Monday, June 25, 2012

ගැහැණු ලොවක සිරකරු... 3 කොටස


මුල් කොටස් සඳහා
ගැහැණු ලොවක සිරකරු...1කොටස
ගැහැණු ලොවක සිරකරු...2 කොටස


මුලින්ම ටෙලිපෝර්ට් කරපුවාම අපිටත් ඔහොම දැණුනා තව ටිකකින් ඕක ඇරිලා යයි....

ඉබේම මා ඇඳ මත ඉන්දවුනේ ඒ ඇසුනේ පිරිමි කටහඬක් නිසාවෙනි.අඳුර අතරින් ඇදෙන ඡායාවක් මා දුටුවේ එවිටයි......

පනස් විය ඉක්මවූ පිරිමි පුද්ගලයෙකු අඳුර අතරින් මතුවුනි.එක්වරම උපන් භීතියකින් මම ඇඳෙන් බැස පලායාමට තැත් කරන්නට වීමි.නමුත් මා හට වැඩි දුරක් ගමන් කිරීමට නොලැබිණි.ශරීරයට දැනෙන්නට වූ වෙහෙස නිසාවෙන්ම මා අසල වූ මේසයක්ද පෙරලාගෙන බිමට ඇද වැටිණි.වෛද්‍යවරිය පැවසූ වදන් මොහොතක් සිත තුල දෝංකාර දෙන්නට විය...

කොයිම වෙලාවකවත් මෙතනින් එළියට යන්න හිතන්න එපා....මොකද පිටස්තර ලෝකය පෙර තිබුණාට වඩා වෙනස්...  සමහරවිට ඔබට ජීවිතයෙන් වන්දි ගෙවන්නට වේවි....

මා අපමණ භීතියකින් පෙලෙන්නට විණි.ඔහු මා වෙත පැමිණ මා වත්තම් කරගෙන ගොස් ඇඳ මතින් වාඩි කරවූයේ වෛද්‍යවරිය පැවසූ අන්දමේ කිසිදු ජීවිත තර්ජනයක් නොහඟවමින්.ඉතා අපහසුවෙන් හුස්ම ගනිමින් ඔහු කුමකට සැරසෙන්නේදැයි මා අවධානය යොමු කරගෙන සිටි නමුත් ඔහු කිසිදු කලබලයකින් තොරව ඇඳ අසල වූ පුටුවෙහි ඉඳගත්තේ සාමකාමි අයුරකිනි.

උඹ කවුද........?? මගෙන් මොනවද ඕනේ උඹලට……..??” දරාගත නොහැකි වූ මානසික පීඩනයකින් මම කෑ ගසන්නට වීමි.නමුත් ඔහුගෙන් කිසිදු පිළිතුරක් නොලැබුණි.

මාව මරන්න ඕනෙනම් දැන්ම මරපල්ලා.....

පුතාට දැනෙන වෙහෙස මහන්සිය ගැන මම දන්නවා.දැන් චුට්ටක් නිදාගන්නකෝ එතකොට සේරම හරියයි.අපි හෙට කතා කරමුකෝ නිවාඩු පාඩුවේ...

බලාපොරොත්තු නොවූ තරමේ සංයමයකින් ඔහු දුන් පිළිතුරින් මා සෑහීමකට පත් වුණි.ශරීරයට දැනෙන විඩාව මෙන්ම වේදනාව නිසාම මා ඇඳේ වැතිරුණේ නින්දක අපේක්ෂාවෙන්....
*********************************************************************************
අශාන් රැඳී සිටි රෝහල වටා කාන්තා සෙබලියෝ විශාල පිරිසක් ආරක්ෂක සේවයේ යොදවා සිටිනු දක්නට ලැබුණි. පර්යේෂණ කණ්ඩායම් රෝහලේ කැමරා පද්ධති හා ටෙලිපෝර්ට් උපකරණ සෝදිසියේ නිරත වූ අතර ප්‍රධාන වෛද්‍යවරිය ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය අමතා ආරක්ෂක නිලධාරිණියක් උපදෙස් දෙමින් සිටියාය.

දැනට දැනගන්න ලැබුණු දත්ත වල හැටියට රෝහලේ කාර්ය මණ්ඩලයේම කවුරුන් හෝ කැරළිකරුවන්ට සහයෝගය දක්වලා තියෙනවා... ඒත් ඒ කවුද කියලා අපිට හොයාගන්න තාම බැරිවුනා.සොයාගත්තොත් ලැබෙන දඬුවම බොහෝම වේදනාකාරී වෙයි ඒ නිසා ඒ වරද භාරගන්න කෙනෙක් ඉන්නවනම් මම සුළු කාලයක් ලබා දෙන්නම්.....

වෛද්‍යවරියන් මහා කසු කුසුවක නිරත වන්නට විය.

දැනට ගන්න ආරක්ෂිත පියවරක් විදියට සියළුම රහසිගත කේත පද්ධතීන් වෙනස් කරන්න අපිට අණ ලැබිලා තියෙනවා.විද්‍යාගාර වලට ඔබලා ඇතුල් වීමේදි එහි අප යෙදවූ සෙබලියන් විසින් ඔබව පරික්ෂා කරනු ඇති.නැවත අශාන් සොයාගන්නා තුරු මෙය ක්‍රියාත්මකයි….. ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනගපු මේ ජනපද කාන්තා ඔබම පාවා නොදෙනු ඇතැයි මා විස්වාස කරනවා... දැන් ඔබලාට යන්න පුළුවන්.
*********************************************************************************
දිගු නින්දක් අවසානයේ අවදිවූ මාගේ ශරීරය නැවත ප්‍රකෘති තත්වයට පැමිණ ඇති බැව් මා හට වැටහිණි.පෙරදා මා ඉදිරිපිටට පැමිණි පුද්ගලයා අසලක නොවූයෙන් මම ඇඳෙන් බිමට බැස ඇවිදින්නට වීමි.ආලෝකයක් මා සිටි කුටිය තුලට වැටුනද නිරතුරු ඇසුණු වතුර බිඳිති වෑස්සෙන හඬ යම් තරමක ගුප්ත ස්වාභාවයක් මතුකරන්නට විය.මා සිටි කුටිය දොරක් රහිත වූවක් නිසා කුටියෙන් ඉවතට පැමිණීමටත් කිසිදු ආකාරයකට බාධාවක් නොවීය.මා සිටින්නේ බිම් ගෙයකදෝ යන අදහස සිත තුලට පිවිසියේ කුටියෙන් පිටත බිත්තිවල වූ තෙත ස්වාභාවය නිසාමයි.

