Sunday, November 17, 2013

ගැහැණු ලොවක සිරකරු... 14 කොටස


මෙතෙක් කතාව
කාන්තා හමුදා මූලස්ථානයේ සිරකරුවෙකුව සිටි අශාන් ඉන් මිදී ගුවන් යානා අංගනයට යෑමට සමත්වෙයි.එහිදී ප්‍රහාරක යානයකට ඇතුළුවන ඔහු එම යානය මධ්‍යම කඳුකරය දෙසට ගමන්කරවන අතරතුරදී එය ලුහුබැඳ පැමිණි ගුවන් යානා එම යානය පුපුරුවා හරියි.නමුත් අශාන්ගේ උපක්‍රම හමුවේ එම කිසිදු යානයකට නැවතත් මූලස්ථානය කරා පියාසර කිරීමට නොහැකි වන්නේ එම යානාවන්ද විනාශවන බැවිනි... 

අශාන්ගේ මළසිරුර සහ තවත් තොරතුරු ගවේෂණය සඳහා මූලස්ථානයේ සෙසු සෙබලියන්ද පිටත්කරවන නව අණ දෙන නිලධාරිනිය මූලස්ථානයේ ස්වයං ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කරවයි.සියළු කැරළි කණ්ඩායම් සාමාජිකයන් ඔවුන්ගේ සිරභාරයේ සිටින නිසා ඇය මූලස්ථානයේ ආරක්ෂාව පිළිබඳ වැඩිසැලකිල්ලක් නොදක්වන අතර ඇය නොසිතූ අයුරින් යමෙක් එය ප්‍රයෝජනයට ගනිමින් සිටියි...

අද එතැන් සිට,

වේගයෙන් ඉදිරියට ඇදෙන්නට වූ සෙවනැල්ල අඳුරු සෙවනැලි අතරට මුසුවූයේ කිසිදු කැමරා කාචයකට හසු නොවෙමිනි.අශාන් ගමන් කල යානය හඹා ගොස් විනාශයට පත් ස්ථානය වෙතට පිටත් කරනු ලැබූ අමතර යානයද ඉන් ස්වල්ප වේලාවකින් ගුවන්ගත විණි.මූලස්ථානයේ සෙබලියන් ඉතිරිව සිටියේ ඉතාමත් සුළු ප්‍රමාණයකි නව අණ දෙණ නිලධාරිනියගේ උපදෙසක් මත ස්වයං ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කරවූයේ නොසිතූ ලෙසකින් හෝ ප්‍රහාරයක් මූලස්ථානය වෙත එල්ල වේය යන සිතුවිල්ල මතයි.

නව අණ දෙන නිලධාරිනිය අයුමිගේ කුටිය වෙතට පිටත් වූයේ ඇගේ සාහායිකාව ලෙස කටයුතු කරමින් සිටි අනූ සමගිනි.ඒ අතරතුර නව අණ දෙණ නිලධාරිනිය කාන්තා ජනපදය ඇමතීමට උත්සහ දරමින් සිටින අයුරු දක්නට ලැබිණි.නමුත් ඇගේ එම උත්සයන් සියල්ල ව්‍යර්ථ විණි.

 අනූ.... මට ජනපදය සම්බන්ධ කරගන්න බෑ අපේ සන්නිවේදන ජාලයේ මොකක් නමුත් වැරැද්දක් ඇති

සමහරවිට ස්වයං ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වෙන නිසා වෙන්න ඇති මැඩම්.සාමාන්‍යයෙන් සම්පූර්ණ පද්ධතියම ක්‍රියාත්මක වෙන්න පැය බාගයක් විතර ගතවෙනවා.ඒ අතරතුර සන්නිවේදනයට බාධා ඇතිවෙන්න ඉඩ තියෙනවා

නෑ අනූ මේ ප්‍රශ්නය ආවේ ඊටත් සෑහෙන්න වෙලාවකට කලින් අශාන්ගේ යානය මූලස්ථානයෙන් පිටත් වෙනවත් එක්කම වගේ.මම මුලින්ම ජනපදය සම්බන්ධ කරගන්න හැදුවේ ඒ වෙලාවේ ඒත් මේ කලබල එක්ක ඒ ගැන බලන්න  අමතක වුනා

මම ඒ ගැන බලන්නම් මැඩම්....

