මියැදුණු බිරිඳ නැවත ගෙන්වාගැනීමට මහාචාර්යවරයෙකු විසින් සිදුකරණ පර්යේෂණයක්-1 කොටස
අසාර්ථක වූ පර්යේෂණයක් සහ මිනිස් ජීවිත කීපයක් අනතුරේ.සරසවි සිසුවා සියල්ල විසඳයිද-2 කොටස
මහාචාර්යවරයා මෙච්චර ගණන් හදලත් මේක වැරදුනේ කොහොමද..? එයාගෙ පෙම්වතිය ආවද.. කතා කලාද.. කසුනිට මොකද වුණේ...... අද එතැන් සිට.
සුළු මොහොතක් යනතුරු මා කිසිවක් සිතාගත නොහැකිව මේසය දෙස බලා ඉන්නට වීමි.සියළු සිදුවීම් එකින් එක කල්පනා කර බලන විට මේ සියල්ලම සැලසුම් කර තිබුනාදෝයි සිතෙන්නට වූයේ මා මහාචාර්යවරයාගේ ඉත්තෙකු වීදෝ යන හැඟීමද සිතට පිවිසෙන්නට වූ බැවිනි.තවම ශරීරයට හරි හැටි වාරු නැතත් මේසය වෙත අත දිගු කොට පෙන් ඩ්‍රයිවය මා සතු කරගත්තේ එය වැඩදායි වේ යැයි සිතනු නිසායි.කෙසේ නමුත් පරීක්ෂණය සිදුවන මොහොතේ කුමක් සිදුවිණිදැයි දැනගැනීමේ කුතුහලය පාලනය කර ගත නොහැකි මට්ටමක වර්ධනය වී තිබුණි.
රෝහලේ ගත කල දින කීපය විවිධාකාර ප්‍රශ්න කිරීම් මැද ඉතා කටුක අන්දමින් ගෙවී අවසන් විණි.ලද අවසරයෙන් කසුනි බැලීමට ඈ සිටි වාට්ටුව සොයා ගියෙමි.ඈ බලාගත් අත බලාගෙන කල්පනා කරමින් සිටින අයුරු මා ඈත තියා නිරීක්ෂණය කලෙමි.මා ඇය අසලට ආ බවක්වත් ඈට නොදැනෙන්නට ඇත.ඈ ඒ තරම් කල්පනා සයුරක ගිලී සිටියාය.
“කසුනි.....”
ඈ යාන්තම් හිස හරවා මා දෙස බලාගෙනම සිටින්ට විය.කුලපතිතුමා පැවසූ ආකාරයට ඇය තාමත් පසුගිය දේවල් අමතක වීමෙන් පෙලෙන්නේ යැයි මට සිතුණි.ඈ කිසියම් දෙයක් මුමුණා නැවත වහලය දෙසට නෙත් යොමුකරගත්තතාය.ඈට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා හමුවූ පසු මා හට දැනගන්නට ලැබුනේ ඈ තවම පවුලේ සාමාජිකයන් පවා හඳුනාගැනීමට අපොහොසත් වී ඇති බවයි.මා තුල වූ සැකය තහවුරු කරගැනීමට ක්‍රමයක් නොවූයෙන් මා නිහඬව සිටීමට තීරණය කලෙමි.
-----------------------------------------------------------------------------------------------------------------------------------------
බොඳවූ දෑස් සෙමින් විවර කල කසුනි දුටුවේ නාඳුනන පිරිසක් තමා වටකරගෙන සිටින අයුරකි.දෑත් දෙපා වාරු නොමැති බැවින් ඇය බලාගත් වනම බලාගෙන සිටියාය.එකිනෙකට නුපුරුදු සිදුවීම් රැසක් ඇගේ මනසේ ගලාගෙන යනු ඇයට දැනුනි.මදකට ඈ තම අතීතය මෙනෙහි කිරීමට ගත්තාය නමුත් ඇය කිසිසේත්ම නොදන්නා නොවිඳි සිදුවීම් රාශියක් ඇය හමුවේ මැවී පෙනෙන්නට විණි.දරාගත නොහැකි තැන ඈ හැකි උපරිමයෙන් කෑ ගැසීමට විය.ඇය වටා එක්රැස් වූ හෙදියන් මදකට ඇයව සන්සුන් කරගන්නට සමත් විය.
රෝහලේ වහලය දෙස නෙත් යොමා තමා මෙහි පැමිණියේ කෙලෙසදැයි කල්පනා කරන්නට වූවත් අගක් මුලක් සොයාගත නොහැකිව ඈ අසරණ විය.තමාට හොඳට හුරු පුරුදු මිතුරෙකු යැයි සිතිය හැකි පුද්ගලයෙකුත් ඇයට අන් නමකින් ආමන්ත්‍රණය කිරීම ඇයව මහත් ප්‍රෙහෙලිකාවකට ඇද දැමීමට සමත් විය.ඔහු අමතා වචන කිහිපයක් තෙපළු ඇය නැවතත් වහලයට නෙත් යොමා සිටින්නට විය.කල්පනා කිරීමෙන් පිළිතුරක් ලද නොහැකි වූ බැවින් ඇය මදකට රෝහල් ඇඳේ පෙරළී වට පිටාව පිරික්සන්නට විය තම ඇඳ අසල තිබූ කේතලයේ තමා දන්නා අඳුනන මිතුරියකගේ මුහුණක් ඇයට දැකගන්නට හැකිවිය.ඇය වහා පිටුපස හැරුණමුත් ඇයට කිසිවෙකු දක්නට නොලැබුණි. කුතුහලයකින් යුතුව කේතලය දෙස නැවතත් දෙනෙත් යොමු කල ඇය වඩා පැහැදිලිව එම දසුන දැක ගැනීමට කේතලය සියතට ගත්තාය.
------------------------------------------------------------------------------------------------------------------------------
ලක්ෂිත කාමරයෙන් ඉවතට පැමිණ තම ඇඳ කරා ඇදුනේ තමා සතු බඩු බාහිරාදිය රැගෙන නිවසට යාම සඳහායි.කසුනිගේ අමුතු හැසිරීම නිසා ඔහුගේ සිතද ඉතාම ව්‍යාකූල වී පැවතිණි.එක්වරම රෝහලේ කෑ ගැසීමක් ඇසී ඔහු කල්පනා සයුරින් මිදී සිදුවූ දේ වටහාගැනීමට උත්සහ කලේය.ඔහුට කසුනිව මතකයට පැමිණියේ නිතැතිනි.තම සියළු කලමණා අතහැර දමා කසුනි සිටි කාමරය කරා ඔහු දුවන්නට විය.ඔහු එතැනට ලඟා වන විට හෙදියන් දෙදෙනෙකු ලේ විලක වැතිරී සිටින අයුරුත් වෛද්‍යවරු වහා ප්‍රතිකාර කරන අයුරුත් දුටුවෙන් ඔහුට ඔහු එළැඹුනු සැකය ගැන විශ්වාසයක් ඇති විය.කසුනිද පේන ඉසව්වක නොවූයෙන් ළඟ හුන් සේවකයෙකුගෙන් සිදුවීම පිළිබඳ විමසන්නට විය.