අඩ අඳුරේ වූ මාර්ගය ඔස්සේ මා පියනගන්නට වූයේ පෙරදා හමුවූ පුද්ගලයා හමුවේය යන අපේක්ෂාවෙන්.විශාල ප්‍රමාණයේ ගබඩා සංකීර්ණ යැයි සිතිය හැකි කුටි රාශියක් මා යන මග දෙපස විණි.එක්වරම මා පසු කල කුටියක වූ යම්දෙයක් මාගෙ ගමන අඩාල කරවීමට සමත් විය. ඒ කුමක්දැයි පිරික්සීමට ඒ කුටිය තුලට යාමට මම තීරණය කලෙමි.එම කුටිය තුල විසිරී පැවතුනේ විවිධ ආකාරයේ අබලි ද්‍රව්‍යය රාශියකි.ඒ අතර ගුවන් යානා වැනි අමුතුම ආකාරයේ යානා කිහිපයක්ම දක්නට ලැබුණි...

එහි වූ යානයක් වෙත ළඟා වූ මා එහි වූ ලාංඡනය පිසදැමුවේ එය මත රැඳී තිබූ දූවිලි නිසා එය හරිහැටි දැකගත නොහැකි නිසාවෙන්.මා පුදුමයට පත් කරවමින් දූවිලි අතරින් මතුවූයේ මා අභ්‍යාවකාශගත වන සමයේ ජනප්‍රියව පැවති මෝටර් රථ නිෂ්පාදනය කරන්නන්ගේ ලාංඡනයකි.නිෂ්පාදිත වර්ෂය 2120 ලෙස සඳහන්ව තිබිණි....

දැන් කොහොමද ඇඟට......??

එක්වරම ඇසුණු කටහඬ නිසා මා තිගැස්සුණු නමුත් ඒ කටහඬ පෙරදින මා ඉදිරිපිටට පැමිණි පුද්ගලයාගේම බව හඳුනාගැන්මට මා සමත්වුණා.

මේ යානය ගැන මොකද හිතෙන්නේ...

මම.....  මම හිතුවේ කවුරුවත් රථ වාහන පාවිච්චි කරන්නේ නෑ කියලනේ..... ඒත් මේ....

රථ වාහන පාවිච්චිය නැවතිලා වැඩි කාලයක් නෑ වැඩිම උනොත් අවුරුදු 20ක් විතර වෙයි සම්පූර්ණ පාවිච්චිය නැවතිලා... 2100 වර්ෂයේ මැද භාගේ විතර වෙද්දි තමයි ටෙලිපෝර්ට් තාක්ෂණය අත්හදා බලන්න ගත්තේ.ඒ ක්‍රමය ටික ටික පාවිච්චියට අරගෙන මේ වෙනකොට සම්පූර්ණයෙන්ම මේ වාහන භාවිතයෙන් ඉවත් කරලා තියෙන්නේ.....

ඒත් මේකේ නිෂ්පාදිත වර්ෂය 2120 නේ....??

ඔව් ඔබ හරි ඒ වෙද්දිත් ටෙලිපෝර්ට් තාක්ෂණය ගැන විශ්වාස නොතියපු නිෂ්පාදකයින් ඒ තාක්ෂණයට අභියෝග කරන්න නිපදවපු අවසන් නිෂ්පාදනය තමයි මේ.නමුත් අවාසනාවට මේ කිසිම යානයක් මේ වනවිට ක්‍රියාත්මක තත්වයේ නෑ.ඒ වගේම මේ යානා අළුත්වැඩියාවට දැනුමක් ඇති කවුරුවත් හොයාගන්නත් නෑ....

ටෙලිපෝර්ට් තාක්ෂණය තියෙද්දි වාහන අවශ්‍ය නෑ මං හිතන්නේ...

එහෙම හිතන්න බෑ අශාන්..... දැන් අපි ඉන්න තත්වයේ හැටියට මම හිතන්නේ ටෙලිපෝර්ට් තාක්ෂණය පාවිච්චි කිරීම හීනයක් විතරයි....

ඒ මොකද ඒ

තව දුරටත් අපි භාවිතා කරපු කේත ටෙලිපෝර්ට් කරන්න භාවිතා කරන්න බෑ.අපේ ඔත්තුකරුවෙක් මේ වෙනතුරු දීපු දත්ත අනුව තමයි අපි ක්‍රියාත්මක වුනේ.ඔබ ඉන්න නියම ස්ථානයට යන්න අවශ්‍ය සියළු තොරතුරු අපට ලැබුනේ එහෙමයි.... ඒ වගේම.. ඔහුගේ කතාවට මම බාධා කලෙමි

ඔත්තුකරුවෙක් කියලද ඔබ කිව්වේ??????

ඔත්තුකරු ගැන කතාව ගොඩක් සංකීර්ණ කතාවක් ඒ ගැන පස්සේ වෙලාවක කියන්නම්.දැන් අපිට ඉක්මනට මේ ස්ථානයෙන් පිටවෙන්න තියෙනවා.අපි ටෙලිපෝර්ට් තාක්ෂණය භාවිතා කරපු නිසා අපේ මේ සැඟවුම් ස්ථානය මේ වෙනකොට අනාවරණය වෙලා ඇති.මෙතන රැඳී ඉන්න එක අනතුරුදායකයි

ඒත් අපි කොහොමද පිටවෙන්නේ?? ටෙලිපෝර්ට් තාක්ෂණය පාවිච්චි කරන්නත් බැරිනම් යන්න වාහනයකුත් නැත්තම් පියාඹගෙනද යන්නේ??

ඔබේ උදව් ලැබුනොත්...... පියාඹන්න බැරි නෑ

ඔහුගේ ඒ ප්‍රකාශය මා මවිත කරවන්නට සමත් විය.පියෑඹීම කෙසේ වෙතත් පියාඹන්නට මගේ උදව් අවශ්‍ය කෙසේදැයි සිතමින් මම ඔහු සමග පියමනින්නට වූවා..

