බස් රේඩියෝව සංවිධානය කරන්නට යෙදුණු බ්ලොග් සම්මාන උළෙල ගැන මගේ හෘදයාංගම ස්තූතිය පුදකරනවා බස් රේඩියෝවේ හැමෝටම.මේක හොඳ උත්තේජනයක්.ඒ වගේම ඊට සහභාගී වූ සහෝදර සහෝදරියන්ටත්,ජයග්‍රහණය කරපු සියළු දෙනාටමත් මගේ සුභ පැතුම් පුද කරනවා.... එකට තරඟ කලත් කවදාවත් මේ ගොඩනැගුණු මිත්‍රත්වය කවදාවත්ම පළුදු නොවන බවනම් විශ්වාසයි....
**සිත්රූ සිහින බ්ලොග් අඩිවිය ලියන සිත්රූ අක්කා කාලෙකට කලින් දාපු නුඹ හින්දා මං කියන පෝස්ට් එකට මම ලියපු මේ නිසඳැස මට අද හම්බුවුනේ අහම්බෙන් වගේ.
අළුත් ලේබලයක් යටතේ ලියවෙන මේ පෝස්ට් එක වෙන්වෙන්නේ සිත්රූ අක්කට උපහාරයක් විදියට.කවි ලියන්න අදහසකුත් දීලා බ්ලොග් එකේ ඉඩ දීපු එකම මදෑ උපහාර පුදන්න...බොහෝම ස්තූතියි සිත්රූ අක්කේ.මේ අමුතුම ලේබලේ අදහස මට දුන්නු ඩුඩිතුමාටත් ආයෙත් පාරක් ස්තූතිය පුදකරනවා මම මේ වෙලාවේ....
*************************************************
සමුගන්න අවසරයි එහෙනම්....
නොනිමෙන සංසාර ගමන
මේ ගමනින්ම නිමවේවිද
නොනවතින අපේ බැඳීම
මේ අයුරින්ම නිමවේද එහෙනම්...
අවසන් එක්වීමත්
අවසන් වෙන්වීමත්
මෙයම පමණක් වේද
දුකක් යලි නොරැඳේද එහෙනම්...
සංසාර පුරාවට වින්ඳ
දුක් ගැහැට සහ සතුට
පිරුණු හිත සදහටම
අතහරින්නට කාලයයි එහෙනම්...
ඔය දෑස දෙස බලාගෙන
ඔය දෑත අත දරාගෙන
සංසාර ගමනින්ද
සමුගන්න අවසරයි එහෙනම්.....
මේ ගමනින්ම නිමවේවිද
නොනවතින අපේ බැඳීම
මේ අයුරින්ම නිමවේද එහෙනම්...
අවසන් එක්වීමත්
අවසන් වෙන්වීමත්
මෙයම පමණක් වේද
දුකක් යලි නොරැඳේද එහෙනම්...
සංසාර පුරාවට වින්ඳ
දුක් ගැහැට සහ සතුට
පිරුණු හිත සදහටම
අතහරින්නට කාලයයි එහෙනම්...
ඔය දෑස දෙස බලාගෙන
ඔය දෑත අත දරාගෙන
සංසාර ගමනින්ද
සමුගන්න අවසරයි එහෙනම්.....
ප/ලි
පොටෝව ගත්තේ මෙතනින් http://91.207.61.14/m/uploads/v_p_images/2004/01/8809_14_screenshot.png
පටන් ගත්ත විතරයි සමුගන්න කතා කියන්න එපා බන්!:p
ReplyDeleteසුභ පැතුම් ගැමියා!
දැන්වත් දිගටම ලියපන්!
