මෙතෙක් දිගහැරුම කෙටියෙන්....
වර්ෂ 2020 අභ්‍යාවකාශගත කරන යානයකි.චන්ද්‍රිකාවක් රැගෙන ගමන් අරඹන මෙම යානය අතරමගදී අනතුරකට පත්වන්නේ ගගනගාමින් නොසිතූ පරිද්දෙනි.නමුත් ඒ අනතුර පිළිබඳ සතුටු වන පුද්ගලයන් කිහිපයක් පාලන මැදිරියේ සාකච්ඡාවේ යෙදී සිටියි.අනතුරට පත්වන යානයේ ඒ වන විට සිටි ඉංජිනේරුවා ශිශිරතරණ නින්දට පත්වන්නේ ගගනගාමින් අතින් සිදුවන අත්වැරදීමක ප්‍රථිඵලයක් වශයෙන්.
වසර සිය ගනනකට පසු ශිශිරතරණ නින්දෙන් අවදිවන ඉංජිනේරු අශාන්ට දක්නට ලැබෙන්නේ අමුතුම ලෝකයකි.කිසි දිනක නොපැතූ නොසිතූ අනාගතයක් ඉදිරියේ ඔහු අසරණ වන්නේ ඒ වන විට මුළු ලොවම ගැහැණුන් විසින් පාලනය කරනා ලෝකයක් බවට පත්වී තිබීම නිසයි.නොසිතූ පරිදි ඔහුව බේරාගැනීමට පැමිණෙන පිරිමි කැරලිකරුවන් පිරිසක් අශාන්ට සියළුම කරුණු කාරනා පැහැදිලි කරදෙන්නේ ඉදිරියේදි ඔවුන්ට මුහුණ දීමට සිදුවිය හැකි භයානක තත්වයන් පිළිබඳව ඔහුව දැනුවත් කරමින්.
අශාන් ඇතුළු පිරිස සැඟවී සිටින බිම්ගෙය වෙත හමුදා නිලධාරිනියන් පහරදෙන්නේ ඉන් පසුවයි.ඔවුන් සිතුවාටත් වඩා හමුදා නිලධාරින් ඉක්මන් වීම නිසා හදිසි පලායෑමකට කැරලි නායක ජයසිංහ තීරණය කරන්නේ එවිටයි.නමුත් ඔවුන්ට පලා යෑමට අවශ්‍ය යානය ඒ වනවිටත් සූදානම්ව නොපැවති නිසා ඉංජිනේරුවෙක් වූ අශාන්ට එම කර්තව්‍යය පැටවෙන්නේ සියළුම කැරළි සඟයන්ගේ ජීවිත ඔහුගේ දෑත මතට පැටවෙමින්.
අවාසනාවකට යානය අළුත්වැඩියා කරගැනීමට තරම් ප්‍රමාණවත් කාලයක් අශාන්ට නොලැබෙන බවක් පෙනෙන්නට වූයෙන් කැරලි නායක ජයසිංහ තීරණය කරන්නේ තම සගයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම සිය දෑතට ගන්නටයි.එම පරමාර්ථයෙන් යුතුව හමුදා නිලධාරින්ට තනිව මුහුණ දිමට පිටත්වන ජයසිංහට උදව්වක් වශයෙන් කැරලි කණ්ඩායම් සාමාජික සේනකද පිටත්වන්නේ ස්ව කැමැත්තෙන්.
සේනක භාරගත් වැඩ කොටස නොකර අතුරුදහන් වීම නිසා ජයසිංහ අපහසුතාවකට පත්වන්නේ මේ අතරතුරයි.තම දිවිය දෙවැනි කරගනිමින් ජයසිංහ අවසන් මොහොත දක්වා සටන් වදින්නේ සිය වර්ගයාගේ පැවැත්ම ආරක්ෂා කරගැනීමටයි.මේ අතරතුර සේනක යානය වෙතට පැමිනෙන්නේ අතිශයින් දුර්වල අයුරකින්.ඔහු අශාන්ට බල කර සිටින්නේ ජයසිංහ වෙනුවෙන් බලා නොසිට පිටත්ව යාමටයි.නමුත් එය ප්‍රතික්ෂේප කරන අශාන් බිම්ගෙය තුලට ඇදෙන්නේ කෙසේ හෝ ජයසිංහව බේරාගැනීමේ අදහසින්.
අශාන් හැකි ඉක්මනින් ජයසිංහ සිටින ස්ථානයට ලඟාවන විට ඔහු දකින්නේ හමුදා නිලධාරිනියක් ජයසිංහ මරා දැමීමට උත්සහ කරන අයුරයි.වහාම ඒ නිලධාරිනියට පහර දී අඩපණ කරන අශාන් ජයසිංහව සහ එම නිලධාරිනියවද කැටුව නැවත යානය වෙත පිටත්වන්නේ වැදගත් තොරතුරක් වේ නම් නිලධාරිනියගෙන් දැනගැනීමට හැකිවේ යැයි බලාපොරොත්තුවෙන්.නමුත් එම බලාපොරොත්තුව සුනු විසුනු වන්නේ එම නිලධාරිනිය යානයේ පාලනය සියතට ගැනීමත් සමගයි.මේ අතරතුර රෝහලේ සිටි ප්‍රධාන වෛද්‍යවරියද යානයට පැමිණෙන්නේ අති දියුණු ටෙලිපෝර්ට් තාක්ෂණයක් භාවිතා කරමින්.
මේ අතරතුරයි සේනක අවියක්ද රැගෙන අශාන් සිටිනා ඉසව්වට පැමිණෙන්නේ.අශාන්ව පුටුවකට බැඳ තබා ඇති අයුරු දකින සේනක කුමක් කරයිද...
අද එතැන් සිට....
