Friday, December 16, 2011

අනතුරක් කල හදියක්-2 කොටස (වෙද ගෙදර අන්දරය)



මම මුල්ම කොටසේ කිව්වානේ මට අනතුරක් කරපු හදියක් ගැන.ඒක නොබලපු කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න‍කෝ


ඔන්න ඉතිං අම්මා මට කිව්වා වෙද ගෙදරක් ගැන ඒ ගැන අපේ අම්මට කියලා තිබුනේ අම්මට කියලා ඇදුම් මහගන්න එන බැංකුවක වැඩ කරන ඇන්ටි කෙනෙක්.ආ මට කියන්න අමතක වුනානේ අපේ තාත්තාගේ අක්කා පල්ලෙකැලේ ආයුර්වේදේ සේවය කරපු පාරම්පරික සිංහල වෛද්‍යවරියක් එයා තමයි මුලින්ම තාත්තට කියලා තිබුනේ සිංහල වෙදකමින් මේක සනීප කරගත්තෑකි මාව නුවර එවන්න කියලා.ඒත් තාත්තා කැමති වෙලා නෑනේ මාව නුවර යවන්න ඉතිං ඔහොම හොය හොය ඉද්දි තමයි මේ පොල්ගහවෙල වෙද මහත්තයා ගැන ආරංචි වුනේ.ඔන්න පහුවදාම යන්නයි ලෑස්තිය.

කොහොමහරි පැය ගානක දීර්ඝ ගමනකට පස්සේ අපි අදාල ස්ථානයට ලගා වුණා.තව දෙයක් කියන්න අමතක වුනානේ මේ ගමන එන්න කලින් දවසේ රෑ මම නිදාගත්තේ බුලත් අතක් කොට්ටේ යට තියාගෙන ඒ වෙද මහත්තයා නාඩි බලලා රෝග ලක්ෂණ හදුනගන්නේ එහෙම කරාමලු.

ඉතිං අපි උදේ 9 වෙද්දි වෙද ගෙදර හිටියේ අපිට ඇතුලට එන්න කථාකරාම මම ඒ කාලේ කරන්න අකමැතිම වැඩේ ඇවිදින එක කරන්න උනා මම ඇවිද්දේ කකුල් උස්සන්නේ නැතිව කකුල් අද්ද අද්ද වෙද මහත්තයා ඒ හැම දෙයක්ම බලාගෙන උන්නේ.අන්තිමේ වෙද මහත්තයා ඇදේ වාඩිවෙලා උන්නේ එතන ගොඩක් ගුප්ත බවක් දැනුනේ කාමරේ ඇතුලට යද්දිමයි අවුරුදු 70 විතර වයසක් පේන ඒත් ඇත්තටම අවුරුදු 96ක් වයස එක කකුලක් දිග ඇරන් ඇද උඩ තියන් ඉදිරියට නැමිලා උන්නේ මාව සනීප කරන්න හැකියි කියපු වෙද මහත්තයා.

මම වාඩි වුනාට පස්සේ මටත් වඩා ලාබාල පෙනුමක් තියෙන කොල්ලෙක් ඇවිත් මගේ පිටිපස්සෙන් වාඩිවෙලා මගේ කොදු ඇට පේලිය තද කරමින් අතගාන්න ගත්තා.වෙද මහත්තයා බුලත් කොල එකින් එක බලලා අපිට අදහගන්න අමාරු විස්තර ටිකක් කියන්න ගත්තා.

මේ ලමයා ගොඩක් කම්මැලි ලමෙක් පාඩම් වැඩක් කරන්න ගත්තොත් පොත බඩ උඩ තියාගෙන නිදි

 ආදී වශයෙන්.මම ඒක විශේෂ කරලා කිව්වේ මම පොඩි කාලේ ඉදන්ම පොතක් ඇල්ලුවොත් නිදාගන්න ජාතියේ පොරක්.නවකථාවක් හරි ගානක් හරි අහුවුනොත් විතරයි මම ඇහැරිලා හිටියේ.ඔහොම කියලා වෙද මහත්තයා මගේ නාඩි බලන්න ගත්තා ඉතිං මම පැය ගානක් හෙන කම්මැලිකමේ හිටියේ ඒ නිසා මම කට වහගෙන දිව හොල්ල හොල්ල හිටියා එක පාරටම වෙද මහත්තයා මගේ මූන දිහා බලලා අහපි

ඔහේ දිව හොල්ලනවා නේද??