ගොඩ කාලෙකින් කවියක් වගේ එකක් දැම්මෙත් නැති හින්දා ඉතින් දැම්මේ හම්මේ බ්ලොග් වලින් දැම්ම සමුගන්න බෑ කතාවක් තියෙනවා ඒක ඉවර කරන්ඩෝන.... පණ තියෙනකන් බ්ලොග් වලින් සමුගන්න බෑ මේකේ මාර රසයක් තියෙනවා රස වැටුනොත් ආයේ ගැලවෙනවා බොරු....
Deleteබොහෝම ස්තූතියි මචං දිගටම ලියනවාමයි... පොඩ්ඩක් විතර එක තැනක හිර වුනානේ ඒකයි පරක්කු මේ සැරේනම්...
එල එල මචං...
ReplyDeleteඅනේ මචං අර සිරකරු සීන් එක ඉක්මන්ට දහංකෝ....
දැං නං මල පයිනවා ඈ..
හික්ස්...
සුභ පතනවා මචෝ සම්මානේ ලැබුනට...
ජයවේවා!!!!!!!!!!!
සිරකරු සීන් එක බාගයක් ලියලා තියෙන්නේ මචෝ... සතියක් විතර තිස්සේ ලිය ලිය මකනවා පොඩ්ඩක් විතර හිරවුනා එක තැනක.ජීවිතේට දිනපොතක් ලියලා නැති මට අනුන්ගේ දිනපොතක් ලියන්න වෙලා තියෙන්නේ ඒක කොහොම ලිව්වත් කික් එකක් එන්නැති නිසයි තව සතියක් විතර කල් ගන්න මේ පෝස්ට් එක දැම්මේ...
Deleteහම්මෝ සන්සුන් වන්න සන්සුන් වන්න..
බොහෝම ස්තූතියි මචං සුභපැතුමටත්.... ජය වේවා ඈ
මොකෝ මේ සමුගන්න කතා ?
ReplyDeleteහම්මේ නෑ නෑ අයියේ මේ කාලෙකට කලින් ලියපු කවියක්.ආයෙම කියවද්දි හිතුනා මේක බ්ලොගට දාන්න ඕනේ කියලා... බ්ලොග් ලෝකෙන් එහෙම සමුගන්න බෑ පණ තියෙනකන්..
Deleteලැබුණ සම්මානයට සුබ පැතුම්.
ReplyDeleteදිගටම ලියමු.
බොහෝම ස්තූතියි අයියේ... අනිවාර්යෙන්ම ලියනවා.ලියන හැම දෙයක්ම ඔයාලා කියවන්න එනකොට ඇත්තටම ලියන්න ආසයි
Deleteඅද කොහොමත් ලියන්න සිතා සිටියේ ඔබට. ඒත් මේක දැක්කම නිකම්ම කරකෝල අතහැරිය වගේ වුනා. කොහොමත් දැන් ඒ ප්‍රශ්නේ ඉවරයි. සතුටුයි. මට නම් බොහෝම සතුටුයි. මේක ඔබලාගේ දේ. අපි මේ වැඩිහිටි මිනිස්සු මෙතැනට එන්නේ අපේ හිතේ සතුටට. ඒ නිසා ඔබලාගේ මේ ජයග්‍රහණ අපේ ජයග්‍රහන වගේ.
ReplyDeleteතව ලියන්න
ජවේවා!!!!!
බොහොම ස්තූතියි මහ වෙදනානෙනි... වැඩිහිටියෝ කියන්නේ දැනුමෙන් අත්දැකීමෙන් සෑහෙන්න පිරිච්චි කට්ටියනේ ඉතින් එහෙම කට්ටිය මගේ බ්ලොග් එක කියවලා දෙන උපදෙස් මට මහ මෙරක් තරම් වටිනවා... ඒ කියන දේවල් වලින් ගන්න කුමක් හෝ දෙයක් තියෙනවා.හැමදාමත් වගේ ඔබතුමාට මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා අපි වගේ අයට මේ දෙන ධෛර්යයට.... මුල ඉඳන්ම දුන්නු ඒ ශක්තිය නොවන්න මේ ජයග්‍රහණ නොලැබෙන්න තිබුණා...
