Thursday, January 5, 2012

අතේ පත්තු වී කෙලැවුනු සිහිනය



"හෙලෝ අයියේ මං ගාව ලියපු නිසදැස් වගයක් තියෙනවා ඔයාට පුළුවන්ද ඒවා අරං සිංදුවක් හදලා කියන්න"

"එහෙම එක පාරටම උත්තරයක් දෙන්න බෑ මල්ලියෝ ඔයා මට ලියපුවා එවන්නකෝ මම ඒවා බලලා කියන්නම්කෝ"

"අනේ තෑන්ක්ස් අයියේ එහෙනම් මම තියනවා bye "

හම්මේ කෝල් එක ගත්තට පස්සේ මට තිබුණු සතුට මම ගෙදර ඇවිත් අම්මටත් කිව්වා තාත්තටත් කිව්වා.බොලේ තාත්තා ඇහුවා දැන් ඉතිං ඇඩ්රස් එක තියෙනවද??

හරි හුටා කලබලේට ඒවා ඉල්ලගත්තේ නෑනේ මම දඩි බිඩි ගාලා ගත්තා ආයේ කෝල් එකක්.අයියෝ මිනිහා ෆෝන් එක ඕෆ් කරලා අයියෝ මම නැග්ගොත් කරපිංචා ගහෙත් ඩබලක්.කාලා වරෙන්කෝ දැන් මම සෑහෙන්න අප්සොට් එකේ ඇදට වෙලා කල්පනා කරා සෑඩ් මූඩ් එක ඩබල් වුනේ මම යාළු වෙලා ඉන්න කෙල්ලගේ අම්මා ගේ සන්තකේට තිබුණු එකම ෆෝන් එකත් අරන් දවස් තුනක චාරිකාවක් යනවා කියලා මැසේජ් එකක් මගේ ෆෝන් එකට ආවාම.මට අඩන්න තරම් දුකයි අප්පා මොකකටවත් නෙමෙයි මාස ගානක් තිස්සේ අම්මා එහෙ මෙහෙ වෙනකම් ඉදලා ඇට්ටි හැලෙන්න මල් කඩන්න හිතං හිටියට ඒක බොද වුනාටයි.ගී පද රචකයෙක් වීමේ හීනේ අළු වුනාටයි.

මීට අවුරුද්දකට කලින් අපි කෝල් කරන්නේ සතියකට සැරයයි ඒකත් විනාඩි පහයි.ඒකත් අපි කාගෙත් දුකට සැපට උදව් කරන ගෙම්බිට(නිල්මිණි) මාර්ගෙන් අරගන්නේ.අපි හම්බුවෙන්නේ මාස තුනකට සැරයක් ඒත් විනාඩි ගානකට.ඉතිං දැං ආයේ සති දෙකක් යනකන් මට එයාගේ කටහඩ සැපදුක් අහන්න නෑ මොකද මම සතියක් ගානේ කථා කරන දවස උදා වෙන්නේ තව දවස් දෙකකින්.....

මට දැනෙන්න ගත්තා මගේ පපුව හිරවෙනවා වගේ කදුළු කැටත් මෝදු වෙන්න වගේ මම කවදාවත් එහෙම බොලද වෙලා නෑ.ඒත් එක්කම මට හිතුනා මේ දුක ලියන්න ඉතිං මං සිතුවිල්ලක් මැව්වා මගේ කෙල්ල මාව දාලා ගියා කියලා.දැං හිතට සෑහෙන්න වේදනායි. ගැම්මෙන් මම ලිව්වා නිසදැසක් මම මවපු හිතුවිල්ලේ සැර නිසා වැඩිය ලියාගන්නත් බැරිවුනා.ඕං යටින් දැම්මා හොදයිද බලන්නකෝ කියවලා...

