Tuesday, April 26, 2016

අනන්ත ලූපය



අතපසු වූ දෑ බොහෝය. ඊටත් වඩා සිතාමතා අතපසු කරවාගත් දෑ බොහෝය.

මේසයේ කොනක වූ  ඔරලෝසුවේ තත්පර කට්ට දුවන වේගය අසාධාරණ යැයි විටක නොසිතෙනවා නොවේ. නමුත් ඒ ජීවිතයට අකමැත්තෙන් හෝ අවනත වී අවුරුදු කිහිපයකි. මේසයේ තවත් කොනක අහවර නොවූ අත් පිටපතක් සහ කියවා අවසන් නොවූ කෘතියකි. වෙනදාක නම් අත් පිටපත කෙසේ වුවත් කිසිවිටක අතරමග 
නැවැත්වූ කෘතියක් මේසය මත ඉතිරි වන්නේ නැත. ජීවිතය බොහෝ රළ මාවතක 
ගමන් කරනා හැඩකි.
 
බිත්තියේ වූ දින දර්ශනයේ විශේෂයෙන් ලකුණු කල දින කිහිපයකි. ඒ මාගේ සමීපතමයෙකුගේ විවාහ මංගලෝත්සවයක් සහ මගේ මවගේ උපන්දිනයත්ය. හිසට සෑහෙන බරකි. විවාහ මංගලෝත්සවයකට පහසුවෙන් යා නොහැක. ඒසේ යතත් 
යම් තරමක හෝ සහයෝගයක් ඇය හට ලබා දිය යුතුමය. අඩුම වශයෙන් නෝට්ටු කිහිපයක් ඔහු මාගෙන් බලාපොරොත්තු වනවා විය හැක. "ඒ සඳහා යා යුතුමද?"  
මා නැවතත් අපගේ මිතුදම පිළිබඳ කල්පනා කරන්නට විය. ඔව් එය අවශ්‍යමය. ඇය මාගේ ජීවිතයේ විශාල කොටසක් හිමි කරගෙන සිටි තැනැත්තියකි. ඈ නිසා මා ලද 
දේ බොහෝය. ඒ සමගම මාගේ සිතට පිවිසියේ මෙවන් සිතිවිල්ලකි "එහෙම හිතන්න උඹ ප්‍රමාද වැඩියි"
 
දින දර්ශනයේ ඊළඟට සඳහන් වූයේ මවගේ උපන්දිනයයි. අවුරුදු කිහිපයක සිට
 ඇගේ උපන්දිනයට සහභාගී වීමට මා උත්සහ කලද කිසිදිනක ඒ සඳහා අවශ්‍ය 
දිනයේ සහභාගි වීමට මා හට නොහැකි විය. අධික කාර්යබහුලත්වය එයට හේතු වූ නමුත් එය මාගේ අතපසුවීම සාධාරණීකරණය කරන්නක් නොවේය. මම කෙසේ 
හෝ ඇගේ උපන්දිනයට ඇයගේ එකම බලාපොරොත්තුව ඉටු කරමියි තරයේ ඉටා ගත්තෙමි. ඉබේම වාගේ මා නැවතත් මා කරමින් සිටි කාර්යයේ නිරත වන්නට විය. ජීවිතය යාන්ත්‍රික වී ඇතැයි පැවසීමට ඊටත් වඩා නිදසුන් කුමකටද?
 
යළිත් මා යාන්ත්‍රික භාවයෙන් මිදෙන්නට ඇත්තේ පැය කිහිපයක් ගතවූ පසුව විය 
යුතුය. උදේ හය පසුවී විනාඩි කිහිපයකි. සමහර විට ඔරලෝසුවට වැරදිලා විය යුතුය. දෙවෙනි වර ඔරලෝසු දෙස බලන විට එහි වේලාව දැක්වූයේ දහවල් 12 පසුවී ඇති 
බවකි. තව දින දෙකකින් ඇගේ විවාහ මංගලොත්සවයට යා යුතුය. මා නින්දට 
වැටුණේ ඒ බලාපොරොත්තුව සිතෙහි පෙරදැරි කරගෙනය.
 
