මම වෙද ගෙදර ඉන්නකොට කනට ඇහුනු ඇසට දැකපු පුදුමාකාර සිදුවීමක් තමා මේ ලියන්න යන්නේ.සදරු අයියා ලියා තිබුනු තල්පේ ගුරාගේ කතාවට කොමෙන්ටුවක් ලෙස මම මේ ගැන සදහනකුත් කලා......
වෙද ගෙදර ගැන ලියැවුනු කලින් කතා සදහා මේවායින් යන්න
අනතුරක් ජීවිතේට කල හදියක්-1 කොටස
ඔයාලට මතක ඇති වෙද ගෙදරදි අපිට බෙහෙත් බැන්ද හැටි උදේ පාන්දර ඉදන් ඉතින් ඔහොම බෙහෙත් බදිනකොට කලින් දවසේ මුලින්ම බෙහෙත් බැන්ද කෙනාට පහුවදා බෙහෙත් බදින්නේ අන්තිමට මේ කියන දවසේ මම තමයි අන්තිම.
අපේ බෙහෙත් බදිනවා කියන එකත් සෙල්ලම් නෑ උදේ පාන්දර අහුවෙන හැටියකට බාගෙට මූන හෝදලා සරමත් යන්තම් ගැටගහගන්න ඕනේ සරම ඇදලා නොහිටියොත් වෙද මහත්තයාට යකා තදවෙනවා
“මුන්ගේ කැටිපෝල් දෙබල් එක්ක හරඹ කරන්නයි බෙහෙත් බදින්නයි දෙකක් බෑ ගලවලා විසිකොරපිය ඔය මගුල”
මාරම ආතල්....පුතේ උඹට රිදෙනවද අහලා නෙමෙයි ගලවලා විසිකොරන්නේ ඉලාස්ටික් කලිසම් නෙවෙන්න මට කලිසම් ඉතුරු වෙන්නේ නෑ ඒ ඇද්ද ඇදිලි වලට.ඕං දවසක් මට සරම ඇදගන්න ටයිම් මදිවුනා (හික් හික් මම සරම අදින විදිය දන්නවනේ...වෙන විදියකට අදින්න ගිහිල්ලා වෙද ගෙදර හැමෝම ඉස්සරහා මම උපන් ඇදුමින් හිටියා එදා ඉදලා සරම අදින්නෙ අර මම මුලින්ම ඇදපු විදියටම තමයි).
එදා සරම වෙනුවට කොට කලිසම ඇදන් ගිහින් මම පොඩි වෙද මහත්තයට කිව්වා අනේ අද නම් ගලවලා විසිකරන්න එපා විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ කියලා පොඩි වෙද මහත්තයා කියාපි
“පල පල ගිහින් ඇදන් වරෙන් නැත්තම් අත්තා උඹව දවසම නිර්වස්තරයෙන් තියයි කියලා”
මම පට ගාලා ඇදගන්න යන්න හැරෙද්දි ලොකු වෙදමහත්තයා ප්‍රාදුර්භුත වුනා….කාලා හමාරයි මම ඉතින් මොකාද වගේ ඇදට නැගලා මුනින් තලා වුනා තෙල් ගාලා තවන නිසා....මෙන්න වෙදමහත්තයා කෑ ගහන්න ගත්තා ඒ විතරක් නෙමෙයි ඇදලා ගත්තු කලිසම් කොටේ විසිකරා වෙද මහත්තයගේ කාමරේට.ආව් මරේ මරු මම අද සුන් හි හි ඇයි දන්නවද වෙද මහත්තයා බවලත් උදවියට වෙදකම් කොරේ අපට වෙදකම් කොරාට පස්සේ ඉතිං හිතාගන්නකෝ...
