Tuesday, July 10, 2012

නගර ශෝභිනියක් ලුහුබැඳ....



අද ඉඳන් පත් ඉරුවේ තව අළුත් ලේබලයක් යටතේ කතා ලියවෙන්න පටන් ගන්නවා.මේ ලේබලයේ අදහස මට දුන්නේ ඩූඩ් අයියා(henryblogwalker the Dude).පහුගිය ටිකේම මගෙ අතින් අපේ සහෝදර සහෝදරියන්ගේ බ්ලොග් වලට ටිකක් විතර ලොකු කොමෙන්ට් වැටුණා පුංචි පෝස්ට් එකක් විදියට.ඒකට හේතුව වුනේ එයාලා ලියලා තියෙන පෝස්ට් එක කියෙව්වාම මම අත්විඳපු දේවලුත් මතක් වෙච්චි එක.ඉතින් ඒ මතක් වුනාම ඒක ලියන්නම හිතුනා එයාලට කොමෙන්ට් එකක් විදියට....

ඉතින් අද ලියන්න යන කතාව මතක් වුනේ තහනම් අඩවියේ වල් රජා ලෙස විරුදාවලි ලත් අපේ අඩවි රජතුමාගේ පෝස්ටුවක් නිසා.පෝස්ටුවට රජා දාලා තිබුනේ මෙන්න මේ මාතෘකාව.පච්ච කොටන කෙල්ලෝ බඩුද?


***********************************************************************************************
·                     යටි පස්ස - වැරදියට තේරුම් ගන්න එපාලුය. මේ කියන්නේ අර යටි බඩත් සමගම ඊට ප්‍රති විරුද්ධ දිශාවේ තියන ප්‍රදේශය ගැනය. ඔය ගෑල්ලමයිගේ මේ හරිය හරි ලොකුයිලුය. එහෙයින් හෙන පත මල් වතු, කුරුළු උයන්, මකර තෝරන් වගේ ලොකු ලොකු පච්ච ඔය හරියේ නියමෙට වදිනවාලුය.



***********************************************************************
ඕං ඔය උඩින් තියෙන්නේ ඒ පෝස්ට් එකේ එක එක වර්ගීකරණයන්ට අදාලව දාලා තිබුනු පච්ච වලින් එකක් ගැන රජාගේ විස්තරේ.ඕං ඔය පච්චය දැක්කාම මට මතක් වුනේ සෑහෙන්න කාලෙකට කලින් මම මුහුණ දුන්නු සිද්ධියක්.

 පුස්සැල්ල සර්ගේ පන්තිය දෙල්කඳ හංදියට අරන් ගිය අළුතම තමයි මේ සිද්ධිය වුනේ.එදා බ්‍රහස්පතින්දා දවසක්.සාමාන්‍යයෙන් සර් පන්තිය ඉවර කරන්නේ 7ට වුනාට පෝලිමට හරිම සංවරව පන්තියෙන් එළියට එන්න ඕනේ නිසා අපි පන්තියෙන් එලියට යනකොට 7.15 විතර වෙනවා.අපි තුන්කට්ටුවක් තමා පන්තියේ එකට හිටියේ කවුරුත් දන්න මණ්ඩිපාලත් මමත් ලයියාත් තමා තුන්කට්ටුව...

ඕං කතාව රජාගේ බ්ලොගේට කොමෙන්ට් එකක දාපු විදියටම....

යටි පස්සේ පච්ච මම සියැසෙන් මුල්වරට දැක්කේ පුස්සැල්ල සර්ගේ ක්ලාස් ඉවර වී නුගේගොඩට දෙල්කඳ හන්දියේ සිට පාගමනින් පැමිණෙද්දීය...

බ්ලොග් කරුවෙකු වූ මන්ඩියාද ලයියාද මා සමග එදා රෑ හතට පමණ හෙමින් ගමනින් නුගේගොඩ කරා පියනැගීමු.ඉස්සරහින් සුදුම සුදු කකුල් දෙකක් දර්ශනය වන්නට විය.

මචං අර මෝහිණිද බලහං

මගේ මුවින් පිටවිය.මන්ඩියා දෑස් කරකවා බලා

 "නෑ බං මෝහිණි වෙන්න බෑ... ඒ මෝහිණි නම් එහා පැත්තේ ඉන්නවා ඇත්තේ මෝහිණිගේ අම්මා"

මලා හුටාය මම නැවත රබර් ඇස් කරකැවීමි.ගල් ෂෝටක් සහ කෙටි ටි ෂර්ටයක් ඇඳ සුරූපි කෙල්ලක් ලැසි ගමනින් ඇවිදිනවාය.එහා පැත්තේ මැදිවිය ඉක්මවූ ගැහැණියක් ඈ සමග තරඟෙට ඇවිදිනවාය.

මම පා ඉක්මන් කලෙමි.අධි වේගයෙන් ඈ කරා ලංවිය.ඇගේ යටි පස්සේ ලස්සන ලිය වැලක් සහිත පච්චයකි.... ඒ කාලයේ මා ඇති වෙනකන් ඉංග්‍රීසි වැඩසටහන් කීපයක් නැරඹුවෙමි.ඒවා ELLEN සහ TYRA ය.ඒ දෙන්නා ගැන කතා කර පලක් නැත.දිනක් ටයිරා කෙල්ල මෙවැනි පච්ච නම් කලේ ට්‍රෑම්ප් ස්ටෑම්ප් යන නමිනි.ස්ට්‍රිපර්ස්ලා මේවා ගහනවාලුය.ඈ එවැනි ස්ට්‍රිපර්ස්ලා කීපයක් කැඳවා යටි පස්ස පෙන්වා ඒ ගැන පැහැදිලි කිරීමක් එදින කලාය.එය මගේ දැනීම වර්ධනය කලේයලු.

