Wednesday, February 1, 2012

අනතුරක් කල හදියක්-6කොටස (අක්කාගේ ලැපට වූ හදිය)




මේ සිද්ධිය වුනේ වෙද ගෙදරට ගොඩබැහැලා සතියකින් විතර.වෙද ගෙදරට ගොඩ බැස්ස වෙලේ ඉඳන් මම ට්‍රයි කලේ අන්තර් ජංජාලෙට රිංගගන්න ක්‍රමයක් ඒත් එයාටෙල් සිග්නල් අල්ලගන්න වත්ත පල්ලෙහාට යන්න ඕනේ.ඒ මදිවට මම ගත්තු මල ජරා ෆෝන් එකට සිග්නල් ආපු හැටියේ මෙමරි ෆුල් කියලා ඕෆ් වෙනවා(e-tel Hitz).මට එපා වෙලා හිටියේ....

අන්තර්ජාලෙට යන්න ට්‍රයි කලේ ඇයි දන්නවද,මම වෙද ගෙදර යද්දි මගේ හොඳම මිත්තරයෙක් වන ලහිරුට කිව්වා රිෂී කියන මගෙ යාළුවෙක්ගේ ගෙදර බැකප් කරපු මගේ ආදරීගේ ෆොටෝ ටික අරගෙන මට මේල් කරන්න කියලා ඉතිං එයා මේල් කරාට පස්සේ ඒක ගන්න තමයි මම ට්‍රයි කලේ.හැම උත්සහයක්ම අති සාර්ථක විදියට අසාර්ථක වෙච්චි නිසා මම ගොඩාක් අප්සට් එකේ හිටියේ.ඕං ඔහොම සතියක් විතර යද්දි තමයි ජංජාලේ පැත්තෙ යන විදියක් මීටර් වුනේ....

වෙද ගෙදර නැවතිලා හිටිය හෝමාගම අක්කා (ඇත්ත නම නොදනී) දවල් කාලේ වෙද ගෙදරින් අතුරුදහන් වෙනවා.කොහේ යනවද කියලා හොයාගන්න බෑ.දවසක් මම බෙහෙත් බැඳපු රෙදි පටි එහෙම හෝදලා වනන්න තැනක් හොයන්න ගියා පිළිකන්න පැත්තට මෙන්න බොලේ හෝමාගම අක්කා වලන් මැස්ස අස්සේ තඩි හෙඩ් ෆෝන් එකකුත් ගහගෙන ඉන්නවා.මම පට ගාලා වටයක් කැරකිලා ඇවිත් පිටිපස්සෙන් බැළුවා ඒ බැලින්නම් හෝමාගම අක්කා චූටි රෝසපාට ලැප්ටොප්(netbook) එකක් වලන් මැස්ස උඩ තියලා ඒක වටේට වලන් තියලා බලාගෙන ඉන්නවා.

මෙහෙම හොරෙන් ලැප දිහා බලන්නේ ඇයි කියලා මම ටිකක් ලං වෙලා බැලුවා මේං මෙයා කලින් දවසේ විකාශය වෙච්චි නාට්ටියක් බලනවා ඩොංගල් එකකුත් ගහගෙන.මම පිටිපස්සෙන් ගිහින් ඇහුවා ඇයි මේ හොරෙන් බලන්නේ කියලා.

ආ මල්ලි මොකෝ මේ පැත්තේ

මේ රෙදි දාන්න තැනක් නෑනේ අක්කේ ඒකයි ටිකක් කැරකුනේ මොකෝ මේ වලං ගොඩක් වට කරගෙන කරන්නේ

වෙද මහත්තයා කැමති නෑ මල්ලියෝ මම ලැප්ටොප් එක පාවිච්චි කරනවට එක පාරක් මේක පාවිච්චි කරනවා දැකලා මාව ගෙදර යවන්නත් හැදුවා දැන් ඉතින් මෙහෙම තමා වැඩ කරන්නේ

ඇයි අක්කේ,වෙද මහත්තයා නිකමටවත් මේ පැත්තට එන්නේ නැද්ද

හම්මෝ නෑ වෙලාවට කකුලේ අප්සට් එක නිසා තනියම පඩිපෙල බැහැලා මේ පැත්තට එන්න බෑ එයාට

වෙද මහත්තයා ලැප්ටොප් එක විතරක් නෙමෙයි ෆෝන් පාවිච්චි කරනවට කැමතිත් නෑ.අපේ ඇඟේ කිරණ වෙනස් වෙනවලු ඒත් එහෙමයි කියලා ඕවා පාවිච්චි නොකර පුළුවනැ.මම ෆෝන් එකේ එල්ලිලා ඉන්නවට මාත් එක්ක හෙන තරහකින් හිටියේ දවසක් මම කෝල් එකක ඉන්නකොට වෙද මහත්තයා ඇවිත් කියාපි