එච්චර කල්පනා කරන්න දෙයක් නෑ අශාන්.අපි තව සුළු මොහොතකින් අදාල ස්ථානයට යනවා එතකොට මම සියල්ල පැහැදිලි කරන්නම්.එහිදි ඔබට අපේ අනික් සගයන් මුණ ගැසෙන්නත් පුළුවන්.....

අනික් සගයන්............???

හෙහ් හෙහ් හෙහ්....  අපි නැතුව කොහොමද ගැහැණු විතරක් ඉන්න ලෝකයක් වුනත් පවත්වාගෙන යන්නේ...?? හෙහ් හෙහ් හෙහ්....

මට පැහැදිලි මදි?? මොකක්ද ඒ කතාවේ තේරුම???

අශාන් ඔබට නිකමටවත් හිතුනේ නැද්ද ගැහැණු දරුවන් විතරක් උපදින්නට හෝ ශුක්‍රාණු අවශ්‍යයි කියලා?? තවමත් ශුක්‍රාණු වෙනුවට ආදේශකයක් ඔවුන්ට නෑ....

එය ඇසීමෙන් මා ඉමහත් සතුටකට පත් විය.නමුත් වෛද්‍යවරිය මෙවන් සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරන්නට ඇත්තේ මන්දැයි තවමත් මා හට සිතාගත නොහැක.තව දුරටත් මේ ජනපදයේ සිරගත පිරිමින් නොමැති නිසා ඔවුන්ට අවැසි ජාන මාගෙන් ලබාගැනීමට අදහසක් තිබෙන්නට ඇතැයි මම උපකල්පනය කලෙමි.

ඇත්තෙන්ම මට හිතාගන්න බැරිවුණා.... ඒත් තව සෑහෙන්න පිරිමින් ඉතිරිව ඉන්නවද ඒ කියන්නේ

ලෝකයේ පුරාම අපි වගේ පිරිමින් කිහිප දෙනෙක් ඉතිරිව ඉන්නවා.මුලින්ම ඔවුන් ඔවුන්ගේ කාන්තා ජනපද පිහිටුවද්දි ජාන ශක්තිමත් පිරිමින් අතලොස්සක් වෙනම කඳවුරක රඳවා තබා ගත්තා.ඔවුන් මුලින් කිව්වේ පිරිමි පුද්ගලයින්ගේ ආරක්ෂාවට මෙසේ කඳවුරක රඳවනවා කියලා.ඔවුන් ඔවුන්ගේ විද්‍යාගාර සඳහා ජාන එකතුකරගත්තේ එහෙම.වාසනාවකට මගේ පියා මේ කඳවුරු වල මුල්ම පදිංචි කරුවෙක්.ඔහුගේ මූලිකත්වයෙන් ඇරඹුනු නිදහස් සටන නිසා තමයි අපි අතලොස්සක් මෙහෙම බේරුනේ.... ඒ වනවිට මගේ මව ස්ත්‍රී ජනපදයේ ගැබිණියක්.පියාගේ නිදහස් සටන අවසානයේ මගේ මවත් සහ තවත් කාන්තාවන් කිහිප දෙනෙකුත් නිදහස් කැරළිකරුවන් සමග ඇවිත් තියෙනවා.ඒ නිදහස් සටනේ අනිකුත් පුද්ගලයන්ට දාව ඉපදුණු දෙවන පරම්පරාව තමයි මේ වනවිට ඉතිරිව ඉන්නේ...

ඇත්තෙන්ම මා මේ පුද්ගලයාට ණයගැතිය.කල්පනා සයුරක ගිලෙමින් මා ඔහු සමග ගමනේ යෙදිණි.ස්වල්ප වේලාවකින් ඔහුගේ හඬින් මා නැවතත් පියවි ලෝකයට පිවිසුණි....

මෙන්න අපේ ගමනාන්තය.......

ඔහු දෑත් දිගුකල දෙසට මම නෙත් යොමුකලෙමි.අදහාගත නොහැකි තරම් මනස්කාන්ත දර්ශනයක් මා නෙතු අබියස පෙනෙන්නට විය.අපේ ගමන් මග කෙලවර වී තිබුනේ මනරම් කඳු යායක් දර්ශනය ගුහා කෙලවරකිනි.මෙතෙක් වෙලා අප ගමන් කර තිබුනේ කන්දක් තුල ඉදිකරන ලද උමං මගක බව මා හට වැටහුනේ එවිටයි... 

ඉතාමත් පැතලි වහලයක් සහ ඉතාමත් පටු ගුහා කට නිසා ගුවනින් පැමිණෙන්නෙකුට මේ ස්ථානය කිසිසේත්ම දැකගත නොහැකි වෙතැයි මට සිතිණි.නමුත් මා සමග පැමිණි පුද්ගලයා පැවසූ පියෑඹීම පිළිබඳ මතකයට පිවිසුණු වහාම මා ඉබේම වෙව්ලන්නට ගත්තේ නිතැතිණි.කුමක් හෝ හේතුවක් නිසා මෙතනින් පැනීමක් පිළිබඳව මොහු පැවසුවාදෝයි මට සිතිණි.එය එසේනම් මා හොඳ සිහියෙන් සිටින තාක් එයනම් සිදුනොවනු ඇත.

ඔබේ උදව්වෙන් මේක හදාගන්න බැරිවුනොත් අනිවාර්යෙන්ම ඔතනින් පල්ලෙහාට පනින්නම වෙනවා....

ඔහුගේ හඬින් පිටුපස හැරුණු විට මා හට දක්නට ලැබුණේ  ඉතා විශාල යානයක් සහ එහි කොටස් සවිකරමින් සිටි පිරිසකි.

ඇයි මේ තරම් පරක්කු වුනේ මේ යානය කලින් හදාගන්න තිබුනනේ....