මම දැන් අමු නිර්වස්තරෙන් තෙල් සාත්තුව විදගෙන ඉන්න අතරතුර එක ගෑනු කෙනෙක් හරිම හදිස්සියෙන් කඩා වැදුනා කාමරේට මගේ විලි ලැජ්ජාවේ සන්තෝසේ උපරිමයි මම මූණ හංගගත්තා ඇයි හත්තිලව්වේ බෙහෙත් ගාන අස්සේ මොන උලව්වකට රිංගනවද.ඉතින් කාව කාවත් මතක් කරද්දි මට ඇහුනා අර ආපු ගෑනු පරාණේ දොඩවන දේවල්
“අනේ වෙද මහත්තයෝ මගේ දුවට ගොඩක් අමාරුයි අනේ පිං සිද්ධවෙයි ඉක්මන්ට ඇවිල්ලා බලන්න ඊයේ තමයි දුව ගෙදර ආවේ හරියට ඇවිදගන්න පණක් නෑ ගැහි ගැහි ඉන්නවා අත පය ඔක්කෝම ඇකිලිලා අනේ වෙද මහත්තයෝ ඉක්මන්ට ඇවිත් බලන්නකෝ”
වෙද මහත්තයා ඉක්මන්ට කාමරේට ගියා ලෙඩාව එක්කගෙන වරෙන් බලන්න කියලා පොඩි වෙද මහත්තයත් මිසිං ඒ විනාඩියට.වෙද මහත්තයාගේ කාමරෙයි බෙහෙත් බදින කාමරෙයි වෙන් වෙන්ව තියෙන්නේ ඉතිං මට ඇහෙනවා ඇතුලේ අඩන සද්ද කෑ ගහන සද්ද එහෙම.මම තාමත් උපන් ඇදුමින් ඇද උඩ මුනින්තලාව ඉන්නේ.මම යන්තම් ඔළුව හරෝලා බැලුවා ඇදගන්න යමක් අහල පහල තියේද කියලා තිබුනේ ඇගේ ඔතන රෙදි පටි විතරයි ඒක ඔතාගන්නවට වඩා සැපයි හෙළුවෙන් ඉන්න එක.මගේ කලිසම හොයන්න සෑහෙන්න ගේමක් දුන්නා ඇදේ කැරකි කැරකි එතකොට යාන්තම් මීටර් මගේ කලිසම තියෙනවා වෙදමහත්තයාගේ කාමරේ පුටුවක් යට,දොර රෙද්ද අස්සෙන් මට පේනවා.වෙද මහත්තයා මතුර මතුර තෙල් ගානවද කොහේදෝ හෙන සද්දේ.
මම ඔපරේෂන් කලිසම ක්‍රියාත්මක කලා.හිමින් සැරේ ඇදෙන් බැහැලා මේසේ උඩ තිබුනු පුංචි පත්තර පිටුවෙන් මගේ සැලකිය යුතු ප්‍රදේශේ වහගෙන හිමින් සැරේ දොර රෙද්දට කිට්ටු කලා.(හි හි එතකොටම අපේ බලවත් උදවිය බෙහෙත් බදින කාමරේට කඩා පැන්නෙත් නෑලු හෝමාගම අක්කා හයියෙන් හිනා උනෙත් නැතිලු).බවලත්තු ගියාට පස්සේ කකුලක් දාලා කලිසම අරගෙන දෙයියනේ කියලා ඇදගත්තාම තමයි යන්තම් හුස්මක් කටක් ගත්තේ.ඔන්න ඔය අතරේ වෙද මහත්තයා කියන කතාවක් මට ඇහුනා....
“මේ ලමයට ඉනාවක් දීලා තියෙනවා මීට අවුරුදු 5කට කලින් වෙච්චි සිද්ධියක් මේක මේ ලමයාව දැන් ගොඩදාන්න අමාරුයි”
“අනේ වෙද මහත්තයෝ මේක හොදකරන්න පුළුවන් ඔබතුමාට විතරයි අපි ගාල්ලේ ඉදන් ආවේ අනේ කොහොමහරි මගේ දූව බේරලා දෙන්න”
“වෙච්චි දේ කියන්නකෝ අම්මේ අපි උත්සහ කරලා බලන්නම්” එහෙම කිව්වේ අපේ පොඩි වෙදමහත්තයා
“මගේ දුව මීට අවුරුදු 5කට කලින් පැනලා ගියා කොටම කොට මිනිහෙක් එක්ක එතකොට යන්තම් 18 ලැබුවා විතරයි.අපි කොච්චර කිව්වත් මේකි කනකටවත් ගත්තේ නෑ මේකිට ඉනාවක් දීලා.ඒ මිනිහාගේ ගෙදරට ගිහිල්ලා වහලියක් වගේ වැඩකලා.මෙච්චර ලස්සන දූ පැටියෙක්ව හැදුවේ ඒ වගේ එකෙක්ට දීග දෙන්න නෙමෙයි අනේ දැන් බලන්න වෙද මහත්තයෝ හැටි අත පය වකුටු වෙලා තියෙන හැටි බලන්න.මට මගේ දරුවව බේරලා දෙන්න වෙද මහත්තයෝ”
ඒ කතාව ඇහුවාම මට පුදුම තරහක් ඇතිවුනා කොට මිනිහා එක්ක.ආදරේ කියන්නේ බලෙන් ගන්න පුළුවන් දෙයක්ද ඔහොම වැඩ කරන්න උඩ ගෙඩි දෙන මිනිස්සුන්ට නම් හොදක් සිද්දවෙන්න එපා.මට ආසාවක් ආවා ඒ කියන අක්කාගේ මූන ඩිංගිත්තක් බලන්න මම දොර රෙද්ද අතරින් බැලුවාම මට කදුලු ආවා ඒ දැක්ක දර්ශනයට.
