Monday, December 19, 2011

අනතුරක් කල හදියක්-3 කොටස (එළු ඇටයක් ඇති දණිහ)



ඔන්න තවත් කථාවක් පටන් ගන්නයි යන්නේ මගේ යාළුවෝ කීප දෙනෙක් නම් කිව්වා වෙද ගෙදර ගැනම ලියන්න එපා ඒකාකාරී ගතිය වැඩිවෙනවා කියලා තව ටික දෙනෙක අහන්න ගත්තා මම මේ වෙද ගෙදර ජනප්‍රිය කරනවද කියලත් ඇත්තටම මම කරන්නේ  මම දැකපු අත්විදපු දේවල් ලියන එක ඉතිං මට ප්‍රතිචාර එවපු හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා ඒ වගේම මගේ කථා නීරස නෑ දිගටම ලියන්න කියලා මාව ශක්තිමත් කරපු හැමෝටමත් මම ස්තූතිවන්ත වෙනවා මොකද මට ඒ වචන ලොකු හයියක්

හරි එහෙනම් මෙතෙක් වෙලා එක එක කථා කිව්වේ මට වෙච්චි දේවල් ගැනනේ ඉතිං මං මේ ලියන්න යන්නේ මම අහපු පුදුම හිතෙන දෙයක් ගැන ඒත් ඉතිං වෙද ගෙදරදි තමයි.

අපිට වෙදකම් කරපු වෙද මහත්තයාට අවුරුදු 96ක් වයසයි මට එහේ ගියපු දවසේ ඉදන් ආසාවක් තිබුණා මේ අවුරුදු 96ට වෙද මහත්තයා කියපු කරපු දේවල් දැනගන්න ආයේ ඒ කාලේ වෙච්චි එව්වා කාගෙන් දැනගන්නද.හැබැයි ඉතිං වෙද මහත්තයාව කථා කරවන්න ටිකක් අමාරුයි කථා කෙරෙව්වත් කියන්න යන කථාව නෙමෙයි කියලා ඉවරකරන්නේ.වෙද මහත්තයා ලෙඩ්ඩුන්ව පරික්ෂා කරන්න බොහෝම අපූරු ක්‍රමයක් භාවිතා කලා ඒ තමයි ලෙඩාට කියලා පිට කසාගන්න එක හරි කකුල තවාගන්න එක හරි.ඒ වෙලාවෙදි තමයි එයා ලෙඩාගේ ගුණ අගුණ දැනගන්නවා කියන්නේ(අනේ මගේ කට).උදේ දවල් රෑ කෑමට පස්සේ අපි එක එක්කෙනාට මාරුවෙන් මාරුවට මේක කරන්න වෙනවා.වැඩේ කියන්නේ මගේ අත ගොරෝසු නිසා මට අතිරික්ත කාලයක් වැඩ කරන්න වුණා.

වෙලාවකට මේක හෙනම එපා කරපු වැඩක්(මට නම් එපාම වෙලා හිටියේ).කොහොමහරි දවසක් වෙද මහත්තයාගේ කකුල තවන්න වුණා මට ප්‍රථම වරට.ඉතිං මං ඒ වැඩේ පටන් ගත්තා හැබැයි මට අමුත්තක් තේරුණා ඒ තමයි එයාට ඒ කකුල චුට්ටක්වත් දණිස්සෙන් නමන්න බෑ.හරියට නිකන් බොරු කකුලක් හයිකරලා වගේ ඉතිං මං ඇහුවා මොකද මේ කියලා.ම්හු ඇහුවට කියන්නේම නෑ.මට සහයෝගය දෙන්න බැංකු අයියයි රත්නපුර මාමයි හලාවත අයියයිත් ආවා.වෙද මහත්තයට පෙරැත්ත කරලා කරලා එයාව මුරුංගා අත්තේ මුදුනින්ම තියලා බටරුත් චුට්ටක් ගාන්න ගත්තාම වෙද මහත්තයාත් දොඩමළු වෙලා කථාව කියන්න ගත්තා යන්තම්.

