Thursday, June 28, 2012

ගැහැණු ලොවක සිරකරු... 4 කොටස


මුල් කොටස් සඳහා
1 කොටස
2 කොටස
3 කොටස
**********************************************************************************

වර්ෂ 2020,ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකාව රැගත් ෂටලය ගුවන් ගත කිරීමට සුළු මොහොතකට පෙර......

මෙහෙයුම් මධ්‍යස්ථානයේ වූ කාර්ය මණ්ඩලය ලහි ලහියේ ගුවන් ගත කිරීමට අදාල දත්ත නැවත විශ්ලේෂණය කරමින් සිටින අයුරක් දක්නට ලැබුණි.සියළුම දෙනා ඉතාමත් කඩිසරව තමන්ගේ රාජකාරිය ඉටුකරනු දක්නට ලැබිණි.නමුත් මෙහෙයුම භාර ප්‍රධානියා සහ ඔහුගේ දෙවෙනියා පාලන මැදිරියේ නොවීය...


සියල්ල සැලසුමට අනුව සිදුවේවිද බණ්ඩාර....??”


ඔව් සර් බයවෙන්න කිසිම දෙයක් නෑ.මම පුද්ගලිකව ගිහින් තමයි අශාන්ගේ ශිශිරතරණ නින්දේ දත්ත සකස් කලේ.වසර 50ක් දක්වා කිසිදු ප්‍රශ්නයක් නැතිව ඔහුට නින්දේ ඉන්න පුළුවන් හෙහ් හෙහ්


මුළු මධ්‍යස්ථානයම වියරුවෙන් මෙන් ගුවන්ගතවීම සඳහා සූදානම් වන විට ඒ සම්බන්ධ ප්‍රධාන නිලධාරින් දෙදෙනා මධ්‍යස්ථානයේ තිබු වෙනම කුටියක සතුටු සාමිච්චියේ යෙදෙමින් සිටී.


මේ අනතුරින් අශාන් මියගියොත් ඊට ආදේශකයක් ලෑස්තිද?”


නෑ සර් අශාන් තමයි අපිට ඉන්න හොඳම පුද්ගලයා.එයාගේ මට්ටමට ලඟා වෙන මට්ටමේ කිසිවෙක් හොයාගන්න නෑ.මේ අනිත් ගගනගාමින් දෙදෙනා වෘත්තීය මට්ටමේ නිසා මං හිතන්නේ අශාන්ව බේරගන්න පුළුවන්.කැප්සූලය ගලවා ගන්න ලේසි වෙන්න හදලා තියෙන්නේ


අනිත් ගගනගාමින් දෙදෙනා පිළිබඳව අවසන් පියවරත් ගන්න ඇති නේද?”


ඔව් සර් ඔවුන් ඇත්ත දැනගත්තා හෝ නැතා ඒ දෙන්නගේ අන්තිම චාරිකාව මේක


මේක තමයි අපේ අන්තිම බලාපොරොත්තුව.සිද්ධවෙමින් පවතින දේවල් වල හැටියට අපි අසමත් වුනොත් ලොකු ප්‍රශ්නයක්....


ඔවුන් දෙදෙනා රූපවාහිනි තිරය මතට දෑස් යොමාගෙන සිටිනු දක්නට ලැබුණි.


***

ජෙට් යානයේ එන්ජිමක ඇතිවු ගින්නක් නිසා ජෙට් යානය ගින්නෙන් වෙලෙමින් පැවතුනි.ෂටලය හා ජෙට් යානය සම්බන්ධව ඇති කොටසද ගැලවී නොයාම නිසා ජෙට් යානයත් සමගම ෂටලයද සයුරටඉතාමත් වේගයෙන් පතිත වෙමින් පැවතුනි.ඒ සමගම ඉතා තදබල පිපුරමක් සිදු විය.නියමු අසුන් වලින් පිටතට පැමිණි දෙදෙනා ගිනි බෝල දෙකක් ලෙස සයුරට කඩා වැටෙනු දක්නට ලැබිණි...


***


අශාන්ගේ තත්වය කොහොමද??


මම ගලවා ගැනීමේ නිලධාරී අසන්ත කතා කරන්නේ...අශාන්ගේ කැප්සූලයට කිසිම අනතුරක් නෑ නමුත් ඔහුගේ ශිශිරතරණ පද්ධතියට සුළු හානි සිදුවෙලා තියෙනවා.ඒ එක්කම වටිනා ගගනගාමින් දෙදෙනෙක් අපට අහිමි වුනා....


බොහෝම ස්තූතියි අසන්ත... තව තොරතුරු ලැබුණාම මට දන්වන්න.මියගිය ගගනගාමින් දෙදෙනා ගැන ඒ පවුල් වලට දැනුම් දෙන්න...


තම අතවූ දුරකථනය විසන්ධි කල ප්‍රධාන නිලධාරී ජයග්‍රාහි මුහුණකින් සිය දෙවෙනියා වෙත බලා තම සතුට ප්‍රකාශ කිරීමට ඔහු වෙත අත දිගු කලේය.


මෙහෙයුම සාර්ථකයි බණ්ඩාර.....ජය වේවා.අපි යමු දැන් පාලන මැදිරියට

******************************************************************************


දැනට අපි කාටවත් හොඳ දැනුමක් නෑ මේ තාක්ෂණ කටයුතු සම්බන්ධව.මගේ පියාගේ සැලසුම් අනුව තමයි මෙතෙක් කල් අපි ක්‍රියාත්මක වුනේ.තව දුරටත් ඒ සැලසුම් ප්‍රයෝජනයට ගන්න අමාරුයි.තාක්ෂණික දැනුම අපිට ගොඩක් වැදගත්... ඒ වගේම ඔබ දැනගත යුතු විශේෂ කාරණාවක් තියෙනවා අශාන්


ඒ වචන පෙළ ඔහු පැවසූ ආකාරයට මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විනි.ඔහු මේ පැවසීමට යන්නේ කුමක්දැයි දැනගැනීමට මම ඔහුගේ මුහුණ දෙස එක එල්ලේ බලාගෙන සිටින්නට වීමි.ඔහුද කිසිවක් නොපවසා බලාගෙන සිටියා පමණි.මා නැවත ඒ ගැන ඔහුගෙන් විමසීමට සූදානම් වත්ම ඔහු සිය කටහඬ අවදි කරවීය.


ඔබ මෙය විශ්වාස කරන එකක් නෑ අශාන් නමුත්.....


ඔහු නැවත නිහඬය.


මොනාද ඔබ මගෙන් හංගන්න හදන්නේ.... මෙතන නාස්ති කරන්න වෙලාවක් නෑනේ ඉක්මන් කරලා කියන්න


ඔබ රැගෙන ගියපු යානයේ චන්ද්‍රිකාවක් තිබුනේ නෑ අශාන්.මුල ඉඳලම ඔබව රහසිගත අවියක් විදියට යොදාගත්තේ. චන්ද්‍රිකාව නිර්මාණයට ඔබේ සහයෝගය ගත්තෙත් ඔබේ දැනුම පිරික්සීමට ඔබ ඉහලින් සුදුසුකම් ලැබුවා එයින්.ඔබව අවශ්‍ය වුනේ අනාගතයට අශාන් අපේ විද්‍යාඥයින් දැනගෙන හිටියා මෙහෙම තත්වයක් උදාවීමේ බරපතලකම නමුත් මේ ක්‍රියාමාර්ගය ගන්නවා ඇරෙන්න ඔවුන්ට වෙන විසඳුමක් තිබුනේ නෑ.ඔබට මෙය විශ්වාස කරන්න අමාරු ඇති ඒත් මේක තමයි ඇත්ත….”