අපි මේ තත්වය බලාපොරොත්තු වුනේ නෑ අශාන්.අපි හිතාගෙන හිටියේ ඔබව මුදා ගැනීම අවසන් අදියර විදියට ක්‍රියාත්මක කරන්නයි අපිට ඊට වඩා වැදගත් කමක් තිබුනේ විද්‍යාගාර වල ඉන්න අපේ සහෝදරයෝ බේරගෙන විද්‍යාගාර ජාලයට ප්‍රහාරයක් එල්ල කරන්න.ඒත් ඔබවත් පර්යේෂණ සඳහා කඩිනමින් ගන්න තීරණය කරපු නිසා ඔබව මුදාගැනීමට ප්‍රමුඛතාවයක් අපිට දෙන්න වුනා.

ඇයි මාව බේරගන්න එක මේ තරම් වැදගත් වුනේ??

දැනට අපි කාටවත් හොඳ දැනුමක් නෑ මේ තාක්ෂණ කටයුතු සම්බන්ධව.මගේ පියාගේ සැලසුම් අනුව තමයි මෙතෙක් කල් අපි ක්‍රියාත්මක වුනේ.තව දුරටත් ඒ සැලසුම් ප්‍රයෝජනයට ගන්න අමාරුයි.තාක්ෂණික දැනුම අපිට ගොඩක් වැදගත්... ඒ වගේම ඔබ දැනගත යුතු විශේෂ කාරණාවක් තියෙනවා අශාන්

ඒ වචන පෙළ ඔහු පැවසූ ආකාරයට මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විනි.

~~මතුසම්බන්ධයි~~

  
ප/ලි

මේ කොටස ලියන්න ටිකක් කල් ගියා ඒකට සමාව අයදිනවා හැමෝගෙන්ම.කලින් කොටස් වලට වගේ මේ කොටසෙත් වැරදි අඩුපාඩු පෙන්නලා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

81 comments:

  1. නියමයි කතාවනං..
    ඊලග කොටසනං පරක්කු නොකර දාන්න..
    ජයවේවා!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අබේ අයියේ.. ඊළඟ කොටසත් හැකි ඉක්මන්ට ලියනවා.බොහෝම සතුටුයි ඔබේ ප්‍රතිචාරයට

      Delete
  2. විද්‍යා ප්‍රබන්ධය යම් කිසි දවසක හැබැවක් වුනොත් අපිට එදාට කියන්න පුළුවන් මේක කලින්ම "ගැමියා පත් ඉරුවේ " ලියලා තිබුණා කියලා

    ReplyDelete
    Replies
    1. ඒ කතාවේ හැටියට අපි ඉතුරු වුනොත්..

      Delete
    2. @දයානන්ද රත්නායක,

      බොහෝම ස්තූතියි ඔබට....

      //විද්‍යා ප්‍රබන්ධය යම් කිසි දවසක හැබැවක් වුනොත්//

      අනේ ඒ ගැන නම් හිතන්නවත් එපා කෙල්ලෝ විතරක් ඉන්න කොටස ඇර අනික්වා හැබෑ උනාටනම් කමක් නෑ ඕං.සතුටුයි ඔබේ කොමෙන්ටුවට
      ---------------------------------------------------------
      @ක්සැන්ඩර්,

      ඔය කොහෙට හරි ගිහින් බේරෙන්න බැරියැ නේද... හැබැයි එහෙමවත් බේරෙනවට වඩා හොඳ වෙයි නොබේරි හිටියනං හි හි

      Delete
  3. සුපිරියි. කියන්න වචන නෑ ගැමියෝ. එල කිරි (Y)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි රෙපා අයියේ..... සෑහෙන්න සතුටුයි ඔයාගේ ප්‍රතිචාරයට

      Delete
  4. ආව්..ලස්සනයි අනේ..ඔයා කතාව නම් ගොඩ නන්වනවා හරිම අපුරුවට..මේ කතාවේ කතා නායිකාවක් එහෙම ඇති නේද සුරුපි ..මැවිලා පේනවා අප්පා.ඉංග්‍රිසි ෆිල්ම් එකක් වගේ ඔයාගේ කතාව මල්ලි..

    ReplyDelete
    Replies
    1. ඕං මාව අමාරුවේ දැම්මා.... එක කතා නායිකාවක් විතරක් සුරූපිනිය කරන්නේ කොහොමෙයි ඉන්න රොත්ත බුරුත්තම කෙල්ලෝ උනාම.මට නම් මැවුනේ ලස්සන කෙල්ලෝ ගොඩක් ඉන්න ලෝකයක් ඉතින් කොහොමද ලස්සන අයවම හොයන්නේ.... හැබැයි මම කැමතියි අර වෛද්‍යවරියව සුරූපි කෙනෙක් කරන්න.

      බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට

      Delete
  5. ඔය තියෙන්නේ නියමෙට. ඔය ප්‍රශ්නේ මටත් කලින් ආවා. මම හිතුවේ ගැහැණු ලෝකේ අවසානේ වෙන්න ලඟයි කියලා. එකයි ඔවුන් අශාන්ව මේ තරම් ආරක්ෂා කරන්නේ කියලා. බලනකොට වෙන පිරිමිත් ඉඳල නේ.

    එතකොට ඔවුන්ව යොදාගෙන ගැහැනුන්ට ලැබෙන ළමයි පිරිමි ළමයි උනොත් ඔවුන්ට මොකද කරන්නේ? ඔවුන් හැමෝම කඳවුරුවලට දාලා ජිවත් කරවනවද? එහෙම නැත්නම් පිරිමි ළමයෙක් උපදින සම්භාවිතාව ඉතාමත් අඩු කරන්න ක්‍රම එයාලා ගාව තියනවද?

    සුපිරි කතාව. දිගටම ලියන එක ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. තව පිරිමි ඉන්නවා කියල පොඩි ඉන්ගියාක් පළවෙනි කොටසේ තිබුන නේද? කැලෑ බද ප්‍රදේශ වල සැඟවිලා තවත් පිරිසක් ඉන්නවා කියන තැන...

