Monday, December 12, 2011

6 වසරේ පෙම් කෙළිය 2-කොටස(මළ කෙළිය)


ඔන්න ඉතින් දෙවෙනි කොටස අහගන්නකෝ.මුල් කොටස දැක්කේ නැත්තම් මෙතනින් ගිහින් බලලා එන්න‍කෝ

කලින්දා තාත්තට එන්න කිව්වා ඒත් හේතුව කටක් ඇරලා කියන්න පුළුවන් එකක් යැයි ඕන කෙහෙල්මලක් කියලා හිටියා ඒත් රෑ වෙන්න වෙන්න තමයි බය දැනෙන්න ගත්තේ නිදා ගන්න ගියත් නින්ද යන්නෙත් නෑ මුළු රෑ පුරාම පුදුම බයකින් හිටියේ යාන්තම් ඇස් පියවෙනකොටම බෙල් එක වැදුනා දැන් ඉස්කෝලෙ යන්න තියෙන්නේ මීට හොදයි හිරේ යන්න තිබුණානම්.කොහොමහරි ලෑස්තිවෙලා ඉස්කෝලෙ යන්න පිටත් වුණා.අපේ ඉස්කෝලේ තියෙන්නේ පයින් යන දුර තාත්තත් මාත් එක්ක එනවා ඉස්කෝලෙ ලං වෙනකොට කකුල් ඉස්සෙන්නෙත් නෑ අද ගෙදර යන්නේ කොහොමද දෙයියනේ......

දැන් ආපහු හැරෙන්න බෑ ඕන දෙයක් කියලා මම පන්තියට ගියා තාත්තා එළියෙන් නැවතුනා ගාථා කියනකන් ගාථා කියන ගමන් එළිය බැලුවාම තමයි දෙලොව රත් වුණේ මජ්ජාගේ අම්මයි කිකිළිගේ ආච්චියි එක්ක තාත්තා කථාව...

මොකක් කිකිළිගේ ආච්චි......??????????????
ඈ................
කෝ යකෝ කිකිළිගේ තාත්තා මූ ලෝක අණ්ඩයා මූ තාත්තට කියන්න නැතිව ඇති ෂුවර් මට මූව කන්න තරම් කේන්තියි මොනා කරන්නද ඒ මොළේ මට නෑනේ නැත්තම් අපේ ආච්චම්මා එක්කන් එන්න තිබුණා අයියෝ.....මටයි මජ්ජටයි තමයි කෙළවෙන්නේ.කමක් නෑ මේකට දඩුවම් දෙනවනම් අපි ඔක්කොටම එක සැරේටනේ කිකිළි කියලා අමුතුවෙන්යැයි අපිව අස්කලොත් මූත් අස්.එතකොට මූට ඩබල් හම්බුවෙනවා තාත්තට නොකිව්වට හොද වැඩේ කියලා හිත හදාගත්තා.

සසදයත් ගාථා කියලා ඉවරවෙද්දි මම හිටපු තැනට ආවා කොහෙදෝ ඉදන්.මෙච්චර වෙලා හිතේ තද කරන් හිටපු ප්‍රශ්නේ මම ඇහුවා

"කෙල්ලට දෙන්න ගියපු ලියුම උඹලාගේ අම්මට ගියේ කොහොමද බං?? උඹලා නෑදෑයොද??"


ඇයි දෙයියනේ කෙල්ලගේ අම්මා ආවනම් දුක නෑ.අනික කිසි දේකට බය නැති කොල්ලෙක් කියලා තමයි මූ ප්‍රසිද්ධ වෙලා හිටියේ පහුගිය දවසට දෙකට

"කෙල්ලට දෙන්න බය හිතුනා බං ඒ නිසා පහුවදාට දෙන්න ලියුම පොත ඇතුලේ දාගත්තා"


ඕනෙම වීරයෙක් කෙල්ලෙක් ඉස්සරහා සැලෙනවා කියලා තේරෙන්න ඒත් මට අවුරුදු ගානක් ගියානේ.දැන් ඉතින් මක් කොරන්නද අපි මෙතෙක් වේලා බලාගෙන හිටපු කැදවීම ලැබුණා අපි බිම බලාගෙන විවේකාගාරයට ගියා.ගිහින් ඔලුව ඉස්සුවාම අර _ _ ෂා කෙල්ලත් ඉන්නවා බඩුම තමයි.සසදයාට කලන්තේ දැම්මේ නැති ටික විතරයි.



