියන්න ගත්තේ නෑ හැබැයි ඕන්නං කොටසක් දාන්න පුළුවන් වෙන්න තමා නැවැත්තුවේ... ඔයාලට කතාව හිතා ගන්නත් පුළුවන්.මම ආසයි මොකක්හරි කතාවක් කියෙව්වම ටික වෙලාවක් යනකන් ඒ කතාව ගැන කල්පනා කරන්න පුළුවන් දෙයක් ඉතිරි වෙනවනම් ඒකත් එක හේතුවක් වුනා මෙහෙම අවසානයක් දෙන්න...මම ලියපු කලින් කතා දෙකකත් එහෙමයි දැම්මේ..... බොහෝම ස්තූතියි අක්කේ
Deleteඈත්තටම කතාවේ හිතන්න දෙයක් තියෙනවා. ඒත් මල්ලී කුතුගලේනේ... ඈත්තටම කසුනිට මොකද වුනේ කියලා දෑන ගන්න ඔන.....
Deleteඔන්න මන් මේක follow කරා. දෑන් නම් අලුත් එකක් දාපු ගමන් එනවා.
දැම්මෝ දැම්මෝ අන්තිම කොටස දැම්මෝ
Deleteකතාව උපරිමයි. මහාචාර්ය වරයෙක් ලියපු විද්‍යා ප්‍රබන්ධයක් කියවනවා වගේ හිතට දැනුනේ. සුපිරි ලේඛකයෙක් ගේ අනාගතය පැහැදිලියි. සුබ පැතුම්.
ReplyDeleteටෙස්ලා කොයිල ගැන අවබෝධයක් මට නැති එක ගැන විතරක් කනගාටු වෙනවා.
බොහෝම ස්තූතියි අයියේ මේ කොමෙන්ට් එක කියවනකොට මාර මෙව්වා එකක් දැනුනේ... ඒත් ඉතිං මම ලිව්වේ හිතට හිතුනු දෙයක් විතරයිනේ වෙන්න පුළුවන්ද කරන්න පුළුවන්ද කියලා බැලුවේ නෑ... ටෙස්ලා කොයිල් ගැන මට උනන්දුවක් ආවේ සෝසර්ස් ඇප්රන්ටිස් කියන ෆිල්ම් එක බැලුවට පස්සේ...
Deleteවිකිපීඩියාවේ ටෙස්ලා කොයිල් හඳුන්වලා තියෙන්නේ මෙහෙමයි
//A Tesla coil is an electrical resonant transformer circuit invented by Nikola Tesla around 1891.[1] It is used to produce high voltage, low current, high frequency alternating current electricity.
Tesla coils produce higher current than the other source of high voltage discharges, electrostatic machines. Tesla experimented with a number of different configurations and they consist of two, or sometimes three, coupled resonant electric circuits.
Tesla used these coils to conduct innovative experiments in electrical lighting, phosphorescence, x-ray generation, high frequency alternating current phenomena, electrotherapy, and the transmission of electrical energy without wires. Tesla coil circuits were used commercially in sparkgap radio transmitters for wireless telegraphy until the 1920s,[1][2][3] and in pseudomedical equipment such as electrotherapy and violet ray devices. Today their main use is for entertainment and educational displays.//
මෙන්න ලින්ක් එක http://en.wikipedia.org/wiki/Tesla_coil
ටෙස්ලා කොයිල් වලට මේ ලිපියත් ලින්ක් කරන්න හිතාගෙනමයි හිටියේ ඒත් අමතක වුනානේ.ඔයා අහපු එක ගොඩාක් හොඳයි.තව කියවලා බලයි කියලා හිතනවා මොකද මේක ඒ තරම් රසවත් මාතෘකාවක්
නියමයි සහෝ
ReplyDeleteජය
බොහෝම ස්තූතියි ගොඩගම සහෝ මේ පැත්තට ගොඩවෙලා කොමෙන්ට් කලාට...ඔයාවත් බොහෝම සාදරයෙන් මගේ පත්ඉරුවට පිළිගන්නවා.ලියන බ්ලොග් එකේ සබැඳියක් දෙන්ඩෝ
Deleteකතාව උපරිමයි මල්ලියෝ.. දක්ෂ ලේඛකයෙක්ගෙ පෙර නිමිති.. සුබ පැතුම් මල්ලියෝ.. ඉදිරියටම යන්න..!!!