දැන් ඕක කනේ ගහගෙන හිටපල්ලා උඹලා කසාදයක් කරගත්තු දාට අල්ලපු ගෙදර තම්බියට තමයි වාසි....හනිමොන් එකේදි කවදාවත් ගෑනිත් එක්ක කොළඹට එන්න වෙන්නේ නෑ මගින් බහින්න වෙන්නේ...ඇයි ඉතින් &^#%%$@$#@

හොදි ඕන්නෑ ඕවා ඇහෙද්දි.කුණුහරුප විමානයයි අප්පා.

ටික වෙලාවක් හෝමාගම අක්කා එක්ක කදේ දාගෙන ඉඳලා ටිකක් ෆිට් වෙලා මම ඇහුවා විනාඩියකට මේල් චෙක් කරගන්න දෙතෑකිද කියලා...අයියෝ ඕක මොකක්ද ඕන වෙලාවක ඉල්ලන්නකෝ කියලා ලැප භාරදුන්නා.(අක්කා කිව්වට එයාට 38ක් හොඳේ.මට මල්ලි කිව්වට එයාට අවුරුදු 18 දුවකුත් ඉන්නවා).

මම ඉතින් දඩ බඩ ගාලා fb ලොග් වෙලා ඒ අස්සේ gmail ලොග් වෙලා පට පට ගාලා ෆොටෝ හැම එකක්ම බාලා status එකකුත් දාලා ජංජාලේ සැරි සරමින් ඉන්නකොට මට ඇහුනා සද්දයක් හම්මේ....හම්මේකියලා....මලා හුටා කිව්වලු වෙද මහත්තයා කවදාවත් නැතිව පල්ලම් බැහැලා මම ඉන්න දිහාට එනවා.ලැප දැක්කොත් අක්කත් ගස් මාත් ගස්.ඕං ඔය වෙලාවට තමා සරමක් ඇඳන් ඉන්න එකේ වටිනාකම දැනෙන්නේ..හි හි

වෙද මහත්තයා පිළිකන්නෙන් මතු වෙද්දිම මම ලැප වහලා සරම උස්සලා ලැප කකුල් දෙක අස්සේත් ගහගෙන අවසානයි.නිදැල්ලේ හිටිය මට ඒ වෙලාවේ තමයි කරපු වැඩේ බරපතල කම තේරෙන්න ගත්තේ...ලැප වැහුවට shut down කරන්න බැරිවුනානේ කලබලේට ඒක බෘම්ම්ම්ම්ම්ම් ගාලා ඇතුලේ වැඩ පට්ට රස්නෙයි.වෙද මහත්තයා මාව දැක්කා විතරයි රවලා ඇහුවා

ඔහේ මොකද මෙතන කරන්නේ....??? අමාරුවක් උනාම කකුල ඩිංගක් තවා ගන්න උගුර ලේ රහ වෙනකන් කෑ ගහලා කෑ ගහලා කතා කලාට එකෙක්වත් ආවේ නෑ... බැරිම තැන ආවේ තොපි මැරිලද බලන්න.වත්තේ හුලං ගනන් කරනවද මැස්ස අස්සේ…”

මොන හුලංද කකුල ඩිංගක් ලූස් වුනොත් සේරම ඉවරයි ඒ මදිවට තැඹිල් පාට චූටි ලයිට් එලිය මටත් පේනවා සරමෙන්.මේක මෙයා දැක්කෝත් හිතයි මම ඒකටත් ලයිට් හයි කරලා කියලා.වෙද මහත්තයා පිළිකන්නේ පුටුවකින් වාඩි වුනා තව බලං හිටියොත් වැඩ වරදින නිසා හිමින් සැරේ අඩිය එහෙම තියලා වෙද මහත්තයාගේ පුටුව පිටිපස්සෙන් ගිහින් උරහිස් වලට මසාජ් පාරක් දෙන්න ගත්තා.මට තාම බයයි ලැපේ රස්නේ නිසා කකුලට කිසිදෙයක් දැනෙන්නේ නැතිව ගිහින් ලැප බිම පත බෑවෙයිද කියලා.ඒ මදිවට හෝමාගම අක්කා සීන් එක දැනගත්තොත් වසලා හමාරයි එයාට එසේ මෙසේ කටක් නෙමෙයි තියෙන්නේ.මගේ පෙර පිනකටද මන්දා වෙද මහත්තයා කිව්වා