මුල් කොටස් සඳහා
6 කොටස
**********************************************************************************
**********************************************************************************
බලාපොරොත්තුවක ඡායාවක් පෙනෙන මානයේ නොවිණි.ඉතුරු වී ඇත්තේ අත්වන්නට යන ඉරණම කෙතරම් භයානකදැයි යන්න සිහි කිරීම පමණකි.වෛද්‍යවරිය ජයසිංහගේ සිරුර අසලට කෙමෙන් ලංවන අයුරු දුටු නමුත් මා එතරම් එය තැකීමක් නොකලේ ඇය වෛද්‍යවරියක බැවිනි.නමුත් ඇගේ යම් වෙනසක් ඔහු අසලදී වූ බව මට යන්තමින් අවබෝධ විණි.ඇය මා පිටුපා සිටින බැවින් ඇගේ මුහුණ නොපෙනුනද ඉකි බිඳුමක ශබ්දයක් මට යන්තමින් ඇසුණු බැව් සක්සුදක් සේ පැහැදිලියි.මා ඈ දෙස විමසිල්ලෙන් බලා සිටියේ කුමක් වේ දැයි සිතාගැන්මට පවා නොහැකි මනසකින් යුතුවයි...
මා විශ්මයට පත් කරවමින් ඈ එක්වරම ඇගේ සාක්කුවෙන් එළියට ගත්තේ පැරණි දිනපොතකි.ඇති තරම් නවීන උපාංග භාවිතා වන මේ සමයේ කඩදාසියක් දුටු බවට මා තුල කිසිදු මතකයක් නොවිණි.එසේ නම් මෙය කුමක් විය හැකිද??
“අශාන්.... මම කියන්න යන දේ හොඳින් අහගන්න.මම කියන විදියට වැඩ කලොත් ඔයාටත් යානයේ හැමෝටමත් බේරිලා යන්න පුළුවන්.ඒ නිසා කලබල කරන්න එපා”
කල්පනා ලොවක සිටි මා ඉන් පියවි ලොවට පැමිණියේ ඇගේ විධානයත් සමගමයි.ඈ සතුව තිබූ දිනපොත මා හට පෙන්වමින් ඈ යමක් කීමට උත්සහ කල අයුරක් මට වැටහිණි.මාගේ මුහුණෙන් දිස්වූ විස්මයක සලකුණු ඈ වටහාගත්තාක් මෙන් සිහින් සිනාවක් මා වෙත හෙළුවේ මා තවත් වික්ෂිප්ත කරවමින්.
“ඔයාට මාව විස්වාස කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ අශාන්”
“එතකොට ඔයාගේ මොළයේ තියනවා කිව්ව පණිවිඩ හුවමාරුවෙන් ඔයාව විනාස කරයි.ඔයා එයාලව පාවලා දෙන්න යනකන් ඒගොල්ලො බලාගෙන ඉඳියි කියලා හිතනවද? එහෙමත් නැත්තම් මේක උගුලක්ද? කවුද ඔයා?”
“ඒ හැම එකකටම උත්තර මේ පොතේ තියෙනවා අශාන්.අමතක වුනාද මම වෛද්‍යවරියක් බව? පණිවිඩ හුවමාරුවට අදාල චිපය අක්‍රිය කරවන්න උපක්‍රම මගෙ ලඟ තියෙනවා අශාන් බයවෙන්න එපා...”
මාගේ වාසනාව කොපමණදැයි අදහාගන්නට බැරි තරම්... ඈ දිනපොතත් රැගෙන මා හුන් පුටුව සමීපයට එන්නට ගත්තේ මුහුණේ රන්දාගත් පියකරු සිනහවක්ද සමගිනුයි.
එක්වරම ඈ සාක්කුවෙන් එලියට ඇද ගත්තේ කුඩා ප්‍රමාණයේ සැත්කම් පිහියක්...මොහොතකට මා බියෙන් තැති ගත්තත් ඈ සිනහමුසු මුහුණින් යුක්තව මා වෙත පැමිණියේ යමක් පවසමින්.ඇය සැරසෙන්නේ මා නිදහස් කිරීමටද නැත්නම් මා මරා දැමීමටදැයි සිතාගත නොහැකිව මා අසරණ තත්වයකට පත් වූවේ නිතැතින්...
“අත පය බැඳලා තියෙද්දි ඔයා කොහොම මාව විස්වාස කරන්නද නේද.. “
මා හට සැනසුම් සුසුමක් හෙළීමට හැකිවූයේ ඇගේ ඒ වචන නිසාවෙන්.
නමුත් ඇය පිටුපසින් එක්වරම දොර විවෘත වනු ඇසුණු නිසා ම ක්ෂණයෙන් එදෙසට නෙත් යොමුකලේ බියෙන් වෙලෙමින්.හමුදා නිලධාරිනිය බලාපොරොත්තුවෙන් ඒ දෙස නෙත් යොමුකලත් එහි සිටියේ සේනකයි.මොහොතකට මා සතුටට පත් වුවත් එම සතුට දුකක් බවට පරිවර්තනය වෙන්නට ගත වූයේ ඇසි පිය හෙලනවාටත් වඩා අඩු කාලයකුයි....
“එපා සේනක.... එපා....”
ඇයව ආරක්ෂා කරගැනීමට පුටුවෙන් නැගී සිටීමට මා සතු සියළු ශක්තිය යෙදවූ නමුත් සේනකගේ අවිය මට වඩා ඉක්මන් විය.එම වචන පිටවීමටත් මත්තෙන් සේනක සිය අවිය ක්‍රියාත්මක කර තිබුණි.ඈද පසුපස හැරී බලනවාත් සමගම කපා හෙළු ගසක් පරිද්දෙන් බිම ඇද වැටිණි.ඇගේ සිරුර වේගයෙන් ගැහෙනු මා දුටුවේ බොඳවූ දෙනෙත් අතරින්.යානයට සවිකර තිබුණු පුටුවද මාගේ උත්සහයත් සමග ගැලවී මා සමග ඉදිරියට ඇද වැටුණු අතර මුහුණ තදින් බිම වැදීම නිසා දෙනෙත් මොහොතකට නිලංකාර විණි....
දැඩිව මතුවන හිසේ වේදනාව නොතකමින් මම සෙමින් දෑස් විවර කරන්නට උත්සහ ගතිමි .මා වැටී තිබුණේ ඇය ඉදිරියටයි.ඇගේ වේදනාබර ඇසි පිය සෙමින් ගැස්සෙන අයුරු මා සිතේ දැඩි වේදනවාක් ඇති කිරීමට සමත් විය.ඇය කුමක් හෝ කියන්න තැත් කලද ඇගේ මුවින් වචන පිට නොවුණි.ඈ ඇගේ නෙත් ඇගේ දිනපොත දෙසටත් මා දෙසටත් කිහිපවරක් යොමු කර ඇගේ අවසන් බැල්ම ජයසිංහගේ සිරුර පිහිටි දෙසට යොමුකරමින් නිසල විය.