අපේ මල්ලිකා මිස් දන්න සෙල්ලං වේවැලෙන් දදා කෙල්ලනේ අහනවා මූ එක්ක යාළුද කියලා කෙල්ල මාව පෙන්නලා කියපි මාව දන්නවා එයා මගේ යාළුවෙක් කියලා(කෙල්ල මාව දන්නවා එකම ටියුෂන් පංතියේ නිසා).අපේ තාත්තා මාව කන්න ලෑස්තිය අනේ දෙයියනේ මේ මොකක්ද වෙන්නේ අසරණ මට මේ කෙල්ලව කසාද බදින්න වෙයිද මාව වෙව්ලනවා කෙල්ල මං දිහා බල බල අඩනවා එකම කෙළියයි.පිටින් බලන එකෙක්ට පේන්නේ 6 වසරේ ජෝඩුවක් මාට්ටු කියලා මට කථා කරගන්න බෑ.අඩන්න ඔන්න මෙන්න ඒත් කෙල්ලෙක් ඉස්සරහා අඩන්නත් බෑ.තොල හපාගෙන හිටියත් කදුළු බේරෙනවා දැනෙනවා.

උඩ ඉන්න දෙයියෙක්ගේ ආසනේ රත් වෙන්න ඇති ස්ත්‍රී පරාණයක් නිසා මට වුණු විපත දැකලා.කිකිළි කදුළු වැක්කෙරි වැක්කෙරි ඉස්සරහට පැනලා කිව්වා මෙහෙම....

"නෑ මිස් ගැමියා කලේ ලියුම ලියන්න කියපු එක විතරයි සසදට තමයි ඕනේ උනේ කෙල්ල එක්ක යාළුවෙන්න මෙයා තමයි ඔක්කොම කලේ කියලා"

අනේ අම්මේ මට දැන් තමයි ලේ ටිකක් ඉනුවේ ඒත් අපේ මිස්ට මූව විස්වාස නෑ වේවැල අරන් කිකිළිට පහර දෙන්න ගත්තා ඇගිලි දික් කර කර මිස්ලට කථා කරනවා කියලා ඒත් අපේ කිකිළි පොර කිකිළියෙක් බවට පත් වෙලා මුළු කථාවම වමාරනවා අඩ අඩ අර කෙල්ලත් වැලහින්න වගේ අඩනවා මම සසදව දන්නේ නෑ දන්නේ ගැමීව විතරයි කිය කියා.

මජ්ජා ජොලියේ ඉන්නවා උගෙ වරද ඔත්තු බලපු එක විතරයිනේ.මිස්ලා කන්න හදන්නේ කිකිළිවයි මාවයි ඒ පාර සසදයත් ෂේප්.පස්සේ මට මතක විදියට අපේ ඉස්කෝලේ නැටුම් මිස් එතනට ආවා.මට මතක නෑ කොයි මිස්ද කියලා අපේ ඉස්කෝලේ දෙන්නෙක් හිටියානේ.ඒ මිස් ඇවිල්ලා අර කෙල්ලව එක්කන් ගියා ඒකි නැටුම් කරන්නේ.පස්සේ මිස් ඇවිත් අපේ මල්ලිකා මිස්ට කිව්වා මේ ලමයි දෙන්නාගේ සම්බන්ධයක් නෑ කියලා.මම යන්තම් නිදහස් හැබැයි මගේ පුංචි හිතට තේරුණා කෙල්ලෙක් ලගින් ගියොත් ඇහැක් නෑ කියලා එදා ඉදන් බොහෝම පරිස්සම් වුණා ගෑනු ලමයෙක්ට කථා කරත්.