ඔබෙ නිල්නෙතු බැල්ම කිංකිණි නාද.....
යාවි පියඹා
හදවත රැදි සිසිළ මා ළග නොසිට.....
යාවි පියඹා

ඔබ දුර ඇදිලා
මා සිත බිදිලා
ඔබ මට කොදුරා
පැවසූ රහස් රහසෙ මැකිලා....

සිහිනෙක කිමිද ඔබ ගැන සිතපු.....
කාලේ ගෙවිලා
නොසිතුව විලස මගෙ නෙතු ගාව.....
කදූළු පිරිලා

ඔබ යලි හැරිලා
මා දෙස බලලා
එන හැටි පියඹා
මවා සුසුම් හෙළුවා.......සිහනෙන්

ආදරය  කියාදී
ජීවිතය හදාදී
දුක මට ලියා දී
ඔබ යයි මගෙන් මිදී

ඕක ලිව්වට මට කික් වුනේ නෑ ඒත් වැඩේ කියන්නේ මේක ලියලා ටික වෙලාවක් යද්දි අර අයියා  මට කෝල් එකක් ගන්නවා බොලේ...

" මල්ලි හදිසියට ඔයාට ඇඩ්රස් එක දෙන්න බැරිවුනා මෙන්න මේක ලියාගන්න සසරිරිගාමා@සරිගමපධපා.com bye මල්ලියෝ"

මේකේ ඉන්නා ගායක අයියාගේ නම රකිත "දම්පාට හැන්දෑවේ".පස්සේ දවසක මෙයා මට කෝල් කරලා කිව්වා

"මල්ලි ඔයාගේ ලිරික්ස් හොදයි ඒත් ඔක්කොම එකම තීම් එකේ සමහර ඒවා රයිම් වෙන්නෙත් නෑ මම ට්රැක් එකක් දෙන්නම් පුළුවන්නම් මනු අයියා දුකා අයියා වගේ වෙනස් දෙයක් ලියලා දෙන්න.එහෙම එකක් ආවොත් කරන්නම් නැත්නම් පාඩුයි මල්ලි"

ඒත් ඉතිං මට රම්බරිලාගෙන් නම්බර් අහන්න පුරුද්දක්,මල් ගැන අත්දැකීමක් නෑනේ අප්පා මම මොකැයි කොරන්නේ මම නිකං හිටියා.

/ලි

අන්තිමේදි අපේ නංගි බලෙන්ම මම ලියපුවා අරං ගිහින් එයාගේ යාළුවෙක්ගේ අතේ එක ගායකයෙක්ට යවලා තිබුනා(මෙයාට ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් විදියට නටන්න පුළුවන්ලු) කාලයක් කොළ එළියකුත් පත්තු වුනා දැන් නම් බල්බ් එකත් නෑ හෝල්ඩරෙත් නෑ.

 උඩම තියෙන්නේ මගේ පොතය.රතු පාටින් වටකරලා තියෙන්නේ මම දාපු නිසදැසය.ඡායාරූපය ගත්තේ චයිනීස් ෆෝන් එකකින්ය.

39 comments:

  1. ඔබතුමාට ගීත ලියන්න පුළුවන් ද හොඳට?

    ReplyDelete
  2. AH SOrry I checked Your profile now,
    I'll contact You in a need :)
    "පරිගණකයට ඇළුම් කරන කවි සිංදු එහෙම ලියන්න ආසා කරන සන්තෝසෙන් ඉන්න කැමති කෙනෙක්.තාම ඉගෙනගන්න එකෙක්"

    ReplyDelete
  3. අය්යෝ මේ පොඩි එකාටත් වෙන වැඩ..ඔයා ඒ ගායකයට දුන්නෙ මේක නෙමේද..මේක දීල බලන්න්කො..මේකනම් සින්දුවකට ශෝක්..ඔයා මේ ලියපු හිතුවිල්ල සැර වැඩි උනාට මාර ලස්සනයිනෙ..

