Monday, February 27, 2012

ලොකු පපඩමක් ගැහුවා කරමණක්


දෙවන වර උ/පෙළ කරන්න යන කාලේ වෙච්චි සිද්ධියක් මතක් වුනු නිසා හිතුනා ලියන්නෝන කියලා.මගේ කොන්දේ ආබාධය දරුණු වෙලා ඇවිදින්න බැරි තත්වෙට පත්වුනෙත් මේ කියන්න යන සිදුවීමෙන් පස්සේ.මේ සිද්ධිය වුනේ 2011 පෙබරවාරි මාසේ අන්තිම සතියේ සිකුරාදාවක.දෙවන වර උ/පෙළට පන්ති ගියපු අවසාන දවසත් ඒක.


වැස්ස දවසකට උදෙන් නැගිටලා පන්ති යනවයි කියන එක තමයි මට කරන්න අමාරුම වැඩේ නිදාගෙන ඉන්නකොට බෙල් එක වදිනකොට මට මාත් එක්කම තරහයි මුල්ම සැරේ හරියට වැඩ කරගෙන ගොඩ ගියානම් උදේ නැගිටං මැරෙන්න වෙන්නේ නෑනේ.මොනා කරන්නද මොලේ වැඩෙන්නේ පරක්කු වෙලානේ.මේක කියවන උ/පෙ කරන එවුන් ඉන්නවනම් දැන්වත් හැදියල්ලා නැත්තම් බඩුම තමා. මේ සිද්ධිය වුනු  දවසෙත් අම්බානක වහිනවා අපිට දුෂ්‍යන්ත සර්ගේ පන්තිය තියෙන්නේ රොටරියේ වලේ හෝල් එකේ.වැස්ස දවසට ඒකේ දියවැල් ගලනවා හැම අතින්ම මාර සනීපයි.

කෙහෙල්මල් වැස්සක් අස්සේ එලාම් එකත් කලින් වදිනවා මම ඒක සයිලන්ට් කරලා පැත්ත හැරිලා තව ටිකක් දොයියුවා වැස්ස ටිකකින් පායයිනේ කියලා.ටික වෙලාවකින් නිකන්ම නැගිට්ටුනා වෙලාව බැලින්නං 6යි.මල මගුලයි 6.30ට පන්ති පටන් ගන්නවා දෙලොව රත්වෙලා දුං දාන්න ගත්තා වෙනදාට විනාඩි 10න් 10ට වදින එලාම් එක වැදුනේ නෑනේ.යන්තම් මූණ කට හෝදන් ඇදුමක් දාගේන පොත් දෙකයි ටියුට් කැටියකුයි අතේ අරන් පාරට බැහැලා බස් එකක එල්ලුනා.හොරණ කොළඹ බස් ගැන දන්න අය දන්නවානේ.ෆුට් බෝඩ් එකේ එල්ලිලා හිටිය මට සෙනග බහින වාරයක් පාසා හොදට නාගන්න වුනා බහින අයට බැහැලා ඉඩ දෙන්න ගිහින්.(හොද පාඩම් උඹේ කම්මැලිකමට....මටම බැනගන්නවා ඇරෙන්න මක් කරන්නද).

කොහුවලින් බහිද්දි ආයේ ගන්න දෙයක් නෑ හෝදලා ඇග ගසපු ඩියුලක්ස් බලු කුක්කෙක්ගේ වගේ කොන්ඩේ අකුණු සන්නායක වගේ කොණ්ඩේ උල් උල් වෙලා.රබර් සෙරප්පු දෙකෙන් මඩ ඉහලා කලිසම දිගටම.සෙරප්පු දෙක කොච්චර ගතිද කියනවනම් කහ ඉරට අඩිය තිබ්බ ගමන් මාව බිම ඉන්දුනා....

කවුද යකෝ කහ ඉරේ තෙල් හලපු බූරුවා @%#$%&$*^&%( ”

මම කාටවත් බැන්නේ නෑ ඉතිං ඉන්දුනු ඉන්දිල්ලට කියවුනා.ආයේ වටපිට බලලා කවුරුත් දැක්කේ නෑ කියලා හිතලා රොටරියට යනකන් ඉගිල්ලුනා වෙලාව 7.30දැන්.මේ පැය ඇති දුෂ්‍යයන්ත සර්ට පාඩමක් ඉවරකරන්න.ඇගේ ලේ නැතිව හිටියේ.

පට් ගාලා රොටරියට එන්ටර් වෙලා කාඩ් එකත් මාක් කරගත්තා.එදා කාඩ් මාක් කරන්න හිටිය අනිල් අංකල් කිව්වා බලාගෙන යන්න පඩිපෙල ලිස්සනවා කියලා.මමත් ඉතිං අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන් වගේ හිමින් සැරේ පඩියෙන් පඩිය බැස්සා පෙට්ටියා මාව දැකලා හිනාවක් එහෙම දාලා ආයේ බිම බලාගත්තා මමත් ඉතිං වාඩිවෙන්න තැනක් හොයන ගමන්  පොළවට අඩිය තිබ්බා ඒ විතරයි............

එතැන ඉදලා වෙච්චි සිද්ධිය වෙනත් ඈන්ගල් එකකින් ලියන්නම්කෝ. පෙට්ටියාගේ ඇසින් දැකලා පස්සේ කට්ටියට කියපුවා තමයි මේ

ගැමියා පඩිපෙල බැස්සේ නිකන් නින්දෙන් ඇවිදිනවා වගේ මම මූට හිනාවක් දාලා පොත දිහා බලලා ආයේ ගැමියා එන දිහාව බැලුවා.....

මූ මිසිං....... එතකොට තමයි මුගේ පොත් ටිකයි ටියුට් ටිකයි උඩ පාවෙනවා දැක්කේ මට නිකන්ම නැගිටුටුනා මූ කොහෙද අන්තරස්දාන උනේ බලන්න කෙල්ලෝ හිනාවෙනවා නැතිවෙන්න..... කොල්ලොත් සැරට හූව දුන්නා.ඒත් මූ නෑ.ආයේ සැරයක් කෙල්ලෝ හිකි හිකි ගාලා හිනාවෙන්න ගත්තා.මම බැලුවා මූ කෙල්ලොන්ගේ අස්සේ මොනා කරනවද කියලා.ඊටත් ටික වෙලාවකට පස්සෙයි මූ නැගිටලා කොන්ද නමාගෙන ඇවිත් ඉස්සරහා පේලියෙන් වාඩි වුනේ.සර්ටත් හිනා සර් මූ වැටෙන කොටම සර් දැකලා කියාපි....

