Sunday, October 20, 2013

වැරදුනේ කොතැනද....? වැරදුවාද මට....?


ස්වප්න හෝරා ගෙවී යාද සඳ
මැදියම් අඳුරක සිත ඉගිලේ දුර
සිතුවිලි විමසා ඇදෙන සුළං රොද
හිත ඇති පාළුව කෙලෙස මකන්නද

දෑස තෙමී යන කඳුලක වාරුව
පමණි උරුම මතු ගෙවනට මේ රැය
දිනක් ඒවි නම් රැය නොම පැමිණෙන
හොඳම දිනකි පෙර දින මා මියයන
ඉඳිමි දෙනෙත හා සිරුරම දැඩි කොට
සඟවනු හා වත්මන දිවි ගෙවුමට
ගෙනහින් ආයෙම අතීතයට සිත
වැළලුවෙ ඔබ මිස,වෙන අන් කවුරුද

කිසිදින කිසිවිට පැරදී නැති මට
කිසිවිට කිසිවක් අත්නොහරින මට
වැරදුනේ කොතැනද

වැරදුවාද මට...

ප.ලි : පොටෝව ගත්තෙ මෙතැනින් http://ak.picdn.net/shutterstock/videos/958441/preview/stock-footage-sad-man-on-the-patio-face-closeup.jpg

සෑහෙන කාලයක් වෙනවා බ්ලොග් එක අතෑරලා දාලා.ඒ වගේමයි බ්ලොග්  කියවන්නවත් හිත නිදහසක් තිබුනේ නෑ.රස්සාවෙනුත් අයින් වෙලා මාස තුනක් විතර වෙන එකේ හිතුනා ලියන්න.දැන් හිත නිදහස්.අළුත් වැඩකටත් අත තියලා තියෙන වෙලාවේ ආයෙමත් පරණ හුරු පුරුදු ආසා කරන ජීවිතේ ‍ගෙවන්නයි ලෑස්තිය...

39 comments:

  1. ගැමියාව දකින්න ලැබීමත් සතුටක්. රස්සාව අතෑරපු කතාව අහන එක පෞද්ගලිකත්වයට හානියක්ද මන්දා.

    කවියට මොනවා කියන්නද මන්දා. මේක පෞද්ගලික අත්දැකීමක්ද, කවි සි‍ටුවිල්ලක් විතරද දන්නෙත් නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඩුඩිතුමාවත් දකින්න ලැබීම සන්තෝසයක් දැන් තියෙන විවේකයෙන් උපරිම ප්‍රයෝජන ගන්නයි ඉන්නේ.රස්සාව හ්ම්ම්ම් ඒක අප්‍රසිද්ධියේ කියන්නං ඈ

      කවිය නම් සිතුවිල්ලක් විතරයි.ඊයෙ මහ රෑ කල්පනා කර කර හිටියේ මට කොතනද වැරදුනේ කියලා.එතකොට ආපු අන්තිම පද දෙකට තමයි ඔය කවියෙ උඩ ටික ලිව්වෙ.කවියක්ද නිසඳැසක්ද කියලා මටත් හොයාගන්න බෑ හැබැයි...

      බොහෝම ස්තූතියි ඩුඩිතුමනි කොමෙන්ටුවට...

      Delete
  2. කාලෙකට පස්සෙ හරි වැලලිලා හිටපු තැනිං ගොඩ ඇවිල්ල මේක ලියන්න පටංගත්ත එක ‍ලොකු දෙයක් මල්ලි.

    අලුත් වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල පතනවා.

    ReplyDelete
    Replies
    1. ආයේ ලියන්න හිතුනු එක මටත් ලොකු දෙයක්... පහුගිය කාලේ ඕනතරම් ලැප ඉස්සරහා වාඩිවෙන්න ඇති මොනාහරි ලියන්න කියලා ඒත් හිත කලබලෙන් තිබ්බ නිසා ෆිල්ම් එකක් බලනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න බැරිවුනා...