    ReplyDelete
  4. ආ තව දෙයක් අමතක උනා කියන්න..profile theme එක ලස්සනම ලස්සනයි..බ්ලොග් එකේ නමත් එක්ක ලස්සනට ගැලපෙනවා.. :)

    ReplyDelete
  5. කියන්න වචන නෑ මල්ලි, හරිම ලස්සනයි..

    දිනෙක උඹ යනමඟ..
    වසීවී මල්වැසි
    මඟ බලනු එතකල්...
    එදවස උදා වූ කළ
    ඈත හිඳ
    මමද සිනාසෙමි
    පතන්නම් එතෙක් උඹට
    ජයවේවා කියා මම....

    (මට ඕව ලියන්න දන්නේ නෑ මල්ලි,නිකමට ලිව්වෙ..)
    ජය වේවා!!!

    ReplyDelete
  6. මමත් සින්දු ලියන්න පුළුවන් එකෙක් හොය හොය ඉන්නේ. මට ඔයාට වෙලා තියෙන එකේ අනික් පැත්ත. Music compose කරනවා. sing කරනවා. හදපු මෙලඩිත් තියනවා. Lyrics ලියන්න බෑ. කරමුද එකතු වෙලා පොඩි වැඩක් ;)

    ReplyDelete
  7. ප්‍රවීන ගීත රචක ගැමියා මගේ යාලුවෙක් කියල කියන්න බැරියේ ආඩම්බරෙන්.

    ReplyDelete
  8. නිසඳැසේ සැර වැඩියක් නම් පෙනුනේ නෑ..බොහොම ලස්සනයි. ආපහු ට්‍රයි එකක් දාලා බලමු නේද?

    මේ තීම් එකනම් නියමයි මල්ලි...ගැමි පරිසරයක් :)

    ReplyDelete
  9. මුළු බ්ලොග්එකම එකසැරේම කියෙව්ව. වෙදගෙදර කතා ටික කියවනකොට දැනුන හැගීම් විස්තරකරන්න බෑ.ෆිල්ම් එකකට හරි ටෙලියකට හරි කතන්දරයකට හොද අත්දැකීම් ටිකක්.

    ReplyDelete
  10. “අපිටත් දවසක හඳ පායනවා
    එදා අපිත් මල් පැණියෙන් නානවා..“
    ඔන්න ඔහොමත් කතාවක් තියේලු..ඔහොම යං ඔහොම යං...

    ReplyDelete
  11. මරු මරු
    ඉතින් මැට්ටෝ අතාරින්නෙ නැතුව ඒ ට්‍රැක් එකට ලියන්න එපයි.. ලියුවද ඉතින්..

    ReplyDelete
  12. මේ නිසැඳැස නම් මටත් හිතට ඇල්ලුවා ..
    ඉතින් ඕකම ගීතයක් කොරපියකො මල්ලියේ ...

    ReplyDelete
  13. නිසදැස නම් හොඳයි...විභාගේ ඉවරයක් කරලම නිසදස් ලියන්ඩ ගත්තොත් හොඳ නැද්ද ?

    ReplyDelete
  14. @Gordonia ceylanica,

    හොදටම නම් පුළුවන්ද දන්නේ නෑ නිකන් සිතුවිල්ලක් ආවාම දුකක් දැනුනාම තමයි ඉතිං ලියන්නේ.බොහෝම ස්තූතියි ඕනෙම වෙලාවක කථා කරන්න.බොහෝම ස්තූතියි ඈ
    -----------------------------------------------
    @සිත්රූ සිහින අක්කේ,

    හි හි පොඩිකමට කරන වැඩ නේද....?මේ මාසෙන් පස්සේ පොඩියි කියන්න බැරිවෙයි හි හි.මේක රකිත අයියට දුන්නේ නෑ හැබැයි අපේ නංගි මේක දැකලා වෙන කෙනෙක්ට දුන්නා සිංදුවක් කරන්න කියලා එයා මුලින් කැමතියි වගේ පෙන්නුවත් දැන් කිසිම ආරංචියක්වත් නෑ අක්කේ.සිතුවිල්ලේ පවර් එක තමයි හි හි.