අම්මේ හා..අද හරිම සැරයි කාලෙකින් නාගත්තේ නෑ අද ළිඳෙන් නාගන්න ඕනේ බණ්ඩට කතා කරහන් කොළුවෝ මාට නාගන්න

වෙලාවට එහෙම කිව්වේ හිමින් සැරේ එකලඟ අඩි තියමින් ගිහිල්ලා බණ්ඩා මාමාට පණිවිඩේ දීලා එච්චර වෙලා හිරකරගෙන හිටිය බර යන්තම් නිදහස් කරගත්තා හැබැයි ඒ වෙද්දි ඒක  මට දෙන්න පුළුවන් වද සේරම දීලා හයිබනේට් වෙලා.කෝම හරි ෆොටෝ ටික මගේ ෆෝන් එකට බ්ලූටූත් වලින් යවලා ලැප සරමෙම පිහදාලා අක්කට ගිහින් දුන්නා.ආයේ ඕනේ වුනොත් ඉල්ලන්න කියලා අක්කා කිව්වට මොකද ඊට පස්සේ මම ඒක දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ.

මේ සා කාලයක් ඒ සිද්ධිය මතක් කර කර සතුටින් හිටිය මට පහුගිය දොහේදි බ්ලොග් එකක කියවන්න ලැබුනු දෙයකින් හිත ගත දෙකම සලිත වෙලා ගියා.ඒකට හේතු තමයි කතන්දර සූරින්ගේ වයි-පයි සීන් එක සහ කෙහෙල්කොටුවේ බුද්ධි අයියාගේ චිත්‍ර පෝස්ටුව.මේක දැක්කාම ඔළුවේ කෙස් ගහකින් පටන් ගත්ත හිරි වැටීමක් අති සාර්ථක ලෙස යටිපතුල දක්වාම ගමන් කලා......ලැපක් ලැප උඩ තියන් හිටියාම මෙව්වා වෙනවනම් සරල අවලම්බයක චලිතයකට බාධා ඇතිවන අයුරින්  තිබ්බාම මොනා නොවෙනවා ඇද්ද..........???????????????

ඒකේ වයි-පයි තිබ්බට ඩොන්ගල් එක පමණක් ඇක්ටිව් වෙලා තියෙන්න ඇත්තේ වෙද ගෙදර වයි-පයි නෑනේ ඉතින්  ඒක එච්චර ජංජාලයක් නොවෙයි කියලා හිතමු හොඳේ

photo එක ඉල්ල ගත්තේ මෙතනින්-http://www.popular-pics.com/PPImages/pink-Laptop.jpg

74 comments:

  1. අප්පට සිරි ගැමියෝ උඹටත් වෙන වැඩ.30 ක් වෙන අක්ක කෙනෙක්ට කොහොමද 18 දුවෙක් ඉන්නේ.බොරු වයසක් නේද කියන්න ඇත්තේ.

    ලැප කකුල් දෙක අස්සේ ගහන හිටපු දේ ගැන කියවද්දී ගොඩක් දේවල් මතක වුන අහන්න එත් ඕනේ නැහැ. ඒක නෙවෙයි ඇයි ඒක දෙද්දී සරමෙන් පිහදලා දුන්නේ.

    ReplyDelete
    Replies
    1. හයියෝ නෑ නෑ ඒ අක්කට 38ක්......හි හි සරමෙන් පිහින්න හේතු ගොඩක් තිබුනානේ
      01)වෙද ගෙදරදි මුළු ඇඟේම තෙල් ගානවානේ ඉතින් ලැපේ තෙල් එකයි එලියට ගනිද්දි...
      02)මොනා උනත් තියාගෙන හිටිය තැන හිතට හරි මදිනේ

      හම්මේ අහපු නැති එක හොඳායි නැත්තම් රෙදි ගැලවෙන්න තිබුනා ලස්සනට.....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
    2. අක්කට ලෙඩක් දුකක් වෙන්ට නැතිව ඇති. ලැප ගැමියගේ අස්සේ තිබිලා.. හිකිස් !

