Wednesday, May 30, 2012

ඉන්නා එක සතුටක් දුරකතනින් ඔයා.....




රෑ මැදියම් අඳුරේ
නෙතු නොපියවා.....
සිතිවිලි මහා සයුරක
මා කිමිදිලා....
මගෙ ආදර දෙව්දූ
මම සිහිකලා...
බිඳු කඳුලැලි ඇවිදින්
නෙතු බොඳකලා....

සිතු නිතරම හඬනා
ඔබ නැති නිසා...
නෙතු නිතරම සොයනා
ඔබ කොහෙ කියා...
සඳ සෙවණැලි වැටිලා
ඔබෙ රූ සිහිවුණා....

දැකගන්නට ඔබෙ රූ
තව වෙයි පමා....
ඒ ටික දින ඉන්නම්
මේ දුක දරා...

ඔබ දකිනට එනතුරු
මට ලංවෙලා...
ඉන්නා එක සතුටක්
දුරකතනින් ඔයා...

86 comments:

  1. ලස්සනයි නිසදැස...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි නිෂ් සාදරයෙන් පිළිගන්නවා පත් ඉරුවට ඔයාව

      Delete
  2. හ්ම්ම්ම්... කාලෙකට පස්සේ... ලස්සන නිසදැස

    ReplyDelete
    Replies
    1. ඒකනේ මලේ මේවා ලියන එක අමතකම වුනානේ....බොහෝම ස්තූතියි මලේ කොමෙන්ටුවට.කාලෙකින් ඔයාගේ පෝස්ට් එකක් දැක්කේ නෑනේ??

      Delete
    2. කොහෙද ඉතින් වෙලාවක් නෑ... වෙලාවක් සල්ලි වලට හරි අරන් පොස්ට් එකක් දාන්න ඕන...

      Delete
    3. කොහේවත් මීට කලින් දැකලා නැති දෙයක් හොයාගෙන දාමු මලේ එතකොට මාර වටිනවා

      Delete
  3. අත්දැකීමක් ලියන කොට ඔහොම ලස්සනට ලියන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත වෙනි අයියේ... අත්දැකීමක් කතාවක් විදියට ලියද්දිත් ලස්සනට ලියැවෙනවා හිතලා ලියන්න ගියාම තමා ටිකක් එහෙ මෙහෙ වෙන්නේ.බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  4. //දැකගන්නට ඔබෙ රූ
    තව වෙයි පමා....
    ඒ ටික දින ඉන්නම්
    මේ දුක දරා...//

    දැන් කවද්ද ඔය දෙන්නා මුණ ගැහෙන්නේ?
    මොකද හිත මිතුරු සුළඟට කියන්න වෙනවනේ වැහි වලාවට එන්න එපා කියලා..!!
    ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. අනේ දන්නෑ අක්කෝ කවදා මුණ ගැහෙයිද කියලා... ඒකමයි මේක ලියවුනේ....හැබැයි ඉතින් වහිනවනම් හරි ෂෝක් අප්පා මොකද මම කුඩ අරගෙන යන්නේ නෑනේ...බොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවට

      Delete
    2. දැකගන්නට ඔබෙ 'රූ' කිව්වම රූ කළබල වෙලා වගේ..

      එයා ගැන නෙවේ නෙ කිව්වේ :))

      Delete
    3. මේ සැමා හිතලා තියෙන දුර.... මේකගේ හිත නම් මක්ක හරි වෙලා.ළඟදි කැත හිත්වලට සැමාගෙන් මුකුත් ලියවුනෙත් නෑ නේද??

      Delete
    4. කැත හිත් ගැන ලියන්න බැහැනේ මචං.

      වෙසක් / පොසොන් එක පිට තිබ්බ නොවැ.. ඇසල අවුලක් නැහැ නේද ?