නෑහ්....... නෑ නෑ නෑ මේක වෙන්න බෑ.ඇයි මට මෙහෙම කලේ.....ඇයි මටම මෙහෙම දෙයක් කලේ.මේ තරම් දරුණු වෙන්නේ කොහොමද මිනිස්සු

මේක කීපදෙනෙක් නිසා ගත්ත තීරණයක් නෙමෙයි අශාන් තේරෙනවනේ දැන් අපි පත්වෙලා ඉන්න බරපතල තත්වය.ඔයාව මේ දක්වා ආරක්ෂා කරන්න අපි ලොකු කැපකිරීමක් කලා.ඔබත් එක්ක ගිය ගගනගාමින් දෙන්නගේ ඉඳලා ඔයා ගැන දන්න හැම කෙනෙක්ම ඔයා වෙනුවෙන් දිවි පිදුවා.මගේ මල්ලි පවා....

බිම ඉඳගෙන හිස මත දෑත් තබාගෙන සිටි මා ඔහු දෙස වහා නෙත් යොමුකලේ ඔහුගේ මල්ලි පවා මා වෙනුවෙන් දිවි පූජා කල අයෙක් බව ඇසුණු නිසා...

ඔයාගේ මල්ලි කොහොමද මං වෙනුවෙන් ජීවිතය පූජා කලේ.....??”

ඇත්තටම අශාන් එය ජීවිත පූජා කිරීමක්ම නෙමෙයි.අපි මෙතනට එනකන් කතා කර කර එද්දි ඔයාට මතකද මම ඔත්තුකරුවෙක් ගැන කිව්වා.....

ඔව් හොඳටම මතකයි මම ඒ ගැන අහන්න හිටියේ... ඒ ඔත්තුකරු ඔයාගේ මල්ලිද??

ඔව් අශාන් ඒ මගෙ මල්ලි තමයි.නමුත් ඔහුට ඔත්තුකරුවෙක් කියනවද ඔත්තුකාරියක් කියනවද කියලයි මම කල්පනා කලේ......

ඒ ඔයාගේ මල්ලි නම් ඔහු ඔත්තුකාරයෙක් විදියටනේ හඳුන්වන්න ඕනේ.....

ඔව් මගේම මල්ලි තමයි.ඔහු දැන් කාන්තාවක්........

ඒ කොහොමද?? එයාලා ම්ල්ලිව අල්ලාගෙන ගැහැණියක් කලාද??”

නැහැ අශාන්.... මගේ පියා මීට වසර 20කට කලින් ඔහුට අවුරුදු 25 වෙද්දි සේරම පැහැදිලි කරලා දීලා ඇහුවා මෙයට ලෑස්තිද කියලා.ඔහු කැමතිවුනා ඒ අවදානම බාරගෙන මුළු ජීවිත කාලයටම ගැහැණියක් ලෙස ගෙවන්න.... ඔහු සෑහෙන්න සැත්කම් රාශියකින් පස්සේ ඉතාම සුරූපි හුරුබුහුටි කාන්තාවක් බවට පත්වුනා.ඔහු පොරොන්දු වුනා ජීවිත කාලය පුරාවටම අපිට තොරතුරු ලබා දෙන්න.....  ඔබව මුදාගන්නා මෙහෙයුමට කලින් තමා ඔහු අවසන් වරට අපිත් එක්ක සම්බන්ධ වුනේ.ඒ මොහොතේ ඉඳලා තාම ආරංචියක් නෑ....

මා මොවුන්ගේ අවසාන බලාපොරොත්තුව බව මට වැටහුණි.නැගී සිටි මා පෙරට වඩා වැඩි ජීවයකින් ඔහු වෙතට ගොස් ඔහුගේ පිටට තට්ටුවක් දැමුවේ ඔහුගේ මුහුණේ වූ දුක සහ වේදනාව දුරලීමේ අරමුණින්.

යං අපි මේක කරමු.....

ඔහු ඉතාමත් සිනහ මුසු මුහුණින් යුතුව එය අනුමත කලේ සියළු දුක් දෝමනස්ස නොතකමින්.දෙදෙනා එක්ව අපගේ මුදාගැනීමේ යානය වෙතට ඇදුනේ එය ක්‍රියාත්මක තත්වයට කෙසේ හෝ ගන්නවා යන අරමුණින් යුතුවයි.



ඒ යානය පෙරදී මම බිම්ගෙයි කුටියේ දුටු ආකාරයේ යානයක්.අර්ධ කවාකාර හැඩයකින් යුත් එහි ප්‍රධාන එන්ජිම යානාවේ හරි මධ්‍යයේ පිහිටා තිබුනා.මා එය පරික්ෂා කිරීමට ගත්තේ විශ්මය පිරි දෙනෙතින්.ඉතාමත් කුඩා මේ එන්ජිම මගින් යානාවට අවශ්‍ය බලය ලැබේදැයි පවා සැකයක් ඇතිවුනේ නිරායාසයෙන්.ඔහු මා හට යානයේ සැලැස්ම ලබා දුන් පසු මා ඉතා අවධානයෙන් එය පරික්ෂා කරනු ලැබවේ මෙහි සිද්ධාන්තය කුමක් දැයි අවබෝධ කරගැනීමටයි....

මුළු යානාවටම අවශ්‍ය බලය ලබාගන්නේ ඒ ඒ අවස්ථාවේ ඇති ශක්ති ප්‍රභවයන් භාවිතයෙනුයි.සූර්යකෝෂ භාවිතයෙන් යානාවට අවශ්‍ය මූලිකම ශක්තිය ලබාගන්නා අතර ඉන් පසු වරින් වර එහි ශක්ති ප්‍රභවයන් වෙනස් කරමින් වායූගෝලයේ වූ වායූන්ගෙන් සහ ජලය මගින්  පවා එන්ජිම ක්‍රියාත්මක කල හැකිවන සේ සකසා තිබුනා.

තව දුරටත් අධ්‍යනයේදි මට සිනහවක් මතුවූයේ මෙම සැකැස්ම අප විශ්ව විද්‍යාලයේ සිටියදි පරික්ෂා කරමින් සිටි ආකෘතියක් බව වැටහීම නිසායි.යානය ගුවන් ගත වෙනුයේ  ප්‍රතිගුරුත්ව(anti-gravity)* තාක්ෂණයෙන්.ඒ සමයේ ඉතා විශාල වශයෙන් අසාර්ථක වූ සංකල්පයක් නැවත සාර්ථකත්වයට පත් කරගත්තේ කෙලෙසදැයි මා හට ඉතා විශාල කුතුහලයක් වූවා.

සාර්ථතකත්වයේ රහස මා හට වැටහුනේ යානාවේ සංයුතිය පිළිබඳ විමසා බැලූ විටදීයි.යානාවේ පිටත ව්‍යුහය සම්පූර්ණයෙන්ම සකසාගෙන තිබුනේ පෘථිවියේ ඉතා දුලබ ලෝහ වර්ගයකින්.එන්ජිමෙන් නිකුත් වන බලයෙන් යානාවේ පිටත ව්‍යූහයම ආරෝපණය වී ගුරුත්වයට විරුද්ධ බලයක් ක්‍රියාත්මක වීමෙන් යානාව එක ක්ෂණයකින් ගුවන් ගත කල හැකිවාක් මෙන්ම ඕනෑම මොහොතක ගමන් කරන දිශාව වෙනස් කිරීමටද හැකියාවක් මේ යානාවට තිබෙන බව මා වටහා ගත්තා.යානයේ කවාකාර හැඩය එයට උපයෝගි කරගෙන තිබුනා.මා කුඩා කල අසා තිබු පියාඹන පීරිසියක හැඩයත් මේ හා සමානයි.

