Friday, June 15, 2012

ගැහැණු ලොවක සිරකරු... 2 කොටස



මුල් කොටස කියවලා නැත්තම් මෙතනින් යන්න.... ගැහැණු ලොවක සිරකරු 1 කොටස

******************************************************************************


වර්ෂ 2020,ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකාව රැගත් ෂටලය ගුවන් ගත කර සුළු මොහතකින් පසු......


සැම අතම විදුලි කාන්දු වීම්ද ඇති අතර අනතුරු හැඟවීමේ නලාද වාදනය වෙමින් පවතී.ගගනගාමින් දෙදෙනෙක් යානයේ ශිශිරතාරක පද්ධතියෙන් අශාන්ව පිටතට ගැනීමේ ප්‍රබල උත්සහයක නිරත වෙමින් සිටින නමුත් ඔහු සිහිසුන් ගතියකින් යුක්තය.

අපිට මෙයාව මේකේ ඇතුලේ තියන්න බෑ කොහොමහරි මෙයාව බේරගන්න ඕනේ.අපේ ජීවිත වලට වඩා මෙයාගේ ජීවිතේ වටිනවා....

ඉතින් අපි මොනා කියලා කරන්නද....

වෙන කරන්න දෙයක් නෑ hibernate capsule එක ගලවලා ෂටල් එකෙන් එලියට දාලා අපිත් එලියට පනිමු.තව පැය බාගයක් ඇතුලත ෂටල් එක මුහුදට වැටෙනවා...

කරන දෙයක් ඉක්මනට කරමු…. අපිට අශාන්ව ආයෙත් hibernate කරන්න තියෙනවා

මෙතන මොකක් හරි වැරැද්දක් තියෙනවා.අශාන්ව හරියට hibernate කලානම් මේ වෙනකොට එයා කොහොමත් ඇහැරෙන්න ඕනේ.අපි එයාව ඇහැරවන්න හැදුවත් ඒක අසාර්ථක වුනා මේ වගේ පුංචි ගමනකට මෙයාව hibernate කරපු එකත් සෑහෙන්න ප්‍රශ්නයක් නෙමේද???”

ඕවා හිතන්න වෙලාවක්ද මේක??? ඉක්මනට මෙතනින් පැනගමු මේක ගලවලා ඉවරයක් කරලා

හරි තව එක ක්ලිප් එකයි... ඔයා මෙයාගේ hibernate data හදන්න මම ගිහිල්ලා satellite එක eject කරන්නම්.....

ඉක්මනට වරෙන් තව වැඩි වෙලාවක් නෑ අපි හිතුවට වඩා වැඩි වේගෙකින් මේක කඩාගෙන වැටෙනවා

ඉතාමත් අපහසුවෙන් කුඩා ඉනිමංවල එල්ලෙමින් ගොස් චන්ද්‍රිකාව රඳවා තබන කුටිය අසලට පැමිණි ගගනගාමියෙකු රහස්‍ය අංකය ඇතුලත් කර එය තුලට පිවිසියේය.නමුත් ඔහු එක්වරම බියෙන් ත්‍රස්ත වූයේ දුටු දෙයිනි.... ඔහු වහාම අනෙක් සගයා කරා පිටත් විය....

එතන satellite එකක් නෑ....යැයි ඔහු දිගු සුසුමක් හෙළමින් පැවසීය

මොකක්........

ඔව් ඒක නෑ........ ඒ කියන්නේ මේකට වෙන අරමුණක් තිබිලා ඉක්මනට මෙතනින් පැනගමු.

කැප්සූලය යානයෙන් පිටතට මුදා හැරිය පසු ගගනගාමින් දෙදෙනා නියමු කුටියට ගොස් එහි වූ නිහ්ක්ෂේපණය(Eject) ලීවරය ක්‍රියාත්මක කරවීය.

 ජෙට් යානයේ එන්ජිමක ඇතිවු ගින්නක් නිසා ජෙට් යානය ගින්නෙන් වෙලෙමින් පැවතුනි.ෂටලය හා ජෙට් යානය සම්බන්ධව ඇති කොටසද ගැලවී නොයාම නිසා ජෙට් යානයත් සමගම ෂටලයද සයුරට ඉතාමත් වේගයෙන් පතිත වෙමින් පැවතුනි.කැප්සූලය යානයෙන් පිටතට පැමිණි සමගම ගගනගාමින් දෙදෙනාද ෂටලයෙන් නිහ්ක්ෂේපණය(Eject) විය.

ඒ සමගම ඉතා තදබල පිපුරමක් සිදු විය.නියමු අසුන් වලින් පිටතට පැමිණි දෙදෙනා ගිනි බෝල දෙකක් ලෙස සයුරට කඩා වැටෙනු දක්නට ලැබිණි...

**********************************************************************************

සිහින් මන්දාලෝකයක් මා හුන් කුටිය තුලට පතිත වෙමින් පැවතිණි.පෙර නොදැනුනු ජීවයක් සිරුරට දැනෙන්නට වූ නිසා තනිවම ඇඳෙන් බැස නැගී සිටීමට මා උත්සහ කලෙමි.සෙමින් සෙමින් අසල වූ කවුළුව වෙතට ඇදුණු මා දුටු දෙයින් මා විමතියට පත්වූවා කීවොත් නිවැරදිය.

මා ඉදිරිපිට දිස්වූයේ කාත් කවුරුවත් නොමැති මංමාවත්ය.මා බලාපොරොත්තු වූ ආකාරයේ කිසිදු රථයකුදු වටපිටාවේ නොතිබීම මා විමතියට පත් කලේ නිතැතින්.මෙවැනි මංමාවත් අතීතයේ කෙතරම් ජනාකීර්ණ වී තිබුණාදැයි මතකයට පැමිණෙන විට මේ සිදුව ඇති දෙය විශ්වාස කල නොහැකි තරම්.මා බලාපොරොත්තු වූයේ කුඩා ගුවන් යානා වැනි රථ වාහන සහ ඉන්ධන නොමැතිව ධාවනය වන මෝටර් රථ වැනි රථ වාහනයි.

කවුළුවෙන් මෑත් වූ මා හට රෝහලින් පිටතට බැස පරිසරය පිරික්සීමට දැඩි කුතුහලයක් ඇතිවුණි.වෛද්‍යවරිය පිටව යාමට පෙර මා හුන් කුටියේ දොර අගුළු දැමූ බව සිහිවුවත් එය කෙසේ හෝ විවෘත කරගත හැකිදැයි පිරික්සීමට සිත් වූයේ මේ ස්ථානයෙන් බැහැර වීමට වූ උවමනාව නිසාමයි.නමුත් දොර අගුළ ඉලෙක්ට්‍රොනික පරිපථයකින් යුක්ත වූවක්.කිහිප විටක් උත්සහ කලත් පලක් නොවූ තැන මා නැවත සයනය වෙත පැමිණියේ මීළඟට කල යුත්තේ කුමක්දැයි කල්පනාවකට වැටෙමින්.ඒ ක්ෂණයේම මා ඉදිරිපිටින් මතුවූයේ පෙර පැමිණි වෛද්‍යවරියයි.එක් වරම ඇය පැමිණි අයුරු සිතාගත නොහැකිව මා ඈ දෙස බලාසිටින්නට වූවා.

ඉතින් දැන් කොහොමද ඔයාට....

මට දැන් හොඳයි මට මෙතනින් එළියට යන්න ඕනේ....

මම කලිනුත් කිව්වනේ මෙතනින් පිටවීම සෑහෙන්න අනතුරුදායකයි.ඒ නිසා එයට කොහොමවත් ඉඩ දෙන්න බෑ

දැන් ඩොක්ටර් කොහොමද මෙතන්ට ආවේ එකපාරටම දොර අරින්නැතිව??

ම්ම්ම්ම් ඒක පැහැදිලි කරන්න ගියොත් සෑහෙන්න වෙලාවක් යනවා

කමක් නෑ මට වෙලාව තියෙනවා

හරි එහෙනම් මම සරලව පැහැදිලි කරන්නම්.හැම රෝගියෙකුගේම ඇඳකටම අපි සවි කරලා තියෙනවා උපාංගයක්.ඒ උපාංගය මගින් කරන්නේ ඔබේ කාලයේ තිබුණු හොලෝග්‍රැම්(Hologram)*  තාක්ෂණයට සමාන ක්‍රියාවක්.නමුත් මෙහි විශේෂත්වය මෙය භාවිත කරන්නාගේ සත්‍ය ශරීරයම මේ හරහා ගමන් කිරීමයි.බොහෝ දුරට මෙයට ටෙලිපෝර්ට්(teleport)*  වචනයත් භාවිතා කරන්න පුළුවන්....