    මේක ඩවුන්ලෝඩ් කරපු තීම් එකක් නම් නෙමෙයි මන්ඩිපාල කියන මගේ හොදම යාළුවෙක්ට කියලා තමයි මේක හදාගත්තේ.මේ තියෙන්නේ එයාගේ බ්ලොග් එක.
    http://mandipala.blogspot.com
    එයා වෙනුවෙන් මම ඔයාට ස්තූතිවන්ත වෙනවා ස්තූතියි ඈ..
    -----------------------------------------------
    @Shani අක්කේ,

    බොහෝම ස්තූතියි අක්කේ...

    මම යනෙන මග
    වල ගොඩැලි මත
    නොවැටි යන්නට අත්වැලක් වෙන
    ඔබේ පැසසුම් මල් තුහින ලෙස
    රැදෙයි නිතරම ශක්තියක් ලෙස
    තුති පුදමි
    ඔබ සියළු දෙන හට

    ඔයාගේ කවියට උත්තර බදින්න සෑහෙන්න වෙලාවක් ගියා.නිකමට ලිව්වට හරි ලස්සනයි බොහෝම ස්තූතියි අක්කේ මම කවියෙක් නෙමෙයි හිතට එන ඒවා ලිව්වට.ස්තූතියි ඈ
    ------------------------------------------------
    @බිම්සර වලල්ලාවිට,

    හැමෝම සර්ව සම්පූර්ණ නෑනේ මාත් ආසයි මම ලියපු දෙයක් ගීතයක් විදියට අහන්න තියෙනවනම්.ඒක හීනයක් තාම.උත්සහයක් කරලා බලමු බොහෝම ස්තූතියි හොදේ ඒ වගේම මගේ අඩවියට සාදරයෙන් පිළිගන්නවා ඔයාව
    -----------------------------------------------
    @අසරණයා අයියේ,

    එහෙම දවසක් උදාවෙනවා නම් හරි අගෙයි හි හි බොහෝම ස්තූතියි ඈ දිරි ගැන්වීම් වලට ඒත් ඉතිං හැම හීනයක්ම සැබෑ වෙන්නේ නෑනේ අයියේ.
    ------------------------------------------------
    @රාජ් අයියේ,

    බොහෝම ස්තූතියි අයියේ මේ පැත්තේ ඇවිල්ලා මම ලියපු දේ කියවන එකට ඇත්තටම ඒ නිසා මෙහෙම ලියන්න හිතෙන්නේ.
    ------------------------------------------------
    @රූ අක්කේ,

    එල එල අනිවා අක්කේ දිගටම එමු හොදේ
    ------------------------------------------------
    @වර්ණා අක්කේ,

    ඉතිං දුක්ගන්නාරාල මනු වගේ ලියන්න තරම් මම මෝරලා නැති හින්දා මට බය හිතුනා වැඩේට අතගහන්න ඉතිං මම ඒ අවස්ථාව අතෑරියා ඇත්තටම මැටි තමයි අක්කෝ දැන්තමයි ගොංකම තේරෙන්නේ හි හි.බොහෝම ස්තූතියි අක්කේ

    ReplyDelete
  15. @kumaraya අයියේ,

    කරන්න නම් හිතිලා තිබ්බේ එක්කෙනෙක්ට යැව්වා ඒත් සුභවාදී එළියක් තාම මතුවුනේ නෑ මට මෙව්වා කියන්නත් බෑනේ.මට නම් මේක සිංදුවක් විදියට කවුරු හරි කියනවා අහන්න තිබුනත් ඇති ඒත් ඉතිං මෙව්වා හිට් වෙන හම්බුකරන්න පුළුවන් ඒවා නෙමේ නිසා ගායකයෝ කැමති නැතුව ඇති..බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට
    -----------------------------------------------
    @කැළණිතිස්ස,