යානාව ක්‍රියා විරහිතව ඇත්තේ එන්ජිමෙහි දෝෂයකින් නිසා නොවන බව මා හට සැක සිතුණු බැවින් මම මා සමග පැමිණි පුද්ගලයාගෙන් ඉල්ලා සිටියේ යානයේ පිටත ආවරණය ඉවත් කර දෙන ලෙසටයි.ඔහු මාගේ ඇරයුමෙන් ඒ සඳහා විධාන අසල සිටි පුද්ගලයන්ට ලබා දෙනු ලැබුවා....

***

මා පැය දෙකකට අධික කාලයක් යානයෙහි තාක්ෂණික ගැටළු නිවැරදි කිරීමේ යෙදී සිටියා.එක් වරම බිම්ගෙය තුලින් පැමිණියේ කැරලිකාර සඟයෙක්.... ඔහු කෑ ගසමින් අප සිටි දෙසට දිව ආවේ ඉතාමත් කලබලයෙන්.

උන් එනවා.... උන් එනවා... සර් ඉක්මන් කරන්න.....

අපි හිතුවට වඩා උන් ඉක්මන් වෙලා.අශාන් ඔයාට තව කොච්චර වෙලාවක් යනවද???

තව පැය බාගයක් දෙන්න මෙතන පෑස්සුවට පස්සේ අපිට යානය එකලස් කරගෙන යන්න පුළුවන්.

හරි අශාන්.... සේනක දැන් කොයි හරියෙද ගැහැණු හමුදාව.

අනික් පැත්තේ ඇතුල්වීමේ දොරටුවට පහරදෙනවා සර්.වැඩි වෙලාවක් යන්න කලින් එතන කඩාගෙන එයි අපිට ඉක්මන් කරන්න වෙනවා....

හ්ම්ම් ඒකත් එහෙමද.එහෙනම් කරන්න දෙයක් නෑ.මම එයාලව ප්‍රමාද කරන්නම් අශාන් යානය එකලස් කරපු ඔයාලා පිටත් වෙන්න.පැය බාගයකින් මම එන්නම් මම නාවොත් මං එනකන් ඉන්න එපා...   
අශාන්... බොහෝමත්ම ස්තූතියි ඔබට.... එහෙනම් සුභ ගමන්...

සර් පොඩ්ඩක් ඉන්න.... මාත් එනවා.සර්ට තනියෙන් එයාලත් එක්ක හැප්පෙන්න බැරිවෙයි.....

යමු සේනක.........

පොඩ්ඩක් ඉන්න.......

ඇයි අශාන්......

කරදරයක් නැතිව ආයේ එන්න.....

හෙහ් හෙහ් හෙහ්.... 

සිනාසුනු ඔහු බිම්ගෙය තුලින් නොපෙනී යනතුරු මා බලාගෙන සිටියේ මහළු වුනත් හදවතින් තරුණ ඔහුගේ  නායකත්වයේ උතුම් ගුණය ගැන ආඩම්බර වෙමින්.මෙතනින් බේරි පලායාමට ඔහුට හොඳ හැටි අවස්ථාව තිබුණත් අප සියල්ල උදෙසා ඔහු විසින්ම හමුදාව ප්‍රමාද කිරීමේ සියතට පවරා ගෙන ඒ සඳහා පිටත්වූ ඔහු මගේ දිවියේ වීරයෙක් ලෙසින් හැමදාටම තැන්පත් වනු නොඅනුමානයි.

මා ඉතා කඩිනමින් යානයේ එකලස් කිරීමේ කටයුතු කරන්නට වූයේ හිතට දැනෙන්නට වූ භීතිය නිසාවෙනි.එකලස් කිරීමේ කටයුතු අන්තිම අදියරේ පැවතුනි.එක්වරම පිපුරුම් හඬක් ඇසුනේ බිම් ගෙයි විවරය අසලින්.මා සියළු දෙනාටම යානයට ඇතුළු වන ලෙස අණ දුන්නේ යානය ක්‍රියාත්මක කර ඕනෑම මොහොතක ගුවන්ගත වීමට සූදානමින් තබාගෙන යානයේ අවසන් එකලස් කිරීම් නිම කිරීමටයි....

එක්වරම බිම්ගෙයි විවරයේ වහලය කඩාගෙන වැටුනේ අප සිටි ගුහාවම දූවිල්ලෙන් වසාගනිමින්.....

අශාන්.......... ඒ සේනකගේ කටහඬයි.මම ගැහෙන හදින් යුතුව වහා ඔහුගේ හඬ ඇසුණු පෙදෙසට දිව ගියෙමි.

~~මතුසම්බන්ධයි~~


ප/ලි

ගිය කොටසේ වෙච්චි අඩුපාඩු හැදෙන්නත් එක්කම මේ කොටස ගොඩක් කලින් ලිව්වා.මේකෙත් ගුණ දොස් විචාර හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනවා.විද්‍යාත්මක කරුණු දැක්වීමේදි විකිපීඩියාවේ ලින්කු දාලා තියෙනවා.නමුත් විද්‍යාත්මකව නොදන්නා මගේ සංකල්ප දැක්වීමේදි නම් එහෙම ලින්කු දාලා නෑ.මොකද විද්‍යාත්මකව ඒ සංකල්ප කොතරම් නිවැරදිද කියලා නොදන්නා නිසයි එහෙම කලේ....

මුල් පින්තූරය ගත්තේ මෙතනින් http://history.nasa.gov/SP-4001/images/fig28.jpg
දෙවැනි පින්තූරය නම් මම ඇඳලා පොටෝවක් ගහලා දැම්මේ...


75 comments:

  1. elama thami macho 5th ikmanatama dapan.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඇනෝ මචෝ... 5ත් මේ තරම් ඉක්මනට නොවුනත් වැඩි කල් යන්න කලින් දෙන්න බලාපොරොත්තු වෙනවා.ලියලා ඉවර වුනු ගමන් දැම්ම නිසා දෙපාර තුන්පාර කියවලා වැරදි හැදුවේ නෑ... ඊළඟ කතාවෙදි ඒ අඩුපාඩුත් නැති කරලා දාන්න උත්සහ කරන්නම්

      Delete
  2. මේක හරිම අසාධාරණයි නේ...තව පොඩ්ඩෙන් මට මේක මිස් වෙනවා :)

    ඒ කියන්නේ අශාන්ව අනාගතේට එවන්න කලින්ම සැලසුම් කරලා. මාරයි නේ. අර අනිත් ගගන ගාමින් දෙන්නා පව් අනේ. කතාව ලස්සනට ගලාගෙන යනවා. ඉතුරු ටිකත් ලියමු.

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පේ ඒ අසාධාරණ.... මේ වෙලාව සයුරි අක්කා නිදාගන්න යන වෙලාවද මන්දා :D

      අනික් ගගනගාමින් දෙන්නට එහෙම කලේ ඉතින් රුසියාවෙත් එහෙමනේ කරන්නේ ඒකයි.මට මතක හැටියට සෙන්නා අයියාගේ පෝස්ට් එකේ තිබුනු ලින්කුවකින් ගියාම මට හම්බුවුනා රුසියානුවෝ අභ්‍යාවකාශ ගවේෂණ වලට යොදාගත්තු ගගනගාමින්ව මරු කටට යවපු හැටි ගැන විස්තර.ඉතින් මට හිතුනා ඒ දේ මෙතනටත් හොඳයි කියලා....

