Thursday, February 9, 2012

මටද නොදැනී ඔබට රහසින් නෙතින් කඳුලක් පිට වුණී...


මම මගේ ආදරීව බලන්න යන්න ලෑස්තිවෙලා ඉන්න දවසක මහ රෑක නින්ද යන්නේ නැති වෙලාවකයි මේ නිසඳැස ලිව්වේ ගෙදර ඉඳන්...අපි හම්බුවෙන්නේ මාස කීපයකට සැරයක් විතරයිනේ ඉතින් හම්බුවෙන්න යන්න කලින් දවසට අනිවාර්යෙන් මට නින්ද යන්නේ නෑ එදා ඉඳන් අද වෙනකන් වෙච්චි හැමදේම මතක් වෙනවා.......ඕං බලන්නකො හිතුනු ඒවා එදා රෑ.................


ඔබ ළඟින් නැති වේදනා.......
අඳුරු අහසට පැවරුවා....
ඔබ ළඟට එන
දවස අත ළඟ
මගෙ සතුට පිරි ඉතිරෙනා....

නෑ දුක් කඳුලු
නෑ දුක් සුසුම්
අපි නැවත හමුවෙනවා.....

සිතු නෑ තනිව
ඔබ එයි විගස
මා තනිව හිනැහෙනවා.....

මා දුටුව විට උපන් සතුටින්
කඳුලු කම්මුල් තෙමු හැටී....
දෑස ඔබගේ තෙමුණු කඳුලින්
රතු වෙලා දිදුලන හැටී.....
මගේ තුරුලේ ගුලිවෙලා ඔබ
ආදරෙන් හිනැහෙන හැටී......

මැවී මතකේ......
නින්ද නෑ දැන්.....
සිතුම් සයුරක කිමිදුනී

ඉතින් මෙහෙම රැයක් පහන් කරලා ආදරී ගාවට ගියා කියමුකෝ.ඒත් ඊට පස්සේ අමාරුම වැඩේ තමයි එයාව එහේ දාලා මම මෙහේ එන එක.එයාව බස් එකට එහෙම නග්ගවලා බස් එක යනකන්ම එයා දිහා බලාගෙන ඉඳලා ගෙදර එන්න බස් එකට නගිනකොට හැමදාමත් වගේ මගේ ඇස්වලට කඳුලු ඇවිත්.ඔහොම එන අතරමගක මගේ ෆෝන් එකේ කොටාගත්තු එකක් තමයි මේ.බලන්නකෝ මොනාද හිතිලා තියෙන්නේ කියලා....

ඔබට සමුදී යන්නෙමි
නැවත යළි දින එන්නෙමි
එලෙස එන දින
ඔබත් මමවත්
තවම හරිහැටි නොදනිමි

අහස අඳුරින් බර වුණි
සිහින් පොද වැසි ඇරඹුනි
ඒ මගේ දුක් ගින්න හින්දද
අහස තනියට වැලපුනේ
මටද නොදැනී
ඔබට රහසින්
නෙතින් කඳුලක්
පිට වුණී

ඔහොම දුක් විඳගෙන අවුරුදු ගානක් අපි ගොඩාක් ආදරෙන් කල්ගෙව්වා.තාමත් අපි ගොඩාක් ආදරෙන් ඉන්නවා හරිම සන්තෝසෙන්.

8 වසරේ ඉඳන් අපි දෙන්නට රහසින් අපි දෙන්නට දෙන්නා ආදරේ කලා.එයා මගෙන් අහන්න බයෙන් හිටියා වගේම මමත් එයාගෙන් අහන්න ගොඩක් බයෙන් හිටියේ.ඒත් අපි ආදරෙන් හිටියා ඒක යාළුකම වෙන්නත් ඇති ඒත් යාළුකමට එහා ගියපු ආදරණීය දුරකතන සංවාද අපි අතරේ එමට සිදුවුනා අවුරුදු ගානක් තිස්සේම.


