Wednesday, April 11, 2012

අනතුරක් කල හදියක්-7 කොටස(වෙද ගෙදර වඩු මඩුව)



මම වෙද ගෙදරට ගොඩ බැහැලා සති එකහාමරක් විතර යද්දි ලොකු වෙද මහත්තයා තීරණය කරලා තිබුනා වෙද ගෙදර හදන්න නියමිතව තිබ්බ අළුත් වාට්ටුව ඉක්මන් කරන්න ඕනේ කියලා.ඉතිං මට මේ ආරංචිය ලැබුනු දවසෙම හවස වෑන් එකකින් මොකක්දෝ භාණ්ඩයක් අරං ඇවිල්ලා හෝමාගම අක්කා ලැප තියංහිටිය පිළිකන්නේ වලං මැස්ස හරියේ පොඩි හට් කෑල්ලක් එහෙම ගහලා තැන්පත් කලා.එදා ටිකක් වැස්ස දවසක් නිසා ඔළුව දාලා බලන්න බැරිවුනා මොකක්ද මේ වහලා කරලා ගෙනාවේ කියලා....

ඒ වෑන් එක ගියායින් පස්සේ තමා මට මීටර් වුනේ මේ ආපු භාණ්ඩේ එක්ක තව අයියා කෙනෙකුත් ඇවිල්ලා ඉන්නවා කියලා වෙද මහත්තයලානම් බාසුන්නැහේ කියලා කතා කලා ඒත් වැඩි වයසක් පේන්නත් නැති එකේ මම පට් ගාලා නමක් හදාගත්තා ඒක තමා බාසු අයියා
පහුවදා උදේ කසාය එක බීලා කුස්සියට රිංගුවා සුපුරුදු පරිදි සීනි ටික කටේ හලාගන්න.හැබැයි පිළිකන්නෙන් ලී ඉරන සද්දයක් ඇහෙනවා එතකොටයි මතක් වුනේ ඊයේ හැන්දෑවේ ගෙනාපු භාණ්ඩේ...ඒ කියන්නේ ලී ඉරන අයිටම් එකක් තමා ගෙනත් තියෙන්නේ.සීනි ටික අල්ලට හලාගෙන ෂේප් එකේ ඔළුව දැම්මා මොකෝ වෙන්නේ බලන්න.පුංචි පහේ ලී ඉරන මැෂිමකින් බාසු අයියා ලී ඉරනවා.... ඉරනවා කිව්වට ලෑලි මට්ටම් කිරිල්ලක් වෙනවා තමා දැක්කේ පොඩ්ඩක් කැරකිලා බලද්දි...හැබැයි ලී ඉරන්නත් බැරි කමක් නෑ.... මාත් අල්ලේ සීනි කන ගමන් බලාගෙන හිටියා...

එතකොටම බාසු අයියා කතාවට බැස්සා.ආගිය තොරතුරු එහෙම කතා කරලා බැලින්නම් බාසු අයියා ගම්පහ පදිංචි කෙනෙක්... වාට්ටුවට ඕනේ ඇඳන් ටිකකුයි තව ජනෙල් උළුවහු වෙද ගෙදර නැවතිලා ඉන්න ගමන් හදන්න තමා එයා ඇවිත් තියෙන්නේ.හැබැයි ඊට වඩා වැදගත් කාරණයක් දැනගත්තේ පොඩි වෙද මහත්තයා ඇවිල්ලා කියපු කතාවෙන්...

ආහ් අපේ මංත්‍රීතුමා උදෙන්ම වැඩට බැහැලා වගේ... අනේ ඔබතුමා වගේ රට කරවන අනික් ඈයොත් නිහතමානීව ඉන්නවනම් මොනා කරන්න බැරිද

නිහතමානිත්වය තියෙද්දි රට කරවන්න බෑනේ පොඩි වෙද මහත්තයෝ ඒකනේ අපි මෙතන ඉතුරු වෙලා ඉන්නේ

ඒ දෙන්නගේ දෙබසෙන් මාව උස්සලා පොලේ ගැහුවා වගේ මඤ්ඤං තත්වෙකට මාව පත්වුනා... දැන් අහන්නත් ලැජ්ජයි මොකක්ද මේ හතර බීරි කතාවේ තේරුම කියලා.