ප්‍රාණය නිරුද්ධ වූ නමුදු ඇගේ නෙතගින් කඳුළු වෑස්සෙන අයුරු දැකීම මා හට ඉතා වේදනාකාරී දර්ශනයක් විණි.මාගේ දෙනෙතද කඳුළින් පිරී බොඳවුනේ නිමේෂයකින්... සේනක සෙමින් ඉදිරියට ඇදෙනු මා ඇස් කොනින් දුටු නමුත් ඔහුගේ පැමිණීම තව දුරටත් මා හට සතුටක් නොවිණි.සේනක මාගේ බැමි මුදාහල වහාම ඔහුව පසකට තල්ලු කරමින් ඇයව දෑතට ගත්තත් ඒ වන විට ඇය මෙලොවින් සමුගෙන සිටියාය...
සිත තුල වූ කෝපය හෝ සන්තාපය නිසා මා හට කතා කිරීමට වචන සොයාගැනීමට මොහොතක් ගතවිනි.සේනක පිළිබඳ වෛරයක් උපන්නද එය යටපත් කරගැනීමට මා උත්සහ ගත්තේ ඉතාමත් අපහසුවෙන්... ඔහුවද අහිමි කරගතහොත් මේ සටන තනිව ජයගැනීමට මා හට නොහැකි වනු ඇත......
“සේනක... ඔයා ආවේ වැරදි වෙලාවක... හ්ම්ම්... මෙයා අපිට නිදහස් වෙන්න උදව් කරන්නයි හැදුවේ සේනක.....මොකක්ද දෙයියනේ මේ කලේ...?? “ හැඬුම් සඟවමින් මා ඔහුගෙන් විමසන්නට වීමි.
“ඒත් ඒත්... මම හිතුවේ අශාන් ඔයා අමාරුවක වැටිලා කියලා.මම දැක්කා එයා පිහියක් අරගෙන ආපු හැටි.... හොඳටම විශ්වාසද ඒ ආවේ උදව් කරන්නම කියලා??”
“ඔව් සේනක හ්ම්ම්ම්... මේ බැමි කපලා දාන්නයි ආවේ.අනික ඒක සැත්කම් පිහියක් කියලා දැක්කෙ නැද්ද??”
“මොකක් වුනත් ඒ වෙලාවේ බලාගෙන ඉන්න බැරිවුනා මට.මම ගොඩක් වෙලා දොර ගාව ඉඳන් බලාගෙන හිටියේ අවස්ථාවක් එනකන්.මට කිසිම වෙලාවක තේරුනේ නෑ ඒ එන්නේ උදව් කරන්න කියලා...”
“තමන් දකින දේට වඩා යථාර්ථය වෙනස් සේනක.... හැමවෙලාවෙම දකින දේ විතරක් විස්වාස කරන්න එපා.......
ඔයා කලබල නොවුන නම් අපිට මෙයාගෙන් ගොඩක් උදව් ගන්න තිබුනා...”
මා වෛද්‍යවරියගේ සිරුර ඔසවා ජයසිංහගේ සිරුර අසලින් සයනයේ තැබුවේ ඇය පිළිබඳ මා තුල ඇතිවූ ගෞරවය නිසාවෙන්.මා බැඳ තබා තිබු පුටුව නැවත යානයය සවි කර එහි වාඩිවී මා කල්පනා කලේ දැන් කුමක් කල යුතුද යන්නයි.නමුත් ඒ හැම මොහොතකම වෛද්‍යවරියගේ රුව පැමිණීම නිසා සිතේ තිබූ වේදනාව යලි යලිත් මතුවීමට ගත්තේ මටද රහසින්...
“ඒ හැම එකකටම උත්තර මේ පොතේ තියෙනවා අශාන්.අමතක වුනාද මම වෛද්‍යවරියක් බව? පණිවිඩ හුවමාරුවට අදාල චිපය අක්‍රිය කරවන්න උපක්‍රම මගෙ ලඟ තියෙනවා අශාන් බයවෙන්න එපා...”
ඇගේ එම වදන් යලි යලිත් මට ඇසෙන්නාක් මෙන් දැනෙන්නට වූයේ එක්වරමයි.ඇත්තටම ඇය කවුද? ඇය උදව් දීමට පෙළඹුණේ කුමක් නිසාද? ඇගේ දිනපොතේ ඇති විශේෂත්වය කුමක්ද ?.එවිටයි ඇගේ දිනපොත පරික්ෂා කිරිමේ සිතක් මා හට පහළ වූයේ...
බිම තිබු ඇගේ දිනපොත මා අතට ගන්නවාත් සමගම යානය ගොඩබැස්සවීමට සූදානම් බවට වාදනය වූ ස්වයංක්‍රීය පණිවිඩය ඇසීමෙන් සේනක මෙන්ම මාද පත්වූයේ විසඳාගත නොහැකි තරමේ ගැටළුවකටයි.අප දෙදෙනා සතුවම ඇත්තේ එක අවියක් පමණක් බැවින්ද,යානය ගොඩබස්සවන්නට ඇත්තේ හමුදා නිලධාරිනියන්ගේ මූලස්ථානයේ විය යුතු බැවින්ද ලැබූ නිදහස ඵල රහිත වන බවක් අප හට දැනෙන්ට වූයේ නිතැතින්...
ඇගේ දිනපොත පසුව කියවීමේ අරමුනින් යුතුව එය සාක්කුවට දමාගනිමින් මා වහා දිව ගියේ යානය ගොඩබස්සවන්නට යන ස්ථානය දැක ගැනීමටයි.යානයේ වූ කවුළුවකින් අප තහවුරු කරගත්තේ අප ගොඩබැසීමට යන්නේ හමුදා මූලස්ථානයක බවයි.
“සේනක.... අපිට කරන දෙයක් ඉක්මනින් කරන්න වෙනවා.යානය ඇතුලෙ ඉන්නෙ එක හමුදා නිලධාරිනියක් විතරයි.එයාව මෙල්ල කරන එක ගොඩක් අමාරු වෙයි.ඔයා පාලන මැදිරිය මුර කරන්න මේ වෙලාවේ එයා එතන ඉන්න එක අපිට වාසියි.”
“හරි අශාන්....”
