Sunday, May 1, 2016

අපි රොකට් යවපු හැටි



2001 වසරයි. මා වන විට සිටියේ 5 ශ්රේණියේ B පන්ති කාමරයේයි. එය තට්ටු 3ක් වූ බිල්ඩිමක ඉහළම තට්ටුවේ වූ පන්ති කාමරයයි. එම තට්ටුවේ තවත් පන්ති කාමර 3ක් තිබුනද අපේ පන්තියේ තරම් කෑ ගැහිල්ලක් ඉන් එකකවත් නොතිබුණි. එයටද හේතුවක් තිබුණි. 5 A පන්තිය මොරමුදලී සර්ගේය. 5 C පන්තිය පෙරේරා සර්ගේය. පොඩ්ඩ එහා මෙහා වුනොතින් දෙන්නගෙන් හොද කෑමක් අනිවාර්ය නිසා පන්තිවල එවුන් ලේසියෙන් පන්තියේ විගඩම් නොකරති. හැම අඩුපාඩුවක්ම පිරවූයේ අපේ පන්තියයි. පන්තිය භාරව සිටියේ අපේ පන්තියේ එකෙක්ගේම මෑණියයි. Rivisara ඔව් උඹත් හිටියේ අපේ පන්තියෙම තමයි. උඹ නිසා මං අම්බානක ගුටිකාලත් තියේ .

ඉතින් මේ කියන්නට යන සිද්ධිය මතක් වුනේ එක්තරා ෆිල්මක් බැලුවාට පස්සේ ගැන අන්තිමට කියන්නම්. කාලේ මට මතක හැටියට තුන් දෙනා තුන් දෙනා තමා හිටියෙ එක පේලියක. මගෙ පේලියෙ හිටියේ Shohan සහ Pasan. අපි ඉතින් පොඩ්ඩ වෙලාවක් හම්බුනු හැටියේ ක්ලිප් ගේම් මැරුවා ඉස්සර. නොතේරුම් කාලෙනේ කාලේ කිව්වේ විලි ගහනවා කියලා. හැබැයි උසස් පෙළ කාලේ ඒක අපි මාරු කරගෙන හිටියා ක්ලිප් ගහනවා කියලා.

ඔන්න ඔය කාලේ අපි පුරුදුවෙලා හිටියා රොකට් හදලා වැඩිම දුර යවන්න පුළුවන් කාටද කියලා බලන්න. හැබැයි පොඩි අවුලක් තිබ්බා. ඒක තමා ජනෙල් වල තිබුණු කොටු කොටු දැල්. ඔය කොටුවක් ඇතුලින් යන්න පුළුවන් වෙන්නත් ඕනේ පල්ලෙහා තිබ්බ උළු හෙවිල්ලපු පන්ති කාමර පේලියේ වහල පහු කරලා රොකට් යන්නත් ඕනා. උගන්නන්න කවුරු හරි නාවොතින් එහෙම කොල්ලොන්ගෙ වැඩේ ඉතින් තියෙන පොත්වල පිටු පිස්සුවෙන් වගේ ඉරලා එක එක හැඩේ රොකට් හදලා එලියට විදින එක.

මට මතකයි අපි එව්වාගේ පාට පාට පෑන් වලින් හැඩ වැඩ දාලා එලියට ගහපු හැටි. කාලේ අපි එකෙක්ටවත් අර කිව්ව උළු වහලේ පහු කරලා රොකට් ගහන්න බැරි වුනා. ඔය අල්ල පනල්ලෙ තමා පන්තියට තාක්ෂණය හදුන්වලා දුන්නේ අපේ එකෙක්. වැඩේ කියන්නේ මේ සෙල්ලමට එන්ටර් නෑ. හැබැයි අර විදියට කරපන් මේ විදියට කරපන් කියලා කියනවා හැම වෙලේම. හිටියෙ මට ඉස්සරහින්. උගෙ නම Danusha Rajapaksa අද කාලේ නම් අපි ඌව හදුන්වන්නේ සරිගමයා කියලා.

