Wednesday, February 22, 2012

ඉපැරණි මිනිසෙකුගේ සමුගැන්ම....

මම පහුගිය දවසක වෙද ගෙදරට ගියපු වෙලාවක පොඩි වෙද මහත්තයා කියපු අමුතුම කතාවක් එක්කයි මේ දුක්මුසු සිදුවීම ලියන්න හිතුනේ........

සෑහෙන්න කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ තාම පහුගිය ලිපියට පිළිතුරු බැඳලා ඉවරත් නෑ.සෑහෙන්න වැඩ අධික කාලයක් පහු කලේ ඊට අමතරව දුක්මුසු සිද්ධිත් වුනා.මට වෙදකම් කරලා මාව මේ තත්වෙට ගත්තු අවුරුදු 96 වයස වෙද මහත්තයා අභාවප්‍රාප්ත වෙලා.ඉතිං මම මේ අවස්ථාව එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නත් අවස්ථාවක් කරගන්නවා.එතුමා වෙනුවෙන් පෝස්ටුවක් වෙන් කරන්න හිතුනත් මට කිසිම දෙයක් හිතට එන්නේ නෑ මොකද කොයිතරම් දේවල් කලත් ඒ සෑහෙන්න වටින මනුස්සයෙක්.වෙද මහත්තයා නැති අඩුව හොඳටම දැනුනේ පහුගිය දා එහේ ගියාම දැනුනු පාළුව නිසා.


පහුගිය 19 වෙනිදා පාන්දරම මම පොල්ගහවෙල යන්න පිටත් වුනේ පොඩි වෙද මහත්තයා කල සුළු දැනුම් දීමකට.ඒ වන විට වෙද මහත්තයගේ අවසන් කටයුතු සියල්ල හමාර වී තිබුනා.වෙද ගෙදර සෑහෙන්න වෙනස් වෙලා අළුත් වාට්ටු සංකීර්ණයක් හදලා අළුත් ඇඳන් අළුත් මෙට්ට හරිම ලස්සන පෙනුමක් තිබුනේ.

මම එනවා කියලා කරපු දැනුම් දීම නිසා මේරි නැන්දායි ගම්පහ බාසු අයියයි දෙන්නා ගෙදර නොගිහින් නැවතිලා තිබුනා මාව මුණ ගැහෙන්න.මාසයක කාලයක් මම එහෙ ඉද්දි වෙද ගෙදර ගැන තිබුණු බය මෙහොතකට හරි තුරන් කරලා දැම්මේ ඒ දෙන්නයි බණ්ඩේ මාමයි ප්‍රදීප් අයියයි.

මම ගියාම පොඩි වෙද මහත්තයා මුළු වෙද ගෙදරම පෙන්නුවා දැන් නම් හරිම පිළිවලයි.මට නවතින්න වෙනම කාමරයකුත් ලෑස්ති කරලා තිබුනා.මම වෙද ගෙදර මගේ මතක රඳවාපු තැන් වලට එහෙමත් ගිහින් ගොඩක් කාලේ ගත කලා.හෝමාගම අක්කා ලැප තියපු වළං මැස්ස තාමත් එහෙම්මයි.උපන් ඇඳුම් මෙහෙයුම ක්‍රියාත්මක වුනු බෙහෙත් බඳින් කාමරයත් වෙද මහතාගේ කාමරයත් තාම එලෙසමයි.මම ඡායාරූප කිහිපයකුත් ගත්තා මෙතන දාන්න.

"මල්ලියෝ බලන්නකෝ වෙච්චි වැඩේ දැන් සෑහෙන පාළුයි"

"එක පාරටමද පොඩි වෙද මහත්තයෝ වෙද මහත්තයා නැති වුනේ"

"මම ගිය නොවැම්බර් මාසේ අළුත් වාට්ටුව හදන්න වෙලාවක් බලවන්න දේවාලෙට ගියපු වෙලාවේ දේවාලේ කපු උන්නැහේ මගෙන් ඇහුවා ලොකු වෙද පුතා තව කී දවසක් ඉන්නවද කියලා දැනුම් දෙන්නද කියලා... මම කිව්වා එපා කියලා.මට හිතුනා මොකක් හරි දෙයක් වෙයි කියලා ඉතිං මම හොඳට අත්තව බලා ගත්තා"

"ලොකු වෙද මහත්තයත් ගියාද එදා"

"නෑ මල්ලියෝ මම තනියෙන් ගියේ.ඒ ගිහින් ආවාම අත්තා කිව්වා මේ වාට්ටුවේ වැඩ ඉක්මනට ඉවරයක් දකින්න ඕනේ කියලා.මමත් අත් උදව් දීලා ජනවාරිය වෙද්දි සේරම වැඩ ඉවර කරගෙන විවෘත කරන්නත් දාගත්තා.... අත්තා උදේ පාන්දරම වාට්ටුවේ යතුර ඉල්ලගෙන තියාගෙන හිටියේ අත්තා වාට්ටුව විවෘත කරලා කතාවක් පැවැත්තුවා.මට හොඳටම ඇඬුනා මල්ලියෝ එදා තරම් සැහැල්ලුවෙන් අත්තා මීට කලින් ඉඳලා නෑ.මම ඒ හැම දෙයක්ම රෙකෝඩ් කරගත්තා කැමති වෙලාවක අහපන් මෙතන ඇති...."