      බොහෝම ස්තූතියි ප්‍රසන්න අයියේ...

      Delete
  3. අලුත් වැඩ කිඩ සහ බ්ලොග් ලිවීම හොඳින් කරගෙන යන්න ලැබේවා කියලා සුභ පතනවා .

    ReplyDelete
    Replies
    1. "වයලීනෝ" මරු නමක් ඈ... මේ මුල්ම වතාව බොලාව දකින... බොහෝම සාදරයෙන් පිළිගන්නවා පත් ඉරුවට...

      බ්ලොග් දෙකම බැලුවා මීට කලින් අහුනොවිච්ච දෙකක් නිසා ඕං ෆලෝ පාරක් දැම්මා... බොහෝම ස්තූතියි මචෝ කොමෙන්ටුවට

      Delete
  4. වෙල්කම් බැක්!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියන්ඩි...

      Delete
  5. මෙහෙම හරි මතක් වෙලා ආපු එක හොදයි. මේ වගේ අතීතය දෙස එබී බැලීම අවශ්‍යයි. හැබැයි හැගුම්බර නොවී.

    ReplyDelete
    Replies
    1. මාවත් මතක තියාගෙන හිටිය එක ගැන සතුටුයි... අතීතයට එබීම කල යුතුම දෙයක් තමයි කිව්වත් වගේ අතීතෙ බලාගෙන අනාගතේ හදාගන්නව මිසක් අතීතේ ගැන හිත හිත පසුතැවිලා වැඩක් නෑ...

      බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට...

      Delete
  6. කාලෙකින් ගැමියා ඇවිදිල්ලා !!!!

    ReplyDelete
    Replies
    1. 2013ට හරියටම ලියන්න පටන්ගන්නෙ අද ඉඳන් තමයි ඕං... බොහෝම ස්තූතියි ඈ කොමෙන්ටුවට

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ආයෙත් දකින්න ලැබීම සතුටක්. පුලුවන්නම් ගැහැණු ලොවක සිරකරු ඉතිරි කොටස් ටික දන්න.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට... ඒ ටික ලියුවා අවිවේකි බව මැද්දෙ මටම ඒකේ රසක් නොදැනුනු නිසා තමයි නොදැම්මෙ.අන්තිමට දාපු කොටසත් අසාර්ථකයි වගේ දැනුනා.හරියට නොලියවුනොත් ලොකු අපරාධයක්නේ... ඉක්මනින්ම දෙන්නම්

      Delete
  9. කාලෙකින් ඇවිත් තියෙන්නේ. ආපු එක හොඳයි. ආපහු අර ගෑනු ඉන්න ග්‍රහ ලෝකෙට යමු. :)

    ReplyDelete
    Replies
    1. ඈ ග්‍රහලෝකේ?? බොලේ ඒක පෘථීවිය... කතාවේ වල් බිහිවෙලා ඒවාගෙන් තවත් ගස් හැදිලා ඒවගේ ගෙඩිත් හැදිලා ඒවා වැටිලා අමුතුම ගස් හැදිලා වගේ පේන්නේ... බොහෝම ස්තූතියි අක්කෙ කොමෙන්ටුවට

      Delete
  10. ස්තුති නැවත ආවාට ...

    පරණ විදියටම, අලුත් දේවල්.. රසට ලියන්න..

    පලි - මොනවා තිබුනත් බ්ලොග් එක අතාරින්න එපා කියල ඉල්ලනවා !!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සැමයියේ... ඒ අතෑරපු එකෙන් මම සෑහෙන්න පිටිපස්සෙන් ඉන්නේ... සෑහෙන්න කාලයක් යයි හිටපු තැනට එන්නත්... ආයෙ නම් අතඅරින්නෑ

      Delete
  11. රස්සාව කියන්නේ බ්ලොග් එක අමතක කරන්න හේතුවක් නම් නෙවි මලේ..ඒක නිසා රැකියාවේ වැඩත් එක්ක බ්ලොග් එකත් කරගෙන යන්න...වෙල්කම් බැක්..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කේ... රස්සාවට කලෙත් කොම්පීතරේ දිහා රවාගෙන ඉන්න එක ඒ මදිවට පැය එකහාමාරක් තැලිලා තැලිලා පොඩිවෙලා මිරිකිලා ගෙදර ආවාම ඇස් ඇරගෙන ඉද්දි මැවිලා පේන්නෙත් ඇඳ... කාලා බීලා මලක් එහෙම කඩලා එනකොට රෑ 11 පහුවෙනවා...