      Delete
    5. ම්ම්ම් හලේ මන්දා ඉතින් කැත හිත් වලට ලිව්වට කවි කැත නෑනේ... ලියමු ලියමු අවුලක් නැ

      Delete
  5. //ඔබ දකිනට එනතුරු
    මට ලංවෙලා...
    ඉන්නා එක සතුටක්
    දුරකතනින් ඔයා...//

    සහතික ඇත්ත අප්පා...

    ReplyDelete
    Replies
    1. දෙන්නම ලංකාවෙම ඉඳලත්නේ අප්පා මෙහෙම වෙන්නේ.... හැබැයි ඉතින් රටවල් දෙකක තමා උඩරට,පහතරට :D පෝං එකටත් මොක්කුද රිංගනවලුනේ දැන් ඒකත් නතර කොරන්න වෙයිද මන්දා... බොහෝම ස්තූතියි අක්කෝ.මයිටො නෙමෙයි කොටි වලස්සු රිංගුවත් පෝං එකනම් එපා වෙන එකක් නෑ හැබැයි

      Delete
    2. මම අහන්නත් හැදුවෙ බං මයිටොද දුරකතනෙන් ලංවෙලා ඉන්නෙ කියලා..

      Delete
    3. හයියෝ මයිටෝ... මේකෙ මයිටො නෙමේ ගෝණුස්සොත් ඇති අප්පා.

      මයිටො ගෑණුද පිරිමිද පෝං වලට එන්නේ???(රහසින්)

      Delete
  6. අපිටනම් ස්කයිප් තමා.....

    ලස්සන නිසදැස..... ජය පතනවා

    ReplyDelete
    Replies
    1. එකෝම එක දවසයි ස්කයිප් චැට් කලේ... හැබැයි ඉතින් එහෙම චැට් කරද්දි මූණූ පේන එක නම් ඇත්තයි ඒත් ෆෝන් එකෙන් කතා කරනවා වගේ දැනෙන්නේ නෑ අප්පා... අනික ඉතින් ඉන්ටර්නෙට් බිල ගෙවන්නත් එපැයිනේ ෆෝන් බිලට අමතරව එතකොට ඇඬෙනවා...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට සාදරයෙන් පිළිගන්නවා පත් ඉරුවට

      Delete
  7. ම්...පෙම්වතුන්ගේ සොදුක නිවනා පොදු මිතුරා දුරකථනය....ආ..පොඩ්ඩෙන් අමත වෙනව නිසඳැස ලස්සනයි

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අයියේ ඒක නම් පොදු මිතුරා තමා... නැත්තම් ඉතින් අතරමැදි මිතුරෙක් මේවට යොදාගත්තම මිතුරා කෙල්ලගෙ කොල්ලා වෙලානේ නවතින්නේ....බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  8. ලස්සන කවි පෙල.. ඇත්ත, නොදැක්කා උනත් හඬවත් ඇහෙනවනම් ඉවසන් ඉන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ එහෙම හඬවත් අහන්න තියෙන එක වාසනාවක්... එකම රටේ ඉඳලා මෙහෙම නම් පිටරටකට ගිහින් ඉද්දි මොනා හිතෙයිද...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට.පරිස්සමින් ඉන්ඩෝ ඔය පැත්ත හෙල්ලෙනවලුනේ

      Delete
  9. ම්ම්ම්ම්.. මේක නන් අපූරුයි...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි පසන් කොමෙන්ටුවට

      Delete
  10. ලස්සන පද පෙළ ...... කවි, නිසදැස් වගේම වැඩත් පෙන්නන්න වෙයි විභාගෙදි නැත්නම් ඉතින් හැමදාම දැක්කත් වැඩක් වෙන් නැතිවෙයි.

    ReplyDelete
    Replies
    1. මට විභාගයක් තියෙනවා කියලා අමතක වෙන්න දෙන්නෙම නෑ නේ.... ඇත්ත ඇත්ත අයියේ කතාව සහතික ඇත්ත ෂහ් මෙවන් අයියලා සිටීම වාසනාවක්...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  11. ලස්සන නිසැදස...