"දැන් මගේ කාලේ හරියාගෙන එන්නේ හාමුදුරුවනේ ඉතිං මම මේ වාට්ටුව එහෙම ඉක්මන් කරලා හදලා මගේ මේ පුතාට බාර කරන්නේ මින් පස්සෙ මගේ වෙදකමට උරුම කම් කියන්නේ මේ කොලුවා නිසා... මේ කොලුවා මම තරම් සැර නෑ ඔහෙලා බයවෙන්න ඕනැන්නේ නෑ.... මම මේ කාලේ එනකන් අවුරුදු ගානක් ලෑස්ති වුනා.... දැන් මගෙ පුතාට වෙදකම් කරන්න ගෙදර අවුරුදු විස්සකට සෑහෙන්න බෙහෙත් තෙල් තියෙනවා ඕනෙම ජාතියකින්... මීට අවුරුදු සීයකට කලින් හින්දපුවත් ඇති මයේ හිතේ හේ හේ.... දැන් ඉතින් මට හරි අමාරුයි ඉස්සර වාගේ දුවන්න පනින්න බෑ නොවෑ... ඉතිං දැන් මම විවේක ගන්නවා ඔය මහත්තේලා කිසිම සැකක් හිතන්න එපා පුතාට මගේ දැනුම සම්පූර්නෙන් දුන්නා.... මගේ පුතේ මේ යතුර අරන් දැන් වැඩ ටික කරන් යන්න කොහොමත් උඹට මේ පෙබරවාරියෙන් පස්සේ තනියම තමයි හැම දෙයක්ම කොරගන්න වෙන්නේ... හ්ම්ම්ම්"


දෙයියනේ මට ඒක ඇහුවාම ඇස් දෙකට කඳුලු එන්න පටන් ගත්තා ඒ වෙද මහත්තයාගේ කට හඬ ළඟ ඉන්නවා වගේ වෙනදා නැති කරුණාවක් එක්ක ඒ කතා කරන හැටි හරිම දුකයි.ඒත් එක්කම මගේ මුළු ඇඟම හිරිවැටිලා ගියේ "උඹට මේ පෙබරවාරියෙන් පස්සේ තනියම තමයි හැම දෙයක්ම කොරගන්න වෙන්නේ" කියපු එක ඇහුවාම.... හරියටම පෙබරවාරි මාසේ මුල් සතියේයි වෙද මහත්තයා අන්තරා වෙලා තිබුනේ.මම පොඩි වෙද මහත්තයා දිහා බැලුවාම දැක්කේ එයත් ඇස් දෙකේ කඳුලු පුරවන් ඉන්න හැටි.

"ඒ නම් හරිම පුදුම මනුස්සයෙක් මල්ලි එහෙම මිනිස්සු ආයේ හම්බුවෙන්නේ නෑ.ඔයිට පහල ඇති අත්තා අන්තිම මොහොතේ කියපුවා..."

මම ඉක්මන්ට පහල තිබුනු ෆයිල් අහන්න ගත්තා....

"පුතේ..... මම ගියාම මේ දරුවෝ ටික පරිස්සමට බලාගන්න පුතේ උන්ට ඉන්නේ දැන් උඹ විතරයිනේ.... වෙලාවට බෙහෙත් දෙන්න බෙහෙත් බඳින්න ටිකක් සැරට ඉන්න නැත්තම් උන් ගනන් ගන්න එකක් නෑ.... මට මුන්ව දාලා යන්න බෑ උඹ උන්ව සනීප කොරනවා නේද....."

මෙච්චර වෙලා මෝදු වෙලා තිබුනු කඳුලු කැට මටත් රහසින් වැටෙන්න පටන් ගත්තා.නරුම නපුරක් පෙන්නුවට මේ මනුස්සයා මනුස්සකම දන්නවා නේද අපි ඒ බව අඳුනගන්නේ නැතිව බැන බැන කරපු දේවල් හිතට වද දෙන්න පටන් ගත්තා.... මම වෙද ගෙදරින් එන්න කලින් XX අතින් වෙච්චි වැරැද්දකින් වෙද මහත්තයා අසාධ්‍ය වුනා ඒ ගැන මම ඉදිරි ලිපියකින් දාන්නම්කෝ.... අන්න ඒ වෙලාවේ රෝහලට යද්දි වෙද මහත්තයා අපි හැමෝටම කතා කරලා ගියේ....

"මම ගියාට ආපහු එනවා මගේ පැටවු ටික එතකන් පරිස්සමට ඉඳහල්ලා මම ඇවිත් උඹලව සනීප කරනවා බයවෙන්න එපා තාම මට යන්න කාලේ නෙමේ...."