ReplyDeleteදැන් බලාගෙන ඉන්නවා අර වීඩියෝවෙ තියෙන දේවල් ගැන දැනගන්න..
මහාචාර්යය වරයා මෙච්චර ගණන් හදලත් මේක වැරදුනේ කොහොමද..? එයාගෙ පෙම්වතිය ආවද.. කතා කලාද.. කසුනිට මොකද වුණේ.. ලක්ෂිත හොස්පිට්ල් එකට අරන් ආවෙ කව්ද..? කසුනිගෙ කටඋත්තරෙත් තියේද.. මහාචාර්ය වරයාගේ ඉල්ලීම මොකද්ද..
ඊ ළඟ කොටසින්.. :D
ඇත්තටම අක්කේ ඔයානම් හොඳයි ඇඩ්වටයිසිං කරන්න..... කතාවේ ඉතුරු ටිකේ ප්‍රධාන සාධකය කරන්න හිතාගෙන හිටියේ කසුනිව.හැබැයි අක්කේ මම මේක මෙතනින් නතර කරන්නත් පුළුවන් වෙන්න ලිව්වේ තව ලියන්න අදහස් තිබ්බත් දිගට ඇදෙන කතාවලට ඔයාලා කැමතියිද දන්නෑනේ...
Deleteබොහෝම ස්තූතියි අක්කෝ අගය කිරීම් වලට මෙච්චර කල් වැටි වැටි ලියලා මේ යන්තං හැමෝම හොඳක් කියපු කතාවක් ලිව්වමයි.ලේඛකයෙක් වෙන්න නම් මේ වගේ කතා සිය ගානක් ලියලා පුරුදු වෙන්න වෙනවා.ඒත් කියවන ඔයාලට ලියන එක සැනසීමයි ටක් ගාලා ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න පුළුවන්නේ...
ඊළඟ කොටසක් ඕනෙදෝ...??
ඊ ළඟ කොටසක් කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා මල්ලියෝ.... අර ප්‍රශ්න වලට උත්තර හොයාගන්න...
Deleteඒත් ඉතින් ලේඛකයාගෙ තීරණේ තමයි අවසාන තීරණේ.. :D
ඕං හැමෝම වෙනුවෙන් අමාරුවෙන් ගැටගහගත්තා අන්තිම කොටසත්... අක්කා දුන්නු පූර්විකාව කතාවේ උඩින්මත් දැම්මා දැන් එල
Deleteෆස්ට..
ReplyDeleteමම හිතුවා කලින් එකෙන් අහවරයි කියලා.
ගැමියාට මෙවන් කතාවක් හිතුන එක හොදටම ඇති. අපි ඉස්කෝල යද්දි විද්‍යා ප්‍රබන්ධ උනෙන් හිටියේ. ඒ කාලෙ ගොඩක් එවුන් මේ වගේ කතා ලියන්න හැදුව. ලියපු හැම එකාගෙම එකම විදිහක් තිබ්බේ. ඒ කියන්නෙ අපි හිතපු විදිහ එකයි වගේ.
ඒත් මේක වෙනස්.. ජය !
බොහෝම ස්තූතියි සැමා අයියේ මේ කොමෙන්ටු ලොකු හයියක් මට...
Deleteමටත් ඉස්කෝලේ යන කාලේ ඒ උණ තදින්ම තිබුනා ලියනවට වඩා යාළුවෝ කට්ටිය එක්ක එකතුවෙලා මෙහෙම උනොත් කොහොමද මෙහෙම ෆිල්ම් එකක් හැදුවොත් කොහොමද කියලා වෙන්න තියා හිතන්නවත් බැරි දේවල් කතා කලා අමු පච හැලුවා... එක වගේ හිතන අය එකට ඉන්නවා කියන්න වගේ මේ ඉන්නේ බ්ලොග් ලියන හැමෝම එකට...
මේක ඒ තරම් වෙනස්ද ඈ.... වැලහින්නට පස්සේ කතාවක් එයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මම විද්‍යා ප්‍රබන්ද කියවන්න ආසා නෑ.. ඒත් මල්ලි මේක ලියපු විදියට කියවන්න කම්මැලි නෑ. හොද දක්ෂ විද්‍යා ප්‍රබන්දකයෙක් අපිට ඉදිරියේ හමුවෙයි ..