මා යළි අවදිවූයේ ඔරලෝසුවේ එලාම් ශබ්දය නිසාය. එය ඉතා කෙටි නින්දක් ලෙසින් හැඟුණද ඒ වන විට මැදියම් රැයත් ඉක්මවා තිබිණි. අවාසනාවකට ශරීරයට අවැසි නින්දේ ප්‍රමාණය ඒ වන විටත් ලැබී තිබිණි. හිරු එළිය වැටෙන තුරු බොහෝම අපහසුවකින් රැය පහන් කරගත් මා උදෑසනම පිටත් වූයේ ඇගේ විවාහ උත්සවයට අවැසි ඇඳුම් ආයිත්තම් කිහිපයක් සහ මවගේ උපන්දිනයට තිළිණයක් ලබා ගැනීමේ අටියෙනි.
 
පැය කිහිපයක් ඇතුලත ඒ සියළු කර්තව්‍යයන් ඉටු කරගත් මා නැවතත් නිවස බලා 
පිටත් විය. එය පැය භාගයක පමණ ගමනක් වුවත් එතරම් වේලා ගතවූ බව මා හට නොදැණිනි. ශරීරයට අසාමාන්‍ය වෙහෙසක්ද දැනුණු හෙයින් නැවතත් මා නින්දකට පිවිසිණි. එවරත් මා අවදිවූයේ සුපුරුදු එලාම් නාදයටයි. සුපුරුදු පරිදි ඔරලෝසුවෙහි වේලාව මැදියම් රැය ඉක්මවා තිබිණි. යළිත් සුපුරුදු අයුරින් ඉතා අපහසුවෙන් රැය ගෙවන්නට සිදුවිය.
 
මා නොදැනුවත්වම ඒ අතරතුර මා නින්දකට පත්ව ඇත. සාමාන්‍යයෙන් නොවුනත් 
එසේ වීම අස්වැසිල්ලකට කරුණකි. නමුත් මෙවර යම්කිසි අස්වාභාවික යමක් සිදුවූ බවක් දැනෙන්නට වූයේ මා පුුදුමයට පත්කරවමිනි. මාගේ හිස පුරා නාඳුනන ශබ්දයන් පිරී පැවතිනි. මා මේසේ කිහිපවරක් නින්දටත් පියවි සිහියටත් පත්වන්නට ඇත. කෙසේ හෝ ඇගේ විවාහය සිහිවත්ම මා ඉතාපත් අපහසුවෙන් සයනයෙන් 
නැගී සිටින්නට උත්සහ කලද එය ව්‍යර්ත විය.
 
මාගේ මනස කෙමෙන් කෙමෙන් හොඳ අතට හැරෙන්නට වූයේ මා සිටි වටපිටාව මා 
හට වඩාත් හොඳට දැකගැනීමට අවස්ථාව සලසමිනි. මා සිටි මේසයේ කොනක 
අහවර නොවූ අත් පිටපතක් සහ කියවා අවසන් නොවූ කෘතියකි ඊට විරුද්ධ 
කොනේ වූයේ වේගයෙන් දුවන තත්පර කටු සහිත ඔරලෝසුවකි. එය දකින හැම 
වරක මා හට සිතෙන්නේ කාලය දුවන වේගය අසාධාරණ බවකි. ඒ නිසාම 
මගහැරුණු දෑ සහ සිතාමතා මගහරවාගත් දෑ බොහෝය....

ප.ලි

2013 නොවැම්බර් මස ලියූ අවසන් බ්ලොග් පෝස්ටුවෙන් පසු බ්ලොගර් වෙත 
පිවිසුණේ මීට දින කිහිපයකට පෙර දිනේෂ් අයියාගේ සමනලයා මියැද්දෙන් කෘතියේ දොරට වැඩුමට සහභාගී වීමෙන් පසුවය. අවුරුදු දෙකකුත් මාස කිහිපයකට පසු 
යමක් බ්ලොග් පිටුවෙහි පල කිරීමට උත්තේජනයක් ලැබුනේ නම් ඒ දිනේෂ් අයියා 
නිසාය. සැමයියාගේ බ්ලොග් පෝස්ටුවත් තල්ලුවක් වූ බැව් නොකියා බැරිය. අවුරුදු කීපයක මලකඩ හූරමින් ලිය මේ අවස්ථාවේ දෝෂයන් එමට තිබිය හැක. ඒ පිළිබඳ 
සමාව ඉල්ලා සිටිමි. අවස්ථාවක් ඇතොත් මා නිවැරදි කරනු මැන. 