      Delete
    2. @සයුරි අක්කේ,

      මේකනේ අක්කේ මේ කතාවේ අපි ඉන්නේ ලංකාවෙනේ.ලංකාවේ ප්‍රයෝජනයට හිටිය පිරිමි සිරකඳවුරෙන් පැනලා ගිහිල්ලානේ ඉන්නේ.ඉතිං මේගොල්ලෝ ගාව ඉන්න පිරිමි කීපදෙනාගෙන් අමාරු ඇති ප්‍රයෝජන ගන්න.අනික ජානත් දුර්වලයි කියලා කිව්වනේ මුල් කතාවේ....

      අන්න ඒ නිසා තමයි අශාන්ව මේ තරම් වටිනවයි කියලා හිතුවේ.... මට මතකයි මම මුල් කොටසේ කිව්වා පිරිමි ළමයි උපදින්න අවශ්‍ය ශුක්‍ර කාන්තාවන් විනාස කරනවා කියලා.ඒ නිසා ඒගොල්ලෝ ගැහැණු ළමයි විතරයි උපද්දවන්නේ...

      කතාව නොලිව්වොත් සුනාමිනේ :D
      ----------------------------------------------------------
      @අසරණයා අයියේ,

      ඔව් ඔව් අයියේ එහෙම කොටසකුත් මම දැම්මා

      Delete
  6. ම්ම් අනේ මංදා මොනා කියන්නද කියලා... උපරිමයි ඊට වඩා කියන්න දෙයක් හිතා ගන්නත් බෑ

    ReplyDelete
    Replies
    1. අයියෝ මේ කියන ටික හොඳටම ඇති අක්කේ.ඇවිල්ලා කියවලා ගියත් මට ඇති.බොහෝම ස්තූතියි කාව්යා අක්කේ මේ ප්‍රතිචාර මට සතුටක්

      Delete
  7. අම්මෝ.. මම හිතුවා මෙහෙම වෙයි කියලා. ගෑනු විතරක් කොහේ ඉන්නද? :-)

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ අපි නැතුව කොහොමද ලෝකයක් ගෙනියන්නේ හෙහ් හෙහ්...

      බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට ඔයාගේ පැමිණීම ලොකූ සතුටක්

      Delete
  8. නියමය බං නියමයි...
    වෙනම ලෝකෙකට යනවා මේක කියවද්දි... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අපි නොදන්නවැ රජාගේ හැටි.වෙනම ලෝකෙකට ගිහින් කල්පනා කරනවා ඇති අනේ මේ ගැහැණු ලෝකේ මම රජ වුනානම් කියලා හෙහ් හෙහ් හෙහ්....

      බොහෝම ස්තූතියි රජෝ කොමෙන්ටුවට.සතුටුයි ඔබේ ප්‍රතිචාරයට

      Delete
  9. ටෙලිපෝර්ට් තාක්ෂනය කියනේ අප්‍රිකානු ගුරුකම් වලින් අතුරුදහන් වෙන ක්‍රමේ වැඩි දියුණු කරලා නේ. හෙක් හෙක්.

    අද කතාව මට දැනුන විදියට කලින් කොටස් දෙකකට වඩා රසිකයා ඇදගන්න විදියට ලියවිලා නැහැ වගේ. කතාව හොඳ විදියට නොසිතු පැත්තට ගලාගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. බලන්න ඔයා දාපු මේ කොමෙන්ටුව මතකද කියලා

      //මට මේ කියන තාක්ශනේ ගැන නිකමටවත් හිතිලා. නැහැ. අර අතේ තියෙන ගැජට් ඒක තියෙනවනම් මට ඉක්මනින් ලංකාවට එන්න පුළුවන්.//

      මේ කොමෙන්ට් එක දැම්මට පස්සේ ඔයා දාපු පෝස්ට් එක කියෙව්වම මාව කරකවලා අත ඇරියා වගේ පිස්සු හැදෙනවා.මේ සිස්ටම් එක ඉගෙනගත්තාම ඇවිත් කියා දෙන්ට හොඳේ....

      //අද කතාව මට දැනුන විදියට කලින් කොටස් දෙකකට වඩා රසිකයා ඇදගන්න විදියට ලියවිලා නැහැ වගේ.//

      මේ කතාව මටත් පිළිගන්න වුනා අයියේ.මේ කොටස සම්පූර්ණයෙන්ම ගෙවුනේ මේ දෙදෙනා අතර යන කතා බහක් විදියට නිසාත්.කතාව පැහැදිලා කරන පුද්ගලයා ලොකු කතාවක් කියද්දි ඒ කතාව මැද්දෙන් අශාන්ට ගොඩක් වෙලා කතා කරන්නත් බැරි නිසා දාපු කෙටි ප්‍රතිචාර වලින් කතාව නීරස වෙලා....

      ඊළඟ කොටසෙදි මම ඒ වැරැද්ද හදාගන්නම් අයියේ.බොහෝම ස්තූතියි වැරදි පෙන්නා දුන්නට.සතුටුයි ප්‍රතිචාරය ගැන

      Delete
    2. ඇත්තටම මචං ඒ සිද්දිය ගැන දැනගත්තාම මට මහා අමුතු දෙයක් දැනුනා. ඒ දේ හරියට ෆිල්ම් එකක සිද්දියක් වගේ. ඒත් එහෙම දෙයක් තියෙනවා නේ.

      Delete
    3. ඒක මම ජීවිතේට හිතුව නැති දෙයක් අයියේ.... අනේ කොහෝම හරි ඔව්වා ඉගෙන ගන්න හොඳේ.... හිතිච්චාම කොළඹ ඉදන් නුවරට වාෂ්ප වෙන්න ඇත්නම් මරේ මරුනේ හොඳට ඉගෙන ගන්න හොඳේ...

      Delete
  10. මුලින්ම අද කතාව විශිෂ්ටයි. වෙන කියන්න දෙයක් නැහැ.
    දැන් විවේචනය. බය නැතුව නිදහසේ යමක් කියන්නේ ඔබ ඒ පිළිගැනීමට තරම් නිහතමාණී බව දන්නා නිසා.