මේක වෙද්දි මට වයස 12ක් 14ක් විතර වෙන්නැති මයේ හිතේ.එතකොටත් මම අපේ තාත්තාගේ නැටුම් පොලේ හොද නැට්ටුවෙක් ඕනෙම ගහකට ගලකට නගිනවා ඒ කාලේ නොකරපු වැඩක් නෑ

ආ..... වෙද මහත්තයාට එහෙනම් කෙල්ලොත් යාළුවෙලා ඉන්නැති නේද

වැඩේ කෑවා.... බැංකු අයියා ඇවිත් කථාව අහන්න ආවනම් කමක්නෑ.ඇවිල්ලා අතාරින්න තියෙන හොදම ප්‍රශ්නේ අතෑරියේ

ඊට පස්සේ  ඉතිං අපි කට්ටිය හොදට අහගත්තා

බොලාට කෙල්ලෙක් දැක්කත් නෙමෙයි කෙල්ලෙක් කියලා ඇහුවත් ඇති අනේ මන්දන්නෑ බොලව් ඒ කාලේ අපි ඕකුන් පස්සේ ගියේ නෑ දැන් ඒකට කොයිවෙලෙත් අර මගුල් පොල්ලෙල්ලක් කනේ ගහගෙන හලෝ ඔයා කෑවාද ආ වතුර බිව්වාද......ටීක් ටීක්

එහෙ ඉන්නකන් එහෙමයි හොදට කුණුහරුප ඉගෙනගත්තා අපරාදෙ කියන්න ඕනේ නෑ පොඩි වෙද මහත්තයාත් ඊට දෙවැනි නෑ.වෙද මහත්තයා කියන නොතේරෙන කුණුහරුප පැහැදිලි කරේ එයා.

ඒ වගේ වෙලාවකට අපේ පිහිටට හිටියේ රත්නපුර මාමා එයා මැණික් මුදලාලි කෙනෙක් එයාට වයස 65ක් 70ක් විතර ඇති

දැන් කාලේ ඉස්සර වාගේ නෙමෙයිනේ මහත්තයා දැන් තාක්ෂණේ දියුණුයිනේ ළමයි ඉතිං ඕවා කොරනවා

අනේ මුංගේ තාක්ෂණේ ඕවා නිසා මුංගේ ඇගේ කිරණ වෙනස්වෙලා තියෙන්නේ මුංට ඕනෙම ලෙඩක් ලේසියෙන් හැදෙනවා මම දැන් එක්ස්පයොර් වෙලානේ අපි කියන එව්වා අහන්න බෑ මුංගේ කොදු හදාගන්න විතරයි අපිව ඕනේ

මේ කිරණ කථාව ඇත්තක්ද කියලා මට නම් ෂුවර් නෑ හැබැයි මේක එයා හැමවෙලේම කියපු දෙයක්.ඊට පස්සේ ඉතිං දහසක් දේ කියවලා ආයේ වෙද මහත්තයාව ට්‍රැක් එකට ඇදලා ගත්තා.

මම ඒ කාලේ නොකරන දෙයක්  නෑ.දවසක් මම කොස් ගහකට නැග්ගා කොස් ගෙඩියක් කඩන්න මුදුකටම යද්දි පය ලිස්සලා පතබෑවෙච්චි ගහ මුලම.මුළු කකුළම පරඩැලක් වුණා අපුච්චා මේක දැකලා දුවගෙන ආවා අනේ මගේ කොල්ලා කියාගෙන.දැන් කකුල ගන්න දෙයක් නෑ අපුච්චා ඉක්මනට එකෙක්ට කොරහක් ගෙ‍ෙනල්ලා කියලා  නිල අල්ලන ගමන් කකුලට මතුරන්න ගත්තා.ඒ ගමන් එකෙක්ට කිව්වා එළුවෙක්ගේ කකුලක් කපන් එන්න කියලා.අපේ අපුච්චා ඒ කාලේ කෝරාලේ මහතැන් කෙනෙක් ඒ වචනෙට කවුරුත් බයයි කියන පරක්කුවෙන් ඕනේම දෙයක් කරනවා එයාට ඉස්සර මිනිස්සු කිව්වේ කෝටුවේ මහත්තයා කියලා අපේ අපුච්චා අත නිතර දෙවේලේ කෝටුවක් තිබුණා වැරැද්දක් කරලා අහවුනොත් අපිටද පිට එවුන්ටද කියලා නෑ පතබානවා.