      Delete
    3. ඕං ඕං ඉතිං අපි හොඳට නාලා කරලා ඉන්න කොල්ලෝ හොඳේ....ඒ වගේ තැනක ලේසියෙන් ඔහොම දෙයක් තියන් ඉන්න බෑ හි හි

      Delete
    4. මල්ලී මට ඔයාගේ නම්බර් එක දෙන්න මල්ලී , හෙන හදිස්සියක් , 0776531595 sms එකක් දියං

      Delete
  2. මටත් කතාව කියවගෙන යද්දි මතක් උනේ කතන්දර සූරින්ගේ ලිපිය.. හොද වෙලාවට ගැමියත් ඒක බලලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ඇඟ වෙව්ලලා යන ලිපියක් හි හි ඒක නිසා තමයි මේක ලියන්නත් හිතුවේ ඔයාලට කොහොම හිතට වැදුනද දන්නේ නෑ.වැඩකට නැතුවත් ඇති මයෙ හිතේ....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  3. අපෝ අර පින්තුරේ තියන ලැපේ හැටි..ඊයා....

    ලැප හංගගෙන හිටපු තැන..හපොයි..අක්කා දන්නවනම් :)) (අහ්හ් අක්කා නෙමෙයිනේ..ඇන්ටි නේ..)

    ReplyDelete
    Replies
    1. හි හි ගෑනු ලමයිගේ ලැප්ටොප් ඔහොම්මලු නේ නැද්ද.........

      අක්කා දන්නවනම් සොරි.කොම් හි හි වෙලාවට බේරුනා (ඇන්ටි තමා ඉතින් ඒත් මට කියන්නෙම මල්ලි කියලනේ) හැබැයි ඉතින් මම ලැප හෙන පරිස්සමට බලාගත්තා ප්‍රස්නේ උනේ ලැප එලියට ගනිද්දි උදේ දීපු තෙල් සාත්තුව හේතු කොටගෙන ලැප තෙල් වලින් නැහැවී තිබීම හි හි....බොහෝම ස්තූතියි ඇන්ටි කොමෙන්ටුවට

      Delete
  4. අපොයි මෙයාටත් වෙන වැඩ//..
    අක්කට අහු උනේ නෑ නේද...

    ReplyDelete
    Replies
    1. අක්කා ජංජාලේ එහෙම හොඳට සැරිසරන කෙනෙක් ඕං එයා මේ බ්ලොග් එක කියෙව්වාම දැනගනී එයාගේ ලැපට වෙච්චි සංතෑසිය හි හි......වෙලාවට වෙද ගෙදරදි වැඩිපුර අළු කෙහෙලුයි කෙහෙල් මුවයි කන්න දුන්නේ අපිට......බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට

      Delete
  5. කොළඹ යන ගමන් මගින් බහින්න නෙමේ, බස් එකට නැග ගන්න වත් පුලුවන්ද කියල, ට්‍රයල් රන් ගිහින් බැලුව නං හොඳා වගේ....හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. ඉල්ලං කෑවද මන්දා ඒක නෙමේ ඔබා මාමේ මේ ට්‍රයල් යන්නේ කොහොමෙයි???? බස් එකට නැගගන්න බැරිවෙන්නෑ ඒක ෂුවර් හෝල්ට් එක වැරදුනොත් තමයි ඉතිං....ඔය ට්‍රයල් ගිහින් කාසල් එක ගාවින් බහින්න නම් ආසාවක් නෑ හම්මෝ.....බොහෝම ස්තූතියි ඔබා මාමේ කොමෙන්ටුවට

      Delete
    2. // මේ ට්‍රයල් යන්නේ කොහොමෙයි?//

      අන්න මාරය කියල දීල තියෙනව ට්‍රයල් යන හැටි, ඒ පැත්තෙ ගිහින් බැලුව නං

      Delete
    3. ආං මාමලා........බොහෝම ස්තූතියි හොඳේ

      Delete
  6. හෙහ්... ගැමියටත් වෙන වැඩ...
    // හැම උත්සහයක්ම අති සාර්ථක විදියට අසාර්ථක වෙච්චි නිසා...//
    මෙන්න මේක පට්ට කතාව. හැබැයි ගැමියා අක්කත් ඔතෙන්ට දුවගෙන ආව නම් මේ කතාව මීට වඩා ආතල් වෙන්න තිබුන, හැක්...හැක්... එහෙනම් වෙද මහත්තයට කලින් අක්ක තමා උඹව වෙද ගෙදරින් පන්නන්නෙ... වෙනද වගේම හොඳට ලියල, ජය ශ්‍රී...!!!

    ප.ලි. මගේ සින්ඩියට එකතු වෙලා දීපු සහයෝගයට බොහෝම ස්තූතියි ඈ.. සබැඳිය සඳහා ලබාදුන් කේතයන්ගේ අවුලක් නිසා කේතයන් සංස්කරණය කලා. පරණ ඒවත් තාම වැඩ, කැමති නම් අලුත් කේතයන් භාවිතා කරන්නත් පුළුවන්...