සුදුම සුදු මූනක් හරි අහිංසකේට තියෙන ඇස් දෙකකුයි හීනි තොල් දෙකකුයි තිබුනු ඒ මූනේ අහිංසකක්වය පෙන්නන්න මට වචන නෑ පුදුමාකාර ලස්සනයි.ඒත් ඒ අක්කා පුටුවේ වාඩිවෙලා හිටියේ කොන්ද පාත් කරගෙන අත්දෙක ඇග ඇතුලට නමාගෙන හරි අමාරුවෙන්.කකුල් වල ඇගිලි එක උඩ එක ගිහිල්ලා කකුල් දෙපැත්තට තියාගෙන ඒ ඉන්න විදිය දැක්කාම ඕනේ කෙනෙක්ට හිතෙනවා අර කොට කාලකන්නියගේ බෙල්ල ගලවලා එන්න.
ආයේ අර අක්කාගේ අම්මා කතාකරන්න ගත්තා
“මෙයාලාට දරුවෝ නෑ ඒ නැන්දම්මා හරියට කරදර කරලා තියෙනවා මගෙ දුවට දරුවෝ නැති එකට.ඒ තරහට තමයි අවුරුදු 5කට පස්සේ නැන්දම්මා කොට පුතා එක්ක එකතුවෙලා දුවව ගෙදරින් එලවලා තියෙන්නේ ගෙදරට එනකන් දුව හොදට ආවා මට වැදලා සමාවත් ගත්තා මට තේ එකකුත් හදලා දුන්නා ඒත් පහුවදා උදේ ඉදන් හොදටම උණ බෙහෙත් ගත්තත් අඩුවුනේ නෑ.ඊට පස්සේ තමයි අත පය මෙහෙම වෙන්න ගත්තේ”
“ඉනාවක් ගිලලා පත්තියම් උනාම දරුවෝ පිහිටන්නේ නෑ ඒවා ඇගට විසයි ඉනාව අවලංගු කරන්න නම් කරන්න ඕනේ වත් පිළිවෙත් තියෙනවා ඒවා කරන්න ඕනේ ඉනාව දාපු එක්කෙනාමයි ඒකත් හරියට නොකලෝතින් ඉනාව හදලා දුන්නු කෙනාට තමයි විදවන්න වෙන්නේ.මේවා බොහෝම බැරෑරුම් වැඩ”
මම හිතුවත් වගේ වෙද මහත්තයා මුදල් ඉස්සර කරගත්තා මට ඒ ගැන නම් කිසිම තරහවක් නෑ මොකද සිංහල වෙදකමට මේ තරම් මුදල් අය කිරිම අසාධාරණයක් නොවෙන බව වෙද ගෙදර මහා වෙදනාගේ බ්ලොග් අඩවියේ කොමෙන්ටුවක් පල වී තිබුනා ඒ මතයත් සාධාරණයි.කොහොම නමුත් වෙද මහත්තයා බෙහෙත් තෙල් එහෙම දීලා එයාලව පිටත් කලා.එයාලා යද්දිත් මම ඉස්සරහටම ඇවිත් ඒ අක්කා දිහා උවමනාවෙන් බලාගෙන හිටියා.එහෙම වෙන්නේ ඇයිද පෙර කල කර්මද කියලා මම දන්නේ නෑ ඒත් ඒ අක්කාට සෑහෙන්න කාලයක් දුක් විදින්න වෙයි කියලා හිතුනා.....
මේ සිද්ධිය වෙද්දි මම වෙද ගෙදරට ඇවිත් සති දෙකකට කිට්ටුයි ඒ අක්කාව ඉන් පස්සේ දෙපාරක් දැක්කත් ඒ හැටි සුවයක් නම් පෙනුනේ නෑ බත් කටක් කාගන්න බැරි තරමට ඇගිලි ඇදවෙලා තිබුනේ මම කීපසැරයක් කතා බහ කරන්න හැදුවත් සෑහෙන්න අමාරුවෙන් සිටි නිසාදෝ ඇය සිනාසුනා පමණයි.ඇයට යම්තාක් දුරකට හෝ සුවයක් ලැබෙන්න කියලා මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා..
