පසුගිය කොටසින්: හමුදා සෙබලියගේ ග්‍රහණයට නතුව තිබෙන කැරළිකරුවන්ගේ යානය ඉන් මුදවා ගැනීමට අශාන් සහ සේනක එක්ව උත්සහ ගත් නමුත් ඉතා ප්‍රබල සටනක් අවසානයේදි සෙබලිය හමුවේ පරාජය වූ සේනක හමුදා සෙබලියගේ සිරකරුවන් ගොන්නට එකතු වූයේ තමාගේම යානය තුලදීයි
මේ අතර අශාන් යානය පුරා ඇවිදිමින් ආයුධ ගබඩාව සොයන්නට උත්සහ කලද ඉන් පලක් නොවිණි.අවසානයේදි යානයේ වූ කුටියකට පිවිසි ඔහු වෛද්‍යවරියගෙන් තමාට ලැබුණු දිනපොත කියවන්නට වූයේ එතෙක් වේලා එහි කුමක් ඇතිදැයි කුතුහලයක් ඔහුගේ සිත පැවතුණු බැවිනි.
මීට පෙර නොඇසූ නොසිතූ සිදුවීම් රැසක් ඔහුට එම දිනපොත ඔස්සේ දැනගැනීමට හැකිවිණි.නමුත් එය කියවා අවසන් කිරීමට ප්‍රථම ඔහුට නැවතත් සෙබලියන්ගේ ග්‍රහණයට නතුවන්නට සිදුවූයේ ඒ වනවිටත් යානය හමුදා සෙබලියන්ගේ මූලස්ථානයට ගොඩබස්සවා තිබුණු බැවිනි.
ඔහුව රැගෙන ගිය සෙබලියන් පිවිසියේ තවත් කුටියකටයි.එය අශාන් විශ්මයට පත්කරවන සුළු ආකාරයේ පර්යේෂණ කුටියකි.ආලෝකය ගමන් ගන්නා බිත්ති වලින් සමන්විත එම කුටියේ වූ බඩු බාහිරාදිය පවා ආලෝක අංශූන්ගෙන් නිමවී ඇති අයුරක් ඔහුගේ නිරීක්ෂණයට නතු විය.තව දුරටත් විමසිලිමත්ව කුටිය පරික්ෂාවේ යෙදුණු අශාන් නැවත පියවි ලොවට පිවිසුණේ එක්වරම ඇසෙන්නට වූ කෙඳිරිලි හඬක් සමගිනි....
අද එතැන් සිට:
මුල් කොටස් සඳහා
ඔහු
මදක් නිශ්චලව එයට සවන්දෙමින් සිටින්නට විය.ක්‍රමයෙන් එම කෙඳිරිල්ල වියැකී යන
අයුරක් ඔහුට වැටහිණි.ඔහු වහා බිත්තියට හේත්තු වෙමින් කුටිය වටා ඇවිදින්නට වූයේ එම
හඬ පැමිණි ස්ථානය සොයාගැනීමේ අභිප්‍රායෙනි.
ඔහු
හඬ පැමිණෙන ස්ථානයට ලංවී සිටි නමුත් එම ආලෝක ධාරාවට ඔබ්බෙන් සිටින්නේ කවුරුන්දැයි
ඔහුට නොපෙනුනි.තවත් සුළු මොහොතක් නිහඬව එම කෙඳිරිලි හඬ අසා සිටි ඔහු එහිවූ බිත්තියට වැරෙන් පහර දෙන්නට විය.
“කවුද ඔතන ඉන්නේ....?? කතාකරන්න..... “
“ ම්හ්.........ම්ම්ම්ම්ම්......... “
ඔහු
කෙතරම් උත්සහ කලද අනෙක් පසින් කෙඳිරිල්ලක් විනා අන් කිසිදු පිළිතුරක්
නොලැබිනි.මොහොතක් ඔහු ඒ බිත්තියට හේත්තු වී සිටින්නට ඇත.පසුගිය දින කිහිපය තුල
සිදුවූ දරාගත නොහැකි තරමේ සිදුවීම් ජාලය ඔහුව දැඩි වෙහෙසට පත් කර තිබිණි.ඔහුට
නොදැනිම ඔහුගේ දෙනෙත් පියවෙමින් පැවතිණි....