“මෙතන හිටිය ලෙඩා අපේ මිසීලා දෙන්නට කේතලෙන් ගහලා තිබුනා ඒ කෑ ගැහිල්ලට මම එනකොට මේ මිසීට වතුර බෝතලෙන් අනිනවා.... මම ලෙඩාව තල්ලු කරලා මිසීව බේරගත්තේ ලෙඩා මට බෝතලෙන් ගහලා ජනේලෙන් පැනලා දිව්වා....”
“මම හිතුවා හරි එහෙනම්”
මා වහා ජනේලය වෙතට දුවගියේ ඇය කොයි දිශාවකට යන්නට ඇත්දැයි අනුමාන කිරීමටයි.නියත වශයෙන්ම ඈ රෝහලෙන් පලා යන්නට ඇත.මේ කසුනි නොව මහාචාර්යතුමාගේ බිරිඳයි.කසුනිගේ සිරුර හිමිකරගත් මගේ මිතුරියයි.ජනේලයට හිස ගසාගෙන කිසිවක් සිතාගත නොහැකිව මා මගේ සාක්කුවකට අත දැම්මේ පුරුද්දටයි.සාක්කුවේ වූ පෙන් ඩ්‍රයිවය අත ගැටුනේ එවිටයි.
මේ සියල්ල නිවැරදි කිරීමේ වගකීම දැන් ඇත්තේ මා සතුවයි.මොහොතක් හෝ පමාවීමට අවස්ථාවක් නැත මා හැකි ඉක්මනින් මගේ බඩු බාහිරාදිය එක්රැස් කොටගෙන නිවස කරා පිටත් වීමි.පෙන්ඩ්‍රයිවයේ ඇති දේ කුමක්දැයි දහස් වතාවක් සිත කල්පනාවට වැටෙන්නට ඇති නමුත් ඒ කුමක්දැයි තවම මටද රහසකි.
නිවසට පැමිණි විගස මගේ පරිගණකයට පෙන්ඩ්‍රයිවය ගසා අදාල ගොනුව මගේ පරිගණකයේ ස්ථාපිත කරගන්නට වීමි.අවසානයේ එය විවෘත කිරීමට උත්සහ කල විට රහස් පදය විමසන්නට විය මහාචාර්යතුමා කියා තිබු පරිදි මෙයටද ඇත්තේ මගේ හැඳුනුම්පත් අංකය බැවින් එය ඇතුලත් කර ඒ ගොනුව extract වන තුරු බලා සිටියේ ඇඟිලි ගනිමිනි.වීඩියෝ පට හා pdf ආකාරයේ සටහන් රාශියක් ඒ තුල විය.සැලෙන සිතකින් ඒවා එකින් එක නරඹන්නට වීමි....
එකම වයසක එකම ශරීර ලක්ෂණ සහිත ගැහැණු ළමයෙකු පමණක්ම මේ සඳහා යොදා ගත්තේ ඇයිද යන මගේ සිත තුල වූ ප්‍රශ්නයට පිළිතුරු එහි විය.පුද්ගලයෙකුගේ සියළුම මතකයන් තැන්පත් වෙන්නේ මොලේ කොටසකයි.ඒවා ගබඩා වන ආකාරයට නැවත ඒවා මතකයට නගා ගැනීමට නම් සිතින් ලැබෙන සංඥාවකට අනුව නිකුත් වන කුඩා විදුලි ධාරාවක් එම මතකයන් සඳහා ලැබිය යුතුයි.මෙහිදී මතකයන් එකිනෙක මිශ්‍ර නොවී ඝට්ටනයක් ඇති නොවීමට නම් එකම වයස් ප්‍රමාණයක දෙදෙනාම සිටීම අනිවාර්යයකි.
නමුත් එය එතනින්ම නිමා කල නොහැක.අදාල පරීක්ෂණය නිම වූවායින් පසුව පර්යේෂණයට යොදාගත් තැනැත්තා හෝ තැනැත්තියගේ මතකය අළුත් කිරීමක් කල යුතුය.එනම් කසුනිගේ දැන් පවතින මතකය මහාචාර්යතුමාගේ බිරිඳගේ සිතෙහි තැන්පත් වී තිබු මතකයෙන් පිරවිය යුතුය.ඒ සඳහා ඔහු සාදා තිබූ උපාංගයද එහි විය...
මා සතුව ඇත්තේ තීරණ දෙකකි.කසුනිගේ සිරුර තුල මහාචාර්යතුමාගේ බිරිඳට ජීවත්වීමට ඉඩ දෙනවාද නැතිනම් කසුනිගේ සිරුරට නැවත කසුනිගේ ආත්මයම රැඳවීමට උත්සහ ගන්නවාද යන්නයි.කුමක් කරන්නත් මහාචාර්යතුමාගේ නිවස වෙත මා නැවත යා යුතුය.විදුලි පන්දමක් බැටරි කිහිපයක් හා මා නිපදවාගත් විදුලි ධාරාවක් මගින් සිරුර අඩපණ කලහැකි ෂොක් ගන් එකද රැගෙනයි ඒ මගින් මහාචාර්යතුමාගේ බිරිඳ අඩපණ කිරීමට හැකිවනු ඇත.
අන්ධකාරය මැද්දේ සීල් තබන ලද මහාචාර්යතුමාගේ නිවසට ඇතුළු වූයේ ජනේලයක් බිඳ ගැනීමෙන් අනතුරුවයි.මා බලාපොරොත්තු වූ ආකාරයටම නිවසේ විදුලිය නොතිබිණි.ප්‍රධාන ස්විචය ඇත්තේ බිම් මහලේ බැවින් විදුලි පන්දම ආධාරයෙන් බිම් මහල කරා ඇදෙන්නට වීමි.අනතුරක සේයාවකුදු නොවුණු බැවින් ඉක්මනින් බිම් මහලේ පඩිපෙල තරණය කලේ හැකි ඉක්මනින් ටෙස්ලා කොයිල් ස්ථානගත කර කසුනිව යථා තත්වයට ගැනීමට සැලැස්මක් අටවා ගැනීමට අවශ්‍ය වූ බැවිනි.එක්වරම පිටුපසින් මතුවූ ශබ්දයක් නිසා මා වහා පිටුපස හැරුණි. විදුලි පන්දමේ එලියට දිළිසුනු ඇස් දෙකක් දකිනවාත් සමගම හාත්පසම අඳුරේ ගිලෙණු දැනුනි.