      ඔපීසියෙ බැනුම් අහලා වැඩ හිරවෙලා ඉද්දි ගෙදර ඇවිල්ලත් එහෙ වැඩ කරනවා... අන්තිමේ හිටියට හිටියා මිසක් ෆිල්ම් එකක් බලන්නවත් බැරිවුනා... අසනීප වුනා... අතපසු වෙච්චි හැම ෆිල්ම් එකක්ම බලලා තමා ආයෙම ලියන්න හිතුවේ...

      වෙලාවකට පුදුම හිතෙනවා බැඳලා ලමයි ඉන්න ඈයොත් රස්සාවල් කර කර බ්ලොග් ලියන එක ගැන... නිර්මාණාත්මක බවේ අඩුවකුත් නැතිව ඒවා කරන්න පුදුම හැකියාවක් තියෙන්නේ..

      Delete
  12. ඇයි මල්ලි කාලෙකින් ලිව්වේ නැත්තේ? මම දැක්කා උනත් ඔයා ඉන්නවා මූණු පොතේ.. ඇහුවේ නැත්තේ විස්තරයක් අව්වේකී ඇති කියලා හිතලා. අපරාදේ ඔයාගේ විද්‍යා ප්‍රබන්ද කතා ආයෙත් ලියන්න පටන් ගන්න. සුබපතනවා නැවත පැමීනීමට.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කේ... ලියන්න නිදහසක් තිබ්බෙම නැති තරම් පහුගිය ටිකේ... නිදහස කියන්නේ වෙලාවම නෙමෙයි පොඩ්ඩක් නිවිහැනහිල්ලේ ලියන්න එපැයිනේ...විභාගත් පේලියට ආපු නිසා හැම දෙයක්ම සන්සුන් වෙනකන් හිටියා ආයෙම එන්න... සිරකරුව ඉක්මනින් දාලා ඉවර කරනවා වැඩිකල් යන්න කලින්

      Delete
  13. වෙල්කම් බැක් ගැමියෝ.. හැම දේම අතරේ ඔන්න ඔහේ ලියාගෙන යමු.. මේ අපිත් ඉතින් එහෙමනේ.. මොනා වුනත් අපි ඉන්නවා බං..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියන්ඩි... මොන දේ උනත් ලියන්න තමයි මගෙත් දැන් කල්පනාව.ඇත්තටම පුදුම හිතෙනවා ඕගොල්ලො කෝම ලියනවෙද කියලා වැඩ කන්දරාවන් ගොඩ ගැහෙද්දි

      Delete
  14. නියමයි මල්ලි කවිය මැක්සා..

    ආයෙම පරණ ට්‍රැක් එකට වැටුන එක අහන්න සන්තෝසයි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියෙ... දැන් නම් වැටුනේ තව සෑහෙන කාලයක් දුවන්නම තමා

      Delete
  15. ගැමියා කාලෙකින්.. මොකෝ ජොබ් එකට පයින් ගැහුවද ?

    ආයෙ ලියමුකො එහෙනම් දිගටම...

    ReplyDelete
    Replies
    1. පයින් ගැහුවමත් නෙමෙයි... ඒ වෙලාවෙ හැටියට මටයි වැඩකරපු තැනටයි දෙකටම සාධාරණ විදියකට නැවතුනා...

      බොහෝම ස්තූතියි සෙන්නා අයියෙ අනිවාර්යෙන් දිගටම ලියමු

      Delete
  16. කවුද කීවා වලකජ්ජ ගහලා කියලා මේ ඉන්නෙ !