    ReplyDelete
    Replies
    1. සිරාවට එවෙලේ අක්කා ආවානම් මට බඩු පැකට් වෙනවා වෙද මහත්තයාව මසාජ් කරන්න සෙට් වෙයි කියන බයටමයි එයා එන්න නැත්තේ හි හි අදටත් මේක දැක්කොත් කෝල් කරලා දෙකක් කියන ජාතියේ කෙනෙක් තමයි ඒ.....බොහෝම ස්තූතියි මන්ඩි කොමෙන්ටුවට.සින්ඩියත් එලකිරි වගේ වැඩ ඒකටත් ස්තූතියි

      Delete
  7. යකො මොනව නැතත් ඔය මල්ලි පැටියව ආරක්ෂා කොර ගනින්...

    ReplyDelete
    Replies
    1. හි හි නැතුව නැතුව අයියේ ආරක්ෂාව තර කොරන්ට වෙනවාය....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  8. අදයි අවේ පත්ඉරුව බලන්න!
    අර අක්කට පස්සෙ ලැප පාවිච්චි කරද්දී අමුතු ස්මෙල් එහෙම අවේ නැද්ද දන්නෑ!:DD

    ReplyDelete
    Replies
    1. එන්න ඇති එන්න ඇති මයෙ හිතේ උදේ දීපු බෙහෙත් සාත්තුවේ තෙල් වැඩි හරියක්ම ලැපේ තිබුනේ හි හි හැබැයි ඉතින් හොඳට සරමේ අතුල්ලලා දුන්නේ....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  9. Replies
    1. හික් හික් හලේ නිකන් අසභ්‍යයි වගේද ඈ....??? බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට

      Delete
  10. 'ඒ මදිවට තැඹිල් පාට චූටි ලයිට් එලිය මටත් පේනවා සරමෙන්.මේක මෙයා දැක්කෝත් හිතයි මම ඒකටත් ලයිට් හයි කරලා කියලා'
    ඒක තමයි නියම සීන් එක මලයො.
    කොහෙම උනත් බොලාට ඒ වෙලාවෙ ඒක සරම අස්සෙ ගහගන්න හරි සිහි කල්පනාව තිබිච්ච එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා නැත්තම් වෙද ගෙදරින් ෂුවර් දොට්ට දානවා.සරම ඇඳන් නොහිටින්න බඩුම තමා.කලිසමෙන් ඔහොම වැඩක් ගන්න බෑනේ හැබැයි එදා ඉඳන් සරම ඇන්දේ බෙහෙත් කරන වෙලාවට විතරයි...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  11. හෙහෙ.. අර ලයිට් එක පත්තුවෙනව දැක්කනම් තමයි වැඩේ..වෙද මහත්තය ඉස්සෙල්ලම ඒකට බෙහෙත් කරාවි.. :D

    ReplyDelete
    Replies
    1. මල කෙලියයි ඒක දැක්කනම් ඕකටත් තෙල් උලලා රෙදි පටියක් ඔතන්න ලෑස්ති වුනොත් වහ කන්න වෙන්නේෙ.දෙතුන් සැරයක්ම මගේ අවයව සේරම පටිවලින් ඔතලා මාව පූර්ණ වශයෙන් මමියක් කලා හම්මෝ වින්ද දුකක් එව්වා හිරකොරන්.........බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට

      Delete
  12. වෙදමහත්තයා දැක්කනම් කකුල් අස්සේ ලයිට්... වෙද මහත්තයා බය වෙනවා බොල !

    ReplyDelete
    Replies
    1. අහන්න දෙයක් නෑ එහෙනම් කලන්තේ දානවා ෂුවර් එකට හි හි ....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  13. අක්කගෙ ලැප පාවිච්චිකලේ නැතෙයි? ;-)

    ReplyDelete
    Replies
    1. එදා විතරමයි ආයේ ඉල්ලන්න හිතුනේ නෑ මට හිතුනා වෙච්චි වැඩේ අක්කට මීටර් වෙලා ඊළඟ සැරේ ඉල්ලද්දි මට හොඳවයින් දෙකක් කියයි කියලා...ඊටත් ටික දවසකට පස්සේ එයාට සනීප වෙලා ගියානේ හි හි බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  14. මම මේක කියවලා ඉස්සෙල්ලම කරේ අර ලින්ක් එකේ පොස්ට් එක කියවපු එක, ඇස් දෙකටම ඇඩෙනවා ඒකට නම්, එහෙම කියල මේ කොමෙන්ටුව දාන්නෙත් වයි ෆයි ලැප හරියටම අරක උඩ තියාගෙන.