මූ කියාපි දවසක් මෙහෙම (හරියටම මතක නෑ) "අපේ අයියා හදනවා මචං රොකට් එකක් මේ හරියෙන් විද්දාම ඒක නතර වෙන්නේ අන්න අර හරියෙන්." එහෙම කියලා මූ පෙන්නනවා ඈත තියෙන අඹ ගහක්ද කොස් ගහක්ද මන්දා (මට හරියට මතක නෑ හැබැයි මාපිටිය මිස් උගන්නපු පන්ති කාමරේ තිබ්බේ කෙලවරේ) හෙනනනන දුරක් ඒක. හැබැයි කවුරුත් ඕක ඇහුවේ නෑ. මොකෝ වෙන්න බෑනේ. ගනන් ගත්තෙවත් නෑ. ඒත් ඉතින් කියවන එක අතාරින්නෙත් නෑ. මටමයි කියන්නේ. බැරිම තැන මම කිව්වා කරලා පෙන්නපංකො කියලා. ඊට පස්සේ මූ කියාපි මම අයියගෙන් අහගෙන එන්නං කියලා. පහුවදා මාත් බලාගෙන හිටියා මූ තාක්ෂණේ දායාද කරනකන්.

පහුවදාත් වෙනදා වගේ කට්ටිය තරගෙට රොකට් යවද්දි අරූ ඇවිල්ලා රොකට් එක හදලා තටු එහෙම තවත් හීනියට නවාගෙන නවාගෙන යනවා. පොඩි එව්වොනෙ අපි ඉතින් මූට කින්ඩිය දදා හිටියා ඔහොම නැව්වාම යන්නෑ කියලා අපි දන්න නිසා. මේං මූ ඊට පස්සෙ රබර් පටියක් අරගෙන අර රොකට් එකේ යටින් කොක්කක් වගේ වෙන්න ඉරලා රබර් බුලට් එකක් විදිනවා වගේ විදපි රොකට් එක එලියට.... ඒක ගියා යෑමක් බොලේ හිටපු ඔක්කොම ෆුල් අන්දොස්. කට්ටියගෙම ඔළුවේ උඩින් බල්බ් එකක් පත්තුවෙන්න ඇති මොකෝ මටත් එහෙම වුනා. මූට බටර් ගගා ඔය තාක්ෂනේ ඉගෙන ගත්තා. දැන් ඕනේ රබර් පටි. පහුවදා පන්තියේ රබර් පට් සේල් දාන්න තරම් තියෙනවා. එකා එකා රොකට් හදලා විදිනවා හිටු කියලා. හරියට හමුදාව කොටින්ට රොකට් ලෝන්චර් ගහනවා වගේ. එකක් පස්සේ එකක්. අපේ හිටියා ප්‍ර‍වීන් කියලා ඩෑල් එකක්. මිනිහා මොක කරත් කරන්නේ හෙන හිමීට හැබැයි කොලිටියට. මේකා මේකගේ නම ලියලා කොල පාටින් පාට කරලා හැමෝටම පෙන්නලා තමා යැව්වේ. මගේ පිටු 80 පොතක් ගෙදර එනකොට තිබුනේ ලියපු කොල ටික විතරයි. අනිත්වා ඔක්කොම රොකට් වෙලා.

ඕන් එදා දවසත් ඉවර වෙලා පහුවදා අපි ඉස්කෝලෙ ගියා. උදේ පන්සිල් එහෙම ගත්තට පස්සේ ආවා අපේ පන්තිභාර මිස්. ඇවිල්ලා බැනගෙන බැනගෙන ගියා පල්ලෙහා මිදුල වැහෙන්න රොකට් හදලා යවලය, තමුසෙලාව ඉස්කෝලෙ එවන්නේ කොල නාස්ති කරලා රොකට් යවන්නද අරකද මේකද හම්මේ. ඔහොම බැනලා බැනලා අහපි කෝ මේ පන්තියේ ශීෂ්‍ය නායකයා කියලා. කෙලාපි නේ. මම තමා ඒකා... මාව ඉස්සරහට ගෙන්නලා අහපි කවුද රොකට් යැව්වේ තමුසේ ඇයි මට නොකීවේ මම බැජ් එක ගලවනවා කියලා එහෙම සෑහෙන තර්ජනය කලා. මම දන්නෑ වගේ ඉද්දි එහා පැත්තේ හිටිය කෙල්ලෙක් කිව්වනේ මිස් මෙයත් රොකට් යැව්වා මිස් කියලා.. අම්මපා වෙලාවෙ මරාගෙන කන්න තරම් කේන්තියි. මට කියපු එකී මතක නෑ වෙලාවට. Devindi Rajapaksha (චාරු) උඹ නෙමෙයි නේ :P උඹත් ශිෂ්‍ය නායිකාවක් කලේ මගෙ මතකෙ හරි නම්.