හොඳයි අනූ ඉක්මනින් අපිව ජනපදයට සම්බන්ධ කරන්න උත්සහ ගන්න මම ඒ අතරතුරේදි අසනි අරගෙන ආපු මතක ගබඩාව පරික්ෂා කරන්න යනවා.ඒ මතක ගොනුවේ වාර්තාව හැකි ඉක්මනින් ජනපදයට යැවිය යුතුයි

නව අණ දෙන නිලධාරිනිය කඩිනම් ගමනින් අසනිගේ කුටිය වෙත යෑමට පිටත්වූවාය.ස්වල්ප මොහොතකින් ඇය අසනිගේ කුටිය වෙත ලඟාවන විටත් අසනිගේ පරිගණක තිරය පෙර පරිදිම ක්‍රියාත්මක වෙමින් පැවතින.එම තිරයේ දිස්වෙමින් පැවති පණිවිඩය දුටු නව අණ දෙන නිලධාරිනියගෙ මුවින් පිටවූයේ අපේක්ෂාභංගත්වයට පත් ශබ්දයකි.

මද වේලාවක් නිසොල්මන්ව සිටි ඇය අනූව අමතන්නට වූයේ ඇගේ හිසට ඇතුලත්කර තිබූ චිපය ආධාරයෙනි.

අනූ.... මම හොයාගත්තා එකපාරටම අසනි සිරකුටිය ඇතුලට ගියෙ ඇයි කියලා.... ඒ හේතුව අපි හිතනවට වඩා ගොඩක් දරුණුයි.මම හිතනවා වගේම අසනිත් හිතන්න ඇති ඒ තොරතුරු කොහොමෙන් හරි අශාන්ගෙ අතට යන්න ඇති කියලා.සෝදිසි මෙහෙයුමට පිටත් කරපු කණ්ඩායමට දන්වන්න එක සීරුවට අශාන්ගේ යානය අනතුරුට පත්වුනු ඉසව්ව අවට පරික්ෂා කරලා දත්ත ගබඩා කල හැකි සෑම උපකරණයක්ම මූලස්ථානයට රැගෙන ඇවිත් පරික්ෂා කරන්න අවශ්‍ය බව

මැඩම්....  අපිට ඒ යානය සම්බන්ධ කරගන්න හැකියාවක් නෑ...

වෙන්න බෑ...

සියළුම ජාල ක්‍රියා විරහිතයි මැඩම්.... ප්‍රශ්නය තියෙන්නේ අභ්‍යන්තර සන්නිවේදක ඇන්ටෙනා වල ඒත් ඒකට දැනුම තියෙන සෙබලියක් මූලස්ථානයේ නෑ.... මට ඒකට සෑහෙන්න වේලාවක් ගතවෙයි මැඩම්

මේක හොඳ දෙයක් නෙමෙයි අනූ... ඉක්මනින් ගිහින් කැප්සූල වල තත්වය පරික්ෂා කරන්න මට මහා නරක හැඟීමක් එනවා මේවා ඉබේ වෙන්න බෑ... මට පුළුවන් තරම් ඉක්මනින් වාර්තාවක් දෙන්න

කැප්සූල...? ඒවගෙයි සන්නිවේදන කුළුණුවලයි තියෙන සම්බන්ධතාව මොකක්ද?

මගේ අනුමානය නිවැරදි නම් මේ වෙනකොට කැප්සූල කුටිය විවෘත වෙලා තියෙයි.මූලස්ථානයට සම්පූර්ණයෙන්ම හදිසි අනතුරු ආවරණ යොදන්න අපිට ඉතුරුවෙලා තියෙන්නෙ මිනිත්තු වලින් ගනින්න පුළුවන් කාලයක්, ඉක්මන් කරන්න.

අනූ ඉතා ඉක්මනින් සියළු ස්වයංක්‍රීය දොරටු වසා අගුල් දැම්මාය.ඒ වන විටත් ඇගේ පරිගණක තිරයේ දැක්වුනේ එකින් එක බිඳ වැටෙනා කැමරා පද්ධතින්හි රූප රාමු කිහිපයකි.ස්වල්ප මොහොතක් ඇතුලතදි සියළු කැමරාවල සබඳතාවද බිඳ වැටුණි.ඇය මොහොතක් පරිගණක තිරය වෙත බලා සිටියාය.ඉන්පසු ඈ නැගී සිටියේ ඇගේ ප්‍රියතම අවිය දෑතට ගනිමිනි.