DeleteThe note book නේද.. ඒ වගෙයි පෙනුනේ....
ReplyDeleteගැමියට හිටගමන් මක් වෙලාද බැලුවා.. තාම බ්ලොග් එකෙන් බාගයයි මං කියෙව්වෙත්....
හරියටම හරි The note book තමයි.මම ගොඩාක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක් මේක.සෑහෙන්න හිතට දැනෙන ෆිල්ම් එකක් මේක ලියලා ආයෙම කියවලා බැලුවාම මට මතක් වුනේ ඒ ෆිල්ම් එක... දැන්ම මේ ලිවිල්ල නවත්තන්නේ නැතෝ... බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට
DeleteUnusum suba pethum !
ReplyDeleteබොහෝම ස්තූතියි වෙනි අයියේ...
Deleteසුභ පැතුම් මලේ..දිගටම ලස්සනට ලියන්න හැකියාව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteබොහෝම ස්තූතියි රූ අක්කේ සෑහෙන්න සන්තෝසයි මට...
Deleteගැමියා ස්තුතියට ස්තුතියි. ඇත්තෙන්මමම මේක කමෙන්ට් එකක්හැටියට කියවලා තිබ්බේ නෑ. අපරාදෙ තව පොඩ්ඩෙන් මිස් වෙනවා.
ReplyDeleteහොඳ මනිර්මානශීලී බ්ලොග් කරණය සඳහා වූ සම්මානය දිනූ අපේම ගැමියාට මගේ හද පිරි, උණුසුම් සුබ පැතුම් පිළිගන්නනවා. තවත් ලස්සන නිමාන කරන්න ලැන්බේවා.
උදාහරණයක් හැටියට මේ දාලා තියෙන නිර්මාණය බොක්කටම වදින එකක්. පින්තූරෙත් ඒකටම ගැලපෙනවා.
ඒ වගේම අර අපි දවසක් කතා වුන විදියට, මේ අවුරුද්දෙ අන්තිම වෙනකොට මේක පොඩ්ඩක් සැර බාල කරලා අර වැඩේ ගොඩ දාගන්නත් මහන්සි වෙන්න ඕනෙ ගැමියා. මතකයිනෙ? :)
එහෙනම් ජයක්ම වේවා!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හැම තැනම වගේ පත කොමෙන්ටු දාන එක පුරුද්දකට ගිහිල්ලනේ ඒක තමා ඉතින් ඔහොම ලියවෙන්නේ....
Deleteබොහෝම ස්තූතියි ඩුඩිතුමානෙනි මුල ඉඳන්ම මට දීපු සහයෝගේ ගැන ඇත්තෙන්ම සතුටුයි.මේ පින්තූරේ the note book කියන ෆිල්ම් එකෙන් ගත්තේ.සෑහෙන්න සංවේදි ෆිල්ම් එකක් අන්තිමේදි... මේක ලියලා කියපු ගමන් මගේ හිතේ ඇඳුනු චිත්‍රයට හරියටම හරියනවා මේකෙ... මේ වගේ දෙයක් කවදාක හරි කියන්න වෙයි අපි හැමෝටම ජීවිතේ හැටි එහෙමනේ ඉතින්.
මොකද අප්පේ මතක නැත්තේ එදා වෙච්චි කතාව හොඳටම හිතට වැදුනා.තව කල් යවන්නේ මොකටද කියලා මම එදා දෙයක් ප්ලෑන් කරලා පටන් ගත්තා.මම හිතන්නේ වැඩේ සාර්ථක වෙයි...
බොහෝම ස්තූතියි ආයෙමත්.ජය වේවා...
මාත්තුරුකාව දැකලා මම මෙව්වා උනා බං මල්ලියේ.