ම්ම්ම්ම්ම්.........හා හා මේ කාලේ වැටෙන්න හොද නෑ....

පෙට්ටියා ඇක්ටිං කරන ගමන් කිව්වේ කස්ටියට.මට එදා නෝන්ඩි ගොඩයි ඉන්ටර්වල් එකට යන එන එවුනුත් ඇවිල්ලා අහනවා ඒ උඹද බං උදේ පාන්දර වැටුනෙ කියලා

ඇත්තටම උනේ මේකයි පඩිපෙල ලිස්සනවා කිව්වට කවුරුත් මට කිව්වේ නෑනේ පොළව ලිස්සනවා කියලා,මම ඉතින් අත්ත බිදෙයි පය බුරුලෙන් කියලා පඩියට යන්තම් අඩිය තිය තිය ඇවිත්,මොනා බිදෙන්නද පය හයියෙන් කියලා පොළවට අඩිය තිබ්බා.ඒ තියපු වේගෙට මාව ලිස්සලා අතේ තියපු පොත් සේරම උඩ විසි වුනා හරි ලස්සනට ෆිල්ම් එකක වගේ.වැඩේ කියන්නේ මාව ලිස්සලා ගිහිල්ලා හිරවුනේ කෙල්ලෝ රොත්තක් වාඩි වෙලා හිටපු ඩෙස් එකක් අස්සේ මට නැගිටින විදියක් හිතා ගන්නවත් බෑ ත්‍රිභංග ලීලාවෙන් ඩෙස් එක යට හිරවෙලා හිටියේ.වැස්ස නිසාද කොහෙදෝ කෙල්ලෝ ඔක්කොම ඇදන් හිටියේ කොට සායවල් මම වැටුනු පාරට ගැස්සුනු එවුන් කකුල් එකතු කරගන්න ට්‍රයි එක දෙතුන් දෙනෙක්ගේ පා ප්‍රහාරවලටත් ලක් වුනා(අපේ එවුන් මේවා දන්නවනම් මාව එදාම මස් කරනවා).

එතන කොයි තරම් හොද වුනත් දැන් ඉතිං ඩෙස් එක යටම ඉන්න බෑනේ සර්ත් නෝන්ඩිය දානවා ඉතිං චුට්ටක් දණ ගාගෙන ඇවිත් කකුල බර කරලා නැගිට්ටා ඒත් මගේ වම් කකුල නිකන් නෑ වගේ ඒ මදිවට කහ ඉරේ තිබුනු තෙල් පවර් එකටමද කොහේදෝ අති සාර්ථක දෙවැනි වරටත් මාව බිම පත බෑවුනා.කෙල්ලෝ ආයේ හිකි හිකි ගාලා හිනාවුනෙත් ඕකටම තමයි.මගේ ටිකිරි මොලේට තේරුනා ආයේ නැගිට්ටත් මෙච්චරයි කියලා ,ඉතින් අර දෙනෝදාහක් ඉස්සරහා කිරි බීපු හිච්චි කාලේ මතක් වෙන්න දණ ගාලා,වැටුනු පොතුයි ටියුටුයි එක්කහු කරන්, දණ ගාගෙනම කෙල්ලොන්ගේ ඩෙස් පේළියත් පහු කරන් වතුර නැති කලාපෙකට ඇවිල්ලා කොල්ලො හිටපු ඩෙස් එකක් අල්ලගෙන නැගිටලා ඇවිත් තමයි වාඩි වුනේ.මගේ කනෙන් පේනවා කෙල්ලෝ මාව බයිට් එකට අරන් හිනාවෙන හැටි මට ඇහෙන්න එක එක ඒවා කිය කිය.

කෑවායිනුත් කෑවේ නෑ මෙහෙම බයිටක්.එදාම හවසත් නුගේගොඩ මාකට් එකේ පඩිපෙලෙත් රොත්ත බුරුත්ත එක්ක වැටුනා ලිස්සලා .ඒ වැටෙන එකෙක්ව ඇල්ලුවාම(මණ්ඩිපාලව) ඒ එක්කම ඇදිලා ගිහින්.ඊට පස්සේ  කොන්දේ ප්‍රශ්නේ උග්‍ර වෙලා ඇවිදින්න බැරිව පන්ති යෑම නතර කරලා දැම්මා...

කොන්දේ කේස් එක යන්තම් ගොඩ ගියාම ආයේ උ/පෙ කරන්න හිතුනා.මම ඉතිං දෙවෙනි පාර ආයේ උ/පෙ කරන්න යද්දි දුෂ්‍යන්ත සර් හම්බුවෙන්න ගියා ඒ ගියේ පරණ කාඩ් එක පෙන්නලා ඇඩ්මිෂන් නොගෙවා පන්තියට යන්න සර්ගේ අත්සන ගන්න.මගේ අතේ තිබුනේ පෙබරවාරි මාසේ කාඩ් එක නිසා මම සර්ට පොඩ්ඩක් පැහැදිලි කරන්න ගියා මෙහෙම....

සර් මම 2008 ඉදන් සර්ගේ පන්ති ආවා ගිය අවුරුද්දේ රිවිෂන් එකටත් ආවා....

මට ඊට එහා කථා කරන්න හම්බුනේ නෑ සර් හිනාවෙලා කියපි

අහ් මට මතකයි මට මතකයි අර ගිය අවුරුද්දේ වලේ වැටුනු එකානේ නේද??? 

 ප/ලි

85 comments:

  1. සර්ට පට්ට මීටර් එකක්නේ තිබිලා තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. මීටර් නොවී තියෙයිද පෙරේතයා පොලේ ගැහුවා වගේ පන්තිය ඉස්සරහා ඇදගෙන වැටුනාම හි හි සර්ත් බයවෙලා බලන් හිටියේ එක පාරට ඇහිච්ච හූවයි හිකි හිකියයි නිසා මම වාඩිවෙලත් ටික වෙලාවක් ගියාට පස්සේ සර්ත් පියවි සිහිය ලැබුවේ....