මට මේ හැම දෙයක්ම මතක් වෙන්න ගත්තා.දැන් පරක්කු වැඩියි දුක් වෙන්න ඒත් එතුමා වෙනුවෙන් පිං දෙන්න තාමත් මම පරක්කු නෑ...

"අත්තා හරිම පුදුම මනුස්සයෙක් මල්ලි මට තාමත් දැනෙනවා අත්තා මේ අවට ඉන්නවා කියලා අත්තා මට යද්දි කියලා ගියේ අත්තගේ අපුච්චාව මතක් කරලා එහෙම වැඩ පටන් ගන්න එයාලා උඹ අවට ඉඳියි කියලා..."

මේ හැම දෙයක්ම අවසානේ මට පෙර දැනුනු ගුප්ත බව ආයෙමත් දැනෙන්න ගත්තා.මේ වෙද ගෙදර වෙච්චි පුදුම සහගත සිදුවීම් එහේ හිටිය කෙනෙක් හැර වෙන කිසිවෙක්ට විශ්වාස කරන්න අමාරුයි.ඒත් ඉතින් ඒවා කාටවත් නොකියා හිතේ හිරකරන් ඉන්න බැරි නිසායි මෙහෙම අකුරු වෙන්නේ.මම මිථ්‍යා මත වල එලඹ ඉන්න ගැමියෙක් නෙමෙයි හැම පැත්තක් ගැනම කල්පනා කරනවා.නමුත් මේ නොවිසඳි ඉතුරු වුනු ප්‍රශ්න....

දහස් ගනන් මිනිසුන් සුව කල ඔබතුමාට නිවන් සුව...!!!

78 comments:

  1. වෙද මහතාට නිවන් සුව ලැබේවා කියලා අපිත් පතනවා..ඔයාගේ වෙද ගෙදර කතා තමයි මමත් ආසාවෙන්ම කියෙව්වේ...හදවතින්ම වෙදකම් කරපු කෙනෙක් වගෙයි පේන්නේ..ඒක ලොකු පිනක්..

    ReplyDelete
    Replies
    1. එහේ ඉන්නකන් ඒ දේ තේරුණේ නෑ අක්කේ ඒ සැර පරුෂ අද්භූත විදියට බයෙන් තමයි හැම මොහොතක්ම ගත කලේ... එතුමා යුද්ධ කාලේ කකුල් කපන්න නියම වුනු බොහෝ හමුදා නිලධාරින්වත් සනීප කරලා තියෙනවලු යුධ බිමට ගිහිල්ලා... ඒ සමයේ අතට වෙඩි වැදිලා සෑහෙන්න දුර්වල වෙලා තමයි නැවත ඇවිත් තියෙන්නේ මං ඒ ගැනත් පෝස්ටුවක් වෙන් කරන්නම්කෝ අක්කෝ.... වෙද ගෙදරදි ඒ අහපු කතා සමහරක් මට මතකත් නෑ ඒ තරම්ම කතා තොගයක් අපි ඇහුවා..

      ඒ රෙකෝඩ් කරපුවා ඇහුවාම මම බ්ලොග් එකේ විවේචනය කලේ අපරාදේ කියලත් හිතුනා ඒත් ඇත්ත ඇති සැටියෙන් කියපු නිසා මට පව් නැතිවෙයි...ස්තූතියි අක්කේ

      Delete
  2. එහෙනං ඒකයි මේ දවස් ටිකේ ගැමි අයියා පේන්න නොහිටියේ. අපේ සිංහල වෙද මහත්තුරු බොහොම අඩු කාලේ මේ වගේ කෙනෙක් අහිමි වීම ඇත්තටම ලොකු පාඩුවක්. මටත් මේ වෙලාවෙ කරන්න පුලුවන් අපේ ගැමියාව සුව කරපු එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන එක විතරයි.

    ReplyDelete
    Replies
    1. පේන්න නොහිටියේ මලෝ අපේ ඉස්කෝලේ තො.තා දිනයට මම නිර්මාණය කරමින් හිටිය උබුන්ටු කස්ටම් එකේ එල්ලිලා හිටිය නිසයි ඉන් පසුව වෙද ගෙදර ගිය නිසයි ඊටත් පස්සේ ආදරීගේ අසනීප තත්වය නිසා බලලා එන්නයි ගිය නිසා... සේරම එක පිට එක ආවානේ...

      ඒ ඇති මලෝ ඒ වෙද මහත්තයා ඒ දේ නොකරන්න මෙලහකට මේ බ්ලොගත් නෑ මමත් නෑ...හැම කොමෙන්ටුවකම සඳහන් නොකලට මමත් එතුමට නිවන් සුව පතනවා මතක් වෙන හැම මොහොතකම..

      Delete
  3. වෙද මහතාට නිවන් සුව පතනවා මමත්...

