රෑ මැදියම් අඳුරේ
නෙතු නොපියවා.....
සිතිවිලි මහා සයුරක
මා කිමිදිලා....
මගෙ ආදර දෙව්දූ
මම සිහිකලා...
බිඳු කඳුලැලි ඇවිදින්
නෙතු බොඳකලා....
සිතු නිතරම හඬනා
ඔබ නැති නිසා...
නෙතු නිතරම සොයනා
ඔබ කොහෙ කියා...
සඳ සෙවණැලි වැටිලා
ඔබෙ රූ සිහිවුණා....
දැකගන්නට ඔබෙ රූ
තව වෙයි පමා....
ඒ ටික දින ඉන්නම්
මේ දුක දරා...
ඔබ දකිනට එනතුරු
මට ලංවෙලා...
ඉන්නා එක සතුටක්
දුරකතනින් ඔයා...
ලස්සනයි නිසදැස...
ReplyDeleteබොහෝම ස්තූතියි නිෂ් සාදරයෙන් පිළිගන්නවා පත් ඉරුවට ඔයාව
Deleteහ්ම්ම්ම්... කාලෙකට පස්සේ... ලස්සන නිසදැස
ReplyDeleteඒකනේ මලේ මේවා ලියන එක අමතකම වුනානේ....බොහෝම ස්තූතියි මලේ කොමෙන්ටුවට.කාලෙකින් ඔයාගේ පෝස්ට් එකක් දැක්කේ නෑනේ??
Deleteකොහෙද ඉතින් වෙලාවක් නෑ... වෙලාවක් සල්ලි වලට හරි අරන් පොස්ට් එකක් දාන්න ඕන...
Deleteකොහේවත් මීට කලින් දැකලා නැති දෙයක් හොයාගෙන දාමු මලේ එතකොට මාර වටිනවා
Deleteඅත්දැකීමක් ලියන කොට ඔහොම ලස්සනට ලියන්න පුලුවන්...
ReplyDeleteඒකනම් සහතික ඇත්ත වෙනි අයියේ... අත්දැකීමක් කතාවක් විදියට ලියද්දිත් ලස්සනට ලියැවෙනවා හිතලා ලියන්න ගියාම තමා ටිකක් එහෙ මෙහෙ වෙන්නේ.බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට
Delete//දැකගන්නට ඔබෙ රූ
ReplyDeleteතව වෙයි පමා....
ඒ ටික දින ඉන්නම්
මේ දුක දරා...//
දැන් කවද්ද ඔය දෙන්නා මුණ ගැහෙන්නේ?
මොකද හිත මිතුරු සුළඟට කියන්න වෙනවනේ වැහි වලාවට එන්න එපා කියලා..!!
ලස්සනයි..
අනේ දන්නෑ අක්කෝ කවදා මුණ ගැහෙයිද කියලා... ඒකමයි මේක ලියවුනේ....හැබැයි ඉතින් වහිනවනම් හරි ෂෝක් අප්පා මොකද මම කුඩ අරගෙන යන්නේ නෑනේ...බොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවට
Deleteදැකගන්නට ඔබෙ 'රූ' කිව්වම රූ කළබල වෙලා වගේ..
Deleteඑයා ගැන නෙවේ නෙ කිව්වේ :))
මේ සැමා හිතලා තියෙන දුර.... මේකගේ හිත නම් මක්ක හරි වෙලා.ළඟදි කැත හිත්වලට සැමාගෙන් මුකුත් ලියවුනෙත් නෑ නේද??
Deleteකැත හිත් ගැන ලියන්න බැහැනේ මචං.
Deleteවෙසක් / පොසොන් එක පිට තිබ්බ නොවැ.. ඇසල අවුලක් නැහැ නේද ?
ම්ම්ම් හලේ මන්දා ඉතින් කැත හිත් වලට ලිව්වට කවි කැත නෑනේ... ලියමු ලියමු අවුලක් නැ
Deleteලස්සනයි...