****
ප්‍රධාන
හමුදා නිලධාරිනිය වූ අයුමි ඇවිද යමින් සිටියේ පටු ගමන් මගකින් යුත් රහස්‍ය උමගක්
තුලිනි.සුදු ආලෝකයෙන් පිරී තිබූ එම මග විහිදුණේ පොළව අභ්‍යන්තරයේ පිහිටි
විශේෂිත ශාලාවකටයි.ඒ වනවිටත් ඇයව බලාපොරොත්තුවෙන් එහි පිරිසක් රැස්ව සිටිනු දක්නට
ලැබිණි.
බැරෑරුම්
පෙනුමක් සහිත මුහුණකින් ඔවුන් ඉදිරියට පැමිණි ඇය ස්වල්ප වේලාවක් ඔවුන් දෙස බලා
සිටියාය.ඉන්පසු එක්වරම සිනහමුසු මුහුණක් මවාගත් ඇය ඔවුන් අමතන්නට විය...
“අපි ඒ දේ කලා සහෝදරියනි..... කැරළිකරුවන්ගේ
අනාගත සැලසුම් සියල්ල මේ උපකරණයේ ගබඩා වී තිබෙනවා.ඒ වගේම ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම්
සියල්ලත් අපිට සුළු මොහොතකින් දැකගන්න පුළුවන් වේවි.කැරළි නායකයාගේ මතකය
සම්පූර්ණයෙන්ම මේ උපකරණයට ලබාගන්න මම සමත් වුනා.සටනේදි අපේ සෙබලියන් විශාල ප්‍රමාණයක්
අපිට අහිමිවුනත් අපේ මෙහෙයුම සාර්ථක වීම ගැන සතුටුවෙන්න පුළුවන්.”
ඒ
සමගම පිරිස අත්පොලසන් නාදයක් ලබාදුන්නේ ප්‍රීතියෙන් උදම් වී ගිය මුහුණු වලින් සහ
සිනහවෙන් මුව සරසාගනිමිනි.
“ඔවුන්ගේ නායකයගේ අනාගත සැලසුම් සියල්ලත්
වගේම ඔහුගේ පුංචි සේනාවත් අද අපේ භාරයේ ඉන්නේ…. තව
දින දෙක තුනක් ගතවෙද්දි ඔවුන් හැමෝගෙම මතකයන් පිටපත් කරගෙන අපේ ප්‍රජනන කැප්සූල සඳහා
යොදාගන්න පුළුවන්... “
“එතකොට අපේ වටිනාම නිදර්ශකයට මොකද
වෙන්නේ??” ඒ ප්රශ්නය යොමුකලේ කාන්තා ජනපදයේ ප්‍රධාන
තනතුරක් හොබවන නිලධාරිනියකි.
“කිසිවක් නෑ.... ඔහුවත් ඔබලාට බාරයි
නමුත් එක කොන්දේසියක් මත...”
“කියන්න... “
“ඔහුගේ මතකය මකා නොදමන බවට සහතිකයක්
පමණයි මට අවශ්‍ය.ඔහුගේ දැනුම යාවත්කාලීන කිරීමෙන් අපේ අනාගත සැලසුම් සාර්ථකත්වයට
හොඳ උදව්වක් ගන්න පුළුවන් වේවි “
“ඔයාට එහෙම තනි තීරණ ගන්න බෑ අයුමි.අනිවාර්යෙන්ම
ඔහුගේ මතකය මකා දැමිය යුතුමයි මොකද ඔහු මේ කාලයට අයිති කෙනෙක් නෙමෙයි.අනික ඔහුගේ
බුද්ධි මට්ටම පිළිබඳ ඉතිහාසගත වාර්තා මතක ඇතිනේ ඔයාට... එහෙම නේද?? “
“ඒ වාර්තා අදාල වෙන්නේ මීට අවුරුදු
සියගානකට කලින් මිසක් දැන් නෙමෙයි ඒ
නිසා මගෙ මතයට ඔබලාට එකඟ වෙන්න වෙනවා මොකද
මමයි ඔහුගේ භාරකාරිය දැන්.කලින් ඔබලා අතින් වෙච්චි වැරද්ද ආයෙත් වෙන්න
දෙන්න කොහොමත් බෑ... මගේ ආරක්ෂාව යටතේ ඔහුට කිසිම විදියකින් ගැලවීමක් නෑ... “
“අයුමි ඔයා අශාන්ව අවතක්සේරු කරනවා ඒකයි
මෙතන ප්රශ්නය.ඔහුගේ මතකය විවෘතව තිබ්බ කාලය ගොඩක් වැඩියි.අපිට තිබුණේ ඔහු
ශිශිරතරණ නින්දෙන් අවදිවූ වහාම ඔහුගේ මතකය මකා දමන්නයි.... එසේ නොකල නිසා
ඇතිවෙච්චි තත්වය පේනවා ඇතිනේ.තව කල් යැව්වොතින් අයුමි ඔයා පුරසාරම් කියවන ඔයාගේ
ආරක්ෂාවත් බිඳින්න අශාන්ට බැරිවෙන එකක් නෑ... “
“ඔබලා මාව අවතක්සේරු කරන එකයි මට තියෙන
ප්රශ්නය... මේ මගේ සිරකරු,මගේ මූලස්ථානය ඒ නිසා මට අවශ්‍ය දේ
පමණයි මෙතන වෙන්න ඕනේ.මේ තරම් ඔහු ගැන බය වෙනවම් ඔහු ශිශිරතරණ නින්දෙන්
අවදිවූ දිනයේ ඉඳන් අද වෙනතුරු සිදුවූ සිදුවීම් මකා දමන්න පමණක් මගේ
අවසරය දෙන්නම්....”