මේ අතර අශාන් ගමන් කරමින් සිටියේ කැප්සූල තිබූ කුටිය වෙතටයි.ඔහු එයට සමීප වත්ම ඔහුගේ වේගය කෙමෙන් කෙමෙන් වැඩිවන්නට වූයේ ඔහුටත් නොදැනීමයි.ඒ අතරතුරදී කැමරා පිළිබඳ අවධානය යොමුකල ඔහුට ඒවා ක්‍රියාවිරහිත වී ඇතැයි යන සිතුවිල්ල පිවිසියද එය ගැන තැකීමට ඔහුට කිසිදු කාලයක් නොවිණි.සුළු මොහොතකදී කැප්සූල කුටිය පෙනෙන මානයට ඔහු පැමිණියද හිටි අඩියේ ඔහුගේ දිවීම නතරවිණි.ඔහුට ඈත තියා දැකගැනීමට හැකිවූයේ එම කුටියේ දොරටු විවරව ඇති බවකි.මෙය සෙබළියන්ගේ උපායක් විය හැකි බව අනුමාන කල ඔහු විමසිලිමත්ව එම කුටිය තුලට පිවිසියේය.එහි වූයේ ඔහු දැකීමට බලාපොරොත්තු නොවූ දෙයකි.කැප්සූල සියල්ලම විවෘතව තිබුණු අතර එහි කිසිවෙකු දක්නට නොවිනි.සීත වායූන් තවමත් එයින් කාන්දු වෙමින් පැවතිණි.මෙය මීට සුළු මොහොතකට පෙර සිදුවන්නට ඇතැයි ඉන් අශාන් අනුමාන කලේය.

එහි කිසිවෙක් නොවූයෙන් අශාන් හට සේනකව මතකයට නැගුණි.ඔහු වහා සේනක සහ තමන් රඳවා තිබූ ආලෝක කුටිය වෙත දුවන්නට විය.ඔහුට මේ වන විට මූලස්ථානයේ සැකැස්ම පිළිබඳ යම් වැටහීමක් ලැබී තිබිණි.නමුත් ඔහුව තවත් වික්ෂිප්ත කරවමින් එහි ඉතිරිව තිබුනේ ආලෝකය නිකුත් කල සියුම් පාදම පමනකි.මදක් ඒ දෙස විමසිලිමත්ව බලා සිටි ඔහු පැමිණි දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට නැවතත් දුවන්නට විය.එය මින් පෙර ඔහු ගමන් නොකල දිශාවකි.දිගු කොරිඩෝවක් පසු කරමින් ඔහු දිවයන්නට විය.ඒ අතරතුර පසුකරනා කුටි දෙසට තම අවධානය යොමු කිරීමටද ඔහු අමතක නොකලේය.

****

මැඩම්.... අපිට හදිසි තත්වයක් ඇතිවී තිබෙනවා... හැකි ඉක්මනින් පාලන මැදිරියට පැමිණෙන්න
අනූ..... අනූ.... කතාකරන්න....

නව අණ දෙන නිලධාරිනියට කිසිදු පිළිතුරක් අනූගෙන් නොලැබිණි.ඇය එකෙනෙහිම පාලන මැදිරිය දෙසට දිව යන්නට වූයේ ඇගේ අවියද සියතට ගනිමිනි.බියට පත්වූ බව මෙන්ම කෝපයක්ද ඇගේ මුහුණෙහි පැහැදිලිව සටහන් වී තිබිණි.පාලන මැදිරියෙහි දොර විවරව තිබෙන අයුරු ඈ ඈත තියාම දුටුවාය.එය දුටු වහාම ඇය ඇගේ වේගය අඩාල කරමින් ඉක්මන් ගමනින් පාලන මැදිරියට පිවිසෙන්නට වූයේ ඇගේ අවිය දෑතින්ම පාලන මැදිරිය තුලට ඉලක්කගත කරගනිමිනි.

ඉතින් අයුමි.... සෑහෙන්න කාලයකට පස්සේ නේද??

මේක වෙන්න බැහැ... කොහොමද ඔබ එතනින් එලියට ආවේ?

හැම කෙනෙක්ම අපේ පැවැත්ම අවතක්සේරු කලා අයුමි.කාන්තා ජනපදයේ හොඳම සෙබළිය පවා අපිව අවතක්සේරු කලා.කරුණාකරලා අවිය බිම දාලා යටත් වෙන්න ඔබට වැඩි වෙලාවක් ඉතිරිවෙලා නෑ

කිසිම විදියකින් මට බලපෑමක් කරන්න ඔබට බෑ... හසිත්මට මතක හැටියට ඔබේ සැබෑ නම විය යුත්තේ ඒක...

අවාසනාවකට ඔබ හරි අයුමි...එකෙනෙහිම ඇයගේ උරහිසට හසිත්ගේ අවියෙන් ලේසර් ප්‍රහාරයක් එල්ල විය.නව අණ දෙන නිලධාරිනිය අතින් අවිය ගිලිහී ගිය අතර එල්ල වූ පහර නිසා ඇයව අඩි කිහිපයක් පසුපසට වීසිවි බිත්තියක වැදී නතර විය.