    එලම කිරි හි හි බොහෝමත්ම ස්තූතියි අයියේ මේ පැත්තේ ආවට
    -----------------------------------------------
    @Senna අයියේ,

    බොහෝම ස්තූතියි අයියේ හි හි හොදයි හොදයි විභාගේ කරලම ලිව්වොත් හොදයි තමා ඒත් ඉතිං මේ පැත්තත් බලන්න හිතෙනවා බුකියේ රිංගනවාට වඩා මේක ජොලිනේ අප්පා.කොහොමත් අයියේ තාම බිලට මුදල් ප්‍රතිපාදන නැති නිසා වැඩි පෝස්ට් වැටෙන එකක් නෑ..

    මේක මම ලිව්වේ 2010-07-08 වෙනිදා මගේ දිනපොතේ මේ සිද්ධියත් එක්කම දින පොත පෙරලද්දි හිතුනා මේක දැම්මොත් හොදයි කියලා.නිසදැස විතරක් දාන්න හදලත් ආයේ කථාව එහෙම්ම දැම්මේ ටිකක් ආසාවෙන් හැමෝම කියවයිනේ කියලා.බොහෝම ස්තූතියි අයියේ විභාගේ ගැනත් මතක් කරාට

    ReplyDelete
  16. @සයුරි අක්කේ,

    අනේ ඔයාව තව ඩිංගෙන් මග ඇරෙනවා අන්තිමට පිළිතුරු දෙන්නේ සිරාවටම දැනුයි දැක්කේ..


    හි හි ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන්ඩේ යූ කැන් ෆ්ලයිලුනේ බොහෝම ස්තූතියි අක්කේ....

    තීම් එක හදවගත්තේ මගේ හොද යාළුවෙක් වෙන මන්ඩිපාලට කියලා http://mandipala.blogspot.com
    මගේ බ්ලොග් නමට හරියන තීම් තිබ්බෙම නෑනේ....

    ReplyDelete
  17. ලස්සන පද පෙළ....තීම් එකත් එළ ඈ....මන්ඩිපාල එල බුවෙක් නේ ...

    ReplyDelete
  18. අත අරින්න එපා මලේ කොහොමහරි ලියමු සින්දුවක්.

    අලුත් තීම් එකත් ලස්සනයි.

    ReplyDelete
  19. බලාගෙන ගියාම ගැමියත් හොද ගීත රචකයෙක් නොවැ .... එල එල
    මගේ සුභ පැතුම්...

    ReplyDelete
  20. ගොඩ යන්න පුළුවං හැඩයි. ලියපං ‍යකෝ ලියපං...

    ගැමියාට ජය !

    ReplyDelete
  21. @ඔබ නොදු‍ටු ලොවක්,

    බොහෝම ස්තූතියි අයියේ බොහෝම ස්තූතියි මන්ඩිපාල එලදත් අහනව....
    -------------------------------------------------
    @Praසන්ன අයියේ,

    අතාරින්නේ නෑ අයියේ කවුරු හරි මගේ සිංදුවක් කියනකම් ලියන්න ඕනේ...තීම් එක මන්ඩිපාලගෙන්...බොහෝම ස්තූතියි අයියේ දිරිගැන්වීම්වලට
    ------------------------------------------------
    @Harshana අයියේ,

    හි හි තාම ආධුනිකයි ගීත කෙසේවෙතත් ඔහේ ලියනවා අයියේ බොහෝම ස්තූතියි අයියේ
    ------------------------------------------------
    @sAm sRi අයියේ,

    ගොඩ යන්න තව ගොඩාරියක් දුර යන්න වෙනවා අයියේ දිගටම ලියනවා අයියේ බොහෝම ස්තූතියි හි හි

    ReplyDelete
  22. ශා... අදමයි මෙහාට ආවෙ.. ලස්සන ගමක්!!! හරිම ලස්සනයි මේ තීම් එක...