      එදා ඉන්ටවල් දෙන්න කලිනුත් සර් කිව්වා පරිස්සමෙන් එහෙ මෙහෙ යන්න දැක්කනේ එක්කෙනෙක් වැටුනා වැටුනට නෙමෙයි එකෙක් මැරුණත් මේ රොටරිය රොටරියමයි ජීවිතේට හදන්නේ නෑ කියලා....කතාව තාමත් ඇත්ත දැන් වල ඉස්සරහා මිනී පෙට්ටියක් බස්සවන්න පුළුවන් සයිස් තඩි කානුවක් තියෙනවා

      Delete
  2. Vasitha (පෙට්ටියා)February 27, 2012 at 10:29 AM

    නියමයි මචං. මේ සීන් එක නම් මලාට අමතක වෙන්නෙ නෑ...........
    :D :D :D

    ReplyDelete
  3. අයියෝ පට්ට සීන් එක... මමත් මේව සියැසින් දැක්ක නෙව, හැබැයි උඹ කලින් කියල වැටුන නම් මම ඉස්සරහම පේළියෙ හිටපු නිසා ලස්සනට වීඩියෝ පාරක් දාල පස්සෙ පට්ට ආතල් එකක් ගන්න තිබුන... හැක්... හැක්...
    ---------------------------------------------------
    //ඒ වැටෙන එකෙක්ව ඇල්ලුවාම(මණ්ඩිපාලව) ඒ එක්කම ඇදිලා ගිහින්.ඊට පස්සේ කොන්දේ ප්‍රශ්නේ උග්‍ර වෙලා ඇවිදින්න බැරිව පන්ති යෑම නතර කරලා දැම්මා...//
    මේ පෝස්ට් එක කියවල මම ලබපු ආතල් එක අන්තිමට සුනු විසුනු කරල දැම්ම බං මෙන්න මේක, මම නිසාද බං උඹ පන්ති යන එක නැවැත්තුවෙ.. මම මේ මොහොත වෙනකන් ඒක දන්නෑ බං, සුපර් මාකට් එකේ ලිස්සුව මතකයි, ඒත් බං...
    ---------------------------------------------------
    ජය ශ්‍රී...!!!

    ReplyDelete
    Replies
    1. හි හි වෙලාවට උඹට නොකියා වැටුනේ නැත්තම් ෂෝක් වීඩියෝ පොඩ්ඩක් එල්ලන්න තිබ්බා බ්ලොග් එකේ... අනේ යකෝ...

      උඹ මොනා කරන්නද බං සුපර් මාර්කට් එක හදපු ගොන් හරක් එළියේ තියෙන පඩිපෙල් වලට ටයිල් ඇල්ලුවට... අනික ගයන්ත මුලින් වැටුනාම උඹ ඌව අල්ලගත්තාමනේ උඹවත් ඇදිලා ගියේ.උඹට මතක ඇතිනේ මම කොන්ද අල්ලන් හිමින් යමන්කෝ කිය කිය ආපු හැටි...කොහොම හරි ඊට පස්සේ සතියේ අඟහරුවාදා මම වෙද ගෙදරට ගියානේ උඹට කියන්න සෙට් වුනෙත් නෑ...මේක ලියද්දියි බං ආයෙම මතක් වුනේ... එල එල ඕවට තමයි කියන්නේ ටයිමිං එකේ අප්සට් එක කියලා

      Delete
  4. උඹ කොහොම ලියල තිබ්බත් මට නං අප්සට් අයියේ. මිනිස්සු ගැන කලකිරෙන්නෙ ඔය වෙලාවට තමයි. වැටුණු මිනිහෙක්ට හිනාවෙන්න පුලුවන්නං නැගිටින්න උදවු කරන්නත් පුලුවං වෙන්න ඕනෙ. දෙවෙනි පාර වැටෙනකොටවත් මුන්ට තේරෙන්නැද්ද මූට අමාරු ඇති කියලා. ෂික්...

    ReplyDelete
    Replies
    1. ඕවා ඔහොම තමයි බං අපි කොල්ලොනේ තනියම තමා නැගිටින්න වෙන්නේ... සැලෙන්න එපා බට්ටෝ තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා කියලා තියෙනවලු නේද... හැබැයි ඉතින් එතන තිබුණු තත්වේ හැටියට තව එකෙක් ආවත් පතබෑවෙනවා

      Delete
  5. හප්පා මන්ඩියත් ඉන්නව කේස් එකේ...මේ වෙනකං උඹ ඒක මන්ඩියට කියලා තිබ්බේ නැද්ද....කොහොම උනත් දැන් උඹට හොඳයි නේ...අර ඩෙස් බංකු අස්සේ කෙල්ලො පයින් ගහද්දී උඹ වැටිලා හිටපු හැටි මැවිලා පේනවා...කොම්පූටර් ක්ලාස් එකේ ප්‍රැක්ටිකල් වලට ගිහිල්ලා අර කැරකෙන පු‍ටුවක වාඩි උනා...රෝද ලිස්සලා ගිහිල්ලා මාව උඩුබැලි අතට හාන්සි කෙරුනා..තරමක් කොට සායක් ඇඳපු ලෙක්චරස් අක්කා ඇවිල්ලා මොකද උනේ ඇහුවා..එතකොටම මට කලන්තේ දැම්මා....ඒ වෙනකොටත් මම උඩබැලි අතට බිම හිටියේ.....

    ReplyDelete
    Replies
    1. මන්ඩියට කියන්න බැරිවුනා අයියේ ඒ වැටිලා දවස් තුනෙන් මම වෙද ගෙදර නැවතුනානේ... දැන් නම් හොඳයි දැන් තියෙන්නේ සුළු සුළු කේස්.. හපෝයි මවන්න එපෝ සසර කල කිරෙයි...

      හි හි ඕං මටත් මැවිලා පේනවා අයියා හිටිය විදිය ඇස් ලොකු කරගෙන මරුවට තියෙන්න ඇති කලන්තේ දාපු එකනම් අහන්නත් දෙයක් යැ මෙහෙම හිටියට අයියා කිසිම දෙයක් දැකලා නෑනේ(ඇයි දන්නේ නෑ නොදුටු ලොවක් කියලා දැම්මේ)

      Delete
  6. වැටෙන්න වැටෙන්න නැගිටින්න ඕනා.. වැටුනම දනගාන්ඩ හොඳ නැහැ.

    මමත් නිකන් ඉන්ඩ බැරුවට දෙවෙනි පාර කරන්ඩ ගිහිල්ලා, පැපොල හැදිලා නවත්තලා දැම්මා.. අද හිතෙනවා පැපොල කොච්චර හොඳද කියලා...

    ReplyDelete
    Replies
    1. අයියනම් කියයි ඒ වෙලාවේ තුන්වෙනි පාරත් නැගිටින්න ගිහින් වැටුනනම් වහ කන්න වෙන්නේ අර කෙල්ලෝ රොත්ත ඉස්සරහා ඒකයි දණ ගාගෙනම එතනින් ආරක්ෂිත කලාපයකට දණ ගෑවේ ඔව්වට කියන්නේ උපක්‍රමශීලීව පසු බැසීම කියලා හි හි ....