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවට බොහෝම ස්තූතියි රොබින් අයියා

      Delete
  12. දුරකතනය නිසා හොඳ ට ගියා.. :))

    ලස්සන නිසදැසක්...
    ~~~***දඟ මල්ල***~~~

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා ඒක නැත්තම් ඉතින් ලියුම් ලියන්න එපැයිනේ... ලියුම් ලියනවා කියන්නේ ඉතින් කොයිතරම් බෙල්ල ගහලා යන වැඩක්ද කියලා දන්නෝ දනිතිනේ... මම නම් ඔහොම ලියපු ලියුමක් අනුභව කරලත් තියෙනවා...

      බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට

      Delete
  13. මට හිටිය එක්කෙනා ගියානේ ඕයි..... :-(

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ඕයි... බැඳපු ගෑණුත් තමන්ගේ මිනිහව දාලා යනවනම් යාළු වෙලා ඉන්න කෙල්ල යන එක අහන්නත් දෙයක්ද.මේකා එක්ක චූටි කාලයක් හරි හිටියට සම්මානයක් දෙන්න හිතයි ඒ කෙල්ලට...මෝහිණිටත් ඉන්න දෙන්නේ නැති එකානේ...

      බොහෝම ස්තූතියි මහරජ කොමෙන්ටුවට

      Delete
    2. ඇයි රජාගෙ අන්තඃ පුරය ?

      Delete
    3. තාම රජා අන්තඃපුරය තනාගෙන යනවලුනේ... මේ දවස්වල නම් අතේ රේඛාත් මැකිලලු...

      Delete
    4. ඔව් ඔව්...තනාගෙන තනාගෙන තන විකාගෙන යනවා :-) :-)

      Delete
    5. අපොයි !

      විනය තකා වැඩ කරපං !

      Delete
    6. ඔය කියන්නේ විනය තකාගෙන යනවා කියලා :P

      Delete
  14. ගීතවත් බවක් තියෙන පද පෙළක්.

    දුරකතනයකින් මම ඔබ අමතමි
    හමුවනු නොහැකින් නිසා.....

    මට මේ සින්ද්ව මතක් උනා මේක කියවද්දි

    ReplyDelete
    Replies
    1. @කාව්‍යා අක්කේ,

      බොහෝම ස්තූතියි කාව්යෝ අක්කෝ කොමෙන්ටුවට.... මම ආසම සිංදුවක් තමා ඒක.මේ කියනකන් මට ඕක මතක්වුනේ නෑනේ අප්පා...
      --------------------------------------------------
      @ක්සැන්ඩර් අයියේ,

      සිරාවටම මට හිතුනෙ නෑනේ අයියෝ

      Delete
  15. මොනවා කොරනනෙය් ඉතින් ගැමියා අය්යේ :/
    ලස්සන නිසඳස ;)

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත මලේ මොනා කොරන්නද ඉවසන්න වෙනවා පුතෝ... වටින දේවල් ලේසියෙන් ගන්න බෑනේ අන්න ඒ වගේ තමා...බොහෝම ස්තූතියි මලෝ කොමෙන්ටුවට

      Delete
  16. අඃ...හැමෝම වගේ කියනවා මේක නිසදැසක් කියලා. ඒත් මේක නිසදැසක් නෙවෙයි.
    ටිකක් මොඩිෆයි කරලා ගත්තොත් හොද lyric එකක්...

    ReplyDelete
    Replies
    1. වෙනස්ම විදියේ අදහසක්නේ.... නියමයි අයියේ ඇත්තටම ලියද්දි මම උත්සහ කලා තාලෙකට ලියන්න ඒත් සමහර වචන නිසා ඒ තාලේ පිට පැන්නා...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  17. දැකගන්නට ඔබෙ රූ
    තව වෙයි පමා....
    ඒ ටික දින ඉන්නම්
    මේ දුක දරා...
    හ්ම්ම්....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් ඔයාටත් එසේමැයිද??