හිසේ මතුවන දැඩි වේදනාවකින් යුක්තව මා දෑස් විවර කිරීමට වෑයම් කලෙමි.හාත්පසම අඳුරේ වූ බැවින් කිසිවක් දැකගැනීමට නොලැබිණි.මාගේ දෑත් දෙපා පුටුවක ගැට ගසා තිබුණි.
“කවුද ඉන්නේ ඔතන..... ඇයි මාව ගැට ගහලා”
“මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න නැත්තම් විඳවන්න ලෑස්තිවෙන්න”
“ඔයාට මේ තරම් නපුරු වෙන්න බෑ සුලෝ....”
ඒ සමගම මාගේ ඔළුවට තවත් පහරක් එල්ල වුනේ පෙර කල තර්ජනය නැවත සිහිගන්වමින්...
“අහන්න.... මොනාද දැනගන්න ඕනේ ඔයාට”
“කෝ මහාචාර්යතුමා? කෝ මගේ ඇඟ? මොකක්ද මෙතන උනේ? ඉක්මනට කියන්න මට පිස්සු වගේ මොකක්ද දෙයියනේ උනේ”
“කලබල වෙන්න එපා මේවා අහලා.ඔයා මැරුණා සුලෝචනා.මහාචාර්යතුමා කරපු පර්යේෂණයක ප්‍රථිඵලයක් විදියට ඔයා ආයේ ආවා ඒත් මහාචාර්යතුමත් මගේ කසුනි කියන මගේ යාළුවත් නැතිවුනා.ඔයා දැන් ඉන්නේ කසුනිගේ ඇඟේ... මාව ලිහන්න මම සේරම පැහැදිලි කරන්නම්”
ඇය මා ඉදිරිපිට දණින් වැටිණි මේක බොරුවක් “මේක හීනයක්” යැයි ඈ මොර දෙන්නට විය.නමුත් එක්වරම ඇගේ ඇඬීම නැවතිනි.ඇගේ දෙනෙත් දිලිසෙන අයුරු දුටුවිට සිහින් බියක් මා සිත තුල හොල්මන් කරන්නට විය.එක්වරම මා වෙත පීණූ ඈ මගේ කොලරයෙන් අල්ලාගත්තාය.
“මට මතක් වෙනවා... සේරම මතක් වෙනවා... මට ආයේ මැරෙන්න බෑ දැන් ඉඳන් උඹ මම කියන දේ කරන්න ඕනේ එහෙම නොකලොත් මම ආයේ මෙතනින් තමුසෙට යහතින් යන්න දෙන්නෑ.මට මගේ මහාචාර්යතුමාව ගෙන්නලා ඕනේ... “
මා භීතියෙන් වෙව්ලන්නට වූයේ මා පත්ව ඇති භයානක තත්වය සිහිවීමෙනුයි.මේ පරීක්ෂණය පළමුව සිදුකිරීමට ගිය මහාචාර්යතුමාද මියගියේ නම් මා කෙසේ ජීවත් වන්නද? පරීක්ෂණය නොකලොත් මැය අතින් මියයාමට සිදුවෙනු නියත බවද හැඟිනි.මගේ මිතුරිය ගැන මා හට දුකක්ද දැනුනි.ජීවත්ව සිටි කාලයේ ඈ කෙතරම් අහිංසකදැයි මා හට මැවී පෙනෙන්නට විය.සහෝදරියක ලෙස මා සමග සිටි ඇය අද මා හට මරණ තර්ජන කරනු කෙසේ නම් ඉවසන්නද.මා තීරණයකට එළැඹිණි... ඉතිරිව ඇත්තේ අවස්ථාවක් ලද සැනින් ඇයට පහර දී අඩපණ කිරීම පමණකි.
“හරි මම කරන්නම්....”
මාගේ දෑත් දෙපා බැඳ තිබූ ලණු බුරුල් කලද මා ගෙන ආ මගේ ෂොක් ගන් එක ඈ අත තිබෙන බව පෙන්වා ඈ කියාපෑවේ අනවශ්‍ය යමක් කිරීමට සූදානම් වුවහොත් මා හට ගැලවීමක් නොමැති බවකි.මා සිතූ ලෙස ඇයව අඩපණ කිරීම ලේසි නැති බව මට හැඟිණි.
ඈගේ අණ පිළිපදිනවා හැර කිරීමට කිසි දෙයක් නැත.සියළු උපාංග ක්‍රියාකාරී මට්ටමකට ගත් පසු මා ඇයට දන්වා සිටියේ මහාචාර්යතුමාගේ වයසේ පුද්ගලයෙකු හා කට්ටඩියෙකු මේ සඳහා අවශ්‍ය බවයි.නමුත් ඈ පැවසූ දෙයින් මාගේ සර්වාංගයම පණ නැතිවූවාක් මෙන් විය.