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ
Delete//ඔබ දකිනට එනතුරු
ReplyDeleteමට ලංවෙලා...
ඉන්නා එක සතුටක්
දුරකතනින් ඔයා...//
සහතික ඇත්ත අප්පා...
දෙන්නම ලංකාවෙම ඉඳලත්නේ අප්පා මෙහෙම වෙන්නේ.... හැබැයි ඉතින් රටවල් දෙකක තමා උඩරට,පහතරට :D පෝං එකටත් මොක්කුද රිංගනවලුනේ දැන් ඒකත් නතර කොරන්න වෙයිද මන්දා... බොහෝම ස්තූතියි අක්කෝ.මයිටො නෙමෙයි කොටි වලස්සු රිංගුවත් පෝං එකනම් එපා වෙන එකක් නෑ හැබැයි
Deleteමම අහන්නත් හැදුවෙ බං මයිටොද දුරකතනෙන් ලංවෙලා ඉන්නෙ කියලා..
Deleteහයියෝ මයිටෝ... මේකෙ මයිටො නෙමේ ගෝණුස්සොත් ඇති අප්පා.
Deleteමයිටො ගෑණුද පිරිමිද පෝං වලට එන්නේ???(රහසින්)
අපිටනම් ස්කයිප් තමා.....
ReplyDeleteලස්සන නිසදැස..... ජය පතනවා
එකෝම එක දවසයි ස්කයිප් චැට් කලේ... හැබැයි ඉතින් එහෙම චැට් කරද්දි මූණූ පේන එක නම් ඇත්තයි ඒත් ෆෝන් එකෙන් කතා කරනවා වගේ දැනෙන්නේ නෑ අප්පා... අනික ඉතින් ඉන්ටර්නෙට් බිල ගෙවන්නත් එපැයිනේ ෆෝන් බිලට අමතරව එතකොට ඇඬෙනවා...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට සාදරයෙන් පිළිගන්නවා පත් ඉරුවට
Deleteම්...පෙම්වතුන්ගේ සොදුක නිවනා පොදු මිතුරා දුරකථනය....ආ..පොඩ්ඩෙන් අමත වෙනව නිසඳැස ලස්සනයි
ReplyDeleteසහතික ඇත්ත අයියේ ඒක නම් පොදු මිතුරා තමා... නැත්තම් ඉතින් අතරමැදි මිතුරෙක් මේවට යොදාගත්තම මිතුරා කෙල්ලගෙ කොල්ලා වෙලානේ නවතින්නේ....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට
Deleteලස්සන කවි පෙල.. ඇත්ත, නොදැක්කා උනත් හඬවත් ඇහෙනවනම් ඉවසන් ඉන්න පුළුවන්..
ReplyDeleteඔව් අයියේ එහෙම හඬවත් අහන්න තියෙන එක වාසනාවක්... එකම රටේ ඉඳලා මෙහෙම නම් පිටරටකට ගිහින් ඉද්දි මොනා හිතෙයිද...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට.පරිස්සමින් ඉන්ඩෝ ඔය පැත්ත හෙල්ලෙනවලුනේ
Deleteම්ම්ම්ම්.. මේක නන් අපූරුයි...
ReplyDeleteබොහෝම ස්තූතියි පසන් කොමෙන්ටුවට
Deleteලස්සන පද පෙළ ...... කවි, නිසදැස් වගේම වැඩත් පෙන්නන්න වෙයි විභාගෙදි නැත්නම් ඉතින් හැමදාම දැක්කත් වැඩක් වෙන් නැතිවෙයි.
ReplyDeleteමට විභාගයක් තියෙනවා කියලා අමතක වෙන්න දෙන්නෙම නෑ නේ.... ඇත්ත ඇත්ත අයියේ කතාව සහතික ඇත්ත ෂහ් මෙවන් අයියලා සිටීම වාසනාවක්...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට
Deleteලස්සන නිසැදස...