      මටත් ඔහොම්ම හිතුනා අනික් අය විභාගේ ලියද්දි ඒත් දැන් රිසල්ට්ස් ආවාම හිතෙනවා අපරාදේ මේක නොවුනනම් කොහොමහරි විභාගේ කොරන්න තිබුනනේ කියලා....හලේ මන්දල්ලෑ මට දැන්නම් පිස්සු වගේ අප්පා

      Delete
  7. කොන්දේ අමාරුවත් තියාගෙන වැටුන එක තමා නරක...නැත්නම් ඉතින් කොච්චර වැටුනත් මොකද නේ? :) ඔයාල ඔක්කොගෙම සෙරෙප්පු මාර ගති නේ අප්පා..

    ReplyDelete
    Replies
    1. //නැත්නම් ඉතින් කොච්චර වැටුනත් මොකද නේ? :)//

      නැතුව නැතුව හි හි වැටුනු ගමන් මම ඔළුව හරවලා බැලුවේ කොහෙද යකෝ මේ..!! කියලා ඊට පස්සෙයි සර් දිහා බැලුවේ...

      සෙරප්පු ගැන නම් කියලා වැඩක් නෑ අක්කේ අහුවෙන රබර් කෑලි දෙකක් දාගෙන යන්නේ සමහර වෙලාවට ඒවගේ අඩිය හිල් වෙලා කඩලත් යනවා ඒත් අපිට ඔව්වා ගානක් නෑනේ කොල්ලො වෙච්චි එකේ වාසි තමයි ඉතින්.ඩෙනිමකුයි ෂර්ට් එකකුයි ඇති ඕන තැනක ගිහින් ඉඳලා එන්න

      Delete
  8. අපිත් සර් ගේ පන්ති ගිය උන් තමා... චාටර් දානවා...මොන කරන්නද ඉතින් වැටි වැටි තමා නැගිටින්න ඕනා. කරුමෙට(?) ඉතින් කෙල්ලෝ ගාවටම ගියානේ.. එත් දන ගාපු එක තමා අවුල....

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද මලේ අනික ඉතින් කවුදෝ කියලා තියෙනවලු නේද තරුණ කාලෙදි කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලන්ටම දණ ගාන්න සිද්ධ වෙනවා කියලා හි හි මට හිතෙන්නේ ඒ චාන්ස් එක මට කලින් ඇවිත්.... සර් ගැන කියනවනම් ඒ තමයි මම දැකපු හොඳම ගුරුවරයා ඒත් එක දිගට මට ක්ලාස් යන්න බැරිවුනු එකයි අවුල

      Delete
  9. ඒ සෙරෙප්පු දෙක පොඩි කාලෙ ඉඳන්ම දාන එකක්ද....?
    හයියෝ... ඔක්කොටම හපන් කෙල්ලන්ගෙ ඩෙස් එකක් යටම පත බෑවිච්චි එක....
    කලින් කොන්දෙ අමාරුවක් තිබ්බ කෙනෙක් දවසට හතරපාරක් විතර ඔහොම වැටුන කිව්වම....

    ReplyDelete
    Replies
    1. ලෙලි යනකන්ම සෙරෙප්පු දැම්මේ නැත්තම් නිකන් හරි නෑ හරි නෑ වගේ අනික තඩි හිල් හැදෙනකන්ම ඕවා දාන්නත් හේතුවක් තියෙනවා.....සෙරෙප්පු ගන්න දෙන සල්ලි වලින් ඊට වඩා ප්‍රයෝජනවත් වැඩ කොච්චරනම් තියෙනවද අක්කෝ... කෙල්ලෝ ඉන්න ඩෙස් එකක් යටට රින්ගන එක එසේ මෙසේ කොල්ලෙක්ට කොරන්න පුළුවන් වැඩක්ද.ගිහින් කන පලා ගන්නේ නැතුව ආපු එකම මදැයි..... හරියටම හතර පාරයි හි හි එදානම් වැටෙන්නම සෙට් වෙච්චි දවසක්ද කොහේදෝ..වෙලාවට අත්දෙක හයියයි නැත්තම් බස්එකෙන් එහෙම වැටුනනම් මේ බ්ලොග් එක ලියයිද

      Delete
  10. හිකිස්... හයියෝ..පණ යනවා හිනා වෙලාම.. මම වගේ ඔය ක්ලාස් එකේ හිටියා නම් මට ඔයාව දකින දකින පාරට හිනා යාවි ඊට පස්සේ.. හී හී

    ReplyDelete
    Replies
    1. මගේ වෙලාව කියන්නේ එදා පන්තිය ඇරෙනකන්ම මගේ එහා පැත්තේ ඉන්න කෙල්ලෝ මම ඔළුව කැසුවත් හිකි හිකි...කනෙන් වගේ ඒ පැත්ත බැලුවත් හිකි හිකි... අඩුගානේ අතක් පයක් හොලවන්න දුන්නේ නෑ මාව පුපුරනවා තව ඩිංගෙන්.

      දිගටම පන්ති යන්න උනානම් ආයේ දෙකක් නෑ ඔයා වගේ කෙල්ලෝ සීයකගේ විතර හිකි හිකි නාදේ අහන්න තිබුනා

      Delete
  11. Gamiya umba oya dawas wala kendare baluwe nadda ?... Aparade mata oya seen tika miss wuna.. Wala mathak wenakotath baya hithenawa.

    ReplyDelete
    Replies
    1. මොන කේන්දරද බොල ඒක කොහේ තියෙනවද දන්නේ නෑ...වෙලාවට උඹට ඒ ටික මිස් වුනේ නැත්තම් උඹ අහපු දැකපු ඒවත් එක්ක උඹ දවසක මාව විකුණනවා....මට තාමත් බයයි ඕයි

      Delete
  12. හි හි!:P
    ගැමියත් අපේ age 1මයි බලන් යද්දී නේද??:)

    ReplyDelete
    Replies
    1. අඩේ බලාගෙන ගියාම සෑහෙන්න පිරිසක් ඉන්නවනේ මගෙ වයසේ එල එල... අනේ මම වලේ වැටෙද්දි ඉස්සරහ පේලි වල හිටිය එක කෙල්ලෙක් හරි වැරදිලාවත් මේ පෝස්ට් එක කියවයිද දන්නේ නෑ

      Delete
  13. සර් අරෙහෙම ඇහුවට පස්සෙ මලයට ඒ පන්තියට නොගියනං හොඳයි කියල හිතෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා මට නිකන් මෝටාර් එකක් ගැහුවා වගේ පස්සේ සර් කියාපි සෑහෙන්න වැඩ ටිකක් කරන්න තියෙනවා හැමදාම එයාට පේන්න ඉස්සරහම පේලියේ වාඩිවෙන්න කියලා....වහ කනවා ඉතින්.සර්ට ඔහොම නම් අර ඉස්සරහා පේලි වල හිටිය කෙල්ලොන්ට කොහොම මතක ඇතිද....