    ReplyDelete
    Replies
    1. එය එතුමා වෙනුවෙන් දැන් අපට කල හැකි උපරිම කල ගුණ සැලකීමයි බොහෝම ස්තූතියි මලෝ

      Delete
  4. අනේ අනේ ගැමියෝ දැන්ද මතක් උනේ වෙද මහතුන්ව.රටක් වටින මහතුමෙක්.එතුමන්ට නිවන් සුව අත් වේවා...............

    ReplyDelete
    Replies
    1. ඔන්න ඇහුවා ඉඳලා ඉඳලා ප්‍රශ්නයක්.... ඇයි යකෝ මතක නැද්ද උඹලට උදව් කරන්න සති ගනන් නිදි මරාගෙන හිටියා කියලා... බ්ලොග් එක තියෙනවද කියලවත් බලන්න එන්න බැරි වුනා...

      හ්ම්ම්ම් කොයිතරම් නපුරු ගති තිබුනත් ඒ මනුස්සයා නැති අඩුව දැනෙන්නේ දැන් මලෝ...මාත් හදවතින්ම එතුමාට නිවන් සුව පතනවා.බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  5. යකෝ, මාර කේස් එකනේ ගැමි අයියේ! එතකොට උඹත් මගේ ඉස්කෝලෙද බොල? කලිං කියන්න එපාය තෝ සද්ද නැතුව හිටියා ම හරිය? මගේ ඇඟ හිරිවැටිලා ගියා යකෝ!

    ReplyDelete
    Replies
    1. අඩේ බට්ටත් මගේ ඉස්කෝලෙමනේ මම කොහොමෙයි ඉතින් දන්නේ අහන්න එපායැ

      Delete
  6. වෙද මහත්තයාට නිවන් සුව ලැබේවා! උන්දැට මිනිස්සු ගොඩ දාපු පිනම ඇති නිවන් යන්න..

    ReplyDelete
    Replies
    1. එක්කෙනෙක් දෙන්නෙක් නම් බැරියැ අයියේ අවුරුදු පහලොවේ දාසයේ ඉඳන් වෙදකම් කරලා අවුරුදු 96ක් වෙද්දි කීයක් නම් ගොඩ දාන්න ඇත්ද...ස්තූතියි අයියේ ප්‍රාර්ථනාවට

      Delete
  7. වස කම එලියෙ දාගෙන හිටියට ලොකු වෙද මහත්තයා හරි සංවේදී චරිතයක් වගේ නේද මල්ලි... මමත් එතුමාට නිවන් සුවම පතන්නම් ...

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ඒ සංවේදි කම විටින් විටේ මතුවුනාට අර නපුරුකම අපේ හිත්වලට කාවැදිලා තිබුනු නිසා අපිට එතුමාව අප්‍රසන්න වෙලා තිබුනේ ඒත් දැන් එතුමා ගැන පැහැදීමක් දැනුනා හරිම පුදුමයි ඒ චරිතය...ස්තූතියි අක්කේ ප්‍රාර්ථනාවට අපට කල හැකි එපමණයි..

      Delete
  8. කලින් කියවපු කතාවලින් මගේ හිතේ මැවිලා තිබුනෙ නපුරු මනුස්සයෙක්ව.... ඒත් මේක කියෙව්වම නම් දුක හිතුනා... අර වෙද ගෙදර කතා ටිකට නම් මං හරි ආසයි....ඉතුරු ටිකත් ඉඩ තියෙන හැටියක පුළුවන් වෙලාවක දාන්න..... වෙද මහත්තයට නිවන් සුව ලැබෙන්න කියලා මාත් පතනවා...

    පහුගිය දොහේ පේන්න නැතුවම මං හිතුවෙ දැන් බැඳගෙන පාඩම් කරනව ඇතිය කියලා... ඒත් මං කොහෙදෝ දැක්කා පොඩි පොඩි කරදර වගයක් (මේකත් ඇතුළුව ) උනාය කියල... දැන් නම් අවුලක් නැතුව ඇති කියල හිතනවා....

    ReplyDelete
    Replies
    1. නපුරු ගති නැතුවා නොවෙයි අක්කේ වෙලාවට මුදල් හදල් නැත්තම් සෑහෙන්න දේවල් අහගන්න වෙනවා හලාවත අයියගේ ප්‍රශ්නෙදි තමයි මට එතුමා ගැන තිබුනු පැහැදීම නැති වුනේ ඒත් වෙද මහත්තයගේ වචනින්ම ඇහුවාම ඒ සැර වෙලා තියෙන්නේ වෙදකම පිණිසම කියලා සෑහෙන්න දුකක් දැනුනා අනේ මන්දා තේරුම් ගන්න හරි අමාරුයි අක්කෝ...