ඇගේ සුදු යටි පස්ස දුටු සැනින් මට මහා හයියෙන් ට්‍රැම්ප් ස්ටෑම්ප් යනුවෙන් කියවිණි.මල මගුලයි ජූලි හතයිය.ඇය අකුණක් වැදුනාක් මෙන් පිටුපස හැරුණාය.මාගේ දෙකකුල් පණ නැතිවෙන සෙයක් දැනුනි ඈ එතරම් සුරූපි ළලනාවක්ය.අඩ අඳුරේ පවා බුරිය විසිබල්ය.

ඈ සිනාසුනාය.මා සිනාසුනේය.ඈ ගමන අඩාල කොට අප හා සමාන්තරව ඇවිදීමට උත්සහ ගත්තාය.මන්ඩියා නෝ ටෝකිංය ලයියාගේ කට කනේය.උගේ පපුව හිරවෙලා වෙන්නැතිය.ඈ අප සමග දෙඩීමට උත්සහ කලාය.මගේ සරුවාංගෙම වේවලනවා දැනිනි. ඇය හීන් හඬින් හායි කිව්වාය.ඒ හායි පාරට සියල්ල සිදුවෙනවාය.අපි කුඩා ළමයින් වීමු.ඒවා ඒ කාලේ ඔරොත්තු නොදෙන්නේය.මන්ද නැරඹූ සියළු වැල් කතා දෑස් ඉදිරිපිට සිදුවීමට සූදානම් සෙයක් දැනුනි... 

මා හායි කිව්වාට කට හෙල්ලුනා පමණි.ඇයි කිංකිණි හඬින් සිනා සැලුවාය.ඈ පොඩි එකියක මෙන් උඩ පැන කට වසා ගත්තාය.තව මොහොතකින් මාගේ මොලේට ලේ සැපයුම අඩාල වන්නට යන බව දැනුනි....


සෑහෙන වෙලාවක් අප එසේ ඇය පිටුපසින් යන්නට ඇත.ඇයද පිටුපස බලමින් හිනාවෙමින් ඇගේ ගමනේ යෙදුණාය.ටික වේලාවකට පසු කොහේදෝ සිටි හාල් පාරුවෙක් පැමිණ කාරයක් අප දෙදෙනා හරහා දැම්මේ උගේ හොම්බ තලන්නට තරම් තරහක් මා සිතට ඇතුලත් කරවමින්ය.අප මදක් නැවතුනෙමු.එක්වරම ඇය ගොස් නැවුනාය ඈ යම්දෙයක් සාකච්ඡා කරනු ඇසිනි.කනට වඩා ඇස මෙහෙයුමේ බැවින් ඒවා ඇසුනේ නැත.කාරය පිම්මේ පිටත් විය ඈ නැවත අප හා සිනාසි ලැසි ගමන ඇරඹුවාය.එතෙක් වේලා ඈ සමග අපද නැවති සිටි බව සිහිවූයේ එවිටයි.එමෙන්ම ඈ ගැන සිහින් හෝ වැටහීමක් ලැබුනේද එවිටයි.ඒ සමගම තව මූකලං බස්සෙක් පැමිණ ඈ ළඟ වාහනේ නැවතුවේ පෙර පරිදිමය.මාගේ සපත්තුවේ ලේස් ලෙහී තිබෙනු මා දුටුවේද එවිටයි(ගැටගහලා තිබ්බ එක ලෙහලා ආයේ ගැටගැහුවා)

මා මගේ පාඩුවේ ලේස් හිමින් සැරේ ගැටගැහුවේ ඈ ඉස්සර නොකරන්නටය.අවාසනාවක මහත ඈ එම කාරයට නැගුණාය.ලේසය අතහැර මා එක්වනම නැගී සිටියේ අවසන් වතාවට හෝ ඈ දැකගැනීමටයි....කාරයට නැගි ඈ කාරය පිටත් වෙත්ම නැවත මා දෙස බලා සිත් කලම්බන සිනාවක් හෙලුවාය.... හීන් දුකක් නොදැනුනා නොවේ... ඈ සමග ආ ගැහැණියද වාහනයට නැගීම මා හට තවම ප්‍රෙහේලිකාවකි....

මා නැවත එළැඹ සිහියට පෙළඹුනේ මන්ඩිපාලගෙන් මගේ පිට මැද්දට වැදුණු ප්‍රහාරයකිනි.... දිගු සුසුමක් හෙලූ මා ඔහු දෙස බැලුවේ ඔහුගේ කොමෙන්ට්ස් දැන ගැනීමටයි... ඔහු තාමත් කතා නැතිය.ලයියා කට කනේ තියාගෙන ඉන අතේ තියාගෙන ගල්වී සිටින්නේය....

මම ඔහුට යමක් පැවසීමි "පව් නේද බං අහිංසකී...."

ඔහු ගත් කටටම මෙසේ පැවසීය "රුපියල් 100ක් තිබ්බා අතේ,අපරාදේ බං ඒක දීලා *** බලාගන්න බැරිවුනානේ"



ප/ලි - ඒ අපගේ ලයියාය... දන්නෝ දනිතිය.ඒකා මෙය දුටු දාට මාත් ඉවරයිය.