“සේනක හැම දෙයක්ම රැඳිලා තියෙන්නේ ඔයාගෙ අතේ.ඉක්මන් කරන්න.මම අපේ අනිත් කට්ටියව හොයාගෙන බේරගන්න බලන්නම් ඔයා හමුදා නිලධාරිනියව නවත්තන්න.ඉක්මනට යන්න සේනක ඉක්මන් කරන්න අපිට නාස්ති කරන්න වෙලාවක් අපිට නෑ.”
සේනක අවියද රැගෙන යානයේ ඉදිරියට සෙමින් ඇදෙන අතරේ මා යානය පුරා දුවමින් එහිවූ කුටි පරික්ෂාවට තීරණය කලේ අඩුම තරමේ එකදු අවියක් හෝ සොයාගැනීමේ අභිප්‍රායෙන්.නමුත් බොහෝමයක් කුටි හිස්ව තිබූ බැවිනුත් අනෙකුත් කුටි වල රැස් කර තිබුණේ ආහාර ද්‍රව්‍ය පමණක් බැවිනුත් මාගේ ධෛර්යය හීන වීමට වැඩි වේලාවක් ගත නොවුණි.
ඒ මොහොතේ යානයේ ඇතිවූ ගැස්ම නිසා යානය පොළව මත පතිත කරන්නට ඇති බවට මම අනුමාන කලෙමි.නමුත් මෙහෙයුම් මැදිරිය දෙසින් කිසිදු ආකාරයක කලබලකාරි ස්වරූපයක් නොඇසීම නිසා මා තුල සේනකගේ ජීවිතය පිළිබඳවද කුකුසක් නොදැනුනා නොවේ.යානය තුල අවි ආයුධ නොතිබුණු බැවින්ද අනෙකුත් සාමාජිකයන්ගේ හෝඩුවාවක් නොලැබුණු බැවින්ද මා තීරණය කලේ කලබලකාරි තත්වයන් මගහැරෙන තුරු යානය තුලම සැඟවී සිටීමටයි.
සැඟවීම සඳහා සුදුසුයැයි හැඟුණු කුටියකට පිවිසී මා ඇතුලතින් දොර අගුළුලා බිම හිඳගත්තේ තව කුමක් නම් ඉදිරියේදි සිදුවන්නට ඇත්දැයි සිතාගැන්මට නොහැකි බැවින්.කුමක් වුවත් අනාගතය සුභදායි නොවන වගනම් මා හට නිසැකවම වැටහිණි.මේ අතරතුරයි මා කලින් සාක්කුවට දමාගත් වෛද්‍යවරියගේ දිනපොත සිහියට නැගුනේ....
එම දිනපොතේ කවරය දෙස මොහොතක් බලා හිඳිමින් මා දිගු සුසුමක් හෙළුවේ එක ඇසිල්ලකින් ඇය හමුවූ දින පටන් මා ඇගෙන් ලද කරුණාබර සැලකුම් නැවතත් මැවී පෙනෙන්නට වූ නිසාවෙන්.සෙමින් දිනපොතේ කවරය පෙරලූ මා හට දැකගන්නට හැකිවූයේ මුල් පිටුවේ අලවා තබූ කුඩා පිරිමි දරුවන් දෙදෙනෙකුගේ ඡායාරූපයකි....
අවුරුදු දහයක සහ පහලොවක පෙනුම තිබූ මේ දරුවන් දෙදෙනා දෑත් පටලවා හුරතල් අයුරින් සිනාසෙනු දුටු මටද සිනහා පහල වූයේ නිතැතිනි... එම ඡායාරූපයේ යටින් ලියා තිබූ වදන් පෙල මා කියවන්නට වූයේ එම සිනහමුසු මුහුණ එලෙසම පවත්වා ගනිමින්.නමුත් එක්වරම එම සිනහව අතුරුදහන් වූවේ මවිතයක සලකුණු මා මුහුණේ ඉතිරි කරමිනුයි...
ප/ලි
ඔක්කෝටම කලින් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේ කොටස දාන්න මාසෙකටත් වඩා කාලයක් ගත්තු එක ගැන.ආයෙත් සුපුරුදු පරිදි ලියන්න කියවන්න බහින්නයි හිතාගෙන ඉන්නේ.පහුගිය ටිකේ ගොඩාක් දෙනෙක්ගේ ලිපි කියවන්නත් බැරිවුනා.මග ඇරුණු හැම ලිපියක්ම අනිවාර්යෙන් කියවනවාමයි.... මුකුත් ලිව්වේ නැතත් මේ පැත්තට ඇවිත් ගියපු,මාව හොයපු හැමෝටම ස්තූතියි....
කාලෙකට පස්සේ ලියන්න ගත්තු නිසා අඩුපාඩු ඇති.ඉතින් වෙනදා වගේම ඒ වැරදි අඩුපාඩු පෙන්නලා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.එහෙම අඩුපාඩුවක් පෙන්නුවයි කියලා මම කවදාවත් අමනාපයක් වෙන්නේ නෑ...
පොටෝව ගත්තේ මෙතනින්:http://www.canada.com/6406264.bin
හප්පා එක සැරේටම බය වෙලා ගියා උඩ පින්තූරේ දැක්කම.
ReplyDeleteඔන්න ඊ ළඟ කොටස දාන්නනම් මාසයක් ඉන්න එපා. අද නවත්තලා තියෙන්නෙත් මාරම තැනකින් නේ..හයියෝඔඕ :(
මට හිතට හරියන එක පින්තූරයක්වත් අහුවුනේ නෑනේ.... යන්තම් මෙහෙම එකක් හම්බුවුනේ අමුතු ලස්සනක් තියෙනවා ඒකේ...
Deleteඊළඟ ලිපියට ගොඩක් කල්ගන්න අදහසක් නෑ අක්කේ.පොඩි පොඩි දේවල් ටිකක් නිසා හිරවෙලා හිටිය නිසයි ලියන්න තියා කියවන්නවත් බැරිවුනේ.බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට...
:D :D නවත්කන්න ඕනේ උච්චම තැනින් එතකොටනේ කුතුහලේ දැනෙන්නේ නේද...
ඇතියන්තං උබ මේක ලියලා...
ReplyDeleteටික ටික දාන්න එපා මචෝ..
එකපාර දහංකෝ පදාසයක්ම..