ReplyDelete:D :D දනිමි දනිමි අයියේ.එදා බුකියේ කොමෙන්ට් එකට අරහෙම දැම්මට මම දන්නවනේ ඒ බොරුවට කියලා.මේ මාතෘකාව දැම්මම කට්ටියම මෙව්වා වෙයි කියලා හිතුනා පොඩ්ඩක් විතර පුදුමයක් දෙන්නත් එපැයිනේ... බොහෝම ස්තූතියි ඈ
Deleteමාතෘකාව දැක්කහම මමත් ගස්සුනා... හිතුනේ උබ බ්ලොග් එක වහන්න යනවා කියලා.....
ReplyDeleteඔන්න මෙතනත් ජයග්‍රහනයට සුභ පතනවා!!!
මාතෘකාව දාන්න කල්පනා කරද්දි මටත් හිතුනා මේක දැම්මොත් කට්ටියම ගැස්සෙයි කියලා.ඒත් ඉතින් කවියට හරියන්නෙත් මේකනේ ඒ නිසා දැම්මා ඒක සාර්ථකයි වගේ.
Deleteබොහෝම ස්තූතියි අයියේ.. කොච්චර ස්තූති කෙරුවත් මදි ඉතින්...
මේ!!!සමු ගන්න නම් හිතන්නවත් එපා ඈ!!!තරයේ හෙලා දකිනවා ඒ වගේ කතා!
ReplyDeleteහම්මේ නෑ එහෙමත් සමුගන්න පුළුවන්ද බ්ලොග් කෙරුවාවෙන්.... හිත රිදුනනම් සමාව අයදිමි.බොහෝම ස්තූතියි මචෝ කොමෙන්ටුවට
Deleteසුබ පැතුම් මචං .. දිගටම ලීවොත් හොඳයි .
ReplyDeleteබොහෝම ස්තූතියි සඳරු අයියේ... සෑහෙන්න සතුටුයි ඈ සුභ පැතුමට.මේ කොමෙන්ටුව දැක්ක ගමන් මම දිව්වේ හිස් අහසට.බැලින්නම් කතාවක් දාලනේ.. නියමයි අයියේ ජය වේවා ඈ.... මම දිගටම ලියනෝ
Deletepatta patta gamiya...ubata oita wada hodata liyanna puluwan kiyala man dannawa...api dennama ekatane liyanna patan gatte...digatama liyapan mchooo
ReplyDeleteබොහෝම ස්තූතියි මචං ලයියා.. ආයෙත් ලියන්න පටන් ගනින් බං නිකන් ඉන්න එකේ.
Deleteලස්සනට ලියලා තියනවා. සම්මානයටත් සුභ පැතුම්!
ReplyDeleteබොහෝම ස්තූතියි අක්කේ... ඔයාලා කියවන එකත් මට ලොකු සතුටක්...
Deleteමගේ සුබපැතුම් සහෝදරයා....
ReplyDeletehttp://samakayawate.blogspot.com/
බොහෝම ස්තූතියි අයියේ... මම ඒ පැත්තේ ආවා වටිනා බ්ලොග් එකක්නේ ලියන්නේ.
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඑසේම වේවා මහරජ එසේම වේවා... බොහෝම ස්තූතියි ඈ
Deleteසුභ පැතුම් ගැමියා... ජය වේවා..
ReplyDeleteනොනැවති ලියපං.. !!
බොහෝම ස්තූතියි සැමයියේ... ඉඳලා හිටලා ලිව්වමත් නොනැවතී ලිවීමක් වෙනවා නේද??
Deleteඔන්න සූභා කිවුවා බන්.. මගෙන් මුකුත් අහගන් නැතුව අරකේ ඉතුරු ටික දාපන් බන්..
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ... තාක්ෂණික ගැටළුවක් නිසා පොඩ්ඩක් ඒකත් පරක්කු වෙනෝ ගනන් ගන්න එපා ඈ...