“කට්ටඩියෙක් එක්කන් එන්නම්.මට මගේ මහාචාර්යතුමාව ඕනේ තරුණ ඇඟකට.ඒකට ඔයා හොඳයි”
“ඒක සාර්ථක නෑ අනික මම ඉන්න ඕනේ මේක කරන්න නම්”
“මම පෙන් එකේ තිබ්බ සේරම බැලුවා වයස ප්‍රශ්නයක් වෙන්නේ මතකය ගන්න ගියාම විතරයි.ඒකටත් උපක්‍රමයක් මහාචාර්යතුමා හදලා තියෙන නිසා ඒක ප්‍රශ්නයක් නෙමෙයි.කාටවත් සැකයක් නොහිතෙන්න නම් ඔයා හැර මේකට ගන්න වෙන කවුරුත් නෑ”
“රිවිසරව ගන්න කවුරුත් මුකුත් හිතන එකක් නෑ”
“ඒක කරන්න බෑ රිවිසර ඉන්නේ ඔයාට වඩා ගොඩාක් පහල මට්ටමක.ඔයාගේ මොලේ මහාචාර්යතුමාට සෑහෙන්න වටිනවා.මේ ආත්ම මාරුකරන උපකරණය මහාචාර්යතුමා සැලසුම් කලේ කාලෙකට කලින්.එයාට ඕනේ වුනේ තරුණ ශරීරයකට ගිහින් එයාට ඉවර කරගන්න බැරිවුනු පරීක්ෂණ ඉවරකරගන්න.....ඒ වගේම මාත් එක්ක ඉන්න……”
ඇගේ අවසන් වදන් කිහිපය ඇසුණු පසු මාගේ ශරීරය මා හට අයත් නොවන්නාක් මෙන් දැනෙන්නට වුණි.සියල්ල මට වැටහෙන්නට විය. මාගේ පැමිණීම ප්‍රමාද වූ නිසා පරීක්ෂණයේ සාර්ථක අසාර්ථක භාවය මැනීමට කසුනිව යොදාත්තා විය යුතුයි.එය සාර්ථක වුනේ නම් කිනම් හෝ ක්‍රමයක් භාවිතයෙන් මාගේ සිරුර තුලට පැමිණීමට ඔහු සැලසුම් කොට තිබෙන්නට ඇත.විදුලිය කාන්දු වීම නිසා කසුනිගේ ආත්මය ඇගේ සිරුරින් වෙන් කිරීමට ටෙස්ලා ධාරා අසමත් වන්නට ඇත.ආත්ම දෙකක් ඇගේ ශරීරයේ වූයෙන් කසුනිගේ පහරදීමක් මහාචාර්යතුමාගේ අවසානයට හේතුවන්නට ඇත.මුල්වර මා කරන ලද වැරැද්ද නැවත කල නොහැකියි.දැන් කෙසේ හෝ මැයව නවත්වන්නට අවශ්‍යයමය.මැයද මේ මුල මැද අග දන්නා නිසා මැය ජීවත් වුවහොත් විශාල ප්‍රශ්න රාශියක් ඇතිවෙනු ඇතැයි මා හට නිසැකවම වැටහිණි.
ඈ පිටත්වීමට පෙර මාගේ කකුලක් අසල වූ යකඩ වැටෙහිද ගැටගැසීමටද අමතක නොකලාය.එකට ගැට ගැසූ මාගේ දෑත් මුදවා ගැනීමට ඉතා තදබල උත්සහයක් ගත් නමුත් එය ගලවා ගත නොහැකි අයුරින් පිටුපසට කර ගැටගසා තිබුණි.ජීවත්වීමේ ආසාවන් අත්හැර මා බැඳ තැබූ යකඩ වැටට හේත්තු වීමි.මාගේ සාක්කුව තුල වූ චීන දුරකතනය මගේ ඇඟට තදිවිණි ඒ සමගම උපන් අදහසක් නිසා වහා නැගීසිටගත් මා දැඩි උත්සහයකින් පසුව එය සාක්කුවෙන් පිටතට ගැනීමට සමත් වීමි.භාවිතයට ගත නොහැකි ආකාරයෙන් බිඳී තිබුනද මේ මර උගුලින් ගැලවීමට ඇති එකම ආයුධය මෙය බව මට පසක් වන්නට විය.බාල දුරකතන නිපදවීම ගැන චීන්නුන්ට දොස් නගමින් සිටියද මේ මොහොතේ මා හද පතුලින්ම චීන්නුන්ට ස්තූති කරන්නට වූයේ දෝෂ සහිතව නිපදවන ලද දුරකතනයක් මා ගලවාගැනීමේ මෙහෙයුමට එක් වූ නිසායි.දෙවරක් පමණ බිම අතෑරගත් පසු දුරකථන පරිපථය ගලවාගත් මම හැකි ඉක්මනින් දුරකතන සංඥා නිකුත් කරන චිපයට අදාල පරිපථය කාන්දු කරවා ගැනීමට සමත් වීමි.
සාමාන්‍ය දුරකතන වලට වඩා ප්‍රබලව සංඥා නිකුත් වන බැවින්ද පාලනයකින් තොරව සංඥා ඇද ගැනීම හා නිකුත් කිරීම වෙනස් වන බැවින්ද මා එය මාගේ වාසනාවකට හරවාගන්නට සමත් වුනෙමි.පරීක්ෂණයේදි මා හට ස්ථානගත වීමට සිදුවන ස්ථානයට මදක් ඉදිරියෙන් ඇගේ ඇසට අසු නොවන මානයට දුරකතනය විසි කිරීමෙන් පසුව මගේ සැලැස්ම හරියාවි යැයි බලාපොරොත්තුවෙන් මා සිටින්නට වීමි.ටෙස්ලා ධාරා මා කරා ලඟා නොවී චීන දුරකතනය කරා ඇදේවි යැයි මගේ බලාපොරොත්තුව විය.
සුළු වේලාවකින් පැමිණි ඇය මා රැගෙන ගොස් පඩිපෙල පහල වූ කුඩා කුටියක සිර කර තැබුවේ කට්ටඩියාගේ දෑසින් මා වසන් කිරීමට විය යුතුයි.වෙලාව එළැඹිනි.ඇය මා රැගෙන ටෙස්ලා කුළුණු අතර මා සිටිය යුතු ස්ථානයට රැගෙන ආවාය.වටපිට බැලූ මාගේ හදවත මොහොතකට නැවතිණි.චීන දුරකතනය මා දැමූ තැන නැත. කට්ටඩියා ආවේශයෙන් බැවින් ඔහු කිසිවක් නොදනී.ඇය සෙමින් බිම් මහල මධ්‍යයේ වූ කුටියට පියනගනු මා අඩවන් දෑසින් බලාගෙන සිටියේ ඉතාමත් අසරණවයි...ටෙස්ලා කොයිල් ආරෝපණය වෙන හඬ මා හට ඇසෙන්නට විය මා තදින් දෑස් පියාගතිමි.මේ අවසානයයි................
ටෙස්ලා කොයිල් වල සංගීතාත්මක නාදය ඇසෙනවාත් සමගම මා දත්මිටි කමින් මුළු සිරුරම දැඩි කරගත්තේ විඳින්නට සිදුවෙන වේදනාවෙන් මදක් හෝ බේරීමටයි.එක්වරම සුලෝ යටිගිරියෙන් කෑ ගසන හඬ ඇසිණි.මා හැකි ඉක්මනින් දෙඇස් විවර කර ඈ සිටි කුටිය දෙස බැලුවෙමි.කුටිය දුමාරයෙන් වැසී ඇත.නැවත වතාවක් සංගීත නාදයක් සමග ඈ සිටි කුටියට විදුලි ධාරා එල්ල විය.මා හට දෑස් අදහා ගැනීමට නොහැකි විය... මුළු නිවසේම විදුලි බලය යලිත් ඇණහිටීමකට ලක්විණි....
දෙවෙනි වතාවටත් මගේ ජීවිතය මරණය අභිමුවටම ගියද හාස්කමකින් මෙන් මා හට ජීවත් වීමේ භාග්‍යය ලැබුණි.මා බැඳ ඇති රැහැන් ගලවා ගත නොහැකි බැවින් කවුරුන් හෝ මා ගලවා ගැනීමට එතැයි අපේක්ෂාවෙන් සිදුවූ දේ නිගමනය කරන්නට උත්සහ කලෙමි...