      Delete
  14. අනිල් සර් දුශ්‍ය්න්ත සර්ට කියන්නේ පැංචා කියලා... හික්ස්ස්ස්

    අඩේ ඔහොම වැටිලා කෙල්ලො ගොඩක් මැදට යනවනම් හැමදාම වැටෙන්නම්කෝ එපා කියද්දිත්

    ReplyDelete
    Replies
    1. කවුද බොලේ අනිල් සර් කියන්නේ මගේ මතකෙට නම් එන්නෙම නෑ....මේ විදියට වැටෙන්න නම් සෑහෙන්න ප්‍රගුණ කරන්න වෙනවා මොකද ලිස්සිලා ඩෙස් එක ඇතුලට යනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමේ...වැටුනායින් පස්සේ හැබැයි නැගිටලා එන්න හිතෙන එකක් නෑ....මේ මුල්ම පාරද මේ පැත්තේ ආපු?? සාදරෙන් පිළිගන්නම්

      Delete
  15. අනිත් අය අමාරුවෙ වැටුනාම හිනාවෙන්න හොඳ නෑ තමයි මලේ ඒත් මේ කතාවට නම් හොඳටම හිනාගියා..කොහොම වුනත් ඔයා මාරක අපලයකින්නෙ බේරිලා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. හිනාවෙන්න නම් හොඳ නෑ තමයි එදා දුෂ්‍යන්ත සර් ඇර මුළු පන්තියම හිනා උනා පණ යනකන්....දැන් නම් හිතෙනවා මොකාක් හරි හේතුවක් හන්දදෝ මෙහෙම දේවල් එක දිගට වුනේ කියලා.... හැබැයි ඉතින් එක මාරක අපලයක් කල් ගියා විතරයි තව ටික දොහකින්(මාස4) ඒක පල දෙයි හි හි

      Delete
  16. හික් හික්... වැටෙනවා දැක්කානම් පව් කතාව පැත්තක තියලා මටත් විසිල් එකක් ගහන්න හිතෙනවා. සර් කාරයට එච්චර මීටර් ද බන්.

    //මුල්ම සැරේ හරියට වැඩ කරගෙන ගොඩ ගියානම් උදේ නැගිටං මැරෙන්න වෙන්නේ නෑනේ.මොනා කරන්නද මොලේ වැඩෙන්නේ පරක්කු වෙලානේ.මේක කියවන උ/පෙ කරන එවුන් ඉන්නවනම් දැන්වත් හැදියල්ලා නැත්තම් බඩුම තමා//

    අපිටද මේ අවවාදය?

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා විසිල් එකක් විතරයි අඩු පන්තියේ එවුන්ට විසිල් ගහන්න සිහියක් තිබ්බේ නෑ හි හි.... සර්ට මීටර් නොවී තියෙයියැ මෙහෙම වැටුනු එකෙක්ව ජීවිත කාලෙටම දැක්කමයි මම හිතන්නේ....

      අවවාදේ මම මටම කරගත්ත එකක් බං උඹට නම් තාම මේක කියන්න කල් වැඩියි

      Delete
  17. ඕක කිව්වමනෙ ගැමිය මලේ මට කතාවක් මතක් වුනේ.

    9 වසරෙදි මමයි තව බුවෙකුයි ගිය විද්‍යාව ක්ලාස් එකේ කෙල්ලොන්ට පුට් සයිකලෙන් වෙට්ටු දාන්න ගිහින් සති 2ක් වැටුන පිට පිටම. කෙල්ලොන්ට ඊට වඩා ආතල් එකක් තිබ්බෙ නෑ.

    කොහොමද කෙල්ලො ගොඩක් ඉස්සරහ වැටිල නැඟිටිනකොට ෂෙහ් කියල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ අත්දැකීම් ඔහොම දෙයක් උනාට පස්සේ දාන හිකි හිකිය තමයි දිරවන්න බැරි එක්කෝ හිනාවෙයන් කට ඇරලා...

      මායි මගෙ යාළුවෙකුයිත් මීට කාලෙකට ඉස්සර ඔහොම වෙට්ටුවක් දාන්න ගියා මම හිටියේ බයිසිකලේ පොල්ලේ වාඩි වෙලා හැන්ඩ්ල් එක අල්ලන්.. යාළුවා මාව අල්ලන් පෑගුවේ...ඉස්සරහින් ආපු නංගි කෙනෙක් දැකලා ඌ කිව්වා ඒ පැත්තට කපහන් කියලා ඒ වෙලාවේ මට අමතක වුනා හැන්ඩ්ල් එක තිබ්බේ මගේ අතේ කියලා දෙන්නම පත කාණුවකට සෙට් වුනේ.... එදා ඉඳන් ඒ කෙල්ල අපිව අඳුන්වන්නේ බයිසිකල් ඩබල කියලා...

      ඔහොම දෙයක් උනාට පස්සේ කෙල්ලෝ දාන බැල්මට් එකට රෙදි ගලවන් යන්න හිතෙන්නේ

      Delete
  18. කෙල්ලන්ගෙ ඩෙස්ක් යට ඉන්න කොට ෆ්ලෑෂ් ලයිට් එහෙම වැදුනෙ නැද්ද මූනට ?

    ReplyDelete
    Replies
    1. ඒ වැදුන සැර වැඩි නිසා නේ ටිකක් වෙලා ඒ විදියටම ඉඳල තියෙන්නේ.

      Delete
    2. හි හි ඔබා මාමාත් සිද්ධිය හිටු කියලා මවන්න ට්‍රයි එක නේද...

      සාමාන්‍යයෙන් ඉස්සරහම පේලි වල ඉන්න කෙල්ලෝ බොහෝම විනීතව ලයිට් ඕෆ් කරන් ඉන්නේ(අපි බලන්නේ නෑ ඒත් ඉතිං එද්දි පේනවනේ).එදා මම වැටුනු වෙලේ කලබලේට එයාලට එයාලගේ ඉරියව් අමතක වෙලා වැඩි ආරක්ෂාකාරි පියවර ගත්තලු(එකක් පිට එකක්).එයිනුත් මට හොඳටම මතක ලා ක්‍රීම්පාට සායක් ඇඳපු කෙනෙක්ව(මූණ සුදුද දන්නේ නෑ)එයා තමයි මගේ උරිස්සට තද බල ප්‍රහාරයක් එල්ල කලේ එයාගේ එකක් පිට එකක් දාගන්න මෙහෙයුමේදි...