Deleteමමත් මගේ හෘදයාංගම සුබ පැතුම මේ මොහොතේ එකතු කරනවා. මේ ජයග්‍රහණය දිගටම ලියන්න නිර්මාණකරණයට දැවැනත් ශක්තියක් වේවා.
ReplyDeleteඒ පැතුම ගැන ගොඩාක් සතුටුයි.බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට...
Deleteගැමියා මලයා ඔන්න මගෙනුත් සුභ පැතුම් ! ජය !
ReplyDeleteබොහෝම ස්තූතියි සිරා අයියේ... ඔයාලගේ පැමිණීම තමා මං ලබපු ලොකුම ජයග්‍රහණය... ජය වේවා
Deleteසුබපැතුම් මල්ලි, දිගටම ලියන්න...වැලට පෝස්ට් නොදැම්මට කමක් නෑ. වැදගත් වෙන්නෙ ලියන එකයි.
ReplyDeleteබොහෝම ස්තූතියි සුමිත් අයියේ... ඔයාලගේ කොමෙන්ටු මට සෑහෙන්න වටිනවා මොකද මම මේ කොමෙන්ට් කියවලා සතුටු වෙනවා වගේම නොදන්න ගොඩක් දේ ඉගෙන ගන්නවා.මං ලබපු ලොකුම භාග්‍යය තමා ඔයාලා වගේ මිනිස්සු අතර ලියන්න කියවන්න ලැබුණු එක.... ජය වේවා.පෝස්ට් එක එන්න කල් යන එක තමා මටත් දුක.
Deleteමගේ උණුසුම් සුබ පැතුම්!!! අපි ගැමිකම අගයන අය මලයෝ.
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ.සාදරෙන් පිළිගන්නවා ගැමියගේ බ්ලොගට.පෙනුමෙන් හැසිරීමෙන් කොහොම වුනත් හිත ඇතුලේ චූටි හරි ගැමිකමක් පිහිටලා තියෙනවනේ අපි හැමෝගෙම... අපි ඔක්කොම ගැමිවරු කියලා කියතෑකි බය නැතිව...
Deleteමට නම් කවි මඤ්ඥන් ගැමියෝ...
ReplyDeleteදනිමි දනිමි සෙන්නා අයියේ... මේ කතාව කවි තිබුණු හැම පෝස්ටුවකම වගේ මම දැකලා තියෙනවා.හැබැයි ඉතින් "හපෝ අදත් කවි" කියලා ආපයින්ම නොයා මෙහෙම හරි කොමෙන්ටුවක් දාපු එකනම් රටක් වටිනවා... බොහෝම ස්තූතියි සෙන්නා අයියේ
Deleteඔබට හදවතින්ම සුභ පැතුම් මලයා..සම්මාන ලැබිය යුත්තෙක්ට සම්මානයක් ලැබීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා..මම අර රේකොඩින් එකක් දාල තිබුන පෝස්ට් එකේ ඔබ ගැන කියල තියන දේ වලින්ම පැහැදිලියි ඔබ ජයගතයුත්තෙක් බව.
ReplyDeleteඅපූරු පද ටික.
ජයම වේවා!
බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට ඒ වගේම මට මුකුත් ලියාගන්න බැරිව හිටි කාලේ ඔයාගේ පෝස්ට් එක හරහා ආපු හිට්ස් දැක්කම මට තවත් සතුටු හිතුනා මොකද එතකොට දැනෙනවා මොනා වුනත් තනිවෙලා නෑනේ කියලා... ඒ හැමදේටම ස්තූතියි මේ එන හැමෝම මට ලොකු ශක්තියක්.ඔයාලා තමා මට ලැබුණු හොඳම සම්මානේ... ජය වේවා අක්කේ
Deleteඅම්මෝ සම්මානයක් ගත්තු ගමන් සමුගන්න යනවා කියල මම හිතුවේ බ්ලොග් වලින්.... දුවගෙන ආවෙ මොකද සීන් එක බලන්න... බැලින්නම් මේ කවි කෑල්ලක් නේ...