පැහැදිලි මදි

බලන්න මගේ අතේ තියෙන උපකරණය දිහා.ඔබට මොකක්ද දකින්නේ

ඔරලෝසුවක්....

පෙනුමෙන් ඔරලෝසුවට සමාන වුනත් මේ උපකරණයත් ඇඳේ සවිකරලා තියෙන මේ උපකරණයත් සම්බන්ධ වෙලා තියෙන්නේ.ඕනෑම හදිසි අවස්ථාවක රෝගින් වෙත ඇහිපිල්ලමක් සැලෙන වේගෙකින් අපිට ලංවෙන්න පුළුවන්.කාලයත් අවකාශයත් ශුන්‍ය කරපු දොරටුවක් වගේ තමයි මේක.... කිසිම භෞතික වස්තුවක් බාධකයක් වෙන්නේ නෑ.යෑමට අවශ්‍ය තැන තෝරගත්තාට පසුව උපාංගය ක්‍රියාත්මක කරවපු සැනින් අදාල ස්ථානයට යන්න පුළුවන්.මේක හරියට පුංචි දොරකින් ඇතුලු වෙනවා වගේ වැඩක්.ඒ විතරක් නෙමෙයි මා ස්පර්ෂ කරන ඕනෑම භෞතික වස්තුවක් පවා මේ ආකාරයට රැගෙන යන්න පුළුවන්

පුදුමයි........ එතකොට කිසිම වාහනයක්වත් දකින්න නැත්තේ ඒකයි එහෙනම්

ඔව් නමුත් මේ උපාංගය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය දුර ප්‍රමාණය සකසන්න මුදලක් අය කරනවා.එය ඔබේ කාලයේ වාහනයක් කුලියට ගැනීම හා සමානයි.මිළ තීරණය වෙන්නේ දුර ප්‍රමාණය අනුව.ඊට අමතරව අවශ්‍ය ඕනෑම මොහොතක අදාල ආයතනයට දැනුම් දුන් පසු තමන්ට අවශ්‍ය ස්ථානයකට යෑමට පවා මෙය වෙනස් කරගත හැකියි

විශ්මය රැඳි දෙනෙතකින් මම ඇය දෙස බලාගත් වනම කල්පනා ලොවකට පිවිසුණෙමි.අනාගතය මෙතරම් විශ්මිත වේ යැයි මා සිහිනෙකුදු නොසිතුවෙමි.බලශක්ති අර්බුධය තව දුරටත් ප්‍රභල මාතෘකාවක් නොවේයැයි සිතුණු විට මුවගට සිනහවක්ද නැගිණි.

ඇය පැමිණ මාගේ පපුවට අලවන ලද උපකරණයක් නිසා මා නැවත පියවි ලොවට පිවිසුනෙමි.ඒ උපකරණය සවිකල පසු එයින් නිකුත් වූ ආලෝක කදම්බයකින් ත්‍රිමාණව මැවුනේ මගේ හෘදය වස්තුවයි.එහි ගැස්මද රුධිර පීඩනයද යනාදි විවිධ විස්තර දිස්වන්නට විය.සියළු විස්තර දෙස නෙත් යොමාගෙන සිට අවසානයේ ඈ පැවසූවේ මාගේ සෞඛ්‍ය තත්වය අතිශයින් හොඳ මට්ටමකට හැරෙන බවකි.බොහෝ දුරට හෙට වන විට ඔවුන්ගේ පරීක්ෂණ සඳහා මා හට සහය දක්වන්නටද ඉඩ ලැබෙනු ඇතැයි ඈ පැවසීය. ඉන්පසු ඈ මා හා සිනාසී අගුළු දැමූ දොරටුව වෙත පියනගන්නට වූවාය.... නමුත් මා බලාපොරොත්තු වූයේ ඈ එක්වරම අතුරුදහන් වනු දැකීමයි...

ඩොක්ටර් ඇයි ඔබෙ ටෙලිපෝර්ට් උපකරණය පාවිච්චි කරන්නේ නැත්තේ??”

මම හිතුවා ඔබ ඔය ප්‍රශ්නේ අහයි කියලා.මේක දවසකට පාවිච්චි කරන්න පුළුවන් සීමාවක් තියෙනවා අශාන්.නිතර පාවිච්චි කිරීම ශරීරයට දරාගන්න අමාරුයි.... පැවසූ ඈ පිටව ගියාය....

ලද අවසරයෙන් ඇය පැවසූ උපාංගය පිරික්සීමට පටන් ගත් නමුත් මාගේ දැනුම අභිබවා ගිය තාක්ෂණයක් වූ බැවින් එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ නිසි අවබෝධයක් ගැනීමට ම හට නොහැකි විය.කතා කිරීමට පවා කිසිවකු නොවූ නිසාවෙන්ද පාළු මකා ගැනීමට කල හැකි කිසිත් නොවූ නිසාවෙන්ද මා නැවතත් සයනයේ වැතිරුණේ මේ නින්දෙන් හෝ මා දකින බිහිසුණු සිහිනය නිමාවේවායි ප්‍රාර්ථනා කරමිනි....
*****************************************************************************
එක්වරම  මාගේ හුස්ම හිරවෙන්නාක් මෙන් දැනෙන්නට වූ අතර නැගී සිටීමට වෙර දැරුවත් ශරීරය සෙලවීමට පවා නොහැකි විය.කෑ ගැසීමට තැත් කලත් හඬක් පිටකර ගැනීමට මා අපොහොසත් විණි.දෙනෙත් විවරව පැවතුනත් කිසිදු සේයාවක් දැකගැනීමට මා හට නොහැකි විණි.මාගේ දෑත් දෙපා  පාලනයෙන් තොරව ගොසින්ය.... ශරීරය මත දහ දොලොස් දෙනෙක් නැගගත්තාක් මෙන් මාගේ පපුව මත විශාල බරක් දැනෙන්නට වූ අතර මා හට හුස්මගැනීමේ අපහසුවක්ද දැනෙන්නට විය.....

මා දෑස් විවර කරන විට තවදුරටත් මා සිටින්නේ රෝහලේ නොවන බව මනාව වැටහිණි.හාත්පසම අඳුරේ ගිලීගිය කුඩා කුටියක ඇඳක මා වැතිර සිටින්නේ යැයි සුළු වේලාවකින්  දැකගත හැකි විය.හිස නැවතත් බමන ගතියකින් යුක්ත බැවින් මා හිස වැරයේ බදා ගතිමි....

මුලින්ම ටෙලිපෝර්ට් කරපුවාම අපිටත් ඔහොම දැණුනා තව ටිකකින් ඕක ඇරිලා යයි....

ඉබේම මා ඇඳ මත ඉන්දවුනේ ඒ ඇසුනේ පිරිමි කටහඬක් නිසාවෙනි.අඳුර අතරින් ඇදෙන ඡායාවක් මා දුටුවේ එවිටයි......

~~මතුසම්බන්ධයි~~

ප/ලි

ඕං දෙවෙනි කොටසක් නෑ නෑ කියලා දෙවෙනි කොටසත් දැම්මා.දැන් ඉතින් තුන්වෙනි කොටසකුත් දාන්න වෙනවා මේ කතාව ගැනත් ඔබේ අදහස් උදහස් යෝජනා චෝදනා එවන්න ඒවා හරිම වටිනවා.මේ කොටස ලියන්න දිරිමත් කරපු හැමෝවම ආදරෙන් මතක් කරන්න ඕනේ ඒ අය කියද්දි කියද්දි මටත් හිතුනා තව කොටසක් නොතිබුනොත් කතාව අසම්පූර්ණයි කියලා..... ඒ වගේම විශේෂයෙන් චතුරංග පෙරේරා අයියා දාලා තිබුණු කොමෙන්ටුව මතක් කරන්න ඕනේ.මුල් කොටසේ විශාල වැරැද්දක් ඔහු පෙන්වා දුන්න නිසා ඒ වැරැද්ද නිවැරදි කරගන්න එකත් මේ කොටසේ අරමුණක් වුනා.... අනිත් අයගේ නම් නොකිව්වට තරහා වෙන එකක් නෑනේ නේද.....