      මම මේ තරම් දිගට කතාවක් ලියන්න හීනෙකින්වත් හිතුවේ නෑ.හැබැයි කතාව අදින්නේ නැතිව ඉක්මනට ඉවර කරන්න නම් ආසයි තව කතා ටිකක් කියන්න එපැයිනේ හැමදාම මේක කියන්න බෑනේ නේද....

      බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට...

      Delete
  3. අප්පටශිරි.... අශානයා මලා වත්ද?
    වෙන්න බෑ... එතකොට කතාව මග නේ..
    බලමු බලමු...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අශානයා මලේ නෑ වීරයා මරලා පුළුවන්යැ...

      තව ටිකක් දිගට යයි වගේ මේ කතාව.ඉතුරු කොටසින් බලමුකෝ රාජෝ...

      බොහෝම ස්තූතියි මචෝ කොමෙන්ටුවට

      Delete
  4. කියන්න දෙයක් නැහැ. ඉතාම සාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තූතියි මහ වෙදනානෙනි..... ඔබේ ප්‍රතිචාර මම සෑහෙන්න අගය කරනවා.

      Delete
  5. ගිය ආත්මෙ උන්නෙ අඟහරු ලෝකෙද???

    ReplyDelete
    Replies
    1. හෑ... මාව පිටසක්වල ජීවියෙක් වගේ පේනවද බොලේ....

      බොහෝම ස්තූතියි කිරිල්ලි අක්කේ කොමෙන්ටුවට....

      Delete
  6. ඉතින් අපට බැරිවෙයිද මලේ ඔය වගේ යානයක් හදන්ට. උඹ වැඩේ අල්ල ගත්තනම් කියපං. තාක්ෂනික සහය මගෙන්. ජය...!

    ReplyDelete
    Replies
    1. හයියෝ මේක මගේ පිස්සු විකාර චින්තනයක් විතරයි.... සැබෑවක් කරන්න බැරිවෙයි.උත්සහ කරලා බලන්න පුළුවන්නම්.....

      බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට...

      Delete
  7. අඩේ අල්ලලා ගෑනියෙක් කරලා ඔත්තු කාරයෙක් විදිහට දාලා...
    ඇඩෙනවා..
    පට්ට නිර්මාණශීලියි මචං
    ජයවේවා!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඔත්තුකාරයෙක් නැතුව තොරතුරු ගන්න බෑනේ ඉතිං එක්කෝ කෙල්ලෙක් සපෝට් කරන්න ඕනේ නැත්තම් කෙල්ලෙක් වගේ ඇතුලට යන්න ඕනේ ඔහොම හිතුවාම ලේසිම වැඩේ කොල්ලෙක් සම්පූර්ණ කෙල්ලෙක් වෙලා යන එක.... පහුගිය කොටස ලියද්දි මේ අදහස ආවෙ නැති නිසා තමයි ඒක එතන නොකීවේ මේක ලියද්දි ඒ අදහස ආවා....

      බොහෝම ස්තූතියි මචෝ... බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  8. උඹ මනෝ ලෝකෙක ඉන්නවද මන්ද බං ගැමියෝ.

    ජය !

    ReplyDelete
    Replies
    1. මනෝ ලෝකෙක හිටියාම තියෙන ප්‍රශ්න ගොඩාක් දුරට මගඇරෙනවනේ නේද... මේවා කල්පනාවට එන්නේ ඉතිං නිදාගන්න ගියාම නාන්න ගියාම වගේ වැඩවලදි තමා :D :D

      සැමා වැලහින්න ලිව්වේ මනෝ ගහලා නෙමෙයිද ඈ....

      බොහෝම ස්තූතියි සැමෝ කොමෙන්ටුවට..

      Delete
    2. ඒක ඔහේ ලියවුනා බං.. මටත් පුදුමයි..

      හැබැයි මට අදහස් එනවා උදේ බොක දානකොට...

      Delete
    3. බොක්කෙන්ම දුන්නු පිළිතුරක්.... :P

      Delete
  9. අපොයි දෙයියනේ අවුරුදු 50 ක් ඔනෙ නෑ දවස් පහක් නිදාගන්න තිබුනනම් හොඳටම ඇති.

    මළා.. ෂටලය ගුවනේදි විනාශ වෙනවා අහාන් විතරක් එනවා අායෙ දෙකක් නෑ අශාන් ලංකා පුත්‍රයෙක් නේ ඌ දන්නවා බේරිලා එන්න මොකද ඉපදුනේ ලංකාවෙ නේ?

    මගේ අන්ිම ප්‍රශන්ය ගැමියාගේ පත් ඉරුව ලියන ඔබ හොඳ විද්‍යා ප්‍රබන්ධකයෙක්.

    අතාර් සී ක්ලාර්ක් මහතාගෙන් සහ සිරිල් සී පෙරේරා මහත‍ගන් පස්සේ ඔබට ඒදැනුම සහ අවබෝධය නම් තියන බව පේනවා

    ReplyDelete
    Replies
    1. දවස් පහක් එක දිගටද??? මම දවස් දෙකක් එක දිගට නිදාගෙන නැගිටලා තියෙනවා.... හවස 6ට විතර නැගිටලා උදේ කියලා හිතාගෙන දඩි බිඩි ගාලා ඉස්කෝලේ යන්නත් ලෑස්තිවුනා.... දවස් දෙකක් විතර හෝන්දු මාන්දු වෙලා වගේ හිටියේ මුකුත් හිතාගන්න බැරිව.කොහොම තියෙයිද දවස් 5ක් නිදාගත්තාම... අවුරුදු 50ක් ගියාම ඊට හපං වෙයි....

      අශාන් ඉන්න කැප්සූලය මුහුදට දාන නිසා තමයි අශාන් බේරෙන්නේ.... ඉන් පස්සේ අවුරුදු ගානක් නින්දෙ ඉන්නේ....

      ආතර් සී ක්ලාර්ක් මහතා සහ සිරිල් සී පෙරේරා වගේ අයගෙන් තමයි මේ අඩිතාලම වැටුණේ.... ආසාවට ලිව්වට මම දන්නේ නෑ එතුමන්ලගේ අහලකටවත් එන්න පුළුවන් වෙයිද කියලා..... සතුටුයි යන්තම් හරි කිට්ටුවෙන්න ලැබුනොත්.

      බොහෝම ස්තූතියි දයානන්ද මහත්මයානෙනි ඔබේ කොමෙන්ටුවට.සතුටුයි ඔබේ ප්‍රතිචාරය පිළිබඳව...

      Delete
  10. වෙනදා වගේම සුපිරි... මම මේකට ඇබ්බැහි වෙලාද මන්දා...

    මලේ චාරිත ටිකක් වැඩි කලොත් නරකද

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ.... මාර සතුටුයි ප්‍රතිචාරයට....

      චරිත වැඩිකරන්න ඕනේ නම් තමයි.තාමත් මේ කට්ටියට හරියට නම් තියාගන්න බැරුවනේ ඉන්නේ.... වැඩේ කියන්නේ කෙටි කතාව නව කතාවක් වුනානේ... තව චරිත ටිකක් ගේන්නම්කෝ කරලියට බොහෝම ස්තූතියි අයියේ ඒ උපදෙසටත්....

      Delete
  11. ගැමියො, මට දැන් ටිකක් පැටලිලා තියෙන්නෙ..