බොහෝම කටුක කාලයක් ගෙවලා අවසානයේදි මම එයාට මගේ ආදරේ ප්‍රකාශ කලා.....එවෙලේම හරිම ලස්සන හිනාවකින් එයත් මට ආදරේ ප්‍රකාශ කලේ එයත් මට මීට අවුරුදු ගනනාවක සිටම ආදරේ කල බවත් කියන ගමන්.

එයා මට ආදරෙයි කියලා කියපු ඒ ආදරණීය සිදුවීමට අදට අවුරුදු දෙකයි.2010 පෙබරවාරි 9  ධාවනය වෙමින් තිබූ බසයක අවසාන සීට් පේලියෙත් කොනේම සීට් එකක තමයි ඒ ලස්සනම ලස්සන සිදුවීම වුනේ.

මම මගේ ආදරීට ගොඩාක් ආදරෙන් ලියපු ඒවාගෙන් කිහිපයක් තමයි මේ.... 


ලියලා දැම්මේ 2010-02-09 වෙලාව 12.46am

85 comments:

  1. හපොයි මචෝ! හරිම දුක හිතුනා. දැන් ඉතින් මටත් නිදාගන්න වෙන්නෑ. දැන් කොහොමෙයි බොල හෙට පාසල් යන්නේ? ඒක නෙමෙයි අවුල එහෙන්ද ? මෙහෙන්ද? දෙපැත්තෙන්මද? අවුලට හේතුව මොකද්ද? පුලුවංනං විතරක් ඔක්කොටම උත්තර ඕනෑ. තව ප්‍රස්නයක්! ඕ ලෙවැල් කරේ මොන අවුරුද්දෙද?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් එහෙම අවුලක් නෑ මචෝ.... මම කියන්න අදහස් කලේ අද දවසට මම මගේ ආදරීට ආදරේ ප්‍රකාශ කරලා අවුරුදු දෙකයි කියලා... වැරදියට තේරුම් යනවද මංදා ලියලා තියෙන විදියට හිටින්කෝ මම මේක තව ටිකක් තේරෙන්න හදන්න...බොහෝම ස්තූතියි ඈ කොමෙන්ටුවට

      Delete
    2. ඕං දැන් හරි දැන් පැහැදිලියි නේ... සා/පෙ කලේ 2007 දි.අවුල ගැන කියනවනම් සන්තෝසෙන් කියන්න සන්තෝසයි එහෙම අවුලක් තාම ගෙවල් වලින් පෙන්නලා නෑ කියලා හි හි

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. හලි හලි! ප්‍රස්න සේරම විසඳුනා දැන්
      නිදාගන්නට ඇහැක සතුටින්

      Delete
  2. හ්ම්ම්...දුර ද එතකොට ප්‍රශ්නේ...පස්සේදී විසඳුමක් ලැබෙයි..දැනට ඔහොම ඉන්නකෝ :)

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ විසඳුමක් හොයා ගන්න ඕනේ ඒත් ඉක්මන් වැඩියි දැන්ම.කාලය සේරම විසඳයි නේද සේරම බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට

      Delete
  3. සයුරිනම් කියයි ඒ දුර ගැමිය කොහොම තරනය කරන්නද.දැන් බස් වියදමත් වැඩියි නෙ.විසඳුමකට කියල තියෙන්නෙ ඉතින් හදිස්සි වෙන්න තමයි.

    @ගැමියා:ඉවසන්න අයියේ ඉවසන්න.......හැබැයි මටනම් ආරංචියක් ලැබුනා එයාව බලන්න යන්න අලුත් වීසා එකක් හමු උනා කියල.මට කිව්වෙ කිටී ,හා.....අමතක උනානෙ පෝස්ට් එකනම් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. පිස්සුද මලේ හැඟීම් වලට ඉඩදීලා බෑ උඹ කන්ට දෙනවනම් හදිස්සි වෙන්න බැරියැයි.අළුත් වීසා එක හම්බුනා ඒත් පාස්පෝට් එක තාම හැදුවේ නෑනේ ළඟදි ඒවායින් ප්‍රයෝජනේ ගන්න ඕනේ....බොහෝම ස්තූතියි මලේ කොමෙන්ටුවට