ඔබ වාසනාවන්තයි නව අණ දෙන නිලධාරිනිය වී සිටීම නිසා.නැත්තම් ඔබටත් ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා.ඔබත් අනූත් පමණයි දැනට මේ මූලස්ථානේ ඉතිරිව ඉන්නෙ.... මම අනූගේ චිපය ඉවත් කලා.ඊළඟට ඔබ... බයවෙන්න එපා මම ඒක ඉක්මනින් ඉවත් කරන්නම්. ආ... අමතක වුනා ඔබව නිර්වින්දනය කරන්නත් ඕනේනේ...
සිනාසුනු ඔහු නව අණ දෙන නිලධාරිනියට මොහොතකට පිටුපා සිටගත් අතර එසැනින්ම නැවත හැරී ඔහු අත තිබූ අවියෙන් ඇගේ හිසට පහරක් එල්ල කලේය.කපා හෙළූ ගසක් පරිද්දෙන් ඈ බිමට ඇදැවැටිණි.

****

අශාන්ට කැප්සූල කුටිය පසුකර වැඩිවේලා දිවීමට ඉඩක් නොලැබුණි.ඔහු පසුකර ගිය කුටියක ඔහුව පුදුමයට පත්කරවනසුලු පුද්ගලයෙකු අවියක්ද අතැතිව සිටිනු ඡායාවක් මෙන් දක්නට ලැබිණි.ඔහු දිවීම නවතා එම කුටිය දෙසට කුතුහලයකින් යුතුව සෙමෙන් අඩි තබමින් ඇවිද ගියේ ඔහු දුටු දර්ශනය සත්‍යයක්මදැයි විමසා බැලීමටයි.ඔහු නිවැරදිය ඒ අන් කිසිවෙකුත් නොව ඔහුමය.....

ජයසිංහ.... ඔබ....??
දෙයියනේ අශාන්.... ඔහු අවියද පසෙකලා විත් අශාන්ව වැළඳගත්තේ කඳුළු පිරි දෙනෙතකිනි.

අපි හිතුවේ ඔබ මැරිලා කියලා අශාන්... මුළු මූලස්ථානයේම සෙබළියන් හුවමාරු කරගත් තොරතුරු අනුව ඔබ මැරිලා අශාන්... ඔබ ගමන් ගත් යානය කඳුකරයෙදි විනාශ වුනා නේද? කොහොමද මෙතනට ආවේ මේ තරම් ඉක්මනින්...??

ඒකට උත්තර දෙන්නම් ඊට කලින් කියන්න ඔබ කොහොමද ජීවතුන් අතරට ආවේ? මම දැක්කා ඔබ මැරිලා ඉන්නවා.ඒත් ඒත්??

මැරිලා කියලා තහවුරු කලේ කවුද අශාන්? ප්‍රධාන වෛද්‍යවරියද?

ඕ.. ඔව්
එහෙනම් ඈ ඇගේ කාරිය ඉටුකරලා තියෙනවා... හ්ම්ම් කැරළි නායක ජයසිංහයන්ගෙන් පිටවූයේ තරමක දුක්මුසු දිගු සුසුමකි.

ඇය මියැදුණා ජයසිංහ... ඒක දිග කතාවක් මං හිතන්නෑ ඒකට අපිට වෙලාවක් ඇති කියලා... ඔබේ තත්වය කොතරම් හොඳද දැන්

අපිට අවශ්‍ය තරම් වෙලා තියෙනවා අශාන්... අනික සේනක මට විස්තර සේරම කිව්වා.ඔහු සෑහෙන්න දුක්වෙනවා වෛද්‍යවරියගෙ මරණය සම්බන්ධයෙන්

ඔහු දුක්විය යුතුයි.... ඒක නෙමෙයි කොහොමද අපිට වෙලාව තියෙන්නේ?? මේක කාන්තා ජනපදයේ ප්‍රධාන හමුදා මූලස්ථානය....

ඒ සේරම විසඳලා අවසන් අශාන්... අපිට ඉතාම සුළු වැඩ කොටසක් පමණයි ඉතුරුවෙලා තියෙන්නේ... ඒකත් ප්‍රධාන වෛද්‍යවරිය අවසන් කරලා ඇති බොහෝ දුරට...

ප්‍රධාන වෛද්‍යවරිය?? ඔබ මාව අතරමං කරනවා ජයසිංහ...

යමු ඔබට වැදගත් කෙනෙක් හමුවෙන්න තියෙනවා.කැරළි කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් තවමත් ප්‍රකෘති තත්වයට පත්වෙමින් පවතින්නේ... අපිට ඒ වෙලාව ගන්න පුළුවන් තත්වය අවබෝධ කරගන්න... එන්න මාත් එක්ක... ඔබ නොසිතන බොහෝ දේවල් දකින්න ලෑස්ති වෙන්න හොඳ හුස්මක් ගන්න....