මේ පච්ච කෙලිය මම දකින්නේ නොදන්නා එවුං ආසාවට ගැහුවට ඒකෙන් ගම්‍ය වෙන විවිධ තේරුම් දන්නෙ නෑ.සමහර විට නොදැන බඩු පච්චයක් ගැහුවොත් බඩුම තමා.දැන දැන ගහන එවුන් ඉතින් දන්නවනේ අපි දැකපු කෙනත් එහෙම කෙනෙක්.එයාව ත්‍රිවිල් එකකින් දෙල්කඳ හංදියෙන් බස්සනවා එයා එතන ඉඳන් නුගේගොඩ හංදියට එද්දි අනිවා වාහනේකට නගිනවා...

අපිට ඊට පස්සේ දවස් දෙක තුනක්ම එයාලව හම්බුනත් අපි හිනාවුණා විතරයි.පසු කාලීනව ලයියාගේ ප්‍රිය වෙන්ඩ බාරිත් පන්ති ආපු නිසා දෙල්කඳ හංදියේ ඉඳන් නුගේගොඩට බස් එකෙන් යන්න වුනා.


මුල් පින්තූරේ ගත්තේ මෙතනින් http://yunghova.com/wp-content/uploads/2011/09/prostitutes.jpg

74 comments:

  1. ඒකත් මරු ලේබලේ... :-)
    මමත් දැක්කා ගැමියා තැන් දෙක තුනකම පෝස්ට් එකට වඩා ලොකු කමෙන් දාලා තියෙනවා.. :-)

    පාට නැතුව පේස්ට් කරහන්... ඇහැට අමාරුයි..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඕං පාට අයින් කරලා පේස්ට් කලා... ඒ පෝස්ට් කියෙව්වාම මතක් වෙන කතා එවෙලෙම ලිව්වොත් ආයාසයකින් තොරව ලියන්න පුළුවන් ඒකයි ඉතින් එතනම ලියන්නේ....

      බොහෝම ස්තූතියි රජෝ කොමෙන්ටුවට....

      සුභ වේවා!!! රාජ සම්පත්නම් ගමකට නැතෑ....

      Delete
  2. අඩේ මරුනේ...මේ ලග පාතනේ...මාත් හවස් වෙලා වටයක් කැරකිලා බලන්න ඕනි....එළ ඈ....

    ReplyDelete
    Replies
    1. :p ගියාට කමක් නෑ තරුවෝ හැබැයි ඉතින් යද්දි තිබ්බ සබ්බ සකලමනාව ආයේ එද්දිත් අරන් වරෝ...

      බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට...

      අවවාදයයි:අනතුරුදායකයි අත්හදා බැලීමෙන් වලකින්න(මම කිව්වේ රුපියල් 100 සීන් එක හොඳේ)

      Delete
  3. කිව්වා එක හොදයි එල එල අදමයි අවේ මේ පැත්තට

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිළිගන්නවා මචෝ.... බොහෝම ස්තූතියි කොමෙන්ටුවටත්...

      Delete
  4. අඩෙි මල්ලීයේ උඹ මාර ලේබල් වලින්නේ පෝස්ටි දාන්නේ.. හොදයි, හොදයි. මමත් දැක්කා දවසක් ඔය වගේ ටැටෝ කෙස් එකක්. මැජෙස්ටික් සිටී එකේදි. අනේ අමිමපා මුන් මෙික කොහොම ගහ ගන්නවද කියලා..

    ReplyDelete
    Replies
    1. හි හි මේක ඩුඩි අයියාගේ අදහසක් තමා ඉතින්.එයාටයි රජාටයි මේකේ කියවන්න දෙයක් නෑනේ ඒකයි දුක.එයාලා මේක කලින්ම දැක්කනේ....

      ඕක ගහගන්න ගියා වගේ නෙමෙයි ඕක පේන්න ඇඳගෙන යන්නත් එපැයිනේ... ඉතින් මෙහෙව් පච්චයක් ගහන එකේ අරමුණ හෝ ඒක වෙන රටවල්වල ගහන්නේ ඇයි කියන දේ හොයන්නේ බලන්නේ නැතිව ගැහුවොත් ඉතින් සෑහෙන්න ලොකු ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්....

      අයියා කියපු තැන්වලට ගියපුවාම නම් ඕනම ටැටූ වර්ගයක් බලාගන්න පුළුවන්....

      Delete
  5. මම එහෙම ඒවා දැකලා තියෙනවා ඒත් මට ඒ වගේ කෙනෙක් කියල හිතිලා නැහැ නේ තවම.

    ReplyDelete
    Replies
    1. අපිටත් එහෙම හිතුනේ නෑ අයියේ මුලදි.කොහොම ඇඳලා හිටියත් වාහනයක් ඇවිත් නතර කරනකන්ම අපිට එහෙමයි කියලා සැක කරන්නවත් බැරිවුනා....

      එදා ඒ වැඩසටහනේ ස්ට්‍රිපර්ස්ලා ගෙන්නලා පච්චෙ පෙන්නුවත් මම හිතුවේ නෑ කවදාවත් ලංකාවේ කෙල්ලෙක්ගේ ඒ පච්චය දකින්න පුළුවන් වෙයි කියලා.මේ වෙනකන්ම මම දැකපු එකම ට්‍රෑම්ප් ස්ටෑම්ප් එකත් ඒක...