    අර මුලින්ම රොකට් එකකින් කොහාටද ඒ යන්ඩ හදන්නෙ ? එතනදි දෙන්නෙක් මැරෙනවනේ.. එතකොට අශාන්ව බේර ගන්නෙ කවුද..? ඔහු ඉන්න කැප්සියුල් එක වැටෙන්නෙ කොහාටද ? මම හරිනම් දැන් කතාව යන්නෙ රොකට් එක යවලා අවුරුදු පනහකට පස්සෙ. එහෙම නේද ?

    පොඩ්ඩක් පැහැදිලි කොරපන්කො..

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි අයියේ වෙන්නේ,

      ෂටල් එකක් යවනවා චන්ද්‍රිකාවක් එක්ක.ඒ ෂටල් එකේ තමයි අශාන් hibernate වෙලා ඉන්නේ.ඒ යානේ යනවා ගගනගාමින් දෙන්නෙක්.... ඒ අතරේ ෂටල් එක සම්බන්ධ ජෙට් යානය අනතුරට පත්වෙලා ෂටල් එකත් එක්ක ගිනි ගන්නවා.

      ෂටල් එක ගිනිගන්නකොට ගගනගාමින් දෙන්න යනවා අශාන්ව නැගිට්ටවන්න.ඒ ගොල්ලන්ට කියලා තියෙන්නේ වායුගෝලයට ඇතුල් වුනාට පස්සේ අශාන්ගේ ශිශිරතාරක නින්ද අවසානයි කියලා.නමුත් අශාන් අවදිවන්නේ නෑ.ඒ කොටස 2 කොටසේ තියෙනවා.අශාන් අවදි නොවන නිසා එයාලා බලෙන් අශාන්ගේ ශිශිරතරණ නින්ද ක්‍රියාවිරහිත කරනවා.නමුත් නින්දේ බලපෑම නිසා අශාන් පියවි සිහියට එන්නේ නෑ.... මේ අතරේ එක ගගනගාමියෙක් චන්ද්‍රිකාව බේරගන්න ඒ කුටියට යනවා.එතන ෂටල් එකක් නැති බව දැක්කම එයාලාට තේරෙනවා මෙතන මොකක් හරි වරදක් වෙලා තියෙනවා කියලා....

      ගගනගාමින් තීරණය කරනවා අශාන්ව නැවත හයිබර්නේට් කරලා හයිබර්නේට් කැප්සූල් එක පිටින්ම මුහුදට අතෑරලා අශාන්ගේ ජීවිතේ බේරන්න.එහෙම කරලා එයාලත් eject වෙනවා.නමුත් ගගනගාමින් දෙන්නාගේ සීට් වල තිබුණු බෝම්බ නිසා එයාලා මැරෙනවා.අශාන් සහිත කැප්සූලය පමණක් සයුරට වැටිලා අශාන්ව බේරෙනවා.නමුත් අශාන්ගේ හයිබර්නේට් කැප්සූලයට වෙච්චි හානිය නිසා හෝ ගගනගාමින් නැවත ඇතුලත් කල දත්ත නිසා අශාන්ව නැවත අවදි කරවීම කල් යනවා.... නමුත් සැබෑ සැලසුම තිබ්බේ අශාන්ව අවුරුදු 50න් නැගිට්ටවන්න.ඒකයි මෙතන ප්‍රධාන නිලධාරියා කියන්නේ....

      //“ඔව් සර් බයවෙන්න කිසිම දෙයක් නෑ.මම පුද්ගලිකව ගිහින් තමයි අශාන්ගේ ශිශිරතරණ නින්දේ දත්ත සකස් කලේ.වසර 50ක් දක්වා කිසිදු ප්‍රශ්නයක් නැතිව ඔහුට නින්දේ ඉන්න පුළුවන් හෙහ් හෙහ්”//

      එයාලා බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 50න් අශාන්ගේ නැවත නැගිටීමක් වුනත් අශාන් අවුරුදු 120ක් පමණ යනතුරු අවදි වෙන්නේ නෑ... එතනින් බිඳ වැටෙන සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ මේ ඉතිරිවෙලා ඉන්න පිරිමි කැරළිකරුවෝ....

      දැන් හරිදෝ....සමාවෙන්න හොඳේ ඒ හරිය අපහැදිලියි නම්.මගෙන් වෙච්චි පොඩි අඩුපාඩුවක් මම හිතන්නේ.බොහෝම ස්තූතියි සෙන්නා අයියේ කොමෙන්ටුවට

      Delete
    2. දැන්නම් ටිකක් හරි වගේ ආයේ මුල ඉඳන් කියවගන එන්නම්.. එතකොට පැහැදිලි වෙයි..

      සමාවෙන්න.

      ස්තූතියි නැවත පැහැදිලි කලාට..

      Delete
    3. සාමාව කුමකටද අයියන්ඩි... ආසාවෙන් කියවන එකම මදෑ මට.ඔයාගේ වටිනා කාලයෙන් බිඳක් මගේ කතාව කියවන්න වැය කලාටත් නැවත ඒ ගැන ප්‍රශ්න කරලා කතාව ගැන ඇහුවටත් බොහෝම ස්තූතියි අයියේ... කොමෙන්ටුවටත් ස්තූතියි....

      Delete
    4. ඔක්කොම හරි ගැමියො, දැන් උඹේ පාඩම් වැඩ කටයුතු කොහොමද ? උඹ බ්ලොග් කොට කොට ඉඳලා විභාගෙ ඇනගනැතිවෙයි කියලා බලාපොරොත්තු වෙනවා..

      Delete
    5. මට තිබුනේ ප්‍රශ්නේ සෙන්නා අහලා.

      Delete
    6. @සෙන්නා,

      සන්තෝසයි සේරම හරි නම්.පාඩම් වැඩ නම් සුපුරුදු පරිදි කෙරීගෙන යනවා අයියේ.......
      -----------------------------------------------------------
      @අසරණයා,

      ප්‍රශ්නේ අහන්න හිටියේ විභාගේ ගැනමද ඈ??

      Delete
  12. මලයා සැලැස්මත් තියෙන එකේ යානේ හදමුද සිරාවටම.. :)

    ReplyDelete
    Replies
    1. ඕක නිකමට හිතලා ඇඳපු එකක් අයියේ... පියාඹන පීරිසියක්ම තමයි ඔය.හදන එකනම් හීනයක් විතරයි අයියේ......

      බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  13. මාත් ආයම එක වර කොටස් හතරම කියවන්ට ඕනි. ඔයාගේ යානේ හරිම ලස්සනයි. දිනේශ්ගේ අදහසත් නරක නෑ.

    හැබෑට ගැමියෝ ඔයා මොනවද කරන්නේ?

    අනෙක තමා අර චරිතේ ඇත්තටම මට බාර දෙනවද? හී හී....

    ReplyDelete
    Replies
    1. එල එල හිමින් සැරේ කියවන්නකෝ අක්කේ.... යානේ නම් ඉතින් පියාඹන පීරිසියක්.ඔය නම් කරපු කෑලි තමයි මගෙ අතින් දැම්මේ... දිනේශ් අයියාට අවසරේ දුන්නොත් නම් හදයි වගේ...

      මම තවම ඉගෙන ගනිමි,ෆිල්ම් බලමි(හොලිවුඩ් එව්වා),පොත් කියවමි(පරිවර්තන),නිදාගන්න ගියාම කතාව පැය ගනන් කල්පනා කරමි.සමහර වෙලාවට විකාර හීනත් දකිනවා... ඔන්න ඔව්වා තමා ඉතින්

      ඒ චරිතෙ නම් ඔයාටම තමා හරියන්නේ.... "පොකූ the female dictator"

      Delete
  14. මුල්ම කොටසෙ ඉඳලා මෙතෙන්ට එනකොට සෑහෙන දියුණුවක් තියෙනවා ගැමියා.