පින්තූරේ ගත්තේ මෙතැනින් http://beforeitsnews.com/story/2076/846/Spain:_Possible_Abduction_Or_Teleportation_In_1986.html

93 comments:

  1. ගගනගාමින් දෙදෙනෙක් කියන්නේ එත් කෙල්ලෝ නෙමේ නේ..ඔය ඉන්නේ තව කොලුවන්..

    අනෙහ් අර ඩොක්ටර් ගාව තියෙන ජාතියේ ඔරලෝසුවක් මට ඕනේමයි දෙයියනේ..දැන් තමා මට එක ඕනේම ..සැහෙන්න වටිනවා එක නම්.

    කතාව ලස්සනයි මලයෝ...

    ReplyDelete
    Replies
    1. අක්කෝ මේක ඇවිල්ලා අර ෆිල්ම් මැද්දෙන් එක පාරටම දාන ජාතියේ අතීත කතාවක් ඒකයි තරු තරු ගොඩක් මැද්දේ දාලා තියෙන්නේ....

      ඒ කොලුවන් වනාහි මේ එකම කොලුවා ගමන් ගත් ෂටලයේ ගමන් ගත් කොලුවන්ය... එකම කොලුවා හෙවත් අශාන් රැඳී සිටි කැප්සූලය බේරෙනකොට ඒ කොලුවන් දෙදෙනා ගිනි බෝලයක් වී මුහුදට වැටේ... එනම් ඒ කොලුවන් දෙදෙනා අවසන් ගමන් ගොස් ඇත...

      තේරුණා නේදෝ.....

      බොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවට... මේක පබ්ලිෂ් කොරලා අහක බලාගන්නත් කලින් ආවේ කොහොමෙයි???

      Delete
    2. යේම තමා අපි...හෙහේ..

      හරි හරි මලයා දැන් වැටහුනා..කොහේද ඉතින් තරුවෙන් තේරුන් නැනේ මට..මං බැලුවා මොකෝ මේ කොලුවෝ අපේ ගැහැනු රාජධානියට කියලා..

      Delete
    3. අප්පටසිලි.... මේං මේ ඩිංගට මෙයා ගැහැණු රාජධානියක් හදාගෙන.... කතාව කියවලා මෙහෙමනම් ඇත්තටම කරන්න හම්බුනානම් කොහොම තියෙයිද.... ???

      Delete
  2. යාන්තම් ඇති කොලු හඬක් ඇහුනා...මම කලින් කිව්ව වගේම ඔයා දක්ෂ විද්‍යා ප්‍රබන්ධන ලේඛකයෙක් වෙනවා.....

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව අක්කෝ... කොල්ලොන්ව එහෙම සහමුලින් නැති කරලා දාන්න පුළුවනැ.... එතකොට ඒක කෙල්ලන්ටම ගිය ලෝකයක්නේ.ඕං දැන් තමා කස්ටිය පුරුෂ දිරිය හිතට අරන් නැගිටින්න හදන්නේ....

      බොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවට.... හිතට මාර හයියක් මේ වචන :D ආඩම්බරෙන් මෙව්වා වෙනවා

      Delete
  3. වැඩේ නැගල යනවා ගැමියෝ. ඔහොම යන්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ.... මම තාම කංපනා කරනවා මේ කස්ටියට වැඩක් දෙන්නේ කොහොමද කියලා ඒක ඔළුවට ආපු ගමන්ම ඊළඟ කොටසත් එනෝ

      Delete
  4. නියමයි කතාව ...
    ඊගාව කොටහත් ඉක්මනට දෙන්නෝ ...,

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි රොබින් අයියේ... ඊළඟ කොටස දාන්න දවස් තුන හතරක් අවම ඕනේ.මමත් තාම හිතනවා ඊළඟට වෙන්නේ මොනාද කියලා...

      Delete
  5. ඇඬෙනව බං... වචන සෙට් එක නං මාරයි ඈ... කතාව නැඟලම යනව, ඊලඟ කොටසත් දාපං හොඳේ ඉක්මනට. සුපිරියටම ලියල තියෙනව බං, මේක ලියපං දිගටම කෑලි 20ක්වත්. පස්සෙ ඒකෙං වැඩක් ගන්න පුළුවං වෙයි. ජය ශ්‍රී..!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මන්ඩියෝ කොමෙන්ටුවට...

      මගෙ අම්මේ කොටස් 20ක්??? ඇඟත් එක්ක හිරිවැටුනා.... දැන් ඉතින් වැඩේ පටන් ගත්ත එකේ කොහොමත් කස්ටිය සාර්ථකව මොකක් හරි කොරගන්නකන් ලියන්න වෙනවා...

      බලමුකෝ බලමුකෝ....

      Delete
  6. විද්‍යා ප්‍රබන්ධයක් සාර්ථක වෙන්න නම් "සිද්ධි" න්‍යායිකව පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ අනුව මේක සාර්ථක විද්‍යා ප්‍රබන්ධයක් කියලා කියන්න පුළුවන්.

    මට මේක කියවනකෙට ආව අදහසක්; අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනින් දත්ත හොලොග්‍රෑම් තාක්ෂණය සමග ඒකාබද්ධ කළොත් ශරිර අභ්‍යන්තරයේ ඒ ඒ අවයව වල ත්‍රිමාණ ස්වරූපය හිස් අවකාශයේ මවන්න පුළුවන් වෙයි. (හොලොග්‍රෑම් තාක්ෂණය හොයාගත්තෙත් ලංකාවෙ විද්‍යාඥයෙක්නෙ- ගැමියත් ලංකාවෙ)එහෙම වුනොත් කාටද ආඩම්බර....?

    ඔක්කෝමත් හරි ඔයා මොකද මේ අක්කට අක්කෝ කියන්නෙ ? අක්කට අක්කෝ නම් අයියට "අයියෝ" වෙන්න ඔන නේද ? සමහරු අක්කියෝ කියලත් කියනවා ඒක හරියට නරින්ගෙ හූ පිරිතට සමානයි.(හොක්කියෝ...=අක්කියෝ) ඒ අනුව යමින් ගෑල්ලමයි මල්ලිට මල්ලො කියනවා, ඒක අමු කුණුහරුපයක්.
    මේ විකාර භාෂාව ඔයාට තරම් නොවේ...

    ReplyDelete
    Replies
    1. මේ වගේ ආධුනිකයෙක්ට ඉතා වටිනා උපදෙසක් ඔබ දුන්නේ. ඔබවත් මම මේ අවස්ථාවේදී අගය කරනවා. ගැමියා වගේ වටිනා කොල්ලන්ව අපි තමයි සහෝ නග්ගල ගන්න ඕනෙ. ඔබට පිං හරවත් යමක් මේ ගැමියට දුන්නට.

      අල්ට්‍රා සවුන්ඩ් ගැන ඔබේ අදහස විශිෂ්ටයි. කරලා බලමුද? මම අල්ට්‍රා සවුන්ඩ් ගැන නම් දන්නවා. හැබැයි හොලොග්‍රෑම් ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ.

      Delete
    2. පුළුවන් උනොත් නම් ලංකාවට සෑහෙන ජයක්. බැරි වුනත් අවුලක් නෑ. ඒ උත්සාහය ඊළඟ එක හදාගන්න පාර කියාවි.

      Delete
    3. @Sumith අයියේ,

      බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවටයි දිරිගැන්වීමටයි.

      // අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනින් දත්ත හොලොග්‍රෑම් තාක්ෂණය සමග ඒකාබද්ධ කළොත් ශරිර අභ්‍යන්තරයේ ඒ ඒ අවයව වල ත්‍රිමාණ ස්වරූපය හිස් අවකාශයේ මවන්න පුළුවන් වෙයි./

      මෙන්න මේ අදහසම තමයි මම දෙන්න හැදුවේ අශාන්ගේ පපුවට හයිකරන උපකරණය මගින් වෙනවයි කියලා.අල්ට්‍රා සවුන්ඩ් ගැන දැනුමක් තියා අල්ට්‍රා සවුන්ඩ් කියන වචනෙවත් මතකෙට ආවේ නෑනේ.... හැබැයි අයියේ මේක හදිසියෙම හිතුනේ වෛද්‍යවරිය ඇවිත් වෙද නලාව තියන එක අවුරුදු එකසිය ගානක් අනාගතේදි අතාත්විකයි කියලා හිතුනු නිසා...