      තේරුම නොදැන ටැටු ගහන අයත් ඇතිනේ අයියේ ඒ නිසා මතුපිටින් විතරක් පුද්ගලයෙක්ව මනින්න යන්න හොඳ නෑ.... අයියා හිතන විදිය සෑහෙන්න වටිනවා

      Delete
  6. ඒ ටැටු එක ට්‍රේඩ් මාක් එක වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. මම පෝස්ට් එකේ සඳහන් කරලා තිබුණු ටයිරා කියන වැඩසටහනේදි මට හොඳට මතකයි කීප දෙනෙක්වම ගෙන්නලා පෙන්නුවා ඔය නම කියලා.එයාලා නයිට් ක්ලබ් වල ස්ට්‍රිපර්ස්ලා විදියට තමයි හඳුන්වලා දුන්නේ.ඒ වගේම එයාලා කිව්වා ඒක එක්තරා ආකාරයක ඉඟියක් කියලත්...

      හැබැයි එහෙම හිතලා මේ පච්චේ දකින දකින හැම කෙල්ල ගැනම එහෙම හිතන්න බෑනේ.මේ ලංකාවේ නොදැන ඔව්වා කරන කීයක් නම් ඇතිද නේද??

      Delete
  7. හානේ ඔය පැත්තේ මමත් හිටියා කාලයක්. ජීවිතේට දැකල නෑ නේ ඔහොම කෙනෙක්. මට මීටර් වෙන්න නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. මේ ඇඳුමින්ම නැතිව වෙන ඇඳුමින්වත් දැකලා නැද්ද කියලා කංපනා කරලා බලන්නකෝ අක්කේ... නිකටේ චූටි උපන් ලපයකුත් තිබුණා.මූණ ටිකක් විතර දිගටියි සෑහෙන්න සුදුයි.ඕං දැන් කල්පනා කරලා බලන්නකෝ අක්කේ....

      අනිවාර්යෙන් දකින්ටෝන.මොකද අපි වැඩි විස්තර හොයාගත්තේ පන්තියෙම යාළුවොන්ගෙන්.හැමෝම වගේ එයාව දැකලා තිබුණා.ත්‍රිවිල් එකෙන් ගෙනත් බස්සන බවත් මෙයා ෂුවර් එකටම නගර ශෝභිනියක බවත් අපිට කිව්වේත් එයාලා ගැන හොඳට දැනගෙන හිටිය පන්තියෙම එකෙක්....

      (සුනාමියක් එයිදැයි බලමින්:ලස්සන කෙල්ලෙක් පාරෙ යනකොට කෙල්ලෝ බලන්නේ නෑලුනේ නේද ඉරිසියාවට?? හි හි :P)

      Delete
    2. හිහ් හිහ්....කෙල්ලෝ දිහා බලන එක කොල්ලන්ට අයිති වැඩකි. අපි බැලුවේ කොල්ලෝ දිහා නිසා මෙයා නෝට් වෙලා නැත :පී :ඩි

      Delete
    3. ඒකනේ ඒකනේ ඉතින්...

      හැබැයි ඉතින් එහෙමයි කියලා ඇඟ බේරගන්න බෑ කොහොමත් අපිත් කෙල්ලෝ එක්ක යද්දි හොඳට දැකලා තියෙනවා කොච්චර ලස්සනට කෙල්ලෙක් ඇඳගෙන හිටියත් කෙල්ලෝ කියන්නේ "ඊයා ඒ ඇඳුමේ කැත" කියලා... ආ නැද්ද?? හි හි

      Delete
    4. බොලු බොලු...අපි ලස්සන අයට ලස්සනයි කියන්න ලෝබ නැත.නේද සයුරියෝ..

      Delete
    5. කෙල්ලෙක් පාටියකට ලස්සනම ලස්සන ඇඳුමක් ඇඳගෙන එනවලු...

      1කෙල්ල-හානේ හරිම ෂෝයි ඇඳුමක් කොහෙන්ද ගත්තේ...
      2කෙල්ල-ඒක තමයි අනේ හරි ලස්සනයි...
      3කෙල්ල-දිළිසෙනවා අයියෝ
      අදාල ඇඳුම ඇඳි කෙල්ල-තැන්කූ තැන්කූ අනේ...

      කෙල්ල වෙන කොහාට හරි මාරු වුනාට පස්සේ...

      1කෙල්ල-ඊයා අනේ ඒකෙ කැත නේද
      2කෙල්ල-කාගෙ හරි බොරුවකට ඇන්දිලා
      3කෙල්ල-ඒ රෙදි හරි නෑ බූල් පිපෙනවාත් එක්ක

      අදාල කෙල්ල-හි හි ගත්තු ගාන කිව්වනං එයාලා කලන්තේ දානවා ෆයිව් තවුසන්ඩ් කියන්නේ එයාලට දරන්නවත් පුළුවන් ගානක්ද.... එයාලා ඉරිසියාවේ ඇත්තේ මට මාර සතුටුයි...

      (තරහ අවසර අක්කලා කස්ටිය... විහිළුවක් පමණි ඈ)

      Delete
    6. @ ගැමියා: සිරාම කතාව සහෝ.. ඔන්න ඒ උදවියගේ හැටි ..
      පට්ට පට පට +++++++

      Delete
  8. තූන්දෙනා අතේ සල්ලි තිබ්බානං මේ කතාව තවත් ලස්සන වෙයි

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ නෑ..... ඒකට හේතු තුනක් තිබුනා

      1)අප තුන්දෙනාගෙන් දෙදෙනෙක් පාසල් නිල ඇඳුමින් සන්නද්ධව සිටීම.
      2)සල්ලි උතුරන්න තියෙන දාක වුනත් අතින් හිල් වහ වහ චූ කරන්න කිසිදු ආසාවක් නොතිබීම.
      3)තිදෙනාගෙන් දෙදෙනෙකට ඒ වනවිට පෙම්වතියන් සිටීම.