වෙද මහත්තයා ඒ රාජකාරි කරලා එන්න හදනකොටම මම ආයේ කලින් හිටිය විදියටම ඇදට වෙලා හිටියා.අනේ මල්ලියේ උඹව අමතක වුනානේ කියලා පොඩි වෙද මහත්තයා බෙහෙත් බදින ගමන් මට කතාව ආයේ සැරයක් කිව්වා මම දන්නේ නෑ කියලා හිතලා.කොහොමහරි ඒ වැඩේ කරලා තියෙන්නේ හාමුදුරු නමක් බව අර අක්කාට කොට මිනිහා කියලා තියෙනවා අක්කව පන්නන දවසේ.
මේවා නැතැයි කියන්නත් බෑ හැබැයි බහුතරයක් ඉන්නේ මේවා දන්න බව අගවන හොරු.ඒත් මමනම් හිතන්නේ මේවා පස්සේ නොයා ඉන්නවනම් ජීවිතත් මුදලුත් නාස්ති නොවී ඉතුරු වෙනවා කියලා.බලෙන් ආදරේ ලබාගෙන තේරුමක් නෑනේ...
වෙද මහත්තයා ඒ රාජකාරි කරලා එන්න හදනකොටම මම ආයේ කලින් හිටිය විදියටම ඇදට වෙලා හිටියා.අනේ මල්ලියේ උඹව අමතක වුනානේ කියලා පොඩි වෙද මහත්තයා බෙහෙත් බදින ගමන් මට කතාව ආයේ සැරයක් කිව්වා මම දන්නේ නෑ කියලා හිතලා.කොහොමහරි ඒ වැඩේ කරලා තියෙන්නේ හාමුදුරු නමක් බව අර අක්කාට කොට මිනිහා කියලා තියෙනවා අක්කව පන්නන දවසේ.
මේවා නැතැයි කියන්නත් බෑ හැබැයි බහුතරයක් ඉන්නේ මේවා දන්න බව අගවන හොරු.ඒත් මමනම් හිතන්නේ මේවා පස්සේ නොයා ඉන්නවනම් ජීවිතත් මුදලුත් නාස්ති නොවී ඉතුරු වෙනවා කියලා.බලෙන් ආදරේ ලබාගෙන තේරුමක් නෑනේ...
අදයි මේ පැත්තට ආවේ.. මුල් කොටස් ටිකත් හෙමීට කියවගෙන එන්නම්..
ReplyDeleteමටත් ඒ වගේ අක්කියෙක්ව හම්බවුණා මල්ලියෝ.. නැන්දම්මා ඉනාවක් දීලා.. ඒ අක්කි හිටියෙ රොද පුටුවෙ.. ඒ පැත්තනම් හරිම දුකයි.. :( මතක් කල එක හොඳා.. ඒ ගැන පෝස්ටුවක් දාන්න.. :)
ReplyDeleteමේ පොල්ගහවෙල වෙද මහත්තයා ඉන්නෙ පොල්ගහවෙල නගරයෙ ඉදන් කොච්චර දුරකින්ද..? ඒ පැත්ත ටිකක් දන්න නිසයි ඇහුවෙ.. :)
හපොයි දෙවියනේ මෙහෙමත් මිනිස්සු...ඔය ඉනා ගැන මම විශ්වාස කරේ නෑ මේ කියනකන්ම..හාමුදුරු කෙනෙක් හැදුවානම් හරියටම හරි ඇති..හාමුදුරු කෙනෙක් වෙලත් කරන වැඩ වල හැටි..
ReplyDeleteකතාව කියවන්න පටන් ගනිත්දියි අවසන් වෙත්දියි දැනෙන හැගීම් වෙනස්, මුල කොහොම උනත් අග හරිම සංවේදීයි, මට අර අක්ක ගැන ගොඩාක් දුකයි, ජීවිතේ කොච්චර බලාපොරොත්තු එක්ක නේද අර කොටා එක්ක යන්න ඇත්තේ, ඌ ලබන ආත්මෙ තවත් කොට වෙයි,
ReplyDeleteහරි. කියෙව්ව.
ReplyDeleteමගෙත් ඕව ගැන ඒ තරං විස්වාසයක් නැති උනත් මලය කියන කතා එක්ක මොකුත් ඒ ගැන හිතාගන්න බෑ.