කුමක් සිදුවේදැයි සිතාගත නොහැකිව අතරමංව සිටි අශාන් දිගු හුස්මක් ඉහළට ඇදගත්තේ දෙවරක් නොසිතමිනි.

ඒක නෙමෙයි ඔබ මොකක්ද අර කුටියේ කරන්න ගියේ ? නිහඬතාව දරාගත නොහැකි තැන අශාන් ප්‍රශ්නයක් විමසීය.

විශේෂ දෙයක් නෑ අශාන්... මම කුටියෙන් කුටියට ගිහින් කාන්තා ජනපදයේ ආරක්ෂාව පිළිබඳ විස්තර හොයමින් හිටියේ.ඒ කුටියෙන් පිටත් වෙනවිටයි ඔබ පැමිණියේ

එතකොට අනිත් සාමාජිකයන් කොහෙද?? මම දැක්කා සෑහෙන පිරිසක් කැප්සූලවල ඉන්නවා නමුත් දැන් ඒ සේරම හිස්වෙලා...

ඔවුන් හැමෝම දැන් ඉන්නේ මූලස්ථාන රෝහලේ...  මට මූලස්ථානයේ ඇතුලත ගැන වැටහීමක් නෑ නමුත් ටික දවසකින් ඉබේම පුරුදු වෙයි ඔබට...

ඒ කියන්නේ....

ඔව් අශාන්... කැරැල්ල මෙහෙයවන්න මීටත් වඩා හොඳ ආරක්ෂිත තැනක් කොහෙද තියෙන්නේ....

****

නව අණ දෙන නිලධාරිනියට ප්‍රකෘති සිහිය ලැබෙමින් පැවතුණි.හසිත් එල්ල කල පහරින් ඇය සුළු මොහොතකට සිහිසුන් වී සිටියාය.ඈ සෙමින් ඇගේ හිස ස්පර්ෂ කරන්නට විය එවිට ඇයගේ අතට හසුවූයේ හිස වෙලා ඇති පටියකි.ඇය ගැස්සීමකින් දෑතින්ම එය ඉවත් කිරීමට වෙර දරත්ම හසිත් පැමිණ ඇගේ දෑතද පුටුවට තබා ගැට ගැසුවේ සෙලවීමට කිසිදු අවස්ථාවක් නොදෙමිනි.

කරන්න වෙන දෙයක් නෑ අයුමි... අපිට ඔයාගෙන් තොරතුරු සෑහෙන ප්‍රමාණයක් අවශ්‍ය කරලා තියෙනවා.

කිසිම දෙයක් මගෙන් දැනගන්න ලැබෙන්නෙ නෑ හසිත්... චිපය අයින් කරානම් තව තත්පර ගානක් ඇතුලත මම මැරෙනවා... ඒක ඔබත් දන්නවා...

අවුරුදු ගානක් මම මේ ජනපදයේ ප්‍රධාන වෛද්‍යවරිය වෙලා හිටි බව අමතක වුනාද අයුමි.එදා ඉඳන් මම මේ හැම දෙයක්ම සැලසුම් කලා දැන් මම දන්නවා මේක තමයි එකම ක්‍රමය...  මම ඔබේ චිපය ඉවත් කලේ නෑ අයුමි.පුංචි සැත්කමක් පමණයි කලේ... බලන්න මේ හිස්වැසුම කොයිතරම් ලස්සනද කියලා ඔබට...

හසිත් ඇයට දිගුකල කණ්නාඩියෙන් ඇය දුටුවේ ඇගේ හිස වටා සවිකර ඇති වයර් ඇමිණවූ ආවරණයකි... පිටුපසින් සිටින තව කෙනෙක් ඇය දුටුවේ ඒ අතරයි.

අනූ.... මොකක්ද මේ වෙන්නේ ?? අනූ..... අනූ....

කලබල වෙන්න එපා අයුමි... අනික අනූට ඔයා කියන කිසි දෙයක් දැන් ගානක් නෑ... ඇත්තටම දැන් අනූ කෙනෙක් නෑ... මගේ විධාන වලට වැඩකරන දක්ෂ කෙල්ලෙක් විතරයි දැන් ඒ ඉන්නේ...කෙටියෙන් කිව්වොත් ඇය දැන් රොබෝ යන්ත්‍රයකට දෙවෙනි නෑ...මේ ලස්සන හිස්වැස්මත් ඇගේ නිර්මාණයක්

උඹ මහා ගෝත්‍රිකයෙක් හසිත්.... මං උඹව මරණවා... නව අණ දෙන නිලධාරිනිය ගොරවමින් කෑ ගසමින් ඇයව බැඳ ඇති බැමි ලිහාගැනීමට වෙහෙසෙන්නට විය...