      හි හි පහුගිය දොහේ පාඩම් වැඩ පැත්තක දාලා විවෘත කේත මෘදුකාංග නැවත සැකසුමක් කලා හරිද මන්දා කිව්වා සිංහලෙන් කිව්වොත් ubuntu custom distribution එකක් නිර්මාණය කලා පාසල සඳාහා...ඒ නිමාවෙනවත් එක්කම තමයි නැවත වෙද ගෙදර යන්නත් පාසලේ සහෝදරියකගේ පියාගේ අවමගුලටත් සහභාගි වෙලා ආදරීගේ අසනීප තත්වය විමසා බලන්නත් යන්න උනේ...

      අඩේ නන්දක්කෝ මං ඒ ගැන වෙන බ්ලොගක කොමෙන්ට් කලා කියලා මට මතක නෑනේ... දැන්නම් අවුලක් නෑ අක්කෝ ඒ ගැන කියනවද නැද්ද කියලයි මම මේ කංපනා කරන්නේ

      Delete
  9. කොච්චර නපුරුනම පෙන්නගෙන හිටියත් වෙද මහත්තය හොඳ මනුස්සයෙක් වගෙයි.
    වෙද මහත්තයට නිවන් සුව ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ වග තේරුම්ගන්න අමාරුයි මොකද කිසිම දවසක ලෙඩ්ඩුන්ට බුරුලක් පෙන්නුවෙම නෑනේ... පොඩි වෙද මහත්තයා පවා අපිට කියලා තිබුනේ කට පරිස්සම් කරන් හිටපන් කියලා සෑහෙන්න බයකින් තමා කල් ගෙව්වේ... ස්තූතියි අයියේ ප්‍රාර්ථනාවට

      Delete
  10. ඔයාගෙ කතාවලින් වෙදමහත්තයා රෝගීන්ගෙන් අපේක්ෂා කරපු හැදියාව/ඉවසීම ඔයාගෙ කතා වලින් කැපිලා පෙනුනා...වෙද මහත්තයට කරපු පින්බලෙන් ඊළඟ ආත්මෙ හොඳ ජීවිතයක් ලැබේවා..

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න විනයක් ඕනේ උනා අපිට එතන ඉන්න මට මතකයි උදේ හතරට නැගිටලා මූණ කට හෝදලා කොළ කැඳ බොන එක අනිවාර්යයි එහෙදි... අපි බොරු කියනකොට එයා දන්නවා අන්තිමේ දිග බංකුවක පේළියට වාඩිවෙලා එයාට පේන්න කොළ කැඳ බොන්න උනානේ නැත්තම් ගෙදර යවනවා කිව්වා... බිස්කට් කෑම කිරිපිටි බීම ෆෝන් ලැප්ටොප් පාවිච්චිය පෙන්නන්න බෑ එයාට අපි ඒ කාලේ හිටියේ පුදුම තරහකින් ඒත් දැන්නම් එහෙම තරහක් නෑ... ඔයාගේ ප්‍රාර්ථනාවටත් බොහෝම ස්තූතියි අක්කෝ

      Delete
  11. වෙද මහත්තයට නිවන් සුව පතනවා ..... එකිනෙකාගේ ජීවිතවල විවිධ පැතිකඩ තියනවනේ ...එනිසා ප්‍රසන්නගේ කතාව මාත් අනුමත කරනවා.

    ReplyDelete
    Replies
    1. හැමෝම සර්ව සම්පූර්ණ නෑනේ අයියේ ප්‍රසන්න අයියා කියපු කතාව එක්ක එකඟයි... බොහෝම ස්තූතියි අයියේ

      Delete
  12. පුදුමාකාර මණුස්සයෙක්. ඔක්කොම දේවල් දැනගෙන තියනව කලිව්‍න්ම.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අයියේ ඒ මනුස්සයගේ ජීවිත අත්දැකීම් මම හිතන්නේ නෑ කාටවත්ම ගන්න පුළුවන් වෙයි කියලා පරිවර්තන යුගයක හිටිය මනුස්සයෙක් තාක්ෂණය ඇතිව හා නැතිව...හරිම පුදුමයි අයියේ

      Delete
  13. අර කතාව නැද්ද අහන්න.
    මමත් කවදාහරි ඔය පොඩි වෙද මහත්තයා හම්බෙන්න යනවා.
    ගැමියට පුළුවන් වෙයිද තව අවුරුදු පහකින් හයකින් මට පාර කියන්න?

    ReplyDelete
    Replies
    1. මගේ ෆෝන් එකේ මෙමරි වැඩ නොකරන නිසා ඒ කතාව දාගෙන එන්න බැරිවුනා ඒත් පොඩි වෙද මහත්තයා ඒක නැති කරගන්න එකක් නෑ මොකද ඒ දේ එයාට ගොඩක් වටින නිසා.... පාර කියන්න බැරි නෑ යමු දවසක මමත් එන්නම්.... වෙද මහත්තයාගේ වෙදකම ගැන ලියුම් එක්කහු කරපුවා කියවන්න ලැබුනාම ඔයාට පුදුම හිතෙයි...