    නිසැඳෙස හරිම ලස්සනයි!! අතාරින්නෙපා තව උත්සාහ කරලා බලන්න..:)

    ReplyDelete
  23. "එපා ගැමියො අතාරින්න සින්දු ලියන එක
    අපි දෙන්නම් ඕන බැකක් පිටිපස්සෙන් ඉඳ"
    එළ කිරි අයියා.....සැලෙන්න එපා...දිගටම ලියන්න......

    ReplyDelete
  24. සෑහෙන කාලෙකින් මේ පැත්තට ආවෙ, ඒකට ඉතින් සමාවෙයන්, එන්න උනේම නෑ බන්. මගේ බ්ලොග් කෑල්ලෙ ලින්ක් එක මේ පැත්තෙ යනව කියන ආරංචියට මේ දුවගෙන ආවෙ, සිද්දිය මොකක්ද බලන්න. උඹේ සිංදු ලිවිල්ල ගැන නම් ඉතින් මට කියන්න දෙයක් නෑ, එළම කිරි. අනෙක උඹ බ්ලොග් එක ලියන්නෙත් හුසේන් බෝල්ට් දුවන්න වගේ නෙව, මට නම් ඉතින් උඹේ බ්ලොග් එකේ ඔක්කොම කියවන්න ඕනෙ නෑ, මාතෘකා ටික බලාගෙන ගියාම සිද්ධිය මතක් වෙනව. මම නොදන්න දේවල් උඹේ තියනවයැ, හැක්... හැක්... එල එල... A/L වලින් පස්සෙත් දිගටම ලියහන්.

    ReplyDelete
  25. නිසදැස නියමයි සිරාවටම.මයෙ බොක්කටම වැදුනා අප්පා.වැඩේ කරන් යන්න.
    සින්දු ලිවිල්ල ගැමියට නියමෙට සෙට් වෙනවා.නිකමට කියනවා නෙමේ.වචන ටික දැක්කහම මට හිතෙනවා.අතාරින්න එපා දිගටම කරන්න.

    (බ්ලොගෙත් ලස්සනයි.වැඩියෙ JAVA SCRIPT නැති එක හොඳයි.නැත්තම් ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා)

    ReplyDelete
  26. @හිතුවක්කාරි අක්කේ,

    බොහෝමත්ම සාදරෙන් ඔයාව පිළිගන්නවා අක්කේ මගේ බ්ලොග් අඩවියට බොහෝම ස්තූතියි ඈ අගය කිරීම් වලට යටින් ඉන්න මණ්ඩිපාල තමයි තීම් එක හැදුවේ හි හි....

    අතාරින්නේ නෑ අක්කේ දිගටම ලියනවා...
    ------------------------------------------------
    @කෝඩුකාරයා මලේ,

    සැලෙන්නේ නෑ කොල්ලෝ මෙච්චර සපෝට් හම්බුවෙනකොට තව තව ලියන්න හිතෙනවා මගේ හද පිරි ස්තූතිය හැමෝටම...
    ------------------------------------------------
    @මන්ඩිපාල,

    සමාව මොකටද මචං වැරැද්දක්යැ කලේ හි හි බෝල්ට් තමයි දැන් උඹ ලියන ලිවිල්ල බලහංකෝ එල එල බ්ලොග් එකට කොමෙන්ට් වැටෙනකොට මාර ෆිට් එකක් බං එන්නේ ඉතිං ලියැවෙනවා...

    A/L වලට උඹේ පිහිට තමයි මට
    ------------------------------------------------
    @Dilan Salinda මලේ,

    බොහෝමත්ම ස්තූතියි හි හි ආදරේ කරන්න ගත්තාම ඕනේම කොල්ලෙක් කවියෙක් වෙනවා ඕනේම කෙල්ලෙක් කිවිදියක් වෙනවලුනේ නේ....ඒකයි ලිව්වේ ඔයාත් ඒ විදියට කවි පද ගලපන්න ඇති කියලා මම හිතනවා මොකද බ්ලොග් එකේ තිබුනු විදියට සුන්දර ආදරේක හිමිකාරටයක් වගේ පේන්නේ.අතාරින්නේ නෑ මචෝ එකක් හරි ප්‍රචාරය වෙනකන් ට්‍රයි තමා.

