Wednesday, December 28, 2011

කොල්ලද පව් කෙල්ලද පව්....???



සෙනෙහසක තොටුපළ              හැරලා
ඇයි යන්නේ උඩුගං                  බලලා
නෑ ඔබට අඩුවක්                       කරලා
මදිද මගේ ආදරේ                      ලැබුණා

හැම විටම ඔබ ලග                    හිදලා
සිහිනයක් සිත්තම්                     කෙරුවා
ආලයක මිරිගුව                         පෙන්වා
ඇයි යන්නේ මා හද                  රිදවා

මා සුසුම් සුළගේ                       යාවී
පැතු පැතුම් නොම                     ඉටුවේවි
ඔබ කවක් පමණක්                   වේවි
නිතර හද රිදුමන්                       දේවී


කෙල්ලෙක්ගේ පැත්තෙන් කියෙව්වොත් කෙල්ලද පව්.....????
කොල්ලෙක්ගේ පැත්තෙන් කියෙව්වොත් කොල්ලද පව්.....????
දෙන්නට සාපේක්ෂව කවුද වැඩියෙන්ම පව්....????

පින්තූරේ ගත්තේ මෙතැනින්:

25 comments:

  1. "ඔබ කවක් පමණක් වේවි
    නිතර හද රිදුමන් දේවී"

    අහිමි ආදරයට කාටත් හිමි දේ..

    දෙන්නටම පව්.. :D

    ReplyDelete
  2. "වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අබිමන්....
    හැඬූදා කඳුලයි දකින්නේ
    සිනාවේ සරදම්...."

    දෙන්නම පව් නේන්නං....

    ReplyDelete
  3. අනේ මංදා.... හිතාගන්ඩ බෑ...

    ReplyDelete
  4. දෙන්නම පව් නේද..ලස්සන කවි පෙල..

    ReplyDelete
  5. හිතාගන්න අමාරුයි .... කව්ද වැඩියෙන් පව් කියලා.......

    ReplyDelete
  6. @නන්දු අක්කේ,

    හරියටම හරි අක්කේ අහිමි ආදරයට කාටත් හිමි දේ.ඒක විදපු අයට සෑහෙන්න දේවල් හිත් වලට එනවා වෛරයක් නෙමේ දුකක් කලකිරීමක්.දෙන්නම පව් තමයි අක්කේ බොහෝම ස්තූතියි කොමෙන්ටුවට.
    ----------------------------------------------
    @Miyuru අක්කෝ,

    ඔයා ලියපු එකත් ඇත්ත තමයි අක්කෝ හි හි බොහෝම ස්තූතියි කොමෙන්ටුවට මම හිතුවා මාත් එක්ක අප්සට් එකෙන් ඇත්තේ කියලා හි හි

    -----------------------------------------------
    @senna අයියේ,

    මෙහෙමනේ අයියේ මේ කවි ටික කෙල්ලෙක් කොල්ලෙක්ට කියනවා කියලා හිතන්නකෝ ඊට පස්සේ හිතන්නකෝ කොල්ලෙක් කෙල්ලක්ට කියනවා කියලා.බොහෝම ස්තූතියි අයියේ

    ----------------------------------------------
    @සිත්රූ සිහින අක්කේ,

    ඔව් නේද අක්කේ මොනා කරන්නද මෙහෙම අත්දැකීම් ආදරේ කරද්දි සුලභයි.බොහෝම ස්තූතියි අක්කේ

    ---------------------------------------------
    @Harshana අයියේ,

    මම මේක ලිව්වේ කොල්ලෙක්ගේ පැත්තෙන් ඒත් ආයේ කියවද්දි හිතුනා දෙගොල්ලටම මේක අදාලයි කියලා.එක අතකට හිතාගන්නත් අමාරුයි තමා.බොහෝම ස්තූතියි අයියේ

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. කෙල්ල පව් කිව්වත් වැරදී
    කොල්ල පව් කිව්වත් වැරදී
    එබැවින් පවසමි යාළුවේ මම නම්
    දෙන්නම පව් යී කියා

    ReplyDelete
  9. ඔව් මල්ලි දෙන්නම පව් තමා..ආදරේ කලේ ඇත්තටම නම් එ වේදනාව දෙන්නටම ඒක හා සමානව දැනෙනවා..
    ජය වේවා!

    ReplyDelete
  10. දෙන්නම පවු කියල තමා මල්ලි කියන්න වෙන්නෙ.
    ලස්සනයි පද ටික.

    ReplyDelete
  11. මේක කියව්ව මමයි පව්......

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. කවි පන්තිය කියවා රස වින්දා. මේ පැත්තෙ මීට කලින් ඇවිල්ලම නැද්ද මන්ද. මගෙ පෝස්ට් එකේ කොමෙන්ට් එක දැකල ප්‍රොෆයිල් එක හරහ හොයාගෙන ආවෙ 'ගැමියව'. ආව එක ගැන සහ ඇඳිනගත් එක ගැන සන්තෝෂයි, නැවත හමු වෙමු.