      Delete
  9. මරු අත්දැකීමක්නෙ...!

    ReplyDelete
    Replies
    1. හි හි ඒ වෙලාවේ මුළු ඇඟේම මයිල් කෙලින් වෙලා ඇඟම රත්වෙලා තිබුනේ... මතක් වෙනකොට තාමත් එහෙමයි...

      Delete
  10. අඩේ පුසාගේ ක්ලාස් අපිත් ගියා ඒත් දැක්කෙ නෑනේ ඕවා...
    සැහ්...

    ReplyDelete
    Replies
    1. මේ දෑස මගේ පිංවන්තයි.....
      තේරුණේ....
      දැං තමයි...

      හි හි.. ඕං හේතුව

      Delete
  11. ටික දවසකට පස්සේ මේ පෑත්තේ... කමෙන්ට් වලින් මල්ලි දුන්නු උත්තර ටිකට (සල්ලි තිබුනනම්) මගේ ප්‍රණාමය..

    කියෙන්ජ් කිදෙන් දෑනගෙන කරනවද කියන එක නම් ලොකු ප්‍රශ්නයක්

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් දැනගෙන කරන අයට වඩා ආසාවට අනුකරණය වැඩියි මං හිතන්නේ... කොහොම මේවා ගහගෙන ඉන්න අයව දැක්කත් ඉතින් පච්චෙන්ම එයාලව මනින එක හොඳ නෑ.......

      ඒ උත්තරේට අටමා අයියගේ හිත රිදුනද දන්නෑ... හැබැයි ඉතින් කිව්වෙ නම් සහතික ඇත්ත...

      ස්තූතියි දේවා අයියේ...

      Delete
  12. ඔය හරියේ හා ඊට පහල තැන් වල පවා පච්ච දැකලා තියෙනවා ඇති වෙන්න..

    අළුත් වැඩේ නම් නියමයි.. මාත් දැක්කා තමා ගොඩක් තැන් වල මේ වගේ කොමෙන්ට්ටු..

    ReplyDelete
    Replies
    1. අයියා නොදැක්කොත් තමා ඉතින් පුදුමේ..... නියුඩු බීච් අම්බානක ඔය පැත්තේ තියෙනවා කියලත් අයියා වැට මායිමට ගිහින් ආපහු හැරිලා එනවා කියලත් අපි දන්නවනේ ඉතින්......

      බොහෝම ස්තූතියි අයියේ... හිතෙන දේ එතනම ලියන්නේ ඒ කතා මතක් වෙන්නේ එයාලා නිසායි...

      Delete
  13. Replies
    1. ලයියට හිතිච්ච එකම මෙයාටත් හිතිලද මන්දා.....

      Delete
  14. ලස්සනට ලියලා. කතාවට ගැලපෙන විදියටම භාෂාවත් හසුරුවලා.

    කෙල්ල ගැන ඇති උනේ අනුකම්පාවක්...අර අනෙක් ගැහැණිය කවුද?

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කේ.... ම්ම්ම් ඒ ගෑණු කෙනානම් එයා එක්කමයි එන්නේ.ටිකක් විතර වයස ගෑණු කෙනෙක්.අරයා කොටට කොටේ ඇඳගෙන යද්දි ඒ ගෑණු කෙනා සාමාන්‍ය ඇඳුමින් යන්නේ... ඒක තමා මටත් තියෙන ප්‍රශ්නේ....

      Delete
  15. //ගැටගහලා තිබ්බ එක ලෙහලා ආයේ ගැටගැහුවා//

    අමුඩ ලේන්සුවක් ගැනද බං ?

    මොනවද වෙනවා මේ කතා වලට.. හිකිස්..

    ReplyDelete
    Replies
    1. මට මේ කොමෙන්ටුව කියෙව්වම හිනා ගියා... දවසක් මම ඉස්කෝලෙට යද්දි ඉස්කෝලෙ පුරා පෝස්ටර් ගහලා ගැමියා මිසිං කියලා.... මං ගාව තාම ඒ පෝස්ටරේ තියෙනවා.ඒකෙත් තිබ්බා ඔහොම අමුඩයක් ගැන ලස්සන කතාවක් මට මතක් වුනේ ඒක.....

      හි හි ඩෙනිම් අමුඩයක් සැමයියේ එල නේද...

      Delete
  16. හොඳ වෙලාවට ගැමියගෙ ලේස් එක විතරක් ලිහුනෙ වෙන මොනවත් ලිහෙන්නෙ නැතිව.

    ReplyDelete
    Replies
    1. හික් හික් වෙලාව තමා අයියේ.... ඔයින් ගියා ඇති කලන්තයක් නොදා... පුංචි ලමයි වෙච්චි අපි කොහෝම දරාගන්නද අප්පා එහෙම දර්ශනයක්

      Delete
  17. හ්ම්.... කෙල්ලන් තියා කොල්ලන් පච්ච කෙටීම ගැනද මගේනම් කැමැත්තක් නැහැ.පච්චයක් කොටනවා කියලා හිතත්දිත් මගේ මුලු සර්වාංගෙම හිරි වැටෙනවා ලෙඩක් හැදුණ වෙලාවට බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න කිව්වමත් මට ඔහොමම වෙනවා. ඒ පුංචි රිදීම ගැන වද වෙන මට මේ පච්ච කෙටීම ගැන නම් හිතා ගන්නවත් බෑ.බහුතරයක් නගර ශෝබනියන් පච්ච කොටනවාද කියන එක ගැන මට හරි අවබෝධයක් නෑ,හැබැයි ඉතින් පච්චයක් කෙටූ පලියට සියලු ගැහැණුන් දෙස වෙසඟනන් දෙස බලල විදියට බලන එකනම් වැරදි ඇඳුමෙන් පැලදුමෙන් හෝ බාහිර විලාසිතාවකින් කාටවත් චරිත සහතික දෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මමත් කැමති නම් නෑ තමයි අක්කේ ඒත් ඒවා ආසා අය කලාට මගෙ කිසිම විරුද්ධත්වයක් නෑ මොකද ඒ එයාලගේ නිදහසනේ...