දැඟලුවට වැඩක් නෑ කියලා ඔයා හොඳටම දන්නවා අයුමි... ඔබව අනූ ගෙ තත්වයට පත්කිරීම මට ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි කියලත් ඔබ දන්නවනේ...

මේ කිසිම දෙයකින් ඔයාට මගේ මතකය එලියට ගන්න බෑ හසිත්... ඒ තොරතුරු අතිශයින් ආරක්ෂිතයි.ඒකයි මෙහෙම චිපයක් සවිකරන්නත් හේතුව... සාමාන්‍ය කෙනෙක්ගෙ මතකය කොපි කරගන්නවා තරම් ප්‍රධාන හමුදා නිලධාරිනියගෙ මතකය කොපිකරගැනීම ලේසියි කියලා හිතන්න එපා... නොයෙකුත් උපක්‍රම යොදලා තියෙන්නේ තොරතුරු ආරක්ෂා කරගන්න...එක පියවරක් වැරදුනොත් සම්පූර්ණ මතකයම මැකී යා හැකියි... හිටපු ප්‍රධාන නිලධාරිනිය හැරෙන්න එය කලහැකි කිසිවෙක් මේ මුළු ජනපදයටම නෑ...

මම තොරතුරු කොපි කරන්නෙ නෑ අයුමි.. මම කරන්න හදන්නේ ඔබගේ චිපයෙන් ජනපදයේ ප්‍රධාන මෙහෙයුම් පරිගණකයට සම්බන්ධ වෙන්න... ඔබගේ චිපය ඔබ තුල තිබෙන නිසාත්... ප්‍රධාන මෙහෙයුම් පරිගණකයට පිවිසීමට අවශ්‍ය මුරපද ඔවුන් ස්වයංක්‍රීයව ඔබගේ මතකයෙන් ලබාගන්නා නිසාත් අපට කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ... ඔබට කිසිම පණිවිඩයක් සිතාමතා යැවීමට අවස්ථාවක් නෑ ඒ සියල්ලම මම විසන්ධි කර අවසන්... සුළු සැත්කමක් කලේ එය විසන්ධි කරන්න වගේම ඔබට ප්‍රධාන පරිගණකයෙන් ලැබෙන තොරතුරු මෙම පරිගණකයෙ ගබඩා කරගන්නත් පමණයි...

අයුමි නිරුත්තරව හසිත් දෙස බලාගෙන සිටින්නට වූවාය.කාන්තා ජනපදයේ සියළුම රහස් ස්වල්ප මොහොතකින් මොවුන් අතට පත්වෙනවා නියතයැයි ඇයට සිතිණි.ඇය අවුරුදු ගණනාවක පලපුරුද්ද මෙන්ම අත්දැකීම්ද මතකයට නගාගැනීමට උත්සහ කලේ මින් ගැලවීමට මගක් සොයාගැනීමටයි...  ඇය සෙමින් දෑස් පියාගන්නවාත් සමගම කිසිවෙකු පාලන මැදිරියට පිවිසෙන හඬක් ඇසිනි... ඇය සෙමින් දෑස් නැවතත් විවර කරන්නට වූයේ පිවිසියේ කවුරුන්දැයි සැකහැර දැනගැනීමටයි...

අශාන්...... හසිත් මෙන්ම අයුමිද විශ්මයෙන් කෑ ගසන්නට විය
අශාන් නිරුත්තර විය.මිනිත්තු ගණනක් තුල ඔහු දකින දෙවෙනි පුදුමය එයයි... ගුවන් යානය තුලදී තම දෑස් පනා පිට මියැදුණු කාන්තා ජනපදයේ ප්‍රධාන වෛද්‍යවරිය ඔහු ඉදිරියේ සිටී.... කෙසේ නම් විශ්වාස කරන්නද...
අයුමිද බියෙන් සහ පුදුමයෙන් අශාන් දෙස බලාගෙන සිටින්නට වූයේ ඔහු ගමන්ගත් යානය කැබලි වී ගිනිගන්නා අයුරු දුටු බැවිනි.ඇයට ඇගේ දෙනෙත් අදහාගත නොහැකිවිය.ඔහුට පසෙකින් කැරළි නායක ජයසිංහයන්ද සිටීම සැබැවින්ම ඇයව සිහිමද ගතියකට පත්කිරීමට සමත් විය.