ReplyDeleteවෙනද වගේම සංවේදී කතාවක්.
දැන් නම් හිතෙනවා ඕවගේ ඇත්තකුත් ඇති කියලා, අනේ මන්දා....
ReplyDeleteසමහර වෙලාවට අපේ ජීවිතවල වැදගත්ම තීරණ අරන් තියෙන්නෙ කොහේවත් යන අය...
ReplyDeleteදැන් ලංකාවේ වෙන දේවල් ගැන මට නම් ලොකු කලකිරීමක් තමයි තියෙන්නේ .... මනුස්සකම් බල්ලට ගිහින් නොවැ ....
ReplyDeleteඉනාවක් දීලා කියන එක ඇත්ත උනත් නැතත් වෙන දේවල් ගැනයි මම අදහස් කලේ...
ඔබගේ ලිපි සදහා Email Subscribe උනත් ලැබෙන්නේ නෑනේ ...
යකෝ තොල කට වේලෙනවනෙ මේක කියවද්දි, අර අක්ක පව් බන්...
ReplyDeleteඋඹේ ලියන ශෛලිය නම් පට්ට ඈ... මට නම් ෆිල්ම් එකක් බලනව වගේ කියවද්දි.. ජය ශ්‍රී..!!
ගොඩක් දුකයි අර අක්ක ගැන.ඒ අක්කගෙ කරැමෙයි කියලා අපිට ඉන්න පුළුවන්.ඒත් කවදා හරි මේක මගෙ නංගිට වුනොත් කියන හැගීම තියෙන්නෙ කීයෙන් කීදෙනාටද? එහෙම හිතන්න මිනිස්සුන්ට බැරි කමක් නෑ.
ReplyDeleteමේ වගේ දේවල් හරියට අපේ පැත්තෙ වෙනවා.ඒවා දැකලා මිනිස්සු හැදෙනවනම් මෙලහට හැදිලා.
උපන් ඇදුම් මෙහෙයුම නියමෙට ලියලා තියනවා. :P
අපේ ආත්තම්මලත් කියනව හැමෝම දෙන ඒව කන්න බොන්න එපා කියල..අපි ඒව ගනන් ගත්තෙ නැති උනාට මෙන්න මේව තමයි ඒවයෙ සැඟවුනු ඇත්ත..
ReplyDeleteහිතන්නත් අමාරුයි තාම මේ වගේ දේවලුත් මේ රටේ වෙනව කියල..කොහොම වුනත් ඒ ළමයට ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රර්ථනා කරනවා..
(මල්ලි ලියන විදිය ලස්සනයි..එක හුස්මටම කියවනගෙන යන්න හිතෙනවා..)
@Dinesh,
ReplyDeleteඔයාව සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් එකට හිමින් සැරේ කියවලා එන්නකෝ...බොහෝම ස්තූතිතයි
-----------------------------------------------
@නන්ඳු අක්කේ,
ආදරේ බලෙන් ලබාගෙන ඇති සතුටක් නෑ කියලා තේරෙන්නෙ නැති කුහක මිනිස්සු ඉන්නවනේ ලස්සනට වහ වැටුනු.එහෙම කෙනෙක්ව ලං කරගත්තත් වැඩි කාලයක් ජීවත් වෙන්න බැරිවෙයි මොන වසක් විසක් කැවෙනවද කවුද දන්නේ......ලගදිම ඔයාගේ කතාවත් බලාගන්න පුළුවන් එහෙනම් නියමයි
පොල්ගහවෙල ඉස්ටේසම පහු කරලා ටික දුරක් ගියාම පින්නවලට යන පාරෙ වගේ මතක...මම මුල්ම සැරේ ගියේ පස්යාල පාරෙන් ම්ම්ම්ම් ඒ හරියට කියන්නේ වට්ටාරම් තැන්න කියලා...වෙදකම නම් උපරිමයි හැබැයි මුදල් යහමින් ඕනේ.බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට.