පැය බාගයක් විතර ලංකාවේ දේශපාලනේ අමිහිරි පැති ගැන සංවාදයක් ඇදුනා හැබැයි බාසු අයියගේ කථිකත්වයයි ඒ තියෙන දැනුමයි නියමෙට එලියට ආවේ ඒ සංවාදෙන්.මෙහෙම දැනුමක් තියෙන මේ මනුස්සයා ලී ඉරන මැෂිමක් එක්ක ඔට්ටු වෙන්නේ අහවල් බම්බුවකටද කියලත් හිතුනා.ගම්පහ ඉන්න අයනම් දන්නවත් ඇති සමහරවිට ජනතා විමුක්ති පෙරමුණ යටතේ ගම්පහෙන් තරඟ වැදුණු කෙනෙක් එයාගේ නමේ අගටත් වංශ කියන කෑල්ල තියෙනවා මට මතක හැටියට.මංත්‍රීතුමා කියලා කතා කලාට පහුගිය අවුරුද්දේ තරඟ වැදුණු අපේක්ෂකයෙක් පමණයි කියලා බාසු අයියා මට කිව්වා.

මම වෙද ගෙදරින් එනකන්ම බාසු අයියා වෙද ගෙදරට වෙලා නැවතීගෙන වෙද ගෙදර වැඩයි වෙද මහත්තයගේ සාත්තු සප්පායම් වැඩයි සෑහෙන්න කරට ගත්තා.ඉතිං ඒ කාලේ මට මලක් කඩාගෙන නිදහසින් ඉන්න කාලයක් හම්බුනා මේ වඩු මඩුවට පිංසිද්ධ වෙන්න.උදේම නැගිටලා වඩු මඩුවට වෙලා හිටියා විතරක් නෙමේ අත්උදව් පවා දුන්නා.

වඩු වැඩට උවමනා වෙන කූඤ්ඤ උල් කරන්න තමා මට මුලින්ම කියලා දුන්නේ කොයිතරම් කැපවීමෙන් වේගයකින් ඒක කලාද කිව්වොත් එයා දැං ඇති කියන්න හදද්දි මම කුඤ්ඤ දෙසිය පනහක් තුන්සීයක් උල් කරලා හමාරයි.උල් කරපුවායෙන් කරන්නත් වැඩක් තියෙන්න එපායැ ඉතින් උල් කලා වගේම ඒවාගෙන් ලෝකේ නැති ජාති කරන්න ගත්තා.ඕං එතකොට තමා මගේ සූටි මොලේට කී ටැග් එකක් හදන්න ඕනේ කියන අදහස ආවේ.බොහෝම ප්ලෑන් කරලා එහෙම වැඩේට බැස්සා මගේ අදහස උනේ මගේ ආදරීට තෑග්ගක් විදියට මගේ අතින්ම හදපු කී ටැග් එකක් දෙන එක.මම ඉතිං ඒ වැඩේට පාවිච්චි කලේ පීරකුයි,අර ලී පොලිෂ් කරන මැෂින් එකයි(වැලි කඩදාසි අලවලා ලී මදින එක... ග්‍රයින්ඩර් එක කියලද මංදා කියන්නේ[හැබැයි ඉතින් ඒක වැඩ නොකරන වෙලාවක මගේ කී ටැග් එක අරන් ගිහින් ග්‍රයින්ඩරේ කකුල් දෙක අස්සේ හිරකරගෙන කී ටැග් එක අරන් ග්‍රයින්ඩරේ අතුල්ලන එක තමා කලේ])…

පලවෙනි ට්‍රයි එකේ හිල විදින්න ගිහින් කී ටැග් එක විනාස වුනානේ.කොහොම හරි දෙවෙනි ට්‍රයි එකෙන් ලස්සන මැණිකක ස්වරූපයට ලීය හදාගෙන හිලකුත් විදගත්තා.දැං ඒක ආදරී ගාව ෆොටෝ එකක් ගත්තට ෆොටෝ එක දැන් නෑ නැත්තම් ඒක දාන්න තිබුනා.

ඊට පස්සේ තමා මට මතක හිටින්න කියලා සමරුවක් හදන්න ගත්තේ.ඔය උඩින් දාලා තියෙන්නේ ඒ හදපු කී ටැග් එක තමා.මම මුලින් හදාගත්තු කූඤ්ඤයක් තමා මිට වෙනුවට කාවද්දලා තියෙන්නේ ඕක ඔහොම හදාගන්න මට සතියක් විතර ගියා කොහොම හරි බාසු අයියගේ හැම භාණ්ඩයක්ම මගේ පර්යේෂණ කටයුතු නිසා මොට්ටම වෙනකන් මම වැඩේ කරගෙන ගිහින් තිබුනා.වෙද මහත්තයා සතුටින් හිටියේ එයාගේ වාට්ටුව හදලා දෙන්න මම සෑහෙන්න මහන්සි වෙනවා කියලා හිතලා ඒ නැත්තම් මාව ගහලා පන්නනවා...