      Delete
  4. අර මුල්ම එක පොඩ්ඩක් එඩිට් කරල ගත්තොත් ලස්සන සින්දුවක් කරගන්න පුළුවන් වෙයි මයෙ හිතේ.... බොක්කෙන්ම ලියැවිච්චි ඒවනේ..... :D
    අවුරුදු දෙකට වාසනාවන් කියල කියන ගමන් හැරමිටියෙන් යනෙන තුරා දුක සැප එකට විඳගෙන ලස්සනට ජීවත් වෙන්න ලැබේවා කියල පතන්නම්....!! ඒ වගේම තමයි මේ තියෙන සන්තෝසය හැමදාම ඔය දෙන්නා අතර රැඳේවා...!!!
    ආදරය නිසා වගකීම් අමතක නොවී ලස්සන අනාගතයක් ගොඩ නගාගන්න හොඳ අඩිතාලමක් දාගැනීම සඳහා පාසැල් අධ්‍යාපනය උසස් ලෙසින් හමාර කරන්නට අධිෂ්ඨානය වීරිය ඇති වේවා...!!!! :D

    ReplyDelete
    Replies
    1. හි හි එච්චර ලස්සනයිද ඈ ඕං මටත් හිතුනා එහෙම එකක් කරා නම් හොඳයි කියලා... එහෙම කරගත්තෝතින් ඔයාටයි මුලින් එවන්නේ...
      අක්කාගේ පැතුමටත් බොහෝම ස්තූතියි එච්චරම තමයි ඉතින් ඕනේ.සන්තෝසෙන් ඉන්න ඇත්නම් කොච්චර ෂෝක්ද...

      අන්න ඒකනම් ඇත්ත හැමදාම මට මේක මතක් කරලා දෙනවනේ බොහෝම ස්තූතියි අක්කෝ...තව වැඩි කාලයක් නෑ ඉතින්...බොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවට....

      මම මගේ ගමේ ෆොටෝ ටිකක් ඉල්ලගත්තා අපේ නැන්දගෙන් තව ටිකක් ස්කෑන් කරන්න තියෙනවා ඊට පස්සේ ලස්සන පෝස්ට් එකක් ලියන්නයි ඉන්නේ

      Delete
    2. කොමෙන්ටුවට ස්තුති කරල මදි... අවවාද පිළිපදින්නත් ඕන... තව ටික දවස නම් විභාගෙට මොකද ටිකක් ඒකට තැන දුන්නොත් මේ දවවල ටිකක් වැඩිපුර.... නැන්ද මාමල ළඟට ගිහින් කොන්ද පණ ඇතුව කෙල්ල ඉල්ලන්න පුළුවන් වෙන්න හොඳ රස්සාවක් අධ්‍යාපනයක් තියෙන්න එපායැ මං අහන්නෙ.... ;D

      අර පෝස්ට් එක විභාගෙන් පස්සෙ ලියමු හොඳේ..... පරක්කු උනාට කිසිම අවුලක් නෑ.....

      Delete
    3. හොඳමයි අක්කණ්ඩි එලකිරි වගේ තමයි බ්ලොග් පරිශීලනය උදේ වරුවේ පැය දෙකකටත් රෑ 10න් පසු පැය දෙකකටත් සීමා කරලයි තියෙන්නේ...ඉන්ටර්නෙට් බිල ගෙවීම අම්මා වර්ජනය කරලත් තිබුනා කියලා කියලා ආයේ ඉල්ලගත්තේ මේ සීමාව දාගෙන

      නැන්දා මාමා බැහැදකින්ට ගිය අවස්ථාවෙදි රසවත් සිද්ධි ගොඩාරියක් වුනා ඒ ගැනත් කියන්නම්කෝ දවසක මගේ ආදර කතාවෙන්.... හි හි වයසට වඩා පණ්ඩිත වැඩමයිනේ මම කොරන්නේ....