-----------------------------------------------
@සයුරි අක්කේ,
කියලා වැඩක් නෑ අක්කේ...මාත් ඉස්සර ඉදන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් තඹෙකට ගනන් ගත්තේ නෑ ඒත් ඇහැට දකිද්දි විස්වාස නොකර ඉන්න අමාරුයි මේවායේ සත්‍යතාවක් නැතිව නෙමෙයි මුදල් පස්සේ ගිහින් අපේ මිනිස්සුන්ව රවට්ටන එවුන් නිසා මේක වැලලිලා තියෙන්නේ.....හැබැයි එහෙම හරි වැලලිලාම යනවනම් හොදයි කියලා හිතෙනවා මේ වගේ දේවල් දකිනකොට.බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට
-----------------------------------------------
@Shaggy,
හි හි කොටයි කොටාගේ අම්මයි දෙන්නම් ලබන ආත්මේ කොටවෙනවා ෂුවර් මේ කරපු අපරාදෙට...ඒ අක්කව දැක්කනම් නිකන්ම ඕනෙම කෙනෙකුට කදුලු එනවා ඒ තරම් අහිංසක ලස්සන අක්කෙක් මූන බලන්න දුකයි...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට
-----------------------------------------------
@රාජ් අයියේ,
බොහෝම ස්තූතියි අයියේ කියවලා කොමෙන්ටුවක් දැම්මට මට ඒක ලොකු හයියක්.
-----------------------------------------------
@Praසන්ன අයියේ,
මුලින් විස්වාස කරන්න මමත් කැමති වුනේ නෑ ඒත් මේවා දැක්කාම එහෙම පිළිගන්න හිතුනා.මට තාමත් තියෙන ප්‍රශ්නේ තමයි එච්චර කල් හොදට ඉදලා ගෙදර ආවාම විතරක් ඔහොම වුනේ ඇයි කියන එක.ගෙදර නෑවිත් හිටියානම් සනීපෙන් ඉදියිද?...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට
-----------------------------------------------
@ලහිරු,
ඇත්තක් නැතිවෙන්නත් බෑ හැබැයි දකින හැම දේම ඇත්තක් වෙන්නත් බෑ.විද්‍යාවට ඔප්පු කරන්න බැරි කොයිතරම් දේවල් තියෙනවාද ඉතිං.බොහෝම ස්තූතියි කොමෙන්ටුවට
------------------------------------------------
@රූ අක්කේ,
ඒත් ඒවාට වහල් නොවී අපි අපි ගැන තීරණ ගන්න ඕනේ නේද...?මොකද අපේ අනාගතේට වැරැද්දක් ඒ අය අතින් වුනෝතින් දුක් විදින්න වෙන්නෙත් අපිටමනේ.බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට
------------------------------------------------
@Harshana අයියේ,
ඒක ඇත්ත අයියේ දවසකට කොයිතරම් දූෂණ මැරකම් අහන්න ලැබෙනවද මිනී මැරුම් එහෙම ඉහේ කෙස් ගානට.සතෙකුගේ ජීවිතයක් දිහා සානුකම්පිතව බලන්න බැරි මිනිස්සු කොහොමද තව මිනිහෙක්ගේ ජීවිතයක් දිහා බලන්නේ සානුකම්පිතව...සමහරවිට මේ අක්කට පහරදීමක් වෙලා නිදන් ගත රෝගයක් ඇවිස්සුනා වෙන්නත් පුළුවන් ඉතිං
මම Email Subscribe අයේ චෙක් කලා ලින්ක් එක අප්සට් වෙලාද කොහෙද දැන් සමහරවිට හරි යයි ආයේ බලන්නකෝ අයියේ බොහෝම ස්තූතියි දැනුවත් කිරීමට
-----------------------------------------------
@මන්ඩිපාල,
හි හි මන්ඩි එක්ක තේ බීපං එතකොට හරි.බොහෝම ස්තූතියි මචං කොමෙන්ටුවට
-----------------------------------------------
@අපි වගේ,
ඔයා හරියටම හරි එහෙම හිතන්න පුළුවන් මිනිස්සු ඉන්නවනම් මේ සමාජේ මීට වඩා හොද වෙනවා.හොදම උදාහරනේ තමයි ගොඩක් එවුන් පාරේ ඉන්න බල්ලව සතේකට ගනන් ගන්නේ නැතිව ගෙදර ඉන්න එකාට රජ සැප දෙනවා තමන්ගේ නිසා.ඒත් වෙන සතෙක් ගැන සානුකම්පිතව නොබලන කෙනා තමන්ගේ කෙනෙක් ගැන උනත් කරුණාවකින් බලන්නේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්.