කොහොම හරි මම මගේ බැට් එක හැදීමේ පර්යේෂණයේ නිරත වෙලා ඉන්නකොට පොඩි වෙද මහත්තයත් කියතක් අරං ලී ඉරනවා පැත්තක ඉඳන්.... බාසු අයියා යතුකැටේ අරන් ආවා එයාගේ ජනෙල් රාමුව ගාගන්න.මටත් එතකොට හිතුනා අඩේ පුංචි යතු කැටයක් තිබුනනම් මගේ බැට් එකත් ලස්සනට මට්ටම් කරගන්න තිබ්බනේ කියලා.ඉතිං මම හැරුණු ගමන් බාසු අයියගෙන් ඇහුවා....

මේ බැට් එක මට්ටම් කරගන්න සයිස් යත්තක් එහෙම නැද්ද අයියේ....??

ඕකට සෝක් යත්තක් තියෙනවා මල්ලි හුන්තං යත්ත කියලා ඒක හම්බුවෙච්ච දවසක මට්ටම් කරගනින්කෝ.... බාසු අයියා තාම බැඳල නෑනේ

ගැහිලා ගැහිලා මගේ ටියුබ් ලයිට් එකත් පත්තුවුනේ සෑහෙන්න වෙලාවකට පස්සේ
මම හදපු බැට් එකේ තවත් පින්තූරයක්
ස්ටෙප්ලර් එකකට හේත්තු කරන ලද බැට් එක හා බෝලේ


ප/ලි
ඔයාලා හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝගෙම සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉටුවෙලා ලබන්න වූ අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා....

71 comments:

  1. මලයා හරි වැඩ කරුවෙක්නේ... මේ වගේ සියුම් වැඩක් කරන්ඩ පුලුවන් කියන්නෙ හැබෑම හපනෙක්.. අර යත්ත හොයන්ඩනම් දැම්ම මහන්සි නොව්නට කමක් නැහැ.. විභාගෙ එහෙමත් තියනවා නේද :-)

    මලයටත් එහනම් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා කිවවා !!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සෙන්නා අයියේ..... අර කවුදෝ මන්දා කියලා තියෙනවානේ දෙයක් කරද්දි ඒ දේ කරන්නේ තමන් ගොඩාක් ආදරේ කරන කෙනාට කියලා හිතාගන්න එතකොට ඒ වැඩේ සාර්ථකව නිමකරගන්න පුළුවන් වෙනවා කියලා.අන්න ඒ ක්‍රමය නිසා තමා මට මේක මේ තරම් ගතියට හදාගන්න පුළුවන් වෙන්න ඇත්තේ.....

      යත්ත :D

      විභාගෙට මේ දවස්වල වැඩ අයියේ මාසෙකට එකක්වත් දානවමයි කියලා හිත හදාගෙන ඉන්නේ ඉතිං අවුරුද්දට සුභ පතන්නයි කඩිමුඩියේ දුවගෙන ආවේ.... 22 හම්බුවෙයි කියා හිතනවා

      Delete
    2. 22 එන්ඩ ඕනෑ කම තිබුනත්, එන්ඩ විදිහක් නැත. ඈත කතරක සිරවී ඇත.. :-)

      කවදා හරි අපි හම්බෙයිනෙ, මේ පුංචි රටේ..

      ජය පතමි !!

      Delete
    3. අනිවා අයියේ හම්බුවෙයි අයියා හැමදාම ඔහේ ඉන්නේ නෑනේ නේද... නරකද නවීන තාක්ෂණේ හරහා අවුරුදු උත්සවේ එක්ක එකතුවුනොත්.... මම කිව්වේ ස්කයිප් වලින් වගේ එන්න පුළුවන් වෙයිද විනාඩි කීපයකට හරි.... ස්කයිප් වීඩියෝ සපෝට් කරන ෆෝන් එකක් කස්ටිය අතර නැතිවෙන්න බැරි නෑ...

      හැමදේම සාර්ථක වෙන්න කියා පතමි

      Delete
  2. Replies
    1. හපෝයි මෙච්චර දිග පෝස්ට් එකක දැක්කේ ඔය කෑල්ල විතරමද අක්කෝ

      Delete
  3. අනේ මම දන්නේ නෑ. මේ දවස්වල පොඩ්ඩිට නම් මේ ලොකේ දෙයක් තේරෙන්නේ නෑ. :D

    ReplyDelete
    Replies
    1. මම මේ කංපනා කලේ අක්කට බබා කුමාරිහාමි කියන්න හි හි...