      මේක හැදුවොත් අයියටත් ආඩම්බර වෙතෑකිනේ... මම නිකන් හිතුනට කියපු එක කරන්න පුළුවන් වෙයි කියලා අදහසක් දුන්නේ ඔයානේ...

      //ඔක්කෝමත් හරි ඔයා මොකද මේ අක්කට අක්කෝ කියන්නෙ ? අක්කට අක්කෝ නම් අයියට "අයියෝ" වෙන්න ඔන නේද ? සමහරු අක්කියෝ කියලත් කියනවා ඒක හරියට නරින්ගෙ හූ පිරිතට සමානයි.(හොක්කියෝ...=අක්කියෝ) ඒ අනුව යමින් ගෑල්ලමයි මල්ලිට මල්ලො කියනවා, ඒක අමු කුණුහරුපයක්.//

      මේ දැනුවත් කිරීමට ගොඩාක් ස්තූතියි මොකද වැරැද්දක් බව නොදැනයි මම එහෙම කතා කරන්න ගත්තේ.ඔබ පැහැදිලි කලාට පස්සේ තමයි තේරුනේ භාෂාව අමු අමුවේ මැරීමක්නේ මේක කියලා... මම සමහර වෙලාවට මල්ලිලට මලෝ කියලත් පාවිච්චි කරලා තියෙනවා... අද ඉඳන් මේ වැරැද්ද මගෙන් නොවේවි.වටිනාම උපදෙසක් අයියේ මේ වගේ උපදෙස් සෑහෙන්න වටිනවා....

      Delete
    4. සුමිත් මෙන්න ඔබට මාගේ ශීර්ෂ ප්‍රණාමය !!

      ඔය වගේ වැරදි යෙදුම් තව බොහොමයක් භාවිතා වෙනවා මාත් දැකලා තියනවා. ( මමත් මහා ලොකු දැනුමක් තියන කෙනෙක් නෙමේ ) ඒත් දන්න දේ උනත් පෙන්නල දෙන්ඩ බයයි.. මොකද වැරැද්දක් පෙන්නලා දුන්නම හැමෝම, ගැමියා වගේ නිහතමානිව ඒක පිළිගන්නෙ නෑ. සමහරු ගේමටම එනවා.

      Delete
    5. @වෙද ගෙදර මහ වෙදනා,

      කරන්න පුළුවන් කියලා හිතුණු එකත් මට මාර සතුටක්.... උත්සහ කරලා බලන්න හරිගියොත් රටටම ආඩම්බරයක්නේ....

      ----------------------------------------------------------

      @ක්සැන්ඩර් අයියේ,

      සහතික ඇත්ත අයියේ "පරාජය,විශිෂ්ට ජයග්‍රහණයක දොරටුවයි" කියලා කතාවකුත් තියෙනවනේ....

      ----------------------------------------------------------
      @සෙන්නා අයියේ,

      සුමිත් අයියා බ්ලොග් ලියන හැමෝටම ලොකු සම්පතක්... බොහෝමයක් බ්ලොග් අඩවි වල සුමිත් අයියා දාන උපදෙස් මම හැමවෙලේම පිළිපැදලා තියෙනවා.මේ ලඟදි රාජ් අයියාගේ "බිංදු" කතාවට දාපු තරු උපදෙසත් මම එහෙම්පිටින්ම පිළිපැදලා තමා මේ කතාවට දැම්මේ...

      දැන දැන වැරදි කලොත් තමා සෙන්නා අයියේ කවදාවත් ඒ වැරැද්ද පිළිගන්න අකමැති වෙන්නේ.... මට හිතෙන්නේ නම් එහෙමයි

      Delete
    6. පෝස්ටුව බැලුවට පස්සේ මම බලන්නේ සුමියගේ කමෙන්ටුව. රාජ්ගේ බිංදු කතාවෙත් එහෙමයි.

      මොකද මම සිතු කුසු - වැලහින්නකට පෙම් බැදිමි ලියද්දි සුමිය දුන්න පට්ට ඇඩ්වයිස්.

      ජය සහෝ !

      Delete
  7. පළමු කොටසට වඩා ඉතාමත් විශ්වාසණීය අයුරින් ලියා තිබෙනවා. ඔබ මේ ගැන ලිවීමේදී තාක්ෂණික අංශය විස්තර කරන්න එපා. එහි ක්‍රියාව විතරක් විස්තර කරන්න. ටෙලිපොර්ට් යන්ත්‍රයේ ක්‍රියාකාරීත්ව්යේ තාක්ෂ්ණික අංශය අමතක කර එහි ප්‍රායෝගික ප්‍රයෝජන විස්තර කරන්න. තව කල් යෑමේදී ඒ අංශයත් ඔබට අල්ලා ගත හැකියි. කොටස් ගණන ගැන හිතන්න එපා ලියාගෙන යන්න. ඔබේ මූලික අදහස අනුව සැලැස්ම හදා ගන්න. ඒ අනුව අනු මාතෘකා ඔස්සේ දිගටම ගලාගෙන යන්න ලියන්න.

    මනරම් උත්සහයක් ඉතාමත් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. පළමු කොටසට ලැබුණු ප්‍රතිචාර නිසා විශ්වාසවන්තව ලියන්න හිතුණා.මම මුල්ම කොටස ලියද්දි හිතුවේ සෑහෙන්න වැරදි සහ කතාව අතාත්විකයි වගේ යන දේවල් අහන්න ලැබෙයි කියලා...

      ඇත්තටම ක්‍රියාකාරිත්වය විස්තර කරන්න ගිහින් මම සෑහෙන්න අමාරුවකත් වැටුනා... ඉදිරියෙදි මේ සේරම හදාගන්නම්.කොටස් ගාන අඩුවෙන් ලියන්නයි හිතේ තිබුනේ දැන් හිතෙනවා කතාව සාධාරණව අවසන් වෙනතුරු ලියන්න නැත්තම් නීරස වෙයි නේද.බොහෝම වටිනා කොමෙන්ටුවක් බොහෝම ස්තූතියි ඔබට

      Delete
  8. මලේ මටනම් අදහගන්නත් බෑ බන්... සිරාවටම හිතෙන්නේ මේක ඉන්ග්ලිශ් ෆිල්ම් එකක තිර පිටපතක් වගේමයි...ඒ තරමට සුපිරි බං..

    ඒ ඉක්මනට ලියපං ඈ අඩු ගානේ දවස් දෙකකට එක කොටසක්වත් වෙන්න

    ReplyDelete
    Replies
    1. +++++++++++++

      ඉංග්‍රීසි ෆිල්ම් එකක් වගේ තමා.. තව මම කියවලා තියෙන පරිවර්තන පොත් වලත් තිබ්බා මෙහෙම කතා...(Y)

      Delete
    2. ඔව් හිතූ.. මෙක මරු.. මන් දෙතුන් පාරක් කියෙව්වා ... මෙගාවලට අකමති උනත්... මේ කතාවෙ ඉවරයක් දකින්නෙ නතුව ටිකක් කල් රැඳිල ඉන්න ආසයි...

      Delete
    3. @මී ගොඩයා,

      හෑ.... දවස් දෙකකට එක කොටසක්??? එච්චර වේගෙන් ලියන්න හැකියාවක් නෑ අයියේ සෑහෙන්න කල්පනා කරලා කතාව හිතේ හදාගෙන තමයි ලියන්න බහින්නේ... මුලින්ම කතාව ෆිල්ම් එකක් වගේ මවාගෙන හීන ලෝකෙක හිටියාම ලේසියිනේ ලියාගෙන යන්න....

      බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට... බුකියේ ලින්කුව ෂෙයාර් කිරීම සම්බන්ධවත් මාගේ බලවත් ස්තූතිය

      ---------------------------------------------------------

      @හිතුවක්කාරි අක්කේ,

      පරිවර්තන අම්බානක කියවීමත් හොලිවුඩ් ත්‍රාසජනක ෆිල්ම්ස් අම්බානක නැරඹීමත් නිසා ඒ විදියේ එව්වට මම මාර ආසයි... ඉතින් ඒකම වෙන්නැති හේතුව නේද....