මට පොල්ලකින් ගැහුවා වගේ මම ටක් ගාලා දිව මෙල්ල කරගත්තා ඒත් බොලේ මෙයැයි කොහොමද ඒක දැනගත්තේ මම ෆුල් හොල්මන්.ආයේ ටික වෙලාවකින් වෙද මහත්තයා අපේ තාත්තට කිව්වා

මෙයාගේ බඩේ මී වදයක් වගේ මොකක්ද ඉදිමිලා තියෙනවා මට ඒකනම් සනීප කරන්න බෑ හොද ඉංග්‍රීසි වෙද මහතෙක්ට කියලා ඒක සනීප කරගන්න නැත්නම් ළමයාගේ ජීවිතේ අනතුරේ කියලා.

(ඒ කථාව ඒ වෙලාවේ නොතේරුනත් වෙද ගෙදරින් ඇවිත් සතියක් යද්දි බඩේ අමාරුවකට බෙහෙත් ගන්න උනා අන්තිමේදි ඇපෙන්ඩිසයිටිස් හැදිලා අර මල්ල අයින් කරා ඒක කරාමයි තරු විසික් උනේ වෙද මහත්තයා මෙහෙම කිව්වා කියලා මතක් වෙලා)

මගේ රෝග ලක්ෂණ එකින් එක දැන් මේ වෙද මහත්තයා කියනවා අපිට හිතාගන්න බෑ.ටික වෙලාවකින් ඉංග්‍රීසි වෛද්‍යවරු සතියක් තිස්සේ පරීක්ෂණ කරලා කියපු Disk slip එක ගැනයි ස්නායු ගැනයි කිව්වාම අපේ අම්මලා පිස්සු හැදිලා හිටියේ.ඒ සේරම කියලා වෙද මහත්තයා ඇහුවා කොහොමද මගේ ඇක්ස් රේ එක හරි නේද කියලා.

මේ ලමයාගේ කොදු ඇටයක් ඇතුලට පැනලා ස්නායුවක් තුවාල කරනවා මෙච්චර කල් ඇයි බලං හිටියේ සුද්දාගේ වෙදකම කොරලා බැරි තැනද එක්කන් ආවේ.අපිට ඉතිං අහුවෙන්නෙම කොරන පදු තමයි සේරම බැරි උනාමනේ අපිව මතක් වෙන්නේ නේද

මම කිව්වා නෑ වෙද මහත්තයෝ දැනගත්ත ගමන්මයි මෙහෙට ආවේ කියලා.ඊට පස්සේ ෂෝක් හිනාවක් දාලා හොදයි මයේ පුතාලා කියලා ආයේ මාව චැක් කොරන්න ගත්තා.ඊට පස්සේ කිව්වා මේක අවුරුදු ගානක් පරණ වෙච්චි දෙයක් කොහොමද ළමයෝ ඉවසන් හිටියේ කියලා.මම කිව්වා ඉතිං අමාරුවක් ආවාම නිදාගන්න එක තමයි කරේ කියලා.හැම තිස්සේම අමාරු කියපු නිසා අම්මලා ගනන් ගත්තේත් නෑ හොර ඇග හොර ලෙඩ කියලා.

ඔහොම මාව චැක් කොරන ගමන් කියාපි කලිසම ගලවන්න කියලා.මාව රත් උනා කාමරේ දොරත් ඇරලා බෙහෙත් ගන්න ආපු අය එබි එබි බලන අස්සේ කලිසම ගලවයි මං.මං කිව්වා මට බෑ කියලා.වෙද මහත්තයා එතකොටම කියපි...