මා බිම දමා තිබූ චීන දුරකතනය ඈ දකින්නට ඇත.ඇයද මේ විෂය හදාරා ඇති බැවින් නිසැකවම මාගේ උත්සහය පිළිබඳ වැටහී එය රැගෙන යන්නට ඇත.කුමක් හෝ අතපසුවීමකින් හෝ පරීක්ෂණය සාර්ථක වනු දැකීමට ඇති හදිසිය නිසා ඈ එය බිම් මහල මධ්‍යයේ වූ කුටියට රැගෙන යන්නට ඇත...පසුගිය වර මා එම කුටියේ සිරවී සිටි මා බේරාගැනීමට පැමිණි පිරිස මා පිටතට ගැනීමට එහි අගුල පළුදු කිරීමක් සිදු කරන්නට ඇත.චීන දුරකතනයේ අධික සංඥා ග්‍රාහකය නිසා එම කුටියට විද්‍යුත් ධාරා ඇදගන්නට ඇත....මෙතෙක් නොවිඳි පුදුමාකාර සැහැල්ලුවකින් මා පෙළුණේ අවසානයේ කෙසේ හෝ වරද නිවැරදි කරගැනීමට හැකිවීම නිසයි.... නමුත් සදහටම කසුනි සමුගත් බැවින් රිවිසරට පවසන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව මා නැවතත් සොවින් බර වුණි.......
~සමාප්තයි~
ප/ලි
පින්තූර ගත්තේ මෙතනින් http://images.wikia.com/lostpedia/images/1/15/Charlie_is_tied_to_a_chair.jpg
මෙව්වා හිතන්න ගිහිං ටිකක් විතර පිස්සු වගේ දැන්නම් අන්තිම කොටසක් ලියන්න හිතුවට මෙච්චර අමාරු වෙයි කියලා හිතුවේ නෑ.ගොඩාක් කල් ගියේ ඒකයි මේ කොටස ලියන්න.මුල ඉඳලම මාව දිරිමත් කරපු හැමෝටම ස්තූතියි ඒ දිරිමත් කිරීම් නොවෙන්න මේ කොටස ලියැවෙන්නේ නෑ.තවමත් මම පටන් ගත්තා විතරයි අඩුපාඩු ඇත්නම් මාව දැනුවත් කරන්න ඒක මට හැදෙන්න ලොකු උදව්වක්.
අප්පච්චියේ...කොටස් තුනම එක හුස්මට කියවගෙන ගියා.නියම විද්‍යා ප්‍රබන්දයක්.තව එකක් කොහොම හරි ලියමු....
ReplyDeleteබොහෝම ස්තූතියි අක්කේ.... තව ලියන්නම්කෝ හැබැයි එක දිගට මේවම ලිව්වොත් එපා වෙයිනේ ඒ නිසා කලවමේ ලියන්නම්....
Deleteමේකනම් සිරා.. නියම විද්‍යා ප්‍රභන්දයක ගතිය තියෙනවා.. තව කතාවක් ලියමු.. වෙනස් විදිහේ..
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ... මේ ආත්ම ගැන ලිව්වා ඇති කියලා මටත් හිතුනා වෙනම ආකාරයේ කතාවකට වස්තු බීජයක් ඇවිත් තිබුනත් ඒක පෙලගස්සවන්න විදියක් හොය හොය ඉන්නේ ඒක බොහෝ විට මීළඟ කෙටි කතාව බවට පත්වෙයි...
Delete++++++++++
ReplyDeleteමේ වගේවා දිගටම ලියමු. :)
බොහෝම ස්තූතියි අයියේ...
Deleteකතාවනං නියමයි ගැමිය මල්ලි.
ReplyDeleteඅතඅරින්න එපා දිගටම ලියන්න.
බොහෝම ස්තූතියි අයියේ... දිගටම ලියන්නම් කස්ටියගේ කොමෙන්ට් දකිද්දි නොලියා ඉන්නේ කොහොමෙයි ඉතිං
Delete.කතාව හොඳට ගොඩ නගලා තියෙනවා..හැමවෙලාවෙම කුතුහලය ගොඩනැගෙන විදියට..නියමයි..ඔබට සුබ පැතුම් ! ඔබේ මහන්සිය අපතේ නොගිය බව නම් හොඳටම විශ්වාසයි..
ReplyDeleteබොහෝම ස්තූතියි වෙනි අයියේ මේ දිරිගැන්වීම් තමා මාව මෙහෙම හරි ලියන්න පෙළඹෙව්වේ....
Deleteපික්සු වගේ..
ReplyDeleteහයියෝ වැඩිය ගනන් ගන්න එපා මලේ
Deleteහෆ්ෆා....පරිවර්තනයක් කියෙව්ව වගේ.ලස්සනයි මල්ලි..දිගටම ලියන්න..මම කලින් කිව්ව වගේ ඔයා සාර්ථක ලේඛකයෙක් වෙනවා....
ReplyDeleteබොහෝම ස්තූතියි අක්කේ... දිගටම ලියමි.... ඕං ඉතිං මේ වචනේ අහද්දි පොඩි මෙව්වා එකක් එනවා ඒකටත් ස්තූතියි ඈ
Deleteකියන්න කිසිම දෙයක් නෑ....සුපිරී.....
ReplyDeleteබොහෝම ස්තූතියි නගෝ...
Deleteමේ කතා තුන නම් සුපිරියි. අන්තිම හරිය මට ටිකක් තේරෙනවා මදි වගේ. එත් මම ආයේ එනවා මේ කමෙන්ට් වලින් හරියටම දැනගන්න. සාර්ථක අනාගතයකට මගෙන් සුභම සුභ පැතුම් ගැමි මල්ලි.
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ... ගිය සැරේ ටෙස්ලා කොයිල් ගැන අහපු වෙලාවේ මම දාපු පිළිතුරෙන් සෑහීමකට පත් වුනාදෝ??
Deleteඅන්තිම හරිය කිව්වේ අර ෆෝන් එකෙන් දාපු සෙල්ලම වෙන්න ඇති මයේ හිතේ...එතනදි නම් මම කියන්න අදහස් කලේ මේකයි....