      ---------------------------------------------------------

      @මී ගොඩයා,

      :D :D

      Delete
    4. හ්ම්ම් ඇත්ත! :)

      Delete
  9. ඕං බලහංකෝ බං. කලින් කොටසට සුපිරි කියලා කිව්වානෙ මං.දැන් මේ කොටසට මොකක් කියන්නද.
    ආ...හරි මේක අති සුපිරි. ගැමියගෙ කතාවල තියන කතා ශෛලය නිසා කියවනකොට මේක ඇත්තක් වගේ හිතේ මැවෙනවා.

    වෙද ගෙදර මහ වෙදනා කියන දේ හරි.මාත් ඒකට එකගයි.එක දෙයක් ගැන ගොඩක් විස්තර වලට වඩා ඒ දෙයින් කරන්න පුළුවන් දේ කියන එකෙන් ලොකු අවබෝධයක් ගන්න පුළුවන්.

    ඊළඟ කොටස දානකම් බලාගෙන ඉන්නවා හරී....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මචෝ කොමෙන්ටුවට කියවලා සතුටු වුනානම් මටත් ලොකූ සතුටක්... සිද්ධිය එහෙම්පිටින්ම ෆිල්ම් එකක් විදියට හදා ගත්තාම ඔහේ ලියවෙනවා...

      වෙද ගෙදර මහ වෙදනා කියපු දේ නම් ඇත්තම තමයි.ඒ උපදේසෙත් හිතට ගත්තා ඊළඟ කොටසෙදි ඒ වැරදි හදාගන්නම්කෝ...

      ඊළඟ කොටස ඉක්මනින් දෙන්නයි බලාපොරොත්තුව ඒත් ටික කාලයක් යයි හොඳේ...

      Delete
  10. නියමායි!!!!කියලා වැඩක් නෑ... හොදටම ලියලා අද කොටස..

    ඊලඟ කොටස.....????

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට... ඊළඟ කොටස එන්න ටික දවසක් යයි හොඳේ තාම ඒක ලියන්න ගත්තේ නෑනේ.... ලියපු සැනින් එසැනින් දෙන්නම්

      Delete
  11. ලස්සනයි මලේ..ඇත්තටම දැන්නම් සුපිරි කතාවක් කියවනවා වගේ දැනෙනවා..
    ඊළඟ එකත් බලන්න අපි එනවා ඔන්න..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට... දිගටම එන්න දිගටම එන්න.... දිගටම ලියන්නම්

      Delete
  12. මරු කොලුවො මරු තව දාපන් තව දාපන් නිකන් tv series එකක් වගේ patta !!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඇනෝ..... කතාව ඉවරවෙනකන් ලියන්නම්...

      Delete
  13. නියම කතාව මල්ලි..දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කේ බොහෝම ස්තූතියි... දිගටම එන්නකෝ මේ පැත්තේ

      Delete
  14. අම්මටසිරිස්...... පිස්සු කොර ඈ.....

    ලියපන් ලියපන් දිගටම ලියපන්..

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි රජ කොමෙන්ටුවට... දිගටම ලියමි දිගටම ලියමි

      Delete
  15. නියමයි.. ඔහොම යමු.. මම මේ බලා හිටියේ මේ කෑල්ල එනකං ..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ... ඊළඟ කොටසත් දෙන්නම් ටික දවසකින්

      Delete
  16. නියමයි ගැමියෝ නියමයි... ලෙසටම තියනවා.. මටනම් උඹ ඔය විස්තර කරණ තාක්ෂණික කරුණු තේරෙන්නෑ.. එත් ඒක රසවින්දනයට බාධාවක් වුනේ නෑ..

    අර Eject එකට කියන සිංහල වචනෙ අදයි දැන ගත්තෙ. ස්තූතියි. කලින් දැනගත්තනම් මට ඕක ගගාරින් ගැන ලියපු ලිපියට දාන්ඩ තිබුනා.. මිනිහත් Eject වුනානේ.. :-)

    // කතා කිරීමට පවා කිසිවකු නොවූ නිසාවෙන්ද පාළු මකා ගැනීමට කල හැකි කිසිත් නොවූ නිසාවෙන්ද //

    එහෙ බ්ලොග් එහෙම නැද්ද බන් ? හික්ස්ය..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සෙන්නා අයියේ..... ආයේ තාක්ෂණික කරුණු මේ තරම් විස්තර නොකර ඒකෙ ප්‍රයෝජන ලියන්න කියලා මහ වෙදනා කියපු නිසා මේකෙ තරම් දරුණුවට ඊළඟ කොටසෙ ලියවෙන එකක් නෑ...

      Eject කේස් එක හොයාගත්තේ මධුර ඩික්ෂනරියට පිංසිද්ධ වෙන්න... ඒ වචනේ දිග වැඩි නිසා කතාවේ රසය නැතිවෙයිද කියලත් හිතුනා... දැන් නම් අවුලක් නෑ... අන්න ඒ වගේ Eject වීමක් තමා මටත් ලියන්න ඕනේ වුනේ... මොකෝ අභ්‍යාවකාශ යානා වලින් එහෙම eject වුනා කියලා මම දැනගත්තෙත් ඒ ලිපියෙන්නේ ඒකත් ඔළුවට ආවා මේක ලියද්දි...

      ඇත්තටම ඒ කාලේ වෙනකොට බ්ලොග් තියෙයිද??? තිබුනොත් මොන වගේ වෙයිද???

      Delete
  17. හරිම අපූරුයි මල්ලි. ඔයා හුඟාක් දක්ශයි. දිගටම ලියන්න. ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කේ.... මේ කතාව ඉවර වෙනකන් ලියලා වෙද ගෙදර ගැන කතා ටිකත් දාන්න ඕනේ නැත්තම් එව්වා කියන්න විදියක් නැතිත් වෙනවා...

      Delete
  18. එල එල ඉතුරු එකත් ලියමු.. අපිත් කියවනෝ...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ.... දිගටම ලියන්නම්....

      Delete
  19. කතාව සුපිරි !!!
    එක කොල්ලයි කෙල්ලෝ රොත්තයි !!! පට්ට පට පට !!
    ඉතුරු කොටසුත් ඉක්මනටම ලියන්න !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ.... ඉතුරු කොටසුත් හිමින්සැරේ දාන්නම් හොඳේ...

      Delete
  20. එල එල තාක්ෂණික කේස් ටික නම් තේරුනේ නැති උනාට කතාව නම් උපරිමයි ගැමියෝ. ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට.... තාක්ෂණික ගතිය තව ටිකක් අඩු කරලා ලියන්නම්කෝ....

      Delete
  21. මට මටක් වෙන්නෙ ඉස්සර විදුසර පත්තරේ කියවපු විද්‍යා ප්‍රබන්ධ. ගැමියාගෙ පරිකල්පනා ශක්තිය හරිම ඉහලයි. අර ටෙලිපෝට් වෙන්න තියන උපකරණය හරියට ජංගම දුරකථන සේවයක් වගෙ න නැතිනම් ටැක්සි කුලී රථ සෙවයක් වගෙ දුරට අනුව අය කිරීම හොඳම සංකල්පයක්. ටෙලිපෝට් කිරීමෙන් විතරක් නොනැවතී ඒ ඔස්සේ තව දුරටත් හිතලා.

    එතකොට අර Senna කිව්වා වගේ eject වලට සිංහල වචනෙ මම ගැමියාගෙන් ඉගෙනගත් බව අවංකවම කියනවා. ඇත්තටම ඒකෙ තියෙන්නෙත් "නිහ්ක්" කියලා තමයි . සද්දේ ආගන්තුක නිසා මමත් බැලුවා.

    ඔන්න අද තමයි අර පට්ටලේ (workshop) ඉවර උනේ ඕං.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මුලින්ම ටෙලිපෝට් කේස් එකක් ගැන ලිව්වොත් හොඳයි කියලා මට හිතුනේ අර ෆෝන් එකක් ඇතුලට ආත්මයක් ගියපු කේස් එක ලියපු වෙලාවේ ඩුඩි අයියා කියපු කතාව නිසා තමයි.ඒක ගැන ලියන්න ලේසි වුනා මේ කතාවෙන් කියවෙන්නේ අනාගතේ ගැන වීම නිසා.එක පාරටම හිතට ආපු සිතුවිල්ලක් විතරයි ඉතින්.... දැන් තියෙන බලශක්ති අර්බුධය අනාගතේ විසඳෙන්නම ඕනේ කියලා හිතනකොට තමයි මේ අදහස ආවේ....