    අර පින්තූරෙ Paint වලිනුත් අඳින්න පුලුවන් ගැමියා හුඟක් පැහැදිලිව හිටින්න. ඕක වරන් තියෙන්නෙ ෆෝන් කැමරාවෙන් වෙන්න ඇති මම හිතන්නෙ. චිත්‍රය මතට ආලෝකය වැටෙන තරමට තමයි පහැදිලි කමත්.

    ඔය anti gravity තාක්ෂණයෙන් හඳට යන විද්‍යා ප්‍රබන්ධයක් ලිව්වා H G Wells. ඒකෙ නම The First Men In the Moon කියලා. අපිට ඒකෙ ඉන්නවා කැවොර් කියලා චරිතයක් එයා හොයාගන්න මේ ද්‍රව්‍යයට කියන්නෙ කැවොරයිට් කියලා. මේකෙ තියෙනවා ගුරුත්වයට නැති කලහැකි ගතියක්. ඒකෙන් තමයි හඳට යන්නෙ.

    නිකං මතක් වුන නිසා කිව්වෙ. පොර ටෝක් එකක් නෙවෙයි, හරි?

    ආ මෙන්න මට මතක් වුනා විකියගෙ බලන්න . මෙන්න ලින්ක් එක.

    http://en.wikipedia.org/wiki/The_First_Men_in_the_Moon

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඩුඩි අයියේ....

      චිත්‍රය අතින් ඇන්දෙ ප්‍රස්තාර කොලයක.ඊට පස්සේ චයිනීස් පෝං එකෙන් පොටෝව ගැහුවා panorama දාලා.පොටෝෂොප් වලට ගෙනල්ලා පාට හදලා තමා දැම්මේ වැඩියම පැහැදිලි වෙන්න....

      H.G wells ගැන මම අහලා තියෙනවා.හැබැයි මේ කතාව නම් කියවලා නෑ.බොහෝම ස්තූතියි ඔත්තුවට ඔයාගෙ ලින්කුවෙන් මෙයාගෙ ෆිල්ම් එකත් හොයාගත්තා ඒක ඩවුන්ලෝඩ් කරන්න බාර දීලා ඉන්නේ දැන්....

      අයියෝ අයියේ මෙහෙම දෙයක් දැම්මාම ඒක පොර ටෝක් එකක් කියලා කවුරුත් හිතන්නේ නෑ.... මේ වගේ ඔත්තු හරිම වටිනවා....

      ලින්කුවට බොහෝම ස්තූතියි.කොමෙන්ටුවක් දැම්මටත් බොහෝම ස්තූතියි.හැමදාමත් වගේ මහන්සියෙන් දාපු වැදගත් කොමෙන්ටුවක්...

      Delete
  15. පිස්සු හැදෙනවනෙ ගැමියා අයියේ..........කතාවනම් ඇඬෙන්න තියනවා.....මේ කමෙන්ට් එක දාන්නෙත් අඬ අඬා.........

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මල්ලි.... හා හා දැන් නාඬා ඉන්නකෝ තව කොටස් තියෙනවනේ

      Delete
  16. මාරයිනෙ ගැමියො මේ කොටසත් නියමෙට ලියල තියෙනව.

    ඇත්තටම චිත්‍රෙ ඇන්ද වගේ ඕවයින් එකක් හදන්න ට්‍රයි එකක් දෙමුකො.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට.... අඳිනවා වගේද අයියේ හදන එක බැරිවෙලාවත් හැදුවා කියමු ඇමෙරිකාවෙන් ඇවිත් අල්ලං යයි අපි පිටසක්වලයෝ කියලා....

      Delete
  17. හනේ දැන්නම් මාව නිකන් කරකෝලා ඇත ඇරියා වගේ ආයේ හිමිහිට කියවන්න වෙනවා මේ කොටස

    ReplyDelete
    Replies
    1. මේ කොටස හදිසියට දාපු නිසා ටිකක් විතර අපහැදිලියි වගේ නම් තමයි.සෙන්නා අයියට දාලා තියෙන පැහැදිලි කිරීම බලන්නකෝ අක්කේ එතකොට කතාවේ සාරාංශයක් ගත්තෑකි...

      බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට

      Delete
  18. නියමයි අප්පා.... වෙන කියන්න දෙයක් නෑ මල්ලි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට.... ඇවිල්ලා කියවපු එක ගොඩක් සතුටක්

      Delete
  19. කතාව මරුනේ අය්යේ
    ඊළඟ එකත ඉක්මනට ඕන හොඳේ :)))

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මල්ලි කොමෙන්ටුවට.... ඊළඟ එකනම් ටිකක් පරක්කුවෙයි

      Delete
  20. අඩේ මරු කතාව මේක !!!

    ReplyDelete
  21. අදනං ප්‍රශ්න මොනවත් නැහැ. කතාව රස වින්දා.

    ජයෙන් ජය..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට....සතුටුයි රස වින්දනම්

      Delete
  22. කතාව දිග්ගැස්සෙනවා වැඩියි කියලා බලෙන් කෙටි කරන්න යන්න එපා. නිදහසේ ගලාගෙන යන්න ඉඩ දෙන්න.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ උපදේශයට.... මම මේ කල්පනා කලේ කතාව දිග වැඩිවෙනවා කියන්නේ කොටස් එන්න ටිකක් කල් යනවා කියන එකනේ ඔයාලටම එපා වෙයිද දන්නෑ කියලා...

      ඊළඟ කොටස තවත් සැහැල්ලුවෙන් ලියන්නම්.බොහෝමත්ම ස්තූතියි අයියේ

      Delete
  23. කලින් හරි අපූරුවටගලාගෙන අපු කතාව හැරවන කොටසේදී දරුණු විදියට කඩා වැටෙනවා.වෙන මුකුත් නිසා නෙවෙයි.හදිසිය නිසා.මුලින් දක්නට ලැබුණු රිද්මය මෙතැනදී සම්පුර්ණයෙන්ම දුරස වෙලා.

    අනිත් කාරණාව විද්‍යා ප්‍රබන්ධයක්‌ ලියද්දි කාලය ගැන සැලකිලිමත් වෙන්න.කතාව මුලදී කතා නායකයා අවදි වෙන්නේ 2140 වසරේදී.නමුත් හතරවන කොටසට එද්දී සැලසුම නිසි විදියටම ක්‍රියාත්මක වුනාලු. එහෙම වුනානම් වසර 50 කට සැලසුම් කරපු ශිශිරතාරක නින්ද කතනයකයාව 2140 ට ගෙනාවේ කොහොමද? ඔහු අවදි වෙන්න ඕනේ 2070 වසරේදී.

    අනෙක් කාරනාව නොගැලපෙන වචන භාවිතාව හැකිතාක් දුරට සීමා කරන්න. මොකද 2140 දී පෑස්සුම් වැඩ. ඒක ටිකක් ගැලපෙනවා මදි.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන එක පිළිගන්න වෙනවා අයියේ සෑහෙන්න හදිස්සියකින් තමයි මේ කොටස ලිව්වේ.ඔයා කිව්වට පස්සේ මම ආයෙ කියෙව්වා මම මුලින් පවත්වගෙන ආපු භාෂා ශෛලියත් වෙනස් වෙලා මේ කොටසෙදි....ඔයාගෙන් සමාව අයදිනවා හැමෝම වෙනුවෙන්.