දැන් ඒ නඩුව ඉවරයි.ආයේ ලියුම් කෙළිය ඇදිලා ආවා දැන් ආයේ 4 දෙනාම විත්ති කූඩුවේ.වෙච්චි සිද්ධිය මුල ඉදන් ආයේ කිව්වා ඒකෙත් ප්‍රධාන වැරදිකාරයා මම.

සසදයට කෙල්ල ගැන ආසාවක් ආපු එකත් හරි,කිකිළි ඒක ලියපු එකත් හරි වයසට වඩා මුහුකුරා ගියපු අදහස් ලියන්න උපදෙස් දුන්නා මම පොඩි නෑ කියලා මාව වැරැද්දට අහු කරනවා මජ්ජාටත් කේස් නායකයා වෙලා මිස්ට නොකිව්ව එකට.මේක කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දුව වගේනේ කියලා මට කියවුණා මට තිබුනේ මම වැරදිනම් අනිත් එවුනුත් වැරදි කියන අදහස.

කොහොමහරි අපේ තාත්තා මිස්ට කිව්වා එහෙම එක ලමෙක්ට වැරැද්ද පටවන්න එපා මගේ ලමයා හොදයි කියනවා නෙමෙයි ඒත් මේක එයා තනියෙන් කරපු දෙයක් නෙමෙයිනේ හැමෝටම එක සමානව සලකන්න කියලා.මට තාත්තා ගැන ගොඩක් ආඩම්බර හිතුනා ඒ කියපු විදියට කොහොමෙන් හරි අපේ පන්ති භාර මිසුයි මල්ලිකා මිසුයි කථා කරන්න ගත්තා.

"මේ ලමයි 6 වසරෙදි මෙහෙම දෙයක් කරානම් 12,13 වසරවලට යද්දි මොනවා නොකරයිද ඒ නිසා මේ ලමයිව තවදුරටත් ඉස්කෝලෙ තියන්න බෑ"


අනේ.......

හංගන් හිටපු කදුළු කැට එකින් එක වැටෙන්න ගත්තා සිස්සත්තේ පාස් වෙලා හීන මවාගෙන ආපු ලොකු ඉස්කෝලෙන් යන්න බෑ.අම්මලාගේ ඇස් වලත් කදුළු අපේ තාත්තාගේ කණ්නාඩි නිසා මට තාත්තාගේ ඇස් පේන්නේ නෑ.තාත්තාටත් දුක ඇති මම කොයිතරම්  නරකද ජීවිතේ නැතිකරගන්න විතරයි හිතුනේ මටනම්.

පස්සේ අපේ පන්තිය 11 වසරට යනකන්ම පැන්ෂන් ගන්නෙත් නැතිව අපිට ගණිතය උගන්නපු අපේ ඉස්කෝලේ උන්නු ආදරණීය අම්මා තිලකමණී ගුරුතුමිය කිව්වා

"ආයේ මෙහෙම වැඩ නොකරන්න අම්මලා තාත්තලාගෙන් වැදලා සමාව ගන්න අපි ඉස්කෝලෙන් අස් නොකර ඉන්නම් ඔයාලව කියලා"


ඒ කාල් ඉස්කෝලේ හිටපු පරණම ගුරුවරිය අපේ පන්තිභාර මිස් නිසා කවුරුත් එයාගේ අදහස් වලට විරුද්ධ වුනේ නෑ.එදාත් එහෙමයි අංශ භාර ගුරුතුමිය වුනු මල්ලිකා මිස් පවා ඒ තීරනේට ගරු කලා.අපි සේරම වැදලා මිස් කියපු පොරොන්දුව වුණා.

