Saturday, December 10, 2011

දෙවන ආගමනය ගැමියාගමනය



මම තමයි ගැමියා (පින්තූරෙ ඉන්නේ වෙන කෙනෙක්) ඒ ඇත්ත නමත් නෙමෙයි යාළුවෝ දාපු කාඩ් එක.මම මුලින්ම බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තේ 2010-02-27 දිලීප මල්ලීගේ ඇරයුමෙන් ඒකට දාපු නමත් මේකමයි ඒත් ඉතින් ඒක ලියාගන්න බැරිව නතර කරලා පස්සේ delete කරලම දාලා තමයි මගේ දෙවන ආගමනය දැන් සිද්ධවුණේ.

එදා ඉදන් අද වෙනකන් ජීවිතේ ගොඩාක් හැල හැප්පීම් වෙලා හිතාගන්නත් බෑ අවුරුදු 2ක් කරපු වෙනසක්.පසුගිය අවුරුදු දෙක මගේ ජීවිතේ ගොඩාක් වෙනස්කම් ඇතිකරා.ජීවිතේ දුක සතුට මෙහෙමට දෝලනයක් වෙන හැටි මම අත්වින්දේ මේ කාලේ.හැම දෙයක්ම යාළුවන්ට කිව්වත් කාටවත් කියාගන්න බැරිව හිතේ ගුලි කරන් හිටිය සිදුවීම් සයිබර් අවකාශයට මුදාහරින්න හිතුනේ හිස් අහසේ  සදරු අයියා නිසා.එයා මාව දන්නේ නෑ ඒත් එයාගේ නිර්ව්‍යාජ අදහස් මාව ශක්තිමත් කරා මේ සිදුවීම් ගස් බෙනයකට නොකියා බ්ලොග් එකක කොටන්න.තාමත් විශ්වාස නෑ කොයිතරම් දුර ලියන්න පුළුවන්ද කියලා ඒත් මම උත්සහ කරන්නම්.

මේ පිටුවේ හැම දෙයක්ම ලියැවේවි මෙතැන් පටන්
පින්තූරෙ ගත්තේ මෙතනින් http://0.tqn.com/d/deafness/1/0/e/F/number2_sign.jpg

11 comments:

  1. ඉතින් දිගටම ලියපන්කො මචන්.මං ඉතින් මාත් සුභ පැතුවා ජයෙන් ජය

    ReplyDelete
  2. @අසරණයා අයියේ,

    අනිවාර්යෙන්ම ඒවා මේවා අතරට හැමෝටම වැදගත් පෝස්ට් එකක් දෙකක් එහෙම දාන්නත් බලාපොරොත්තු වෙනවා අත්දැකීම් වලට අමතරව.බොහොම ස්තුතියි ඈ

    ReplyDelete
  3. දිගු බ්ලොග් ගමනකට ම්ගෙන් කෙටි සුබ පැතුමක්

    ReplyDelete
  4. මාත් ඔන්න දිගටම පත් ඉරුවට එනෝ.. දිගටම ලියන්න.. ජය!!

    ReplyDelete
  5. @සදරු ගුරු අයියේ,

    බොහෝම ස්තූතියි අයියේ මේ පැත්තට ගොඩ උනාට....

    @Ice (අයේෂා කුලතුංග),

    ඔයාටත් බොහෝම ස්තූතියි අක්කේ.....

    ReplyDelete
  6. උඹ ලියපන් මලේ, අපි කියවන්නම්.... දිගු ගමනකට ආසිරි !!!!!!

    ReplyDelete
  7. @senna අයියන්ඩි,

    බොහෝම ස්තූතියි අයියන්ඩි ලොකු හයියක් දිගටම ලියන්නම්

    ReplyDelete
  8. සුභ ගමන් කිව්වා.. ඇත්තට අපිට කාටවත් කියන් බැරි දේවල් මේවගේ තැන්වල කොටලා නිදහස් වෙන්න පුලුවං බොල.. ජය වේවා

    ReplyDelete
  9. @sAm sRi අයියේ,

    බොහෝම ස්තූතියි අයියේ.ඒ නිදහස සෑහෙන්න වටිනවා ඒ වගේම හිතටත් සැනසීමක් පාළුවට තනිකමටත් සෑහෙන්න වටිනවා

    ReplyDelete
  10. මම උඹගෙ ගොඩක් පොස්ට් කියෙව්වා..හැබැයි කොමෙන්ට් කලේ නැහැ.ආයෙ ආවම හැකි විදියට සටහනක් තියල යන්නම්...කොමෙන්ට් නොකලට අපි කියවනවානෙ..දිගටම ලියපන් මල්ලි....

    ReplyDelete
  11. @ලකී අයියේ,

    මගේ අඩවියට සාදරයෙන් පිළිගන්නවා ඔයාව....පුළුවන් හැම වෙලාවකටම ලියනවා අයියේ බොහෝමත්ම ස්තූතියි ජය වේවා

    ReplyDelete