ReplyDeleteහම්මෝ එහෙමත් සමුගන්න පුළුවන්ද අක්කේ බ්ලොග් වලින්.... කොච්චර ඈත් වෙන්න හැදුවත් ටික කාලෙකට පස්සේ ආයෙමත් නිකන්ම ඇදිලා එනවා.මේකේ අන්තිම පදේ දැක්කම තමා හිතුනේ මාතෘකාවකට ෂෝක්නේ කියලා.තැටිය චුට්ටකුත් රත්වෙලානේ තිබුණේ ඉතින්... බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට
Deleteනියමයි මලේ. හිතට වැදුන.
ReplyDeleteඅයියගෙන් මෙහෙම කොමෙන්ටුවක් ලැබුණු එකත් සෑහෙන්න හිතට වැදුනා.බොහෝම ස්තූතියි අයියේ සෑහෙන්න වටිනවා කොමෙන්ටුව...
Deleteබය හිතෙන කතා කියනන් එපා බොල.. මම මේ වැඩ ටිකත් නතර කරලා මේ පැත්තේ ආව උඹ යන්න හදනවා වත් ද කියලා බලන්න!
ReplyDeleteකවිය එල ය. ෆොටෝ එකට අදාළ The Lake House චිත්‍රපටිය ද එසේ ම ය!
ජය වේවා!!
එහෙමත් යන්න ඇහැකිද මෙව්වා දාලා.යන්න අර කතාව ඉවර කරන්න හරි වෙලාවක් ඉල්ලගන්න ට්‍රයි කරනවා මිසක් ලේසියෙන් යන්නෑ...
Deleteබොහෝම ස්තූතියි මචෝ කොමෙන්ටුවට.ඒක නෙමෙයි මේ the note book ෆිල්ම් එකේ තියෙන පොටෝවක්.මට හොඳටම ෂුවර් මම ඒ ෆිල්ම් එක හොයාගෙන බැලුවා ඊයේ පෙරේදා.මේ දෙන්නා අත් පටලවගෙන අන්තිම හුස්ම හෙලන දර්ශනයක් තියෙන්නේ...
කාලෙකින් මේ පැත්තේ ගොඩ වැදුනේ එක පාරටම බයත් හිතුනා ටොපික් එක දැකලා.... අවුලක් නැ ජය වේවා.... ඒ වගේම සුභ පැතුම් මල්ලියා...
ReplyDeleteදිගටම ලියන්න ජයම වේවා
පහුගිය ටිකේ මාත් සෑහෙන්න මේ වැඩවලින් ඈත් වෙලා අයියේ හිටියේ.ඒ පැත්තේ ආපු කාලෙකුත් මතක නෑ.තරහ වෙන්නැති නිසා හොඳයි.දැන් නම් ගොඩාක් දේවල් හරි නිසා ආයේ නිදහසේ කියවන්න එහෙම ලැබෙයි...
Deleteමාතෘකාවක් දානවනම් අතිශයින් ගුප්ත එකක් දාන්න එපැයිනේ.වෙලාවට කවියේ අන්තිමට තිබුණු පදේ එලට ගියා.බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට ජය වේවා අයියේ...
මමත් මේ දුවගෙන ආවේ මොකක්ද මේ සමුගන්න කතාව කියලා බලන්න
ReplyDeleteහම්මේ.... දැන්ම සමුගන්නේ නෑ විහිළුවටවත් තව ටිකක් කල්වත් ලියන්ඩෝන අක්කේ.බොහෝම ස්තූතියි කොමෙන්ටුවට
Deleteසුබ පැතුම් ගැමියෝ...ගෙදර හිටියේ නෑ නැත්නම් දුවගෙන එනවා...:D
ReplyDeleteමොකක්ද මේ සමුගන්න කතාව කියලා බය උනානේ...