ReplyDeleteමල්ලිගේ මේ ටික කාලෙට ලොකු දියුනුවක් දකිනවා මම.. සුබ පතනවා මල්ලියෝ හදවතින්ම...
බොහෝම ස්තූතියි අක්කේ මේ දිරිමත් කිරීම් මට ලොකු හයියක්.ඉදිරියෙදි අදහස් එන විදියට තමා ඉතිං ලියන්නේ මෙහෙම එකක් ලියන්න ඕනේ කියලා තාම නම් අදහසක් නෑ.ඔයාලගේ අවවාද අනුශාසනා සෑහෙන්න මට මග පෙන්නුවා ඒකට බොහෝමත්ම ස්තූතියි අක්කේ බ්ලොග් ලෝකේ ඉන්න හොඳම ලේඛකයන්ගෙන් එක්කෙනෙක්නේ ඔයා.එහෙම කෙනෙක්ගෙන් මෙහෙම දෙයක් අහන්න ලැබීමත් සතුටක්
Deleteහැමෝම ඉල්ලන්නේ අවසාන කොටස.මොකද අපිට ප්‍රශ්න ගොඩාක් තියෙනවා.මම වැඩිය විද්‍යා ප්‍රබන්ද කියවල නැහැ.ඒත් මේක කියවද්දී කුතුහලය බයක් වගේ දේවල් දැනුනා. ලිවීමේ හැකියාව තියෙනවා කියල මට තේරුනේ උඹේ අර හයවසර කෙල්ලට ලියපු ලිවුමේ පොස්ට් ඒක කියෙවුවහම.
ReplyDeleteජයෙන් ජය.
බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට මේ ටිකේම ගොඩක් වැඩවලට හිරවෙලා හිටිය නිසයි ඊළඟ කොටස හිතන්න සෑහෙන්න කල් ගියපු හින්දයි අවසාන කොටස ටිකාක් පරක්කු වුනා ඕං අද දැම්මා... මුල් ලිපිය දාපු දවසෙ ඉඳන්ම මාව දිරිමත් කරනවට ගොඩාක් ස්තූතියි අයියේ....
Deleteඇත්තටම මලේ බොහොම ආසාවෙන් කියෙව්ව...ඉදිරියේදිත් මේ වගේ කතා ලියන්න කියල ඉල්ලා සිටිනවා........:)
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ... දිගටම ලියන්නම් හැබැයි එක දිගටම කතා ලිව්වොත් කට්ටියට මාව එපා වෙයි ඒ නිසා කවලමේ/කලවමේ ලියන්නම් හොඳේ
Deleteගැමියා,
ReplyDeleteෂා!! නව පරපුරේ විද්‍යා ප්‍රබන්ධ රචකයෙක්නෙ. වයසෙ හැටියට හොඳටම
හොඳයි. ඒ කියන්නෙ තව කොටසක් තියෙනවා වගෙයි. අර ඉවරකරලා තියෙන හැටියට මටත් එහෙම හිතුනා.
එක දෙයක්. අර චයිනීස් ෆෝන් එක ගැන ඔච්චර කියන්නෙ (ෆෝන් එක චයිනීස් බව නිතර කියන්නෙ) ඇයි කියලා මට හිතුනා. ඒකටත් විශේෂ හේතුවක් තියෙයිද දන්නෙ නෑනෙ.
ටෙස්ලා කොයිල් ගැන පතුම් අහපු නිසා හරි විස්තර කරලා කමෙන්ට් එකක් හරි දැම්ම එක හොඳයි. ඒ මොකද ගැමියා සමහර විද්‍යා ප්‍රබන්ධ රචකයන්ට අමතක වෙන දෙයක් තමයි තමන්ගෙ පාඨකයො හැමෝම විද්‍යා විෂය හදාරපු අය නොවන බව. අන්න ඒ අයව රඳවා ගන්න නම් හැකි පමන සරල වෙන්න ඕනෙ.සීමාවන් ඇතුලත. ඕනෙවට වැඩිය සරළ වුනාමත් "යකෝ අපි මෝඩයො කියලා හිතාගෙන ලියලාද?" කියලාහිතෙන වෙලාවල් තියෙනවා.ගැමියා මේ සමබරතාවය රැකග්න තියෙන බව පේනවා.