    ReplyDelete
    Replies
    1. හෑ කවුදැයි ඒ අසමජ්ජාති කතාව කිව්වේ?? බොහෝම ස්තූතියි වෙනි අයියේ කොමෙන්ටුවට

      Delete
  17. මට මේ ඊයෙ පෙරේදත් මතක් වුනා...ගැමියා කියන එකා කෝ කියලා...මම හිතුවෙ අධ්‍යාපන කටයුතු වලට හිර වෙලා කියලා...මක්කද උනේ..බූට් එකක්වත් කෑවද ?

    ReplyDelete
    Replies
    1. හපොයි බූට් එකක් නම් කෑවේ නෑ... හිතේ තිබ්බ අදහස් ටිකක් බූට් එකක නියාවෙන් එලියට දාපු එක කලේ...

      රස්සාවට හිර වෙලා අධ්‍යාපන කටයුතු වලින් ඈත් වුනත් අන්තිම මොහොතේ විභාගෙට සති දෙකකට කලින් රස්සාවෙන් අයින් වෙලා විභාගෙ සාර්ථකව ගොඩ දාගත්තා... දැන් ටිකක් තත්වය යහපත්.

      බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට...

      Delete
  18. කාලෙකට පස්සේ....දිගටම ලියන්න...

    ReplyDelete
  19. සතුටුයි ගැමියව ආපහු දැක්කම. රස්සාවෙන් අස් උනා කිව්වා? ඒ මොකෝ?

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න දේවල් ටිකක් වුනා ඉතින් තීරණයක් ගන්න වුනා... මූලිකම හේතුව වුනේ හෙන ගානක් වියදම් කරලා සෑහෙන කාලයක් තිස්සෙ ලියන්න හිටිය විභාගයක් ලියන්න තිබුණු එක.රස්සාව නිසා ඒක අතෑරලා තිබ්බෙ අන්තිමේ ඉතින් රස්සාවෙන් අයින් වෙලා සති දෙකක් ඇතුලත විභාගෙට ලෑස්ති වුනා... සාර්ථකව ඒක ගොඩදාගත්තා...

      දැන් පොඩි වැඩක් පටන් අරගෙන සාර්ථකත්වය හඹාගෙන යනවා ඒත් ඒක අමාරු වැඩක්... වැඩේ සාර්ථක අසාර්ථකභාවය බලලා කියන්නම් ඈ කට්ටියටම...

      බොහෝම ස්තූතියි අක්කේ සෑහෙන්න වැඩ රාජකාරි මැද්දෙ කොමෙන්ටුවක් දැම්මට

      Delete
  20. මාත් මේ කල්පනා කලා පහු ගිය ටිකේම වැදුනේ කොතනද වැරදුවාද මට කියලා. බලං ගිහාම නෑ බොල. වෙච්ච දේවල් ටික මල්ලකට දාලා බොඩ් ලෑල්ලක මට වැරදුනා කියලා ලියලා ඒක මල්ලේ එල්ලලා විතරයි තිබිලා තියෙන්නේ. වැරදිලා නෙවයි.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මල්ලේ බෝඩ් එක හයි කරගත්තෙත් අපි ගලවගන්නත් ඕනෙ අපි කියන එක නේද බං... හ්ම් හ්ම් ඇත්ත කතාවක් තමයි ඉතින්.

      වරදින්නෙ නැති මනුස්සයෙක් නෑනේ බං අඩු ගානේ වැරදුනා කියලා තේරුම් ගන්න පුළුවන්නම් ඒකත් ලොකු දෙයක්.වැඩේ තියෙන්නේ අන්තිම මොහොතේ වැඩේ නැති බංගස්ථාන වුනාමනේ වැඩේ වැරදුනා කියලා තේරුම් යන්නේ....

      බොහෝම ස්තූතියි තරුවො කොමෙන්ටුවට

      Delete