දැන් අකුණු ගහනකොට පිට්ටනියක් මැද්දේ ෆෝන් එකකින් කෝල් එකක් ගනිමින් හිටියොත් මොනා වෙයිද කියලා හිතන්නකෝ.එතකොට පිට්ටනියේ මැද්දේ දෙන්නෙක් ඉද්දි කෝල් එකක් ගන්න එකාට විතරක් අකුණ වදියි කියලයි මම අදහස් කලේ... ඒක වඩාත් තහවුරු කරගන්න තමා සිග්නල් IC එකට විදුලිය වැඩිපුර දීලා ඒකේ සංඥා නිකුත් වන සීඝ්‍රතාව වැඩි කලා කියලා කිව්වේ එතකොට කෝම හරි වදිනවනේ...
ඔයා මේ තරම් උනන්දුවෙන් කතාව කියවලා ප්‍රශ්න අහපු එකට මට සෑහෙන්න සතුටුයි...ඒකටත් බොහෝම ස්තූතියි අයියේ
හැම පැත්තක් ගැනම සාර්ථක විදියට නිර්මාණය කරලා තියෙනව කියලයි මට හිතෙන්නේ. හොද කතාවක්. කොටස් 3ම මං කියෙවූවා. අමුතුයි කතාව. ඒත් සැබෑ ලෝකේ තාම මෙහෙම දේවල් නෑනේද...
ReplyDeleteතවත් මේ වගේම වෙනස් විදිය කතාවක් ලියන්න මල්ලී.
බොහෝම ස්තූතියි අක්කේ අගය කලාට...
Deleteසැබෑ ලෝකේ තාම මෙහෙම දේවල් නෑ මම දන්න තරමට නම් ඒත් මේ ආත්ම මාරු කරන එක ගැන නම් ස්කූබි ඩූ එකෙත් තිබුනා අන්න එතනින් තමා මට මේක මාර විදියට හිතට වැදිලා තිබුනේ...(ෂැගීගේ ආත්මේ ඩැෆ්නිගේ ඇඟට ගියාම කියන වචන ටික මතක ඇතිනේ)
තව කතා ලියන්න බලාපොරොත්තු වෙනවා කියවන හැමෝම වෙනුවෙන්
අති සාර්ථකයි මල්ලි...මේ කොටස ලියපු එකට ගොඩක් ස්තුතියි. දැන් තමයි කතාව සම්පුර්ණ උනේ. ඔයාට හොඳ දැනුමකුත් තියනවා මෙහෙම ප්‍රබන්ධ ලියන්න. ඒ නිසා සුබ පතන ගමන්ම දිගටම ලියන්න කියලත් ඉල්ලනවා....ජය වේවා :)
ReplyDeleteබොහෝම ස්තූතියි අක්කේ මේ කොටහ නොලිව්වනම් කස්ටියම මාත් එක්ක තරහා වෙනවනේ ඒකයි ඉතිං ගොඩක් කල් අරගෙන ලිව්වේ.... හැබැයි අක්කෝ උ/පෙ කරද්දි දැනගත්තු ඇබින්දෙන් ටිකක් අරන් අනික්වා මෙහෙම වෙයි කියලා ගැට ගැහුවේ ඉතිං...
Deleteගිය සැරේ වගේම ඉල්ලීම පිළිගන්නම්කෝ ස්තූතියි අක්කෝ දිරිගැන්වීම් වලට
ගින්දර.... +++++++
ReplyDeleteබොහෝම ස්තූතියි ගින්දර පක්ෂියෝ
Deleteමමත් කොටස් තුනම එක හුස්මට කියෙව්වා... නියමයිනෙ ගැමියෝ.... විභාග වැඩ ඉවරවෙලා ලස්සන කතා ටිකක් ලියන්න පටන් ගන්න..... ලියන එක නම් නවත්තන්න එපා මේ වගේ හැකියාවක් තියෙද්දි....
ReplyDeleteබොහෝම ස්තූතියි අක්කේ කාලෙකින්නේ මේ පැත්තේ... අදහස් එන හැටියට අනිවාර්යෙන් ලියනවා අක්කෝ... මේ වචන ටිකට පොඩි මෙව්වා එකකුත් ආවා
Deleteමලයා සෑහෙන බරටම ලියලා තියනවානේ ........ එල එල ....
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ... ඔයාගේ බ්ලොග් එක මට මුලින් අහුවුනේ නෑනේ ඕං අද නම් අල්ලගත්තා...කොමෙන්ටුවකුත් දාලායි ආවේ..
Deleteඑල ඈ...... තව එකක් ලියමු ඉක්මනට
ReplyDeleteඉක්මනින් කිව්වට තව මාසෙකින් දෙකකින් විතර හොඳේ.... බොහෝම ස්තූතියි අයියේ මාව දිරිගන්වනවට
Deleteකතාවනම් සුපිරියි ගැමියෝ.. ඒත් උඹට දෙකක් දෙන්ඩ ඕනා මගේ කුතුහලය කෑවට ගිය පාර දාපු කමෙන්ට් එකකින්. නැත්නම් කතාව උපරිමෙන් රස වින්දා.. කුතුහලයත් උපරිමේටම තියනවා...
ReplyDeleteඒත් පොඩි ප්‍රශ්ණයක්, කොහොමද අත් දෙකම ගැටගහලා තියනකොට ෆෝන් එකත් එක්ක අර ඔක්කොම සෙල්ලම් දැම්මේ.. ?
මොනවා උනත් සමස්තයක් වශයෙන් කතාව සුපිරියි.
ඉදිරියටත් මේවගේ සුපිරි කතා ලියන්ඩ හකිවේවායි පතමි !
ජයම පතමි !!!
හයියෝ මම කෑවද??? හලේ සොරි හොඳේ.... වැඩි හොඳට පොඩි හයිලයිට් පාරක් දාන්න ගිහින් වැඩේ කැවිලා වගේ...
Deleteමමත් ඕක ට්‍රයි කරලා බැලුවා අයියේ.... යන්තම් ෆෝන් එක එලියට අරගෙන බිමට වට්ටගත්තෑකි අත් දෙක ගැට ගහලා තිබුනත්.අර පරිපථය ෂෝට් කරනවා කියලා අදහස් කලේ එක දිගට කෝල් එකක් ගන්නකොට වගේ සංඥා නිකුත් වෙන්න දැම්මා කියලා පොඩිත්තක් පරිපථය හූරලා ඒක කලා කියලා හිතන්නකෝ... ඕකෙන් කෝල් ගන්නත් පුළුවන්නම් ඇයි 119 කතා කලේ නැත්තේ කියලා අහන්න ගනියිනේ ඒකයි ෆෝන් එක මුල ඉඳන්ම කඩලම දැම්මේ...
බොහෝම ස්තූතියි අයියේ මාව මුල ඉඳලම වැඩේට දිරිමත් කෙරෙව්වට ගොඩාක් ස්තූතියි... අදහස් එන හැටියට ලියනවමයි
සොරි මචෝ පමා වුනා.. බිසී බිසී..