ඇගේ
ස්ථාවරය ප්‍රකාශකරමින් ඇය එම ශාලාවෙන් පිටතට පැමිණියේ නොනිවුණු කෝපයෙන්
යුක්තවයි.වේගයෙන් පා තබමින් ඈ පරීක්ෂණාගාරය වෙත පිවිසගත්තාය.පරීක්ෂණාගාරය මධ්‍යයේ
වූ පර්යේෂණ කුටිය ආලෝකමත් වී තිබෙනු දුටුවෙන් ඈ ඒ දෙසට ගමන් කරන්නට විය.එක්
කුටියක සිටියේ කැරළි කණ්ඩායෙමේ සාමාජිකයෙකු වූ සේනකයි.අනෙක් පසින් බිත්තියට
හිස තබාගනිමින් අශාන් නිදිවැදී සිටි අන්දමද ඇය දුටුවාය...
එම
බිත්තියකට තවත් ලංවූ ඇය තමා සතුවූ උපකරණයක් ගෙන එම බිත්තියට ඇලෙව්වාය.ඒ
උපකරණය බිත්තිය සමග සම්බන්ධ වූ අයුරක් දක්නට ලැබිණි.එම කුටිය විශේෂිත කුටියකි,නිරන්තුරුව එම ආලෝක අංශු ගමන්ගන්නා
බිත්තියෙන් නිකුත් වන ඉතා කුඩා කම්පන ධාරා කුටිය සම්පූර්ණයෙන් ආවරණය කරමින් සහ
නැවත පරාවාර්තනය වෙමින් කුටිය තුල සිටින පුද්ගලයන්ගේ දත්ත රැස් කරගනු ලබයි.හමුදා
නිලධාරිනිය සතු උපකරණය එම දත්ත විශ්ලේෂණය සඳහා යොදාගන්නා ආධාරකයක් ලෙස ක්‍රියාත්මක
විය.සේනකගේ හා අශාන්ගේ හෘද ස්ඵන්දනයේ වේගය පවා එම ආලෝක අංශු බිත්තියේ ඇඳුණු කුඩා
කොටුවකින් දර්ශනය වෙමින් පැවතිණි.
දෙදෙනාගේම
තත්වය සාමාන්‍ය බව සැකහැර දැනගත් ඇය එම කුටිය අසලින් ඉවත්ව ඇය පැමිණි කර්තව්‍ය
සඳහා පිටත්ව යන්නට විය.
****
නින්දෙහි
සිටින අයුරක් පෙනුනද සේනක සිටියේ අවදියෙනි.සෙබලිය පැමිණ කුටිය පිරික්සන අයුරුද ඔහු
කිසිදු වෙනසක් නොපෙන්වා බලා සිටින්නට විය.සෙබලිය නික්ම ගිය වහාම නැගී සිටගත් ඔහු
කුටිය වටා ඇවිදිමින් පිටවීමට මගක් සොයන්නට වුවද ඔහුගේ උත්සහය අසාර්ථක විණි.උත්සහයන්
අතහරිමින් ඔහු සිටි සයනයට පැමිණෙන විටදී යාබද කුටියේ සිටින යමෙකු බිත්තියට
හිසතබාගෙන නිදිවැදී සිටින අයුරක් ඔහුගේ නෙත ගැටිනි.නිසැක වශයෙන්ම එහි සිටින්නේ
අශාන් විය යුතු යැයි සිතූ ඔහු බිත්තියට ගසමින් ඔහු අමතන්නට විය.
