Monday, May 14, 2012

ඔබා මාමාට උපහාර පිණිස....


ඔබා මාමා අපිව දාලා ගියා කියන එක මුලින්ම දැනගත්තාම මම කිව්වේ මීට කලිනුත් ඔබා මාමා ඔහොම විහිළුවක් කලා ඕවා ගනන් ගන්න එපා කියලා.ඒත් අන්තිමේදි ඒක විහිළුවක් නොවී ඇත්තක් වුනාම මට හිතාගන්න බැරිවුනා.කඳුළු ඇස් වලට පිරුණා.මට විතරක් නෙමෙයි මම හිතන්නේ ඔබා මාමට බැනපු ඇනෝලට පවා කඳුලක් උනන්න ඇති...

මේ සැරේ අවුරුදු උත්සවේදි ඔබා මාමව දැක්කම මට හිතුනා පින්තූරෙට වඩා තරුණ වෙලානේ බොලේ කියලත්.මාමා ලඟට ගිහින් "ඔබා මාමේ මම ගැමියා" කිව්වම හාලෝ කියලා අතට අත නැතුව අත් දෙකම දුන්නේ සෑහෙන කාලෙක ඉඳන් දන්න අඳුරන කෙනෙක් වගේ.බ්ලොග් ලියන හැමෝටම ඒ මනුස්සකම තියෙන එක ගැන සෑහෙන්න සතුටුයි.ඒත් ඔබා මාමා වගේ චරිතයක් කවදාවත් ආයේ බිහිවෙන එකක් නෑ.ඒ ගැන හිතනකොටත් ඇහැට කඳුළු පිරෙන්නේ එදා ඊළඟ අවුරුද්දෙ හම්බුවෙමු කියලා කියපු ඔබා මාමා කවදාවත් එන්නේ නැති නිසා....

"ඔබා මාමේ කෝ ඔබී නැන්දා එහෙම ආවේ නැද්ද" කියලා ඇහුවම

"එයා ආවනම් මෙතන ලොකු නඩුවක් වැටෙනවා.මම උදේම ඇහුවා අද උත්සවේට යනවද කියලා ඊට පස්සේ ආයේ මතක් වෙලා කිව්වා මේ ඔයා ඉන්න මම ගිහිං එන්නම් කියලා" කිව්වේ හිනා වෙවී ඒ හිනාව කවමදාවත් අමතක වෙන එකක් නෑ.



  1. ඔබා බනක් කිව්වත් ඉතිං අග හරියෙදි 18+ වෙනවනේ. ;-)
    Reply
    Replies
    1. තව කථාවක් තියෙනව පංසල් සම්භන්දයක් නං නෑ, ඒත් දාන්න බයයි අර ඇනෝ කෙනෙක් බනිනවනෙ
    2. දාන්න මාමේ දාන්න මේක ඔබා මාමගේ බ්ලොග් එක නොවැ... අනික් ඉතින් ඔබා මාමගේ මෙව්වා කතාවක් ඇහුවේ නැත්තම් ඔබා මාමා බ්ලොග් ලියලා නෑ වගේ තමා
      Delete
    3. @ ගැමියාගේ පත් ඉරුව,
      තව දවස් දෙක තුනකින් දාන්නං



      ඒ දවස් දෙක තුන කවමදාවත් නොඑන වග කෙසේ නම් පිළිගන්නද..... ජීවිතය මේ තරම් අවිනිශ්චිත බවත් සිහිගන්වමින් අප අතරින් සමුගත් ඔබට නිවන් සුව ආදරණීය ඔබා මාමේ!

      දිවි නම් තණ අග පිණිබිඳු වැන්නේ
      අද අද එයි මරු පින්කර    ගන්නේ

21 comments:

  1. මොනවා කියන්ඩද මලේ.. ඔහු ගිහින් ඉවරයි..

    සිහිනයක් වෙනකම් බලන් හිටපු දේ ඇත්ත බව දැන් පිළිගන්ඩ වෙලා..

    ඔබා මාමාගේ මතු ජීවිතය යහපත් වේවා !! සසර මග කෙලවර අමා මහ නිවනම ලැබේවා !!

    ReplyDelete
  2. ඔබා මාමේ ඔබට නිවන් සුව...!!
    ඊට කලින් උපදින උපදින ආත්මයක් පාසා අප අතරම සත්පුරුෂ ආශ්‍රයන් ඇතිව, සැප සම්පත්, ධන ධාන්‍ය, ගුණ යහපත්කම්, නැණ නුවන, ප්‍රඥාව වීර්යය, ඇතිව නිදුක් නීරෝගී බව දීර්ඝායුෂ ඇති උපදීවා...!!
    ඔබා මාමේ ඔබට නිවන් සුව...!!