      මේ හුන්තං යත්ත නිසා පෝස්ට් එකේ අනික් කොටස් වැහිලනේ දුකේ බෑ අක්කෝ බොහෝම ස්තූතියි ඈ කොමෙන්ටුවට

      Delete
  4. ෂහ් මරුනේ මේක... ඔකේ මොන යතු ගාන්නද ගැමියා අයියේ... හි හි.. මටත් ලියිට් ඒක පත්තු වුනේ පස්සේ... ඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා .

    ReplyDelete
    Replies
    1. ඕක ටිකක් විතර සයිස් ලී කෑල්ලකින් හැදුවේ යත්තක් පාවිච්චි කොරන්න බැරි නිසා චූටි කටුවකින් තමා කැපුවේ.... ඒ කාලේ කොහොමත් ලෝක කුසලාන උනකුත් වැළඳිලානේ තිබුනේ ලෝක කුසලානේ මට හම්බුවෙච්චි හැටි ගැනත් කතාවක් තියෙනවා නිවාඩු පාඩුවේ ලියන්නම්කෝ මලේ... සුභ අළුත් අවුරුද්දක් වේවා මලේ 22 එනවා නේ??

      Delete
  5. ඔය සයිස් එකක් යතුගාන්න නං ඒ කියපු යත්තක්ම තමා ඕන වෙන්නෙ. ගැමියට සුභ අළුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. හි හි ඇත්තම තමා.... බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට ඔයාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා.... 22 එනවා ඇතැයි සිතමි

      Delete
  6. මටත් ඔය හුන්තං යත්තක් හම්බුවෙච්ච දවසක කියන්නකෝ... ;)
    ගැමියටත් සුබ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
    Replies
    1. තාම ඒ යත්ත ගන්න ලයිසොන් ගන්න බෑ නොවැ හි හි.... 22 හමුවීමට බලාපොරොත්තුවෙන් සිටිමි.. එනවා නේද??

      Delete
  7. ලබන්න වූ අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා.....ගැමියා මචන් :)

    ReplyDelete
    Replies
    1. එසේම වේවා රජ අයියේ..... 22 හම්බුවෙන්න එනවා නේදෝ

      Delete
  8. මල්ලිට නියම හැකියාවක්නෙ තියෙන්නෙ වඩු වැඩ වලට.
    ගැමියටත් සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ මාසයක් විතර ඉදිකිරීම් තාක්ෂණය කොලා නොවැ තාක්ෂණික ඇඳිම උපරිමයටම කලා පස්සේ ඒක කට් කරලා හොරෙන් තොරතුරු තාක්ෂණයට මාරු වුනානේ නැත්තම් වෘත්තිය වඩු කාර්මික වෙන්නත් තිබුනා තමා.... හැබැයි ඉතින් ඉස්කෝලේ වඩු වැඩ කලාට ආයුධයක් මුලින්ම ඇල්ලුවේ වෙද ගෙදරදි...

      සුභ අළුත් අවුරුද්දක් ප්‍රසන්න අයියේ ඔයාටත්..... 22 හමුවෙන්න ලැබේ යැයි සිතමි

      Delete
  9. ඉතින් ඒ කියපු ජාතියේ එකක් හම්බුනයි????

    ගැමියටත් සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. තාම ලයිසොන් නෑ නොවැ හි හි(හපෝයි උත්තර දීමේ අපහසුතාවෙකින් පෙලෙමි)
      ඔයාටත් එසේම වේවා අයියේ 22 සැණකෙලියේදි මුණගැසීමේ බලාපොරොත්තුවෙන් සිටිමි එනවා නේදෝ

      Delete
  10. කාලෙකට පස්සෙ වෙදගෙදර ගැන කතාවත්..

    ඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක්..අවුරුදු කියලා පාඩම් වැඩ අතපසු කරගන්න එපා..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කෝ කාලෙකින් ලියන්න බැරි වුනානේ වෙද ගෙදර ගැන ඒ නිසා ටක් ගාලා ලිව්වා මේ නිවාඩු කාලේ මොනාහරි ලියලා තියාගන්න ඕනේ....

      බොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවට පාඩම් වැඩ කෙරීගෙන යන නිසා පෝස්ට් අඩුවේවි නිතර කියවන්නත් වෙන්නේ නෑනේ...22 එනවදෝ???