අනේ මුන්ගේ මහ ලොකු ලැජ්ජාව ගෑනු පරාණයක් කිව්වානම් මුන් කලිසම් ගලවන්නේ ඔළුවෙන් .ගලවපිය කලිසම මට තව වැඩ තියෙනවා මුගේ එක ........................................

අනේ අම්මේ මම ජීවිතේට අහගත්තු හොදම කථාව නෑ වැරදුනා බෙහෙත් ගන්න ඇවිත් හිටපු අයත් අහපු හොදම කථාව මගේ දෙසවන් වලට වැටුනා.ඒ කථාව අහං ඉන්න බැරි කමටද කොහෙද මම දාගෙන හිටපු බෙල්ට් එක ඉබේම ගැලවිලා කලිසමත් ඉබේම ගැලවුණා.(මමම තමයි ඉතිං ගලෝගත්තේ මේ කථා අහද්දි රෙදි ගැලවුණානේ ආයේ මොන ලැජ්ජාවක්ද)

ආයේ චැක් කෙරිල්ල පටන් ගත්තා

මේ ළමයා මේ කාලේ වැටුනානම් කවදාවත් ගොඩ ගන්න වෙන්නේ නෑ ආය් හෙල්ලි හෙල්ලි ගමන් යන්න හොද නෑ මෙයාව නවත්තලා යන්න

ඔන්න ඉතිං තරු විසික් වෙන්න ගත්තා අනික මාස 3ක් කියන්නේ සෙල්ලම් කාලයක්ද දෙයියනේ මම උ/පෙ කරන්නත් ඉන්නේ මාස 3ක මිස් වුනොත් අනාථයි විද්‍යා විෂයක්නේ මම කොලේ.මම නවතින්න බෑමයි කිව්වා.පස්සේ අර අයියා කිව්වා ....

මල්ලියේ උඹ රෝද පුටුවෙන් මෙහෙට එන්න එපා යන්න ඔනේම නම් යන්න මුරණ්ඩුකම අඩු කරගන්න කියලා.

මම ඉතිං මේවත් අහගෙන ඉදලා ගෙදර ආවා මම එනකන් බැනුම් ඇහුවා තාත්තගෙනුයි අම්මාගෙනුයි මුරණ්ඩුකම වැඩියි කියලා.පස්සේ ඉතිං ඕන දෙයක් වෙද්දෙන් කියලා පහුවදාම ගියා නවතින්න ලෑස්තිවෙලා



මම ගියා විතරයි වෙද මහත්තයා අර අයියාට කියපි පකෂියෙක් රජ වෙන වෙලාවක් බලන්න කියලා එවෙලේ උදේ 10.10 පෙබරවාරි 27 වනිදා.ඊට පස්සේ මාව ඇදකට නග්ගලා තෙල් ගාන්න ගත්තා තෙල් ගෑවා නෙමෙයි මිරිස් ගලක් තියලා මිරිස් අඹරනවා වගේ දැනුනේ පැය බාගයක් විතර.මගේ හොද පණ ගියා.ටිකක් හිතන්නකෝ 4 දෙනෙක් මුළු ඇග පුරාම මිරිස් අඹරනවා වගේ අතුල්ලද්දි තියෙන සතුට.
මමත් ඉතිං කට පියන් ඉන්න බැරිකමට ඇහුවා මේක දවසට කී සැරයක් කරනවද කියලා.එතකොට අර අයියා කියපි

(මොකක්දෝ එකකට ගැටයක් දාන කථාවක් කිව්වේ ඒ කියපුවා ඕනේ නෑ)

මම ඉතිං කට අත්දෙකෙන්ම තද කරගත්තා අයේ ප්‍රශ්න නොඅසමි කියලා හිතලා.ඊට පස්සේ තවත් ලෝක ප්‍රශ්නයක් ඒ අයියා මට සරමක් දුන්නා ඇදගෙන කාමරෙන් එලියට යන්න කියලා.උපන්තේකට මට එහෙම වින්නැහියක් වෙලා නෑ.