පොටෝ උපුටා ගැනීම : https://media4.giphy.com/media/Gw6zuulR3WKlO/200_s.gif

17 comments:

  1. ගැමියෝ, හරිම සන්තෝසයි ආයේ දකින්න ලැබීම ගැන. හිතුවේ නෑ මෙහෙමවත් එයි කියලා. මොකෝ පහුගිය අවුරුදු දෙකේ කරේ? කොහොමද මන්ඩි එහෙම? එකෙක්වත් පේන්න නෑ.

    ReplyDelete
    Replies
    1. හම්මේ සයුරි අක්කේ අවුරුදු දෙකකට පස්සෙ මේ තරම් ඉක්මනින් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුනේ නෑ. සන්තෝසෙ කියලා වැඩක් නෑ.

      එක එක වැඩ කටයුතු එක්ක සෑහෙන්න හිරවෙලා ඉන්නේ තාමත්. මන්ඩියගෙත් ට්‍රේනිං එකයි එක්සෑම් එකයි එක්ක සෑහෙන්න කාර්ය බහුලයි මටවත් ඒකව අල්ලගන්න බෑ දැන් ලේසියකට... :)

      Delete
  2. අවුරුදුම තුනකින්. මම හිතුවෙ උඹ යන්නම ගියා කියලා බ්ලොග් ලෝකෙ අතෑරලා. දැන් දිගටම ‍රැඳී ඉන්නවද මොකද?

    ReplyDelete
    Replies
    1. ආ ඩුඩිතුමනි නැවත පිළිගනිමි :D හිතකින් නොවේ නේ යන්නට ගියේ. දිගටම හිමින් සැරේ ලියන්නයි කියලා ලෑස්තිය. මගඇරුනු ලිපි එහෙමත් හිමින් සැරේ කියවගෙන යනවා මේ ටිකේ

      Delete
  3. හප්පේ ඇති යංතං වසන්තය මුගේ ඔළුවට පොල්ලෙන් ගහල නැගිට්ටෝගෙන තියෙන්නෙ.
    පුලුවන් හැම වෙලාවකම ලියහං මල්ලි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් අයියෙ දැන් ලියනවා මේ පිම්මෙන් තව අවුරුද්දක් දෙකක් යනකන් ආයෙ වසන්තයා ගහනකන්

      Delete
  4. ඇත්ත අහවර නොකළ අත්පිටපතක් තියනවා නේන්නම්...ඒක ඉක්මනට ඉවර කරහන්...

    ආයේ නින්ද නොයයි කියලා හිතනවා...

    ReplyDelete
    Replies
    1. දිගටම ලියනවා කියලා හිතාගෙන තමා මේ සැරේ නම් ඇහැරුනේ. පහුගිය ටිකේ ඒ කතාව සුළු සුළු වෙනස්කම් එක්ක ලියුවා ආයෙමත්.

      Delete
  5. බ්ලොග් වසන්තයාට ජය වේවා! හම්මේ මේකේ මකුලුදලුත් බැඳිලා.. :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා තැන්කූ වේවා... තාම මේ සුද්දකරන ගමන් තව ටික කාලයක් යයි වැඩේට... ඒක නෙමේ බ්ලොග් එකක් ලියනවාද?

      Delete
  6. මට පේන්නෙ ආයෙමත් නින්ද ගිහින්ද කොහෙද !?

    ReplyDelete
    Replies
    1. කෝමා එකක් වගේ නින්ද යනවා ආයේ ඇහැරෙනවා

      Delete
  7. හෑ උඹ ඉන්නවද තාම?

    ReplyDelete
    Replies
    1. හම්මේ ඔව් සෑහෙන කාලෙකට පස්සෙ ආයෙත් එන්න හිතුනා. දිගටම ඉන්න තමයි කල්පනාව :D

      Delete
  8. හමුවීමත්, නැවත ලියන්නට පටන් ගත් බව දැන ගැනීමත් සතුටක්! :)

    ReplyDelete
    Replies
    1. එසේමැයි එසේමැයි... දැන් තමා ටික ටික මතක් වෙන්නේ. එන්නං ඈ

      Delete
  9. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
    sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
    kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
    Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
    1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
    melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
    dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
    saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
    kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
    penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
    dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
    minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
    buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
    Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
    sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
    Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
    berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
    hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
    seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

    ReplyDelete