      Delete
  5. හපුච්චියේ....ඔයාගෙ ඇන්වසරි එක අද කියල අපිවත් දන්නෙ නෑනෙ...ඔන්න ඉතින් ඔයාට කෝඩුකාරයාගෙත් හද පිරි සුභ පැතුම්.ඔය දෙන්නට ජීවිත කතරේ තවත් දිගු කාලයක්,දිගු ගමනක් යන්න ශක්තිය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනව.ඇත්තටම කවියනම් මාර ලස්සනයි අයියේ.....

    ReplyDelete
    Replies
    1. හි හි එදා මගේ උපන්දිනේ මට අමතක වුනා වගේ තමයි මලේ වැඩ කන්දරාවත් එක්ක හදිසියේ මතක් වුනේ ඉතින් ටක් ටක් ගාලා මේ පෝස්ට් එක දැම්මේ...මේ මම නිදිමරාගෙන ලියපු කවියකුයි බස් එකේ එනකොට ලියපු කවියකුයි නිසා වැඩි මහන්සියක් නෑ....බොහෝම ස්තූතියි මලේ කොමෙන්ටුවට

      Delete
  6. සුභම සුභ ඇනිවසරියක් වේවා..
    කවි ටික නම් හරිම ලස්සනයි..හරිම රොමෑන්ටික්..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඈ..... අර කතාවකුත් තියෙනවනේ ඕනෑම පිරිමියෙක් ආදරය හමුවේ කවියෙක් වෙනවා කියලා මටත් ඒකමයි මේ වෙලා තියෙන්නේ හි හි....බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  7. හරිම සතුටුයි මල්ලි ..ආදරේ කරන්න ඕනෙ එහෙම තමන්ගෙ හිතට අවංකව අවනතව..මමත් එහෙමයි..මම ආදරේ කරන කෙනත් මට හමුවන්නෙ ගොඩාක් කාලෙකින් ඉතාම කෙටි මොහොතකට විතරයි..ඒත් ජීවිත කාලෙම ජීවත් වෙන්න තරම් මතක සැමරුම් ගොඩක් මම ඒ මොහොතින් එකතු කරගන්නවා..ඒක තමයි සැබෑවටම ආදරේ කරනව කියන්නෙ..

    හරිම ලස්සනයි කවි පේලි ටික..කොහොමත් පොඩි එකා දක්ෂයා නොවැ..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ ආදරේ දුරින් ඉද්දි වටිනාකම ගොඩක් වැඩියි කියලා හිතෙනවා මොකද එතකොට ගතින් නෙමෙයිනේ හිතින් නේ වැඩියම ආදරේ කරන්නේ....ඒ සුළු මොහොතකට හමුවුනත් ඒ හැම මොහොතක්ම මම ගොඩාක් ආසාවෙන් මතක තියාගන්නේ ආයෙම මතක් කරලා සතුටු වෙන්න පුළුවන් නිසා...අක්කටත් මගේ වගේම ආදර කතාවක් තියෙනවා වගේ...එහෙම මාර සුන්දරයි නේද කාලෙකට පස්සේ හමුවෙද්දි ඇස් වලට කඳුලු පිරෙන එක ගොඩක් ආදරණීයයි.....

      බොහෝම ස්තූතියි අක්කේ අගය කිරීම්වලටයි කොමෙන්ටුවටයි....ඔයාලා කවි දානවා නොදකින්න මම කවි ලියන්නෙත් නෑ

      Delete
  8. ඔබේ පිවිතුරු ආදරයට අපේ ප්‍රණාමය...හා සුභ පැතුම්......!!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ බොහෝම ස්තූතියි

      Delete
  9. දෙන්නටම සුභ අනාගතයක් පතනවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔබා මාමේ......ඔබා මාමා කවි කියවන්න ඒ තරම් ආසා නැති බව නම් දන්නවා එහෙව් එකේ මෙහෙම කොමෙන්ටුවක් දාපු එක මට රටක් වටිනවා

      Delete
    2. මේ පෝස්ට් එක අප්ඩේට් කලාද, මගේ රීඩර් එකේ දෙවෙනි පාරට පෙන්නුවෙ

      Delete
    3. අනේ නෑ ඔබා මාමේ මේක දාපු ගමන්ම එක පාරක් පොඩි අවුලක් තියලා හැදුවා ඒකත් පාන්දර 12.30ට විතර එච්චරම තමයි....