    ReplyDelete
    Replies
    1. අනේ අයියේ අර බුද්ධි අයියා නිපදවපු ඇන්ටි වයි-පයි ජොකෙක්වත් අරගෙන ආරක්ෂාකාරීව ඉමු නේද නැත්තම් අල්ලපු ගෙදර කාටද වාසි වෙනවලුනේ හි හි....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  15. වෙදගෙදර සිද්දිනම් ඒවෙලාවෙ දාඩිය දැම්මට දැන් නම් හිනා යනවත් ඇති නේද?
    දැන් ඔය තෙල් සාත්තුවෙන් ලැබුනු දියුණුව කොහොමද?

    ReplyDelete
    Replies
    1. හම්මෝ හිනා යනවදත් අහනවා සමහර ඒවට කඳුලුත් එනවා.....තෙල් සාත්තුවෙන් සෑහෙන්න සුවයක් ලැබුනා අක්කේ ඒකයි මෙහෙම එකක්වත් ලියන්නේ...බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට

      Delete
  16. ඔය අක්කගේ ලැප තාම වැඩද.. ?

    ReplyDelete
    Replies
    1. හි හි තාමත් වැඩ ඇති මයෙ හිතේ මොකෝ දන්නවද ඊට පහුවදාත් වලං මැස්සේ ලැප අටවන් හිටියා ....මෙච්චර දෙයක් මට වුනාමත් අයියට ලැපනේ මතක් වුනේ හයියෝ....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  17. අපොයෝ දෙවියනේ මලයටත් වෙන වැඩ

    ReplyDelete
    Replies
    1. ලැබීම තමයි අප්පා මොනා කොරන්නද හි හි ඒවා නොවුනානම් මේ බ්ලොග් එකත් නෑ...ඉතිං පැමිණි දුක් පැණි රසයි කියලා කියමු නේ....මේ ඔයාව බ්ලොගේ දැක්ක මුල්ම වතාව බොහෝම ස්තූතියි ඈ කොමෙන්ටුවට

      Delete
  18. හේ හේ පව් අනේ මෙයාට වෙන වැඩ

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ අක්කේ බහු ජාතීය කුමන්ත්‍රණයකටද මන්දා අහුවුනේ හි හි බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට

      Delete
  19. හප්පට සිරි වෙච්ච දෙයක්...

    ReplyDelete
    Replies
    1. ඒකනේ අප්පා කියලා වැඩක් නෑ....බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  20. අනේ බං ලැප් එකකට එච්චර අගෞරවයක් කල ගැමියෙක් ගැන ඇහුවාමයි . දැන් ඉතින් පරම්පරා කුට්ටමට හානියක් වුණොතින් කාට කියන්නද ?

    ReplyDelete
    Replies
    1. අයිය නම් කියයි ඔහොම හරි ලැප බේරගත්තේ ගැමියගේ ටිකිරි මොලේ තමයි නැත්තම් අක්කයි අක්කගේ ලැපයිත් සුං ලැප තියන් හිටිය මායිත් සුං.....උඩුකය නිර්වස්තර නිසා සරම හැර අන් පිහිටක් කොයින්ද හි හි......කතන්දර සූරීන්ගෙන් අහන්න ඕනේ අයියේ එයානේ මේ කුට්ටම් සීන් එක කිව්වේ ඉතිං හානි වෙච්චි කුට්ටම් හොයාගෙන ඒවා හරිගස්සගන්න හැටිත් හොයලා කියන්නේ නැතැයි නේද......බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  21. හික් හික් කොන්දේ ගාන තෙල් කකුල් දෙකටම බේරෙනවද ගැමියෝ ලැපා පිහිදන්න තරං...හික් හික් අක්කා ඊට පස්සේ ලැපා අල්ලන්නවත් දුන්නේ නෑලු නෙද.....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අයියෝ තෙල් සාත්තුව කොන්දට විතරක් නෙමෙයි කකුල් දෙකටත් එක්කම මුලු සරුවාංගෙටම තෙල් ගානවා....ඒකනේ මට නිර්වස්තර මෙහෙයුමකුත් කොරන්න වුනේ හි හි.....හම්මෝ මම එයාව මග ඇරියා....කරුමෙට හරි සීන් එක මීටර් වෙලා තිබුනනම් ලැප අල්ලන්න නෙමෙයි මට රෙද්දක් ඇඳන් ඉන්න වෙන්නේ නෑ හම්මෝ....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  22. මේ වෙදමහත්තයා ඇඟේ කිරණ වෙනස් වෙනවාය කියන එකෙන් කියවෙන්නේ ඔය වයි-ෆයි, මොබයිල් වල අනිසි ප්‍රථිපල ගැන විය යුතුයි!