මට ලාවට වගේ හිතුනා ගමන ගැන පෝස්ට් එකක් ලියවෙයි කියලා... පොඩ්ඩිත්තක් විතර කට්ටියව බයකරන්න හැදුවේ.කොටියා ආවෝ කතාව වගේ වෙයිද දන්නෑ හැබැයි.බොහෝම ස්තූතියි පොකු අක්කේ...
Deleteබය උනා එක පාරටම සමු ගන්න කියනකොට....ජය !!!!
ReplyDeleteඑහෙමත් යනවද අප්පා කාටවත් නොකියා... එන්ජිම හිටිනකන් ලියන්නයි ඉන්නේ ඉතින්.බොහෝම ස්තූතියි නොදුටු අයියේ කොමෙන්ටුවට
Deleteමුලින්ම මලයා සුභපැතුම්.. සම්මානයක් නියම තැනකට හම්බවෙලා. සතුටුයි ඒ ගැන නම්.
ReplyDeleteඅලුත් ලේබලේ නම් නියමයි. තැන තැන කොටපු ටික එක වහලක් යටින් බලාගන්න පුළුවන් වෙන එක හොඳයි..
බොහෝම ස්තූතියි එක්සැන්දර අයියේ... තව තැන තැන කොටපු එව්වා නම් 5ක් විතර තියෙන්නේ දාන්න.බලමුකෝ ඉස්සරහට ඉතින්...
Deleteනිතරම මේ පැත්තට නාවට ඉදල හිටල ඇවිත් යන්න එනවා....සුභ පැතුම් ඔයාට ලැබූ ජයග්‍රහණයට....
ReplyDeleteකවියත් ලස්සනයි....
බොහෝම ස්තූතියි සිත්තමී අක්කේ.හැමදාම නාවට තරහා නෑ කොමෙන්ට් නොකෙරුවත් ඇවිල්ල යන එකත් සෑහෙන්න වටිනවා.ඒ පැත්තෙත් එන්ඩෝනා නිවාඩු වෙලාවක..
Deleteබ්ලොග් පොස්ට් එකේ මාතෘකාව රීඩින්ග් ලිස්ට් එකේ දැක්ක ගමන් බොක්ක රත් වුනා ගැමි මල්ලි සත්තයි. ඇවිල්ල කියෙව්වම තමයි ටිකක් කූල් වුනේ. කවිය සුපිරියි මල්ලි. සම්මාන පිට සම්මාන හම්බෙන දිගු ගමනක් යන්න ශක්තිය ධෛරිය වාසනාව තව තවත් ලැබේවා කියල මම ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteමම හිතුවා කට්ටිය ටිකාක් විතර බයවෙයි කියලා තිබ්බ තත්වෙත් එක්ක.ඒකයි මේ මාතෘකාවම දැම්මේ.රැවටීමකට නෙමේ හොඳේ එහෙම කලේ කවියේ තිබ්බ පේලියක්නේ ඉතින්...
Deleteබොහෝම ස්තූතියි අයියේ ඒ ප්‍රාර්ථනාවට.මම දන්නවා ඒ පැතුම සිතුම් අයියගේ හදවතින්ම ආපු එකක් කියලා.අපි කට්ටියත් එක්කම යමු ලොකු ගමනක්.ජය වේවා අයියේ.ඔයාට සුපිරියටම ලියන්න පුළුවන් කියලා අපි දන්නවනේ.තවත් හොඳට ලියන්ඩෝ....
අපූරු නිසඳැස... පින්තූරෙත් එක්ක කදිමට ගැලපෙනවා.... දුක සතුට සමව දරාගෙන ජීවිතය ගතකරලා අවසාන මොහොතට බොහොම ධෛර්යයෙන් මුහුණ දෙන කෙනෙකුගේ හිතේ නැගෙන සිතුවිලි...