    ReplyDelete
  14. දෙගොල්ලගෙන් විරහව උරුම කෙනා කවුරු වුනත් පව්.ඇයි අප්පා ආදරේ මෙච්චර වේදනාකාරී

    ReplyDelete
  15. @බට්ටි අක්කේ,

    මේ ඔයා මේ පැත්තේ ආව මුල්ම පාර නේද සාදරයෙන් පිළිගන්නවා ඔයාව.ආදරේ කියන්නේ කරලත් බැරි නොකරත් බැරි දෙයක් නේ.ජීවිත එක්ක සෙල්ලම් කරන ආදරේ විහිළුවක් කරගන්න එවුනුත් ඉතිං නැතුවා නෙමෙයිනේ.බොහෝම ස්තූතියි අක්කේ මේ පැත්තේ ආවාට.ඔයා මට මතක් කෙරෙව්වා අර සිරි අයියා ඇවිත් ප්‍රශ්න විසදන සිංදුව.මට ඒක මතක නෑනේ

    -----------------------------------------------
    @shani අක්කේ,

    ආදරේ බොරුවට කරන අයටත් කවද හරි දවසක දුක් වෙන්න වෙනවා මේ විදියටම තමන්ට හිටපු ඇත්ත ආදරේට වංචා කරාට.කෙනෙක්ට දුකක් දෙන්න කලින් මේ දුක තමාට වුනත් දුකක් කියලා හිතනවානම් මේවා වෙන්නේ නෑ.

    හැබැයි ඉතිං අදහස් නොගැළපේ නම් බොරු බලාපොරොත්තු දීලා ලග ඉන්නවට වඩා තේරුම් බේරුම් කරගන්න එක වටිනවා කියලයි මට හිතෙන්නේ.බොහෝම ස්තූතියි ඈ..

    -----------------------------------------------
    @Praසන්ன අයියේ,

    බොහෝම ස්තූතියි අයියේ...ඔයාගේ ලට පට ලියනකම් මම බලාගෙන ඉන්නේ

    -----------------------------------------------
    @ඔබ නොදු‍ටු ලොවක්,

    වේදනාකාරී මතක නම් හැමෝටම නැතුවා නෙමෙයිනේ ගනන් ගන්න එපා හලෝ හැම දේම වෙන්නේ අපිටනේ...

    -----------------------------------------------
    @Observer මාමේ,

    බොහෝම සාදරයෙන් පිළිගන්නවා ඔබා මාමේ මගේ පත් ඉරුවට.නැවත හමුවීම බලාපොරොත්තු වෙනවා බොහෝම ස්තූතියි මේ පැත්තේ ඇවිත් සහයෝගයක් දුන්නට.ජය වේවා

    -----------------------------------------------
    @අසරණයා අයියේ,

    ආදරයට වුනත් අටලෝ දහමට එරෙහිව යන්න බෑනේ අයියේ මොනා කරන්නද විදිනවා සහ විදවනවා ඇර.මම කවියකුත් අහලා තියෙනවා "ආලය මරණයකි නොමැරෙන අය මැරෙන" කියලා පොඩි කාලේ ජොලියට කියපුවා දැං ඇත්ත වෙද්දි කොහොමද හි හි.ස්තූතියි අයියේ ඇවිත් ගියාට මම හිතුවේ නෑ ඇත්තටම කවි පේළියක් කවුරුවත් කියවයි කියලා.මාසේට එකක්වත් දාන්න හිතෙනවා දැන් නම්

    ReplyDelete
  16. මටනම් හිතෙන්නේ අයියේ දෙන්නම පව්......කොහොම වුනත් ඔයාගෙ අදහස්නම් මාර ලස්සනයි.වචනත් ගැලපෙනවා....එළම කිරි

    ReplyDelete
  17. @කෝඩුකාරයා මල්ලී,

    සාදරයෙන් පිළිගන්නවා මල්ලී මගේ බ්ලොග් අඩවියට.දෙන්නම පව් තමා මලෝ ඔහොම තමයිලු ආදරේ හැටි

    බොහෝම ස්තූතියි මලෝ අගය කිරීම්වලට මේ පැත්තේ ආවටත් බොහෝම ස්තූතියි.දිගටම හමුවෙමු එහෙනම්

    ReplyDelete
  18. "මට හිතුනේ කවි දැකලා
    ඒ දෙන්නම පව් කියලා " :)

    ලස්සන කවි, ජය වේවා !!

    ReplyDelete
  19. @සයුරි අක්කේ,

    මගේ බ්ලොග් අඩවියට අවාට ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාට ඔයාව සාදරයෙන් පිළිගන්නවා බොහෝම ස්තූතියි ඈ

    ReplyDelete
  20. නෑ ඔබට අඩුවක් කරලා
    මදිද මගේ ආදරේ ලැබුණා

    ඇත්තටම දෙන්නම පව් කියලා මමත් හිතනවා...

    ආදරේ කියන්නේ එක්තරා විදිහක සතුටක් වගේම දුකක්

    ReplyDelete
  21. @දේවා ගේ අඩවිය,

    ඒකනම් ඇත්ත අයියේ ආදරේ හරිම ගුප්තයි එන්නේ කවද්ද යන්නේ කවුද කියලා කවුරුත් දන්නේ නෑ.ස්තූතියි ඈ කොමෙන්ටුවට

    ReplyDelete
  22. පව් බං කොල්ලෝ.. :)

    ReplyDelete
  23. @sAm sRi අයියේ,

    බූට් කන බූට් කාපු හැමෝම පව් අප්පා.

    ReplyDelete
  24. දෙන්නම පව් නේද

    ReplyDelete
  25. @පුංචි කුමාරිහාමි අක්කේ,

    ඒකනේ ඒකනේ පතන ආදරේ නොලැබෙනකොට කොයිතරම් වේදනාවක්ද ඒ වේදනාව විදින හැමෝම පව්

    ReplyDelete