වෙද මහත්තයාට රිදුනේ නැද්ද ?? ලේ එහෙම ගියෙ නැද්ද ??”
                           
මේ මොනවා අහනවද ඒ කාලේ මේ වගේ නෙමෙයි වෙදකමින් මරණාසන්න ලෙඩ්ඩු හිටන් ගොඩදානවා මේක සුළු වැඩක්.නිල වෙදකම බොහෝම බලගතු වෙදකමක්.ඇගේ ඕනෙ තැන විතරක් හිරිවට්ටලා වෙදකම් කරන්නේ.මම බලා ඉද්දි මගේ දණිහට උඩහින් කකුල දෙපැත්තේ කැපුම් දෙකයි දනියට පහලින් කැපුම් දෙකයි දාලා කකුල ඇරියා ඕං.මේ තියෙන්නේ ඒවා

ඒවා දැක්කාම ඇත්තටම අපිට පුදුම හිතුනා ඒ කැපුම් සාමාන්‍ය ඉංග්‍රීසි වෙදකමේ කැපුම් එහෙම නෙමෙයි සෑහෙන්න ගැඹුරට හෑරුණු කැපුමක් ඒත් ඒ කැපුම් මහපු බවක් පේන්න තිබුණේ නෑ.මේ කථාව විස්වාස නොකරන්න තවත් හේතු නෑ.මට ඒ දුර්ලභ සිද්ධිය ඡායාරූප ගතකරන්න බැරිවුනු එක ගැන තාමත් තියෙන්නේ දුකක්.

මගේ කකුල ඇරලා අපේ අපුච්චා කැඩිච්ච ඇට අර කොරහට එකතු කරා  මගේ දණිහක් ඉතුරු වෙලා නෑ ටික වෙලාවක් යද්දි කැඩිච්ච ඇට කෑලි සේරම අරන් දාලා ඉවරයි ඒත් එක්කම වගේ එළුවගේ කකුල කපන්න යවපු එකාත් ආවා ඒක අතට ගත්තාම අපේ අපුච්චාගේ ඇස්වලින් කදුළු ගලන්න ගත්තා මගේ ඔළුව අතගාලා කිව්වා මට සමාවෙයන් පුතේ මේක උඹේ කරුමේ කියලා මට ඒ වෙලාවේ මුකුත් තේරුණේ නෑ.අර එළුවගේ කකුළ ඉන් පස්සේ හම ගහලා මගේ ඉතුරු ඇට කෑලි දෙකට තියලා මතුර මතුර බෙහෙත් බදින්න ගත්තා.ඔක්කෝම කරලා මගේ කකුල කෙලින් තියලා පතුරු එහෙම කාරිය ගහලා මට කිව්වා

පුතේ එළු කකුල කපන් අරන් තියෙන්නේ බාගෙට මම උඹේ කකුල හැදුවා ඒත් උඹට කවදාවත් කකුල නමන්න බැරිවෙයිකියලා.