    බ්ලොග් එකට මෙහෙම එකක් දාන්න හිතුනේ කියවද්දි ඇස් වලට පහසු වෙන්න ඕනේ නිසායි ඉක්මනින් ලෝඩ් වෙන්න ඕනේ නිසායි.ඉතින් අවශ්‍යතාවේ කිව්වාම මන්ඩිපාල තමා මේක හදලා දුන්නේ..

    ආ මගේ බ්ලොග් එකට ආපු මුල්ම පාර නේද ඔයාව බොහෝමත්ම සාදරෙන් පිළිගන්නවා

    ReplyDelete
  27. පද රචනය ලස්සනයි..ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙයි..අධෛර්‍ය වෙන්න එපා..සුභ පතනවා...

    ReplyDelete
  28. ෂා........ නියමයි.. හරිම ලස්සන පබැඳුමක් ගැමියෝ.. (මං හිතන්නේ ගැමියා මට මලයා වෙන්ටැ.. මං 91....:)))
    ජය වේවා!

    ReplyDelete
  29. @පුංචි කුමාරිහාමි අක්කේ,

    බොහෝම ස්තූතියි අක්කේ අධෛර්ය වෙන්නේ කොහොමද ඔයාලා ඉන්නවානේ..
    ------------------------------------------------
    @Ice (අයේෂා කුලතුංග) අක්කේ,

    මම මෙච්චර කල් හිතං හිටියේ සෑහෙන්න වයස ඇති කියලා බැලින්නම් 91 නේ...මම 2010 තමයි මුලින්ම A/L කලේ හි හි ඔයා 91 ජනවාරි නම් 2009 කරන්න ඇත්තේ....මල්ලි කියන්නකෝ එල...

    ස්තූතියි අයිසෝ අක්කෝ

    ReplyDelete
  30. ගැමියෝ අපි කරමු ඔයවගෙන් හොඳ සින්දුවක්. මම අඳුරන ගායකයෙක් ඉන්නවා මගේ අයියා කෙනෙක් වෙන කෙනෙක්. ගායකයෙක්. සල්ලි වියදම් කරන්න පුළුවන්. හිට් වෙන්න සින්දු කරන කෙනෙකුත් නෙමෙයි. මම සංගීතය දාන්නම්. අරයට දෙමු කියපං කියලා. මිනිහා ස්ටූඩියෝ එකටත් ගෙවලා සින්දුව කරයි.

    එයාගේ සින්දුවක් ඕනෙ නම්: ඔබ සුසුම් පොදක් සේ ඇවිදින්

    ReplyDelete
  31. @බිම්සර,

    ලස්සන සිංදුවක් හැබැයි මම ඇහුවේ අදමයි.මම නම් ඉතින් අකමැති නෑ වැඩේට මගේ හීනයක් මේක.
    gamiyagepathiruwa@gmail.com මේක තමයි මගේ ලිපිනය මට වැඩි විස්තර කියන්නකෝ.බොහෝම ස්තූතියි මචෝ

    ReplyDelete
  32. මටත් ඉස්සර ඔය වගේම උණක් තිබුනා......පත්තර වලට, එක එක තරඟ වලට දුසිම් ගනන් ලිව්වා...හික්ස්ස්ස්
    අද තමා ඉස්සෙල්ලම මේ පැත්තට ගොඩ වැදුනේ....බ්ලොග් එක මරු...දිගටම ලියමු....:)

    ReplyDelete
  33. @කුබු,

    මාත් ලිව්වා අයියේ අන්තිමට මගේ කතා දැකලා ළමා පොතකටත් ලිව්වා ඒ කතාත් දාන්නම්කෝ මගේ බ්ලොග් එකේ....පත්තරේ දාන එක හොදයි ඒත් කියවන අයගේ ප්‍රතිචාර ලැබෙන නිසා බ්ලොග් ලියන එක මාර ගති...