ප.ලි 

පින්තූරය ගත්තෙ මෙතැනින් http://thefilmstage.com/wp-content/uploads/2012/04/Screen-Shot-2012-04-01-at-5.32.09-PM.png

 මුල් කොටස් සඳහා



35 comments:

  1. අම්බෝ සෑහෙන කාලෙකට පස්සේ අලුත් කොටසක් දාලා.මීට පස්සෙනම් මේ වගේ කල් ගන්න එපා මලයෝ.ඕන් කිව්වා..

    ReplyDelete
    Replies
    1. හැමදාම පොරොන්දු දීලා කඩකරපු එකමයි කලේ... මේ කතාව මෙතනින් එහාට බ්ලොග් එකේ ලියවෙන එකක් නැතිවෙයි හැබැයි බොහෝ දුරට.pdf එකක් විදියට තව එකම එක කොටසක් එයි...

      බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට

      Delete
  2. අඩේ මේක දැකීමත් මාරම සතුටක් බං.. එක්කෝ උඹ මේක ඉවරයි කියලා දැම්මම එකට කියවනවා ආයෙම.. නැත්නම් උඹ එක්ක බෑ බං..

    ReplyDelete
    Replies
    1. සාධාරණ කතාවක් ඈ... තව එක කොටසක් pdf එකක් විදියට දාලා වැඩේ ඉවරයක් කරන්නයි ඉන්නෙ... හොඳ පාඩමකුත් ඉගෙනගත්තා මේකෙන්.ආයේ ඉවර කරලා මිසක් බ්ලොගේ දාන්නෑ සහතිකයි

      Delete
  3. ඉක්මණට අනිත් කෑල්ලත් දාන්න!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. තව එක කොටසයි ඈ... කොටස් දෙක තුනක එකතුවක් විදියටයි බලාපොරොත්තුව

      Delete
  4. මේක හරි යනෙන් නැහැ කියවන්නේ නැහැ මේක ඉවර වෙන්න ලියන කම්. ඊට පස්සේ එක හුස්මට කියවන එනවා මොකද මෙහෙම කල් ගන්නවා කියන්නේ අපි වගේ පාටක ජනයාට කරන අසාධාරණයක්

    ReplyDelete
    Replies
    1. ඉවසීමෙන් සැනසීම ලැබේ :)

      Delete
    2. සහතික ඇත්ත මචෝ... මට වුනත් මල පනිනවා අනිත් ඈයොන්ගෙ කතා මග හිටියාම... තව එක කොටසයි දාන්නේ... බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

      @දිලිනි
      සැනසීම ලැබේ කතාව අමතක වේ ආයේ තද වේ.. :D

      Delete
  5. මුල ටික මතකත් නෑ..

    ReplyDelete
    Replies
    1. මගෙන් වුනේ ලොකු වැරැද්දක් අප්පා... ආයෙ වෙන්නෑ.. තව කොටසයි බොහෝම ස්තූතියි කොමෙන්ටුවට.. මං මේ දැක්කමයිද කොහෙද මේ පැත්තේ

      Delete
  6. මේ වැඩේ සාධාරණ නෑ මලයො...මුල් කොටස් එක්ක කිසිම මතකයක් නැතුව කොහොමද මේ කොටසෙ රසය විදගන්නෙ....මේ කථා මාලාව අතර මගදි වල් වැදුනා කියලයි මට හිතෙන්නෙ...උත්සාහය අගය කරනවා...මෙතැන් සිට හෝ කාල පරතරය අඩු කොරලා ලියහං...

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. සහතික ඇත්ත කතාව... මම හදපු නිර්මානේ මමම විනාස කරගත්තා වගේ දැනෙන්නෙ.. අපරාදයක් ආයෙ හදාගන්න බැරි..

      තීරණයක් ගත්තා තව එක පෝස්ට් එකකින් වැඩේ ඉවරයක් කරන්න... අසාධාරණ විදියට නෙමේ pdf එකක් විදියට පෝස්ට් දෙක තුනක කොටස් දාලා

      හිතට එකඟව ඇත්ත කියපු එකට බොහෝම ස්තූතියි අයියන්ඩි...