      Eject කියලා විතරක් දැම්මොත් ඒක හරි මදි වගේ හිතුන නිසා තමයි මේකට සිංහල වචනයක් හෙව්වේ.ඒත් ඒ වචනේ කියවන්නත් හෙන අමාරුයි ඒත් ඉතින් නියම වචනේ ඕක නිසා දැම්මා....

      පට්ටලේ කිව්වමත් මම ඩික්ෂනරියේ ගහලා බැලුවා workshop කියන්නේ පට්ටලේටමද කියලා බැලින්නම් ඇත්තනේ... එතකොට ඔය උදේ ඉඳන් හවස්වෙනකන් තියෙන වැඩමුළුවට කියන්නේ මොකක්ද කියලා බැලුවම ඒකටත් කියන්නේ work shop හැබැයි පොඩි හිඩසක් තියෙනවා වචන දෙක අතර....

      ඇත්තටම මොකක්ද මේ කේස් එක මට නිකන් මඤ්ඤං වගේ.දෙකම එකද??දෙකක්ද??

      Delete
    2. ඉතින් ඒවට කියන්නෙ "වැඩමුළු" කියලනෙ බන්..

      Delete
    3. හපොයි ගැමියා, මම පට්ටලේ කිව්වෙ විහිලුවට. workshop එකට ඒක පාවිච්චි කරන්න එපා. වැඩමුළුව කියලා කියන්න. ඒක මේ අපි අතරේ පාවිච්චි කරන තරමක අපහාසාත්මක යෙදුමක්.

      henryblogwalker the Dude

      Delete
    4. @සෙන්නා,

      workshop කියන යෙදුම දෙකටම පාවිච්චි කරනවා කියලා අදනේ දන්නේ....ස්තූතියි ඈ

      ----------------------------------------------------------

      @ඩුඩි,

      පොඩ්ඩක් විතර මඤ්ඤං වුනේ මධුර ඩික්ෂනරියේ පෙන්නපු විදිය නිසා.වැඩමුළුවට ඉංග්‍රීසි වචනය විදියට work shop විදියට හිඩැසක් තියලා ලියලා තිබුනේ මම හිතුවා ඒ හිස්තැනින් හෙන ලොකු වෙනසක් කරනවා කියලා.....ස්තූතියි ක්ෂණික පිළිතුරු සැපයීම පිළිබඳව.ඒ ප්‍රශ්නෙත් හරියෝ

      Delete
    5. ගැමියා,

      මදුර ඩික්ශනරිය 100% නිවැරදියි කියලා සළකන්ඩත් බෑ මට හිතෙන හැටියට. ඒකෙ සමහර තේරුම් නිවැරදි නෑ කියලා තමා මට හිතෙන්නෙ.

      හැබැයි ඒක ලොකු සේවයක් කරනවා.

      Delete
    6. ඔව් ඉතින් ඒත් මලලසේකර ඩික්ෂනරිය පෙරලන්න කම්මැලිනේ කොම්පීතරේ ළඟ නැතිවුනත් ෆෝන් එකටත් මේ ඩික්ෂනරිය වගේ එකක් තියෙනවා mdic කියලා ඉතින් ඒකට පූර්ණ විශ්වාසය දුන්නම ලේසියි

      Delete
  22. මං විද්‍යාප්‍රබන්ධ වලට පොඩ්ඩක්වත් ආසනෑ ඉස්සර.....ඒත් ඔයා නිසා ආසාවෙන් කියවන්න පටන්ගත්ත....ඇත්තටම ඔයාගෙ දක්ෂතාවය ගැන කියන්න වචන නෑ අයියෝ.....

    ReplyDelete
    Replies
    1. විද්‍යා ප්‍රබන්ධ කියන්නේ අමුතුම ලෝකයක් නංගි.... ආතර් සී ක්ලාක් මහත්තයාගේ පොත් එහෙම කියෙව්වම එව්වගේ පුදුම රසයක් තියෙනවා කියලා තේරෙයි... හැමදාම අපි දකින අපි අහන ලෝකය නෙමෙයි විද්‍යා ප්‍රබන්ධ ගොඩක තියෙන්නේ... මාත් වැඩිය කියවලා නෑ හැබැයි ඉතින් ලොවෙත් වෙන්න බැරි සිද්ධි ගැන තියෙන ෆිල්ම් කාටුන් තමා වැඩියම බලන්නේ...

      ජූල්ස් වර්නන්ගේ මුහුද යටින් ලීග විසිදාහක් කියන පොතත් එක්තරා විද්‍යා ප්‍රබන්ධයක් කියන්න පුළුවන් මම දන්න තරමට එතකොට සබ්මැරීන හදලත් නැතිව ඇති...

      ජූල්ස් වර්නන් ගැන විකියේ සබැඳිය

      අනාගතේ දැන්ම දකින්න පුළුවන් ඉතින් මෙව්වා වගේ එව්වා කියෙව්වාම.මම හිතනවා මීට පස්සේ ආසාවෙන් අහුවෙන විද්‍යා ප්‍රබන්ධ කියවයි කියලා.... මට මාර සතුටුයි.

      බොහෝම ස්තූතියි නංගියෙ කොමෙන්ටුවට

      Delete
  23. නියමයි ගැමිය මල්ලි කියල වැඩක් නෑ. ඔහොම දිගටම ලියහං. කොටස් 100 ක් ලිවුවත් අපි කියවනව.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට... ඔයාලා කියවන එකම ඇති මෙහෙම ලියන්න.හෑ කොටස් 100ක්??? මගෙ අම්මේ එච්චර නම් ලියන්න දේවල් නැතිවෙයි බලමු 10ක්වත්

      Delete
  24. මට මේ කියන තාක්ශනේ ගැන නිකමටවත් හිතිලා. නැහැ. අර අතේ තියෙන ගැජට් ඒක තියෙනවනම් මට ඉක්මනින් ලංකාවට එන්න පුළුවන්.

    කතාව ගැන උඩ කමෙන්ට් වලින් තේරෙනවා මේකේ තියෙන තාත්වික ගතිය. නියමටම ලියනවා.

    ජයෙන් ජය.

    ReplyDelete
    Replies
    1. රටකින් රටකට යන්න ඒ පුංචි අයිටම් එක මදි වෙයි අයියේ මොකෝ මේ ක්‍රමේදි ශරීරය සෑහෙන්න පීඩනයකට ලක්වෙනවා කියලා තමයි මම උපකල්පනය කලේ.රටකින් රටකට යද්දි එයාපෝට් වගේ අයිටම් එකක් හදන්න ඕනේ පුංචි පුංචි කුටි තියෙන.එතකොට අනික් රටේ ඒ වගේම කුටියකින් මතු වෙන්න පුළුවන්....

      ඔරලෝසුවෙන් ඕක පුළුවන් උනොත් රේගුවට යන එනමං නැතිවෙනවනේ.මොන මොන දේවල් හොරෙන් අරගෙන යයිද දන්නෙත් නෑනේ.ඒ නිසා එහෙම හොඳයි නේද...

      බොහෝම ස්තූතියි අසරණයා අයියේ කොමෙන්ටුවට...

      Delete
  25. ඔන්න ඉතින් හෙනගහනවනෙ බං අදත් හොදම තැනින් නවත්තලනේ...අඩේ ඒත් මේක පට්ට කතාව ඈ...දිගටම ලියපං....එළ ඈ...

    ReplyDelete
    Replies
    1. :D :D බොහෝම ස්තූතියි අයියේ... කෙටි කතාවක් විදියට පටන් ගත්තේ දැන් නම් මෙගාවක් වෙයි වගේ.... සාධාරණව කතාව ලියලා ඉවරයක් කරන්නම්කෝ අයියේ...

      Delete
  26. පට්ටය් ගැමියෝ ඊළඟ එකත ඉක්මනට දාන්ඩෝ..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ මේ දවස්වල ලියන ගමන් ඉන්නේ ඉවර කරලා වැරදි හැදුව ගමන් දාන්නම්...

      Delete
  27. ගැමියා කීවට ගැමියෙක් නෙමෙයි නේද? එලම එල...