ඇයි වෙද මහත්තයෝ ආයේ කකුලක් කපන් ඇවිත් පෑස්සුවෙ නැත්තේ

ඒ සාස්තරේ හැටියට මතුරලා ස්වල්ප වෙලාවයි ඇට පාස්සන්න පුළුවන් වෙන්නේ අනික හැම එළුවෙක්ගේ ඇටයක්ම මේකට හරියන්නේ නෑ එහෙමත් ජාතියක් තමයි මිනිස් ඇටකට්ට එක්ක හා වෙන්නේ.හා වුනාට පස්සේ එළු ඇටේ දණිහක් තරම්ම ලොකු වෙනවා මේ පේන්නේ නැද්ද තියෙන අපූරුව


ඇත්තටම එතකොටයි අපි දැක්කේ සාමාන්‍ය දණිහක් විදියටම ඒ දණිහ තියෙන හැටි.ඒ සැත්කම හරියටම හරිගියා නම් වටිනාකම කියලා නිමකරන්න බෑ ඒ නැතත් ඒ වගේ විශ්වකර්ම වැඩක් ඒ කාලේ කරා කියන්නේ වෙද මහත්තයාගේ කථාවෙ හැටියට මේ දේ වෙන්නේ 1927 ආසන්න කාලයක.ඒ වෙනකොට මට නම් මේ දේ වැලලෙන්න දුන්නේ අපරාදේ කියලා හිතුනා.නිකමට හිතන්න ඒ කාලේ කොහොම දියුණු වෛද්‍ය තාක්ෂණයක් තියෙන්න ඇතිද.මේ එක්කම යන තවත් පුදුමාකාර කතන්දර රාශියක් මම වෙද ගෙදර හිටපු කාල සීමාවේ අහන්න ලැබුණා.වෙද මහත්තයා කියපු තවත් දෙයක් තමයි සුද්දෝ උන්ගේ සැත්කම් උපකරණ හැදුවේ ලංකාවෙන් උස්සන් ගියපු පුස්කොලපොත් සහ වෛද්‍ය උපකරණ භාවිතා කරලා කියන එක.කටුගෙයි ගිහින් බලන්න ඒවා දැක්කාම හිතෙන්න පුළුවන් මේ කියන්නේ ඇත්තම ඇත්ත නේදැයි කියලා.

හැම දේකටම වඩා මේ තාක්ෂණේ වල පල්ලට ගියේ ගුරු මුෂ්ඨි තියාගත්ත නිසා කියල තමයි පොඩි වෙද මහත්තයා කිව්වේ නම්.එයා කියපු විදියට ඕනෑම විදියක  කැඩුණු අස්ථියක් කැඩුණු කොන්දක් හදන්න දවසින් පුළුවන්.මාත් අහල තියෙනවා ඉස්සර කැඩුණු අස්ථි පාස්සන්නේ බත් මුට්ටියක් ලිප තියලා කියන කථාව එහෙම

වෙද මහත්තයා කකුල කැඩුනයින් පස්සේ තමයි වෙදකම මන්තර ගුරුකම් ඉගෙන ගෙන තියෙන්නේ පොඩි කාලේ කැවිලි පුරවපු මල්ලක් දෙන්නම් කියපු එකෙක්ට තමයි වෙද මහත්තයා මුලින්ම මේ සාත්තරේ පාවිච්චි කරලා උදව් කරලා තියෙන්නේ ඒත් කරලා තියෙන්නේ  කෙල්ලක්ව වශීකරවලා දෙන එක.ඕක ඒ ගෑනු ලමයාගේ දෙමව්පියෝ දැනගෙන වෙද මහත්තයා ගේ තාත්තට පැමිණිලි කරලා අන්තිමට වෙද මහත්තයාට දවස් තුනක් දඩුකදේත් ලගින්න වුනාලු.

වෙද මහත්තයාගේ දුක හිතෙන කථාවෙන් පස්සේ තවත් කථාවක් කිව්වා ඒ ඇස් වෙදකමක් ගැන.