මම නම් අද වෙනකන්ම කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න ලියුම් පාවිච්චි කලේ නෑ ඕං.මජ්ජා නම් පස්සේ කාලේක කැමැත්ත අහන්න කෙල්ලක්ට චිට් එකක් දුන්නා හැබැයි දෙමළ භාෂාවෙන්.කිකිළියි මායි කට පාවිච්චි කලා අපි අත පාවිච්චි කරලා මට්ටු වුනු නිසා.

ඒ කාලේ ඉස්කෝලේ පටන් ගත්තේ 8ට 11 වෙනකන්ම අපි විවේකාගාරෙ නඩු විභාගයෙ හිටියේ._ _ ෂා කෙල්ල ආයේ කවදාවත් ගණිත පන්තියෙදි මගෙත් එක්ක කථා කරන්න තියා ළගින්වත් ගියේ නෑ.අදටත් කථා නෑ.

අපි පන්තියට ආවා ඇස් රතු කරන් ඇල්බා ඇතුළු පිරිස අපෙන් විස්තර ඇහුවා ඒත් අපි ඒක කියන්න පුළුවන් තත්වෙක හිටියේ නෑ.මේ කියන කථාව අදටත් දන්නේ ළමයි 48ක් හිටපු පන්තියේ 15ක් විතර සුළු පිරිසක්.මේක කියෙව්වොත් අනික් අයත් දැනගනියි...

මම ගෙදර යනකොට තාත්තා ගෙදර හිටියා එයා වැඩට ගිහින් නෑ තාත්තා මට කථා කරලා කිව්වා යනකොට මට සිද්ධිය කියලා ගියානම් මෙච්චර දුර දිග යන්නේ නෑනේ කියලා ආයේ මේ වගේ දේකට යද්දි ඉස්සරහට විදින්න පුළුවන් කරදර විදින්න පුළුවන්නම් විතරක් යන්න පස්සේ අඩන්න එපා කියලත් කිව්වා.මට ඒ වචන අදටත් ලොකු හයියක්.

සසදයාගේ අම්මා අපේ මිස්ට කියලා තිබුණා අපි වගේ පැසුණු බුද්ධියක් සහිත ළමයි එක්ක හිටියොත් තමන්ගේ කොළුවා නරක් වෙන නිසා වෙන පන්තියකට දාන්න කියලා.සසදයාගේ අම්මා දන්නේ නෑ කොළුවගේ තරම අපේ පන්තියේ එවුන්ට කුණුහරුප පාඩම් මාලාව සසදයා 7 වසරේ වෙන පන්තියකට යනකන්ම නොඅඩුව ලැබුණා.

සසදයි _ _ ෂා කෙල්ලයි ඇරෙන්න අදටත් අපේ පන්තියේ හැමෝම නිතර දෙවේලේ හමුවන මගේ හොදම යාළුවෝ මෙවන් යාළුවෝ ලැබීම සතුටක්.ඒ ලබපු අත්දැකීම් කවදාවත් අමතක වෙන්නේ නෑ

19 comments:

  1. කතාව හොදට ලියල තියනව .... ජයශ්‍රී

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි Harshana අයියේ.....

    ReplyDelete
  3. උඹට දැන්වත් තේරෙන්නේ නැද්ද ඒ කෙල්ල උඹටයි කැමති කියල.හොයාගෙන පලයන්කෝ

    word notification එක නැතිකරපන් Go to Design------->Setting------->comments--------> එකේ පල්ලෙහට යද්දී තියෙනවා "Show word verification for comments?" එක NO කරන්න

    ReplyDelete
  4. me halo oya kohomada danne sandaru kolla bonawa nemey nanawa kiyala.anna e asaranayata kattiya pal bandagena gahanawa.

    ReplyDelete
  5. ඒ කෙල්ලව හොයාගෙන යන්න තියා කෙල්ලෙක් එක්ක කථා කරනකොටත් මාව වෙව්ලන්න ගත්තා මේ සිද්ධියෙන් පස්සේ හි හී ඒ කෙල්ල ඊට පස්සේ මගෙ දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ.මේ ලගදි දවසකත් මට පාරෙදි හම්බුණා මාව දැක්ක ගමන් පට් ගාලා අහක බලාගෙන මාරු වෙනවා...