      Delete
  11. මල්ලි එල කිරි වගේ වඩු වැඩේ නම් කරලා තියෙනවා.. නියමයි.. මම කියන්න හිටපු ටික මෙතන ගොඩක් අය කියලා නේ.. :D

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට අළුත් නේද?? සාදරෙන් පිළීගන්නවා අයියේ ඔයාවත් (මට මතක් වුනේ රැන්ගෝ ෆිල්ම් එක)... ප්ලෑන් එකකින් වැඩේ පටන් ගත්තනේ අයියේ අන්තිම වෙනකන්ම ඔළුවේ තිබුනා අවසානේ කොහොම විය යුතුද කියලා අනික වැඩක් කරද්දි ඒ දේ ආදරේ කරන කෙනා වෙනුවෙන් කරනවා කියලා හිතුවාම කවදාවත් ඒක එපා වෙන්නෙත් නෑ අප්සට් වෙන්නෙත් නෑනේ.....කොමෙන්ටුවට ගොඩාක් ස්තූතියි අයියා බ්ලොග් එකක් ලියනවදෝ

      Delete
    2. ලියනවා ලියනවා.. ඔන්න ඔහේ ලියලා දානවා. ඒ උනාට මල්ලිට මාව අඳුන ගන්න බැරි උනා නේ festival එකේ දී!

      Delete
    3. NJ ranGO කිව්වනම් ලොවෙත් නෑ අඳුරගන්නවා මට හොඳට නම මීටර් රැන්ගෝ ෆිල්ම් එක නිසා.... නජිත් කිව්වට කොහොමෙයි ඉතින් අඳුරන්නේ ස්වායක්ත එක්ක එදා ටැප් එක ගාවදිනේ මට කතා කලේ... අඳුනගන්න ලැබීම සතුටුයි අයියේ බ්ලොග් එක බලන්න එන්නංකෝ

      Delete
  12. ප්‍රමාද වුනා නෙවේ හිතලම ප්‍රමාද කලා මේක සැනසිල්ලේ බලන්න. අනිත් ඒව දුවන ගමන් බැලුවා. සිරා කතාව. බාසු මාමා නැහැදිච්ච එකෙක් නොවැ. ග්‍රයින්‍ඩ‍රේ ඇයි බං කකුල් අස්සේ ගැහුවේ. ඕක විනාස වුනොත් යත්ත පාවිච්ච් කොරන්ට බැරි වෙයි

    මටත් ඔය කියන යත්තක් ලැබුනා පිවිච්චි කොරන්ට තමා බැරි. ඒකට ලයිසන් ගන්ට ඕනේ නොවැ.

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මචං !

    ReplyDelete
    Replies
    1. සැමා අයියගේ වචන වලින් මාව ගොඩාක් ධෛර්යමත් වුනා.... බොහෝම ස්තූතියි අයියේ...බැට් එක සුට්ටං නිසා ඒක අඬුවේ දාලා ග්‍රයින්ඩ් කරන්න බෑනේ ඒ නිසා ඒක කකුල් දෙකේ හිර කරගෙන අතින් ඇති පදමට ඇතිල්ලුවාම ගානට එනවා ඒක ලේසියි...

      ලයිසොන් ගන්න කලින් ට්‍රයල් යන්න ඕනේද අයියේ (නොදන්න කමට ඇහුවේ හොඳේ)

      එසේම වේවා සැමා අයියේ

      Delete
    2. නෑ නෑ එහෙම ඕනේ නැහැ.පැහිච්ච වැඩ නොකර හිටු.

      Delete
    3. වැඩිහිටියෙක් උපදෙස් දිලා නොවැ.. හිකිස්.. :ෘ

      Delete
  13. අර යත්ත ගැන කතා නොකර ඉමු මොකද හැමෝම ඒක ගැන කතා කරලා තියෙන නිසා.

    අර නිර්මාණය නම් මරු ගැමියා. නියම හැකියාවක්නෙ තියෙන්නෙ.

    ඔය ඩිෆරෙන්ෂන් එක අස්සෙ එකකෙක ගැජමැටික් ගහන එක නම් කොලුවො එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඉස්සෙල්ලා රෝස පාට ලැපක් ගැහුවා ඔන් වෙලා තියෙද්දි. දැං ගහලා ග්‍රයින්ඩර් එකක්. ඔහොම ගියොත් නම් පු‍තෝ අර යත්ත හම්බවුනත් වැඩක් නැතිවෙයි!

    සික්! හෙන වටය්ක් ගහලා එතෙන්ටමයි ඇවිත් තීන්නෙ.

    සුභ නව වසරක්!

    ReplyDelete
    Replies
    1. යත්තක් ගැන දැම්ම නිසා තරහ ගිහිල්ලදෝ කියලා හිතුනා කොමෙන්ටුව කියවන්න පටන් ගනිද්දි ඒත් වටරවුමේ යත්තටම ඇවිත් මට තාමත් හිනා මරු කොමෙන්ට් එක අයියේ....