ReplyDeleteකොමෙන්ටුවට බොහෝම ස්තූතියි රොබින් අයියා
Deleteදුරකතනය නිසා හොඳ ට ගියා.. :))
ReplyDeleteලස්සන නිසදැසක්...
~~~***දඟ මල්ල***~~~
ආයෙත් අහලා ඒක නැත්තම් ඉතින් ලියුම් ලියන්න එපැයිනේ... ලියුම් ලියනවා කියන්නේ ඉතින් කොයිතරම් බෙල්ල ගහලා යන වැඩක්ද කියලා දන්නෝ දනිතිනේ... මම නම් ඔහොම ලියපු ලියුමක් අනුභව කරලත් තියෙනවා...
Deleteබොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට
මට හිටිය එක්කෙනා ගියානේ ඕයි..... :-(
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
එහෙම තමයි ඕයි... බැඳපු ගෑණුත් තමන්ගේ මිනිහව දාලා යනවනම් යාළු වෙලා ඉන්න කෙල්ල යන එක අහන්නත් දෙයක්ද.මේකා එක්ක චූටි කාලයක් හරි හිටියට සම්මානයක් දෙන්න හිතයි ඒ කෙල්ලට...මෝහිණිටත් ඉන්න දෙන්නේ නැති එකානේ...
Deleteබොහෝම ස්තූතියි මහරජ කොමෙන්ටුවට
ඇයි රජාගෙ අන්තඃ පුරය ?
Deleteතාම රජා අන්තඃපුරය තනාගෙන යනවලුනේ... මේ දවස්වල නම් අතේ රේඛාත් මැකිලලු...
Deleteඔව් ඔව්...තනාගෙන තනාගෙන තන විකාගෙන යනවා :-) :-)
Deleteඅපොයි !
Deleteවිනය තකා වැඩ කරපං !
ඔය කියන්නේ විනය තකාගෙන යනවා කියලා :P
Deleteගීතවත් බවක් තියෙන පද පෙළක්.
ReplyDeleteදුරකතනයකින් මම ඔබ අමතමි
හමුවනු නොහැකින් නිසා.....
මට මේ සින්ද්ව මතක් උනා මේක කියවද්දි
මටත්..
Delete@කාව්‍යා අක්කේ,
Deleteබොහෝම ස්තූතියි කාව්යෝ අක්කෝ කොමෙන්ටුවට.... මම ආසම සිංදුවක් තමා ඒක.මේ කියනකන් මට ඕක මතක්වුනේ නෑනේ අප්පා...
--------------------------------------------------
@ක්සැන්ඩර් අයියේ,
සිරාවටම මට හිතුනෙ නෑනේ අයියෝ
මොනවා කොරනනෙය් ඉතින් ගැමියා අය්යේ :/
ReplyDeleteලස්සන නිසඳස ;)
ඒක නම් ඇත්ත මලේ මොනා කොරන්නද ඉවසන්න වෙනවා පුතෝ... වටින දේවල් ලේසියෙන් ගන්න බෑනේ අන්න ඒ වගේ තමා...බොහෝම ස්තූතියි මලෝ කොමෙන්ටුවට
Deleteඅඃ...හැමෝම වගේ කියනවා මේක නිසදැසක් කියලා. ඒත් මේක නිසදැසක් නෙවෙයි.
ReplyDeleteටිකක් මොඩිෆයි කරලා ගත්තොත් හොද lyric එකක්...
වෙනස්ම විදියේ අදහසක්නේ.... නියමයි අයියේ ඇත්තටම ලියද්දි මම උත්සහ කලා තාලෙකට ලියන්න ඒත් සමහර වචන නිසා ඒ තාලේ පිට පැන්නා...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට
Deleteදැකගන්නට ඔබෙ රූ
ReplyDeleteතව වෙයි පමා....
ඒ ටික දින ඉන්නම්
මේ දුක දරා...
හ්ම්ම්....
හ්ම්ම් හ්ම්ම් ඔයාටත් එසේමැයිද??