    මම ගොඩාක් කල් හොයාගෙන ගියපු කෙල්ලව හම්බු වෙලා ඉන්නේ එයා ගැනත් ලියැවේවි ඉදිරියට

    ඔන්න අයියේ අයියා කියපු එක NO කරා.තව මේකේ අඩුපාඩු තියේනම් පෙන්නලා දෙන්න බොහෝම ස්තූතියි....

    ReplyDelete
  6. මලලසේකර Anonymous පණිවුඩයට ස්තූතියි ගින්න ඇවිලුවනම් නිවපන්කෝ ඉතින් ජීවිතයක් බේරගන්න කිව්වේ දැන්ම මම එයාව shape කරන්නම්.එයා දාපු post කියෙව්වාම තේරෙනවනේ ඉතිං

    ReplyDelete
  7. එක අතකට ඇනෝ... සදරු අයියා මේ වගේ වාග් ප්‍රහාර වලින්වත් හැදුනොත් ලොකු දෙයත් ඒ වගේ වටින ජීවිත අකාලයේ මියැදෙන්න දෙන්න බෑ.එයාට මේ විනාසේ තේරුම් ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නයි තියෙන්නේ කිසි දෙයක් බලෙන් නවත්තන්න බෑනේ

    ReplyDelete
  8. කිකිළි කියන්නේ කොල්ලෙක්ද? මරු කතාව නේ..

    ReplyDelete
  9. @Ice (අයේෂා කුලතුංග),

    කිකිළි කියන්නේ කොල්ලෙක් එයා මට කිව්වා මේකේ කිකිළි කියන එක වෙනස් කරලා අකී කියලා දාන්න කියලා අයේ මේක වෙනස් කරන්න කම්මැලි නිසයි නිකන් හිටියේ

    ReplyDelete
  10. මම මේ කතාව අදනෙ කියෙව්වෙ..හිහි ඔයත් මාර වැඩනෙ කරල තියෙන්නෙ..

    ලියුමෙ ලියපු සින්දු කෑල්ල ගැලපෙනව..ඇයි අන්තිමට ඇඬුවනෙ ඇති වෙන්න..:D:D

    ReplyDelete
  11. /මේ ලමයි 6 වසරෙදි මෙහෙම දෙයක් කරානම් 12,13 වසරවලට යද්දි මොනවා නොකරයිද /

    අම්මප කියවගෙන යද්දි මටත් එහෙම හිතුනා..... ඔයාගෙ තාත්ත ඇති ඉවසගෙන හිටිය....


    ජය වේවා !!

    ReplyDelete
  12. @සිත්රූ සිහින අක්කේ,

    හිහි ඒකනේ ඒකනේ අර කෙල්ල අඩපු ඇඩිල්ල තමයි ඇඩිල්ල අද වෙනකන් ඒ විදියට කෙල්ලලෙක් අඩනවා මම දැකලාම නෑ ඇත්ත තමයි සිංදුව ගැලපෙනවනේ ඒත් ලියුම කෙල්ලට කියවන්න බැරි වුනානේ අපරාදේ නේ....

    @sammani අක්කේ,

    මේ සිද්ධියෙන් පස්සේ ඉස්කෝලේ ගුරුවරු දන්නවා ගොනා හැරෙද්දි පොල් පැලේ කන්න තමයි කියලා.මේ වගේ තාත්තා කෙනෙක් ලැබුනේත් වෙලාවට තාත්තත් දන්නවා මම හැරෙද්දි පොල් පැලේට බඩු කියලා.

    ReplyDelete
  13. මගෙ අප්පේ මුං කරල තියෙන ඒවා.. ඒලෙවල් සීන් දාපං වෙනස බලන්න.. ජය ශ්‍රී !