      හපෝයි මෙදා සැරේ මම කලිසමක් ඇඳන් හිටියේ.... අනික ඒක ඕෆ් වෙලානේ තිබුනේ ඒක මේසේ උඩ තියලා ඇතිල්ලුවාම හෙලවෙන නිසා තමා හිරකරගත්තේ.... අද ඉඳලා ටිකක් පරිස්සම් වෙන්ඩෝන දැනුම් තේරුම් තියෙන අයියලගේ උපදෙස් පිළිපදින්න එපැයිනේ නේ... ස්තූතියි හොඳේ...

      ඔයාටයි ඔයාගේ පවුලේ හැමෝටමයි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වෙන්න කියලත් ලබන්නා වූ අවුරුද්දේ පොලිස් මාමලාගේ සෙනෙහස වැඩි වැඩියෙන් ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා...

      Delete
  14. හිකිස්.....

    ඔයාටත් ඔයාගෙ ආදරීටත් පවුලෙ සියලුම දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අයියෝ....!!

    ReplyDelete
    Replies
    1. කොකිස් කොකිස්..... කොකිස් නැති අවුරුද්දක් කොහෙද හලේ... බොහෝම ස්තූතියි නගෝ කොමෙන්ටුවට ඔයාටත් පවුලේ හැමෝටමත් සුභ අලුත් අවුරුද්දකට ආසිරි!!

      Delete
  15. ගැමියාට අර යත්ත හම්බුනැයි ..... : P
    සුභ අලුත් අවුරුද්දක් වේවා ..!

    ReplyDelete
    Replies
    1. තාම ලයිසොන් ලිව්වේ නෑ නොවෑ :D අයියටත් අයියගේ පවුලේ හැමෝටමත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

      Delete
  16. මමත් ඉස්සර අපේ තාත්තගේ වඩු වැඩ, මේසන් වැඩ කරන බඩු මුට්ටු වලින් සෑහෙන හරඹ කරලා තියෙනවා බං...

    තාත්ත දන්න කියන හැම ශිල්පයක්ම වගේ දෙයියනේ කියල මටත් ටික ටික හරි පිහිටලා තියෙනවා...
    සමහර එව්වා කියල දීපුවා, සමහර එව්වා බලාගෙන ඉඳල ඉගෙන ගත්තු දේවල්...

    මගේ ගාවත් කළුවර ලීයකින් හදාපු පුංචි කී ටැග් එකක් ඇති.
    උඹේ පෝස්ට් එක දැක්කම තමයි ඒක මතක් උනේ.... :)

    සුබ අළුත් අවුරුද්දක් වේවා....!

    ReplyDelete
    Replies
    1. කොච්චර දෙයක්ද අප්පා ඕවා දැනගෙන ඉන්න එකෙන් වැඩක් මිස අවැඩක් වෙන්නේ නෑ ඒ අතින් ඔයා සෑහෙන්න වාසනාවන්තයි... ඔහොම දේවල් තිබුනාම කවදහරි දවසක අතීතෙට යන්න පුළුවන් ඒ දේ දිහා එක පාරක් බැලුවත්...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට සුභ අළුත් අවුරුද්දක් වේවා!!

      Delete
  17. සුබ අලුත් අවුරුද්දක් ගැමියෝ..හොඳ වැඩ කරුවෙක් වගේ පේනවා :)

    ReplyDelete
    Replies
    1. හයියෝ මේක සුලූ දෙයක්නේ අක්කෝ මීට වඩා වැඩකරුවෝ කොයිතරම් ඉන්නවද බොරු නම් ඔයත් ට්‍රයි කරලා බලන්න මෙහෙම එකක් හදන්න මීට වඩා ලස්සනට හැදිලා එයි.. ඔයාටයි පවුලේ හැමෝටමයි සුභ අළුත් අවුරුද්දක් මාත් ප්‍රාර්ථනා කරනවා....ඔයාගේ අධ්‍යාපන කටයුතුත් සාර්ථක වේවා!!

      Delete
  18. සුබ අලුත් අවුරුද්දක් වේවා ගැමියෝ .. බැට් පිත්ත නම් අනර්ඝයි ඕක බෝතලයක් ඇතුලේ දාලා සරසලා තිබ්බා නම් පට්ටයි ..