මම අපුච්චාගෙන් සූත්‍ර වගයක් අහ අහ ඉද්දි වයසක මිනිහෙක් කෑ ගහගන දුවගෙන ආවා ඒ මනුස්සයාගේ ඇහේ කටුවක් ඇනිලා ඉදිමිලා හොදටම.අපේ අපුච්චාගේ වැඩට හිටපු එකෙක්ට කිව්වා මේ මනුස්සයට බොන්න ඔසුපැන් ටිකක් ගෙනාවනම් කියලා.තේ එක හදන් එනකන් අපුච්චා කලේ අර ඇහැට මතුරපු එක.ඔසුපැන් ඒ මනුස්සයට දෙනකොට අපුච්චා මතුරලා ඉවරයි.ඊට පස්සේ අපුච්චා ඒ මනුස්සයා ගාව හිටපු එකෙක් අතට බෙහෙත් දාපු කෝප්පයක් දුන්නා අල්ලන් ඉන්න කියලා එහෙම දීලා ලෙඩාගේ ඔළුව රවුමට අතගාන ගමන් දබරැගිල්ලෙන් ඔළුවට තට්ටුවක් දැම්මා.එතකොටම ඇස් බෝලේ අර කෝප්පෙට වැටුනා

අපි ඔක්කොම කටවල් ඇරන් බලන් හිටියේ මේ වෙන්න පුළුවන් දෙයක්ද කියලා මම මීට කලින් කවදාවත් මේ වගේ කථාවක් සුරංගනා කථාවකවත් අහලා තිබුනේ නෑ.මොනවා කිව්වත් මේ කථාව විස්වාස කරන්න බෑ කියන මට්ටමකයි අපි එවෙලෙ හිටියේ.අපේ ඒ හැගීම තේරුම් ගිය නිසාද කොහෙද වෙද මහත්තයා සිංහල වෙදකමේ සහ ආයුර්වේද වෙදකමේ වෙනස අපිට පැහැදිලි කලා.වෙද මහත්තයා කියන විදියට සිංහල වෙදකමේ නිර්මාපකයා රාවණගේ පියාලු.අර අපි ඉස්සර කථාවට කියන්නේ ගස්ලබු ලෙල්ලක් අතින් අරන් ඉන්න කෙනෙක් ගැන.පස්සේ අපි ඉගෙන ගත්තේ ඒ පරාක්‍රමබාහු රජුයි නගුලේ විය ගහයි කියලානේ.ඒත් වෙද මහත්තයා කියන්නේ පුලතිසි හෝ පුලස්ති වගේ නමක්.

 නෙනි,
මා මේ පවසනා දේවල් වල අඩුපාඩු ඇත්නම් දැනුවත් කරනු මැනවි.


රාවණාගේ පියාගෙන් පැවත ආපු සිංහල වෙදකම ඔහුගේ පුතුන් මතුවට රැගෙන ගියායින් සිංහල වෙදකම බිහිවුණා කියලයි වෙද මහත්තයා කිව්වේ.ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉන්දියාවේ ඍෂී වරුන් සොයාගත් දෙයක් බවත් ඒ හා මේ අතර පැහැදිලි වෙනසක් වගේම සමානකම්ද තියෙන කථාවකුත් කිව්වා.කථාව පිට පැන්නනේ ආය් කතාවට යමුකෝ

වැටුනු ඇහැ බෙහෙත් වලින් පොගවලා විස උරවලා තමයි ආයේ ඒ මනුස්සයාට දැම්මේ ඒකත් ඔළුව ඇගිලි දෙකකින් තද කරන් හරියට වලකට බෝලයක් දානවා වගේ ඇහැ ඇතුලට දැම්මා ඉන් පස්සේ ඇස් දෙකම රෙදි පටියකින් වැහෙන විදියට ඔළුව වටේ ඔතලා වේවැල් පුටුවට අල්ලලා මනුස්සයාව ගැට ගැහුවා.ඒ වෙලාවේ දැගලුවේ නැතත් හිරිය යද්දි මැරෙන්න හදපු නැති ටික විතරයි.සතියක් ඉදලා ඒ මනුස්සයා ආයේ ගෙදර ගියේ තනියෙම ඇස් දෙකම හොදට හදාගෙන