      දැං මවාගන්නකෝ ඔබා මාමේ හි හි....
      ------------------------------------------------------
      අසරණයා අයියේ,

      අයියටත් අත්දැකීම් තියෙනවා වගේ දෑස් නිලංකාර වීම් ගැන.මට හිතෙන්නෙම ඒක කඩාකප්පල්කාරි කාන්තා ක්‍රියාවක්.දෙවෙනි පාර වැටුනෙත් ඒ සැරටද දන්නේ නෑ හි හි

      Delete
  19. හික්ස්. හැබෑටම කවුද කහ ඉරේ තෙල් දාපු බූරුවා?

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කේ බලන්නකෝ මොකෙක්ද මන්දා හි හි එදා කියවිච්ච එව්වා එක්ක බූරුවා හොඳ වැඩිද මන්දා

      Delete
  20. මට මැවිල පෙනුනා මෙයා ක්ලාස් එක පුරා දන ගානවා.. :D:D

    ReplyDelete
    Replies
    1. හි හි මතක් කරගන්නකෝ ටියුට් එහෙන් මෙහෙන් එකතු කරගන්න ගමන් වතුර ගොඩක දණ ගාපු එකෙක්ව....දණගෑවා කියලා හරි මතක් වෙන්න මේක වටිනවනේ අක්කේ

      Delete
  21. වැටෙන දසාවක් තිබිලාද කොහේදෝ

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත නැත්තම් ඔහොම එක දිගට වැටෙයියැ මට ඕන තැනක බය නැතුව කියන්න පුළුවන් යකෝ මම රොටරියේ වලේ වැටිච්ච එකෙක් කියලා...හි හි

      Delete
  22. :D බලහං උඹ වැටිලා තියෙන්නේ කෙල්ලෝ ගොඩක් අස්සටනේ...කලුවලාවට පිටිපස්සෙන් තියන රිදී රේඛාව දැකපං!

    ReplyDelete
    Replies
    1. රිදී රේඛාව කෙසේ වෙතත් කළු වලාව නම් දැකල නේ මේ යකා.

      Delete
    2. sabith අයියේ,

      ඒක බලන්න ගියානම් තාමත් ගුටිකනවා හික් හික්...........

      අසරණයා අයියේ,

      ඒකනේ ඒකනේ හොඳට ඒවා දැකලා තියෙනවා නේද මෙයා

      Delete
  23. මම බැලුවා .... මූට කොහොමද කොන්දේ අමාරුව වැඩි උනේ.... කියලා
    ඔය වැටිච්ච එක නෙවෙයි මල්ලි .... කෙල්ලන්ගෙන් කාපු පයින් පාරවල් ..
    ඔහොම බේරුනා මදැයි ....... දැන්වත් ටිකක් පරිස්සමෙන් ඉඳපන් .....
    ආයේ කෙල්ලන්ගේ බංකු අස්සේ රිංගන්නේ නැතුව :P

    ReplyDelete
    Replies
    1. හික් හික්...... ආයේ නම් ආසාවකටවත් රිංගන්නේ නෑ පිස්සු හැදෙනවා අයියේ මම කියනවට එක පාරක් රිංගලා බලන්නකෝ

      Delete
  24. හයියෝ සූටි බබා අවුරුදු 19-20 දිත් දණ ගෑවද? :))) දැන් කොන්දේ අසනීපය හොඳයි නේද මල්ලියා?

    ReplyDelete
    Replies
    1. මම සූටි නෑ හොඳේ මම දැන් ලොකුයි...........ඔයාලට මෙහෙම චාන්ස් නෑනේ දණ ගාන්න හූඌඌ...........කොන්දේ අසනීපේ සෑහෙන්න සුවයි අක්කේ දැන් නම් ඉඳලා හිටලා සෙල්ලම් එහෙමත් කරනවා....

      Delete
  25. පුදුම වැටිල්ලක්නේ වැටිලා තියෙන්නේ. ගියපාර වලේත් වැටිලා !

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව එසේ මෙසේ එකෙක්ට කරන්න පුළුවන් වැඩක්ද එහෙම වැටිලා බයිට් කකා නොසැලී ඉන්නවා කියන එක හෙනම ගේමක් හි හි

      Delete
  26. අනේ උඹ බොහොම වාසනාවන්ත කොල්ලෙක්.කෙල්ලෝ ගොඩක් ඉස්සරහ ඔහොම වැටෙන්න හැම කොල්ලටම චෑන්ස් එකක් නැහැ.ඒත් දනගාගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා හි හි දණ නොගෑවානම් අදත් එතන මෙහෙම චාන්ස් එකක් ඉල්ලලවත් ගන්න බෑ අනික ඒ වගේ චියර් එකක් කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලන්ගෙන්ම ගන්න ලේසි පහසු එකෙක්ටත් බෑ නැද්ද මං අහන්නේ

      Delete
  27. වැටිලා ගිහින් නතර උන තැන නරකයිනේ.. ඒක තමයි මේකා දෙපාරක්ම වැටිලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අයියේ මාත් මේ කල්පනා කලේ නැත්තම් මම එහෙම ලේසියෙන් වැටෙන එකෙක්යැ