      Delete
  7. අහා...ආයෙත් පටන්ගෙන. සන්තෝසයි සන්තෝසයි. හැබැයි ඉතුරු ටික පහු කරන්න එපා හරිද

    ReplyDelete
    Replies
    1. අමතක වෙලා හිටියෙ නෑ.. ඒත් සාර්ථකත්වය ගැන අවුලක් තිබ්බා ඒකෙන් හිර වුනා.. බොහෝම ස්තූතියි අක්කෙ කොමෙන්ටුවට

      Delete
  8. ඔන්න එහෙනම් මල්ලි ආයෙත් ලියන්න අරන්. සතුටුයි. ආයෙත් ආවට. දිගටම කරන් යන්න විවේකයත් ශක්තියත් ලැබේවා.!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට.. දිගටම ලියනවා ඉතින් මේක ඉවරයක් කිරීම තමයි මූලිකම අරමුණ

      Delete
  9. අනේ බං සති දෙකෙන් දෙකටවත් දාපන්කෝ මේක.. මෙහෙම කලහම රසේ මැරෙනවා...

    රසේ මැරෙනවා කිව්වට මේ කොටසත් උපරිමෙන්ම රස වින්දා

    ReplyDelete
    Replies
    1. රසේ නම් ගන්න දෙයක් නැතිව ඇති කියලා හිතුනා දානකොටම... හෙනම අසාධාරණ වැඩක් මගෙ අතින් වුනේ... බොහෝම ස්තූතියි අයියෙ කොමෙන්ටුවට

      Delete
  10. ඇස් ඉදිරිපිට මියැදිච්ච ගෑණු ලොවේ සිරකරුව මෙන්න ආයෙත් ලියල.
    දැංවත් ඉක්මනින් කොටස් ටික දාහං මල්ලි.

    ReplyDelete
    Replies
    1. තව එක පෝස්ට් එකයි ඒකත් එක්ක ඉතුරුවා සේරම දෙනවා සහතිකයි... බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  11. සමවෙයන්. මේක කියවලා දැන් තේරුමක් නෑ. මෙලෝ දෙයක් මතක නෑ.. මුල ඉඳන් කියවන්න ආයෙ වෙලාවකුත් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ මටත් සමාවෙන්න කරපු අමන වැඩේට... ගොඩක් සන්තෝසයි ඇත්තම කියපු එකට... වැරැද්ද හදාගනිමි... බොහෝම ස්තූතියි අයියෙ කොමෙන්ටුවට

      Delete
  12. මගේ දිග කතාව වාගේ මේකත් තාම ඉවර නැ නේද බං

    ReplyDelete
    Replies
    1. කතාව ඕනවට වඩා ඇදුනාම දෙගොල්ලන්ටම අප්සට් වෙනවනේ අප්පා... මං නං පාඩමක් ඉගෙනගත්තා... දෙයක් කරනකොට තව සංවිධානාත්මකව කරන්ඩෝනා නැත්තං ආයෙ ගොඩගන්නනං බෑ ලේසියෙන්

      Delete
  13. මග දිගට ජන කතා කිව්වලු... අම්මෝ මේක කියවන්න ඉන්න ඕනේ කාලයක්... මං සෑහෙන කාලෙකින් ඇවිල්ලත් මෙච්චරයි කිව්වම :D :D

    ReplyDelete
  14. හප්පේ මූ මේක දාලා නේ... මං මේ පැත්තට එන එක නවත්තලා තිබුණේ මේ කතාව දාන්නේ නැති හින්දා. ඉතිරි කොටහත් ඉක්මණට දාපියෝ.....
    @කළුකුමාරයා.

    ReplyDelete
  15. කොයි ඉතිං දැං ඔය දානවයි කියලා තියන ඉතිරි කොටහ -_- තාම නෑනේ. ඇහ්. මං මේ පැත්තට එන එක නවත්තලාම දැම්මා මේ කතාව අවසාන නොකරපු හින්දා :/ ඇයි හත්තිලව්වේ මේක දැක්කම දුක හිතෙනවානේ :'(

    "කළු කුමාරයා"

    ReplyDelete
  16. ඇයි හැබෑට ගැමියා හිටපු ගමන් නිහඬවෙන්නෙ

    ReplyDelete
  17. අඩෝ ගැමිය මල්ලි බුකියෙ ලැගගෙන ඉන්නැතුව ඇවිල්ල මේක ලියහංකො.

    ReplyDelete
  18. අලෝ ගැමියෝ...එනවද නැද්ද? :-|

    ReplyDelete
  19. ලියන්නෙ නැද්ද? ඔන්න මමත් දැන් ඉන්නවා

    ReplyDelete
  20. කෝ බං මේකෙ ඉතුරු ටික. හොඳ හිතිං ලියහං මල්ලි.

    ReplyDelete
  21. ආ. මල්ලී.... දැං බුකියෙමයි වැඩ නේද? හැක්...

    ReplyDelete
  22. කෝ යකෝ මේකෙ අන්තිම කෑල්ල???.... මැරුම් නොකා ඉතුරු ටික දාපන්.....

    ReplyDelete