Deleteආව් අප්ප මල් සීං එකක්.....^_^
ReplyDeleteමල්.....? කෝ කොහෙද???? අඩේ අප්පා මේක දුක් සීං එකක්නේ
Deleteහරිම ලස්සනයි මල්ලියා.. ඔයා හරිම දක්ෂයි...
ReplyDeleteබොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවට.... ඔහොම කියනකොට මාර කික් ඈ
Deleteලස්සනයි!!!
ReplyDeleteබොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවට....
Deleteඔබ නැති නිසා
ReplyDeleteයහනේ මා
තනිවෙලා...
මොනව කරන්නද
වෙන
අත ලෙලි ගියා...
හික් හික් මේකට මම පට්ට ලයික් ඈ :D මේක කියවනකොටම හිනාවක් පැන්නා.... උඩ ඉන්නා මහරජගේ තත්වය මෙසේමැයි උගෙ අතේ නම් රේඛාත් නෑලු... බොහෝම ස්තූතියි පොඩ්ඩො කොමෙන්ටුවට පට්ට කයිය
Deleteනයි කයිද රෝස් පාන් කිව්වලු. මට නම් නොම තේරේ..
ReplyDeleteඅයියා සනීපෙන් ලංකාවට ඇවිදින් තියෙන්නේ.... අහ්ම්... අහ්ම්.. මේවා ඔය පොඩි එව්වොන්ට තේරෙන්නෑ... බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට
Delete"ටෙලි පොන්" ආදරයක්.
ReplyDeleteවචන ටික ලස්සනයි.
ටෙලිපෝං විතරක්ම නෙමේ ඉතින් ඇත්තවශයෙන්ම මේක ඇවිල්ලා දුර-කථන ආදරයක්.... හම්බුවෙන්නේ නැත්තෙමත් නෑ ඉතිං... බොහෝම ස්තූතියි අසරණයා අයියේ කොමෙන්ටුවට
Deleteවිභාග ඇනගන්න එපා ලමායිස්ස්ස්......ලව් කරන්න පුලුවන් ඕන වෙලාවක...දෙන්නට දෙන්න විශ්වාස නම් හිතන්න දුක් වෙන්න ඒ තරම් දෙයක් නැහැ....
ReplyDeleteඑල එල අක්කෝ කිසි අවුලක් නෑ... දුක් වෙන්නේ අවිස්වාසෙකට නෙමෙයි අක්කෝ නිතරම හම්බුවෙන්න බැරි එකටයි... බොහෝම ස්තූතියි කොමෙන්ටුවට
Deleteදුරකතනය නැතිනම් මොනවා වෙයිද...
ReplyDelete:)
එහෙම උනානම් සෙනෙහේ කොල තමායි... හැබැයි කටහඬ අහන්න නැතිව ඉන්න නම් බැරිවෙයි හොයාගෙන යයි... ලෝක ස්වාභාවයනේ අක්කෝ.බොහෝම ස්තූතියි කොමෙන්ටුවට
Deleteදැකපු නැති කෙනෙක්ට ටෙලිෆෝනයෙන් ආදරේ කරන කතන්දරයක්ද කියලයි මට හිතෙන්නේ. එක අතකට දුරකතනේවත් තියන එක දාහෙන් සම්පතයි ගැමි මලේ.
ReplyDeleteහපෝයි... දැකලා නැති කෙනෙක් නෙමේ අයියෝ පොඩි කාලේ ඉඳන්ම මගේ හොඳ යාළුවෙක් මේ හොඳම යාළුවට ආදරේ කිරීමක් එයා දුරක ඉන්න නිසාත් හම්බුවෙන්න බැරි නිසාත් ලියැවුනේ මේක...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට
Deleteනියමයි ගැමියෝ..
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට
Deleteහරි ලස්සනයි..
ReplyDeleteබොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට
Deleteදුරකතනයෙන් හරි ඉන්න එක ගොඩක් වටී.
ReplyDeleteනැතුව නැතුව.... බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට
Deleteගැමියා ලියලා තියෙන්නෙ මට හිතෙන දැනෙන දේවල්නෙ.