      Delete
  10. සෑම දෙයක්ම සුබ සේ ඉටුවේවා කියල පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි Praසන්ன අයියේ ලටපටේ මුකුත් ලියන්න එහෙම හිතුනේ නැතෙයි

      Delete
  11. ආදරේ කරන්න දෙන්නෙක් කාලෙකින් හමු වෙද්දි දැනෙන හැගීම කියලා නිම කරන්න බෑ.. ඒක ඒ තරමටම වේදනායි.. සොදුරුයි.. දෙන්නටම සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ සහතික ඇත්ත ඒත් ඒ වේදනාබර මතකය සෑහෙන කාලයක් මතක් කර කර සතුටු වෙන්න පුළුවන් ඔක්කොටම වඩා අමාරු වෙන්වෙන එක...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  12. දුකත් හිතුනා කවිය ලස්සනයි..ඒත් ඔයාලගේ ආදරේ ගැන නම් සතුටුයි මල්ලි..සුභ පතනවා දෙන්නටම..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කේ ආදරේ කියන්නේ දුක සතුට දෙකම කවලම් දෙයක්නේ නේද

      Delete
  13. දෙන්නටම ජය වේවා..වැඩිකල් යන්ඩ නොදි බැඳපං යකො...

    ReplyDelete
  14. අනේ අම්මෝ මට බැරියෝ තාම මට 20යි බඳින වයසක්ද ඈ.....මෙව්වා කලබලේ කොරලා බෑ ගොඩාරියක් හිතන්න ඕනේ නැත්තම් බඩුම තමයි හි හි...තව අවුරුදු කීපයක් ඉවසමු නේද තාම පොඩි එකානේ....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

    ReplyDelete
    Replies
    1. ආපො උඹට 20 ද එහේනම් 29 වෙනකං බදින්ඩ එපා පුතො..කොලු කාලේ ජොලි කරල හිටහං මුලින්...පස්සේ බැරියැ අනිත්වා..හික්..ජය

      Delete
    2. අනේ අම්මෝ 29ක් ඉන්න මගෙ සන්තෝ එච්චර ඉවසන්න ඇහැක් වෙයිද වැඩිම 25ක් දාලා ගම්මු ඔන්න ඔහේ

      Delete
  15. සුබ පැතුම් මල්ලියේ ආදරණීය ආදරයට..!! කවි සිතිවිලිනම් ලස්සනයි ගොඩක්.. :) බස්එකේදි ලිව්ව කවිටික සතුටෙන් ලියන්න ඔය දුර ප්‍රශ්නය නැතිවෙලා ජීවිතයේ දිගු ගමනක් යන්නට හදවතින්ම සුබ පැතුම් ඔයාලා දෙන්නටම..!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කේ සුභ පැතුමට.... ඒ වෙලාවට දුකයි අප්පා ආයේ කවදා යන්නද කියලා හිතාගන්නවත් බැරුවනේ පිටත් වෙන්නේ.... නැවත වතාවක් ස්තූතියි අක්කේ මේ සුභ පැතුම් කියවන්න කියවන්න මට මාර සතුටුයි කොමෙන්ටුවටත් බොහෝම ස්තුතියි අක්කේ

      Delete
  16. කවි ටික නම් හරිම ලස්සනයි මල්ලි.. ප්‍රේමනියයි... නංගිටයි මල්ලිටයි දෙන්නටම සුභ පතනවා ඔය ආදරේ හැමදාම හදවතේ රැඳේවා කියල....!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ශානි අක්කේ ඕං අදනම් වරද්දන්නේ නැතුවම අක්කා කියලා කිව්වා හොඳේ.....කොමෙන්ටුවටත් බොහෝම ස්තූතියි ඈ

      Delete
  17. එහෙනම් ගැමියෝ ඔන්න මාත් සුභ පැතුවා. උඹ නුවර යන්න ඔච්චර නටන්නේ අැයි කියලා දැන්නේ තේරුනේ.