කතාවනං එලකිරිවගේ ගලං යනවා...
බලමු ඉස්සරහට..
ගොඩක් එකපාර ලියලා ඉවරයක් කරලා දාන්නත් හිතුනා තමයි ඒත් ඉතින් ගොඩක් දිග ලිපි කියවන්න අපහසු කට්ටියත් ඉන්නවා ඇතිනේ කියලා හිතලයි පිටු 6කට සීමා කරන්නේ පුළුවන් තරම්... වෙනසකටත් එක්ක ඊළඟ කොටස තව ටිකක් දිගට දාන්නත් හිතුනා... බොහෝම ස්තූතියි අයියේ... සෑහෙන්න වටිනවා මේ දිරිමත් කිරීම...
Deleteඑහෙනම් මේ වෛද්‍යවරිය ජයසේනගෙ සොහොයුරා වෙන්න ඕන.. එහෙමද..? වෛද්‍යවරියට නැවත පණ ඒවිද..? අශාන් දින පොත කියවන අතර තුර පිටත මොනවා සිදුවේද.. දිනපොතෙන් සෙබලියන්ගේ පාලන කලාපයෙන් පැන යන්න විසඳුමක් මඟක් ලැබේවිද..
ReplyDeleteබලාගෙන ඉන්නවා ඉතිරියත් කියවන්න මල්ලී.. :)
අක්කේ... මේ කොමෙන්ටුව හංගන්නත් හිතුනා ඊළඟ කොටස එනකන්... මුල ඉඳලම ඔයා මාර විදියට ඉස්සරහ වෙන්න පුළුවන් දේවල් කිව්වා තිතටම.අපි බලමුකෝ ඊළඟ කොටසත් හරියයිද කියලා.හැමදාමත් වගේ හොඳ පූර්ව ප්‍රචාරක වචන සෙට් එකක් ඈ... බොහෝම ස්තූතියි අක්කේ...
Delete//තම දිවිය දෙවැනි කරගනිමින් ජයසිංහ අවසන් මොහොත දක්වා සටන් වදින්නේ සිය වර්ගයාගේ පැවැත්ම ආරක්ෂා කරගැනීමටයි.//
ReplyDeleteසිය වර්ගයාගේ පැවැත්ම සඳහා ගැහැනුන් අවශ්‍ය බව අමතක වෙලා වගේ.:)
කතාව හරිම ලස්සනයි. හැබැයි අපිත් ඒක කියවන්නේ අර නින්දෙන් අවදිවන අය (ශිශිරතරණ ) වගේ. එතකොට ඉතින් අශාන් වගේම තමයි අපිටත් මොකද වෙලා තියෙන්නේ කියලා හිතාගන්ටත් බෑ.:D
ඉක්මන්ට ලියන්ට ගැමියෝ...
පොඩ්ඩිට මුල අමතක වෙලා.... මෙයාලා වර්ගයා බෝ කරන්නේ ජාන තාක්ෂනයෙන්... මේ කථාව අවූරුදු ගානක් අනාගතය ගැන කියවෙන එකක්
Deleteනිකංයැ පොකු අක්කට කොකු අක්කා කියන්නේ... මොකාක් හරි කොක්කක් ඇදගන්නමනේ හදන්නේ... ඒක නෙමෙයි අක්කේ වැරදිලාවත් මේකට "පිරිමි වර්ගයාගේ" කියලා දැම්මොත් ඒක දෝෂයක් වෙයිද?? ඒ වචනේ ගැන මට විස්වාසයක් නෑ.තම වර්ගයාගේ කිව්වම මම හිතුවේ කස්ටිය පිරිමි කට්ටිය ගැන හිතයි කියලා.... මට අමතක උනා කාන්තා විමුක්තිවාදිනියක් වන "පොකූ THE FEMALE DICTATOR" මේක කියවනවා කියලා.ඔයාවම තමා මේකේ මහමොලකාරිට සුදුසු...
Deleteහලේ අක්කේ පහුගිය ටිකේ වෙච්චි දේවල් ටිකක් නිසා තමා පරක්කු වුනේ නැත්තම් මම මෙච්චර පරක්කු කරන්නේ නෑනේ ඉතින්.ඒකට සමාව දෙන්ඩෝ.... බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට...
හම්මෝ අයියේ ෂ්ෂ්ෂ්ෂ් ෂ්ෂ්ෂ් කෑ ගහන්න එපෝ... හදිසියෙවත් අක්කා ඇවිත් ඇහැව්වොත් ගැහැණු කස්ටිය නැතිවුනාම කොහෙන්ද ඩිම්බ හොයාගන්නේ කියලා?? ඉඳලා හමාරයිනේ...
Deleteහැබැයි අයියා කියපු කතාව ඇත්ත තමා මේගොල්ලෝ ජනා තාක්ෂණයෙන්නේ හදන්නේ.ඒ නිසා එක කාන්තාවක් හිටියක් ඇති වැඩේට ඒ නිසා සැලෙන්න නරකයි.දෙගොල්ලන්ට දෙගොල්ලන්ව නැතිව බෑ එතකොටයි ලෝකෙ සමබර... ඔව් නේදෝ...
හම්මෝ මට පරණ කොටස් ටික මතකත් නැති වෙලා තිබුනේ...... හි හි.. පොඩ්ඩි කිව්වා වගේ මාත් ශිශිරතරණයට ලක් වෙලා හිටියා වගේ....
ReplyDeleteඔන්න දැක්ක ගමන් දුවගෙන ආවා කියවන්න....
ඉතුරු කොටස් දෙක තුනක්ම ඉක්මනට දාන්නයි ඉන්නේ ඒ නිසා ආයේ කට්ටියව ශිශිරතරණය කරන්නේ නෑ.... කතාව අමතක වෙන බව දන්න නිසාම තමා පොඩි මතක් කිරීමක් දැම්මේ කෙටියෙන් දාන්න ගියත් ඒකත් දිග්ගැස්සුනා... බොහෝම ස්තූතියි අක්කේ ඇවිත් කියවලා අදහසක් ප්‍රකාශ කලාට.මට ගොඩක් ලොකු තල්ලුවක් ඒක...
Deleteනියමයි.
ReplyDeleteඉතුරු ටිකත් ඉක්මනට ලියහං කොල්ලො.