කමෙන්ට් එක දිග වැඩියි. අපි උගන්නන විශයට අනුව එක එක්කෙනාගෙ ලිපි කියවලා අගය කරන්න තියෙනවනෙ. හොඳ ලියවිල්ලක අපි බලාපොරොත්තුවෙන්නෙ මොනවද කියන එක ගැමියාට දැනගන්න ඕනෙ නම් විතරක් මම වෙන කමෙන්ට් එකකින් හරි ඊ මේල් එකකින් හරි කියන්නම්.
henryblogwalker the Dude
ඒක මේල් එකකින් නෙවෙයි කමෙන්ට් එකකින් දන්නා.මොකද අපිටත් දැනගන්න පුළුවන් නේ.
Deleteහුටා, අසරණයටත් ඒක දැනගන්න ඕනෙ වෙලානෙ. ඔන්න එහෙනම් අදාල කොටස් විතරක් කියන්නම්. මේ Cambridge IGCSE English As a Second Language (1510) විභාගේ Writing task අගයන්න අපි භාවිතා කරන ජාත්‍යන්තර මිණුම් දඬුවලින් සමහරක්. මේව බ්ලොග් පෝස්ට් හරි, පත්තරේකට ලියන ලිපියකට හරි, පෙම්හසුනකට හරි ඕනෙ මගුලකට අඩුවැඩි වශයෙන් අදාලයි. මේ උඩම බෑන්ඩ් එකේ තියෙන ඒවා විතරයි, හරි?
Deleteමූලික වශයෙන් අපි දේවල් දෙකයි බලන්නෙ Content අන්තර්ගතය Language භාෂාව.
අන්තර්ගතය කිව්වම අදාලත්වය (relevance) අදහස් ගලපා ඇති ආකාරය (Development of Ideas) දෙකම. ඒ තියෙන විදියටම දැම්මොත්:
• Relevance: fulfills the task, with consistently appropriate register and excellent sense of purpose audience.
• Development of ideas: Shows independence of thought.(අම්බානක අදාල වේ) Ideas are well developed, at appropriate length(appropriate length උඹලට අපිට අදාල නොවේ) and persuasive(හැමවිටම අදාල නොවේ). Quality is sustained throughout.(අම්බානක අදාල වේ) Enjoyable to read.(අම්බානක අදාල වේ) The interest of the reader is aroused and sustained.(අම්බානක අදාල වේ)
භාෂාව ගැන බලනකොට රචනා විලාශය (style) සහ නිරවද්‍යතාවය (accuracy)
මෙන්න ඒකත් තියෙන විදියටම.
• Style: Almost first language competence.(උඹලට අපිට අදාල නොවේ) Ease of style.(අම්බානක අදාල වේ)
Confident and wide ranging use of language, idiom and tenses.(අම්බානක අදාල වේ)
• Accuracy: No or very few errors. Well constructed and linked paragraphs.
මේ පරිවර්තන මම නිකම්ම හිතට එන විදියට දැම්මෙ. වැරදීම් තියෙන්න පුලුවන්. නියම පාරිභාෂික වචනෙ නොවෙන්න පුලුවන්. ඒකට හේතුව මේ ජොබ් එක කරන්න සිංහල වල කිසිම අදාලත්වයක් නොතිබීමත් ඉංග්‍රීසියෙන් පමණක් රැකියාව කිරීමත් යන කාරනා දෙකම බලපාලා ඇති. නොතේරෙන තැනක් තියේනම් කියපල්ලා. අර අම්බානක අදාලවෙන දේවල් විශේෂයෙන්ම.
අනේ පොරක් කියලා පෙන්නන්න දැම්මා හෙම නෙවේ.අපි කරන රස්සාවෙන් කාට හරි වැඩක් වෙයි කියලා හිතලයි දැම්මේ.
henryblogwalker the Dude
ස්තුතියි ගොඩාක්. දන්නා දෙයක් තව කෙනෙකුට කියා දීම හැමෝටම කරන්න බැහැ පොරක් වෙන්න ඕනේ.
Delete@dude,
Deleteමට ලැබෙන කොමෙන්ට් අතරින් මම ගොඩක් කියවන්න ආසම ඔයාගේ කොමෙන්ට් තමා.ඉංග්‍රීසි සාහිත්‍ය ගුරුවරයෙකුගෙන් බලාපොරොත්තු විය හැකිම දෙයක් තමා මේ... මට මතකයි අපේ ඉංග්‍රීසි සාහිත්‍ය ගුරුතුමී the necklace කතාවේ ඉතුරු ටික ලියන්න කියපු දවස.මම ඒ ලියලා දීපු කොලේ මෙන්න මේ වගේ පැති ගැන හිතලා තියෙන විදිය අපූරුයි කියලා එහෙම මට ලියලා දුන්නා...ඔබ වැනි පුද්ගලයින් බ්ලොග් ලෝකයට ආලෝකයක්.