      Delete
    2. නියමයි, අපි යමු දවසක,
      පොඩි වෙද මහත්තයගෙන් ඉගෙන ගන්න පුළුවන් මට.
      ලොකු වෙද මහත්තය දැණුම ඔක්කොම දීල තියනවනෙ.

      Delete
    3. පරම්පරාවෙන් පිට දෙයිද කියන එකයි ප්‍රශ්නේ බලමුකෝ හම්බුවෙලා

      Delete
  14. වචනේ පරිසමාර්ථයෙන්ම වෙදදුරෙක්!එතුමාට නිවන් සුව පතනවා!:-/

    ReplyDelete
  15. මෙහෙම මිනිස්සු අද කාලේ ගොඩක් අඩුයි.. ඒ අතින් ඒ වෙද මහත්මයා දෙවි කෙනෙක්.. එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. වටිනාකම තේරෙන්නේ නැති වුනාමනේ අයියේ මොනා කරන්නද... ස්තූතියි අයියේ

      Delete
  16. වෙද අත්තගේ මතු ජීවිතය යහපත් එකක්ම වේවා..!!

    එතුමා දන්න කියන හැම දෙයක්ම පොඩි වෙදමහත්තයට දීලා තියන එක හොඳයි.. ඔහොම නොවුන එක නිසා තමා අපේ තාක්ෂණය අපිට නැතුව ගියේ...

    ReplyDelete
    Replies
    1. දන්න කියන හැම දෙයක්ම විතරක් නෙමෙයි අවුරුදු විස්සකට හරියන්න බෙහෙත් තෙල් පවා හින්දවලා පොඩි වෙද මහත්තයට භාර කරලා තියෙන්නේ ඒ හැම දෙයක්ම කරලා අංග සම්පූර්ණ වාට්ටුවකුත් හදලා පොඩි වෙදමහත්තයට භාර කරලා තියෙන්නේ නැතිවෙන්න මාසෙකට කලින් ඒක නම් හරිම පුදුමයි අයියේ...

      Delete
  17. වෙද මහත්තයාට නිවන් සැප ලැබේවා.
    අපේ ග‍ම කිට්ටුවත් ඉන්නවා වෙදමහත්තයෙක්. අපේ අත්තම්මා එක තැන්වෙලා බෙහෙත් කලේ ඒ වෙදමහත්තයා. දෙයියනේ කියලා අත්තම්මා දැන් අවු.84ක් වෙලත් තමන්ගේ වැඩපල කර ගෙන ඉන්නවා. ඒ අත්වලට නම් ශක්තිය වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ගොඩක් දෙනෙක් පිළිගන්න මැලි වුනාට සිංහල වෙදකම කියන්නේ සෑහෙන්න දියුණු වෙදකමක්... අත්දැකීමෙන් මමත් දන්නවා... ස්තූතියි අක්කේ

      Delete
  18. ජීවත් වියයුතුම මිනිස්සු එකා දෙන්නා මේ ලෝකේ දාල යනකොට දුකයි තමයි. එත් එක වලක්කන්න කාටවත් බැරිකොට දුක් වෙලා වැඩකුත් නෑනේ ගැමී..

    ReplyDelete
    Replies
    1. දුකයි තමා අයියේ ඒත් මට ඊට වඩා දුකක් තියෙන්නේ මගේ අතින් නොදැන වෙච්චි වැරැද්දක් පිළිබඳව... ඒ ගැනත් අනාගතේ පෝස්ටුවකින් දාන්නම්කෝ

      Delete
  19. අපි කාටත් ඒ වගේ යන්න වෙන බව මතක තියා ගන්න ඕනෙ..වෙද මහතාට නිවන් සුව පතමු...!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබා මාමේ හිතන්න අකමැති වැදගත් කරුණකුත් මතක් කල එක හොඳයි...

      දිවි නම් තණ අග
      පිණි බිඳු වැන්නේ

      Delete
  20. අනේ මේ අර ලොකු වෙද මහත්ත්යද?පව් නේද..ඒ වෙද මහත්තය රෝගීන් කී දෙනෙක් නම් සුව කරල ඇත්ද?මල්ලි ඔයා දුක් වෙන්නෙපා අද වෙද්දි ඒ පිනෙන් එතුමා දිව්‍ය ලෝකෙ ඇති..

    ReplyDelete
    Replies
    1. මේ තරම් දුක හිතුනේ නොදැන මා අතින් සිදුවුනු දෙයක් පිළිබඳ පසුතැවීමක් තිබුනු නිසයි අක්කේ මම ඒ ගැන පස්සේ දාන්නම්කෝ ස්තූතියි අක්කෝ

      Delete
  21. වෙද මහත්තයාට නිවන් සුව අත්වේවා !!!