      Delete
  28. හයියෝ....මේක දැක්කම මටත් නමය වසරෙ ගණන් පන්තියෙ සිද්ධියක් මතක් වුනා...
    ඒක ළමයි පහලවක් වගේ හිටපු පොඩි පන්තියක්...කෙල්ලොයි කොල්ලොයි මාර ෆිට් එකේ හිටියෙ කොච්චර හින්ට් පාස් කරගත්තත්...අපේ ඒ ගණන් පංතිය තිබුනෙ ලිලානි මිස් කියල අපි ආදරෙන් හදුන්වපු ඒ මිස්ලගෙම ගෙදරම පිටිපස්සෙන් බාගෙට හද හද තිබුන උඩතට්ටුවෙයි...එදාත් වැස්ස දවසක්.මිස් කොහෙද ගිහින්...පංති පටන්ගන්න පරක්කු වුනා...දොර ඇරල නැති නිසා අපි සේරම පඩිපෙල උඩ එක එකාට විහිළු කර කර යංතන් වැස්සෙන් බේරිලා හිටියෙ.මිස් ඇවිල්ල දොර ඇරිය විතරයි උඩ ඉඳන් ආවෙ නැද්ද සෝක් වතුර පාරක්.පඩිපෙල උඩම හිටිය කොල්ලොටික උඩ පැන්න වතුරෙන් බේරෙන්න.හිකිස්...ඇත්තටම දැක්කෙ එච්චරයි...එක පාරටම එතන හිටපු කෙල්ලොයි කොල්ලොයි සේරම එකගොඩේ පඩිපෙල දිගේ පහලට වැටුන...අපේ මිස් බේරිලා තිබුනෙ පුදුම බේරිල්ලක් යංතන් කම්බියක් අල්ලගෙන.අපි සේරටම ටිකක්වෙලා ගියා මොකද්ද වුනේ කියල හිතාගන්න බැරුව...එක්කෙනෙක්ටවත් නැගිටගන්න පණනෑ...පස්සෙ අපේ කෑගැහිල්ල ඇහිල අහල පහල කට්ටිය තමයි ඇවිත් නැඟිට්ටුවෙ...කොහොමහරි අපි ඔක්කොටම සෑහෙන්න තුවාල වුනා...
    එදා පන්තිත් නෑ.....

    ReplyDelete
    Replies
    1. වටිනාම කතාව //එදා පන්තිත් නෑ.....// පන්ති යනකාලේ ආසම වචනේ.

      Delete
    2. මිසුත් වැටුනද රොත්ත බුරුත්ත එක්ක මට මැවිලා පේනවා එක පොදියට කටිටිය වැටිලා ඉන්න හැටි හික් හික් කොහොම වැටුනත් අවුලක් නෑ පඩිපෙලක වැටෙනවා කියන එක තමයි එපාම කරපු වැඩේ....

      අසරණයා කිව්වත් වගේ පන්ති නෑ කියන එක තමයි අපි අහන්න ආසම වචනේ හැමදාම යන්නේ අනේ පන්ති නැතිවෙයන් කියලා හිතාගෙන....

      Delete
  29. ගැමියාටත් වෙන්නේ හරි හරි වැඩ තමයි.
    මට චිත්ත රූප මැවිලා පේනවා සර් "මේ අර ගිය අවුරුද්දේ වලේ වැටුන එකා නේද කියල අහපු හැටි" කියල කියනකොට

    ReplyDelete
    Replies
    1. මාත් උඩ බිම බැලුවා ඒ වෙලාවේ මටත් හිතා ගන්න බැරිවුනා....සර්ගේ තියෙන ටෝන් එකට පොළව පලන් යන්න හිතුනේ එතන නිරෝෂ් සර්ත් හිටියා හිනා වෙවි

      Delete
  30. අය්යෝ.. ගැමි මල්ලිට මාර වැඩේනෙ වෙලා තියෙන්නේ. කොන්දෙ අමාරුව නොතිබුණානම් මතක් කරලා හිනා වෙනට පුළුවන් සිද්ධියක්. මට මැවිලත් පෙනුනා දන ගාගෙන යන හැටි....:D

    ReplyDelete
    Replies
    1. කොන්දේ අමාරුව කියලා නෑ අක්කේ තාමත් මතක් කර කර හිනා වෙන්න පුළුවන්....කොහොමහරි අඩි දෙක තුනක් දණ ගෑවා අමාරුවෙන් අර තඩි ඩෙස් පේලි දෙකක් පහුවෙනකන්ම ටියුට් අහුලගන්නත් එපැයිනේ....

      Delete
  31. අනේ මල්ලියෝ මට ගොඩක් දුක හිතුනා..ඔයා වැටුන වෙලාවේ කිසිම කෙනෙක් නැගිට්ටන්න උදව් වෙන්නෙ නැතිව හැමෝම ඔයාට හිනා උනාට මට නම් තරහයි..අපේ මිනිස්සු හරිම පුදුමයි..මිනිහෙක් වැටෙන කන් ඉන්නේ හිනාවෙන්න..දැන් මල්ලිට හොදයි නේද...ඉක්මනින් හොද වෙන්න...

    ReplyDelete
    Replies
    1. දැන් නම් හිටියට වඩා සිය දහස් ගුණයක් හොඳයි අක්කේ....ඒ වගේ වෙලාවකට කවුරුවත් එන්නේ නෑනේ අක්කේ නැගිට්ටවන්න අනික ඩෙස් එකක් යට හිරවෙච්චි කොල්ලෙක්ව ඇදලා ගන්න කවුද එන්නේ...මුළු පන්තියෙන්ම හිනා නොවුනේ අපේ සර් විතරයි.... අනික අක්කේ ඒ තිබුනු හැටියට මාව නැගිට්ටවන්න එකෙක් ආවත් ඒ එන එකත් අනිවා වැටෙනවා ඒ තරම් අලංකාර දිය දහරාවක් පඩි පෙළ දිගේ ආවේ....

      තමන් හිසට තම අතමය සෙවනැල්ල කියනවනේ අක්කේ අපි වැටුනාම කවුරුත් එන්නේ නෑ ඇත්තටම අපිව නැගිට්ටවන්න..

      Delete
  32. ඔය ගැමියා වැ‍ටුනෙ ශිෂ්‍යයෙක් හැටියට ඉන්නකොටනෙ. මම වැ‍ටුනනෙ ගුරුවරයෙක් වෙලා ඉන්නකොට .මම ඕක බ්ලොග් කලා ගිය අවුරුද්දෙ.

    ශිහ් ඒ වුනාට පත්ඉරුව නම් ඉවරයි නේ?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හොයලා හොයලා ඕං වැටුනු සිද්ධිය කියෙව්වා ඒක සුපිරි පිම්මක්නේ දැනුත් ඔහොම තාප්ප කෑලි වලින් එහෙම පනිනවද??

      පත් ඉරුව නම් ඉවරයි කිව්වේ මොකැයි?? ඒක නම් ටියුබ් ලයිට් වගේ

      Delete
    2. ඒ කිව්වේ ගැමියෝ කොලේ ඉරාගත්තා නේද කියන එක. ඔය ඩිෆරෙන්ෂල් අස්සෙ වැටිලා.