      Delete
  18. ආව් අප්ප මල් සීං එකක්.....^_^

    ReplyDelete
    Replies
    1. මල්.....? කෝ කොහෙද???? අඩේ අප්පා මේක දුක් සීං එකක්නේ

      Delete
  19. හරිම ලස්සනයි මල්ලියා.. ඔයා හරිම දක්ෂයි...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවට.... ඔහොම කියනකොට මාර කික් ඈ

      Delete
  20. Replies
    1. බොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවට....

      Delete
  21. ඔබ නැති නිසා
    යහනේ මා
    තනිවෙලා...
    මොනව කරන්නද
    වෙන
    අත ලෙලි ගියා...

    ReplyDelete
    Replies
    1. හික් හික් මේකට මම පට්ට ලයික් ඈ :D මේක කියවනකොටම හිනාවක් පැන්නා.... උඩ ඉන්නා මහරජගේ තත්වය මෙසේමැයි උගෙ අතේ නම් රේඛාත් නෑලු... බොහෝම ස්තූතියි පොඩ්ඩො කොමෙන්ටුවට පට්ට කයිය

      Delete
  22. නයි කයිද රෝස් පාන් කිව්වලු. මට නම් නොම තේරේ..

    ReplyDelete
    Replies
    1. අයියා සනීපෙන් ලංකාවට ඇවිදින් තියෙන්නේ.... අහ්ම්... අහ්ම්.. මේවා ඔය පොඩි එව්වොන්ට තේරෙන්නෑ... බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  23. "ටෙලි පොන්" ආදරයක්.

    වචන ටික ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ටෙලිපෝං විතරක්ම නෙමේ ඉතින් ඇත්තවශයෙන්ම මේක ඇවිල්ලා දුර-කථන ආදරයක්.... හම්බුවෙන්නේ නැත්තෙමත් නෑ ඉතිං... බොහෝම ස්තූතියි අසරණයා අයියේ කොමෙන්ටුවට

      Delete
  24. විභාග ඇනගන්න එපා ලමායිස්ස්ස්......ලව් කරන්න පුලුවන් ඕන වෙලාවක...දෙන්නට දෙන්න විශ්වාස නම් හිතන්න දුක් වෙන්න ඒ තරම් දෙයක් නැහැ....

    ReplyDelete
    Replies
    1. එල එල අක්කෝ කිසි අවුලක් නෑ... දුක් වෙන්නේ අවිස්වාසෙකට නෙමෙයි අක්කෝ නිතරම හම්බුවෙන්න බැරි එකටයි... බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  25. දුරකතනය නැතිනම් මොනවා වෙයිද...
    :)

    ReplyDelete
    Replies
    1. එහෙම උනානම් සෙනෙහේ කොල තමායි... හැබැයි කටහඬ අහන්න නැතිව ඉන්න නම් බැරිවෙයි හොයාගෙන යයි... ලෝක ස්වාභාවයනේ අක්කෝ.බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  26. දැකපු නැති කෙනෙක්ට ටෙලිෆෝනයෙන් ආදරේ කරන කතන්දරයක්ද කියලයි මට හිතෙන්නේ. එක අතකට දුරකතනේවත් තියන එක දාහෙන් සම්පතයි ගැමි මලේ.

    ReplyDelete
    Replies
    1. හපෝයි... දැකලා නැති කෙනෙක් නෙමේ අයියෝ පොඩි කාලේ ඉඳන්ම මගේ හොඳ යාළුවෙක් මේ හොඳම යාළුවට ආදරේ කිරීමක් එයා දුරක ඉන්න නිසාත් හම්බුවෙන්න බැරි නිසාත් ලියැවුනේ මේක...බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  27. නියමයි ගැමියෝ..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  28. හරි ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට

      Delete
  29. දුරකතනයෙන් හරි ඉන්න එක ගොඩක් වටී.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.... බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  30. ගැමියා ලියලා තියෙන්නෙ මට හිතෙන දැනෙන දේවල්නෙ.
    මේ පද වැල ආදරියට මැසේජ් මාර්ගයෙන් යැව්වට කමක් නැද්ද. ගැමියා ලිව්වා කියලා කියන්නම්.