      මම නම් දැකලා තියෙන එකම නගරශෝබිනිය මෙයා... පාරෙ යන පච්ච ගහගත්තු අය දැක්කත් ඒ නගර ශෝභිනියක් කියලා හිතන එක වැරදියි.අක්කා කියන කතාව හරි.මම මේ කිව්වේ ඉතින් මම දැකපු දෙයක් ගැන මතක් වෙච්චි දෙයක්.

      ඕවා කල පලියට කෙනෙක් නරකයි කියන්නවත් ඕවා නොකරන පලියට කෙනෙක් හොඳයි කියන්නවත් බෑ මතුපිටින් බලලා...

      මම මෙතන අදහස් කලේ ටයිරා වැඩසටහනේ එයා කියපු දේ විතරයි.සාමාන්‍යයෙන් ස්ට්‍රිපර් කෙනෙක් කියන්නෙ නගර ශෝබිනියක් කියලා කියන්න බෑනේ.එයාලා ක්ලබ් වල ස්ට්‍රිප් ඩාන්ස් කරන්නේ එයාලගේ වෘත්තිය නිසානේ... ම්ම්ම් ගණිකා වෘත්තියත් වෘත්තියක් වුනාට ඒකෙයි මේකෙයි මම ගොඩක් වෙනසක් දකිනවා...

      Delete
  18. කොයි දවස්වල වගේද දැක්කේ ? අඩේ මට හිතයි වැඩ ඇරිලා දෙල්කඳ හන්දිය පැත්තට ගොහින් එන්න. හික්ස් :)
    වැඩි දුරක් නෑනේ නුගේගොඩ ටවුමේ ඉදන්... :)

    ReplyDelete
    Replies
    1. මීට අවුරුදු දෙකකට කලින් අයියේ.... දැන් නම් කෑලි තියෙනවද දන්නෙත් නෑ... මේවා කියන්න ගිහින් මාව උස්සන් යයිද දන්නෑ අන්තර්ජාලයෙන් නගර ශෝබිනියන්ව මාකට් කරනවා කියලා හම්මෝ....

      Delete
  19. මේ ගැමියෝ තාමත් ඔය කියන මෝහිණී දෙල්කද ඉදන් නුගේගොඩට පයින් එනවද දන්නෑ නේ...?

    ReplyDelete
    Replies
    1. අවුරුදු 2ක් නිසා දැන්නම් ෂුවර් නෑ.... ඉස්සර නම් තුන් හතර වතාවක් හම්බුවෙලා තියෙනවා... හි හි පරිස්සමෙන් හොඳේ

      Delete
  20. අපරාදෙ උඹල අතේ සල්ලි තියෙන්න තිබුනෙ.මටත් දැන් සරුංගල් ඇරල ඇතිවෙලා.යන්න ඕනෙ ඔය කියන පැත්තෙ රවුමක් දාල එන්න.

    ReplyDelete
    Replies
    1. සල්ලි තිබ්බත් එච්චර තමා සහෝ.... නිකං මොකටෙයි මේ හොඳට තියෙන දේවල් සල්ලි ගෙවලා හිල් කරගන්නේ....

      Delete
  21. නුගේගොඩ බෝගහට කතාකරන්න පුලුවන් උනානම් කියයි අරුම පුදුම කතා සහෝ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම අයියේ... මගේ යාළුවන්ටත් මේ සිද්ධිය කිව්වම කිව්වේ උඹලා තාම හරියට දැකලා නෑ කියලා... ඒ සෙට් එක තමා මේ අක්කව ත්‍රිවිල් එකෙන් බස්සන සීන් එකේ ඉඳලා නුගේගොඩ හංදිය ගැන අපිට විස්තර කිව්වේ.... අපි ඉතින් සතියකට සැරයක් ඔහොම දැක්කත් උන් උදේ හවහා නුගේගොඩ හංදියේ පදිංචියිනේ....

      Delete
  22. හ්ම්ම්..තවත් අත්දැකීමක් ජීවිතේට..:)
    අනේ සමාවෙන්න ඔයාගෙ බ්ලොග් එක කැත උනා මා අතින්..උඩ තියන කමෙන්ටුව සදහටම රිමූව්
    කරන්න සහෝ හ්ම්ම්.. ස්පෙලින්ග් මිස්ටේක් එකක් :(

    ReplyDelete
    Replies
    1. ඒක චූටි මිස්ටේක් එකක්නේ මට නම් පෙනුනෙත් නෑ ඕං අයින් කලා සදහටම... මේ වගේ අත්දැකීමුත් තියෙන්න එපැයිනේ ලෝකෙ ගැන දැනගන්න....

      Delete
  23. මාව මතක් කලාටත්, ස්තුතියි ගැමියා. ඇත්තෙන්ම මම ඒක ආයෙ කියෙව්වා. ඇත්තෙන්ම මේ කමෙන්ට් පෝස්ට් එක මුලින් දාපු රජාගෙ බ්ලොගේ උනත් මම කිව්වෙ පච්චයකින් මිනිසුන් මනින එකට මමනම් එකඟ නෑ කියලා. ඒක ඒ ඒ පුද්ගලයගෙ පෞද්ගලික නිදහසනෙ.