සිහිනයකින්
යමෙකු අමතන්නාක් මෙන් අශාන්ට ඇසෙන්නට විය.ඒ හඬ ක්‍රම ක්‍රමයෙන් තීව්ර වත්ම ඔහු
ඉක්මනින් නැගීසිටියේ තමන් යුද්ධයකට මැදිවී සිටින බවක් මතකයට පැමිණිමෙනි.තමන්
සිටින්නේ කොහිදැයි තේරුම් කරගැනීමට ඔහුට ස්වල්ප වෙලාවක් ගතවුවත් තමා අමතන්නේ සේනක
බැව් හඳුනාගැනීමට ඔහුට වැඩි වේලාවක් ගත නොවුණි.බිත්තිය වෙතට ලංවූ ඔහු සේනක අමතන්නට
විය.
“සේනක..... අපි මොකද කරන්නේ දැන්.... “
“මට සමාවෙන්න අශාන්.... මේ සේරටම
වගකියන්න ඕනේ මමයි “
“ඒ මොකටද.... ?? “
“මට කියන්න ලොකු කතාවක් තියෙනවා අශාන්.මට
සේරම මතකයි දැන්.මම මෙයාලගේ ඔත්තුකාරයෙක් වෙලා ඉඳලා තියෙන්නේ පහුගිය අවුරුදු
ගානක්ම... “
“මොකක්....... “
“ඔව් අශාන්.... මේ සේරටම මුල මමයි මට
මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ මේ වැරැද්ද හදන්න බෑ මට සමාවෙන්න ඉඩක් ලැබුණු ගමන්
මම සියදිවි නසාගන්නවා. මට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ සේරම කඩාගෙන වැටිලා
අවුරුදු ගානක හීන සේරම වතුරේ.... “
සියල්ලක්ම
තව තවත් සංකීර්ණ වෙන අයුරක් අශාන්ට දැනුණි.තදින් දෑස් පියාගනිමින් ඔහු කල්පනා
කරන්නට විය.කිසිවක් නොසිතුනත් ඔහු වැරෙන් බිත්තියට පහරක් ගැසුවේ සේනකගේ අවධානය ඔහු
වෙත නතුකරගන්නටයි.
”පිස්සු කියවන්න එපා සේනක... තාම මේක ඉවර නෑ අපි තාමත් පණ පිටින් ඉන්නේ.අන්තිම මොහොත වෙනකන් අපි සටන් කරන්න ඕනේ.කරපු වැරැද්ද හරිගස්සන්න නම් ජීවත් වෙලා ඒකට අපි උත්සහ කරමු.”
සේනක
මදක් මෙල්ල වූ අයුරක් පෙනුනත් ඔහු ඔහුගේ හිස දෑතින්ම බදාගනිමින් බිත්තියට පිටුපා
හිඳගත්තේ කෑ ගසමිනි.
“මෙතන හිරවෙලා කොහොම උත්සහ කරන්නද... “ ඔහු බිඳුණු හඬින් මුමුණන්නට විය.
****
සෙබළිය
යමින් සිටියේ ඇයගේ කුටිය වෙතටයි.පර්යේෂණ මට්ටමේ නවීණ උපකරණ වලින් සපිරි ඇගේ කුටිය
කුඩා විද්‍යාගාරයක් බඳු විය.සිය කුටියේ තිබූ මේසය මත ඈ අතවූ පරිගණක තිරයක් සහිත
උපකරණය තැබූ ඈ පසෙක වූ පුටුවක හිඳ ගත්තාය.සුළු මොහොතක් කල්පනාවක නිමග්න
වූ ඇය පුටුවට තට්ටුවක් දමා අසල වූ මේසය දෙසට පියනගන්නට විය.ඇය හිඳ සිටි
පුටුවද ඇය පසුපස පැමිණෙන්නට විය.