මම ජීවිතේට සරමක් ඇදලා නෑ මම ඉතිං සරමට බැහැලා ගැට ගහන්න ක්‍රමයක් හොයනවා මීටර් වෙන්නේම නෑ.පස්සේ බැරිම තැන සරම යන්තන් ඉන වටේ ඔතාගෙන පල්ලේහාට පල්ලේහාට රෝල් කරා.දැන් හරි මට ෂුවර් දැන් ඉතිං සරමේ එල්ලුනත් කඩන් වැටෙන්නේ නෑ කියලා.මම කාමරෙන් එළියට ආවා විතරයි මුළු වෙද ගෙදරම බඩවල් අල්ලන් හිනාවෙනවා.මට මාර නෝන්ඩිය ඒ මදිවට තරහයි ඇයි යකෝ හිනා නොවී සරමක් අදින්න කියලා දුන්නනම් මක් වෙනවද.(ඔන්න දන්නැති අය ඉන්නවනම් මේක බලන් ඉගෙනගන්න.මේක ගත්තේ
මෙතනින්.තව විස්තර එතනිනන් ගන්නකෝ)

පස්සේ ඉතිං අපරාදේ කියන්න ඕනේ නෑ බණ්ඩේ මාමා ඇවිල්ලා මට සරම අදින්න කියලා දුන්නා බණ්ඩේ මමා කියන්නේ වෙද ගෙදර තෙල් හින්දන්න හිටපු මාමා.ඔන්න ඉතින් වෙද දෙරට ආපු පළමු දවසෙම දෙයක් ඉගෙනගත්තා ඒ තමයි සරමක්  අදින විදිය.ඊට පස්සේ ඉතිං මුළු ඇගේම තෙල් තියෙද්දි ඇදට රෙද්දක් දාලා දිගාවෙලා හිටියා එතකොට තමයි මට මතක් වුනේ මෙච්චර කාලයක් කකුල් අද්ද අද්ද ඇවිද්ද මම තෙල් සාත්තුවෙන් පස්සේ පරණ විදියට ඇවිදගෙන ආවා නේද කියලා.මට දැනුනු සතුට හිතාගන්නකෝ.දවල් දවස විශේෂයක් නැතිව ගෙවිලා රෑ නිදාගන්න වෙලාව ආවාම මම මෙහෙම දෙයක් හයියෙන් මටම කියාත්තා

හරි දවසක් ඉවරයි තව දවස් 89යි ඉතුරු

ඔන්න ඕක අහන් හිටපු මට එහා පැත්තේ ඇදේ හිටපු අයියා ටික වෙලාවකින් මාත් එක්ක කථාවට වැටුනා.මල්ලි ඔහොම හිත හිත ඉන්න ගියොත් මෙහෙ ඉන්න එක එපා වෙනවා මාත් මුලින් හිටියේ ඔහොමයි ඒත් ඒ හැගීම අත් ඇරලා ගෙදර වගේ ඉන්න එතකොට මේ කාලේ නොදැනුවත්ව ගෙවෙනවා කියලා.ඇත්තටම ඒ උපදෙස හරිගියා ඒත් ඒ අයියාට අවාසනාවන්ත ඉරණමක් අත් වුණා.මම ඒ ගැන ඉදිරියෙදි කියන්න බලන්නම්කෝ ඒ අයියාට අපි කිව්වේ හලාවත අයියා කියලා.ඒ එයාගේ ගම හලාවත නිසා.එයාගේ අසනීපේ දැක්කාම තමයි මට හිතුනේ මට මේ තියෙන්න අසනීපයක්ද කියලත්.

ඔන්න ඔහොමයි වෙද ගෙදරක මුල්ම දවස ගෙවුනේ මේක ටිකක් කම්මැලි කථාවක් ඒත් අනික් කථා වලට ප්‍රවේශයක් ගන්න මේ කථාවත් කියන්න ඕනේ කියලා හිතුනා.ඉදිරි කථා මේ තරම් නීරස වෙන එකක් නෑ ඒ නිසා රැදී ඉන්නකෝ

20 comments:

  1. @වෙද ගෙදර මහ වෙදනානෙනි,

    ඔබතුමා පත් ඉරුවට ගොඩ වැදුණ එක කොයිතරම් දෙයක්ද.බොහෝම ස්තූතියි.