    ආයෙම මේ ප්‍රවර්ගය යටතෙ පෝස්ට් දාමු ගැමියා. මට නම් පේන්නෙ වැඩේ සෑහෙන සාර්ථකයි වගේ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. //පෝස්ට් එක මුලින් දාපු රජාගෙ බ්ලොගේ උනත් මම කිව්වෙ පච්චයකින් මිනිසුන් මනින එකට මමනම් එකඟ නෑ කියලා. ඒක ඒ ඒ පුද්ගලයගෙ පෞද්ගලික නිදහසනෙ.//

      සහතිකම ඇත්ත ඒ වගේම එහෙම පච්ච ගහපු අය වැරදි ඇහැකින් මනින්න හොඳත් නැහැ....

      මේ TYRA හෝ ELLEN කියන වැඩසටහන් බලලා ඇති ඔයා නම්.මේ වගේ මාතෘකා තමයි මෙයාලා නිතර කතා කරන්නේ.MTV එකේ තමා ගියේ.... ඉතින් ඒවාගේ කියන්නේ ඒ රටවල් වල මතයනේ...

      රජාගේ බ්ලොගේ මේ පච්ච ජාතිය ගැන දැක්කම ඒ ගැන තිබුනු මගෙ මතකය තමයි මේ අවදිවුනේ.... පච්ච ගහපු කාටවත් කෙරෙන අවමානයක් නෙමෙයි මේක...

      අදහසට බොහෝම ස්තූතියි අයියේ.ඕං එදා ඔයා දීපු නමම තමයි මේකට දැම්මේ වරහන් ඇතුලේ කතා කියලා දැම්මේ සමහර පෝස්ට් වලට දාපු කවි එහෙමත් මේකේ දාන්න අදහසක් තියෙන නිසා....

      Delete
  24. උඹල මාර මිනිස්සුනේ :ඩ්
    මගේ අම්මෝ මගේ පපුවත් ඩිග් ඩිග් ගෑවා :ඩ්
    ඒ කෙල්ල උඹලත් එක්ක හිනා උනේ ආදරේට නම් නෙමි අපරාදේ :ඩ්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ආදරේටනම් නෙමේ තමා... හිතුවද දන්නේ නෑනේ පච්චෙ නම කියනවා ඇහුනම මම එයාලා ගැන හොඳට දන්න කෙනෙක් කියලා.... මම තුන් හිතකින්වත් හිතුවේ නෑ එයා හැරිලා බලයි කියලා.මට ඕන වුනේ මන්ඩියටයි ලයියටයි ඒ පච්ච ගැන කියලා මගේ දැනුම පෙන්නන්න...

      තව පොඩ්ඩෙන් බඩුම තමා....

      Delete
  25. දැන් කාලෙ ඕකට කියන්නේ පච්ච කියලා නෙවේ ටැටූ කියලා.. හැබැයි මේවා කොටලා තියෙන තැන ගැන හිතුවාම කෙටුවේ කවුද කියල අහන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ටැටූ තමා ඉතින් පච්චය තමා පොඩි කාලේ ඉඳන්ම කියන්නේ...

      අපි පොඩි කාලේ අයකට්ටක් අරගෙන අල්ලේ හම ඇතුලෙන් යවලා තීන්ත පෑනක් අනික් පැත්තෙන් තියලා අයකට්ට ආයෙම අදිනවා.... එතකොට අර හම ඇතුලින් හැදුනු සිදුර දිගට තීන්ත පිරුණාම මාර ලස්සනයි.... ඒ දවස්වල ඉතින් ඒක ලස්සනටම කරන්න පුළුවන් එවුන්ට රුපියල් 5ක් දීලා ඔය විදියට පච්ච ගහනවා... මාසයක් විතර යද්දි මැකෙනවනේ.

      පස්සේ කාලෙක මහපට ඇඟිල්ලත් දබරගිල්ලත් අතර තීරුවේ ඔහොම්ම පච්ච ගහන්න ගත්තා.ගොඩක් අය ගෑණු ලමයගේ මුල් අකුරු ගහගෙන හරි ආඩම්බරෙන් හිටියත් කෙල්ල ගියාට පස්සේ ඒක මකාගන්න බැරිව සෑහෙන්න දුක් වුනා මට මතකයි.එක කොල්ලෙක් B අකුර ගහගෙන ඉඳලා කෙල්ල බූට් එක තිබ්බම B අකුර කනපිට ගහලා ඊට එහාපැත්තෙන් ගහලා B අකුර සමනලයෙක් කලා....

      එදා ඉඳලා ඌ සමනලයා.... ටික කාලයක් යද්දි නරක සමනලයා...

      ඒ කාලේ කරපු ඒ වැඩ මතක් වෙද්දි දුකක් වගේම සතුටක් එන්නේ...

      ම්ම්ම් ඕවා දැන්නම් බාබර් සාප්පුවලත් කොටනවා... මට මතකයි සඳරු අයියා ගහපු පච්චෙ ගැන කියද්දි එයාට ඒ කොටපු අයියා කියලා තියෙනවා අළුත් කටු නෑ තව දෙන්නෙක්ට කොටපු කට්ටමයි තියෙන්නේ උන් දෙන්නම යහතින් කියලා... අන්න ඒකයි බරපතල කම....