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල ඒ නීති වලට කේන්තියෙන් හිටියට ඔයාගේ කතාව නිසා තමයි දෙපාරක් හිතන්න හිතුනේ මේවා ඇත්ත නේදෝ කියලා එක අතකට මේවා ඇත්ත වෙන්නැති ඒත් ඉතින් තාක්ෂනේ ඉදිරියට යද්දි අපිට ගල් යුගයට යන්න බෑ වගේ කියලා හිතෙනවා....ඒ මොනා උනත් සීමාවකින් පාවිචිචිය හොඳයි වගේ පේන්නේ.....මගේ බ්ලොගයට සාදරයෙන් පිළිගන්නවා බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  23. තව පොඩ්ඩෙන් කකුලට නෙමෙයි බේත් දාන්න වෙන්නෙ.....

    ReplyDelete
    Replies
    1. හි හි නැතුව නැතුව මල ජංජාලයක් වෙන්නේ තව ඩිංගෙන්....බොහෝම ස්තූතියි හොඳේ කොමෙන්ටුවට

      Delete
  24. අනේ... ඒ අක්කගේ නොමිබරේ කියපන් මල්ලි. ඉක්මනට කෝල් කරලා කියන්න ඔින ඔය ලැප් එක අල්ලලා විසික් කරන්න කියලා කැලේට... හික්ස්...!!!

    ReplyDelete
    Replies
    1. හි හි මට විනාසයක් කොරන්න ආපු ඒ ලැප්ටොප් එක නේද දැන් පවු වෙලා තියෙන්නේ අයියෝ සල්ලි හි හි මම මේ කල්පනා කලේ ඒක ටික දවසකින් වැඩ කරන්නේ නැතිව යන්න ඇති තමයි......බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  25. දැනටමත් ඒ ලැප අයින් කරලා ඇත්තේ.... හිකිස්‌ හිකිස්‌...., අයියෝ සල්ලි!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත ඉතින් හි හි ලේසි පහසු තැනකයැ තියාගෙන හිටියේ අපි ඔහොමයි ලැප් පාවිච්චි කොරන්නේ.....බොහෝම ස්තුතියි අයියේ කොමෙන්ටුවට

      Delete
    2. අයියේ??? අනේ මල්ලී.....ශානි කියල කොල්ලොත් ඉන්නවද???

      Delete
    3. ඈ මලා හුටා මම ගම කාලානේ මට කොමෙන්ටුව දානකොටම අමුත්තක් දැනුනා වැරැද්දක් වුනාද කියලා මේ කොරලා තියෙන්නේ සාමාන්‍යයෙන් කොපි පේස්ට් කරන්නේ නම් නෑ මම මේක මම අතින්මයි ගැහුවේ සොරි හොඳේ......නරක් වෙලා හිටී කොල්ලෙක් වුනානම් හි හි බොහෝම ස්තූතියි ශානී අක්කෝ

      Delete
  26. මලයාටත් වෙන වැඩ...

    කොහෙමෙන් කොහොම හරි ආදරිගේ 4ටෝ ටික ගත්තානම් ශොක්..

    අක්කාට පස්සෙවත් කිවේ නැතැ සින් කොන් එක..

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ටික අරගෙන ෆෝන් එකට දාගත්තා ඉක්සන්ට ඊට පස්සෙයි ගිහින් දුන්නේ හම්මෝ එයාට ඒක කියන්න ගියානම් අනිවාර්යෙන් න්‍යෂ්ඨික පිපිරීමක් වෙන්න තිබුනා...තව ටිකක් කල් ඇරලා එයාට බ්ලොග් එකේ ලින්ක් එක දෙන්ටෝන හි හි.....බොහෝම ස්තූතියි දේවා අයියේ කොමෙන්ටුවට

      Delete
  27. මේක දැක්කාම මට මතක් උනේ අර නුගේගොඩ කඩේකිං බඩු හොරකං කරපු කාන්තාව. නියමෙට කකුල් දෙක අස්සෙ ගහගෙන ගියානෙ.මං කොහෙදි හරි වීඩියොව දැක්ක.