    ReplyDelete
  2. මල්ලි කතාව නැගලා යනවා වගේ .... ඔහොම යං...

    ReplyDelete
  3. @Harshana අයියේ,

    මේක ලියන්න ගත්ත වෙලේ ඉදන් මට ලියලා ඉවර කරනකන් සිහියක් නෑ.හැම තිස්සෙම කල්පනා වෙන්නේ ඊළගට ලියන්නේ මොකක්ද කියන එක.ඔයාලා මේක බලන්න බලන්න මගේ ලියන වේගෙත් වැඩි වෙනවා

    ReplyDelete
  4. හෙළ වෙදකම ඉගෙන ගන්න ඇත්නම් කොච්චර හොඳද...
    මට මේ වෙද මහත්තය ශිල්පය අනාගතේට රැකලද තියන්නෙ?

    ReplyDelete
  5. @Gordonia ceylanica,

    මම හිතන්නේ ඔව්.වෙද මහත්තයා එයගේ මුණුපුරාට උගන්නනවා.(දුවගේ පුතාට)

    ReplyDelete
  6. මල්ලි මං කතා දෙකම කියෙවුව.උඹ මල්ලි මාරකයක් පැනල තියෙන්නේ.මොකක්ද හලාවත අය්යට වුනේ

    ReplyDelete
  7. meka neerasa naha malli digatama liyanna , mallita dan hodada? mama pannado manda

    ReplyDelete
  8. @අසරණයා අයියේ,

    හලාවත අයියාගේ කොදු ඇට පේළිය දෙකට කැඩිලා එක උඩ එක ගිහින් තිබුණේ එහෙම හිටියා කිව්වාමත් පුදුමයි.වෙද මහත්තයා එක්ක බහින් බස් වීමක් නිසා එයාව පිටමං කරා.වෙන කවුරුත් එයාට ප්‍රතිකාර කරන්න බාරගෙන තිබ්බේ නෑ.එයා ගැන ඊළගට ලියන්නම්කෝ.ස්තූතියි ඈ..

    @sapare අයියේ,

    ඔයාලා කියවන එක මට ලොකු හයියක් මගේ කථාවත් අහන්න කට්ටිය ඉන්නවා කියලා දැනෙද්දි මාර සතුටුයි.මම දිගටම ලියන්නම්.බොහෝම ස්තූතියි මේ පැත්කේ ආවට

    ReplyDelete
  9. අම්මෝ ඇත්තටම ඒක නම් මාරකයක්ද කොහෙද... ඔන්න මං ඔක්කොටම කමෙන්ට් කරා... දිගටම ඇවිත් යන්න එන්නම්කෝ.. :)))

    ReplyDelete
  10. @Ice (අයේෂා කුලතුංග) අක්කේ,

    කියලා වැඩක් නෑ අක්කේ එපා වෙලා හිටියේ හැබැයි මේ නිසා ජීවිතේට යහපතකුත් වුනා.එහෙම නොවුනා නම් බ්ලොග් එකකුත් නෑ මොකද නෑදැයෝ යාළු මිත්‍රයෝ සෑහෙන්න උදව් කරා මට ලැප්ටොප් එකකුයි ඩොන්ගල් එකකුයි හම්බුනෙත් මේ නිසා.සමහරවිට මගේ හිත හදන්න තමයි ඒ දේවල් කරන්න ඇත්තේ ඇත්තටම ඒ නිසා මාව ගොඩක් ශකතිමත් වුනා.

    හැමදේම වෙන්නේ හොදටනේ කියලා හිතන්න පුරුදු වුනෙත් මේ නිසා

    ReplyDelete
  11. ඔයාටත් මාර සීනිකෝන් නෙ වෙන්නෙ මල්ලී....අපේ පැත්තෙත් තියනවා ගුරුකුලයක් සිංහල වෙදකම උගන්වන..මාත් දිගටම එනවා..