ඇය
මේසය මතින් ඇගේ දෑත් තබත්ම මේසය මතුපිට ආලෝකයක් මතුවිණි.ස්වල්ප මොහොතකින් ඈ මේසය
මත තැබූ පරිගණක තිරයක් සහිත උපකරණය වටා වෘත්තාකාර රේඛා කීපයක් ඇඳුණු අතර ඒ එක් එක්
රේඛාව තවත් වෘත්තාකාර හැඩැති රේඛා සමූහයකට සම්බන්ධ වී තිබිණි.
ඈ
සතුව තිබුණේ කැරළි නායක ජයසිංහයන්ගේ මතකය ඇතුලත් උපාංගයයි.තවත් පුද්ගලයන් රාශියකගේ
මතකයන් එහි විය.ඇය එකින් එක පිරික්සමින් සොයන්නට වූයේ ඇය රැස්කරගත් වටිනාම තොරතුරු
ඇතුලත් ජයසිංහයන්ගේ මතකයයි.ස්වල්ප වෙලාවක් සෙවීමෙන් අනතුරුව ජයසිංහගේ මුහුණ රැගත්
වෘත්තයක් ඇගේ ඇස ගැටිණි.ඇය වහා එය තෝරාගෙන විශාලනය සඳහා වූ විධානය ලබාදුන්නාය...
“ERROR –
EMPTY MEMORY LOCATION”
ඇගේ
දෑස් එක්වරම විශාල විය.ඇය නැවතත් එම ගොනුව විවෘත කිරීමට උත්සහ කලද පෙර ලැබුණු
පණිවිඩයම ඇයට ලැබිණි.ඇය හිඳගෙන සිටි පුටුවද පසෙකට තල්ලුකරමින් නැගී සිටි ඈ මේසයට
තදින් පහරක් ගැසුවාය.
ඇය
මේසය මත හිස සහ දෑත් තබාගනිමින් මදක් නිසලව සිටින්නට විය.ඇය සිදුවූ සියළු
සිදුවීමක්ම නැවත ආවර්ජනය කරමින් සිටියාය.ඒ සමගම ඇගේ මතකයට පිවිසියේ තමා
ජයසිංහයන්ගේ මතකයන් ඇගේ උපකරණයට ලබාගැනීමෙන් අනතුරුව ඔහුව ජීවිතක්ෂයට පත් කිරීමට
සූදානම් වන විටදී අශාන් පැමිණ තමාට පහර දුන් අයුරුයි.ඇය වහාම කුටියෙන් ඉවතට පැමිණ
අශාන් සිටි කුටිය දෙසට දුවන්නට විය.කාන්තා ජනපදයේ ප්‍රධානින් අමතා ඈ කල කතාවද ඇගේ
මතකයට පිවිසිනි.ජයසිංහයන්ගේ මතකය නොමැතිව තමාගේ පැවැත්මක් නැති බව වැටහුණු බැවින්
ඇය සිටියේ මාරාවේශ වූවෙක් පරිද්දෙනි.
සුළු
මොහොතකින් ඈ පර්යේෂණ කුටියට ළඟාවී එහි පිටත බිත්තියට අත තැබුවාය.ඒ සැනින් ඇගේ අත
එම බිත්තිය මගින් පරිලෝකනය (SCAN) කරන්නට විය.තත්පර ගණනක් ඇතුලතදී එම කුටියේ
බිත්තියේ පණිවිඩයක් සටහන් විය.එම පණිවිඩයේ දැක්වුනේ ඇයට එම කුටියට පිවිසීම සඳහා
අවසර ලබා දී ඇති බවය.
ඒ
සමගම කුටිය තුලට පිවිසගත් ඇය වේගයෙන් අඩි තබමින් අශාන් ඉදිරිපිටට
පිවිසියාය.පුදුමයෙන් මෙන් අශාන් නැගී සිටගන්නවාත් සමගම ඇය ඔහුගේ හිසින් අල්ලා
බිත්තියේ ගැසුවාය.අශාන්ට සිතන්නටවත් කාලයක් නොලැබෙමින් නැවත වරක් ඔහුට ප්‍රහාර
එල්ලකල සෙබලිය ඔහුගේ ගෙල සිරකරමින් ප්‍රශ්න කරන්නට විය.
“කෝ ජයසිංහගේ මතක ගොනුව??”
“මොන මතක ගොනුවක්ද?” වේදනාවෙන් මිරිකෙමින් අපහසුවෙන් හුස්ම
ගනිමින් අශාන් විමසන්නට විය.