ඉක්මනටම ලියන්නම් අයියේ සතියක් ඇතුලත කොහොමත් තව කොටස් දෙකක්වත් දාන්නයි අදහස තියෙන්නේ.... බොහෝම ස්තූතියි අයියේ හැමදාමත් වගේ මේ දෙන තල්ලුවට...
Deleteනියමයි
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ....
Deleteඅම්බෝ පරණ ටික ආයෙම මතක් කරගන්ඩ වෙයි වගේ...
ReplyDeleteකෝකටත් කියලා උඩින් පොඩි සාරාංශයක් දැම්මේ ඒක නිසාම තමයි.ලොකු අවුලක් නැතිව ඇති මගෙ හිතේ... බොහෝම ස්තූතියි අයියේ ඉතිරි ටික පට් ගාලා දාන්නම්
Deleteඅප්පේ 7 වැනි කොටස පළවෙන්න ගිය කාලයක්.... ගැමියා මොකද බොට උනේ.... කසාදයක්වත් බැන්දද ?
ReplyDelete6 වෙනි කොටස දානකොටම මම හිතුවා ඊළඟ කොටස ලියන්න ටිකාක් විතර කලක් ගන්න වෙයි කියලා.අන්තිමේ හිතපු නැති දේවල් ටිකක් වෙච්චි නිසා හිතුවටත් වඩා වැඩි කාලයක් ගියා ලියන්න.... හම්මේ අයියේ හිතනවා කියලා ඔහොමත් හිතනවද ඈ???
Deleteo_O
Seahena kaalayak balan hitiyaa...
ReplyDeleteබොහෝම ස්තූතියි වෙනි අයියේ... ආයේ බලාගෙන ඉන්න දෙන්නේ නෑ ලියන සැනින් එසැනින් දෙන්නම්.... බොහෝම ස්තූතියි අයියේ
Deleteඅම්මෝ මෙන්න මේක ලියලා.මං මේ හිත හිතා හිටියෙ ඔයා ලියලා මට බ්ලොගේ මග ඇරිලාවත්ද කියලා.පරක්කු නොකර ඉතුරු කොටස ඕනෙ හොදේ.
ReplyDeleteහම්මේ එහෙමත් හොරෙන් පෝස්ට් දානවැයි... ඊළඟ කොටස ඉක්මනින්ම දෙන්න තමයි බලාපොරොත්තුව.සමහරවිට ඉක්මනින් කොටස් දෙකක්වත් දෙන්නයි ට්‍රයි එක.බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට
Deleteහැමදාමත් වගේ අදත් උපරිමයි,,,, දෙබස් අඩුවීම ගැනනම් නොසතුටුයි...
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ.... දෙබස් අඩුකරන්නම වුනානේ මොකද වැඩි සංවාදයක් නැතිව ඇක්ෂන් දාන්න අවශ්‍යම තැන් ආපු නිසා.බොහෝවිට ඉදිරි කොටස් දෙක තුනකම වැඩි දෙබස් නැතිවෙයි මොකද ඊළඟට මේ දිනපොතේ තියෙන දේවල් දිනපොතේ තියෙන විදියටම ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තුව.කතාවේ සැඟවුණු යටගියාවක් ඒකෙන් එලියට දාන්නයි ඉන්නේ.... එතකොට හැමදෙයක්ම ආවරණය වෙනවනේ...
Deleteපරක්කු වුනාට කමක් නෑ ලිව්වනෙ, එන්න එන්නම දියුණු වෙනවා. බොහොම සතුටුයි.
ReplyDeleteවිහිළුවක් නෙවෙයි මහත්තයෝ, කවදා හරි මේ කතාව පොතක් වෙන්නම ඕන.
බොහෝම ස්තූතියි මේ විදියේ නිහතමානී ඇගයීම් වලට.ඇත්තටම මාව ගොඩක් දිරිමත් වෙනවා මුල ඉඳන්ම ඒ දීපු අවවාද මම ටිකක් හරි අහපු නිසා වෙන්නැති ටිකක් හරි සාර්ථක වුනානම් වෙන්න ඇත්තේ.... පොතක් කියද්දිත් බය හිතෙනවා.හැබැයි බ්ලොග් ලියන්න ගනිද්දි නොතිබුණු ඒ ආසාව යන්තමින් හරි ඇවිත් නෑ කිව්වොත් ඒක බොරුවක්.... ආයෙත් පාරක් ගොඩාක් ස්තූතියි අයියේ....
Deleteවෛද්‍යවරියගේ දිනපොත බලල අශාන්ට ඇතිවුන මවිතයම මටත් ඇති වුනා. හැමදාම කියනවා වගේ අදත් කියන්න තියන්නේ සුපිරියි කියලා මල්ලි. මුල් ටික සාරාංශ කරලා දාපු හන්ද මට එච්චර අවුලක් වුනේ නෑ.
ReplyDeleteතවත් ලොකු පුදුමයක් ඊළඟ කොටසින් දෙන්නයි ලෑස්තිය.සමහරවිට හැමෝටම තේරෙනවත් ඇති මොනා වෙයිද කියලා විශේෂයෙන්ම ඔයාටත් තේරෙනවා ඇති.බොහෝම ස්තූතියි අයියේ හැමදාමත් වගේ මාව ඉස්සරහට ගන්නවට මේ වගේ කොමෙන්ටු වලින්.... කතාව සාරාංශ කලේ නැත්තම් අම්බානක බැනුම් අහගන්න තිබුනා කට්ටියගෙන්ම
Deleteවෙලාවට දිගහැරුම කෙටියෙන් හරි දැම්මේ.. නැත්තම් ආයි ඔක්කොම කියවන්න වෙනවා.. ඊළග කොටසත් ඉක්මනටම දාන්න මල්ලී..
ReplyDeleteඅන්තිම මොහොතේ තමයි සාරාංශය දාන්න හිතුවේ හම්මේ වෙලාවට එහෙම හිතුනේ.බොහෝම ස්තූතියි අයියේ ඉක්මනටම දාන්නම් තව දවස් දෙක තුනකින් බොහෝ දුරට...
Deleteසතුටුයි ගැමියගෙ පුනරාගමනය ගැන. විභාගය හොඳින් කරන්ඩ ඇති කියලා හිතනවා.