    ඔබ දන්නවද ඔබ මේ මවලා තියන ලෝකය ගොඩනැගෙන්න යම් ඉඩක් තිබෙන බව. මම දන්න තොරතුරු අනුව කැලනිය විශ්ව විද්‍යාලෙ දැනට සිටින විද්‍යාර්ථීන් අතරින් 75% වඩා ස්ත්‍රීන්. වැඩි පඩි සහ වෙනත් පහසුකම් නිසා විද්‍යාත්මක සේවයට එන පුරුෂ පක්ෂය අඩුයි. සමස්ථ රටේම මම දන්නා තරමින් ස්ත්‍රීන් තමා වැඩි පුර විශ්ව විද්‍යාල සේවයේ යෙදෙන්නේ.
    නමුත් ඔබේ ලොවේ මෙන් මෙහි යමක් වෙන්න තිබෙන ඉඩ අඩුයි. එනම් අපේ කාන්තා විද්‍යාර්ථීන් හුදෙක් ඉගැන්වීමටම පමණක් විශේෂිත වෙලා. නව පර්යේෂනවල යෙදෙනවා අඩුයි. ඒ නිසා දැන් විශ්වවිද්‍යාල ක්ෂ්‍රේත්‍රයේ තිබෙන විශාල ගැටළු දෙක තමයි මේ.
    1. කාන්තාවන් වැඩි වීම.
    2. පර්යේෂණ වලට ඇති අඩු කැමැත්ත.

    නමුත් ඊලඟ පරම්පරාවේ කාන්තාවන් පර්යේෂණ වලට යොමු වුනොත් කොල්ලනේ ගැමියාගේ පිහිට තමයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔබට.මේ ප්‍රතිචාරය ගැන සෑහෙන සතුටුයි...

      ඔබතුමා සඳහන් කරපු මුල් ටික කියවද්දි මට හිතුනා වැඩේ හරි මේ ටික අද හෙටම වෙයිද දන්නෑ කියලා ඒත් තාම වාසනාව තියෙනවා නව පර්යේෂණ වල නොයෙදෙන නිසා එහෙනම්.ඒත් කාන්තාවො පර්යේෂණ වලට යොමු වුනොත්????? හපෝයි ඒකනම් බියකරු සිහිනයක් මම කියලා මක්ක කරන්නද අපි හැමෝටම සාමදානයේ කාන්තාවන්ගේ විද්‍යාගාර වල පර්යේෂණ මීයෝ වෙන්න පුළුවන් (lab rats) ගිනි පිග් කියලත් කියනවද කොහේදෝ මේ වචනයට....

      පිරිමි සංහතිය සුරැකේවා කාන්තාධිපත්‍යය භංග වේවා කියලා කියමුකෝ...

      Delete
  11. කතාව පටන් ගන්නත් ඉස්සෙල්ලා ඉවර වෙනවනේ :) කතාව නම් සුපිරි ඈ...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සහෝදරයා.... වර්ඩ් එකේ පිටු 6ක් තමා එක පෝස්ට් එකකට උපරිම.එහෙම නැත්තන් කියවද්දි හැමෝටම එපා වෙයි කියලා හිතුනා.හැම කතාවක්ම වගේ පිටු 6කට සීමා කරලා දැම්මේ... ඊළඟ කොටස ඉක්මනින්ම දෙන්න බලන්නම්.ඔබේ ප්‍රතිචාරයට සතුටුයි

      Delete
  12. එන්න එන්නම ලිවීමේ හැකියාව වැඩි වෙන බවා පේන්නේ.. නියමයි. ඔහොම යන්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ.... සතුටුයි ඔයාගේ කොමෙන්ටුවට

      Delete
  13. වෙනදා වගේම කතාව පස්ටයි ගැමියා අය්යේ..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මල්ලි.... සතුටුයි ඔයාගේ ප්‍රතිචාරයට.

      Delete
  14. ඉක්මනට්ම ඉතුරු කොටසුත් ලියන්ඩ !!!
    දැන් තමා කතාවේ හොදම හරිය !

    ReplyDelete
    Replies
    1. ඉක්මනින්ම ලියනවා අයියේ.... බොහෝම ස්තූතියි ඈ කොමෙන්ටුවට.මිෂන් ඉම්පොසිබල් මියුසික් එක දාගෙන ඊළඟ කොටස ලියන්ඩෝන...

      Delete
  15. අනේ මන්ද බං මම උබට අසාධාරනයක් කරනවද කියල.

    හැමදාම හොදයි/සිරා කිය කිය යනවා. එත් මේක කියවල වෙන මොනව කියන්නද.?

    මම ඉස්සරහට වෙන දේවල් හිතලා කොර වෙන්න කැමති නැහැ.

    ජය !

    ReplyDelete
    Replies
    1. අනේ නෑ සැමායියේ.... ඇවිල්ලා කියවලා යන එකම ඇති මට.සැමා වැලහින්නගේ කතාවට කිව්වා වගේ තමා මටත් කියන්න තියෙන්නේ.ඉස්සරහට මොනා වෙයිද කියලා මංවත් දන්නෑ සැමෝ....

      බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට ජය වේවා!!

      Delete
  16. පේන විදියටනම් මේ කතාව සංස්කරණයකින් පසුව පොතක් විදියට එළිදක්වන්න පුළුවන්.

    අර තරු පේලිය ඒ තරම් දිගට ගන්න ඔන නෑ. පිටුවෙ මැදට වෙන්න තනි පේලියට ගන්න.

    ReplyDelete
    Replies
    1. අනේ පොතක් ගැන නම් තුන් හිතකවත් නෑ අයියේ.... ඒ තරම් ගොඩක් ලියවෙන එකකුත් නෑ බලමුකෝ සේරම එකතු කරලා අනාගතේ දවසක පොතක් විදියට ගහන්න පුළුවංද කියලවත්.... ඒ අදහසට නම් බොහෝමත්ම ස්තූතියි අයියේ.

      තරු පේලිය මැදට අරං ඊළඟ කොටස් ලියන්නම්.බොහෝමත්ම ස්තූතියි අයියේ උපදෙස් වලට.

      Delete
  17. පෙර කොටස් වාගේම පට්ටයි ,ඉතිරි කොටස් ප්‍රමාදයකින් තොරව දැමීමට හැකිවේවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි රොබින් අයියේ... ඊළඟ කොටස ඉක්මනින්ම දාන්න උපරිම ට්‍රයි කරනවා

      Delete
  18. පහුගිය කොටස් දෙකට කොමෙන්ට් දාලා මට මේකට දාන්න කොමෙන්ට් එකක් නෑ මලේ.. පළවෙනි කොටසට වඩා දෙවනි කොටස සාර්ථකයි.. ඊටත් වඩා මේ කොටස සාර්ථකයි...