    ReplyDelete
    Replies
    1. අඩේ සුපිරි අදහසක්නේ...... නියමයි මට ඕක හිතුනේ නෑනේ අප්පා අර නැව් වල ආකෘති බෝතල් ඇතුලේ දාලා තියෙනවා වගේ මේකත් ටිකක් හැඩ කරලා දැම්මනම් මරුවට තියෙයි... බොහෝම ස්තූතියි සඳරු අයියේ ඔයාටයි ඔයාගේ වෙන්ඩ භාරිටයි පවුලේ හැමෝටමයි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!! දෙන්නගේ සේරම සැලසුම් සාර්ථක වෙන්නත් ප්‍රාර්ථනා කරනවා... වැඩි වැඩියෙන් කතා ලියන්න සිතේවා කියලත් ප්‍රාර්ථනා කරනවා... ජය වේවා අයියේ

      Delete
  19. මලේ පොලිෂ් ටිකක් ගාල පොඩි නුල් ටිකක් ඔතල ඕක බෝතලේකට දාපන්. ලස්සනට හිටිවී. ගැමියාටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. ගමේ ගිහින් ගෙදරට ගොඩ බැහැලා ඕං අදයි නිවිහැනහිල්ලේ බ්ලොග් එක පැත්තේ ආවේ...

      සිරාවටම අයියේ ඒක කලා නම් ලස්සනට හිටියි නේ... මම බැලුවා බල්බ් එකක් ඇතුලට දාගන්න ඒත් මිට දිග වැඩියි වගේ.පොඩි මී පැණි බෝතල් වල දාන්නත් බෑනේ අප්පා කාලේ බෝතලේකටම තමා හරියන්නේ... බලමු මේකට හරියන එකක් හොයාගන්න...බොහෝම ස්තූතියි අයියේ අවුරුද්ද ජයට සමරන්න ඇති නේද

      Delete
  20. මල්ලියා හොද දක්ෂ වඩු වැඩ කාරයෙක් කියලා පෙනුනා නිරමානේ දැකලා ... :)
    ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා මල්ලියෝ..!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කෝ.... දක්ෂ කෙසේවෙතත් යන්තම් බැට් එකක් හදාගත්තා මේක හදාගන්න කාපු කට්ට එක්ක බලද්දි වඩු වැඩත් එපා වෙනවා හම්මෝ...

      Delete
  21. රජ වැඩකාරයෙක් වගේ. ඉස්සරහට ගෙයක් එහෙම හදන කාලෙක තමන්ගෙම අතින් හැදුව බඩු මුට්ටු වලින් සරසන්න පුළුවන් වෙයි.

    ගැමි මලයටත්, ආදරී ඇතුළු පවුලේ හැමෝමටත් සුභ නව වසරක් වේවා කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කේ... හපෝයි මම ඒ තරම් වැඩකාරයෙක් නෙමෙයි මම මකබාස් ටයිප් තමා ඇල්ලුවොත් විනාසයි

      Delete
  22. වැඩ කරුවෙක් තමා.තව මගේ යාලුවෙකුත් ඉන්නවා මේ වගේ වැඩ කරන කෙනෙක්.ඉඳල හිටලා කරන්නේ එයා තනිකරම හදන්නේ පිහියෙන්.ඊට පස්සේ වැලි කඩදාසියෙන් මදිනවා.

    ඔය හම්බවෙන හැම දෙයක්ම කකුල් දෙක අස්සේ ගහන්න යන්න එපා මලේ.

    සුභ පතන්න පරක්කු වුනා නේ.දන්නවනේ ලංකාවට වගේ නෙවෙයි අපිට වැඩ නේ.

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ අපි ඉතින් දන්නවනේ අයියලා කාර්යබහුලයි කියලා... පිහියෙන් කපන එක හොඳ අදහසක් තමා මාත් ට්‍රයි කොරලා බලන්න ඕනේ..

      කකුල් දෙක අස්සේ ගහගත්තාම හොඳට තද වෙලා හිටිනවනේ අයියේ එතකොට ලේසියිනේ දඬු අඬු ඉතින් නෑනේ මට

      Delete
  23. මම නම් වැඩිය බ්ලොග් කියවන්න එන්නෙ නෑ,
    ඒත් ආවොත් මූ කකුල් දෙක අස්සෙ මොකක් හරි ගහගෙන...
    මේ පාර ග්‍රයින්ඩර් එකක්... :)))

    ReplyDelete
    Replies
    1. හයියෝ ඒක නේන්නම් මේ කොමෙන්ට් එක කියවලා මට තනියෙම හිනා... අම්මෝ මෙච්චරම විතරද කොහෙද තාම කකුල් දෙක අස්සේ ගහගත්තේ වෙලාවට... අයියගේ බ්ලොග් එකේ ලිපි අප්ඩේට් නොවන එක නම් සෑහෙන්න ගැටළුවක්

      Delete
  24. මල්ලි මාරයිනේ :)
    මේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කේ මම දැකපු ලස්සනම සුභ පැතීම තමා මේ.... මම මාර නෑ ඉතිං

      Delete
  25. හොඳ ඉවසීමකින් කරන්න ඕනෙ නිර්මාණනෙ මේව..නියමයි..