ReplyDeleteකතාව නොහිතන පැත්තකටම ඇදි ඇදී යනවා.. මට මතක විදියට ඔය දොස්තර නෝනත් එක්ක තව සෙබලියක් හිටියා.. අර අශාන්ගෙ කම්මුලට ගැහැව්වෙ.. එයාට මොකද වුනේ..?
සුමිත් කියනවා වගේ මේක පොතක් කළොත් හොඳයි කියලා මටත් හිතෙනෙවා..
ඒ සෙබලිය මෙහෙයුම් මැදිරියේ යානය පාලනය කරමින් ඉද්දිනේ සේනකව යැව්වේ එතන මුර කරන්න කියලා.ඒ අතරතුරදිනේ අශාන් අනික් සගයන්ව හෙව්වේ... යානය ගොඩබැස්සුවා කියලා දැනුනාම තමයි එයා හැංගෙන්න තීරණය කලේ... එයාලා කොහෙන් මතුවෙයිද දන්නෑ දැන්...
Deleteඅසාවක් නැත්තෙමත් නෑ අයියේ... අපි බලමුකෝ කතාව අන්තිම වෙනකන්ම ඒ රසය නොනැසී තිබුනොතින්...
බොහෝම ස්තූතියි අයියේ හැමදාමත් වගේ මාව දිරිමත් කිරීම ගැන.ඒ පැත්තේ එන්න බැරිවුනා කාලෙකින් ඉක්මනට එන්නම්...
අලෝ ගැමි මල්ලී කාලෙකින් දැක්කෙ..මාත් මේ කාලෙකින් ආවෙ..හ්ම්ම් හැම දාම වගේ කතාව හරිම ලස්සනයි...(ගොඩක් දවසකින් වලියක් දාන්නත් බැරි උනා..)
ReplyDeleteහලෝ හලෝ.... හම්මේ වලි+කිරිල්ලි අක්කව දැක්ක කල්.... ඒක නෙමේ බුකියේ ඔයාට ප්‍රොෆයිල් දෙකක් තියේද?? මට රික්වෙස්ට් දෙකක් ආවා එකම ඇඳුමින් ඉන්න කිරිල්ලියො දෙන්නෙක්ගෙන් සෑහෙන්න කාලයක් බලා ඉඳලා ඉඳලා mutual වැඩිම එක ඇක්සෙප්ට් කලා හැබැයි දැන් දෙකම එක සමාන උනාම අනිකත් ඇක්සෙප්ට් කලා... කෝකද හරි කියලයි අවුල... (පෝස්ට් එකක් දාමුකෝ බලන්න කොනක් අහුවුනොත් වලියක් අනිවා දාගන්නවනේ මං)
DeleteVery dramatic! :)
ReplyDeleteසේනක වැඩේ කෑවනේ! ඔය දිනපොතේත් තියෙන අත් අකුරු මගෙ වගෙ නම් ඒකෙන් වැඩක් වෙන්නෙත් නෑ, අපරාදෙ! :D
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මට දැනුයිමතක් වුනේ! ඕක වෛද්‍යවරියගෙ අත් අකුරින් ලියපු එකක් නම් පුතෝ කිසිම වැඩක් වෙන්නෙ නෑ, දන්නවනෙ එයාලගෙ අත් අකුරු! :D
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
නියම කොමෙන්ට් එකක් ඈ... හොඳටම හිනා මේ කතාව සහතික ඇත්ත... අපිට ඉංග්‍රීසි උගන්නපු මිස්ගෙ අකුරු පරණවිතාන මහත්තයටවත් කියවන්න බැරුව ඇති ඒත් එයාට නම් එලටම කියවන්න පුළුවන්... ඒවා එහෙම කියෙව්වා කියමුකෝ ඒත් අප්පේ දොස්තර නෝනලා මහත්තයලා ලියන එව්වා පාමසියේ බෙහෙත් දෙන කට්ටියට විතරයි කියවන්න පුළුවන් ඒත් ඒකත් බෑ සමහර වෙලාවට..
Deleteමේ ලඟදි ඇස්වලට දාන්න දුන්නා tears forte කියලා බෙහෙතක් ඕක දොස්තර මහත්තයා ලියලා තිබ්බේ tf කියලා විතරයි.පාමසි දහයක පහලොවක බැලුවත් ඒවා ඉවරයි කියලා නිකා හිටියා මිසක් නිකමටවත් දුන්නේ නෑ.අන්තිමේ ආයේ දොස්තර මහත්තයගෙන්ම නම ලියාගත්තාම ඒ පාමසිවල බෙහෙත තිබ්බා... හදිසියෙවත් වෙන එකක් එහෙම ඇහැට දාන්න දුන්නනම් බඩුම තමා....
සේනක නොහිටින්න කතාව ඉවරවෙනවනේ ඉතින් අශාන් බේරුනාම... ඕං ඕකයි සේනකව මුලින් අතුරුදහන් කෙරෙව්වේ... තව ගොඩක් රහස් ඉදිරියේදි බලාපොරොත්තුවන්න... බොහෝම ස්තූතියි ඩුඩිසර්තුමනි...
අනේ අම්මෝ කතාව අමතකම වෙලා යනවා තව ටිකෙන් ...
ReplyDeleteසිදුවූ ප්‍රමාද දෝෂය පිළිබඳ මාගේ බලවත් කණගාටුව පිළිගන්ඩෝ.... බොහෝම ස්තූතියි රොබින් ද හුඩ්
Deleteහ්ම්ම් හ්ම්ම්..කතාව ලස්සනයි..ජය!
ReplyDeleteබොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට ඔයාටත් ජය...
Deleteකාලෙකින් ගැමි මල්ලිගේ කතාව කියවන්න ලැබුනේ. ගොඩක් ලස්සනයි මල්ලි. දිගටම ලියන්න.
ReplyDeleteආයෙමත් දකින්න ලැබීම සතුටක් අක්කේ... බොහෝම ස්තූතියි ප්‍රතිචාරයට.දිගටම ලියන්නම් ඔයාගේ කතාවත් බලාපොරොත්තු වෙනවා දිගටම...
Deletelassana kathawak yalu asawen kiyuwa
ReplyDeleteබොහෝම ස්තූතියි උමා අක්කේ.... නම දැක්ක හැටියේ මතක් වුනේ කාලයක් ආසාවෙන් අහපු තාමත් ආසාවෙන් අහන සිංදුවක්...