    ඊලඟ කොටසත් කියවන්න නොයිවසිල්ලෙන් තව පාරක් මුල ඉදන් කියවන්න යනවා

    උබට ජය

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ.... ඔයා ඇවිත් කියවපු එකම ලොකු සතුටක් මට.මීට වඩා සාර්ථකව ඊළඟ කොටස ලියන්න උත්සහ කරන්නම්...

      ජය වේවා

      Delete
  19. ඇත්තටම ගොඩාක් වටින විද්‍යා ප්‍රබන්ධයක්...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අග්නි නගේ කොමෙන්ටුවට

      Delete
  20. අලේ උඹ මාව ගෙනිහින් දීපන් උන්ට.මම ස්වයං කැමැත්තෙන්ම නැවතිලා ඕනෙ කරන අඩුමකුඩුම ටික දිදී ඉන්නම් හික් හික් හික්.ඊළඟ කොටසත් ඉක්මනටම දාපියෝ......... :p

    ReplyDelete
    Replies
    1. ස්වයං කැමැත්තෙන්?? හපොයි හරි ෂෝයිනේ.... ඕං ගෙනිහින් දැම්මට පස්සේ අනං මනං කියන්න බෑ හරිද අරක නැතිවුනා මේක නැතිවුනා කියලා... කවුද දන්නේ ඕන කරන අඩුම කුඩුම කොහොම ගනියිද කියලා....

      බොහෝම ස්තූතියි මචෝ කොමෙන්ටුවට ඊළඟ කොටස ඉක්මනින් දෙන්න උත්සහ කරන්නම්

      Delete
  21. මල කෙලියයි ගෑණු ලෝකයයි.. අදනේ යාලු ආවේ.. නියමයි. ඉතින් නම් දිගටම එනවා. ජය..!

    ReplyDelete
    Replies
    1. පත් ඉරුවට සාදරයෙන් පිළිගන්නවා ඔයාව... බොහෝම ස්තූතියි කොමෙන්ටුවට මෙහෙම උනෝතින් මල කෙලියක්ම තමා

      Delete
  22. ඔහු තනි වෙලා නෑ එහෙනම්... බලමුකෝ ඉතුරු කොටසුත්

    ReplyDelete
    Replies
    1. තව කීප දෙනෙක් ඉන්නවා අයියේ... තව හිතපු නැති හිතන්න බැරි දේකුත් තියෙයි ඉදිරියට... රැඳී ඉන්නකෝ

      බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  23. හැමදාමත් වගේ ලස්සනට ලියනවා....ඊගාව කොටස බලාගෙන ඉන්නවා.....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කිරිල්ලි අක්කේ.... ඊගාව කොටසත් දෙන්නම් හැකි ඉක්මනින්

      Delete
  24. හැමදාමත් වගේ උපරිමයි ගැමිය මල්ලි.
    ඊළඟ කොටසත් ඉක්මනින් දාන්න.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ප්‍රසා අයියේ... ඊළඟ කොටස ඉක්මනට දෙන්නාම්...

      Delete
  25. ම්..නියම නිර්මාණයක්....මේ වගේ දෙවල් තමයි බ්ලොග් ලොකෙට ඔන නිර්මාණ...ජය

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට... සතුටුයි

      Delete
  26. ලස්සන කතාව.ඇත්තටම දවසක මෙහෙම වුනොත් කොහොමද?
    මෙලෝ රහක් නැතිවෙයි.
    ඉතුරු ටිකත් ඉක්මනටම පබ්ලිෂ් කරන්න.

    ReplyDelete
    Replies
    1. අනිවා.. කොල්ලෝ නැති ලෝකේ කෙල්ලොන්ට මොන රහක් ද? නේ!!

      Delete
    2. @ප්‍රමුදි,

      බොහෝම ස්තූතියි මේ පැත්තට ගොඩ වුනාට.ඔයාව සාදරයෙන් පිළිගන්නවා.ඊළඟ කොටස තාම ලියලා නෑ ඒක ලිව්වම පබ්ලිෂ් කරන්නම්.... බොහෝම ස්තූතියි කොමෙන්ටුවට
      -----------------------------------------------------------

      @රැංගෝ,

      හි හි සිරාවට ඈ

      Delete
  27. අද කොටස ගැන නම් තෘප්තිමත් නෑ...

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරය සෑහෙන්න අගය කරනවා මචෝ... අනිවාර්යෙන්ම මීට වඩා සැලකිල්ලෙන් ඊළඟ කොටස ලියන්න පොරොන්දු වෙනවා... බොහෝම ස්තූතියි මචෝ කොමෙන්ටුවට... සතුටුයි මේ ප්‍රතිචාරය ගැන

      Delete
  28. පොඩ්ඩයි වගේද මන්දා...:O

    හොදටම ගලාගෙන යනවා කතාව.. බලමු ඊළඟට මොකද ව්එන්නෙ කියලා..

    ReplyDelete
    Replies
    1. මෙතන වර්ඩ් පිටු 6ක් තියෙන නිසා මම හිතුවා දිග වැඩි ඇති කියලා ඒත් පස්සෙනේ අක්කේ තේරුනේ ඒ තරම් පිටු වැඩි වෙලා තියෙන්නේ දෙබස් වැඩි නිසාත් දෙබස් අතර තියෙන හිඩස වැඩි නිසාත් කියලා...

      තව ටිකක් උවමනාවෙන් ලියලා ඊළඟ කොටස මීට වඩා හොඳට දෙන්න මම උපරිම උත්සහ කරන්නම්.බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට

      Delete
  29. අනේ මාවත් ඔය ලෝකෙට ටෙලිපෝට් කරපංකෝ කොහොමහරි......