      මමත් ඔහොම තැනකින් බඩ ගාගෙන ගිහින් තියෙනෙවා ‍රැග් එක කනකොට. පයින් පාරවලුත් කෑවා අම්බානක. ඔන්න ඒගැන මම ලියලා ඩ්‍රාෆ්ට් එකක දාලා ‍රැග දෙන්නට ගොස් ඇනගත් දවසක් කියලා. තියෙන්නෙ. පස්සෙ බලමුකො.
      henryblogwalker the Dude

      Delete
    3. ආ දැන්නේ තේරුණේ...කොලේ නම් ඉරුණා නැතිවෙන්නම ආයේ ක්ලාස් යන්න වුනානම් බලාගන්නත් තිබුනා ඒකේ රඟේ හි හි....ෂා මෙහෙම අත්දැකීම් තියෙන අය ඉන්නවනේ දාමුකෝ මේ කතාවත්...සෙරප්පු ගලවලා පයින් ගහනවනම් ඉවසන්න පුළුවන්....

      Delete
  33. හිහිහී.. සර්ට එහෙනම් තවම මතකයි මල්ලිය‍ව.. :D
    අනේ මල්ලියෝ.. හිනාවෙන් කියවගෙන ඇවිත් අන්තිම ටික.. :(
    මල්ලියට දැන් කොහොමද.. හොඳින් නේද.. බාධක තියෙනවා මල්ලියෝ.. ඒත් ඒ හැම බාධකයක්ම ජය ගන්න සුබ අනාගතයකට.. හිත ශක්තිමත් කරගන්න..
    සුබ පතනවා ඒ ශක්තිමත් ගමනට..!!!

    ReplyDelete
    Replies
    1. බාධක නම් එමටයි අක්කේ ඒ සිද්ධියේ හිත කලකිරිලා ධෛර්යය බිංදුවටම බැහැලා කුඩුවෙලා තිබුනේ ඒ තරම් දේවල් ඒ ලෙඩේ ගැන කිව්වා ඒත් දැන්නම් හිටියට වඩා හොඳින් ඉන්නවා උ/පෙ නැතුව අමාරුයිනේ ඒකයි ආයේ කොරන්නේ...සර්ට වුනත් අමතක වෙයියැ අක්කේ වැටුනු වැටිල්ලටයි දණගාපු එකටයි අනික පන්තියට ආවේ පන්ති පටන් අරගෙනත් පැයකට විතර පස්සෙනේ හි හි....බොහෝම ස්තූතියි අක්කේ නොසැලී ඉදිරියට අනිවා

      Delete
  34. මැවිලා පෙනුනා බොල.. මොකද අපිත් ගියා නොවැ ඔය වලට කේ.සිරි මහත්තය මුන ගැහෙන්න.

    අනික මාකට් එක පැත්තේ පඩි පෙල. කෙල්ලො නගිනකොට ලැජ්ජයි බලන්න.. :)

    ReplyDelete
    Replies
    1. ආ එයත් වලේම තමා අයියටත් මතක් වෙන්න ඇතිනේ වැස්ස දවස්වලට තිබුනු සනීපේ....මාකට් එක නෙමෙයි ඒක පොළ පිස්සු හැදෙනවා මහින්ද මාමා දැන් පොලේ බිසිනොස් කරපු කට්ටියට ලස්සනට කඩ කාමර හදලා තියෙන්නේ බලන්න ලස්සනයි දැන් ඉර මුදුන් වෙද්දි පොලේ පුසුඹ වලට එන්නේ නෑ...

      ඒ පල්ලෙහා පඩිපෙලට වලෙන් යන්න තියෙනවනේ පොඩි දොරක් අපිත් ඉතිං ඔතනින් යද්දි අපිටත් විසූක දර්ශන පේනවා කෙල්ලොත් නොදන්නවා වෙන්න බෑ හැබැයි හැමදාම AC ඔන් කරගෙනම තමා යන්නේ...

      ඒ තඩි පඩිපෙල ගැන මම මුලින්ම රොටරි ගියාම දන්නේ නෑ මම වලේ හෝල් එක පැත්තෙන් පොල පැත්තට යාළුවොත් එක්ක යද්දි එකෙක් කිව්වා මේක තමා ලොකුම හෝල් එක බලහන් කියලා මමත් කට ඇරගෙන බලාගෙන ආවා ඌ අල්ලගත්තේ නැත්තම් මම තාමත් යනවා හෝල් එක දිහා බල බල...බිම බැලුවාමයි දැක්කේ ලෝකාන්තේ

      Delete
  35. හයියෝ...ඩොලර්
    ඇඩෙන සීන් එකක්නෙ බොලං....

    ReplyDelete
    Replies
    1. හයියෝ යූරෝ වෙලාව තමා ඉතින්....මොනා උනත් එහෙම වැටෙන්න හැම කොල්ලටම බෑ හි හි

      Delete
  36. හප්පේ... එකම දවසේ 3 පාරක් වැටුණා? හතර විලි ලජ්ජාවයිනේ බොල..
    ඇති කොන්දඔයින් බේරුණා....

    ReplyDelete
    Replies
    1. හරියටම බැලුවොත් 4 පාරක් වැටුණා හි හි ගුරුත්වාකර්ෂණයනේ බොල මම මක් කොරන්නද... අපි හොඳට අල බතල කාලා හැදුණු කොල්ලෝ නිසයි මෙහෙම හරි ඉන්නේ හරිද

      Delete
  37. මදැයි වැටිච්ච වැටිල්ලට ඔයින් බේරිලා තියෙනවා.දැන් ඔයාට සනිපයිද මලේ.

    ReplyDelete
    Replies
    1. හි හි දැන් නම් හොඳයි අයියන්ඩි හිටියට වඩා

      Delete
  38. වහ කන එක සෑහෙන සැපයි වගේ.... පට්ට සීන් එකනේ...

    ඈ බන් ඉතින් කොට සායවල් ඇදපු කෙල්ලොන්ගෙ ගාව පත බෑවිල ඉද්දි මොකුත් දැක්කේ නෑ ??

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ පන්ති යන්න උනානම් අනිවා වහ කන්න වෙනවා හි හි ඔබා මාමට චිත්ත රූප මවන්න උඩින් දුන්නු උත්තරේ බලන්නකෝ...

      Delete
  39. මාර කරදර තොගයකටනේ මූණ දීලා තියෙන්නේ, ටොම් අන්ඩ් ජෙරී කාටුන් එකක් වගේ :D
    හප්පේ අදනේ බූඩි මේ බ්ලොග් එක පැත්තේ ආවේ !!!! එල එල

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අයියේ හි හි හැබැයි මතක් වෙද්දි මාරම ගති ඉතින්...සාදරයෙන් පිළිගන්නවා ඔයාව මගේ අඩවියට බොහෝම ස්තූතියි මේ පැත්තේ ආවට

      Delete