    ReplyDelete
    Replies
    1. හි හි ඔය තේරුනේ යස අපූරුවට බොහෝම ස්තූතියි මලෝ සුභපැතුම් කොමෙන්ටුවට

      Delete
  18. ම්ම්ම්...ලස්සනයි..වගේම දුක හිතෙනවා..ඒත් ඕක ආදරේ කරන ගොඩදෙනෙක්ට පොදු දෙයක්නේ....ඩෝන්ට් වොරී...

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ ඒකනේ කොයිතරම් ආදරෙන් වෙලී ඉන්න කෙනෙක් වුනත් විරහ ගී වලට කැමතිත් ඒකමයි මම හිතන්නේ....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  19. හරිම ලස්සනයි මලේ කවි ටික. හැමදාමත් ආදරිත් එක්ක ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා කියල පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඈ සුභ පැතුමටයි කොමෙන්ටුවටයි...

      Delete
  20. Replies
    1. බොහෝම ස්තූතියි පොඩි මෑන්....ඔබේ ආදරේටත් මගෙන් සුභ පැතුම්

      Delete
  21. හැමදාම ආදරය සතුට ලැබෙයි මචං.. කියන්න දෙයක් නැහැ.. මට මගේ කතන්දර මතක් වෙනවා..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ ඔයාගේ ආදර කතන්දර දානකොට කියවන එකා දැවිලා අළුවෙලා නොයන ටයිප් එකේ කතාවකුත් ඉඳලා හිටලා ලියමු හොඳේ

      Delete
  22. සතුටින් සුබ පතනෙමි මන්
    ඉන්න හැකිය දිවි තියෙන තුරා පනමෙන්
    ආදරේ අරුතය හදුනාගත් විලසින්
    ‍රැකදෙවා ගැමි යුවලම හරි ආදරයෙන්

    අනේ මල්ලියෝ කවි ලියන්න නම් මම දන්නේ නැ..
    ජිවිතේ සතුටින් ලස්සනට ගෙවන්න හැමදාමත් ආදරෙන් ඉන්න මමත් සුභ පතනවා දෙන්නටම..

    ReplyDelete
  23. සතුටින් සුබ පතනෙමි මන්
    ඉන්න හැකිය දිවි තියෙන තුරා පනමෙන්
    ආදරේ අරුතය හදුනාගත් විලසින්
    ‍රැකදෙවා ගැමි යුවලම හරි ආදරයෙන්

    අනේ මල්ලියෝ කවි ලියන්න නම් මම දන්නේ නැ..
    ජිවිතේ සතුටින් ලස්සනට ගෙවන්න හැමදාමත් ආදරෙන් ඉන්න මමත් සුභ පතනවා දෙන්නටම..

    ReplyDelete
    Replies
    1. //රැකදෙවා ගැමි යුවලම හරි ආදරයෙන්// ඇඬෙනවා අප්පා මාර වචනේ කොහෙන්ද ආවේ....

      මම මේ කවි ලිව්වට කවිකාරයෙක් නෙමෙයි අයියේ ඔහේ හිතට එන එක තාලයක් හදාගෙන ලියන එකයි කරන්නේ....ඔය තියෙන්නේ ලස්සන කවියක් පිස්සු හැදෙනවා....බොහෝම ස්තූතියි අයියේ

      Delete
  24. දෙන්නටම වාසනාවන්ත අනාගතයක් පතනවා !!! අවබෝදයෙන්, විශ්වාසයෙන් දිවිය පුරා එක්ව යන ගමනකට සුබ පැතුම් !!

    මම කවි කියවන්ඩ කම්මැලි නිසා කවි ටිකනම් කියෙව්වේ නැහැ.. අමනාප නොවේ යැයි සිතනවා..