    මගේ අඩවියට ඔයාව සාදරයෙන් පිළිගන්නවා ජයවේවා අයියේ

    ReplyDelete
  34. මුලින්ම ඔබගේ ලිපි දැක්කම මම කියවන්න හිතා ගත්තා. නමුත් වැඩ අධික කමින් මඟහැරුනා. අද කෙසේ හෝ මම මේ සියළුම ලිපි කියෙව්වා.
    1. මට ඔබගේ වෙද මහත්තයාගේ තොරතුරු දෙන්න පුළුවන්ද ? ආයිත් එහෙම දේවල් නොකකරන්න සලස්වන්න මට පුළුවන්. මම මන්තරවලට බය කෙනෙක් නෙමේ.
    2. ඔබගේ මිතුරාගේ තත්ත්වය මට කියන්න. ඔහුට මට පිහිට වීමට බැරි වුවත් මම ඔහුට නොමිලේ සියල්ල කර දෙන්න පොරොන්දු වෙනවා.
    3. දිගටම ලියන්න. ඒ වෙද ගෙදර විත්ති.
    4. ඔබ සිංහල වෙදකමට කැමැති කෙනෙක්නෙ. ඔබගේ අසනීපය ගැන බලමු. ඔබ කියන ඉංග්‍රීසි වෛද්‍ය වරයාත් මම හදුනනවා. ඔහු හොද කෙනෙක්. (හලාවත අයියට ප්‍රතිකාර කල.) අපි ඔබගේ මිතුරාට පමණක් නෙමෙයි ඔබටත් පිහිට වෙන්නම්. මට ඊයක් වෙනම එවන්න.
    5. ඔබගේ රෝගය සම්පූර්නයෙන්ම සුව වී නැතිද?

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි වෙද මහත්තයෝ මගේ ලිපි කියවීම පිළිබදව මම මේ ප්‍රශ්න වලට පිළිතුරු ඊයකින් එවන්නම් මොකද මාව මේ තරමින් හරි සනීප කලානේ කියන ගුණේ තියන්නත් ඕනේනේ....බොහෝම ස්තූතියි නැවත වාරයක් මේ පිළිබදව අවධානය යොමු කරපු එක ගැන....

      මගේ රෝගය දැන් සෑහෙන්න සුවයි හැබැයි බොහෝ වෙලා ඉදගෙන ඉන්නකොට වේදනාවක් දැනෙන එක තාම එහෙම්මයි බරක් උස්සන්න එහෙම තාම යන්නේ නෑ

      Delete
  35. බටහිර ගී සම්බන්ධයෙන් නම් නං සින්දු ලියනවා කියන්නේ කී-බෝඩ් එකක් ලඟ වාඩිවෙලා සංගීතයයි, චවනයි දෙක එකවර ලියන එකයි බොහෝ විට. ගායකයෝ/සංගීතය දාපු අටම තමයි වචන ලියලා තියෙන්නේත්.

    ඉස්සර වික්ටර්-ප්‍රේමකීර්ති ලා, අමරදේව-මහගම-ලග්ගල ලා එකට එකතුවෙලා තමයි සින්දු ලියලා තියෙන්නේ.

    කවියක් සින්දුවක් කිරීම හෝ සංගීයට අනුව වචන දැමීම ලේසි වැඩක් නොවේ!

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමා මටත් හම්බුනා මෙලඩි එකක් වචන අමුනන්න කියලා එතකොට වෙන්නේ කොටු වීමක් එහෙම උනාම මනස නිදහස් නැතිව පිස්සු වගේ වෙනවා

      Delete
  36. නියමයි ගැමියෝ.....

    ReplyDelete