ReplyDeleteමේ පද වැල ආදරියට මැසේජ් මාර්ගයෙන් යැව්වට කමක් නැද්ද. ගැමියා ලිව්වා කියලා කියන්නම්.
ඇත්තටම ලස්සනයි.
තවත් එක් දුර ඈත ආදරයක් එහෙනම් එල එල... ඔහොම උනාම ආදරේ වැඩියි කියනවනේ.... යවන්ඩ යවන්ඩ කිසි අවුලක් නෑ.බොහෝම ස්තූතියි කොමෙන්ටුවට
Delete//ඔබ දකිනට එනතුරු
ReplyDeleteමට ලංවෙලා...
ඉන්නා එක සතුටක්
දුරකතනින් ඔයා...//
දුරස් බව ඈත් කරන්න.. දුරකතනය තියෙන එක කොයිතරම් දෙයක්ද..
අත්දැකීම නිර්මාණයකට පෙරලුවා වගෙයි..
ලස්සනයි මල්ලියෝ..
ඒකනම් ඇත්ත අක්කෝ ඒක නොතිබෙන්න ලියුම් ලියලා මාට්ටු කරගෙන සේරම අස්පට් වෙනවා... පෝං එකට පිංසිද්ධ වෙන්න තමා සේරම ෂේප් එකේ තියාගත්තේ අනික ඉතිං ගිහිං නිතර කතා කරන්න පුළුවන් දුරකුත් නෙවෙන නිසා පෝං එක රත්තරන් වටිනවා....
Deleteසහසුද්දෙන්ම අත්දැකීමක් තමා ඉතින්.බොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවට
ලස්සනයි මල්ලි
ReplyDeleteබොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවට
Deleteහනේ දුරකථනය කියන්නේ පෙම්වතුන්ගේ සුමිතුරා. අපිටත් ඉස්සර හරියට ඕන උනා ඕක. දවල්ට හමු උනත් රෑට කෝල් එකක් නැතුව ඉන්න බැහැ නේ.
ReplyDeleteකවි නම් ලස්සනයි හොඳේ...මම මේ කල්පනා කරේ මට මේක මග ඇරුනේ කොහොමද කියලා. අනිත් දවසේ එහෙම මට මග ඇරෙන විදියට පොස්ට් දානවා නෙමෙයි ඔන්න :-|
//දවල්ට හමු උනත් රෑට කෝල් එකක් නැතුව ඉන්න බැහැ නේ. //
Deleteසහතික ඇත්ත අක්කේ... අපිටත් එහෙමයි හම්බුවෙන්න ගිහින් එද්දිත් කතා කරනවා පැය ගානක් හම්බුවෙලා කතා කලත්..
මග ඇරිලා නෑනේ මේ ඇව්ත් කොමෙන්ට් එකකුත් දාලා තියෙන්නේ ඉතින් :D බොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවට...
ඔන්න කාලෙකට පස්සෙ ආයෙමත් එන්න ලැබුනා මේ පැත්තෙ. මං නැති ටිකට ගැමියා ප්‍රේම ගංගාවෙ දියබුං ගහන්න පටං අරන් නෙ! හොඳයි හොඳයි, වාසනාවන්! :D
ReplyDeletehenryblogwalker the Dude
නැතුව නැතුව ඉතින් පීනන්න ලයිසොන් ගන්න කලින් දියබුං ගහන්න එපැයිනේ නැත්තම් ගිලී නසින්න වෙන්නේ.... ඒ කාලේ පෝං තිබ්බේ නෑ නේද මල් කඩන්න?? බොහෝම ස්තූතියි ඩුඩි අයියේ කොමෙන්ටුවට... දැන් සනීපෙන් ඉන්නවා නේද
Deleteමටත් ඔය සෙතම තමා මලේ....
ReplyDeleteදාන්න අක්කෝ 5ක්.... පෝං එක නැත්තම් කොහෝම ඉන්නද අප්පා.... බොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවට
Delete