    ReplyDelete
    Replies
    1. අයියෝ එහෙම අමනාපයක් නෑ අයියේ මම කවි දැම්මේ අමතර රසයකටත් එක්ක වැදගත්ම දේ ඔයා කියවලනේ....බොහෝම ස්තූතියි අයියේ

      Delete
  25. මටත් ඔහොම කාලයක් තිබ්බා.දන ඉතින් නිදහස් ගොවියෙක්.

    දෙන්නටම සුභ පතනවා.

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද බොල ඒ හරුපේ.. නිදහස් ගොවියෙක් කියන්නේ හැම කුඹුරෙම වපුරන එකෙක්ට ද ???

      Delete
    2. බොහෝම ස්තූතියි අසාර් අයියේ හැමදාම නිදහසේ ඉන්න හිතන්න එපා හොඳේ

      Delete
    3. හික් හික් ආං ප්‍රස්නේ දීපල්ලකෝ උත්තර

      Delete
    4. සෙනා ඔන්න ඉතින් මාව අසරණ කරන ප්‍රශ්න අහනවා.

      Delete
    5. ඕක නෙමෙයි උත්තරේ ඕක නෙමෙයි උත්තරේ..............

      Delete
  26. එළ එළ ගැමියෝ සුභ පැතුම් !!!!! කලබල නොවී හෙමීට නිවාඩු පාඩුවේ කරන්න ආදරේ.......

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා අයියේ බොහෝම ස්තූතියි........

      Delete
  27. එල එල මල්ලි!"මට දැනෙනවා ආදරේ "කියලද දැන් කියන්නේ!:PP
    සුබපැතුම්!:)

    ReplyDelete
    Replies
    1. හි හි බොහෝම ස්තූතියි ඈ "දැනෙනවා ඔබෙ ආදරේ" හොඳයි වගේ නේ

      Delete
  28. ලස්සන ආදරේකට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි වර්ණා අක්කෝ

      Delete
  29. අයියේ අපිට ලබාගන්න අමාරු දේවල් ජීවිතේට අමාරුවෙන් හරි ලං කර ගත්තහම ඒවා කවදාවත් අපිව දාලා යන්නේ නැහැ. අපිට නැති වෙන්නේත් නැහැ. එහෙම තමා පොත් වල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පොත් පත් වල ගොඩක් ප්‍රින්ටින් මිස්ටේක්ස් තියෙනවනේ කොල්ලෝ පොඩ්ඩක් ඒ පොත අරං ආයේ කියවලා බලන්නකෝ ඔයා කියපු වාක්‍යයට උඩින් තරු ලකුණක් තියෙනවද කියලා....මොකද අනිවාර්යෙන් *කොන්දේසි සහිතයි කියලා තියෙන්නම ඕනේ... බොහෝම ස්තූතියි මලෝ කොමෙන්ටුවට

      Delete
  30. මමත් නොයෙකුත් දේවල් ටික ටික කලත් කවි වලට නම් එච්චර ටැලන්ට් එකක් පෙන්නන්නෙ නෑ. කවි ගැන පොඩ්ඩක් උනන්දු උනෙත් මේ ලඟකදි. ඒ කොයිහැටි වෙතත් ගැමියගෙ කවිටික නම් එළ! දෙන්නටමයි දෙන්නගෙ නැගල යන ආදරේටයි සුභ පැතුම්! එතකොට ඕ ලෙවල් කලේ 2007 නම් මේකා ගැමි පැටියෙක්නෙ තාම!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. බෑ කියලා දෙයක් නෑ මම හිතන්නේ බලන්නකෝ ට්‍රයි එකක් එහෙම දීලා...හි හි පැටියා තමා තාම බොහෝම ස්තූතියි අයියේ... ආ ඒක නෙමේ මේ යට තියෙන පේලිය දැක්කාම මට මතක් වුනේ walker texax ranger කියන සීරිස් එක