කෝපාවිෂ්ට
වූ සෙබලිය අශාන්ට නැවතත් ප්‍රහාර එල්ල කරන්නට විය.අශාන්ගේ ගෙල තව තවත් තදින්
සෙබලියගේ දෑත් අතර සිරවන්නට විය.
“මැරුම් නොකා මම අහන දේට උත්තර දෙනවා.....”
ලේ
වැගිරුණු මුවින් යන්තමින් සිනාසුණු අශාන් ඇයට ප්‍රතිඋත්තර දුනි.
“පරක්කු වැඩියි....” එසේ පවසනවාත් සමගම විදුලිය ආරෝපණය වන
ශබ්දයක් සෙබලියට ඇසෙන්නට විය.ඇය ඒ ශබ්දය පැමිණෙන දිශාව දෙස වහා දෙනෙත් යොමුකලද ඇය
එවිටත් ප්‍රමාද වී සිටියාය. ඇගේම අවියෙන්
නිකුත් වූ ලේසර් ධාරාව ඇගේ ඇලපත විනිවිද ඇදී ගියේ ඇසිපිය හෙලනා වේගයකිනි.
සෙබලිය පසුපසට
විසිවී බිම ඇදවැටිණි.අශාන්ද දණින් ඇද වැටුණේ අමාරුවෙන් ස්වසනය කරමිනි.ඔහු අත වූයේ
සෙබලියගේ අවියයි.ඇගේ පහරකෑම් මධ්‍යයේ එම අවිය සෙබලියගෙන් ඩැහැගැනීමට ඔහු සමත් වී
තිබිණි.එම අවිය ඉනෙහි රඳවාගත් ඔහු සෙබලිය ජීවතුන් අතරදැයි පිරික්සන්නට විය.සෙබලිය
තවදුරටත් ජීවතුන් අතර නොවීණි.කිහිපවරක් සමබරතාව ගිලිහී ඔහු දණින්
වැටුනද ඇයගේ සිරුර බිම දිගේ අදිමින් කුටියෙන් පිටතට පිවිසීමට ඔහු සමත්විය.
ප්‍රාණය නිරුද්ධ
වූ ඇගේ සිරුර වත්තම් කරගනිමින් ඔහු සැරසුනේ සේනකව කුටියෙන් පිටතට ගැනීම
සඳහායි.ඒ සඳහා ඔහු ඇගේ හස්තය ගෙන ගෙන ආලෝක බිත්තියේ පිටතින් තදකරමින්
නොඉවසිලිවන්තව බලාසිටින්නට විය.සුළු මොහොතකින් පෙර පරිදිම පණිවිඩයක් ආලෝක
බිත්තියෙන් පෙන්වා දුන්නද ඔහුගේ බලාපොරොත්තු සුන්කරමින් එම පණිවිඩයේ දැක්වුයේ
ඇතුලත්වීමේ කේතය කල්ඉකුත් වී ඇති බවයි.
"දැන් මොකද කරන්නේ..... " බිඳුණු හඬින් යුතුව සේනක ඇමතූ අශාන් කල්පනා කරන්නට විය......
ප/ලි :
පොටෝව ගත්තේ මෙතනින් http://www.wired.com/images_blogs/underwire/2012/08/total_recall_beckinsale.jpg
සෑහෙන්න කාලෙකට පස්සේ ලැබුණු නිවාඩුවේ තමයි ලියාගන්න ඉඩක් ලැබුණේ.ඊළඟ කොටසත් ලියලා තියෙන්නේ තව දවස් දෙකකින් ඊළඟ කොටසත් අනිවාර්යෙන් දෙන්න පුළුවන්.කාලෙකට පස්සෙ ලියන්න ගත්ත නිසා රිද්මය ටිකක් කැඩුනා කියලා මටත් තේරෙනවා ඒ නිසා දැනමුතුකම් අදත් බලාපොරොත්තුවෙනවා හැමෝගෙන්ම.පමාව පිළිබඳ සමාව ඉල්ලනවා හැමදාමත් වගේ...
එල එල සිරා බං...
ReplyDeleteඔච්චර රහ කරවන්න එපා බං...
මල පයිනවා....
අනිත් එකත් හොද එකා වගේ ඉක්කන්ට දහං ඈ..
බොහෝම ස්තූතියි තරියා මචෝ කොමෙන්ටුවට... ඊළඟ කොටස නම් අනිද්දා දිහාට දෙන්න පුළුවන්.රස අප්සට්ද ඈ???