ReplyDeleteකතාවේ කොලිටිය තිබුනේ උබ මේක මෙගා නාට්ටි වගේ ඇද්දෙ නැති නිසා..
ජයෙන් ජයම වේවා..
පමා වුනාට මොකෝ මචෝ කොහොමහරි ආවනේ ඒක ලොකූ දෙයක්....
Deleteකතාවක් අදින්නේ නැතිව කෙටියෙන් ඉවරයක් කරන්න ඕනේ කියලා මම ඉගෙන ගත්තේ සැමාගේ කසූ සිතූ ආදර අන්දරය නිසා.... ඒක තරම් මගෙ හිතට වැදුනු ආදර කතාවක් තවත් නෑ.ඒ කතාව ඔයා ඉක්මන්ට ඉවර කලත් කතාව හිතේ හොල්මං කලා ඒකයි කතාවක් ඉක්මන්ට ඉවර වුනාම විශේෂයි කියලා හිතන්නේ... මාත් ඒ ක්‍රමයට ආසයි....
බොහෝම ස්තූතියි සැමා අයියේ...
රෝහලේ උඹ මොකද කලේ.කාන්තා රෝහල් වලට ඒ විදියට ගැවසෙන්න බැහැ නේ. මට තේරුනේ නැත්තේ අන්න ඒ ටික.
ReplyDeleteහැමෝටම ප්‍රශ්නයක් වෙලා තිබුන චීන ෆොන් එක අවසානේ උදවුවක් වුනා නේ ජීවිතය බේරෙන්න.කතාව ගොඩාක් සාර්ථකයි.
හපෝයි දෙයියනේ කතාවේ හැටියට මේ රෝහල කාන්තා රෝහලක් නෙමේනේ... කතා නායකයා වන ලක්ෂිතත් හිටියේ මේ රෝහලේනේ... එයාට සනීප වෙලා ටිකට් කපන්න කලින් තමා එයාව කසුනිව බලන්න යැව්වේ...ආයේ ඇවිත් බඩු පැක් කරද්දි තමා කසුනි කෑ ගැහුවේ...
Deleteගාවගත්තු හැම දෙයක්ම කතාවට ඈඳුනාම ගතිනේ ඒකයි ඒකත් දැම්මේ මුල ඉඳන්ම අදහසක් තිබුනා චීන පෝං භාවිතය භයානකයි කියලා කතාවේ එක පේලියකින් හරි කියන්න... අන්තිමට හිතුවටත් වඩා හොඳට චීන පෝං භාවිතය කොයිතරම් භයානකද කියලා දැම්මා...මෙව්වා පාවිච්චි කරනවා නම් පරිස්සමෙන් කස්ටිය
බොහෝම ස්තූතියි අයියේ දිරිගැන්වීම් වලට
උපරිමයි.. මේවගේ ඒවා ලියද්දි අන්තිමට "?" වෙන්න ලියන්න බලන්න.. එතකොට කියවන කෙනාට ඉස්සරහට හිතන්න..
ReplyDeleteජයෙන් ජය!
එහෙම හිතලා දෙවෙනි කොටසින් ඉවර කරන්න හැදුවත් එතකොට පොඩ්ඩක් අපහැදිලි ගතියක් ආවනේ අයියේ.... මේ කොමෙන්ට් එක කියෙව්වම මට හිතුනා අඩුම ගානේ අන්තිමට කසුනි මැරුණේ කොහොමද ඒකට හේතු මොනාද නොකියා පාඨකයට හිතන්න අවස්ථාවක් දුන්නනං හොඳයි නේද කියලා.... බොහෝම ස්තූතියි අයියේ
Deleteහම්මියෝ...මන් මේ කතාව කියවන්න විදපු දුකක්...මේක කියවන්න අද 10 වෙනි වතාවටත් මන් මෙතනට ආවා අද...මට මේක නිදහසේ කියවන්න ඕන උනානේ..ඉතින් හැමදාම ටුල්බාර් එකේ කතාව ඔපෙන් කරන් ඉන්නවා...අද ඔක්කොම පැත්තක දාලා යන්තම් කතවේ කොටස් 3 ම එකට එකට කියෙව්වා එක හුස්මටම...
ReplyDeleteමට මේක කියවද්දී ඇත්තටම මතක උනේ චන්දන මෙන්ඩිස්ගේ වියරු වීදයඥ්‍යා කතාවමයි..
සුපිරියි මල්ලියෝ..කියන්න වචන නැ...:)
මම නිකන් පරිවර්තනයක් කියෙව්වා වගේ දැනුනා..පුළු පුළුවන් විදියට මේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හොදේ...
සොලී හොදේ කියවන්න පරක්කු උනාට...:(
මේ කතාව මගරින්න ඕන නැති නිසා තමා සදුදා විබාගේ පැත්තක දාලා මේක කියෙව්වේ...
ජයෙන් ජය....!!!!
දිගටම ලියමු......
හයියෝ හයියෝ අක්කෝ මේක වගේද හලෝ විභාගේ කියවන්න පරක්කකු වුනා කියලා කිසිම අවුලක් නෑ....
Deleteචන්දන මෙන්ඩිස්ගේ වියරු විද්‍යාඥයා කතාව නම් මම කියවලා නෑ හැබැයි ජෙකිල් හයිඩ් කියවලා තියෙනවා මට හිතෙන්නේ ඒකම වෙන්නැති මේ වියරු විද්‍යාඥයා කියන්නේත්..
බොහෝම ස්තූතියි අක්කේ දිරිගැන්වීම් වලට ඉඩ ලැබෙන විදියටයි අදහස් එන විදියටයි දිගටම ලියන්නම්කෝ....
සමාප්තයි කියන තැනට වෙනකල් දිගටම කියවන් ආවෙ මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගෙන.. හෆොයි.. බලාගෙන යද්දි බුද්ධිමතුන් ඇසුරත් කාලෙ හැටියට විනාශයක් වගේ කියලා හිතෙනවා.. :D :D
ReplyDeleteකුළුදුල් උත්සහය අති සාර්ථකයි මල්ලියෝ.. හැමපැත්තක් ගැනම සාර්ථකව විසඳලා තියෙනවා.. උපරිමයි...!!! මල්ලිට හොඳ දැනුමක්, හැකියාවක් තියෙනවා විද්‍යා ප්‍රබන්ධ ගොඩනගන්න..
පාඩම් වැඩ ඉවර වෙලා ආයෙත් වෙනස්ම කතාවක් බලාපොරොත්තුවෙනවා.. :)
සුබ පැතුම් මල්ලියෝ.. ඉදිරියටම යන්නට..!!!