    ReplyDelete
    Replies
    1. ඇඳුමෙන් පැළඳුමෙන් ගැමියෙක් නම් නෙමේ... හිතන විදියටත් ගැමියෙක් නෙමේ... ලෝකය දකින්නෙත් ගැමියෙක් විදියට නෙමේ... එක දවසක ඉස්කෝලෙදි ඇඳපු චිත්‍රයක් නිසාත්.... තව දවසක ජීවිතේට දැකලා නැති කෙල්ලෙක් මූණටම කියපු දෙයක් නිසාත් ඒ සිද්ධි දෙකේ එකතුවක් විදියට තමා මම ගැමියා විදියට රෙජිස්ටර් වුනේ ඉස්කෝලෙදි....

      පෝස්ටර් පවා වැදිලා තියෙනවා...

      බොහෝම ස්තූතියි මේ පැත්තේ ඇවිත් කොමෙන්ටුවක් දමලා ගියාට....

      Delete
  28. වෙනද වගේම සුපිරියි මලේ....මතු සම්බන්ධයි කියල දාල තියන නිසා ඔන්න අද මුකුත් කියන්නේ නෑ :)
    ඔයාගේ ටෙක්නිකල් ප්‍රෙඩික්ෂන් නම් නියමයි. ගොඩක් දුරට තාත්විකයි. සමහර චිත්‍රපටිවල පවා තියනවනේ හරිම අභාව්‍යය දේවල්. ඒත් ඔයා ලියන ඒවා තර්කානුකුලව පැහැදිලි කරන්න පුළුවන්. මේකෙන් ෆිල්ම් එකක් හදන්න පුළුවන්නේ හැබෑට?

    අර පිරිමි කටහඬ ඇහුනේ පිරිමි රොබෝ කෙනෙක්ගෙන් වෙන්න බැරිද? රොබෝ කිව්වේ යකඩ රොබෝ ලා නෙවෙයි. තනිවම හිතන්න පුළුවන්, ගොඩක් දුරට මිනිහෙක්ට සමාන, අර ප්‍රොමිතියස් එකේ ඉන්නවා වගේ එකෙක්ට...

    ReplyDelete
    Replies
    1. මතු සම්බන්ධයි කියන එක මතක් කරලම දැම්මා අක්කේ.ගිය සැරේ නොදැම්මේ කතාව එතනින් ඉවර කරන්න හිතන් හිටිය නිසානේ ඔයා පටන් ගත්ත විරෝධතාව නිසා හැමෝම ගල් මුල් ගහන්න ගත්තනේ ඊළඟ කොටස ලියන්න කියලා ඕං ඉතිං මෙදා සැරේ නම් තව කොටස් තියෙනවා කියලා දැම්මා නැත්තම් මං දන්නවා ඊළඟට සුනාමි කියලා...

      ටෙක්නිකල් ප්‍රොඩක්ෂන් නම් හිතුනා ලිව්වා එච්චර කාලයක් කල්පනා කලේ නෑ.අර පපුවට හයි කරන අයිටම් එක නෙමේ මුලින්ම ලියවුනේ වෙද නලාවක් පස්සේ හිතුනා අනාගතේට ඒක දැම්මොත් හරි නෑ කියලා... ෆිල්ම් එකක්??? හපෝයි ඒක නම් නිකන්වත් හිතුවේ නෑ හැබැයි ආසාවක් තියෙනවා එහෙම එකක් හදන්නත් ඇත්තටම.... එහෙම එකකට හරියන කතාවක් වගේ එකක් ලියාගෙන යන්න පටන් අරගෙන දැනට අවුරුදු 3ක් 4ක් වෙනවා... මන්ඩිපාල විතරයි තාම ඒක දැක්කේ

      //අර පිරිමි කටහඬ ඇහුනේ පිරිමි රොබෝ කෙනෙක්ගෙන් වෙන්න බැරිද?//

      වෙන්න බෑ අක්කේ.... ඔයා කිව්වට පස්සේ මම කල්පනා කලා රොබෝ කෙනක්ව දානවද කියලත් ඒත් මගෙ හිතේ ඇඳිලා තියෙන්නේ රොබෝ කෙනෙක් නෙමෙයි... ඊළඟ කොටසෙදි බලන්නකෝ වැඩිය විස්තර කියන්නේ නෑ...

      //අර ප්‍රොමිතියස් එකේ ඉන්නවා වගේ එකෙක්ට...//

      ඒ මොකෙක්ද?? මම දැකලා නෑනේ.පින්තූරයක් හෝ ලින්කුවක් දෙන්නකෝ

      Delete
    2. ප්‍රොමිතියස් කියන්නේ මේ දවස්වල තිර ගත වෙන චිත්තර පටියක්.

      http://www.imdb.com/title/tt1446714/

      පෘතුවියේ ජීවයේ මුල හොයාගෙන යාමක් ගැන තමයි තියෙන්නේ. ඒලියන් සීන් එකක්. ඒකේ තියන යානයේ වැඩට දාලා ඉන්නවා මරු රොබෝ කෙනෙක්. බොහෝ දුරට මිනිහෙක් වගේ...:)

      Delete
    3. මේක බාගෙන බලන්න විදියක් නෑනේ හම්බුවෙනකන් ඉන්න වෙනවා අක්කේ.... කියපු විස්තරේ හැටියට නම් මට මතක් වුනේ space cases ටීවි සීරිස් එකේ ඉන්න රොබෝ කෙල්ලව... ම්ම්ම් තෙල්මා වගේ නමක් තියෙන්නේ මතක හැටියට නම්.

      බොහෝම ස්තූතියි අක්කේ ලින්කුවට... සෑහෙන්න වේගවත්නේ ඔයා.

      Delete
  29. කාලෙකින් මේ පැත්තේ ආවේ.. වැඩ වැඩ අප්පා!!!
    දැන් එතකොට තව එවුන් ඉන්නවා අශාන් ට වෙලා තියෙන දේ ම වුණු? එහෙම නැත්නම් හීනයක්‌ ද මන්දා!
    හැම වෙලේ ම ටෙලිපෝර්ට් එක පාවිච්චි කරන්න අමාරුයි නම්, වාහන නැති වෙන්න ම බැහැ නේ ද ගැමියෝ? වාහන වල යම් අඩුවක් වුණත්, ඇගට අමාරුවක් නැතිව ගමන් යන්න මිනිස්සු වාහන පාවිච්චි කරයි කියලයි හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මටත් වැඩ අප්පා ඒ නිසා අනික් බ්ලොග් බැලෙන්නේ සෑහෙන්න අඩුවෙන්....

      //දැන් එතකොට තව එවුන් ඉන්නවා අශාන් ට වෙලා තියෙන දේ ම වුණු? එහෙම නැත්නම් හීනයක්‌ ද මන්දා!//

      හරියටම හිතලා තියෙනවා කතාව කියවලා... නියමයි ඈ...

      //හැම වෙලේ ම ටෙලිපෝර්ට් එක පාවිච්චි කරන්න අමාරුයි නම්, වාහන නැති වෙන්න ම බැහැ නේ ද ගැමියෝ?//

      අශාන්ට අමාරු වුනේ මුල්ම සැරේ නිසා ඒත් නිතරම පාවිච්චි කරන්න බැරි නෑ.මෙතනදි මම අදහස් කරන්න හැදුවේ හදිසි අවස්ථාවකදි වෛද්‍යවරිය ලෙඩා ගාවට එහෙම ආවත් ඒ වගේ සුළු දුරක් වෙනුවෙන් ඒ තාක්ෂණේ නිතර වැය කරන එක අපරාදේ කියලා...

      මොකද වැඩට එන්නත් ගෙදර යන්නත් අනිවාර්යෙන් පුළුවන් වෙන්න තමා මෙහෙම හදනවනම් හදන්න ඕනේ අවමය දවසකට හතර පාරකට සීමා කරලා...හැබැයි වාහන නැත්තේ නෑ ඊළඟ කොටස බොහෝ දුරට පැහැදිලි කරාවි...

      බොහෝම ස්තූතියි රැංගෝ කොමෙන්ටුවට

      Delete
  30. කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ ගැමි මල්ලි. සුපිරි. ඊගාව කොටසකුත් එනවනේ. ඔන්න අපි බලන් ඉන්නවා. අර ඔරලෝසුවක් වගේ උපකරණෙ මැක්සා....අනාගතේ අනිවා එහෙම එකක් ඒවි මල්ලි. තෙල් නැතුව දුවන වාහන අවොතින්, ෂාහ් පට්ට අයිඩියා මල්ලි. සුපිරි ප්‍රබන්ධකයාට සුභම සුභ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. දැන් තියෙන ප්‍රධානම ප්‍රශ්නේ විසඳන්න එපැයිනේ ඒකයි වාහන නැති කෙරෙව්වේ... ඊළඟ කොටස තව පුදුමයක් ඇති කරවන්න බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව.