    ReplyDelete
  22. ඔය තරම් දක්ෂ වෙද මහත්තයට මැරෙන දවස කලින් කියන එකත් වැඩක්ද. ලෙඩුන්ට වෙදකම් කරන එක ලොකු පිනක්නේ. ඉතින් ඒ පිනම ඇති වෙද මහත්තයට. නිවන් සුව පතනවා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් තාමත් පුදුමයි වෙද මහත්තයා නැතිවෙලා තියෙන්නේ අසනීප වෙලා පැය 12ක් යන්නත් කලින් වේදනා රහිත මරණයක්.... ඒ කරපු පිනෙන්ම වෙන්න ඇති...බොහෝම ස්තූතියි..

      Delete
  23. වෙද මහතාට නිවන් සුව පතන්න මමත් එකතු වෙනවා

    මගේ මුත්තත් වෙද මහත්තයෙක් එයා කිසිම දවසක මිනිස්සුන්ට හිනාවෙලා කතා කලේ නෑ ඒත් සතපහක්වත් නොගෙන මිනිස්සුන්ට බේත් කරලා තියනවා ..ඉතින් එයාගේ මලගෙදර දවසේ ගමම ඇඬුවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරු අයියේ... පේදුරු මුත්තා ගැන ඔයා ලියපුවා එහෙම මතකයි ඒවා නිසා තමයි වෙද ගෙදරදි සිදුවෙච්චා ලියන්න මට හිතුනේ... බ්ලොග් ලියන්න සෑහෙන්න කාලයකට කලින් ඉඳන් මම ඔයාගේ බ්ලොග් එක කියෙව්වා... මේ වෙද මහත්තයත් හිනාව අඩු සැර පරුෂ බව පෙන්නගෙන හිටියත් හිත ඇතුලෙන් පොඩි එකෙක් වගේ කියලා තේරුණේ වෙද ගෙදරින් සුව වෙලා එද්දි... වෙද මහත්තයගේ අවසන් කටයුතු වලට යන්න නොලැබීම ගැන තාමත් මට දුකයි

      Delete
  24. වේද මතයට නිවන්සුව ලැබේවා!!
    පොඩි වේද මහත්තයට දිර්ගයුෂ ලැබේවා.!!

    ඇත්තටම දුකත් හිතුනා ඒවගේම වේදමහත්යා කියපු කතාවලට පුදම හිතෙනවා.කොහොමද කියන්නේ මැරෙන දවස.මොනවා හරි ගුප්ත බලයක් තිබුනද?

    ReplyDelete
    Replies
    1. එහෙම බලයක් තිබුණු බවක් මතුපිටින් නොපෙනුනාට මොනා නමුත් තියෙන්න ඇති... තව කතා කිහිපයක් තියෙනවා ඒ ගුප්ත බව වැඩි කරන බලමුකෝ ඉදිරියේදි දාන්න... බොහෝම ස්තූතියි අයියේ

      Delete
  25. වටිනා ශාස්ත්‍රයක් එහෙම්මම තවත් පරම්පරාවකට දුන්න එක ගැනනම් ගොඩක් සතුටුවෙනවා.. ඒ වගේම වෙද මහත්තයට නිවන් සුව ලැබෙන්න ප්‍රාර්ථනාකරනවා..!!!

    ReplyDelete
    Replies
    1. මේ පොඩි වෙද මහත්තයා ලොකු වෙද මහත්තයාගේ පුතා නෙමෙයි එයාගේ දුවගේ පුතා...වෙද මහත්තයාගෙම පුතාලා දෙන්නෙක් ඉඳලා තියෙනවා ඉන් එක්කෙනෙක් මිය ගිහින් අනික් කෙනා වෙදකම් කලත් ඒ පුතාට සාත්තරේ දුන්නේ නෑ කියලා තමයි ලොකු වෙදමහත්තයා කියන්නේ... ඒ පිළිබඳ කතා ලියන්න නම් බලාපොරොත්තුවක් නෑ අක්කේ... බොහෝම ස්තූතියි

      Delete
  26. වෙද මහත්තයට නිවන් සුව පතනවා ගමයෝ මමත්.... මේ වගේ මිනිස්සු අඩුයි....

    ReplyDelete
    Replies
    1. ඒ තරම් වයසක් ඒ තරම් අත්දැකීම් ඇති මිනිස්සු දැන් නම් නැතිව ඇති අයියේ... බොහෝම ස්තූතියි..

      Delete
  27. වෙද මහත්තයට නිවන් සුව පතනවා මමත්..

    ReplyDelete
  28. වෙද මහත්තයට මමත් නිවන් සුව ප්‍රාර්ථනා කරනව......මේ වගේ මිනිස්සු ගැන අහන්න ලැබීමත් සන්තෝසයක් මලයො.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ ඉස්සරහට නම් මෙහෙම අය අහන්න නැතිවෙයි අයියේ....

      Delete
  29. වෙද මහත්තයාට මොක් සුව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණා අක්කේ ප්‍රාර්ථනයට...

      Delete
  30. හොඳවැඩ කළානං බයවෙන්න දෙයක්නෑ. හොඳ තැනක ඇති.