කෝමහරි වැඩේ කලේ අපියි කියලා මාට්ටු වෙලා තිබ්බේ අර යකා පාට කරලා යවපු රොකට් එකේ 5B කියලා ගහලා තිබ්බ නිසා කියලා පස්සෙ ආරංචි වුනා. පන්තියෙ නම ගහනවනං උගෙ නමත් ගහලා යවපියකො. අන්තිමේදි මට තමා සේරම දඩුවම්. එදා උදේ ඉදන් ඉන්ටවල් එක වෙනකං කොල්ලා දනගහගෙන හිටියේ පන්තියෙ ලාවට කදුළු සල සල. සැලුවෙත් වෙන එහෙකට නෙමෙයි පන්තියෙ හිටපු මරිසි ඩයල් එකක් වෙච්චි පෝරගේ (රිද්ම පෝරගේ වගේ මතක) ඕකා සිරසෙ නිව්ස් රිපෝටර් කෙනෙක් වගේ වැලමිට නවාගෙන අත කරකෝන ගමන් අම්බානක කින්ඩි දාපු නිසා. උගෙ හොම්බට හැටක් අනින්න තිබ්බ උවමනාවටයි තිබ්බ තරහටයි, පන්තියෙ හිනා හූ හඩ මැද්දෙ කෝමහරි ඉන්ටවල් එක වෙනකන් කොල්ලා පන්තිය ඉස්සරහා දණ ගහගෙන.

මේ වගේ මතක ගොන්නක් තියෙනවා අප්පා. සුන්දර සුමිහිරි මතක. මට උඹලැයි නම් බාගෙට බාගයක් මතකයි. එදාට පස්සෙ එක දවසක්වත් හම්බුවෙලා නැතත්.
මේක මතක් වුනේ අද බලාපු ෆිල්ම් එකක් නිසා. Paper Planes (film). කාලේ අපිට අත දීලා මේ ඉස්කෝලෙ වගේ අපිව උනන්දු කලා නම් අපිත් ලෝක ශූරයො මචංලා. නැද්ද මං අහන්නේ...


එදා අපිට කඩදාසි රොකට් තාක්ෂනේ දීපු Danusha පස්සේ කාලෙක හුලං ගහලා රොකට් යවන හැටි ගැන විශේෂඥයෙක් වුනා අපේ ඉස්කෝලෙ තාරකා විද්‍යා සංගමයේ. අපේ රොකට් සයන්ටිස්ට් හති දදා රොකට් එකට හුලං ගහන දුර්ලභ අවස්ථාවක් තමා පල්ලෙහා තියෙන්නේ... 


10 comments:

  1. ආපහු ලියන්න අරගෙන මම වගේ. රොකට් සෙල්ලම ඉතින් කොල්ලො කාලෙ අනිවා කරන දෙයක් නෙ. ඔය ධනුශ කියන ඩෑල් එක දැන් නාස එකේ ඇතිනෙ බම්!

    ReplyDelete
    Replies
    1. ඩෑල් එක දැන් කැනඩාවේ පුරවැසියෙක්. ඔය සම්බන්ධව ඉගෙන ගන්න තමා පොර රට ගියෙ

      Delete
  2. උඹ මේක මීට කලින් කොතනක හරි ලියුවද. මට මතකයි මේක කියෙවුව වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බුකියෙ ලියලා දැම්මා මාස කීපයකට කලින්. බ්ලොග් ලියන එක නැවැත්තුවට ඒකෙ ලිව්වනේ

      Delete
  3. පස්සෙ කාලෙක රොකට් වලින් හඳටත් යන්නැති නේද?

    ReplyDelete
  4. හැක් අපි යවපු රොකට් තාමත් ඇති දෙව්රුවන් අල්විස් සර් පන්ති කරපු රෝටරියේ උඩම තට්ටුවේ රෙජිෆොර්ම් සිවිලිමේ එල්ලිලා. :D

    ReplyDelete
  5. සුන්දර මතක...
    විලි ගැහිල්ල, පෑන් ගැහිල්ල, රොකට් යැවිල්ල, තව කොච්චර තිබ්බද...
    පෑන් විල්ලක් කෙලින් හිටවලා ඒකට පෑනේ ඇතුලේ තියෙන පොඩි බටෙන් විදින සෙල්ලම කරලා නැද්ද...

    ReplyDelete
  6. අපේ A\L ක්ලාස් එකේ පිරිමි ලමයි ටික සතියට සැරයක්වත් නවත්තගන්නවා ක්ලාස් එකෙන් පස්සේ... පන්තිය ඇතුලෙ යවපු රොකට් අහුලන්න .... :)

    ReplyDelete
  7. ආ මල්ලි තාම රොකට් එකේ වෙන්න ඇති නෙහ්.

    ReplyDelete
  8. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
    sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
    kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
    Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
    1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
    melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
    dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
    saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
    kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
    penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
    dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
    minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
    buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
    Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
    sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
    Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
    berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
    hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
    seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

    ReplyDelete