      Delete
  31. ගැමියා මම බ්ලොග් කලාවට අලුතෙන් එකතු උනේ ඒ බ්ලොග් එකත් මේ දවස් වල එක තැන පල් වෙනවා... මං ඔයාගේ බ්ලොග් එකේ ගොඩක් ලිපි බොහොම ආසාවෙන් කියවනවා.. මේක කියවද්දී මගේ ඇස් වලට කඳුළු ආවා, මට ගොඩක් සතුටුයි ඔයාට දෙවැනි කවියටත් වඩා පලවෙනි කවිය ලියන්න ලැබුන එකට... මොකද මං දැන් අවුරුදු 2ක් තිස්සේ ලියන්නේ ඔයාගේ මේ පොස්ට් එකේ තියෙන දෙවැනි කවිය... :(

    එලෙස එන දින
    ඔබත් මමවත්
    තවම හරිහැටි නොදනිමි......

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න සංවේදි කොමෙන්ටුවක්.... ආදරේ කරන අයට උරුම දෙයක් තමයි ඉතිං හිත හදාගෙන ඉවසන් ඉන්නවා ඇරෙන්න කලබල වෙලා තේරුමක් නෑ අඩුමගානේ කවදාක හරි හම්බුවෙයිනේ කියලා ඉවසන් ඉමු... හිතේ හිරකරගත්තාම දුක වැඩි නිසා දුකක් ආවාම කාට හරි කියන්න එහෙමත් බැරි නම් ලියන්න... මම මාස තුනකට සැරයක්වත් මගේ ආදරීව බලන්න යන්නේ පිටු 80 පොතක් පිරෙන්නවත් කවි ලියලා....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
    2. මම හිතන්නේ මම අයියෙක් නෙමේ මල්ලි කෙනෙක්.. මම O/L කෙරුවේ 2008.... සුබ පතනවා දෙන්නටම....

      Delete
    3. ආ එල එල මලෝ බොහෝම ස්තූතියි ඈ.....

      Delete
  32. හ හා පෙම් මුල්ලෙන් පටන් ගනිපු කේස් එකක්.... බස් එකෙන්ම පටන් ගනිපු නිසා ගොඩාක් දුර යන්න සුභ පතනවා. මතක ඇතුව නිතර ඩීසල් වතුර චෙක් කරන්න. කලට වෙලාවට ස‍ර්විස් කරන්න. ඔකේ...

    ReplyDelete
    Replies
    1. හි හි තේරුණා තේරුණා අයියේ හි හි පට්ට කතාව හයියෝ...... බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට පට්ට උපදෙසක් ඈ

      Delete
  33. ශා..පුදුම ලසනයි ඒ කවි,, ඒ ව්අගේම ඔයාගෙ ආදර කතාව ඔක්කොමටම වඩා ලස්සනයි.. ඒ තරම් කාලයක් තිස්සෙ එකම වගේ ආදරෙන් බැඳෙන්න , බැඳිලා ඉන්න ඔයාලා ජාති ජාතිත් පතාගෙනම එන්න ඇති..:)

    ජය වේවා!!! හැමදාකම සතුටින් ඉන්න..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කේ මාත් හිතන්නේ ඒකම තමයි....කොමෙන්ටුවටත් බොහෝම ස්තූතියි අක්කේ

      Delete
  34. හරිම ලස්සන අදහස් ඔයාට තියෙනවා ගැමියෝ..දිගටම ලියන්න මගෙන් සුබ පැතුම්!

    ReplyDelete
  35. ආදරයක් වෙනුවෙන් දුක් විඳින කාලේ සුන්දරයි !
    කොහොමහරි ආදරේ ලැබුනට පස්සේ මාර හැපි එකක් තියෙන්නේ !
    මම කිව්වේ බොරු නේ ???

    මේ මගේ පලවෙනිම පැමිණීමයි !! දිගටම එන්නම් ගැමියෝ !

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝසෙන් පිළිගන්නවා අයියේ ඔයාවත්.... ආදරේ ලැබුනාම තියෙන සතුට කියලා වැඩක් නෑ නිකන් පාවෙනවා වගේ අප්පා දිගටම එන්න දිගටම එන්න බොහෝම ස්තූතියි ඈ කොමෙන්ටුවට

      Delete