Delete"තුමුල නමුණුකුල ගිරි හිස
උදුල සඳ මඩල දුටු නෙත නැවතුනා තමයි
කිමද මේ තරම් ඒ ගැන
හිනැහෙන්නට කාරණා..."
අඩේ මෙන්න කතාව ලියලා....එල ඈ....ඉතුරු ටිකත් දාමු..
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ.... එල එල ඈ ඉතුරු ටිකත් ලිව්ව සැනින් එසැනින් දෙන්නම්...
Deleteෂික්... ක්ලච් එක පාගලා අත ඇරලා ගිහින් නේ.. අවුලක් නෑ.. ඉතුරු කොටස් දෙක තුනක් එකට දාල තිබ්බාම එන්න ඕනේ කියවන්න..
ReplyDeleteඅඩේ මේං නම වෙනස්කරලා... ඇලෙ+ක්සැන්ඩර් ම්ම්ම් නරක නෑ නිකලස් කේජ් වගේ නිකං... එක්සැන්දර කියන එක තාමත් ලේසියි හැබැයි...
Deleteවැඩි දිගට දැම්මාම මාගල වගේනේ ගොඩක් අයට කම්මැලි හිතෙයි කියලයි එහෙම නොදැම්මේ දැන්නම් හිතෙනවා එහෙම දැම්මොත් හොඳා කියලා... තව කොටස් හතරක් පහක් විතර ලියවෙයි වැඩිම උනොත්.බලමුකෝ ඈ... බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට
මේ පැත්ත්ට එන්න පරක්කු උනා නොවැ. මෙන්න කතාව දාලා.හොද වෙලාවට මෙතෙක් කතාව මතක් කරලා තිබුනේ කෙටියෙන් ඒ නිසා අවුලක් උනේ නෑ
ReplyDeleteපරක්කු වුනාට මක්කැයි ඉතින් ඇවිත් කියෙව්වනේ මාත් ඉතින් පරක්කුවෙලානේ දැම්මේ... බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට... කතාව මතක් නොකලනම් කාවි මාව :P
Deleteඅපූරු ගැමියෙක්නෙ.. ලස්සන කතාවක් !!
ReplyDeleteඉස්සරහටත් බලමුකො එහෙනං... :)
බොහෝම ස්තූතියි nishi මචෝ...
Deleteරහයි බං ලියහන්කෝ
ReplyDeleteමේ දවස්වල දිනපොතක් ලියන්නේ කොහොමද කියලා අධ්‍යනය කරනවා අයියේ... කවදා ලියපු දිනපොත්ද ඉතින්... කොහොමහරි හොඳට ලියාගත්ත ගමන් පට ගාලා දානවා.. ස්තූතියි ඈ.
DeleteBUZZ Blog Award එකක් දිනූ ගැමියාට උණුසුම් සුභ පැතුම්!!!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බොහෝම ස්තූතියි මචෝ... මේ හැම සුභ පැතුමක්ම කොමෙන්ටුවක්ම මට සම්මානයක් තරම්ම වටිනවා.... ආයෙමත් සැරයක් ගොඩාක් ස්තූතියි මචෝ..
Deleteබ්ලොග් සම්මාන ලාභී ගැමියා මල්ලියා ට සුභ පැතුම්
ReplyDeleteබොහෝම ස්තූතියි අක්කේ... ඔයාලා බ්ලොග් එක කියවලා දුන්නු ශක්තිය නිසා තමයි මෙහෙම ලිව්වේ... ගොඩාක් සන්තෝසයි අක්කේ
Deleteගැමියා මලේ උඹේ ජයග්‍රහණයට බොක්කෙන්ම සුබ පැතුම් !
ReplyDeleteබොහෝම ස්තූතියි සෙන්නා අයියේ මුල ඉඳලම මාව ධෛර්යමත් කරපු අය අතරින් ඔයත් එක්කෙනෙක්... ඔයාගේ ජයග්‍රහණය ගැනත් සෑහෙන්න සතුටුයි මගෙනුත් සුභ පැතුම් නැවත වරක්....
Deleteබොක්කෙන්ම සුබ පැතුම් ඈ......ජය වේවා
ReplyDeleteබොහෝම ස්තූතියි තරුවා මචෝ මම එදත් කිව්වා වගේ මේ සම්මානේ උඹලටත් අයිතියි... උඹලා නොහිටින්න මාව හොයන්න හම්බුවෙන්නැ :D
Deleteගැමි මල්ලියෝඕ මගෙනුත් උණුසුම් සුබපැතුම්
ReplyDeleteබොහෝම ස්තූතියි සයුරි අක්කේ....
Deleteඔබ ලද ජයග්‍රහණය හෘදයාංගම ව අගය කරමි. තව තවත් යහපත් ව නිර්මාණ කාර්යයේ යෙදෙන්නට සුබ ප්‍රාර්ථනා ද කර සිටිමි...!!
ReplyDeleteබොහෝම ස්තූතියි ඉන්ද්‍රනාථ සර්... මේ කොමෙන්ටුව මගේ සතුට දෙගුණ තෙගුණ කලා.... බොහෝමත්ම ස්තූතියි
Deleteගැමියාට හද පිරි සුපැතුම් !!!
ReplyDeleteබොහෝමත්ම ස්තූතියි අයියේ... ගොඩක් සතුටුයි
Deleteජය ගත් ඔබට මාත් සුභපතනවා තව තවත් සාර්තක වේවා
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ... :D
Deleteඔන්න අදයි කතාවේ ඔක්කොම කොටස් ටික කියවන්න ලැබුනේ මල්ලියෝ...බ්ලොග් කියවන්න කම්මැලිකමේ හිටියේ මේ ටිකේම අද ඔන්න යන්තම් කියව ගත්තා..දැන් ඉතින් මේක ඉතිරිය කියවන්න බලා ඉන්න එපැයි..සැහෙන්න දවසක් නම් ඉන්න බැ ඔන්න....ඉක්මනටම කතාව ඕනේ...කතාව නම් සුපිරිම සුපිරියි...නියමෙට ලියනවා..මේක ඉවර කරලා පොතක් ගහමු හොදේ...:)
ReplyDeleteඅහා ඔන්න කලින් සුභ පැතුවට මෙතනත් සම්මානෙට සුභ පතලා යන්නම්කො..දිගටම ලියමු හොදේ.....ජයෙන් ජය...!!!!