මේ කථා අහලා ඉවරවෙද්දි අපිට හිතාගන්න බැරිවුනා අපේ තිබිලා තියෙන තාක්ෂණේ ගැන.අවාසනාවකට අපිට වෙදකම් කරපු වෙද මහත්තයා ඉගෙනගෙන තියෙන්නේ අස්ථි විද්‍යාව විතරයි නැත්තම් මේ වෙදකම් තවත් සියවස් ගානකට රකින්න තිබුණා.වෙද මහත්තයාට මල් තියලා වදින්න තරම් පැහැදීමක් අපිට එදා ඇතිවුනත් ඊට ටික දවසකට පස්සේ වෙච්චි සිද්ධියක් නිසා අපිට වෙද මහත්තයා ගැන තිබුණු පැහැදීම සෑහෙන්න අඩුවෙලා ගියා.ඒ පිළිබදව අනිවාර්යෙන් ඊළග ලිපිය සැකසේවි.හලාවත අයියාට සිදුවු අවාසනාවන්ත සිදුවීම තමයි ඊලග ලිපියට පාදක වෙන්නේ.


මේ කථාව මම ඇහුවේ මීට මාස දහයකට  කලින් නිසා වෙද මහතා කියපු දේවල් ඒ ශෛලියෙන්ම ලියන්න මතකයක් තිබුණේ නෑ නමුත් මේ කථාව මතකයේ තිබූ නිසා වෙද මහතා කියූ දේ මගේ වචනයෙන් ලිව්වේ ඒ නිසා මේ කථාවේ රසයට බාධාවක් වුනානම් එය නොසලකා හැකිය හැකි තරම් කුඩා යැයි සලකන්නකෝ.

මේ කථාපෙළ ඒකාකාරී යැයි හැගෙනවානම් වෙනස් විය යුතු තැනක් හෝ මම හදාගත යුතු තැනක් තිබේ යැයි දැනෙනවා නම් මට ඒ ගැන කියලා කොමෙන්ටුවක් දාලා යන්න මම තරහා වෙන්නේ නෑ මම තාම බ්ලොග් වලට අළුත් නිසා ඔයාලගේ උපදෙස් සෑහෙන්න වටිනවා.

18 comments:

  1. ඔය ඇට වෙදකම හොරිවිල වෙද මහත්තයත් කරනවා මේ පාර ලන්කාදීපය බලන්ඩ

    ReplyDelete
  2. ඔය එළුවන්ගේ අස්ථි බද්ධය මාත් අසා ඇති මුත් දැකල නම් නෑ ...
    කොහොම කරනවද කියල හිතාගන්න අමාරුයි.....

    කතාව ගැන කියනවනම්, එකම කතාවේ ගොඩක් දේවල් කියන්න ගියාම රසය අඩුවෙනවද කියලත් මට හිතුනා.... ඉතුරු කතා ටිකත් කියවන්න අපි බලන් ඉන්නවා ඔන්න....

    ReplyDelete
  3. @sameera අයියේ,

    බොහෝම ස්තූතියි ඔව් ඔව් මාත් ඒ ලිපි දෙකම දැක්කා.

    @Harshana අයියේ,

    ඊළග කථාවේ ඉදන් මම මේ අඩුපාඩුවත් හදාගන්නම් බොහෝම ස්තූතියි අයියේ.වටිනා උපදෙසක්

    ReplyDelete
  4. මමනම් ජීවිතේට එලු අස්ති බද්ධයක් ගැන අහලා නෑ.. මේ ඇහුවමයි...