    ReplyDelete
  3. ජීවිතේ ඔහොම තමයි...ඔනම මොහොතක දාලා යන්න වෙන හින්දා ජීවත්වෙන්න යුහුසුළු වෙන්න .....

    ReplyDelete
  4. හිතාගන්නවත් බැරි දෙයක් නේ වෙලා තියෙන්නේ..මන්ඩියා කිව්වම හිතුනෙම විහිලුවක් කියලා...ඔබා මාමාට නිවන් සුව..

    ReplyDelete
  5. හ්ම්ම්ම්....කියන්න වචන නැත....ඔබා මාමා එක්ක වචනයක් හරි කතා කරන්න ලැබුණු ගැමියා හරිම වාසනාවන්තයි. කවදාවත් නොදුටු කෙනෙක් වෙනුවෙන් මේ තරම් දුකක් දැනුනේ පළමු වතාවට...ඒ අපි හැමෝගෙම ඔබා මාමා යළි කවදාහරි අපි අතරට එයි කියලා හිත හදා ගමු..

    ReplyDelete
  6. මට ඊයේ මේ ආරංචිය දුන්නේ රාජ්...
    ඒ වෙලාවේ මට බ්ලොග් බලන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. දැන් තමයි ඇවිත් ලොග් උනේ.
    ඔබා මාම සිංහල බ්ලොග් ලෝකය ආලෝකමත් කරපු විශේෂ චරිතයක්.
    මමත් ඔබා මාම එක්ක වචනයක්වත් කතා කරලා නැහැ.
    ඒ උනාට බ්ලොග් තුළින් දැකපු ඔබා මාමා අපිත් එක්ක කොයි තරමක්නම් කතා කරලා තියෙනවද

    අපි හැමෝවම හිනස්සපු ඔබා මාමා වෙනුවෙන් අද අපේ හිත්වල කඳුලක් නැගෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය....
    ඔබා මාමට නිවන් සුව ලැබේවා....!

    ReplyDelete
  7. සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
  8. අදරණීය ඔබා මාමාට නිවන් සුව ලැබේවා.!!!

    ReplyDelete
  9. දයාබර ඔබා මාමේ... මතු සසරේ මෙවන් අකල් මරණ නොවේවා!!!
    ඔබට අජරාමර නිවන් සුව!!!

    ReplyDelete
  10. කියල වැඩක් නෑ මල්ලි. මේකනං හිතාගන්න බැරි සිද්ධියක්.

    ReplyDelete
  11. ඔබා මාමා නැති අඩුව අප කාටත් දැනේවි සැමදාටම ....... එතුමන්ට නිවන් සුව අත්වේවා...

    ReplyDelete
  12. ආවොතින් නොගොසින්ම බැරිලුනෙ..:(

    ඔබා මාමේ, ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  13. සුභ ගමන් ඔබා මාමේ!

    ReplyDelete
  14. ආවොත් යන්නම වෙනවා.ඒත් මෙච්චර ඉක්මනින්. ඒ දේ වෙලා ඉවරයි.

    ඔබා මාමේ නිවන්සුව!!

    ReplyDelete
  15. අපිත් එක්ක බ්ලොග් ලියද්දි, ඩ්‍රීම් ෆෙස්ටිවල් ඒකට ආවම ඔබා මාමා බොහොම සතුටින් හිටියා..
    ඔබා මාමා ගියේ සතුටින්..

    ReplyDelete
  16. නිවන් සුව ඔබට ඔබා මාමෙ....

    ReplyDelete
  17. ඔබා මාමේ.... ඔබට නිවන් සුව !

    ReplyDelete
  18. උපදින හැම ආත්මයකම ඔබ අප අතරම යලි ඉපදේවා..ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව...!!!!

    ReplyDelete
  19. මොක් සුව ඔබා මාමේ

    ReplyDelete
  20. ඔබා මාමාව සියැසින් දැකගන්න ගැමියට වගේ මට වාසනාවක් නැතුව ගිය හැටි.

    නිවන් සුව මාමේ..

    ReplyDelete
  21. ජීවිතේ පුදුමයි මල්ලි.. හමුවෙනවා වෙන්වෙනවා.. හමුවෙනවා.
    ඔබා මාමට නිවන් සුව ලැබේවා...!

    ReplyDelete