      //කතාව මුලදී කතා නායකයා අවදි වෙන්නේ 2140 වසරේදී.නමුත් හතරවන කොටසට එද්දී සැලසුම නිසි විදියටම ක්‍රියාත්මක වුනාලු. එහෙම වුනානම් වසර 50 කට සැලසුම් කරපු ශිශිරතාරක නින්ද කතනයකයාව 2140 ට ගෙනාවේ කොහොමද? ඔහු අවදි වෙන්න ඕනේ 2070 වසරේදී.//

      මේ කොටසෙදි කලින් කියපු කිසිම කරුණක් වෙනස් කලේ නෑ අයියේ.මම මේ කොටසින් දක්වන්න අදහස් කලේ අභ්‍යාවකාශ මෙහෙයුම සැලසුම් කරපු පුද්ගලයෝ අවුරුදු 50න් අශාන්ව අවදිවන්න ලෑස්ති කරලා තිබ්බත් කැප්සූලය eject කරද්දි වෙච්චි අනතුරක් නිසා හෝ ගගනගාමින් අශාන්ගේ ශිශිරතරණ පද්ධතිය නැවත සකසද්දි වෙච්චි වැරැද්දක් නිසා අශාන් අවුරුදු 120ක් නින්දේ හිටියා කියලා...

      ඒක මේ දෙබසින් පැහැදිලි වෙනවා....

      \\"මම ගලවා ගැනීමේ නිලධාරී අසන්ත කතා කරන්නේ...අශාන්ගේ කැප්සූලයට කිසිම අනතුරක් නෑ නමුත් ඔහුගේ ශිශිරතරණ පද්ධතියට සුළු හානි සිදුවෙලා තියෙනවා.ඒ එක්කම වටිනා ගගනගාමින් දෙදෙනෙක් අපට අහිමි වුනා....”\\

      මෙතනදි පාස්සනවා කියන වචනය මම ගත්තේ සාමාන්‍ය වචනයක් විදියට අයියේ.ගෑස් වෙල්ඩිං වගේ අදහසක් නෙමෙයි මම දෙන්න උත්සහ කලේ.සාමාන්‍යයෙන් ඇටකටුවක් කැඩුනාමත් ඒක හදනවට කියන්නේ පාස්සනවා කියලනේ....

      හැබැයි ඒක එහෙම නෙමෙයි වෙල්ඩිංමයි කියලා ගත්තත් වර්ෂ 2140 එක්ක ගැටළුවක් නැතිවෙයි මොකද මේ යානය සෑහෙන්න පරණ යානයක්නේ භාවිතයෙන් ඉවත් කරපු.ඉතින් ඒ තාක්ෂණය පැරණියි එහෙනම් ඒක අළුත්වැඩියාවටත් ගන්න වෙන්නේ පැරණි ක්‍රම කියලා ගන්න පුළුවන්.අනික මේ ඉන්න කැරළිකරුවන්ට වැඩිය තාක්ෂණික දැනුමක් නෑ කියලත් මම සඳහන් කලානේ....

      ඔයාගේ අදහස් වලට බොහෝම ස්තූතියි අයියේ මට ලොකූ සතුටක් මෙහෙම කොමෙන්ටුවක් ඔයා දාපු එක ගැන.මීට වඩා ඊළඟ කොටස ගැන මම සැලකිලිමත් වෙන්නම්.....

      Delete
  24. අශාන් කියන්නේ රාවණ රජතුමාගේ අනුගාමික හෙළ රකුසෙක් නිසා ජාම බේරාගෙන ආපහු ඒවි නේද? :ඩී
    කතාව සුපිරි!
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. හපොයි රකුසෙක්??? මේ හොඳ කොල්ලෙක් මං වගේ.... රාවණ රජතුමා ගැන මේ දවස්වල සෑහෙන්න සුරංගනා කතා මවලා ඒකත් මිථ්‍යාවක් වෙනවා අප්පා මේ දවස්වල....

      රාවණ රජතුමා කියන්නේ යක්ක කියන ජන කොට්ඨාසයට අයිති කෙනෙක් කියලයි මම අහලා තියෙන්නේ.අනේ මන්දා මේ ගැන කතා නොකර ඉන්න එක හොඳා මං හිතන්නේ...

      බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට.... ජය වේවා ඔයාටත්

      Delete
  25. මේ ප්‍රබන්ධයත් ඉතාම විශිෂ්ඨයි ගැමී. ඉදිරිපත් කරන සoකල්පයන් විද්‍යාත්මකව විග්‍රහ කරන්න ඔබ දරන උත්සාහයත් සැබවින්ම අගයකල යුතුයි. ඒකෙන් ප්‍රබන්ධයේ ගුණාත්මක බවත් ගොඩක් වැඩිවෙනවනෙ. ඔබ ආයෙත් අපි පුන්චිකාලෙ ජීවත් වෙච්ච ආතර් C ක්ලාක්ගෙ ලෝකවලට අරගෙන යනව.

    මමත් ආසම කරන විශයක් තමයි ඔය අභ්‍යාවකාශ ගවේශනය. ගැමිය කරන මනෝ ලෝකවල සැරිසරන එක මමත් කරල තියෙනව. මෙව්ව කවදනම් ඇත්ත වෙයිද කියල හිත හිතා තව තවත් ඒවගෙම ඇලිල ඉන්නව. පිස්සුද කියල මටම හිතෙනව.

    ආ.. අර අනාගතේ මිනිස්සුන්ගෙ මානසික ස්වභාවය ගැනත් ඔබ යමක් ව්‍යOගයෙන් කියන්න උත්සාහ කරනව නෙද? මට හිතෙනව එහෙම කාලෙකදි තව ඔයිටත් වඩා මිනිස්සුන්ගෙ ජීවිතවලට තියෙන වටිනාකම අවතක්සේරුවෙයි කියල. රුසියාව එහෙම දැනටමත් ඒක කරනවනෙ

    ~~~~~

    මීට කලින්නම් මම පත් ඉරුවට ආවෙ හොරෙන් හොරෙන්. දැන්නම් එලිපිටම එනව. ඉදිරි කොටසුත් හැකි වෙලාවක දාන්න.

    ඔබට ජය!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මචෝ දීර්ඝ කොමෙන්ටුවට.... ආතර් සී ක්ලාර්ක් කියන්නේ මම ගොඩාක් ප්‍රිය කරපු චරිතයක්.ඒ පොත් පස් හය වතාවක් කියවපු එකේ පදනම වෙන්න ඕනේ මේ.අදටත් පොතක් හම්බුවුනොත් අනිවාර්යෙන් කියවනවා...

      ඉස්සර තරු බලන්න ටෙලෙස්කෝප් හදන්න මාර පිස්සුවක් තිබ්බා... තාරකා විද්‍යා සංගමේට බැඳිලා නයිට් කෑම්ප් ගහලා තාරකා විද්‍යා ගැන පොත් හැදුවා ඒ කාලේ හිතුවේ තාරකා විද්‍යාඥයෙක් වෙන්න...

      තාමත් අහස දිහා බලන් ඉන්න ආසයි අප්පා...

      හොරෙන් හොරෙන් ඇවිත් මෙහෙම කොමෙන්ට් කරපු එකට සෑහෙන්න සතුටුයි.මාත් ඒ පැත්තේ ආවා ඔයා ලස්සනට ලියනවා දිගටම ලියන්න ජය වේවා...

      Delete
  26. ෆිලිමක් බලනව වගේ අප්ප........ඩවසක මේකට් ෆිලිමක් විඩියට හැඩුනොට්.......^_^

    ReplyDelete
    Replies
    1. හපෝයි මම හිතුවා දිව උළුක්කුව හරි ගිහින් කියලා මේං ආයෙ හදාගෙන... මේවා කියවන්න ගියාම ඇස් දෙකත් උළුක් වෙනවා... බොහෝම ස්තූතියි නංගි කොමෙන්ටුවට.... ම්ම්ම් මේක ෆිල්ම් එකක් වගේ හැදුවොත් ගින්දර සම්බන්ධ වැඩ ටික ඔයාට දෙනවා..