    ReplyDelete
    Replies
    1. නෑ.....මට බැරිවුනානේ ඒ වීඩියෝ එක බලන්න....ඒ වගේද අක්කේ ලැප සෙල්ලම්ද බෘම් ගානකොට හංගන් ඉන්නවා කියන්නේ සෙල්ලම්ද.......බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  28. තෙල් ටික පිහිදැම්මෙ අර මාස ගාණකින් හෝදපු නැති සරමෙන් නම් ඉතින් අක්ක ඊට පස්සෙ ලැපෙන් වැඩ ගන්න ඇත්තෙ නහයත් වහගෙන වෙන්නැති....හික්ස්...
    ඇති ඔයින් ගියා....

    අනේ මේ කතාව මං කලින් කියෙව්වට කමෙන්ට් එකක් දාල නෑ නෙව... සමාවෙන්නෝන....

    ReplyDelete
    Replies
    1. හි හි නැතුව නැතුව.....මේ අක්කේ ඒක නෙමෙයි කවුද ඔයාට කිව්වේ මාස ගානක් සරම හෝදුවේ නෑ කියලා ඈ....

      කොමෙන්ටුවක් නොදැම්මට අමනාපයක් නෑ ඉතිං ඇවිල්ලා කියවලා ගියත් ලොකු දෙයක් ඒත් කොමෙන්ටු දැක්කාම මාර විදියට ඇඟට ෆිට් එකක් එනවා....බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට

      Delete
  29. "ලැපක් ලැප උඩ තියන් හිටියාම මෙව්වා වෙනවනම් සරල අවලම්බයක චලිතයකට බාධා ඇතිවන අයුරින් තිබ්බාම මොනා නොවෙනවා ඇද්ද..........???????????????"
    අන්න පට්ටම කෑල්ල!
    මැවිලා පෙනුනා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ආහ් හි හි වැඩිය මවන්න එපා හොඳේ හි හි ඒක මීටර් උනේ ඔයාට විතරද මන්දා බොහෝම ස්තූතියි dude කොමෙන්ටුවට

      Delete
  30. අඩේ පට්ට වෙද මහත්තයෙක් නේ !!
    මම අදමයි මේ කතා සෙට් එක කියවන්ඩ සෙට් උනේ. මරුවට ලියලා තියෙනවා.
    අන්තිම කෑල්ල දෙපාරක් කියෙව්වට පස්සේ තමා මීටර් උනේ !!!

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අයියේ ඇඬෙනවා ඒ තරම් හොඳයි..... පහුගිය ටිකත් හැකිනම් කියවලා බලන්නකෝ.. අන්තිම කෑල්ල හොඳයි නේ බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  31. ඔන්න මමත් ආවා මේ පැත්තට...
    හිමීට කියවගෙන එන්නම් බ්ලොග් එක
    හරි අපුරු වෙද ගෙදරකනේ ඉඳල තියෙන්නේ
    ලැපේ තෙල් ගෑවිලා බේරුනා මදෑ :))

    ReplyDelete
    Replies
    1. හරි අපූරු වෙද ගෙදරක්දත් අහනවා හොල්මන් ගෙයක් වගේ අප්පා හි හි ලැපේ තෙල් විතරක් ගෑවුනේ ඒ දවස් 33ටම අළු කෙහෙලුයි කෙහෙල්මුවයි කන්න දුන්නු නිසා මගේ හිතේ හි හි බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  32. මේ පොස්ට් එක දැක්කේ දැන්නේ ගැමියෝ.....

    ලැප් එකක් කකුල් අස්සේ ගහගෙන ඇවිද්ද කිව්වම .... හිතන්නත් අමාරුයි කලේ කොහොමද කියල ....

    ලැප් එක ආපහු වැඩ කලා එහෙනම් .... :P

    ReplyDelete
    Replies
    1. හි හි ඒ වෙලාවේ ඒක පැත්තකින් තියලා ඇවිදින්න ගියානම් වෙද මහත්තයා කලන්තේ දානවා හි හි.... අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන් වගේ තමා ඇවිද්දේ වෙලාවට ඒක මිනි නොට්බුක් එකක් නැත්තම් බඩුම තමයි... බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට... ලිපිය ගෙදරට එන කේස් එක තාම වැඩ නැද්ද අයියේ

      Delete
    2. නෑ මලයෝ .... තාම නොලැබේ.... :(

      Delete
    3. මම ආයේ ඒක හැදුවා පොඩ්ඩක් ආයෙම මේල් ඇඩ්‍රස් එක දීලා බලන්නකෝ

      Delete
  33. මල්ලී මට ඔයාගේ නම්බර් එක දෙන්න මල්ලී , හෙන හදිස්සියක් , 0776531595 sms එකක් දියං

    ReplyDelete