    ReplyDelete
  5. @Sammani අක්කේ,

    මමත් මේ වගේ දේවල් වෙද ගෙදරට ගියායින් පස්සේ තමයි ඇහැව්වේ මුලින්ම මේ වගේ විශ්වකර්ම වැඩ ලංකාවේ ඉස්සර තිබිලා තියෙනවා සුද්දා ලංකාවට ආවට පස්සේ ඒ හැම දෙයක්ම දැන් බ්‍රිතාන්‍ය කටුගෙවල් වල

    මගේ බ්ලොග් එකට සාදරයෙන් පිළිගන්නවා ආවාට බොහොම ස්තූතියි ඈ

    ReplyDelete
  6. වේද මහත්තය කියපු හැම දෙයක්ම ඇත්තක්ද?එත් කතෙවේ රසයනම් උපරිමයට තියෙනවා.ඉතුරු ටිකක් ඉක්මනට දන්නා

    ReplyDelete
  7. @අසරණයා අයියේ,

    දණිස්ස දැක්කාම අපිට පිළිගන්න වුණා මේ නම් ඇත්තක්මයි කියලා මොකද ඒ කපලා තිබුණු කැපිල්ල බටහිර වෙදකමක මම දැකලා තිබුණේ නෑ අනික් හේතුව කකුල නමන්න බැරි එක ඉතින් ඒවා විස්වාස කරන්න මට හිතුණා.ඇස් වෙදකම නම් තාමත් විස්වාස කරන්න අමාරුයි මොකද ඇස කියන්නේ ගොඩාක් සංවේදි ඉන්ද්‍රියක් නිසා.ඒත් ඒ දේවල් නොතිබෙන්න විදියක් නෑ මොකද බුද්ධදාස රජුගේ වෙදකම් වල පවා ඇදහිය නොහැකි දේ තියෙනවානේ.

    අනිවා අයියේ කව කථා සමූහයක් තියෙනවා ඒත් ඒවා මේ "අනතුරක් කල හදියක්" නමින්ම දානවද වෙනම දානවද කියන එක ගැනයි මේ දවස් වල කල්පනා කරන්නේ

    ReplyDelete
  8. ඔයානම් මාරයිනෙ මල්ලි... මම අද තමයි මේ පැත්තට ගොඩ වැදුනේ.. මාර රසවත් කතාවක්.. දිගටම ලියන්ඩ... ලියන විදිහත් හොඳයි...

    අර ගුරුමුෂ්ඨි කතාව ගැනනම් මට හිතෙන්නේ, අපේම කියලා අපිට තිබුන තාක්ශනය නැතිවෙන්ඩ එක හේතුවක් වෙන්ඩ ඇති ඕක. ඒත් ඇයි එහෙම උනේ ? මටනම් හිතෙන්නේ ඒකාලේ හිටපු ගුරුවරුන්ට තෙරෙන්ඩ ඇති, ඔය තාක්ෂණය ඉදිරි පරම්පරාවල් සංයමයෙන් යුතුව පාවිච්චි නොකරයි කියලා.. නිකන් හිතලා බලන්ඩ ඒ කාලෙ තිබුන ඒ අබිරහස් ශිල්ප ක්‍රම අද ඉන්න ගොයියලා දැනගන හිටියානම්, මොන මොන සෙල්ලම් පායිද ?

    ReplyDelete
  9. පස්සෙ දිග කොමෙන්ට් එකක් දාන්නම්....
    හරි පුදුමයි...
    අපිට මේවා වෙන්න බෑ කියන්න බෑ,
    ඒත් ඇහේ කතාව ගැන නම් හිතන්න අමාරුයි..