      Delete
  27. වසර ගණනක උත්සහයක්, සැලසුමක්..!
    එතකොට අතීතයෙන් අශාන්ව මේ විදිහට ආරක්ෂා කරලා අනාගතයට එව්වෙ ජාන ආරක්ෂා කරන්නද නැතිනම් දැනුම ආරක්ෂා කරන්නද.. නැතිනම් පිරිමි අයගෙ ආරක්ෂාවටද..?
    බල්බය වුණත් ඉස්සරවෙලාම පත්තුවුණේ එඩ්සන් මහත්තයගෙ හිතේනෙ..
    යානෙ සැලැස්ම දැකලා පිස්සු හැදුනා කිව්වොතින් නිවැරදියි.. ඒතරමට කතාව ඇතුලතට යන්න පුළුවන්.. උපරිමයි මලයො මේ විද්‍යාප්‍රබන්ධය..
    ඉතිරියත් නොවරදවාම කියවන්න බලාගෙන ඉන්නවා..
    සුබ පැතුම් මල්ලියෝ..!!!!

    ReplyDelete
    Replies
    1. මේක හොඳයි අක්කේ ෆිල්ම් එකක් හැදුවොතින් ඒකේ ට්‍රේලර් එකේ බැක්ග්‍රවුන්ඩ් එකේ දාන්න... මරුම ඇඩ් එකක් ඈ.හැබැයි අහපු ප්‍රශ්නෙට නම් උත්තර දෙන්නේ නෑ හොඳේ...

      මේ සැලැස්ම ඉතිං අපි පියාඹන පීරිසි කියලා හිතාගෙන ඉන්න ජාතියෙ එකක්නේ ඉතිං.වැඩිපුර අතින් දැම්මෙ එන්ජිමයි,අර අකුණු ඇදලා අරන් බැට්රි චාජ් කරන සීන් ටිකයි,වතුරෙන් වායුවෙන් ඉර එලියෙන් ඉන්ධන නිපදවන අයිටම් ටිකයි විතරයි....

      බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට.හැමදාමත් වගේ තව කොටසක් ලියන්න හිතෙන්නම දාලා තියෙනවා කොමෙන්ටුව.... ජය වේවා

      Delete
  28. නියමයි. මම ටිකක් පරක්කු වුනා නේ මේක කියවන්න. කොහොම වුනත් උඩ කමෙන්ට් වලින් ගොඩක් දේ කියවිලා තියනවා. ඔයා හොඳ විද්‍යා ප්‍රබන්ධ කතා කාරයෙක්. හොඳ උත්සාහයක් ඒ වගේම ගොඩක් ලස්සනට ගලාගෙන යනවා. සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් වලින් තමයි අයියේ සෑහෙන්න දේවල් ටිකක් ඉගෙනගන්නේ.... කවදාවත් හිතුවේ නැති කතාවක් මේ ලියවෙන්නේ.... පරක්කු වුනාට කිසිම අවුලක් නෑ අයියේ ඇවිත් කියවපු එකම ඇති මට සතුටු වෙන්න... බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  29. අපොයි මට කොටස් දෙකක් මග ඇරිලනෙ..ඇත්තටම මල්ලියා කතාවනම් සුපිරියි..මේ කතා ලිය ලිය ඉන්නෙ අනාගත සයන්ටිස්ට් කෙනෙක්ද මන්දා.. :))

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට..... හම්මේ නෑ සයන්ටිස්ට් කෙනෙක්ගෙ අහලකින්වත් තියන්න බෑ හි හි

      Delete
  30. මම ඉතින් කවදත් අන්තිම තමා. අශාන් මැරෙයිද මන්දා. නෑ නෑ එහෙම වෙන්න විදිහක් නෑ.මරණයට අයදුමක් කියෝලම මට හිතෙන්නෙ විරයා මැරෙයි කියල. අනේ ගැමියෝ විහිළුවටවත් එහෙම කරන්න හදන්න එපා.

    මේ කොටසෙ එහෙම අපැහැදිලි කමක් නෑ. අනිත් කොටස ඉක්මනට නැතත් දාන්න ඕනෙ හරි..

    ඒක නෙමෙයි කොහොමද පාඩම් වැඩ එක්ක මේ කතාවත් ලියන්නෙ.හිතල ලියන්න ගියාම පාඩම් කරපු එවත් අමතක වෙනවා මටනම්.

    ReplyDelete
    Replies
    1. අන්තිම වුනාම වාසිත් තියෙනවනේ කතාව ගැන හැමෝම කියලා තියෙන දේවල් එක්කම කතාව රසවිඳතෑකිනේ ගනන් ගන්න එපා.... ඔයාගෙ කතාවේ නම් හිතුවෙම නැති දෙයක් වුනේ වීරයා මැරිලා....

      අනික් කොටස නම් ඕං දැම්මා.මේක පාඩම් වැඩ අතරමැද කරන එකක් නෙමෙයි.නිදාගන්න ගියාම කන්න ගියාම වගේ වෙලාවල් වල තමා මේ කතාව හිතින් මවන්නේ.ඒ මැවෙන එක සැරින් සැරේ හිතින්ම බලලා හොඳයි කියලා හිතුනාම ලියනවා.සමහර හිතෙන එව්වා විස්තර කරන්න හරිම අමාරුයි... පාඩමට අවුලක් වෙන්නේ නෑ හැබැයි නොවෙනව කියන්නත් බෑ මං හිතන්නේ...

      බොහෝම ස්තූතියි මචෝ කොමෙන්ටුවට...

      Delete
  31. real story gamiya. wish u all the best.

    ReplyDelete
  32. නියමයි මල්ලි... එක හුස්මට කොටස් 2ම කියෙවුවා.. ඇත්තටම මම රස විදිනවා කථාව.. භෂා වල අඩු පාඩු තිබ්බත් කථාව යන විදියට ගොඩක් ආසයි..

    ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ.... මම ඉතින් ප්‍රවීන රචකයෙක් නොවන හින්දා අඩුපාඩු එමට ඇති.... කතාව රසවිඳින එක මටත් සතුටක්.

      Delete
  33. එතකොට ඇයි එයාලා අශාන්ව එව්වේ.ගැහැණු අදිපත්‍ය ඇති වුනාම අශාන්ගෙන් ඇති වැඩේ මොකක්ද?

    අනික තව පොඩි අවුලක් තියෙනවා.
    ඔයා කියලා තියෙනවා සැලැස්ම නිවැරදිව සිද්ද වුනා කියලා.නමුත් වසර 50 කින් අවදි වීමට සැලසුම් කල කෙනා වසර 100 කින් අවදි වුනා නම් හිතපු විදිහට සැලසුම ක්‍රියාත්මක වෙලා නෑනෙ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මේ පැත්තේ ඇවිත් කතාව කියවලා කොමෙන්ට් එකක් දාලා දෙන සහ‍යෝගයට ඒ වගේම සාදරෙන් පිලිගන්නවා ඔයාව

      මම මෙතනදි අදහස් කලේ මෙහෙම දෙයක්

      මේ සැලැස්ම සැලසුම් කරපු කට්ටිය හිතන්නේ සැලැස්ම සාර්ථක වුනා කියලා ඒත් එයාලා දන්නේ නෑ සැලැස්මේ කොනත හරි වැරදුණු බවක්

      Delete