උපන් ඇදුම් මෙහෙයුම අතර මගදි හෝමාගම අක්කා හිනාවෙවි කියපු දේවල් කපා හරිනා ලදී හි හි නැත්තම් කොහොමෙයි මම ආයේ බ්ලොග් එකට ලියන්නේ....බොහෝම ස්තූතියි කොමෙන්ටුවට
-----------------------------------------------
@සිත්රූ සිහින අක්කේ,
මේ රටේ ඕවා සිදුවෙනවා ඒත් අහන්න ලැබෙන්නේ අඩුවෙන්නේ.හැබැයි එහෛම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියලා ඇඩ් දාගෙන වැඩ කරන ඒවා 99% ක් බොරු.මටත් කරන්න පුළුවන් එකම දේ ප්‍රාර්ථනා කරන එක විතරයි ඉන්න තැනක් විස්තරයක් අහගන්නවත් ඒ අක්කා මාත් එක්ක කතා කලේ නෑ...
බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවටයි දිරිගැන්වීමටයි ඒක මට ලොකු හයියක් මම මෙහෙම ලියනවනම් ඒ මේ ටික කාලේ ඔයාලා දීපු ප්‍රතිචාර නිසා තමයි ඉතිං
මහ කැත වැඩ බං.. මේව කියවලවත් කස්ටිය හැදෙයි නොවැ..
ReplyDeleteකියලා වැඩක් නෑ අයියේ...මේවා කියවලා හැදෙනවනම් බැරියැ වෙලා තියෙන දේවල් පෙනි පෙනිත් ඕවා පස්සේ යනවනේ ඉතිං නැද්ද...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවකින් සංග්‍රහ කලාට
Deleteමෙහෙමත් දේවල් වෙනවා නොවැ මිනිස්සුන්ට.
ReplyDelete"කරන කලට පව් මිහිරිය මී සේ - විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ "
හැමදේම වෙන්නේ මිනිස්සුන්ටනේ අයියේ...බොහෝම ස්තූතියි මේ පැත්තේ ඇවිත් කොමෙන්ටුවකින් සංග්‍රහ කලාට සාදරෙන් පිළිගන්නවා ඔයාව
Deleteශිඃ මහ කැත වැඩ.. ඔය ඉනා වලින් සදාකාලික ආදරය ලබාගන්ඩ බෑ කියන එකට මේ කතාවත් හොඳ උදාහරණයක්..
ReplyDeleteඔය කොටා.. මතු ඉපදෙන ආත්මයක් ආත්මයක් පාසා... කොටෙක්ම වේවා !!!!
නිර්වස්ත්‍ර මෙහෙයුමනම් පට්ට තමා...
කොටා කොටවෙලා මදි උගෙ හැමදෙයක්ම කොටේ කොට වෙන්න ඕනේ...හි හි පට්ට තමා අප්පා මම අහගත්තා මදි නොකියන්න හම්මෝ...
Deleteබ්ලොගර් වෙනස් වීමකින් ආපු අයිටම් එක නම් පට්ට ඒත් අකුරු පොඩිවෙලා හෙන කෙලියක්නේ වෙලා තියෙන්නේ
බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවකින් සංග්‍රහ කලාට
අපේ බ්ලොග් ලියන වෙද මහත්තයටත් කියන්න ඕනෙ නිර්වස්ත්‍ර වෙදකොම පටන් ගන්න කියල....හෙහ්....හෙහ්...
ReplyDeleteඅම්මෝ නඩුත් දායිද දන්නේ නෑ හි හි මට සරම් ඇන්දනම් ඔහොම වෙන්නේ නෑ අප්පා එතකොට ඒකේ හොදට ඉඩ තියෙනවනේ එහාට මෙහාට කරලා බෙහෙත් බදින්න.මට තියෙන බය ඔබා මාමාත් වෙදකම පටන් ගනීද කියලා හි හි
Deleteඅනේ මෙහෙමත් හාමුදුරුවරු... මහා අසික්කිත වැඩක් නේ කරල තියෙන්නෙ. හාමුදුරු නමකට වටිනවද එහෙම දෙයක් කරන්න??? ඒ අක්කට සහනයක් ලැබෙන්න කියලා මාත් ප්‍රර්ථනා කරනවා. පව් එයා...
ReplyDeleteහැම හාමුදුරු කෙනෙක්ම මෙහෙම වැඩ කරන්නෙත් නෑ අක්කේ ඒත් කීපදෙනෙක් කරන වැඩ නිසා හොද හාමුදුරුවරුන්ටත් දෝෂාරෝපණ.රුවන්වැල්ලේ මතක ඇතිනේ හි හි.......