    ReplyDelete
  10. @senna අයියේ,

    බොහෝම ස්තූතියි ඈ අගය කිරීම්වලට.අයියාගේ අදහස නම් සෑහෙන්න හරි එක අතකට එහෙම ගුරුමුෂ්ඨි නොතියෙන්න සෑහෙන්න අපරාධ වෙන්න තිබුණා තමයි.මම නම් මෙච්චරකල් හිතන් හිටියේ එහෙම කරපු එක අපරාධයක් කියලා ඒත් දැන්නම් හිතෙනවා එහෙම කරපු එක රටක් වටිනවා කියලා

    @ano,

    වෙලාවක් ලැබුනාම බලන්න ට්‍රයි කොරන්නම්කෝ හැබැයි මම මේක හැම බ්ලොග් එකකම දැක්කා.(සමහරවිට spam හෝ mail phishing විය හැකියි කියලා හිතුනායින් නිකන් හිටියේ.ඉතින් මේකට යන ඈයෝ පරිස්සම් උනොත් හොදයි ඕං.email password දීලා මේවායේ forms පුරවලා පස්සේ පසුතැවිලි නොවී ඉන්නෝ)

    @ Gordonia ceylanica,

    ඔයාගේ නම නම් විද්‍යාත්මක නමක් බොහෝම ස්තූතියි මේ පැත්තේ එනවට මමත් ඒ පැත්තේ එන්න ඕනේ මේ නම දැක්කාම එන්න හිතුනේ නෑ සිරාවටම.මටත් මේ ඇහේ කථාව නම් ෂුවර් නෑ ඒත් ඉතින් තව හොයන්ඩෝන

    ReplyDelete
  11. ඔයාගේ වේද ගෙදර කතා ටික ලස්සනයි ඒ හැම අද්දකිමක්ම කවලම් කරලා දන්නේ එතකොට වෙනසක් තියෙනවා

    ReplyDelete
  12. @අසරණයා අයියේ,

    ඒක හොදයි තමා නේද එකම දේ ලියද්දි මටත් අප්සට්.මේ පෝස්ට් එකේ වෙච්චි පොරොන්දුව ඉෂ්ඨ කරන්න ඊලග පෝස්ට් එක හලාවත අයියා ගැන ලියලා එතනින් පස්සේ මම මේක කවලම් කරලා දාන්න ඕනේ.මොලේ කරකුට්ටං වෙන්න හිත හිත හිටිය මට දුන්නු උදව්වට බොහෝම ස්තූතියි අයියේ.....

    තවත් කථාවක් මග එනෝ.....

    ReplyDelete
  13. ලස්සන කතා ටිකක්..හැම පෝස්ටුවම කියෙව්වා..දිගටම ලියන්න

    ReplyDelete
  14. මටත් ඇහේ කතාව තමා විශ්වාස කරන්න ගොඩක්ම අමාරු... මොනව උනත් හරි පුදුමයි....

    ReplyDelete
  15. @Miyuru අක්කෝ,

    බොහෝම ස්තූතියි අක්කෝ කියවලා නොයා කොමෙන්ටු දාන එකට ඒක මට හයියක්.ඇහැ මටත් විශ්වාස නෑ ඒ උනත් අනික්වා නම් ඇස් දෙකට දැකපුවා.පුදුමයි

    ReplyDelete
  16. රාජ් හා ගැමි මල්ලි... ගිය අවුරුද්දේ දෙසැමිබර් මාසයේදි ලංකාදිප පත්තරේ පලකරපු හොරිවිල වෙද මහත්තයා ඇත්තටම එයාගේ තාත්තාගෙන් වෙදකම ඉගෙන ගත්ත කෙනා නෙමෙයි. පාරමිපරික විදිහට තාත්තාගෙන් වෙදකම ඉගෙන ගෙන වෙදකම කරන්නේ හොරිවිල වෙදමහත්තයාගේ ලොකු පුතා හා තවත් එක් පුතෙක් විතරයි. ඔතන පොඩි කේස් එකක් තියෙනවා මම දන්න හැටියට නමි...

    ReplyDelete
  17. මේ එළු කටු බද්ධය බොරු කතාවක්. ඒක් කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ විසරතය කියවලා බලන්න බොරු නම්.

    http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=47967:2015-10-30-12-02-41&catid=48:2012-04-02-08-50-52&Itemid=75

    ReplyDelete