      //ෂාහ් පට්ට අයිඩියා මල්ලි. සුපිරි ප්‍රබන්ධකයාට සුභම සුභ පැතුම් !!!//

      ලැජ්ජාවේ පණ යනවා අප්පා මෙහෙම කියන්ඩ එපෝ.... බොහෝම ස්තූතියි අයියේ දෙන දිරිමත් කිරීම්වලට මේවා මට ලොකු හයියක්....

      Delete
  31. අඩේ එළ ඈ....කොර උනා මේක කියවල......ඔහොම යං.....

    ReplyDelete
    Replies
    1. හම්මේ කාලෙකට පස්සේ අයියව දැක්කේ... නොදුටු අයියේ පහුගිය ටිකේ අප ඔබව නුදුටුවේ මන්ද??

      බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  32. ඊලග එක එනකං ඉන්නේ..
    ඉක්මනට දාපං මචං!!!11

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මචෝ.... ඊළඟ එක තව ටික දවසකින් දෙන්නම් ඈ තාම ලියන ගමන් ඉන්නේ....

      Delete
  33. මල්ලි, මං මේ ලඟදි දවසක තමයි ඔයාගෙ පත් ඉරුවට ගොඩ උනේ වෙන කොහෙදෝ ඉඳන් පාර හොයාගෙන ඇවිල්ලා. ඒ ඇවිත් මේකේ මුල කොටස කියවලා මුල ඉඳන් එකක් නෑර ඔයාගේ ලිපි කියවගෙන ගියා. අද ආයෙ මේ පැත්තේ ආවහම දැක්කා දෙවෙනි කොටස දාලා කියලා. ඔයා ඇත්තටම දක්ෂයි මල්ලි. දුර ගමනක් යන්න පුළුවන් කෙනෙක්. මේ විද්‍යා ප්‍රබන්ධය වගේම ඔයා වෙද ගෙදර කතා විස්තර කරලා තියෙන විදිහත් හරිම ලස්සනයි. මීට පස්සේ දිගටම ඔයාගෙ ලස්සන ලිපි කියවන්න එනවා.

    මේ විද්‍යා ප්‍රබන්ධය හරිම කුතුහලය දනවන විදිහට ලියලා තියෙනවා. අර අන්තිමට ඇහුන පිරිමි කටහඬ ගැන මට අදහස් දෙකක් තියෙනවා. එක්කෝ ඒත් අශාන් වගේම විද්‍යාගාරයේ හිර වෙලා ඉන්න කෙනෙක්. නැත්තම්, අර කතාවෙ මුල් කොටසෙදි හැංගිලා ඉන්නවා කිව්ව පිරිමි කට්ටිය අශාන්ව විද්‍යාගාරයෙන් පැහැරගෙන/බේරගෙන ගිහිල්ලා.

    ආසාවෙන් ඉන්නවා ඊලඟ කොටස ඉක්මණට කියවන්න.

    ReplyDelete
    Replies
    1. ඔයා පොඩ්ඩි අක්කගේ බ්ලොග් එකේ ලස්සන කතා දානවා කොමෙන්ට් විදියට.අනිවාර්යෙන් ඒවා කියවනවා මම.... ඔයාගේ බ්ලොග් එක හොයාගන්න බෑනේ ප්‍රොෆයිල් එක බලන්නත් බෑනේ ඇයි ඒ??

      මම ලියන්නේ විනෝදෙටනේ අක්කේ.වෙද ගෙදර කතා ලියන්න තමයි බ්ලොග් එක පටන් ගත්තේ මේ වගේ කතා ලියන්න හීනෙකින්වත් හිතුවේ නෑ.ලැබෙන ප්‍රතිචාරත් එක්ක මෙහෙම කතා ලියන්න ආසයි දිගටම.

      ඔයා හිතුව විදිය හරියටම හරි අක්කේ අළුත් කොටසත් දැම්මා.ප්‍රතිචාර ප්‍රමාද වුනාට සමාව අයදිමි

      Delete
  34. හොහ් හොහ් හෝ.. මල්ලි දෙකක් නෑ කිව්වට ඔය තියෙන්නෙ..

    සංකල්ප පැහැදිලිකරල තියන විදිය නම් බොහොම අපූරුයි. "මේක මෙහෙම් වෙන්න පුළුවන්ද ?" කියන ප්‍රශ්ණය මතුවෙනව අඩුයි. ඒක හොඳ විද්‍යාප්‍රබන්ධයක ලක්ෂණයක් වෙන්න ඇති.

    //“ඩොක්ටර් ඇයි ඔබෙ ටෙලිපෝර්ට් උපකරණය පාවිච්චි කරන්නේ නැත්තේ??”

    “මම හිතුවා ඔබ ඔය ප්‍රශ්නේ අහයි කියලා.මේක දවසකට පාවිච්චි කරන්න පුළුවන් සීමාවක් තියෙනවා අශාන්.නිතර පාවිච්චි කිරීම ශරීරයට දරාගන්න අමාරුයි....” පැවසූ ඈ පිටව ගියාය.... //

    මේ වගේ තැන් කතාවෙ විශ්වාසනීය භාවය තහවුරු කරනව.

    දිගටම ලියමු මල්ලි. හැකියාව තියාගෙන නොලියා ඉන්න එක අපරාදයක්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අයියේ හැමෝම කියද්දි කියද්දි මටත් හිතුනා ලිව්වනම් හොඳයි කියලා... හැබැයි ඉතින් මේ විදියටම ඉතුරු කොටස් ලියන එක ලොකු අභියෝගයක්.බලමුකෝ ඉතින්.

      බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  35. කලින් කොටස කියවල නොතිබුනු නිසාම පලවෙනි කොටසින් පටන්ගත්තු මම එක දිගටම හුස්මක් ගන්නෙ නැතුව කොටස් දෙකම කියෙවුව.විද්‍යා ප්‍රබන්ධ ඒ තරම් කියවල නැති මට නම් පට්ටම රහක් දැනුනෙ මේ අදහස් හා ලිඛිත ශෛලිය ගැන.හ්ම්ම්ම්........... ඉදිරි දින කීපය නම් වැය කරන්නෙ මේකෙ අනිත් කතා ටික කියවන්න.බ්ලොග් ලෝකෙ මෙතෙක් නොකියවපු තරම් රසවත් මේක මට නම්.අනිත් කොටසත් ඉක්මනටම දාන්නෝ.එතකන් මං අනිත් කතා කියවන්නම්.ජය ගැමියෝ.මේ අදහස් නිසා මාව නම් අමුතුම අදහස් ගොන්නකට පිවිසුනා :)

    ReplyDelete
    Replies
    1. මට ටිකක් විතර තියෙන ප්‍රශ්නයක් තමයි කතාව ලියද්දි අන්තිම හරියේ වෙද්දි මෙලෝ රහක් නැතිවෙන එක බලමුකෝ මචෝ පුළුවන් තරම් හොඳට ලියන්නම්.ඕං අළුත් කොටස දාලා තියෙන්නේ

      බොහෝම ස්තූතියි මචෝ කොමෙන්ටුවට

      Delete
  36. කොටස් 2ම අද තමයි මලයෝ කියවන්න පුලුවන් උනේ.. සිරාවටම ලියලා තියනවා.. අමුතුම මෙවුව එකක් තියනවා.. උබ හොදයිනේ ස්ක්‍රිප්ට් ලියන්න...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් තාම මම මේ කතාව ඉවර කරන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ අයියේ.කොහොම ලිව්වත් කතාව ඉවර කරද්දි නම් මම නානවා අම්බානකට.

      බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  37. ලස්සන විද්‍යා ප්‍රබන්ධයක්නේ. අපූරුවට ලියලා. පොඩ්ඩිගේ ඔලුවත් මොකක්ද උනා වගේ. :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි පොකු අක්කේ.හම්මෝ ඔය ඔළුව පරිස්සම් කොරගන්න හොඳේ... මම මේ කතාව ලියද්දි මුලින්ම කල්පනා කරේ පොකු අක්කව මේ ස්ත්‍රී ජනපදයේ ඒකාධිපතිනිය කරන්න...

      Delete
  38. නියමයි.... දිගටම ලියන්න.........

    ReplyDelete