    ඇත්තටම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. තවත් එක් දුර ඈත ආදරයක් එහෙනම් එල එල... ඔහොම උනාම ආදරේ වැඩියි කියනවනේ.... යවන්ඩ යවන්ඩ කිසි අවුලක් නෑ.බොහෝම ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  31. //ඔබ දකිනට එනතුරු
    මට ලංවෙලා...
    ඉන්නා එක සතුටක්
    දුරකතනින් ඔයා...//

    දුරස් බව ඈත් කරන්න.. ‍දුරකතනය තියෙන එක කොයිතරම් දෙයක්ද..
    අත්දැකීම නිර්මාණයකට පෙරලුවා වගෙයි..
    ලස්සනයි මල්ලියෝ..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අක්කෝ ඒක නොතිබෙන්න ලියුම් ලියලා මාට්ටු කරගෙන සේරම අස්පට් වෙනවා... පෝං එකට පිංසිද්ධ වෙන්න තමා සේරම ෂේප් එකේ තියාගත්තේ අනික ඉතිං ගිහිං නිතර කතා කරන්න පුළුවන් දුරකුත් නෙවෙන නිසා පෝං එක රත්තරන් වටිනවා....

      සහසුද්දෙන්ම අත්දැකීමක් තමා ඉතින්.බොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවට

      Delete
  32. ලස්සනයි මල්ලි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවට

      Delete
  33. හනේ දුරකථනය කියන්නේ පෙම්වතුන්ගේ සුමිතුරා. අපිටත් ඉස්සර හරියට ඕන උනා ඕක. දවල්ට හමු උනත් රෑට කෝල් එකක් නැතුව ඉන්න බැහැ නේ.

    කවි නම් ලස්සනයි හොඳේ...මම මේ කල්පනා කරේ මට මේක මග ඇරුනේ කොහොමද කියලා. අනිත් දවසේ එහෙම මට මග ඇරෙන විදියට පොස්ට් දානවා නෙමෙයි ඔන්න :-|

    ReplyDelete
    Replies
    1. //දවල්ට හමු උනත් රෑට කෝල් එකක් නැතුව ඉන්න බැහැ නේ. //

      සහතික ඇත්ත අක්කේ... අපිටත් එහෙමයි හම්බුවෙන්න ගිහින් එද්දිත් කතා කරනවා පැය ගානක් හම්බුවෙලා කතා කලත්..

      මග ඇරිලා නෑනේ මේ ඇව්ත් කොමෙන්ට් එකකුත් දාලා තියෙන්නේ ඉතින් :D බොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවට...

      Delete
  34. ඔන්න කාලෙකට පස්සෙ ආයෙමත් එන්න ලැබුනා මේ පැත්තෙ. මං නැති ටිකට ගැමියා ප්‍රේම ගංගාවෙ දියබුං ගහන්න පටං අරන් නෙ! හොඳයි හොඳයි, වාසනාවන්! :D
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ඉතින් පීනන්න ලයිසොන් ගන්න කලින් දියබුං ගහන්න එපැයිනේ නැත්තම් ගිලී නසින්න වෙන්නේ.... ඒ කාලේ පෝං තිබ්බේ නෑ නේද මල් කඩන්න?? බොහෝම ස්තූතියි ඩුඩි අයියේ කොමෙන්ටුවට... දැන් සනීපෙන් ඉන්නවා නේද

      Delete
  35. මටත් ඔය සෙතම තමා මලේ....

    ReplyDelete
    Replies
    1. දාන්න අක්කෝ 5ක්.... පෝං එක නැත්තම් කොහෝම ඉන්නද අප්පා.... බොහෝම ස්තූතියි අක්කෝ කොමෙන්ටුවට

      Delete