දන්න දෙයක් කාටවත් කියලා දෙන්න ගොඩක් අය අකමැති කාලෙක මේවා අපිට මෙහෙම කියලා දෙන ඔයා නියම පොරක්.
---------------------------------------------------------
@අසරණයා,
ස්තූතියි අයියේ ඩූඩ් අයියට කියලා කොහොමහරි මේක මෙතනම ලියවගත්තු එකට.කවුරු හරි දෙයක් දෙන්න හදනකොට ගන්නත් කෙනෙක් ඉන්න එපැයිනේ අසරණයා අයියා නොහිටින්න තව කල් යනවා මේවා දැනගන්න...
අම්මෝ දුවලා ගිහින් පලවෙනි කොටස බලලා එන්නම්...:D
ReplyDeleteහිමින් සැරේ යන්ඩෝ ඕං තව එකක් දැම්මෝ
Deleteපට්ටම ලස්සන ස්ටෝරියක් අයියේ.....තව මේ වගේ කතා දෙක තුනක් ලියන්න බැරිද?
ReplyDeleteබොහෝම ස්තූතියි මලේ.... තව විකාර අදහස් ගොන්නක් ඔළුවේ හිරවෙලා තියෙනවා ඒවා දාලා කස්ටිය මාව පන්නයිද දන්නෑ
Deleteඋපරිමයි ගැමියා මලේ... අයිසෙක් අසිමෝව්ගෙ කතාවක් වගේ..
ReplyDeleteලෙසටම ලියලා තියනවා..
ඉතිරි කොටසත් ඉක්මනට එයි කියලා හිතනවා.
ජයම පතමි !
බොහෝම ස්තූතියි සෙන්නා අයියේ මේ වචන වලට මට කොහොම සතුටක් එනවද කියලා හිතාගත්තෑකිද.... ඊළඟ සිදුවීම් හිතන්න ගොඩක් කල් ගියා අයියේ අදයි දැම්මේ...
Deleteකිව්වත් වගේ සිරා කතාව.
ReplyDeleteමේ වගේ කතා කියවන්න මාත් මාරම ආසයි.
ඊළඟ කොටසත් දාමු නේද ඉක්මනින්
සමාවෙන්න ඕනා හිතුවට වඩා කතාව ගොඩනගන්න අමාරු වුනා කොහොමහරි ඕං අදයි දැම්මේ... බොහෝම ස්තූතියි කොමෙන්ටුවට මේවා කියවන්න ආසයිනම් දිගටම ලියන්නම්කෝ
Deleteඅද තමයි කොටස් 2ම කියෙවුවේ මලේ.. නියමෙට ලියලා තියනවා.. අනිත් කොටසත් ඉක්මනට දාපං..
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ ඕං අනික් කොටස අදයි දැම්මේ හැබැයි
Deleteඔය තියෙන්නේ කතාව යසට ..... එල
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ
Deleteඑල.. කතාව නියමෙට කියවෙලා තියෙනවා.. ජය!!
ReplyDeleteබොහෝම ස්තූතියි බොහෝම ස්තූතියි අයියේ
Deleteඋපරිමයි කියන්නේ ඒකෙත් හොද එක
ReplyDeleteනියමෙට ලියලා තියෙනවා
මට මතක් උනේ "මනෝකාය" නාට්ටිය ඒකෙත් ඔය වගේ සීන් එකක් තිබුනේ...
බොහෝම ස්තූතියි අයියේ... මනෝකාය නාට්ටිය පොඩි කාලේ එක ඇහැක් බාගෙට ඇරගෙන බැලුවේ ඒ තරම් ඒක මාර බයානක විදියට හදලා තිබ්බේ.අද කාලේ ඔහොම කතා හැදෙනවනම් මරු අප්පා
Deleteඅන්තිම ටිකනම් කියෙව්වෙ පපුව ගිඩි ගිඩි ගගා...
ReplyDeleteපට්ට්ම කතාව සහෝ.
උබට ජය...