      මම දැකලා තියෙන හැම ටැටූ ෂොප් එකකම ඉන්නේ කොල්ලෝ... එක කෙල්ලෙක්වත් තාම ඇහැට දැකලා නෑ.ටැටූ ගහන තැන් දැක්කම ඒකත් එක්තරා ආකාරයක සතුටුදායි ජොබක් කියලා හිතෙන එකේ වරදකුත් නැත්තේ නෑ ඉතින්... හැබැයි පිටරටක ඉන්ටෝන

      Delete
  26. තොපිත් පොඩි කමට කරන ඒවා...හොඳ වෙලාවට නේද සපත්තු වල ලේස් තියෙන්නෙ නේද ?

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.... හි හි එදා කබල් සෙරප්පු දෙකක් දාගෙන හිටියනං එහෙම එයාව පාස් කරගෙන යන්න වෙනවනේ.... ඒ සුන්දරත්වය විඳින්න පිටි පස්සෙන්ම තමා යන්ඩෝන ඉතින් ඒකයි එහෙම ක්‍රියාමාර්ගයක් ගත්තේ.... මම එහෙම කලාට අනිත් ඩබල ඔන්ද ස්පොට් හිටගෙන... හි හි පොඩි කියන්නේ පොඩිමත් නෑ යමක් කමක් තේරෙන කාලයක්නේ ඒක...

      Delete
  27. හහ් මැද හරිය කියවගෙන යද්දි මගේ ලේ සැපයුමත් අඩාල වේගෙන ආවා

    ReplyDelete
    Replies
    1. එහෙනම් හරිම නිරෝගි අවතාරයක් කියලා අපිට නිගමනය කරන්න පුළුවන්.... හි හි

      Delete
  28. හෆ්ෆා... මාරයිනෙ...:O එතකොට අර අනිත් ගෑණූ කෙනා??

    ReplyDelete
    Replies
    1. අනික් කෙනා මං හිතන්නේ භාරකාරයා වෙන්නැති අක්කේ.ඔය එක එක ජාතියේ මැඩම්ලා ඉන්නවනේ ඇයි ජීනා මැඩම් කියලත් කෙනෙක් හිටියේ....

      Delete
  29. ලේබලයත් මරු. ගැමීට දෙනවා දිගම කමෙන්ට් හිමියාට හිමි සම්මානය
    අනේ ඔන්න බට්ටිනම් පච්චයක් ගහ ගත්තත් ගහ ගන්නේ ඔය බබල් ගම් එකක් ඇතුලේ තියෙන එකක් විතරයි.....

    ReplyDelete
    Replies
    1. ෂා නියම සම්මානයක්නේ.... එල්ල ගන්න ඕනේ බ්ලොග් එකේ උඩින්ම හි හි

      පච්ච ගැසීම ගැන මගෙ කිසිම විරුද්ධත්වයක් නෑ අක්කේ.සමාජය ඒවට එක එක තේරුම් දීලා තියෙන නිසා නොදැන කිරීමෙන් අවමානයට පත්වෙන්න පුළුවන් කියලයි ඉතින් මම කියන්න හැදුවේ....

      Delete
  30. කලින් බැලුවට කමෙන්ට් කරන්න පුළුවන් තැනක නෙවෙයි නේ හිටියේ. කමෙන්ට් එකනම් රජ කතාවක කියෙව්වා මතකයි. :-)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් මෑතකදි කියෙව්වා අයියට වෙච්චි අලකලංචිය ගැන.... එහෙ ඉද්දිත් බ්ලොග් කියෙව්වද අප්පා..???

      Delete
  31. හැම එකාම ටැ‍ටු ගහන්නේ *****ම ද?

    ReplyDelete
    Replies
    1. තරු ටිකට හරියන වචනයක් හිතාගන්න අමාරුයිනේ අයියේ.....

      Delete
  32. තව ටිකෙන් හොඳ වැඩේ වෙන්නේ :ඩී

    ReplyDelete
  33. තව ටිකෙන් හොඳ වැඩේ වෙන්නේ :ඩී

    ReplyDelete
    Replies
    1. හිරේ විලංගුවෙත් වැටෙන්න වෙයිද මන්දා....

      Delete
  34. ඔය ගැමිය කියන එකක්ය් උ වටා ඉන්න රෝත්තය් පට්ට මැට්ටෝ ... වැඩිය ගනන්ගන්න එපා ..... ලංකාවට සුද්දෝ එනකන් නිරුවත කියන එක අපිට මැජික් එකක් උනේ නෑ... උන්ගේ ක්‍රමේ විකුර්තියක් කියල උන්ටම තේරිලා පස්සේ වෙනස් උනා.... පව් අපේ මෝඩයෝ ටික තාම සුද්දට ඕනි විදිහට ඉන්නේ .....

    ReplyDelete
    Replies
    1. "මා හරි උගතා...
      මා හරි ජගතා...
      සිතනා මිනිහා...
      මෝඩයෙකි..."

      Delete
  35. මම නම් තාම ඔය තැන් වල පච්චා දැක්කෙ නෑ.. බන්.. අපි නිතර යනඑන සමාජයේ පච්ච කොටපු කෙල්ලො ඇත්තෙම නෑ... වෙලාවක මගේ කාමරේටත් රිංගපන්...

    ReplyDelete
    Replies
    1. මාත් දැක්කේ මෙච්චරමයි අයියේ.... අනිවාර්යෙන්ම රිංගන්නම් අයියේ පත්ඉරුවට ගොඩවෙන හැමෝගෙම බ්ලොග් වලට මම රිංගනවා.මේ දවස්වල බුකියේ අහම්බෙන් දකින ලින්කු වලට විතරයි රිංගන්නේ.... ස්තූතියි මෙහෙට ගොඩවුනාට

      Delete