Deleteඅම්මාස්...... සුපිරි ඈ... :)
ReplyDeleteබොහෝම ස්තූතියි රජෝ.... ඔපීසියේ ඉඳන් මෙව්වා කරන්න සෑහෙන්න අමාරුයි බංස් ගෙදට්ට ඉන්ටනෙට් ගත්තාම එන්නං අඩවිය පැත්තේ...
Deleteඅඩේ මේ කතාවේ මුල ටික මතක නෑ නෙව...
ReplyDeleteඑකදිගට දාන්න බැරිවුනානේ අප්පා මේ වැඩත් එක්ක හිටිංකෝ ඊළඟ කොටස අනිද්දට දෙන්නං මුල ඉඳංම මතක් වෙන්න....
Deleteබොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට
මල්ලි උබ වැඩ්ඩෙක් මල්ලි වැඩ්ඩේක් .. සිරාම වැඩ්ඩෙක් වැඩ්ඩෙක් වැඩ්ඩෙක් වැඩ්ඩෙක් .. අයේ කියන්න දෙයක් නෑ සුපිරිම වැඩ්ඩෙක්....
ReplyDeleteමේ කථාව සුපිරි ඩිරෙක්ටර් කෙනෙකුට සෙට් උනොත් ( හොලිවුඩ් වල වගේ ) පට්ට ෆිල්ම් එකක් බලාගන්න තිබ්බා...හැබැයි ලන්කාවෙ එකෙකුටනම් දීල වැඩක් නෑ බං.. අපි කියවල ගත්ත ආතල් එකත් කාල දාවි
උබගෙ මොලේ වැඩකරන විදිය මටනම් හිතාගන්නවත් බෑ... ඒතරම් මේක නිර්මාණශීලියි.. එවගේම නැවුම් අදහසක්..
මම මේ දාපු කමෙන්ට් එක හිතට මදි බං... ඒත් ඉතින් මීටවඩා දෙයක් හිතේ තිබ්බට ලියන්න වචන නෑ..
වෙන මක්ක කියන්නද.... මීයා කියපු දේම තමයි කියන්න වෙන්නේ....
Delete@ Mee Godayaa අයියේ බොහෝමත්ම ස්තූතියි මේ විදියට මාව අගය කරනවට.මේක කියෙව්වාම පොඩි ආඩම්බරයක් දැනුනේ නෑ කිව්වොත්නම් ඒක බොරුවක් වෙනවා.ආඩම්බරෙත් එක්ක ලැජ්ජාවකුත් ආවා....
Deleteමේ වගේ කොමෙන්ට් නිසා තමයි ලියන කෙනෙක්ට තව තවත් ලියන්න හිතෙන්නේ ඔයා හැමෝවම මෙහෙම දිරිමත් කරනවා මම දැකලා තියෙනවා ඔයා.
හොලිවුඩ් ෆිල්ම් බලලමද මන්දා ඒ විදියට කතාව මවලා මවලා සම්පූර්ණ වුනාම ලියන්න ගත්තම මොනා හරි ලියවෙනවා ඊට එහා හිතන්නෑ ඉතින්....
ඔයාගේ මේ වචන ටික මට මිල කරන්න බෑ..... බොහෝම බොහෝම බොහෝම ස්තූතියි...... ඊළඟ කොටස තව දවස් දෙකකින් දෙනවා හැබැයි කතාව වෙන පැත්තකට අරගෙන යන්න වෙනවා එතනදි....
-------------------------------------------------------
@හිරු අක්කේ, ඔයාටත් බොහෝමත්ම ස්තූතියි අක්කේ
පිස්සු කොර වෙනවා!!!!!!
ReplyDelete:D :D ස්තූතියි ස්තූතියි මචෝ
Deleteඅදයි කියවන්න ගත්තේ ඔක්කොම ටික හිමිට කියවගෙන එන්න වෙයි නේද ..
ReplyDeleteඊළඟ කොටස නම් ඉක්මනින් දානවා හැබැයි මේ කොටස දැම්මෙ නම් කලින් කොටස දාලා මාසෙකට විතර පස්සේ ඒ නිසා හිමින් සැරේ කියවන්න හොඳටම වෙලාව ඇති වෙයි.බොහෝම ස්තූතියි අයියේ ඇවිත් කොමෙන්ටුවක් දාලා සපෝට් එකක් දුන්නට....