    ReplyDelete
  12. මේ පැත්තට ආවෙනම් අද..වෙද ගෙදර ලොකූ කතාවක මූලාරභයක් වගේ..හැමදාම ඇවිත් යන්න එන්නම්කෝ..ඒත් මේ කතාවෙ අගනම් මට දැන්මම දැනගන්න ඕනා..ඔයාට ඉතින් ඔයාගෙ අසනීප තත්වය දැන් හොදටම හොඳයිද..?

    ReplyDelete
  13. @shani අක්කේ,

    එන්න එන්න ඔයාලා එන නිසා තමයි මම ලියන්නේ මම ලියන ඒවා එක්කෙනෙක් හරි කියවනවා කියලා දැනෙනකොට සතුටුයිනේ නේ දන්නවානේ.බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

    @සිත්රූ සිහින අක්කේ,

    වෙද ගෙදර ජීවිතේ ගැන කියන්න දේ බොහෝම තියෙනවා ඉඩ කඩ ලැබෙන ඇසිල්ලේ ඒ හැම දෙයක්ම ලියන්නයි බලාපොරොත්තුව.බොහෝම ස්තූතියි මේ පැත්තේ ගොඩවුනාට....

    අසනීප තත්වේ සාමාන්‍ය මට්ටමකට පවතිනවා.ඒ ගැනත් ලොකු කථාවක් තියෙනවා ලියන්න.ඉදිරියේදි බලමුකෝ ඒ ගැනත් ලියන්න ඈ..

    ReplyDelete
  14. සරමක් ඇන්ද මුල්ම දවස කියනකොට නම් මට පුදුම හිතුනා... ඇයි අනේ ඔයා ගැමියානෙ...හික්ස්....
    මට නම් පුදුම හිතුනා ඒ වෙදනා බුලත් කොළෙන් ඔයා ගැන විස්තර කිව්ව කියනකොට... එයා තවම ජීවතුන් අතර ඉන්නවද...? නම කියන්න පුළුවන්ද....?

    ReplyDelete
  15. @Miyuru අක්කෝ,

    ගැමියා උනාට මම සරම් අදින්න සෑහෙන්න බයයි දහම් පාසල් යන කාලේත් මම ගියේ අපේ අම්මට කියලා පටියක් ඉන වටේ ගැටගහගෙන ඇයි දෙයියනේ කඩාගෙන වැටුනොත් එහෙම ගැමි කම වගේද....

    ඒ වෙද මහත්තයා තාම ඉන්නවා ඒත් වෙද මහත්තයට අපහාසයක් වෙයි කියලා තමයි නම නොදැම්මේ.ඊයක් එවන්න පුළුවන්නම් අවශ්‍යතාවයකදි මම සේරම විස්තර දෙන්නම්
    gamiyagepathiruwa@gmail.com

    ReplyDelete
  16. මේ අත්දැකීම් තවත් හොඳින් දැනෙයි ආනගතයේදී!

    ReplyDelete
  17. ඇත්තෙන්ම ඔව් මොනදේ වුනත් මේ වගේ වෙද ගෙදරක් ආයේ හොයන්න බැරිවෙයි මොකද මේ වෙදකම් කරන්නේ සියවසකට එහා පරම්පරාවක වෙද මහත්තයෙක් නිසා....බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

    ReplyDelete
  18. මෙන්න යකෝ සරං අඳින්න දන්නෙ නැති ගැමියෙක්!!!! හරි හරි හිනාවුනා නෙවෙයි. මටත් බැහැ සරමක් ඇඳන් ඉන්න. මම මේ කතාව මුල ඉඳලා කියවගෙන යන ගමන්.
    henryblogwalker the Dude

    ReplyDelete
  19. අඩේ තැන්කූ තැන්කූ ඩුඩ් අයියේ ඔයාගේ වටිනා කාලයෙන් බිඳක් මේකට කැප කලාට...සරම කියන්නේ නම් එපාම කරපු කෝස් එකක් ඇන්දොත් බිම ඒ නිසා ඒක ඕන්නෑ කියලා හිත හදාගෙන ඉන්නේ දැන්..බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

    ReplyDelete