    මල්ලිටත් ඔයාගෙ ආදරීටත් පවුලේ සියලු දෙනාටත් සුබ අලුත් අවුරුද්දක්!!..මේ අවුරුද්දෙ ලියන A/L විභාගෙන් සුපිරි ප්‍රථිපලයක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කේ අගය කිරීම පිළිබඳව මේ දවස්වල වැඩිය බ්ලොග් අතර සැරිසරන්නත් බැරි මේ විභාගේ නිසානේ... සුපිරි කෙසේවෙතත් කියන්නවත් පුළුවන් ප්‍රථිඵලයක් බලාපොරොත්තු වෙනවා මාත්

      Delete
  26. මල්ලි ගොඩක් දක්ශයි නේ.. කාලෙකින් ආවේ ඔයාට සුබ අලුත් අවුරුද්දක් මල්ලියෝ

    ReplyDelete
    Replies
    1. අයියෝ අක්කෝ මේක එච්චර වැඩක් නෙමේ මේක යන්තම් හදාගත්තට වෙන දෙයක් කොරන්න බෑනේ... මටත් අක්කගේ බ්ලොග් එක පැත්තේ මාසෙකින් හමාරකින් එන්න බැරිවුනානේ අද හෙටම එන්න ඕනේ

      Delete
  27. හරිම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා මල්ලියෝ.. ඇත්තටම දක්ෂයි... :)

    මල්ලියටත් පවුලෙ හැමදෙනාටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා..!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කෝ... දැන් නම් ඉතින් වඩු වැඩ ඉගෙන ගෙන ගැමියාගේ වඩු වැඩ කියලා සාප්පුවක් අරින්න හිතෙනවා...එල ඈ

      Delete
  28. ශා වෙද ගෙදරින් ඔයාට ඔයාගේ නිර්මාණ කල එළි දක්වන්නත් අවස්ථාවක් ලැබිලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයාගේ නිතර අඬගැසීම් වලින් බේරෙන්නත් කාලේ කා දමන්නත් මම හොයාගත්තු කපටි ක්‍රමයක් කීවොත් ගොඩාක් නිවැරදියි ඉතින් මූලික පරමාර්ථෙ ආදරීගේ කී ටැග් එක වුනත් ඒකෙන් අමතර වාසි ගන්න පසුබට වුනේ නෑ ඉතිං...

      Delete
  29. මලේ මටත් හදල දෙන්න බැරිද බැට් එකක්... ලස්සනයි ඈ....

    ReplyDelete
    Replies
    1. මම ඒත් බැලුවා කව්ද බොලේ මේ කියලා බැලින්නම් ශානි අක්කගේ වෙනස් කරපු නමනේ... ඒ පැත්තේ යන්නත් බැරිවුනා අද හෙටම ඇවිල්ලා යන්නම්කෝ... ම්ම්ම් හදලා දෙන්න නේද... හදපු එකක පින්තූරයක් දෙන්නංද??

      අපේ ගෙදර ඔව්වා කපන ටූල් කටු නෑනේ නැත්තම් හතරැස් කොටු කෑල්ලක් හරි කපලා ගෙනත් දෙනවා....

      Delete
  30. Wadu wadawalata sahaja hakiyaawak thynawa wage....

    Adai mea paththata goda wadune. Awurudu uthsawedi adura gaththa nea, sathutui ekata....... :))
    jaya...!!!

    ~~~**Daga Malla**~~~

    ReplyDelete
    Replies
    1. එදා අඳුනාගන්න ලැබීමත් සතුටක් අක්කෝ අන්තිම මොහොතෙනේ ඉතින් කතා කලේ... මාත් ඒ පැත්තේ ඇවිත් යන්න එන්නම්කෝ ලඟදිම...බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට

      Delete
  31. ඇති යා....න්තන් !!!

    ReplyDelete
  32. මල්ලි මම ඔය වෙද මහත්තයාව දන්නවා.අපේ තාත්තව සනීප කලේ එයා...

    ReplyDelete
  33. ඒ වෙද මහත්තයා නැතිවුනා අක්කේ ගිය පෙබරවාරියේ.තාත්තා ෂෝයි ෂෝයි කතන්දර කියන්න ඇති නේද එහෙනම්.සන්තෝසයි අක්කේ බොහෝම ස්තූතියි කොමෙන්ටුවට.

    ReplyDelete
  34. මම දන්නවා ඒක.තාත්තට යන්න බැරි වුනා.ඒත් ඔයා කියලා තියෙනවා වගේ දේවල්නම් තාත්තා කියලා නෑ.ඒත් මොකක් හරි ප්‍රශ්නයක් ආවාම අපේ තාත්තට කතා කරන පුරුද්දක් තිබුනා. :))

    ReplyDelete