    ReplyDelete
    Replies
    1. හැම මනුස්සයෙක්ම හොඳ වගේම නරකත් කරනවනේ අයියේ වෙද මහත්තයත් එහෙමයි ඒත් ඉතින් වැඩි බර වැටෙන්නේ කරපු හොඳ දේවල් වලට....ස්තූතියි අයියේ

      Delete
  31. මේ වගේ අය හරිම දුර්ලභයි. අපි එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු !

    ReplyDelete
  32. ඔන්න අද තමයි මමත් මේපැත්තට ආවෙ

    අත තිබ්බත් සනීපවෙන පුදුමාකාර අත්ගුණයක් තියෙන සිංහල වෙද මහත්තුරු මේ ඇස්දෙකට දකින්න පින්කරල තියෙන්නෙත් දෙන්නයි....දේශීය වෙද පරම්පරාව රැකගෙන අදටත් පිරිසක් ඉන්නව කියල දැනගන්න ලැබීමක් පුදුමාකාර සතුටක්....

    ලොකු වෙදමහත්තයට නිවන්සුව ප්‍රාර්ථනා කරනව අයියේ......

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි නංගී.... අපිට ආඩම්බර වෙන්න පුළුවන් තාක්ෂණයක් මේක ඒත් ඉතින් බටහිරගැතිකම මේ වෙදකම අපිව ඈතට තල්ලු කරනවනේ..

      Delete
  33. ලොකු වෙද මහත්තයට නිවන් සුව ලැබේවා කියලා මමත් පතනවා මල්ලි... ඒ වගේ අය දැන් කාලේ ගොඩක් අඩුයි..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කේ ප්‍රාර්ථනාවට

      Delete
  34. පව් වෙද මහත්තයා..

    ඔහුට නිවන් සුව.. ඔය කතන්දර ඇත්තකුත් තියෙනවා මචං !

    ReplyDelete
    Replies
    1. කාලය ආපුවාම ඕන වීරයෙක්ට යන්න වෙනවානේ....ස්තූතියි අයියේ ප්‍රාර්ථනාවට ඇත්ත කතා වුනත් නවීන තාක්ෂණේට ඒවා අහුවෙන්නේ නෑනේ අයියේ ඒ නිසා ලංකාවේ අයත් විස්වාස කරන්න මැලි වෙනවානේ

      Delete
  35. කලින් කතා වගේම ගුප්ත ගතියක් තියෙනවා. මොනව උනත් ඇත්තටම දුක හිතෙනවා. මමත් නිවන්සුව පතනවා එහෙනම්.

    ReplyDelete
  36. අනේ මන්දා ගැමියෝ. මම මේ පෝස්ට් එක විතරක් කියෙව්වා නම් කිසි අවුලක් නෑ නිවන් සුව පතනවා. නමුත් මුලු සීරීස් එකම කියවලා ඉන්න නිසා...ඔන්න ඔහෙ ඒක අල්ලලා දාමු.
    වෙද මහතාට නිවන් සුව!

    henryblogwalker the Dude

    ReplyDelete
  37. මමත් මුහුන දීපු අසීරුම වැඩේ තමා මේ පෝස්ට් එක එක හිතකින් පබ්ලිෂ් කරම්දෝ නොකරම්දෝ කියන එක...මේ වෙද මහත්තයා සම්බන්ධ ගුප්ත කතා අසමජ්ජාති කතා තියනවා ගමකට ඒත් දැන් ඒවා දාම්දෝ නොදාම්දෝ කියලා කල්පනා කර කර ඉන්නේ....කොයි මිනිහගෙත් අඳුරු පැත්තක් වගේම හොඳ පැත්තකුත් නැතුවා නෙමෙයිනේ ඉතින් මම අන්තිමට හිතා ගත්තා හොඳ චුට්ටක් තිබුනත් ඒ චුට්ටට ගරු කරන්න ඕන කියලා...මොනා උනත් මාව සුව කලානේ ඒකම මදැයි

    ReplyDelete
  38. එතුමාට නිවන් සුව පතනවා

    ReplyDelete
    Replies
    1. can anyone tell me address of this place and hw to go there?//

      Delete
  39. පහත ලිපියේ මැද මේ සොහොයුරියට වෙදකම් කරනවාය කියන්නේ ගැමියා අපිට හදුන්වලා දීපු වෙදමහත්තයාද කියලා ටිකක් බලන්න.මොකද වට්ටාරම තියෙනෙත් ඉඹුල්ගස්‌දෙණිය ගමේ නිසා.
    ත්‍රස්‌තවාදයේ අඳුරු අහසින් නැඟුණු
    සන්ධ්‍යා තාරකාවිය http://www.divaina.com/2011/07/17/feature20.html

    ReplyDelete
  40. Machan mama atha kadila inne plate daanna wei kiyana thathwe inne. maya me wedagedara thiyena ythana hari address ekak hardenna puluwannam loku deyak. mage e mail eka anojmandakini
    ya@gmail.com

    ReplyDelete