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටපන් මාත් එනකම්.. :-)

      Delete
    2. @ඔබ නුදුටු ලොවක්,

      මේකට නම් අසරණයා අයියාගේ අප්‍රිකානු ගුරුකමක් ඉල්ලගන්නම වෙනවා... ඒක නෙමේ අයියට හොඳටම ෂුවර්ද ගියොත් වැඩේ ගොඩ කියලා??? ස්තූතියි කොමෙන්ටුවට
      ----------------------------------------------------------
      @සෙන්නා,

      මේං බොලේ සෙන්නා අයියත් යන්න හදනවා... මේකයි හැබැයි දැන් ඔය දෙන්නම ගියාම කාටද ප්‍රමුඛතාවය ලැබෙන්නේ??

      Delete
  30. ගැමියා, කතාව එළ ඈ....ලෙසටම දීලා තියනවා... ලිංග බේද වාදයට තමා යන්නෙ නේද...

    ලංකාවෙත් ගෑණු වැඩියිලු බන්.. ඔය කියන දේ වෙයිද ? හප්පා එහෙම උනොත් නිකන් 1994-2005 වගේ තියෙයි නේද.. හිකිස්..

    ReplyDelete
    Replies
    1. //නිකන් 1994-2005 වගේ තියෙයි නේද.. හිකිස්..// ඒ මොකක්ද බං..

      Delete
    2. @සෙන්නා,

      ඔව් ඔව් අයියේ හිතන්නකෝ මේ තත්වයට පත් වෙච්චි කොල්ලෝ සෙට් එකක් කොහෝම හිතයිද කියලා.මාත් අන්න ඒ විදියට තමා හිතන්න ට්‍රයි කරන්නේ.දැන් මේක නවත්තන්නේ කොහොමද කියලා සෑහෙන්න කල්පනා කරන්න වෙනවා....

      ලංකාවෙත් වැඩියි නේන්නම්.වැඩි දෙයක් ඕනේ නෑ බයෝ ක්ලාස් වල තමා ඕක හොඳටම දකින්න පුළුවන්....

      බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට..
      ----------------------------------------------------------
      @අසරණයා,

      මම නම් හිතන්නේ අයියේ අපේ සැටලයිට් ඇන්ටි රට පාලනය කරපු කාලේ ගැන තමා මේ කියලා තියෙන්නේ කියලා... හ්ම්ම්ම්

      Delete
  31. නියමයි යාළු..................... හොදට ලියනවා ඔයා!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කොමෙන්ටුවට යාළු.... මේ කොමෙන්ටුව කියෙව්වම මට මතක් වුනේ රූපවාහිනියේ ගිය රොබින්සන් අන්දරය කතා මාලාව සිංහලෙන් හඬ කවලා තිබුනු හැටි....

      Delete
    2. ඒ මොකද අනේ ඒ ??

      Delete
  32. ගැමී මල්ලිගේ ප්‍රබන්ධ වල තියන විද්‍යාත්මක වචන මට හරියට තේරුනේ නැති වුනත් මේවා මෙහෙම දේවල් වෙන්න ඇති කියල හිතල මම උපකල්පනය කරලා තමයි කතාව තේරුම් ගන්නේ.
    කියන්න දෙයක් නෑ ගැමී මල්ලි උපරිමයි. අශාන්ට අර යානේ හදාගන්න පුළුවන් වුනොත් ගොඩේ ගොඩ. නැත්තම් පල්ලෙහාට පනින්නම වෙනවනේ.

    ReplyDelete
    Replies
    1. අයියගෙ කොමෙන්ටු මම බොහොම අගය කරනවා ඔයා ආසාවෙන් කියවන එක මට ලොකු සතුටක්.ඔයාගේ බ්ලොග් එක පැත්තේ ලඟදි එන්න බැරිවුනා අද හෙටම ඇවිත් යන්ඩෝන...

      අළුත් කොටස කලින්ම දැම්මා.අශාන් යානය හදලා ගුවන්ගත කරේ නම් නෑ තාම.බොහෝම ස්තූතියි අයියේ....

      Delete
  33. මටත් කතාව තේරුම්ගන්න ගොඩක් අමාරු උනා. මල්ලි ඒ තරම් හොදට දක්ෂ විදියට ලියනවා. අපිට දැන් හොද විද්‍යා ප්‍රබන්දකයෙක් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න අක්කේ තවත් කොටසක් දැම්මා.බොහෝම ස්තූතියි අක්කේ ඇවිත් කියවලා කොමෙන්ටුවක් දැම්මට.ඔයා වගේ ලස්සනට ලියන කෙනෙක්ගෙන් හොඳක් අහන්න ලැබීම සතුටක්.වැරැද්දක් ඇත්නම් පෙන්නන්න මට ඒක ගොඩක් වටිනවා....

      තව ගොඩාක් කතා ලියන්න හිතිලා තියෙන්නේ.එව්වනම් එක දිගට ලියලා ඉවරයක් කරලා ඉක්මනට හැමෝටම කියවන්න දෙන්න ඕනේ.නැත්තම් කියවන අයට අසාධාරණයිනේ....

      බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට

      Delete
  34. අඩේ දාපං බං ඉක්මනට ඉතුරු ටිකත්.....
    එළ ඈ....

    ReplyDelete
    Replies
    1. ඕං ඉක්මනටම දැම්මා අළුත් කොටස.... කියවන්ඩෝ.බොහෝම ස්තූතියි ඈ කොමෙන්ටුවට

      Delete
  35. අද සම්පූර්ණ කථා පෙළම කියෙව්වා.... අති විශිෂ්ඨයි.... හැමෝටම නැති විරල ගණයේ හැකියාවක් විද්‍යා ප්‍ර‍බන්ධ කරණය... ඔබට ඒ හැකියාව හොදින් පිහිටා තිබෙන බව මගේ හැගිමයි... දිගටම ලියන්න... ජය!

    ReplyDelete
  36. මඟ ඇරුණු කොටස් එක්කම කියෙව්වා මල්ලියෝ.. උපරිමයි..!
    අශාන්ගෙ දැනුමෙන් යානය හදාගෙන පැනගන්න පුළුවන් වෙයිද..? එයාළගෙ රේඩාර් වලට ඒ යානය අහුවේවිද.. ඔත්තුකරුවන් පාවලා දේවිද..
    බලාගෙන ඉන්නවා ඉතිරි කොටසින්.. :D

    ReplyDelete