Deleteඒ අක්කා ගැන තොරතුරක් දැනගන්න මාර්ගයක් නෑ අප්පා නැත්තම් අහන්න තිබුනා මාත් ප්‍රාර්ථනා කරනවා මේ හැමෝගේම ප්‍රාර්ථනා නිසාවත් ඒ අක්කට සනීප වෙන්න කියලා....ස්තූතියි අක්කේ ඇවිත් කොමෙන්ටුවක් දැම්මට
මෙහෙම හාමුදුරු වරු ඉන්න එක ගැන නම් දුක හිතෙනවා ඒත් ඉතින් බුදුන්ගේ කාලේ ඉඳන් නොමනා වැඩ කල හාමුදුරුවරු උන්නා නෙව
ReplyDeleteකතාව නම් හරිම සංවේදියි . පහුගිය දවස් ටිකේ ඉතින් පොඩි වැඩ ටිකක් වැටිලා බ්ලොග් එක පැත්තේ එන්න බැරි වුණා ඉතින් අදයි පරන ඒවත් කියවන්න් ආයේ එකතු වුණේ .
ඒක ඇත්ත අයියේ ඒකත් ලැබීම තමයි එක අතකට...
Deleteබොහෝම ස්තූතියි අයියේ දිරිගැන්වීම් වලටයි මේ පැත්තේ ඇවිත් කොමෙන්ටුවකින් සංග්‍රහ කලාටයි.
කොහේද මේ තැන ආසයි මටත් යන්න.....
ReplyDeleteමේ පොල්ගහවෙල ඉදන් බොහෝම ටික දුරක් ගියාම හම්බුවෙන තැනක් හි හි ඔය ආසාව යනකන් විතරයි අයියේ ඊට පස්සේ එතනට එන හැටි කියපු එවුන්ව හොදට මතක්වෙනවා...මේ ලගදි අළුත් වාට්ටුවක් විවෘත කලා කියලා ආරංචියි....
Deleteබොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට
මාත් අදයි බං මේ කතාව කියෙව්වේ....පොඩ්ඩක් හිටහං තොරා බෙරා ගන්නකං..
ReplyDeleteඑලකිරි අයියේ හිමින් සැරේ කියවන්නකෝ....බොහෝම ස්තූතියි ඈ
ReplyDeleteහිනාව බේත ගැන මෙච්චර බලගතු දෙයක් කියල දැනගෙන හිටියේ නැහැ.කාලයක් යද්දී එකේ අතුරු අබාධ තියෙනවා නේද.
ReplyDeleteවෙනද වගේම කතාව ලස්සනට ලියල තියෙනවා ඉක්මනින් ඉතුරු ටිකක් දන්නා.
මමත් අහලා දැනගත්ත විදියට අතුරු ආබාධ බොහෝමයි කිසිම සන්තෝසයකින් නිදහසේ ඉන්න ලැබෙන්නෙත් නෑලු මිනිස්සුන්ගේ මෝඩකම තමයි
Deleteබොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට මේ දවස් වල පොජ්ජක් වැඩනේ පුළුවන් ඉක්මන්ට දාන්නම්කෝ ඈ
මොළයක් කියල එකක් තියෙන්නේ බං පාවිච්චි කරන්න...
ReplyDeleteඒකනේ අයියේ කියන්නේ මොලේ තිබුනට මෙහෙම වැඩ කරන එවුන්ගේ මොලේ තියෙන්නේ පශ්චාත් බාගේ
Deleteඔය කියන අක්කා ගැන ඇත්තටම දුක හිතෙනවා....උපන් ඇඳුමින් මරුවට ඉන්නැති නේ......
ReplyDeleteඔව් මලේ ඒ අක්කා දැක්කාම අර කොටා එක්ක එන කේන්තිය කියන්න වචන නෑ...උපන් ඇඳුමේ සීන් එක කතා කරලා වැඩක් නෑ බං..බොහෝම ස්තූතියි කොමෙන්ටුවට
Deleteමාත් ඉනා දීලා තියෙනවා කොලු කාලේ. පොඩ්ඩක් ඇස් පුංචි කරලා හිනාවක් දාන්න ඕනෑ. බොහෝ විට වැඩේ හරියනවා.
ReplyDeleteනෑ.......මාරයිනේ කලින් කිව්වනම් ට්‍රයි කොරනවා අප්පා දැන් ට්‍රයි කොරන්න හොඳ නෑනේ නේ
Deleteවෙද ගෙදර කතා ටිකම කියෙව්වා... කමෙන්ට් කලේ නෑ මචන්... එක හුස්මට කියෙව්වා...
ReplyDeleteඉනා කියල දෙන ඒවයේ තියෙන විස හේතුවෙන් වෙන දේවල් වෙන්න ඕනි...