ජය වේ..!!!
බුද්ධිමතුන් සහ බලවතුන් ඇසුරු කරද්දි නම් සෑහෙන්න පරිස්සමෙන් කොරන්න ඕනේ තමා බෙල්ල ගලවන් යනකන් නැත්තම් දන්නේ නෑනේ....
Deleteබොහෝම ස්තූතියි අක්කෝ දිරිගැන්වීම් වලට.මේ වැඩ ඉවර කරලා හිමින් සැරේ තව එකක් බලමුකෝ...
හොඳටම හොදයි කිව්වොත් හරි නෑ.. උපරිමයි මල්ලියෝ.. ඔයා දැන් සාර්ථක විද්‍ය ප්‍රබන්දකයෙක්... සුභ පතනවා ඔයාට මම හදවතින්ම..
ReplyDeleteබොහෝම ස්තූතියි අක්කෝ.... මම බැලුවා බනින්නවත් යනවදෝ කියලා... මෙහෙම දිරිගැන්වීම් ලැබෙද්දි නොලියා ඉන්නේ කොහොමෙයි ඉතින්....ලොකු ශක්තියක් මේ වචන
Deleteකතාව ගැනනම් කියල වැඩක් නෑ අයියේ.....කාලෙකින් කියෙවුව හොඳම ප්‍රබන්ධයක් විදිහට හඳුන්වන්න පුලුවන්.අනිවාර්යයෙන් තවත් කතාවක් ලියමු හොඳේ....
ReplyDeleteබොහෝම ස්තූතියි මලේ... මෙහෙම දෙයක් ලිව්වට පස්සේ හැමෝම කියවලා සතුටු වුනා කියලා දැනෙද්දි හිතට මාර සතුටුයි.... තවත් ලියන්නම් හැබැයි ඊළඟට එන්නේ කවි,වෙද ගෙදර කතා සහ අත්දැකීම් ඊට පස්සේ තමා කෙටි කතාවක් දාන්න ඉන්නේ
Deleteකතාව සුපිරියි
ReplyDeleteදිගටම ලියන්න සුභ පැතුම්..හැබැයි ඉගෙනීමෙ වැඩත් ඒ එක්කම කරගෙන යන්න..
බොහෝම ස්තූතියි අක්කෝ.... එලම තමා ඒවත් කෝමහරි කොරන්න එපායැ නේද හැමෝම ඕක මතක් කරනවනේ අමතක වෙන්නෙත් නෑ
Deleteඅනේ තව කතාවක් කියන්නකෝ.... :-)
ReplyDeleteඑන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ආ තව එකක්ද හිටිංකෝ බලන්ට... ඊළඟට බොහෝ දුරට කවියක් හෝ කතාවක් තමා දාන්න හිතාන ඉන්නේ... (යකෝව් කතා කියන්න මම අංබිලි මාමා කියල හිතුවද... මම ලියනවා විතරයි)
Deleteබොහෝම ස්තූතියි රජෝ රාජ සම්පත් ලැබේවා... ඒක නෙමේ සිරාවටම මට මතක් වෙන්නේ වෘෂභ රාජ
අමතක වෙලා තිබ්බේ මට කතාව.... මුල් කොටස් දෙකත් කියවලාමයි ආවේ... සුපිරියි මල්ලි... ජයවේවා!!!
ReplyDeleteබොහෝම ස්තූතියි අක්කෝ... අර ඔයාගේ බ්ලොග් එකේ දාපු කොමෙන්ටුව මතක ඇතිනේ අන්න ඒකටත් ට්‍රයි කරමින් සිටිමි
Deleteඅයියෝ අග කොටසනෙ මුලින් කියෙව්වෙ.. ඉන්ඩකෝ මුල ඉඳලම එන්නම්
ReplyDeleteඑලමකිරි තොටියෝ බොහෝම ස්තූතියි මේ පැත්තේ ආවාට
Deleteමේක ටිකක් නිවී හැනහිල්ලේ කියවන්න ඕන කතාවක් නිසා ටිකක් කල් අරගෙන ගොඩක් නිදහස් වෙලාවක් එනකන් හිටියා. හප්පේ මේකනම් උපරිමයි මල්ලි.වෙන මොනා කියන්නද මංදා.
ReplyDeleteඒ හොඳටෝම ඇති කාව්යෝ අක්කෝ... රසවින්ඳා නම් එච්චරයි ඕනේ... බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට... මේ වචන සෑහෙන්න ලොකු හයියක්නේ
Deleteඅඩේ අද තමයි පොඩ්ඩක් නිදහසක් හම්බ වුනේ... මුල ටික අමතක නිසා ආයිත් මුල ටිකත් කියවලා තමයි මේක කියෙවුවේ... මට නම් කියන්න කිසිම වැරැද්දක් නෑ.. සමහර අවස්ථා මැවිලා පේනවා..
ReplyDeleteකසුනි බේර ගන්න බැරි වුන එක ගැන නමි දුකයි.. මොකද කසුනි කියන නම මටත් ටිකක් සම්බන්ධ නිසා... හොක් හොක්..
ජය වේවා...!
බොහෝම ස්තූතියි අයියේ ඇවිල්ලා කියෙව්ව එකට... පුළුවන් තරම් ෆිල්ම් එකක රූප රාමුවක් යන විදියට තමා ලියන්න උත්සහ කලේ යන්තම් හරි එහෙම හිතුනනම් ටිකාක් සාර්ථකයි වගේ...
Deleteකසුනි කියන්නේ මගේ 4 වසරේ හිටිය යෙහෙළියක්.. ඒ කාලේ යාළුවන්ගේ නම් තමා ඉතින් දාන්නේ... කසුනි ජීවත් වුනොත් මල කෙලියයිනේ ඒකයි එතනින් වැඩේ නැවැත්තුවේ...
කොමෙන්ටුවටත් බොහෝම ස්තූතියි අයියේ...
ඔක්කොම කියෙව්වා. හොඳටම ලියල තියනවා. වෙන කියන්න දෙයක් නෑ...... නියමයි :)
ReplyDeleteසුබ පැතුම් යාළුවා. ඔයා සාර්ථකයි.
ReplyDeleteෂා..........හ් නියමයි ගැමියා හොදට ලියලා තියනවා.... වෙලාවට මම මේකෙ කොටස් ඔක්කොම ලියලා ඉවර වුනහම කියෙව්වේ නැත්නම් කුතුහලේට මට පික්සු හැදෙනවා.................අනිවා...
ReplyDeleteගැමියෝ මාර ලස්සන කතාව..... සෑහෙන කාලෙකින් කියවපු හොදම කතාව.
ReplyDelete