ReplyDeleteතවත් දවසක මේ පැත්තෙ එන්නම්කො එහෙනම්...
බොහෝම ස්තූතියි මචෝ කොමෙන්ටුවට.සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් අඩවියට.සිත්රූ අක්කගේ කවිය කියෙව්වම ඇතිවුනු හැඟීමෙන් මේ නිසඳැස ලියද්දි මගෙ මතකෙට ආවේ the note book ෆිල්ම් එකේ මේ අවස්ථාව.ඉතින් මේ පින්තූරෙත් එක්ක 100%ක්ම ගැලපෙන නිසයි වඩාත් සාර්ථක වුනේ...
Deleteආයෙත් ඇවිත් යන්නකෝ එහෙනම්...
මරු ඈ...
ReplyDeleteබොහෝම ස්තූතියි තරුවා මචෝ...
Deleteමාතෘකාව දැක්ක ගමන් හිතුනෙ කඩේ වහන්න යනවාවත්දෝ කියල... බැලින්නම් ලස්සන කයියක්නෙ...
ReplyDeleteපරක්කු වෙලා හරි ලැබුණු ජයග්‍රහණයට සුභ පතනවා ගැමියෝ...
එහෙමත් වහලා පුළුවන්ද අක්කේ... කුලියට හරි දෙනවා කාට හරි.කිසිම පරක්කුවක් නෑ අක්කේ ඔයාගේ මේ පැමිණීමම ලොකු සතුටක් බොහෝම ස්තූතියි ඈ...
Deleteගොඩක් සතුටුයි මල්ලි ඔයා ගැන. ඔයාගේ නිහතමානිකම නිසාම ඔයා ගොඩක් දුර යයි කියලා හිතනවා. උනුසුම් සුබපැතුම්..
ReplyDeleteමේ සමුගැනීම දැක්කම බය හිතුනා. :D
බොහෝම ස්තූතියි අක්කේ ඔයාගේ මේ කොමෙන්ටුව ගොඩාආආආආක් වටිනවා.මට වෙච්චි මම දැකපු දේවල් ලියන්න හදාගත්තු බ්ලොග් එකේ හීනෙන්වත් නොහිතපු කෙටි කතා දාන්න හිතුනේ අක්කගේ බ්ලොග් එකටයි වෙනි අයියගේ බ්ලොග් එකටයි පිං සිද්ධ වෙන්න... මම මොකක් හරි දියුණුවක් ලැබුවනම් ඒ ඔයාලගේ බ්ලොග් කියවලා ලියපුවයින් සහ මේ සහෝදර සහෝදරියෝ දුන්නු අවවාද පිහිටෙන් තමා...
Deleteබොහෝම ස්තූතියි අක්කේ මගේ බ්ලොග් ගමන හොඳ නිර්මාණාත්මක පැත්තකට හරවන්න පාරක් කැපුවට... ටිකක් විතර ආඩම්බරේකුයි ලැජ්ජාවකුයිත් ලාවට වගේ ආවා මේ කොමෙන්ටුව කියෙව්වම...
එහෙම ලේසියෙන් මම යන්නේ නෑ... එන්ජිම නවතිනකන් ලියන්නයි ඉන්නේ.
නිර්මාණාත්මක ලිපියක්.ජය ඔබට!
ReplyDeleteබොහෝම ස්තූතියි මචෝ... සාදරයෙන් පිළිගන්නවා පත් ඉරුවට.ජය වේවා ඈ... බ්ලොග් එකක් එහෙම කරනවනං ලින්ක් එක දාන්ඩෝ ඒක ලේසියි පට ගාලා යතෑකිනේ හොයන්න ඕන්නැනේ...
Deleteලස්සනයි ගැමියා,ජයවේවා ...!!!
ReplyDeleteබොහෝම ස්තූතියි මචෝ කොමෙන්ටුවට... ජය වේවා ඔයාටත්...
Delete