    ReplyDelete
  14. @sAm sRi අයියේ,

    හම්මේ හා දාන්නං දාන්නං සැබෑ වෙනසක් පෙනෙයි හැමෝටම.බොහෝම ස්තූතියි අයියේ ජය වේවා

    ReplyDelete
  15. අඩේ සිරාවට ලියලා බන් . . උඹේ තාත්තට මම නමස්කාර කලා කියපන් . . .

    උබ මාර වාසනාවන්තයෙක් බන් ඒ වගේ බුද්ධිමත් තාත්තෙක් ලබන්න . . .

    අනික අර ටීචර් . . . මගේ බ්ලොග් එකෙත් මුල් කාලේ "එයාට අපි ටීචර් කියලයි අමත්න්නේ" කියලා ඒ වගේ ගුරු මෑනි කෙනෙක් ගැන ලිව්වා දවසක්.

    උඹේ බ්ලොග් එක මගේ බ්ලොග් රෝලේ තිබ්බා බන් . .

    අප්ඩේට් වෙන්නේ ඇතුව කාලයක් තිබ්බද?

    හැලුනේ කොහොමද මන්දා ඒකෙන් . .

    ReplyDelete
    Replies
    1. අනිවා කියන්නම් හි හි මගේ ලව් එකත් මාට්ටු ගෙදරට තාත්තාගෙන් කිසිම අවුලක් නෑ 

      "ඔවායින් මට වැඩක් නෑ විභාගේ හරියට කරපන්" විතරයි කිව්වේ හි හි

      ඒ ටීචර්ට පැන්ෂන් යන්න තිබුනේ අපි 8 වසරේ ඉදිද්දි ඒත් එයා කිව්වා මේ ලමයි අතරමං කරලා දාලා මට යන්න බෑ සා/පෙ ලියනකන්ම උගන්නන්නම් කියලා අදටත් අපි ගුරු දිනයට මිස්ව බලන්න යනවා පන්තියේ හැමෝම එක්ක....

      මම මීට අවුරුදු තුනකට කිට්ටු කාලෙකට කලින් බ්ලොග් එකක් පටන් ගත්තා මේ නමින්ම ඒත් ඒ කාලේ කොමෙන්ට් කරන්නවත් කවුරුත් නොසිටි නිසාත් නොදැනුවත් කම නිසාත් එහෙම්ම තිබිලා ගිය අවුරුද්දේ ඒක ඩිලීට් කරලම තමයි මේක ආයේ ලිව්වේ....හැබැයි මම ඔයාගේ බ්ලොග් රෝලේ හිටියේ නෑ ඒ ඉන්න ගැමියා වෙන ගැමියෙක්නේ....මමත් මේක හදාගත්තට පස්සේයි ඒක දැක්කේ.....

      බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට(නම දැක්කාම හිතුවේ වසන්ත දුක්ගන්නාරාල කියලා ආවාම දැක්කා ඔයා වෙන කෙනෙක් කියලා....ලිපිය ලස්සන නිසා දිගටම කියෙව්වා...)

      Delete
  16. පව් වැඩේ අප්පා..ඔය වගේ දෙකට ඔච්චර ලොකු දඬුවමක් ඕනෙද..

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද අප්පා ඒ කාලේ ලව් ලියුමක් ලියන එක මිනීමැරුමක් කරන්න යනවා වගේ අම්මෝ අපි සෑහෙන්න බයේ හිටියේ.... හැබැයි ඉතින් අන්තිමට අපිට තේරුනා මේ දේ කලේ අපිව බය කොරන්නවත්ද කියලා.... බොහෝම ස්තූතියි අක්කේ මේ පැත්තේ ඇවිල්ලා කොමෙන්ටුවකුත් දැම්මට

      Delete
  17. ගුරුවරු සමහර දේවල් වලදි අනවශ්‍ය විදියට කලබල වෙලා ගන්න තීරන වලින් ලොකු හානියක් වෙනවා

    ReplyDelete