Deleteනියමයි ගැමිය මල්ලි.
ReplyDeleteඅපේ මෙමරි එම්ටි වෙන්න ඉස්සර ඉතුරු කොටසත් නොදැම්මොත් උඹේ බෙල්ල මිරිකන්න තමයි වෙන්නෙ. :D
බොහෝම ස්තූතියි ප්‍රසා අයියේ..... හම්මෝ ඊළඟ කොටස නම් අනිවාර්යෙන්ම දානවා දවස් දෙකකින්.
Delete:D කියපු විදියට නම් බෙල්ල බේරගන්නම වෙනවා හි හි තැන්කූ අයියේ බෙල්ල මිරිකන එකේ ඉංග්‍රිසි වචනේ දුන්නට
දැන් බොට වෙඩිතියනවා ලේසර් එකකින්.. :) මේ වැඩේ හරියන්නේ නෑ. ආයෙම මේක කියවන්නේ කොටස් දෙකක් වැටුනාම.
ReplyDeleteරිද්මය වෙනස් වෙලා නෑ එහෙමට. ඒත් ටිකක් කතාව කෙටියි කියල නම් කියන්න වෙනවා.
:D මෙදා පොටේ නම් කට්ටියටම අම්බානකම තද වෙලා වගේ මම හිතුවා මෙහෙම වෙයි කියලා ඒකයි කොටස් දෙකක්ම එකපිට ලියලම දැම්මේ.දැන් ඉතින් බයක් නෑ ඊළඟ කොටස ඕනේ වෙලාවක දෙන්න පුළුවන්....
Deleteකතාව ටිකක් කෙටි කරපු එක මාට්ටු වුනා කියන්නේ නම් පුදුමයක් අප්පා ඔයා නියමෙටම කියවනවා. එක පිටුවයි අඩු කලේ ඒකත් හොඳම තැනකින් නවත්තන්න ඕන නිසා නැතුව කම්මැලිකමට නෙමේ හොදේ.වෙනදා පිටු 6ක් සම්පූර්ණ එක අද පිටු පහයි තවත් කාලක් විතර තමයි දැම්මේ.....
ඊළඟ කොටස දවස් දෙකකින් අනිවාර්යෙන් දෙනවා අයියේ.බොහෝම ස්තූතියි කොමෙන්ටුවට
කාලෙකට පස්සෙ ලිව්වත් රස වෙනස් වෙලා නෑ ගැමියො... මෙච්චර කල් ගන්නෙ නැතුව ලියපන්... නැත්නම් පෙර කොටස අමතක වෙනවා...
ReplyDeleteමේ කතාවේ මෙච්චර කාලෙකට ලියවෙච්ච හොඳම කොටස මේක කියලයි මට හිතෙන්නේ...පුදුම නිර්මාණශිලිත්වයක්. ෆිල්ම් එකක වගේ දර්ශන මැවිලා පෙනුනා මට. වෙන කියන්න වචන නැහැ. සුපිරිම සුපිරියි..
ReplyDeleteසිරා මචං.. මේවා ඔළුවට කොහෙන් එනවද මන්දා.. කතාව පරක්කු කරන එකට නම් ඉතින්... එක්කො ඕන නෑ.. අනිත් එකත් දැම්මනම්...
ReplyDeleteමිය ගියාම රහස් වචනය කල් ඉකුත්වීම පිළිගත හැකි තාත්වික තත්ත්වයකි.
ReplyDeleteනියමයි ගැමියො.. උඹට මේවා හිතෙන්නෙ කොහොමද කියලා මම කල්පනා කරන්නෙ..
කාලෙකට පස්සෙ මේ කොටස දැම්ම නිසා මේ විද්‍යා ප්‍රබන්ධයේ මුල අමතකයි. හරියටම විදයා ප්‍රබන්ධ ෆිල්ම් එකක් වගේ..
ReplyDeleteඅද කොටස හරිම සජීවියි...
ReplyDeleteකොහොමත් මේක පොතක් කරන්නම වෙනවා. ව්ශාල සමාජයකට යා යුතු නිර්මාණයක් අපි විතරක් රස විදින එක අසාධාරණයි......
මේ...ඉක්මනට දාපං ඈ..ඉතුරු ටික..
ReplyDeleteමං අළුතෙන්...... මුල ඉඳං කියවන්ට වෙයි ඇ......
ReplyDelete